යුක්‍රේනයේ මරියුපෝල්හි වානේ කම්හල අසළ සිරවී සිටි තවත් සිවිල් වැසියන් 50 දෙනෙකු පමණ මුදා ගැනීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය සමත්ව තිබෙනවා.
සිවිල් වැසියන් මුදා ගැනීමේ මෙහෙයුම අතරතුරදී රුසියා හමුදා ප්‍රහාර කිහිපයක්ද එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ. කෙසේ වෙතත් මෙහෙයුම් අඛණ්ඩව සිදු කිරීමට කටයුතු කළ බව එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කළා. මරියුපෝල්හි බලය ලබන සඳුදාට පෙර ස්ථාපිත කර ගැනීම රුසියාවේ ඉලක්කය වී තිබෙනවා. ඊට හේතුව වී ඇත්තේ රුසියාවේ යුද විරුවන්ගේ සැමරීම සඳුදාට යෙදී ඇති බැවිනුයි. මේ අතර යුක්‍රේනයේ හමුදා කටයුතු සඳහා තවත් ඇමෙරිකා ඩොලර් මිලියන 150ක පැකේජයක් ලබා දීමට ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් තීරණය කර තිබෙනවා.
The post මරියුපෝල් වානේ කම්හල අසළ සිරවී සිටි තවත් සිවිල් වැසියන් 50 දෙනෙකු මුදා ගැනේ appeared first on ITN News.
Post a Comment