Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

එක්සත් ජාතීන්ගේ දේශගුණික සමුළුවට බලපෑම් කිරීමට රටවල් රැසක උද්ඝෝෂණ  

Add comments

එක්සත් ජාතීන්ගේ දේශගුණික සමුළුවට බලපෑම් කිරීම සඳහා රටවල් රැසක උද්ඝෝෂණ පැවැත්වෙනවා.

ලබන සතියේ සමුළුව පැවැත්වෙන්නේ ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් හිදී. ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමට එරෙහිව නව කි‍්‍රයාමාර්ගයක් ගැනීම කෙරෙහි යුරෝපා නායකයන්ගේ අවධානය යොමුකරවීම උද්ඝෝෂණවල අරමුණ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. දහස් සංඛ්‍යාත විරෝධතාකරුවන් පිරිසක් යුරෝපයේ සහ ආසියාවේ රටවල් රැසක ප‍්‍රධාන නගර වලට එක්වෙමින් උද්ඝෝෂණවල නිරතව සිටිනවා. ජර්මනියේ ද නගර 500 ක ලක්ෂ 6 කට අධික ජනතාවක් එක්රැස්වී ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.

එක්සත් ජාතීන්ගේ දේශගුණික සමුළුව පැවැත්වෙන මැඩ්රිඩ් නගරයට ද දෙදහසක පමණ පිරිසක් ඒකරාශ්‍රීවී තිබෙනවා. ඇමරිකාව, ඔස්ටේ‍්‍රලියාව ඇතුලු තවත් රටවල් රැසක ප‍්‍රධාන නගරවල වීදි විරෝධතාකරුවන්ගෙන් පිරී තිබෙන බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ.

මේ අතර ලන්ඩන් පාලම තවදුරටත් වසා ඇති බව ස්කොට්ලන්ඩ්යාර්ඩ් පොලිසිය පවසනවා. පුද්ගලයන් දෙපිරිසක් අතර ඇතිවූ පිහි ඇණීමේ සිද්ධියක් හේතුවෙන් එම පාලම තාවකාලිකව වසාදැමීමටයි එරට බලධාරින් කටයුතු කළේ. පිහි ඇණුමෙන් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තවත් තුන් දෙනෙකු තුවාල ලබා තිබෙනවා. මෙම සිදුවීම ත‍්‍රස්තවාදී කි‍්‍රයාවක් බවට සලකන බවයි එරට පොලීසිය පවසන්නේ.

The post එක්සත් ජාතීන්ගේ දේශගුණික සමුළුවට බලපෑම් කිරීමට රටවල් රැසක උද්ඝෝෂණ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG