Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගෑස් සම්බන්ධ සිදුවීම් පිලිබඳ සොයා බැලීමට ජනපති නියමයෙන් කමිටුවක්  

Add comments

ගෑස් සම්බන්ධ සිදුවීම් පිලිබඳ සොයා බැලීමට ජනාධිපතිතුමාගේ නියෝගයෙන්  විශේෂ කමිටුවක් පත් කෙරෙනවා. එහි අවසන් වාර්තාව ලබන සිකුරාදා වන විට  ලබා දිය යුතු බවට ජනාධිපතිතුමා උපදෙස් ලබා දී ඇති බවයි රාජ්‍ය අමාත්‍ය ලසන්නත අලගියවන්න මහතා ප්‍රකාශ කළේ.

මේ අතර මෙම සිදුවීම් සම්බන්ධයෙන් විශේෂ උපදේශක සභාව රැස් කරන්නැයි අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කතානායකවරයාගෙන් ඉල්ලා සිටියා. ඒ අනුව හෙට පෙරවරුවේ එය රැස්වනු ඇති.

ජාතික පුවත්පතක් අද වාර්තා කර තිබුණේ ගෑස් සිලින්ඩර්වල, ප්‍රොපේන් අනුපාතය 49%ක් සහ බ්‍යුටේන් අනුපාතය 51%ක් දක්වා වෙනස් කර තිබීම නිසා ගෑස් සිලින්ඩර්වල හා ගෑස් ලිප් ගිනිගන්නා බවට සපුගස්කන්ද පිරිපහදු රසායනාගාරයේ පරික්ෂණවලදී තහවුරු වී ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් තහවුරුවී ඇති බවයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අප කල විමසීමකදී ඛණිජ තෙල් සංස්ථාවේ උසස් නිලධාරියෙකු සදහන් කලේ තම සංස්ථවේ රසායනාගාරයට අදාළ ගෑස් සාම්පල ලැබුණු අතර ඒවා සම්බන්ධ වාර්තාව පාරිභෝගික අධිකාරිය වෙත යොමු කර ඇති බවයි. ස්ථාන කිහිපයකදී ගෑස් සම්බන්ධ සිදුවීම් වාර්තාවීම පිලිබඳව අද පාර්ලිමේන්තුවේදීත් කතා බහට ලක් වුණා.

The post ගෑස් සම්බන්ධ සිදුවීම් පිලිබඳ සොයා බැලීමට ජනපති නියමයෙන් කමිටුවක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG