
නවසීලන්තයට දැඩි ගංවතුර තත්ත්වයක් හටගෙන තිබෙනවා.
නවසීලන්තයේ දකුණු ප්රදේශයටයි මෙමගින් දැඩි බලපෑම් එල්ලවී ඇත්තේ. පසුගිය දින කිහිපය පුරා එරටට අධික වර්ෂාවක් ඇදහැලුණා. ඒ සමඟයි ගංවතුර තත්ත්වය හටගැණුනේ. මේ හේතුවෙන් සංචාරකයින් රැසක් ද අදාළ ප්රදේශවල කොටුවී සිටින බවයි වාර්තා වන්නේ. දහස් ගණනකට විදුලිය අත්හිටුවා තිබෙනවා. තවත් දින කිහිපයක් මෙම තත්ත්වය පවතිනු ඇති බවයි නවසීලන්ත කාලගුණ අංශ සඳහන් කරන්නේ.
The post නවසීලන්තයට දැඩි ගංවතුර තත්ත්වයක් appeared first on ITN News.
Post a Comment