Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඔස්ට්‍රේලියා පාර්ලිමේන්තු සේවකයන් 3 දෙනෙකුගෙන් එක් අයෙක් ලිංගික අතවරයකට ලක්ව ඇති බව හෙළි වෙයි  

Add comments

ඔස්ට්‍රේලියා පාර්ලිමේන්තුවේ සෑම සේවකයන් තුන් දෙනෙකුගෙන් එක් අයෙක් ලිංගික අතවරයකට ලක්ව ඇති බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

ඔස්ට්‍රේලියා පාර්ලිමේන්තුවේ සේවයේ නිරතව සිටි බ්‍රිටනි හිගින්ස් නැමැත්තියගේ පැමිණිල්ලකට අනුව සිදු කළ ස්වාධීන පරීක්ෂණයකින් මෙම කරුණු අනාවරණය වී තිබෙනවා. පාර්ලිමේන්තුවේ ඇමතිවරයෙකුගේ කාර්යාලයේ සේවකයෙකු අතින් තමා දූෂණයට ලක්වූ බවයි ඇය සදහන් කරන්නේ.

එම සිද්ධිය ඔස්ට්‍රේලියාව තුළ මහත් ආන්දෝලනයට තුඩු දුන් අතර අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන්ගේ නියමයෙන් ඒ පිළිබද ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වුණා. අනාවරණය වූ කරුණු ඉතාමත් භයානක හා ලැජ්ජා සහගත බවයි අග්‍රාමාත්‍යවරයා නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරන්නේ.

එමෙන්ම එරට පාර්ලිමේන්තුවේ සේවකයින්ගෙන් 51% ක් ලිංගික හිරිහැර, ශාරීරික හිරිහැර, ලිංගික අතවර හෝ ලිංගික අතවරයක් සිදු කිරීමට උත්සාහ කිරීමට ලක්ව තිබෙන බවයි මෙම සමීක්ෂණයෙන් හෙළිව තිබෙන්නේ. කෙසේ වුවද ලිංගික අතවර සම්බන්ධයෙන් හෙළි කිරීමට ඔවුන් මැලිකමක් දැක්වීම මෙම කරුණු අනාවරණය නොවීමට හේතු වී තිබෙනවා. ලිංගික අතවර සම්බන්ධයෙන් පැමිණිලි සිදු කර ඇත්තේ කාන්තාවන් 11 දෙනෙක් පමණයි.

 

The post ඔස්ට්‍රේලියා පාර්ලිමේන්තු සේවකයන් 3 දෙනෙකුගෙන් එක් අයෙක් ලිංගික අතවරයකට ලක්ව ඇති බව හෙළි වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG