ලබන සඳුදා පෙ.ව. 10.00 ට පක්ෂ නායක රැස්වීමක් පැවැත්වීමට තීරණය කළ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සභාවට දැනුම් දුන්නේ ය.
පාර්ලිමේන්තුවේ මීට සුළු මොහොතකට පෙර ඇති වූ උණුසුම් තත්ත්වයෙන් අනතුරුව සභාවේ කටයුතු තාවකාලිකව නතර කිරීමට පියවර ගත් අතර පසුව සභාවේ කටයුතු ආරම්භ කරමින් කතානායක වරයා මේ බව පැවසීය.
කතානායකවරයාගේ දැනුම්දීමෙන් අනතුරුව සභාව මැයි 17 දක්වා කල්තබන බව කතානායකවරයා නිවේදනය කළේ ය.
The post ලබන සඳුදා පක්ෂ නායක රැස්වීමක් appeared first on ITN News.
Post a Comment