Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජනපති ප්‍රේමදාස ගුණ සැමරේ  

Add comments

නැති බැරි අය ඇති හැකි අය බවට පත්කිරීම ගුරුකොට ගනිමින් ජනතා සේවයට කැපවූ ජනාධිපති ශ්‍රීමත් රණසිංහ ප්‍රේමදාස මහතාගේ 26 වන ගුණ සමරුව අද(01)යි. ඒ වෙනුවෙන් පැවැත්වෙන ගුණ සමරු උළෙල කොළඹ අලුත්කඩේ පිහිටි ඒ මහතාගේ පිළිරුව අභියසදී පැවැත්වුණේ ජනාධිපතිතුමාගේ සහ අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන්.

රණසිංහ ප්‍රේමදාස මහතාගේ 26 වන ගුණ සමරු උත්සවය පැවැත්වුණේ කොළඹ අලුත්කඩේ ඒ මහතාගේ පිළිරුව අභියසදී  යි. ප්‍රේමදාස මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව ගුණ සමරු උත්සවයේ කටයුතු ආරම්භ කෙරුණා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද  කතානායක කරූ ජයසූරිය මහතා ද අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සහ  හේමා ප්‍රේමදාස මහත්මිය ඇතුළු පවුලේ ඥාතීන් ද ප්‍රේමදාස පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමට එක්වුණා. පිළිරුවට මල්මාලා පැළදවීම කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය සිදුකළා. සර්ව ආගමික වතාවත් ද මෙහිදී පැවැත්වුණා.

මේ අතර හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 26 වන ගුණ සමරුව නිමිත්තෙන් හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ දී ආගමික වතාවත් සිදුකෙරුණා. පූජ්‍ය ගලිගමුවේ ඥානසාර ස්වාමීන් වහන්සේ මෙහිදී ධර්ම දේශනය පැවැත්වූවා. පූජ්‍ය කිරින්දේ අස්සජි ස්වාමීන් වහන්සේ සහ මැතිඇමතිවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වුණා.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG