Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

යුක්රේන අර්බුදය තම වාසියක් ලෙසට නොගන්නා බවට චීනයෙන් ප්‍රකාශයක්  

Add comments

චීනය යුක්රේන අර්බුදයෙන් වාසි නොගන්නා බව චීන විදේශ අමාත්‍යංශය පවසනවා.

චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය ඊයේ (20) පැවති මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළා.

චීන -රුසියා සහයෝගීතා හේතුවෙන් ඇතැම් චීන සමාගම්වලට සම්බාධක පැනවීමට ඇමරිකාව සැලසුම් කරමින් සිටීම පිළිබඳව මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඇය මෙම අදහස් පළකළා

යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් චීනය සැම විටම සාධාරණ යුක්තිගරුක ස්ථාවරයක සිටින අතර සාමය හා සාකච්ඡාව ප්‍රවර්ධනය කිරීමෙහි නියැළි සිටින බවයි ඇය ප්‍රකාශ කළේ.

ජාත්‍යන්තර නීති පදනමක් නොමැතිව, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ අවසරයකින් තොරව ඒකපාර්ශ්වික සම්බාධක පැනවීම, වෙනත් රටවලට එරෙහිව සිදු කරන අධිකරණ බලය යන ක්‍රියාවන්ට චීනය සැම විටම විරෝධ පළ කරන බව ද ඇය එහිදී කියාසිටියා.

චීන ව්‍යවසායන්හී නීත්‍යනුකූල අයිතිවාසිකම් ස්ථිර ලෙස සුරක්ෂිත  කිරීමට චීනය අඛණ්ඩව පියවර ගන්නා බවද ඇය සඳහන් කර තිබෙනවා.

The post යුක්රේන අර්බුදය තම වාසියක් ලෙසට නොගන්නා බවට චීනයෙන් ප්‍රකාශයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG