Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මැතිවරණ ක්‍රමයේ සංශෝධනයක් ළඟ ළඟම  

0 comments

ජනතාවට වග කියන කොට්ඨාස ක්‍රමයට නියෝජිතයන් තෝරා පාර්ලිමේන්තුවට යැවිය හැකි වන පරිදි මැතිවරණ ක්‍රමයේ සංශෝධනයක් මේ වනවිට සැකසෙමින් පවතින බව ජනාධිපති නීතිඥ යූ ආර් ද සිල්වා මහතා පවසනවා. ස්වාධීන රූපවාහිනි හත්වෙනි පැය වැඩසටහනට එක් වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.

මැතිවරණයක් සඳහා ඉදිරිපත් වන ජනතා නියෝජිතයන්ට වියදම් කළ හැකි මුදල සීමා කිරීමට නීති ගෙන ඒම කෙරෙහි ජනාධිපතිතුමාගේ අවධානය යොමු ව ඇති බවද නීතිඥ යූ ආර් ද සිල්වා මහතා මෙහිදී  පැවසුවා.

The post මැතිවරණ ක්‍රමයේ සංශෝධනයක් ළඟ ළඟම appeared first on ITN News.

Read More »

ඔමික්‍රෝන් ප්‍රභේදය හමුවන තෙක් නොසිට දැන් සිටම පරිස්සම් වෙන්න  

0 comments

ඔමික්‍රෝන් ප්‍රභේදය හමුවන තෙක් නොසිට දැන් සිටම පරිස්සම් වුවහොත් රෝගයෙන් වැළකිය හැකි බව සෞඛ්‍ය අංශ අවධාරණය කරනවා.

The post ඔමික්‍රෝන් ප්‍රභේදය හමුවන තෙක් නොසිට දැන් සිටම පරිස්සම් වෙන්න appeared first on ITN News.

Read More »

පුපුරණ ගෑස් ගැන සාකච්ඡා කරන්න පාර්ලිමේන්තු විශේෂ උපදේශ කාරක සභාව රැස් වෙයි  

0 comments

ගෘහස්ථ ගෑස් සිලින්ඩර පුපුරායාමේ සිද්ධින් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු විශේෂ උපදේශක කාරක සභා රැස්වීමක් අද (01) පෙරවරුවේ ආරම්භ වුණා.

ඒ අනුව අදාළ ගැටලුව සම්බන්ධයෙන් වාර්තා වන සිද්ධින් සහ ක්ෂේත්‍රයේ විශේෂඥයින්ගේ යෝජනා පිළිබඳ මෙහිදි අවදානය යොමුවීමට නියමිතයි.

 

 

 

 

The post පුපුරණ ගෑස් ගැන සාකච්ඡා කරන්න පාර්ලිමේන්තු විශේෂ උපදේශ කාරක සභාව රැස් වෙයි appeared first on ITN News.

Read More »

පස වෙනුවට පොල් ලෙළි භාවිත කරමින් පවත්වාගෙන යන හරිතාගාරයක්  

0 comments

පස වෙනුවට පොල් ලෙළි පමණක් භාවිත කරමින් සාර්ථකව පවත්වාගෙන යන ආදර්ශ  හරිතාගාරයක් කුරුණෑගලදී විවෘත කෙරුණා.

මෙම හරිතාගාරය විවෘත කෙරුණේ පොල් සංවර්ධන මන්ඩලයේ සභාපති කීර්ති ශ්‍රී වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. කුරුණෑගල ඉමියන්ගොඩ පිහිටි මෙම ආදර්ශ  හරිතාගාරය තුළ පොල් ලෙළි පමණක් භාවිත කරමින් සාර්ථක ලෙස එළවළු වර්ග රැසක් වගා කර තිබෙනවා. රියෝ කොකෝ ආයතනයේ මූලිකත්වයෙන් මෙම වගා කටයුතු සිදු කෙරෙන්නේ එහි සභාපති සුසන්ත ශාන් හැළඹ මහතා ඇතුළු කාර්ය මණ්ඩලයේ මූලිකත්වයෙනි. මෙහි අස්වනු නෙළීමද ආරාධිතයන් අතින් ආරම්භ කෙරුණා.

 

The post පස වෙනුවට පොල් ලෙළි භාවිත කරමින් පවත්වාගෙන යන හරිතාගාරයක් appeared first on ITN News.

Read More »

තලෙයිබාන් සංවිධානය ඇෆ්ගන් සෙබළුන් රැසක් ඝාතනය කර ඇති බවට චෝදනා  

0 comments

ඇෆ්ගනිස්ථාන හමුදාවේ සේවයේ නිරතව සිටි සෙබළුන් රැසක් තලෙයිබාන් සංවිධානය ඝාතනය කර ඇති බව මානව හිමිකම් සංවිධාන චෝදනා කරනවා.

පසුගිය අගෝස්තු මාසයේ දී ඇෆ්ගනිස්ථානයේ පාලන බලය තලෙයිබාන් සංවිධානයට නතු වීමෙන් පසු එරට හමුදාවේ සේවයේ නිරතව සිටි සෙබළුන් අසල්වැසි රටවලට පලා ගියා. කෙසේ වුවද බහුතරයක් තවමත් විවිධ ප්‍රදේශවල සැඟව සිටින බවයි වාර්තා වන්නේ. ඔවුන් පිළිබඳ අනාවරණය වීමෙන් පසු තලෙයිබාන් සංවිධානය එම සෙබළුන් ඝාතනය කිරීමට පියවර ගෙන තිබෙනවා. තලෙයිබාන් සංවිධානයේ ප්‍රාදේශීය නායකයින්ගේ මෙවැනි අධම ක්‍රියා පාලනය කිරීමට සංවිධාන නායකත්වය මේ වනතෙක් කිසිඳු පියවරක් ගෙන නැහැ. එලෙස ඝාතනය කළ සෙබළුන් සියයකට අධික සංඛ්‍යාවකගේ තොරතුරු තමන් වෙත ලැබී ඇති බවයි මානව හිමිකම් සංවිධාන සඳහන් කරන්නේ.

 

 

The post තලෙයිබාන් සංවිධානය ඇෆ්ගන් සෙබළුන් රැසක් ඝාතනය කර ඇති බවට චෝදනා appeared first on ITN News.

Read More »

බෙයිජිං ශීත ඍතු ඔලිම්පික් ක්‍රීඩා උළෙල නියමිත පරිදි සාර්ථකව පැවැත්වෙන බව චීනය කියයි  

0 comments

ඔමික්‍රෝන් වෛරස් ප්‍රභේදය ‍ඇතැම් රටවල් හා කලාප තුළ පැතිර යද්දී, චීනයට පිටතින් වෛරසය පැමිණෙතැයි යන පීඩනය ඉහළ යමින් පවතින නමුත් බෙයිජිං ශීත ඍතු ඔලිම්පික් ක්‍රීඩා උළෙල නියමිත කාලයට සාර්ථකව පැවැත්වෙනු ඇති බව චීනය පවසයි.

ඔමික්‍රෝන් වෛරස ප්‍රභේදයෙන් බෙයිජිං ශීත ඍතු ඔලිම්පික් ක්‍රීඩා උළෙලට කිසියම් අභියෝගයක් එල්ලවන නමුත්, චීනයේ වසංගතයට මුහුණදීමේ අත්දැකීම් මත ඔලිම්පික් ක්‍රීඩා උළෙල නියමිත කාලයට සාර්ථකව පැවැත්වෙනු ඇතැයි පූර්ණ විශ්වාසයෙන් සිටින බව චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක චාඕ ලීජියන් මහතා මාධ්‍ය අමතමින් පැවසීය.

පසුගිය වසංගත රැල්ල ගෝලීය වශයෙන් උපරිම මට්ටමකට ළඟා වූ අතර දැනට ඔමික්‍රෝන් වෛරස් ප්‍රභේදය ද පැතිර යමින් පවතී. මේ හේතුවෙන් සෙසු රටවලින් එය පැමිණීම වැළැක්වීමේදී චීනය මුහුණදෙන පීඩනය වැඩි බව චීන ජාතික සෞඛ්‍ය කොමිසමේ ප්‍රකාශක මී ෆෙන්ග් මහතා පැවසීය.

වසංගතයෙන් ආර්ථිකය හා සමාජයට සිදුවන බලපෑම් අවම කිරීමට චීනය පියවර ගෙන ඇත. වැඩිහිටියන්, වයස අවුරුදු 3ත් 17ත් අතර වයස් කාණ්ඩයේ සිටින දරුවන් හා යෞවනයින්ගේ එන්නත්කරණය කඩිනම් කෙරෙන අතර, වැඩි අවදානම් සහිත පුද්ගලයන්ගේ ප්‍රතිශක්තිය ඉහළ නැංවීමේ කටයුතු ප්‍රවර්ධනය කරන බව ද ඔහු පවසයි.

The post බෙයිජිං ශීත ඍතු ඔලිම්පික් ක්‍රීඩා උළෙල නියමිත පරිදි සාර්ථකව පැවැත්වෙන බව චීනය කියයි appeared first on ITN News.

Read More »

ඇමරිකාවේ පාසලක වෙඩි තැබීමකින් සිසුන් තිදෙනෙකු ජීවිතක්ෂයට  

0 comments

ඇමරිකාවේ පාසලක සිදුවූ වෙඩි තැබීමකින් සිසුන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.

ඇමරිකාවේ ඩික්රෝයිට් නගරය ආසන්නයේ පිහිටා ඇති උසස් පාසලකයි මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ. වෙඩි තැබීමෙන් තවත් සිසුන් 15 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. මිය ගිය සිසුන් අවුරුදු 14 / 16 හා 17 යන වයස්වල පසුවන්නන් බවයි වාර්තා වන්නේ. වෙඩි තැබීම සිදු කර ඇත්තේ එම පාසලේම ඉගෙනුම ලබන 15 හැවිරිදි ශිෂ්‍යයෙකු බවයි මිචිගන් පොලිසිය සඳහන් කරන්නේ. ඔහු මේ වනවිට පොලිස් අත්අඩංගුවේ පසු වනවා. සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ  කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

 

The post ඇමරිකාවේ පාසලක වෙඩි තැබීමකින් සිසුන් තිදෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

Read More »

කර්මාන්ත අමාත්‍යාංශය සහ එක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධන සංවිධානය අතර ගිවිසුමක්  

0 comments

කර්මාන්ත අමාත්‍යාංශය සහ එක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධන සංවිධානය (UNIDO) අතර ශ්‍රී ලංකාවේ කාර්මික සංවර්ධනය සදහා වන ඒකාබද්ධ යෝජනාවලියට අත්සත් තබා තිබෙනවා.

කර්මාන්ත අමාත්‍යාංශය, එක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධන සංවිධානය (UNIDO) සමග එක්ව පිහිටුවන ලද 2021-2025 වසර 05 සදහා ශ්‍රී ලංකාවේ කර්මාන්ත සංවර්ධනය සදහා වන ඒකාබද්ධ මෙහෙයුම් කමිටුවේ සමාරම්භක හමුව සහ කාර්මික සංවර්ධනය පිළිබද ජාතික වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අදාළ එකගතාවට අත්සන් තැබීම, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජනරාල් දයා රත්නායක හා එක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධන සංවිධානයේ (UNIDO) ශ්‍රී ලංකාවේ නියෝජිත Dr Rene Van Berkel යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් ඊයේ (30) කර්මාන්ත අමාත්‍යාංශයේදී සිදුකෙරිණි.

එක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධන සංවිධානය (UNIDO) මගින් මෙරට කර්මාන්ත සංවර්ධනය සදහා වන ව්‍යාපෘති දෙකක් ක්‍රියාත්මක කිරීම සදහා ඩොලර් මිලියන 18ක් ප්‍රදානය කර ඇත.

මෙරට කෘෂි ආහාර ( Agri- Food) අංශයේ සංවර්ධනය සදහා වඩාත් හොද ක්‍රමවේදයක් අනුගත කිරීම පළමු ව්‍යාපෘතිය වන අතර වසර හතරක් තුළ ක්‍රියාත්මක වන පරිදි යුරෝ මිලියන 6.5ක මුදලක් ඒ වෙනුවෙන් ප්‍රදානය කොට ඇත. මෙමගින් දේශගුණයට යෝග්‍ය, තිරසාර වෙළදපොළ ඉල්ලුමක් ඇති කෘෂි ආහාර, සංරක්ෂණය ඉලක්ක කොට ක්‍රියාත්මක කිරීම අරමුණයි. මෙය වෙළද, කෘෂිකර්ම හා සෞඛ්‍ය අමාත්‍යාංශ මගින් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

දෙවන ව්‍යාපෘතිය මෙරට දේශගුණ විපර්යාස අවම කිරීම සදහා වන ව්‍යාපෘතියක් වන අතර වසර පහක් තුළ ක්‍රියාත්මක වන පරිදි යුරෝ මිලියන 7.8ක මුදලක් ඒ වෙනුවෙන් ප්‍රදානය කොට තිබේ. දේශගුණය පිළිබද පැරිස් එකගතාව අනුව කටයුතු කිරීම මෙහි මූලික අරමුණයි. කර්මාන්ත අමාත්‍යාංශයේ මගපෙන්වීමෙන් පරිසර සහ බලශක්ති අමාත්‍යාංශ මගින් ක්‍රියාත්මක කිරීමට නියමිත මෙම ව්‍යාපෘතිය කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් යුතුව මෙහෙයුම් කමිටුවක් මගින් අධීක්ෂණය කෙරේ.

එකගතාව අත්සන් තැබීමෙන් පසු මාධ්‍ය ඇමතු අමාත්‍යවරයා, පවසා සිටියේ ශ්‍රී ලංකාවේ කාර්මිකකරණයේ ලකුණ හරිත ලකුණ බවට පත්කිරීම තම අරමුණ වන බවයි. ඒ වෙනුවෙන් ඉදිරි කාලය යෙදවීමට අපේක්ෂා කරන අතර සියලුදෙනා හරිත කාර්මික ප්‍රතිපත්තිය බලාත්මක කිරීම වෙනුවෙන් සහයෝගය ලබාදෙනු ඇතැයි බලාපොරොත්තු වන බව වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.

The post කර්මාන්ත අමාත්‍යාංශය සහ එක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධන සංවිධානය අතර ගිවිසුමක් appeared first on ITN News.

Read More »

මන්ත්‍රී ඩයනා ගමගේ ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකානු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට  

0 comments

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මිය ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට තේරීපත්වී තිබෙනවා.

ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ නව නිලධාරී මණ්ඩල තෝරා පත් කර ගැනීම කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ශ්‍රී ලංකාවේ දකුණු අප්‍රිකා මහ කොමසාරිස් සැන්ඩයිල් එඩ්වින් ෂාර්ක් මහතා මෙහිදී විශේෂ ආරාධිතයා ලෙස එක් වුණා. මිත්‍රත්ව සංගමයේ නව ලේකම්වරයා ලෙස තේරී පත් වුණේ මහාචාර්ය චරිත හේරත් මහතායි. උප සභාපතිවරුන් ලෙස අරවින්ද් කුමාර්,  වීරසුමන වීරසිංහ,  මර්ජාන් ෆලින් යන මන්ත්‍රීවරුන් තේරි පත් වුණා. භාණ්ඩාගාරික ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් මහතා පත් වූ අතර උප ලේකම් ලෙස පත් වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් එම් මුෂ්රෆ් මහතායි.

 

 

The post මන්ත්‍රී ඩයනා ගමගේ ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකානු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට appeared first on ITN News.

Read More »

ඇමරිකාවේ දෛනික කොරෝනා ආසාදිතයින් හා මරණ සංඛ්‍යාව යළිත් ඉහළට  

0 comments

ඇමරිකාවෙන් දෛනිකව වාර්තා වන කොරෝනා ආසාදිතයින් හා මරණ යළිත් වරක් ඉහළ ගොස් තිබෙනවා.

ගතවූ පැය 24 ට ඇමරිකාවෙන් හමුවී ඇති කොරෝනා වයිරස ආසාදිතයින් සංඛ්‍යාව එක් ලක්ෂ හය දහසකට අධිකයි. එමෙන්ම ඊයේ ඇමරිකාවේ සිදුව ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 1438 ක්. මේ වනවිට එරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව හාර කෝටි අනූ හතර ලක්ෂය ඉක්මවා ඇති අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 803,045ක්. එමෙන්ම ලොව සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 5,233,046 දක්වා ඉහළ ගොස් තිබෙනවා. හමුවී ඇති ආසාදිතයින් සංඛ්‍යාව විසි හය කෝටි තිස් ලක්ෂයකට අධිකයි.

 

 

 

 

The post ඇමරිකාවේ දෛනික කොරෝනා ආසාදිතයින් හා මරණ සංඛ්‍යාව යළිත් ඉහළට appeared first on ITN News.

Read More »

පළාත් කිහිපයක තැනින් තැන වැසි  

0 comments

සබරගමුව, මධ්‍යම, බස්නාහිර, වයඹසහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකිය.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් පවතී.

මධ්‍යම සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

The post පළාත් කිහිපයක තැනින් තැන වැසි appeared first on ITN News.

Read More »

ගෑස් සම්බන්ධ සිදුවීම් පිලිබඳ සොයා බැලීමට අට දෙනෙකුගෙන් යුත් කමිටුව නම් කෙරේ  

0 comments

දිවයිනේ විවිධ ප්‍රදේශවලින් මෑතක සිට වාර්තාවන ගෘහස්ථ, වෙළෙඳ හා විකුණුම් මධ්‍යස්ථානවල ගෑස් (LPG) සිලින්ඩර් ආශ්‍රිත ගිනි ගැනීම්, පුපුරායාම් හා ඒ සඳහා හේතු සාධක සොයා බලා ඒ පිළිබඳ කඩිනමින් ගත හැකි විසඳුම් ඉදිරිපත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් කමිටුවක් පත් කර තිබේ.

මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ශාන්ත වල්පොළ මහතාගේ සභාපතිත්වයෙන් යුතු මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අජිත් ද අල්විස්, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඩබ්.ඩී.ඩබ්. ජයතිලක, මහාචාර්ය ප්‍රදීප් ජයවීර, ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ කොමසාරිස් මහාචාර්ය
නාරායන් සිරිමුතු, කාර්මික තාක්ෂණ ආයතනයේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සුදර්ශන සෝමසිරි, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධ්‍යක්ෂ සුජීව මහගම යන මහත්වරු පත් කර ඇත.

අවශ්‍ය සියලු පාර්ශ්වයන්ගේ හා දැනට ඇති අධ්‍යනයන් හා විවිධ අදහස් විමර්ශනය කර, සති දෙකක් ඇතුළත වාර්තාව තමා වෙත ලබා දෙන ලෙස ජනාධිපතිතුමා කමිටුවට උපදෙස් දී තිබේ.

The post ගෑස් සම්බන්ධ සිදුවීම් පිලිබඳ සොයා බැලීමට අට දෙනෙකුගෙන් යුත් කමිටුව නම් කෙරේ appeared first on ITN News.

Read More »

ගෑස් සම්බන්ධ සිදුවීම් පිලිබඳ සොයා බැලීමට ජනපති නියමයෙන් කමිටුවක්  

0 comments

ගෑස් සම්බන්ධ සිදුවීම් පිලිබඳ සොයා බැලීමට ජනාධිපතිතුමාගේ නියෝගයෙන්  විශේෂ කමිටුවක් පත් කෙරෙනවා. එහි අවසන් වාර්තාව ලබන සිකුරාදා වන විට  ලබා දිය යුතු බවට ජනාධිපතිතුමා උපදෙස් ලබා දී ඇති බවයි රාජ්‍ය අමාත්‍ය ලසන්නත අලගියවන්න මහතා ප්‍රකාශ කළේ.

මේ අතර මෙම සිදුවීම් සම්බන්ධයෙන් විශේෂ උපදේශක සභාව රැස් කරන්නැයි අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කතානායකවරයාගෙන් ඉල්ලා සිටියා. ඒ අනුව හෙට පෙරවරුවේ එය රැස්වනු ඇති.

ජාතික පුවත්පතක් අද වාර්තා කර තිබුණේ ගෑස් සිලින්ඩර්වල, ප්‍රොපේන් අනුපාතය 49%ක් සහ බ්‍යුටේන් අනුපාතය 51%ක් දක්වා වෙනස් කර තිබීම නිසා ගෑස් සිලින්ඩර්වල හා ගෑස් ලිප් ගිනිගන්නා බවට සපුගස්කන්ද පිරිපහදු රසායනාගාරයේ පරික්ෂණවලදී තහවුරු වී ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් තහවුරුවී ඇති බවයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අප කල විමසීමකදී ඛණිජ තෙල් සංස්ථාවේ උසස් නිලධාරියෙකු සදහන් කලේ තම සංස්ථවේ රසායනාගාරයට අදාළ ගෑස් සාම්පල ලැබුණු අතර ඒවා සම්බන්ධ වාර්තාව පාරිභෝගික අධිකාරිය වෙත යොමු කර ඇති බවයි. ස්ථාන කිහිපයකදී ගෑස් සම්බන්ධ සිදුවීම් වාර්තාවීම පිලිබඳව අද පාර්ලිමේන්තුවේදීත් කතා බහට ලක් වුණා.

The post ගෑස් සම්බන්ධ සිදුවීම් පිලිබඳ සොයා බැලීමට ජනපති නියමයෙන් කමිටුවක් appeared first on ITN News.

Read More »

ගෝලීය සංචාරක කර්මාන්තයට කොරෝනා නිසා ඩොලර් ට්‍රිලියන දෙකකට ආසන්න පාඩුවක්  

0 comments

කොරෝනා වයිරස ව්‍යාප්තිය හේතුවෙන් ගෝලීය සංචාරක කර්මාන්තයට මෙම වසර තුළදී පමණක් සිදුව ඇති පාඩුව ඇමරිකා ඩොලර් ට්‍රිලියන දෙකකට ආසන්න බව නවතම වාර්තාවක සදහන් වනවා.

කොරෝනා වයිරස ව්‍යාප්තිය හේතුවෙන් 2020 වසරේ ආරම්භයේ සිට ගෝලීය සංචාරක කර්මාන්තයට දැඩි බලපෑම් එල්ල වෙමින් පවතිනවා. වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යෑමත් සමග ලොව බහුතර රටවල් සංඛ්‍යාවක් තම දේශ සීමා වසා දැමීමට පියවර ගත්තා. ඒ හේතුවෙන් සංචාරක කර්මාන්තය සම්පූර්ණයෙන් ඇණහිටි අතර එය ජීවිකාව කරගත් මිලියන ගණනකට තම ආදායම් මාර්ග අහිමි වී ගියා. කොරෝනා වයිරසය හේතුවෙන් ලොව වැඩිම බලපෑමකට ලක්වූ කර්මාන්තය ලෙසයි සංචාරක කර්මාන්තය සැලකෙන්නේ. 2019 වසරේ දී ලොව පුරා ගුවන් ගමන් බිලියන එකයි දශම පහකට ආසන්න සංඛ්‍යාවක් සිදුව තිබෙනවා. එම සංඛ්‍යාව මෙම වසරේ දී 75% කින් පමණ පහළ බැස ඇති බවයි ලෝක සංචාරක සංවිධානය නිවේදනය කරන්නේ. කෙසේ වුවද ගෝලීය සංචාරක කර්මාන්තය නැවත වරක් යථා තත්ත්වයට පත් කිරීමට උත්සාහ කරමින් සිටින මොහොතක වයිරසයේ නව ප්‍ර භේද ව්‍යාප්ත වීම එයට දැඩි බලපෑමක් එල්ල කර තිබෙනවා.

 

 

The post ගෝලීය සංචාරක කර්මාන්තයට කොරෝනා නිසා ඩොලර් ට්‍රිලියන දෙකකට ආසන්න පාඩුවක් appeared first on ITN News.

Read More »

ඔස්ට්‍රේලියා පාර්ලිමේන්තු සේවකයන් 3 දෙනෙකුගෙන් එක් අයෙක් ලිංගික අතවරයකට ලක්ව ඇති බව හෙළි වෙයි  

0 comments

ඔස්ට්‍රේලියා පාර්ලිමේන්තුවේ සෑම සේවකයන් තුන් දෙනෙකුගෙන් එක් අයෙක් ලිංගික අතවරයකට ලක්ව ඇති බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

ඔස්ට්‍රේලියා පාර්ලිමේන්තුවේ සේවයේ නිරතව සිටි බ්‍රිටනි හිගින්ස් නැමැත්තියගේ පැමිණිල්ලකට අනුව සිදු කළ ස්වාධීන පරීක්ෂණයකින් මෙම කරුණු අනාවරණය වී තිබෙනවා. පාර්ලිමේන්තුවේ ඇමතිවරයෙකුගේ කාර්යාලයේ සේවකයෙකු අතින් තමා දූෂණයට ලක්වූ බවයි ඇය සදහන් කරන්නේ.

එම සිද්ධිය ඔස්ට්‍රේලියාව තුළ මහත් ආන්දෝලනයට තුඩු දුන් අතර අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන්ගේ නියමයෙන් ඒ පිළිබද ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වුණා. අනාවරණය වූ කරුණු ඉතාමත් භයානක හා ලැජ්ජා සහගත බවයි අග්‍රාමාත්‍යවරයා නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරන්නේ.

එමෙන්ම එරට පාර්ලිමේන්තුවේ සේවකයින්ගෙන් 51% ක් ලිංගික හිරිහැර, ශාරීරික හිරිහැර, ලිංගික අතවර හෝ ලිංගික අතවරයක් සිදු කිරීමට උත්සාහ කිරීමට ලක්ව තිබෙන බවයි මෙම සමීක්ෂණයෙන් හෙළිව තිබෙන්නේ. කෙසේ වුවද ලිංගික අතවර සම්බන්ධයෙන් හෙළි කිරීමට ඔවුන් මැලිකමක් දැක්වීම මෙම කරුණු අනාවරණය නොවීමට හේතු වී තිබෙනවා. ලිංගික අතවර සම්බන්ධයෙන් පැමිණිලි සිදු කර ඇත්තේ කාන්තාවන් 11 දෙනෙක් පමණයි.

 

The post ඔස්ට්‍රේලියා පාර්ලිමේන්තු සේවකයන් 3 දෙනෙකුගෙන් එක් අයෙක් ලිංගික අතවරයකට ලක්ව ඇති බව හෙළි වෙයි appeared first on ITN News.

Read More »

සුළි කුණාටුවක් හේතුවෙන් ස්ථාන්බූල් අගනුවර 04 දෙනෙකු ජීවිතක්ෂයට  

0 comments

තුර්කියේ ස්ථාන්බූල් අගනුවරට බලපා ඇති සුළි කුණාටු තත්ත්වයක් හේතුවෙන් පුද්ගලයින් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

සුළි කුණාටුව හේතුවෙන් තවත් පුද්ගලයින් 19 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. ඔවුන් අතරින් තිදෙනෙකුගේ තත්ත්වය බරපතල බව ස්ථාන්බූල් ආණ්ඩුකාරවරයා නිවේදනය කරනවා. එමෙන්ම මිය ගිය අයගෙන් එක් අයෙකු විදේශිකයෙකු බවද සඳහන්. පැයට කිලෝමීටර් 130ක පමණ වේගයෙන් හමා ගිය සුළි කුණාටුව හේතුවෙන් දේපළ හානි රැසක් ද සිදුව ඇති බව එරට කාලගුණ දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. මුහුදු රළ ඉහළ යාමත් සමඟ මහා මාර්ගයන්ද යටව ඇති ආකාරයයි  දක්නට ලැබුණේ.

 

 

 

The post සුළි කුණාටුවක් හේතුවෙන් ස්ථාන්බූල් අගනුවර 04 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

Read More »

තවත් 347 දෙනෙකු සුවය ලබයි  

0 comments

කොරෝනා ආසාදිත වී සුවය ලැබූ තවත් 347 දෙනෙකු රෝහලෙන් පිටත්ව ගොස් තිබෙනවා.

ඒ අනුව මේ වන විට සුවය ලැබූ සංඛ්‍යාව 540,387ක් දක්වා ඉහළ ගියා.

The post තවත් 347 දෙනෙකු සුවය ලබයි appeared first on ITN News.

Read More »

කාර්මික හා තාක්ෂණ විද්‍යාලවල ඉදිකිරීම් පාඨමාලා සඳහා ධාරිතා වර්ධනයට කැබිනට් අනුමැතිය  

0 comments

ශ්‍රී ලංකා කාර්මික විද්‍යාල හා තාක්ෂණ විද්‍යාලවල ඉදිකිරීම් පාඨමාලා සදහා ධාරිතා වර්ධනය කිරීම සදහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

 

The post කාර්මික හා තාක්ෂණ විද්‍යාලවල ඉදිකිරීම් පාඨමාලා සඳහා ධාරිතා වර්ධනයට කැබිනට් අනුමැතිය appeared first on ITN News.

Read More »

විදෙස් රටක නිෂ්පාදිත ජීව අත් බෝම්බයක් සොයා ගැනේ  

0 comments

විදෙස් රටක නිෂ්පාදිත ජීව අත් බෝම්බයක් විශේෂ කාර්ය බලකාය මගින් අත් අඩංගුවට ගනු ලැබුවා.

විශේෂ කාර්ය බලකායේ අක්කරෙයිපත්තුව කඳවුරේ නිලධාරීන්ට යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන්ගෙන් ලැබුණ තොරතුරකට අනුවයි මෙම වැටලීම සිදු කෙරුණේ. ඒ අනුව අක්කරෙයිපත්තුව මුහුදු වෙරළ ප්‍රදේශයේ දී සෝදිසි මෙහෙයුමක් සිදු කෙරුණා. ටයි 82 වර්ගයේ ජීව අත්බෝම්බයක් එහිදී සොයා ගැණුනු අතර අක්කරෙයිපත්තුව මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග මත බෝම්බය නිශ්ක්‍රීය කිරීමට කටයුතු කළා.

 

 

The post විදෙස් රටක නිෂ්පාදිත ජීව අත් බෝම්බයක් සොයා ගැනේ appeared first on ITN News.

Read More »

ඛණිජ තෙල් බෙදාදීමේ ඒකාධිකාරය ඉන්දියාවට ලබාදීමේ කිසිදු තීන්දුවක් ගෙන නැහැ  

0 comments

ඛණිජ තෙල් බෙදාදීමේ ඒකාධිකාරය ඉන්දියාවට ලබාදීමේ කිසිදු තීන්දුවක් ඒ පිළිබදව සාකච්ඡාවක් සිදුවී නොමැති අතර ඉදිරියේදීද එවැන්නක් සිදු නොවනු ඇතැයි සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කළේ ය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ, අද (30) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙකු යොමුකළ පැනයකට ප්‍රතිචාර දක්වමිනි.

රටෙහි විදේශ විනිමය හිඟයක් පවතින අතර එම හිඟය හේතුවෙන් භාණ්ඩ මිල ඉහළ යාම ඇතුළු ගැටලු ගණනාවක් මතුව ඇතැයිද, මෙය වර්තමාන ලෝක අර්බුදයත් සමග මෙරටටද ඇතිවී ඇති අර්බුදයක් බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

විදේශ විනිමය හිඟයට ප්‍රධාන වශයෙන්, සංචාරක ව්‍යාපාරය අඩපණ වීම, විදේශ ප්‍රේෂණ අඩුවීම ඇතුළු කරුණු රැසක් බලපා ඇතැයිද, මෙම රජය බලයට පත්වන විට ඉන්ධන ආනයනය සදහා විශාල විදේශ විනිමය ප්‍රමාණයක් වැයවූ බවද සිහිපත් කළ අමාත්‍යවරයා, එවකට බොරතෙල් බැරලයක මිල ඩොලර් 42ක්ව පැවති බවද, වසර දෙකකට පසු මේ වන විට ඩොලර් 80 දක්වා වැඩිවී ඉන්ධන ආනයන වියදම් දෙගුණ වී ඇති බවද අමාත්‍යවරයා පැවසීය.

ඉන්ධන පාරිභෝජනය පැත්තෙන් කිසිදු අඩුවක් සිදුනොවී ඇතැයිද, එමනිසා විහාල වියදමක් දැරීමට සිදුව ඇතැයිද රට ආනයනයේදී ප්‍රමුඛතාවය ලබාදෙනුයේ ඖෂධ සහ අනෙකුත් සෞඛ්‍ය සම්බන්ධව සියලු පහසුකම් සහ සේවා සඳහා බවද සිහිපත් කළ අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා, ඒ අනූව උපරිම ප්‍රමුඛත්වය අවශ්‍ය අංශ වලට ලබාදෙන බව කීය.

රටේ බඩු හිඟයක් ඇති නොවී ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පරිවර්තනය කොට ජනතාවට පුවවන් උපරිමයෙන් සහන සළසා දීමට රජය උපරිමයෙන් මැදිහත් වන බවද මෙය අර්බුදයක් මැද ඇති කාරණයක් වන බැවින් ඉදිරි මාස 06ක කාලය ලෝක තත්ත්වය යහපත් වී රටේ තත්ත්වය යහපත් වනු ඇතැයි විශ්වාස කරන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

The post ඛණිජ තෙල් බෙදාදීමේ ඒකාධිකාරය ඉන්දියාවට ලබාදීමේ කිසිදු තීන්දුවක් ගෙන නැහැ appeared first on ITN News.

Read More »

බාබඩෝස් රාජ්‍ය ජන රජයක් වෙයි  

0 comments

එලිසබත් මහ රැජිනගේ රාජ්‍ය නායකත්වයෙන් මිදුණු බාබඩෝස් රාජ්‍ය ජන රජයක් ලෙස නම් කෙරුණා.

වසර 400 ක පමණ  බ්‍රිතාන්‍ය පාලනයෙන් අනතුරුව 1966 වසරේ දී බාබඩෝස් රාජ්‍යයට නිදහස හිමි වුණා. එරට 55 වන නිදහස් දිනය යෙදී ඇත්තේ අද දිනටයි. බාබඩෝස් රාජ්‍ය ජන රජයක් බවට පත් වන බව නිදහස් දින උළෙලට සමගාමීව නිවේදනය කෙරුණා.

මහා බ්‍රිතාන්‍ය යේ කිරුළ හිමි චාල්ස් කුමරු,  සුප්‍රසිද්ධ ගායිකා රිහානා හා බාබඩෝස් රාජ්‍ය යේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ සැන්ඩ්‍රා මේසන්ගේ සහභාගිත්වයෙනුයි උත්සවය පැවැත්වුණේ. තේරීපත්වූ නව ජනාධිපතිවරයා ධුරයේ දිවුරුම් දීමද අද සිදු වුණා.

බ්‍රිතාන්‍ය යේ එලිසබත් රැජින බාබඩෝස්  රාජ්‍යයේ රාජ්‍ය නායකයා ලෙස අද සිට පිළි නොගන්නා අතර එම ධුරය ජනාධිපතිවරියට හිමි වනවා.

 

 

The post බාබඩෝස් රාජ්‍ය ජන රජයක් වෙයි appeared first on ITN News.

Read More »

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය රථ පෙළපාලියක් සංවිධානය කරයි  

0 comments

සෞඛ්‍ය වෘත්තීය වේදීන්ගේ සම්මේලනය කොළඹ ප්‍රධාන මාර්ග කිහිපයක අද විරෝධතා රථ පෙළපාලියක් පැවැත්වුවා. සෞඛ්‍ය මාර්ගෝපදේශ ද කඩ කරමින් එම විරෝධතාව පැවැත්වෙන ආකාරයයි දැක ගත හැකි වුණේ.

විරෝධතා රථ පෙළපාලිය හේතුවෙන් කොළඹ ප්‍රධාන මාර්ග කිහිපයක දැඩි රථවාහන තදබදයක් ද ඇතිවුනා. කොළඹ විහාරමහාදේවී උද්‍යානය අසළිනුයි විරෝධතා රථ පෙළපාලිය ආරම්භ වුණේ.

ඊට සහභාගී වී සිටි පිරිසි මුව ආවරණද නොමැතිව ගමන් කරන ආකාරය දැකගත හැකි වුණා. පෙළපාලිය අවසන් කරන ස්ථානයක් පිළිබද මෙතෙක් තොරතුරු ලබාදී නොමැති අතර මාර්ග රැසක ගමන් කිරීමට බලාපොරොත්තු වන බවටයි ඔවුන් පවසන්නේ.

 

 

 

 

 

The post සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය රථ පෙළපාලියක් සංවිධානය කරයි appeared first on ITN News.

Read More »

මුතුරාජවෙල තෙත්බිම්වල ව්‍යාපාර ආරම්භ කිරීමට බලපත්‍ර ලබාදීම අත්හිටුවයි  

0 comments

මුතුරාජවෙල රැම්සා තෙත්බිම්වල කිසිදු ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ඉදිරියේදී බලපත්‍ර ලබා නොදෙන බව, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති එස් සමරසිංහ මහතා පවසනවා. දැනට කර්මාන්ත ශාලා සදහා ලබා දී ඇති බලපත්‍ර ද පරිසරයට හානිවන්නේ නම් අවලංගු කිරීමට කටයුතු කරන බවයි ස්වාධීන රූපවාහිනී හත්වෙනි පැය වැඩසටහනට එක්වෙමින් ඒ මහතා ප්‍රකාශ කර සිටියේ.

 

 

The post මුතුරාජවෙල තෙත්බිම්වල ව්‍යාපාර ආරම්භ කිරීමට බලපත්‍ර ලබාදීම අත්හිටුවයි appeared first on ITN News.

Read More »

රූපවාහිනී මහ ගෙදර පවුලේ සැම රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලබයි  

0 comments

ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍යකරණයේ අති දක්ෂයින් ඇගයීමට ලක්කෙරෙන රූපවාහිනී කලා රාජ්‍ය සම්මාන උළෙලේ දී ස්වාධීන රූපවාහිනි මාධ්‍ය ජාලය සම්මාන රැසකට පාත්‍ර වුණා.

15 වන වරට සම්මාන උළෙල උත්කර්ශවත් ලෙස බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී මේ වනවිටත් පැවැත්වෙනවා. ඒ  රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන්.

රූපවාහිනී මාධ්‍යකරණයේ ප්‍රගමනය උදෙසා පැවැත්වෙන රූපවාහිනී රාජ්‍ය සම්මාන උළෙල සංවිධාන කරන්නේ බුද්ධශාසන, සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යංශයේ මෙහෙයවීම යටතේ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවයි. තරග කාණ්ඩ රැසක් යටතේ ඇසිදිසි මාධ්‍යකරණයේ අති දක්ෂයන් මෙහිදී ඇගයීමට ලක් කෙරුණා.

මෙවර සම්මාන උළෙලේ ප්‍රශස්තම රූපවාහිනි සම්ප්‍රේෂක සම්මානය දිනා ගත්තේ ස්වාධීන රූපවාහිනි සේවයේ ප්‍රවීණ මාධ්‍ය වේදි ඉන්ද්‍රසිරි සුරවීර මහතායි. නොමියෙන සිහිනය වැඩසටහන වෙනුවෙන් එම සම්මානය පිරි නැමුණා.

ප්‍රශස්තම සංස්කෘතික ශ්‍රව්‍ය දෘශ්‍ය වැඩසටහන සදහා සම්මාන ප්‍රවෘත්ති හා කාලීන සිදුවීම් අංශයේ නිෂ්පාදක දුෂාන්ත දර්ශන හිමි කර ගත්තා. ඒ කලාබර වැඩසටහන සදහායි.

ප්‍රශස්තම දෙබස් කැවූ වැඩසටහන වෙනුවෙන් ද ස්වාධීන රූපවාහිනිය සම්මානයට පාත්‍ර වුණා. මව්ග්ලි වැඩසටහනේ හඩකැවීම් වෙනුවෙන් ශීර්ෂ පාඨ අංශ ප්‍රධානි විධායක නිෂ්පාදක ප්‍රාන් වාකිෂ්ඨ මහතා  එම සම්මානය හිමි කර ගත්තා.

මේ අතර වසන්තම් රූපවාහිනි නාලිකාවද මෙවර රාජ්‍ය සම්මාන උළෙලේ දී සම්මාන රැසක් දිනා ගැනීමට හැකි වුණා.  ප්‍රශස්තම පූර්ව ප්‍රචාරක පටය දෙමළ අංශයේ සම්මානය ගෝල්ඩන් වොයිස් ඔෆ් නෝට් වෙනුවෙන් දිනා ගත්තේ තබේෂන් ටි වයිකුන්දන්. ප්‍රශස්තම සජීවිකරණ නිෂ්පාදනය දෙමළ අංශය වෙනුවෙන් පි ජයප්‍රසාද් සම්මාන හිමි කර ගත්තා. ප්‍රශස්තම කථිකාමය වැඩසටහන දෙමළ අංශයෙන් සම්මාන දිනා ගත්තේ එම් එස් එම් ඉර්ෆාන්. ප්‍රශස්ත බහු කැමරා නිෂ්පාදන අංශයෙන් කේ. ජෙයකාන්තන් සම්මාන දිනා ගත්තේ දීපාවලි ස්පෙෂල් වැඩසටහන වෙනුවෙන්.

The post රූපවාහිනී මහ ගෙදර පවුලේ සැම රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලබයි appeared first on ITN News.

Read More »

බ්‍රිතාන්‍යයෙන් හමුවී ඇති ඔමික්‍රෝන් ප්‍රභේදයේ ආසාදිතයින් සංඛ්‍යාව 11 දක්වා ඉහළට  

0 comments

බ්‍රිතාන්‍යයෙන් හමුවී ඇති ඔමික්‍රෝන් ප්‍රභේදයේ ආසාදිතයින් සංඛ්‍යාව 11 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඔමික්‍රෝන් ප්‍රභේදයේ ව්‍යාප්තියත් සමග එන්නත්කරණය වේගවත් කිරීමට පියවර ගෙන ඇති බවයි බ්‍රිතාන්‍ය සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නේ.  එන්නත් මාත්‍රා දෙකම ලබාගත් සියලුම වැඩිහිටි පුද්ගලයින්ට බූස්ටර් එන්නත ලබාදීමටත් වයස අවුරුදු 12ත් 15ත් අතර දරුවන්ට එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීමටත් බ්‍රිතාන්‍ය රජය තීරණය කර තිබෙනවා.

මේ අතර ඔම්ක්‍රෝන් ප්‍රභේදයේ ව්‍යාප්තිය මැඩ පැවැත්වීමට කටයුතු කිරීම මිස අනවශ්‍ය ලෙස කලබල නොවිය යුතු බවයි ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් සඳහන් කරන්නේ. රට වසා දැමීම සම්බන්ධයෙන් මේ වන තෙක් කිසිඳු තීරණයක් ගෙන නොමැති බවද ජනාධිපතිවරයා සඳහන්  කරනවා. එන්නත්කරණය අඛණ්ඩව සිදු කිරීම හා සියලුම පුද්ගලයින් මුඛ ආවරණ පැළදීම මගින් සියලු ප්‍රභේදයන්ට සාර්ථකව මුහුණ දිය හැකි බවයි ජෝ බයිඩ්න් සඳහන් කරන්නේ.

 

 

 

 

The post බ්‍රිතාන්‍යයෙන් හමුවී ඇති ඔමික්‍රෝන් ප්‍රභේදයේ ආසාදිතයින් සංඛ්‍යාව 11 දක්වා ඉහළට appeared first on ITN News.

Read More »

ඔමික්‍රෝන් ප්‍රභේදයට එරෙහි එන්නතක් ලබන වසරේ නිකුත් කිරීමට හැකි බව මොඩර්නා සමාගම කියයි  

0 comments

කොරෝනා වයිරසයේ නව ඔමික්‍රෝන් ප්‍රභේදයට එරෙහි එන්නතක් ලබන වසරේ මුල් භාගයේදී වෙළෙදපොලට නිකුත් කිරීමට හැකිවනු ඇති බවට මොඩර්නා සමාගම නිවේදනය කරනවා.

පසුගිය සතියේදී හදුනාගත් ඔමික්‍රෝන් ප්‍රභේදයට එරෙහිව එන්නතක් නිෂ්පාදනය කිරීම සදහා සායනික පරික්ෂණ මේ වනවිටත් ආරම්භ කර ඇතිබවයි මොඩර්නා සමාගම සදහන් කරන්නේ. එම කටයුතු සාර්ථක වුවහොත් 2022 වසරේ පළමු මාස කිහිපය ඇතුළතදී එය වෙළෙදපොලට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ද එම සමාගම පවසනවා.

කෙසේ වුවද දැනට භාවිතයේ පවතින එන්නත් ඔමික්‍රෝන් ප්‍ර භේදය මැඩ පැවැත්වීමට ප්‍රමාණවත් වන්නේද යන්න පිළිබදව ඉදිරි සති කිහිපය ඇතුළතදී තහවුරු කිරීමට හැකි බවයි වෛද්‍ය විශේෂඥයින් සදහන් කරන්නේ. මේ අතර ෆයිසර් සමාගම නිෂ්පාදනය කළ ෆැක්ස්ලොවිඩ් ඖෂධය  ඔමික්‍රෝන් ප්‍රභේදයට එරහිව සාර්ථක ප්‍රථිපල දක්වනු ඇති බවට එම සමාගම විශ්වාසය පළකරනවා.  එමෙන්ම ෆැක්ස්ලොවිඩ් ඖෂධය කොරෝනා මරණ හා ආසාදිතයින් රෝහල් ගතවීම සියයට අසූනවයකින් අඩුකර ඇති බව සායනික පරික්ෂණවලින් තහවුරු වී තිබෙනවා.

 

 

 

 

The post ඔමික්‍රෝන් ප්‍රභේදයට එරෙහි එන්නතක් ලබන වසරේ නිකුත් කිරීමට හැකි බව මොඩර්නා සමාගම කියයි appeared first on ITN News.

Read More »

පරිසර අමාත්‍යාංශයේ ජාතික පරිසර සභාව පත් කරයි  

0 comments

පාරිසරික සුරක්ෂිතතාවය උදෙසා පරිසර අමාත්‍යාංශය විසින් පත් කරනු ලබන ජාතික පරිසර සභාව සදහා වන නිලධාරි මණ්ඩලය ( 29 දින ) පත් කර තිබෙනවා.

ජාතික පරිසර සභාවට සාමාජිකයින් 25 දෙනෙක් අයත් වේ. මධ්‍යම පරිසර අධිකාරියේ දී පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික පරිසර සභාව සඳහා පත් වූ සාමාජිකයින්හට පත්වීම් ලිපි පිරිනැමීම සිදු කරන ලද අතර ජාතික පරිසර සභාවේ 14 වන සැසිවාරය ද අද දින පවත්වනු ලැබීය.මෙහිදී නව පරිසර සභාවේ සාමාජිකයෙක් ලෙස ආදිවාසී නායක ඌරුවරිගේ වන්නියලැත්තන් ද පත් කිරීමට පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් පියවර ගත්තේය.

එමෙන්ම ජාතික පාරිසරික සභාවේ සභාපතිවරයා වශයෙන් පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධන මහතා පත් කරනු ලැබීය.

මෙම අවස්ථාවට පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති එස්. අමරසිංහ, අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ යන මහත්වරු ද සහභාගි වූහ.

මෙහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා පරිසරය සුරැකීම රජයට හෝ පරිසර අමාත්‍යාංශයට පමණක් කළ නොහැක්කක් බවත් ඒ සඳහා පරිසරය පිළිබඳ දැනුමක් ඇති විද්වතුන් මෙන්ම මහජනතාවගේ සහයෝගයද අත්‍යවශ්‍ය බව අවධාරණය කළේය.

පසුගිය දිනවල ඇති වු අධික වර්ෂාව හේතුවෙන් ගංගා , ඇළ දොළ හරහා සාගරයට විශාල ලෙස පොලිතීන් හා ප්ලාස්ටික් එක් වන බවට සාගරික පරිසර ආරක්ෂණ අදිකාරිය තහවුරු කර ඇතැයි ද සඳහන් කළේය. එහි වාර්තා අනුව වර්ෂාව නිසා සාගරයට ටොන් 250,000ක පමණ පොලිතීන් හා ප්ලාස්ටික් එක් ව ඇතැයි සඳහන් කර ඇතත්, එම සංඛ්‍යා ලේඛණ සම්බන්ධව නිවැරදි සොයා බැලීමක් කළ යුතුව ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

කෙසේ වුවද පාරිසරික හානිය අවම කරලීම සඳහා නව අදහස් හා යෝජනා පරිසර අමාත්‍යාංශයට ඉදිරිපත් කරන ලෙස ද අමාත්‍යවරයා නව ජාතික පරිසර සභාවට පත් වූ සාමාජිකයින්ගෙන් ඉල්ලා සිටියේය.

මෙහිදී අදහස් පළ කළ අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විවිධ ක්ෂේත්‍ර අතර සහයෝගිතාවයෙන් යුතුව පරිසරය සුරැකීමේ වැඩ සටහන් ක්‍රියාත්මක කළ යුතුයැයි සඳහන් කළේය. විශේෂයෙන් ලෝකයේ සෑම රටක්ම පාහේ පරිසර අමාත්‍යාංශය සුවිශේෂ අමාත්‍යාංශයක් ලෙස සළකන බවත්, පාරිසරික තිරසරභාවය උදෙසා මානව ක්‍රියාකාරකම්වලට අනුව පරිසරය සුරැකීම සඳහා අනුගමනය කළ යුතු පිළීවෙත් සකස් කිරීම පරිසර අමාත්‍යාංශයේ වගකීමක් බවත් කීය.

මෙහිදී ආදිවාසී නායක වන්නියලැත්තෝ ද අදහස් දැක්වීය.

කෙරෝනා රෝග තත්ත්වය ඇතිවීමට පෙර මම වාසය කරන ගමට අපි බලන්නට දවසට විශාල පිරිසක් එනවා. ඒ අය මගේ පරම්පරාව ගැන අහනවා. ඒ අතර සිටින තරුණ තරුණියන්ගෙන් මම අහන කාරණාවක් තියෙනවා. ඔබට ජීවත්වීමට උදව්කරන්නේ කව්ද කියළා. ඒ අය මට කියනවා අම්මයි තාත්තයි කියළා. මම ඒ අයට කියනවා ඔබට අම්මයි තාත්තයි කන්න අඳින්න දෙනවා. උගන්වනවා. විවාහ කරලා දෙනවා. සමහර විට රස්සාවක් කරන්නත් උදව් කරනවා. නමුත් ඔබව ජීවත් කරන්නේ කව්ද කියළා මමඅ හනවා . ඒ අය සමහර විට මම කියන දේ තේරුම් ගන්න බැහැ. අම්මා හා තාත්තා උදව් කරන එක ඇත්ත. ඒත් ජීවත් වෙන්න අවශ්‍ය හුස්ම ටික, වතුර ටික, කෑම අපිට දෙන්නේ සොබාදහම . සොබාදහම කරන එම සේවාව කිසි කෙනෙක් තවම අවබෝධ කරගෙන නැහැ. සොදහම නැතුව අපිට ජීවත් වෙන්න බැහැ. ඒ නිසා ජීවත්වෙන හැම කෙනෙක්ගෙන්ම මම ඉල්ලීම් දෙකක් කරනවා. පළමු ඉල්ලීම තමයි ඔබේ හැම උපන්දිනකයටම ලොකු උත්සව , කේක් කැපීම වැනි දේවල් වගේම අඩුම තරමින් පැළයක් රෝපණය කර ඒක රැක බලාගන්න. දෙවැන්න තමයි මැරුණට පස්සේ සිරුර ආදාහනය කරන්න එපා මහපොළවට දන් දෙන්න. භූමිදානය කියන වචනය හැදිලා තියෙන්නේ ඒ නිසයි. මහපොළවෙන් පෝෂණය වෙච්ච ශරීරය මහපොළවටම බාර දෙන්න. යැයි ද ආදිවාසි නායක ඌරුවරිගේ වන්නියලැත්තෝ වැඩි දුරටක් පැවසීය.

The post පරිසර අමාත්‍යාංශයේ ජාතික පරිසර සභාව පත් කරයි appeared first on ITN News.

Read More »

Lanka QR දීප ව්‍යාප්ත ප්‍රවර්ධන වැඩසටහන ඇමති නාමල්ගේ ප්‍රධානත්වයෙන්  

0 comments

ශ්‍රී ලංකා මහ බැංකුව ක්‍රියාත්මක කරන Lanka QR දීප ව්‍යාප්ත ප්‍රවර්ධන වැඩසටහන අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් තංගල්ලේ දී පැවැත්වුණා. ලංකා කියු ආර් ක්‍රමය උපයෝගී කර ගනිමින් නාමල් රාජපක්ෂ මහතා මෙහිදී භාණ්ඩ ඇණවුම් කළා. ලංකා කියු ආර් කමිටුවේ සභාපති එස් ඩි බි බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරි තිලක් පියදිගම මහතා ඇතුලු පිරිසක් ඊට එක්ව සිටියා.

 

The post Lanka QR දීප ව්‍යාප්ත ප්‍රවර්ධන වැඩසටහන ඇමති නාමල්ගේ ප්‍රධානත්වයෙන් appeared first on ITN News.

Read More »

මෙරට 5වන කුළුබඩු මන්දිරය විවෘත කෙරේ  

0 comments

මෙරට පස්වන කුළුබඩු මන්දිරය රත්නපුර ඇලපාත කොටාමුල්ල හන්දියේදී විවෘත කෙරුණා.

පිරිසිදු හා ගුණාත්මක භාවයෙන් යුතු කුළුබඩු සාධාරණ  මිලකට ජනතාවට ලබා දීමේ අරමුණෙනුයි කුළුබඩු මන්දිර පිහිටුවීම සිදු කෙරෙන්නේ. විශේෂයෙන් විවිධ වර්ණක ආදිය කළවම් නොකළ කහකුඩු ග්‍රෑම් 100ක් රුපියල් 200කට මෙමගින් මිලදී ගත හැකියි. සෙසු සියලු කුළුබඩු වර්ග ද මෙහි අලෙවි කෙරෙනවා. ඇලපාත කොටාමුල්ල නව කුළුබඩු මන්දිරය විවෘත කෙරුණේ රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතාගේ ප්‍රධානත්වයෙන්.

 

 

 

 

The post මෙරට 5වන කුළුබඩු මන්දිරය විවෘත කෙරේ appeared first on ITN News.

Read More »

ඇමති කෙහෙලිය රජයේ රෝහල් වෙත උපකරණ සහ මානව සම්පත බෙදී යන ආකාරය පිලිබඳ වාර්තාවක් ඉල්ලයි  

0 comments

රජයේ රෝහල් වෙත වෛද්‍ය උපකරණ සහ මානව සම්පත බෙදී යන ආකාරය සම්බන්ධයෙන් විමර්ශනයක් කර ඇගයීම් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අමාත්‍යංශ ලේකම්වරයාට උපදෙස් ලබා දුන්නා.

ඇතැම් රෝහල්වල වෛද්‍යවරුන් අතිරික්තව සිටින අතර ග්‍රාමීය රෝහල්වල හිගයක් පවතින බව සෞඛ්‍ය කටයුතු පිළිබද අමාත්‍යංශීය උපදේශක කාරක සභාවේ දී හෙළි කෙරුණා. මූලික රෝහල් මධ්‍යම රජයට පවරා ගැනීම මගින් සෞඛ්‍ය පහසුකම් වඩා ප්‍රශස්ත මට්ටමකට රැගෙන ඒමට හැකි වුණා. පසුගිය කාලයේ සෞඛ්‍ය ක්ෂේත්‍ර යේ වර්ජන රැල්ලක් ඇති වූ බැවින් වැටුප් ඉහළ නැංවීමේ දී පොදු ප්‍රතිපත්තියක පිහිටා කටයුතු කිරීමේ අවශ්‍යතාවද කාරක සභාවේ දී සාකච්ඡා කෙරුණා.

ඉකුත් වසර කිහිපය තුළ ඖෂධ වර්ග රැසක් මෙරටට වැඩියෙන් ආනයනය කිරීම සම්බන්ධයෙන් ද අවදානය යොමු වුණා. ඇතැම් වසරවල අධි ප්‍රතිශතයෙන් ඖෂධ ආනයනය කර තිබූ බවයි රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළේ. ඖෂධවලට අදාළව ජාතික ප්‍රතිපත්තියක් ආරම්භ කර දිවයිනේ සියලු රෝහල් ඊට සම්බන්ධ කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා. ආයුර්වේද උපාධිධාරීන්ට ප්‍රා දේශීය වශයෙන් ආයුර්වේද බෙහෙත් ශාලා ආරම්භ කර රැකියා ලබා දීමේ සැලසුමක් පවතින බව රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා කාරක සභාවේ දී ප්‍රකාශ කළා.

 

The post ඇමති කෙහෙලිය රජයේ රෝහල් වෙත උපකරණ සහ මානව සම්පත බෙදී යන ආකාරය පිලිබඳ වාර්තාවක් ඉල්ලයි appeared first on ITN News.

Read More »

විදුලිය බිඳ වැටීම කඩිනමින් යථා තත්වයට පත් කළා – සුනිත්‍ය බලශක්ති අධිකාරියේ අධ්‍යක්ෂ  

0 comments

ඊයේ රාත්‍රියේ ඇති වූ විදුලිය බිද වැටීම කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කළ බව සුනිත්‍ය බලශක්ති අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සුලක්ෂණ ජයවර්ධන මහතා ප්‍රකාශ කරනවා.

 

 

The post විදුලිය බිඳ වැටීම කඩිනමින් යථා තත්වයට පත් කළා – සුනිත්‍ය බලශක්ති අධිකාරියේ අධ්‍යක්ෂ appeared first on ITN News.

Read More »

මේ වසරේ මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂය පනී  

0 comments

මේ වසරේ මෙරටට පැමිණි සංචාරකයින්ගේ සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා තිබෙනවා. නොවැම්බර් පළමු වනදා සිට පසුගිය 28 වනදා දක්වා සංචාරකයින් 41177 දෙනෙකු මෙරටට පැමිණ ඇති බවයි සංචාරක අමාත්‍යංශය සදහන් කරන්නේ.

පසුගිය ජනවාරි මාසයේ සිට නොවැම්බර් 28 වනදා දක්වා සංචාරකයින් එක් ලක්ෂ එක් දහස් අටසිය හැත්තැ දෙදෙනෙකු මෙරටට පැමිණ තිබෙනවා. පසුගිය දින 28 තුළ වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් බවයි සංචාරක සංවර්ධන අධිකාරියේ සංඛ්‍යා ලේඛන තහවුරු කරන්නේ. ඊට අමතරව රුසියාව, එක්සත් රාජධානිය, පාකිස්ථානය, ජර්මනිය, මාලදිවයින, ප්‍රංශය, ඇමරිකාව, කැනඩාව සහ ඕස්ට්‍රේලියාවෙන් සංචාරකයින් පැමිණ තිබෙනවා.

 

 

The post මේ වසරේ මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂය පනී appeared first on ITN News.

Read More »

ගතවූ පැය 24ට වැඩිම ආසාදිතයින් ඇමෙරිකාවෙන්  

0 comments

ලොව පුරා රටවල් 222කින් ගතවූ පැය 24ට වැඩිම කොරෝනා වයිරස ආසාදිතයින් සංඛ්‍යාවක් හමුවී ඇත්තේ ඇමෙරිකාවෙන්. එම සංඛ්‍යාව හැටහත් දහසකට ආසන්නයි.

ඊයේ දිනයේදී වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවක් සිදුව ඇත්තේ රුසියාවෙන්. ගතවූ පැය 24ට එරටින් වාර්තා වූ කොරෝනා මරණ 1209ත් සමගින් සමස්ථ මරණ සංඛ්‍යාව දෙලක්ෂ හැත්තෑ හතර දහසකට ආසන්න වනවා.

එමෙන්ම මේ වන විට ලොවපුරා රටවලින් වාර්තා වී ඇති සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව පනස් දෙලක්ෂ විසිහතර දහස් තුන්සිය තිහ දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ. හමුවී ඇති වයිරස් ආසාදිතයින් සංඛ්‍යාව විසිහය කෝටි විසිතුන් ලක්ෂ හැට දහසකට අධිකයි.

 

 

 

 

The post ගතවූ පැය 24ට වැඩිම ආසාදිතයින් ඇමෙරිකාවෙන් appeared first on ITN News.

Read More »

චීන ජනපති චීන-අප්‍රිකානු සහයෝගීතා සාකච්ඡා මණ්ඩපයේ 8 වැනි අමාත්‍යවරුන්ගේ සමුළුවේ සමාරම්භක උළෙල අමතයි  

0 comments

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා චීන-අප්‍රිකානු සහයෝගිතා සාකච්ඡා මණ්ඩපයේ අට වැනි අමාත්‍යවරුන්ගේ සමුළුවේ සමාරම්භක උළෙලට බෙයිජිංහි සිට එක්වෙමින් ප්‍රධාන දේශනයක් පවත්වයි.

එම සමාරම්භක උළෙල ඊයේ වීඩියෝ ආකාරයෙන් පැවැත්විණ.

චීනය හා අප්‍රිකාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාවන්හි 65 වැනි සංවත්සරය මේ වසරට යෙදී ඇත. ගත වූ වසර 65ක් තුළ ආධිපතිවාදය හා යටත්විජිතවාදයට එරෙහි අරගල හමුවේ චීනය හා අප්‍රිකාව අතර ස්ථිර සහෝදරත්වයක් ගොඩනැගී තිබේ. දෙපාර්ශ්වය පොදු සංවර්ධනය සඳහා විශේෂ සහයෝගිතා ක්‍රම නිර්මාණය කර ඇති අතර එමගින් නවාකාර ජගත් සබඳතා පිළිබඳ ආදර්ශයක් ගොඩනැගීමට ද හැකි වූ බව ෂී ජින්පිං මහතා පවසයි.

චීනය හා අප්‍රිකාව අතර සුහද සහයෝගිතාව, දුෂ්කරතාවන්ට පොදුවේ මුහුණ දීම හා ප්‍රතිලාභ පොදුවේ බෙදා ගැනීම පිළිබඳ පිළිබිඹුවක් වන අතර එය ද්විපාර්ශ්වික සම්බන්ධතා අනාගතය කරා ශක්තිමත්ව රැගෙන යාමේ බලයක් ද වී තිබේ.

චීනය අප්‍රිකාවට තවත් එන්නත් මාත්‍රා බිලියන 1 ක් ලබා දෙන අතර, එයින් මාත්‍රා මිලියන 600 ක් ආධාර ලෙස පිරිනමන බව ජනාධිපතිවරයා පවසයි. සෙසු  මාත්‍රා මිලියන 400ක් චීන සමාගම් සහ අප්‍රිකානු රටවල් ඒකාබද්ධ නිෂ්පාදනයක් මගින් ලබාදෙනු ඇත. චීනය, අප්‍රිකානු රටවල් සඳහා වෛද්‍ය සහ සෞඛ්‍ය ව්‍යාපෘති 10 ක් ආධාර ලෙස ක්‍රියාත්මක කරන අතර වෛද්‍යවරුන් 1,500 දෙනෙකු අප්‍රිකාවට යැවීමට පියවර ගන්නා බව ද ෂී ජින්පිං මහතා ප්‍රකාශ කළේය.

දෙපාර්ශ්වයේ පොදු ප්‍රයත්නයෙන්, මෙවර චීන-අප්‍රිකානු සහයෝගිතා සාකච්ඡා මණ්ඩපය සාර්ථක වන අතර එයින් කෝටි 270ක ජනතා බලය එක්රැස් කර, ඉහළ මට්ටමේ පොදු ඉරණමක් සහිත චීන අප්‍රිකානු ප්‍රජාව ඉදිරියට මෙහෙයවනු ඇතැයි විශ්වාස කරන බව ෂී ජින්පිං මහතා පැවසීය.

The post චීන ජනපති චීන-අප්‍රිකානු සහයෝගීතා සාකච්ඡා මණ්ඩපයේ 8 වැනි අමාත්‍යවරුන්ගේ සමුළුවේ සමාරම්භක උළෙල අමතයි appeared first on ITN News.

Read More »

යතුරුපැදියකින් හෙරොයින් ප්‍රවාහනය කළ කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට  

0 comments

යතුරුපැදියකින් හෙරොයින් ප්‍රවාහනය කළ කාන්තාවන් දෙදෙනෙකු පානදුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන් එක් සැකකාරියක් ගැබිණි කාන්තාවක් බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

මොවුන් දෙදෙනා පානදුර හොරෙයිතුඩුව, බණ්ඩාරගම, වාද්දුව, එගොඩඋයන යන ප්‍රදේශවලට හෙරොයින් බෙදා හැර ඇති බවටයි හෙළිවී තිබෙන්නේ. පානදුර, උතුර, පොලිසියට ලැබුණු තොරතුරකට අනුව පානදුර ගොරකාන සුසාන භූමිය අසළ විශේෂ රථවාහන මාර්ග බාධක යොදා සිදුකළ වැටලීමකදීයි සැකකරුවන් අත්අඩංගුවට ගැනුණේ.

මොවුන් ළග තිබී හෙරොයින් මිලිග්‍රෑම් 850ක් ද පොලිසිය සොයා ගත්තා. ඩුබායි රාජ්‍ය යේ රැදී සිටින රත්මලාන සයිමා නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු මෙරටට  එවා තිබූ මත්ද්‍රව්‍ය තොග මෙම සැකකාරියන් බෙදා හැර ඇති බවටයි පොලිසිය පවසන්නේ.

 

 

The post යතුරුපැදියකින් හෙරොයින් ප්‍රවාහනය කළ කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.

Read More »

74 වන නිදහස් දින සැමරුම් උළලේ සංවිධාන කමිටුව අගමැති ප්‍රධානත්වයෙන් රැස්වෙයි  

0 comments

74 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙල-2022 සංවිධාන කමිටුවේ ප්‍රථම කමිටු රැස්වීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී අද(29) දින පැවැත්විණි.

“අභියෝග ජයගත් සෞභාග්‍යමත් මවුබිමක්“ යන තේමාව යටතේ  74 වන ජාතික නිදහස් දින සැමරුම කොළඹ නිදහස් චතුරශ්‍රයේදී අභිමානවත්ව පැවැත්විය යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී   තීරණය කළේය.

තානාපතිවරු, මහ කොමසාරිස්වරු ඇතුළු සියලු රාජ්‍ය තාන්ත්‍රිකයන්ට ද 74 වන ජාතික නිදහස් දින සැමරුමට ආරාධනා කරන ලෙස අග්‍රාමාත්‍යතුමා විදේශ කටයුතු අමාත්‍ය ජී.එල්. පීරිස් මහතාට මෙහි දී දැනුම් දුන්නේය.

දේශීය විශේෂ ආරාධිතයන්ට ආරාධනා කිරීමේ වගකීම වාරිමාර්ග අමාත්‍ය සහ ස්වදේශ  කටයුතු ,ජාතික ආරක්ෂක හා ආපදා කළමනාකරණ රාජ්‍ය  අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාට පැවරිණි.

74 වන නිදහස් උළෙල  සාර්ථක කර ගැනීම සඳහා අමාත්‍යාංශ සහ රාජ්‍ය ආයතනවලට පැවරී ඇති වගකීම් සම්බන්ධයෙන් මෙහිදී අග්‍රාමාත්‍යතුමාගේ විශේෂ අවධානය යොමු විය.

නිදහස් දිනට පෙර පැවැත්වෙන පරිත්‍රාණ ධර්ම දේශනාව 2022 පෙබරවාරි 02 වන දින නිදහස් මන්දිරයේදී පැවැත්වීමට තීරණය වූ අතර  නිදහස් දිනට සමගාමීව පැවැත්වෙන බෞද්ධ, හින්දු, ඉස්ලාම්, කතෝලික, ක්‍රිස්තියානි ආගමික වතාවත් කරනු ලබන සිද්ධස්ථාන හා වේලාවන් නිර්දේශ කිරීමේ වගකීම බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතාට පැවරිණි.

නිදහස් දින උළෙලට සමගාමීව පැල  ලක්ෂ පහක් සිටුවීමේ ව්‍යාපෘතියක් ද ක්‍රියාත්මක වේ.

උත්සව කටයුතු සඳහා නිසි සෞඛ්‍ය ක්‍රමවේදයන්ට අනුකූලව පූර්ණ එන්නත්කරණයට ලක්වූ අය පමණක්  සහභාගි කරගත යුතු බව ද අග්‍රාමාත්‍යතුමා අවධාරණය කළේය.

මෙම අවස්ථාවට අමාත්‍යවරුන්වන චමල් රාජපක්ෂ, දිනේෂ් ගුණවර්ධන, ජී.එල්.පීරිස්, ජනක බණ්ඩාර තෙන්නකෝන්,වාසුදේව නානායක්කාර, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී එස්. සෙනරත් අමාත්‍යාංශ ලේකම්වරුන්වන එස්.ආර් ආටිගල, අනුරාධ විජේකෝන් , මහාචාර්ය කපිල ගුණවර්ධන, ජේ.ජේ රත්නසිරි, එන්.එච්.එම් චිත්‍රානන්ද, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා,බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ජේ.එම්.සී ජයන්ති විජේතුංග,  අතිරේක ලේකම්වරුන්වන ජේ.සී රණේපුර, තිලක් හෙට්ටිආරච්චි, එස්.ජේ.එස් චන්ද්‍රගුප්ත,ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරුන්වන ප්‍රියංග නානායක්කාර,නයනා සංගල්ලුලිගේ , අධ්‍යක්ෂ නාවික පරිපාලන කොමදෝරු කේ.ඒ.පී.එස්.කේ කාරියප්පෙරුම, ජනාධිපති අධ්‍යක්ෂක ජනරාල්(මාධ්‍ය) සුදේව හෙට්ටිආරච්චි, අධ්‍යක්ෂක (මාධ්‍ය හා සන්නිවේදන) සුරේන් නුවන් තාරක මහත්ම මහත්මීහු සහභාගී වී සිටියහ.

 

The post 74 වන නිදහස් දින සැමරුම් උළලේ සංවිධාන කමිටුව අගමැති ප්‍රධානත්වයෙන් රැස්වෙයි appeared first on ITN News.

Read More »

වැලිකන්ද කාන්තාව මිය යාමේ සිද්ධිය ගෑස් සිලින්ඩරයක් පිපිරීමෙන් සිදු වුවක් නොවෙයි  

0 comments

වැලිකන්ද පොලිස් වසමේ කාන්තාවක මිය යාමේ සිද්ධිය  ගෑස් සිලින්ඩරයක් පිපිරීමෙන් සිදු වුවක් නොවන බවට විමර්ශනවලින් තහවුරු වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දුව මහතා පවසනවා.

 

The post වැලිකන්ද කාන්තාව මිය යාමේ සිද්ධිය ගෑස් සිලින්ඩරයක් පිපිරීමෙන් සිදු වුවක් නොවෙයි appeared first on ITN News.

Read More »

‘‘දේශපාලනයේ සැඟවුණු කතා කියන කතා’’ ග්‍රන්ථය අග්‍රාමාත්‍යතුමාට පිළිගන්වයි  

0 comments

‘‘දේශපාලනයේ සැඟවුණු කතා කියන කතා’’ එහි කර්තෘ ගුණපාල තිස්සකුට්ටිආරච්චි මහතා විසින් අද (29) දින පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත පිළිගන්වනු ලැබීය.

රාජ්‍ය ඇමතිවරයෙක්, මන්ත්‍රීවරයෙක් ලෙස මෙන්ම රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය සේවයේ විවිධ තනතුරු දරමින් සේවයේ නිරතව සිටියදී ඇසූ පිරූ ශ්‍රී ලාංකීය දේශපාලනයේ සැඟවී ගිය ත්‍රාසජනක, රසබර  හා විවිධ සිදුවීම් පදනම්කර ගෙන ගුණපාල තිස්සකුට්ටිආරච්චි මහතා මෙම කෘතිය රචනා කර ඇත.

1981 වසරේ පැවති දිස්ත්‍රික් සංවර්ධන සභා මැතිවරණයේ දී හම්බන්තොට දිස්ත්‍රික් සංවර්ධන සභාවේ විධායක මන්ත්‍රීවරයෙක් ලෙස පත්ව 1989 වසරේ පැවති මහා මැතිවරණයෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට ප්‍රථම වරට තේරී පත්වූ ගුණපාල තිස්සකුට්ටිආරච්චි මහතා 1990 වසරේ දී පරිසර හා පාර්ලිමේන්තු කටයුතු රාජ්‍ය ඇමතිවරයා ලෙස පත්කළේය.

ගුණපාල තිස්සකුට්ටිආරච්චි මහතා කැලණිය විශ්ව විද්‍යාලයේ ජන සන්නිවේදන පිළිබඳ ශාස්ත්‍රවේදී ගෞරව උපාධිධාරියෙකි.

The post ‘‘දේශපාලනයේ සැඟවුණු කතා කියන කතා’’ ග්‍රන්ථය අග්‍රාමාත්‍යතුමාට පිළිගන්වයි appeared first on ITN News.

Read More »

රුසියානු රාජ්‍ය තාන්ත්‍රිකයන් 27 කට ඇමරිකාවෙන් පිටවන්නැයි නියෝග  

0 comments

ඇමරිකාවේ රුසියා තානාපති කාර්යාලයේ සේවයේ නියුතු රාජ්‍ය තාන්ත්‍රිකයන් 27 දෙනෙකුට ඇමරිකාවෙන් පිටවන ලෙස නියෝග කර ති‍බෙනවා.

ලබන වසරේ ජනවාරි 30 වන දිනට පෙර ඔවුන්ට ඇමරිකාවෙන් පිටවන ලෙස නියෝග ලැබී ඇති බවයි ඇමරිකාවේ රුසියා තානාපතිවරයා සදහන් කරන්නේ. රාජ්‍ය තාන්ත්‍රිකයන් 27 දෙනා සමග ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ටද ඇමරිකාවෙන් පිටවීමට සිදුව තිබෙනවා. ඒ සමගම කාර්ය මණ්ඩල හිගයකට තමා මුහුණ දී සිටින බවයි තානාපතිවරයා සදහන් කරන්නේ.

2016 වසරේ සිට මේ දක්වා ඇමරිකාවෙන් පිටුවහල් කර ඇති රුසියානු රාජ්‍ය තාන්ත්‍රිකයින් සංඛ්‍යාව සියයකට අධිකයි. එමෙන්ම 2017 වසරේ සිට මේ දක්වා රුසියාවේ ඇමරිකා තානාපති කාර්යාලයේ සේවයේ නියුතු ඇමරිකා රාජ්‍ය තාන්ත්‍රිකයින් දහසකට වැඩි සංඛ්‍යාවක් පිටුවහල් කිරීමටයි රුසියාව පියවර ගෙන ඇත්තේ. වසර ගණනක් මුළුල්ලේ දෙරට අතර පවත්නා මත භේදාත්මක ගැටුම් මෙයට හේතු වී තිබෙනවා.

 

The post රුසියානු රාජ්‍ය තාන්ත්‍රිකයන් 27 කට ඇමරිකාවෙන් පිටවන්නැයි නියෝග appeared first on ITN News.

Read More »

හෙට මධ්‍යම රාත්‍රියේ සිට විදේශිකයින්ට ජපානයේ දොර වැසේ  

0 comments

ඔමික්‍රෝන් ප්‍රභේදයේ ව්‍යාප්තිය හේතුවෙන් හෙට මධ්‍යම රාත්‍රියේ සිට කිසිඳු විදේශිකයෙකුට තම රටට ඇතුලු වීමට අවසර හිමි නොවන බව ජපාන අග්‍රාමාත්‍යවරයා නිවේදනය කරනවා.

ඔමික්‍රෝන් ප්‍රභේදයේ ආසාදිතයින් ලොව පුරා රටවල් කිහිපයකින් මේ වනවිටත් හමුවී ඇති අතර එම ප්‍රභේදය ජපානය තුළ ව්‍යාප්ත වීම වැලැක්වීමටයි මෙම පියවර ගෙන ඇත්තේ. විදෙස් රටවලින් පැමිණෙන ජපාන වැසියන් ද දින 14 ක කාලයක් නිරෝධායනය කිරීමට තීරණය කර තිබෙනවා.  දෛනිකව වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව අවම වීමත් සමඟ පනවා ඇති නිරෝධායන නීති ලිහිල් කිරීමට ජපාන රජය පසුගියදා පියවර ගත්තා. එහෙත් නව ප්‍රභේදය හදුනා ගැනීමත් සමඟ පනවා ඇති නීති දැඩි කිරීමට සිදුව තිබෙනවා.

 

The post හෙට මධ්‍යම රාත්‍රියේ සිට විදේශිකයින්ට ජපානයේ දොර වැසේ appeared first on ITN News.

Read More »

රට වෙනුවෙන් කළ මෙහෙවරට ITN මාධ්‍ය ජාලය ටොප් හන්ඩ්‍රඩ් 2021 සම්මානයෙන් පිදුම් ලබයි  

0 comments

ශ්‍රී ලංකා ටොප් හන්ඩ්‍රඩ් අවෝඩ්ස් හෙවත් සියක් සුවිශිෂ්ටයන් අභිනන්දන මෞලි මංගල්‍යය උත්කර්ෂවත් ලෙස පැවැත්වුණා. ඒ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී යි. කොරෝනා ව්‍යසනය හමුවේ රට වෙනුවෙන් කළ මෙහෙවර හා විශිෂ්ට ගුණාත්මක මාධ්‍ය මෙහෙවර වෙනුවෙන් ස්වාධීන රූපවාහිනිය මෙහිදී සම්මානයට පාත්‍ර වුණා.

2021 වර්ෂයට අදාළව මෙහිදී සම්මාන පිරිනැමුණා. රට වෙනුවෙන් කරන ලද සේවය අගයමින් විශිෂ්ටයින් සිය දෙනෙකු සම්මානයට පාත්‍ර වුණා. අමාත්‍ය සරත් වීරසේකර, හිටපු කතානායක කරූ ජයසූරිය යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනුයි සම්මාන උළෙල පැවැත්වුණා. සම්මාන උළෙල සංවිධාන කළ අහස නිව්ස් පේපර්ස් මීඩියා ටීම් ප්‍රකාශ කළේ කොරෝනා සමයේ දී රට වෙනුවෙන් කළ සේවය අගයමින් ක්ෂේත්‍ර රැසක විශිෂ්ටයන් ඇගයීම සදහා මෙම සම්මාන උළෙල පැවැත්වූ බවයි.

පැරැලිම්පික් රන් පදක්කම්ලාභී දිනේෂ් ප්‍රියන්ත සහ ජාතික රෝහලේ ප්‍රධාන හෙද පුහුණු නිලධාරිනි පුෂ්පා රම්‍යා සොයිසා මෙනෙවිය ද මෙහිදී සම්මාන ලැබුවා. කොරෝනා ව්‍යසනය හමුවේ රට වෙනුවෙන් කළ මෙහෙවර හා විශිෂ්ට ගුණාත්මක මාධ්‍ය මෙහෙවර වෙනුවෙන් ටොප් හන්ඩ්‍රඩ් 2021 සම්මානය පිරි නැමුණේ ස්වාධීන රූපවාහිනි මාධ්‍ය ජාලයටයි.

සභාපති සුදත් රෝහණ මහතා වෙනුවෙන් මෙම සම්මානය භාර ගත්තේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය හසන්ත හෙට්ටිආරච්චි මහතායි. රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි,පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතාණගේ,හෂීම් ඕමාර් යන මහත්වරුන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

The post රට වෙනුවෙන් කළ මෙහෙවරට ITN මාධ්‍ය ජාලය ටොප් හන්ඩ්‍රඩ් 2021 සම්මානයෙන් පිදුම් ලබයි appeared first on ITN News.

Read More »

ඉන්ධන හිඟයකුත් නෑ. විදුලි කප්පාදුවකුත් නෑ. ඇමති ගම්මන්පිළ රනිල්ට උත්තර දෙයි  

0 comments

විදේශ සංචිත හිගය නිසා ඉන්ධන හිගයක් හෝ විදුලි කප්පාදුවක් සිදු වෙන්නෙ නැහැ කියලා අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තුවේ දී අද අවධාරණය කළා.

ඒ හිටපු අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහත්මයා විදෙස් සංචිත ඩොලර් බිලියන එක හමාරකට අඩු වෙලා කියලා සිද්ධ කරපු ප්‍රකාශයත් එක්ක. මේ පිළිබද පක්ෂ විපක්ෂ කිහිප දෙනෙක්ම පාර්ලිමේන්තුවේ දී අදහස් දැක්වුවා.

 

The post ඉන්ධන හිඟයකුත් නෑ. විදුලි කප්පාදුවකුත් නෑ. ඇමති ගම්මන්පිළ රනිල්ට උත්තර දෙයි appeared first on ITN News.

Read More »

ණයවර ලිපිය නිකුත් කළ බැංකුවට නැවේ එන භාණ්ඩ ගැන සොයා බලන්න වගකීමක් නැද්ද ?  

0 comments

ණයවර ලිපියක් නිකුත් කිරීමේදී අපනයනය කරන භාණ්ඩවල ප්‍රමිතිය පිළිබදව සොයා බැලීමට එම ණයවර ලිපිය නිකුත් කළ බැංකුවට වගකීමක් නොමැති බව මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනී නිපුණිකා විජේරත්න මහත්මිය පවසනවා. ස්වාධීන රූපවාහිනී හත්වෙනි පැය වැඩසටහනට එක්වෙමින් ඒ මහත්මිය මේ බව ප්‍රකාශ කළා. මෙහිදී එහි සහකාර සාමාන්‍යාධිකාරී වික්‍රම නාරායන මහතාද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා.

 

 

 

The post ණයවර ලිපිය නිකුත් කළ බැංකුවට නැවේ එන භාණ්ඩ ගැන සොයා බලන්න වගකීමක් නැද්ද ? appeared first on ITN News.

Read More »

වෛද්‍ය සමන් වීරසිංහට ජාත්‍යන්තර සහයෝගීතා සම්මාන පදක්කමක්  

0 comments

රුසියාවෙන් ශ්‍රී ලංකාවට පිදෙන ජාත්‍යන්තර සහයෝගීතා සම්මාන පදක්කම වෛද්‍ය සමන් වීරසිංහ මහතාට ප්‍රදානය කෙරුණා. ශ්‍රී ලාංකිකයෙකු මෙම සම්මානයෙන් පිදුම් ලැබූ පළමු අවස්ථාව මෙයයි.

විදේශීය රාජ්‍යයන් සමඟ සබඳතා වර්ධනය කරමින් සහයෝගීතා වර්ධනයට එරට විදේශ අමාත්‍යාංශය හා ක්‍රියාකාරීව සම්බන්ධ වන අය වෙනුවෙනුයි රුසියානු සමූහාණ්ඩුව මෙම සුවිශේෂී සම්මානය ප්‍රදානය කරන්නේ. රුසියා විදේශ අමාත්‍යාංශ සම්මේලනයේ පාර්ලිමේන්තු සහ මහජන සංගම් විෂය සබඳතා පිළිබඳ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සෙමෝන් ග්‍රිගෝරියෙව් මහතා, වෛද්‍ය සමන් වීරසිංහ මහතා වෙත මෙම සම්මාන ය පැළදවූවා. සමන් වීරසිංහ මහතා රුසියාවේ ශ්‍රී ලංකා තානාපති ලෙසද කටයුතු කර තිබෙනවා.

 

The post වෛද්‍ය සමන් වීරසිංහට ජාත්‍යන්තර සහයෝගීතා සම්මාන පදක්කමක් appeared first on ITN News.

Read More »

යුගදනවි බලාගාරය පිළිබඳ පෙත්සම් සළකා බැලීමට දින නියමවෙයි  

0 comments

යුග දනවි බලාගාරය පිළිබඳ මූලික අයිතිවාසිකම් පෙත්සම් සළකා බැලීම සඳහා ලබන මස 16 සහ 17 දිනවල කැඳවන ලෙස ජ්‍යෙෂ්ඨාධිකරණය නියම කළා.

මෙම බලාගාරය හිමි සමාගමේ රජය සතු කොටස් ඇමෙරිකා සමාගමකට පැවරීමට අමාත්‍ය මණ්ඩලය ගෙන තිබෙන තීරණය සහ ගෑස් සැපයීමේ ඒකාධිකාරය එම සමාගමට පැවරීමට ගෙන ඇති තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමිනුයි මෙම පෙත්සම් ගොනු කර ඇත්තේ. විරෝධතා ලබන මස 6වනදාට පෙර ප්‍රතිවිරෝධතා ලබන 13 වනදා දක්වාත් ගොනු කරන ලෙස දැනුම් දුන්නා. පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි සහ අගරදගුරු හිමියන් ඇතුළු කිහිප දෙනෙකුයි මෙම පෙත්සම් ගොනු කර ඇත්තේ.

මේ අතර හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට එරෙහි නඩුවේ සාක්ෂි සටහන් කර ගැනීම අද හයවන දිනටත් සිදු කෙරුණා. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට ක්‍රියාමාර්ග නොගැනීම ඇතුළු චෝදනා කිහිපයක් ඔහුට එල්ල වී තිබෙනවා.

අද දින සාක්ෂි ලබාදීම සඳහා පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා අධිකරණය හමුවේ පෙනී සිටියා. පැමිණිල්ල වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතාගේ මෙහෙයවීම යටතේයි චන්දන වික්‍රමරත්න මහතාගේ සාක්ෂි සටහන් කර ගැනීම ආරම්භ කෙරුණේ.

The post යුගදනවි බලාගාරය පිළිබඳ පෙත්සම් සළකා බැලීමට දින නියමවෙයි appeared first on ITN News.

Read More »

නිදහස් පක්ෂ හොරොව්පතාන ආසන බල මණ්ඩලයට නව නිලධාරී මණ්ඩලයක්  

0 comments

අඩුපාඩු පවතින තැන්වලදී ඒවා පෙන්වා දෙමින් ආණ්ඩුව සමග ඉදිරියට යෑමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කටයුතු කරන බව එම පක්ෂ ජාතික සංවිධායක රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හොරොව්පතාන ආසන බල මණ්ඩලය අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කළා. හොරොව්පතාන ආසන බල මණ්ඩලයේ භික්ෂු, තරුණ, කාන්තා, ගොවි හා ගුරු ආසන සංවිධාන සදහා නව නිලධාරීන් පත් කර ගැනීමට ද මෙහිදී කටයුතු කෙරුණා. මහජන නියෝජිතයන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා.

 

The post නිදහස් පක්ෂ හොරොව්පතාන ආසන බල මණ්ඩලයට නව නිලධාරී මණ්ඩලයක් appeared first on ITN News.

Read More »

අයහපත් කාලගුණය හේතුවෙන් අවලංගු කර තිබූ දුම්රිය ගමන් වාර කිහිපයක් අද සිට යළි ක්‍රියාත්මකයි  

0 comments

අයහපත් කාලගුණය හේතුවෙන් තාවකාලිකව අවලංගු කර තිබූ දුම්රිය ගමන් වාර කිහිපයක් අද සිට ක්‍රියාත්මක බව දුම්රිය පාලක මැදිරිය පවසනවා. ඒ අනුව උඩරට දුම්රිය මාර්ගයේ පොඩි මැණිකේ දුම්රිය පමණක් බදුල්ල කොළඹ අතර ධාවනය කෙරෙනවා.

සෙසු දුම්රිය ගමන්වාර පවතින කාලගුණ තත්ත්වය සැලකිල්ලට ගනිමින් මගී ප්‍රවාහන කටයුතු සඳහා යෙදවෙන බවයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කරන්නේ.

මේ අතර පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනය ද ඊයේ සිට පුත්තලම දක්වා ධාවනය ආරම්භ කෙරුණා. මුන්දලම සහ පාලවිය අතර දුම්රිය මාර්ගයේ ඇති වූ නාය යාමක් හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ධාවනය කෙරුණේ බංගදෙණිය දක්වා පමණයි.

ගාල්ල තැපැල් දුම්රිය හැර සෙසු සියලු තැපැල් දුම්රිය තවදුරටත් ධාවනය නොකරන බව පාලක මැදිරිය සඳහන් කරනවා.

 

 

The post අයහපත් කාලගුණය හේතුවෙන් අවලංගු කර තිබූ දුම්රිය ගමන් වාර කිහිපයක් අද සිට යළි ක්‍රියාත්මකයි appeared first on ITN News.

Read More »

ඔමික්‍රෝන් ප්‍රභේදය ගැන අලුත්ම හෙළිදරවුව  

0 comments

කොරෝනා වයිරසයේ නව ඔමික්‍රෝන් ප්‍රභේදය දරුණු රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන බවට දකුණු අප්‍රිකාවේ වෛද්‍යවරියක සඳහන් කරනවා.

ඔමික්‍රෝන් ප්‍රභේදය ප්‍රථම වරට හඳුනාගත් ඇන්ජලික් කුට්සි නම් වෛද්‍යවරියයි මේ බව සඳහන් කර ඇත්තේ. ඔමික්‍රෝන් ප්‍ර භේදයේ ආසාදිතයින්ගෙන්  අධික හිසරදය , ඇගපත වේදනාව මෙන්ම අධික මහන්සියද දක්නට ලැබෙන බවයි ඇය තවදුරටත් පවසන්නේ. නොවැම්බර් මස මුල් භාගයේ දී ඇය හමුවට පැමිණි රෝගීන්ගෙන් බහුතරයකට මෙම රෝග ලක්ෂණ තිබී ඇති අතර ඉන් අනතුරුව ඇය ඒ සම්බන්ධයෙන් බෝවන රෝග සම්බන්ධ විද්‍යාතනය දැනුවත් කර තිබෙනවා. ඉන් පසුවයි නව ප්‍රභේදය හදුනා ගැණුනේ. ඔමික්‍රෝන් ආසාදිතයින්ගේ ගද සුවඳ නැතිවීම පිළිබඳ මෙතෙක් වාර්තා වී නොමැති අතර එම රෝගීන්ගේ ඔක්සිජන් ප්‍රතිශතය ද සාමාන්‍ය මට්ටමේ පවතින බව ඇය සඳහන් කරනවා. කෙසේ වුවද කොරෝනා වයිරසය එක් වරක් වැළදුනු පුද්ගලයෙකුට ඔමික්‍රෝ ප්‍රභේදය පහසුවෙන් වැළදීමේ අවදානමක් පවත්නා බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරන්නේ.

 

 

The post ඔමික්‍රෝන් ප්‍රභේදය ගැන අලුත්ම හෙළිදරවුව appeared first on ITN News.

Read More »

නව විභාග කොමසාරිස් රාජකාරි අරඹයි  

0 comments

නව විභාග කොමසාරිස් ජෙනරාල් එල් එම් ඩී ධර්මසේන මහතා අද දින සිය රාජකාරි කටයුතු ආරම්භ කළා.

සනත් පූජිත මහතා විභාග කොමසාරිස් ජෙනරාල් ධූරයෙන් විශ්‍රාම යාම හේතුවෙනුයි එල් එම් ඩී ධර්මසේන මහතා එම ධූරයට පත් කෙරුණේ. අධ්‍යාපන අමාත්‍යාංශයේ සහකාර ලේකම් පාසල් කටයුතු වශයෙන් සේවය කරමින් සිටි එල් එම් ඩී ධර්මසේන මහතා පාසල් කිහිපයක විදුහල්පතිවරයෙකු ලෙසද කටයුතු කර තිබෙනවා. 1988 වසරේදී අධ්‍යාපන පරිපාලන සේවයට එක් වූ ඒ මහතා මීට පෙර සහකාර විභාග කොමසාරිස්වරයා වශයෙන්ද සේවය කළා. නව විභාග කොමසාරිස් ජෙනරාල් එල් එම් ඩී ධර්මසේන මහතා විභාග දෙපාර්තමේන්තුවේදී අද සිය රාජකාරි කටයුතු ආරම්භ කළේ එහි විසිවන කොමසාරිස් ජෙනරාල්වරයා ලෙසයි. රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

The post නව විභාග කොමසාරිස් රාජකාරි අරඹයි appeared first on ITN News.

Read More »

විදේශ ඇමති සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කාර්යභාර නිලධාරී අතර හමුවක්  

0 comments

ශ්‍රී ලංකා රජය සමඟ ද්විපාර්ශ්වික වෙළෙඳ සහ ආර්ථික සබඳතා වර්ධනය කර ගැනීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය කැමැත්ත පළ කළා. ඒ එරට කාර්යභාර නිලධාරී ඊබ්‍රහිම් අලි ඊබ්‍රහිම් අල් ගර්ගාවි මහතා විදේශ අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා හමු වූ අවස්ථාවේදීයි.

කලාපීය සහ බහුපාර්ශ්වික සංසදවලදී එක්සත් අරාබි එමීර් රාජ්‍යය ශ්‍රී ලංකාවට ලබා දුන් සහාය අමාත්‍ය ජී එල් පීරිස් මහතා මෙහිදී අගය කළා. ශ්‍රී ලංකාවට උප සභාපතිත්වය හිමි වූ ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයේ සාමාජික රටවල් අතර පවත්නා සහයෝගීතාවයේ වැදගත්කම මෙහිදී අවධාරණය කෙරුණා. ලබන මාසයේ අබුඩාබි හි දී පැවැත්වීමට නියමිත පස්වෙනි ඉන්දීයානු සාගර සමුළුව අතරතුර මෙම කරුණු පිළිබඳව තවදුරටත් සාකච්ඡා කිරිමට මෙහිදී එකඟතාව පළ වුණා.

 

 

 

The post විදේශ ඇමති සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කාර්යභාර නිලධාරී අතර හමුවක් appeared first on ITN News.

Read More »

Recent News

Gossip Lanka MAG