Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

විජේවීර නිසි අධිකරණයකට ඉදිරිපත් කරන්නැයි ඉල්ලා බිරිඳගෙන් පෙත්සමක්  

Add comments

එක්දහස් නවසිය අසූනවයේ භීෂණ සමයේ දී අතුරුදන්වූ බව පැවසෙන ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක රෝහණ විජේවීර මහතා නිසි අධිකරණයක් හමුවට ඉදිරිපත් කරන්නැයි නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට හබයාස් කෝපුස් පෙත්සමක් ගොනු කර තිබෙනවා.

රෝහණ විජේවීර මහතාගේ බිරිඳ වන ශ්‍රීමතී චිත්‍රාංගනී විජේවීර මහත්මිය එම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා. එහි වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා ඇතුළු එකොළොස් දෙනෙකු නම්කර තිබෙනවා. හිටපු ආරක්ෂක ලේකම්වරයෙකු වන ජෙනරාල් සිරිල් රණතුංග, හිටපු රාජ්‍ය ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන රන්ජන් විජේරත්න, ජෙනරාල් හැමිල්ටන් වනසිංහ, ජෙනරාල් සිසිල් වෛද්‍යරත්න යන අයද මෙම පෙත්සමේ වග උත්තරකරුවන් වනවා. තම සැමියා 1989 වසරේ නොවැම්බර් මස 12 වනදා උලපනේ ප්‍රදේශයේ දී රජයේ ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන ඇති බව පෙත්සම්කාරිය පවසනවා. අතුරුදන්ව සිටින තම සැමියා නිසි අධිකරණයක් හමුවට ඉදිරිපත් කරන මෙන් වගඋත්තරකරුවන් වෙත නියෝගයක් නිකුත්කරන ලෙසයි පෙත්සම්කාරිය ඉල්ලා සිටින්නේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG