Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මැලේසියාවට නව අගමැතිවරයෙක්  

Add comments

මැලේසියාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස මුහිදීන් යාසීන් අද දිවුරුම් දුන්නා. ඔහුගේ දිවුරුම් දීමට පැයකට පෙර හිටපු අග්‍රාමාත්‍ය මහතීර් මොහොමඩ් මහතා සඳහන් කළේ පාර්ලිමේන්තුවේ බහුතර බලය ඇත්තේ තමන්ට බවයි.

තමන්ට පැහැදිලි ලෙස පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරුන් 114 දෙනෙකුට වැඩි දෙනෙකුගේ සහයෝගය ඇති බව ද ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කළා. කෙසේ වෙතත් 94 හැවිරිදි මහතීර් මොහොමඩ්ගේ පාලනය පකතාන් හරපන් දේශපාලන පක්ෂයේ දේශපාලනඥයන්ගේ දැඩි දෝෂ දර්ශනයට ලක්වුණා. මහතීර් මොහොමඩ් මහතාට විරෝධය පාමින් නව සන්ධානයක් පිහිටුවා ගැනීමට ද ඔවුන් පසුගිය සතියේදී උත්සාහ ගත්තා . මෙම තත්ත්වය යටතේ මහතීර් මොහොමඩ්ට අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමට සිදුවූ අතර බහුතරයකගේ කැමත්ත මත මොහිදීන් නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත්කිරීමට මැලේසියා රජු තීරණය කළා.

 

 

The post මැලේසියාවට නව අගමැතිවරයෙක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG