Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොරෝනා වෛරසයෙන් පීඩාවට පත්ව සිටින චීන ජනතාවට සෙත් පැතීමේ ආශිර්වාද පූජාවක්  

0 comments

කොරෝනා වෛරසයෙන් පීඩාවට පත්ව සිටින චීන ජනතාවට සෙත් පැතීමේ ආශිර්වාද පූජාවක් තිස්සමහාරාමයේදී පැවැත්වුණා.

ඒ වෙනුවෙන් ආශිර්වාද රථ පෙරහැර ආරම්භ කෙරුනේ තිස්සමහාරාම රජමහා විහාරස්ථානයෙන්. චීන ශ්‍රි ලංකා ආර්ථික වෙළද සහ සංස්කෘතික සහයෝගීතා කේන්ද්‍රයයි එය සංවිධාන කළේ.

තිස්සමහාරාම විහාරස්ථානයේදී මහා සංඝරත්නය සියක්නමක් සෙත් පිරිත් සඡ්ඣායනා කිරීමෙන් පසු රථපෙරහැර ගමන් ආරම්භ කළා. තිස්සමහාරාම රජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය දේවාලගම ධම්මසේන ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙනුයි එම කටයුතු සිදු කෙරුණේ. අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ඇතුළු විශාල පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා. පින්කම් මාලාවේ දෙවන දිනය වූ අද දිනයේ ආශිර්වාද රථ පෙරහැර කතරගම දක්වා ගමන් කළා.  කිරිවෙහෙර සහ කතරගම මහා දේවාලය වෙත ගොස් ආගමික වතාවත් සිදු කෙරුණා. කිරිවෙහෙර රජමහා විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය එම අවස්ථාවට වැඩම කර සිටියා. මෙම ආශිර්වාද රථ පෙරහැර දළදාමාලිගයට, අනුරාධපුර ශ්‍රී මහා බෝධියට සහ කැළණිය රජ මහා විහාරස්ථානයට ගමන් කිරීමට නියමිතයි.

මේ අතර කොරෝනා වෛරසයෙන් පීඩාවට පත්ව සිටින ලෝකවාසීන්ට ආශිර්වාද කිරීමේ පිරිත් සඡ්ඣායනයක් මහනුවර නාථ දේවාල පරිශ්‍රයේදී සිදු කෙරුණා. නාථ දේවාල විහාරාධිපති පූජ්‍ය ගොමගොඩ රථනසාර ස්වාමීන් වහන්සේගේ ආශිර්වාද මත මහනුවර නාථ දේවාල බස්නායක නිලමේ ගයාන් හීන්කෙන්ද මහතාගේ මෙහෙයවීමෙන් මෙම කටයුතු සංවිධාන කර තිබුණා. මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය පිරිත් සඡ්ඣායනය සදහා වැඩමකර සිටියා.

 

The post කොරෝනා වෛරසයෙන් පීඩාවට පත්ව සිටින චීන ජනතාවට සෙත් පැතීමේ ආශිර්වාද පූජාවක් appeared first on ITN News.

Read More »

රත්නපුර රෝහල ජාතික රෝහලක් බවට පත් කරනවා  

0 comments

කොළඹ ජාතික රෝහලට දෙවෙනි එකම රෝහල ලෙස රත්නපුර රෝහල/ ජාතික රෝහලක් බවට පත් කරන බව අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසනවා. ඊට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමට කටයුතු කර ඇති බවයි අමාත්‍යවරිය වැඩිදුරටත් පවසන්නේ.

රත්නපුර බටුගෙදර විද්‍යාලයේ පැවති සමාජ සත්කාරක වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරිය මෙම අදහස් පළකලා. ස්වයං රැකියාලාභීන්ට ආධාර ලබා දීමේ වැඩසටහන් රැසක් මෙහිදී ක්‍රියාවට නංවා තිබුණා.

 

 

 

The post රත්නපුර රෝහල ජාතික රෝහලක් බවට පත් කරනවා appeared first on ITN News.

Read More »

එජාපය හා ඔවුන් සමග සිටින අනෙකුත් පක්‍ෂ රට අගාධයට ගෙන ගියා  

0 comments

එක්සත් ජාතික පක්‍ෂය හා ඔවුන් සමග සිටින අනෙකුත් පක්‍ෂ ඇමෙරිකා අවශ්‍යතාව ඉටු කරමින් පසුගිය කාලය පුරා රට අගාධයට ගෙන ගිය බව උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහාචාර්ය තිස්ස විතාරණ මහතා පවසනවා.

ත්‍රිකුණාමල නගර සභාවේ පැවති ලංකා සම සමාජ පක්‍ෂයේ ත්‍රිකුණාමල දිස්ත්‍රික් සමුළුව අමතමින් තිස්ස විතාරණ මහතා මෙම අදහස් පළ කළා.

ලංකා සම සමාජ පක්‍ෂයේ ත්‍රිකුණාමල දිස්ත්‍රික් කාර්යාලය විවෘත කිරීම ද මීට සමගාමීව සිදුකෙරුණා.

 

The post එජාපය හා ඔවුන් සමග සිටින අනෙකුත් පක්‍ෂ රට අගාධයට ගෙන ගියා appeared first on ITN News.

Read More »

අකුරැස්ස කුඩා තේ වතු හිමියන්ට සහනාධාර සහ උපකරණ  

0 comments

පවතින ගැටලු විසඳමින් ඉහළ ආදායමක් ලැබිය හැකි මට්ටමට තේ කර්මාන්තය මේ වන විට පත්කර ඇති බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා. අකුරැස්ස කුඩා තේ වතු හිමියන්ට සහනාධාර සහ උපකරණ ලබා දීමේ අවස්ථාවට එක්වෙමින් ඒ මහතා මේ බව කියාසිටියා. රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා ද මෙහිදී අදහස් දැක්වූවා.

 

The post අකුරැස්ස කුඩා තේ වතු හිමියන්ට සහනාධාර සහ උපකරණ appeared first on ITN News.

Read More »

මැලේසියාවට නව අගමැතිවරයෙක්  

0 comments

මැලේසියාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස මුහිදීන් යාසීන් අද දිවුරුම් දුන්නා. ඔහුගේ දිවුරුම් දීමට පැයකට පෙර හිටපු අග්‍රාමාත්‍ය මහතීර් මොහොමඩ් මහතා සඳහන් කළේ පාර්ලිමේන්තුවේ බහුතර බලය ඇත්තේ තමන්ට බවයි.

තමන්ට පැහැදිලි ලෙස පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරුන් 114 දෙනෙකුට වැඩි දෙනෙකුගේ සහයෝගය ඇති බව ද ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කළා. කෙසේ වෙතත් 94 හැවිරිදි මහතීර් මොහොමඩ්ගේ පාලනය පකතාන් හරපන් දේශපාලන පක්ෂයේ දේශපාලනඥයන්ගේ දැඩි දෝෂ දර්ශනයට ලක්වුණා. මහතීර් මොහොමඩ් මහතාට විරෝධය පාමින් නව සන්ධානයක් පිහිටුවා ගැනීමට ද ඔවුන් පසුගිය සතියේදී උත්සාහ ගත්තා . මෙම තත්ත්වය යටතේ මහතීර් මොහොමඩ්ට අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමට සිදුවූ අතර බහුතරයකගේ කැමත්ත මත මොහිදීන් නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත්කිරීමට මැලේසියා රජු තීරණය කළා.

 

 

The post මැලේසියාවට නව අගමැතිවරයෙක් appeared first on ITN News.

Read More »

ගැබිණි මාතාවන් වෙනුවෙන් සිදුකළ අපූරු දානමය පින්කමක්  

0 comments

දානමය පුණ්‍යකර්ම සිදුකිරීමට බෞද්ධයින් සෑම අවස්ථාවකදීම කටයුතු කරන්නේ එය උතුම් පුණ්‍යකර්මයක් බව මෙනෙහි කරමින්. ගැබිණි මාතාවන් වෙනුවෙන් සිදුකළ අපූරු දානමය පින්කමක් හපුතලේගම ප්‍රදේශයේදි දැකගත හැකිවුණා.

ගර්භනී මව්වරුන් හැට දෙනෙකු වෙනුවෙන් මෙම දානය පිරිනැමුණේ හපුතලේගම ශ්‍රී බිම්බාරාම විහාරස්ථානයේදීයි. එම මව්වරුන්ගේ ශරීර බරට සමාන බරින් යුත් පෝෂ්‍යදායක ආහාර මළු ඇතුළු බොහෝ උපකරණ මෙහිදී පිරිනැමුණා. විහාරාධිපති ඌව පළාතේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය හපුතලේ බුද්ධානන්ද ස්වාමීන් වහන්සේගේ මෙහෙයවීමෙනුයි මෙම මාහැගි පුණ්‍යකර්මය සංවිධාන කර තිබුණේ. මහා සංඝරත්නය ද / රාජ්‍ය නිලධාරීන් ඇතුළු බොහෝ පිරිසක් ද මෙම පින්කමට එක්ව සිටියා.

The post ගැබිණි මාතාවන් වෙනුවෙන් සිදුකළ අපූරු දානමය පින්කමක් appeared first on ITN News.

Read More »

කොරෝනා නිසා වායු දූෂණය අඩු වේ  

0 comments

COVID-19 හෙවත් කොරෝනා වෛරසය නිසා වායු දූෂණය පහත වැටී ඇති බව නාසා ආයතනය සිදු කළ පරීක්ෂණයකින් පෙනී ගොස් තිබෙනවා.

චීනයේ කාර්යබහුල නගර ගණනාවක් නිරෝධායනයට ලක්කිරීම නිසා රථවාහන ධාවනය, කර්මාන්ත ශාලා පවත්වාගෙන යාම ඇතුළු මිනිස් ක්‍රියාකාකරම් අවම වීමෙන් වායු දූෂණය අඩුවී ඇති බවයි නාසා ආයතනය චන්ද්‍රිකා තාක්ෂණය භාවිත කරමින් සිදු කළ පරික්ෂණයකදී පෙනී ගොස් ඇත්තේ.

මේ සඳහා යුරෝපා අභ්‍යවකාශ ඒජන්සියේ සහයෝගය ද ලැබී තිබෙනවා. චීනයේ නගර කිහිපයක් මාස දෙකකට ආසන්න කාලයක් වසා දමා තිබෙන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ. COVID-19 වෛරසය චීනයේ හුබෙයි ප්‍රාන්තයෙන් ආරම්භ වූ අතර මේ වන විට ලෝකයේ රටවල් 61කට අධික සංඛ්‍යාවකට ව්‍යාප්ත වී තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. අවදානම් තත්ත්වය උපරිම මට්ටමකට පැමිණ ඇති බවයි. COVID-19 වෛරසය නිසා මරණයට පත්වූ පුද්ගලයන්ගේ සංඛ්‍යාව 2979ක්. අසාදනයට ලක්වූවන්ගේ සංඛ්‍යාව 86529ක් වන අතර 41958 දෙනෙකු  සුවවී තිබෙනවා.

චීනයට පසු COVID-19 වෛරසය ආසාදනයෙන් වැඩිම පිරිසක් මිය ගොස් ඇත්තේ ඉරානයෙන්. ඒ මරණ 43ක්. චීනයට පසු වැඩිම ආසාදිතයන් පිරිසක් වාර්තා වන්නේ දකුණු කොරියාවෙන්. ඒ ආසාදිතයන් 3526ක්. දකුණු කොරියාවේ කොවිඩ් නයින්ටීන් මරණ 17ක්ද වාර්තා වුණා. ඇමෙරිකා එක්සත් ජනපදයේද පළමුවරට COVID-19 වෛරසය ආසාදනය වූවෙකු මිය ගොස් තිබෙනවා. මේ හේතුවෙන් සංචාරක සීමා පැනවීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගත්තා. විශේෂයෙන් ඉරානයෙන් ඇමෙරිකාවට  පැමිණෙන පුද්ගලයින් සංඛ්‍යාව සීමා කොට ඇති අතර COVID-19 වෛරසය ව්‍යාප්ත වී ඇති රටවල සංචාරය නොකරන ලෙසයි ඇමෙරිකානුවන්ට දැනුම් දී ඇත්තේ.  ඕස්ට්‍රේලියාවේද COVID-19 වෛරසය අසාදනය වූ පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. ඒ ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ සිට රැගෙන ආ 78 හැවිරිදි පුද්ගලයෙකුයි.

 

The post කොරෝනා නිසා වායු දූෂණය අඩු වේ appeared first on ITN News.

Read More »

ඇමෙරිකාව සහ තලෙයිබාන් සංවිධානය අතර ඓතිහාසික සාම ගිවිසුමක්  

0 comments

ඇමෙරිකාව සහ ඇෆ්ගනිස්ථානයේ තලෙයිබාන් සංවිධානය අතර ඓතිහාසික සාම ගිවිසුම ඊයේ අත්සන් කළා.

කටාර් රාජ්‍යයේ දෝහා අගනුවරදී මෙම ගිවිසුම අත්සන් කෙරුණේ. ඒ අනුව මාස 14ක කාලයක් ඇතුළත ඇෆ්ගනිස්ථානයේ සිටින ඇමෙරිකා සහ නේටෝ සංවිධානයේ ආරක්ෂක අංශ ඉවත් කිරීම සිදු කෙරෙනු ඇති. එමෙන්ම දින 135ක් ඇතුළත ඇෆ්ගනිස්ථානයේ සිටින ඇමෙරිකා හමුදා නිලධාරීන් දහතුන් දහසෙන් අටදහස් හයසීයක් ඉවත් කර ගැනීමට නියමිතයි. එමෙන්ම ඇමෙරිකාව අත්අඩංගුවට ගෙන සිටින තලෙයිබාන් සංවිධානයේ සමාජිකයින් දහසක් මෙම අගෝස්තු මාසයේදී නිදහස් කිරීම ද මෙම ගිවිසුම හරහා සිදුවනවා. මෙහි සාක්ෂි කරුවන් ලෙස සහභාගී වුණේ ඇමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ සහ කටාර් රාජ්‍යයේ විදේශ අමාත්‍ය ශෙයික් මොහොමඩ් බින් අල්තානි විසිනුයි.

 

 

 

The post ඇමෙරිකාව සහ තලෙයිබාන් සංවිධානය අතර ඓතිහාසික සාම ගිවිසුමක් appeared first on ITN News.

Read More »

ඇමෙරිකාවෙන් පළමු COVID-19 වෛරස් මරණ වාර්තා වෙයි  

0 comments

COVID-19 හෙවත් කොරෝනා වෛරසයට ගොදුරු වීමෙන් පළමු වරට ඇමෙරිකාවේදී රෝගියෙකු මිය ගොස් තිබෙනවා.

ඇමෙරිකාවේ වොෂින්ටනයේදී මෙම ඇමෙරිකානු ජාතිකයා මිය ගිය බව එරට බලධාරීන් තහවුරු කර තිබෙනවා.ඔහු 50 හැවිරිදි වියේ පසුවන අයෙකු බවයි එම බලධාරීන් සඳහන් කළේ. කෙසේ වෙතත් ඔහුට වෛරසය ආසාදය වූ ආකාරය පිළිබඳව පැහැදිලි නොමැති බවයි වොෂින්ටන් සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ. මේ වන විට ඇතිව තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් ජනතාවට කලබල නොවන ලෙසට ද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඕනෑම තත්ත්වයකට මුහුණ දීමට ඇමෙරිකාව සූදානම් බවද ට්‍රම්ප් ජනාධිපතිවරයා සඳහන් කරනවා.

 

 

 

 

The post ඇමෙරිකාවෙන් පළමු COVID-19 වෛරස් මරණ වාර්තා වෙයි appeared first on ITN News.

Read More »

කැලිඩෝ වෙරළ තීරය යළි සකස් කිරීම ඇරඹෙයි  

0 comments

මුහුදු ඛාදනයට ලක්ව විනාශයට පත්වූ කළුතර කැලිඩෝ වෙරළ තීරය යළි සකස් කිරීම අද (29) ඇරඹුනා.

මෙම ව්‍යාපෘතිය සදහා රුපියල් මිලියන 889ක මුදලක් වැය වන බවයි රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා සදහන් කළේ. වැලි ඝන මීටර් ලක්ෂ 3ක් යොදා ගනිමින් මීටර දහසක් දිග වැලි පරයක් මෙහිදී නිර්මාණය කෙරෙනවා.

පසුගිය රජය ක්‍රියාත්මක කළ අකාර්යක්ෂම වැඩපිළිවෙල නිසා අතිරේක පිරිවැයක් මේ සදහා වැය වූ බවයි ජයන්ත සමරවීර මහතා පෙන්වා දුන්නේ.

 

 

 

The post කැලිඩෝ වෙරළ තීරය යළි සකස් කිරීම ඇරඹෙයි appeared first on ITN News.

Read More »

සිරියාවෙන් පලා එන සරණාගතයන්ට තුර්කියෙන් ආරක්‍ෂාව නොදීමට තීරණය කරයි  

0 comments

යුරෝපය කරා ගමන් කරන සරණාගතයන්ට ඒ සඳහා අවස්ථාව ලබාදෙන බව තුර්කි ජනාධිපති රෙසෙප් එර්දගන් පවසනවා.

සිරියාවෙන් පලා එන සරණාගතයන් සඳහා ආරක්‍ෂාව ලබා දීමට තම රජය තවදුරටත් කටයුතු නොකරන බවයි එර්දගන් ජනාධිපතිවරයා සඳහන් කළේ. යුරෝපා සංගමය තම පොරොන්දු නිසි පරිදි ඉටු නොකිරීම නිසා මෙම ක්‍රියාමාර්ගය ගත් බව ද ඔහු කියාසිටියා. තුර්කියේ සිට යුරෝපයට සංක්‍රමණය වීමට මේ වන විට තිස්දහසකට ආසන්න පිරිසක් සූදානමින් සිටිනවා. ඔවුන් තුර්කි ග්‍රීක දේශ සීමාවෙන් යුරෝපා සංගමයට ඇතුලු වීමට උත්සාහ ගන්නා බව සඳහන්. එසේ උත්සාහ ගත් පිරිසකට ග්‍රීක පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් ද එල්ල කර තිබෙනවා.

 

 

 

 

 

 

 

The post සිරියාවෙන් පලා එන සරණාගතයන්ට තුර්කියෙන් ආරක්‍ෂාව නොදීමට තීරණය කරයි appeared first on ITN News.

Read More »

ඉරානයේ සිට පැමිණෙන විදේශිකයින්ට ඕස්ටේ‍්‍රලියාවට ඇතුලු වීමට අවසර නැහැ  

0 comments

ඉරානයේ සිට පැමිණෙන සියලුම විදේශිකයින්ට ඕස්ටෙ‍්‍රිිලියාවට ඇතුලු වීමට අවසර ලබා නොදෙන බව ඕස්ටෙ‍්‍රිලියා සෞඛ්‍ය අමාත්‍ය ග‍රේග් හන්ට් ප‍්‍රකාශ කර තිබෙනවා.

ඉරානයේ සිට පැමිණෙන්නේ නම් වෙනත් රටක දින 14 ක් ගත කර ඕස්ටෙ‍්‍රිලියාවට පැමිණිය හැකි බවටයි එරට සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේ. තීරණයට එලැබ ඇත්තේ වෛරසය ශරීරගත වුවද එක්වරම හදුනාගත නොහැකි ආසාධියන් රැසක් හමුවීම හේතුවෙන්.

ඉරානයේ සංචාරය කිරීමෙන් වැලැකී සිටින ලෙසට සියලු ඕස්ටෙ‍්‍රිලියානුවන්ට උපදෙස් ලබා දී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

 

The post ඉරානයේ සිට පැමිණෙන විදේශිකයින්ට ඕස්ටේ‍්‍රලියාවට ඇතුලු වීමට අවසර නැහැ appeared first on ITN News.

Read More »

බිග්මැච් රථ පෙළපාලිවලදී නීතිගරුක වන ලෙස පොලිසිය සිසුන්ට දැනුම් දෙයි  

0 comments

බිග්මැච් හෙවත් අන්තර් පාසල්  මහා ක්‍රිකට් තරගවලට සමගාමීව පැවැත්වෙන රථවාහන පෙළපාලිවලදී නීතිගරුක වන ලෙස පොලිසිය සිසුන්ට දැනුම් දෙනවා.

අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලිවලදි කටයුතු කළ යුතු ආකාරය පිළිබද දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයක් අධ්‍යාපන අමාත්‍යාංශයේදී පැවැත්වුණා. රථවාහන පෙලපාලිවලදී විනීතව කටයුතු කළ යුතු අතර ජනතාව අපහසුතාවට පත්වන අයුරින් කටයුතු කරන්නේ නම් නීතිමය පියවර ගැනීමට සිදුවන බවයි පොලිසිය මෙහිදී සදහන් කළේ. බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ මෙහෙයවීමෙනුයි මෙය සංවිධාන කර තිබුණේ.

 

The post බිග්මැච් රථ පෙළපාලිවලදී නීතිගරුක වන ලෙස පොලිසිය සිසුන්ට දැනුම් දෙයි appeared first on ITN News.

Read More »

පැරිස් නුවර දුම්රිය ස්ථානයක ගින්නක්  

0 comments

ප්‍රංශයේ පැරිස් නුවර දුම්රිය ස්ථානයක විශාල ගින්නක් හටගත්තා.

ගෙයාඩිලියෝන් දුම්රිය ස්ථානය ආසන්නයේ පැවති විරෝධතාවකදී මෙම ගින්න හටගෙන ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ. විරෝධතාකරුවන් අසල තිබූ කසළ බඳුන් හා යතුරු පැදි කිහිපයකට ගිනි තබා ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස ගින්න පැතිර ගොස් තිබෙනවා. පොලීසිය සඳහන් කළේ ගින්න පාලනය කිරීමට මේ වන විට හැකිව ඇති බවයි. දුම්රිය ස්ථානයේ විශාල දුමක් ඇති වූ අතර ගමනාගමන කටයුතුවලට බාධා එල්ල වුණා.

 

 

 

 

The post පැරිස් නුවර දුම්රිය ස්ථානයක ගින්නක් appeared first on ITN News.

Read More »

අන්තවාදීන් ගැන පා.ම විජයදාස ජනාධිපති කොමිසමට කරුණු හෙලිකරයි  

0 comments

පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් පරික්ෂණ සිදුකරන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර විජයදාස රාජපක්ෂ මහතා සාක්ෂි ලබාදුන්නා.

පියවර හතරක් යටතේ අන්තවාදය කි‍්‍රයාත්මක කිරීමට අන්තවාදීන් සැලසුම් කර තිබූ බවයි ඒ මහතා කොමිසම හමුවේ පෙන්වාදුන්නේ. එහි පළමු පියවර ලෙස හලාල් හදුන්වාදීමත්, දෙවන පියවර ලෙස කාන්තාවන්ට මුහුණු ආවරණය කිරීමට උපදෙස් ලබාදීම සිදුකර තිබෙනවා. තුන්වන පියවර ලෙස ශරියා නීතිය කි‍්‍රයාත්මක කිරීම සහ හතර වන පියවර ලෙස අරාබි භාෂාව හදුන්වාදීම එහිදී සිදුවූ බවයි විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කළේ.

මේ සඳහා දේශපාලන මැදිහත්විම් සිදුවූ බව ද ඔහු ප‍්‍රකාශ කළා. ඇතැම් විදේශයන් මගින් මූල්‍යාධාර එම අන්තවාදී සංවිධාන සහ පුද්ගලයන්ට ලබාදී තිබෙනවා. පවුල් හතරක සාමාජිකයන් සිරියාවේදී පුහුණුව ලබා ඇති බව ද විජයදාස රාජපක්ෂ මහතා කොමිසම හමුවේ ප‍්‍රකාශ කළා.

 

The post අන්තවාදීන් ගැන පා.ම විජයදාස ජනාධිපති කොමිසමට කරුණු හෙලිකරයි appeared first on ITN News.

Read More »

හැරී කුමරුට හා මේගන් කුමරියට ලබන මාසයේ සිට ආරක්‍ෂාව නොදීමට කැනඩාව තීරණය කරයි  

0 comments

හැරී කුමරු හා මේගන් කුමරිය වෙනුවෙන් ලබන මාසයේ සිට තවදුරටත් ආරක්‍ෂාව ලබා නොදෙන බව කැනඩා රජය පවසනවා.

සසෙක්ස් හි ආදිපාදවරයා හා ආදිපාදවරිය වන හැරී කුමරු හා මේගන් කුමරිය පසුගිය නොවැම්බරයේ සිට ජීවත් වන්නේ බ්‍රිටිෂ් කොලොම්බියා හි මන්දිරයකයි. ඔවුන් රාජකීය නිලතලවලින් ඉල්ලා අස්වීමත් සමග රාජ්‍ය මට්ටමින් ආරක්‍ෂාව සැපයීමට නොහැකි බවයි කැනඩා රජය කියා සිටියේ. ඔවුන් දෙදෙනාට මේ වන විට කැනඩා පොලීසියේ ආරක්‍ෂාව හිමිවනවා.

 

 

 

 

The post හැරී කුමරුට හා මේගන් කුමරියට ලබන මාසයේ සිට ආරක්‍ෂාව නොදීමට කැනඩාව තීරණය කරයි appeared first on ITN News.

Read More »

රට සංවර්ධිත රාජ්‍යයක් බවට පත් කිරීම රජයේ අපේක්‍ෂාවයි  

0 comments

නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කර රට සංවර්ධිත රාජ්‍යයක් බවට පත් කිරීම රජයේ අපේක්‍ෂාව බව අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා.

බලංගොඩ කුලරත්න විද්‍යාලයේ නිවාසාන්තර මළල ක්‍රීඩා උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමිනුයි ඒ මහතා මේ බව කියාසිටියේ. පාසල් අධ්‍යාපනයෙන් පසු වෘත්තීය අධ්‍යාපනයට දරුවන් යොමු කර සහජ කුසලතා ඇති අයට ජීවිතය ජය ගැනීමට මග හෙළි කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළා.

The post රට සංවර්ධිත රාජ්‍යයක් බවට පත් කිරීම රජයේ අපේක්‍ෂාවයි appeared first on ITN News.

Read More »

ආණ්ඩුවක් පිහිටුවන්න මහසෝනා එක්ක වුනත් එකතු වෙනවා  

0 comments

ආණ්ඩුවක් පිහිටුවීමට මහසෝනා සමග වුව ද එක්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රි පී හැරිසන් මහතා පවසනවා.

අනුරාධපුරයේදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා.

 

 

The post ආණ්ඩුවක් පිහිටුවන්න මහසෝනා එක්ක වුනත් එකතු වෙනවා appeared first on ITN News.

Read More »

මොරටුව විශ්වවිද්‍යාලයේ සිසුන් තුන්දෙනෙකුගෙන් ජංගම රෝග නිරීක්ෂණ ඇඳක්  

0 comments

මොරටුව විශ්වවිද්‍යාලයේ සිසුන් තුන්දෙනෙකු අංග සම්පූර්ණ ජංගම රෝග නිරීක්ෂණ පහසුකම් සහිත ඇදක් නිර්මාණයකර තිබෙනවා.

මොරටුව විශ්වවිද්‍යාලයේ යාන්ත්‍රික් ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ මෙකාට්රොනික් අංශයේ මනුක සූරියගේ, බුද්ධික ප්‍රභාත් සහ කවිදු ප්‍රභාත් යන සිසුන්ගේ මෙහෙයවීමෙනුයි මෙම ඇද නිර්මාණය කර ඇත්තේ. රෝගියාට ගැලපෙන ආකාරයේ හෝ ප්‍රතිකාරවලට ගැලපෙන ආකාරයේ ඕනෑම ඉරියව්වකට සැකසිය හැකි අයුරින් මෙම ඇද නිර්මාණයකර තිබෙනවා. මෙම පද්ධතිය රෝද පුටුවක්, ට්‍රොලියක් හා ඇදක් ලෙස භාවිත කිරීමට හැකිවීම විශේෂත්වයක්. ඊසීජී දත්ත, රුධිරයේ ඔක්සිජන් තත්ත්වය, රුධිර පීඩනය වැනි තීරණාත්මක දත්ත පසු ප්‍රයෝජනය සදහා අන්තර්ජාලයේ ගබඩා කිරීමට ද මෙහි පහසුකම් තිබෙනවා.

 

The post මොරටුව විශ්වවිද්‍යාලයේ සිසුන් තුන්දෙනෙකුගෙන් ජංගම රෝග නිරීක්ෂණ ඇඳක් appeared first on ITN News.

Read More »

ජනපතිටත් ආණ්ඩුවටත් වැඩ කළ හැකි පාර්ලිමේන්තුවක් පත්කර ගන්න  

0 comments

ජනාධිපතිවරයාට හා ආණ්ඩුවට වැඩ කළ හැකි පාර්ලිමේන්තුවක් ඉදිරි මහ මැතිවරණයෙන් පත් කර ගත යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ගාල්ල ප්‍රදේශයේ පැවති උත්සව කිහිපයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා.

පූජ්‍ය ලේල්වල සුමේධ ස්වාමීන් වහන්සේට ගාලු පළාතේ අධිකරණ සංඝනායක පදවිය පිරිනැමීම වෙනුවෙන් අක්තපත්‍ර ප්‍රදානෝත්සවය පැවැත්වුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. බුදු දහම පෝෂණය කිරීම ව්‍යවස්ථාවෙන්ම රජයට පැවරෙන වගකීමක් වුවද පසුගිය රජය එය පැහැර හැරි බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී කියා සිටියා. මහා සංඝරත්නය, මැති ඇමතිවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා.

බද්දේගම ප්‍රාදේශීය සභාවේ නව ගොඩනැගිල්ල සහ ආයුර්වේද මධ්‍යස්ථානය විවෘත කිරීමද අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ව්‍යාපෘතිය සඳහා රුපියල් කෝටි හයකට අධික මුදලක් වැය කර තිබෙනවා. ප්‍රාදේශීය දේශපාලනඥයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා.

බද්දේගම අම්පේගම ක්ෂේත්‍රරාම පුරාණ විහාරස්ථානයේ ඉදිකළ දෙමහල් පුස්තකාල ගොඩනැගිල්ල විවෘත කිරීම සිදු වුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. පසුගිය කාලයේ පිරිහීමට ලක් වූ අධ්‍යාපනය හා ආර්ථිකය යලි ගොඩනැගීම මේ වන විට ආරම්භ කර ඇති බව අග්‍රාමාත්‍යවරා මෙහිදී කියා සිටියා. විහාරාධිපති පූජ්‍ය වෙරගොඩ වජිරබුද්ධි ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි මෙම ගොඩනැගිල්ල ඉදිකර තිබෙනවා.

The post ජනපතිටත් ආණ්ඩුවටත් වැඩ කළ හැකි පාර්ලිමේන්තුවක් පත්කර ගන්න appeared first on ITN News.

Read More »

කොරෝනා වෛරසයෙන් මියගිය සංඛ්‍යාව 2923 දක්වා ඉහළට  

0 comments

ලොව පුරා දහස් ගණනකට ආසාදනය වූ කොවිඩ් නයින්ටීන් හෙවත් කොරෝනා වෛරසය මිනිස් සිරුරට මුලින් ඇතුළුවී ඇත්තේ සතුන් මාර්ගයෙන් බවට විද්‍යාඥයින් සැක පළකරනවා. මෙම වෛරසයේ අවදානම ඉහළ මට්ටමකට පැමිණ ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ.

ඇන්ටාක්ටිකාව හැරුණුවිට අනෙකුත් මහද්වීප සියල්ලටම වෛරසයේ බලපෑම එල්ලවී තිබෙනවා. කොරෝනා වෛරසයෙන් මියගිය සංඛ්‍යාව 2923 දක්වා ඉහළ ගොස් ඇති අතර වාර්තාවී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 85,176 ක්. වෛරසයට ගොදුරු වූ 39,332 නෙකු සුවය ලබා ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. වෛරසය මැඩපැවැත්වීමට ඇති විශාලතම අභියෝගය අනිසි භිය හා අසත්‍ය තොරතුරු බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රස් ඇඩනම් පවසනවා. රටවල් 50 කට වැඩි සංඛ්‍යාවකට වෛරසය ව්‍යාප්තවී ඇති අතර දකුණු කොරියාවෙන් වාර්තාවී ඇති මරණ සංඛ්‍යාව 16 ක්. ආසාදිතයින් 2931 දෙනෙකු ද සොයාගෙන ඇති අතර ගතුවූ පැය 24 තුළ නව කොරෝනා ආසාදිතයින් 594 දෙනෙකු වාර්තා වූ බවයි කොරියා බලධාරීන් ප්‍රකාශකර ඇත්තේ.

ජපානයේ යොකොහමා වරායේ නිරෝධායනය කර ඇති ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ සිටි බ්‍රිතාන්‍ය ජාතිකයෙකු කොරෝනා හේතුවෙන් ජීවිතක්ෂයට පත්වුණා. ඒ අනුව එම නෞකාවේ පුද්ගලයින් හය දෙනෙකු මෙසේ මියගොස් තිබෙනවා. ඉරානයේ කොරෝනා වෛරසය හේතුවෙන් සිදුවූ පුද්ගල මරණ සංඛ්‍යාව 210 ක්. වෛරසය පැතිර යාමත් සමග චීනයේ ආහාර පුරුදු පිළිබදව ද දැඩි කතාබහක් ඇතිවී තිබෙනවා. සුනඛ සහ බළල් මාංශ පරිභෝජනය තහනම් කරමින් චීනය නව රෙගුලාසි හදුන්වා දී ඇති බව සදහන්.

ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ කොරෝනා වෛරසය මුලින්ම පැමිණෙන්නට ඇත්තේ වව්ලන්ගේ සිරුරෙන් බවයි. වෛරසය සෘජුව මිනිස් සිරුරට ආසාදනයවන්නට පෙර අතරමැදි සත්වයෙකු සිටින්නට ඇති බවට සැක පළකරනවා. එම සත්වයා කවරෙක්ද යන්න තවමත් තහවුරුවී නැති බවයි විශේෂඥයින් පෙන්වා දී ඇත්තේ.

මේ අතර අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අසනීප තත්ත්වයෙන් පසුවීම පිළිබදව ද විවිධ වාර්තා පලවී තිබෙනවා. අලු බදාදා දින දේව ආශිර්වාදයට මුහුණු ආවරණයක් පැළදීමකින් තොරව සහභාගිවීමෙන් පසු උන්වහන්සේ රෝගී තත්ත්වයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාකර තිබෙන්නේ.

මෙම වාර්තා ප්‍රතික්ෂේපකරන වතිකාන නිලධාරීන් පාප් වහන්සේ අසනීප තත්ත්වයෙන් පසුවීම නිසා දේව මෙහෙයන්ට සහභාගිවීමෙන් වැළකී සිටින බව ප්‍රකාශකර තිබෙනවා.

 

 

 

The post කොරෝනා වෛරසයෙන් මියගිය සංඛ්‍යාව 2923 දක්වා ඉහළට appeared first on ITN News.

Read More »

දින 21 ක් ඇතුළත මැණික් ගැරීමේ බල පත්‍ර  

0 comments

දින 21 ක් ඇතුළත මැණික් ගැරීමේ බල පත්‍ර නිකුත් කිරීමට අවශ්‍ය ක්‍රමවේදය සකසන බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා.

රත්නපුර දිස්ත්‍රික් මැණික් හා හරිත සංගමයේ තුන්වන සංවත්සර උත්සවයට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියාසිටියා. මැණික් සංස්ථාවේ සභාපති අමිත ගමගේ මහතා ඇතුළු පිරිසක් මීට එක්ව සිටියා.

 

 

 

 

The post දින 21 ක් ඇතුළත මැණික් ගැරීමේ බල පත්‍ර appeared first on ITN News.

Read More »

රාජ්‍ය සේවය ජනතා සේවයක්  

0 comments

රාජ්‍ය සේවය ජනතා සේවයක් මිස රැකියා උත්පාදනය කරන තැනක් නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා පවසනවා. පාර්ලිමේන්තුවේ අද පැවති සම්මාන ප්‍රදානෝත්සවයකදී ජනාධිපතිතුමා මේ බව කියාසිටියා.

පාර්ලිමේන්තුවේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව 2018 වසරේ මූල්‍ය පාලන නීතිරීති හා රෙගුලාසිවලට අනුගතවීමේදී කාර්යසාධනය පිළිබඳ සතුටුදායක ප්‍රතිඵල පෙන්වූ ආයතන ඇගයීම ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා. රාජ්‍ය , පළාත් සභා මෙන්ම පළාත් පාලන යන ක්ෂේත්‍රවලට අදාළ ආයතන 844 ක් මෙහිදී ඇගයීමට ලක්වුණා. මේ අතුරින් ආයතන 55 කට රන් සම්මාන හිමිවුණා. රිදී සම්මාන 23 ක් හා සම්මාන සහතික 31 ක් පිරිනමා තිබෙනවා.

 

The post රාජ්‍ය සේවය ජනතා සේවයක් appeared first on ITN News.

Read More »

ජපානයේ සහ හොංකොං හි පාසල් නිවාඩුව අප්‍රේල් 20 දක්වා දීර්ඝ කිරීමට අවාධානය  

0 comments

ජපානයේ සහ හොංකොං හි පාසල් නිවාඩුව අප්‍රේල් 20 දක්වා දීර්ඝ කිරීමට අවාධානය යොමුව තිබෙනවා.

ඒ කොවිඩ් නයිටීන් හෙවත් කොරෝනා වෛරසය පැතිරයාමේ අවදානම ඉහළ යාමත් සමඟ. සති දෙකකින් නැවත පාසල් විවෘත කිරීමේ දිනය සම්බන්ධයෙන් සමාලෝචනයක් සිදුකිරීමයි සැලසුම.

වෛරසය ව්‍යාප්තිය තවදුරටත් ඉහළ ගිය හොත් පාසල් නිවාඩුව අප්‍රේල් 20 දක්වා කි‍්‍රයාත්මක වන බව බලධාරින් ප‍්‍රකාශ කළා. දෙමාපියන් මෙම තීරණය සම්බන්ධයෙන් සිය විරෝධය ප‍්‍රකාශ කර තිබෙනවා.

දරුවන්ගේ අධ්‍යාපනය සඳහා විධිමත් වැඩපිළිවෙලක් සකස් කළයුතු බවයි ඔවුන් පෙන්වාදෙන්නේ. ඉතාලිය ද පාසල් රැසක් වසාදැමීමට බලධාරීන් කටයුතු කළා.

 

The post ජපානයේ සහ හොංකොං හි පාසල් නිවාඩුව අප්‍රේල් 20 දක්වා දීර්ඝ කිරීමට අවාධානය appeared first on ITN News.

Read More »

වස විසෙන් තොර පාරම්පරික වී වගාව ප‍්‍රවර්ධනය කිරීමේ නියමු ව්‍යාපෘතියක් සඳහා කැබිනට් අනුමැතිය  

0 comments

වස විසෙන් තොර පාරම්පරික වී වගාව ප‍්‍රවර්ධනය කිරීමේ නියමු ව්‍යාපෘතියක් සඳහා කැබිනට් අනුමැතිය හිමිවුණා.

හෙල සුවය වැඩසටහන යටතේ අක්කර දස දහසක වපසරියක් අස්වැද්දවීමයි සැලසුම. ඒ ගොවීන් දෙදහසකගේ සහභාගීත්වයෙන්. නියමු ව්‍යාපෘතිය අනුරාධපුර රාජාංගනය කේන්ද්‍ර කරගනිමින් කි‍්‍රයාත්මක කරනවා.

පාරම්පරික වී ප‍්‍රභේද රසායනික පොහොර හා කෘමිනාශක භාවිතයෙන් තොරව වගා කිරීමයි සැලසුම. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද ඊට දායකත්වය ලබාදෙනවා.

 

The post වස විසෙන් තොර පාරම්පරික වී වගාව ප‍්‍රවර්ධනය කිරීමේ නියමු ව්‍යාපෘතියක් සඳහා කැබිනට් අනුමැතිය appeared first on ITN News.

Read More »

තලෙයිබාන් සංවිධානය සහ ඇමෙරිකාව අතර සාම ගිවිසුමට අද අත්සන් තැබේ  

0 comments

වසර 18කට වැඩි කාලයක් පැවති යුද්ධය නිමා කරමින් තලෙයිබාන් සංවිධානය සහ ඇමෙරිකාව අතර සාම ගිවිසුම අද අත්සන් කිරීමට නියමිතයි.

ඇෆ්ගනිස්ථානයේ තාලෙයිබාන් සංවිධානය සහ ඇමෙරිකාව අතර මෙම ගිවිසුම දෝහා කටාර් රාජ්‍යයේ දී අත්සන් කෙරෙණු ඇති. ගිවිසුම අත්සන් කිරීම සඳහා ඇමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ සහභාගි වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම සාම ගිවිසුමෙන් ඇෆ්ගනිස්ථානයේ සිටින ඇමෙරිකා හමුදා නිලධාරීන් දහතුන්දහසෙන් නිලධාරීන් 8,500ක් ඉවත් කරගැනීමට නියමිතයි.

 

 

 

 

The post තලෙයිබාන් සංවිධානය සහ ඇමෙරිකාව අතර සාම ගිවිසුමට අද අත්සන් තැබේ appeared first on ITN News.

Read More »

දුම්රිය සේවය නිසි කළමනාකරණයකට ලක්කළ යුතුයි  

0 comments

දුම්රිය සේවය නිසි කළමනාකරණයකට ලක්කළ යුතු බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයින් පිරිසකට ස්ථිර පත්වීම් ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

2013 හා 2014 වසරවල සිට අනියම් සේවකයින් ලෙස රාජකාරි කළ සේවකයින් 1200 දෙනෙකුට මෙහිදී ස්ථිර පත්වීම් ලිපි ප්‍රදානය කෙරුණා. දුම්රිය මූලස්ථාන ශ්‍රවණාගාරයේ පැවති වැඩසටහනට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමීන් වහන්සේ මෙන්ම රාජ්‍ය අමාත්‍ය සී බී රත්නායක,  දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.

 

 

The post දුම්රිය සේවය නිසි කළමනාකරණයකට ලක්කළ යුතුයි appeared first on ITN News.

Read More »

පාකිස්තානයේ දුම්රියක් සහ බස් රථයක් ගැටීමෙන් 20 දෙනෙකු ජීවිතක්ෂයට  

0 comments

පාකිස්තානයේ දුම්රියක් සහ බස් රථයක් ගැටීමෙන් පුද්ගලයින් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පාකිස්තානයේ කරච්චි නුවරට කිලෝමීටර් 500 ක් දුරින් මෙම අනතුර සිදුව තිබෙනවා. අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයකදී මෙම අනතුර සිදුව තිබෙන බවයි එරට වාර්තා සදහන් කරන්නේ.

අනතුරෙන් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. කෙසේ වෙතත් මියගිය සංඛ්‍යාව ඉහළ යාහැකි බවද පාකිස්තාන රෝහල් ආරංචි මාර්ග සදහන් කරනවා.

 

 

 

 

The post පාකිස්තානයේ දුම්රියක් සහ බස් රථයක් ගැටීමෙන් 20 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

Read More »

කේරල ගංජා කිලෝග‍්‍රෑම් 12ක් අත්අඩංගුවට  

0 comments

කේරල ගංජා කිලෝග‍්‍රෑම් 12 ක් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත් වුණා. ඒ මන්නාරම වංකාලේ වෙරළ තීරයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී.

පොළොව යට සඟවා තිබියදී ගංජා තොගය සොයාගත් බවයි පොලීසිය පවසන්නේ.

ගංජා තොගය ඉදිරි විමර්ශන කටයුතු සඳහා මන්නාරම දූෂණ මර්දන ඒකකය වෙත භාරදී තිබෙනවා.

The post කේරල ගංජා කිලෝග‍්‍රෑම් 12ක් අත්අඩංගුවට appeared first on ITN News.

Read More »

විදෙස්ගත ශ්‍රී‍්‍ර ලාංකිකයන්ට සමාජ ආරක්ෂණ අරමුදලක්  

0 comments

විදේශගතව සේවය කරන ශ්‍රී‍්‍ර ලාංකිකයන් සඳහා සමාජ ආරක්ෂණ අරමුදලක් පිහිටුවීමට තීරණය කළා.

ඒ සම්බන්ධයෙන් පනත් කෙටුම්පතක් සකස් කිරීම සඳහා විශේෂඥ කමිටුවක් පත්කිරීමට යෝජනා කර තිබෙනවා. විදේශගතව සේවය කරන ශ‍්‍රමිකයන් යම් මුදලක් ඉතිරි කිරීම සිදුනොකරන බැවින් පසුව ආර්ථික දුෂ්කරතාවන්ට මුහුණදීමට සිදුවන බවයි හෙලිවුණේ. එයට විසඳුමක් ලෙස සමාජ ආරක්ෂණ අරමුදල හදුන්වාදීමයි සැලසුම.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ජාතික ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය මගින් විදෙස්ගත ශ‍්‍රමිකයන් සඳහා දායක විශ‍්‍රාම වැටුපක් ආරම්භ කිරීමට ද යෝජනාවී තිබෙනවා.

The post විදෙස්ගත ශ්‍රී‍්‍ර ලාංකිකයන්ට සමාජ ආරක්ෂණ අරමුදලක් appeared first on ITN News.

Read More »

කොරෝනා වේගයෙන් ව්‍යාප්ත වන බවට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇඟවීම්  

0 comments

කොවිඩ් නයිටීන් හෙවත් කොරෝනා වෛරසයෙන් මියගිය සංඛ්‍යාව 2919 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ වනවිට ලොවපුරා වාර්තාවී ඇති ආසාදිතයන් සංඛ්‍යාව අසූ තුන්දහසක්. වෛරසය වේගයෙන් ව්‍යාප්ත වන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු ඇඟවීමක් සිදුකළා. සියලු රටවල් වඩාත් අවධානයෙන් කටයුතු කළයුතු බවයි එම සංවිධානය පෙන්වාදෙන්නේ.

ඉතාලියෙන් වාර්තාවී ඇති කොරෝනා වෛරස් රෝගීන් සංඛ්‍යාව 650 ක්. ස්විට්සර්ලන්තය ඇතුලු රටවල් රැසකින් ද රෝගීන් වාර්තාවී තිබෙනවා.

 

The post කොරෝනා වේගයෙන් ව්‍යාප්ත වන බවට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇඟවීම් appeared first on ITN News.

Read More »

ශ්‍රී ලංකාවට එරෙහි මිෂෙල්ගේ ප්‍රකාශයට යුරෝපයේ ශ්‍රී ලාංකික ප්‍රජාවගෙන් දැඩි විරෝධය  

0 comments

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් මිෂෙල් බැචලේ මහත්මිය ශ්‍රී ලංකාවට එරෙහිව අදහස් පළ කිරීමට විරෝධය පළකරමින් යුරෝපයේ ජීවත්වන දේශප්‍රේමී ප්‍රජාව මානව හිමිකම් ප්‍රධාන කාර්යාලය වෙත සංදේශයක් අද භාරදුන්නා. ජිනීවාහි පැවති මානව හිමිකම් පිළිබඳ 43 වන සැසිවාරයේ දී විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා 2015 – 30/1 මානව හිමිකම් යෝජනාවලියේ සම අනුග්‍රාහකත්වයෙන් ඉල්ලා අස්වීම නිල දැනුම්දීමෙන් අනතුරුවයි මිෂෙල් බැචලේ විරෝධාත්මක අදහස් ප්‍රකාශ කිරීම සිදුකළේ.

ශ්‍රී ලංකා රජය සහ ආරක්ෂක හමුදාවන් යුද අපරාධ සිදුකර නොමැති බවත් සුළු ජාතීන්ට කිසිඳු අසාධාරණයක් නොවන ආකාරයෙන් වත්මන් රජය කටයුතු කරන බවත් අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අවධාරණය කළා. මානව හිමිකම් කොමිසමේ කටයුතු වලට කිසිඳු ආකාරයක බාධාවක් නොවන අයුරින් ව්‍යවස්ථානුකූලව සකසා ගත් දේශීය යාන්ත්‍රණයක් තුළින් අදාළ ගැටලු සඳහා විසදුම් සෙවීමට ජනාධිපති , අගමැති ප්‍රමුඛ රජය කැපවී කටයුතු කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ. ශ්‍රී ලංකාවේ සත්‍ය තත්ත්වය නිරීක්ෂණය කිරීමට විශේෂ නියෝජිතයෙකු හෝ යොදවමින් ලෝකයට සත්‍ය තොරතුරු ලබාදීමට කටයුතු කරන ලෙස ඔවුන් වැඩිදුරටත් දන්වා සිටියා.

මේ අතර අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ අදහස් දැක්වීම පිළිබඳව සිය විරෝධය පළකරමින් එල්ටීටීඊ ඩයස්පෝරාව ද අද දිනයේ දී විරෝධතා ව්‍යාපාරයක් ක්‍රියාත්මක කළ බව වාර්තා වුණා. එක්සත් රාජධානිය සහ ශ්‍රී ලංකාව පිළිබඳ මූලික කණ්ඩායමේ අනෙකුත් සාමාජිකයින් වන කැනඩාව , ජර්මනිය , උතුරු මැසිඩෝනියාව සහ මොන්ටිනිග්‍රෝ යන රටවල් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට දන්වා සිටින්නේ 2015 වසරේ 30/1 යෝජනාව පිළිබඳ සම අනුග්‍රාහකත්වය ඉල්ලා අස්කර ගැනීමට ශ්‍රී ලංකා රජය ගත් තීරණය සහ රජය දක්වන ප්‍රවේශය වෙනස් කිරීම ගැන කනස්සල්ලට පත්වන බවයි.

මේ අතර අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ජගත් සංවිධානයට අයත් ආයතන කිහිපයක ඉහළ පෙළේ නියෝජිතයින් හමුවුණා. ඒ බව ට්විටර් පණිවුඩවල සඳහන්. අමාත්‍යවරයා පොදු රාජ්‍ය මණ්ඩලීය මහ ලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය හමු වී සාකච්ඡා කළා. එසේම ජිනීවා හි එක්සත් ජාතින්ගේ සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ටට්යානා වැලොවායා මහත්මියද හමු වී සාකච්ඡා පැවැත්වුවා. විදේශ අමාත්‍යවරයා අද දිනයේදි ශ්‍රී ලංකාව බලා එරටින් පිටත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

The post ශ්‍රී ලංකාවට එරෙහි මිෂෙල්ගේ ප්‍රකාශයට යුරෝපයේ ශ්‍රී ලාංකික ප්‍රජාවගෙන් දැඩි විරෝධය appeared first on ITN News.

Read More »

පාසල් දරුවන්ගේ අධ්‍යාපන වාරතුන වාර දෙකක් කිරිමට තීරණය කෙරේ  

0 comments

පාසල් දරුවන්ගේ අධ්‍යාපන වාරතුන වාර දෙකක් බවට පත් කිරිමට තීරණය කර ඇති බව ක්‍රිඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා.

දරුවන්ගේ නිරෝගිබාවය සහ ක්‍රිඩාවේ අනාගතය වෙනුවෙන් මෙම තීරණය ගත් බවයි ඒ මහතා වැඩිදුරටත් සදහන් කර සිටින්නේ.

නිමා වූ දකුණු ආසියා ක්‍රිඩා උළෙල සදහා ශ්‍රී ලංකාවේ පෙර සුදානම,  එහි ප්‍රමාණාත්මක බව හා සෙසු අංශ පිලිබද සමාලෝචනය කර වාර්තාවක් ලබදීම සදහා ක්‍රිඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා හතරදෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කළා.

එහි සභාපති ලෙස ග්‍රෙගරි ගැමුණ ද සිල්වා මහතා කටයුතු කළ අතර අනෙකුත් සාමාජිකයන් වුයේ විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් එල්මෝ පෙරේරා, සමන් කුමාර ගුණවර්ධන, දමින්ද විජේසුරිය යන අයයි. එම වාර්තාව අමාත්‍යතුමා වෙත භාරදීම ක්‍රිඩා අමාත්‍යාංශයේදී සිදු කෙරුණා.

මෙහිදි ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමවේදය පිලිබදවද අමාත්‍යවරයා අදහස් පළ කළා.

 

 

The post පාසල් දරුවන්ගේ අධ්‍යාපන වාරතුන වාර දෙකක් කිරිමට තීරණය කෙරේ appeared first on ITN News.

Read More »

උණුසුම් කාළගුණය පිලිබඳු කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක්  

0 comments

උණුසුම් කාළගුණය පිලිබඳු කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව වයඹ, බස්නාහිර, දකුණ සහ සබරගමුව පලාත්වල ජනතාව වැඩි අවධානයෙන් කටයුතු කළ යුතු බවටයි දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ. මන්නාරම් දිස්ත‍්‍රික්කයේද උෂ්ණත්වය ඉහළ මට්ටමක පවතිනවා. උණුසුම් කාළගුණයෙන් ආරක්ෂා වීම සදහා අවශ්‍ය පියවර ගන්නා ලෙසයි ජනතාවට දැනුම් දෙන්නේ.

අවුරුදු හතරට අඩු ළමුන් සහ අවුරුදු 65 ට වැඩි පුද්ගලයින් ඒ පිලිබදව වැඩි අවධානයක් යොමු කිරීම වැදගත්. දැඩි හිරු රශ්මියට නිරාවරණය නොවී සිටීම සහ වැඩි වශයෙන් ජලය පානය කිරිම ඔස්සේ මිනිස් සිරුරට සිදුවිය හැකි බලපෑම් අවම කරගත හැකි බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.

The post උණුසුම් කාළගුණය පිලිබඳු කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් appeared first on ITN News.

Read More »

ඉන්දියාවේ දිල්ලි අගනුවර ගැටුම් වලින් මියගිය සංඛ්‍යාව 39ක් දක්වා ඉහළට  

0 comments

ඉන්දියාවේ දිල්ලි අගනුවර ගැටුම් වලින් මියගිය සංඛ්‍යාව 39 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

200 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා සදහන් කලේ. පුරවැසි පනතට විරෝධය පළකරමින් ප‍්‍රචණ්ඩකාරී කි‍්‍රයා හටගෙන තිබෙනවා. විරෝධතාකරුවන් නිවාස සහ ව්‍යාපාරික ස්ථාන මෙන්ම රථවාහන රැසක්ද ගිනි තබා ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

 

The post ඉන්දියාවේ දිල්ලි අගනුවර ගැටුම් වලින් මියගිය සංඛ්‍යාව 39ක් දක්වා ඉහළට appeared first on ITN News.

Read More »

මොහොමඩ් ඊබ‍්‍රහිම් ඉල්හාම් අහමඩ්ගේ පියා ඇතුලු 6 දෙනා යළි රිමාන්ඩ්  

0 comments

කොළඹ ෂැංග‍්‍රිලා හෝටලයට මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයක් එල්ල කළ කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ඊබ‍්‍රහිම් ඉල්හාම් අහමඩ්ගේ පියා ඇතුලු 6 දෙනා යළි රක්ෂිත බන්දනාගාර ගත කර තිබෙනවා.

ඒ ලබන මස 13 වනදා දක්වා.කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් තනූජා ජයතුංග මහත්මියයි නියෝගය කළේ.

The post මොහොමඩ් ඊබ‍්‍රහිම් ඉල්හාම් අහමඩ්ගේ පියා ඇතුලු 6 දෙනා යළි රිමාන්ඩ් appeared first on ITN News.

Read More »

CCTV සිදුවීමට කැලණි විශ්වවිද්‍යාලයේ සිසුන් 4ක් රිමාන්ඩ්  

0 comments

කැළණිය විශ්වවිද්‍යාලයේ සීසීටීවී කැමරා බලහත්කාරයෙන් ගලවා දැමූ බවට අත්අඩංගුවට ගත් සිසුන් 4 දෙනා රක්ෂිත බන්ධනාගාරගතකර තිබෙනවා.

ඒ මාර්තු තුන්වනදා දක්වා. සැකකරුවන් අද (28) ඉදිරිපත් කළේ මහර මහේස්ත‍්‍රාත් අධිකරණයට.

සැකකරුවන් 12 දෙනෙකුගෙන් ප‍්‍රකාශ සටහන් කරගැනීමෙන් පසු ඔවුන් ඇප මත මුදා හැරීමටයි පියවර ගත්තේ.

The post CCTV සිදුවීමට කැලණි විශ්වවිද්‍යාලයේ සිසුන් 4ක් රිමාන්ඩ් appeared first on ITN News.

Read More »

ලොව කිසිදු රටක් කොරෝනා වෛරස් අවදානමෙන් ගැලවී නැහැ  

0 comments

ලොව කිසිදු රටක් කොරෝනා වෛරස් අවදානමෙන් ගැලවී නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

ඕනෑම රටක අවදානමක් ඇති බවට සිතා කටයුතු කළයුතු බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වාදෙන්නේ. මේ වනවිට ලොවපුරා කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව අසූ දෙදහස් හයසිය අසූ අටක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මරණ සංඛ්‍යාව 2814 ක්. ඉන් 2744 ක්ම චීනයෙන් වාර්තාවී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළා.

The post ලොව කිසිදු රටක් කොරෝනා වෛරස් අවදානමෙන් ගැලවී නැහැ appeared first on ITN News.

Read More »

ඩෙංගු පාලනයට වොල්බැකියා බැක්ටීරියාව යොදා ගැනිමේ වැඩසටහන ලබන සදුදා ඇරඹෙයි  

0 comments

ඩෙංගු රෝගය පාලනය සඳහා වොල්බැකියා බැක්ටීරියාව යොදා ගැනිමේ වැඩසටහන ලබන සදුදා (02) ආරම්භවනවා.

ඩෙංගු රෝගයේ බලපෑම අවම කිරීමට විශේෂ වැඩසටහන් රැසක් කි‍්‍රයාත්මක බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරන්නේ. එහි එක් අදියරක් ලෙස වොල්බැකියා බැක්ටීරියාව යොදා ගනිමින් ඩෙංගු පාලන වැඩසටහන කි‍්‍රයාත්මක කිරීමටයි නියමිත. ඒ ඕස්ටෙ‍්‍රිලියා රජයේ සහයෙන්.

The post ඩෙංගු පාලනයට වොල්බැකියා බැක්ටීරියාව යොදා ගැනිමේ වැඩසටහන ලබන සදුදා ඇරඹෙයි appeared first on ITN News.

Read More »

Recent News

Gossip Lanka MAG