Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජපාන මහ මැතිවරණයෙන් පාලක පක්ෂයට ආණ්ඩුවක් පිහිටුවීම අභියෝගයක් වෙයි  

Add comments

ජපානයේ මහ මැතිවරණයෙන් පාලක එල්ඩිපි පක්ෂයට බහුතරය ලබා ගැනීමේ දී අභියෝගයකට මුහුණ දීමට සිදු වෙමින් තිබෙන බව දේශපාලන විශ්ලේෂකයන් පවසනවා.

අසුන් 465 කින් යුතු ජපන් පාර්ලිමේන්තුව තුළ කුමන දේශපාලන පක්ෂයක් බලය තහවුරු කර ගන්නේ ද යන්න පිළිබඳව අද පැවැත්වෙන මහ මැතිවරණයේ දී තීරණය වනවා. වර්තමාන අග්‍රාමාත්‍ය පුමියෝ කිෂිඩාගේ දේශපාලන පක්ෂය වන ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය හෙවත් එල්ඩිපි පක්ෂය බොහෝ දුරට මෙවර මහ මැතිවරණය ජයගනු ඇති බවයි දේශපාලන විශ්ලේෂකයන් පවසන්නේ. කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ බලය පිහිටුවීමට යාමේ දී ඔහුට දඅභියෝගයකට මුහුණ පෑමට සිදු වන තත්ත්වයක් ඇතිව තිබෙනවා. ජපානයේ කොරෝනා වයිරසය සාර්ථක ලෙස මැඩ පැවැත්වීම නිසා ඡන්දය ප්‍රකාශ කිරීම සදහා ජනතාවගේ උනන්දුව ඉහළ ගොස් තිබෙනවා. දැනට පවතින සභාග රජයේ හවුල්කාරී පක්ෂ ඉදිරියට ද පුමියෝ කිෂිඩාට සහාය දක්වනු ඇති බවයි ජපන් මාධ්‍ය සඳහන් කළේ. කොමිටෝ නැමැති හවුල්කාරී පක්ෂයේ සහයෝගය ඉදිරි ආණ්ඩුව පිහිටුවීමේ දී තීරණාත්මක වනවා. කොමිටෝ පක්ෂය සොයා දක්කායි නැමති බෞද්ධ සංවිධානය සමඟ සමීප සම්බන්ධයක් පවතින බැවින් ජපානයේ බෞද්ධ ජනතාවගේ ඡන්ද වැඩි වශයෙන් කොමිටෝ පක්ෂයට හිමි වනවා. ජපන් පාර්ලිමේන්තුවේ බහුතර බලය ලබා ගැනීම සඳහා ආසන 233 ක් හිමි කර ගත යුතු වනවා.

 

The post ජපාන මහ මැතිවරණයෙන් පාලක පක්ෂයට ආණ්ඩුවක් පිහිටුවීම අභියෝගයක් වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG