Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සටන් විරාමය අවසන් කිරීමට ඇෆ්ගන් ජනාධිපති තීරණය කරයි  

0 comments

සටන් විරාමය අවසන් කිරීමට ඇෆ්ගන් ජනාධිපති අශ්රෆ් ඝානි තීරණය කළා. ඒ අනුව තලෙයිබාන් සංවිධානයට එරෙහි මෙහෙයුම් ආරම්භ කරන ලෙසයි හමුදාවට නියෝග කර තිබෙන්නේ. මීට පෙර තලෙයිබාන් සංවිධානය දින 3 ක සටන් විරාම ගිවිසුමක් ප‍්‍රකාශයට පත් කළා. ඊට ප‍්‍රතිචාර දක්වමින් ඇෆ්ගන් ජනාධිපතිවරයා තීරණය කළේ සතියක සටන් විරාම ගිවිසුමක් ක‍්‍රියාත්මක කිරීමට. එභෙත් තලෙයිබාන් සංවිධානය සිදු කරන ප‍්‍රහාර වලට ප‍්‍රතිචාර දක්වමින් සටන් විරාමය අවසන් කරන බවයි ජනාධිපතිවාරයා සඳහන් කළේ.

Read More »

යූරෝ ෆෝ හෙට සිට පාරිභෝගිකයන්ට  

0 comments

යූරෝ ෆෝ පළමු ඉන්ධන තොගය අද (01) සිට පිරවුම්හල්වලට නිකුත් කරන බව ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශය ප‍්‍රකාශ කළා. දිවයින පුරා ඉන්ධන බෙදා හැරීමට සියළු පියවර ගෙන ඇති බවයි අමාත්‍යංශ ලේකම් උපාලි මාරසිංහ මහතා ප‍්‍රකාශ කළේ.

හෙට (02) සිට පාරිභෝගිකයන් වෙත ඉන්ධන බෙදා හැරීමයි සැලසුම. දැනට ඔක්ටේන් 95 පෙට‍්‍රල් සහ සුපර් ඩීසල් වෙනුවට යූරෝ ෆෝ ඕනෑම වාහනයකට භාවිත කළ හැකියි. ජූලි පළවෙනිදා සිට යූරෝ ෆෝ මට්ටමට අයත් නොවන වාහන ගෙන්වීම රජය අත්හිටුවීමට පියවර ගෙන ඇති බවයි අමාත්‍යංශ ලේකම්වරයා පෙන්වා දෙන්නේ.

Read More »

ට‍්‍රම්ප්ගේ සංක‍්‍රමණික ප‍්‍රතිපත්ති වලට එරෙහිව උද්ඝෝෂණ  

0 comments

සංක‍්‍රමණිකයන් සම්බන්ධ ඩොනල්ඩ් ට‍්‍රම්ප්ගේ දැඩි ප‍්‍රතිපත්ති වලට එරෙහිව ඇමරිකාවේ උද්ඝෝෂණ පැවැත්වෙනවා. ට‍්‍රම්ප් ගත් තීරණයත් සමඟ කුඩා දරුවන් සිය දෙමාපියන්ගෙන් වෙන් කරමින් රඳවා තැබීමටයි පියවර ගෙන තිබෙන්නේ. සංක‍්‍රමණික කුඩා දරුවන් සඳහා විශේෂ පහසුකම් සැලසීමට තමන් සූදානම් බවද ඩොනල්ඩ් ට‍්‍රම්ප් ප‍්‍රකාශ කළා. එභෙත් සංක‍්‍රමණිකයින් සියළුදෙනා පිළිගෙන ඔවුන්ට අවශ්‍ය සියළු පහසුකම් සලසා දිය යුතු බවයි විරෝධතාකරුවන් පවසන්නේ.

Read More »

මෙක්සිකෝවේ ඡන්ද විමසීම ඇරඹෙයි  

0 comments

මෙක්සිකෝවේ ජනාධිපතිවරණය , පාර්ලිමේන්තු මැතිවරණය හා පළාත් ඡන්ද විමසීම අද පැවැත්වෙනවා.දේශපාලන ප්‍රචණ්ඩ ක්‍රියා මධ්‍යයේ එම මැතිවරණ පැවැත්වෙන බවයි මෙක්සිකෝ වාර්තා සදහන් කරන්නේ. ඡන්ද ප්‍රකාශ කිරීම සදහා මිලියන 88ක පිරිසක් සුදුසුකම් ලබා සිටිනවා.

නව ජනාධිපතිවරයකු මෙන්ම සෙනෙට් සභිකයින් 128 දෙනකු සහ නියෝජ්‍ය කොංග්‍රස් සාමාජිකයින් 500 දෙනෙකු මෙම මැතිවරණයෙන් තෝරාගැනීමට නියමිතයි. පසුගිය සැප්තැම්බර් මාසයේ ආරම්භ වූ මෙක්සිකෝ මැතිවරණ ප්‍රචාරණ කටයුතු වලදී ඡන්ද අපේක්ෂකයින් සහ දේශපාලන සහායකයින් 130 දෙනෙකු ඝාතනය වි තිබෙනවා. සියයට 40කට වඩා වැඩි දරිද්‍ර ජනතාවක් ජීවත්වන මෙක්සිකෝවට සශ්‍රීක අනාගතයක් උදාකරදීම මෙම මැතිවරණයේ අපේක්ෂාවයි.

 

 

 

 

Read More »

ප්‍රවීණ මාධ්‍යවේදී චාමර ලක්ෂාන් අභාවප්‍රාපත්ත වෙයි  

0 comments

සිළුමිණ සහ රැස පුවත්පතේ කතුවරයෙකු ලෙස කටයුතු කළ ප්‍රවීණ මාධ්‍යවේදී චාමර ලක්ෂාන් මහතා අභාවප්‍රාපත්ත වුණා.හදසි හෘදයාබාධයකට ලක්ව  කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි  අතරතුරයි  චාමර ලක්ෂාන් මහතා අභාවප්‍රාප්ත වුණේ.

මිය යන විට ඒ මහතා 39 වන වියේ පසුවුණා. ප්‍රවීන මාධ්‍යවේදියකු මෙන්ම දේශපාලන විචාරකයකු වූ  ඒ මහතා සිළුමිණ පුවත්පතේ කතෘ ධූරයට පත් වූ ලාබාලතම කතුවරයාද වනවා.චාමර ලක්ෂාන් මහතා ලක්බිම , රිවිර   සහ  ඉරුදින යන පුවත්පත්වලද  කලක් සේවය කළා. ඒ මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ඇති.

 

 

 

 

 

 

Read More »

ප්‍රවීණ රංගන ශිල්පී රෝයි ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි  

0 comments

ප්‍රවීන සිනමාවේදී රෝයිද සිල්වා මහතා අභාවප්‍රාප්ත වුණා.ප්‍රවීන රංගන ශිල්පියෙකු , චිත්‍රපට අධ්‍යක්ෂකවරයකු මෙන්ම නිෂ්පාදකවරයකු ලෙස කටයුතු කළ රෝයිද සිල්වා මහතා   අභාවප්‍රාප්ත වන විට 80 වන වියෙහි පසුවුණා.

සුදුපිරුවට  , සංසාරේ ප්‍රාර්ථනා , මයි නේම් ඉස් බන්දු , ඔබට පමණයි ආදරේ  ඇතුළු චිත්‍රපට ගණනාවකට රෝයිද සිල්වා මහතා රංගනයෙන් දායකත්වය ලබා දුන්නා. සැලමුතු පින්න  ,සොදුරු වසන්තය , සර් ලාස්ට් චාන්ස් ඇතුළු චිත්‍රපට රැසක් රෝයි ද සිල්වා මහතා අධ්‍යක්ෂණය කර තිබෙනවා. ඒ මහතාගේ දේහය පිලිබද අවසන් කටයුතු ඉදිරියේදී දැනුම් දෙන බවයි පවුලේ ඥාතීන් පවසන්නේ.

 

 

 

Read More »

​Rohana Wijeweera's wife files petition after 28 years.... saying he is missing!  

0 comments

 ​Rohana Wijeweera's wife files petition after 28 years.... saying he is missing!

Rohana Wijeweera's wife files petition after 28 years ...

saying he is missing!

Wife of pioneer and leader of Janatha Vimukthi Peramuna Mr. Rohana Wijewera, Mrs. Chitrangani Wijeweera has filed a writ of habeus corpus with appeal courts today (29) requesting him to be summoned to courts without delay saying that he had disappeared for so many years and that no information has been received about him either.

The writ has been forwarded through attorney-at-law Mr. Senaka Titus and 11 respondents have been
named including K.A. Wijedasa, a former secretary of the president, former army commander Hamilton Wanasinghe, major general Janaka Perera and captain Gamini Hettiarachchi. There are newspaper records to say that he was shot dead together with Upatissa Gamanayaka keeping them lined up on the rail-track adjoining golf grounds behind Borella kanatta on 13th dawn in 1989. Though there were rumours later on that Wijeweera and Gamanayaka were heavily battered prior to being killed and that their limbs would be broken and that they would be thrown into the crematorium while still alive and be burned there, there is no genuine evidence that anything of that nature has actually taken place.

The media announcement released by the army commander at that time Hamilton Wanasinghe is as follows: "The army has taken steps to conduct search operations in many areas including Ulapane based on secret information received on activities of the rebels concerned. A batch of army personnel who carried out operations in Ulapane area in the evening of November 12th 1989 they came across a person who could be suspected as Rohana Wijeweera. This person has admitted that he was Rohana Wijeweera when questioned about his identity and further admitted that the others in the house were his wife and children. Since there was suspicion that Rohana Wijeweera had connections with disruptive activities against the lawful regime in the country and other antagonistic and other intimidating activities, he was thus taken into custody for further investigations. The decision of the chief of the army personnel who arrested him was to take him to a place where he would be afforded the highest possible protection.

That very night Rohana Wijeweera was brought to Colombo at 10 o'clock. Subsequent to further interrogation Wijeweera volunteered to come forward to address the young generation of the country asking them to give up their aggressive activities. This talk in fact was captured on video. Thereafter Wijeweera consented to allow the police and the army to escort him to the main operations and press centre belonging to the JVP and Deshapremi Janatha Vyaparaya. This was a place located in Colombo district. Wijeweera who spoke to member of the political board of the JVP, H.B. Herath then instructed him to hand over

The following day, that is, at dawn of the 13th, Wijeweera was able to show war activities and media centre of the JVP and Deshapremi Janatha Vyaparaya to the army.  Wijeweera who on that occasion spoke to a member of the political board of the JVP, S.B. Herath and instructed him to hand over everything at the headquarters. Herath who handed over some documents to the army, pretending to search for other documents, immediately pulled out a weapon and shot towards Rohana Wijeweera.At that point the army also fired back. During this crossfire, Wijeweera and Herath who were in the midst of the shooting were subjected to injuries and died on the spot. Subsequently the army who took action according to emergency laws cremated the two dead bodies". 
Read More »

අයිස් නැමති මත් ද්‍රව්‍ය අලෙවි කළ තරුණයෙක් අත්අඩංගුවට  

0 comments

 

අයිස් නැමති මත්ද්‍රව්‍ය අලෙවි කළ තරුණයෙක් රත්නපුර සමන් දේවාලය අසලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුගේ වයස අවුරුදු 25 ක්. රත්නපුර විශේෂ දූෂණ මර්දන ඒකකයයි වැටලීම සිදු කළේ. අයිස් මත්ද්‍රව්‍ය ඇසුරුම් 3 ක් සහ මත්පෙති කිහිපයක් ඔහු ළඟ තිබී සොයා ගත්තා. සැකකරු රත්නපුර මහේස්ත‍්‍රාත් අධිකරණයට හෙට ඉදිරිපත් කරන බවයි පොලිසිය සඳහන් කළේ.

Read More »

දහම් අධ්‍යාපනයට අවශ්‍ය පහසුකම් ලබාදෙන්න ජනපති සූදානම්  

0 comments

යුගයේ අවශ්‍යතාවක්ව පවතින දහම් අධ්‍යාපනය වැඩිදියුණු කිරීම වෙනුවෙන් ලබාදිය හැකි සියලු පහසුකම් ලබාදීමට රජයක් ලෙස කටයුතු කරන බව ජනාධිපතිතුමා පවසනවා. මිනිසෙක් ලෙස ජීවිතය සාර්ථක කරගැනීමට දහම් අධ්‍යාපනය වඩා වැදගත්වන බවයි ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ.

එමෙන්ම වෙහෙර විහාරස්ථාන සංවර්ධනය වෙනුවෙන් රජය ඇරඹූ බෞද්ධ පුනරුද අරමුදල හරහා අඩු පහසුකම් සහිත විහාරස්ථාන සංවර්ධනය වෙනුවෙන් අද පුලුල් වැඩකොටසක් සිදුවෙමින් පවතින බව ජනාධිපතිතුමා මෙහිදී වැඩිදුටත් ප්‍රකාශ කළා.

විහාරස්ථානවල සංවර්ධනයට මෙන්ම ගෞරවණීය භික්ෂුන් වහන්සේලාට අවශ්‍ය පහසුකම් සැපයීමට සහ ධර්ම ප්‍රචාරන කටයුතු හා බෞද්ධාගමික කටයුතු ඇතුළු ශාසනික සේවා ශක්තිමත් කිරීමට ලබාදිය හැකි ඉහළම අනුග‍්‍රහය ලබාදීමට රජය කටයුකු කරන බව ද ජනාධිපතිතුමා සඳහන් කළා.

Read More »

2015 ජනවාරි 8 පරාජය කළේ මහින්දගේ හිට්ලර් පාලනයයි  

0 comments

හිට්ලර්වාදී පාලනය එපාවූ ජනතාව 2015 ජනවාරි 8 වනදා යළි මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයකට කැමැත්ත පළකළ බව අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා. මාතර ප්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව කියාසිටියා.

අමාත්‍ය මංගල සමරවීර,

 

 

Read More »

ආර්ථික සම්බාධකවලින් රට බේරාගත්තේ වත්මන් රජයයි  

0 comments

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා 2015 වසරේ බලයට පත් වූයේ නැත්නම් රටට ආර්ථික සම්බාධකවලට මුහුණ දීමට සිදු වන බව අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. මීරිගම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බලමණ්ඩල රැස්වීමට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පල කළා.

අමාත්‍ය රංජිත් සියඹලාපිටිය,

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ නොරච්චෝල බලාගාරයෙන් සිදු වන පරිසර හානිය අවම කිරීම සදහා ලංකාවේ  දිගම තාප්පය ඉදිකිරීමට කටයුතු කරන බවයි.

අමාත්‍ය රංජිත් සියඹලාපිටිය,

 

 

 

 

 

Read More »

තේ කෝප්පයක මිල රුපියල් 5කින් අඩු වෙයි  

0 comments

ගෑස් මිල අඩු කිරීමේ වාසිය පාරිභෝගිකයාට ලබා දීම සඳහා තේ කෝප්පයක මිල රුපියල් 5 කින් අඩු කිරීමට ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කළා. හෙට සිට එය ක‍්‍රියාත්මක බවයි එම සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් මහතා පැවසුවේ.

Read More »

ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල පහළ යාමේ වාසිය ජනතාවට  

0 comments

ලෝක වෙළෙඳපොළේ ගෑස් හා බොරතෙල් මිල පහළ යාමේ වාසිය ජනතාවට ලබා දීමේ අරමුණින් සැකසූ මිල සූත්‍රය අනුව ගෑස් මිල අඩු කළ බව නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා පවසනවා.

නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ,

පසුගිය වසරේ බලපෑ අයහපත් කාලගුණයෙන් නිවාස හානි වූ අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජනතාවට වන්දි මුදල් ලබා දීමේ අවස්ථාවට එක්වෙමින් ඒ මහතා මේ  බව කියාසිටියා. අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදීයි උත්සවය පැවැත්වුණේ. පුද්ගලයින් 396 දෙනෙකුට ජාතික රක්‍ෂණ භාර අරමුදල යටතේ මෙම වන්දි මුදල් පිරිනැමුණා. ඒ සඳහා වැය කෙරුණු මුදල රුපියල් කෝටි එකහමාරක්.

 

 

 

 

Read More »

යුද හමුදාවේ 39කට උසස්වීම්  

0 comments

ශ්‍රී ලංකා යුද හමුදාවේ බ්‍රිගේඩියර්වරුන් පස්දෙනෙකු මේජර් ජෙනරාල් නිලයට උසස්කෙරුණා. එමෙන්ම කපිතාන්වරු 34 දෙනෙකු ද මේජර් නිලයට උසස්කර තිබෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මෙම පත්වීම් සිදුකර තිබෙනවා.

උසස්වීම් ලැබූ මෙම නිලධාරීන් ත්‍රස්තවාදය පරාජය කිරීමේ සටනේදී විශේෂ මෙහෙයක් ඉටුකළ නිලධාරීන් වනවා. මේ අනුව යුද හමුදා යුද්ධෝපකරණ බලකායේ බ්‍රිගේඩියර් එච් ජී අයි විද්‍යානන්ද, ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ බ්‍රිගේඩියර් ටී ජේ නානායක්කාර, ගජබා රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් ආර් බී එම් දවුලගල,ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ එස් කේ තිරුනාවුකරසු සහ ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ බ්‍රිගේඩියර් පී ආර් වනිගසූරිය යන අයයි මේජර් ජෙනරාල් නිලයට උසස්කර තිබෙන්නේ.

 

 

 

Read More »

නිදහස් පක්ෂයේ සම සභාපති ධුරයට සුදුස්සන් කවුද?  

0 comments

පක්ෂ ව්‍යවස්ථාවට අනුව හිටපු ජනාධිපතිවරුන්ට ශ්‍රී  ලංකා නිදහස් පක්ෂයේ සම සභාපති ධූරය ලබාදීමේ හැකියාවක් නැති බව එම පක්ෂයේ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසනවා. මහනුවර පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඒ  මහතා මේ බව ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම්වරයා  සහ ඉස්ලාම් ආගමික නායකයින් අතර හමුවක් මහනුවර කටුකැලේ ජුම්මා ඉස්ලාම් දේවස්ථානයේ දී පැවැත්වුණා. මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතාද මෙම අවස්ථාවට සහභාගී වුණා.

රෝහණ ලක්ෂ්මන් පියදාස – මහලේකම් – ශ්‍රී  ලංකා නිදහස් පක්ෂය,

ආණ්ඩු පක්ෂයෙන් ඉවත් වූ 16 දෙනාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය පිළිබවද මාධ්‍යවේදීන්  මෙහිදී ප්‍රශ්න කළා.

රෝහණ ලක්ෂ්මන් පියදාස – මහලේකම් – ශ්‍රී  ලංකා නිදහස් පක්ෂය,

 

 

 

 

 

 

Read More »

අඩු ආදායම්ලාභී සැමට ඉඩම් ඔප්පු  

0 comments

මාසික අදායම රුපියල් 25000කට අඩු සියලු දෙනා අඩු ආදායම් ලාභීන් ලෙස සළකා ඉඩම් ඔප්පු ලබාදීමට කටයුතු කරන බව අමාත්‍ය ගයන්ත කරුනාතිලක මහතා පවසනවා.

ඉඩම් ඔප්පු දස ලක්ෂයක් ලබා දීමේ ජාතික වැඩසටහන දැන් ක්‍රියාත්මකයි. ඊට සමගාමීව අඩු ආදායම් ලාභීන්ට ඉඩම් ඔප්පු ලබාදීමට සැලසුම්කර තිබෙනවා. එම වැඩසටහනට සමගාමීව ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් බද්දේගම නගර ශාලාවේදී පැවැත් වුණා. එය සංවිධානය කර තිබුණේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසන් සභාවයි.  පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියා.

අමාත්‍ය  ගයන්ත කරුණාතිලක,

 

 

 

 

Read More »

සිරියාවේ සරණාගත කඳවුරක සිටි දෙපා අහිමි දැරියට තුර්කියේදී ප‍්‍රතිකාර  

0 comments

සිරියාවේ සරණාගත කඳවුරක සිටි දෙපා අහිමි මායා මේර්හි දැරියට තුර්කියේදී ප‍්‍රතිකාර කිරීම ආරම්භ වුණා. ඉස්තාන්බුල් නුවර රෝහලක් ඇයට ප‍්‍රතිකාර කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. අවුරුදු 8 ක් වයසැති දැරිය ප්ලාස්ටික් කෝප්ප සහ ටින් කැබලි වලින් සකසා ගත් පාද දෙකකින් ගමන් කරන ඡායාරූපයක් අන්තර්ජාලයේ පලවීමත් සමඟ ලොව පුරා අවධානය ඇය කෙරෙහි යොමු වී තිබෙනවා. ඒ අනුව ඇයට ප‍්‍රතිකාර ලබා දීමට රටවල් රැසකින් ජනතාව ඉදිරිපත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

Read More »

කි.මි. 2500ක අලි වැට ඉදිකිරීම් කඩිනම් කිරීමට ජනපතිගෙන් උපදෙස්  

0 comments

කිලෝමීටර් 2500 කින් යුත් අලිවැට ඉදි කිරීමේ නව වැඩපිළිවෙල කඩිනමින් අරඹන්නැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා අදාළ අංශ වෙත උපදෙස් ලබා දුන්නා. ඒ අලිවැට නඩත්තු කිරීමේ කටයුතු පිළිබඳ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක් වෙමින්. පවතින අලි වැට වලට අමතරව අලුතින් කිලෝමීටර් 2500 ක ප‍්‍රමාණයක් ඉදි කිරීමටයි රජය තිරණය කර තිබෙන්නේ. මේ වන විට දිවයින පුරා පවතින අලි වැටවල් හි දුර ප‍්‍රමාණය කිලෝමීටර් 4000 ක්.

Read More »

“තුරුණු දිරිය” රට පුරා  

0 comments

යොවුන් ව්‍යවසායකයන් නගාසිටුවීම අරමුණු කරගනිමින් අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ ප‍්‍රතිපත්ති සංවර්ධන කාර්යාලයේ මැදිහත්වීම මත ක‍්‍රියාත්මක වන තුරුණු දිරිය ලංකා බැංකු ණය යෝජනා ක‍්‍රමයට මේ වන විට දිවයින පුරා සිටින කුඩා පරිමාණ ව්‍යාපාරිකයන්ගෙන් ඉතා ඉහළ ඉල්ලුමක් ලැබෙමින් පවතී.

පසුගිය දා අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ දී පවත්වනු ලැබු ප‍්‍රගති සමාලෝචන සැසියේ දී ශ්‍රී ලංකා කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මඟින් මෙම තොරතුරු අනාවරණය කරන ලදී.

මේ වනවිට ණය යෝජනා ක‍්‍රමය සඳහා සුදුසුකම් සහිත ප‍්‍රතිලාභීන් 904 දෙනෙකු හඳුනාගෙන ඇති අතර එයින්  519 දෙනෙකු සඳහා ව්‍යාපාර සැලසුම් සකස්කර අවසන් කර තිබේ.

මෙම ව්‍යාපාර සැළසුම් අතරින් 366ක් ලංකා බැංකුව වෙත බාරදීම සඳහා මේ වන විට ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත යොමු කර ඇති අතර 100කට අධික ව්‍යාපාර සැලසුම් සඛ්‍යාවක් ලංකා බැංකුව වෙත බාර දී ඇති බවත් එහි දී කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මඟින් හෙළි  ඇත.

තුරුණු දිරිය ලංකා බැංකු ණය යෝජනා ක‍්‍රමය මඟින් උපාධියක් පිළිගත් වෘත්තිය සහතිකයක් සහිත කුඩා පරිමාණ ව්‍යවසායකයින් සඳහා ඇප නොමැතිව/ලිහිල් ඇප ක‍්‍රමයක් යටතේ මෙම ණය ප‍්‍රදානය කරයි. අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ ප‍්‍රතිපත්ති සංවර්ධන කාර්යාලයේ මෙහෙයවීම මත කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය සහ දිවයිනේ සියලුම දිස්ත‍්‍රික් ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල ඒකාබද්ධව මෙය ක‍්‍රියාත්මක වේ.

Read More »

යාපනයේ නිවසකට බෝම්බ ප‍්‍රහාරයක්  

0 comments

යාපනයේ නිවසකට පෙට‍්‍රල් බෝම්බ ප‍්‍රහාරයක් එල්ලවී තිබෙනවා. යතුරුපැදි තුනකින් පැමිණි පිරිසක් ප‍්‍රහාර එල්ල කර ඇති බවයි අප වාර්තාකරු සදහන් කළේ. ඉන් කිසිදු පුද්ගලයෙකුට හානි සිදුවී නැහැ. නිවසේ තිබූ භාණ්ඩවලට ඔවුන් හානි සිදුකර තිබෙනවා. නිවසේ එක් සාමාජිකයෙක් ආවා කල්ලියේ ක‍්‍රියාකාරකම්වලට සම්බන්ධවීම හේතුවෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටින බවයි යාපනය පොලිසිය පවසන්නේ.

 

Read More »

ජම්මුකාෂ්මීර ප‍්‍රදේශයට ඉන්දීය කාළගුණ අංශයෙන් අනතුරු ඇගවීම්  

0 comments

නවදිල්ලි නුවරට සහ ජම්මුකාෂ්මීර ප‍්‍රදේශයට ඉන්දීය කාළගුණ අංශ අනතුරු ඇගවීම් නිකුත් කළා. ඒ තද වැසි ඇති වීම සම්බන්ධයෙන්. නිරිත දිග මෝසම් කාළගුණයෙන් මෙම ප‍්‍රදේශ වලට දැඩි බලපෑම් එල්ල විය හැකි බවයි දෙපාර්තමේන්තුව පෙන්වා දී තිබෙන්නේ. ජම්මු කාෂ්මීර ප‍්‍රදේශයට ජල ගැලීම් අවදානම් තත්ත්වයක්ද පවතින බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

Read More »

අතුරුදන් වූ තායිලන්ත පාපන්දු කණ්ඩායමේ  සාමාජිකයන් සොයා මෙහෙයුම්  

0 comments

තායිලන්තයේ ගුහාවක් තුළ අතුරුදන් වූ පාපන්දු කණ්ඩායමේ  සාමාජිකයන්  සහ පුහුණුකරු සොයා  තවදුරටත් මෙහෙයුම් සිදු කෙරෙනවා. ඔවුන් ගුහාව තුළ අතුරුදන්වී අදට දින 07 ක් ගත වනවා. උතුරුදිග තායිලන්තයේ චියැංරායි ප්‍රදේශයේ ගුහාවක ඔවුන් අතුරුදන් වුණේ පසුගිය සෙනසුරාදායි.  ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ඔවුන් මෙම ගුහාව තුළට ගොස් සිරවී සිටින බවටයි සැක පල කෙරෙන්නේ. වයස අවුරුදු 11 ත් 16 ත් අතර දරුවන් 12 දෙනෙකු සහ 25 හැවිරිදි ඔවුන්ගේ පාපන්දු පුහුණුකරු මෙලෙස අතුරුදන්වී තිබෙනවා. ඔවුන්ගේ පාපැදි සහ සපත්තු එම ගුහාව ආසන්නයේ තිබියදී සොයා ගැනුණා. ඔවුන් සෙවීමේ මෙහෙයුම් සදහා ජාත්‍යන්තර මෙහෙයුම් කණ්ඩායම්ද එක්ව සිටිනවා.

ගුහාව තුළ ජලය පිරී තිබීම හේතුවෙන් මෙහෙයුම් කටයුතු වලට බාධා එල්ල වී ඇති බව ද මෙහෙයුම් කණ්ඩායම් සදහන් කරනවා. ඩ්‍රෝන යානා  හා සුනඛයින් ද යොදා ගනිමින් පසුගිය දින කිහිපයේම සෝදිසි මෙහෙයුම් සිදු කළද   මේ වන තෙක් කිසිදු තොරතුරක් හෙළිව නැහැ.

 

 

 

 

Read More »

නීතිය පිලිබද ජනතාව දැනුවත් කිරීමට විවිධ වැඩසටහන්  

0 comments

ජාතික නීති සතිය තුළදී නීතිය පිලිබද ජනතාව දැනුවත් කිරීමට විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරන බව අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප්  මහතා ප්‍රකාශ කරනවා. ජාතික නීති සතිය 2018 සමාරම්භක අවස්ථාවට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.

නීති සතිය සමාරම්භක වැඩසටහන පැවැත්වුණේ කෝට්ටේ නගර සභා පරිශ්‍රයේදීයි. ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ ප්‍රධානත්වයෙන් නොමිලේ නීති අධාර ලබාදීම මෙහිදී සිදුවනවා. එමෙන්ම නීති අංශය හා සම්බන්ධ ප්‍රදර්ශනයක් කෝට්ටේ නගර සභා පරිශ්‍රයේදී අද (30) සහ හෙට (01) පැවැත්වෙනවා. මෙම අවස්ථාවට බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා ඇතුළු පිරිසක් සහභාගි වුණා.

අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප්,

 

 

 

 

 

 

Read More »

ඊශ‍්‍රායලයෙන් ගාසා තීරයට යළි ප‍්‍රහාර  

0 comments

ඊශ‍්‍රායල ආරක්ෂක අංශ ගාසා තීරයේදී පලස්තීන ජාතිකයන්ට ප‍්‍රහාරයක් එල්ල කළා. ඉන් සිවිල් වැසියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. තවත් කිහිප දෙනෙක් තුවාල ලැබුවා. හමාස් සංවිධානයට අයත් මධ්‍යස්ථාන ආශ‍්‍රිත ප‍්‍රදේශවලට ප‍්‍රහාර එල්ල කර ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ. පසුගිය දිනකිහිපයේදීම ගාසා තීරයට එල්ල වූ ඊශ‍්‍රායල ප‍්‍රහාරවලින් සිවිල් වැසියන්ට දැඩි හානි සිදුවුණා.

Read More »

ගල්කුලම ප්‍රදේශයේ අනතුරකින් මවක සහ පුතෙකු ජීවිතක්ෂයට  

0 comments

ගල්කුලම ප්‍රදේශයේ සිදුවූ අනතුරකින් මවක සහ පුතෙකු ජීවිතක්ෂයට පත්වුණා. ගල්කුලම එකසිය විසිදෙවන කිලෝමීටර් කණුව අසලදීයි අනතුර සිදුව ඇත්තේ. අනතුරෙන් 27 හැවිරිදි තරුණයෙකු සහ 54 හැවිරිදි ඔහුගේ මව ජීවිතක්ෂයට පත්වුණා. ඔවුන් ගමන් කළ යතුරුපැදිය මාර්ගයේ අපරීක්ෂාකාරී ලෙස නවතා තිබූ කැබ් රථයක ගැටීමෙනුයි අනතුර සිදුව ඇත්තේ. කැබ් රථයේ රියදුරුට, රියදුරු බලපත්‍රයක් නොමැති බවද පොලිස් පරීක්ෂණවලදී හෙළිව තිබෙනවා. ඔහු අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට අද (30) ඉදිරිපත් කිරීමට නියමිතයි.

 

 

 

 

Read More »

ගංවතුර මැඬලන්න ගිං – නිල්වලා ව්‍යාපෘතිය කඩිනමින්  

0 comments

ගංවතුර උවදුර මැඩපැවැත්වීමට නිසි ශක්‍යතා වාර්තා පදනම් කරගනිමින් ගිං – නිල්වලා ව්‍යාපෘතිය ආරම්භ කිරීමට රජය සුදානම් බව අමාත්‍ය සාගල රත්නායක මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ අදහස් පළ කලේ පසුගිය වසරේ ගංවතුර හේතුවෙන් මොරවක ප්‍රදේශයේ විපතට පත් වූ ජනතාව වෙත වන්දි ප්‍රදානය කිරිමේ අවස්ථාවට එක්වෙමින්. මෙහිදි පවුල් හාරසිය හැටතුනක් වෙනුවෙන් වන්දි ලබා දීම සිදු කෙරුණා. කොටපොල ප්‍රාදේශිය ලේකම් ඩබ්ලිව් ජේ ජයනාත් මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

අමාත්‍ය සාගල රත්නායක මහතා,

 

 

 

 

 

 

Read More »

ප්‍රවීණ නාට්‍යවේදී එස් කරුණාරත්න මහතා අභාවප්‍රාප්ත වෙයි  

0 comments

ප්‍රවීණ නාට්‍යවේදී එස් කරුණාරත්න මහතා අභාවප්‍රාප්ත වුණා. අභාවප්‍රාප්ත වනවිට එස් කරුණාරත්න මහතා 78 වන වියෙහි පසුවුණා. 1960 දශකයේ සිට නාට්‍යකරණයට පිවිසි ඒ මහතා නාට්‍ය රචකයෙකු, පරිවර්තකයෙකු මෙන්ම අධ්‍යක්ෂවරයෙකු ලෙස ද කටයුතු කළා. රාජ්‍ය සම්මාන ලාභියෙකු ද වන ඒ මහතා   ශ්‍රී ලාංකේය නාට්‍ය ක්ෂේත්‍රයට ඉටුකළේ විශාල මෙහෙවරක්. දවස තාම ගෙවුනේ නැහැ, බන්චි මැරිලා නැහැ, උතුරු කොනක පටු පාරක්, රැකවලා, සින්දු කිරිල්ලී ආදිය ඒ මහතා පරිවර්තනය කළ නාට්‍ය නිර්මාණයන් වනවා. එස් කරුණාරත්න මහතාගේ දේහය හෙට(01)  දහවල් දොළහේ සිට අනිද්දා(02) සවස හතර දක්වා ජයරත්න මල් ශාලාවේ තැන්පත්කර තැබෙනවා. දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන සඳුදා (02) බොරැල්ල කනත්තේදී සිදුකිරීමට නියමිතයි.

 

 

 

Read More »

සංක්‍රමණික බෝට්ටුවක් අනතුරට ලක්වීමෙන් 100ක් මරුට  

0 comments

ලිබියාවේ බටහිර වෙරළතීරය ආසන්නයේ සංක්‍රමණික බෝට්ටුවක් අනතුරට ලක්ව තිබෙනවා. එහි සිටි  පුද්ගලයින් සියදෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇතැයි සැක පල කරන බවයි ලිබියා වෙරළාරක්ෂක අංශය සදහන් කරන්නේ. එම බෝට්ටුවේ ගමන් ගත් පුද්ගලයින් 14 දෙනෙකු දිවි බේරාගෙන ඇති අතර එම පිරිස ට්‍රිපෝලි අගනුවරට රැගෙන විත් ඇති බව සදහන්.

මේ අතර ලිබියානු වෙරළාරක්ෂක කණ්ඩායම් කැරබුල්ලි නගරයේ සිටි සංක්‍රමණිකයින් 345 දෙනෙකු ට්‍රිපෝලි නාවික කදවුර වෙත රැගෙනවිත් තිබෙනවා.

 

 

 

 

Read More »

ඌවට සහ නැගෙනහිරට ඉදිරියේ දී තද වැසි  

0 comments

ඉදිරි දින කිහිපයේ දී නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවන අතරකොළඹ, ගම්පහ සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල සිහින් වැසි ඇති විය හැකියි.

නැගෙනහිර, ඌව සහ උතුරු-මැද පළාත්වලත් වවුනියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස 02.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

Read More »

වඩුක්කෝට්ටෙයි දැරිය ඝාතනයේ තවත් දෙදෙනෙක් අත්අඩංගුවට  

0 comments

වඩුක්කෝට්ටෙයි පොලිස් වසමේ දැරියක් ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. හය හැවිරිදි එම දැරිය ඝාතනය කර තිබෙන්නේ පසුගිය 25වනදා. අත්අඩංගුවට ගත් සැකකරුවන් මල්ලාකම් මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවයි පොලිසිය සදහන් කළේ. මීට පෙර අත්අඩංගුවට ගත් සැකකරුවෙක් මේවන විට රක්ෂිත බන්ධනාගාරගතකර තිබෙනවා.

 

 

Read More »

ගම සංවර්ධනය කරන ජාතික වැඩපිළිවෙල කඩිනමින්  

0 comments

ගම සංවර්ධනය කර ග්‍රාමීය ජනතාව ආර්ථිකමය අතින් ශක්තිමත් කිරීම සදහා වන ජාතික වැඩපිළිවෙල කඩිනමින් ක්‍රියාත්මක කරන බව ධිවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබද රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පවසනවා .

රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ හැකියාවට රැකියාවක් මෙන්ම ගමට ව්‍යාපාරිකයෙක් බිහිකිරීමේ වැඩපිළිවෙල ආරම්භ කිරීමට තමන් මැදිහත්ව කටයුතු කරන බවයි . එහි පළමු පියවර ලෙස ධිවර හා ජලජ සම්පත සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබද අමාත්‍යංශයේ මුලිකත්වයෙන් අනෙකුත් අමාත්‍යංශ සහ ආයතනවල සහය ලබාගනිමින් ග්‍රාමීය ජිවනෝපාය සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත . මේ යටතේ ග්‍රාමීය ජිවනෝපාය සංවර්ධන කඩිනම් වැඩපිළිවෙල සදහා ක්‍රියාකාරී සැලැස්මක් සකස්කිර්මට කටයුතු කර තිබේ.

ඒ යටතේ සියලු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් සියලු ක්ෂේත්‍ර නිලධාරීන් මෙන්ම ප්‍රාදේශීය ලේකම්වරු , ග්‍රාම නිලධාරී , සංවර්ධන සහකාර නිලධාරීන් , සමෘද්ධි සංවර්ධන , කෘෂිකර්ම පර්යේෂණ නිලධාරී ඇතුළු නිලධාරීන් පළමු පියවර යටතේ දැනුවත් කර මෙම ජිවනෝපාය සංවර්ධන වැඩපිළිවෙල ගමට ගෙනයාම අරමුණයි .

මෙතෙක් සිදුවුයේ රජයෙන් ලැබෙන ආධාර ප්‍රමාද වූ විට හෝ ලැබෙන ආධාර නොලැබීම මත අදාළ වැඩසටහන් අතර මග නැවතීම වුවත් නව වැඩපිළිවෙල යටතේ එවැනි කඩාවැටීමක් සිදු නොවන බවත් , පළමු පියවරේ දී ම සියලු සහය , මුදල් , දැනුම , උපකරණ මෙන්ම නිෂ්පාදන සදහා වෙ‍ළදපළ නිර්මාණය කරදෙන බැවින් තමන්ගේ හැකියාව සහ උනන්දුව මත ලබන ආදායම වැඩි කරගැනීමට හැකියාව ලැබෙන බවත් ඒ අනුව මෙම වැඩපිළිවෙල කිසිදා අතරමග නතර නොවනු ඇති බවත් , ගම සංවර්ධනය කළ යුත්තේ ගමේ ජනතාව නගාසිටුවාලමින් යන්න මුල් කරගනිමින් මෙම ජිවනෝපාය සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කරන බවත් රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා සදහන් කළා .

Read More »

ඇමරිකාව දුරකථන සංවාද මිලියන 685 ක් මකා දමයි  

0 comments

පටිගත කළ දුරකථන සංවාද මිලියන 685 ක් මකා දැමූ බව ඇමරිකා ජාතික ආරක්ෂක ආයතනය ප‍්‍රකාශ කළා. විවිධ පරික්ෂණ සදහා 2015 වසරේ සිට ඒවා පටිගත කර තිබෙනවා. අත්‍යවශ්‍ය නොවන තොරතුරු ඉවත්කිරිම ආරම්භ වුණේ පසුගිය මාර්තු මාසයේ සිට. කෙසේවෙතත් වැඩසටහන් කිහිපයක් සම්බන්ධයෙන් සැලසුම්කළ ව්‍යාපෘති ක‍්‍රියාත්මක වී නොමැති බවයි ආරක්ෂක ආයතනය පවසන්නේ.

Read More »

සංක‍්‍රමණික අර්බුදය සම්බන්ධයෙන් යුරෝපා නායකයන් අතර සාකච්ඡා  

0 comments

සංක‍්‍රමණික අර්බුදය සම්බන්ධයෙන් යුරෝපා නායකයන් අතර සාකච්ඡාවක් පැවැත්වුණා. එල්ලවී ඇති අභියෝග පාලනය කිරීමයි අරමුණ. පැමිණෙන පුද්ගලයන් හේතුවෙන් රටවල් රැසකට ගැටලු හටගෙන තිබෙනවා. ඒ අනුව සංක‍්‍රමණික අර්බුදය නිසිලෙස කළමනාකරණය කළ යුතු බවයි ඔවුන් පවසන්නේ. කෙසේවෙතත් ඒකමතික තීරණයකට එළඹීමට ඔවුන්ට හැකිවී නැහැ. විවිධ මත පළවී ඇති බවත්, ජාත්‍යන්තර මාධ්‍ය සදහන් කළා.

Read More »

චීනයේ අධිවේගී මාර්ගයක සිදු වූ අනතුරකින් 10 ක් ජීවිතක්ෂයට  

0 comments

චීනයේ අධිවේගී මාර්ගයක සිදු වූ අනතුරකින්  පුද්ගලයින් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. චීනයේ  හුනාන් පළාතේ පිහිටි අධීවේගී මාර්ගයකදී මෙම අනතුර සිදුව ඇති බව විදෙස් වාර්තා සදහන් කරනවා. බස් රථයක් සහ ට්‍රක් රථයක් එකිනෙක ගැටීමෙනුයි අනතුර  සිදුව ඇත්තේ. ඉන් බස් රථයේ සිටි පුද්ගලයින් නවදෙනෙකු සහ ට්‍රක් රථයේ ගමන් ගත් එක් අයෙකු  ජීවිතක්ෂයට පත් වුණා.  තුවාල ලැබූවන්    රෝහල් ගත කිරීමට පියරව ගෙන තිබෙනවා. බස් රථය වැරදි මංතීරුවක ගමන් ගැනීම අනතුරට හේතුව බවයි වාර්තා වන්නේ.

 

 

Read More »

ජාතික හා ආගමික සංහිඳියව සඳහා පාර්ලිමේන්තු කමිටුවක්  

0 comments

ශ්‍රී ලංකාවේ ජාතික හා ආගමික සංහිඳියව පවත්වාගෙන යාම සඳහා පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ නියෝජිතයින්ගෙන් සමන්විත පාර්ලිමේන්තු කමිටුවක් පත් කිරීමට නියමිත බව කතානායක කරූ ජයසූරිය මහතා පවසනවා.

ජූලි මාසයේ මුල් සතියේ දී ම පක්ෂ නායක රැස්වීමේ දී මේ පිළිබඳව සාකච්ඡා කොට කමිටුව පිහිටුවීම සඳහා අවසාන තීරණය ගන්නා බවයි කතානායක කරූ ජයසූරිය මහතා ප්‍රකාශ කළේ ය.

 

Read More »

රන් බිස්කට් කිහිපයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට  

0 comments

රන් බිස්කට් කිහිපයක් සමග තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට කටුනායක  රේගුව සමත් වුණා. සිංගප්පුරුවේ සිට දිවයිනට පැමිණි ගුවන් මගියෙකු පරීක්ෂා කිරීමේදීයි  රන් බිස්කට් කිහිපය  සොයාගැනීමට හැකිව තිබෙන්නේ.  ඔහු සිය ශරීර අභ්‍යන්තරයේ ඉතා සූක්ෂම ලෙස සගවාගෙන මෙම රන් බිස්කට් රැගෙන විත් ඇති බව වාර්තා වනවා.

රන් බිස්කට් වල බර ග්‍රෑම් 300ක් පමණ  වන අතර ඒවායේ වටිනාකම  රුපියල් ලක්ෂ 22ක් බවයි  නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ විපුල මිනුවම්පිටිය මහතා ප්‍රකාශ කළේ. වයස අවුරුදු 45 ක් වූ සැකකරු නිට්ටඹුව ප්‍රදේශයේ  පදිංචිකරුවෙක්.

 

Read More »

ඉදිරි මාස පහ ඇතුලත මත්තල සක‍්‍රිීය කරන බව අගමැති කියයි  

0 comments

වසර අවසන් වීමට පෙර මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොල වඩාත් ක‍්‍රියාකාරී මට්ටමට පත්වනු ඇතැයි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රකාශ කළා. පුළුල් කාර්මික දියුණුවක් ඇතිකිරීමත්,අපේක්ෂාවක්. කටුනායක සහ බියගම කාර්මික කලාප මගින් අවට ප‍්‍රදේශවල දියුණුවක් ඇතිවුණා. ඒ ආකාරයෙන් මත්තල ආශ‍්‍රිත ප‍්‍රදේශ සංවර්ධනය කිරිමත් රජයේ අරමුණක් බවයි අග‍්‍රාමාත්‍යවරයා පවසන්නේ. ආරක්ෂක විධිවිධාන උපරිම ආකාරයෙන් ක‍්‍රියාත්මක වනවා. වරාය ප‍්‍රදේශයේ අණදීම සිදුවන්නේ දකුණු නාවික විධානය මගින්.

මත්තල අනිවාර්යයෙන් වානිජ වරායක් ලෙස පවත්වාගත යුතු බවට චීනයට දැනුම්දී ඇති බවත්, අග‍්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නා.

Read More »

අඩුමිලට ගෑස් අලෙවි නොකරන වෙළෙදුන්ට එරෙහිව නීතිමය ක‍්‍රියාමාර්ග  

0 comments

අඩුකළ මිලට ගෑස් අලෙවි නොකරන වෙළෙදුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව පාරිභෝගික අධිකාරිය ප‍්‍රකාශ කළා. ඊයේ (29) මධ්‍යම රාත‍්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි කිලෝග‍්‍රෑම් 12.5 ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 138 කින් අඩුකිරීමට රජය පියවර ගත්තා. මෙතෙක් පැවති මිල රුපියල් 1676 ක්. ඒ අනුව අද (30) සිට රුපියල් 1536 කට ගෑස් මිලදී ගැනීමේ හැකියාව පාරිභෝගිකයන්ට හිමිවන බවයි පාරිභෝගික සේවා අධිකාරිය පවසන්නේ.

Read More »

පලාත් පාලන නියෝජිතයන්ට නව චක‍්‍රලේඛයක්  

0 comments

පලාත් පාලන නියෝජිතයන්ට නව චක‍්‍රලේඛයක් නිකුත් කරන බව අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ප‍්‍රකාශ කළා. ප‍්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවලට ඔවුන්ගේ සහභාගීත්වය විධිමත් ලෙස ලබාගැනීමයි අරමුණ. නියෝජිතයන් සියලුදෙනා ඊට එක්වීමෙන් ගැටලු හටගැනීමේ තත්වයක් පවතිනවා. ඒ අනුව ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට හා විපක්ෂ නායකවරයාට කමිටු රැස්වීම්වලට සහභාගීවීමට හැකිවන පරිදි චක‍්‍රලේඛය නිකුත් කරන බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

මේ වන විටත් ජනාධිපතිතුමා සහ අග‍්‍රාමාත්‍යවරයා සමඟ ඒ පිලිබද සාකච්ඡා කර තිබෙනවා. ප‍්‍රාදේශිය සභාවලදී ඉදිරිපත්වන යෝජනා සම්බන්ධීකරණ කමිටුවලට ලබාදීමේ වගකීම නියෝජිතයන්ට පැවරීමත්, අපේක්ෂාවක්. කෙසේවෙතත් යෝජනා ක‍්‍රියාත්මක කිරිම සදහා පලාත් පාලන සභාපතිවරුන් ඇතුලු නියෝජිතයන්ගේ සහාය අත්‍යවශ්‍ය බවත්, වජිර අබේවර්ධන මහතා සදහන් කළා.

Read More »

නිල් මැණික් සමඟ උගන්ඩා ජාතිකයෙක් අත්අඩංගුවට  

0 comments

නිල් මැණික් තොගයක් සමග උගන්ඩා ජාතිකයෙක් කටුනායක ගුවන් තොටුපොලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු උගන්ඩාවේ සිට එම්රේට්ස් යානයකින් දිවයිනට පැමිණි බවයි රේගුව පවසන්නේ. සැකකරුගේ ගමන් මල්ලේ තිබී සොයාගත් නිල් මැණික්වල වටිනාකම රුපියල් ලක්ෂ 80 ඉක්මවනවා. ඔහු අත්අඩංගුවට ගෙන පරික්ෂණ සිදුකරන බවයි රේගුව සඳහන් කළේ.

Read More »

පාතාලය මර්දනයට පොලිසිය සහ අධිකරණය ඒකාබද්ධ වැඩපිළිවෙළක  

0 comments

පාතාලය මර්දනය කිරිමට උපරිම පියවර ගන්නා බව අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය ප‍්‍රකාශ කළා. පක්ෂපාඨ හෝ ආගම් බේදයකින් තොරව පාතාලය මර්දනය කරන බවයි අමාත්‍යවරිය පෙන්වා දුන්නේ. ඒ සදහා පොලිසිය සහ අධිකරණය ඒකාබද්ධ වූ වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කර තිබෙනවා. 2015 ට පෙර තිබූ යුගයකට රට රැගෙන යාමට ඇතැමුන් උත්සාහ දරණ බවයි අමාත්‍යවරිය පෙන්වා දුන්නේ. ඊට රජය කිසිදු ඉඩක් නොදෙන බවත්, අමාත්‍යවරිය අවධාරණය කළා. ඒ වැලිකඩ බන්ධනාගාරයේ කටයුතු සොයාබැලීමේ නිරික්ෂණ චාරිකාවකට එක්වෙමින්. බන්ධනාගාර නිලධාරීන් නිල ඇදුමේ ගරුත්වය ආරක්ෂා වන පරිදි රාජකාරී ඉටුකිරීමේ අවශ්‍යතාව ද තලතා අතුකෝරල මහත්මිය පෙන්වා දුන්නා.

Read More »

විජේවීර නිසි අධිකරණයකට ඉදිරිපත් කරන්නැයි ඉල්ලා බිරිඳගෙන් පෙත්සමක්  

0 comments

එක්දහස් නවසිය අසූනවයේ භීෂණ සමයේ දී අතුරුදන්වූ බව පැවසෙන ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක රෝහණ විජේවීර මහතා නිසි අධිකරණයක් හමුවට ඉදිරිපත් කරන්නැයි නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට හබයාස් කෝපුස් පෙත්සමක් ගොනු කර තිබෙනවා.

රෝහණ විජේවීර මහතාගේ බිරිඳ වන ශ්‍රීමතී චිත්‍රාංගනී විජේවීර මහත්මිය එම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා. එහි වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා ඇතුළු එකොළොස් දෙනෙකු නම්කර තිබෙනවා. හිටපු ආරක්ෂක ලේකම්වරයෙකු වන ජෙනරාල් සිරිල් රණතුංග, හිටපු රාජ්‍ය ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන රන්ජන් විජේරත්න, ජෙනරාල් හැමිල්ටන් වනසිංහ, ජෙනරාල් සිසිල් වෛද්‍යරත්න යන අයද මෙම පෙත්සමේ වග උත්තරකරුවන් වනවා. තම සැමියා 1989 වසරේ නොවැම්බර් මස 12 වනදා උලපනේ ප්‍රදේශයේ දී රජයේ ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන ඇති බව පෙත්සම්කාරිය පවසනවා. අතුරුදන්ව සිටින තම සැමියා නිසි අධිකරණයක් හමුවට ඉදිරිපත් කරන මෙන් වගඋත්තරකරුවන් වෙත නියෝගයක් නිකුත්කරන ලෙසයි පෙත්සම්කාරිය ඉල්ලා සිටින්නේ.

Read More »

සෑම ප‍්‍රධාන නගරයකටම උසස් ප‍්‍රමිතියේ සිනමා ශාලාවක්  

0 comments

ඉහළ ප්‍රමිතියෙන් යුත් චිත්‍රපට සහ ටෙලිනාට්‍ය නිර්මාණ බිහිකිරීම සඳහා විධිමත් ක්‍රමවේදයක් හදුන්වාදීමේ වැදගත්කම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පෙන්වා දෙනවා. කලාකරුවන් සමඟ පැවති හමුවකදී ජනාධිපතිතුමා මේ පිළිබඳ අදහස් පළකළා.

ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේදී කලාකරුවන් තම ගැටලු පිළිබඳ ජනාධිපතිතුමා දැනුවත් කළා. චිත්‍රපට සහ ටෙලිනාට්‍ය කර්මාන්තය සදහා පනවා ඇති ඇතැම් බදු හේතුවෙන් කර්මාන්තයේ උද්ගතව ඇති ගැටළු පිළිබඳව ඔවුන් ජනාධිපතිතුමා වෙත කරුණු පැහැදිලි කළා. දිවයින පුරා සිනමා ශාලා නවීකරණ කටයුතු මෙන්ම කොළඹින් පිටත ප්‍රදේශවල ප්‍රමිතියෙන් යුත් රංග ශාලා නොමැතිවීමෙන් එල්ලවී ඇති බාධා පිළිබඳව ද මෙහිදී අවදානය යොමුවුණා.

පළාත් සභා සමග සාකච්ඡාකර ප්‍රධාන නගරවල ප්‍රමිතියෙන් යුත් එක් සිනමා ශාලාවක් හෝ ඉදිකිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවන බවයි ජනාධිපතිතුමා මෙහිදී ප්‍රකාශ කළේ. විදේශ ටෙලිනාට්‍ය හේතුවෙන් දේශීය ටෙලිනාට්‍ය කලාවට එල්ලවී ඇති බලපෑම සහ ඒ සදහා ක්‍රියාත්මක බදු ක්‍රමවේදයන් පිළිබදව ද මෙම සාකච්ඡාවේදී අවදානය යොමුකෙරුණා. දේශීය සිනමාව සහ ටෙලිනාට්‍ය කලාව නගාසිටුවීම සදහා නව අරමුදලක් පිහිටුවීමට ද මෙහිදී යෝජනා කෙරුණා. මේ අතර ටෙලිනාට්‍ය ප්‍රමිතිකරණය, නියාමනය හා සංවර්ධන ආයතන පනතට අදාළ යෝජිත කෙටුම්පත ද රංගන ශිල්පිනී දීපානි සිල්වා මහත්මිය ජනාධිපතිතුමා වෙත පිළිගැන්වූවා. මැතිඇමතිවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වුණා.

 

Read More »

2018 දහම් පාසල් අවසන් විභාගයේ ප්‍රතිඵල අන්තර්ජාලයට  

0 comments

2018 දහම් පාසල් අවසන් විභාගයේ ප්‍රතිඵල අන්තර්ජාලය වෙත මුදාහැර තිබෙන බව විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත සඳහන් කරනවා. මෙලෙස දහම් පාසල් විභාග ප්‍රතිඵල අන්තර්ජාලය වෙත නිකුත් කළේ පළමු වතාව මෙය බවයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ.

මෙවර දහම් පාසල් අවසාන විභාගයට ඉදිරිපත්ව තිබූ අයැදුම්පත් සංඛ්‍යාව 98500ක් වූ  අතර ඉන් විභාගයට පෙනී සිට ඇත්තේ 57247 දෙනෙකු පමණි.ඉකුත් මාර්තු 24 සහ 25 යන දිනවල දහම් පාසල් අවසාන විභාගය මධ්‍යස්ථාන 691කදී පැවැත්වූ අතර පරීක්ෂණ මණ්ඩල 83ක් හරහා සම්මේලන ක්‍රමය යටතේ උත්තර පත්‍ර ඇගයීමේ කටයුතු සිදුවුණා.

මේ අනුව www.doenets.lk වෙබ් අඩවියට පිවිසීමෙන් දහම් පාසල් විභාග ප්‍රතිඵල ලබා ගත හැකිවේ.

 

Read More »

කලා ක්ෂේත්‍රයට බදු සහන  

0 comments

කලා ක්ෂේත්‍රයට බදු සහන ලබා දීමට රජය සූදානම් බව අමාත්‍ය විජයදාස රාජපක්‍ෂ මහතා පවසනවා. චිත්‍රපට සංස්ථාවේ ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් සමග පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව කියාසිටියා.

අමාත්‍ය විජයදාස රාජපක්‍ෂ,

ප්‍රවීණ රංගන ශිල්පී රවින්ද්‍ර රන්දෙණිය,

ආචාර්ය සෝමරත්න දිසානායක,

 

 

 

 

 

Read More »

වසර 158 ක දුම්රිය ඉතිහාසය වෙනස් වේ  

0 comments

වසර 158 ක මෙරට දුම්රිය ඉතිහාසයේ දැවැන්තම කාර්ය ලෙස සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ආරම්භ කරන බව  අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසනවා. මාලඹේ සිට පිටකොටුව දක්වා ක්‍රියාත්මක කිරීමට යෝජිත සැහැල්ල දුම්රිය ව්‍යාපෘතියේ මූලික අදියර ක්‍රියාත්මක කරමින් එහි ශක්‍යතා අධ්‍යයන වාර්තාව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා වෙත භාරදීම අද (29) සිදුකෙරුණා.

ජපන් ජයිකා ආයතනයේ ශ්‍රී ලංකා ප්‍රධානී ෆුසාටෝ ටනාකා මහතායි එම වාර්තාව නිල වශයෙන් අමාත්‍යවරයා වෙත භාරදුන්නේ. ජපන් ජයිකා ආයතනයේ ණය ආධාර යටතේ ව්‍යාපෘතිය ක්‍රියාත්මකයි. සමස්ත ව්‍යාපෘතිය සදහා වැය කිරීමට නියමිත මුදල ඇමෙරිකා ඩොලර් මිලියන 1700 ක්. එම මුදල ජයිකා ආයතනය මගින් සියයට බින්දුවයි දශම එකක පොලියක් මත සහන ණය මුදලක් ලෙසයි ලබාදෙන්නේ. මේ වනවිට ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සදහා ඉඩම් අත්පත්කර ගැනීමේ කටයුතු ආරම්භ වී තිබෙනවා. 2019 වසර ඇතුළත විස්තරාත්මක සැලසුම නිම කිරීමට සහ 2020 වසරේදී ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට සැළසුම්කර තිබෙනවා.

2024 වසරේදී ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීමට නියමිතයි. මෙය රට ණය කරන ව්‍යාපෘතියක් නොව රට උද්දීපනය කරන ව්‍යාපෘතියක් බවයි අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙහිදී ප්‍රකාශ කළේ.

අමාත්‍ය පාඨලී චම්පික රණවක,

මීට සමගාමීව සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියේ නිල වෙබ් අඩවිය විවෘත කිරීම ද සිදුකෙරුණා. මෙමගින් සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියේ සියලු තොරතුරු ජනතාව වෙත ලබාගත හැකි වනවා.

 

Read More »

හබරකඩ වසන්තගේ මව, පියා ඇතුළු පස්දෙනෙකු අත්අඩංගුවට  

0 comments

පසුගියදා මාතර ස්වර්ණාභරණ අලෙවිසැල කොල්ලයට පැමිණි සැකකරුවෙකු වන හබරකඩ වසන්ත නමැත්තා සඟවා තිබූ රන් ආභරණවලින් කොටසක් සොයා ගත්තා. මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් හබරකඩ වසන්තගේ මව, පියා ඇතුළු පස්දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි අද(29) පැවති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේ.

රුවන් ගුණසේකර – පොලිස් අධිකාරී – පොලිස් මාධ්‍ය ප්‍රකාශක,

 

Read More »

Recent News

Gossip Lanka MAG