Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සහනාධාර රථ අසළ රැස්ව සිටි ගාසා වැසියන්ට ඊශ්‍රායලයෙන් ප්‍රහාර – මිය ගිය සංඛ්‍යාව 100 ඉක්මවයි  

0 comments

සහනාධාර රථ පෙල අසල රැස්ව සිටි ගාසා වැසියන් ඉලක්ක කරගනිමින් ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් මිය ගිය සංඛ්‍යාව 100 ඉක්මවා තිබෙනවා.

ඊශ්‍රායල යුද ටැංකි පැවතිය ද ගාසා තීරයේ නිරත දෙසින් වෙරලබඩ මාර්ගයේ නවතා තිබූ සහන රථ පෙලක් වෙත ජනතාව ඇදී ගොස් තිබෙනවා.

ආහාර ලබාගැනීමට උත්සාහ කරන  සිවිල් වැසියන් ඉලක්ක කරගනිමින් එහිදී ඊශ්‍රායල සොල්දාදුවන් වෙඩි ප්‍රහාර එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ලොරි අසල සිය ගණනක් ජනතාව රැස්ව සිටින ආකාරය සහ ඔවුන්ට වෙඩි තබන ආකාරය ගුවනින් ගත් වීඩියෝ දර්ශනවල සටහන්ව තිබෙනවා.

මිය ගිය 112 දෙනෙකුගේ සහ තුවාල ලැබූ 760 කට අධික පිරිසකගේ ලේඛණ හමාස් සෞඛ්‍ය අමාත්‍යාංශය මේ වන විට ප්‍රකාශයට පත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

කෙසේ වෙතත් ඊශ්‍රායල හමුදා මෙම චෝදනා ප්‍රතික්ෂේප කරනවා.

මේ අතර ජගත් මහලේකම්වරයා ද මෙම සිද්ධිය හෙළා දැක තිබෙනවා.

වහාම මානුෂීය සටන් විරාමයක් සහ සියලු ප්‍රාණ ඇපකරුවන් කොන්දේසි විරහිතව නිදහස් කරන ලෙසයි ඔහු අවධානය කර තිබෙන්නේ.

 

 

The post සහනාධාර රථ අසළ රැස්ව සිටි ගාසා වැසියන්ට ඊශ්‍රායලයෙන් ප්‍රහාර – මිය ගිය සංඛ්‍යාව 100 ඉක්මවයි appeared first on ITN News.

Read More »

බංග්ලාදේශයේ ගින්නකින් 43 දෙනෙකු මියයයි  

0 comments

බංග්ලාදේශයේ ඩකා අගනුවර ඇතිවූ ගින්නකින් 43 දෙනෙකු මියගොස් තිබෙනවා.

තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඩකා අගනුවර බහු මහල් ගොඩනැගිල්ලක මෙම ගින්න හටගෙන තිබෙනවා.

මේ වනවිට 75 දෙනෙකු බේරාගෙන ඇති බවයි සහන සේවකයින් පවසා ඇත්තේ.

විශාල පිරිසක් රෝහල්ගතකර තිබෙනවා.

ගින්න පාලනය කිරීමට පැය 2කට අධික කාලයක් ගතවූ බවද බංග්ලාදේශ වාර්තා සඳහන් කරනවා.

 

 

 

 

The post බංග්ලාදේශයේ ගින්නකින් 43 දෙනෙකු මියයයි appeared first on ITN News.

Read More »

ඉන්දියාවේ රිය අනතුරකින් පුද්ගලයින් 14 දෙනෙකු ජීවිතක්ෂයට  

0 comments

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

ඊයේ රාත්‍රීයේ මෙම රිය අනතුර සිදුව ඇති අතර මෝටර් රථය පෙරළී යාම හේතුවෙනුයි එහි ගමන් ගත් 14 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇත්තේ.

තවත් 21ක් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

උත්සවයකට සහභාගි වු පිරිසක් යළි තම නිවෙස් කරා පැමිණෙමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සඳහන් කරනවා.

රථය රියදුරුගේ පාලනයෙන් ගිලිහි යාම හේතුවෙන් අනතුර සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ.

ජිවිත්කෂයට පත් වු පුද්ගලයින්ට වන්දි ලබාදිමට කටයුතු කරන බව මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්ත මහ ඇමතිවරයා නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

 

The post ඉන්දියාවේ රිය අනතුරකින් පුද්ගලයින් 14 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

Read More »

චීන-ඇමරිකා ආර්ථික හා වෙළඳ සහයෝගීතාව ශක්තිමත් කිරීම වැදගත් බව චීන අගමැති පවසයි  

0 comments

චීන අගමැති ලී ච්‍යං මහතා සහ ඇමරිකානු වාණිජ මණ්ඩල සභාපතිනි Suzanne P. Clark මහත්මිය‍ ප්‍රමුඛ නියෝජිත පිරිස අතර හමුවක් ඊයේ බෙයිජිංහි දී පැවැත්වුණා.

චීන සහ ඇමරිකා ආර්ථිකයන් බෙහෙවින් අනුපූරක වන අතර, ආර්ථික හා වෙළඳ සහයෝගිතාව ශක්තිමත් කිරීම දෙරටටම ප්‍රතිලාභ ගෙන දෙන බවයි ලී ච්‍යං මහතා එහිදී පෙන්වා දුන්නේ.

මෙම වසර චීන-ඇමරිකා රාජ්‍ය තාන්ත්‍රික සබඳතාව ස්ථාපිත කිරීමේ 45වැනි සාංවත්සරික වසරයි.

දෙරටේ නායකන්ගේ එකඟතා ක්‍රියාවට නැංවීමෙන් ඇමරිකාව සමග යහපත් හා ස්ථාවර ද්විපාර්ශ්වික සබඳතාවක් ප්‍රවර්ධනය කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව ද ලී ච්‍යං මහතා ප්‍රකාශ කර තිබෙනවා.

චීන-ඇමරිකා සබඳතාව අතිශයින් වැදගත් වන අතර, දෙරට අතර සම්බන්ධතා කිසිදා අත්හල නොහැකි බව Suzanne P. Clark මහත්මිය‍ එහිදී පවසා තිබෙනවා.

දෙරටේ ආර්ථික හා වෙළඳ සබඳතාව සහ සහයෝගිතාව ශක්තිමත් කිරීමට ඇමරිකානු වාණිජ මණ්ඩලය කැපවන බව ද ඇය සඳහන් කළ බවයි වාර්තා වන්නේ.

The post චීන-ඇමරිකා ආර්ථික හා වෙළඳ සහයෝගීතාව ශක්තිමත් කිරීම වැදගත් බව චීන අගමැති පවසයි appeared first on ITN News.

Read More »

රුසියාව පෙට්‍රල් අපනයනය කිරීම තාවකාලික නවතයි  

0 comments

රුසියාව පෙට්‍රල් අපනයනය කිරීම තාවකාලික අත්හිටුවා තිබෙනවා.

දේශීය වෙළදපළ තුළ පෙට්‍රල් මිල ඉහළ යාම හා පෙට්‍රල් හිඟවීම වැළැක්වීම සඳහා මෙම පියවර ගත් බවයි රුසියා අග්‍රාමාත්‍ය මිහායිල් මිෂුස්ටින් සඳහන් කරන්නේ.

එමෙන්ම රුසියාවට අයත් ඛනිජ තෙල් පිරිපහදු ඉලක්ක කර ගනිමින් එල්ල වන ප්‍රහාරයන් ද ඊට හේතුවී තිබෙනවා.

නව තීරණයත් සමග මාර්තු පළමුවනදා සිට මාස 6ක කාලයක් සදහා රුසියාව පෙට්‍රල් අපනයනය අත්හිටුවීමට නියමිතයි.

පසුගිය වසරේ දි ද රුසියාව මෙවැනි තාවකාලික තහනමක් පනවමින් පෙට්‍රල් අපනයනය සීමා කරනු ලැබුවා.

කෙසේ වුව ද ආමේනියාව / බෙලරුස් / කසකස්තාන් / කිර්ගිස්තාන් ඇතුලු යුරෝ ඒෂියන් ආර්ථික සංගමයට අයත් රටවලට පෙට්‍රල් අපනයනය සිදුකෙරෙන බවයි වාර්තා වන්නේ.

The post රුසියාව පෙට්‍රල් අපනයනය කිරීම තාවකාලික නවතයි appeared first on ITN News.

Read More »

රජිව් ඝාතනයේ ශාන්තන් මියයයි  

0 comments

හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය රජිව් ගාන්ධි මහතා ඝාතනය කිරීමේ සිද්ධියේ වරදකරු වූ ශාන්තන් නමැත්තා ඉන්දියාවේදී මියගියා.

මරාගෙන මැරෙන බෝම්බ කාරියක යොදවමින් හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය රජිව් ගාන්ධි මහතා ඝාතනය කිරීමේ සිද්ධියේ නඩු විභාගය ඉන්දියාවේදී පැවැත්වුණා.

යාපනයේ පදිංචි ශාන්තන් නමැත්තා එම සිද්ධියේ වරදකරු කරමින් ඔහු බන්ධනාගාර ගත කෙරුණා.

පසුව එරට රජයේ අනුමැතියෙන් ශාන්තන් නිදහස් කිරීමටයි පියවර ගැණුනේ.

ඔහුගේ මව ඉන්දීය රජයට ඉදිරිපත් කළ අභියාචනය ද මේ සදහා බලපා තිබෙනවා.

වසර 32කට පසු සිය මව බැලීමට යාපනයට පැමිණීම සදහා ශාන්තන්ට චෙන්නායිහි පිහිටි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය මගින් විදෙස් ගමන් බලපත්‍රයක් ද සකස් කර දී ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වුවද අක්මා රෝගයක් හේතුවෙන් රජිව් ගාන්ධි රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ශාන්තන් මියගියා.

The post රජිව් ඝාතනයේ ශාන්තන් මියයයි appeared first on ITN News.

Read More »

ඊශ්‍රායල සහ ඇමෙරිකාව අතර මතභේදාත්මක තත්ත්වයක්  

0 comments

ගාසා තීරයේ යුද මෙහෙයුම් සම්බන්ධයෙන් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු හා ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් අතර මතභේදාත්මක ගැටුම් හටගෙන තිබෙනවා.

ඊශ්‍රායලය ගාසා තීරයේ රෆා ප්‍රදේශය ඉලක්ක කර ගනිමින් යුද මෙහෙයුම් දියත් කිරීමත් සමඟ ඊශ්‍රායලයට ජාත්‍යන්තර සහාය අහිමි වීමේ අවධානමක් පවතින බවට ඇමෙරිකා ජනාධිපතිවරයා අනතුරු අඟවවා.

ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර හැකි ඉක්මනින් සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවයි ජෝ බයිඩ්න් තවදුරටත් සඳහන් කළේ.

කෙසේ වුව ද ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා සඳහන් කරන්නේ ඇමෙරිකා ජනතාවගෙන් 80%කට වැඩි ප්‍රතිශතයක සහාය තමන්ට හිමි බවයි.

ඊශ්‍රායලය හමාස් සංවිධානයට එරෙහිව සිදුකරන යුද මෙහෙයුම් සඳහා ජාත්‍යන්තර ප්‍රජාවගේ සහාය නොඅඩුව හිමිවන බව ද ඔහු ප්‍රකාශ කරනවා.

 

 

 

 

 

 

The post ඊශ්‍රායල සහ ඇමෙරිකාව අතර මතභේදාත්මක තත්ත්වයක් appeared first on ITN News.

Read More »

පාකිස්තානයේ ප්‍රථම කාන්තා මහ ඇමතිවරිය වූ නවාස් ෂරීෆ්ගේ දියණිය  

0 comments

පාකිස්තානයේ ප්‍රථම කාන්තා මහ ඇමතිවරිය ලෙස හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ්ගේ දියණිය තේරීපත් වී තිබෙනවා.

පංජාබ් ප්‍රාන්තයේ මහ ඇමතිවරිය ලෙසයි ඇය තේරීපත් වී ඇත්තේ.

පසුගිය දා පැවති පාකිස්තාන මහ මැතිවරණයෙන් පාකිස්තාන මුස්ලිම් ලීගය නියෝජනය කරමින් පංජාබ් ප්‍රාන්තය සඳහා තරග වැදුණු මර්යාම් නවාස් ඇතුලු සන්ධානය ප්‍රාන්ත රජයේ ආසන 371න් 220ක් ජයග්‍රාහණය කිරීමට සමත්ව තිබෙනවා.

පංජාබ් ප්‍රාන්ත මහ ඇමති ධුරය සදහා නවාස් පවුලෙන් තේරීපත් වු 4 වෙනි පුද්ගලයා ඇයයි.

මීට පෙර නවාස් ෂරීෆ් / සෙබාෂ් ෂරීෆ් හා හම්සා ෂරීෆ් පංජාබ් මහ ඇමති ධුරය හොබවා තිබෙනවා.

මේ අතර පාකිස්තාන පාර්ලිමේන්තුව පෙබරවාරි 29 වන දින රැස්වීමට නියමිත අතර රජයක් පිහිටුවීම සම්බන්ධයෙන් මේ වන තෙක් පැහැදිලි එකගතාවයකට කිසිදු පාර්ශවයක් පැමිණ නැහැ.

The post පාකිස්තානයේ ප්‍රථම කාන්තා මහ ඇමතිවරිය වූ නවාස් ෂරීෆ්ගේ දියණිය appeared first on ITN News.

Read More »

පලස්තීන අගමැති ඉල්ලා අස්වෙයි  

0 comments

පලස්තීන අග්‍රාමාත්‍ය මොහොමඩ් ෂ්ටෙයියාහ් සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ගාසා තීරය ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය සිදුකරන අමානුෂික ප්‍රහාරයන් හා පලස්තීන ජනතාවට සිදුව ඇති අසාධාරණය හේතුවෙන් තමා සිය ධුරයෙන් ඉල්ලා අස්වන බවයි පලස්තීන අග්‍රාමාත්‍ය මොහොමඩ් ෂ්ටෙයියාහ් මාධ්‍ය හමුවේ සදහන් කර සිටියේ.

ගාසා තීරයේ යථාර්තය තේරුම් ගැනිමට සියලුදෙනා උත්සහ කළ යුතු අතර එහි තත්ත්වය පාලනය කිරීමට නව විධිවිදාන අවශ්‍ය බවයි අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

ඔහුගේ ඉල්ලා අස්වීම ජනාධිපති මොහොමුද් අබ්බාස් අනුමත කර තිබෙනවා.

ගාසා තීරයේ පලස්තීන ජනතාව මුහුණ දී සිටින දැඩි අර්බුදකාරී තත්ත්වය හමුවේ මොහොමුද් අබ්බාස් හා පලස්තීන රජය දැඩි පීඩනයකට මුහුණ දී සිටිනවා.  ්‍යවරයා

 

 

 

 

 

The post පලස්තීන අගමැති ඉල්ලා අස්වෙයි appeared first on ITN News.

Read More »

රියදුරු නැතුව ට්‍රැක් එකේ ගිය කෝච්චිය  

0 comments

ඉන්දීය දුම්රියක් රියදුරු නොමැතිව ධාවනය වීම පිලිබඳ එරට දුම්රිය දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් පැවැත්වීමට නියෝග කර තිබෙනවා.

භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් රියදුරන් නොමැතිව කිලෝමීටර් 70කට වැඩි දුරක් ධාවනය වීම හේතුවෙන් ඉන්දීය දුම්රිය දෙපාර්තමේන්තුව මෙම නියෝගය සිදු කර තිබෙනවා.

සමාජ මාධ්‍යවල සංසරණය වූ වීඩියෝවලින් පෙන්නුම් කළේ දුම්රිය වේගයෙන් ධාවනය වී ඇති බවයි.

ජම්මු හා කාශ්මීරයේ කතුවා සිට පන්ජාබ් හි හෝෂියාර්පූර් දිස්ත්‍රික්කය දක්වා මෙම දුම්රිය රියදුරෙකු නොමැතිව ධාවනය වී තිබුණා.

පසුව දුම්රිය නිලධාරියෙකු දුම්රිය මාර්ගයට ලී කුට්ටි තැබීමෙන් දුම්රිය නැවතී ඇති අතර කිසිවෙකුටත් හානියක් සිදුවී නොමැති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

කාර්ය මණ්ඩලයේ වෙනසක් සඳහා දුම්රිය නතර කල අවස්ථාවේ දුම්රිය රියදුරු සහ ඔහුගේ සහායකයා ඉන් බැස තිබුණා.

පසුව එය දුම්රිය මාර්ගයේ බෑවුමකින් ගමන් කිරීමට පටන් ගත් බව නිලධාරීන් පවසනවා.

එය පැයට කිලෝමීටර් 100කට ආසන්න වේගයකින් ගමන් කර නැවතුම්පොළ පහක් පසු කර තිබුනා.

The post රියදුරු නැතුව ට්‍රැක් එකේ ගිය කෝච්චිය appeared first on ITN News.

Read More »

පලස්තීන අගමැති ඉල්ලා අස්වෙයි  

0 comments

පලස්තීන අග්‍රාමාත්‍ය Mohammad Shtayyeh ගේ රජය ඉල්ලා අස්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවූ අගමැති Mohammad Shtayyeh ප්‍රකාශ කර ඇත්තේ තමා ජනාධිපති මාමුද් අබ්බාස් ට සිය ඉල්ලා අස්වීමේ ලිපිය ලබාදුන් බවයි.

The post පලස්තීන අගමැති ඉල්ලා අස්වෙයි appeared first on ITN News.

Read More »

බංග්ලාදේශයේ අලි ඇතුන්ට අධිකරණ ආරක්ෂාව  

0 comments

වඳවීමේ තර්ජනයට ලක්ව සිටින බංග්ලාදේශයේ ආසියානු අලි ඇතුන් ඇතිකිරීම තහනම් කර තිබෙනවා.

බංගලිදේශයේ දැඩි ලෙස වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති වන අලි ඇතුන් හදාවඩා ගැනීම තහනම් කරමින් හා වෙනත් කටයුතුවලට අනිසි ලෙස යොදා ගැනීම තහනම් කරමින් අධිකරණ නියෝගයක් ගෙන තිබෙනවා.

දැනට නිකුත් කර ඇති සියලුම බලපත්‍ර මහාධිකරණය විසින් අත්හිටුවීමට ගෙන ඇති තීරණය ද සත්ත්ව හිමිකම් කණ්ඩායම්වල ප්‍රසාදයට හේතු වුණා.

එරට අලි ඇතුන් සර්කස් හෝ වීදි සංදර්ශන සඳහා යොදා ගැනීම බහුලව සිදු වනවා.

බංගලිදේශයේ දැනට සිටින්නේ අලි ඇතුන් 200ක් පමණ වන අතර, ඔවුන්ගෙන් අඩක් පමණ මෙලෙස ඇති කිරීම සිදු වනවා.

 

 

 

 

 

 

The post බංග්ලාදේශයේ අලි ඇතුන්ට අධිකරණ ආරක්ෂාව appeared first on ITN News.

Read More »

සෙබළුන් 31,000ක් මිය ගොස් ඇති බව යුක්‍රේන ජනපති කියයි  

0 comments

රුසියාව යුද මෙහෙයුම් හේතුවෙන් යුක්‍රේන සෙබළුන් තිස්එක්දහසක් පමණ මිය ගොස් ඇති බව යුක්‍රේන ජනාධිපතිවරයා පවසනවා.

රුසියා යුද මෙහෙයුම් හේතුවෙන් තුවාල ලැබු යුක්‍රේන සෙබළුන් සංඛ්‍යාව කොතෙක්ද යන්න ජනාධිපති වොල්දොමීර් සෙලෙන්ස්කි සදහන් කර නැහැ.

රුසියා ජනාධිපතිවරයා පවසන පරිදි යුද මෙහෙයුම් හේතුවෙන් යුක්රේන සෙබළුන් ලක්ෂ ගණනක් ජිවිතක්ෂයට පත්ව නොමැති බව ද සෙලෙන්ස්කි ජනාධිපතිවරයා අවධාරණය කරනවා.

එමෙන්ම යුක්රේන ජනාධිපතිවරයා  පවසන්නේ යුක්රේන ප්‍රහාර හේතුවෙන් රුසියා සෙබළුන් 180,000 ක් පමණ මිය ගොස් තවත් දස දහස් ගණනක් තුවාල ලබා ඇති බවයි.

 

 

 

 

 

The post සෙබළුන් 31,000ක් මිය ගොස් ඇති බව යුක්‍රේන ජනපති කියයි appeared first on ITN News.

Read More »

දකුණු කැරොලිනා ප්‍රාන්තයේ ජය ට්‍රම්ප්ට  

0 comments

ජනාධිපති අපේක්ෂකයා තෝරා ගැනීමේ දකුණු කැරොලිනා ප්‍රාන්තයේ පැවති රිපබ්ලිකන් සටනෙන් හිටපු ජනාධිපති ඩොනල් ට්‍රම්ප් ජයග්‍රහණය කළා.

දකුණු කැරොලිනා ප්‍රාන්තයේ පැවති රිපබ්ලිකන් සටනෙන් නිකී හේලි පරාජයට පත් කිරීමට හිටපු ජනාධිපතිවරයාට හැකියාව ලැබුණා.

දකුණු කැරොලිනා ප්‍රාන්තයේ නියෝජනය නිකී හේලි සතු වුවද ඇය පහසුවෙන් පරාජය කිරීමට හිටපු ජනාධිපතිවරයා සමත්වුණා.

එම ප්‍රාන්තයේ ජයග්‍රහණයත් සමඟ රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂකයා තෝරා ගැනීමේ සටනේ ඉදිරියට ගමන් කිරීමට ඩොනල්ඩ් ට්‍රම්ප්ට හැකියාව හිමිවනවා.

අඛණ්ඩව ඔහු ජයග්‍රහණය කළ හතරවන ප්‍රාන්තය මෙයයි.

කෙසේ වුවද අපේක්ෂක සටන අත්නොහරින බවයි නිකි හේලි සඳහන් කරන්නේ.

 

 

 

 

The post දකුණු කැරොලිනා ප්‍රාන්තයේ ජය ට්‍රම්ප්ට appeared first on ITN News.

Read More »

මකර‍ෙකු සිහි ගන්වන දකුණු චීනයේ හුණු ගල් නිධියකින් හමුවූ ෆොසිලය  

0 comments

දකුණු චීනයේ පැරණි හුණු ගල් නිධියකින් හමුවූ ෆොසිලයක් එකිනෙක සම්බන්ධ කර තිබෙනවා.

වසර මිලියන 240ක් පමණ පැරණි සත්ත්වයකුගේ සම්පූර්ණ ෆොසිලයක් සොයාගෙන හමුවී ඇති බවත් පොසිලයේ පෙනුම අනුව එම සත්වයා මකරකු සිහි ගන්වන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මෙම පොසිලය හමුවී ඇත්තේ කොටස් වශයෙනි. ඒ, 2003 දී දකුණු චීනයේ පැරණි හුණු ගල් නිධියකිනි.  පසුව එම කොටස් එකිනෙක සම්බන්ධ කළ බවයි පැවසෙන්නේ.

සම්පුර්ණ පොසිලයේ දිග අඩි 16 ක් එසේත් නැතිනම් මීටර් 5 කි. මකරකුගේ පෙනුම ඇති මේ පොසිලකරණය වුණු සත්වයා අතීතයේ ජීවත් වූ ජලජ උරගයකු යැයි විශ්වාස කෙරේ.

දිගු ගෙලක් සහිත මෙම එම අසාමාන්‍ය අලුත් සත්වයා Dinocephalosaurus orientalis යන විද්‍යාත්මක නමින් හඳුන්වන බව ද පැවැසෙයි

The post මකර‍ෙකු සිහි ගන්වන දකුණු චීනයේ හුණු ගල් නිධියකින් හමුවූ ෆොසිලය appeared first on ITN News.

Read More »

ඇලෙක්සි නවාල්නිගේ සිරුර ඔහුගේ මවට  

0 comments

රුසියානු විපක්ෂ නායකයා ලෙස ඉදිරියෙන් සිට ජීවිතක්ෂයට පක්වූ ඇලෙක්සි නවාල්නි ගේ සිරුර ඔහුගේ මවට ලබාදීමට රුසියානු බලධාරීන් එකඟ වී තිබෙනවා.

නමුත් ඔහුගේ සිරුර රහසිගත ස්ථානයක මිහිදන් කිරීමට ඇයව එකඟ කරවාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

නවාල්නි පසුගිය 16 වනදා රුසියානු සිර කඳවුරකදී අභිරහස් ලෙස මිය ගියා

The post ඇලෙක්සි නවාල්නිගේ සිරුර ඔහුගේ මවට appeared first on ITN News.

Read More »

ඇමසන් වනාන්තරයෙන් නව යෝධ සර්ප විශේෂයක් සොයා ගනී  

0 comments

ඇමසන් වනාන්තරයෙන් නව යෝධ සර්ප විශේෂයක් සොයා ගෙන තිබෙනවා.

ඇමසන් වැසි වනාන්තරයේ අධ්‍යයන කටයුතු වල නිරත විද්‍යාඥයින් මෙම නව සර්ප විශේෂය සොයා ගත්තා.

ක්වීන්ස්ලන්ත විශ්ව විද්‍යාලයේ විද්‍යාඥ කණ්ඩායමක් වන මොවුන් ඉක්වදෝරියානු ඇමසන් කලාපයේ සිදු කළ අධ්‍යයනයකින් පසු උතුරු හරිත ඇනකොන්ඩා නමැති මෙම සත්ත්වයින් හමුව තිබෙනවා.

ඇනකොන්ඩා යනු දකුණු ඇමරිකාවේ උණුසුම් ප්‍රදේශවල ජලය ආශ්‍රිතව ජීවත්වන විෂ සහිත යෝධ සර්ප විශේෂයක්.

බ්‍රිතාන්‍යයේ ස්වභාවික ඉතිහාස කෞතුකාගාරයට අනුව, හරිත ඇනකොන්ඩාවන් යනු ලොව බරින් වැඩිම සර්පයන් වනවා.

මෙතෙක් වාර්තා වී ඇති බරින් වැඩිම ඇනකොන්ඩාවා කිලෝග්‍රෑම් 227ක්.

එම සත්ත්වයාගේ දිග මීටර් 8.43ක් වුණා.

 

 

The post ඇමසන් වනාන්තරයෙන් නව යෝධ සර්ප විශේෂයක් සොයා ගනී appeared first on ITN News.

Read More »

යුක්‍රේනය මාසයක් තුළ රුසියාවේ දෙවන ඔත්තු බැලීමේ ගුවන් යානයත් බිම හෙළයි  

0 comments

මාසයක් තුළ රුසියාවේ දෙවන ඔත්තු බැලීමේ ගුවන් යානය ද බිම හෙළූ බව යුක්‍රේනය පවසනවා.

යුක්‍රේනය පවසන්නේ තමන් රුසියානු A-50 හමුදා ඔත්තු බැලීමේ ගුවන් යානයක් බිම හෙළූ බවයි.

රුසියාවේ රොස්තොව් ඔන් ඩොන් හා ක්‍රාස්නොඩාර් නගර අතර පියාසර කරමින් තිබියදී යානය විනාශ වී ඇති බව යුක්‍රේන හමුදා ආරංචි මාර්ග සඳහන් කරනවා.

විනාශ වූ ගුවන් යානා කොටස් මේ වන විට සොයාගෙන ඇති අතර ගිනි ගැනීමක් ද සිදුව ඇති බව වාර්තා වනවා.

රුසියාව යුක්‍රේනයට ප්‍රහාර කිරීම ආරම්භ කර අදට වසර දෙකක් සපිරෙනවා.

 

The post යුක්‍රේනය මාසයක් තුළ රුසියාවේ දෙවන ඔත්තු බැලීමේ ගුවන් යානයත් බිම හෙළයි appeared first on ITN News.

Read More »

බොරතෙල් මිලෙහි අඩු වීමක්  

0 comments

අමෙරිකානු ඩොලර් 83 ඉක්මවා ගිය ලෝක වෙළඳපොලේ බොරතෙල් මිලෙහි සුළු අඩු වීමක් දක්නට ලැබෙනවා.

ඒ අනුව, බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් අමෙරිකානු ඩොලර් 82.56ක් දක්වා අඩු වූ අතර, WTI බොරතෙල් මිල ඩොලර් 77 මට්ටමේ පැවතුණා.

ලෝක බොරතෙල් මිල පෙබරවාරි මුල් සතියේ සිටම ඩොලර් 80ත් 84ත් අතර, දෝලනය වනු දැකිය හැකියි

The post බොරතෙල් මිලෙහි අඩු වීමක් appeared first on ITN News.

Read More »

ලාස්‍යා නන්දිතා ජීවිතක්ෂයට  

0 comments

ඉන්දියාවේ තෙලන්ගානා ප්‍රාන්ත ආණ්ඩු මන්ත්‍රීවරියක් වන 37 හැවිරිදි ලාස්‍යා නන්දිතා හයිද්‍රාබාද් හිදී සිදුවූ රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා

ඇය ගමන් ගත් මෝටර් රථයේ වේගය රියදුරුට පාලනය කරගත නොහැකිව, මාර්ගයේ සවිකර තිබූ ආරක්ෂිත යකඩ වැටේ ගැටී මෙම අනතුර සිදුවී ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ.

ඇයගේ රියැදුරා ද අනතුරෙන් බරපතළ තුවාල ලබා මේ වනවිට වෛද්‍ය ප්‍රතිකාර ලබමින් පසුවනවා

The post ලාස්‍යා නන්දිතා ජීවිතක්ෂයට appeared first on ITN News.

Read More »

ඇමෙරිකාව රොබෝ චන්ද්‍ර යානයක් සාර්ථකව සඳ මතට ගොඩබස්සවයි  

0 comments

රොබෝ චන්ද්‍ර යානයක් ඇමෙරිකාව සාර්ථකව සඳ මත ගොඩ බස්සවා තිබෙනවා.

ඉන්ටිටුයිටිව් මැෂින් නැමැති පෞද්ගලික ආයතනය සමග එක්ව නාසා ආයතන මෙම රොබෝ චන්ද්‍ර මෙහෙයුම සිදු කර තිබෙනවා.

ඇමෙරිකාව මෙලෙස සඳ මතට යානයක් ගොඩබැස්සවීම සිදු කළේ ඇපලෝ චන්ද්‍ර මෙහෙයුම අවසන්ව වසර 52 කට පසුව වීම ද විශේෂත්වයක්.

එසේම නාසා ආයතනය පෞද්ගලික අංශය සමඟ එක්ව සඳ මතට රොබෝ යානයක් පතිත කළ පළමු අවස්ථාව ද මෙය වනු ඇති.

මෙම මෙහෙයුම ක්ලිප්ස් නමින් හදුන්වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එය ලෑන්ඩර් වර්ගයේ රොබෝ යානයක් වන අතර මැලපර්ට් ඒ යනුවෙන් නම් කර ඇති චන්ද්‍ර ආවාටයකට යානය පතිත කර තිබෙනවා.

The post ඇමෙරිකාව රොබෝ චන්ද්‍ර යානයක් සාර්ථකව සඳ මතට ගොඩබස්සවයි appeared first on ITN News.

Read More »

නිවාස සංකීර්ණයක ගින්නක් – 4ක් මරුට  

0 comments

ස්පාඤ්ඤයේ වැලන්සියා නගරයේ මහල් 14 කින් යුත් නිවාස සංකීර්ණයක ඇති වූ ගින්නකින් පුද්ගලයින් සිව් දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

එම නිවාස සංකීර්ණහි නිවාස 138කින් සමන්විත බවයි වාර්තා කර ඇත්තේ.

මෙම ගොඩනැගිල්ලේ නිවැසියන් 450කට අධික පිරිසක් වාසය කරන බවද සඳහන්.

එමෙන්ම තවත් 14 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා ප්‍රකාශ කළේ.

ගින්න බ්‍රහස්පතින්දා පස්වරු 5:30 ට පමණ සිව්වන මහලේ ගින්න ආරම්භ වූ අතර එය වේගයෙන් පැතිර ගිය බවද සඳහන්.

The post නිවාස සංකීර්ණයක ගින්නක් – 4ක් මරුට appeared first on ITN News.

Read More »

ආරක්ෂක මණ්ඩල සාමාජිකයින්ගේ පොදු එකඟතාව ගාසා තීරයේ ක්ෂණික සටන් විරාමයක් ඇරඹීම බව චීනය පවසයි  

0 comments

ගාසා තීරයේ ක්ෂණික සටන් විරාමයක් ඇරඹීම ජාත්‍යන්තර ප්‍රජාවේ පොදු ඉල්ලීමක් මෙන්ම ආරක්ෂක මණ්ඩලයේ සාමාජිකයින්ගේ ප්‍රබල එකඟතාව බව එක්සත් ජාතීන්ගේ චීනයේ නිත්‍ය නියෝජිත Zhang Jun මහතා අවධාරණය කරයි.

ඒ පලස්තීන-ඊශ්‍රායල් ප්‍රශ්නය පිළිබඳ ඊයේ(22) ආරක්ෂක මණ්ඩලයේ විවෘත සාකච්ඡාවේ දී අදහස් දක්වමින්.

ඇමරිකාව වගකීම් සහගත ආකල්පයකින් ජාත්‍යන්තර ප්‍රජාවේ ඉල්ලීම්වලට අනුගත වෙමින් ආරක්ෂක මණ්ඩල සාමාජිකයින්ගේ එකඟතාවයට ද ගරු කරනු ඇතැයි බලාපොරොත්තු වන බව Zhang Jun මහතා එහිදී කියාසිටියා.

පලස්තීනයට සිදු වූ ඓතිහාසික අසාධාරණය නිවැරදි කළ යුතු අතර ස්වාධීන රාජ්‍යයක් වෙනුවෙන් වූ පලස්තීනයේ දිගුකාලීන අපේක්ෂාව ඉටු කළ යුතු බව ද ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

මේ අතර පලස්තීන ප්‍රශ්නයට විස්තීර්ණ, සාධාරණ සහ දිගුකාලීන විසඳුමක් ලබා දීම සඳහා වඩා ඵලදායී ජාත්‍යන්තර සාම සමුළුවක් කඩිනමින් කැඳවන ලෙස ද චීනය ඉල්ලීමක් කර ඇති බවයි වාර්තා වන්නේ.

The post ආරක්ෂක මණ්ඩල සාමාජිකයින්ගේ පොදු එකඟතාව ගාසා තීරයේ ක්ෂණික සටන් විරාමයක් ඇරඹීම බව චීනය පවසයි appeared first on ITN News.

Read More »

ගාසා තීරයට ගුවනින් ආධාර  

0 comments

යුද්ධය ආරම්භ වීමෙන් පසු පළමු වරට බ්‍රිතාන්‍යය ගාසා තීරයට ගුවනින් ආධාර බෙදාහැර තිබෙනවා.

ජෝර්දානය සමඟ ගිවිසුමකට එළඹීමෙන් පසුවයි මෙම ආධාර බෙදා හැර ඇත්තේ.

ජෝර්දාන ගුවන් හමුදාවට අයත් ගුවන් යානයකින් ඖෂධ, ආහාර හා  ඉන්ධන ඇතුළු සැපයුම් ටොන් හතරක් ලබා දී තිබෙනවා.

පැරෂුට් වල සවිකළ ආධාර පැකේජ උතුරු ගාසා තීරයේ තල් අල්-හවා රෝහල වෙත ගුවනින් ඇතහැර තිබුණා.

බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ඩේවිඩ් කැමරන් පැවසුවේ මෙම ආධාර ජීවිත බේරා ගැනීමට හා රෝහල පවත්වාගෙන යාමට ලබා දුන් ඒවා බවයි.

කෙසේ වෙතත් ප්‍රදේශයේ පවතින ගැටුම් හේතුවෙන් ලෝක ආහාර වැඩසටහන උතුරු ගාසා තීරයට සිදු කරන බෙදා හැරීම් නතර කර තිබෙනවා.

මේ වන විට ලක්ෂ 3කට අධික පලස්තීනුවන් උතුරු ගාසා තීරයේ කුඩා ඉඩක රැඳී සිටිනවා.

 

 

 

The post ගාසා තීරයට ගුවනින් ආධාර appeared first on ITN News.

Read More »

මෙක්සිකෝවේ මත්ද්‍රව්‍ය ජාවාරම් කල්ලි අතර ගැටුම්වලින් 12 දෙනෙකු මියයයි  

0 comments

මෙක්සිකෝවේ මත්ද්‍රව්‍ය ජාවාරම් කල්ලි අතර ගැටුම් වලින් 12 දෙනෙකු මිය ගියා.

දකුණු මෙක්සිකෝවේ ගුරේරෝ ප්‍රාන්තයේ කල්ලි අතර ඇති වූ ගැටුම් වලින් මෙම පිරිස මිය ගියා.

එරට ජනාධිපති අන්ද්‍රේස් මැනුවෙල් ලෝපේස් ප්‍රකාශ කළේ රට තුල සංවිධානාත්මක අපරාධ සම්බන්ධ ප්‍රචණ්ඩත්වය ද ඉහළ ගොස් ඇති බවයි.

මේ අතර ලාස් ටූනාස් හි කඳුකර ප්‍රජාවේ ගැටුම්වලින් මියගිය අයගේ පිළිස්සුණු මළ සිරුරු පහක් සොයාගත් බව මෙක්සිකෝ රජය පවසනවා.

මේ අතර මෙක්සිකෝ රජයේ නිල සංඛ්‍යාලේඛනවලට අනුව මත්ද්‍රව්‍ය කල්ලි අතර ගැටුම පසුගිය වසරේ ගැටුම් වලින් 1,890 දෙනෙකු මිය ගියා.

2006 වසරේ සිට මෙම කල්ලි මගින් සිදුකළ ඝාතන සංඛ්‍යාව 420,000 කට ආසන්නයි.

 

 

 

The post මෙක්සිකෝවේ මත්ද්‍රව්‍ය ජාවාරම් කල්ලි අතර ගැටුම්වලින් 12 දෙනෙකු මියයයි appeared first on ITN News.

Read More »

වෙනිසියුලාවේ රන් ආකරයක් කඩා වැටීමෙන් 23 දෙනෙකු මියයයි  

0 comments

වෙනිසියුලාවේ රන් ආකරයක් කඩා වැටීමෙන් 23 දෙනෙක් මිය ගොස් තිබෙනවා.

බොලිවාර් ප්‍රාන්තයේ නීතිවිරෝධී ලෙස පවත්වාගෙන ගිය පතලක කම්කරුවන් මතට පස් කන්දක් කඩා වැටීමෙනුයි අනතුර සිදු වුණේ.

බොලිවාර් ප්‍රාන්තයේ වනාන්තර ප්‍රදේශයක පිහිටි බුල්ලා ලොකා පතලේ මෙම අනතුර සිදු වන විට 200කට වැඩි පිරිසක් සේවය කරමින් සිටියා.

තුවාලකරුවන් කැරකස් අගනුවරට ගිනිකොන දෙසින් කිලෝමීටර් 750 ක් දුරින් පිහිටි බොලිවාර් හි රෝහලකට රැගෙන ගොස් තිබෙනවා.

බොලිවාර් කලාපය රන්, දියමන්ති, යකඩ, බොක්සයිට්, ක්වාර්ට්ස් සහ කෝල්ටන් ඛනිජ වලින් පොහොසත්.

රජයේ පතල් හැරුණු විට, නීති විරෝධී පතල් රැසක් මෙම ප්‍රදේශයේ ක්‍රියාත්මකයි.

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී ද මෙම කලාපයේම ඉකබාරු ආදිවාසී ප්‍රජාවේ පතලක් කඩා වැටීමෙන් පුද්ගලයන් 12 දෙනෙකු මිය ගියා.

 

 

 

 

 

 

The post වෙනිසියුලාවේ රන් ආකරයක් කඩා වැටීමෙන් 23 දෙනෙකු මියයයි appeared first on ITN News.

Read More »

ගාසා තීරය මරණ කලාපයක් බවට පත්ව ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි  

0 comments

ගාසා තීරය මරණ කලාපයක් බවට පත්ව ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා පවසනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් ඇඩ්හනෝම් ගේබ්‍රියේසස් පවසන්නේ ගාසා තීරයේ සෞඛ්‍ය හා මානුෂීය තත්ත්වය නරක අතට හැරෙන බවයි.

මේ වනවිට ඊශ්‍රායලය ගාසා තීරයේ ගොඩබිම් මෙහෙයුම් 30 වන දිනටත් ක්‍රියාත්මක කරමින් සිටිනවා.

ඛාන් යූනිස් හි අල්-අමල් රෝහලේ භයානක තත්වයක් ගැන පලස්තීන රතු ක්‍රෙසන්ට් සංගමය ද අනතුරු අඟවා තිබෙනවා.

මේ අතර උතුරු ගාසා තීරයේ පදිංචිකරුවන්ට පසුගිය සති තුන තුළ ආහාරයට ගැනීමට ඉතිරිව තිබුණේ සත්ව ආහාර පමණක් බව ගාසා රජයේ මාධ්‍ය කාර්යාලයේ ප්‍රධානී ඉස්මයිල් අල් තවබ්ටේ පවසා තිබුණා.

ඔක්තෝබර් 7 වැනිදා සිට ගාසා තීරයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරවලින් පලස්තීනුවන් 29,313ක් මිය ගොස් 69,333ක් තුවාල ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

ඔක්තෝබර් 7 වනදා හමාස් ප්‍රහාරයෙන් ඊශ්‍රායලයේ මියගිය සංඛ්‍යාව 1,139 ක්.

 

 

 

The post ගාසා තීරය මරණ කලාපයක් බවට පත්ව ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි appeared first on ITN News.

Read More »

ඇමෙරිකාව ජගත් ආරක්ෂක කවුන්සිලයට ඉදිරිපත් කළ යෝජනාවට චීනයේ දැඩි විරෝධය  

0 comments

ගාසා තීරය තුළ සටන් විරාමයක් ක්‍රියාත්මක කළ යුතු බවට ඇමෙරිකාව ජගත් සංවිධානයේ ආරක්ෂක කවුන්සිලයට ඉදිරිපත් කළ යෝජනාවට චීනයේ දැඩි විරෝධය එල්ල වනවා.

ඇමෙරිකාවේ මෙම ක්‍රියාමාර්ගය ගාසා තීරය සම්බන්ධයෙන් ලෝකයට වැරදි පණිවිඩයක් ලබාදෙන බවයි චීනය පවසන්නේ. ගාසා තීරය තුළ ඊශ්‍රායලයට උවමනා පරිදි ඝාතනයන් සිදුකිරීමට මෙය පිටුවහලක් වන බව ද ඔවුන් පෙන්වා දෙනවා.

ඇල්ජිරියාව ඊයේ දිනයේ දී ගාසා තීරයේ යුද ගැටුම් අවසන් කළ යුතු බවට වන යෝජනාවක් ජගත් සංවිධානයේ ආරක්ෂක කවුන්සිලයට ඉදිරිපත් කළා.

එම යෝජනාවට ආරක්ෂක මණ්ඩලයේ සාමාජිකයින් 15 දෙනාගෙන් 13 දෙනෙකුගේ සහාය හිමිවුව ද ඇමෙරිකාව නිශේධ බලය භාවිතා කරමින් එය පරාජයට පත්කරනු ලැබුවා.

එම යෝජනාව පරදා තම අභිමතය පරිදි සටන් විරාමයක් පමණක් ගෙන ඒමට ඇමෙරිකාව උත්සාහ කරනුයේ ඊශ්‍රායලයේ අවශ්‍යතාව මත බවයි චීනය පෙන්වා දෙන්නේ.

 

 

The post ඇමෙරිකාව ජගත් ආරක්ෂක කවුන්සිලයට ඉදිරිපත් කළ යෝජනාවට චීනයේ දැඩි විරෝධය appeared first on ITN News.

Read More »

යුක්රේන අර්බුදය තම වාසියක් ලෙසට නොගන්නා බවට චීනයෙන් ප්‍රකාශයක්  

0 comments

චීනය යුක්රේන අර්බුදයෙන් වාසි නොගන්නා බව චීන විදේශ අමාත්‍යංශය පවසනවා.

චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය ඊයේ (20) පැවති මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළා.

චීන -රුසියා සහයෝගීතා හේතුවෙන් ඇතැම් චීන සමාගම්වලට සම්බාධක පැනවීමට ඇමරිකාව සැලසුම් කරමින් සිටීම පිළිබඳව මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඇය මෙම අදහස් පළකළා

යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් චීනය සැම විටම සාධාරණ යුක්තිගරුක ස්ථාවරයක සිටින අතර සාමය හා සාකච්ඡාව ප්‍රවර්ධනය කිරීමෙහි නියැළි සිටින බවයි ඇය ප්‍රකාශ කළේ.

ජාත්‍යන්තර නීති පදනමක් නොමැතිව, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ අවසරයකින් තොරව ඒකපාර්ශ්වික සම්බාධක පැනවීම, වෙනත් රටවලට එරෙහිව සිදු කරන අධිකරණ බලය යන ක්‍රියාවන්ට චීනය සැම විටම විරෝධ පළ කරන බව ද ඇය එහිදී කියාසිටියා.

චීන ව්‍යවසායන්හී නීත්‍යනුකූල අයිතිවාසිකම් ස්ථිර ලෙස සුරක්ෂිත  කිරීමට චීනය අඛණ්ඩව පියවර ගන්නා බවද ඇය සඳහන් කර තිබෙනවා.

The post යුක්රේන අර්බුදය තම වාසියක් ලෙසට නොගන්නා බවට චීනයෙන් ප්‍රකාශයක් appeared first on ITN News.

Read More »

ඉන්දියාවේ ගොවි උද්ඝෝෂණ යළි ඇරඹෙයි  

0 comments

රජය සමඟ සාකච්ඡා හේතුවෙන් අත්හිටවූ ඉන්දියාවේ ගොවි උද්ඝෝෂණ අද දින නැවත ආරම්භ කර තිබෙනවා.

අස්වනු සඳහා සාධාරණ මිලක් ලබාදෙන ලෙස ඉල්ලමින් පැවැත්වු ඉන්දියාවේ ගොවි උද්ඝෝෂණ රජය සමඟ සාකච්ඡා ආරම්භ කිරීමත් සමඟ අත්හිටුවනු ලැබුවා.

පංජාබ් ප්‍රාන්තයේ සිට දිල්ලි නගරය බලා මෙම උද්ඝෝෂණ පෙළ පාළිය සංවිධානය කර තිබුණා.

ස්ථාන රැසකදී පොලිසිය මාර්ග බාධක යොදා තිබු අතර ගොවීන්ට කදුළු ගෑස් ප්‍රහාර එල්ල කර උද්ඝෝෂකයින් විසුරුවා හැරීමටයි පොලිසිය කටයුතු කළේ.

කෙසේ වුවද රජය සමඟ පැවති සාකච්ඡා අසාර්ථක වීමත් සමඟ උද්ඝෝෂණ පෙළ පාලිය අද දිනයේ දී යළි දිල්ලි නගරය බලා ගමන් ආරම්භ කළා.

දිල්ලි නගරයේ ආරක්ෂාව තර කර ඇති අතර නගරයට කිලෝ මීටර 200ක් පමණ දුරකින් පෙළ පාලිය ගමන් කරමින් පවතිනවා.

 

 

 

The post ඉන්දියාවේ ගොවි උද්ඝෝෂණ යළි ඇරඹෙයි appeared first on ITN News.

Read More »

නවාස් ෂරීෆ් හා බිලාවල් භූතෝ නව රජයක් පිහිටුවීමට එකඟ වෙයි  

0 comments

පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ් හා බිලාවල් භූතෝ නව රජයක් පිහිටුවීම සඳහා එකඟතාවයකට පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

පසුගිය සතියේ පැවති පාකිස්තාන මහ මැතිවරණයෙන් කිසිදු පක්ෂයකට බහුතර බලයක් හිමිකර ගැනීමට හැකියාව ලැබුණේ නැහැ.

ඉම්රාන් ඛාන්ට පක්ෂපාත ස්වාධීන කණ්ඩායම් ආසන 93ක්ද හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ් ආසන 75ක් හා බිලාවල් භූතෝ ආසන 54ක් දිනා ගැනීමට සමත්වුණා.

කිසිදු පක්ෂයකට බහුතර බලයක් නොමැතිවීම හේතුවෙන් සභාග රජයක් පිහිටුවීමට සිදුවන අතර ඒ සඳහා ෂරීෆ් හා භූතෝ පක්ෂ එකඟතාවයකට එළඹ තිබෙනවා.

කෙසේ වුවද ඔවුන් රජයක් පිහිටුවන බව නිවේදනය කළ පසු හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ පීටීඅයි පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ ෂරීෆ් / භූතෝ සභාගය ජනමතය සොරා කෑ දූෂිත කණ්ඩායම් බවයි.

 

 

 

 

The post නවාස් ෂරීෆ් හා බිලාවල් භූතෝ නව රජයක් පිහිටුවීමට එකඟ වෙයි appeared first on ITN News.

Read More »

අලුත් වෛද්‍යවරුන් බඳවා ගැනීමට එරෙහිව දකුණු කොරියාවේ වෛද්‍යවරුන් වර්ජනයක  

0 comments

දකුණු කොරියාවේ වෛද්‍යවරුන් විසින් වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

නවක වෛද්‍යවරුන් බඳවා ගැනීමට එරෙහිව ඔවුන් මෙලෙස වර්ජනයක නිරත වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ .

දකුණු කොරියාවේ ප්‍රධාන රෝහල්වල අභ්‍යාසලාභී වෛද්‍යවරු 1,600කට වැඩි පිරිසක් පසුගිය අඟහරුවාදා පාගමනක් සහ විරෝධතාවක් පැවැත්වූවා.

The post අලුත් වෛද්‍යවරුන් බඳවා ගැනීමට එරෙහිව දකුණු කොරියාවේ වෛද්‍යවරුන් වර්ජනයක appeared first on ITN News.

Read More »

මන්දපෝෂණය නිසා ගාසා තීරයේ දරුවන් මියයාම සීඝ්‍රයෙන් ඉහළ යා හැකි බව ජගත් සංවිධානය අනතුරු අඟවයි  

0 comments

මන්දපෝෂණය හේතුවෙන් ගාසා තීරයේ දරුවන් මියයාම සීඝ්‍රයෙන් ඉහළ යා හැකි බවට ජගත් සංවිධානය අනතුරු අඟවනවා.

වළක්වා ගත හැකි මරණ මේ වන විට නොවැළැක්විය හැකි තත්ත්වයකට පත්ව ඇති බවයි ජගත් සංවිධානය පෙන්වා දෙන්නේ.

ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් දෛනිකව මිය යන පලස්තීන දරුවන්ගේ සංඛ්‍යාව සැළකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා.

එවැනි පසුබිමක ප්‍රමාණවත් තරම් ආහාර නොමැති වීම හේතුවෙන් ද දරුවන් මිය යාමේ ඉහළ ප්‍රවණතාවයක් පවතින බවයි ජගත් සංවිධානය සදහන් කරන්නේ.

ප්‍රමාණවත් තරම් ආහාර නොලැබීම හරහා දරුවන් විවිධ රෝගාබාදයන්ට ගොදුරු වීමේ වැඩි ඉඩකඩක් පවතින බව ද එම සංවිධානය පෙන්වා දෙනවා.

ජාත්‍යන්තර ප්‍රජාව සටන් විරාමයක් ක්‍රියාත්මක කරන ලෙස ඊශ්‍රායලයෙන් ඉල්ලීම් කළ ද ඔවුන් ප්‍රහාර එල්ල කිරීම අඛණ්ඩව සිදුකරනවා.

ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් මේ වන විට පලස්තීන වැසියන් 29000කට අධික සංඛ්‍යාවක් ජිවිතක්ෂයට පත්ව ඇති අතර තුවාල ලබා ඇති සංඛ්‍යාව 69000කට අධිකයි.

 

 

 

 

 

 

 

The post මන්දපෝෂණය නිසා ගාසා තීරයේ දරුවන් මියයාම සීඝ්‍රයෙන් ඉහළ යා හැකි බව ජගත් සංවිධානය අනතුරු අඟවයි appeared first on ITN News.

Read More »

හිම නිසා ඇති වූ නායයාමකින් ඇෆ්ගනිස්ථානයේ 25 ක් මරුට  

0 comments

ඇෆ්ගනිස්තානයේ අධික හිමපතනයත් සමඟ ඇති වු නායයාමකින් 25 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

ඇෆ්ගනිස්තානයේ ගම්මානයක් හරහා ඇද හැළෙන අධික හිම පතනය හේතුවෙන් මෙම නායයාම සිදුව තිබෙනවා. ඉන් පුද්ගලයින් 8 දෙනෙකු තුවාල ලැබුවා.

කෙසේ වෙතත් මිය ගිය හා තුවාල ලැබු සංඛ්‍යාව ඉහළයා හැකි බවයි ඇෆ්ගන් වාර්තා සදහන් කරන්නේ.

හෙලිකෝපටර් යානා ගොඩ බෑමට නොහැකි වීමත්,  හිමවලින් මාර්ග අවහිර වීමත් ගලවා ගැනීමේ මෙහෙයුම්වලට බාධාවක් වී තිබෙනවා.

හිම ඉවත් කිරීම සදහා අවශ්‍ය තරම් නවීන උපකරණ නොමැති වීම ද ඊට හේතුවක් බවයි වාර්තා වන්නේ.

 

 

 

 

 

 

 

 

 

 

 

 

The post හිම නිසා ඇති වූ නායයාමකින් ඇෆ්ගනිස්ථානයේ 25 ක් මරුට appeared first on ITN News.

Read More »

දරුවන් තිදෙනෙකුගේ සිරුරු එකම නිවසක  

0 comments

එංගලන්තයේ නිවසක තිබී ළමුන් තුන් දෙනෙකුගේ මළ සිරුරු සොයා ගෙන තිබෙනවා.

බ්‍රිස්ටල් ප්‍රදේශයේ නිවසක තිබියදියී මියගිය කුඩා දරුවන් තුන් දෙනෙකුගේ සිරුරු හමුව ඇත්තේ.

ඊට සැකපිට 42 හැවිරිදි වියේ පසුවන කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසියට ලැබුණු දුරකථන ඇමතුමක් මත මෙම දරුවන්ගේ සිරුරු සොයාගත්තා.

ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ කුඩා දරුවන් එම ස්ථානයේදීම මියගොස් ඇති බවයි.

The post දරුවන් තිදෙනෙකුගේ සිරුරු එකම නිවසක appeared first on ITN News.

Read More »

ගමන් මලු බෙදාහැරීමේ ප්‍රශ්නයට උත්තර හොයන ඉන්දියාව  

0 comments

ගුවන් මගීන්ට ගමන් මලු බෙදා හැරීම විධිමත් කිරීමට පියවර ගන්නා ලෙස ඉන්දියාවේ ගුවන් සමාගම්වලට එරට සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය දැනුම් දී තිබෙනවා.

ප්‍රමාද වූ ගමන් මලු භාරදීම , ඉන්දීය ගුවන් තොටුපලවල නිරන්තර ගැටලුවක් බවට පත්ව තිබෙනවා.

එය මගහැරවීමේ අරමුණෙනුයි නව තීරණය ගෙන ඇත්තේ. ඉන්දීය සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය ප්‍රකාශ කර ඇත්තේ ගුවන් යානය ගොඩබැස්සවීමෙන් පසු විනාඩි 30ක් ඇතුළත මගීන් තම ගමන් මලු ලබාගත යුතු බවයි.

යානයේ එන්ජිම ක්‍රියා විරහිත වී විනාඩි 10ක් ඇතුළත පළමු බෑගය ගමන් මලු පටියට පැමිණිය යුතු බවද එහි සදහන් කර තිබෙනවා.

ප්‍රමාද වූ ගමන් මලු බෙදාහැරීම ගැටලුවක් වී ඇති බැවින් එම ප්‍රමාදයන් වළක්වන ලෙස ඉන්දියාවේ ගුවන් සමාගම් 7කට එරට රජය දැනුම් දී ඇති බවයි වාර්තාවල දැක්වෙන්නේ.

මගීන්ගේ ගමන් මලු නියමිත වේලාවට බෙදාහැරීමට පියවර ගන්නා ලෙස එම සමාගම් වලට අවධාරණය කර තිබෙනවා.

ඇතැම් වේලාවට ගමන් මලු බෙදාහැරීමේ පටිවලට පැමිණීම පැයකට ආසන්න කාලයක් ප්‍රමාද වී ඇති බවට මගීන්ගෙන් පැමිණිලි ලැබී ඇති බවද වාර්තාවල සඳහන්.

 

 

The post ගමන් මලු බෙදාහැරීමේ ප්‍රශ්නයට උත්තර හොයන ඉන්දියාව appeared first on ITN News.

Read More »

ඊශ්‍රායලයෙන් අනතුරු ඇඟවීමක්  

0 comments

මාර්තු 10 වන දින වන විට සියලුම ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් නොකළහොත් රෆා ප්‍රදේශයට දැවැන්ත ප්‍රහාරයක් දියත් කරන බව ඊශ්‍රායලය නිවේදනය කරනවා.

ඊශ්‍රායලයේ කැබිනට් සාමාජික බෙනී ගාන්ට්ස් මෙම අනතුරු ඇඟවීම සිදුකර ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.

දකුණු ගාසා තීරයේ ජනාකීර්ණ නගරයක් වන රෆා වෙත තම හමුදා ඇතුළු වන්නේ කවදාදැයි ඊශ්‍රායලය නිවේදනය කළ පළමු අවස්ථාව මෙයයි.

මිලියන 1.5ක පමණ සරණාගතයින් පිරිසක් රෆා ප්‍රදේශයෙහි කදවුරුවල වාසය කරනවා. රෆා ප්‍රදේශයට ප්‍රහාර දියත් කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තරයේ දැඩි විරෝධයක් මතුව ඇති පසුබිමකයි ඊශ්‍රායලය මෙම නිවේදනය සිදුකළේ.

 

 

 

 

 

 

 

The post ඊශ්‍රායලයෙන් අනතුරු ඇඟවීමක් appeared first on ITN News.

Read More »

රෆා ප්‍රදේශයෙන් පළා යන වැසියන්ට ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කරන බවට හමාස් සංවිධානයෙන් චෝදනා  

0 comments

ගාසා තීරයේ රෆා ප්‍රදේශයෙන් පළා යන සාමාන්‍ය වැසියන් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කරන බවට හමාස් සංවිධානය චෝදනා කරනවා.

ඊයේ දිනයේ දී රෆා ප්‍රදේශයෙන් පළා යන සරණාගතයින් ඉල්කක කර ගනිමින් ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයන්ගෙන් සාමාන්‍ය වැසියන් 10 දෙනෙකු ජිවිතක්ෂයට පත්වුණා.

රෆා ප්‍රදේශය ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය එල්ල කරන ප්‍රහාරයන්ගෙන් සාමාන්‍ය වැසියන් දහස් ගණනක් ජිවිතක්ෂයට පත්විය හැකි බවට ජගත් සංවිධානය අනතුරු අගවනවා.

ඛාන් යුනිස් ප්‍රදේශයේ නසර් රෝහලේ සේවකයින් රැසක් ඊශ්‍රායලය අත්අඩංගුවට ගෙන ඇති බව ද ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශය ඊයේ නිවේදනය කළා.

කෙසේ වුවද අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරන්නේ හමාස් සංවිධානය සටන්විරාමයකට පැමිණ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කළ යුතු බවයි.

 

 

 

 

 

 

The post රෆා ප්‍රදේශයෙන් පළා යන වැසියන්ට ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කරන බවට හමාස් සංවිධානයෙන් චෝදනා appeared first on ITN News.

Read More »

ජනාධිපතිවරණයට දිනයක් ඉල්ලා සෙනගාලයේ උද්ඝෝෂණ  

0 comments

ජනාධිපතිවරණය සඳහා ඉක්මණින් දිනයක් ප්‍රකාශයට පත්කරන ලෙස බලකරමින් සෙනගාලයේ උද්ඝෝෂණ ආරම්භ කර තිබෙනවා.

එරට ජනාධිපතිවරණය මෙම මස පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.

එහෙත් එය කල් දැමීමට එරට ජනාධිපතිවරයා ගත් උත්සාහය එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අත්හිටුවා තිබෙනවා.

The post ජනාධිපතිවරණයට දිනයක් ඉල්ලා සෙනගාලයේ උද්ඝෝෂණ appeared first on ITN News.

Read More »

නවාල්නිගේ මරණයට පුටින් වගකිව යුතු බව බයිඩ්න් කියයි  

0 comments

රුසියා විපක්ෂ දේශපාලන නායකයෙකු වන ඇලේක්සි නවාල්නිගේ මරණය සම්බන්ධයෙන් එරට ජනාධිපති ව්ලැඩිමිර් පුටින් වගකිව යුතු බව ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් චෝදනා කරනවා.

අසනීප තත්ත්වයක් හේතුවෙන් ඇලේක්සි නවාල්නි මිය ගිය බව ඔහු රඳවා ගෙන සිටි බන්ධනාගාරයේ නිලධාරීන් ප්‍රකාශ කරනවා.

47 හැවිරිදි නවාල්නි 2021 වසරේ සිට බන්ධනාගාර ගතවයි සිටින්නේ.

වරප්‍රසාද කඩකිරීම් , වංචාව සහ අධිකරණයට අපහාස කිරීම හේතුවෙන් ඔහු මෙසේ බන්ධනාගාර ගත කෙරුණා.

එමෙන්ම ඔහු පසුගිය අගෝස්තු මාසයේ දී අන්තවාදී සංවිධානයක් පිහිටුවීම සඳහා අරමුදල් සැපයීම සම්බන්ධයෙන් ද වරදකරු කෙරුණා.

ඒ සඳහා ඔහුට වසර 19ක සිරදඬුවම් නියමකර තිබුණා.

 

 

 

 

 

 

 

The post නවාල්නිගේ මරණයට පුටින් වගකිව යුතු බව බයිඩ්න් කියයි appeared first on ITN News.

Read More »

හදිසියේ මිය ගිය රුසියානු විපක්ෂ නායකයා  

0 comments

සිරගතකර සිටි රුසියානු විපක්ෂ නායක ඇලෙක්සි නවල්නි ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එඔහුව රඳවා සිටියේ “Yamalo-Nenets” ප්‍රදේශයේ පිහිටි සිර කඳවුරකයි.

රුසියානු මාධ්‍ය සඳහන් කරන්නේ ශාරීරික සුවතාවය සඳහා ඇවිදිමින් සිටින අතර ඔහු අසනීප වී ඇති බවයි.

පසුව ක්ලාන්ත වී ඇති ඔහු ඊට සුළු වේලාවකට පසුව මිය ගොස් තිබුණා.

මියයන විට ඔහු 47 වන වියේ පසු වුණා.

The post හදිසියේ මිය ගිය රුසියානු විපක්ෂ නායකයා appeared first on ITN News.

Read More »

සමලිංගික විවාහ නීති ගත කිරීමට ග්‍රීසියේ පාර්ලිමේන්තුව තීරණය කරයි  

0 comments

සමලිංගික විවාහෙ නීති ගත කිරීමට ග්‍රීසි පාර්ලිමේන්තුව තීරණය කර තිබෙනවා.

සමලිංගික විවාහය නීතිගත කළ පළමු ක්‍රිස්තියානි ඕතොඩොක්ස් රට බවට ග්‍රීසිය පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

විදෙස් මාධ්‍ය පවසන්නේ, මෙලෙස සමලිංගික යුවළ සඳහා සමාන මාපිය අයිතිවාසිකම් ලබාදීමට තීරණය කර ඇති බවයි.

කෙසේ වුවත් මෙම පනත් කෙටුම්පත සම්මත කරගැනීමට එරෙහිව ඕතොඩොක්ස් පල්ලියේ ආධාරකරුවන් පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ඉදිරිපිට විරෝධතා රැළියක්ද පවත්වා තිබෙනවා.

The post සමලිංගික විවාහ නීති ගත කිරීමට ග්‍රීසියේ පාර්ලිමේන්තුව තීරණය කරයි appeared first on ITN News.

Read More »

රුසියාව නැගෙනහිර යුක්රේනයේ නගර අත්පත් කර ගැනීමේ අවධානමක්  

0 comments

රුසියාව නැගෙනහිර යුක්රේනයේ නගර අත්පත් කර ගැනීමේ අවධානමක් පවතින බව ඇමෙරිකාව නිවේදනය කරනවා.

පසුගිය මාස කිහිපය තුළ දී නැගෙනහිර යුක්රේනයේ අව්ඩිව්කා නගරයේ බලය යුක්රේන හමුදාවන්ට අහිමි වෙමින් පවතින බවයි ඇමෙරිකාව පෙන්වා දෙන්නේ.

යුක්රේනයට අවශ්‍ය අවි ආයුධ ප්‍රමාණවත් තරම් නොතිබිම ඊට ප්‍රධාන හේතුවක් වන බව ඇමෙරිකාවේ ජාතික ආරක්ෂක කවුන්සිලය නිවේදනය කරනවා. යුද මෙහෙයුම් හේතුවෙන් නගරය මේ වන විටත් සම්පුර්ණයෙන්ම විනාශ වී ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වුව ද පසුගිය බදාදා දිනයේ දී ඇමෙරිකා ඩොලර් බිලියන 95ක සහන පැකේජයක් සදහා ඇමෙරිකා සෙනට් මණ්ඩලය අනුමැතිය ලබා දුන්නා. ඉන්  ඩොලර් බිලියන 60ක ප්‍රමාණයක් ලබා දීමට නියමිතව ඇත්තේ යුක්රේනයටයි.

රුක්ෂාන් බෙල්ලන මහතාගේ කාර්යාලය  සේවකයින් වටලනු ලැබූ දර්ශන

 

 

 

 

 

 

 

The post රුසියාව නැගෙනහිර යුක්රේනයේ නගර අත්පත් කර ගැනීමේ අවධානමක් appeared first on ITN News.

Read More »

ඉම්රාන් ඛාන් අගමැති අපේක්ෂකයා ලෙස ඕමාර් අයුබ් ඛාන්ගේ නම යෝජනා කරයි  

0 comments

අගමැති අපේක්ෂකයා ලෙස ඉම්රාන් ඛාන් ඕමාර් අයුබ් ඛාන්ගේ නම යෝජනා කර තිබෙනවා.

පසුගිය සතියේ දී පැවති පාකිස්තාන මහ මැතිවරණයෙන් කිසිදු පක්ෂයකට බහුතර බලයක්ලබා ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ.

මැතිවරණයෙන් ඉම්රාන් ඛාන්ට පක්ෂ පාත ස්වාධීන කණ්ඩායම් ආසන 93ක්,  නවාස් ෂරීෆ් ආසන 75ක් හා බිලාවල් බූතෝ ආසන 54ක් ජයග්‍රහණය කිරීමට සමත්වුණා.

රජයක් පිහිටුවීම සදහා නවාස් ෂරීෆ් හා බිලාවල් බූතෝ ගිවිසුම් ගත වු අතර ඔවුන්ගේ අගමැති අපේක්ෂකයා ලෙස ෂෙබාෂ් ෂරීෆ් නම් කෙරුණා.

පාර්ශව දෙකම රජයක් පිහිටුවන බව ප්‍රකාශයට පත් කළ ද කිසිදු පාර්ශවයක් මේ වන තෙක් බහුතර බලයක් පෙන්වා නැහැ.

කෙසේ වුව ද පෙබරවාරි 29 වන දින වන විට රජයක් පිහිටුවා අග්‍රාමාත්‍යවරයෙකු නම් කිරීමට පාර්ලිමේන්තුවට තේරීපත් වු පක්ෂවලට සිදුවනවා.

 

 

 

 

 

 

 

 

The post ඉම්රාන් ඛාන් අගමැති අපේක්ෂකයා ලෙස ඕමාර් අයුබ් ඛාන්ගේ නම යෝජනා කරයි appeared first on ITN News.

Read More »

වෙනිසියුලාවේ ජගත් මානව හිමිකම් කාර්යාලය වසා දමන ලෙස එරට රජය නියෝග කරයි  

0 comments

වෙනිසියුලාවේ ජගත් මානව හිමිකම් කාර්යාලය වසා දමන ලෙස එරට රජය නියෝග කර තිබෙනවා.

වෙනිසියුලාවේ ක්‍රියාත්මක ජගත් මානව හිමිකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලයට ඉදිරි පැය 72ක ඇතුලත දී එරටින් පිටව යන ලෙසයි වෙනිසියුලා රජය දැනුම් දී ඇත්තේ.

ජගත් මානව හිමිකම් කාර්යාලය වෙනිසියුලාවේ විපක්ෂයට සහාය දක්වන බව රජය චෝදනා කරනවා.

ජාත්‍යන්තරය තුළ වෙනිසියුලාව මානව හිමිකම් දැඩි ලෙස කඩ කරන රටක් ලෙස උලුප්පා දැක්වීමට එම කාර්යාලය කටයුතු කරන බවටයි වෙනිසියුලා රජය තවදුරටත් චෝදනා කරන්නේ.

වෙනිසියුලාවේ සමාජ ක්‍රියාකාරිකයින්ට අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මානව හිමිකම් කාර්යාලය අප්‍රසාදය දැක්වීමත් සමඟයි රජය මෙම තීරණය ගෙන ඇත්තේ.

 

 

 

 

 

 

The post වෙනිසියුලාවේ ජගත් මානව හිමිකම් කාර්යාලය වසා දමන ලෙස එරට රජය නියෝග කරයි appeared first on ITN News.

Read More »

ස්වාධීන පලස්තීන රාජ්‍යයක් පිළිගැනීමට කිසිඳු ලෙසකින් සූදානම් නැහැ – ඊශ්‍රායල අගමැති  

0 comments

ස්වාධීන පලස්තීන රාජ්‍යයක් පිළිගැනීමට කිසිඳු ලෙසකින් සූදානම් නොමැති බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු නිවේදනය කරනවා.

ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් සමඟ පැවති දුරකතන සංවාදයකින් අනතුරුවයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ එය පෙර නොවූ විරූ ත්‍රස්තවාදයකට විශාල ත්‍යාගයක් වනු ඇති බවයි.

මේ අතර ඊශ්‍රායල හමුදා කාන්යුනෙස්හි නසාර් රෝහලට පහර දුන් බව විදෙස් වාර්තා සඳහන් කරනවා.

පසුගිය ඔක්තෝබර් 7 වනදා සිට මේ දක්වා අවම වශයෙන් පලස්තීනුවන් විසිඅටදහස් හයසිය හැට තුන් දෙනෙකු ප්‍රහාරවලින් ජීවිතක්ෂයට පත්ව හැටඅදහස් තුන්සිය අනූ පස් දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

 

 

The post ස්වාධීන පලස්තීන රාජ්‍යයක් පිළිගැනීමට කිසිඳු ලෙසකින් සූදානම් නැහැ – ඊශ්‍රායල අගමැති appeared first on ITN News.

Read More »

ජපානය අනපේක්ෂිත ආර්ථික අවපාතයකට මුහුණ දෙයි  

0 comments

ජපානය අනපේක්ෂිත ලෙස ආර්ථික අවපාතයකට මුහුණ දී තිබෙනවා.

ජපානය අනපේක්ෂිත ලෙස ආර්ථික අවපාතයකට ඇද වැටී ඇත්තේ එහි ආර්ථිකය අඛණ්ඩව කාර්තු දෙකක් හැකිලීමෙන් පසුවයි.

රටේ දළ දේශීය නිෂ්පාදිතය පෙර වසරට සාපේක්ෂව 2023 අවසන් මාස තුන තුළ බලාපොරොත්තු වූවාට වඩා නරක ලෙස 0.4%කින් හැකිලී ගොස් තිබෙනවා.

එය සිදුව තිබෙන්නේ පෙර කාර්තුවේ ආර්ථිකය 3.3% කින් හැකිලීමෙන් පසුවයි.

ජපාන කැබිනට් කාර්යාලයේ සංඛ්‍යාලේඛනවලින් පෙනී යන්නේ ජර්මනියේ ආර්ථික වර්ධනයත් සමඟ ලෝකයේ තුන්වන විශාලතම ආර්ථිකය ලෙස ජපානයට හිමි ස්ථානය අහිමි වී ඇති බවයි.

ජපාන බැංකුව 2016 දී වියදම් සහ ආයෝජන ඉහළ නැංවීමට උත්සාහ කළ අතර සෘණ පොලී අනුපාතයක් හඳුන්වා දුන්නා.

ඒ හේතුවෙන් ගෝලීය ආයෝජකයින් සඳහා ආකර්ශනය අඩු වූ අතර මුදල්වල අගය පහළට තල්ලු කර තිබෙනවා.

 

 

 

The post ජපානය අනපේක්ෂිත ආර්ථික අවපාතයකට මුහුණ දෙයි appeared first on ITN News.

Read More »

කැන්සාස් නගරයේ වෙඩි තැබීමකින් එක් අයෙකු මිය ගොස් 21 ක් තුවාල ලබයි  

0 comments

ඇමරිකාවේ කැන්සාස් නගරයේ වෙඩි තැබීමකින් එක් අයෙකු මිය ගොස් 21 දෙනෙකුට තුවාල සිදුව තිබෙනවා.

කැන්සාස් පාපන්දු කණ්ඩායම ඇමරිකා ජාතික පාපන්දු ශූරතාව දිනා ගැනීමත් සමඟ එම නගරයේ ජනතාව සතුට සැමරීමට සංවිධාන කළ පෙලපාලියකටයි මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇත්තේ.

තුවාල ලැබුවන් අට දෙනෙකුගේ තත්ත්වය බරපතල බවද සඳහන්.

එමෙන්ම තුවාල ලැබූවන් අතර ළමුන් නව දෙනෙකු සිටින බව ද ප්‍රාදේශීය රෝහල් වාර්තා සඳහන් කරනවා.

වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කැන්සාස් නගරයේ දුම්රිය ස්ථානය වන යුනියන් ස්ටේෂන් ප්‍රදේශයට බටහිර දෙසින් වෙඩි ප්‍රහාර එල්ල වුණා.

පොලිස් නිලධාරීන් 800 කට වැඩි පිරිසක් ආරක්ෂාව වෙනුවෙන් යොදවා තිබුණා.

මේ වන විට සිද්ධිය පිලිබඳ පරීක්ෂණ ක්‍රියාත්මකයි.

 

The post කැන්සාස් නගරයේ වෙඩි තැබීමකින් එක් අයෙකු මිය ගොස් 21 ක් තුවාල ලබයි appeared first on ITN News.

Read More »

ඊසානදිග ඇමෙරිකාවට හිම කුණාටු වලින් දැඩි බලපෑම්  

0 comments

ඊසානදිග ඇමෙරිකාවට හිම කුණාටු වලින් දැඩි බලපෑම් එල්ලවී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

ඇමෙරිකාවේ නිව් ඉන්ග්ලන්ඩ් ප්‍රදේශයට අඟල් 12ක පමණ උසට හිම පතිත වී ඇති බව කාලගුණ අංශ නිවේදනය කරනවා.

නිව්යෝර්ක් නගරයට හිම පතනයක් සිදුව ඇත්තේ වසර දෙකකට පසුවයි.

නිව්යෝර්ක් හා නිව් ඉන්ග්ලන්ඩ් යන ප්‍රදේශවල මිලියන 13ක පමණ පිරිසකට හිම කුණාටු අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ද පියවර ගෙන තිබෙනවා.

හිම කුණාටුවල ප්‍රබලත්වය පැයට කිලෝමීටර් සියයකට ආසන්න බව කාලගුණ අංශ නිවේදනය කරනවා.

The post ඊසානදිග ඇමෙරිකාවට හිම කුණාටු වලින් දැඩි බලපෑම් appeared first on ITN News.

Read More »

පකිස්ථානයේ ප්‍රධාන පක්ෂ 2 රජයක් පිහිටුවීම සඳහා ගිවිසුමකට එළැඹෙයි  

0 comments

ඉම්රාන් ඛාන්ගේ ප්‍රතිවාදී ප්‍රධාන පක්ෂ 2 රජයක් පිහිටුවීම සඳහා ගිවිසුමකට එළැඹ තිබෙනවා.

පකිස්ථානයේ නවාස් ෂරීෆ් සහ බිලාවල් භූතෝගේ පක්ෂ දෙක වන පීඑම්එල්-එන් හා පීපීපී පක්ෂ රජයක් පිහිටුවීම සඳහා මෙසේ ගිවිසුමකට එළඹුණා.

පසුගිය සතියේ පැවති මහ මැතිවරණයෙන් පසු අගමැතිවරයෙකු තෝරා ගැනීමට ෂරීෆ්ගේ පක්ෂයට උදව් කරන බව භූතෝ පැවසුවා.

මෙම පක්ෂ දෙක මීට පෙර 2022 වසරේදී ඉම්රාන් ඛාන් බලයෙන් පහ කිරීමට කටයුතු කළා.

ඉම්‍රාන් ඛාන් සහාය දක්වන ස්වාධීන අපේක්ෂකයින් මැතිවරණයේ දී අනපේක්ෂිත ලෙස වැඩිම ආසන සංඛ්‍යාවක් දිනා ගත්තා.

 

 

 

 

 

 

The post පකිස්ථානයේ ප්‍රධාන පක්ෂ 2 රජයක් පිහිටුවීම සඳහා ගිවිසුමකට එළැඹෙයි appeared first on ITN News.

Read More »

බයිඩන් TikTok එයි  

0 comments

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සිය මැතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් TikTok සමාජ මාධ්‍ය සමග එක්වී තිබෙනෙවා

“@bidenhq” යන පරිශීලක නාමය යටතේ TikTok ගිණුම ආරම්භ කර ඇති අතර “lol hey guys” පාඨය යටතේ සිය පළමු වීඩියෝව නිකුත් කර තිබුණා

The post බයිඩන් TikTok එයි appeared first on ITN News.

Read More »

දිල්ලි අගනුවර ආරක්ෂාව තර කෙරේ  

0 comments

ගොවි උද්ඝෝෂණ හේතුවෙන් ඉන්දියාවේ දිල්ලි අගනුවර ආරක්ෂාව තර කර තිබෙනවා.

ඉන්දියාවේ පංජාබ් ප්‍රාන්තයේ අද ආරම්භ කෙරෙන ගොවි උද්ඝෝෂණ දිල්ලි අගනුවර බලා පැමිණෙන බවයි ගොවි සංගම් පවසන්නේ.

උද්ඝෝෂකයින්ට ප්‍රාන්ත හරහා ගමන් කිරීම තහනම් කර ඇති අතර දේශසීමාවන් හි ආරක්ෂාව සදහා සියය ගණනක් පොලිස් නිලධාරීන් යොදවා තිබෙනවා.

උද්ඝෝෂණ සදහා ගොවි සංගම් 250කට අධික සංඛ්‍යාවක සාමාජිකයින් සහභාගී වන බවයි වාර්තා වන්නේ.

ගොවි සංගම් සමග අද දිනයේ සාකච්ඡා පැවැත්වීමට රජය තීරණය කර තිබුණ ද ඒ සම්බන්ධයෙන් නිල නිවේදනයක් නිකුත් කර නැහැ.

අස්වනු සදහා සාධාරණ මිලක් ලබාදීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ඉන්දියාවේ ගොවීන් පසුගිය වසරේ සිට වරින් වර උද්ඝෝෂණ පවත්වනවා.

 

 

 

 

 

 

 

The post දිල්ලි අගනුවර ආරක්ෂාව තර කෙරේ appeared first on ITN News.

Read More »

යුද ගිනි මැද දැවෙන අසරණයින්ට සැනසුමක්  

0 comments

ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෛද්‍ය ආධාර ගාසා හි අල්-අක්සා රෝහලට පැමිණ තිබෙනවා.

ඇඳන් 270 කින් සමන්විත මෙම රෝහලේ දැනට රෝගීන් 400 ක් ප්‍රතිකාර ලබනවා.

5,000 කට අධික පිරිසක් එහි නවාතැන්ගෙන සිටින්නේ යාමට වෙනත් ආරක්ෂිත ස්ථානයක් නොමැතිකම හේතුවෙන්.

අල්-අක්සා රෝහල ක්‍රමයෙන් යථා තත්ත්වයට පත් කර ඇති අතර, වෛද්‍යවරුන් පස් දෙනෙකුගේ සිට 300 දක්වා ව්‍යාප්ත කර තිබෙනවා.

එහෙත් සෞඛ්‍ය පහසුකම් ප්‍රමාණවත්ව පැවතියේ නැහැ.

මේ හේතුවෙනුයි ආධාර ලබා දීමට ලෝක සෞඛ්‍ය සංවිධානය පියවර ගෙන ඇත්තේ.

The post යුද ගිනි මැද දැවෙන අසරණයින්ට සැනසුමක් appeared first on ITN News.

Read More »

සියල්ලන් පුදුම කරමින් පැය 60කට පසු නිදහසේ හුස්ම ගත් තුන් හැවිරිදි දියණිය  

0 comments

දකුණු පිලිපීනයේ මසාරා නම් රන් ආකර ගම්මානයක් ආසන්නයේ පසුගියදා සිදු වූ නායයාමට හසු වූ තුන් හැවිරිදි දැරියක් පැය හැටකට පසු බේරාගත් පුවතක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තාකර සිටිනවා.

මෙම නායයෑමෙන් පුද්ගලයින් 35 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර 77 දෙනෙකු පමණ අතුරුදන් වූ බවයි වාර්තා වෙන්නේ.

එම අතුරුදන් වූ පිරිස අතර මෙම දැරියද සිට ඇති අතර පැය 60කට පසු එම දැරිය සොයාගෙන තිබෙනවා.

ගලවා ගැනීමේ සේවකයින් විසින් බේරාගත් දැරිය හදිසි බ්ලැන්කට්ටුවකින් ඔතා ඔක්සිජන් ටැංකියකට සම්බන්ධ කර අසල පිහිටි මාවබ් නගර සභාවේ රෝහලකට ගෙන ගොස් ඇති බවද සඳහන්.

The post සියල්ලන් පුදුම කරමින් පැය 60කට පසු නිදහසේ හුස්ම ගත් තුන් හැවිරිදි දියණිය appeared first on ITN News.

Read More »

ගාසාහි රෆා නගරයට ගුවන් ප්‍රහාර රැසක්  

0 comments

ගාසාහි රෆා නගරයට තවදුරටත් ගුවන් ප්‍රහාර රැසක් එල්ල වී තිබෙනවා.

පලස්තීන රතු අඩසඳ සංවිධානය පවසන්නේ එම ප්‍රහාර වලින් ජීවිත හානි රැසක් වාර්තා වී ඇති බවයි.

මිලියන 1.5 ක ජනතාවක් රැඳී සිටින නගරය තුළ ඊශ්‍රායලය සැලසුම් කර ඇති ප්‍රහාරය සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රජාව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති පසුබිමකයි මෙම ප්‍රහාර දිගින් දිගටම එල්ල වන්නේ.

පලස්තීන භූමියේ දකුණු දිග ප්‍රදේශයේ වැසියන්ට ආරක්ෂිතව ගමන් කළ හැකි තැනක් නොමැති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කර තිබෙනවා.

මේ අතර ඇමරිකා ජනාධිපති ජෝ බයිඩෙන් ඊශ්‍රායල අගමැතිවරයාට කියා සිටියේ සිවිල් වැසියන්ගේ ආරක්ෂාව සහතික කිරීමට පියවර නොගෙන රෆාහි මිලිටරි මෙහෙයුමක් සිදු නොවිය යුතු බවයි. කෙසේ වෙතත් ඒ පිළිබඳ සැලැස්මක් සකස් කරමින් පවතින බව අග්‍රාමාත්‍ය  නෙතන්යාහු  අවධාරනය කර තිබෙනවා.

 

 

 

The post ගාසාහි රෆා නගරයට ගුවන් ප්‍රහාර රැසක් appeared first on ITN News.

Read More »

මියන්මාර තරුණ තරුණියන්ට හමුදා සේවයේ නිරත වීම අනිවාර්ය කරමින් නව නීති  

0 comments

මියන්මාර තරුණ තරුණියන්ට වසර දෙකක කාලයක් හමුදා සේවයේ නිරත වීම අනිවාර්ය කරමින් නව නීති පනවා තිබෙනවා.

මියන්මාර තරුණ ප්‍රජාවගෙන් හමුදා පාලනයට විරෝධය පළ වීම තවදුරටත් ඉහළ යන පසුබිමක නව නීති හදුන්වාදීම විශේෂත්වයක්.

2021 වසරේ පෙබරවාරි මාසයේ දී මියන්මාර හමුදාව කුමන්ත්‍රණයක් මගින් එරට බලය අත්පත් කර ගත්තා.

එතැන් පටන් හමුදා පාලනයට විරෝධය පළ කරමින් රටපුරා විරෝධතා හා ගැටුම් ආරම්භ කෙරුණා.

කෙසේ වුව ද පසුගිය මාස කිහිපය තුළ දී ජනවාර්ගික හා හමුදා විරෝධි කණ්ඩායම් සමග පැවති ගැටුම් රැසකින් හමුදාව පරාජයට පත්වු බවයි වාර්තා වන්නේ.

එම පරාජයන් හමුවේ හමුදාව ශක්තිමත් කිරිමේ අරමුණින් මෙම නීති පනවන්නට ඇති බවට විශ්ලේෂකයින් අනාවැකි පළ කරනවා.

නව නීති අනුව වයස 18ත් / 35ත් අතර තරුණයින් හා වයස 18ත් / 27ත් අතර තරුණියන් වසෙ දෙකක කාලයක් හමුදා සේවයේ නිරත වීම අනිවාර්ය වනවා.

 

 

The post මියන්මාර තරුණ තරුණියන්ට හමුදා සේවයේ නිරත වීම අනිවාර්ය කරමින් නව නීති appeared first on ITN News.

Read More »

රෆා ප්‍රදේශයේ යුද මෙහෙයුම්වලට ජාත්‍යන්තරයේ දැඩි විරෝධය  

0 comments

ගාසා තීරයේ රෆා ප්‍රදේශයේ යුද මෙහෙයුම් ආරම්භ කිරීමට ඊශ්‍රායලය ගෙන ඇති තීරණයට ජාත්‍යන්තරයේ දැඩි විරෝධය එල්ල වනවා.

රෆා ප්‍රදේශයේ මිලියන 1.5කට අධික පලස්තීන වැසියන් පිරිසක් රැඳී සිටින අතර ඔවුන්ට එම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙසයි ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා දැනුම් දී ඇත්තේ.

ගාසා ජනගහනයෙන් අඩකටත් අධික සංඛ්‍යාවක් එම ප්‍රදේශයේ රැඳී සිටින බවයි බ්‍රිතාන්‍ය විදේශ කටයුතු අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

එමෙන්ම එම ප්‍රදේශයට ප්‍රහාර එල්ල කිරීම හරහා සිවිල් වැසියන් විශාල සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව හැකි බවට නෙදර්ලන්ත විදේශ කටයුතු අමාත්‍යවරයා අනතුරු අඟවනවා.

රෆා ප්‍රදේශයේ යුද මෙහෙයුම් ආරම්භ කිරීම අතිශය භයානක තත්ත්වයත් උද්ගත කර හැකි බවයි සෞදි අරාබිය පවසන්නේ.

එමෙන්ම තවත් සිය දහස් ගණනක් මරා දැමීමට ඊශ්‍රායලය සුදානම් වන බව හමාස් සංවිධාන නිවේදනය කරනවා.

පසුගිය ඔක්තෝබර් 7 වන දා සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාරයන්ගෙන් ජීවිතක්ෂයට පත් වු පලස්තීන වැසියන් සංඛ්‍යාව 28000ට ආසන්නයි.

එමෙන්ම තුවාල ලැබු සංඛ්‍යාව 67000ක් වන බව ජගත් සංවිධානය පවසනවා.

 

 

 

 

 

 

The post රෆා ප්‍රදේශයේ යුද මෙහෙයුම්වලට ජාත්‍යන්තරයේ දැඩි විරෝධය appeared first on ITN News.

Read More »

ඊශ්‍රායල ප්‍රහාරයකින් දැරියක් ජීවිතක්ෂයට  

0 comments

ඊශ්‍රායල ප්‍රහාරයකින් හය හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

හය හැවිරිදි හින්ඩ් රාජාග් නැමැති මෙම දැරිය පසුගිය මාසයේ දී අතුරුදන් වූ අතර ඇය සොයා විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කෙරුණා.

ඇයගේ ඥාතීන් සහ සහන කණ්ඩායම් ඊට සහභාගී වූ අතර ඊයේ දිනයේ දී ඇයගේ සිරුර හමුවූ බවයි වාර්තා වන්නේ.

ඊශ්‍රායල ප්‍රහාරයකින් ඇය ජීවිතක්ෂයට පත්ව ඇති බව සහන කණ්ඩායම් නිවේදනය කරනවා.

පෙරේදා දිනයේ දී ද තමාව බේරා ගන්නා ලෙස හදිසි ඇමතුම් මධ්‍යස්ථානය වෙත ඇය දුරකතන ඇමතුමක් ලබා දී ඇති බව බීබීසී පුවත් සේවය සඳහන් කරනවා.

එම දුරකතන ඇමතුම පටිගත කර ඇති අතර එහිදි ඇය සඳහන් කර ඇත්තේ තමන් සමඟ පැමිණි ඥාතීන් සියලුදෙනා ජීවිතක්ෂයට පත් වු අතර තමා පමණක් කාර් රථයක් තුළ තනිව සිටින බවයි.

වෙඩි තැබීම් හඩ මධ්‍යයේ ඇයගේ දුරකතන ඇමතුම විසන්ධි වී ඇති බව ද සඳහන්.

 

 

 

 

 

The post ඊශ්‍රායල ප්‍රහාරයකින් දැරියක් ජීවිතක්ෂයට appeared first on ITN News.

Read More »

ගාසා වැසියන් සත්ත්ව ආහාර භාවිතයට යොමුවෙයි  

0 comments

ගාසා වැසියන්ට සිය ආහාර අවශ්‍යතා ලෙස සත්ත්ව ආහාර හා සහල් භාවිත කිරීමට සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

ගාසා තීරයේ හුදකලා වූ උතුරු ප්‍රදේශයේ වෙසෙන ජනතාව දින ගණනක් තිස්සේ ආහාර හිඟයකින් පීඩා විඳිනවා.

සමහර නිවැසියන් ජීවත්වීම සඳහා සත්ත්ව ආහාර භාවිතයට යොමු වී ඇති අතර දැන් එම ධාන්‍ය තොග පවා අඩුවෙමින් පවතින බව ඔවුන්  පවසනවා.

ජලය පානය කිරීමට හා සේදීම සඳහා ජල නල වෙත ප්‍රවේශ වීම සඳහා පොළව හාරන ආකාරය  ද දැකගත හැකියි.

කුඩා දරුවන් අතර උග්‍ර මන්දපෝෂණය ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවත්, දැන් එය 15%ක තීරණාත්මක සීමාව ඉක්මවා ඇති බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවා තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ මානුෂීය සම්බන්ධීකරණ ඒජන්සිය වන ඔචා පවසන්නේ ගාසා තීරයේ උතුරට ගිය ආධාර අඩකට වැඩි ප්‍රමාණයක් මේ වනවිට සැපයීම සිදු නොවන බවයි.

 

 

The post ගාසා වැසියන් සත්ත්ව ආහාර භාවිතයට යොමුවෙයි appeared first on ITN News.

Read More »

ඊශ්‍රායල සොල්දාදුවන් ජාත්‍යන්තර නීති උල්ලංඝනය කරන බව විශේෂඥයන් කියයි  

0 comments

ගාසා තීරයේ යුද සිරකරුවන්ට ඊශ්‍රායල සොල්දාදුවන් සලකන ආකාරය තුලින් ජාත්‍යන්තර නීති උල්ලංඝනය වන බව විශේෂඥයන් පවසනවා.

ඊශ්‍රායල සොල්දාදුවන් විසින් රූගත කර අන්තර්ජාලයට එක් කරන ලද ගාසා රැඳවියන්ගේ විඩියෝවක ඔවුන්ගේ ඇඳුම් ගලවා, දෑස් බැඳ ඇති ආකාරය දැක ගත හැකි වනවා.

මෙවැනි දෑ ජාත්‍යන්තර නීතිය කඩ කරන්නක් බවයි නීති විශාරදයන් පවසන්නේ.

ජාත්‍යන්තර නීතියට අනුව රැඳවියන් අනවශ්‍ය නින්දාවකට හෝ මහජන කුතුහලය ඇති වන පරිදි නිරාවරණය නොවිය යුතු වනවා.

මේ අතර පසුගිය නොවැම්බර් මාසයේ සිට ගාසා තීරයේ ඊශ්‍රායල සොල්දාදුවන් රූගත කළ තවත් වීඩියෝ සිය ගණනක් අධ්‍යනයෙන් ද මේ බව තහවුරු වනවා.

 

 

 

 

The post ඊශ්‍රායල සොල්දාදුවන් ජාත්‍යන්තර නීති උල්ලංඝනය කරන බව විශේෂඥයන් කියයි appeared first on ITN News.

Read More »

ඉන්දියාවේ උත්තරාකන්ද් ප්‍රාන්තයේ හටගත් ගැටුම්වලින් පුද්ගලයින් 04 දෙනෙකු ජීවිතක්ෂයට  

0 comments

ඉන්දියාවේ උත්තරාකන්ද් ප්‍රාන්තයේ හටගත් ගැටුම්වලින් පුද්ගලයින් 04 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ගැටුම් හේතුවෙන් තවත් පුද්ගලයින් 250 ක් පමණ තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

ගැටුම් හේතුවෙන් තුවාල ලැබූ පිරිසට පොලිස් නිලධාරීන්, රජයේ නිලධාරීන් හා මාධ්‍යවේදීන් ද ඇතුළත් බව ද සදහන්.

උත්තරාකන්ද් ප්‍රාන්තයේ හල්ඩ්වානි ප්‍රදේශයේ අනවසරයෙන් ඉදිකළ ආගමික ස්ථානයක් කඩා ඉවත් කිරීම හේතුවෙන් මෙම ගැටුම් හටගත් බවයි පොලීසිය සදහන් කරන්නේ.

මේ වන විට ප්‍රදේශයට  ඇදිරි නීතිය පනවා තිබෙනවා.

අන්තර්ජාල සේවා අත්හිටුවා ඇති අතර කිසියම් පුද්ගලයෙකු ගැටුම් ආරම්භ කිරීමට උත්සාහ කරන්නේ නම් වෙඩි තබන ලෙසයි ආරක්ෂක අංශවලට උපදෙස් ලබා දී තිබෙන්නේ.

ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කිරීම සදහා යුද හමුදාව සහ පොලීසිය ද යොදවා තිබෙනවා.

 

 

 

The post ඉන්දියාවේ උත්තරාකන්ද් ප්‍රාන්තයේ හටගත් ගැටුම්වලින් පුද්ගලයින් 04 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

Read More »

මතක ශක්තිය යහපත් මට්ටමේ පවතින බව ජෝ බයිඩන් කියයි  

0 comments

තමාගේ මතක ශක්තිය යහපත් මට්ටමේ පවත්නා බව ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් සදහන් කරනවා.

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් රහසිගත ලිපිගොනු වැරදි ලෙස හසුරුවා ඇති බවට පරික්ෂණයකින් තහවුරු වී ඇති අතර ඊට ප්‍රතිචාර දක්වමිනුයි ඔහු මේ බව සදහන් කර ඇත්තේ.

ඇමෙරිකා ජනාධිපතිවරයා රහසිගත ලිපිගොනු හිතාමතා රදවාගෙන ඇති අතර එහි අඩංගු තොරතුරු හෙළිදරව් කර ඇති බවට ඒ පිළිබද සිදුකළ පරික්ෂණයෙන් අනාවරණය වි තිබෙනවා.

ඔහු උප ජනාධිපතිවරයා  ලෙස කටයුතු කිරීමෙන් අනතුරුව  ඇෆ්ගනිස්ථානයේ යුද මෙහෙයුම් හා විදේශ ප්‍රතිපත්තිවලට අදාළ රහස් ලේඛණ යළි භාර දී නොමැති බව අනාවරණය වුණා.

ඒ පිළිබද සිදු කෙරුණු පරික්ෂණයට අදාළ වාර්තා පිටු 345කින් සමන්විත වන අතර එහි දැක්වෙන්නේ ඇමෙරිකා ජනාධිපතිවරයාගේ මතක ශක්තිය හීන වී ඇති බවයි.

 

 

 

 

The post මතක ශක්තිය යහපත් මට්ටමේ පවතින බව ජෝ බයිඩන් කියයි appeared first on ITN News.

Read More »

යුක්‍රේන හමුදාපතිවරයා ධුරයෙන් ඉවත් කරයි  

0 comments

යුක්‍රේන ජනාධිපතිවරයා විසින්  එරට හමුදාපතිවරයා එම තනතුරෙන් නෙරපා හැර තිබෙනවා.

යුක්‍රේන ජනාධිපති වොලදිමීර් සෙලෙන්ස්කි විසින් එරට සන්නද්ධ හමුදා ප්‍රධානී ජෙනරාල් වැලරින් සලුෂ්නි නෙරපා හරිනු ලැබ තිබෙනවා.

මෑත කාලයේ දී යුක්‍රේනයේ සිදුවූ හමුදා නායකත්වයේ විශාලතම වෙනස මෙය බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

රුසියා යුක්‍රේන ගැටුම් ආරම්භයේ සිට යුක්‍රේන ජනාධිපතිවරයා සහ හමුදා ප්‍රධානියා අතර මත ගැටුම් පැවති බව වාර්තා වුණා.

ජනාධිපති වොලදිමීර් සෙලෙන්ස්කි පවසන්නේ හමුදා ප්‍රධානියා අලුත්කළ යුතු බවයි.

කෙසේ වෙතත් ජෙනරාල් සලුෂ්නිට අදාළ භට කණ්ඩායමේ රැදී සිටිය හැකි බවද ඔහු පවසා තිබෙනවා.

මෙතැන් සිට නව කළමනාකරණ කණ්ඩායමක් යුක්‍රේනයේ සන්නද්ධ හමුදාවන්ගේ නායකත්වය භාරගනු ඇති බවද ජනාධිපතිවරයා පවසා තිබෙනවා.

කෙසේ වෙතත් හමුදා නායකත්වයෙන් ඉවත් කර ඇති ජෙනරාල් සලුෂ්නි යුක්‍රේන ජනතාව සහ හමුදාව අතර  ජාතික වීරයෙකු ලෙස නමක් දිනා සිටින අයෙක් බව වාර්තාවල දැක්වෙනවා.

ඔහුගේ ජනප්‍රියතාව ජනාධිපතිවරයාට ඉහළ මට්ටමක පවතින බවයි යුක්‍රේන වාර්තා සඳහන් කරන්නේ.

 

 

The post යුක්‍රේන හමුදාපතිවරයා ධුරයෙන් ඉවත් කරයි appeared first on ITN News.

Read More »

පාකිස්තාන මහමැතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු තවදුරටත්  

0 comments

පාකිස්තාන මහමැතිවරණයේ ගණන් කිරීමේ කටයුතු තවදුරටත් සිදු කෙරෙමින් පවතිනවා.

ජංගම දුරකතන අත්හිටුවීම මෙන්ම ප්‍රචණ්ඩකාරී ක්‍රියා මධ්‍යයේයි පාකිස්ථාන මහමැතිවරණය ඊයේ පැවැත් වු‍ණේ.

ප්‍රතිඵල නිකුත්වීම ප්‍රමාදවීම හේතුවෙන් එම ක්‍රියාවලිය වේගවත් කරන ලෙස නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

මැතිවරණයට ඉදිරිපත් වීමට නුසුදුස්සෙකු බවට පත් කරමින් හිටපු අගමැති ඉම්රාන් ඛාන් මේ වන විට සිරගත කර සිටිනවා.

ඒ දූෂණ චෝදනා එල්ල කරමිනුයි.

ඔහුගේ පක්ෂය පවසන්නේ ප්‍රතිඵල ප්‍රමාදය ඡන්ද කොල්ලයේ සළකුණක් බවයි.

එසේම ඔහුගේ පක්ෂය ඉදිරියෙන් සිටින බව පාකිස්ථාන නිල නොවන ප්‍රතිඵලවලින් පෙනී යන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මිලියන 128 ක ජනතාවක් පාකිස්ථාන මහමැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම සදහා ලියාපදිංචි වී සිටියා.

ඉන් අඩක්ම වයස අවුරුදු 35ට අඩු අය වීම විශේෂත්වයක්.

 

 

The post පාකිස්තාන මහමැතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු තවදුරටත් appeared first on ITN News.

Read More »

චීන මාධ්‍ය සමූහයේ වසන්ත උත්සව ප්‍රසංගය 9 වනදා රාත්‍රියේ  

0 comments

චීන සාම්ප්‍රදායික නව වසර වෙනුවෙන් චීන මාධ්‍ය සමූහය විසින් ඉදිරිපත් කරනු ලබන 2024 වසන්ත උත්සව ප්‍රසංගයේ පස්වන පෙරහුරුව ඊයේ (7) පැවැත්වුණා.

ලොව පුරා වැඩිම පිරිසක් නරඹන සජීවි රූපවාහිනි වැඩසටහන ලෙසයි මෙය හැඳින්වෙන්නේ.

මෙම සංස්කෘතික ප්‍රසංගය ගීත, නැටුම්, ජන කතා, නාට්‍ය, සටන් කලා, මැජික් සහ කරණම් යනාදී විවිධ අංගයන්ගෙන් සමන්විතයි.

ප්‍රධාන ප්‍රසංග වේදිකාවට අනු වේදිකා හතරක් සම්බන්ධ වෙමින් ගෙන එන මෙම ප්‍රසංගය ගෝලීය ප්‍රේක්ෂකයින්ට නැවුම් අත්දැකීමක් එක් කරනවා.

මේ වන විට චීන මාධ්‍ය සමූහයේ 2024 වසන්ත උත්සව ප්‍රසංගය සඳහා සියලු කටයුතු සූදානම්ව පවතිනවා.

එළඹෙන 9වනදා රාත්‍රීයේ විකාශය කෙරෙන මහා “සංස්කෘතික මංගල්‍යයක්” වන මෙම ප්‍රසංගය නැරඹීමට ලොව පුරා සිටින චීන ජාතිකයින් ඇතුළු සියළු ප්‍රේක්ෂකයින්ට ආරාධනා කෙරෙනවා.

The post චීන මාධ්‍ය සමූහයේ වසන්ත උත්සව ප්‍රසංගය 9 වනදා රාත්‍රියේ appeared first on ITN News.

Read More »

නෙතන්යාහු හමාස් සංවිධානයේ කොන්දේසි ප්‍රතික්ෂේප කරයි  

0 comments

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය  බෙන්ජමින් නෙතන්යාහු ගාසා තීරයේ සටන් විරාමයක් සඳහා වන හමාස් සංවිධාන කොන්දේසි ප්‍රතික්ෂේප කර තිබෙනවා.

අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ තවත්  මාස කිහිපයකින් තමන් ගාසා තීරය මුළුමනින්ම අත්පත් කරගෙන සම්පූර්ණ ජයග්‍රහණයක් ලබන බවයි.

හමාස් සංවිධාන කොන්දේසි ප්‍රතික්ෂේප කරමින් ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ යුද්ධය හැර වෙනත් විසඳුමක් තමන්ට නොමැති බවයි.

හමාස් සංවිධානය තවදුරටත් ගාසා තීරයේ මෙහෙයුම් සිදු කිරීම තුළින් ඇති වන්නේ ජන සන්හාරයක් බවයි අග්‍රාමාත්‍යවරයා  කියා සිටියේ.

කෙසේ වෙතත් මේ පිළිබඳ අදහස් දක්වමින් හමාස් නිලධාරියෙකු වන අබු සුහ්රි ප්‍රකාශ කළේ ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා  සමස්ත කලාපයේම යුද ගැටුම් අවුලුවාලීමට උත්සාහ දරණ බවයි.

 

 

 

The post නෙතන්යාහු හමාස් සංවිධානයේ කොන්දේසි ප්‍රතික්ෂේප කරයි appeared first on ITN News.

Read More »

ජපන් ගෘහභාණ්ඩ අලෙවි සැලක් ගින්නෙන් විනාශ වෙයි  

0 comments

ජපානයෙන් මෙරටට ගෘහභාණ්ඩ ආනයනය කොට බෙදා හරින පන්නිපිටිය පොල්වත්ත හන්දිය ආසන්නයේ පිහිටි කර්මාන්ත ශාලාවක ඊයේ රාත්‍රී ඇතිවූ ගින්නකින් එම කර්මාන්ත ශාලාව සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී තිබෙනවා.

ගින්න සිදුවන අවස්ථාවේදී එහි ආරක්ෂක නිලධාරියා රැඳී සිට ඇති අතර ගින්නෙන් ඔහුට කිසිදු හානියක් සිදුවී නැහැ.

ගින්න හට ගැනීමත් සමඟ කෝට්ටේ කොළඹ සහ දෙහිවල මහා නගර සභාවට අයත් ගිනි නිවන රථ 6 ක් සේවකයන් විසිදෙනකු සමඟ පැමිණ පැයක් ඇතුළත ගින්න නිවා දමා තිබෙනවා.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ගින්නෙන් කෝටි ගණනක අලාභයක් සිදුව ඇති බව පොලීසිය පවසනවා.

The post ජපන් ගෘහභාණ්ඩ අලෙවි සැලක් ගින්නෙන් විනාශ වෙයි appeared first on ITN News.

Read More »

ගුවන් අනතුරින් මිය ගිය හිටපු ජනපති  

0 comments

චිලි රාජ්‍යයේ හිටපු ජනාධිපති සෙබෙස්තියන් පිනේරා, හෙලිකෝප්ටර් අනතුරකින් ජීවිතක්ෂයට පත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

74 හැවිරිදි පිනේරා, රැගත් හෙලිකොප්ටර් යානය, චිලී රාජ්‍යයේ ලාගෝ රැන්කෝ නගරයට නුදුරින් කඩා වැටුණු බවයි පැවසෙන්නේ

අනතුරට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ

The post ගුවන් අනතුරින් මිය ගිය හිටපු ජනපති appeared first on ITN News.

Read More »

යෝජිත සටන් විරාම යෝජනාවලියට හමාස් සංවිධානයෙන් යහපත් ප්‍රතිචාර  

0 comments

යෝජිත ගාසා සටන් විරාම යෝජනාවලිය සඳහා හමාස් සංවිධානය යහපත් ප්‍රතිචාර දක්වා ඇති බව කටාර් රාජ්‍ය නිවේදනය කරනවා.

ඊශ්‍රායලය ,ඇමෙරිකාව , කටාර් හා ඊජිප්තුව එක්ව ගාසා නව සටන් විරාම යෝජනාවලිය සකස්කර තිබෙනවා.

එම යෝජනාවලිය සඳහා හමාස් සංවිධානය යහපත් ප්‍රතිචාරයක් දක්වා ඇති බවයි වාර්තා වන්නේ.

සති හයක සටන් විරාමයක් හා ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම එහි අඩංගු බව වාර්තා වුවද යෝජනාවලිය සම්බන්ධයෙන් මේ වන තෙක් මාධ්‍ය වෙත නිල නිවේදනයක් නිකුත් කර නැහැ.

මේ අතර ඊශ්‍රායලය ගාසා තීරයේ රෆා දේශසීමාව ආසන්නයට ප්‍රහාර එල්ල කර තිබෙනවා.

රෆා හි නිවාසයකට හා ඩීර්එල් බාලාහි ගබඩාවකට ෂෙල් ප්‍රහාර එල්ල කිරීමටයි කටයුතු කර ඇත්තේ.

එම ප්‍රහාරවලින් බොහෝ පිරිසක් මියගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කරනවා.

The post යෝජිත සටන් විරාම යෝජනාවලියට හමාස් සංවිධානයෙන් යහපත් ප්‍රතිචාර appeared first on ITN News.

Read More »

තායිලන්ත රජුට අපහාස කිරීමට එරෙහිව එරට හිටපු අගමැතිට චෝදනා ගොනුකරයි  

0 comments

තායිලන්ත රජුට අපහාස කිරීමට එරෙහිව එරට හිටපු අග්‍රාමාත්‍ය තක්ෂින් ශිනවත්‍රාට චෝදනා ගොනුකර තිබෙනවා.

තායිපන්තයේ හිටපු අග්‍රාමාත්‍ය තක්ෂින් ශිනවත්‍රා වසර ගණනකට පසු පසුගිය වසරේදී නැවත තායිලන්තයට පැමිණියා.

ඉන් අනතුරුව ඔහුව අත්අඩංගුවට ගෙන සිරගත කිරීමටයි කටයුතු කෙරුණේ.

මීට දශකයකට පමණ පෙර දකුණු කොරියාවේ දී සිදුකළ සම්මුඛ සාකච්ඡාවක දී තක්ෂින් ශිනවත්‍රා තායිලන්තයේ රජුට අපහාස වන ආකාරයෙන් ප්‍රකාශ නිකුත් කළ බව පවසමිනුයි ඔහුට විරුද්ධව චෝදනා ගොනුකර ඇත්තේ.

කෙසේ වුවද තක්ෂින් ශිනවත්‍රා තමාට සමාව ලබාදෙන ලෙස එරට රජුගෙන් ඉල්ලීමක් කර ඇති බවද වාර්තා වන අතර ඒ සම්බන්ධයෙන් මේ වන තෙක් රාජකීය තීරණයක් ගෙන නොමැති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

 

 

 

The post තායිලන්ත රජුට අපහාස කිරීමට එරෙහිව එරට හිටපු අගමැතිට චෝදනා ගොනුකරයි appeared first on ITN News.

Read More »

ගාසා තීරයේ රෆා දේශසීමාව ආසන්නයට ඊශ්‍රායලයෙන් ප්‍රහාර  

0 comments

ඊශ්‍රායලය ගාසා තීරයේ රෆා දේශසීමාව ආසන්නයට ප්‍රහාර එල්ල කර තිබෙනවා.

රෆා හි නිවාසයකට හා ඩීර්එල් බාලාහි ගබඩාවකට ෂෙල් ප්‍රහාර එල්ල කිරීමටයි කටයුතු කර ඇත්තේ.

එම ප්‍රහාරවලින් බොහෝ පිරිසක් මියගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කරනවා.

ගාසා තීරයේ නවතම සටන් විරාමය සඳහා හමාස් සංවිධානය ධනාත්මක ප්‍රතිචාර දක්වා ඇති මොහොතකයි මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ.

කෙසේ වෙතත් ජගත් සංවිධානය පවසන්නේ දැවැන්ත ජීවිත හානි සිදුවීම වැළැක්වීමේ අරමුණින් තමන්ට හැකි සියල්ල කිරීමට සූදානම් බවයි.

ඊශ්‍රායල හමාස් සිරකරු හුවමාරුවක් පිළිබඳවද මෙම සටන් විරාම සාකච්ඡාවලදී අවධානය යොමු වුණා.

 

 

The post ගාසා තීරයේ රෆා දේශසීමාව ආසන්නයට ඊශ්‍රායලයෙන් ප්‍රහාර appeared first on ITN News.

Read More »

යුද්ධය නිසා පරවෙන මල් වැනි දරුවන්  

0 comments

නැගෙනහිර යුක්රේනයේ රුසියානු පාලනයේ පවතින නගරයකට එල්ල වූ යුක්රේන ප්‍රහාරයකින් පුද්ගලයින් 28 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

නැගෙනහිර යුක්රේනයේ ලයිසහාන්ස්ක් නගරයටයි මෙම ප්‍රහාරය එල්ලවී ඇත්තේ.

ප්‍රහාරයෙන් ගොඩනැගිල්ලක් සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව ඇති අතර එහි අවන්හලක් ද පිහිටා තිබූ බව සදහන්.

මියගිය පිරිස අතරට කාන්තාවන් හා කුඩා දරුවන් ද ඇතුළත් බවයි වාර්තා වන්නේ.

ප්‍රහාරය සදහා යුක්රේනය ඇමෙරිකාව ලබාදුන් ආයුධ භාවිත කර ඇති අතර මෙම ප්‍රහාරය ත්‍රස්ත ක්‍රියාවක් ලෙස ක්‍රෙම්ලිනය නම්කරනවා.

මේ අතර යුක්රේනය එල්ල කළ ප්‍රහාරයෙන් එම ප්‍රදේශයේ ප්‍රාදේශීය ඇමතිවරයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව නිල නොලත් ආරංචිමාර්ග සදහන් කරනවා.

ප්‍රහාරය එල්ල වන අස්ථාවේ ඔහු එම අවන්හලෙහි තම උපන්දින සැමරුමට එක්ව සිටි බවද සදහන්.

The post යුද්ධය නිසා පරවෙන මල් වැනි දරුවන් appeared first on ITN News.

Read More »

වසරේ ලොව විශාලම ජනගහණ සංක්‍රමණ වාර්තාව මෙවර චීන වසන්ත උත්සව සමයේ දී  

0 comments

සාම්ප්‍රදායික චීන අලුත් අවුරුද්ද හෙවත් වසන්ත උත්සවයට ඇත්තේ තවත් දින කිහිපයක්.

මේ කාලයේ දී අධික ජනගහනයක් සිටින චීනයේ “වසරේ ලොව විශාලම ජනගහණ සංක්‍රමණය” සිදු වෙනවා.

මෙලෙස ජනතාවගේ සංචාරයන් පසුගිය 26වැනි දා සිට දින 40ක් පුරා සිදු වීම විශේෂත්වයක්.

චීන ජනතාව බිලියන 9 වාරයක් වාර්තාගත ලෙස චීනය පුරා ගමන් කරන මෙම විශේෂ කාලය පිලිබඳ විදෙස් මාධ්‍යන්ගේ ද අවධානයට ලක්ව තිබෙනවා.

චීන වසන්ත උත්සව සමයේ විශාල මගීන් පිරිසක් රට තුළ සැරි සැරීමෙන් චීන ආර්ථිකයේ වර්ධනය පිළිබිඹු වන බවයි රොයිටර් පුවත් සේවය පවසන්නේ.

මේ වසරේ චීනයේ සිල්ලර වෙළඳාමේ අලෙවිය චීන යුවාන් ට්‍රිලියන 50 ඉක්මවනු ඇති බවත්, එය චීන ආර්ථිකයට විශාල ගාමක ශක්තියක් වනු ඇති බවත්අපේක්ෂා කරනවා.

අලුත් අවුරුදු කාලයේ ගම්බිම්වලට යන ජනතාව හැර චීනයේ සෙසු ප්‍රදේශ හා විදේශ රටවලට පවා යන චීන සංචාරක පිරිසක් ද සිටිනවා.මේ වන විට චීනය පුරා පූර්ණ ගමනාගමන හා යටිතල පහසුකම් ස්ථාපිත කර තිබෙනවා.

ලොව විශාලම අධිවේගී දුම්රිය ජාලය, අධිවේගී මාර්ග ජාලය හා ගෝලීය මට්ටමේ වරායන් ඉදි කර ඇති චීනය, සිය රටවැසියන්ට ගුවන්, නැව්, දුම්රිය හා මහ මාර්ග මගින් රට තුළ පමණක් නොව ලෝකය පුරා සැරි සැරීමේ හැකියාව සලසා තිබෙනවා.

පසුගිය දා සිංගප්පූරුව හා තායිලන්තය ඇතුළු රටවල් චීනය සමග නිදහස් වීසා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ බැවින් උත්සව සමයේ විදේශ රටවල සංචාරය කරන චීන ජාතිකයන් සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.

සාම්ප්‍රදායික අලුත් අවුරුද්ද සමරන චීන ජනතාව ගමනාගමනය, පරිභෝජනය හා සංචාරය කෙරෙහි දක්වන උද්‍යෝගය, චීන ආර්ථික ප්‍රකෘතියේ කැඩපතකි.මෙම කැඩපතෙන් ලොව දෙවැනි විශාලම ආර්ථිකය හිමි චීනයේ ජවය හා නම්‍යශීලිත්වය මනාව විදහා දක්වනු ඇත.

The post වසරේ ලොව විශාලම ජනගහණ සංක්‍රමණ වාර්තාව මෙවර චීන වසන්ත උත්සව සමයේ දී appeared first on ITN News.

Read More »

පාකිස්ථානයේ පොලිස් ස්ථානයකට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයකින් පොලිස් නිලධාරීන් දස දෙනෙකු ජීවිතක්ෂයට  

0 comments

පාකිස්ථානයේ පොලිස් ස්ථානයකට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයකින් පොලිස් නිලධාරීන් දස දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පාකිස්ථානයේ පොලිස් ස්ථානයක් ඉලක්ක කර ගනිමින් එල්ල වූ ප්‍රහාරයට ත්‍රස්තවාදීන් තිහකට අධික සංඛ්‍යාවක් සහභාගී වී ඇති බව අනාවරණය වී තිබෙනවා.

පැයක අධික කාලයක් ත්‍රස්ත කණ්ඩායම හා පොලිසිය අතර ගැටුම් පවැති බවයි වාර්තා වන්නේ.

ප්‍රහාරයෙන් තවත් පොලිස් නිලධාරීන් 4 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බවද සදහන්. කෙසේ වුවද ප්‍රහාරය එල්ලකළ ත්‍රස්ත කණ්ඩායම සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණය වී නැහැ.

පකිස්ථානයේ මහ මැතිවරණය අනිද්දා දිනයේදී පැවැත්වීමට නියමිත අතර මැතිවරණ උණුසුම මධ්‍යයේ ත්‍රස්ත ක්‍රියාකාරකම් ඉහළ යාම විශේෂත්වයක්.

 

 

 

 

The post පාකිස්ථානයේ පොලිස් ස්ථානයකට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයකින් පොලිස් නිලධාරීන් දස දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

Read More »

චාල්ස් රජුට පිළිකාවක්  

0 comments

බ්‍රිතාන්‍ය යේ තුන්වන චාල්ස් රජුට පිළිකා රෝගයක් වැළදී ඇති බව බකින්ග්හැම් මාලිගය නිවේදනය කරනවා.

තුන්වන චාලස් රජුට පිළිකාවක් වැළදී ඇති බව නිවේදනය කළද එය කුමන ආකාරයේ පිළිකාවක් ද යන්න නිවේදනය කර නොමැති බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.

චාල්ස් රජුට පිළිකාවක් වැළදී ඇති බව තහවුරු වී ඇත්තේ  පුරස්ථි ග්‍රන්ථිය ඉදිමීම හේතුවෙන් ඊට හේතුවෙන් ඊට අදාළ ප්‍රතිකාරවලට යොමු වීමෙන් අනතුරුවයි.

කෙසේ වුවද එම පිළිකාව පුරස්ථි ග්‍රන්ථි පිළිකාවක් නොවන බව ද බී බී සී පුවත් සේවය නිවේදනය කරනවා පිළිකාව සදහා ප්‍රතිකර්ම මේ වන විටත් ආරම්භ කර ඇති අතර රජු රාජකාරී කටයුතු වලින් තාවකාලිකව ඉවත්ව සිටින බවයි බකින්හැම් මාලිගය නිවේදනය කරන්නේ.

ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් මට්ටමේ පවත්වා ගනිමින් රාජකාරී කටයුතු සදහා ඉතා ඉක්මනින් සහභාගී වීමට හැකියාව පවතින බවද බකින්හැම් මාලිගය නිවේදනය කරනවා.

 

 

 

 

 

 

The post චාල්ස් රජුට පිළිකාවක් appeared first on ITN News.

Read More »

උතුරු අයර්ලන්තයේ පාලනය කාන්තාවකට  

0 comments

උතුරු අයර්ලන්තයේ ප්‍රධාන ඇමැති ධුරයට 47 හැවිරිදි මිෂේල් ඕ’නීල් පත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

අයර්ලන්ත රෙපබ්ලිකන් පක්ෂයේ නියෝජිතයකු එරට ප්‍රධාන ඇමැති ධුරයට පත් වූ පළමු අවස්ථාව ලෙස එය ඉතිහාසයට එක් වී තිබෙනවා.

අවුරුදු 21දී දේශපාලනයට එක් වූ ඇය මීට පෙර උතුරු අයර්ලන්තයේ කෘෂිකර්ම සහ ග්‍රාමීය සංවර්ධන ඇමැතිනිය ලෙසත්, සෞඛ්‍ය ඇමැතිනිය ලෙසත් කටයුතු කර ඇති බවද සඳහන්.

සෞඛ්‍ය ඇමැතිනිය ලෙස කටයුතු කරමින් සිටියදී ඇය උතුරු අයර්ලන්තයේ සමලිංගික හා ද්විලිංගික පිරිමින්ට පනවා තිබූ ජීවිතාන්තය දක්වා රුධිරය පරිත්‍යාග කිරීමේ තහනම ඉවත් කිරීමෙන් ලොව පුරා දැඩි කතා බහට ලක්වුණා.

The post උතුරු අයර්ලන්තයේ පාලනය කාන්තාවකට appeared first on ITN News.

Read More »

විවාහය නිසාත් ඉම්රාන්ට තවත් වසර 7ක සිරදඬුවම්  

0 comments

නීති විරෝධී විවාහයක් සිදු කර ගත් බවට වරදකරුවන් කරමින් පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට සහ ඔහුගේ තුන්වැනි බිරිය බුෂ්රා බීබීට එරට අධිකරණයක් මඟින් වසර 7 බැගින් සිරදඬුවම් නියම කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

බීබී ගේ හිටපු ස්වාමියා ඔහුගේ දික්කසාදයෙන් වසර හයකට පමණ පසු ඛාන් සහ බීබී ට එරෙහිව නඩුවක් ගොනු කර ඇති අතර, දික්කසාදයෙන් පසු ඉස්ලාමයේ අනිවාර්යය පොරොත්තු කාලය සම්පූර්ණ නොකර විවාහ වීම සහ අනාචාරයේ හැසිරීම සම්බන්ධයෙන් ඔවුන්ට චෝදනා කර ඇති බවද සඳහන්

ඒ අනුව කළ විමර්ශනවලදී 2018 වසරේ පැවති එරට මහමැතිවරණයට මාස කිහිපයකට පෙර ඉම්රාන් ඛාන් සිය තුන්වැනි විවාහය ලෙස බුෂ්රා සමඟ විවාහ වීම ඉස්ලාමයට පටහැනි සහ නීතිවිරෝධි බවට රාවල්පිණ්ඩි නුවර ඉම්රාන් සිරගත වී සිටින බන්ධනාගාරය තුළ ස්ථාපිත කළ විශේෂ අධිකරණයේදී තහවුරු වී තිබෙනවා.

කාන්තාවක් වැන්දඹු තත්ත්වයට පත්වීමෙන් හෝ දික්කසාද වීමෙන් මාස තුනක් ගතවනතුරු නැවත විවාහ විය නොහැකි බවට ඉස්ලාමයේ සඳහන් වී ඇති බවත්, ඇය ඉම්රාන් සමඟ විවාහ වී ඇත්තේ සිය පෙර විවාහයෙන් දික්සාද වී මාස තුනක් සම්පූර්ණ වීමට පෙර බවත් එහිදී තහවුරු වී ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබෙනවා .

රාජ්‍ය රහස් ලිපියක් ප්‍රසිද්ධියට පත් කිරීමේ වරදට වසර 10ක් සහ විදෙස් දූතයන්ගෙන් ලැබුණු මිල අධික ත්‍යාග නීතිවිරෝධී අයුරින් අලෙවි කර මුදල් උපයා ගැනීමේ වරදට තවත් වසර 14ක් ලෙස පසුගිය සතියේදී වසර 24ක සිරදඬුවම් නියම වූ 71 හැවිරිදි ඉම්රාන් ඛාන්ට මේ තීන්දුවත් සමඟ බන්ධනාගාරයේ ගත කිරීමට සිදු වී ඇති සම්පූර්ණ කාලසීමාව වසර 31 දක්වා ඉහළ ගොස් තිබෙනවා

විදෙස් දූතයන්ගෙන් ලැබුණු ත්‍යාග නීතිවිරෝධීව අලෙවි කර මුදල උපයා ගැනීමේ වරදට හසුවූ ඉම්රාන්ගේ බිරිය බුෂ්රාට ද පසුගිය සතියේදී වසර 14ක සිරදඬුවම් නියම වූ අතර, පෙරේදා අධිකරණය දුන් තීන්දුවත් සමඟ ඇගේ සම්පූර්ණ සිරදඬුවම් කාලසීමාව වසර 21 දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය කළේ.

The post විවාහය නිසාත් ඉම්රාන්ට තවත් වසර 7ක සිරදඬුවම් appeared first on ITN News.

Read More »

චිලී රාජ්‍යයේ ලැව් ගින්නෙන් මිය ගිය ගණන 110 ඉක්මවයි  

0 comments

චිලී රාජ්‍යයට බලපා ඇති ලැව්ගිනි හේතුවෙන් මියගිය සංඛ්‍යාව 110 ඉක්මවා ඇති බව සහන කණ්ඩායම් නිවේදනය කරනවා.

චිලී රාජ්‍යයේ වැල්පරීසෝ ප්‍රදේශයේ හටගත් ලැව්ගිනි හේතුවෙන් පුද්ගලයින් 112 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි ප්‍රාදේශීය බලධාරීන් නිවේදනය කරන්නේ.

ආපදා තත්ත්වය හේතුවෙන් චිලී රාජ්‍යයට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට ජනාධිපති ගේබ්‍රියල් බෝරික් පියවර ගත්තා.

ලැව්ගිනි පාලනය කිරීම සදහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබාදී තිබෙනවා.

මෑත ඉතිහාසයේ චිලී රාජ්‍ය මුහුණදුන් මාරාන්තිකම ලැව්ගිනි තත්ත්වය මෙය ලෙසද සැලකෙනවා.

ලැව් ගින්නෙන් වැඩිම බලපෑමකට ලක්ව ඇත්තේ වැල්පරීසෝ ප්‍රදේශයේ නිවාඩුගත කිරීමට පැමිණි පිරිස් බවයි වාර්තා වන්නේ.

 

 

The post චිලී රාජ්‍යයේ ලැව් ගින්නෙන් මිය ගිය ගණන 110 ඉක්මවයි appeared first on ITN News.

Read More »

චිලී රාජ්‍යයේ ලැව්ගිනි හේතුවෙන් 46 දෙනෙකු ජීවිතක්ෂයට  

0 comments

චිලී රාජ්‍යයේ ලැව්ගිනි හේතුවෙන් 46 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

වෙරළාසන්න සංචාරක නගරයක් වන විනා ඩෙල් මා හි පදිංචිකරුවන් 200කට අධික පිරිසක් ද අතුරුදහන් වී ඇති බවයි බලධාරීන් පවසන්නේ.

මේ වනවිටත් රට පුරා හෙක්ටයාර් 43,000 කට වැඩි ප්‍රමාණයක් ලැව්ගිනි හේතුවෙන් විනාශ වී තිබෙනවා.

පවතින අධික උෂ්ණත්වය සහ තද සුළං හේතුවෙන් ලැව්ගිනි පැතිර යමින් පවතින බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

The post චිලී රාජ්‍යයේ ලැව්ගිනි හේතුවෙන් 46 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

Read More »

දුම්රිය ස්ථානයකදී සිදුවූ පිහි ඇණුමකින් තිදෙනෙකු තුවාල ලබයි  

0 comments

ප්‍රධාන සංචාරක කේන්ද්‍රස්ථානයක් වන පැරිසියේ Gare de Lyon දුම්රිය ස්ථානයේ දී පිහි ඇණුමකින් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි, විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ.

පිහි ඇණුමට ලක් වූ එක් අයෙකුගේ තත්ත්වය බරපතල වන අතර තවත් දෙදෙනෙකු සුළු තුවාල ලබා ඇති බව සඳහන්.

The post දුම්රිය ස්ථානයකදී සිදුවූ පිහි ඇණුමකින් තිදෙනෙකු තුවාල ලබයි appeared first on ITN News.

Read More »

Poonam Pandey මියගිය බවට පළ වූ වාර්තා අසත්‍යයි  

0 comments

ඉන්දියාවේ සුරූපී නිළියක සහ නිරූපිකාවක් වූ Poonam Pandey ජීවිතක්ෂයට පත් ව ඇති බවට ඊයේ විදෙස් මාධ්‍ය වාර්තා කළ අතර ඇය මේ වන විට ජීවත්ව සිටින බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

අද (03) සිය සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ වීඩියෝ පටයක් පළ කරමින් ඇය සඳහන් කර ඇත්තේ සිදුවූ හිත් රිදවීම පිළිබඳව කණගාටුව පළ කරන බවය.

Poonam Pandey මියගිය බවට ඇයගේ සමාජ මාධ්‍ය ගිණුමක ඊයේ සටහනක් තබා තිබූ අතර ඒ බව සැලවීමත් සමග රංගන ශිල්පීන් ඇතුළු විශාල පිරිසක් ශෝකය පළ කර තිබුණි.

කෙසේවෙතත් තමා ජීවතුන් අතර සිටින බව අද වීඩියෝ පටයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇති පූනම් පාණ්ඩේ ගැබ් ගෙල පිළිකා රෝගය පිළිබඳව සමාජයේ අවධානය යොමු කිරීම තම අරමුණ වූ බව පෙන්වා දී තිබේ.

The post Poonam Pandey මියගිය බවට පළ වූ වාර්තා අසත්‍යයි appeared first on ITN News.

Read More »

කෙන්යාවේ ගෑස් පිපිරීමෙන් තිදෙනෙකු මියයයි – 300කට තුවාල  

0 comments

කෙන්යාවේ නයිරෝබි අගනුවර ගෑස් පිපිරීමෙන් 3 දෙනෙකු මිය ගොස් 300 කට ආසන්න පිරිසක් තුවාල ලැබුවා.

කෙන්යාවේ එම්බකාසි දිස්ත්‍රික්කයේ ගෑස් සිලින්ඩර් රැගත් ලොරි රථයක් මෙසේ පුපුරා ගියා.

පිපිරිමෙන් නිවාස, ව්‍යාපාර සහ මෝටර් රථවලට හානි සිදුව ඇති අතර, එම ප්‍රදේශයේ මහල් නිවාස රැසක්ද පිහිටා තිබෙනවා.

සිද්ධිය පිළිබඳ මේ වනවිට පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර මියගිය අය අතර කුඩා දරුවෙකු ද වන බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවද සඳහන්.

බලධාරීන් පවසන පරිදි තුවාල ලැබූවන් අතර ළමයින් 25 දෙනෙකු ද සිටිනවා.

 

 

The post කෙන්යාවේ ගෑස් පිපිරීමෙන් තිදෙනෙකු මියයයි – 300කට තුවාල appeared first on ITN News.

Read More »

රංගන ශිල්පී තලපති විජේ නව පිම්මක් පනී  

0 comments

රංගන ශිල්පී තලපති විජේ ජනතා ව්‍යාපාරය දේශපාලන පක්ෂයක් ලෙස ලියාපදිංචි කළ බව නිවේදනය කර තිබෙනවා.

ඒ බව ඔහු කියා සිටියේ නිල X ගිණුමේ සටහනක් තබමින්.

ඒ අනුව විජය ජනතා ව්‍යාපාරය “තමිළක වෙට්‍රි කසාගම්” නමින් පක්ෂයක් ලෙස ලියාපදිංචි කර තිබෙනවා.

ඔහු එම සටහන මගින් වැඩිදුරටත් සඳහන් කළේ ජනතා ව්‍යාපාරය සුබසාධන වැඩසටහන්, සමාජ සේවා සහ සහනාධාර රැසක් කරමින් සිටින අතරවාරයේ සම්පූර්ණ සමාජ ආර්ථික දේශපාලන වැඩපිළිවෙළ ඇති කිරීමට දේශපාලන බලය අවශ්‍ය බවයි.

The post රංගන ශිල්පී තලපති විජේ නව පිම්මක් පනී appeared first on ITN News.

Read More »

ඉන්දීය සුරූපී නිළියක් වූ පූනම් පාන්ඩේ ජීවිතක්ෂයට  

0 comments

ඉන්දීය සුරූපී නිළියක් වූ පූනම් පාන්ඩේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ගැබ්ගෙල පිළිකාවක් හේතුවෙනුයි ඇය ජීවිතක්ෂයට පත්ව තිබෙන්නේ.

ඒ වන විට ඇය 32 හැවිරිදි වියේ පසු වුණා.

2013 වසරේදී “නාෂා” නම් චිත්‍රපටයේ රඟ පාමින් පූනම්, බොලිවුඩ් සිනමාවට එක්ව සිටියා.

The post ඉන්දීය සුරූපී නිළියක් වූ පූනම් පාන්ඩේ ජීවිතක්ෂයට appeared first on ITN News.

Read More »

ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂය තවත් පක්ෂ රැසක් සමඟ සන්ධානයක් ගොඩ නගයි  

0 comments

ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂය තවත් දේශපාලන පක්ෂ රැසක් සමඟ ඒකාබද්ධ සන්ධානයක් ගොඩ නගා තිබෙනවා.

එළඹෙන මහ මැතිවරණයේ දී අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ නායකත්වයෙන් යුත් පාලක භාරතීය ජනතා පක්ෂයට එරෙහිව ප්‍රබල අභියෝගයක් එල්ල කිරීම නව සන්ධානයේ අරමුණයි.

ප්‍රධාන විපක්ෂය වන කොංග්‍රස් පක්ෂයේ තවත් දේශපාලන පක්ෂ 24 කට අධික සංඛ්‍යාවක් එක්කරගනිමින් නව සන්ධානය ගොඩනගා තිබෙනවා.

ලබන ජුලි මාසයේ පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණය ඒ අනුව උණුසුම් මුහුණුවරක් ගනු ඇති.

ඉන්දීය විපක්ෂය මෙලෙස සන්ධානයක් ලෙස ඉදිරියට ක්‍රියාත්මක වීම අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඇතුළු පාලක පක්ෂයට ප්‍රබල අභියෝගයක් ඇති කරනු ඇති බවයි මැතිවරණ විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.

 

 

 

The post ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂය තවත් පක්ෂ රැසක් සමඟ සන්ධානයක් ගොඩ නගයි appeared first on ITN News.

Read More »

ප්‍රහාර මාලාවකට ඇමෙරිකාව සැලසුම් හදයි  

0 comments

සිරියාවේ සහ ඉරාකයේ පිහිටි ඉරාන ඉලක්ක වෙත ප්‍රහාර මාලාවක් සඳහා වන සැලසුම් ඇමෙරිකාව විසින් අනුමත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ජෝර්දානයේ සිරියානු දේශසීමාවට ආසන්න ප්‍රදේශයේ දී ඩ්‍රෝන ප්‍රහාරයකින් ඇමෙරිකා සොල්දාදුවන් තුන්දෙනෙකු මියයාමත් සමඟයි මෙම තීරණය ගෙන ඇත්තේ.

මෙම ඩ්‍රෝන ප්‍රහාරය එල්ල කිරීමේ චෝදනා ලැබ සිටින ඉරානයේ සහාය ලබන මිලීෂියා කණ්ඩායමට ඉරාකයේ ඉස්ලාමීය විරෝධීන් සහ ඉරානයේ විප්ලවාදීන් ආරක්ෂක බළකාය පුහුණුව සහ ආධාර ලබා දී ඇති බවට හෙළිව තිබෙනවා.

කෙසේ වෙතත් ඉරානය මෙම චෝදනා ප්‍රතික්ෂේප කරනවා.

ජෝර්දාන ප්‍රහාරයෙන් මිය ගිය ඇමෙරිකා සෙබලුන් තුන්දෙනාගේ සිරුරු අද දිනයේ දී ඩෙලවෙයාර් ගුවන් හමුදා කඳවුරකට ගෙන ඒමට නියමිතයි.

ජනාධිපති ජෝ බයිඩ්න් ඊට සහභාගී වන බවට ධවල මන්දිරය නිවේදනය කර තිබෙනවා.

 

The post ප්‍රහාර මාලාවකට ඇමෙරිකාව සැලසුම් හදයි appeared first on ITN News.

Read More »

ඇමරිකා වෙළෙඳ නෞකාවකට ප්‍රහාරයක්  

0 comments

රතු මුහුදේ ගමන්ගත් ඇමරිකා වෙළෙඳ නෞකාවකට පහර දුන් බව හූති සටන්කාමීන් පවසනවා.

යේමනයේ හූති සටන්කාමීන් පවසන්නේ රතු මුහුදේ වාණිජ නැව් ඉලක්ක කර ගනිමින් එල්ල කළ නවතම ප්‍රහාරය මෙය බවයි.

KOI ලෙස නම්කර ඇති මෙම නෞකාව ඇමරිකාව යටතේ ක්‍රියාත්මක වන්නක්.

සමුද්‍රීය ආරක්ෂක සමාගමක් වන ඇම්බ්‍රේ පැවසුවේ යේමනයේ ඒඩන් වරායට දකුණින් නෞකාවක  පිපිරීමක් සිදුව ඇති බවත් එම නෞකාව කුමක්ද යන්න තවමත් හෙළි නොවූ බවයි.

මේ අතර මීට ප්‍රතිචාර ලෙස ඇමරිකාව ඩ්‍රෝන යානා 10ක් භාවිතා කර යේමන කැරලිකරුවන්ට ප්‍රහාර එල්ල කිරීමට සූදානම් බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

 

 

 

 

 

 

 

 

The post ඇමරිකා වෙළෙඳ නෞකාවකට ප්‍රහාරයක් appeared first on ITN News.

Read More »

Recent News

Gossip Lanka MAG