Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජනතාවට ලබා දී ඇති ත්‍රිපෝෂ වල කල් ඉකුත්වෙයි  

0 comments

හැටන් ප්‍රදේශයේ ජනතාවට ලබා දී ඇති ත්‍රිපෝෂ පැකට් කල් ඉකුත් වී ඇති බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

අඹගමුව සෞඛ්‍ය අධිකාරී කාර්යාලය හැටන් ප්‍රදේශවාසීන්ට ඊයේ බෙදා හැරි ත්රි්පෝෂ පැකට් කල් ඉකුත් වී ඇති බවයි වාර්තා වන්නේ. එම කාර්යාලය ගර්භනී මව්වරුන්ට, කිරිදෙන මව්වරුන්ට සහ කුඩා දරුවන්ට පවුල් සෞඛ්‍ය සේවිකාවන් හරහා මාසිකව ත්රිදපෝෂ පැකට් බෙදාදීමට කටයුතු කරනවා. එහිදී හැටන් ප්‍රදේශවාසීන්ට ඊයේ බෙදා දුන් ත්රි්පෝෂ පැකට් අතර කල් ඉකුත් වූ පැකට් කිහිපයක්ද තිබී ඇති බවටයි ජනතාව චෝදනා කරන්නේ.

ඒ සම්බන්ධයෙන් අදාළ පවුල් සෞඛ්‍ය සේවිකාවගෙන් විමසූ විට ඇය පවසා ඇත්තේ කල් ඉකුත් වුවද ඒවා පරිභෝජනයට ගත හැකි බවයි. මේ සම්බන්ධයෙන් අඹගමුව සෞඛ්‍ය අධිකාරී කාර්යාලයෙන් විමසා සිටියදී ඔහු ප්‍රකාශ කළේ අතපසුවීමක් හේතුවෙන් කල් ඉකුත් වී ඇති ත්‍රිපෝෂ පැකට් කිහිපයක් ප්‍රදේශවාසීන් වෙත බෙදා හැර ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් ඒවා නැවත තම කාර්යාලය වෙත ලබාදීමට කටයුතු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි.

Read More »

රිය අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට  

0 comments

ත්‍රිකුණාමලය ගල්ටැටියාව ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් තුන්දෙනෙකු තුවාල ලැබුවා.

කන්තලේ ත්‍රිකුණාමලය මාර්ගයේදී ටිපර් රථයක් හා කුඩා ලොරි රථයක් එකිනෙක ගැටීමෙනුයි අනතුර සිදු වුණේ. එහිදී ලොරි රථයේ පැමිණි එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.

ටිපර් රථයේ රියදුරා ඇතුළු තුන්දෙනෙකු තුවාල ලබා තඹලගමුව හා කන්තලේ රෝහල්වලට ඇතුළත් කර තිබෙනවා. සිද්ධියෙන් ජීවිතක්ෂයට පත් වූයේ අවුරුදු 24 හා 25 යන වයස්වල පසුවන කදාන ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක්.

 

 

 

Read More »

ජනපති ප්‍රේමදාස ගුණ සැමරේ  

0 comments

නැති බැරි අය ඇති හැකි අය බවට පත්කිරීම ගුරුකොට ගනිමින් ජනතා සේවයට කැපවූ ජනාධිපති ශ්‍රීමත් රණසිංහ ප්‍රේමදාස මහතාගේ 26 වන ගුණ සමරුව අද(01)යි. ඒ වෙනුවෙන් පැවැත්වෙන ගුණ සමරු උළෙල කොළඹ අලුත්කඩේ පිහිටි ඒ මහතාගේ පිළිරුව අභියසදී පැවැත්වුණේ ජනාධිපතිතුමාගේ සහ අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන්.

රණසිංහ ප්‍රේමදාස මහතාගේ 26 වන ගුණ සමරු උත්සවය පැවැත්වුණේ කොළඹ අලුත්කඩේ ඒ මහතාගේ පිළිරුව අභියසදී  යි. ප්‍රේමදාස මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව ගුණ සමරු උත්සවයේ කටයුතු ආරම්භ කෙරුණා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද  කතානායක කරූ ජයසූරිය මහතා ද අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සහ  හේමා ප්‍රේමදාස මහත්මිය ඇතුළු පවුලේ ඥාතීන් ද ප්‍රේමදාස පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමට එක්වුණා. පිළිරුවට මල්මාලා පැළදවීම කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය සිදුකළා. සර්ව ආගමික වතාවත් ද මෙහිදී පැවැත්වුණා.

මේ අතර හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 26 වන ගුණ සමරුව නිමිත්තෙන් හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ දී ආගමික වතාවත් සිදුකෙරුණා. පූජ්‍ය ගලිගමුවේ ඥානසාර ස්වාමීන් වහන්සේ මෙහිදී ධර්ම දේශනය පැවැත්වූවා. පූජ්‍ය කිරින්දේ අස්සජි ස්වාමීන් වහන්සේ සහ මැතිඇමතිවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වුණා.

 

 

Read More »

යුද හමුදා ඇදුම්වලට සමාන ඇදුම් තොගයක් දෙමෝදර රෙදිපිළි අලෙවිසැලකින් සොයා ගැනේ  

0 comments

බදුල්ල දෙමෝදර ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී යුද හමුදා ඇදුම්වලට සමාන ඇදුම් විශාල ප්‍රමාණයක් සොයා ගැනීමට හැකිවුණා.

දෙමෝදර ප්‍රදේශයේ රෙදිපිළි අලෙවිසැල් කිහිපයක තිබියදීයි මෙම ඇදුම් සොයාගෙන තිබෙන්නේ. එම ප්‍රදේශයේ සිදුකළ සෝදිසි කිරීම්වලදී වසා දමා තිබූ වෙළෙදසැල් කිහිපයක් දැඩි පරීක්ෂාවට ලක්කළා.

එහිදී යුද හමුදා නිල ඇදුමට සමාන ඇදුම් විශාල ප්‍රමාණයක් සොයා ගැණුනා. ඒවා අලෙවිකළ වෙළෙදසැල් හිමියන්ට දැඩි ලෙස අවවාද කිරීමෙන් පසු මුදාහැරීමටයි කටයුතු කෙරුණේ.

 

 

Read More »

උතුරු කැරොලිනා විශ්වවිද්‍යාලයේ වෙඩි තැබීමක්  

0 comments

උතුරු කැරොලිනා විශ්වවිද්‍යාලයේ සිදුවූ වෙඩි තැබීමකින් දෙදෙනෙකු මිය ගියා.

තවත් හතර දෙනෙක් තුවාල ලබා සිටිනවා. ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවයි ඇමරිකා වාර්තා සඳහන් කළේ.

වෙඩි තැබීමට සම්බන්ධ පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහුට තවත් පිරිසකගේ සහාය ලැබී ඇත් ද යන්න පිළිබඳව විමර්ශන සිදුකරන බවයි පොලිසිය පවසන්නේ.

Read More »

නීතිවිරෝධිව ධීවර කර්මාන්තයේ නිරත වූ 9ක් අත්අඩංගුවට  

0 comments

නීතිවිරෝධි ලෙස ධීවර කර්මාන්තයේ නිරත වූ පුද්ගලයන් නව දෙනෙකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව ප‍්‍රකාශ කළා.

නැගෙනහිර නාවික විදානයට අයත් නාවිකයන් පිරිසක් වැටලීම සිදුකළේ ත‍්‍රිකුණාමලය චැපල් දූපත අවට මුහුදු ප‍්‍රදේශයේදී. ඩිංගි යාත‍්‍රාවක් සහ නීතිවිරරෝධි ධීවර දැලක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් ත‍්‍රිකුණාමලය සහකාර ධීවර අධ්‍යෂකවරයා වෙත භාරදුන් බවයි නාවික හමුදාව පවසන්නේ.

Read More »

පුපුරණ ද්‍රාවණය සහ සේව නූල් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට  

0 comments

වැලිමඩ , සිල්මියාපුර ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී පුපුරණ ද්‍රාවණය කරල් 32 ක් සහ සේව නූල් රෝල් 8 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වැලිමඩ පොලීසියේ විශේෂ බුද්ධි ඒකකයට ලැබුණ තොරතුරකට අනුවයි මෙම වැටලීම සිදුකර ඇත්තේ. කැරට් වගාකර තිබූ ඉඩමක් ආසන්නයේ පොලිතින් මල්ලක බහා මෙම ද්‍රව්‍යය සගවා තිබුණා.

මෙම ද්‍රව්‍යය සොයා ගැනීමත් සමඟ පොලීසිය මෙම පුපුරණ ද්‍රව්‍යය සැගවූ පුද්ගලයාද අත්අඩංගුවට ගත්තා. ඔහු සිල්මියාපුර අලුත්කොලණිය ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් සත්තාර් අබ්දුල් සලාම් නමැත්තෙක්. වැලිමඩ පොලීසිය මේ පිළිබද වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා.

Read More »

ගුවන් තොටුපලේ ආරක්ෂාවට නවීන තාක්ෂණික උපකරණ  

0 comments

ගුවන් මඟීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මක කරන බව ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය ප‍්‍රකාශ කළා.

ගමන් මළු සහ භාණ්ඩ පරික්ෂා කිරිම සඳහා නවීන තාක්ෂණයෙන් සමන්විත උපකරණ ස්ථාපිත කිරිමයි අරමුණ.

පසුගියදා ඇති වූ ත‍්‍රස්තවාදී ප‍්‍රහාර නැවත ඇති නොවීම සඳහා අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගන්නා බවයි අමාත්‍යංශය පවසන්නේ.

Read More »

පෞද්ගලික අංශයේ සේවක වැටුප් ඉහළ නැංවීමේ පනත් සංශෝධනයකට කැබිනට් අනුමැතිය  

0 comments

පෞද්ගලික අංශයේ සේවක වැටුප් ඉහළ නැංවීම සඳහා වන පනත් සංශෝධනයකට කැබිනට් අනුමැතිය හිමි වුණා.

මේ වනවිට අවම මාසික වැටුප පවතින්නේ රුපියල් දස දහසක් ලෙසයි.

එය රුපියල් 12500 දක්වා ඉහළ නැංවීමයි අරමුණ. ජාතික කම්කරු උපදේශක සභාව ද ඒ සම්බන්ධයෙන් නිර්දේශ ලබාදී තිබෙනවා.

Read More »

දුම්රිය සේවය කාර්යක්ෂම කිරිමට නව වැඩපිළිවෙලක්  

0 comments

දුම්රිය සේවය කාර්යක්ෂම කිරිම සඳහා නව වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මක බව රජය ප‍්‍රකාශ කළා.

පැරණි සංඥා සහ ප‍්‍රවේශ පත‍්‍ර ක‍්‍රමවේදය නවීකරණය කිරිමත් ඊට අයත්.

විශේෂ ව්‍යාපෘතියක් සඳහා සාකච්ඡා මේ මාසයේදී පැවැත්වෙනවා. ඇමරිකා ඩොලර් මිලියන 160ක ව්‍යාපෘති ක‍්‍රියාත්මක කිරිමයි සැලැස්ම.

Read More »

ප්‍රහාර ගැන සොයන ත්‍රිපුද්ගල කමිටු වාර්තාව ජනතාව හමුවට  

0 comments

ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත් කළ විශේෂ ත්‍රිපුද්ගල පරික්ෂණ මණ්ඩලයේ වාර්තාව ලැබීමත් සමඟ එම තොරතුරු සියලු පාර්ශ්වයන්ට විවෘත කරන බව ජනාධිපතිතුමා පවසයි.

ඉහළම අධිකරණ බලයක් ඇති ව මෙම පරීක්ෂණ මණ්ඩලය පත් කර තිබෙන බව පැවසූ ජනාධිපතිතුමා එහි වාර්තාව භාරදීමට නියමිතව ඇත්තේ සති දෙකක කාලයකින් බවත්, එම වාර්තාව ලැබීමෙන් අනතුරුව එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඒ අනුව ඉදිරි ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාවට නංවන බවත් ජනාධිපතිතුමා ප්‍රකාශ කළේය.

ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව සඳහන් කළේ නව ආරක්ෂක ලේකම් ලෙස පත් කෙරුණු ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ මහතා අද (30) පෙරවරුවේ ආරක්ෂක අමාත්‍යාංශයේ දී වැඩ භාර ගැනීමේ අවස්ථාවට සහභාගී වීමෙන් අනතුරුව ඔහු ඇතුළු ආරක්ෂක අංශ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමඟ පැවති හමුවේ දී ය.

ත්‍රස්තවාදයට එරෙහිව දියත් කර ඇති මෙහෙයුම් සහ අත්අඩංගුවට ගැනීම් පිළිබඳ ප්‍රගතිය මෙහිදී සමාලෝචනය කෙරුණු අතර ජනාධිපතිතුමා අවධාරණය කළේ මෙම ම්ලේච්ඡ ත්‍රස්තවාදය මුලිනුපුටා දමා රටේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම කඩිනමින් සිදුවිය යුතු බවයි.

මෙම ත්‍රස්ත ප්‍රහාරයට මුහුණදීමෙන් අනතුරුව ලොව කිසිදු රටක සිදු නොවූ අන්දමින් ත්‍රස්තවාදයට එරෙහිව පියවර ගනිමින්, තොරතුරු අනාවරණය කර ගැනීමට සහ අත්අංඩගුවට ගැනීම් සිදු කිරීමට මෙරට බුද්ධි අංශ ඇතුළු ආරක්ෂක අංශ සමත් වූ අතර, ඔවුන්ගේ දක්ෂතා අගය කළ ජනාධිපතිතුමා ඊට දායක වූ සියලුදෙනාට තම ස්තූතිය පළ කරන බව ද කියා සිටියේය .

පාසල්වල් ආරක්ෂාවට ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට නියමිත ආරක්ෂක වැඩපිළිවෙළ පිළිබඳව මෙන්ම රජයේ කාර්යාලවල කටයුතු යථා පරිදි පවත්වාගෙන යාම පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක් වූ අතර ජනාධිපතිතුමා අවධාරණය කළේ රටේ කිසිදු කාර්යයක් අකර්මණ්‍ය වීමට ඉඩ නොතබා සියලු කටයුතු යථා පරිදි පවත්වාගෙන යාමට පියවර ගත යුතු බවයි.

නව ආරක්ෂක ලේකම් ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ මහතා අදහස් දක්වමින් කියා සිටියේ ත්‍රස්තවාදය මුලිනුපුටා දමා ජාතික ආරක්ෂාව තහවුරු වූ හා සාමකාමී රටක් ගොඩනැඟීමට ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට සිය උපරිම ශක්තිය ලබාදෙන බවයි.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන, ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, අරක්ෂක අමාත්‍යාංශයේ උපදේශක හිටපු පොලිස්පති එන්. කේ. ඉලංකෝන් යන මහත්වරුන් ඇතුළු ආරක්ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ ආරක්ෂක අංශ ප්‍රධානීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

 

 

Read More »

වීසා නොමැතිව රැදී සිටි විදේශිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට  

0 comments

ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් රැදී සිටි විදේශිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ වැලිකඩ පොලිසියට ලැබුණු තොරතුරකට අනූව. ඔවුන් වයස අවුරුදු 28 සහ 32 හැවිරිදි වියේ පසුවන ඉන්දීය ජාතිකයන්.

එම පුද්ගලයන් දෙදෙනා අළුත්කඩේ අධිකරණයට ඉදිරිපත් කරන බවයි පොලිසිය සඳහන් කළේ.

Read More »

විදුලි බලාගාරවල ආරක්ෂාව තහවුරු කිරිමට පියවර  

0 comments

සියලු විදුලි බලාගාරවල ආරක්ෂාව තහවුරු කිරිමට පියවර ගෙන ඇති බව විදුලිබල අමාත්‍යංශය ප‍්‍රකාශ කළා.

ඒ සඳහා ත‍්‍රිවිද හමුදාවේ සහ පොලිසියේ සහාය හිමිව තිබෙනවා. විදුලි බලාගාර, ඒ ආශ‍්‍රිත ජලාශ, සම්ප්‍රේෂණ පද්ධති, පාලන මධ්‍යස්ථාන හා ග‍්‍රීඩ් උප පොළවල ආරක්ෂාව ද මේ වනවිට තර කර තිබෙනවා.

පාරිභෝගක සේවා මධ්‍යස්ථාන සම්බන්ධයෙන් ද විශේෂ අවධානය යොමු කර ඇති බවයි විදුලිබල අමාත්‍යංශය සඳහන් කළේ.

Read More »

ත‍්‍රස්තවාදීන්ගේ සියලු සම්බන්ධතා හෙළි කරගෙන ඇතැයි පොලිසිය කියයි  

0 comments

මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරවලට සම්බන්ධ ත‍්‍රස්තවාදී කණ්ඩායමේ සියලු සම්බන්ධතා හෙළි කර ගැනීමට මේ වනවිට හැකිව ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා ප‍්‍රකාශ කළා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කිහිපදෙනෙකුගේ තොරතුරු අද(01) සහ හෙට(02) මාධ්‍යවලට නිකුත් කිරිමටත් සැලසුම් කර තිබෙනවා. ආරක්ෂක අංශ අඛණ්ඩව මෙහෙයුම් සිදුකරන බවයි මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කළේ.

Read More »

තවුහිද් ජමාද් සංවිධානය සමග මගේ සම්බන්ධයක් නැහැ  

0 comments

තවුහිද් ජමාද් සංවිධානය සමග තමන් සම්බන්ධතා පැවැත්වූ බවට ගෙන යන ප්‍රචාර සම්පූර්ණයෙන් අසත්‍ය බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එන්. හිස්බුල්ලා මහතා පවසනවා.

Read More »

ආගමික සහ වාර්ගික ගැටුම් සඳහා අසත්‍ය පතුරුවන පුද්ගලයන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බව අගමැති කියයි  

0 comments

ආගමික සහ වාර්ගික ගැටුම් ඇති කිරීම සඳහා අසත්‍ය ප‍්‍රචාර පතුරුවන පුද්ගලයන් සහ ජනමාධ්‍ය පිළිබද දැඩි පියවර ගන්නා බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රකාශ කළා.

විවිධ මාධ්‍ය ඔස්සේ ලැබෙන තොරතුරු සියල්ල පිළිබදව නුවණින් විමසා බැලිය යුතු බවයි අග‍්‍රාමාත්‍යවරයා පෙන්වාදෙන්නේ. ඒ අද (30) පස්වරුවේ විශේෂ ප‍්‍රකාශයක් කරමින්.
අයිඑස් ත‍්‍රස්ත සංවිධානයේ නායක අබුබකර් අල්බක්දාදි වසර 4 කට පසුව වීඩියෝවක පෙනීසිටිමින් ප‍්‍රකාශයක් නිකුත් කළා. ඒ පිළිබදව විදේශ බුද්ධ අංශ තවදුරටත් පරික්ෂණ පවත්වනවා. අයිඑස් සංවිධානය සතුවූ සිරියාවේ අවසන් බල ප‍්‍රදේශය වන බග්ගුස් නගරය හමුදාව යටතට ගැනීමට පළිගැනීමක් ලෙස මෙම ප‍්‍රහාරය එල්ල කළ බවයි අයිඑස් නායකයා වීඩියෝවෙන් සඳහන් කර තිබෙන්නේ.

එබැවින් ඔහුගේ මෙම ප‍්‍රකාශය මුළු ලෝකයටම අනතුරුදායක බව ද අග‍්‍රාමාත්‍යවරයා සිය විශේෂ ප‍්‍රකාශයෙන් පෙන්වාදුන්නා. ශ්‍රී‍්‍ර ලංකාවේ බුද්ධි අංශවල දස දහසකට වැඩි පිරිසක් ක‍්‍රියාත්මක වනවා. එමෙන්ම ආරක්ෂක හමුදාවල ලක්ෂයකට අධික පිරිසක් මේ වනවිට සකී‍්‍රය කටයුතුවල නිරත වන බවයි අග‍්‍රාමාත්‍යවරයා පවසන්නේ.

මේ නිසා ත‍්‍රස්ත ප‍්‍රහාරයට සම්බන්ධ ඉතිරි කිහිපදෙනා ද ළඟදීම අත්අඩංගුවට ගත හැකි බවත් අග‍්‍රාමාත්‍යවරයා සිය විශේෂ ප‍්‍රකාශයෙන් පෙන්වාදුන්නා.

Read More »

ජාතික ආර්ථික සභාව ජනපති ප‍්‍රධානත්වයෙන් රැස් වෙයි  

0 comments

රට මුහුණදුන් ඛේදජනක සිදුවීමෙන් අනතුරුව මෙරට ජාතික ආර්ථිකය ශක්තිමත් කර ගනිමින් ව්‍යාපාරික අංශය ඇතුළු ආර්ථික ක්ෂේත‍්‍රයේ කටයුතු යථා තත්ත්වයට පත්කර ගැනීම සඳහා ගතයුතු කඩිනම් තීන්දු තීරණ පිළිබඳ සොයා බැලීමට ජාතික ආර්ථික සභාව ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (30) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී රැස් විය.
මෙම අවස්ථාවට මුහුණදීම සඳහා ව්‍යාපාරික ප‍්‍රජාව වෙත රජයෙන් ලබාදිය යුතු සහන සහ රාජ්‍ය සහ පෞද්ගලික අංශය ඒකාබද්ධව දියත් කළයුතු කි‍්‍රයාමාර්ග පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් වූ අතර ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් ශ‍්‍රී ලංකාව පිළිබඳ විශ්වාසය යළි තහවුරු කර ගැනීම, මහජන ආරක්ෂාව පිළිබඳ විශ්වාසය තහවුරු කිරීම යන කරුණු පිළිබඳව ද අවධානය යොමු කෙරිණි.

ඉදිකිරීම්, ඇගළුම්, අපනයන කර්මාන්ත සංගම් නියෝජිතයන් සහ වාණිජ මණ්ඩල, ආයෝජන මණ්ඩලය, අපනයන ප‍්‍රවර්ධන මණ්ඩලය සහ රාජ්‍ය බැංකු නියෝජනය කරමින් නියෝජිතයන් ද ආර්ථික සංවර්ධනයට අදාළ සියලු අමාත්‍යාංශ ලේකම්වරු ඇතුළු රාජ්‍ය නිලධාරිහු මීට එක්ව සිටියහ.

ඇති වූ අනපේක්ෂිත තත්ත්වය හමුවේ තමන්ට මුහුණදිමට සිදුවූ ගැටලු පිළිබඳ මෙහිදී එම ව්‍යාපාරික සංගම් විසින් ජනාධිපතිතුමා වෙත කරුණු ඉදිරිපත් කළහ. එහිදී ජනාධිපතිතුමා සඳහන් කළේ මෙම තත්ත්වය හමුවේ නිෂ්පාදකයන්, සුළු පරිමාණ සහ මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්, අපනයනයකරුවන් ඇතුළු පාර්ශ්වයන්ට මුහුණදීමට සිදුව ඇති ගැටලු පිළිබඳ සොයා බලා ඒවාට කඩිනමි විසඳුම් ලබාදීමට විශේෂ වැඩපිළිවෙළක් සකස් කරන බවයි.

එම කටයුතු සඳහා, සංචාරක කෂේත‍්‍රයේ ප‍්‍රවර්ධනයට ගත යතු පියවර පිළිබඳ සොයා බැලීමට අද රැස් වූ කැබිනට් මණ්ඩලයේ දී පත් කරන ලද කැබිනට් අනු කමිටුව තවදුරටත් පුළුල් කරන බව ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා ඒ අනුව අදාළ ව්‍යාපාර ක්ෂේත‍්‍රයන්ට ලබාදිය හැකි සහන පිළිබඳව වැඩිදුරටත් එම කමිටුව මගින් සොයා බලනු ඇති බව සඳහන් කළේය.

එමෙන්ම අද පැවති ජාතික ආර්ථික සභාවේ දී අනාවරණය කෙරුණේ මෙම අනපේක්ෂිත තත්ත්වය හමුවේ සාමාන්‍ය ජන ජීවිතය තුළ යම් පසුබෑමක් සිදු වුව ද විදේශ ආයෝජකයන් ඇතුළු ව්‍යාපාරික ක්ෂේත‍්‍රය තුළ විශ්වාසය පළුදුවීමක් දක්නට නොලැබෙන බවත්, එම සියලුදෙනා රජය කෙරෙහි පූර්ණ විශ්වාසය තබමින් පසුබෑමකින් තොරව සිය කටයුතු ඉදිරියට පවත්වාගෙන යන බවත් ය. එමෙන්ම මෙම තත්ත්වය හමුවේ සැලකිය යුතු මට්ටමකින් රුපියල අවප‍්‍රමාණ වීමක් ද සිදු වී නොමැති අතර, එබැවින් රටේ ආර්ථිකයට විශාල බලපෑමක් එල්ල වී නොමැති බව ද ආර්ථික විශේෂඥයන් පෙන්වා දුන්හ.

ජාතික ආරක්ෂාව තහවුරු කරමින් රටේ සියලු කටයුතු යථා තත්ත්වයට පත් කිරීම සඳහා ජනාධිපතිතුමා ගත් කඩිනම් පියවර මෙහිදී ව්‍යාපාරික ප‍්‍රජාවගේ පැසසුමට ලක් වූ අතර ජනාධිපතිතුමා වැඩිදුරටත් අවධාරණය කළේ කුමන විවේචන එල්ල වුව ද ත‍්‍රස්තවාදයට එරෙහිව ගත් පියවර කිසිසේත් දුර්වල වීමට ඉඩ නොතබා අඛණ්ඩව කි‍්‍රයාවට නංවන බවයි.

අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න, ජෝන් අමරතුංග, පාඨලී චම්පික රණවක, අර්ජුන රණතුංග, රවී කරුණානායක, ඉරාන් වික‍්‍රමරත්න, හර්ෂ ද සිල්වා යන මහත්වරුන් ද, ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, ජාතික ආර්ථික සභාවේ මහ ලේකම් මහාචාර්ය ලලිත් සමරකෝන්, මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරිහු මීට එක්ව සිටියහ.

 

Read More »

පාසල් නිල ඇඳුම් තිළිණපත්වල වලංගු කාලය දිර්ඝ කෙරේ  

0 comments

2019 වසර වෙනුවෙන් පළමු වසර පාසල් සිසුන් සඳහා මුද්‍රණය කරන ලද පාසල් නිල ඇඳුම් තිළිණපත්වල වලංගු කාලය 2019-05-31 දක්වා දීර්ඝ කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

නිල ඇඳුම් තිළිණපත්වල වලංගු කාලය 2019-04-20 දින දක්වා දීර්ඝ කරන ලද බව දන්වා සිටියත්, පාසල් පටන් ගන්නා දිනය 2019-05-06 දින දක්වා කල්යාම සැලකිල්ලට ගෙන, තිලිණපත්වල වලංගු කාලය ද දීර්ඝ කර තිබෙනවා.

Read More »

ව්‍යාපෘති යෝජනා 8කට ආසියා සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 815ක්  

0 comments

මේ වසර වෙනුවෙන් ව්‍යාපෘති යෝජනා 8 ක් සදහා ඇමෙරිකා ඩොලර් මිලියන 815 ක් ලබාදීමට ආසියා සංවර්ධන බැංකුව සූදානමින් සිටින බව මුදල් අමාත්‍යාංශය පවසනවා.

වරාය පිවිසුම් අධිවේගී මාර්ග ව්‍යාපෘතිය මේ වනවිටත් ක්‍රියාත්මකයි. ඒ වෙනුවෙන් වැය කෙරෙන මුදල ඇමෙරිකා ඩොලර් මිලියන 300 ක්. දුම්රිය සේවය කාර්යක්ෂම කිරීම සදහා පැරණි සංඥා සහ ප්‍රවේශපත් ක්‍රමවේදයන් නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය පිළිබද සාකච්ඡා ලබන මාසයේ දී කොළඹදී පැවැත්වීමට නියමිතයි. එම ව්‍යාපෘතියට වැය කිරීමට අපේක්ෂිත මුදල ඇමෙරිකා ඩොලර් මිලියන 160 ක්. මේ අතර ආසියා සංවර්ධන බැංකුවේ 52 වන වාර්ෂික මහා සභා රැස්වීම මැයි 2 වනදා සිට 5 වනදා දක්වා ෆීජි රාජ්‍යයේදී පැවැත්වෙනවා.

සාර්ක් කලාපීය රටවල මුදල් අමාත්‍යවරුන්ගේ රැස්වීම ද එහිදී පැවැත්වීමට නියමිතයි. එම රැස්වීම්වලට සහභාගිවීම සදහා අමාත්‍ය මංගල සමරවීර මහතා ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස අද (30) පිටත්ව ගියා.

 

 

 

Read More »

තව්හිද් ජමාත් සංවිධානයේ මෙරට නායකයාගේ මාධ්‍ය ලේකම්වරයා රදවාගෙන ප්‍රශ්න කිරීමට අවසර  

0 comments

මැදවච්චිය තල්ගස්වැව පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ තව්හිද් ජමාත් සංවිධානය මෙරට නායකයාගේ මාධ්‍ය ලේකම්වරයා පැය 72 ක් රදවාගෙන ප්‍රශ්න කිරීමට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ජානක ප්‍රසන්න සමරසිංහ මහතා අවසර ලබාදුන්නා.

අබ්දුල් ලතීෆ් මොහොමඩ් නමැති මෙම සැකකරු මෙම සංවිධානයේ කාත්තන්කුඩි ප්‍රදේශයේ සංවිධායකවරයා ලෙස කලක් කටයුතුකර තිබෙනවා.

Read More »

විශ්වවිද්‍යාල සිසුන්ට දැනුම්දීමක්  

0 comments

රාජ්‍ය විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතනවල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පියවර කිහිපයක් අනුගමනය කළ බව විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසන් සභාව ප‍්‍රකාශ කළා.

සිසුන් කාර්ය මණ්ඩලය සහ දේපල ආරක්ෂා කිරීම සඳහා වගකීමෙන් කටයුතු කරන ලෙසයි කොමිසන් සභාව සියලු සිසුන්ගෙන් ඉල්ලා සිටින්නේ. ඒ අනුව එක් එක් විශ්වවිද්‍යාල නැවත ආරම්භ කිරීමේ නිශ්චිත දිනයන් ඉදිරියේදී දැනුම්දීමට නියමිතව තිබෙනවා. විශ්වවිද්‍යාල තුළට පැමිණෙන විට ශිෂ්‍ය හැදුනුම්පත ඉදිරිපත් කිරීම අනිවාර්ය බව ද කොමිසන් සභාව සඳහන් කළා. යතුරුපැදි, පාපැදි, තී‍්‍රරෝද රථ ඇතුලු සියලුම වර්ගයේ වාහන විශ්වවිද්‍යාල පරිශ‍්‍ර තුළට ඇතුලුවීමට පෙර සම්පූර්ණ පරීක්ෂාවකට ලක්කිරීමටත් තීරණය කර තිබෙනවා. මුහුණු ආවරණයක සහිතව විශ්වවිද්‍යාල තුළට ඇතුලුවීමට හෝ රැඳීසිටීමට අවසර නොදෙන බවයි කොමිසන් සභාව පවසන්නේ.

Read More »

අපොස උසස් පෙළ නැවත සමීක්ෂණ ප‍්‍රතිඵල නිකුත් කෙරේ  

0 comments

2018 අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප‍්‍රතිඑල අද (30) නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා.

මෙවර නැවත සමීක්ෂණය සඳහා අයදුම්කර ඇති සංඛ්‍යාව හැට අට දහස් නවයක්. විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ප‍්‍රතිඑල ලබාගැනීමට අවස්ථාව පවතිනවා. ප‍්‍රතිඑල පිළිබද විමසීමක් අවශ්‍ය නම් 0112 78 42 08 හෝ 0112 78 45 37 න් පාසල් විභාග සංවිධාන සහ ප‍්‍රතිඑල ශාඛාව ඇමතිය හැකි බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

Read More »

තවත් සැක සහිත වෑන් රථයක් අත්අඩංගුවට  

0 comments

තවත් සැක සහිත වෑන් රථයක් පුලියන්කුලම ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සයින්දමරුදු ප‍්‍රදේශයේදී පුපුරුවා ගත් බෝම්බ සහ පුද්ගලයන් මෙම වැන් රථයෙන් ප‍්‍රවාහනය කළ බවටයි පොලීසිය සැක පළකරන්නේ. සැකකරුවෙකු ද අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කළා. ඒ සම්බන්ධයෙන් මේ වනවිටත් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

Read More »

සෞඛ්‍ය අමාත්‍යාංශය විභාග කීපයක් පැවැත්වීම කල් දමයි  

0 comments

දිවයින තුල පවතින හදිසි තත්වය හේතුවෙන්, සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය මගින් 2019 මැයි මස 04 හා 05 යන දෙදින පැවැත්වීමට නියමිතව තිබූ විභාග කීපයක් කල් දැමීමට පියවර ගෙන ඇත.

i සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ පරිපූරක වෛද්‍ය සේවයේ ඓඓඓ ශ්‍රේණියේ
නිළධාරීන් සදහා වන කාර්යක්‍ෂමතා කඩයිම් පරීක්‍ෂණය – 2018 (දෙවන වාරය)
ii ප්‍රාථමික ශිල්පීය නොවන සේවා ගණය ඵ්ළ් – 01 ඒ තොරතුරු සදහා වන කාර්යක්‍ෂමතා කඩයිම් පරීක්‍ෂණය – 2019 පළමු වාරය
iii. මහජන සෞඛ්‍ය පරීක්‍ෂණ සේවාවේ ( ඓඓ ආ කාණ්ඩයේ ) ඓඓඓ ශ්‍රේණියේ නිළධාරීන් සදහා වන කාර්යක්‍ෂමතා කඩයිම් පරීක්‍ෂණය – 2019 පළමු වාරය
iV. විද්‍යුත් නිකර්පන රේඛන සටහන් කරු හා ඛන්තුරේඛන ශිල්පී ඓඓඓ ශ්‍රේණියේ නිළධාරීන් සදහා වන කාර්යක්‍ෂමතා කඩයිම් පරීක්‍ෂණය – 2019 පළමු වාරය
V. ශ්‍රී ලංකා තාක්‍ෂණ සේවාවට අයත් අධීක්‍ෂණ කළමණාකරන සහකාර තාක්‍ෂණික නොවන
තාක්‍ෂණික සේවා ගණය (Mණ්-03-2003-ඈ තනතුරු සදහා වන දෙවන දෙපාර්තමේන්තු පරීක්‍ෂණය – 2019 (පළමු වන වාරය)
Vi ප්‍රාථමික ශිල්පීය සේවා ගණයේ ඵ්ළ්-03-2006(ඒ) ඓශ්‍රේණියේ තනතුරු සදහා වන තුන්වන කාර්යක්‍ෂමතා කඩයිම් පරීක්‍ෂණය – 2019 පළමු වන වාරය යන විභාගයන් කල් දැමීමට සිදුව ඇති බව කාරුණිකව දන්වමි. නැවත පවත්වන දිනයන් පිළිබදව www.health.gov.lkවෙබ් අඩවියෙන් පසුව දැනුම්දෙනු ලැබේ.

Read More »

බදියුදීන් අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පළවන වාර්තා අසත්‍යයි  

0 comments

රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පළවන වාර්තා අසත්‍ය බව කර්මාන්ත හා වානිජ කටයුතු, දිගුකාලීන අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය ප‍්‍රකාශ කළා. ඒ විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින්.

අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරුන් වන ඉර්ෂාඩ් රහමතුල්ලා සහ මොහොමඩ් නලීම් මේ වනවිටත් මහජනතාව වෙනුවෙන් සිය සේවය සලසමින් සිටින බවයි ඔවුන් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

Read More »

ෆොනී සුළි කුණාටුවට මුහුණදීමට ඉන්දියාවෙන් ආරක්ෂක වැඩපිළිවෙලක්  

0 comments

ෆොනී සුළි කුණාටුවට මුහුණදීම සඳහා ඉන්දියාව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මක කර තිබෙනවා.

විශාඛා පට්නම් සහ චෙන්නායි අතර ප‍්‍රදේශය විශේෂ කලාපයක් සේ සලකා කටයුතු කරන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ. ගුවන් යානා සහ සැහැල්ලු ගුවන් යානා සහ නාවික හමුදාවට අයත් යාත‍්‍රා ද හදිසි අවශ්‍යතා වෙනුවෙන් ලබාගැනීමට සැලසුම් කර තිබෙනවා. ඕනෑම හදිසි අවශ්‍යතාවකට මුහුණදීම සඳහා වැඩපිළිවෙල කි‍්‍රයාත්මක බවයි නාවික හමුදාව පෙන්වාදෙන්නේ.

 

 

Read More »

ජපන් අධිරාජ්‍යයා කිරුළ අත්හැරීමට සූදානමින්  

0 comments

කිරුළ අත්හැරීමට සුදානම් බව ජපානයේ අකිහිතෝ අධිරාජ්‍යයා ප‍්‍රකාශ කළා. ටෝකියෝ නුවර ඉම්පීරියල් මාළිගාවේදී විශේෂ උත්සවයක් අද (30) ඒ වෙනුවෙන් පැවැත්වෙන බවයි ජපන් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

තම වයස සහ සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් කිරුළ අත්හරින බවයි 85 හැවිරිදි අකිහිතෝ අධිරාජ්‍යයා සඳහන් කළේ. අකිහිතෝ අධිරාජ්‍යයාගේ පුතු ව න නරුහිතෝ කුමරුටයි කිරුළ හිමිවන්නේ. ජපන් අධිරාජ්‍යයෙකු ජීවත්ව සිටියදී කිරුළ අත්හරින පළමු අවස්ථාව මෙය බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළා.

Read More »

මුදල් ඇමති ෆීජි රාජ්‍යය බලා පිටත්ව යයි  

0 comments

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ෆීජි රාජ්‍ය බලා පිටත්ව ගියා. ඒ ආසියානු සංවර්ධන බැංකුවේ 52 වන වාර්ෂික මහා සභා රැස්වීමට සහභාගී වීමට.

මැයි දෙවන දා සිට පස් වනදා දක්වා එය පැවැත්වෙන බවයි මුදල් අමාත්‍යංශය නිවේදනය කළේ. ආසියා පැසිපික් කලාපයේ ආර්ථික හා සමාජ සංවර්ධනය පිළිබඳ කරුණු සාකච්ඡා කිරිමයි අරමුණ. එහි සමාජික රටවල් ගණන 67ක්.

මෙරට ව්‍යාපෘති වෙනුවෙන් ආසියා සංවර්ධන බැංකුව වාර්ෂිකව ඇමරිකා ඩොලර් මිලියන 800ක සහන ණයක් ලබාදෙන බවයි මුදල් අමාත්‍යංශය පවසන්නේ. මේ වසර වෙනුවෙන් ව්‍යාපෘති යෝජනා අටක් සඳහා ඔවුන් ලබාදෙන මුදල ඇමරිකා ඩොලර් මිලියන 815ක්.

Read More »

ක්‍රයිස්චර්ච් ප්‍රහාරයට ප්‍රතිහාරයක් එල්ල කිරීමට සැළසුම් කළ පුද්ගලයකු අත්අඩංගුවට  

0 comments

පසුගියදා නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නුවර මුස්ලිම් දේවස්තාන දෙකකට එල්ල වූ ප්‍රහාරවලට ප්‍රතිහාරයක් එල්ල කිරීමට සැළසුම් කළ පුද්ගලයකු ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පුද්ගලයා ඇමෙරිකානු හමුදා සාමාජිකයකු බවටයි හදුනාගෙන තිබෙන්නේ. ඔහු මෑතකදී ඉස්ලාම් ආගම වැළදගෙන ඇති බවටද තොරතුරු වාර්තා කර තිබෙනවා.

Read More »

තද සුළං හේතුවෙන් නිවාස 30 කට හානි  

0 comments

තද සුළං හේතුවෙන් මොණරාගල, සෙවනගල, කිරිවැව, කිරිඉබ්බන්වැව, රන්වැලිගම, හබරලුව ආදි ප්‍රදේශ කිහිපයකට බලපෑම් එල්ල වුණා.

එම ප්‍රදේශවල නිවාස 15 කට පමණ හානි සිදුව තිබෙනවා. ගස් කඩා වැටීම් හේතුවෙන් නිවාස දෙකක් සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව ඇති අතර කෙසෙල් වගා කර තිබූ අක්කර 500 කට ආසන්න ප්‍රමාණයක් සුළගින් විනාශයට පත්ව ඇති බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ.

Read More »

නවසීලන්ත පාර්ලිමේන්තුව පාස්කු ඉරුදින ප‍්‍රහාරය හෙළා දකී  

0 comments

පාස්කු ඉරුදින එල්ල වූ බෝම්බ පිපිරිම් තවත් රටවල් කිහිපයක් හෙළා දැක තිබෙනවා. පිපිරිම්වලින් විපතට පත් ජනතාවට සිය සංවේගය පළකරන බවයි නවසීලන්ත සහ ඕස්ටේ‍්‍රලියා බලධාරින් ප‍්‍රකාශ කළේ.

දේවස්ථාන සහ හෝටල් සංකීර්ණ ඇතුළු ස්ථාන කිහිපයකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර නවසිලන්ත පාර්ලිමේන්තුව හෙළා දැක ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. අග‍්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩන් මහත්මිය ප‍්‍රකාශයක් කරමින් ත‍්‍රස්ත ප‍්‍රහාර හෙළා දැක ඇති බවයි එම වාර්තාවල දැක්වෙන්නේ.
මේ අතර ඔස්ටේ‍්‍රලියා විදේශ අමාත්‍ය මැරිස් පෙයිනේ ද ත‍්‍රස්ත ප‍්‍රහාරය හෙළා දැක ඇතැයි විදේශ අමාත්‍යංශය නිවේදනය කළා. පිපිරිම් වලින් විපතට පත් වූවන් සිහි කිරිම වෙනුවෙන් විශේෂ සමරු උත්සවයක් ද සංවිධාන කර තිබූ බවද අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්. බෝම්බ ප‍්‍රහාර සම්බන්ධයෙන් මීට පෙර ද ඔස්ටේ‍්‍රලියා සහ නවසීලන්ත නායකයන් සිය සංවේගය පළකළා.

Read More »

මෙක්සිකෝ දේශසිමාවේ ආරක්ෂාවට අමතර භට කණ්ඩායම්  

0 comments

මෙක්සිකෝ දේශසීමාවේ ආරක්ෂාවට අමතර භට කණ්ඩායම් යෙදවූ බව ඇමරිකාව ප‍්‍රකාශ කළා.

322 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් ඒ සඳහා යොමුකර තිබෙනවා. අනවසර සංක‍්‍රමණිකයන්ගේ පැමිණිම වැළැක්වීම මෙහි අරමුණවී තිබෙනවා. මේ වනවිටත් ආරක්ෂාව වෙනුවෙන් දේශසීමා ආශ‍්‍රිත ප‍්‍රදේශයේ රැදී සිටින ඇමරිකා සෙබළුන්ගේ සංඛ්‍යාව පන්දහසක්.

Read More »

එක්සත් ජාතික පක්ෂයෙන් ඉල්ලීමක්  

0 comments

සරත් ෆොන්සේකා මහතාට නීතිය හා සාමය අමාත්‍ය ධුරය ලබාදෙන ලෙස යළි ඉල්ලීමක් කරන බව නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා ප‍්‍රකාශ කළා.

ජනතාව තුළද ෆොන්සේකා මහතා සම්බන්ධයෙන් පවතින්නේ ඉහළ විශ්වාසයක්. ත‍්‍රස්තවාදී ක‍්‍රියා මැඩපැවැත්වීමට ඔහුගේ අත්දැකීම් ඉවහල් වන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

අරලියගහ මන්දිරයේ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවට එක්වෙමින් නලින් බණ්ඩාර මහතා මේ අදහස් පළකළා.

Read More »

ත්‍රස්ත ප්‍රහාරයේ අත්‍යවශය හය දෙනාම සොයා ගැනේ – රටේ ආරක්ෂාවට සේනාංක 7ක්  

0 comments

පාස්කු ඉරිදා එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයට අදාළව මේ වන විට 69 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන් 44 දෙනෙකු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පෙලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළා.

ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අත්‍යවශයව සිටි සැකකරුවන් හය දෙනාම මේ වන විට සොයා ගෙන ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කළා.

අප්‍රේල් 21 දින එල්ල කළ බෝම්බ ප්‍රහාරයට අදාළ සැක කරුවන් 44ක් මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන වැඩිදුර විමර්ශනසිදු වෙනවා. ඉන් 7ක් කාන්තාවන්. අත්අඩංගුවට ගන්නා ලද තවත් සැකකරුවන් 15ක් ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාශයේ රඳවා තබාගෙන විමර්ශන සිදු වෙනවා. ඒ සැකකරුවන් අතර කාන්තාවන් දෙදෙනෙක් සිටිනවා.

මෙම සැකකරුවන් 15 දෙනාගෙන් සැකකරුවන් 07ක් අත අඩංගුවට ගෙන තිබෙන්නේ දෙහිවල බෝම්බ සිද්ධියට අදාළව බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරය සඳහන් කරයි.

අනෙක් 8 දෙනා ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් සැකපිට යුද හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාශයට බාරදුන් සැකකරුවන්.

මෙහිදී අදහස් දැක්වූ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා කියා සිටියේ දිවයින පුරා ආරක්ෂාවට සේනාංක 7 ක් යටතේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බවයි.

 

Read More »

උතුරුදිග මොසැම්බික් රජයට බලපෑ කෙනෙත් සුළිකුණාටුවෙන් ජීවිතක්ෂයට පත් වූ පිරිස 38 දක්වා ඉහළට  

0 comments

උතුරුදිග මොසැම්බික් රජයට බලපෑ කෙනෙත් සුළිකුණාටුවෙන් ජීවිතක්ෂයට පත් වූ පිරිස 38 දක්වා ඉහළ ගොස් තිබෙනවා.කෙනෙත් සුළි කුනාටුව හේතුවෙන් මොසැම්බික් රාජ්‍යයේ ගොඩනැගිලි ඇතුළු දේපළ රැසක් විනාශයට පත් වුණා.

ලක්ෂ හතකට අධික පිරිසක් මේ හේතුවෙන් පිඩාවට පත්ව සිටිනවා. එරටට උතුරු ප්‍රදේශයට සුළි කුනාටුව හේතුවෙන් දැඩි බලපෑමක් එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Read More »

කෝට්ටේ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට  

0 comments

කෝට්ටේ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු වන එච් එම් අලි උසුමාන් මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා.ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදේශයේ කළ සෝදිසි මෙහෙයුමකදී රාජා මොහොදීන් සුල්තාන් නැමැත්තා කඩු තුනක් සහ මන්නා පිහියක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුව කළ පරීක්ෂණවලදී ඔහුගේ සහෝදරයා වන අලි උසුමාන් අත්අඩංගුවට ගත් බවයි පොලීසිය ප්‍රකාශ කළේ. නාවල රාජගිරිය නිවසේ සිටියදී ඔහු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම නිවස පරීක්ෂා කිරීමේදී යුද හමුදා සටන් ඇතුළත් සී ඩී පට ඇතුළු තවත් ආයුධ කිහිපයක් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සදහන් කළේ.

Read More »

ඉන්දිය අගමැතිගෙන් ඉල්ලීමක්  

0 comments

ඉන්දිය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි නිලධාරින්ගෙන් විශේෂ ඉල්ලිමක් කළා. ඒ ෆොනි චණ්ඩ මාරුතයෙන් එල්ලවිය හැකි බලපෑම් අවම කිරිම සදහා මූලික කි‍්‍රයාමාර්ග ගන්නා ලෙසට දැනුම් දෙමින්.

මධ්‍යම ආණ්ඩුවේ සහ ප‍්‍රාන්ත සභාවල ඒකාබද්ධ වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මක කිරිමයි අරමුණ. මේ වනවිටත් තමිල්නාඩුවට එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව රතු නිවේදනයක් නිකුත් කළා. තවත් ප‍්‍රදේශ රැසකට කහ නිවේදනයක් නිකුත් කර ඇති බවයි කාලගුණ විද්‍යා බලධාරින් පවසන්නෙ.

ධීවරයන් සහ නාවිකයන්ට ද ඔවුන් අනතුරු ඇඟවිම් නිකුත් කර තිබෙනවා. හදිසි සහන සැලසිම් සදහා සියලු කන්ඩායම් සූදානම් කර ඇති බවයි බලධාරින් සදහන් කළේ.

Read More »

අන්තවාදීන්ට දඩුවම් ලබා දීමට නව විශේෂ අධිකරණයක් පිහිටු විය යුතුයි  

0 comments

අන්තවාදීන්ගේ ක්‍රියා කලාපයන්ට එරෙහිව දඩුවම් ලබා දීම සදහා නව විශේෂ අධිකරණයක් පිහිටු විය යුතු ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා.

එම පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පළ කළා. පක්‍ෂ නියෝජිතයින් කිහිප දෙනෙකු ද මෙහිදී අදහස් දැක්වූවා.

 

 

 

 

Read More »

පටු දේශපාලන වාසි වෙනුවෙන් මෙම අවස්ථාව යොදා ගන්න එපා  

0 comments

පටු දේශපාලන වාසි වෙනුවෙන් මෙම අවස්ථාව යොදා නොගෙන සියලු දෙනා එක්ව ආරක්‍ෂක වැඩපිළිවෙළ සඳහා පූර්ණ සහාය ලබා දිය යුතු බව රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පවසනවා.

 

Read More »

අම්පාර දිස්ත්‍රික්කයේ රෝහලට හදිසි ප්‍රතිකාර සඳහා අවශ්‍ය ඖෂධ සහ ශල්‍ය උපකරණ තොගයක්  

0 comments

හදිසි තත්ත්වයකදී ප්‍රතිකාර සදහා අවශ්‍ය ඖෂධ සහ ශල්‍ය උපකරණ තොගයක් අම්පාර දිස්ත්‍රික්කයේ රෝහල් වෙත කඩිනමින් ලබාදීමට කටයුතු කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරනවා.

අම්පාර මහ රෝහල, කල්මුනේ උතුර මූලික රෝහල හා කල්මුනේ අෂ්රොෆ් මූලික රෝහල මෙන්ම ප්‍රාදේශීය ඖෂධ ගබඩා වෙත මෙම ඖෂධ හා උපකරණ ලබා දී තිබෙනවා. සියලු රෝහල්වල සෞඛ්‍ය කාර්ය මණඩලද ප්‍රතිකාර සේවාවන් සදහා සීරුවෙන් තබා ඇති බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් සදහන් කරනවා.

Read More »

තව්හිද් ජමාද් සංවිධානයේ කොළඹ සංවිධායක රදවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණයයෙන් අවසර  

0 comments

ජාතික තව්හිද් ජමාද් සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක මොහොමඩ් ෆාරුක් මොහොමඩ් ෆවාස් පැය 72 ක් රදවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය බස්නාහිර පළාත් බුද්ධි ඒකකයට අද(29) අවසර ලබා දුන්නා. ඉස්ලාම් අන්තවාදී කල්ලියක සාමාජිකයෙකු වෙමින් අන්තවාදය පැතිර වූ බව කියන සිද්ධියකට අදාළව සැකකරු කෙසෙල්වත්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබුණා.

සැකකරුගේ ජංගම දුරකතනයේ තිබී බෝම්බ පිපිර වූ ස්ථානවල තිබූ දර්ශන, ජාතික තව්හිද් ජමාද් සංවිධානයේ ස්ටිකර් 67ක් සහ අත්අඩංගුවට ගත් වාහනවල ඡායාරූප ආදිය සොයා ගත් බව බුද්ධි තොරතුරු ඒකකය අධිකරණයට දැනුම් දුන්නා.

Read More »

ගෝඨාභය ඇතුළු අට දෙනෙකුට එරෙහිව නඩුව ජුලි 11 වනදා යළි කැදවීමට නියෝග  

0 comments

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු අට දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසන් සභාව ගොනු කළ නඩුව ලබන ජුලි 11 වනදා යළි කැදවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද(29) නියෝග කළා.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, හිටපු නාවික හමුදාපතිවරුන් තුන්දෙනෙකු වන සෝමතිලක දිසානායක, ජයනාත් කොළඹගේ, සහ ජයන්ත පෙරේරා යන මහත්වරුන් මෙන්ම ඇවන්ට්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති,  පාලිත පියසිරි ප්‍රනාන්දු සහ කරුණාරත්න බණ්ඩාර යන මහත්වරුන්ද අධිකරණය හමුවේ පෙනී සිටියා.

මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගයට ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇති බවත් එම පෙත්සම සම්බන්ධයෙන් අභියාචනාධිකරණයේ නියෝගය ජුනි මස 14 වනදා ප්‍රකාශයට පත් කරන බවත් අදාළ පාර්ශ්වයන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය වෙත දන්වා සිටියා. ඇවන්ට්ගාඩ් මැරිටයිම් සර්විසස් පුද්ගලික සමාගමට අයුතු සහගත ලාභයක් ගෙන දෙන අයුරින් පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාම තුළින් රජයට රුපියල් බිලියන 11 යි දශම 4 ක පාඩුවක් සිදුකර ඇති බවට චෝදනා කරමින් අල්ලස් කොමිසමයි මෙම නඩුව පවරා තිබෙන්නේ.

 

Read More »

කුවේට් රාජ්‍යයේ සිට තවත් ගෘහ සේවිකාවන් 57ක් දිවයිනට  

0 comments

කුවේට් රාජ්‍යයේ සිටි තවත් ගෘහ සේවිකාවන් 57 දෙනෙකු දිවයිනට පැමිණියා.

විවිධ හිරිහැර සහ ගැටලු වලට ලක්වූ ඔවුන් එරට ශ්‍රී‍්‍ර ලංකා තානාපති කාර්යාලයේ සුරක්ෂා රැඳවුම් මධ්‍යස්ථානයේ රැඳී සිටි පිරිසක්. එමෙන්ම කුවේට් බන්ධනාගාරවල සිටි කාන්තාවන් ද මෙම පිරිසට ඇතුලත්.

තම වියදමින් ගුවන් ටිකට්පත් ලබාගෙන ඇති මෙම කාන්තාවන් තාවකාලික ගුවන් ගමන් බලපත‍්‍ර යටතේ මෙරටට පැමිණ ඇති බවයි ගුවන් තොටුපල අප වාර්තාකරු සදහන් කළේ.

Read More »

ඇමරිකාවේ යුධ වියදම් ඉහළට  

0 comments

ඇමරිකාවේ ආරක්ෂක වියදම් වසර හතකට පසුව ඉහළ ගොස් ඇති බව නවතම වාර්තාවකින් හෙළිවුණා.

ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප්ගේ පරිපාලනය යටතේ පසුගිය වසරේ දි ලොවපුරා ආරක්ෂක වියදම් 2.6% කින් වර්ධනය වී ඇති බවයි වාර්තා වන්නේ. 1988 වසරට පසු මෙලෙස ආරක්ෂක වියදම් වැඩිවූ දෙවන අවස්ථාව මෙය බව ස්ටොක් හෝම් ජාත්‍යන්තර සාම සමීක්ෂණ ආයතනය පෙන්වා දෙනවා.

Read More »

යුධ හමුදා නිල ඇදුම් වලට සමාන ඇඳුම් තොගයක් කිලිනොච්චියෙන් සොයා ගැනේ  

0 comments

යුධ හමුදා නිල ඇඳුම් වලට සමාන ඇඳුම් තොගයක් කිලිනොච්චිය – ධර්මපුරම් ප‍්‍රදේශයෙන් සොයාගෙන තිබෙනවා.

යුධ හමුදාව සිදුකළ මෙහෙයුමකදී නිවසක් තුළ තිබී මෙම ඇඳුම් හමුවි ඇති බවයි පොලිසිය පවසන්නේ. නිවස වැඩිදුර පරීක්ෂා කිරිමේදි ජංගම දුරකථන හතක් ද සොයා ගැනුණා.

Read More »

කේරළ ගංජා ළඟ තබාගෙන සිටි 3ක් ත‍්‍රිරෝද රථයක් සමඟ අත්අඩංගුවට  

0 comments

කේරළ ගංජා ළඟ තබාගෙන සිටි තුන් දෙනෙකු ත‍්‍රිරෝද රථයක් සමඟ අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව ප‍්‍රකාශ කළා.

ඒ කොළඹ කින්ග්ස්බරි හෝටලය ආසන්නයේ සිදුකළ සෝදිසියකින්. කොළඹ ප‍්‍රදේශයේ ආරක්ෂාව සඳහා අනුයුක්ත කර ඇති බටහිර නාවික විදානයට අයත් නාවිකයන් පිරිසක් ඊට එක්වුණා.

සැකකරුවන් මොරටුව සහ ගල්කිස්ස ප‍්‍රදේශවල පදිංචිකරුවන්. ඔවුන් ඉදිරි විමර්ශන සඳහා කොටුව පොලිසිය වෙත භාරදුන් බවයි නාවික හමුදාව සඳහන් කළේ.

Read More »

තවුහිද් ජමාත් සංවිධානයට සම්බන්ධ තවත් 4ක් අත්අඩංගුවට  

0 comments

තවුහිද් ජමාත් සංවිධානයට සම්බන්ධ තවත් හතර දෙනෙකු පුත්තලම කරඹ ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ගුවන් හමුදාව සහ නොරොච්චෝලේ පොලිසිය එක්ව සිදුකළ සෝදිසි මෙහෙයුමකින්. තවුහිද් ජමාත් සංවිධානයට අයත් ටී ෂර්ට් සහ හිස් වැසුම් කිහිපයක් ද එහිදි පොලිස් භාරයට ගැණුනා. සැකකරුවන් අද (29) පුත්තලම මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමටයි නියමිත.

Read More »

බස් රථවල පුපුරණ ද්‍රව්‍ය හදුනාගැනීම සඳහා විශේෂ ආරක්ෂිත උපකරණයක්  

0 comments

බස් රථවල පුපුරණ ද්‍රව්‍ය හදුනාගැනීම සඳහා විශේෂ ආරක්ෂිත උපකරණයක් සවි කිරිමට තීරණය කර තිබෙනවා. මෙම උපකරණ කඩිනමින් ආනයනය සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කරන බවයි පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප‍්‍රකාශ කළේ.

රජයේ අනුමැතිය යටතේ සෞඛ්‍ය ආරක්ෂිත බවද තහවුරු කර මෙම උපකරණ ආනයනයට කටයුතු කරන බවයි සභාපතිවරයා සඳහන් කළේ.

Read More »

නැවත දැනුම්දෙනතුරු ධීවර සහ නාවික කටයුතුවලින් වැළකී සිටින්න  

0 comments

ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප‍්‍රදේශයේ ශ‍්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පවතින ෆොනි සුළි කුණාටුව ඉදිරි පැය කිහිපයතුළදී චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනූව නැගෙනහිර, ගිනිකොණ, ඊසාන සහ උතුරු දෙසින් වන බෙංගාල බොක්ක මුහුදු ප‍්‍රදේශයේ නැවත දැනුම්දෙන තුරු ධීවර සහ නාවික කටයුතුවලින් වැළකී සිටින ලෙසයි දෙපාර්තමේන්තුව දැනුම්දෙන්නේ.

මේ සම්බන්ධව නිකුත් කෙරෙන ඉදිරි නිවේදන පිළිබඳ අවධානයෙන් පසුවන ලෙස ද කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ බුද්ධික බන්දුරත්න මහතා සඳහන් කළා.

සුළි කුණාටු පද්ධතියේ බලපෑම හේතුවෙන් ලබන බදාදා දක්වා දිවයින හරහා වැසි සහ සුළං තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කෙරෙනවා. සබරගමුව, මධ්‍යම, දකුණ, බස්නාහිර සහ වයඹ පළාත්වලට මිලි මීටර 150ක පමණ තද වැසිද ඇති විය හැකියි.

Read More »

පාස්කු ඉරිදා ප‍්‍රහාරයට සම්බන්ධ ප‍්‍රධාන සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට  

0 comments

පාස්කු ඉරුදින එල්ලවූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් අවශ්‍යව සිටි ප්‍රධාන සැකකරුවන් දෙදෙනෙකු නාවලපිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් වැඩිදුර ප්‍රශ්න කිරීම් සදහා රහස් පොලිසිය වෙත භාර දීමට කටයුතු කෙරුණා.

මෙහොමඩ් සාදික් අබ්දුල් හක් සහ මෙහොමඩ් සාහිඩ් අබ්දුල් හක් නමැති සොහොයුරන්  දෙදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා. ලැබුණු තොරතුරක් මත යුද හමුදාව සිදුකළ වැටලීමකදී මොවුන් අත්අඩංගුවට ගැනුණා.  ඒ පාවහන් වෙළෙදසැලක සැගවී සිටියදීයි.

ඔවුන් සතු වෑන් රථයක් ද නාවලපිටිය ජයසුන්දර ප්‍රදේශයේ නිවසක සගවා තිබියදී අත්අඩංගුවට ගැනීමට යුද හමුදාව සමත්වුණා. ඔවුන් ආරක්ෂක අංශ වෙත අත්‍යවශයව සිටි සැකකරුවන් දෙදෙනෙකු බවයි වාර්තා වන්නේ. ඒ සම්බන්ධයෙන් නාවලපිටිය පොලිසිය සහ ගම්පොළ පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වනවා.

 

Read More »

ස්පාඤ්ඤ මැතිවරණයෙන් සමාජවාදී පක්ෂයට ජය  

0 comments

ස්පාඤ්ඤ සමාජවාදී පාලක පක්ෂය මහ මැතිවරණයෙන් ජයගෙන තිබෙනවා. වසර හතරක් තුළදී ස්පාඤ්ඤයේ පැවැත්වු තුන් වන මහ මැතිවරණය මෙයයි.

අගමැති පෙඩ්රො සැන්චේස්ගේ සමාජවාදි පක්ෂයට හිමිව ඇති ඡන්ද ප‍්‍රතිශතය 29%ක්. එහෙත් ආණ්ඩුවක් පිහිටුවීම සඳහා එය ප‍්‍රමාණවත් නොවන බවයි එරට වාර්තා සඳහන් කරන්නේ. ඒ අනූව දක්ෂිණාංශික පක්ෂ කිහිපයක සහාය ලබාගැනීමට අගමැතිවරයාට සිදුවනු ඇතැයිද විශ්ලේෂකයින් පෙන්වා දෙනවා. එසේ සිදුවුවහොත් 1970 මිලිටරි පාලනය අවසන් කිරිමෙන් පසු පළමු වරට දක්ෂිනාංශික දේශපාලනඥයන්ට ස්පාඤ්ඤ පාර්ලිමේන්තුවට පිවිසීම සඳහා මෙවර අවස්ථාව හිමිවනවා.

ජයග‍්‍රහණයෙන් පසු තම පක්ෂයට අභියෝග කිහිපයක් පවතින බව අග‍්‍රාමාත්‍යවරයා ප‍්‍රකාශ කර තිබෙනවා. සහයෝගිතාව වර්ධනය කිරිම සහ දූෂණය නතර කිරිම ඒ අතරින් ප‍්‍රධාන වන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

Read More »

ඉන්දුනීසියාවේ ගංවතුර හේතුවෙන් 17ක් ජීවිතක්ෂයට  

0 comments

ඉන්දුනීසියාවට ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. පුද්ගලයින් නව දෙනෙකු අතුරුදන්ව ඇති බවයි සදහන් වන්නේ.

පුද්ගලයින් දොළොස් දහසක් පමණ ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට එරට රජය කටයුතු කර තිබෙනවා. ඉන් ගොඩනැගිලි රැසකට හානි සිදුව තිබෙනවා. මාර්ග රැසක් ගංවතුරෙන් යට වී තිබෙන බැවින් ගමනාගමන කටයුතුවලටද බාධා එල්ල වී ඇති බවයි එරට වාර්තා සදහන් කරන්නේ. ගංවතුරෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ ජකර්තා අගනුවරටයි.

Read More »

ජාතික හැදුනුම් පත් 23ක් ලඟ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට  

0 comments

ජාතික හැදුනුම් පත් 23ක් ලඟ තබාගෙන සිටි පුද්ගලයෙකු කල්පිටිය පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පල්ලිවාසල්තුරෙයි ප‍්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී ඒවා සොයාගත් බවයි කල්පිටිය පොලිසිය සඳහන් කළේ. සැකකරුවෙකු ද අත්අඩංගුවට ගත්තා. ඔහු එම ප‍්‍රදේශයේම පදිංචි 56 හැවිරිදි පුද්ගලයෙක්. කුමන හේතුවක් මත සැකකරු ජාතික හැදුනුම් පත් ළඟ තබාගෙන සිටියා ද යන්න මෙතෙක් අනාවරණය වී නැහැ.

Read More »

සමන්තුරේ, කල්මුණේ සහ චවලකඩේ ප‍්‍රදේශවලට පමණක් ඇදිරි නීතිය  

0 comments

සමන්තුරය, කල්මුණේ සහ චවලකඩේ පොලිස් වසම් තුනට යළි පොලිස් ඇදිරි නීතිය පනවා ඇති බවයි මාධ්‍ය ප‍්‍රකාශකවරයා පවසන්නේ.

කල්මුණේ පොලිස් වසමේ සයින්දමරදුවල පුපුරා ගැනීම සිදුකළ නිවසේ කාන්තාවක් සහ දරුවෙක් තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා. එම කාන්තාව ත‍්‍රස්තවාදී බෝම්බකරුවෙක් වන මෙහොමඩ් සහරාන්ගේ බිරිඳ බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කළේ.

Read More »

ගෙවුණු පැය 24 දි තවත් 48ක් අත්අඩංගුවට  

0 comments

පසුගිය පැය 24 තුළ සිදුකළ මෙහෙයුම්වලින් සැකකරුවන් 48ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා ප‍්‍රකාශ කළා.

පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය හා ති‍්‍රවිද හමුදාව එක්ව මෙහෙයුම් සිදුකර තිබෙනවා. ගාල්ල, නල්ලතන්නිය, මීගමුව, මැදිරිගිරිය ඇතුළු ප‍්‍රදේශවල සිටියදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කළේ.

Read More »

ත‍්‍රස්තවාදි සාමාජිකයෙකුගේ සහෝදරයෙක් අත්අඩංගුවට  

0 comments

මරාගෙන මැරෙන බෝම්බ පිපිරිම්වලට සම්බන්ධ ත‍්‍රස්තවාදි සාමාජිකයෙකුගේ සහෝදරයෙක් අත්අඩංගුවට ගත් බව පොලිසිය ප‍්‍රකාශ කළා.

ඒ දෙමටගොඩ ප‍්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදි. ඔහු ළඟ තිබී විදෙස් ගිනි අවිය ක් සහ කඩු දෙකක් හමු වී තිබෙනවා. දෙමටගොඩ පොලිසියයි විමර්ශන සිදුකරන්නේ.

Read More »

අගමැති බුර්කාවට විරුද්ධ නැහැ  

0 comments

ඉස්ලාම් භක්තික කාන්තාවන්ගේ බුර්කා ඇදුම තහනම් කිරිමට ඉදිරිපත් වූ යෝජනාවට අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා විරුද්ධවූ බවට පළවන ප‍්‍රවෘත්තිය සම්පූර්ණයෙන්ම අසත්‍ය බව අග‍්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළා.

බුර්කාව තහනම් කිරිමේ නීති පැනවීමට අග‍්‍රාමාත්‍යවරයා විරුද්ධ යැයි අසත්‍ය තත්ත්වයක් හැඟවීමට එම ප‍්‍රවාත්තියෙන් උත්සාහදරා ඇති බවයි අග‍්‍රාමාත්‍ය කාර්යාලය පවසන්නේ. බුර්කාව භාවිතය නැවැත්වීමට ශ්‍රී ලංකාවේ සමස්ථ මුස්ලිම් ප‍්‍රජාව නියෝජනය කරන ජමිය තුල් උලමා සභාව ද යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.

එබැවින් අධිකරණ අමාත්‍යවරිය එම සභාව සමඟ ද සාකච්ඡා කර බුර්කාව තහනම් කිරිමේ නීති සැකසීම සුදුසු යැයි අග‍්‍රාමාත්‍යවරයා පෙන්වා දුන් බවයි අග‍්‍රාමාත්‍ය කාර්යාලය පවසන්නේ.

Read More »

පර්වේස් මුෂාරෆ් යළි පාකිස්ථානයට  

0 comments

පාකිස්ථාන හිටපු ජනාධිපති පර්වේස් මුෂාරෆ් යළි එරටට පැමිණෙන බව ඔහුගේ නීතිඥයන් දැනුම් දුන්නා.

වෛද්‍ය ප‍්‍රතිකාර සඳහා ඔහු විදෙස් ගත වුණේ 2016 වසරේදී. පාකිස්ථාන විශේෂ අධිකරණය හමුවේ ලබන මස දෙවනදා හිටපු ජනාධිපතිවරයා පෙනී සිටින බවයි ජාත්‍යන්තර මාධ්‍ය පෙන්වා දුන්නේ. ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ නඩුව විභාග කිරිමට කටයුතු යොදා තිබෙනවා.

Read More »

බළංගොඩ පෙට්ටිගල ප‍්‍රදේශයේ නාය යෑමේ අවදානමක්  

0 comments

බළංගොඩ පෙට්ටිගල ප‍්‍රදේශයේ නාය යාමේ අවදානමක් හේතුවෙන් පවුල් 23ක් ඉවත් කර තිබෙනවා.

ඔවුන් ආරක්ෂිත ප‍්‍රදේශවලට පිටත් කළ බවයි බළංගොඩ ප‍්‍රාදේශිය ලේකම් හේමන්ත බණ්ඩාර මහතා සඳහන් කළේ. නිවාසවල බිත්ති ඉරිතලා යාම හේතුවෙන් ඒ පිළිබඳ විශේෂ පරික්ෂාවක් සිදුකිරිමට බලධාරින් පියවර ගත්තා. ඒ අනූවයි මෙම තිරණයට එළඹ තිබෙන්නේ.

Read More »

ඩ්‍රෝන කැමරාවකින් ඡායාරූප ලබාගත් ඉන්දීය ජාතිකයා රිමාන්ඩ්  

0 comments

ඩ්‍රෝන කැමරාවකින් හික්කඩුව ප‍්‍රදේශයේ ඡායාරූප ලබාගත් ඉන්දීය ජාතිකයා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

බලපිටිය වැඩබලන මහේස්ත‍්‍රාත් සමන්ත ආබේ‍්‍රව් මහතා නියෝගය ලබාදුන්නා.

සැකකරු පසුගිය 16 වනදා ශ‍්‍රී‍්‍රි ලංකාවට පැමිණ ඇති බවටයි තොරතුරු හෙළි වුණේ. ඔහුගේ බිරිඳගෙන් ද පොලිසිය ප‍්‍රකාශයක් ලබාගෙන තිබෙනවා.

Read More »

කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්  

0 comments

ගිනිකොණ දිග බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පවතින ෆොනී සුළිකුණාටුව ඉදිරි පැය 12 තුළදී ඉතා චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ධීවර සහ නාවික ප්‍රජාවට මේ පිළිබද දැඩි අවධානයෙන් පසුවන ලෙසයි එම දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ.

මේඅතර දිවයිනේ බස්නාහිර, දකුණ, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් නිවේදනය කරනවා.

Read More »

කැලිෆෝනියා ප්‍රාන්තයේ ආගමික ස්ථානයකට වෙඩි ප්‍රහාරයක්  

0 comments

ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ආගමික ස්ථානයකට වෙඩි ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා. පෝවේහි පිහිටි යුදෙව් ආගමික ස්ථානයකටයි මෙම වෙඩි ප්‍රහාරය එල්ලවුණේ.

ඉන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් තිදෙනෙකු තුවාල ලැබුවා. යුදෙව් ආගමික ස්ථානයේ පාස්කු උත්සවය සමරමින් සිටි අවස්ථාවේදීයි වෙඩි ප්‍රහාරය එල්ලවී ඇත්තේ. සැකකරු 19 හැවිරිදි අයෙකු බවට හදුනා ගෙන ඇති අතර ඔහු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සිද්ධිය වෛරී අපරාධයක් සිදු කිරීම මූලික කරගනිමින් සිදුවූවක් බවයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ.

Read More »

ඩ්‍රෝන කැමරාවක් ක්‍රියාත්මක කරමින් සිටි ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට  

0 comments

ඩ්‍රෝන කැමරාවක් ක්‍රියාත්මක කරමින් සිටි ඉන්දීය ජාතිකයෙකු  අත්අඩංගුවට ගැනීමට මීටියාගොඩ පොලිසිය කටයුතු කළා.

සැකකරු සීනිගම හා හික්කඩුව ප්‍රදේශවල මෙම ඩ්‍රෝන කැමරා මගින් දර්ශන ලබා ගන්නා බවට ප්‍රදේශවාසීන් ලබාදුන් තොරතුරකට අනුවයි ඔහු අත්අඩංගුවට ගැනුණේ.

 

Read More »

ස්පාඤ්ඤ මැතිවරණයට සියල්ල සූදානම්  

0 comments

ස්පාඤ්ඤ මැතිවරණය සඳහා සියලු කටයුතු සූදානම් බව එරට වාර්තා පවසනවා.

වසර 4 ක් ඇතුලත ස්පාඤ්ඤයේ පැවැත්වෙන තුන්වන මහ මැතිවරණය මෙයයි. මැතිවරණයේදී සමාජවාදී මත නියෝජනය කරන වර්තමාන අගමැතිවරයාගේ පාර්ශවයට වැඩි බලයක් හිමිවනු ඇති බවටයි එරට විශ්ලේෂකයන් සඳහන් කරන්නේ.එහෙත් කිසිදු පාර්ශවයකට තනිව ආණ්ඩුවක් පිහිට විය නොහැකිවනු ඇති බව ද ඔවුන් පෙන්වාදෙනවා.

Read More »

රාජකාරියේ නිරත ආරක්ෂක අංශ වලට ආහාර පාන ලබාදීමෙන් වළකින්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක්  

0 comments

රාජකාරීයේ යෙදීසිටින ආරක්ෂක නිලධාරීන් වෙත ආහාර පාන ලබාදීමෙන් වළකින ලෙස මහජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

එය රාජකාරියට සහ ආරක්ෂාවට බාධාවක් බවයි යුද හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් සුමිත් අතපත්තු මහතා ප‍්‍රකාශ කළේ.

තවදුරටත් සෝදිසි මෙහෙයුම් කි‍්‍රයාත්මක බවයි හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

Read More »

දෙමටගොඩ නිවසකින් කෝටි 3ක නිල් මැණික් තුනක් හමු වෙයි  

0 comments

පසුගියදා පුපුරුවා ගැනීමට ලක්වූ දෙමටගොඩ නිවසක තිබී රුපියල් කෝටි 3ක වටිනාකමකින් යුත් නිල් මැණික් තුනක් පොලීසිය සොයා ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සදහන් කළේ එම නිවසේ තිබී කෝටි එකහමාරක මුදල් මෙන්ම ලක්ෂ පහක් පමණ වටිනා විදේශ මුදල් තොගයක් ද පොලීසිය සොයාගත් බවයි. ඊට අමතරව අධික වටිනාකමින් යුත් ස්වර්ණාභරණ තොගයක් ද සොයා ගෙන තිබෙනවා.
මේ අතර ගාල්ල දංගෙදර මොරගොඩ ප‍්‍රදේශයේ මුස්ලිම් දේවස්ථානයක තිබී මුස්ලිම් ආගමික දේශන ඇතුළත් සීඩී තැටි 797ක් සමග සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ සීඩී තැටිවල අන්තවාදී ආගමික දේශන ඇතුළත්ව තිබේදැයි යන්න පිළිබඳව පරික්ෂණ සිදු කරන බවයි පොලීසිය සඳහන් කළේ.

Read More »

සහරාන් හෂීම්ගේ රියදුරා ඇතුළු සැකකරුවන් 07ක් අත්අඩංගුවට  

0 comments

පාස්කු ඉරිදා ප්‍රහාරය සිදු කළ ජාතික තවුහිද් ජමාද් සංවිධානයේ නායක සහරාන් හෂීම්ගේ රියදුරා ඇතුළු සැකකරුවන් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කාත්තන්කුඩි  පොලිසීය සිදු කළ  මෙහෙයුමකදියී සැකකරුවන් අත්අඩංගුවට පත්ව ඇත්තේ. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු ප්‍රහාරකයන් නිකුත් කළ වීඩියෝවේ දැක්වෙන ආකාරයේ ඇදුම්වලට සමාන ඇදුම් කිහිපයක්ද සොයාගෙන තිබෙනවා.

ඒ අතර ජාතික තවුහිද් ජමාද් සංවිධානයේ ලාංඡනය සහිත ටී ෂර්ට් හා මුහුණු ආවරණ කිහිපයක්ද වනවා. මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බවයි පොලීසිය සදහන් කළේ.

 

 

 

 

Read More »

Recent News

Gossip Lanka MAG