Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇමරිකාවේ ගුවන් අනතුරකින් නව දෙනෙකු ජිවිතක්ෂයට  

0 comments

ඇමරිකාවේ දකුණු ඩකෝටා ප‍්‍රදේශයේ සිදුවූ ගුවන් අනතුරකින් නව දෙනෙකු ජිවිතක්ෂයට පත්වුණා.

කුඩා දරුවන් දෙදෙනෙකුද ඒ අතර වන බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ. තවත් තුන් දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ශිත කුණාටු සුලං පිලිබදව ඇමරිකා කාලගුණ දෙපාර්තමේන්තුව අනතුරු ඇගවිම්ද නිකුත් කර ඇති බවයි ප‍්‍රවෘත්ති වාර්තා පවසන්නේ.

තනි එන්ජිමක් සහිත ගුවන් යානය චැන්බලේන් ගුවන් තොටුපොලෙන් ගුවන්ගතකර කිලෝමීටර දෙකක් ගමන් කිරිමෙන් පසු අනතුරට පත්වුණා. එම අවස්ථාවේ මගීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් 12 දෙනෙකු යානයේ ගමන් කර ඇති බවයි එරට වාර්තා පවසන්නේ.

The post ඇමරිකාවේ ගුවන් අනතුරකින් නව දෙනෙකු ජිවිතක්ෂයට appeared first on ITN News.

Read More »

ඉහල කොත්මලේ වාන් දොරටුවක් ස්වයංක‍්‍රීයව විවෘත වෙයි  

0 comments

මධ්‍යම කදුකරයේ් බටහිර බෑවුම් ප‍්‍රදේශවලට තවදුරටත් ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඉහල කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් ස්වයංක‍්‍රියව විවෘත වී තිබෙනවා.

ජලපෝෂක ප‍්‍රදේශවලට තවදුරටත් වර්ෂාව ලැබුණහොත් ජාලශයේ ඉතිරි වාන් දොරටු ද විවෘත කිිරිමට සිදුවනු ඇති බවයි ජලාශ භාර ඉංජිනේරුවන් පවසන්නේ. කොත්මලා ඔය දෙපස පදිංචි කරුවන් සහ ජලය පරිහරණය කරන්නන් සැලකිලිමත්ව සිටින ලෙසද ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

The post ඉහල කොත්මලේ වාන් දොරටුවක් ස්වයංක‍්‍රීයව විවෘත වෙයි appeared first on ITN News.

Read More »

මෙක්සිකෝවේ වෙඩි තැබීමකින් 14 දෙනෙකු ජිවිතක්ෂයට  

0 comments

මෙක්සිකෝවේ උතුරුදිග ප‍්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 14 දෙනෙකු ජිවිතක්ෂයට පත්වුණා.

මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් දස දෙනෙකු සහ පොලිස් නිලධාරින් 4 දෙනෙකුද ඒ අතර වන බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ. මෙක්සිකෝවේ සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමට ඇමරිකා සහාය ලබාදෙන බව ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් ප‍්‍රකාශ කර දින කිහිපයකට පසුවයි වෙඩි තැබීම සිදුවුණේ.

The post මෙක්සිකෝවේ වෙඩි තැබීමකින් 14 දෙනෙකු ජිවිතක්ෂයට appeared first on ITN News.

Read More »

දේශපාලනයෙන් විශ්‍රාම නොයන බව හිටපු ජනපති කියයි  

0 comments

තමා මෙතෙක් සිදුකළ ජනතා සේවය අඛණ්ඩව සිදු කිරීම තම අපේක්ෂාව බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා. පොළොන්නරුවේදී ජනතාව අමතමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.

පසුගිය වසර 5 පුරා ජනාධිපතිධුරය දරමින් රට වෙනුවෙන් තම සේවය ඉටුකළ මෛත්‍රීපාල සිරිසේන මහතා පොළොන්නරුවට ගොස්  සිය පාක්ෂිකයන් හමුවුණා. එහිදී පොළොන්නරු ජනතාව හිටපු ජනාධිපතිවරයා මහති හරසරින් පිළිගත්තා.

අනතුරුව ජනතාව ඇමතූ මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටියේ දේශපාලනයෙන් විශ්‍රාම නොගොස් ජනතාව වෙනුවෙන් සිය මෙහෙවර ඉටු කරන බවයි.

 

The post දේශපාලනයෙන් විශ්‍රාම නොයන බව හිටපු ජනපති කියයි appeared first on ITN News.

Read More »

මහවැලි සංවර්ධන අමාත්‍යාංශය තුළින් ගොවි ජනතාව වෙනුවෙන් උපරිම සේවයක්  

0 comments

මහවැලි සංවර්ධන අමාත්‍යාංශය තුළින් ගොවි ජනතාව වෙනුවෙන් උපරිම සේවයක් ලබාදීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසනවා.

පොළොන්නරුවේදී ජනතාව හමුවූ රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශකළා.

The post මහවැලි සංවර්ධන අමාත්‍යාංශය තුළින් ගොවි ජනතාව වෙනුවෙන් උපරිම සේවයක් appeared first on ITN News.

Read More »

ලෝක ඒඩ්ස් දිනය අදයි  

0 comments

ලෝක ඒඩ්ස් දිනය අදට යෙදී තිබෙනවා. එච් අයි වී ආසාධනය සම්පුර්ණයෙන්ම වලක්වාලිම අරමුණු කරගනිමින් මේ වසරේ වැඩසටහන් ක‍්‍රියාත්මක බවයි ජාතික පුහුණුකිරීමේ භෙද නිලධාරිනි පුෂ්පා රම්‍යානි ද සොයිසා මෙනවිය ප‍්‍රකාශ කළේ.

මේ අතර මවගෙන් දරුවාට එච් අයි වී ඒඩ්ස් බෝ නොවන රටකට හිමි සම්මානය මෙරටට ලැබී ඇතැයි ලිංගාශි‍්‍රත රෝග සහ ඒඩ්ස් රෝගය පිළිබඳ විද්‍යාර්ථීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය චිත‍්‍රාත් හතුරුසිංහ මහතා ප‍්‍රකාශ කළා. ඒ ලෝක සෞඛ්‍ය සංවිධානයෙන්. මෙම සම්මානය ලැබී ඇති දකුණු ආසියාතික රටවල් වන්නේ ශ්‍රී‍්‍ර ලංකාව හා තායිලන්තය පමණක් බව ද හතුරුසිංහ මහතා පෙන්වා දුන්නා.

The post ලෝක ඒඩ්ස් දිනය අදයි appeared first on ITN News.

Read More »

රුසියාව ආක්ටික් ධ‍්‍රැවයේ මිසයිලයක් අත්හදා බලයි  

0 comments

රුසියාව තම රටට අයත් ආක්ටික් ධ‍්‍රැව කලාපයේ නවින මිසයිලයක් අත්හදා බලා තිබෙනවා.

මිග් 31 කේ වර්ගයේ ජෙට් යානයක් මගින් එල්ල කළ එම මිසයිලය ශබ්දයේ වේගය මෙන් පස්ගුණයක වේගයක් සහිත එකක් බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ. පසුගිය මස මැද භාගයේදී මිසයිල අත්හදා බැලීම සිදුකළද රුසියාවේ ටාස් ප‍්‍රවෘත්ති සේවය ඒබව නිවේදනය කර ඇත්තේ ඊයේ (30) දිනයේයි.

The post රුසියාව ආක්ටික් ධ‍්‍රැවයේ මිසයිලයක් අත්හදා බලයි appeared first on ITN News.

Read More »

හොංකොං ගැටලුවට ජගත් සංවිධානයේ මැදිහත් වීම ගැන චීනයේ විරෝධය  

0 comments

හොංකොං හි ක්‍රියාත්මක උද්ඝෝෂණ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස්වරයා අනුගමනය කරන පිළිවෙත චීනයේ දෝෂදර්ශනයට ලක්ව තිබෙනවා.

චීනය සඳහන් කරන්නේ හොංකොං හි පවතින්නේ රැඩිකල් ක්‍රියාකාරින් පිරිසකගේ ප්‍රචණ්ඩකාරී හැසිරිමක් පමණක් බවයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රධානී මිචෙල් බැචලේ පුවත්පතකට සපයා තිබු වාර්තාවක් තුළින් වැරදි අදහසක් හොංකොං ගැටලුව සම්බන්ධයෙන් මතුවී ඇති බව චීන රජය කියා සිටිනවා. බැචලේගේ වාර්තාව මඟින් චීනයේ අභ්‍යන්තර කටයුතු සඳහා මැදිහත්වීමක් සිදුවී ඇති බවයි ජිනීවා නුවර චීන දූත මණ්ඩලය සඳහන් කර ඇත්තේ. මෙවැනි ක්‍රියා මඟින් උද්ඝෝෂකයින් සහ රැඩිකල් ප්‍රචණ්ඩක්‍රියාවල නිරතවන්නන් තවත් ශක්තිමත් වන බව ද චීන බලධාරීන් කියාසිටිනවා. පසුගිය දින කිහිපය තුළ පවතින උද්ඝෝෂණ හේතුවෙන් හොංකොං හි ජනජීවිතයට දැඩි බාධා එල්ල වී තිබෙනවා. පොදු දේපළ රැසකට හානි සිදුව ඇති අතර චීන හිතවාදී ව්‍යාපාරික ස්ථානවලට ද උද්ඝෝෂකයින් ප්‍රහාර එල්ල කර ඇති බවයි චීනය කියාසිටින්නේ. හොංකොං හි විශ්වවිද්‍යාල කිහිපයකට උද්ඝෝෂකයින් ඇතුලු වී ඒවායේ රැඳී සිටින බව ද විදෙස් වාර්තා සඳහන් කරනවා. හොංකොං පොලීසිය උද්ඝෝෂකයින් පන්දහස් අටසිය අනූ දෙනෙකු මේ දක්වා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

The post හොංකොං ගැටලුවට ජගත් සංවිධානයේ මැදිහත් වීම ගැන චීනයේ විරෝධය appeared first on ITN News.

Read More »

ගංජා ලග තබාගෙන සිටි මාලදිවයින් ජාතිකයෙකු අත්අඩංගුවට  

0 comments

ගංජා ලග තබාගෙන සිටි මාලදිවයින් ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ විශේෂ කාර්ය බලකායේ සෙට්ටිකුලම කදවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව. මැදවච්චිය කුලික්කඩ මංසන්ධියේදී වැටලීම සිදුකළා. සැකකරු වැඩිදුර විමර්ෂණ සදහා මැදවච්චිය පොලිස් ස්ථානයටයි භාරදී තිබෙන්නේ.

The post ගංජා ලග තබාගෙන සිටි මාලදිවයින් ජාතිකයෙකු අත්අඩංගුවට appeared first on ITN News.

Read More »

බලය සඳහා වූ දේශපාලනය වෙනුවට මහත්මා දේශපාලනයක් රටට අවශ්‍යයි  

0 comments

බලය සඳහා වූ දේශපාලනය වෙනුවට මහත්මා දේශපාලනයක් මේ රටට අවශ්‍ය බව කතානායක කරූ ජයසූරිය මහතා පවසනවා.

ඒ මහතා මෙම අදහස් පළ කර සිටියේ අම්බලන්ගොඩ ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින්.

The post බලය සඳහා වූ දේශපාලනය වෙනුවට මහත්මා දේශපාලනයක් රටට අවශ්‍යයි appeared first on ITN News.

Read More »

නිදහස් පක්ෂයේ මීළඟ බලාපොරොත්තුව රාජ්‍ය ඇමති දයාසිරි කියයි  

0 comments

රටේ ප්‍රජාතන්ත්‍රවාදය රකින අලුත් පාර්ලිමේන්තුවක් බිහි කිරීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මීළඟ බලාපොරොත්තුව බව පක්ෂ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා. පොළොන්නරුවේදී පැවැති උත්සවයකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.

 

 

The post නිදහස් පක්ෂයේ මීළඟ බලාපොරොත්තුව රාජ්‍ය ඇමති දයාසිරි කියයි appeared first on ITN News.

Read More »

බලංගොඩ හුණුවල අනතුරකින් 16දෙනෙකු රෝහලේ  

0 comments

රත්නපුර බලංගොඩ ප්‍රධාන මාර්ගයේ දී සිදුවූ රිය අනතුරකින් දහසය දෙනෙකු තුවාල ලැබුවා.

රත්නපුර බලංගොඩ ප්‍රධාන මාර්ගයේ හුනුවල අම්පිටිතැන්න විහාරස්ථානය ඉදිරිපිටදී බස් රථයක් හා කන්ටේනර් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුවුණා. ඉන් 16 දෙනෙකු තුවාල ලබා පැල්මඩුල්ල ප්‍රාදේශීය රෝහලට හා රත්නපුර මහරෝහලට ඇතුළත් කළ බවයි ඕපනායන පොලිසිය සදහන් කළේ.

කන්ටේනර් රථයේ රියදුරුද බරපතල තුවාල ලබා ඇති අතර සහායකයා ද තුවාල ලබා සිටිනවා.

 

 

The post බලංගොඩ හුණුවල අනතුරකින් 16දෙනෙකු රෝහලේ appeared first on ITN News.

Read More »

ලන්ඩන් බ්‍රිජ් ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම IS ත්‍රස්ත සංවිධානය භාරගනී  

0 comments

ලන්ඩන් බ්‍රිජ් ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම අයි එස් ත්‍රස්ත සංවිධානය භාර ගෙන තිබෙනවා.

තම ත්‍රස්ත සංවිධානයේ අනුගාමිකයෙකු වන උස්මාන් ඛාන් නමැත්තෙකු මෙම ප්‍රහාරය සිදුකර ඇති බවයි අයි එස් සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ. නමුත් ඒ සඳහා ඔවුන් ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් කර නැහැ. අයි එස් ත්‍රස්ත සංවිධානයට එරෙහිව සන්ධාන ගතවී සිටින රාජ්‍යයයන්ට ප්‍රහාර එල්ල කිරීම සඳහා මෙය සිදුකළ බවයි අයි එස් ත්‍රස්ත  සංවිධානය පවසන්නේ. පුද්ගලයින් පස් දෙනෙකුට පාලම මතදී පිහි ඇනුම් සිදුකර තිබෙනවා. ඉන්  දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර තිදෙනෙකු තුවාල ලැබුවා. එම පිහි ඇනුම සිදුකළ පුද්ගලයා මීට පෙර ත්‍රස්තවාදය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි අයෙක්.

 

The post ලන්ඩන් බ්‍රිජ් ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම IS ත්‍රස්ත සංවිධානය භාරගනී appeared first on ITN News.

Read More »

වැසි වැඩි වෙයි – කදුකරයේ ජනතාවට අවධානයෙන් පසුවන්නැයි නිවේදනයක්  

0 comments

දිවයිනේ ප්‍රදේශ රැසක පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරනවා.

නායයාම් පිළිබද කදුකරයේ ජනතාව අවධානයෙන් පසුවිය යුතු බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරන්නේ.

 

 

 

The post වැසි වැඩි වෙයි – කදුකරයේ ජනතාවට අවධානයෙන් පසුවන්නැයි නිවේදනයක් appeared first on ITN News.

Read More »

නිධන් හෑරීමේ නිරතව සිටි සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට  

0 comments

නිධන් හෑරීමේ නිරතව සිටි සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වුණා.

ආනමඩුව පැරණි ගම් උදාභූමියේ නිවසක වැසිකිලිවලක් කපන මුවාවෙන් නිධන් හෑරීම සිදුකර ඇති බවයි නවගත්තේගම පොලිසිය පවසන්නේ. පොලිසිය වැටලීම සිදුකරන අවස්ථාවේ අදාළ නිවසේ අඩි 10ක් පමණ ගැඹුරට කැනීම් සිදු කර තිබුණා.

සැකකරුවන් සමග ගල් විදින යන්ත්‍රයක් ඇතුළු උපකරණ හා පූජා භාණ්ඩ තොගයක් ද පොලිස් භාරයට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ ක්‍රියාත්මකයි.

 

The post නිධන් හෑරීමේ නිරතව සිටි සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.

Read More »

නිදන් හෑරීමේ නිරතව සිටි සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට  

0 comments

නිදන් හෑරීමේ නිරතව සිටි සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වුණා.

ආනමඩුව පැරණි ගම් උදාභූමියේ නිවසක වැසිකිලිවලක් කපන මුවාවෙන් නිදන් හෑරීම සිදුකර ඇති බවයි නවගත්තේගම පොලිසිය පවසන්නේ. පොලිසිය වැටලීම සිදුකරන අවස්ථාවේ අදාළ නිවසේ අඩි 10ක් පමණ ගැඹුරට කැනීම් සිදු කර තිබුණා.

සැකකරුවන් සමග ගල් විදින යන්ත්‍රයක් ඇතුළු උපකරණ හා පූජා භාණ්ඩ තොගයක් ද පොලිස් භාරයට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ ක්‍රියාත්මකයි.

 

 

 

The post නිදන් හෑරීමේ නිරතව සිටි සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.

Read More »

ජනාධිපතිගේ ඉන්දීය සංචාරයෙන් දෙරට අතර සබඳතා තවත් ශක්තිමත් වූ අතර ප්‍රතිලාභ රැසක්  

0 comments

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ඉන්දීය රාජ්‍යතාන්ත්‍රික  සංචාරයෙන් දෙරට අතර සබදතා තවත් ශක්තිමත් වූ අතර ප්‍රතිලාභ රැසක් ද හිමිවූ බව ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ මොහාන් සමරනායක මහතා ප්‍රකාශ කළා. ඒ අයිටීඑන් ප්‍රවෘත්ති අංශය වෙත අදහස් දක්වමින්.

The post ජනාධිපතිගේ ඉන්දීය සංචාරයෙන් දෙරට අතර සබඳතා තවත් ශක්තිමත් වූ අතර ප්‍රතිලාභ රැසක් appeared first on ITN News.

Read More »

හත්වන මිත‍්‍ර ශක්ති යුධ අභ්‍යාසයට ශ්‍රී‍්‍ර ලංකා යුධ හමුදවෙන් 120 ක්  

0 comments

හත්වන මිත‍්‍රශක්ති යුධ අභ්‍යාසය ඉන්දියාවේදී හෙට (01) ආරම්භ වනවා. ශ්‍රී‍්‍ර ලංකාවෙන් 120 ක කණ්ඩායමක් ඊට සහභාගී වන බවයි යුධ හමුදා මාධ්‍ය අංශය පවසන්නේ.

ගැමුණු හේවා බලඇණියේ නිලධාරීන් 11 දෙනෙකු සහ සෙසු නිලයන් 109 ක් එම පිරිසට ඇතුලත්. ඉන්දියාවේ පුවන්මාවෝ රෙජිමේන්තුවේ 122 දෙනෙකු ද මෙම යුධ අභ්‍යාසයට එක්වීමටයි නියමිත. හෙට සිට දින 14 ක කාලයක් යුධ අභ්‍යාසය පැවැත්වෙනවා.

දෙරටේ යුධ ශක්තිය වර්ධනය කරගැනීම සහ අනාගතයේදී එඑල්ල විය හැකි තර්ජන වලට කලාපීය වශයෙන් මුහුණදීම සඳහා හමුදා නිලධාරීන්ගේ දැනුම හුවමාරු කරගැනීම මෙම යුධ අභ්‍යාසයේ ප‍්‍රධාන අරමුණු අතරට ඇතුලත්.

The post හත්වන මිත‍්‍ර ශක්ති යුධ අභ්‍යාසයට ශ්‍රී‍්‍ර ලංකා යුධ හමුදවෙන් 120 ක් appeared first on ITN News.

Read More »

ප්‍රබුද්ධ පාර්ලිමේන්තුවකට මනුස්සකම තිබෙන මිනිස්සු අවශ්‍යයි  

0 comments

උගතුන් වියතුන් පිරි පාර්ලිමේන්තුවක් සම්මන්ත්‍රණය නාවලදී පැවති අතර උගතුන්ගෙන් සහ වියතුන්ගෙන් සපිරි පාර්ලිමේන්තුවක අවශ්‍යතාව මෙහිදී සාකච්ඡාවට බදුන්වුණා.

එහිදී අදහස් දැක්වූ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා.

 

The post ප්‍රබුද්ධ පාර්ලිමේන්තුවකට මනුස්සකම තිබෙන මිනිස්සු අවශ්‍යයි appeared first on ITN News.

Read More »

සුදු වෑන් සංස්කෘතියක් ගැන ව්‍යාජ මතයක් ඇතැමුන් යළි පතුරවමින් සිටිනවා – සුදත්ත හිමි  

0 comments

සුදු වෑන් සංස්කෘතියක් ක්‍රියාත්මකව ඇතැයි ඇතැමුන් ව්‍යාජ මතයක් යළි පතුරවමින් සිටින බව පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරනවා.

මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ පිළිබදව තොරතුරු හෙළිකළා.

The post සුදු වෑන් සංස්කෘතියක් ගැන ව්‍යාජ මතයක් ඇතැමුන් යළි පතුරවමින් සිටිනවා – සුදත්ත හිමි appeared first on ITN News.

Read More »

ප්‍රබුද්ධ පාර්ලිමේන්තුවට මනුස්සකමක් තිබෙන මිනිස්සු අවශ්‍යයි  

0 comments

උගතුන් වියතුන් පිරි පාර්ලිමේන්තුවක් සම්මන්ත්‍රණය නාවලදී පැවති අතර උගතුන්ගෙන් සහ වියතුන්ගෙන් සපිරි පාර්ලිමේන්තුවක අවශ්‍යතාව මෙහිදී සාකච්ඡාවට බදුන්වුණා.

එහිදී අදහස් දැක්වූ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා.

 

The post ප්‍රබුද්ධ පාර්ලිමේන්තුවට මනුස්සකමක් තිබෙන මිනිස්සු අවශ්‍යයි appeared first on ITN News.

Read More »

වී මෙටි‍්‍රක් ටොන් හතළිස් දෙදහසක් නිකුත් කෙරේ  

0 comments

වී මෙටි‍්‍රක් ටොන් හතළිස් දෙදහසක් වී මෝල් හිමියන් වෙත මුදාහරින බව වී අළෙවි මණ්ඩලය ප‍්‍රකාශ කළා.

උත්සව සමයේ හිඟයකින් තොරව උපරිම සිල්ලර මිල යටතේ පාරිභෝගිකයාට සහල් ලබාදීමයි ප‍්‍රධාන අරමුණ. වී අළෙවි මණ්ඩලයේ ගබඩාවල ඇති වී තොග පෞද්ගලික වී මෝල් හිමියන්ට ලබාදී සහල් බවට පත්කර ලංකා සතොස හරහා පාරිභෝගිකයාට නිකුත් කරන බවයි මණ්ඩලයේ සභාපති කස්තුරි අනුරාධනායක මහතා පෙන්වාදෙන්නේ.

මුදල් අමාත්‍යාංශ ලේකම් එස් ආර් ආටිගල මහතාගේ ප‍්‍රධානත්වයෙන් සහ දිස්ති‍්‍රක් ලේකම්වරුන්ගේ සහභාගීත්වෙයන් පසුගියදා පැවැති සාකච්ඡාවකදී ගත් තීරණයක් මත මෙම වැඩපිළිවෙල කි‍්‍රයාත්මක වනවා.

The post වී මෙටි‍්‍රක් ටොන් හතළිස් දෙදහසක් නිකුත් කෙරේ appeared first on ITN News.

Read More »

පීඩාකාරී බදු අහෝසි කිරීමෙන් රටේ ආර්ථිකයට අනිසි බලපෑමක් නැහැ  

0 comments

ජනතාව දැඩි පීඩාවකට ලක්කරමින් අයකළ බදු අහෝසි කිරීමෙන් හා ඇතැම් බදු අඩු කිරීමෙන් මෙරට ආර්ථිකයට අනිසි බලපෑමක් එල්ල වන්නේ නැති බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා. එම පියවර හේතුවෙන් ආර්ථිකය තවදුරටත් ශක්තිමත් වන බවයි ඒ මහතා කියාසිටින්නේ.

එක්ස්ෆෝ විලේජ් ප්‍රදර්ශනය කොළඹදී විවෘත කරමින් අමාත්‍යවරයා මේ බව කියාසිටියා. කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශයයි මෙය සංවිධාන කර තිබෙන්නේ. ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ මෙරට ව්‍යවසාය සංවර්ධනය හා කර්මාන්ත සංවර්ධනයට වැඩි ඉඩක් ලබාදී ඇති අයුරුද අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

The post පීඩාකාරී බදු අහෝසි කිරීමෙන් රටේ ආර්ථිකයට අනිසි බලපෑමක් නැහැ appeared first on ITN News.

Read More »

අපරාධ රැසකට සම්බන්ධ තුන්දෙනෙකු අත්අඩංගුවට  

0 comments

අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයින් තුන් දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගත්තා.

හංවැල්ල,  ඇඹුල්ගම ප්‍රදේශයේ නිවසක සැගව සිටියදීයි මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ. පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්දන කොට්ඨාසයේ නිලධාරීන්ට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව වැටලීම ක්‍රියාත්මක කෙරුණා. සැකකරුවන් පුද්ගල ඝාතන,  කප්පම් ගැනීම්,  මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍යව සිටි අයයි.

ඔවුන් සැගව සිටි නිවස පරීක්ෂා කිරීමේ දී කඩුවක්,  කේරල ගංජා මෙන්ම හෙරොයින් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා. වැඩිදුර විමර්ශන සදහා සැකකරුවන් හංවැල්ල පොලීසියට භාරදී ඇති බවයි වාර්තා වන්නේ.

 

 

 

The post අපරාධ රැසකට සම්බන්ධ තුන්දෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.

Read More »

නෙදර්ලන්තයේ වෙළෙදසැල් බහුල මාර්ගයක දී සිදුවූ පිහි ඇණුමකින් තුන් දෙනෙකුට තුවාල  

0 comments

නෙදර්ලන්තයේ වෙළෙදසැල් බහුල මාර්ගයක දී සිදුවූ පිහි ඇණුමකින් පුද්ගලයින් තුන් දෙනෙකු තුවාල ලැබුවා.

නෙදර්ලන්තයේ හේග් නගරයේ මාර්ගයකයි මෙම පිහි ඇණුම සිදුවුණේ. ඉන් තුවාල ලැබූවන් රෝහල් ගත කිරීමට බලධාරීන් පියවර ගත්තා.  එම අවස්ථාවේ දී මාර්ගයේ විශාල පිරිසක් රැදී සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. කෙසේ වෙතත් සිද්ධියට සම්බන්ධ පුද්ගලයා පළාගොස් තිබෙන බවයි එරට පොලීසිය පවසන්නේ. ඔහු සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙනවා.

 

 

 

The post නෙදර්ලන්තයේ වෙළෙදසැල් බහුල මාර්ගයක දී සිදුවූ පිහි ඇණුමකින් තුන් දෙනෙකුට තුවාල appeared first on ITN News.

Read More »

ඉන්දියාවේ පශු වෛද්‍යවරියක් දූෂණය කර ඝාතනය කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් හයිද්‍රාබාද් පොලීසියෙන් විමර්ශන  

0 comments

ඉන්දියාවේ පශු වෛද්‍යවරියක් දූෂණය කර ඝාතනය කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ හයිද්‍රාබාද් පොලීසියට ලැබුණු තොරතුරක් මත. ඝාතනයවූ පශු වෛද්‍යවරියගේ වයස අවුරුදු 27 ක්. ඇය හයිද්‍රාබාද් නගරයේ ප‍්‍රසිද්ධ වෙළෙද සංකීර්ණයක් අසළ සිය යතුරුපැදිය නවතා වෙළෙද සැලට ගොස් තිබෙනවා. නැවත පැමිණීමේදී යතුරුපැදියේ ටයරයක සුළං නොමැතිවීම හේතුවෙන් ඇයට සුළු වේලාවක් එම ස්ථානයේ රැඳීසිටීමට සිදුව ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

එම අවස්ථාවේදී සැකකරුවන් පිරිස පශු වෛද්‍යවරිය පැහැරගෙන ගොස් දූෂණය කර ඝාතනය කර ඇති බවට තොරතුරු අනාවරණයවී තිබෙනවා.

The post ඉන්දියාවේ පශු වෛද්‍යවරියක් දූෂණය කර ඝාතනය කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් හයිද්‍රාබාද් පොලීසියෙන් විමර්ශන appeared first on ITN News.

Read More »

සියලු දේශපාලන පක්ෂ ලේකම්වරුන් ලබන 4 වනදා මැතිවරණ කොමිෂන් සභාවට  

0 comments

සියලු දේශපාලන පක්ෂ ලේකම්වරුන් ලබන 4 වනදා මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවීමට තීරණය කර තිබෙනවා.

ඒ කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රය මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන විශේෂ සාකච්ඡාවක් සඳහා. ඉදිරි මහ මැතිවරණය පිළිබදව එහිදී වැඩි අවධානයක් යොමු කිරීමටයි නියමිත. ඊට අමතරව දැනට පවතින මැතිවරණ නීති රෙගුලාසි කාලීන අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි සංශෝධනය කිරීම ඇතුලු කරුණු ගණනාවක් පිළිබදව සාකච්ඡා කරන බවයි මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් සමන් ශ්‍රී‍්‍ර රත්නායක මහතා සඳහන් කළේ.

The post සියලු දේශපාලන පක්ෂ ලේකම්වරුන් ලබන 4 වනදා මැතිවරණ කොමිෂන් සභාවට appeared first on ITN News.

Read More »

ඉරාක අගමැති ඉල්ලා අස්වන බව නිවේදනය කරයි  

0 comments

ඉරාක රජයට එරෙහි විරෝධතා උත්සන්න වීමත් සමග එරට අග්‍රාමාත්‍ය අදෙල් අබ්දුල් මහදි සිය තනතුරෙන් ඉල්ලා අස්වන බව නිවේදනය කළා.

විරෝධතාවලින් ඊයේ (29) දිනයේදී පමණක් ඉරාකයේ පුද්ගලයින් 40 කට වැඩි සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්වුණා. එය පසුගිය මාසයේ උද්ඝෝෂණ ආරම්භ වීමෙන් පසු දිනකදී මියගිය වැඩිම පුද්ගලයින් සංඛ්‍යාව වනවා. පසුගිය ඔක්තෝබර් මාසයේ සිට මේ දක්වා පුද්ගලයින් 400 කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම තත්ත්වය හමුවේ අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවයි එරට අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරන්නේ.

 

The post ඉරාක අගමැති ඉල්ලා අස්වන බව නිවේදනය කරයි appeared first on ITN News.

Read More »

වැලිමඩ – බදුල්ල ප‍්‍රධාන මාර්ගයට ගල් පෙරලීමේ අවදානමක්  

0 comments

වැලිමඩ බදුල්ල ප‍්‍රධාන මාර්ගයේ රථ වාහන ධාවනය කිරීමේදී වඩාත් සැලකිලිමත් වන ලෙස රියදුරන්ට දැනුම් දෙනවා.

ඒ පුහුල්පොළ ප‍්‍රදේශයේදී මාර්ගයට ගල් පෙරලීමේ අවදානමක් හේතුවෙන්. 96 වන කිලෝමීටර කණුව ආසන්නයේ මාර්ගයට ගල් කිහිපයක් මේ වනවිටත් පතිතවී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මාර්ගය ආසන්න වේල්ලක කොටසක් නායයාම හේතුවෙන් මෙසේ ගල් පෙරලීම් සිදුවනවා.

ඒ හේතුවෙන් රියදුරන් වඩාත් සැලකිලිමත්වීම අවශ්‍ය බවයි පොලීසිය සඳහන් කළේ.

The post වැලිමඩ – බදුල්ල ප‍්‍රධාන මාර්ගයට ගල් පෙරලීමේ අවදානමක් appeared first on ITN News.

Read More »

ජේසු බිළිඳා තැන්පත් කළ බවට සැලකෙන ගව ඔරුවේ කොටසක් නත්තලට පෙර බෙත්ලෙහෙමට  

0 comments

ජේසු බිළිඳා තැන්පත් කළ බවට සැලකෙන ගව ඔරුවේ කොටසක් බෙත්ලෙහෙමේ ශාන්ත කැතරින් ෆ‍්‍රැන්සිස්කන් දේවස්ථානය වෙත රැගෙන යාමට තීරණය කර තිබෙනවා.

ගව ඔරුවේ තිබී හමුවූ පෞරාණික ලී කැබැල්ලක් මෙසේ එම දේවස්ථානයේ තැන්පත් කිරීමයි සැලසුම. ශුද්ධෝත්තම ෆ‍්‍රැන්සිස් පාප් වහන්සේගේ උපදෙස් මත එය සිදුවන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. එම පෞරාණික ලී කැබැල්ල හත්වන සියවසයේ සිට රෝමයේ බැසිලිකා හි සැන්ටා මාරියා මැගියෝ දේවස්ථානයේ තැන්පත් කර තිබුණා.

නත්තලට පෙර එය බෙත්ලෙහෙම වෙත රැගෙන යාමටයි නියමිත.

The post ජේසු බිළිඳා තැන්පත් කළ බවට සැලකෙන ගව ඔරුවේ කොටසක් නත්තලට පෙර බෙත්ලෙහෙමට appeared first on ITN News.

Read More »

නිධානයකින් ලබාගත් බවට පවසමින් රත‍්‍රං කාසි තොගයක් අළෙවි කිරිමට උත්සාහ කළ දෙදෙනෙකු අත්අඩංගුවට  

0 comments

නිධානයකින් ලබාගත් බවට පවසමින් රත‍්‍රං කාසි තොගයක් අළෙවි කිරිමට උත්සාහ කළ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුරාධපුර තවරක්කුලම ප‍්‍රදේශයේ සිදුකළ වැටලීමකදී. එම කාසි තොගය ලක්ෂ 30 ක මුදලකට අළෙවි කිරීමටයි සැකකරුවන් උත්සාහ කර තිබෙන්නේ. පොලිස් විශේෂ කාර්ය බලකායයි වැටලීම සිදුකළේ. එහිදී ව්‍යාජ ලෙස සකස් කරන ලද කාසි 851 ක් සොයා ගැනීමට හැකිවුණා.

The post නිධානයකින් ලබාගත් බවට පවසමින් රත‍්‍රං කාසි තොගයක් අළෙවි කිරිමට උත්සාහ කළ දෙදෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.

Read More »

උල්හිටියාව ජලාශයේ සියලු වාන් දොරටු විවෘතයි  

0 comments

බදුල්ල උල්හිටියාව ජලාශයේ සියලු වාන් දොරටු විවෘතවී තිබෙනවා. ඒ හේතුවෙන් ගිරාඳුරුකෝට්ටේ රත්කිඳ මාර්ගය භාවිත කිරීමේදී වඩාත් සැලකිලිමත් වන ලෙසයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙන්නේ.

ජලාශයේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් ඊයේ (29) මධ්‍යම රාත‍්‍රිය වනවිට එහි වාන් දොරටු හතම විවෘතවී තිබෙනවා. ජලාශය අවට පහත් බිම්වල පදිංචි ජනතාව ද අවධානයෙන් කටයුතු කිරිම වැදගත් බවයි ජලාශය භාර ඉංජිනේරුවරුන් සඳහන් කළේ.

The post උල්හිටියාව ජලාශයේ සියලු වාන් දොරටු විවෘතයි appeared first on ITN News.

Read More »

ඉන්දියාවේ ජාකන්ඩ් ප‍්‍රාන්ත මැතිවරණය ඇරඹෙයි  

0 comments

ඉන්දියාවේ ජාකන්ඩ් ප‍්‍රාන්ත මැතිවරණයේ ඡන්ද විමසීම පෙරවරු 7 ට ආරම්භ වුණා.

පස්වරු 3 දක්වා ඡන්ද විමසීම සිදුකරන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළේ. මැතිවරණයේ පළමු අදියර සඳහා තරඟ වදින අපේක්ෂකයන් සංඛ්‍යාව 189 ක්. පාලක භාරතීය ජනතා පක්ෂයට මෙවර දැඩි අභියෝගයකට මුහුණදීමට ද සිදුව ඇති බවයි එරට වාර්තා ප‍්‍රකාශ කළේ.

The post ඉන්දියාවේ ජාකන්ඩ් ප‍්‍රාන්ත මැතිවරණය ඇරඹෙයි appeared first on ITN News.

Read More »

ඉන්දියාවේ ප‍්‍රාන්ත කිහිපයකට අයහපත් කාලගුණය පිළිබදව අනතුරු ඇඟවීමේ නිවේදනයක්  

0 comments

ඉන්දියාවේ ප‍්‍රාන්ත කිහිපයකට අයහපත් කාලගුණය පිළිබදව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඉදිරි පැය 48 දී තද වැසි අපේක්ෂා කරන බවයි ඉන්දීය කාලගුණ අංශ සඳහන් කළේ. ඒ හේතුවෙන් නැවත දැනුම් දෙන තුරු තමිල්නාඩුවේ සියලුම පාසල් සහ විශ්වවිද්‍යාල ද වසාතැබීමට ප‍්‍රාන්ත බලධාරීන් තීරණය කළා. වෙරළබඩ ප‍්‍රදේශවල සංචාරය නොකරන ලෙසට ද ජනතාවට දැනුම්දී තිබෙනවා.

ධීවරයන්ට ද මුහුදු යාමෙන් වළකින ලෙසයි උපදෙස් ලබාදී ඇත්තේ. ආන්ද්‍රා ප‍්‍රදේශ් සහ තෙලඟනා ප‍්‍රාන්තවල ද වෙරළබඩ ප‍්‍රදේශ වලට කාලගුණයෙන් දැඩි බලපෑම් ඇති වන බවටයි අපේක්ෂා කෙරෙන්නේ.

The post ඉන්දියාවේ ප‍්‍රාන්ත කිහිපයකට අයහපත් කාලගුණය පිළිබදව අනතුරු ඇඟවීමේ නිවේදනයක් appeared first on ITN News.

Read More »

එක්සත් ජාතීන්ගේ දේශගුණික සමුළුවට බලපෑම් කිරීමට රටවල් රැසක උද්ඝෝෂණ  

0 comments

එක්සත් ජාතීන්ගේ දේශගුණික සමුළුවට බලපෑම් කිරීම සඳහා රටවල් රැසක උද්ඝෝෂණ පැවැත්වෙනවා.

ලබන සතියේ සමුළුව පැවැත්වෙන්නේ ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් හිදී. ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමට එරෙහිව නව කි‍්‍රයාමාර්ගයක් ගැනීම කෙරෙහි යුරෝපා නායකයන්ගේ අවධානය යොමුකරවීම උද්ඝෝෂණවල අරමුණ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. දහස් සංඛ්‍යාත විරෝධතාකරුවන් පිරිසක් යුරෝපයේ සහ ආසියාවේ රටවල් රැසක ප‍්‍රධාන නගර වලට එක්වෙමින් උද්ඝෝෂණවල නිරතව සිටිනවා. ජර්මනියේ ද නගර 500 ක ලක්ෂ 6 කට අධික ජනතාවක් එක්රැස්වී ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.

එක්සත් ජාතීන්ගේ දේශගුණික සමුළුව පැවැත්වෙන මැඩ්රිඩ් නගරයට ද දෙදහසක පමණ පිරිසක් ඒකරාශ්‍රීවී තිබෙනවා. ඇමරිකාව, ඔස්ටේ‍්‍රලියාව ඇතුලු තවත් රටවල් රැසක ප‍්‍රධාන නගරවල වීදි විරෝධතාකරුවන්ගෙන් පිරී තිබෙන බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ.

මේ අතර ලන්ඩන් පාලම තවදුරටත් වසා ඇති බව ස්කොට්ලන්ඩ්යාර්ඩ් පොලිසිය පවසනවා. පුද්ගලයන් දෙපිරිසක් අතර ඇතිවූ පිහි ඇණීමේ සිද්ධියක් හේතුවෙන් එම පාලම තාවකාලිකව වසාදැමීමටයි එරට බලධාරින් කටයුතු කළේ. පිහි ඇණුමෙන් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තවත් තුන් දෙනෙකු තුවාල ලබා තිබෙනවා. මෙම සිදුවීම ත‍්‍රස්තවාදී කි‍්‍රයාවක් බවට සලකන බවයි එරට පොලීසිය පවසන්නේ.

The post එක්සත් ජාතීන්ගේ දේශගුණික සමුළුවට බලපෑම් කිරීමට රටවල් රැසක උද්ඝෝෂණ appeared first on ITN News.

Read More »

දකුණු ආසියානු කී‍්‍රඩා උළෙල හෙට සිට  

0 comments

දකුණු ආසියානු කී‍්‍රඩා උළෙල හෙට (01)  ආරම්භ වනවා. ඒ නේපාලයේ කත්මණ්ඩු නුවර දසරාත් රංගශාලා කී‍්‍රඩාංගනයේදී. නිල සමාරම්භක උත්සවයට විශේෂාංග රැසක් එක්කර ඇති බවයි එරට වාර්තා සඳහන් කළේ.

මෙවර කී‍්‍රඩා උළෙල පැවැත්වෙන්නේ 13 වන වරට නේපාලයේ සත්කාරකත්වයෙන්. ශ්‍රී‍්‍ර ලංකාව, ඉන්දියාව, පාකිස්ථානය, බංගලිදේශය, මාලදිවයින සහ භූතානය ඇතුලු රටවල් නියෝජනය කරමින් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් ඊට එක්විමට නියමිතයි.

ශ්‍රී‍්‍ර ලංකාව නියෝජනය කරමින් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 567 දෙනෙකු සහභාගී වන බවයි කණ්ඩායම් නායක පිහිණුම් ශූර මැතිව් අබේසිංහ සඳහන් කළේ. තරඟ ඉසව් 30 ක් මෙවර කී‍්‍රඩා උළෙළට ඇතුලත්. ඒ සඳහා පිරිනැමෙන මුළු පදක්කම් සංඛ්‍යාව 1115 ක් බවයි තරඟ සංවිධායකයන් පවසන්නේ. ඊට රන් පදක්කම් 317 ක්, රිදි පදක්කම් 317 ක් සහ ලෝක පදක්කම් 481 ක් ඇතුලත්.

The post දකුණු ආසියානු කී‍්‍රඩා උළෙල හෙට සිට appeared first on ITN News.

Read More »

වන අලි ගම්වැදීමේ ගැටලුවට කඩිනමින් විසඳුම්  

0 comments

වන අලි ගම්වැදීමේ ගැටලුවට කඩිනමින් විසඳුම් ලබාදෙන බව අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා පවසනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඒ වෙනුවෙන් විශේෂ උපදෙස් ලබාදී ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. සිවිල් ආරක්ෂක බලකායේ සහය ද වැඩපිලිවෙල වෙනුවෙන් ලබාගන්නා බව එස් එම් චන්ද්‍රසේන මහතා ප‍්‍රකාශ කළා.

කෙටි කාලීන වැඩපිලිවෙලක් ලෙස විදුලි වැට නොමැති ප‍්‍රදේශ වලට කඩිනමින් විදුලි වැට ඉදිකිරිමට නියමිතයි. ඊට අමතරව ජීව වැටවල් ද ඉදිකිරීමට කටයුතු කරන බවයි එස් එම් චන්ද්‍රසේන මහතා සඳහන් කළේ.

The post වන අලි ගම්වැදීමේ ගැටලුවට කඩිනමින් විසඳුම් appeared first on ITN News.

Read More »

අපි සූදානම් ජනාධිපතිතුමා හා අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡා කරන්න – මාවෙයි සේනාධිරාජා  

0 comments

දෙමළ ජනතාවගේ බලාපොරොත්තු ඉටුකර ගැනීම සදහා ජනාධිපතිතුමා හා අග්‍රාමාත්‍යවරයා සමග දෙමළ ජාතික සන්ධානය සාකච්ඡා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතා පවසනවා. යාපනයේ පැවති උත්සවයකට එක්වෙමින් ඒ මහතා මේ බව කියාසිටියා.

පා.ම. මාවෙයි සේනාධිරාජා

“තමිල්අරසු පක්ෂය කාවද තෝරා ගන්නේ කියන එක නෙමෙයි අපට තියෙන ප්‍රශ්නය. අපේ ප්‍රතිපත්ති පිළිගන්නෙ කවුද කියන එකයි ප්‍රශ්නේ. අපේ ජනතාවගේ ප්‍රශ්නය කොයි තරම් දුරට විසදා ගන්න පුළුවන්ද කියන එක අනුවයි ඡන්දය දීලා තියෙන්නේ. බලයට ආව පිරිස් කියනවා අපි ප්‍රශ්නවලට විසදුම් දෙනවයි කියලා. එහෙම නම් අපි සූදානම් ඒ අයත් එක්ක සාකච්ඡා කරන්න. අපේ දේශය සහ අපේ ජනතාව නැවත ගොඩනැංවීමට වත්මන් රජය විසදුමක් දීමට සූදානම් නම් ඒකට සහයෝගය දීමට අපි ලැහැස්තියි කියලා මම කියන්න කැමතියි.”

 

 

 

The post අපි සූදානම් ජනාධිපතිතුමා හා අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡා කරන්න – මාවෙයි සේනාධිරාජා appeared first on ITN News.

Read More »

මවගෙන් දරුවාට ඒඩ්ස් බෝ නොවන රටක් වෙනුවෙන් ලබාදෙන සම්මානය ශ්‍රී ලංකාවට  

0 comments

මවගෙන් දරුවාට ඒඩ්ස් බෝ නොවන රටක් වෙනුවෙන් ලබාදෙන සම්මානය ශ්‍රී ලංකාවට හිමි වුණා. ලෝක සෞඛ්‍ය සංවිධානයයි මෙම සම්මානය ලබා දෙන්නේ.

ඒ පිළිබද දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් රෝගය සම්බන්ධ සිද්ධාර්ථයින්ගේ සංගමයේ විශේෂඥ වෛද්‍ය චිත්‍රාත් හතුරුසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුනා.

The post මවගෙන් දරුවාට ඒඩ්ස් බෝ නොවන රටක් වෙනුවෙන් ලබාදෙන සම්මානය ශ්‍රී ලංකාවට appeared first on ITN News.

Read More »

සුඩානයේ නීති සංශෝධනයක්  

0 comments

සුඩානයේ ආන්දෝලනයකට තුඩුදුන් නිීති කිහිපයක් සංශෝධනය කර තිබෙනවා. කාන්තාවන්ට ප‍්‍රසිද්ධ ස්ථානවලදී ඇදුම් පැලදුම් භාවිතය සහ හැසිරිම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා නීති කිහිපයක් සම්පාදනය කළා. එම නීති හේතුවෙන් තමන් පීඩාවට පත්වන බවයි ඔහුට එරෙහිව උද්ඝෝෂණය කරමින් කාන්තාවන් පෙන්වා දුන්නේ.

හිටපු ජනාධිපතිවරයා ඉවත්කර බලයට පත් නව රජයේ අග‍්‍රාමාත්‍ය අබ්දුල්ලා හැම්ඩොක් මෙම නීති ඉවත්කිරිමට කටයුතු කළා. හිටපු ජනාධිපතිවරයාගේ දේශපාලන පක්ෂය විසුරුවා හැර එහි සියලු දේපල රාජසන්තක කිරිමට ද රජය තීරණය කර තිබෙනවා.

ඕමාර් අල් බසීර්ගේ රජය පෙරලා දැමීමට උදව් කළ විරෝධතා කරුවන්ගේ ප‍්‍රධාන ඉල්ලිමක් ඉටුකර ඇති බවයි විදෙස් වාර්තා ප‍්‍රකාශ කළේ. සුඩානයේ ස්වාධින කවුන්සිලය සහ කැබිනට් මණ්ඩලයේ ඒකාබද්ධ රැස්වීමකදී මෙම තීරණ ගෙන තිබෙනවා. ජනතාව එම තීන්දු තීරණ සම්බන්ධයෙන් වීථි බැස සිය ප‍්‍රසාදය පළකරන බවයි සුඩාන වාර්තා පෙන්වා දෙන්නේ.

The post සුඩානයේ නීති සංශෝධනයක් appeared first on ITN News.

Read More »

අනිද්දා සිට දුම්රියේ සිඟමන් යැදීම තහනම්  

0 comments

අනිද්දා (01) සිට දුම්රියේ සිඟමන් යැදීම සම්පුර්ණයෙන් තහනම් කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා. දුම්රිය වේදිකාවන්වල සිගමන් යැදීමද ඒ අනුව තහනම් වනවා. එම නීතිය කඩකර සිගමන් යැදින්නන්ට එරෙහිව දැඩි දඩුවම් පමුණුවන බවයි දුම්රිය සේවා අමාත්‍යාංශය නිවේදනය කළේ.

මේ අතර යාල්දේවි දුම්රිය පීලි පැනීම හේතුවෙන් බාධා එල්ලවී තිබූ උතුරු දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු යථාතත්වයට පත්කර තිබෙනවා. ඒ සමග රාත‍්‍රියේ කොළඹ කොටුවේ සිට යාපනය සහ තලෙයිමන්නාරම දක්වා ගමන් කෙරෙන රාත‍්‍රි තැපැල් දුම්රිය ද සාමාන්‍ය පරිදි ධාවනය කරන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේ.

The post අනිද්දා සිට දුම්රියේ සිඟමන් යැදීම තහනම් appeared first on ITN News.

Read More »

සුරක්ෂා රක්ෂණය අහෝසි කළ බවට ගෙනයන ප්‍රචාර සම්පූර්ණයෙන්ම අසත්‍යයි  

0 comments

පාසල් දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක සුරක්ෂා රක්ෂණය අහෝසි කිරීමට රජය තීරණය කර ඇති බවට ගෙනයන ප්‍රචාර සම්පූර්ණයෙන්ම අසත්‍ය බව අධ්‍යාපන අමාත්‍යවරයා අවධාරණය කරනවා.

සුරක්ෂා රක්ෂණය පාසල් දරුවන් මිලියන 4 කට අධික පිරිසක් වෙනුවෙන් ක්‍රියාත්මකයි. එය අහෝසි කිරීමට ආණ්ඩුව තීරණය කර ඇතැයි,  ඇතැම් මාධ්‍ය හා සමාජ මාධ්‍ය ජාලාවල පළවූ වාර්තා මුලුමනින්ම අසත්‍ය බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අවධාරණය කරනවා. මෑත කාලීනව මෙරට ශිෂ්‍ය ප්‍රජාව වෙනුවෙන් ක්‍රියාත්මක වූ වැදගත් ව්‍යාපෘතියක් ලෙස සුරක්ෂා රක්ෂණය හැදින්වීමට තමා කිසිවිටෙකත් නොපැකිලෙන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස තමන් කළ පැහැදිලි කිරීමෙන් අනතුරුව ජනාධිපතිතුමන් ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය තීරණය කරනු ලැබුවේ මෙම රක්ෂණය ඵලදායී ව්‍යාපෘතියක් වුවද ක්‍රියාත්මක පාර්ශ්වයේ දුර්වලකම් හා අනීතික ක්‍රියාකාරකම් දුරුකොට එය දරුවන්ට උපරිම ප්‍රතිලාභ ලැබෙන ලෙස ක්‍රියාත්මක කළ යුතු බවයි.

ඒ අනුව ජාතික වගකීමක් ලෙස කිසිදු අක්‍රමිකතාවකට ඉඩ නොතබමින් මෙම සිසු රක්ෂණය ක්‍රියාත්මක කිරීමේ වගකීම අධ්‍යාපන අමාත්‍යාංශය භාරගෙන ඇත්තේ ගෞරවයෙන් හා මහත් වූ විශ්වාසයකින් බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අවධාරණය කරනවා.

 

 

The post සුරක්ෂා රක්ෂණය අහෝසි කළ බවට ගෙනයන ප්‍රචාර සම්පූර්ණයෙන්ම අසත්‍යයි appeared first on ITN News.

Read More »

නව රජයේ නිසි අධ්‍යනයකින් පසුව සමුරායි බැදුම්කර, වෙළෙදපොලට නිකුත් කිරීමට සූදානම්  

0 comments

නව රජයේ නිසි අධ්‍යනයකින් පසුව සමුරායි බැදුම්කර,  වෙළෙදපොලට නිකුත් කිරීමට සූදානම් බව මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසනවා.

මහබැංකු ශ්‍රවණාගාරයේ අද (29) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනුයි ඒ මහතා මේ බව කියාසිටියේ.

 

 

 

The post නව රජයේ නිසි අධ්‍යනයකින් පසුව සමුරායි බැදුම්කර, වෙළෙදපොලට නිකුත් කිරීමට සූදානම් appeared first on ITN News.

Read More »

මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබද එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ මෙහෙයුම් අධ්‍යක්ෂ සහ විදේශ කටයුතු ඇමති අතර හමුවක්  

0 comments

මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබද එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ මෙහෙයුම් අධ්‍යක්ෂ මිවා කතෝ මහත්මිය විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවුනා. ඒ විදේශ කටයුතු අමාත්‍යාංශයේදීයි.

ශ්‍රී ලංකාවට ආසන්න මුහුදු තීරයේ සිදු කෙරෙන මත්ද්‍රව්‍ය ජාවාරම මැඩ පවත්වාගැනීම පිළිබදව මෙම සාකච්ඡාවේදී අවධානය යොමුව තිබෙනවා.මත්ද්‍රව්‍ය ජාවාරම සහ සමුද්‍රීය අපරාධ මැඩපැවැත්වීමට ශ්‍රීලංකාව ලබා දුන් සහයෝගය මෙහිදී මීවා කතෝ මහත්මියගේ ඇගයීමට ලක්වුණා.

එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ සමුද්‍රීය අපනයන වැඩසටහනේ ප්‍රධානී ඇලන් කෝල් මහතා සහ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබද එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ ශ්‍රී ලංකා කාර්ය මණ්ඩල සාමාජිකයන් කිහිප දෙනෙකු ද මෙම හමුවට එක්වුණා.

 

 

The post මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබද එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ මෙහෙයුම් අධ්‍යක්ෂ සහ විදේශ කටයුතු ඇමති අතර හමුවක් appeared first on ITN News.

Read More »

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් තද වැසි පිළිබදව අවවාදාත්මක නිවේදනයක්  

0 comments

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තද වැසි පිළිබදව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ හෙට (30) පස්වරු 2.30 දක්වා බලාත්මක වන පරිදි. දිවයින පුරා පවතින වැසි තත්වයේ තරමක වැඩිවීමක් හෙට(30) දිනයේදී අපේක්ෂා කරන බවයි දෙපාර්තමේන්තුව පෙන්වාදෙන්නේ. ඇතැම් ස්ථාන වලට මිලිමීටර සියයත් 150 ත් අතර තරමක තද වැසි ඇද හැලෙන බව ද නිවේදනයේ දැක්වෙනවා.

The post කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් තද වැසි පිළිබදව අවවාදාත්මක නිවේදනයක් appeared first on ITN News.

Read More »

හොංකොං විශ්වවිද්‍යාලයකින් පෙට‍්‍රල් බෝම්බ හාරදහසක් සොයා ගැනේ  

0 comments

හොංකොං හි විශ්වවිද්‍යාලයකින් පෙට‍්‍රල් බෝම්බ හාරදහසක් සොයාගෙන තිබෙනවා.

දින දෙකක් පුරා විශ්වවිද්‍යාලය ආශි‍්‍රතව සෝදිසි මෙහෙයුම් කි‍්‍රයාත්මක කළ බවයි එරට ආරක්ෂක අංශ ප‍්‍රකාශ කළේ. සති කිහිපයක් පුරා හොංකොං හි පැවැත්වෙන විරෝධතා අතරතුර පොලීසිය සහ විරෝධතාකරුවන් අතර ගැටුම් හටගත්තා.

විරෝධතා පැවැත්වෙන භූමිය ආසන්නයේ මෙම විශ්වවිද්‍යාලය පිහිටා ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ. පුපුරනද්‍රව්‍ය සහ ආයුධ රැසක් ද සොයාගෙන තිබෙනවා.

The post හොංකොං විශ්වවිද්‍යාලයකින් පෙට‍්‍රල් බෝම්බ හාරදහසක් සොයා ගැනේ appeared first on ITN News.

Read More »

සිම්බාබ්වේ ආහාර අර්බුදය පිළිබදව රටවල් රැසක අවධානය  

0 comments

සිම්බාබ්වේ ආහාර අර්බුදය සම්බන්ධයෙන් රටවල් රැසක අවධානය යොමුව තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානය ද ඒ පිළිබදව විශේෂ අවධානයක් යොමුකර ඇති බවයි විදෙස් ප‍්‍රවෘත්ති වාර්තා සඳහන් කළේ. මානූෂීය ආධාර ලබාදීමේ කඩිනම් වැඩපිළිවෙලක් සකස් කළයුතු බවට ද ඔවුන් යෝජනා කළා.

ඒ වෙනුවෙන් සිම්බාබ්වේ රජය ද මැදිහත් වියයුතු බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වාදෙන්නේ.

The post සිම්බාබ්වේ ආහාර අර්බුදය පිළිබදව රටවල් රැසක අවධානය appeared first on ITN News.

Read More »

පාඩු ලබන විදුලිබල මණ්ඩලයේ දූෂිත ගිවිසුම් අහෝසි කළ යුතුයි – විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය  

0 comments

පාඩු ලබන විදුලිබල මණ්ඩලයේ දූෂිත ගිවිසුම් අහෝසි කළ යුතු බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය පවසනවා.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔවුන් මේ බව ප්‍රකාශ කළා.

 

 

 

 

The post පාඩු ලබන විදුලිබල මණ්ඩලයේ දූෂිත ගිවිසුම් අහෝසි කළ යුතුයි – විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය appeared first on ITN News.

Read More »

එක්සත් ජාතික පක්ෂය තුළ කිසිදු අර්බුදයක් නැහැ – චන්දිම ගමගේ  

0 comments

එක්සත් ජාතික පක්ෂය තුළ කිසිදු අර්බුදයක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රි චන්දිම ගමගේ මහතා පවසනවා.

යහපත් ආදර්ශයක් ලබා දෙමින් රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේදී දේශපාලනයෙන් විශ්‍රාම ගන්නා බවයි ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ.

මාධ්‍ය හමුවකට එක්වෙමින් චන්දිම ගමගේ මහතා මෙම අදහස් පළකලා.

The post එක්සත් ජාතික පක්ෂය තුළ කිසිදු අර්බුදයක් නැහැ – චන්දිම ගමගේ appeared first on ITN News.

Read More »

වෛද්‍ය සාෆි පිළිබද විධිමත් පරික්ෂණයක් සිදුකර නීතිය නිවැරදිව ක්‍රියාත්මක කළ යුතුයි  

0 comments

වෛද්‍ය සාෆි ෂිහබ්දීන් පිළිබද විධිමත් පරික්ෂණයක් සිදුකර නීතිය නිවැරදිව ක්‍රියාත්මක කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රි පූජ්‍ය අතුරලියේ රතන ස්වාමීන් වහන්සේ පවසනවා.

විජය ධරණී ජාතික සභාව පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි උන් වහන්සේ මේ බව ප්‍රකාශ කළේ. තවත් ස්වාමීන් වහන්සේ කිහිප නමක ද මෙහිදී අදහස් දැක්වුවා.

 

 

The post වෛද්‍ය සාෆි පිළිබද විධිමත් පරික්ෂණයක් සිදුකර නීතිය නිවැරදිව ක්‍රියාත්මක කළ යුතුයි appeared first on ITN News.

Read More »

Recent News

Gossip Lanka MAG