Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දකුණු ආසියානු කී‍්‍රඩා උළෙල හෙට සිට  

Add comments

දකුණු ආසියානු කී‍්‍රඩා උළෙල හෙට (01)  ආරම්භ වනවා. ඒ නේපාලයේ කත්මණ්ඩු නුවර දසරාත් රංගශාලා කී‍්‍රඩාංගනයේදී. නිල සමාරම්භක උත්සවයට විශේෂාංග රැසක් එක්කර ඇති බවයි එරට වාර්තා සඳහන් කළේ.

මෙවර කී‍්‍රඩා උළෙල පැවැත්වෙන්නේ 13 වන වරට නේපාලයේ සත්කාරකත්වයෙන්. ශ්‍රී‍්‍ර ලංකාව, ඉන්දියාව, පාකිස්ථානය, බංගලිදේශය, මාලදිවයින සහ භූතානය ඇතුලු රටවල් නියෝජනය කරමින් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් ඊට එක්විමට නියමිතයි.

ශ්‍රී‍්‍ර ලංකාව නියෝජනය කරමින් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 567 දෙනෙකු සහභාගී වන බවයි කණ්ඩායම් නායක පිහිණුම් ශූර මැතිව් අබේසිංහ සඳහන් කළේ. තරඟ ඉසව් 30 ක් මෙවර කී‍්‍රඩා උළෙළට ඇතුලත්. ඒ සඳහා පිරිනැමෙන මුළු පදක්කම් සංඛ්‍යාව 1115 ක් බවයි තරඟ සංවිධායකයන් පවසන්නේ. ඊට රන් පදක්කම් 317 ක්, රිදි පදක්කම් 317 ක් සහ ලෝක පදක්කම් 481 ක් ඇතුලත්.

The post දකුණු ආසියානු කී‍්‍රඩා උළෙල හෙට සිට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG