Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බැසිල් රාජපක්ෂට එරෙහිව පනවා තිබූ විදෙස් ගමන් තහනම් නියෝග දෙකක් ඉවතට  

Add comments

තවත් නඩු දෙකට අදාළව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව පනවා තිබූ විදෙස් ගමන් තහනම් නියෝග දෙකක් ඉවත් කරන ලෙස කොළඹ මහාධිකරණය අද නියෝග කළා. මෝසමක් ඉදිරිපත් කරමින් බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කළ ඉල්ලීම සළකා බැලීමෙන් අනතුරුවයි මෙම නියෝගය නිකුත් කෙරුණේ.

2015 වසරේ   පැවති ජනාධිපතිවරණ සමයේ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් දෙකෝටි අනූ දෙලක්ෂයක පමණ මුදලක් වැය කර ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ මහින්ද රාජපක්ෂ මහතාගේ රුව සහිත ලිත් ලක්ෂ 50 ක් මුද්‍රණය කිරීම තුළින් රජයේ අරමුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු දෙදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා නඩුවක් ගොණු කර තිබුණා. බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ඉල්ලා සිටියේ තම සේවාදායකයා ආර්ථිකය සම්බන්ධ කාර්ය සාධන බලකායක සභාපතිවරයා ලෙස කටයුතු කරන බැවින් රාජකාරී කටයුතු සදහා විදේශ ගතවීමට සිදුවන බවයි.

මේ අතර 2015 වසරේ පැවති ජනාධිපතිවරණ සමයේ දිවිනැගුම සංවර්ධන අරමුදලින් රුපියල් මිලියන 38 ක් වැය කර දිවයින පුරා පිහිටි ප්‍රාදේශීය සභාවෙත ජී.අයි පයිප්ප බට මිලදීගෙන බෙදා හැරීම තුළින් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව පවරා තිබූ  නඩුව යටතේ තිබූ විදෙස් ගමන් තහනම ද ඉවත් කෙරුණා.

 

The post බැසිල් රාජපක්ෂට එරෙහිව පනවා තිබූ විදෙස් ගමන් තහනම් නියෝග දෙකක් ඉවතට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG