Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බ්‍රසීලයේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 5 ඉක්මවයි  

0 comments

නව්‍ය කොරෝන වෛරසය හේතුවෙන් බ්‍රසීලයෙන් වාර්තාවන ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 5 ඉක්මවා තිබෙනවා.

ගතවූ පැය 24 ට එරටින් වාර්තා වූ වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 16,409 ක්. වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන රටවල් අතර 4 වන ස්ථානයේ පසුවන බ්‍රසීලයෙන් ඊයේ දිනයේ දී කොරෝනා මරණ 480 ක් වාර්තා වී තිබෙනවා.

මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය භාවිතයෙන් තහනම් කරනු ලැබූ හයිඩ්‍රොක්සි ක්ලෝරොක්වීන් මාත්‍රා මිලියන 2 ක් බ්‍රසීලයට ලබාදීමටයි ඇමෙරිකාව කටයුතු කර ඇත්තේ. මෙම මැලේරියා ඖෂධය කොරෝනා වෛරසයට එරෙහිව ක්‍රියා කරන බවට මෙතක් විද්‍යාත්මකව තහවුරුවී නැහැ.

 

 

 

 

The post බ්‍රසීලයේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 5 ඉක්මවයි appeared first on ITN News.

Read More »

එල් සැල්වදෝර රාජ්‍යයේ සුළි කුණාටුවකින් 07 දෙනෙකු ජීවිතක්ෂයට  

0 comments

එල් සැල්වදෝර රාජ්‍යයේ ඇති වූ  සුළි කුණාටුවෙන් 07 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අමන්දා සුළි කුණාටුව හේතුවෙන් ගංවතුර හා නායයෑම් ද වාර්තා වී තිබෙනවා. ගංවතුර හේතුවෙන් ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන් ඇණ හිට ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මිලිමීටර් 250 ත් 380 ත් අතර වර්ෂාපතනයක් අද දිනයේදී බලාපොරොත්තු විය හැකි බව එරට කාලගුණ අශ නිවේදනය කරනවා. පැයට කිලෝමීටර් 65 ක පමණ වේගයෙන් සුළි කුණාටුව හමා යන බවයි වාර්තා වන්නේ.

 

 

The post එල් සැල්වදෝර රාජ්‍යයේ සුළි කුණාටුවකින් 07 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

Read More »

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1630 දක්වා ඉහළට  

0 comments

මෙරටින් වාර්තා වන කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 1630 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

අද (31) දිනයේ හඳුනාගත් නව ආසාදිතයින් දස දෙනාගෙන් නව දෙනෙකු විදෙස් රටවල සිට පැමිණ නිරෝධායන වෙමින් සිටි පුද්ගලයින් වන අතර අනෙක් ආසාදිතයා නාවික හමුදා සාමාජිකයෙකු වන බව සඳහන්.

The post මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1630 දක්වා ඉහළට appeared first on ITN News.

Read More »

දිවයිනටම හෙට අලුයම 4ට ඇදිරිය අවසන් – යළි රාත්‍රී 10ට  

0 comments

සමස්ත දිවයිනටම අද (31) දිනයේ ඇදිරිනීතිය ක්‍රියාත්මකයි. නිරෝධායන ඇදිරිනීතියට ගරු කරමින් ජනතාව නිවෙස් තුළම සිටීම අද දිනයේ විශේෂයෙන් දැකගත හැකි වුණා.

අද (31) දිනයේ ක්‍රියාත්මක ඇදිරිනීතිය හෙට (01) අලුයම 4 ට ඉවත් කෙරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළා. හෙට (01) රාත්‍රී 10 ට ඇදිරිනීතිය යළි පැනවෙනවා.

අගහරුවාදා හා බදාදා දිනයන් හිදී සමස්ත දිවයිනටම ඇදිරිනීතිය ක්‍රියාත්මක වන්නේ රාත්‍රී 10 සිට අලුයම 4 දක්වා පමණයි. එළඹෙන බ්‍රහස්පතින්දා හා පොසොන් පොහොය යෙදෙන සිකුරාදා දිනයේදී දවස පුරාම ඇදිරිනීතිය ක්‍රියාත්මක බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළා.

සෙනසුරාදා අලුයම 4 ට ඉවත් කෙරෙන ඇදිරිනීතිය යළි දැනුම් දෙන තුරු සෑම දිනකම රාත්‍රී 10 සිට උදෑසන 4 දක්වා බල පැවැත්වෙනවා. ‍ කොළඹ,  ගම්පහ හැර සෙසු දිස්ත්‍රික් අතර ගමනාගමනයට අවසර ලබා දී තිබෙනවා.

මේ අතර නිරෝධායන ඇදිරිනීතිය උල්ලංඝනය කරන්නන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කෙරෙනවා. ඔවුන්ට එරෙහිව නඩු පවරන බවයි පොලීසිය පවසන්නේ.

 

The post දිවයිනටම හෙට අලුයම 4ට ඇදිරිය අවසන් – යළි රාත්‍රී 10ට appeared first on ITN News.

Read More »

අභාවප්‍රාප්ත ජනාධිපති නීතිඥ මාර්ෂල් පෙරේරා මහතාගේ දේහයට අගමැති අවසන් ගෞරව දක්වයි  

0 comments

අභාවප්‍රාප්ත හිටපු ආණ්ඩුකාර,  ජනාධිපති නීතිඥ මාර්ෂල් පෙරේරා මහතාගේ දේහයට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අවසන් ගෞරව දැක්වුවා.

හෙට දහවල් 12 තෙක් ජයරත්න මල්ශාලාවේ තැන්පත්  කර තිබෙන දේහය බදුල්ලේ පිහිටි සිය නිවසට රැගෙන යාමට නියමිතයි.

ජනාධිපති නීතිඥ මාර්ෂල් පෙරේරා මහතා මිය යන විට 89 වන වියෙහි පසු වුණා. ඌව,  සබරගමුව සහ දකුණු පළාත්වල ආණ්ඩුකාරවරයා ලෙස ඒ මහතා කටයුතු කළා. මාර්ෂල් පෙරේරා මහතා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතාගේ පියාණන් ද වනවා දේහය තැන්පත් කර ඇති ජයරත්න මල්ශාලාවෙ වෙත ගිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දේහයට අවසන් ගෞරව දැක්වුවා.

අග්‍රාමාත්‍යවරයා පවුලේ ඥාතීන්ට සිය ශෝකය ද පල කළා.මාර්ෂල් පෙරේරා මහතාගේ පිළිබඳ අවසන් කටයුතු ලබන 3 වනදා බදුල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි.

 

 

 

The post අභාවප්‍රාප්ත ජනාධිපති නීතිඥ මාර්ෂල් පෙරේරා මහතාගේ දේහයට අගමැති අවසන් ගෞරව දක්වයි appeared first on ITN News.

Read More »

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1628 දක්වා ඉහළට  

0 comments

මෙරටින් වාර්තා වන කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 1628 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

The post මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1628 දක්වා ඉහළට appeared first on ITN News.

Read More »

හිසට සෙවණක් නැති මාධ්‍යවේදීන්ට ගෙයක් දෙන්න මාධ්‍ය ඇමති බන්දුලගේ සූදානමක්  

0 comments

රජයේ ඉඩම් නිසි ක්‍රමවේදයකින් තොරව පෞද්ගලික අංශයට ලබා දී ඉදිකර ඇති නිවාස සංකීර්ණ මාධ්‍යවේදීන්ට ලබා දීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

රිචඩ් ද සොයිසා මාධ්‍යවේදී නිවාස සංකීර්ණයේ නිරීක්‍ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.

මාධ්‍යවේදීන් සදහා මෙරට ඉදිකෙරුණු පළමු මාධ්‍ය ගම්මානය වන්නේ තලංගම කොස්වත්ත ප්‍රදේශයේ පිහිටි රිචඩ් ද සොයිසා මාධ්‍යවේදී ගම්මානයයි. එහි පවතින අඩුපාඩු සොයා බැලීමට අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා එම ගම්මානයේ නිරීක්‍ෂණ චාරිකාවක නිරත වුණා. නිවාස සංකීර්ණය මාධ්‍යවේදීන් වෙත ලබා දීමෙන් පසු ජනමාධ්‍ය අමාත්‍යවරයෙකු එහි සංචාරය කළ පළමු අවස්ථාව ද මෙයයි.

නිවාස සංකීර්ණයේ පවතින ගැටලු සම්බන්ධයෙන් කඩුවෙල නගරාධිපතිවරයා දුරකථනයෙන් සම්බන්ධ කරගත් අමාත්‍යවරයා එම ගැටලුවලට කඩිනමින් විසදුම් ලබා දෙන ලෙස දැනුම් දුන්නා.

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුනිල් මාධව ප්‍රේමතිලක මහතාගේ සුවදුක් විමසිමට ද අමාත්‍යවරයා පියවර ගත්තා.

“]

The post හිසට සෙවණක් නැති මාධ්‍යවේදීන්ට ගෙයක් දෙන්න මාධ්‍ය ඇමති බන්දුලගේ සූදානමක් appeared first on ITN News.

Read More »

නිරෝධායන කටයුතු අවසන්කළ තවත් අට දෙනෙකු බූස්ස නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිටව යයි  

0 comments

බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුළ සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කළ තවත් පුද්ගලයන්  8 දෙනෙකු  නිවෙස් බලා පිටත්ව යයි.

සාර්ථකව නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ මෙම පුද්ගලයින් 08 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම රජයේ සෞඛ්‍ය උපදෙස් වලට අනුව නිරෝධායන මධ්‍යස්ථානය තුලින් පිටත් කර යැවීමටත් ඔවුන් වෙත නිරෝධායනය සාර්ථකව අවසන් කල බවට ලබා ‍‍දෙනු ලබන සහතිකපත් ලබා දීමටත් නාවික හමුදාව කටයුතු කරන ලදි.

මේ වන විට එම මධ්‍යස්ථානයේ නිරෝධායන කටයුතු අවසන් කළ සංඛ්‍යාව 204 ක්.

 

 

 

The post නිරෝධායන කටයුතු අවසන්කළ තවත් අට දෙනෙකු බූස්ස නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිටව යයි appeared first on ITN News.

Read More »

දුරස්ථ බව කඩකළ රුමේනියා අගමැතිට දඩ  

0 comments

රුමේනියා අගමැතිවරයාට ඇමරිකා ඩොලර් 600 ක දඩ මුදලක් නියම කර තිබෙනවා.

ඒ දුරස්ථභාවය පිළිබද උපදෙස් කඩකිරීම හේතුවෙන්. අග‍්‍රාමාත්‍යවරයා තවත් අමාත්‍යවරුන් කිහිපදෙනෙකු සමඟ ගොඩනැගිල්ලක රැස්වීමක් පවත්වා ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ.

එහිදී කොරෝනා වයිරසය මැඩපැවැත්වීම සඳහා හදුන්වාදී ඇති නියෝග උල්ලංගනයවී තිබෙනවා. අග‍්‍රාමාත්‍යවරයා දුම්පානය කරමින් සිටින ආකාරයත් ඡායාරූපවල සඳහන්.

එහි සිටි කිසිවෙක් මුව ආවරණ පැළඳ නොසිටි බවයි මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

The post දුරස්ථ බව කඩකළ රුමේනියා අගමැතිට දඩ appeared first on ITN News.

Read More »

ඇමති බන්දුල මාධ්‍යවේදී නිවාස සංකීර්ණයේ නිරීක්‍ෂණ චාරිකාවක  

0 comments

රජයේ ඉඩම් නිසි ක්‍රමවේදයකින් තොරව පෞද්ගලික අංශයට ලබා දී ඉදිකර ඇති නිවාස සංකීර්ණ මාධ්‍යවේදීන්ට ලබා දීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

රිචඩ් ද සොයිසා මාධ්‍යවේදී නිවාස සංකීර්ණයේ නිරීක්‍ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.

මාධ්‍යවේදීන් සදහා මෙරට ඉදිකෙරුණු පළමු මාධ්‍ය ගම්මානය වන්නේ තලංගම කොස්වත්ත ප්‍රදේශයේ පිහිටි රිචඩ් ද සොයිසා මාධ්‍යවේදී ගම්මානයයි. එහි පවතින අඩුපාඩු සොයා බැලීමට අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා එම ගම්මානයේ නිරීක්‍ෂණ චාරිකාවක නිරත වුණා. නිවාස සංකීර්ණය මාධ්‍යවේදීන් වෙත ලබා දීමෙන් පසු ජනමාධ්‍ය අමාත්‍යවරයෙකු එහි සංචාරය කළ පළමු අවස්ථාව ද මෙයයි.

නිවාස සංකීර්ණයේ පවතින ගැටලු සම්බන්ධයෙන් කඩුවෙල නගරාධිපතිවරයා දුරකථනයෙන් සම්බන්ධ කරගත් අමාත්‍යවරයා එම ගැටලුවලට කඩිනමින් විසදුම් ලබා දෙන ලෙස දැනුම් දුන්නා.

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුනිල් මාධව ප්‍රේමතිලක මහතාගේ සුවදුක් විමසිමට ද අමාත්‍යවරයා පියවර ගත්තා.

 

The post ඇමති බන්දුල මාධ්‍යවේදී නිවාස සංකීර්ණයේ නිරීක්‍ෂණ චාරිකාවක appeared first on ITN News.

Read More »

තවත් නාවික විරුවන් 15දෙනෙකුට සුවයි – සුවය ලැබූ මුළු නාවික විරුවන් ගණන 403ක්  

0 comments

covid – 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා සාමාජිකයින් 15ක් සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් තිබෙනවා.

ඔවුන්ගෙන් (08) දෙනෙකු IDH රෝහලින්ද, සිව්දෙනෙකු (04) හෝමාගම රෝහලින්ද,  දෙදෙනෙක් (02) මුල්ලේරියාව රෝහලින්ද, තවත් එක් (01) නාවික සාමාජිකයෙකු නාවික මහ රෝහල වෙතින්ද ප්‍රතිකාර ලබා ගන්නා ලදි.

ඒ අනුව සුවය ලැබු සමස්ත නාවික හමුදා සාමාජිකයින් ගණන 403ක් දක්වා ඉහළ ගොස් ඇත.

 

 

The post තවත් නාවික විරුවන් 15දෙනෙකුට සුවයි – සුවය ලැබූ මුළු නාවික විරුවන් ගණන 403ක් appeared first on ITN News.

Read More »

රටපුරා විශේෂ පොලිස් කණ්ඩායම්  

0 comments

විශේෂ පොලිස් කණ්ඩායම් රටපුරා යොදවා තිබෙනවා.

ඇදිරිනීතිය උල්ලංඝනය කරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමයි අරමුණ. ජංගම මුර සංචාරද යොදවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා සදහන් කළේ.

ඇඳිරි නීතිය උල්ලංගනය කිරිම හේතුවෙන් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති සංඛ්‍යාව හැට හයදහස් නවසිය විසි එකක්. වාහන දහ අටදහස් අටසිය හතළිස් එකක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

9621 දෙනෙකුට දඬුවම් නියමවී ඇති බවයි පොලීසිය පවසන්නේ. මේ වනවිට රටපුරා ඇඳිරි නීතිය කි‍්‍රයාත්මක වනවා.

The post රටපුරා විශේෂ පොලිස් කණ්ඩායම් appeared first on ITN News.

Read More »

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පළාත් හා කලාප අධ්‍යක්ෂවරුන්ට උපදෙස්  

0 comments

අධ්‍යාපන අමාත්‍යාංශය පළාත් හා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට උපදෙස් මාලාවක් නිකුත් කළා.

පාසල් යළි ආරම්භ කිරීමෙන් පසු අනුගමනය කළයුතු ක‍්‍රමවේද සකස් කිරීමයි අරමුණ. සිසුන්ගේ සංඛ්‍යාව සහ වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කිරීම ඇතුලු කරුණු ඊට අයත්.

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ සිසුන්ගේ අධ්‍යාපන කටයුතු ආරම්භ කළ ආකාරය සම්බන්ධයෙන් ද අවශ්‍ය කි‍්‍රයාමාර්ග ගැනීම සඳහා උපදෙස් පති‍්‍රකාවේ කරුණු ඇතුලත් බවයි අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් කටයුතු පිළිබද අතිරේක ලේකම් ආර් එම් එම් රත්නායක මහතා සඳහන් කළේ.

The post අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පළාත් හා කලාප අධ්‍යක්ෂවරුන්ට උපදෙස් appeared first on ITN News.

Read More »

කොරෝනා අසාදනය වී සුවය ලබා රෝහලෙන් පිටව ගිය ගණන 801ක් දක්වා ඉහළට  

0 comments

නව්‍ය කොරෝනා ආසාදිතව සිටි තවත් පුද්ගලයන් විසි දෙනෙක් සුවය ලබා තිබෙනවා. ඒ අනුව රෝහල්වලින් පිටව ගිය මුළු සංඛ්‍යාව 801 ක්.

පුද්ගලයන් 809 දෙනෙක් තවමත් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබනවා. මෙරට තහවුරු කළ ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1620 ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ.

මේ වන විට සිදුකර ඇති පී සී ආර් පරික්ෂණ සංඛ්‍යාව 63935 ක්.

The post කොරෝනා අසාදනය වී සුවය ලබා රෝහලෙන් පිටව ගිය ගණන 801ක් දක්වා ඉහළට appeared first on ITN News.

Read More »

අභ්‍යන්තර ගුවන් ගමන් යළි ආරම්භ කිරිමට තුර්කිය තීරණය කරයි  

0 comments

අභ්‍යන්තර ගුවන් ගමන් යළි ආරම්භ කිරිමට තුර්කිය තීරණය කළා.

පසුගිය මාර්තු 23 වනදා සිට ගුවන් ගමන් නතර කිරිමටයි එරට බලධාරින් තීරණය කලේ. සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් පනවා ඇති සීමා ලිහිල් කිරිම අරමුණක්.

මාර්ගෝපදේශ මාලාවක් ඉදිරියේදී ප‍්‍රකාශයට පත්කරන බවයි තුර්කි රජය සදහන් කලේ. ව්‍යාපාර කටයුතු සදහා මූලිකත්වය ලබාදීමයි සැලැස්ම.

The post අභ්‍යන්තර ගුවන් ගමන් යළි ආරම්භ කිරිමට තුර්කිය තීරණය කරයි appeared first on ITN News.

Read More »

අනවසරයෙන් වැලි ප්‍රවාහනය කළ ටිපර් රථ 4ක් පොලිස් භාරයට  

0 comments

අල්ල කන්තලේ මහවැලි ගගේ අනවසරයෙන් වැලි ප්‍රවාහනය කළ ටිපර් රථ 4ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

ඒ සමග පුද්ගලයන් 4 දෙනෙකු ද අත්අඩංගුවට ගත් බවයි කන්තලේ සූරියපුර විශේෂ කාර්ය බලකාය සදහන් කළේ.

සැකකරුවන් අද (31) මුතූර් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

 

 

The post අනවසරයෙන් වැලි ප්‍රවාහනය කළ ටිපර් රථ 4ක් පොලිස් භාරයට appeared first on ITN News.

Read More »

සූරිය වැව ක්‍රිකට් ක්‍රීඩාංගනය අසල කන්සා හේනක් වටලයි  

0 comments

සූරිය වැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය ආසන්නයේ වගා කර තිබූ කන්සා හේනක් වටලා තිබෙනවා.

ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලයට වෙන්කර තිබූ භූමි ප්‍රදේශයකයි මෙම කන්සා වගාව සිදුකර ඇත්තේ. තංගල්ල කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් වැටලීම සිදුකළා.

අඩි 6ක් පමණ උසට වැවී තිබූ කන්සා ගස් 500ක් පමණ ගිනි තබා විනාශ කළ බවයි අප වාර්තා කරුවන් සදහන් කළේ. වැටලීමේදී සැකකරුවෙකු අත්අඩංගුවට පත්වුණා.

 

 

 

The post සූරිය වැව ක්‍රිකට් ක්‍රීඩාංගනය අසල කන්සා හේනක් වටලයි appeared first on ITN News.

Read More »

ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයට ගංවතුරින් බලපෑම්  

0 comments

ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයට ගංවතුරින් බලපෑම් එල්ලවී තිබෙනවා.

ඒ සමග ඇසෑම් ප්‍රාන්තයේ ප්‍රධාන නගරය වන ගුවහති නගරයටයි දැඩි බලපෑම් එල්ල වුණා. පහත්බිම් රැසක් ජලයෙන් යටවී තිබෙනවා.

උතුරු ඉන්දියාවේ අතැම් ප්‍රාන්තවලට ඇතිවූ අධික උණුසුම් කාලගුණ තත්ත්වයක් බලපෑ පසුබිමක ඊසාන දින ඇසෑම් ප්‍රාන්තයට තද වැසි ඇද හැලීමත් සමගයි මෙම තත්ත්වය උද්ගතවී තිබෙන්නේ.

 

 

 

The post ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයට ගංවතුරින් බලපෑම් appeared first on ITN News.

Read More »

ඉන්දියාවේ අධි අවධානම් කළාපවලට පනවා තිබූ සීමාකිරිම් තවදුරටත් දීර්ඝ කරයි  

0 comments

covid 19 වසංගතය හේතුවෙන් පැන වූ සීමා ලබන මස 30 වනදා දක්වා දීර්ඝ කිරීමට ඉන්දියාව තීරණය කර තිබෙනවා.

එම දැඩි සීමා ක්‍රියාත්මක වන්නේ පසුගිය මාර්තු 25 වනදා සිටයි. කෙසේ වෙතත් වෛරසයේ ආසාදනය අවම ප්‍රදේශවල ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාවලිය තවදුරටත් සිදු කෙරෙන බවයි රජය නිවේදනය කළේ.

ලබන මස 8 වනදා සිට සාප්පු සංකීර්ණ,  හෝටල්,  අවන්හල් හා ආගමික ස්ථාන ජනතාව සඳහා විවෘත වන්නේ මේ වන විට වාර්තා වන මුළු කෝවිඩ් ආසාදිත සංඛ්‍යාව එක් ලක්‍ෂ අසූ එක් දහස ඉක්මවා යන පසුබිමකයි. ඉන්දියාවෙන් වාර්තා වන සමස්ත කෝවිඩ් මරණ සංඛ්‍යාව පන්දහස ඉක්මවා තිබෙනවා.

 

 

The post ඉන්දියාවේ අධි අවධානම් කළාපවලට පනවා තිබූ සීමාකිරිම් තවදුරටත් දීර්ඝ කරයි appeared first on ITN News.

Read More »

සිවිල් ආරක්ෂක බලකාය ආරම්භ කළ අක්කර 400ක කජු වගාවකින් සාර්ථක අස්වැන්නක්  

0 comments

පොළොන්නරුව සිවිල් ආරක්ෂක බලකාය ආරම්භ  කළ අක්කර 400ක කජු වගාවකින් සාර්ථක අස්වැන්නක් ලැබී තිබෙනවා.

වාකරේ මාන්කර්නි ප්‍රදේශයේයි මෙම කජු වගාව සිදුකර තිබෙන්නේ. එහි පළමු අස්වැන්න නෙලීම සිවිල් ආරක්ෂක බලකායේ නිලධාරීන් විසින් සිදුකළා. රජයට මෙම වගාවෙන් ඉහළ ආදායමක් ලබා ගත හැකි වන බවයි සිවිල් ආරක්ෂක බලකායේ මේජර් දිනේෂ් කුමාර මහතා සදහන් කළේ.

පිටරටින් කජු ආනයනය කිරීම සදහා වැය වන මුදල ද අවම කර ගැනීමට හැකි වනවා.

 

 

The post සිවිල් ආරක්ෂක බලකාය ආරම්භ කළ අක්කර 400ක කජු වගාවකින් සාර්ථක අස්වැන්නක් appeared first on ITN News.

Read More »

ජනපති ඓතිහාසික සෝමාවතී විහාරස්ථානය වැඳපුදා ගනී  

0 comments

ජනතාවට සහ රටට සෙත්පතා පොලොන්නරුව ඓතිහාසික සෝමාවතී විහාර පුදබිමේ පැවති ආගමික වතාවත්වලට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද (30) එක්වුණා.

සෝමාවති පුදබිමට පැමිණි ජනාධිපතිතුමා රජමහා විහාරාධිපති පූජ්‍ය පහමුණේ ශ්‍රී සුමංගල ස්වාමීන්වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගත්තා. සෝමාවතී සෑරදුන් වෙත සිදු කෙරුණු කප්රුක් පූජාවකටද ජනාධිපතිතුමා එක් වුණා.

සෝමාවති පුද බිම බොහෝ අවස්ථාවල ගංවතුර තර්ජනයට ලක් වනවා. සෝමාවති රජමහා විහාරාධිපති ස්වාමින් වහන්සේගේ ඉල්ලීම පරිදි ජනාධිපතිතුමාගේ උපදෙස් යටතේ ගුවන් හමුදාව එවැනි ආපදා අවස්ථාවකදී සහාය විය හැකි ආකාරයෙන් හෙලිකොප්ටර් යානාංගනයක් ඉදිකළා.

එම යානාංගනය විවෘත කිරීමද ජනාධිපතිතුමා අතින් අද (30) සිදු කෙරුණා. ගුවන්හමුදාපති එයාර් මාර්ශල් සුමංගල ඩයස් මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වුණා.

 

 

 

The post ජනපති ඓතිහාසික සෝමාවතී විහාරස්ථානය වැඳපුදා ගනී appeared first on ITN News.

Read More »

කොරෝනා එන්නතක් පිළිබද රුසියාවේ සායනික පරීක්ෂණ සති දෙකකින්  

0 comments

කොරෝනා වයිරසයට එරෙහි එන්නතක සායනික පරීක්ෂණ සති දෙකකින් ආරම්භ කරන බව රුසියාව ප‍්‍රකාශ කළා.

මේ වනවිට එහි මූලික කටයුතු ආරම්භ කර තිබෙනවා. එරට සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂ ආයෝජනයක් මගින් එන්නතක් නිෂ්පාදනයට කටයුතු කළා. කෙසේවෙතත් අත්හදා බැලීමකින් තොරව එය භාවිත කළ නොහැකි බවයි විද්‍යාඥයන් පවසන්නේ. අවසන් අදියරයේදී රෝගීන් 330 දෙනෙකුට එන්නත ලබාදීමයි අපේක්ෂාව.

මේ අතර චීනය නිෂ්පාදනය කළ එන්නත වසර අවසන් වනවිට භාවිතා කිරීමට හැකි වන බව එරට බලධාරීන් සඳහන් කළා. මේ වනවිටත් එන්නත් සියයකට ආසන්න ප‍්‍රමාණයක් ලොවපුරා අත්හදා බැලීමේ මට්ටමකයි පවතින්නේ.

චීනය පුද්ගලයන් 2000 කට එන්නත පළමු අදියරයේදී පරීක්ෂණ සඳහා ලබාදී ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. අදියර තුනක් යටතේ එය අත්හදා බැලීම් තවදුරටත් සිදුකරන බවයි චීන වෛද්‍යවරුන් පවසන්නේ.

The post කොරෝනා එන්නතක් පිළිබද රුසියාවේ සායනික පරීක්ෂණ සති දෙකකින් appeared first on ITN News.

Read More »

ලතින් ඇමෙරිකා රටවල කොරෝනා මරණ සංඛ්‍යාව පනස් දහස ඉක්මවයි  

0 comments

ලතින් ඇමෙරිකා රටවල කොරෝනා මරණ සංඛ්‍යාව පනස් දහස ඉක්මවා තිබෙනවා. ආසාදිතයන්ගේ සංඛ්‍යාව මිලියනයකට ආසන්න බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

නව්‍ය කෙරෝනා වෛරසය හේතුවෙන් මේ වන විට වැඩි බලපෑමක් එල්ල වී තිබෙන්නේ ලතින් ඇමෙරිකා රටවලටයි. බ්‍රසීලය,  චිලී රාජ්‍යය,  මෙක්සිකෝව සහ පේරු රාජ්‍ය යන රටවල කොරෝනා වෛරසය ශීඝ්‍රයෙන් පැතිර යන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

 

 

 

 

The post ලතින් ඇමෙරිකා රටවල කොරෝනා මරණ සංඛ්‍යාව පනස් දහස ඉක්මවයි appeared first on ITN News.

Read More »

ලොරි රථයක් සහ වෑන් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් තුන් දෙනෙකුට තුවාල  

0 comments

හලාවත ආනමඩුව මාර්ගයේ බංගදෙණිය ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් තුන් දෙනෙකු බරපතල තුවාල ලැබුවා. ඉන්දීය ජාතිකයෙකු ද ඒ අතර වන බව පොලිසිය ප්‍රකාශ කළා.

ලොරි රථයක් සහ වෑන් රථයක් මුහුණට මුහුණ ගැටීමෙනුයි අනතුර සිදුවුණේ. වෑන් රථයේ සිටි තුන් දෙනෙකු බරපතල තුවාල ලබා හලාවත මහරෝහලට ඇතුළත් කෙරුණා. අනතුරෙන් තුවාල ලැබූවේ පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු සහ කාන්තාවකයි.

අනතුරට පත් වාහන දෙකම අධික වේගයෙන් ගමන් කර ඇති බව පොලිසිය පවසනවා. අනතුර සිදුවන ආකාරය අසල වෙළෙදසැලක තිබූ සීසීටීවී කැමරාවක සටහන්ව තිබුණා.

 

 

 

 

 

The post ලොරි රථයක් සහ වෑන් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් තුන් දෙනෙකුට තුවාල appeared first on ITN News.

Read More »

අභාවප්‍රාප්ත ජනාධිපති නීතිඥ මාෂල් පෙරේරා මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ජූනි 3 වනදා  

0 comments

අභාවප්‍රාප්ත හිටපු ආණ්ඩුකාර,  ජනාධිපති නීතිඥ මාර්ෂල් පෙරේරා මහතාගේ දේහය බොරැල්ල ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර තිබෙනවා.

හෙට (01) දහවල් 12 තෙක් එහි තැන්පත් කෙරෙන දේහය බදුල්ලේ පිහිටි සිය නිවසට රැගෙන යාමට නියමිතයි.

ජනාධිපති නීතිඥ මාර්ෂල් පෙරේරා මහතා මිය යන විට 89 වන වියෙහි පසු වුණා. ඌව,  සබරගමුව සහ දකුණු පළාත්වල ආණ්ඩුකාරවරයා ලෙස ඒ මහතා කටයුතු කළා. දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන 3 වනදා බදුල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි.

මාර්ෂල් පෙරේරා මහතා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතාගේ පියාණන් ද වනවා.

 

 

The post අභාවප්‍රාප්ත ජනාධිපති නීතිඥ මාෂල් පෙරේරා මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ජූනි 3 වනදා appeared first on ITN News.

Read More »

ඇමෙරිකා ජනපති G7 සමුළුව කල් දමයි  

0 comments

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජී 7 සමුළුව කල් දැමීමට තීරණය කර තිබෙනවා.

ඇමෙරිකා ජනාධිපතිවරයා පවසන්නේ ජී 7 සමුළුවේ වර්තමාන ආකෘතියේ පවතින්නේ යල් පැන ගිය රටවල් සමූහයක් බවයි. මේ හේතුවෙන් ලබන මාසයේදී මෙම සමුළුව පැවැත්වීමට කටයුතු කරන බවත් ජී 7 සමුළුවේ රටවල් සංඛ්‍යාව වැඩි කරන බවත් ඔහු සදහන් කර තිබෙනවා.

ඕස්ට්‍රේලියාව,  රුසියාව,  දකුණු කොරියාව හා ඉන්දියාව යන රටවල් මෙසේ ජී 7 සමුළුට එක් කිරීමට තමන් බලාපොරොත්තු වන බවයි ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ. මෙම සමුළුව සෑදී ඇත්තේ ඇමෙරිකාව,  ඉතාලිය,  ජපානය,  කැනඩාව,  ප්‍රංශය,  ජර්මනිය,  බ්‍රිතාන්‍යය මෙන්ම යුරෝපා සංගමයේ එකතුවෙන්.

 

 

 

The post ඇමෙරිකා ජනපති G7 සමුළුව කල් දමයි appeared first on ITN News.

Read More »

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1561 දක්වා ඉහළට  

0 comments

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1561 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

අද දිනයේ මේ දක්වා හමු වු ආසාදිතයින් තිදෙනාම නාවික හමුදා සාමාජිකයන් බවයි වාර්තා වන්නේ.

සුවය ලැබූ සංඛ්‍යාව 781 ක් බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ.

The post මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1561 දක්වා ඉහළට appeared first on ITN News.

Read More »

ලොව වයස්ගතම පුද්ගලයා ජීවිතක්ෂයට  

0 comments

ලොව වයස්ගතම පුද්ගලයා මිය ගිය බව අද බ්‍රිතාන්‍යය මාධ්‍ය වාර්තා කර සිටියා.

බොබ් වෙයිටන් නම් මෙම පුද්ගලයා මිය යන විට වයස අවුරුදු 112 ක්. බ්‍රිතාන්‍යයේ හැම්ෂර් ප්‍රාන්තයේයි ඔහු වාසය කළේ. ජපානයේ චිටෙට්සු වටනබේ වසර 112 ක් ආයු වළඳා පසුගිය වසරේ මිය ගිය පසුයි බොබ් වෙයින්ටන් ලොව වයස්ගතම පුද්ගලයා බවට පත් වූයේ.

පසුගිය මාර්තු 29 වෙනි දිනට වෙයිනටන්ගේ 112 වන උපන්දිනය යෙදී තිබූ අතර කොවිඩ් වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් උපන්දින සැමරුමක් සිදු නොකළ බව බීබීසී නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකදී පවසා තිබෙනවා.

 

 

 

 

The post ලොව වයස්ගතම පුද්ගලයා ජීවිතක්ෂයට appeared first on ITN News.

Read More »

ගතවු පැය 24 වැඩිම කොරෝනා මරණ බ‍්‍රසීලයෙන්  

0 comments

නව්‍ය කොරෝනා වෛරසය ආසාධනය වීමෙන් ගතවූ පැය 24 තුළ වැඩිම මරණ සංඛ්‍යාව බ‍්‍රසීලයෙන් වාර්තා වනවා.

පුද්ගලයන් 1180 දෙනෙකු මියගොස් ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ. ඒ සමග බ‍්‍රසීලයේ මරණ සංඛ්‍යාව ස්පාඤ්ඤයේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාවද ඉක්මවා ගියා.

බ‍්‍රසීලයේ නව්‍ය කොරෝනා ආසාධනය වීමෙන් මියගිය සංඛ්‍යාව විසිහත් දහස් නවසිය හතලිස් හතරක්.

 

The post ගතවු පැය 24 වැඩිම කොරෝනා මරණ බ‍්‍රසීලයෙන් appeared first on ITN News.

Read More »

සොයිසාපුර වෙඩි තැබීමේ සිද්ධියට පොලිස් නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්  

0 comments

මොරටුව සොයිසාපුර ප‍්‍රදේශයේ අවන්හලකට වෙඩි ප‍්‍රහාරයක් එල්ලවන අවස්ථාවේ එම ස්ථානයේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරින් තුන් දෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

රාජකාරි පැහැර හැරීමේ චෝදනාව මත පොලිස් සැරයන්වරයෙකුගේ සහ කොස්තාපල්වරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර ඇති බවයි මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සදහන් කළේ.

මොරටුව සොයිසාපුර ප‍්‍රදේශයේ අවන්හලකට පසුගියදා කිසියම් පිරිසක් ප‍්‍රහාරයක් එල්ල කර තිබෙනවා. ඉන්පසුව අවන්හලට ආරක්ෂාව සැපයීම සදහා පොලිස් නිලධාරින් යොදවා තිබුණා. එහෙත් ආරක්ෂාව යොදවා තිබියදී ඊයේ (29) අලුයම මෝටර් රථයකින් පැමිණි පිරිස අවන්හලට වෙඩි තබා පළාගොස් තිබෙනවා.

ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරින් තුන්දෙනා රාජකාරී කටයුතු පැහැර හැර ඇති බවයි මුලික විමර්ෂණවලින් අනාවරණය වුණේ. ඒ අනුව ඔවුන්ගේ වැඩ තහනම් කිරිමට පියවර ගෙන තිබෙනවා.

The post සොයිසාපුර වෙඩි තැබීමේ සිද්ධියට පොලිස් නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම් appeared first on ITN News.

Read More »

රටවල් 123ක ශ‍්‍රි ලාංකිකයන් හතලිස් දෙදහස් පන්සියයක් දිවයිනට පැමිණීමේ අපේක්ෂාවෙන්  

0 comments

රටවල් 123 ක සිටින ශ‍්‍රී ලාංකිකයන් හතලිස් දෙදහස් පන්සිය විසි දෙදෙනෙකු දිවයිනට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.

ඉන් තිස්හතර දහස් අටසිය අසුඑක් දෙනෙකු ශ‍්‍රමිකයන් බවයි අමාත්‍යාංශය සදහන් කළේ. මැද පෙරදිග සේවය කරන විසිදහස් අටසිය අනු තුන් දෙනෙකුද ඊට ඇතුලත්. තවත් 4961 දෙනෙකු කෙටිකාලීන විසා බලපත් හිමි අය බවයි අමාත්‍යාංශය ප‍්‍රකාශ කළේ. කුවේටයේ සිට පැමිණි 466 දෙනාගෙන් කිසිවෙකුත් එරටදී පී සී ආර් පරික්ෂණවලට යොමුකර නොමැති බවද හෙළිවුණා. ඒ විදේශ කටයුතු අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී. ඒ අනුව විදේශගත ශ‍්‍රි ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීමට පෙර පී සී ආර් පරික්ෂණ සිදුකිරිම සදහා අවධානය යොමුව තිබෙනවා.

ඒ වෙනුවෙන් පී සී ආර් පරික්ෂණ කට්ටල සමඟ වෛද්‍ය කාර්ය මණ්ඩලයක් එක් එක් රටවලට පිටත්කර යැවීම කෙරෙහිද අවධානය යොමුවූ බවයි නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු අමාත්‍යාංශය ප‍්‍රකාශ කළේ.

මැද පෙරදිග ඇතුලු අනෙකුත් කලාපවල සිට ගෙන්වා ගන්නා ශ‍්‍රී ලාංකිකයන් මුලින්ම පී සී ආර් පරික්ෂණවලට භාජනය කර ගෙන්වීමට ඇති හැකියාව පිලිබදවද සාකච්ඡාවේදි අවධානයට ගැණුනා.

The post රටවල් 123ක ශ‍්‍රි ලාංකිකයන් හතලිස් දෙදහස් පන්සියයක් දිවයිනට පැමිණීමේ අපේක්ෂාවෙන් appeared first on ITN News.

Read More »

යළි අන්තවාදී ප‍්‍රහාරයකට ඉඩ නොදෙන බවට ආරක්ෂක ලේකම්ගෙන් සහතිකයක්  

0 comments

පාස්කු ඉරුදින එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරය වැන්නක් යළි ඇතිනොවීමට කටයුතු කරන බව ආරක්ෂක ලේකම් විශ‍්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා ප‍්‍රකාශ කළා.

ඒ සදහා අවශ්‍ය සියලු පියවර ගැනීමට විශේෂ කාර්ය බලකායට හැකියාවක් ඇති බවයි කමල් ගුණරත්න මහතා සදහන් කළේ.

අන්තවාදය , සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මර්දනයේදි පොලිස් විශේෂ කාර්ය බලකායට ප‍්‍රබල කාර්යභාරයක් පැවරෙනවා. ජාතික ආරක්ෂාව තහවුරු කිරීමේදි ද ඔවුන් දක්වන දායකත්වය අගය කළ යුතු බවයි කමල් ගුණරත්න මහතා පවසන්නේ.

සියලු බුද්ධි අංශ ඒකරාශි කර ජාතික ආරක්ෂාව තවදුරටත් ශක්තිමත් කිරිමේ අවශ්‍යතාවද ආරක්ෂක ලේකම්වරයා අවධාරණය කළා.

විශේෂ කාර්ය බලකා මුලස්ථානයේ නිල සංචාරයකට එක්වෙමින් ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා මේ අදහස් පළකළා.

The post යළි අන්තවාදී ප‍්‍රහාරයකට ඉඩ නොදෙන බවට ආරක්ෂක ලේකම්ගෙන් සහතිකයක් appeared first on ITN News.

Read More »

තවත් කොරෝනා ආසාදිතයින් 27කට සුවයි – සුවවූවන් ගණන 781 දක්වා ඉහළට  

0 comments

තවත් කොරෝනා ආසාදිතයින් 27 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගියා.

සුවය ලබා අද (30) දිනයේ පිටව ගිය 27 දෙනා සමගින් මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව 781 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

The post තවත් කොරෝනා ආසාදිතයින් 27කට සුවයි – සුවවූවන් ගණන 781 දක්වා ඉහළට appeared first on ITN News.

Read More »

මෙරට PCR පරික්ෂණ හැට දෙදහස ඉක්මවයි  

0 comments

මෙරටදී සිදුකළ PCR පරික්ෂණ සංඛ්‍යාව හැට දෙදහස ඉක්මවා තිබෙනවා.

ඊයේ (29) දිනය තුළ පමණක් PCR පරික්ෂණ 1330 ක් සිදුකෙරුණා. ඒ අනුව මෙරටදී සිදුකළ සමස්ත PCR පරික්ෂණ සංඛ්‍යාව හැට දෙදහස් දෙසීය අටක්. තවදුරටත් PCR පරික්ෂණ සිදුකෙරෙන බවයි වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ.

මේ අතර මෙරටින් තහවුරු කරගත් නව්‍ය කොරෝනා ආසාධිතයන්ගේ සංඛ්‍යාව 1558 ක් බව වසංගත රෝග විද්‍යා අංශය ප‍්‍රකාශ කළා. ඉන් 781 දෙනෙකු සම්පුර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

නාවික හමුදාවේ සෙබලුන් අතර නව්‍ය කොරෝනා වෛරසය ආසාධනයවීම පාලනයකට නතුකර ඇති බවයි මාධ්‍ය ප‍්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර මහතා ප‍්‍රකාශ කළේ. තව සති කිහිපයකින් නාවික හමුදාවෙන් නව්‍ය කොරෝනා ආසාධිතයන් වාර්තා නොවනු ඇති බවයි සුරියබණ්ඩාර මහතා පෙන්වා දුන්නේ.

ගතවූ දින තිහ තුළ සමාජයෙන් නව්‍ය කොරෝනා ආසාධිතයන් වාර්තා නොවූ බව කොළඹ ප‍්‍රධාන වෛද්‍ය නිලධාරි රුවන් විජේමුණි මහතා ප‍්‍රකාශ කළා. කොළඹ නගර සභා බල ප‍්‍රදේශයේ සියලු සෞඛ්‍යාරක්ෂක පහසුකම් සලසා ඇති බවයි විජේමුණි මහතා සදහන් කළේ.

The post මෙරට PCR පරික්ෂණ හැට දෙදහස ඉක්මවයි appeared first on ITN News.

Read More »

අනිද්දා සිට දුම්රිය 33ක් ධාවනයට  

0 comments

අනිද්දා (01) සිට දුම්රිය 33 ක් ධාවනයට එක්කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා.

සේවා අවශ්‍යතා පදනම් කරගනිමින් ලබන සතියේ දුම්රියේ ගමන් කිරිමට පුද්ගලයන් දහනව දහස් පන්සිය අනු තුන් දෙනෙකු ලියාපදිංචි වී ඇති බවයි දෙපාර්තමේන්තුව සදහන් කළේ.

මේ අතර බස් රථ පන්දහසකට අධික සංඛ්‍යාවක් ලබන සතියේ ධාවනයට එක්කිරිමට සැලසුම් කර තිබෙනවා. මේවන විට බස්රථ 4800 ක් ධාවනයට එක්කර ඇති බවයි ලංකා ගමනා ගමන මණ්ඩලය පවසන්නේ.

අන්තර් පලාත් පෞද්ගලික බස් රථ 3200 ක් ද ධාවනයට එක්කිරිමට නියමිත බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව ප‍්‍රකාශ කළා.

The post අනිද්දා සිට දුම්රිය 33ක් ධාවනයට appeared first on ITN News.

Read More »

නිරෝධායනය අවසන් කළ තවත් 109ක් නිවෙස් වෙත  

0 comments

ජපානයේ සිට මෙරටට පැමිණ රජගිරිය ආයුර්වේද රෝහල් පරිශ්‍රයේ  යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ  නිරෝධායනය අවසන් කළ 109 දෙනෙකු අද (30) පෙරවරුවේ නිවෙස් බලා පිටව ගියා.

දින 14 ක සාර්ථක නිරෝධායනය අවසන් කළ මෙම ශ්‍රී ලාංකිකයින් තමන්ට සැළසූ සේවාවන් පිලිබද රජයට හා යුද හමුදාවට සිය ස්තුතිය  ද පල කළා.

The post නිරෝධායනය අවසන් කළ තවත් 109ක් නිවෙස් වෙත appeared first on ITN News.

Read More »

කොරෝනා නීතිරීති කඩ කරන්නේ නම් ඊට විරුද්ධවීමට ඕනෑම කෙනෙකුට අයිතියක් තිබෙනවා  

0 comments

කවරෙකු වුව ද කොරෝනා මර්දනයට අදාළ නීතිරීති කඩ කරන්නේ නම් ඊට විරුද්ධවීමට ඕනෑම කෙනෙකුට අයිතියක් ඇති බව විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මිය පවසනවා.

ස්වාධීන රූපවාහිනී වීක් එන්ඩ් සන්ෂයින්  වැඩසටහනට අද පෙරවරුවේ එක්වෙමින් ඒ මහත්මිය මේ බව කියා සිටියා.

 

 

 

 

The post කොරෝනා නීතිරීති කඩ කරන්නේ නම් ඊට විරුද්ධවීමට ඕනෑම කෙනෙකුට අයිතියක් තිබෙනවා appeared first on ITN News.

Read More »

මෝටර් රථයක් ඇලකට පෙරලීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට  

0 comments

නාත්තණ්ඩිය මාදම්පේ ප්‍රධාන මාර්ගයේ දී මෝටර් රථයක් ඇලකට පෙරලීමෙන් කාන්තාවක මිය ගොස් 05 දෙනෙකු තුවාල ලැබුවා.

අධික වේගයෙන් පැමිණි මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක හැපී  ඇලකට පෙරළී ගොස් තිබෙනවා. ඒ මාර්ගයේ ගමන්ගත් පදිකයකුද අනතුරට ලක් කරමින්. ඉන් 56 හැවිරිදි කාන්තාවක් ජීවිතක්ෂයට  පත් වූ අතර පදිකයා ඇතුළු 05 දෙනෙකු තුවාල ලබා මාරවිල මූලික රෝහලට ඇතුළත් කෙරුණා.

අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ ක්‍රියාත්මක බවයි මාරවිල පොලීසිය සදහන් කළේ.

 

The post මෝටර් රථයක් ඇලකට පෙරලීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට appeared first on ITN News.

Read More »

කොළඹ ස්වයං රැකියාවල නිරත පුද්ගලයන් හා පදික වෙළෙඳුන්ට සිය කටයුතු සිදුකරගෙන යාමට අවසර  

0 comments

කොළඹ නගරයේ ස්වයං රැකියාවල නිරත පුද්ගලයන් හා පදික වෙළෙඳුන් සඳහා සිය කටයුතු සිදුකරගෙන යාමට අවසර හිමිවුණා.

ස්වයං රැකියා නියුක්තිකයන්ගේ සම්මේලනය හා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා අතර ඇති වූ සාකච්ඡාවකින් පසුවයි මෙම තීරණය ගෙන තිබෙන්නේ. පදික වෙළෙඳුන් සිය වෙළෙඳාම් ආරම්භ කිරීම කොළඹ කොටුව පදික වෙළෙඳ සංකීර්ණයේදී සිදු කෙරුණා.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුලු පොලිස් නිලධාරීන් එක්ව සිටියා. පදික වෙළෙඳුන් සඳහා මුහුණු ආවරණ බෙදා දීමක් ද මෙහිදී සිදුකෙරුණා.

 

The post කොළඹ ස්වයං රැකියාවල නිරත පුද්ගලයන් හා පදික වෙළෙඳුන්ට සිය කටයුතු සිදුකරගෙන යාමට අවසර appeared first on ITN News.

Read More »

හොංකොං රාජ්‍යයට පක්‍ෂපාතීව කටයුතු කිරීමට තීරණය කළ බව ට්‍රම්ප් පවසයි  

0 comments

තමා හොංකොං රාජ්‍යයට පක්‍ෂපාතීව කටයුතු කිරීමට තීරණය කළ බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

චීනය හොංකොං රාජ්‍යයට නව ආරක්‍ෂක නීති පැනවීම මෙම තීරණයට හේතුවී තිබෙනවා. නව නීති හඳුන්වා දීම තුළින් සිදුවන්නේ හොංකොං රාජ්‍යය තවත් අගාධයට ඇද දැමීම බවයි ඔහු තවදුරටත් කියාසිටින්නේ. නව ආරක්‍ෂක පනතට අනුව හොංකොං දේශ සීමාව තුළ දී චින රජයේ අධිකාරිත්වයට එරෙහිව ක්‍රියාකාරකම්වල නිරත වීම අපරාධයක් වන බවයි විශ්ලේෂකයන් පවසන්නේ.

මෙම නව පනත සමග හොංකොං දේශයේ ස්වාධීනත්වයට බලපෑමක් සිදුවන බවට බොහෝ දෙනෙකුගේ මත පළ වී තිබෙනවා. මේ අතර තම කලාපයේ කටයුතුවලින් බටහිර රටවල් ඉවත් විය යුතු බව චීනය නිවේදනය කරනවා. හොංකොං දේශය මහජන චීනයේ ස්වයං පාලන ප්‍රදේශයක් ලෙසයි ක්‍රියාත්මක වන්නේ.

 

 

The post හොංකොං රාජ්‍යයට පක්‍ෂපාතීව කටයුතු කිරීමට තීරණය කළ බව ට්‍රම්ප් පවසයි appeared first on ITN News.

Read More »

රාජ්‍ය පොසොන් උත්සවය හේතුවෙන් සියලු සුරාසැල් වැසෙයි  

0 comments

රාජ්‍ය පොසොන් උත්සවය හේතුවෙන් ලබන සිකුරාදා සහ සෙනසුරාදා දිවයිනේ සියලු සුරාසැල් වසා තැබීමට තීරණය කර තිබෙනවා.

ඊට අමතරව සුපිරි වෙළෙද සැල්වල මත්පැන් අලෙවිය නැවැත්වීමටත් තීරණය කර ඇති බවයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු සහ පලාත් සභා හා පලාත් පාලන අමාත්‍යාංශය නිවේදනය කළේ.

සතුන් මරණ ස්ථාන , රේස් බුකී, කැසිනෝ ශාලා සහ මාංශ අලෙවි සැල් වසා තැබීමටත්, සුපිරි වෙළෙදසැල්වල මාංශ අලෙවිය නැවැත්වීමටත් දැනුම්දී ඇති බවයි අමාත්‍යාංශ ලේකම් ජේ ජේ රත්නසිරි මහතා ප‍්‍රකාශ කරන්නේ.

මෙම නියෝගයට අනුව ලබන සිකුරාදා සහ සෙනසුරාදා සුරාසැල් විවෘතව තැබුණහොත් නීතිමය පියවර ගන්නා බවයි නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා සදහන් කළේ. ‍ෙ

මේ අතර නුවරඑළිය අඹගමුව සහ කොත්මලේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල සියලුම සුරාසැල් අද (30) වසා තැබෙන බවයි නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ.

 

The post රාජ්‍ය පොසොන් උත්සවය හේතුවෙන් සියලු සුරාසැල් වැසෙයි appeared first on ITN News.

Read More »

ලොව පුරා කොරෝනා ආසාදිතයින් ගණන ලක්ෂ 60 ඉක්මවයි  

0 comments

ලොවපුරා ස්වයං පාලන ප‍්‍රදේශ ඇතුලු රටවල් 213කින් වාර්තාවන කොරෝනා ආසාධිතයන් සංඛ්‍යාව 6,033,814ක්.

366,890 දෙනෙකු මියගොස් තිබෙනවා. සම්පුර්ණ සුවය ලැබූ සංඛ්‍යාව විසිහය ලක්ෂ හැට එක් දහස ඉක්මවා ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

කෙසේවෙතත් පසුගිය පැය 24 දී ඇමරිකාවෙන් වාර්තාවන මරණ සංඛ්‍යාව 1212 ක්. බ‍්‍රසීලයෙන් ද මරණ 1180 ක් වාර්තා වී තිබෙනවා.

The post ලොව පුරා කොරෝනා ආසාදිතයින් ගණන ලක්ෂ 60 ඉක්මවයි appeared first on ITN News.

Read More »

කොරෝනා වසංගතයෙන් ලොවපුරා දරුවන් කෝටි 160කට මානසික බලපෑම්  

0 comments

නව්‍ය කොරෝනා වසංගතය හේතුවෙන් ලොවපුරා දරුවන්ට සිදුවිය හැකි මානසික බලපෑම් පිලිබදව ළමා රෝග විශේෂඥයන් අනතුරු අගවා තිබෙනවා.

හුදකලාවීම සහ සිය සඟයන්ගෙන් වෙන්ව සිටිම ඊට හේතුව බවයි විශේෂඥයන් පෙන්වා දෙන්නේ. රටවල් වසා තැබීම සහ සංචරණ සීමාකිරිම හේතුවෙන් ලොවපුරා පාසල් කටයුතු අඩාල වුණා. ඒ සමඟ රටවල් 145 ක දරුවන් කෝටි 160 කට බලපෑම් එල්ලවූ බවයි යුනිසෙෆ් සංවිධානය පෙන්වා දෙන්නේ.

කොරෝනා වෛරසය ආසාධනයවීම සහ ඉන් තමන් මරණයට පත්වනු ඇතැයි බියෙන් ලොවපුරා ඇතැම් දරුවන් භීතියට පත්ව ඇති බවත්, යුනිසෙෆ් සංවිධානය සදහන් කළා. මානසික ආතතිය වැඩිවීමෙන් දරුවන්ට එල්ලවන බලපෑම පාලනය කිරිමට මැදිහත්විය යුතු බවයි යුනිසෙෆ් සංවිධානයේ විශේෂඥයන් පෙන්වා දෙන්නේ. එසේ නොවුණහොත් විශාදය පාලනය කරගත නොහැකි වී දරුවන් මානසික වියවුල් භාවයකට පත්විය හැකි බවත්, ඔවුන් සදහන් කළා.

අනාගතය පිලිබද හුදකලා බවත් සහ අවිනිශ්චිතතාවක් දැනීම තරුණ දරුවන් කෙරෙහි දැඩිව බලපා ඇති බවද යුනිසෙෆ් සංවිධානය පෙන්වා දෙනවා. කුඩා ළමුන් සහ අවුරුදු 11 ත් 19 ත් අතර වයසේ පසුවන දරුවන් නව්‍ය කොරෝනා වෛරසය පිලිබදව භියෙන් පසුවන බවයි යුනිසෙෆ් සංවිධානය කළ සමීක්ෂණයකින් හෙළිවී තිබෙන්නේ.

 

The post කොරෝනා වසංගතයෙන් ලොවපුරා දරුවන් කෝටි 160කට මානසික බලපෑම් appeared first on ITN News.

Read More »

Recent News

Gossip Lanka MAG