Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සොයිසාපුර වෙඩි තැබීමේ සිද්ධියට පොලිස් නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්  

Add comments

මොරටුව සොයිසාපුර ප‍්‍රදේශයේ අවන්හලකට වෙඩි ප‍්‍රහාරයක් එල්ලවන අවස්ථාවේ එම ස්ථානයේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරින් තුන් දෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

රාජකාරි පැහැර හැරීමේ චෝදනාව මත පොලිස් සැරයන්වරයෙකුගේ සහ කොස්තාපල්වරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර ඇති බවයි මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සදහන් කළේ.

මොරටුව සොයිසාපුර ප‍්‍රදේශයේ අවන්හලකට පසුගියදා කිසියම් පිරිසක් ප‍්‍රහාරයක් එල්ල කර තිබෙනවා. ඉන්පසුව අවන්හලට ආරක්ෂාව සැපයීම සදහා පොලිස් නිලධාරින් යොදවා තිබුණා. එහෙත් ආරක්ෂාව යොදවා තිබියදී ඊයේ (29) අලුයම මෝටර් රථයකින් පැමිණි පිරිස අවන්හලට වෙඩි තබා පළාගොස් තිබෙනවා.

ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරින් තුන්දෙනා රාජකාරී කටයුතු පැහැර හැර ඇති බවයි මුලික විමර්ෂණවලින් අනාවරණය වුණේ. ඒ අනුව ඔවුන්ගේ වැඩ තහනම් කිරිමට පියවර ගෙන තිබෙනවා.

The post සොයිසාපුර වෙඩි තැබීමේ සිද්ධියට පොලිස් නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG