Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගැබිණි මාතාවන් වෙනුවෙන් සිදුකළ අපූරු දානමය පින්කමක්  

Add comments

දානමය පුණ්‍යකර්ම සිදුකිරීමට බෞද්ධයින් සෑම අවස්ථාවකදීම කටයුතු කරන්නේ එය උතුම් පුණ්‍යකර්මයක් බව මෙනෙහි කරමින්. ගැබිණි මාතාවන් වෙනුවෙන් සිදුකළ අපූරු දානමය පින්කමක් හපුතලේගම ප්‍රදේශයේදි දැකගත හැකිවුණා.

ගර්භනී මව්වරුන් හැට දෙනෙකු වෙනුවෙන් මෙම දානය පිරිනැමුණේ හපුතලේගම ශ්‍රී බිම්බාරාම විහාරස්ථානයේදීයි. එම මව්වරුන්ගේ ශරීර බරට සමාන බරින් යුත් පෝෂ්‍යදායක ආහාර මළු ඇතුළු බොහෝ උපකරණ මෙහිදී පිරිනැමුණා. විහාරාධිපති ඌව පළාතේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය හපුතලේ බුද්ධානන්ද ස්වාමීන් වහන්සේගේ මෙහෙයවීමෙනුයි මෙම මාහැගි පුණ්‍යකර්මය සංවිධාන කර තිබුණේ. මහා සංඝරත්නය ද / රාජ්‍ය නිලධාරීන් ඇතුළු බොහෝ පිරිසක් ද මෙම පින්කමට එක්ව සිටියා.

The post ගැබිණි මාතාවන් වෙනුවෙන් සිදුකළ අපූරු දානමය පින්කමක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG