Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉන්දියාවේ සිනමා ශාලා යළි විවෘත කිිරිමට මාර්ගෝපදේශ මාලාවක්  

0 comments

සිනමා ශාලා යළි විවෘත කිිරිම සඳහා ඉන්දියාව මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කළා .

දිල්ලි ඇතුළු නගරවල සිනමා ශාලා වසා දමා තිබෙන්නේ පසුගිය මාර්තුවල සිට. සෞඛ්‍ය උපදෙස් අනුව ඒවා යළි විවෘත කිරිම සඳහා පහසුකම් සැලසීමයි අරමුණ.

ඒ සම්බන්දයෙන් විශේෂ සාකච්ජාවක් පැවැත්වෙන බවයි ඉන්දීය බලධාරින් සඳහන් කළේ. කර්මාන්තයේ නියුතු වූවන්ට පහසුකම් සැලසීමත් අරමුණක්.

 

 

The post ඉන්දියාවේ සිනමා ශාලා යළි විවෘත කිිරිමට මාර්ගෝපදේශ මාලාවක් appeared first on ITN News.

Read More »

වල්ලපට්ටා කිලෝ 428ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට  

0 comments

මහා පරිමාණයෙන් වල්ලපට්ටා ජාවාරමක නිරත වූ පුද්ගලයෙකු දැරණියගල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැණුනා.

දෙහිඕවිට අඩව වන කාර්යාලය මගින් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගත්තේ වල්ලපට්ටා කිලෝ 428 ක්ද සමගින්. දැරණියගල පොලිස් විශේෂ කාර්යාංශයේ බුද්ධි ඒකකයට ලැබුණු තොරතුරක් මත වැටලීම සිදුකළා.

දැරණියගල පහල කඩවීථිය ප්‍රදේශයේ නිවසක මෙම වල්ලපට්ටා රහසිගතව අලෙවි කිරීමට සූදානම් කර තිබියදීයි වැටලීම සිදුකෙරුණේ.

 

 

 

The post වල්ලපට්ටා කිලෝ 428ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට appeared first on ITN News.

Read More »

පරිසර වාර්තා ලබා නොගෙන කැළණි ගඟ දෙපස ඉදිකර ඇති කර්මාන්ත ශාලා පිළිබඳ කඩිනම් අධ්‍යයනයක්  

0 comments

පරිසර වාර්තා ලබා නොගෙන කැළණි ගඟ දෙපස ඉදිකර ඇති කර්මාන්ත ශාලා පිළිබඳ කඩිනම් අධ්‍යයනයක් සිදු කර ඊට අදාළ වාර්තා තමන්ට ලබා දෙන ලෙස මධ්‍යම පරිසර අධිකාරියට දැනුම් දුන් බව පරිසර ඇමති මහින්ද අමරවී මහතා පවසයි.

ඇමතිවරයා මේ බව පැවසුවේ,ඊයේ (29) දිනයේ දි පරිසර අමාත්‍යාංශයේ දී සියලුම පරිසර සංවිධාන නියෝජිතයින් සමග අමාත්‍යවරයා සාකච්ඡාවක දිය. විශේෂයෙන් පරිසර සංරක්ෂණය උදෙසා විවිධ පාර්ශ්ව වෙතින් ඉදිරිපත් කෙරෙන යෝජනා හා අදහස් පිළිබඳ ව මෙම සාකච්ඡාවේ දී කරුණු ඉදිරිපත් විය.

කඩුවෙළ සිට පෑලියගොඩ පාළම දක්වා කැළණි ගඟ දෙපස කර්මාන්ත ශාලා 7000ක් පමණ පිහිටා ඇති බවත් ඉන් පරිසර වාර්තා ලබා ගෙන ඉදි කර ඇත්තේ කර්මාන්ත ශාලා 3000ක් පමණ ප්‍රමාණයක් පමණක් බවත් පරිසර වේදීහු පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා හට පෙන්වා දුන්නේය.

අනෙක් කාරණය නම් මෙම කර්මාන්ත ශාලා වලින් පිට කරන අපජලය බැහැර කිරිමේ ක්‍රියාවලිය වහාම අධ්‍යයනය කළ යුතු බවත් ඒ සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ පැහැදිලි දායකත්වය ලබා දිය යුතු බවත් ඔවුහු පැවසූහ. එමෙන්ම කැළණි ගඟ දෙපස පදිංචි ඇතැම් පුද්ගල නිවාස සඳහා විදිමත් වැසිකිළි පද්ධති නොතිබීමත් ඔවුන් විසින් බැහැර කරන අපද්‍රව්‍ය කැළණි ගගේ ජලයට මුසුවීමට ඉඩ ඇති බවද, එම හේතුවෙන් ඊ- කොලි බැක්ටිරියාව පවා ජලයට එකතු වීමේ හැකියාව පවතින බවත් පෙන්වා දුන්නේය.

වැඩිදුරටත් අදහස් දැක් වු පරිසර ඇමතිවරයා,පරිසර සංරක්ෂණය උදෙසා තමන් ඉදිරියේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වය යටතේ පරිසර ආරක්ෂණ බලකායක් අමාත්‍යාංශ 16ක ලේකම්වරුන්ගේ සාමාජිකත්වය යටතේ පිහිටුවීමට කටයුතු යොදා ඇති බවත්, ඊට අදාළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව මේ වනවිට සකස් කර ඇතැයි ද කීය.

ඒ යටතේ දිවයිනේ ගංගා 103ක් සංරක්ෂණය උදෙසා පුලුල් වැඩ පිලිවෙළක් ආරම්භ වන බැවින් කැළණි ගඟ මෙන්ම නාගරිකව පානීය ජල අවශ්‍යතා සපුරන අනෙකුත් ගංගාධාර සංරක්ෂණය උදෙසා පියවර ගන්නා බවත් අවධාරණය කළේය.

The post පරිසර වාර්තා ලබා නොගෙන කැළණි ගඟ දෙපස ඉදිකර ඇති කර්මාන්ත ශාලා පිළිබඳ කඩිනම් අධ්‍යයනයක් appeared first on ITN News.

Read More »

ගාල්ල ධීවර වරායේ ඉදිකළ නව ජැටිය විවෘත කෙරේ  

0 comments

රුපියල් මිලියන අසූවක් වැය කරමින් ගාල්ල ධීවර වරායේ ඉදිකළ නව ජැටිය විවෘත කෙරුණා. ඒ රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන්.

ගාල්ල ධීවර වරාය තුළ අළුතින් ඉදිකළ ජැටිය හේතුවෙන් ධීවර බෝට්ටු තුන්සියයකට පමණ පහසුකම් සැළසෙනවා. 2016 වසරේ දී ඉදිකිරීම් ආරම්භ වූ මෙම ජැටිය සමග ධීවර වරාය තුළ තවත් ධීවර ජැටියක් ඉදිකිරීමට නියමිතයි. ඒ තුළින් ධීවර බෝට්ටු පන්සියයක පමණ පහසුකම් ලබාදීම ඉලක්කය වනවා.

ජැටිය විවෘත කිරීමෙන් අනතුරුව රාජ්‍ය අමාත්‍යවරයා නිරීක්ෂණ චාරිකාවකට ද සහභාගි වුණා.

අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ,  රාජ්‍ය අමාත්‍ය මොහාන් ද සිල්වා,  පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරල යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

 

 

The post ගාල්ල ධීවර වරායේ ඉදිකළ නව ජැටිය විවෘත කෙරේ appeared first on ITN News.

Read More »

ගිනිගත්හේන නාවලපිටිය මාර්ගයේ රථ වාහන ගමනා ගමනය එක් මංතිරුවකට සිමා කෙරේ  

0 comments

ගිනිගත්හේන නාවලපිටිය ප්‍රධාන මාර්ගයේ කොටසක් නායයාම හේතුවෙන් රථ වාහන ගමනාගමනය එක් මංතීරුවකට සීමා කර තිබෙනවා.

ප්‍රධාන මාර්ගයේ අඹගමුව ප්‍රදේශයේ මාර්ග කොටසකුයි මෙලෙස නායයාමට ලක්ව ඇත්තේ. ආරක්ෂිත පැති බැම්මද සමග මෙසේ නාය ගොස් තිබෙනවා.

මාර්ගයේ තවදුරටත් නායයාමේ අවධානමක් පවතින බැවින් රථ වාහන ධානයේදී සැලකිලිමත් වන ලෙස  ගිනිගත්හේන පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.

 

The post ගිනිගත්හේන නාවලපිටිය මාර්ගයේ රථ වාහන ගමනා ගමනය එක් මංතිරුවකට සිමා කෙරේ appeared first on ITN News.

Read More »

හෙරොයින් කිලෝ එකක් සමඟ 5 දෙනෙකු මහරගමදී අත්අඩංගුවට  

0 comments

මහරගම පොලීසියේ දූෂණ මර්දන අංශයේ නිලධාරීන් කළ වැටලීමකදී හෙරොයින් කිලෝ එකක් සමග සැකකරුවන්  පස් දෙනෙකු මහරගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැණුනා. කාන්තාවන් දෙදෙනෙකු ද ඒ අතර වනවා. එම තොගයේ වටිනාකම රුපියල් එක්කෝටි විසිපන් ලක්ෂය ඉක්මවන බවයි පොලීසිය ප්‍රකාශ කළේ. සැකකරුවන් ළග තිබී ජංගම දුරකතන පහක්,මත්ද්‍රව්‍ය සැපයුම් කටයුතු සඳහා යොදාගන්නා බෑග් ඇතුළු උපකරණ පොලිස් භාරයට ගැණුනා. අත්අඩංගුවට ගත් හෙරොයින් නිරීක්ෂණය සඳහා බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ද පැමිණියා.

The post හෙරොයින් කිලෝ එකක් සමඟ 5 දෙනෙකු මහරගමදී අත්අඩංගුවට appeared first on ITN News.

Read More »

අධ්‍යාපන ක්ෂේත්‍රයේ සංවර්ධනය වෙනුවෙන් ශ්‍රී ලංකාව- පාකිස්ථානය අතර සාකච්ඡා  

0 comments

අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා සහ පාකිස්තානයේ මහ කොමසාරිස් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) මුහම්මද් සාද් ඛට්ටක්(Muhammad Saad Khattak) මහතා අතර පසුගිය දා විශේෂ හමුවක් පැවැත්විණි.

මෙහිදී අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ අන්‍යෝන්‍ය සහයෝගීතාව පිළිබඳව පොදු උනන්දුවක් දක්වන මාතෘකා කිහිපයක් සාකච්ඡාවට බඳුන් විය. උසස් හා කාර්මික අධ්‍යාපනයේ විවිධ ක්ෂේත්‍රයන්හි ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත්ව පවත්වා ගතයුතු බවට අධ්‍යාපන අමාත්‍යවරයා සහ මහ කොමසාරිස්වරයා එකඟ වූහ.

පසුගිය මහමැතිවරණයෙන් 2/3ක විශිෂ්ට ජනවරමක් සහිත ව ජයග්‍රහණය කිරීමට හැකිවීම පිළිබඳ වර්තමාන ජනාධිපතිතුමන් ප්‍රමුඛ ශ්‍රී ලංකා රජයට සුබපැතුම් එක් කළ මහකොමසාරිස්වරයා, නව රජය යටතේ ජනතා අපේක්ෂා ඉටුවනු ඇතැයි තමා විශ්වාස කරන බව ද සඳහන් කළේය.

පකිස්තානයත් ශ්‍රී ලංකාවත් අතර දිගුකලක් පුරා පවත්නා සමීප සම්බන්ධතාව තවදුරටත් ශක්තිමත් කිරීමට ඉදිරියේ දී පියවර රැසක් ක්‍රියාවට නංවන බව ද මහකොමසාරිස්වරයා පැවසීය. මෙරට ප්‍රථම වතාවට පකිස්තාන් ආදි විද්‍යාර්ථීන්ගේ දිනය (Alumni Day) එළඹෙන ඔක්තෝබර් මස 07 වැනි දින කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේ දී පැවැත්විමට කටයුතු යොදා ඇති අතර, එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගීවීමට අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතාට ඇරයුම් කරන ලද බව ද මෙහි දී සිහිපත් කළේය.

ඉදිරි වසර පහ ඇතුළත ශ්‍රී ලංකා පකිස්තානු පදනම යටතේ මෙරට සිසුන් වෙනුවෙන් උසස් අධ්‍යාපනය සඳහා අමතර ශිෂ්‍යත්ව 1000ක් පිහිටුවීමට ද මෙහි දී එකඟතාව පළ කෙරිණි. පකිස්තාන සිසුන් තුළ ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ප්‍රචලිත කිරීමට කටයුතු යොදන බව ද, කොවිඩ් තත්ත්වයෙන් පසු මෙරට සංචාරක ව්‍යාපාරය නැවත යථාතත්ත්වයට පත්කිරීම සඳහා ජනාධිපතිතුමන්ගේ සහ අගමැතිතුමන්ගේ ප්‍රමුඛ අවධානය යොමුව ඇති බැවින් විශේෂයෙන් ආසියානු කලාපයේ රටවල් අතර ඒ සඳහා මනා සහයෝගිතාවක් ගොඩනැංවීමට පියවර ගත යුතු බව ද මෙහි දී සාකච්ඡා විය.

එමෙන් ම ඉදිරියේ දී මෙරට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සමඟ ද මනා සම්බන්ධතාවක් පවත්වා ගනිමින් දෙරට අතර සහයෝගිතාව වැඩිදුරටත් ශක්තිමත් කිරීමට පියවර ගන්නා ලෙස ද අධ්‍යාපන අමාත්‍යවරයා, පකිස්තානු මහකොමසාරිස්තුමන්ගෙන් ඉල්ලා සිටියේ ය.

මෙම අවස්ථාවට පකිස්තානු – ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් ටන්වීර් අහ්මඩ් (Tanvir Ahmad), මාධ්‍ය සම්බන්ධීකාරක කල්සූම් කයිසර් (Kalsoom Qaiser), උප ලේකම් අයේෂා අබුබකර් ෆාහඩ් (Ayesha Abu Bakr Fahad), මුහම්මඩ් අක්‍රම් (Muhammad Akram) අධ්‍යාපන අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම් බුද්ධික වික්‍රමාදර, මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.

The post අධ්‍යාපන ක්ෂේත්‍රයේ සංවර්ධනය වෙනුවෙන් ශ්‍රී ලංකාව- පාකිස්ථානය අතර සාකච්ඡා appeared first on ITN News.

Read More »

ටෙනිසන් කුරේ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට  

0 comments

සුවහසක් ප්‍රේක්ෂකයින් සිනහ සාගරයේ ගිල්ලූ අභාවප්‍රාප්ත ටෙනිසන් කුරේ ජනප්‍රිය ප්‍රහසන රංගන ශිල්පියාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු මොරටු මුල්ල මෙතෝදිස්ත දේවස්ථාන සුසාන භූමියේදී හෙට පස්වරු 4.00 ට සිදු කෙරෙනවා.

මේවන විටත් ඔහුගේ දේහයට ගෞරව දැක්වීමට රසිකයන් විශාල වශයෙන් පැමිණෙමින් සිටිනවා.

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ටෙන්සන් කුරේ මහතා අභාවප්‍රාප්ත වන විට 68වන වියේ පසුවුණා. 1986 වසරේ පෙරළිකාරයෝ චිත්‍රපටයෙන් ඔහු සිනමා රංගනයට අත්පොත් තැබුවා. රෑ දනියෙල් දවල් මිගෙල් , චෙරියෝ ඩාලින් , කොළොම්පූර් , පාර්ලිමන්ට් ජෝක්ස් , සොමි බෝයිස් ඇතුළු චිත්‍රපට රැසකට රංගනයෙන් දායක වූ ටෙනිසන් කුරේ මහතා ප්‍රහසන නාට්‍ය රැසකට ද නිර්මාණ දායකත්වය ලබා දුන්නා. එමෙන්ම කුරුල්ලා ඇතුළු වේදිකා නාට්‍යය රැසකටද ඔහු රංගනයෙන් දායක වුණා. චිත්‍රපට පිටපත් රචනයෙන් ද ටෙනිසන් කුරේ දක්ෂතා දැක්වූවා. පෙරළිකාරයෝ , දෙමෝදර පාලම , කොලොම්පූර් චිත්‍රපට ඒ සඳහා උදාහරණ සපයනවා.

ටෙනිසන් කුරේ මහතාගේ දේහය නිවස වෙත රැගෙන ඒමටත් පෙර සිටම ඔහුගේ නිවස වෙත කලාකරුවන් , දේශපාලනඥයන් ඇතුළු ජනතාව එක් රොක්වී සිටියා. ස්වාධීන රූපවාහිනි මාධ්‍ය ජාලයේ සභාපති සුදත් රෝහණ මහතා ඇතුළු කලා කරුවන් පිරිසක් ද ඔහුගේ දේහයට ඊයේ රාත්‍රියේ අවසන් ගෞරව දැක්වූවා. දේහය විල්ලෝරාවත්ත , මොරටුමුල්ල , මොරටුව යන ලිපිනයේ පිහිටි නිවසේ තැන්පත්කර තිබෙනවා.

 

The post ටෙනිසන් කුරේ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට appeared first on ITN News.

Read More »

විකිරණශීලි බලශක්ති භාවිතයේ දී සිදුවන බලපෑම් අවම කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක්  

0 comments

විකිරණශීලි බලශක්ති භාවිතයේ දී සිදුවන බලපෑම් අවම කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් පරමාණුක බලශක්ති නියාමන සභාව ක්‍රියාත්මක කරනවා.

එම ක්‍රමවේද සම්බන්ධයෙන් ජනතාව ද දැනුවත් විය යුතු බවයි නියාමන සභාව පවසන්නේ.

 

 

 

 

The post විකිරණශීලි බලශක්ති භාවිතයේ දී සිදුවන බලපෑම් අවම කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් appeared first on ITN News.

Read More »

දොඩංගස්ලන්ද ආසනයේ අඩුපාඩු සහ ඒවාට ලබාදිය යුතු විසදුම් පිළිබඳ විශේෂ හමුවක් අගමැති ප්‍රධානත්වයෙන්  

0 comments

කුරුණෑගල දොඩංගස්ලන්ද ආසනයේ පවතින අඩුපාඩු පිළිබඳ සොයා බැලීමට අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් පරිදි වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා පියවර ගත්තා.

දොඩංගස්ලන්ද ආසනයේ අඩුපාඩු සොයා බැලීමට සහ ඒවාට ලබාදිය යුතු විසදුම් පිළිබඳ  විශේෂ හමුවක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. එහිදී අග්‍රාමාත්‍යවරයා ආණ්ඩුකාරවරයාට උපදෙස් ලබා දුන්නේ ප්‍රදේශයේ විහාරස්ථානවල තත්ත්වය සොයා බලන ලෙසයි. ඒ අනුව ආණ්ඩුකාරවරයාග් ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්ද වයඹ පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැත්වුණා. ජාතික භික්ෂු පෙරමුණේ දොඩංගස්ලන්ද ආසනයේ සභාපති පූජ්‍ය කිරිදිවත්තේ සුමනසාර ස්වාමීන්වහන්සේ ප්‍රමුඛ ස්වාමීන්වහන්සේ මෙම සාකච්ඡාවට වැඩම කර  සිටියා.

 

 

 

The post දොඩංගස්ලන්ද ආසනයේ අඩුපාඩු සහ ඒවාට ලබාදිය යුතු විසදුම් පිළිබඳ විශේෂ හමුවක් අගමැති ප්‍රධානත්වයෙන් appeared first on ITN News.

Read More »

කැලණිවැලි දුම්රිය මාර්ග රක්ෂිතයේ අනවසර පදිංචිකරුවන්ට නව නිවාස  

0 comments

කැලණිවැලි දුම්රිය මාර්ග රක්ෂිතයේ අනවසර පදිංචිකරුවන්ට නව නිවාස ලබාදීම අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා.

කොළඹ නගරයට ආසන්න ප්‍රදේශවල දුම්රිය මාර්ග පුළුල් කිරීමේ වැඩසටහන යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘතිය යටතේයි මෙම අනවසර පදිංචිකරුවන් ඉවත් කිරීම සිදුකෙරුණේ. කැලණිවැලි දුම්රිය මාර්ගය දෙපස පදිංචිව සිටි පිරිස් සදහා නිවාස එක්දහස් දෙසිය හතලිස් හතරක් ඉදි කිරීම නාගරික සංවර්ධන අධිකාරිය යටතේ ක්‍රියාත්මකයි.

පළමු ව්‍යාපෘතිය ලෙස නිවාස 384 ක් මාලිගාවත්ත ලක්හිරු සෙවන නිවාස සංකීර්ණයෙන් ලබාදීම සිදුකෙරුණා. රටේ සංවර්ධනය වෙනුවෙන් සියලු දෙනා සහාය ලබාදිය යුතු බවයි අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා මෙහිදී ප්‍රකාශ කළේ.

රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ද මෙහිදී අදහස් දැක්වූවා.

 

 

 

The post කැලණිවැලි දුම්රිය මාර්ග රක්ෂිතයේ අනවසර පදිංචිකරුවන්ට නව නිවාස appeared first on ITN News.

Read More »

කොවිඩ් ව්‍යාප්තිය පාලනය සඳහා ෆින්ලන්තය නව සීමා පනවයි  

0 comments

කොවිඩ් නයින්ටීන් ව්‍යාප්තිය පාලනය සඳහා නව සීමා හදුන්වා දීමට ෆින්ලන්තය තීරණය කළා.

ආපන ශාලා විවෘත කිරිම හා වසා දැමීමටද නිශ්චිත වේලාවක් හදුන්වාදී තිබෙනවා. මධ්‍යම රාති‍්‍රයේදී මත්ද්‍රව්‍ය අලෙවි කිරිමත් තහනම්.

ලබන මස අට වනදා සිට එය කි‍්‍රයාත්මක බවයි ෆින්ලන්ත රජය පවසන්නේ.

පසුගිය කාලයේ කි‍්‍රයාත්මක කළ සීමා කිරිම් හේතුවෙන් කොවිඩ් ව්‍යාප්තිය පාලනය කර ගැනීමට හැකි වූ බවයි ඔවුන් පවසන්නේ.

The post කොවිඩ් ව්‍යාප්තිය පාලනය සඳහා ෆින්ලන්තය නව සීමා පනවයි appeared first on ITN News.

Read More »

ගුවන් සේවා කර්මාන්තයේ දහස් ගණනකගේ රැකියා අහිමි වීමේ අවධානමක්  

0 comments

ගුවන් සේවා කර්මාන්තයේ සේවයේ නියුතු දහස් ගණනක් තම රැකියා අහිමි වීමේ අවධානමකට මුහුණ දී සිටින බව ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමය සදහන් කරනවා.

කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් පාඩු ලබන ගුවන් සේවාවන් තම දෛනික වියදම පියවා ගැනීමට තරම්වත් ආදායමක් නොලබන බවයි එම සංගමය සදහන් කරන්නේ. ගුවන් සේවා අයත් රටවල් හි රජයන් මගින් ඔවුන්ගේ පාඩුව මග හරවා ගැනීමට අවශ්‍ය තරම් ආධාර මුදල් ද නොලැබෙන තත්ත්වයක් මේ වන විට පැනනැගී තිබෙනවා.

2019 වසරට සාපේක්ෂව මෙම වසරේදී ගුවන් වාර සියයට හැට හයකින් පමණ පහත වැටී ඇති බවයි නවතම වාර්තා පෙන්වා දෙන්නේ.

මෙය යථා තත්ත්වයට පත් වීමට නම් තවත් වසර හතරක කාලයක්වත් අවශ්‍ය බව විශ්ලේෂකයින් සදහන් කරනවා. මේ වනවිටත් ලොව ප්‍රමුඛ පෙලේ ගුවන් සමාගම් විසින් දහස් ගණනකගේ රැකියා කප්පාදුවන් පිළිබද නිවේදනය කර තිබෙනවා.

 

 

The post ගුවන් සේවා කර්මාන්තයේ දහස් ගණනකගේ රැකියා අහිමි වීමේ අවධානමක් appeared first on ITN News.

Read More »

කුවේටයේ එමීර්වරයා ලෙස කටයුතු කළ ෂෙයික් සබා අල් අහමද් අල් සබා ජිවිතක්ෂයට  

0 comments

කුවේටයේ එමීර්වරයා ලෙස කටයුතු කළ ෂෙයික් සබා අල් අහමද් අල් සබා ඊයේ (29) ජීවිතයෙන් සමුගත්තා. ඒ  අනූඑක් හැවිරිදි වියේදී.

ෂෙයික් සබා 2006 වසරේ සිට කුවේටය පාලනය කරන අතර ඇමෙරිකානු හිතවාදී ප්‍රතිපත්තියක් යටතේ සිය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළා. ඔටුන්න හිමි කුමරු වන ඔහුගේ සොයුරු ෂෙයික් නවාෆ් අල් අහමද් අල් සබා මීළග එමීර්වරයා ලෙස පත්වීමට නියමිතයි. ෂෙයික් සබාගේ පාලන කාලය තුළදී සෞදි අරාබිය සමග ද දැඩි මිත්‍රත්ත්වයක් ඇතිකරගත් අතර කුවේටයේ ඛණිජතෙල් ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට සමත් වුණා.

එසේම වරක් කුවේටය ආක්‍රමණය කළ ඉරාකය සමග පැවති සම්බන්ධතා ඔහුගේ පාලන කාලය තුළදී වර්ධනය වූ අතර ඉරානය සමග සංවාදයකට එළඹීමට හැකිවුණා. ගල්ෆ් කලාපයේ සාමය ආරක්ෂාකර ගැනීම වෙනුවෙන් ෂෙයික් සබාගෙන් සිදුවූයේ විශේෂ මෙහෙවරක්.

 

 

 

The post කුවේටයේ එමීර්වරයා ලෙස කටයුතු කළ ෂෙයික් සබා අල් අහමද් අල් සබා ජිවිතක්ෂයට appeared first on ITN News.

Read More »

ඇමෙරිකා ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනාගේ පළමු සංවාදය ඇරඹෙයි  

0 comments

ඇමෙරිකා ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා වන ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා ජෝ බයිඩන් අතර පළමු සංවාදය මේ වනවිට පැවැත්වෙනවා.

මෙම සංවාදය ෆොක්ස් නාලිකාව මගින් සජීවීව විකාශය වන අතර එය උණුසුම් මුහුණුවරක් ගෙන ඇති බවයි වාර්තා වන්නේ. කොරෝනා වෛරස ව්‍යාප්තිය,  ශ්‍රේෂ්ඨාධිකරණයේ පුරප්පාඩු පිරවීම,  කලු ජාතිකයින්ට සිදුවන අසාධාරණ හා සෞඛ්‍ය පද්ධතිය පිළිබද දෙදෙනා වාග් ප්‍රහාර එල්ල කරගන්නා බව විදෙස් මාධ්‍ය සදහන් කරනවා.

ජනාධිපති ට්‍රම්ප්,  ජෝ බයිඩන්ගේ අදහස් ප්‍රකාශ කිරීමට අඛණ්ඩව බාධා සිදුකරන ආකාරය මෙහිදී දක්නට ලැබුණා. විවාදය මධ්‍යයේ ජෝ බයිඩන් විසින් ජනාධිපතිවරයාට නිශ්ශබ්දව සිටින ලෙස බැනවදින ආකාරය ද සජීවීව ලොව පුරා මිලියන ගණන් ප්‍රේක්ෂකයින්ට දැකගත හැකිවුණා.

කෙසේ වුවද අපේක්ෂකයින් දෙදෙනා අතර තවත් සජීවී විවාද දෙකක් නොවැම්බර් තුන්වන දිනට පෙර පැවැත්වීමට නියමිත අතර මෙම විවාදයේ ජයග්‍රාහකයා පසුව නිවේදනය කිරීමට නියමිතයි.

 

 

 

 

The post ඇමෙරිකා ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනාගේ පළමු සංවාදය ඇරඹෙයි appeared first on ITN News.

Read More »

5000 නෝට්ටු 39ක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට  

0 comments

ව්‍යාජ ලෙස සකස් කළ රුපියල් පන්දහසේ මුදල් නෝට්ටු 39 ක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ උඩුදුම්බර නගරයේදී. ඔහු ව්‍යාපාරික ස්ථාන කිහිපයක්ම පවත්වාගෙන යන පුද්ගලයෙක්.

ව්‍යාජ මුදල් නෝට්ටු එම සැකකරුට ලැබුණු ආකාරය පිලිබඳව සෙවීම සඳහා විමර්ෂණයක් කි‍්‍රයාත්මක බවයි උඩුදුම්බර පොලිසිය පවසන්නේ.

The post 5000 නෝට්ටු 39ක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට appeared first on ITN News.

Read More »

හදවත් රෝග විනිශ්චයන් සිදු කිරීම සඳහා නව මෘදුකාංගයක්  

0 comments

හදවත් රෝග විනිශ්චයන් සිදු කිරීම සඳහා නව මෘදුකාංගයක් හදුන්වාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතුකර තිබෙනවා.

ලෝක හදවත් දිනයට සමගාමී ලෙසයි මෙම මෘදුකාංගය හදුන්වාදී ඇත්තේ.

ජංගම දුරකතන යෙදවුමක් ලෙස භාවිත කළ හැකි මෙම මෘදුකාංගය මගින් රෝගී පරීක්ෂාවෙන් පසු රෝග විනිශ්චය පිළිබඳ තොරතුරු පෞද්ගලික දුරකතනය වෙත ලබාදීම සිදුකෙරෙනවා. හෘද රෝග වැළදීමට ඇති අවදානම මැඩලීමට හා ප්‍රතිකාර සේවා ශක්තිමත් කිරීමට ද මෙම මෘදුකාංගය භාවිත කරන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

මෙවර ලෝක හදවත් දිනය හදවතින්ම හදවත රකිමු යන්න තේමාව යටතේ සැමරුණා.

 

 

 

 

The post හදවත් රෝග විනිශ්චයන් සිදු කිරීම සඳහා නව මෘදුකාංගයක් appeared first on ITN News.

Read More »

බස්නාහිර පළාත තුළ සිදුකළ විශේෂ වැටලිම්වලින් සැකකරුවන් 459ක් අත්අඩංගුවට  

0 comments

බස්නාහිර පළාතේ සිදුකළ වැටලිම්වලින් පුද්ගලයන් 459 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය පැය 24 තුළ මෙහෙයුම් සිදුකළ බවයි බස්නාහිර පළාත භාර ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසන්නේ.

දෙමටගොඩ පොලිස් වසමේදී හෙරොයින් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෝදර පොලිස් වසමේදී අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් තුන් දෙනෙක් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සදහන් කළේ.

The post බස්නාහිර පළාත තුළ සිදුකළ විශේෂ වැටලිම්වලින් සැකකරුවන් 459ක් අත්අඩංගුවට appeared first on ITN News.

Read More »

යුද හමුදාවේ 71 වන සංවත්සරයට සමගාමීව ධජවලට සෙත් පැතීම අද  

0 comments

යුද හමුදාවේ 71 වන සංවත්සරයට සමගාමීව ධජවලට සෙත් පැතීම අද (30) සිදුවනවා.

අනුරාධපුර ජය ශ‍්‍රි මහ බෝ සමිදුන් අභියසදී වැඩසටහන් පැවැත්වෙන බවයි යුද හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් චන්දන වික‍්‍රමසිංහ මහතා සඳහන් කළේ.

The post යුද හමුදාවේ 71 වන සංවත්සරයට සමගාමීව ධජවලට සෙත් පැතීම අද appeared first on ITN News.

Read More »

දිවයිනේ ප‍්‍රදේශ රැසකට වැසි  

0 comments

දිවයිනේ ප‍්‍රදේශ රැසකට වැසි හට ගන්නා බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50 ක පමණ තරමක තද වැසි ද ඇති විය හැක.

ඇතැම් ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලේා් මිටර 50 ක් පමණ විය හැකි බවයි කාර්යේ නියුතු කාලගුණ විද්‍යාඥ නදීකා රණවීර මහත්මිය පවසන්නේ.

මුහුද ආශි‍්‍රත සුළගේ වේගයද පැයට කිලෝ මිටර 55 දක්වාඉහළ යාමේ හැකියාවක් පවතිනවා.

The post දිවයිනේ ප‍්‍රදේශ රැසකට වැසි appeared first on ITN News.

Read More »

කොවිඩ් නයින්ටීන් ආර්ථික බලපෑම් ගැන වාර්තාවක්  

0 comments

කොවිඩ් නයින්ටීන් හේතුවෙන් ලොව පුරා එල්ල වී ඇති බලපෑම් සම්බන්ධයෙන් ලෝක බැංකුව වාර්තාවක් නිකුත් කළා.

නැගෙනහිර සහ පැසිෆික් ආසියා කලාපයට ගැටලු රැසක් හටගෙන තිබෙනවා. මිලියන 38 ක පිරිසක් දරිද්‍රතාවට පත්ව ඇති බවයි ඉන් හෙළිවුණේ. කොවිඩ් නයින්ටීන් හේතුවෙන් රැකියා අහිමි වීම සහ ආර්ථික වර්ධනය අඩාල වීම ඇතුළු කරුණු ගණනාවක් ඊට හේතුවී තිබෙනවා. අභියෝග රැසකට මුහුණ දීමට සිදුවන බවයි ලෝක බැංකුව පවසන්නේ.

ඒවා අවම කර ගැනීම සඳහා නව ප‍්‍රතිපත්ති හදුන්වා දීම මූලික අවශ්‍යතාවක්. ආයෝජන අවස්ථා වැඩි කර සමාජ ආරක්ෂණ ප‍්‍රතිපත්ති පුළුල්ව කි‍්‍රයාත්මක කළ යුතු බවයි ලෝක බැංකුව සිය වාර්තාවෙන් පෙන්වා දී තිබෙන්නේ.

කොවිඩ් නයින්ටීන් හේතුවෙන් ඉන්දියාව, බ‍්‍රසීලය සහ ඇමරිකාව ඇතූළු රටවලටත් දැඩි බලපෑම් එල්ලවුණා.

The post කොවිඩ් නයින්ටීන් ආර්ථික බලපෑම් ගැන වාර්තාවක් appeared first on ITN News.

Read More »

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 3,374ක් දක්වා ඉහළට  

0 comments

කොවිඩ් නයින්ටීන් ආසාදිතයන් 3374 දෙනෙක් රට තුළින් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළා.

සුවය ලබා පිටත්ව ගොස් සිටින සංඛ්‍යාව 3230 ක්. ඒ අනුව තවත් 131 දෙනෙක් ප‍්‍රතිකාර ලබනවා.

The post මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 3,374ක් දක්වා ඉහළට appeared first on ITN News.

Read More »

පොලිස් නිශ්කාෂන අයදුම්පත් භාරගන්නා කාර්යාලය අද සිට යළි විවෘත කෙරේ  

0 comments

පොලිස් නිශ්කාෂන අයදුම්පත් භාරගන්නා කාර්යාලය අද (30) සිට යළි විවෘත කරන බව පොලිස් මූලස්ථානය සදහන් කළා.

කොවිඩ් නයින්ටීන් හේතුවෙන් මාර්තු 14 වනදා සිට එය තාවකාලිකව වසා දැමීමටයි පියවර ගත්තේ . ජනතාවට සිදුවන අපහසුතා හේතුවෙන් යළිත් කාර්යාලයෙන් පහසුකම් ලබාගත හැකි බවයි මූලස්ථානය පවසන්නේ.

යුරෝපා කලාපයට සහ කොරියාවේ රැකියා අවස්ථා සදහා විදෙස්ගත වන පුද්ගලයන්ට පොලිස් වාර්තා ලබාගැනීමටයි එහිදී පහසුකම් සලසා තිබෙන්නේ. ගැටලුවක් නොමැති නම් දින 14 ක් ඇතුලත එය අදාල පුද්ගලයන්ට යොමු කරන බවත් පොලිස් මූලස්ථානය සදහන් කළා.

කෙසේවෙතත් හැකි තරම් ඔන්ලයින් ක‍්‍රමයට එම පහසුකම් සලසා ගන්නා ලෙසටත් මූලස්ථානය ඉල්ලීමක් කළා.

The post පොලිස් නිශ්කාෂන අයදුම්පත් භාරගන්නා කාර්යාලය අද සිට යළි විවෘත කෙරේ appeared first on ITN News.

Read More »

උතුරු නැගෙනහිර හර්තාල් ආරක්ෂාවට තර්ජනයක් නෙවෙයි; ත්‍රස්තවාදයට නිසි පිළිතුර ලබාදී ඇත – අගමැති  

0 comments

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම සදහා කිසිදු ගැටලුවක් ඇතිවන්නේ නැති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතනවල ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරුන් හා පුවත්පත් කතුවරුන් සමග පැවති හමුවේදීයි අග්‍රාමාත්‍යවරයා මේ බව කියාසිටියේ.

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් යොමුකළ තවත් ප්‍රශ්න රැසකටම අග්‍රාමාත්‍යවරයා පිළිතුරු ලබාදුන්නා. මැතිඇමතිවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වුණා.

 

 

 

 

 

 

The post උතුරු නැගෙනහිර හර්තාල් ආරක්ෂාවට තර්ජනයක් නෙවෙයි; ත්‍රස්තවාදයට නිසි පිළිතුර ලබාදී ඇත – අගමැති appeared first on ITN News.

Read More »

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අඩු ආදායම්ලාභී රටවලට කෝවිඩ් පරීක්ෂණ කට්ටල  

0 comments

විනාඩි 15 ත් 30 ත් අතර කාලය ඇතුළත ප්‍රතිඵල ලබාදිය හැකි කෝවිඩ් 19 පරික්ෂණ කටට්ල මිලියන 120 ක් අඩු ආදායම් රටවලට ලබාදීමට ලෝක සෞඛ්‍ය සංවිධානය සූදානම් වනවා.

ඇමෙරිකා ඩොලර් 05 ක් වැනි මුදලකට මෙම පරික්ෂණ කට්ටල ලබාදීමටයි කටයුතු යොදා තිබෙන්නේ. ඉදිරි මාස 6 තුළ ලෝකයේ රටවල් 133 කට මෙම පරික්ෂණ කට්ටල ලබාදීමට නියමිතයි. ඉදිරි කටයුතු සදහා අදාළ ඖෂධ නිෂ්පාදන සමාගම සමග ලෝක සෞඛ්‍ය සංවිධානය  ගිවිසුමකට එළඹුණු බව එහි ප්‍රධානී ටෙඩ්රෝස් ඇඩනම් ගේබ්‍රියේසස් ජිනීවා නුවුර ඊයේ පැවති සැසි වාරයේදී දැනුම් දී තිබෙනවා. මෙම කොවිඩ් 19 පරික්ෂාවන් අඩු වියදමිකින් සිදු කිරීම සදහා බිල්  සහ මෙලින්ඩා පදනම මූල්‍යාධාර සපයන බවයි වාර්තා වන්නේ.

 

 

 

 

The post ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අඩු ආදායම්ලාභී රටවලට කෝවිඩ් පරීක්ෂණ කට්ටල appeared first on ITN News.

Read More »

සාලමුල්ලේ සඳා හෙරොයින් සමඟ පොලීසියට කොටු වෙයි  

0 comments

මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක බව කියන සඳමාලි සිල්වා නොහොත් සාලමුල්ල සදා සහ ඇයගේ සැමියා හෙරොයින් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. පාසල් ආශ්‍රිත මත්ද්‍රව්‍ය වැටලීමේ ඒකකය මගින් මීට පෙර සාලමුල්ල ප්‍රදේශයේදී  අත්අඩංගුවට ගත් සැකකාරියන් තුන් දෙනෙකුගෙන් ලද තොරතුරුවලට අනුවයි වැටලීම සිදු කරඇත්තේ. එහිදී සාලමුල්ල සදා සහ ඔහුගේ සැමියා අත්අඩංගුවට ගෙන තිබෙන්නේ හෙරොයින් ග්‍රෑම් 5 මිලිග්‍රෑම් 50 ක්  ද සමගයි. කොළඹ අපරාධ කොට්ඨාසය වැටලීම සිදු කළා.

The post සාලමුල්ලේ සඳා හෙරොයින් සමඟ පොලීසියට කොටු වෙයි appeared first on ITN News.

Read More »

වල්ලපට්ටා කුඩු කිලෝ ග්‍රෑම් 446 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට  

0 comments

වල්ලපට්ටා කුඩු කිලෝ ග්‍රෑම් 446 ක් සමග සැකකරුවෙකු වැලිගම කපුවත්ත දෙණිපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසනවා. අඹරන ලද වල්ලපට්ට කුඩු බවට සැකකරන මෙම කුඩු කිලෝ ග්‍රෑම් 446 සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

The post වල්ලපට්ටා කුඩු කිලෝ ග්‍රෑම් 446 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට appeared first on ITN News.

Read More »

ඌරගහ මයිකල්ගේ සමීපතමයෙකු හෙරොයින් සමඟ අත්අඩංගුවට  

0 comments

දකුණේ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ඌරගහ මයිකල් නැමැත්තාගේ සමීපතමයෙකු හෙරොයින් සමඟ අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වුණා. ඔහු ඌරගහ පිටිගල ඇත්කදුර ආදී ප්‍රදේශවල මත්කුඩු බෙදා හැරීමේ නිරතව සිටි බවයි පොලිසිය පවසන්නේ.

මත්කුඩු ජාවාරම්කරුවෙකු වූ අවිස්සාවේල්ලේ ගවුස් නැමැත්තාගේ සමීපතමයෙකුද හෙරොයින් ග්‍රෑම් එකොළහයි මිලිග්‍රෑම් තුන්සිය හතළිස් දෙකක් සමග බොරැල්ලේ දී අත්අඩංගුවට ගැනීමට සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය සමත් වුණා. හතළිස් අට හැවිරිදි මෙම සැකකරු ත්‍රීරෝද රථ රියදුරෙකු වනවා. සැකකරු සම්බන්ධයෙන් අංශ කිහිපයක් ඔස්සේ වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි

The post ඌරගහ මයිකල්ගේ සමීපතමයෙකු හෙරොයින් සමඟ අත්අඩංගුවට appeared first on ITN News.

Read More »

කසළ තේ කිලෝ 5320 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට  

0 comments

කසළ තේ කිලෝ ග්‍රෑම් පන්දහස් තුන්සිය විස්සක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත් වුණා. ඇල්පිටිය ඉදිගහවෙල ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් තිබු මෙම කසල තොගය සමග සැකකරු අත්අඩංගුවටගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සදහන් කළේ.

The post කසළ තේ කිලෝ 5320 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට appeared first on ITN News.

Read More »

සුවය ලැබූ සංඛ්‍යාව 3,230ක් දක්වා ඉහළට  

0 comments

තවත් කොරෝනා ආසාදිතයන් 20 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටත්ව ගොස් තිබෙනවා.

ඒ අනුව මේ වන විට සුවය ලැබූ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 3,230ක්  දක්වා ඉහළ ගියා.

The post සුවය ලැබූ සංඛ්‍යාව 3,230ක් දක්වා ඉහළට appeared first on ITN News.

Read More »

ලක්ෂ 17 කට අධික මදන මෝදක තොගයක් සමඟ ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට  

0 comments

රුපියල් ලක්ෂ 17 කට අධික වටිනාකමින් යුත් ගංජා මිශ්‍ර මදන මෝදක තොගයක් සමග ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ගැනීමට තෙබුවන පොලීසිය සමත් වුණා. පාසැල් සිසුන් ඉලක්ක කර ගනිමින් සැකකරු මෙම මදන මෝදක අලෙවි කිරීමේ නිරත වී සිටි බවයි පොලීසිය පවසන්නේ. සැකකරුගේ නිවසේ සිවිලිම තුළ මෙම මදන මෝදක තොගය සගවා තිබුණා.

මේ අතර හෙරොයින් ග්‍රෑම් පන්සිය දහයයි මිලිග්‍රෑම් හත්සියයක් සමග සැකකරුවන් දෙදෙනකු අතුරුගිරිය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මාලඹේ දහයේ කණුව ප්‍රදේශයේ අබලි යකඩ එක්රැස් කරන ස්ථානයක මෙම හෙරොයින් ජාවාරම සිදුකර ඇති බවයි පොලීසිය පවසන්නේ. සැකකරුවන් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමටයි කටයුතු කෙරුණේ.

The post ලක්ෂ 17 කට අධික මදන මෝදක තොගයක් සමඟ ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට appeared first on ITN News.

Read More »

ටෙනිසන් කුරේ මහතාගේ අවසන් කටයුතු අනිද්දා  

0 comments

සුවහසක් ප්‍රේක්ෂකයින්ගේ මුවග සිනහවෙන් සැරසූ ජනප්‍රිය ප්‍රහසන රංගන ශිල්පි ටෙනිසන් කුරේ අනිද්දා දිනයේදී දැයට සමුදෙනවා. ඒ මොරටුමුල්ල මෙතෝදිස්ථ දේවස්ථාන සුසාන භූමියේදීයී. ඒ මහතාට අවසන් ගෞරව දැක්වීම සදහා විශාල පිරිසක් ඔහුගේ නිවස වෙත පැමිණෙමින්  සිටිනවා.

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ටෙන්සන් කුරේ මහතා අභාවප්‍රාප්ත වන විට හැට අටවන වියේ පසුවුණා. 1986 වසරේ පෙරළිකාරයෝ චිත්‍රපටයෙන් සිනමා රංගනයට පිවිසි ඒ මහතා ප්‍රහසන රංගන ශිල්පියෙකු ලෙස ජනාදරයට පත්වුණා. රෑ දනියෙල් දවල් මිගෙල්, චෙරියෝ ඩාලින්, කොළොම්පූර්, පාර්ලිමන්ට් ජෝක්ස්, සොමි බෝයිස් ඇතුළු චිත්‍රපට රැසකට රංගනයෙන් දායක වූ ටෙනිසන් කුරේ මහතා ප්‍රහසන නාට්‍ය රැසකට ද නිර්මාණ දායකත්වය ලබා දුන්නා. ටෙනිසන් කුරේ මහතාගේ දේහය නිවස වෙත රැගෙන ඒමටත් පෙර සිටම ඔහුගේ නිවස වෙත කලාකරුවන්, දේශපාලනඥයන් ඇතුළු ජනතාව එක් රොක්ව සිටින්නේ සිය ආදරනීය කලාකරුවාට අවසන් බුහුමන් දැක්වීමටයි.

The post ටෙනිසන් කුරේ මහතාගේ අවසන් කටයුතු අනිද්දා appeared first on ITN News.

Read More »

කඩා වැටුණු බූවැලිකඩ පස් මහල් නිවසේ අයිතිකරු අත්අඩංගුවට  

0 comments

මහනුවර බූවැලිකඩ ප්‍රදේශයේදී පස්මහල් ගොඩනැගිල්ලක් කඩා වැටීම සම්බන්ධයෙන් එම ගොඩනැගිල්ලේ හිමිකරු වන අනුර ලෙව්කේ මහතා අත්අඩගුවට ගෙන තිබෙනවා. ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලීසිය සදහන් කළේ.

මහනුවර බූවැලිකඩ සංඝමිත්තා මාවතේ පස්මහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් අඹුසැමි යුවල සහ ඔවුන්ගේ මාස එකහමාරක් වයසැති බිළිදිය ජීවිතක්ෂයට පත් වූයේ ඉකුත් 20 වනදායි. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකුගෙන් යුත් පස් දෙනෙකුගෙන් සමන්විත පොලිස් කණ්ඩායමක් පරික්ෂණ කටයුතු ආරම්භ කළා. සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට  කමිටුවක් ද පත් කෙරුණු අතර අදාළ කමිටුවේ වාර්තාව විශ්ලේෂණය කිරීමෙන් අනතුරුවයි ගොඩනැගිල්ලේ හිමිකරු  අද පෙරවරුවේ අත්අඩංගුවට ගැනුනේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ ක්‍රියාත්මකයි.

 

 

The post කඩා වැටුණු බූවැලිකඩ පස් මහල් නිවසේ අයිතිකරු අත්අඩංගුවට appeared first on ITN News.

Read More »

පාඨලීගේ රියැදුරුට වරෙන්තු  

0 comments

රාජගිරිය  ප්‍රදේශයේදී රිය අනතුරක් සිදු කර තරුණයකුට බරපතල තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ  රියදුරු දිලුම් තුසිත කුමාර යන අය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණය වරෙන්තු නිකුත් කළා. ඒ ඔහු අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙනුයි. මෙම නඩුවේ දෙවන විත්තිකරු ඔහුයි.

 

 

 

 

 

The post පාඨලීගේ රියැදුරුට වරෙන්තු appeared first on ITN News.

Read More »

සහරාන්ලා ගැන කිව්ව දේ ඇහුවානම් බෝම්බ පුපුරන්නෙත් නෑ – විජේදාස කියයි  

0 comments

IS. සංවිධානය ගැන තමන් පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය පිලිබද පැවති රජය අවාධනය යොමු කළේ නම් පාස්කු ප්‍රහාරය මෙන්ම ආණ්ඩු බලය අහිමිවීම හා එක්සත් ජාතික පක්ෂයේ විනාශය ද වළක්වාගත හැකිව තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පවසනවා.

පාස්කු ප්‍රහාරය පිලිබද සොයා බලන ජනාධිපති කොමිසම හමුවේයි ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ. මේ අතර සහරාන් හෂීම් පිටුපස ශක්තිමත් මෙහෙයුම් බලවේගයක් තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා පවසනවා. විජේදාස රාජපක්ෂ මහතා ජනාධිපති කොමිසම හමුවේ සිදු කළ සාක්ෂි විමසීමක් සම්බන්ධයෙන් හරස් ප්‍රශ්න ඇසීමට මුජිබුර් රහුමාන් මහතා ඉල්ලා තිබුණා. ඒ අනුව ඔවුන් දෙදෙනා කොමිසම හමුවට ඊයේ කැදවා තිබුණා.

පාස්කු ප්‍රහාරයට මාස 30 කට පෙර තමන් පාර්ලිමේන්තුවේදී කළ කතාව සම්බන්ධයෙන්   අවධානය  යොමු කළේ නම් මෙම මිනිස් ඝාතනය වළක්වාගැනීමට තිබුනා නොවේදැයි විජේදාස රාජපක්ෂ මහතා රහුමාන් මහතාගෙන් ප්‍රශ්න කර සිටියා.   එහිදී රහුමාන් මන්ත්‍රීරයා  කියා සිටියේ දිගන සිදු වීමෙන් පසු තමන්ද සහරාන් ගැන පොලීසියට පැමිණිලි කළ බවයි. ඒ අනුව වැඩ තහනමට ලක්ව සිටින නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා,  සහරාන් ඇල්ලීමට වරෙන්තුවක්ද ලබාගෙන තිබුණා. අවසානයේ නාමල් කුමාර කෙනෙක්ව දාලා සහරාන් අල්ලන්න ගිය නාලක සිල්වා හිරේ දැම්මා. ඒකයි මම කියන්නේ අදෘෂ්‍යමාන බලවේගයක් සහරාන් බේරගන්න වැඩ කළා යැයි මුජිබුර් රහුමාන් මන්ත්‍රීවරයා පැවසුවා. මේ රටේ මුස්ලිම් ජනතාවට බෝම්බ පුපුරවන්න තරම් ප්‍රශ්න තිබුණේ නැහැ. සහරාන් මේක කළේ මුස්ලිම් ජනතාව වෙනුවෙන් නෙමෙයි. මෙකෙන් මුස්ලිම් ජනතාවට වුණ සෙතක් නැහැ. සමාජයෙන් කොන් වුණ එක ඇරෙන්න. මගේ දරුවාව මුස්ලිම් පාසලකට දාලා තිබුණේ නැහැ. සහජීවනය ඉගෙන ගන්න ජාතික පාසලකටයි දාල තිබුණේ. නමුත් මේ සිදුවීමෙන් පසු දරුවා සති දෙකක් ඉස්කෝලේ ගියේ නැහැ.  ඉස්කෝලේ මාරු කරන්නත් වුණා. ඒකයි මම කියන්නේ මේ වැඩේ සහරාන් කළේ මුස්ලිම් ජනතාව වෙනුවෙන් නොව වෙන කාගෙ හරි උවමනාවකට බව. මම ඒ කවුද කියලයි සොයන්නේ. යනුවෙන්ද රහුමාන් මන්ත්‍රීවරයා පැවසුවා.

 

The post සහරාන්ලා ගැන කිව්ව දේ ඇහුවානම් බෝම්බ පුපුරන්නෙත් නෑ – විජේදාස කියයි appeared first on ITN News.

Read More »

සෑම මැතිවරණ කොට්ඨාසයකටම මහල් නිවාස සංකීර්ණයක්  

0 comments

අඩු ආදායම්ලාභීන් සදහා සෑම මැතිවරණ කොට්ඨාසයකම මහල් නිවාස ලබාදීමේ වැඩපිළිවෙළකට සැලසුම් සකස් කර තිබෙනවා.

නිවාස ඒකක සියයකින් යුත් මහල් නිවාස සංකීර්ණ ඉදිකිරීම සදහා සියලු සැලසුම් සකස් කොට ඇතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. අරලියගහ මන්දිරයේදී මාධ්‍ය ආයතන ප්‍රවෘත්ති අංශ ප්‍රධානීන් සමග අද උදෑසන පැවති සාකච්ඡාවකදීයි අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ. නිවාස අමාත්‍යවරයා ලෙස තමන් ඒ සදහා අවශ්‍ය සැලසුම් මේ වනවිටත් සකස් කර ඇතැයි ද ඉලක්ක ගත කාලපරාසයක් තුළ සෑම මැතිවරණ කොට්ඨාසයකටම මහල් නිවාස සංකීර්ණ ඉදිකර නිවාස අහිමි අඩු ආදායම්ලාභීන් සදහා එම නිවාස ලබාදීමට පියවර ගන්නා බවද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එහිදී කියා සිටියා. මේ අතර කොරෝනා අර්බුදය හමුවේ ඇද වැටී ඇති සංචාරක ව්‍යාපාරය යළි නගාසිටුවීමට අවශ්‍ය සැලසුම් සකස් කර ඇතැයිද අග්‍රාමාත්‍යවරයා මාධ්‍ය ප්‍රධානීන් හමුවේ හෙළි කළා. මේ වන විටත් දේශීය සංචාරකයන් සංචාරයන් සදහා යොමුවීමේ ප්‍රවණතාව ඉහළයමින් පවතිනවා. ඉදිරියේදී ගුවන්තොටුපොළ විවෘත වීමත් සමග විදේශීය සංචාරකයන් රට තුළට යළි පැමිණීමත් සමග සංචාරක කර්මාන්තය දියුණු කිරීමට සහ ඒ සදහා එම ව්‍යාපාරිකයන්ට අවශ්‍ය පහසුකම් ලබාදීමටද රජය පියවර ගැනීමට සැලසුම් කර ඇතැයි ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී තවදුරටත් ප්‍රකාශ කළා.

 

The post සෑම මැතිවරණ කොට්ඨාසයකටම මහල් නිවාස සංකීර්ණයක් appeared first on ITN News.

Read More »

ඉහළ තාක්ෂණයෙන් යුත් මහා පරිමාණ කිරි ගොවිපොළ දහයක්  

0 comments

ඉහළ තාක්ෂණය භාවිත කර මහා පරිමාණ කිරි ගොවිපොළ දහයක් ආරම්භ කරන බව ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සදහා වන ජනාධිපති කාර්ය සාධක බළකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පවසනවා.

ඉදිරි වසර කිහිපය තුළ දේශීය ආයෝජකයින් දිරිගන්වමින් මෙරට කිරි අවශ්‍යතාව දේශීයව නිෂ්පාදනය කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සදහා වන ජනාධිපති කාර්ය සාධක බළකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා හා ආයෝජකයින් අතර අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. දේශීය කිරි අවශ්‍යතාවෙන් සියයට අසූ පහක් කුඩා පරිමාණ හා මධ්‍ය පරිමාණ දේශීය කිරි ගොවිපොළ මගින් නිපදවනවා. මෙම නිෂ්පාදකයින්ට අමතරව නව කිරි නිෂ්පාදකයින් බිහි කිරීම මෙම වැඩපිළිවෙළ යටතේ අපේක්ෂා කෙරෙනවා. ආයෝජන මණ්ඩලය හරහා සහන සහ දිරිගැන්වීම් සිදු කෙරෙනු ඇති. සිසිල් දේශගුණික ප්‍රදේශවලින් හා වියළි දේශගුණික ප්‍රදේශවලින් සත්ව ආහාර සදහා අවශ්‍ය බඩඉරිගු සහ තෘණ වර්ග වගා කිරීම සදහා රජයේ ඉඩම් ලබාදීමට නියමිතයි. ඉදිරි අවශ්‍යතා සපුරාලීම සදහා අවශ්‍ය බඩඉරිගු මහ කන්නයේදී වගා කර ඇති බවද මෙම සාකච්ඡාවේදී හෙළි වුණා. කිරිගොවිපොළ පවත්වාගෙන යාමට ඉඩම් පහසුකම් ඇති ආයෝජකයින් සදහා ප්‍රමුඛතාව ලබාදෙන අතර මේ වන විටත් වැවිලි සමාගම් නවයක් ඊට එකගතාව පළ කර තිබෙනවා.

රජය මගින් පාලනය වන ඉඩම් පෞද්ගලික ආයතනවලට ලබා නොදීමට තීරණය කර ඇති බැවින් අවශ්‍යතාව පවතී නම් ඒකාබද්ධ ව්‍යාපෘති ලෙස ක්‍රියාත්මක වීමේ හැකියාව පවතිනවා. රජයේ ආයතන මගින් පාලනය වන ඉඩම් වෙනුවට මෙතෙක් ප්‍රයෝජනයට නොගත් වගා කළ හැකි ඉඩම් පමණක් ඉල්ලුම් කරන ලෙස බැසිල් රාජපක්ෂ මහතා ආයෝජකයින්ගෙන් ඉල්ලා සිටියා. කිරි නිෂ්පාදන අංශය දියුණු කිරීමේදී ඇතිවන ගැටලු සම්බන්ධයෙන්ද ආයෝජකයින් අදහස් දැක් වූ අතර දේශීය නිෂ්පාදනවලට ප්‍රමුඛතාව ලබාදීම රජයේ අරමුණ බැවින් එම ගැටලු නිරාකරණය කිරීමට රාජ්‍ය ආයතනවල සහාය හිමිවන බවද බැසිල් රාජපක්ෂ මහතා තවදුරටත් සදහන් කළා. දිවි නැගුම ව්‍යාපෘතිය යටතේ ආනයනය කළ කිරිගවයින් යොදා ගනිමින් ආරම්භ කළ වටවල කිරි නිෂ්පාදන ගොවිපොළ නිරීක්ෂණයටද බැසිල් රාජපක්ෂ මහතා එක් වුණා. කිරිගවයින් දහසක් සිටින මෙම ගොවිපොළේ දිනකට නිෂ්පාදනය කෙරෙන කිරි ප්‍රමාණය ලීටර් දාහත් දහසක්. අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ හා එස් එම් චන්ද්‍රසේන, රාජ්‍ය අමාත්‍ය කනක හේරත් යන මහත්වරුන් ඇතුළු පිරිසක් මීට එක්ව සිටියා.

 

 

The post ඉහළ තාක්ෂණයෙන් යුත් මහා පරිමාණ කිරි ගොවිපොළ දහයක් appeared first on ITN News.

Read More »

ජනතාවගේ ආරක්ෂකයා ලෙස යුද හමුදාව සෑම උවදුරකදීම කටයුතු කරනවා  

0 comments

රටේ ජනතාවගේ ආරක්ෂකයා ලෙස  යුද හමුදාව සෑම උවදුරකදීම උරදී කටයුතු කරන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

යුද හමුදාපතිවරයා මේ බව සදහන් කළේ යුද හමුදාවේ රෙජිමේන්තු 28 හි ධජ දළදා සමිදු අභියස තබා ආශිර්වාද ගැන්වීමෙන්  අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමනුයි. ලබන 10 වනදාට යෙදෙන යුද හමුදා 71 වන සංවත්සරය වෙනුවෙනුයි මෙය සිදු කෙරුණේ. රට වෙනුවෙන් දිවිපිදූ සියලු රණවිරුවන්ට පිං පැමිණවීමත් දැනට සේවයේ නිරත රණවිරුවන්ට සෙත් පැතීමත් මෙහි අරමුණක් වුණා. යුද හමුදාවේ  71 වන සාංවත්සරික උත්සවය ලබන 10 වනදා ගාලු මුවදොර පිටියේදී පැවැත්වීමට නියමිතයි.

 

 

 

The post ජනතාවගේ ආරක්ෂකයා ලෙස යුද හමුදාව සෑම උවදුරකදීම කටයුතු කරනවා appeared first on ITN News.

Read More »

කන්තලේ සීනි කර්මාන්තශාලාව යළි ආරම්භ කිරීමට පියවර  

0 comments

වසර විසිහයක් තිස්සේ වසා දමා ඇති කන්තලේ සීනි කර්මාන්තශාලාව යළි ආරම්භ කිරීමට පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසනවා. එහි වත්මන් තත්ත්වය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුවයි අමත්‍යවරයා මේ බව කියා සිටියේ.

1960 වසරේදී ආරම්භ කළ කන්තලේ සීනි කර්මාන්තශාලාව අක්කර විසිඑකක භූමි භාගයක් පුරා පැතිරී තිබෙනවා. සෘජු හා වක්‍ර රැකියා පන්දහසක් පමණ නිර්මාණය වූ මෙම සීනි කර්මාන්තශාලාව රටට මහා සම්පතක් වුවද එය වසර විසිහයක් තිස්සේ වසා දමා තිබෙන්නේ බොහෝ පිරිසකට ආදායම් මාර්ගද අහිමි කරමින්. මේ වන විට එහි සේවයේ නිරත ආරක්ෂක නිලධාරීන් තිස් හතර දෙනෙකු සිටින අතර ඔවුන්ට නිසි අයුරින් වැටුප් නොලැබෙන බව ද කර්මාන්තශාලාවේ තත්ත්වය නිරීක්ෂණය කළ රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා හමුවේ එම නිලධාරීන් සදහන් කළා. මේ වන විටත් එම භූමියේ අක්කර දහඅටක බීජ උක් ප්‍රභේද පහක් වගා කර තිබෙනවා. පසුගිය රජය සමයේ ගිවිසුමක් මගින් සමාගමකට මෙය පැවරීමෙන් විශාල පාඩුවක් සිදුව ඇති බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා මෙහිදී සදහන් කළා.

 

 

The post කන්තලේ සීනි කර්මාන්තශාලාව යළි ආරම්භ කිරීමට පියවර appeared first on ITN News.

Read More »

උතුරු කැලිෆෝනියාවේ ලැව්ගිනි සීග්‍රයෙන් ව්‍යාප්ත වෙයි  

0 comments

උතුරු කැලිෆෝනියාවේ සැන්ටාරෝසා හි ලැව්ගිනි ව්‍යාප්තිය පාලනය කරගත නොහැකි මට්ටමින් සීග්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතිනවා.

ලැව්ගිනි හේතුවෙන් අක්කර එකලොස් දහසක භූමි ප්‍රදේශයක් මුළුමනින්ම විනාශ වී ගොස් තිබෙනවා. මාස කිහිපයක සිට ව්‍යාප්ත වන ලැව්ගිනි හේතුවෙන් ඇමෙරිකාවේ ප්‍රාන්ත ගණනාවකට දැඩි බපලෑම් එල්ල වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. සමස්ථයක් ලෙස අක්කර මිලියන 3.7 ක භූමි ප්‍රදේශයක් විනාශ වී ගොස් තිබෙනවා. නිවාස 7000 කට වැඩි සංඛ්‍යාවක් සහ එරට ප්‍රසිද්ධ ස්මාරක ගණනාවක්ද ගින්නට හසුවී ඇති බවයි සදහන් වන්නේ.ගින්න හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 22 ක් දක්වා ඉහළගොස් තිබෙනවා.

 

 

****සමන්තිකා /අසංක / 10.35 (සමන්තිකා)

 

The post උතුරු කැලිෆෝනියාවේ ලැව්ගිනි සීග්‍රයෙන් ව්‍යාප්ත වෙයි appeared first on ITN News.

Read More »

මියගිය තල්මසෙකුගේ සිරුරක් නොරොච්චෝලේ මුහුදු වෙරළට ගසාගෙන එයි  

0 comments

මියගිය තල්මසෙකුගේ සිරුරක් නොරොච්චෝලේ මුහුදු වෙරළට ගසාගෙන විත් තිබෙනවා.

දින ගණනාවකට පෙර මෙම තල්මසා මියගොස් ඇති බවයි වනජීවී නිලධාරීන් පවසන්නේ. සිරුර දැඩි ලෙස නරක් වී තිබූ අතර එය කොටස් කිහිපයකට වෙන්ව තිබූ බවද එම නිලධාරීන් සදහන් කළා. පසුගිය දින කිහිපය තුළ වයඹ බටහිර වෙරළ තීරයට තල්මසුන්ගේ සිරුරු කොටස් කිහිපයක් වරින් වර ගොඩගසා තිබුණා.

මේ අතර සෝමාවතී ජාතික වනෝද්‍යානයේ සැරි සැරූ වන අලි රංචුවක සිටි වයස අවුරුද්දක් පමණ වන කුඩා පැටවෙකු පුදූර් වෙල් යායේ වැටී මියගොස් තිබෙනවා. පැටවාගේ සිරුර සොයා ගත් වනජීවී පශු වෛද්‍ය නිලධාරීන් සිදුකළ පරීක්ෂණවලදී තහවුරු වූයේ පණු රෝගයක් උත්සන්න වීමෙන් සත්වයා මරණයට පත්ව ඇති බවයි.

 

****රංජිත්/ ප්‍රියන්ති 9.40

The post මියගිය තල්මසෙකුගේ සිරුරක් නොරොච්චෝලේ මුහුදු වෙරළට ගසාගෙන එයි appeared first on ITN News.

Read More »

පකිස්ථානයේ හිටපු ජනපති අධිකරණයෙන් වරදකරුවෙකු වෙයි  

0 comments

පකිස්ථානයේ හිටපු ජනාධිපති එරට අධිකරණයක් මගින් වරදකරු බවට පත් කර තිබෙනවා.

පකිස්ථානයේ හිටපු ජනාධිපති අසීෆ් අලී සර්ධාරි අයථා මූල්‍ය ගණුදෙනුවක් සම්බන්ධයෙනුයි පාකිස්ථාන දූෂණ විරෝධී අධිකරණයක් මගින් වරදකරු බවට පත් කර තිබෙන්නේ. හිටපු ජනාධිපතිවරයාගේ සහෝදරිය වන ෆර්යාල් ටල්පූර් ද මෙම අයථා මුදල් ගණුදෙනුවට සම්බන්ධ වීම  හේතුවෙන් වරදකරුවෙක් බවට පත්ව තිබෙනවා. ව්‍යාජ බැංකු ගිණුම් භාවිතයට ගනිමින් ඔවුන් මෙම අයථා මුදල්  ගණුදෙනු සිදු කර ඇති බවටයි චෝදනා නැගෙන්නේ. පකිස්ථානයේ වත්මන් අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට එරෙහි විරෝධතා ආරම්භ වීමට පෙර  මොවුන් අත්අඩංගුවට ගැනීම විශේෂත්වයක් බවයි එරට දේශපාලනික අංශ පෙන්වා දෙන්නේ.

 

 

 

The post පකිස්ථානයේ හිටපු ජනපති අධිකරණයෙන් වරදකරුවෙකු වෙයි appeared first on ITN News.

Read More »

කෘතිම සිංචනයෙන් පළමු වරට මෙරට දී උපත ලැබූ බැටළු පැටවුන්  

0 comments

කෘතිම සිංචනය සිදු කිරීමෙන් බැටළු පැටවුන් තුන් දෙනෙකු පළමු වරට මෙරට දී උපත ලැබුවා.

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ මාදම්පේ හොර කැලේ ප්‍ර දේශයේදී උපත ලැබූ මෙම බැටළු පැටවුන් තුන් දෙනා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවනවා. රෙඩ් මැඩ්ඩ්‍රාස් නමැති ඉන්දීය වර්ගයක් වන මෙම බැටලු පැටවුන් මගින් දේශීය බැටලු පැටවුන් නිපදවා ගැනීමේ ගැටලුවට විසදුම් ලබාගත හැකි බවයි රාජ්‍ය අමාත්‍ය ඩී.බී.හේරත් මහතා සදහන් කළේ. මෙම වසරේදී කෘතීම සිංචනයට බැටළු දෙනුන් හතලිස් අට දෙනෙකු තෝරාගත් අතර ඉන් විසි අට දෙනෙකු කෘතිම සිංචනයට යොමු කෙරුණා. බැටළු දෙනුන් අට දෙනෙකු ගැබ් ගෙන ඇති අතර ඉන් තුන් දෙනෙකු මේ වනවිට පැටවුන් බිහිකර ඇති බවයි හොරකැලේ ගොවිපළ නිලධාරීන් පවසන්නේ. පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සභාපති මහාචාර්ය මංජුල පී මාගමගේ මහතා ඇතුළු පිරිසක් පැටවුන් පරීක්ෂා කිරීමේ අවස්ථාවට එක්වුණා.

The post කෘතිම සිංචනයෙන් පළමු වරට මෙරට දී උපත ලැබූ බැටළු පැටවුන් appeared first on ITN News.

Read More »

සහරාන්ලාව හදා වඩා ගත්තේ පොලීසියමයි – හිටපු පොලිස්පති පූජිත්ම කියයි  

0 comments

සහරාන් හෂීම්ට නිදහසේ මෙරට ක්‍රියාත්මක වීමට පොලිස් දෙපාර්තමේන්තුවේ ඇතැම් නොසැළකිලිමත් ක්‍රියා කලාපයන් හේතු වූ බව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ අද පිළිගත්තා.

පාස්කු ප්‍රහාරයට පෙර සහරාන්ගේ කණ්ඩායමේ ආමි මොහිදින් අත්අඩංගුවට ගැනීමට අවස්ථාවක් උදා වූ මොහොතේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව එය සිදු කළේ නම් පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට ඉඩ තිබූ බව ද ඔහු ප්‍රකාශ කළා.

 

The post සහරාන්ලාව හදා වඩා ගත්තේ පොලීසියමයි – හිටපු පොලිස්පති පූජිත්ම කියයි appeared first on ITN News.

Read More »

රටපුරා දුෂ්කර සහ නොදියුණු විහාරස්ථාන සඳහා මූල්‍යාධාර  

0 comments

රටපුරා දුෂ්කර සහ නොදියුණු විහාරස්ථාන සඳහා මූල්‍යාධාර ලැබෙන පරිදි ප්‍රතිපාදන වෙන්කළ යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. රජයේ මූල්‍යාධාර ලබාදීමේ වැඩසටහන්වලදී  දියුණු විහාරස්ථානවලට විශාල මුදලක් වෙන් කිරීම සහ දුෂ්කර විහාරස්ථාන සඳහා මුදල් වෙන් නොවීම සැලකිල්ලට ගනිමිනුයි අග්‍රාමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දුන්නේ.

කුරුණෑගල දොඩම්ගස්ලන්ද සංවර්ධන කටයුතු කඩිනම් කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විජේරාම පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවසේදී සාකච්ඡාවක් පැවැත්වුණා. ශ්‍රී ලංකා ජාතික භික්ෂු පෙරමුණේ දොඩම්ගස්ලන්ද ආසනයේ භික්ෂූන් වහන්සේ මෙම අවස්ථාවට වැඩම කර සිටියා. නෙල්ලිගල රජමහා විහාරස්ථානය පූජා භූමියක් ලෙස නම් කිරීම සහ විහාරස්ථාන සංවර්ධනය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා මෙහිදී උපදෙස් ලබාදුන්නා. දොඩම්ගස්ලන්ද ආයුර්වේද රෝහලේ පවතින ගැටළු පිළිබඳ අවධානය යොමු කරන ලෙස අග්‍රාමාත්‍යවරයා අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට දැනුම් දුන්නා. නගරයේ ප්‍රධාන අඩුපාඩුවක්ව පැවති පොදු වැසිකිළි පද්ධතිය ඇතුළු සෙසු ගැටළු සම්බන්ධයෙන් සොයා බලන ලෙසයි වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතාට අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබා දුන්නා.

 

The post රටපුරා දුෂ්කර සහ නොදියුණු විහාරස්ථාන සඳහා මූල්‍යාධාර appeared first on ITN News.

Read More »

කෝවිඩ් මරණ හමුවේ රටවල් විවෘත කිරීම ගැන අවධානය යොමු විය යුතුයි – ලෝක සෞඛ්‍ය සංවිධානය  

0 comments

ලොව පුරා කෝවිඩ් නයින්ටීන් මරණ සංඛ්‍යාව මිලියනය ඉක්මවා යද්දීත් රටවල් විවෘත කිරීම අඛණ්ඩව සිදුවීම කෙරෙහි ලොව අවධානය යොමු විය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ඇන්ටෝනියෝ ගුටරෙස් පෙන්වා දෙනවා.

ලොව පුරා කෝවිඩ් නයින්ටීන් ආසාදිත මරණ සංඛ්‍යාව ඊයේ දිනයේදී මිලියනය ඉක්මවා ගියා. ඒ අනුව මේ වන විට වාර්තා වන සමස්ත කෝවිඩ් මරණ සංඛ්‍යාව එක් මිලියන හයදහස් තුන්සිය හැත්තෑ නවයක්. සමස්ත ආසාදිත සංඛ්‍යාව වාර්තා වන්නේ තිස්තුන්කෝටි පන්ලක්ෂ හතළිස් නවදහස් අටසිය හැත්තෑ තුනක් ලෙසින්. ගත වූ පැය 24 තුලදී ලොව ඉහළම ආසාදිත සංඛ්‍යාව සහ මරණ සංඛ්‍යාව ඉන්දියාවෙන් වාර්තා වුණා. එරටින් වාර්තා වූ දෛනික ආසාදිත සංඛ්‍යාව හැටනවදහස ඉක්මවා ගියා. මරණ සංඛ්‍යාව හත්සිය හැත්තෑ හතක්.

 

 

 

The post කෝවිඩ් මරණ හමුවේ රටවල් විවෘත කිරීම ගැන අවධානය යොමු විය යුතුයි – ලෝක සෞඛ්‍ය සංවිධානය appeared first on ITN News.

Read More »

Recent News

Gossip Lanka MAG