Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ලෝක සෞඛ්‍ය සංවිධානය කොරෝනා ගැන දත්ත රැස්කරයි  

Add comments

කොරෝනා වෛරසය පිළිබද දත්ත ජාලයක් පවත්වාගෙන යාමට ලෝක සෞඛ්‍ය සංවිධානය තීරණය කළා.

ඒ සඳහා අවශ්‍ය සහය ලබාදෙන ලෙස බලධාරීන් ජාත්‍යන්තරයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. වෛරසයට එරෙහිව කි‍්‍රයාමාර්ග ගැනීමයි අරමුණ. සියලු තොරතුරු ලබාදෙන ලෙසටයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප‍්‍රධානී ටෙඩ්රොස් අදානොම් ලිඛිතව දැනුම්දී තිබෙන්නේ.

විශේෂ කණ්ඩායමක් පරීක්ෂණ සඳහා චීනයට යොමු කිරීමටත් ඔවුන්ගේ අවධානය යොමුවී තිබෙනවා. කොරෝනා වෛරසය හේතුවෙන් ලොවපුරා සමාගම් රැසකට බලපෑම් එල්ලවී ඇති බවයි මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

සැපයීම් අංශයට ගැටලු මතුවීමයි ඊට හේතුව. චීනය සමඟ ගණුදෙණු කරන සමාගම් ගණනාවකට ඉන් බාධා එල්ලවී ඇති බවත් ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළා.

මේ අතර රටවල් 22 ක් තවමත් සංචාරක ගමන් වාරණයක් පනවා තිබෙනවා. ඒ අනුව අත්‍යාවශ්‍ය නොවන හේතු මත චීනයේ සංචාරය කිරීමෙන් වළකින ලෙසට ඔවුන් දැනුම්දී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කළේ. ප‍්‍රංශය සහ බි‍්‍රතාන්‍යයත් ඊට ඇතුලත්.

The post ලෝක සෞඛ්‍ය සංවිධානය කොරෝනා ගැන දත්ත රැස්කරයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG