Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගෝලීය සංචාරක කර්මාන්තයට කොරෝනා නිසා ඩොලර් ට්‍රිලියන දෙකකට ආසන්න පාඩුවක්  

Add comments

කොරෝනා වයිරස ව්‍යාප්තිය හේතුවෙන් ගෝලීය සංචාරක කර්මාන්තයට මෙම වසර තුළදී පමණක් සිදුව ඇති පාඩුව ඇමරිකා ඩොලර් ට්‍රිලියන දෙකකට ආසන්න බව නවතම වාර්තාවක සදහන් වනවා.

කොරෝනා වයිරස ව්‍යාප්තිය හේතුවෙන් 2020 වසරේ ආරම්භයේ සිට ගෝලීය සංචාරක කර්මාන්තයට දැඩි බලපෑම් එල්ල වෙමින් පවතිනවා. වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යෑමත් සමග ලොව බහුතර රටවල් සංඛ්‍යාවක් තම දේශ සීමා වසා දැමීමට පියවර ගත්තා. ඒ හේතුවෙන් සංචාරක කර්මාන්තය සම්පූර්ණයෙන් ඇණහිටි අතර එය ජීවිකාව කරගත් මිලියන ගණනකට තම ආදායම් මාර්ග අහිමි වී ගියා. කොරෝනා වයිරසය හේතුවෙන් ලොව වැඩිම බලපෑමකට ලක්වූ කර්මාන්තය ලෙසයි සංචාරක කර්මාන්තය සැලකෙන්නේ. 2019 වසරේ දී ලොව පුරා ගුවන් ගමන් බිලියන එකයි දශම පහකට ආසන්න සංඛ්‍යාවක් සිදුව තිබෙනවා. එම සංඛ්‍යාව මෙම වසරේ දී 75% කින් පමණ පහළ බැස ඇති බවයි ලෝක සංචාරක සංවිධානය නිවේදනය කරන්නේ. කෙසේ වුවද ගෝලීය සංචාරක කර්මාන්තය නැවත වරක් යථා තත්ත්වයට පත් කිරීමට උත්සාහ කරමින් සිටින මොහොතක වයිරසයේ නව ප්‍ර භේද ව්‍යාප්ත වීම එයට දැඩි බලපෑමක් එල්ල කර තිබෙනවා.

 

 

The post ගෝලීය සංචාරක කර්මාන්තයට කොරෝනා නිසා ඩොලර් ට්‍රිලියන දෙකකට ආසන්න පාඩුවක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG