Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇමරිකාවේ ධවල මන්දිර මාධ්‍ය ලේකම්වරියට කොරෝනා ආසාදනය වෙයි  

0 comments

ඇමරිකාවේ ධවල මන්දිර මාධ්‍ය ලේකම්වරියට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව වාර්තා වනවා.

ධවල මන්දිර මාධ්‍ය ලේකම් ජෙන් සාකි තමාහට කොරෝනා වයිරසය වැළදී ඇති බව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා. කෙසේ වුවද තමා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි ඇය තවදුරටත් සඳහන් කරන්නේ. පසුගිය අගහරුවාදා දින ඇය අවසන්වරට ජනාධිපති ජෝ බයිඩන් හමුවූ බව සඳහන්. දෙදෙනා අතර හමුවේදී මීටර් දෙකකට ආසන්න දුරස්ථභාවයක් තිබූ බවද දෙදෙනාම මුඛ ආවරණ පැළද සිටි බවද මාධ්‍ය ලේකම්වරිය තවදුරටත් පවසනවා.

 

 

The post ඇමරිකාවේ ධවල මන්දිර මාධ්‍ය ලේකම්වරියට කොරෝනා ආසාදනය වෙයි appeared first on ITN News.

Read More »

ගතවූ පැය 24 ට වැඩිම කොරෝනා මරණ හා ආසාදිතයින් සංඛ්‍යාව රුසියාවෙන් වාර්තා වෙයි  

0 comments

ගතවූ පැය 24 ට ලොව පුරා රටවල් 221 කින් හමුවී ඇති කොරෝනා වයිරස ආසාදිතයින් සංඛ්‍යාව තුන් ලක්ෂ විසි හත් දහස ඉක්මවා තිබෙනවා.

ඊයේ දිනයේ දී වයිරසය හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති සංඛ්‍යාව 4595 ක්. ඒ සමඟම ලොව සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව පනස් ලක්ෂ පහලොස් දහසකට ආසන්න වනවා. මේ දක්වා හමුව ඇති වයිරස ආසාදිතයින් සංඛ්‍යාව විසි හතර කෝටි හැත්තැ හතර ලක්ෂ හැටදහස ඉක්මවා ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරන්නේ. ඊයේ දිනයේ දී වැඩිම කොරෝනා මරණ හා ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ රුසියාවෙන්. කොරෝනා මරණ 1158 ක් හා ආසාදිතයින් 41000 කට ආසන්න සංඛ්‍යාවක් එරටින් හමුව තිබෙනවා.

 

 

 

The post ගතවූ පැය 24 ට වැඩිම කොරෝනා මරණ හා ආසාදිතයින් සංඛ්‍යාව රුසියාවෙන් වාර්තා වෙයි appeared first on ITN News.

Read More »

බූස්ටර් එන්නත ලබාදීම හෙට සිට  

0 comments

කොරෝනා මර්දන එන්නත් මාත්‍රා දෙකක් ලබාගෙන ඇති පිරිස් සඳහා බූස්ටර් එන්නතක් ලබා දීම හෙට සිට ආරම්භ වනවා. ඉදිරි පෙළ සෞඛ්‍ය කාර්ය‍ය මණ්ඩලවලටයි මෙම බූස්ටර් එන්නත පළමුවෙන්ම හිමි වන්නේ.

බූස්ටර් එන්නත ලෙස ෆයිසර් එන්නත ලබාදීමට සෞඛ්‍ය අංශ තීරණය කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළා. දෙවන මාත්‍රාව ලබාගෙන මාස හයකට පසු බූස්ටර් එන්නත ලබාදීම සිදු වනවා. කොරෝනා ආසාදිතයන් සමඟ ඉදිරි පෙළ ගැටෙන සෞඛ්‍ය සේවකයන් ආරක්ෂක අංශ සාමාජිකයන් , ගුවන්තොටුපොළ , වරාය හා සංචාරක කර්මාන්තයේ නිරත පිරිස් ආදිය සදහා බූස්ටර් එන්නත පළමුවෙන්ම ලබාදීම සිදු කරන බවයි වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසුවේ. ඉන් පසු වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයන්ට ලබා දීමට නියමිතයි. ඊළඟ අදියරේ දී වයස අවුරුදු 30 ත් 60 ත් අතර පුද්ගලයන්ට සහ පසුව වයස අවුරුදු විස්සට වැඩි සියලු දෙනාට බූස්ටර් එන්නත ලබාදීම සිදු කෙරෙනවා.

 

The post බූස්ටර් එන්නත ලබාදීම හෙට සිට appeared first on ITN News.

Read More »

තවත් කොරෝනා ආසාදිතයින් 388 දෙනෙකු හඳුනා ගැනේ  

0 comments

තවත් කොරෝනා ආසාදිතයින් 388 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

The post තවත් කොරෝනා ආසාදිතයින් 388 දෙනෙකු හඳුනා ගැනේ appeared first on ITN News.

Read More »

සියලු පාසල්වල සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ පංති ලබන 8 වනදා සිට ඇරඹේ  

0 comments

දිවයිනේ සියලු පාසල්වල අපොස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ පංති ලබන 8 වනදා සිට ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

ඒ අනුව 10 / 11 / 12 සහ 13 වන ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු ලබන 8 වනදා සිට ඇරඹෙනු ඇති. දිවයිනේ සියලුම කතෝලික සහ ඇංග්ලිකානු පාසල්වලද 10 / 11 / 12 සහ 13 ශ්‍රේණිවල අධ්‍යයන කටයුතුද එදිනම ආරම්භ කෙරෙනවා.

සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ උපකාරක පංති ද 50% ක උපරිම ධාරිතාවකින් යුතුව ලබන මස 16 වනදා සිට ආරම්භ කිරීමට සෞඛ්‍ය අංශවල අවසරය හිමිවී තිබෙනවා.

The post සියලු පාසල්වල සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ පංති ලබන 8 වනදා සිට ඇරඹේ appeared first on ITN News.

Read More »

ගෝලීය උෂ්ණත්වය පාලනයට ලෝක නායකයන්ගෙන් යහපත් ප්‍රතිචාර  

0 comments

එක්සත් රාජධානියේ ග්ලාස්ගෝව්හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස සමුළුව තුළදී ගෝලීය උෂ්ණත්වය පාලනය කිරීම සඳහා ලෝක නායකයන්ගෙන් සාර්ථක ප්‍රතිචාරයක් ලැබී තිබෙන බව ජගත් මහ ලේකම්වරයා පවසනවා.

කාර්මික යුගයකට සාපේක්ෂව ගෝලීය උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 1.5 කින් ඉහළ යාම පාලනය කර ගැනීමටයි මෙම සම්මුතිය ඇතිකර ගැණෙන්නේ.

එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස පිළිබඳ ගෝලීය සමුළුව ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝව් නගරයේ දී අද ආරම්භ වුණා. අධික කාබන් විමෝචනය නිසා ගෝලීය වශයෙන් සිදු වෙමින් තිබෙන දැඩි අවදානම්කාරී තත්ත්වය පිළිබඳව විද්‍යාඥයන්ගේ අනතුරු ඇඟවීම් මධ්‍ය යේ යි මෙම සමුළුව ආරම්භ වූයේ. කොවිඩ් 19 වසංගතය හේතුවෙන් පසුගිය වසරේ දී සමුළුව පැවැත්වීමට හැකිවූයේ නැහැ. කාර්මිය යුගයට සාපේක්ෂව ගෝලීය උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 1.5 කින් ඉහළ ගියහොත් ග්ලැසියර් දියවීම , මුහුදු මට්ටම ඉහළ යාම , කාලගුණික විපත් ඇතුලු දැවැන්ත විනාශයක් ලෝකයට සිදුවිය හැකි බවයි විද්‍යාඥයන් අනතුරු අඟවා ඇත්තේ. ලෝක නායකයන්ගේ දේශපාලනික කැපවීම තුළින් පමණක් ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම පාලනය කර ගත නොහැකි බව එක්සත්ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුතරේට්ස් සඳහන් කර තිබෙනවා. කාබන් විමෝචනය පාලනය කිරීම සඳහා චීනය ඇතුලු රටවල් කිහිපයක් මෙවර සමුළුවේ දී සාර්ථක ප්‍රතිචාර දක්වා තිබෙනවා. කෙසේ වෙතත් ඇමරිකා එක්සත් ජනපදය තවමත් දේශගුණ විපර්යාස මැඩලීම සඳහා කාබන් විමෝචනය පාලනය කිරීමට සාර්ථක ප්‍රතිචාරයක් දක්වා නැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 2050 වසර වනවිට කාබන් විමෝචනය බිංදුව බවට පත් කිරීමට මෙහිදී සම්මුතියක් ඇති කර ගැනීමට නියමිතයි.

 

 

The post ගෝලීය උෂ්ණත්වය පාලනයට ලෝක නායකයන්ගෙන් යහපත් ප්‍රතිචාර appeared first on ITN News.

Read More »

අන්තර් පළාත් දුම්රිය ධාවනය හෙට සිට සාමාන්‍ය පරිදි  

0 comments

හෙට දිනයේ සිට අන්තර් පළාත් දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා පැවසුවා.

හෙට දිනයේ සිට දුම්රිය ගමන්වාර 152 ක් ධාවනය කිරීමට නියමිතයි. පොදු ප්‍රවාහන සේවා භාවිතයේ දී මුව ආවරණ පැළදීම , දෑත් විෂබීජහරණය සහ පුද්ගල දුරස්ථභාවය පවත්වා ගැනීම අනිවාර්ය වනවා.

 

The post අන්තර් පළාත් දුම්රිය ධාවනය හෙට සිට සාමාන්‍ය පරිදි appeared first on ITN News.

Read More »

තවත් කොරෝනා මරණ 18ක්  

0 comments

තවත් කොරෝනා ආසාදිත මරණ 18ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා.

The post තවත් කොරෝනා මරණ 18ක් appeared first on ITN News.

Read More »

තවත් 317 දෙනෙකු සුවය ලබයි  

0 comments

කොරෝනා ආසාදිත වී සුවය ලැබූ තවත් 317 දෙනෙකු රෝහලෙන් පිටත්ව ගොස් තිබෙනවා.

ඒ අනුව මේ වන විට සුවය ලැබූ සංඛ්‍යාව 512,798ක් දක්වා ඉහළ ගියා.

The post තවත් 317 දෙනෙකු සුවය ලබයි appeared first on ITN News.

Read More »

අගසස් පූජා මහා මංගල්‍යය හෙට  

0 comments

ජාතික ඒකාබද්ධ ගොවි සංවිධානය හා වාරිමාර්ග කලමනාකරණ අමාත්‍යංශය සංවිධාන කරන අගසස් පූජා මහා මංගල්‍යය හෙට පැවැත්වෙනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී දළදා මාළිගයේ දී එම පූජාව පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා ප්‍රකාශ කළේ.

 

The post අගසස් පූජා මහා මංගල්‍යය හෙට appeared first on ITN News.

Read More »

ඇමති බැසිල් රුවන්වැලි සෑ රඳුන් වැදපුදාගනී  

0 comments

අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා රුවන්වැලි සෑ රඳුන් වැදපුදාගෙන ආශිර්වාද ලබාගත්තා.

අද උදෑසන අනුරාධපුරය රුවන්වැලි මහ සෑ රඳුන් වෙත ගිය අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ආගමික වතාවත්වල නිරත වුණා. අනතුරුව අමාත්‍යවරයා රුවන්වැලි සෑ චෛත්‍යාරාමාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන ස්වාමීන් වහන්සේ බැහැදුටුවා. අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන , රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ  යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

 

 

 

The post ඇමති බැසිල් රුවන්වැලි සෑ රඳුන් වැදපුදාගනී appeared first on ITN News.

Read More »

ප්‍රදේශ කිහිපයක රන්මාල කොල්ලකෑ කරන්දෙණියේ මැන්ජා අත්අඩංගුවට  

0 comments

පොලිස් බල ප්‍රදේශ කිහිපයක රන්මාල කොල්ලකෑ කරන්දෙණියේ මැන්ජා නමැති අපරාධකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

යතුරුපැදියෙන් ගොස් කාන්තාවන් බිය ගන්වා මෙම පුද්ගලයා රන් මාල පැහැරගන්නා බවයි පොලිසිය පැවසුවේ. ඒ සඳහා යොදා ගන්නා යතුරුපැදියද ගල්කිස්ස ප්‍රදේශයෙන් සොරාගන්නා ලද්දක් බවද අනාවරණ වුණා. ඔහු සන්තකයේ තිබූ රුපියල් ලක්ෂ 10කට අධික වටිනාකමින් යුතු රන්මාල පොලිසිය සොයාගෙන තිබෙනවා.

 

The post ප්‍රදේශ කිහිපයක රන්මාල කොල්ලකෑ කරන්දෙණියේ මැන්ජා අත්අඩංගුවට appeared first on ITN News.

Read More »

ඇෆ්ගනිස්ථානයේ විවාහ මංගල උත්සවයකට වෙඩි ප්‍රහාරයක්  

0 comments

ඇෆ්ගනිස්ථානයේ නැගෙනහිර ප්‍රදේශයේ පැවැති විවාහ මංගල උත්සවයකට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

තලෙයිබාන් සංවිධානයේ පිරිසක් බව පවසමින් විවාහ මංගල උත්සවයට ඇතුළු වු මෙම වෙඩික්කරුවන් මෙලෙස වෙඩි තැබීම සිදු කර තිබෙනවා. එම මංගල උත්සවයේ සංගීතය වාදනය කිරීම නවත්වන ලෙස ඉල්ලමිනුයි ඔවුන් වෙඩි තබා ඇත්තේ. වෙඩි තැබීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව 10 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. කෙසේවෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් තලෙයිබාන් සංවිධානයේ ප්‍රකාශකවරයෙකු පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බවයි. 1996 සිට 2001 වසර දක්වා පැවැති තලෙයිබාන් පාලන සමයේ දී සංගීතය තහනම් කර තිබුණා. නමුත් වර්තමාන තලෙයිබාන් පාලනයේදී එවන් කිසිඳු තීරණයක් මෙතෙක් ගෙන නැහැ.

 

 

The post ඇෆ්ගනිස්ථානයේ විවාහ මංගල උත්සවයකට වෙඩි ප්‍රහාරයක් appeared first on ITN News.

Read More »

අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට  

0 comments

අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි පොලිස් කොස්තාපල්වරයෙකු විශේෂ කාර්ය බලකා නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකා බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී මෙම පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගැනුණා. කේරළ ගංජා ග්‍රෑම් 10 ක් සහ මිලිග්‍රෑම් 600ක් සන්තකයේ තබාගෙන සිටි 42 හැවිරිදි පුද්ගලයෙකු රාජගිරිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන සිදු කළ පරික්ෂණවලදී වැලිකඩ පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරී කළ මෙම පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගැනීමට හැකිවුණා. ඔහු 119 දරණ හදිසි ඇමතුම් අංශයට අනුයුක්තව රාජකාරී කළ පුද්ගලයෙකු බවයි පොලිසිය පැවසුවේ. ඔහු රාජකාරී කරමින් සිටි ස්ථානයට ගොස් පොලිසිය සිදුකළ සෝදිසියකදී ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 540ක් අත්අඩංගුවට ගෙන තිබුණා. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සම්පූර්ණ නිල ඇදුමින් සැරසී රාජකාරී රිවෝල්වරය සහ මිලිමීටර් 3.8 වර්ගයේ උණ්ඩ 5ක් සමග රාජකාරියේ යෙදී තිබෙනවා.

 

The post අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට appeared first on ITN News.

Read More »

කහ තොගයක් සමඟ පුද්ගලයන් තුන්දෙනෙකු අත්අඩංගුවට  

0 comments

දකුණු ඉන්දියාවේ සිට තීරුබදු නොගෙවා මුහුදු මාර්ගෙයෙන් හොර රහසේ රැගෙන ආ කහ තොගයක් සමඟ පුද්ගලයන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්වුණා.

ඒ කුඩාව සේතවාඩිය කලපුතීරයේදීයි. අත්අඩංගුවට ගත් කහ තොගය සහ සැකකරුවන් පුත්තලම අධිකරණය ඉදිරිපත් කිරීමට නියමිතයි.

 

The post කහ තොගයක් සමඟ පුද්ගලයන් තුන්දෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.

Read More »

දෙහිඅත්තකණ්ඩිය මූලික රෝහලේ ප්‍රධාන වාට්ටු සංකීර්ණය නවීකරණය කෙරේ  

0 comments

දෙහිඅත්තකණ්ඩිය මූලික රෝහලේ ප්‍රධාන වාට්ටු සංකීර්ණය නවීකරණය කර රෝහල වෙත භාරදීම සිදුකෙරුණා. මේ සඳහා වැයකළ මුදල රුපියල් මිලියන දෙකක්. රෝහලේ ප්‍රධාන වාට්ටුවේ අබලන්ව පැවති ඇදන් සියල්ලම නවීකරණය කර ඒ සඳහා අවශ්‍ය මෙට්ට , මදුරුදැල් ඇතුළු භාණ්ඩ ලබාදීම සිදුකර තිබෙනවා. ශ්වසන අපහසුතා සහිත රෝගීන්ට අවශ්‍ය ශ්වසන උපකරණ යන්ත්‍ර දෙකක් ද පරිත්‍යාග කෙරුණා.

මේ අතර කලවාන බෝපිටිය සහ තණබෙල ගම්මාන යා කරමින් ඉදිකළ බෝපිටිය පාලම ජනතා අයිතියට පත්කෙරුණා. රජය මේ සඳහා රුපියල් කෝටි තුනකට වැඩි මුදලක් වැයකර තිබෙනවා. මෙම ප්‍රදේශයේ ජනතාව ප්‍රධාන ජීවනෝපාය ලෙස තේ වගාව සිදුකරන අතර පාලම ඉදිකිරීම තුළින් තම නිෂ්පාදන ප්‍රවාහනයේදී ද ජනතාවට පහසුකම් රැසක් හිමිවනවා.

The post දෙහිඅත්තකණ්ඩිය මූලික රෝහලේ ප්‍රධාන වාට්ටු සංකීර්ණය නවීකරණය කෙරේ appeared first on ITN News.

Read More »

පතරොම් සහ ගමන් කථන යන්ත්‍ර හතරක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට  

0 comments

පිස්තෝල පතරොම් සහ ගමන් කථන යන්ත්‍ර හතරක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට තෙල්දෙණිය පොලිසිය කටයුතු කළා.

අත්අඩංගුවට ගත් පුද්ගලයන් අතර ඇමරිකා පුරවැසිභාවය හිමි පුද්ගලයෙකු ද සිටි බවයි පොලිසිය පැවසුවේ. පිස්තෝල අවි සඳහා යොදන පතරොම් 100ක් රම්බෝ වර්ගයේ පිහියක් , දුරේක්ෂයක් , වායු රයිපලයක් , ගමන් කතන හතරක් , ජංගම දුරකතන දෙකක් , අංක තහඩු නොමැති යතුරු පැදි දෙකක්, අංක තහඩු සහිත යතුරු පැදි හතරක් සහ රුපියල් හත් ලක්ෂ හයසීයක මුදල් ඔවුන් සතුව තිබී පොලිස් භාරයටගෙන තිබෙනවා.

 

 

 

The post පතරොම් සහ ගමන් කථන යන්ත්‍ර හතරක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.

Read More »

මහියංගනය සොරබොර වටවන කණිෂ්ඨ විද්‍යාලයේ ඉදිකළ නව ගොඩනැගිල්ල සිසු අයිතියට  

0 comments

මහියංගනය සොරබොර වටවන කණිෂ්ඨ විද්‍යාලයේ ඉදිකළ නව ගොඩනැගිල්ල සිසු අයිතියට පැවරුණා. ඒ රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන්.

මහියංගනය ප්‍රදේශයේ අති දුෂ්කර ප්‍ර දේශයක පිහිටා ඇති වටවන කණිෂ්ඨ විද්‍යාලයේ දරුවන්ට අධ්‍යාපන කටයුතු කිරීමට ඉඩ පහසුකම් නොමැතිවීම ගැටලුවක් වුණා. ඊට විසදුම් ලබාදෙමිනුයි 10 / 11 ශ්‍රේණි පවත්වාගෙන යාම සඳහා මෙම නව ගොඩනැගිල්ල ඉදිකෙරුණේ. ඊට වැයකළ මුදල රුපියල් ලක්ෂ 30 ක්. රුපියල් ලක්ෂ 70 ක් වැය කරමින් නව ගුරු නිවාසයක් ඉදිකිරීම සදහා මුල්ගල තැබීම ද මීට සමගාමීව සිදුකෙරුණා. ඔබ වෙනුවෙන් අපි සංවිධානය ඒ සඳහා මූල්‍ය දායකත්වය ලබාදෙනවා.

 

 

The post මහියංගනය සොරබොර වටවන කණිෂ්ඨ විද්‍යාලයේ ඉදිකළ නව ගොඩනැගිල්ල සිසු අයිතියට appeared first on ITN News.

Read More »

ජපාන මහ මැතිවරණයෙන් පාලක පක්ෂයට ආණ්ඩුවක් පිහිටුවීම අභියෝගයක් වෙයි  

0 comments

ජපානයේ මහ මැතිවරණයෙන් පාලක එල්ඩිපි පක්ෂයට බහුතරය ලබා ගැනීමේ දී අභියෝගයකට මුහුණ දීමට සිදු වෙමින් තිබෙන බව දේශපාලන විශ්ලේෂකයන් පවසනවා.

අසුන් 465 කින් යුතු ජපන් පාර්ලිමේන්තුව තුළ කුමන දේශපාලන පක්ෂයක් බලය තහවුරු කර ගන්නේ ද යන්න පිළිබඳව අද පැවැත්වෙන මහ මැතිවරණයේ දී තීරණය වනවා. වර්තමාන අග්‍රාමාත්‍ය පුමියෝ කිෂිඩාගේ දේශපාලන පක්ෂය වන ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය හෙවත් එල්ඩිපි පක්ෂය බොහෝ දුරට මෙවර මහ මැතිවරණය ජයගනු ඇති බවයි දේශපාලන විශ්ලේෂකයන් පවසන්නේ. කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ බලය පිහිටුවීමට යාමේ දී ඔහුට දඅභියෝගයකට මුහුණ පෑමට සිදු වන තත්ත්වයක් ඇතිව තිබෙනවා. ජපානයේ කොරෝනා වයිරසය සාර්ථක ලෙස මැඩ පැවැත්වීම නිසා ඡන්දය ප්‍රකාශ කිරීම සදහා ජනතාවගේ උනන්දුව ඉහළ ගොස් තිබෙනවා. දැනට පවතින සභාග රජයේ හවුල්කාරී පක්ෂ ඉදිරියට ද පුමියෝ කිෂිඩාට සහාය දක්වනු ඇති බවයි ජපන් මාධ්‍ය සඳහන් කළේ. කොමිටෝ නැමැති හවුල්කාරී පක්ෂයේ සහයෝගය ඉදිරි ආණ්ඩුව පිහිටුවීමේ දී තීරණාත්මක වනවා. කොමිටෝ පක්ෂය සොයා දක්කායි නැමති බෞද්ධ සංවිධානය සමඟ සමීප සම්බන්ධයක් පවතින බැවින් ජපානයේ බෞද්ධ ජනතාවගේ ඡන්ද වැඩි වශයෙන් කොමිටෝ පක්ෂයට හිමි වනවා. ජපන් පාර්ලිමේන්තුවේ බහුතර බලය ලබා ගැනීම සඳහා ආසන 233 ක් හිමි කර ගත යුතු වනවා.

 

The post ජපාන මහ මැතිවරණයෙන් පාලක පක්ෂයට ආණ්ඩුවක් පිහිටුවීම අභියෝගයක් වෙයි appeared first on ITN News.

Read More »

දිවයිනේ සියලුම පාසල්වල 10 සිට 13 දක්වා ශ්‍රේණි ලබන 08 වනදා ආරම්භ කෙරේ  

0 comments

දිවයිනේ සියලුම පාසල් හි 10, 11, 12 සහ 13 ශ්‍රේණි වල අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම සඳහා කොවිඩ් මර්ධන කමිටු නිර්දේශ ලැබී තිබෙනවා .

ඒ අනුව නොවැම්බර් මස 08 වන දින සිට එම ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.

The post දිවයිනේ සියලුම පාසල්වල 10 සිට 13 දක්වා ශ්‍රේණි ලබන 08 වනදා ආරම්භ කෙරේ appeared first on ITN News.

Read More »

චීනයේ නැවතත් කොරෝනා ආසාදිතයින්ගේ වැඩිවීමක්  

0 comments

චීනයෙන් නැවතත් කොරෝනා ආසාදිතයින්ගේ වැඩිවීමක් දක්නට ලැබෙනවා.

ඊයේ දිනයේ දී පමණක් ආසාදිතයින් 48 දෙනෙකු වාර්තා වුණා. ඉන් වැඩිදෙනෙකු විදෙස් රටවල සිට පැමිණි අය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මේ අතර ඊයේ දිනයේ දී කිසිඳු මරණයක් ද වාර්තා වී නැහැ. මේ වන විට චීනයෙන් කොරෝනා ආසාදිතයින් 97,151 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. 91, 701 දෙනෙකු සුවය ලබා තිබෙනවා. කොරෝනා වයිරසයෙන් 4,636 දෙනෙකු මිය ගොස් තිබෙනවා. තවමත් පුද්ගලයින් 814 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිනවා.

 

The post චීනයේ නැවතත් කොරෝනා ආසාදිතයින්ගේ වැඩිවීමක් appeared first on ITN News.

Read More »

ජපානයේ මහ මැතිවරණය ඇරඹෙයි  

0 comments

ජපානයේ මහ මැතිවරණය මේ වනවිට ආරම්භ වී තිබෙනවා.

එරට අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා තවදුරටත් අග්‍රාමාත්‍ය ධුරය දරන්නේ ද යන්න පිළිබඳ  ජනතාව අද තීරණය කරනු ඇති. ජපානයේ ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයේ නායකත්වය හිමිකර ගැනීමෙන් පසු ෆුමියෝ කිෂිඩා ජපාන අග්‍රාමාත්‍යවරයා ලෙස මෙම මස මුලදී තේරී පත්වුණා. වර්තමානයේ ජපාන පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් කිෂිඩාගේ පක්ෂයට හිමිව ඇති අතර එම තත්ත්වය පවත්වා ගැනීම අවිනිශ්චිත විය හැකි බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ. ලොව තුන්වන විශාලතම ආර්ථිකයට හිමිකම් කියන ජපානය කොරෝනා වයිරසය පැතිරයාමත් සමඟ පසුගිය කාලයේ දී දේශපාලන අර්බුද රැසකට ද මුහුණදීමට සිදුවුණා.

 

 

The post ජපානයේ මහ මැතිවරණය ඇරඹෙයි appeared first on ITN News.

Read More »

පොළාන්නරුව අඩුආදායම් ලාභි පවුල්වල තරුණ තරුණියන් 465 දෙනෙකුට නව රැකියා පත්වීම්  

0 comments

රජයේ රැකියා ලක්ෂයක් ලබාදීමේ වැඩපිළිවෙළ යටතේ පොළාන්නරුව දිස්ත්‍රික්කයේ අඩුආදායම් ලාභි පවුල්වල තරුණ තරුණියන් 465 දෙනෙකුට නව රැකියා පත්වීම් පිරිනැමුණා.

බහුකාර්ය සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ සුදුසුකම් සම්පූර්ණ කළ තරුණ තරුණියන් කණ්ඩායමකට රැකියා ලක්ෂයක් ලබාදීමේ වැඩසටහන යටතේයි මෙය සිදුකෙරුණේ. රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේදී පත්වීම් ලිපි ප්‍රදානය කෙරුණා.

 

 

 

 

 

The post පොළාන්නරුව අඩුආදායම් ලාභි පවුල්වල තරුණ තරුණියන් 465 දෙනෙකුට නව රැකියා පත්වීම් appeared first on ITN News.

Read More »

සුඩානයේ විරෝධතාවලට ආරක්ෂක අංශ එල්ලකළ ප්‍රහාර වලින් තිදෙනෙකු ජීවිතක්ෂයට  

0 comments

සුඩානයේ පවතින විරෝධතාවලට ආරක්ෂක අංශ එල්ලකළ කදුලුගෑස් සහ රබර් උණ්ඩ ප්‍රහාර වලින් පුද්ගලයින් තුන්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

සුඩානයේ බලයෙන් පහකළ අගමැති අබ්දුල්ලා හම්ඩොක් නැවතත් බලයේ පිහිටුවන ලෙස ඉල්ලමිනුයි මෙම විරෝධතා පැවැත්වෙන්නේ. සුඩාන අගනුවර වන කටෝම් සහ නගර රැසක මෙම උද්ඝෝෂණ සංවිධානකර තිබෙනවා. සුඩාන අගනුවර පවතින උද්ඝෝෂණ වලදී ආරක්ෂක අංශ එල්ලකළ ප්‍රහාරවලින් පුද්ගලයින් සිය දෙනෙකු පමණ තුවාල ලබා තිබෙනවා. පසුගිය සතියේ දී ආරම්භ වූ උද්ඝෝෂණවලින් මේ වනවිට  පුද්ගලයින් දස දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

 

 

The post සුඩානයේ විරෝධතාවලට ආරක්ෂක අංශ එල්ලකළ ප්‍රහාර වලින් තිදෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

Read More »

දකුණු අප්‍රිකාවට කඩුළු 04 ක ජයක්  

0 comments

පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර අද පැවති තරගයෙන් කඩුලු 4ක ජයක් ලැබීමට දකුණු අප්‍රිකා කණ්ඩායම  සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකා පිලේ නායක ටෙම්බා බව්මාගේ ආරාධනයෙන් ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා පිලේ පළමු කඩුල්ල ලෙස කුසල් ජනිත් පෙරේරා දැවී ගියේ මුල් ලකුණු සංඛ්‍යාව 20ක්ව තිබියදීයි.

සාර්ථක පිති හරඹයක නිරත වූ චරිත් අකලංක පන්දු දාහතරකදී ලකුණු 21ක් ලබා සිටියදී අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී ගියා. ඉන්පසු පැමිණි පිතිකරුවන් එතරම් සාර්ථක නොවූවද ආරම්භක පිතිකරු ලෙස පිටියට පැමිණි පැතුම් නිශ්ශංක විශිෂ්ඨ පිති හරඹයක නිරත වෙමින් පන්දු 58කදී6 පහර තුනක් සහ හතරේ පහර 6 ක් සමගින් ලකුණු 72ක් රැස් කළා.

ඒ අනුව ශ්‍රී ලංකා කන්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 142ක් ලබා ගැනීමට සමත්වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකානුවන් පන්දුවාර 19යි පන්දු 5ක් තුළ කඩුලු 6ක් දැවී ලකුණු 146ක් ලබා ජයග්‍රහණය වාර්තා කළේය.

 

 

 

 

The post දකුණු අප්‍රිකාවට කඩුළු 04 ක ජයක් appeared first on ITN News.

Read More »

“දෙමටගොඩ රුවන්” ලබන 5 වනදා තෙක් රිමාන්ඩ්  

0 comments

ඊයේ අත්අඩංගුවට ගත් දෙමටගොඩ රුවන් නැමැත්තා ලබන 5 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.

නීතිවිරෝධී ලෙස මුදල්,  රත්රන් සහ වාහන අත්පත්කර ගැනීම මෙම සැකකරුට එරෙහිව එල්ලවී ඇති චෝදනායි.

දෙමටගොඩ රුවන් නැමැත්තා මරණීය දණ්ඩනය නියමව සිටින පාතාල කල්ලි නායක දෙමටගොඩ චමින්දගේ සොහොයුරෙකු බවද පැවසෙනවා.

 

 

 

 

 

 

The post “දෙමටගොඩ රුවන්” ලබන 5 වනදා තෙක් රිමාන්ඩ් appeared first on ITN News.

Read More »

මහජන බැංකුව අසාදු ලේඛන ගතකර ඇති බව මෙතෙක් මට දන්වලා නැහැ – ඇමති බැසිල්  

0 comments

චීනය,  මහජන බැංකුව අසාදු ලේඛන ගතකර ඇති බවට තමන් ‍වෙත දැනුම්දීමක් සිදුකර නොමැති බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසනවා.

අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පැමිණ දළදා සමිදුන් වැදපුදා ගත්තා. දළදා සමිදුන් වැදපුදාගැනීමෙන් පසු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මල්වතු සහ අස්ගිරි විහාරස්ථාන වෙත ගොස් මහ නාහිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබාගැනීමට ද කටයුතු කළා.

ඉන්පසු මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පැවසුවේ මහජන බැංකුව අසාදු ලේඛන ගත කිරීමක් සම්බන්ධයෙන් තමන් වෙත සිදුකර නොමැති බවයි.

 

 

 

 

 

 

 

 

The post මහජන බැංකුව අසාදු ලේඛන ගතකර ඇති බව මෙතෙක් මට දන්වලා නැහැ – ඇමති බැසිල් appeared first on ITN News.

Read More »

තවත් කොරෝනා මරණ 19ක් වාර්තා වෙයි  

0 comments

තවත් කොරෝනා ආසාදිත මරණ 19ක් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 13,725ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

The post තවත් කොරෝනා මරණ 19ක් වාර්තා වෙයි appeared first on ITN News.

Read More »

යන්න යන ඇලෙයිනා ලංකාවේ හොදත් දකී  

0 comments

රාජතාන්ත්‍රික භාවයේ මූලික අර්ථය ඕනෑම අභියෝගයක් හමුවේ එකිනෙකා සමග එක්ව කටයුතු කිරීම බව මෙරට ඇමෙරිකා තානාපතිනී ඇලෙයිනා බී ටෙප්ලිට්ස් මහත්මිය පවසනවා.

ඒ තුළින් දෙරට අතර ද්වී පාර්ශ්වීය සබදතා යහපත් දිශාවකට යොමුකර පවත්වාගෙන යා හැකි බවයි වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

සේවා කාලය අවසන් කර සිය රට බලා පිටත්ව යාමට පෙර සමුගැනීමේ පණිවුඩයක් නිකුත් කරමින් තානාපතිවරිය මේ බව සදහන් කළා.

 

 

 

 

 

 

The post යන්න යන ඇලෙයිනා ලංකාවේ හොදත් දකී appeared first on ITN News.

Read More »

මැදිරිගිරිය මූලික රෝහලට රු. ලක්ෂ 70ක් වටිනා වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක්  

0 comments

මැදිරිගිරිය මූලික රෝහල සදහා රුපියල් ලක්ෂ 70 ක් වටිනා වෛද්‍ය උපකරණ පරිත්‍යා කිරීමට යුද හමුදා 23 වන සේනාංකය කටයුතු කළා.

වෙන්ටිලේටර් යන්ත්‍ර 5 ක් මේ යටතේ පරිත්‍යාග කෙරුණු බවයි අප වාර්තාකරුවන් පැවසුවේ. යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ උපදෙස් පරිදි යුද හමුදා මූලස්ථානයේ මූල්‍ය ප්‍රතිපාදන මත එම වෙන්ටිලේටර් යන්ත්‍ර මිලදී ගෙන තිබෙනවා.

මෙම උපකරණ රෝහල්  අධිකාරී වෛද්‍ය අනුරසිරි ජයසිංහ මහතාවෙත භාරදීම මැදිරිගිරිය රෝහල් පරිශ්‍රයේදී සිදුකෙරුණා. ඒ 23 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් නලින් කොස්වත්ත මහතාගේ ප්‍රධානත්වයෙන්.

 

 

 

 

 

The post මැදිරිගිරිය මූලික රෝහලට රු. ලක්ෂ 70ක් වටිනා වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක් appeared first on ITN News.

Read More »

තවත් 316ක් සුවය ලබයි  

0 comments

කොරෝනා ආසාදිත වී සුවය ලැබූ තවත් 316 දෙනෙකු රෝහලෙන් පිටත්ව ගොස් තිබෙනවා.

ඒ අනුව මේ වන විට සුවය ලැබූ සංඛ්‍යාව 512,481ක් දක්වා ඉහළ ගියා.

The post තවත් 316ක් සුවය ලබයි appeared first on ITN News.

Read More »

අයහපත් කාලගුණයෙන් ඇමෙරිකාවේ වොෂින්ටන් නුවර ප්‍රදේශ රැසකට බලපෑම්  

0 comments

අයහපත් කාලගුණය හේතුවෙන් ඇමෙරිකාවේ වොෂින්ටන් නුවර ප්‍රදේශ රැසකට බලපෑම් එල්ලවී තිබෙනවා.

අඛණ්ඩව ඇදහැලුණු වර්ෂාවත් සමග ගංගා පිටාර ගැලීම හේතුවෙන් නගර රැසක් ගංවතුර තර්ජනයට මුහුණපා සිටිනවා. මාර්ග අවහිරවීම හේතුවෙන් ගමනා ගමනයට බාධා එල්ලවී ඇති අතර විදුලි සැපයුම ද ඇණහිට තිබෙනවා. විපතට පත්වූවන් මුදාගැනීමේ කටයුතු ද ක්‍රියාත්මකයි.

ඉදිරි පැය කීපය තුළ කාලගුණික තත්ත්වය තවදුරටත් ආයහපත් මට්ටමකට පත්වනු ඇති බවයි එරට කාලගුණික අංශ අනතුරු අගවන්නේ.

 

 

 

 

 

The post අයහපත් කාලගුණයෙන් ඇමෙරිකාවේ වොෂින්ටන් නුවර ප්‍රදේශ රැසකට බලපෑම් appeared first on ITN News.

Read More »

දකුණු ඉන්දීය සිනමාවේ ජනප්‍රිය නළු පුනීත් රාජ්කුමාර් ජීවිතක්ෂයට  

0 comments

දකුණු ඉන්දීය සිනමාවේ ජනප්‍රිය නළුවෙකු වූ පුනීත් රාජ්කුමාර් හදිසි හෘදයාබාධයකින් මියගොස් තිබෙනවා.

මිය යනවිට ඔහුගේ වයස අවුරුදු 46 ක්. ඉන්දියාවේ නව පරපුරේ සිනමා තාරකාවක් ලෙස සැළකූ පුනීත් රාජ්කුමාර් චිත්‍රපට 30 කට ආසන්න සංඛ්‍යාවකට රංගනයෙන් දායකත්වය ලබාදී තිබෙනවා. එමෙන්ම ඔහු රූපවාහිනී රියැලිටි වැඩසටහන් මෙහෙයවීමෙන් ද ජනප්‍රියත්වයට පත්ව ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

පැය දෙකක කායවර්ධන ක්‍රියාවලියකින් පසුව ඇතිවූ පපුවේ වේදනාවක් හේතුවෙන් හදිස්සියේ රොහල් ගතකෙරුණු ඔහු සුලු වේලාවකින් මරණයට පත්ව ඇත්තේ බරපතල හෘදයාබාධයකින් බවයි එරට සෞඛ්‍ය අංශ දැනුම්දී තිබෙන්නේ.

 

 

 

 

The post දකුණු ඉන්දීය සිනමාවේ ජනප්‍රිය නළු පුනීත් රාජ්කුමාර් ජීවිතක්ෂයට appeared first on ITN News.

Read More »

ඉන්දියාව ටිබෙට් දේශසීමාවේ යුද ශක්තිය වැඩිකරයි  

0 comments

ඉන්දියාව ටිබෙට් දේශ සීමාවේ යුද ශක්තිය ඉහළ නැංවීමට කටයුතු කර තිබෙනවා.

චීනය හිමිකම් ප්‍රකාශ කරන එහෙත් ඉන්දියාව පාලනය කරනු ලබන ටිබෙටය සහ භූතානයට යාබද ත්වාන්ග් තැනිතලා ප්‍රදේශයේ යුද ශක්තිය වැඩි කිරීමටයි ඉන්දියාව පියවර ගෙන තිබෙන්නේ. නැගෙනහිර ටිබෙටය හරහා චීනයට මායිම් වන මෙම කලාපයේ හමුදාව අති නවීන තාක්ෂණික අවි වලින් සන්නද්ධ කිරීමට ඉන්දියාව පියවර ගෙන තිබෙනවා.

ඇමෙරිකාවෙන් මිලට ගත් චීනුක් හෙළිකොප්ටර් යානා,  සැහැල්ලු අවි, ඉන්දියාවේ නිෂ්පාදිත සුපර් සොනික් කෘෘස් මිසයිල ද මෙම කලාපයේ හමුදාව වෙත භාර දීමටයි කටයුතු කර තිබෙන්නේ.

එමෙන්ම දේශ සීමා ආරක්ෂාවට අදාළ නව නීතියක් සම්මත කිරීමට ද චීනය පසුගියදා කටයුතු කළා.

 

 

 

The post ඉන්දියාව ටිබෙට් දේශසීමාවේ යුද ශක්තිය වැඩිකරයි appeared first on ITN News.

Read More »

අගමැති දකුණු කොරියානු හිටපු ජනාධිපති රෝහ් තේ-වූ මහතාට අවසන් ගෞරව දක්වයි  

0 comments

කොළඹ පිහිටි කොරියානු තානාපති කාර්යාලයට ගිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අභාවප්‍රාප්ත දකුණු කොරියානු හිටපු ජනාධිපති රෝහ් තේ-වූ (Roh Tae-woo) මහතාට අද (29) දින පස්වරුවේ අවසන් ගෞරව දැක්වූයේය.

ජනපති රෝහ් තේ-වූ මහතාගේ වියෝව සම්බන්ධයෙන් එතුමාගේ පවුලේ සාමාජිකයන්ටත් දකුණු කොරියානු ජනතාව සහ රජයටත් ශ්‍රී ලංකා රජය හා ජනතාව වෙනුවෙන් සිය සාතිශය සංවේගය පළ කරන බව අග්‍රාමාත්‍යතුමා මෙහි දී ශෝක සටහනක් තබමින් ප්‍රකාශ කළේය.

කොළඹ කොරියානු තානාපති කාර්යාලයට පැමිණි අග්‍රාමාත්‍යතුමා, මෙරට කොරියානු තානාපති වූ-ජින් ජොන්ග් (Woo-jin Jeong)මහතා විසින් පිළිගත් අතර ශෝක සටහන් පොතෙහි සටහන් තැබූ අග්‍රාමාත්‍යතුමා අනතුරුව අභාවප්‍රාප්ත හිටපු ජනාධිපති රෝහ් තේ-වූ (Roh Tae-woo) මහතාගේ ඡායාරූපයකට පුෂ්පෝපහාර දැක්වුයේය.

දකුණු කොරියානු ජනරජයේ සමෘද්ධිය උදෙසා අභාවප්‍රාප්ත ජනාධිපති රෝහ් තේ වූ ඉටු කළ දැවැන්ත සේවාව කොරියානු ජනතාව සැමවිටම සිහිපත් කරනු ඇතැයි ද අග්‍රාමාත්‍යතුමා මෙහි දී පැවසීය.

රෝගාතුරවී සෝල් අගනුවර පිහිටි රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි රෝහ් තේ වූ මහතා මියයන විට 88 වැනි වියේ පසුවිය.

The post අගමැති දකුණු කොරියානු හිටපු ජනාධිපති රෝහ් තේ-වූ මහතාට අවසන් ගෞරව දක්වයි appeared first on ITN News.

Read More »

පළාත් අතර දුම්රිය ධාවනය ලබන සදුදා සිට  

0 comments

ලබන සදුදා සිට පළාත් අතර දුම්රිය ධාවනය වන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා ප්‍රකාශ කරනවා.

දුම්රිය මගීන්ට පනවා තිබූ නීති ලිහිල් කරමින් සාමාන්‍ය ජනතාවටත් දුම්රිය භාවිත කළ හැකි බවයි ඒ මහතා වැඩිදුරටත් කියාසිටියේ.

 

 

 

The post පළාත් අතර දුම්රිය ධාවනය ලබන සදුදා සිට appeared first on ITN News.

Read More »

‘New Generation Awards 2021’ සම්මාන රාත්‍රිය  

0 comments

නිව් ජෙනරේෂන් අවෝර්ඩ් සම්මාන රාත්‍රිය කොළඹ දී පැවැත්වුණා. ඒ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.

විවිධ අංශයන් තුළින් දක්ෂතා දැක්වූ තරුණ තරුණියන් ඇගයීමයි මෙම සම්මාන උළෙලේදී සිදුකෙරෙන්නේ. මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමන්,  ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ යන මහත්වරුන් ද එක්ව සිටියා. අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සදහන් කළේ ප්‍රතිපත්ති සකස්කර ගනිමින් රට නව මාවතකට රැගෙන යාම කාලීන අවශ්‍යතාවක් බවයි.

 

 

 

 

The post ‘New Generation Awards 2021’ සම්මාන රාත්‍රිය appeared first on ITN News.

Read More »

කඹුරුපිටිය බතික් හා අත්යන්ත්‍ර ඇගලුම් නිෂ්පාදන පුහුණු මධ්‍යස්ථානය ජනතා අයිතියට  

0 comments

සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගෙන් පසු මෙරට දේශීය කර්මාන්ත ගැන සිතා ප්‍රතිපත්ති තීන්දු රැසක් ගත් එකම නායකයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා.

කඹුරුපිටිය කුඩගලහේන ප්‍රදේශයේ ආරම්භ කළ බතික් හා අත්යන්ත්‍ර ඇගලුම් නිෂ්පාදන පුහුණු මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට ප්‍රධාන අමුත්තා ලෙස එක්වෙමිනුයි ඒ මහතා මේ බව සදහන් කළේ. සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව යමින් සවිමත් ආර්ථියක් දිවිමත් තාරුණ්‍යයක් යන තේමාව යටතේ මෙම පුහුණු මධ්‍යස්ථානය ආරම්භ කෙරුණා.

දීර්ඝ කාලයක් වසාදමා තිබූ කඹුරුපිටිය කුඩගලහේන අරියමිත්ත පාසලේ ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කරමින් මෙම මධ්‍යස්ථානය ආරම්භකර තිබීම විශේෂත්වයක්.

 

 

The post කඹුරුපිටිය බතික් හා අත්යන්ත්‍ර ඇගලුම් නිෂ්පාදන පුහුණු මධ්‍යස්ථානය ජනතා අයිතියට appeared first on ITN News.

Read More »

දිවංගත සෞම්‍ය මූර්ති තොණ්ඩමන් මහතාගේ 22 වන ගුණානුස්මරණය අද  

0 comments

ලංකා කම්කරු කොංග්‍රසයේ නිර්මාතෘ හිටපු අමාත්‍ය දිවංගත සෞම්‍ය මූර්ති තොණ්ඩමන් මහතාගේ 22 වන ගුණානුස්මරණය අදට යෙදී තිබෙනවා.

සෞම්‍ය මූර්ති තොණ්ඩමන් මහතාගේ ගුණානුස්මරණය නිමිත්තෙන් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පිහිටි එතුමාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම සිදුවුණා. ඒ මෙරට ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතාගේ ප්‍රධානත්වයෙන්.

රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා ඇතුළු ලංකා කම්කරු කොංග්‍රසයේ ජ්‍යෙෂ්ඨ නායකයින් කිහිප දෙනෙකුම මෙම අවස්ථාවට එක්වුණා.

 

                    

 

 

The post දිවංගත සෞම්‍ය මූර්ති තොණ්ඩමන් මහතාගේ 22 වන ගුණානුස්මරණය අද appeared first on ITN News.

Read More »

ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු තුනක් විවෘත කෙරේ  

0 comments

ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු තුනක් විවෘත කිරීම නිසා නුවරඑළිය සහ කදපොළ ප්‍රදේශයේ පහත් බිම් කීපයක් ජලයෙන් යටවුණා.

ඒ හේතුවෙන් එළවළු වගාවට ද හානි සිදුවූ බවයි අප වාර්තාකරුවන් පැවසුවේ.

ලක්ෂපාන ජලාශයේ ද වාන් දොරටු තුනක් විවෘත කර තිබෙනවා.

The post ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු තුනක් විවෘත කෙරේ appeared first on ITN News.

Read More »

නව කැළණි පාලම ලබන මාසයේදී ජනතා අයිතියට  

0 comments

මෙරට ප්‍රථමවරට අධිතාක්ෂණික කේබල් යොදා ගනිමින් ඉදිකළ නව කැළණි පාලම ලබන මාසයේදී ජනතා අයිතියට පත් කරන බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා.

කොළඹ කටුනායක අධිවේගී මාර්ගය විවෘත කිරීමෙන් පසු කොළඹ ප්‍රධාන නගරය සහ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොල එකිනෙකට සම්බන්ධ වීමනිසා කොළඹ නගරයට අතුළුවන වාහන සංඛ්‍යාවේ විශාල වැඩිවීමක් සිදුවුණා. එවැනි අධික වාහන සංඛ්‍යාවක් සදහා වත්මන් කැළණි පාලමේ ධාරිතාව ප්‍රමාණවත් නොවීම නිසා 2014 වසරේදී මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කරන අවධියේදී මෙම අධිතාක්ෂණික නව පාලම සදහා මූලික ගිවිසුම් අත්සන් කිරීම සිදු කෙරුණා. මංතීරු 6කින් යුක්තවයි නවපාලම ඉදිකර ඇත්තේ.

මෙම ව්‍යාපෘතිය සදහා විශේෂ ආර්ථික ගිවිසුම් කොන්දේසි යටතේ ජපන් අන්තර්ජාතික සහයෝගීතා ආයතනය මූල්‍ය ප්‍රතිපාදන සපයනවා. නව කැළණි පාලම ව්‍යාපෘතිය යටතේ කොබෝලීල, ඇහැල, මැයිමාර ඇතුළු ශාකවර්ග රෝපණය කිරීම නිරීක්ෂණය කිරීමට අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා එක්වුණා.

 

 

 

The post නව කැළණි පාලම ලබන මාසයේදී ජනතා අයිතියට appeared first on ITN News.

Read More »

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා තරගය අද  

0 comments

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර තරගය සාජාහිදී අද පැවැත්වෙනවා.

ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටයට පිවිසීම සදහා මෙම තරගය ජයග්‍රහණය කිරීම ඉතා වැදගත් වනවා. සුපිරි 12 වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම මෙන්ම දකුණු අප්‍රිකා කණ්ඩායම ද එක් තරගය බැගින් මේ වනවිට ජයග්‍රහණය කර තිබෙනවා. තරගය අද පස්වරු 3.30 ට ආරම්භවීමට නියමිතයි.

ඕස්ට්‍රේලියාව හා එංගලන්තය අතර තරගය ද අද රාත්‍රියේ පැවැත්වෙනවා.

මේ අතර ඊයේ පැවති පාකිස්තානය හා ඇෆ්ගනිස්ථානය අතර තරගය කඩුලු පහක ජයක් හිමිකර ගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත් වුණා. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 147 ක් ලබාගත්තා. මොහොමඩ් නබී නොදැවී ලකුණු 35 යි. පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ පාකිස්තාන කණ්ඩායම පන්දුවාර 19 ක් අවසානයේ දී කඩුලු 5 ක් දැවී තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසුකළා. ජයග්‍රහණය සදහා අවසාන පන්දුවාර දෙකේ ද ලකුණු 24 ක් ලබාගත යුතුව තිබුණ ද එම ඉලක්කය හයේ පහර 4 කින් 19 වන පන්දුවාරය තුළදීම සම්පූර්ණ කළ අසිප් අලි පාකිස්තාන ජයග්‍රහණයේ නියමුවා වුණා.

 

 

The post ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා තරගය අද appeared first on ITN News.

Read More »

‘සහෝ’ චිත්‍රපටයේ මුහුරත් උළෙල  

0 comments

සහෝ චිත්‍රපටයේ මුහුරත් උළෙල පසුගියදා පැවැත්වුණා.

මහාචාර්ය ආරියරත්න ඇතුගලයන්ගේ අධ්‍යක්ෂණයක් වන සහෝ චිත්‍රපටයට නිෂ්පාදන දායකත්වය ලබා දී ඇත්තේ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන, එච්. ඩී. ප්‍රේමරත්න හා රවීන්ද්‍ර ගුරුගේ යන මහත්වරුන්.

සහෝ චිත්‍රපටයේ මාධ්‍ය දර්ශනය පැවැත්වුනේ ගෝල්ෆේස් පී වී ආර් සිනමා ශාලාවේදී. මෙම අවස්ථාවට දේශපාලන නියෝජිතයන්, කලාකරුවන් ඇතුළු පිරිසක් සහභාගී වුණා.

 

 

The post ‘සහෝ’ චිත්‍රපටයේ මුහුරත් උළෙල appeared first on ITN News.

Read More »

ලොව පුරා කොරෝනා මරණ සංඛ්‍යාව මිලියන 5 ඉක්මවයි  

0 comments

කොරෝනා වසංගතය හේතුවෙන් ලොව පුරා මියගිය සංඛ්‍යාව මිලියන 5 ඉක්මවා තිබෙනවා.

මේ වනවිට වාර්තාවන සමස්ත ගෝලීය කොරෝනා මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ පනස්ලක්ෂ හාරදහස් හාරසිය පනස් එකක් ලෙසින්. වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව විසිහතර කෝටි හැටහත් ලක්ෂ පනස්හත් දහස් හාරසිය හැත්තෑපහක් ලෙසින් දැක්වෙනවා.

ගතවූ පැය 24 තුළ ඉහළම මරණ සංඛ්‍යාව සහ නව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා වන්නේ ඇමෙරිකාවෙන්.

මේ අතර ෆයිසර් බයෝ එන්ටෙක් කොරෝනා මර්දන එන්නත වයස අවුරුදු 5 ත් 11 ත් අතර ළමයින්ගේ භාවිතය සදහා ඇමෙරිකානු සෞඛ්‍ය බලධාරීන්ගේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව මිලියන 28 කට වැඩි ඇමෙරිකානු ළමයින්ට ෆයිසර් එන්නත ලබාදීම කඩිනමින් ආරම්භ වනු ඇති.

 

 

The post ලොව පුරා කොරෝනා මරණ සංඛ්‍යාව මිලියන 5 ඉක්මවයි appeared first on ITN News.

Read More »

ඇපලෝ සුළි කුණාටුවෙන් ඉතාලියේ සිසිලි දූපත් ආශ්‍රිත ප්‍රදේශවලට දැඩි බලපෑම්  

0 comments

ඇපලෝ සුළි කුණාටුව හේතුවෙන් ඉතාලියේ සිසිලි දූපත් ආශ්‍රිත ප්‍රදේශවලට දැඩි බලපෑම් එල්ලවී තිබෙනවා.

ඇපලෝ සුළි කුණාටුවත් සමග ඇතිවූ අධික වර්ෂාව හේතුවෙන් නගර රැසක් ගංවතුර තර්ජනයකට මුහුණපා ඇති බවයි පැවසෙන්නේ. ගංවතුරට හසුවූ  පුද්ගලයින් තුන්දෙනෙක් මියගොස් ඇති බවද වාර්තා වනවා. නිවාස සහ ගොඩනැගිලි රැසකට හානි සිදුව ඇති අතර විපතට පත් ජනතාව මුදාගැනීමේ මෙහෙයුම් ද ක්‍රියාත්මකයි.

නගරවල ජනතාවට සිය නිවෙස් තුළටම වී කාලය ගත කරන ලෙසයි එරට කාලගුණ අංශ දැනුම්දී තිබෙන්නේ.

 

 

 

The post ඇපලෝ සුළි කුණාටුවෙන් ඉතාලියේ සිසිලි දූපත් ආශ්‍රිත ප්‍රදේශවලට දැඩි බලපෑම් appeared first on ITN News.

Read More »

Recent News

Gossip Lanka MAG