Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

යළි අන්තවාදී ප‍්‍රහාරයකට ඉඩ නොදෙන බවට ආරක්ෂක ලේකම්ගෙන් සහතිකයක්  

Add comments

පාස්කු ඉරුදින එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරය වැන්නක් යළි ඇතිනොවීමට කටයුතු කරන බව ආරක්ෂක ලේකම් විශ‍්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා ප‍්‍රකාශ කළා.

ඒ සදහා අවශ්‍ය සියලු පියවර ගැනීමට විශේෂ කාර්ය බලකායට හැකියාවක් ඇති බවයි කමල් ගුණරත්න මහතා සදහන් කළේ.

අන්තවාදය , සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මර්දනයේදි පොලිස් විශේෂ කාර්ය බලකායට ප‍්‍රබල කාර්යභාරයක් පැවරෙනවා. ජාතික ආරක්ෂාව තහවුරු කිරීමේදි ද ඔවුන් දක්වන දායකත්වය අගය කළ යුතු බවයි කමල් ගුණරත්න මහතා පවසන්නේ.

සියලු බුද්ධි අංශ ඒකරාශි කර ජාතික ආරක්ෂාව තවදුරටත් ශක්තිමත් කිරිමේ අවශ්‍යතාවද ආරක්ෂක ලේකම්වරයා අවධාරණය කළා.

විශේෂ කාර්ය බලකා මුලස්ථානයේ නිල සංචාරයකට එක්වෙමින් ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා මේ අදහස් පළකළා.

The post යළි අන්තවාදී ප‍්‍රහාරයකට ඉඩ නොදෙන බවට ආරක්ෂක ලේකම්ගෙන් සහතිකයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG