Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉහළ තාක්ෂණයෙන් යුත් මහා පරිමාණ කිරි ගොවිපොළ දහයක්  

Add comments

ඉහළ තාක්ෂණය භාවිත කර මහා පරිමාණ කිරි ගොවිපොළ දහයක් ආරම්භ කරන බව ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සදහා වන ජනාධිපති කාර්ය සාධක බළකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පවසනවා.

ඉදිරි වසර කිහිපය තුළ දේශීය ආයෝජකයින් දිරිගන්වමින් මෙරට කිරි අවශ්‍යතාව දේශීයව නිෂ්පාදනය කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සදහා වන ජනාධිපති කාර්ය සාධක බළකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා හා ආයෝජකයින් අතර අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. දේශීය කිරි අවශ්‍යතාවෙන් සියයට අසූ පහක් කුඩා පරිමාණ හා මධ්‍ය පරිමාණ දේශීය කිරි ගොවිපොළ මගින් නිපදවනවා. මෙම නිෂ්පාදකයින්ට අමතරව නව කිරි නිෂ්පාදකයින් බිහි කිරීම මෙම වැඩපිළිවෙළ යටතේ අපේක්ෂා කෙරෙනවා. ආයෝජන මණ්ඩලය හරහා සහන සහ දිරිගැන්වීම් සිදු කෙරෙනු ඇති. සිසිල් දේශගුණික ප්‍රදේශවලින් හා වියළි දේශගුණික ප්‍රදේශවලින් සත්ව ආහාර සදහා අවශ්‍ය බඩඉරිගු සහ තෘණ වර්ග වගා කිරීම සදහා රජයේ ඉඩම් ලබාදීමට නියමිතයි. ඉදිරි අවශ්‍යතා සපුරාලීම සදහා අවශ්‍ය බඩඉරිගු මහ කන්නයේදී වගා කර ඇති බවද මෙම සාකච්ඡාවේදී හෙළි වුණා. කිරිගොවිපොළ පවත්වාගෙන යාමට ඉඩම් පහසුකම් ඇති ආයෝජකයින් සදහා ප්‍රමුඛතාව ලබාදෙන අතර මේ වන විටත් වැවිලි සමාගම් නවයක් ඊට එකගතාව පළ කර තිබෙනවා.

රජය මගින් පාලනය වන ඉඩම් පෞද්ගලික ආයතනවලට ලබා නොදීමට තීරණය කර ඇති බැවින් අවශ්‍යතාව පවතී නම් ඒකාබද්ධ ව්‍යාපෘති ලෙස ක්‍රියාත්මක වීමේ හැකියාව පවතිනවා. රජයේ ආයතන මගින් පාලනය වන ඉඩම් වෙනුවට මෙතෙක් ප්‍රයෝජනයට නොගත් වගා කළ හැකි ඉඩම් පමණක් ඉල්ලුම් කරන ලෙස බැසිල් රාජපක්ෂ මහතා ආයෝජකයින්ගෙන් ඉල්ලා සිටියා. කිරි නිෂ්පාදන අංශය දියුණු කිරීමේදී ඇතිවන ගැටලු සම්බන්ධයෙන්ද ආයෝජකයින් අදහස් දැක් වූ අතර දේශීය නිෂ්පාදනවලට ප්‍රමුඛතාව ලබාදීම රජයේ අරමුණ බැවින් එම ගැටලු නිරාකරණය කිරීමට රාජ්‍ය ආයතනවල සහාය හිමිවන බවද බැසිල් රාජපක්ෂ මහතා තවදුරටත් සදහන් කළා. දිවි නැගුම ව්‍යාපෘතිය යටතේ ආනයනය කළ කිරිගවයින් යොදා ගනිමින් ආරම්භ කළ වටවල කිරි නිෂ්පාදන ගොවිපොළ නිරීක්ෂණයටද බැසිල් රාජපක්ෂ මහතා එක් වුණා. කිරිගවයින් දහසක් සිටින මෙම ගොවිපොළේ දිනකට නිෂ්පාදනය කෙරෙන කිරි ප්‍රමාණය ලීටර් දාහත් දහසක්. අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ හා එස් එම් චන්ද්‍රසේන, රාජ්‍ය අමාත්‍ය කනක හේරත් යන මහත්වරුන් ඇතුළු පිරිසක් මීට එක්ව සිටියා.

 

 

The post ඉහළ තාක්ෂණයෙන් යුත් මහා පරිමාණ කිරි ගොවිපොළ දහයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG