Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රටවල් 123ක ශ‍්‍රි ලාංකිකයන් හතලිස් දෙදහස් පන්සියයක් දිවයිනට පැමිණීමේ අපේක්ෂාවෙන්  

Add comments

රටවල් 123 ක සිටින ශ‍්‍රී ලාංකිකයන් හතලිස් දෙදහස් පන්සිය විසි දෙදෙනෙකු දිවයිනට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.

ඉන් තිස්හතර දහස් අටසිය අසුඑක් දෙනෙකු ශ‍්‍රමිකයන් බවයි අමාත්‍යාංශය සදහන් කළේ. මැද පෙරදිග සේවය කරන විසිදහස් අටසිය අනු තුන් දෙනෙකුද ඊට ඇතුලත්. තවත් 4961 දෙනෙකු කෙටිකාලීන විසා බලපත් හිමි අය බවයි අමාත්‍යාංශය ප‍්‍රකාශ කළේ. කුවේටයේ සිට පැමිණි 466 දෙනාගෙන් කිසිවෙකුත් එරටදී පී සී ආර් පරික්ෂණවලට යොමුකර නොමැති බවද හෙළිවුණා. ඒ විදේශ කටයුතු අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී. ඒ අනුව විදේශගත ශ‍්‍රි ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීමට පෙර පී සී ආර් පරික්ෂණ සිදුකිරිම සදහා අවධානය යොමුව තිබෙනවා.

ඒ වෙනුවෙන් පී සී ආර් පරික්ෂණ කට්ටල සමඟ වෛද්‍ය කාර්ය මණ්ඩලයක් එක් එක් රටවලට පිටත්කර යැවීම කෙරෙහිද අවධානය යොමුවූ බවයි නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු අමාත්‍යාංශය ප‍්‍රකාශ කළේ.

මැද පෙරදිග ඇතුලු අනෙකුත් කලාපවල සිට ගෙන්වා ගන්නා ශ‍්‍රී ලාංකිකයන් මුලින්ම පී සී ආර් පරික්ෂණවලට භාජනය කර ගෙන්වීමට ඇති හැකියාව පිලිබදවද සාකච්ඡාවේදි අවධානයට ගැණුනා.

The post රටවල් 123ක ශ‍්‍රි ලාංකිකයන් හතලිස් දෙදහස් පන්සියයක් දිවයිනට පැමිණීමේ අපේක්ෂාවෙන් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG