Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඊයේ අත්අඩංගුවට ගත් අන්තරේ 28 දෙනෙකුට ඇප  

0 comments

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩල විරෝධතාව අතුරතුර ඊයේ අත්අඩංගුවට ගත් 28 දෙනෙකු ඇප මත මුදාහැරුණා.

අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය ඊයේ විරෝධතා පාගමනක් ආරම්භ කළේ රැදවුම් නියෝග මත රදවාගෙන සිටින එම බල මණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු තුන්දෙනා නිදහස් කර ලෙස ඉල්ලමිනුයි.

මරදාන එල්ෆින්ස්ටන් රගහල අසලින්  ආරම්භ වූ පාගමන ටෙක්නිකල් හන්දියට පැමිණි විට එය නතර කරන ලෙස පොලිසිය දැනුම් දුන්නා.

ඒ සමග ඇති වූයේ උණුසුම් තත්ත්වයක්. උද්ඝෝෂණකරුවන් විසුරුවා හැරීමට පොලීසිය ජල හා කදුලු ගෑස් ප්‍රහාර ද එල්ලකළා.

මෙහිදී අත්අඩංගුවට ගත් 28 දෙනෙකු කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට හමුවට අද ඉදිරිපත් කෙරුණා. ඔවුන් පෞද්ගලික ඇප මත මුදාහැරීමට මහේස්ත්‍රාවරයා නියෝග කළා.

The post ඊයේ අත්අඩංගුවට ගත් අන්තරේ 28 දෙනෙකුට ඇප appeared first on ITN News.

Read More »

සෝවියට් සමූහාණ්ඩව පෙරස්ට්‍රොයිකාවෙන් අවසන් කළ ගොර්බචෝව් අවසන් ගමන්යයි  

0 comments

පැරණි සෝවියට් සමූහාණ්ඩුවේ අවසන් නායකයා වූ මිහායිල් ගොර්බචෝව් අද අභාවප්‍රාප්ත වුණා. සෝවියට් සමූහාණ්ඩුව හා බටහිර රටවල් අතර පැවති සීතල යුද්ධය සාමකාමීව අවසන් කළ නායකයෙකු ලෙස හැදින්වෙන මිහායිල් ගොර්බචෝව් අභාවප්‍රාප්ත වනවිට වයස අවුරුදු 91 ක්.

1985 වසරේ සිට 1991 වසර දක්වා මිහායිල් ගොර්බචෝව් සෝවියට් සංගම් කොමියුනිස්ට් පක්ෂයේ මහ ලේකම් ධුරය හෙබවූවා. එමෙන්ම 1988 වසරේ සිට 1989 දක්වා වසරක කාලයක් උත්තරීතර සෝවියට් සංගමයේ සභාපතිවරයා ලෙසත් 1988 වසරේ සිට 1991 වසර දක්වා රාජ්‍ය නායකයා ලෙසත් 1990 වසරේ සිට 1991 වසරේ දී සෝවියට් සමූහාණ්ඩුව විසුරුවාහරින තෙක් එහි සභාපතිවරයා ලෙසත් ඔහු කටයුතු කළා.

ගොර්බචෝව්, මාක්ස් – ලෙනින් වාදියෙකු වුවද 1990 වනවිට ඔහු සමාජ ප්‍රජාතන්ත්‍රවාදය කරා ගමන් කරමින් සිටි අයුරු දක්නට ලැබුණා. ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවලට දැඩි හිසරදයක්ව පැවති සෝවියට් සමූහාණ්ඩුව බෙදා වෙන්කිරීමට මොහුගේ සහාය හිමිවූ බවටයි චෝදනා එල්ලවන්නේ. ඒ හේතුවෙන් රුසියාව ඔහුව හදුන්වන්නේ සෝවියට් සමූහාණ්ඩුව බෙදා වෙන්කර රුසියාව තනිකල නායකයෙකු ලෙසයි. නිවේදනයක් නිකුත් කරමින් රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සිය සාතිශය සංවේගය පළකර සිටිනවා.

එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරේස් සදහන් කරන්නේ ලොව ඉතිහාසය වෙනස් කළ නායකයෙකු ලෙස මිහායිල් ගොර්බචෝව් හැදින්විය හැකි බවයි. එමෙන්ම කලාතුරකින් දක්නට ලැබෙන නායකත්වයේ ලක්ෂණ පෙන්නුම් කරන තාමාටම ආවේනික වූ ක්‍රමයකට දේශපාලනය කළ නායකයෙකු ලෙස ඔහුව හැදින්විය හැකි බව ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරනවා.

The post සෝවියට් සමූහාණ්ඩව පෙරස්ට්‍රොයිකාවෙන් අවසන් කළ ගොර්බචෝව් අවසන් ගමන්යයි appeared first on ITN News.

Read More »

ණය අපේක්ෂිත රටකට සුදුසුම අයවැයක් – මහබැංකු අධිපති   

0 comments

ණය අපේක්ෂිත රටකට සුදුසුම අයවැයක් අතුරු අයවැය තුලින් මෙවර ඉදිරිපත් කර ඇති බව මහබැංකු අධිපති  ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.

කොළඹ නාවික ඇකඩමිය සංවිධාන කළ රාජ්‍ය ආර්ථිකය සම්බන්ධ සත්‍ය දැනගනිමු යන තේමාව යටතේ පවැති සම්මන්ත්‍රණයට එක්වෙමිනුයි මහබැංකු අධිපතිවරයා මෙ බව සදහන් කළේ. අර්බුදයෙන් ගොඩ ඒමට ස්ථාවරත්වයක් ගොඩනගා ගත හැකි අයවැයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවයි මහබැංකු අධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේ. දේශපාලන වශයෙන් ජනප්‍රිය නොවුනත් වඩාත් දූරදර්ශී අයවැයන් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට භාණ්ඩාගාර ලේකම්වරයාට ස්තුති කළ යුතු බවයි මහබැංකු අධිපතිවරයා වැඩිදුරටත් සදහන් කළේ.

මේ අතර රොයිටර්ස් පුවත් සේවය ඇතුළු ජාත්‍යන්තර පුවත් සේවා පවසන්නේ ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර ණය ලබාදීම සම්බන්ධයෙන් මූලික එකඟතාවකට පැමිණ ඇති බවයි. ඒ පිළිබද විධිමත් නිවේදනයක් හෙට දිනයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ.

 

 

The post ණය අපේක්ෂිත රටකට සුදුසුම අයවැයක් – මහබැංකු අධිපති  appeared first on ITN News.

Read More »

රත්‍රං බිස්කට් කිලෝග්‍රෑම් 7 ක් සමඟ සැකකරුවෙකු කටුනායකදී අත්අඩංගුවට  

0 comments

රුපියල් කෝටි 16 කට අධික වටිනාකමින් යුත් රත්‍රං බිස්කට් කිලෝග්‍රෑම් 7 ක් සමඟ සැකකරුවෙකු කටුනායක ගුවන් තොටුපලේ දී අත්අඩංගුවට ගනු ලැබුවා.

කිලෝග්‍රෑම් 7 ක පමණ බරකින් යුතු රත්‍රං බිස්කට් 60 ක් මෙසේ ගමන් මල්ලක සූක්ෂම ලෙස අසුරා තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ සේවකයෙකු කටුණායක ගුවන් තොටුපලෙන් පිට කිරීමට උත්සාහ දැරූ අවස්ථාවේ අත්අඩංගුවට ගත් බව රේගු නිලධාරීන් පවසනවා. ඔහු මොනරාගල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

රත්‍රං තොගයේ වටිනාකම රුපියල් කෝටි 16 ඉක්මවන අතර මෙම රන් බිස්කට් සියල්ල කැරට් 24 තනි පවුම් රත්‍රං බව තක්සේරු කර තිබෙනවා. බිස්කට් 10 බැගින් වූ පාර්සල් 6 ක් සකසා ඒවා සූක්ෂම ලෙස ගුවන් තොටුපලින් පිටකිරීමටයි සැකකරු උත්සාහදරා තිබුණේ.

සැකකරු සම්බන්ධයෙන් රේගු නිලධාරීන් වැඩිදුර විමර්ශන ආරම්භකර තිබෙනවා.

The post රත්‍රං බිස්කට් කිලෝග්‍රෑම් 7 ක් සමඟ සැකකරුවෙකු කටුනායකදී අත්අඩංගුවට appeared first on ITN News.

Read More »

කොවිඩ් සමයේ රාජ්‍ය සේවකයන් ගත් නිවාඩු ගණනයට ක්‍රම ඇතුළත් නව චක්‍රලේඛයක්  

0 comments

කොරෝනා සමයේ අනුගමනය කළ සහනදායී වැඩපිළිවෙළ තුළ, රාජ්‍ය නිලධාරීන් ලබා ගන්නා ලද නිවාඩු ගණනය කිරීම සඳහා වන ක්‍රමවේදයක් ඇතුළත් චක්‍රලේඛයක්, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත්  සභා හා පළාත් පාලන අමාත්‍යංශය නිකුත්කර තිබේ.

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා ලෙස, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ උපදෙස් මත මීට අදාළ චක්‍රලේඛය නිකුත් කළ බව, අමාත්‍යංශ ලේකම් ප්‍රියන්ත මායාදුන්නෙ මහතා පැවසීය.

ගෝලීය වශයෙන් ව්‍යාප්තව වසංගතයක් බවට පත්වූ කොවිඩ් තත්ත්වය හේතුකොට ගෙන පසුගිය කාලයේ මෙරට ජන ජීවිතය මුළුමනින් ම පාහේ අකර්මණ්‍ය  වූ අතර, මෙම තත්ත්වය රාජ්‍ය සේවයටද දැඩි බලපෑම් එල්ල කළේය.

එහිදී රාජ්‍ය සේවය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා අත්‍යාවශ්‍ය රාජ්‍ය සේවකයින් පමණක් සේවා ස්ථානවලට ගෙන්වීම,සේවා මුර ක්‍රමයට රාජ්‍ය නිලධාරීන් ගෙන්වීම, නිවසේ සිට රාජකාරී කිරීම සඳහා  ක්‍රමවේද සකස් කිරීම, සම්පූර්ණයෙන්ම රාජ්‍ය ආයතන වසා තැබිම මෙන්ම ගර්භනී හා කිරිදෙන මව්වරුන්  රාජ්‍ය සේවය සඳහා නොකැඳවීම ආදී ක්‍රමවේදයන් අනුගමනය කළේය.

මේ සඳහා වන චක්‍රලේඛ කලින් කල රාජ්‍ය පරිපාලන ,ස්වදේශ කටයුතු ,පළාත් සභා හා පළාත පාලන අමාත්‍යංශය මගින් නිකුත් කළ අතර ඒ අනුව රාජ්‍ය සේවය පවත්ගෙන යන ලදි. වර්තමානය වනවිට රාජ්‍ය සේවයේ කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාම සඳහා රජය පියවර ගෙන ඇති අතර, රජයේ නිලධාරීන්ගේ නිවාඩු සම්බන්ධයෙන් සාමන්‍ය ක්‍රමවේද යටතේ කටයුතු කරගෙන යමින් පවතී.

කොවිඩ් සමයේ රාජ්‍ය සේවකයන් ලබා ගන්නා ලද නිවාඩු ගණනය කිරීම සඳහා ක්‍රමවේදයක් ඇතුළත් නව චක්‍රලේඛය පහත දැක්වේ…….

The post කොවිඩ් සමයේ රාජ්‍ය සේවකයන් ගත් නිවාඩු ගණනයට ක්‍රම ඇතුළත් නව චක්‍රලේඛයක් appeared first on ITN News.

Read More »

නෙළුම් කුළුණේ මෙහෙයුම් සැප්තැම්බර් 15 වනදා ඇරඹේ  

0 comments

 ‍ශ්‍රී ලාංකේය ජනතාවට නවමු අත්දැකීමක් සමඟින් නෙළුම් කුළුණේ මෙහෙයුම් සැප්තැම්බර් 15 වනදා ඇරඹේ. 

ශ්‍රී ලාංකේය ජනතාවට නවමු අත්දැකීමක් එක් කරමින්  දකුණු ආසියාවේ උසම  ගොඩනැඟිල්ල වන “නෙළුම් කුළුණේ”  මෙහෙයුම් කටයුතු සැප්තැම්බර් 15 වනදාසිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

එක්සත් ජනපද ඩොලර් මිලියන 113කට ආසන්න මුදලක වියදමින් ඉදි වූ නෙළුම් කුළුණේ මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමත් සමඟ, ජනතාවට නවමු අත්දැකීම් රැසක් ලබාදීමට “කොළඹ නෙළුම් කුළුණ පුද්ගලික සමාගම” කටයුතු යොදා ඇත.

නෙළුම් කුළුණේ ඉදිකිරීම් 2012 වසරේදී ආරම්භ කෙරුණු අතර 2022 පෙබරවාරි 28 වන දින ඉදිකිරීම් අවසන් කරමින් එය ලංකා රජයට භාර දෙන ලදී. මේ සඳහා චීන සමාගම  විසින් එක්සත් ජනපද ඩොලර් 88.65ක් ලබාදී ඇති අතර ඉතිරිය ශ්‍රී ලංකා රජය විසින් යොදවා තිබේ. ‍ මෙහි ණය වාරික ගෙවිම් 2024 වර්ෂය වන විට අවසන් කිරීමට නියමිතය. ණයවලින් එක්සත් ජනපද ඩොලර් මිලියන 66.3936 මේ වනවිටත් ගෙවා අවසන්ය.

කොළඹ, නෙළුම් කුළුණ පුද්ගලික සමාගම මහා භාණ්ඩාගාරය යටතේ මේ වසරේ මාර්තු මාසයේ දී ස්ථාපිත කළ සමාගමක් වන අතර, එහි සියලු ගනුදෙනු විගණකාධිපති දෙපාර්තමේන්තුව මඟින් විගණනය කෙරේ.

ලෝකයේ ධනවත් රටවල මෙන් විනෝදාස්වාදය සහ නව තාක්ෂණික අත්දැකීම් මෙහිදී  ලබාදීමට සැලසුම් කර ඇති බව කොළඹ නෙළුම් කුළුණ පුද්ගලික සමාගමේ ප්‍රධාන පාරිපාලන නිලධාරී විශ්‍රාමික මේජර් ජෙනරල් ප්‍රසාද් සමරසිංහ මහතා පවසයි.

මේ වන විට දේශීය ආයෝජකයන් සියයට 80ක් හා විදේශීය ආයෝජකයින් සියයට 20ක් නෙළුම් කුළුණ සඳහා ආයෝජනයට එක්ව ඇති බව ද සමරසිංහ මහතා අනාවරණය කළේය.මේ වනවිට ‍ආයෝජකයන් 58ක් සමඟ සාකච්ඡා කරඇති අතර එයින්ආයෝජකයන් 22ක් සමඟ ගිවිසුම්වලට එළඹිමට කැමැත්ත පළ කරමින් සිටී. මේ වසරේ දෙසැම්බර් 31 වන විට විවිධ උත්සව 15ක ඇණවුම් මේ වනවිටිත් ලැබී ඇති බව කොළඹ නෙළුම් කුළුණ පුද්ගලික සමාගම සඳහන් කරයි. ලබන වසරේ ජනවාරි මාසයේ සිට මෙම සියලුම මෙහෙයුම් තවදුරටත් සාර්ථකව සිදු කිරීමට සැලසුම් කර තිබෙන බව ද සමරසිංහ මහතා වැඩිදුරටත් සඳහන් ‍කළේය.

ජනතාවගේ ඉල්ලීමට සරිලන  අයුරින්  නව තාරුණ්‍යයේ බලාපොරොත්තු ඉටුවන අන්දමේ තෝතැන්නක් බවට නෙළුම් කුළුණේ මෙහෙයුම් සන්නද්ධ කර ඇති අතර එයට අක්කර 10.5ක භූමි භාගයක් අයත් වේ.

මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමත් සමඟ ඕනෑම අයෙකුටප්‍රවේශ පත්‍රයක් ලබාගෙන මෙම අත්දැකීමවිඳිය හැකිය.ඒ සඳහා වන ප්‍රවේශ පත්‍රයක් රුපියල් 500ක්සහ රුපියල් 2000ක් වන අතර විදේශිකයෙකු විසින් එක්සත් ජනපද ඩොලර් 20ක ප්‍රවේශ පත්‍රයක් ලබාගත යුතු වේ. රුපියල් දෙදහසේ ප්‍රවේශ පත්‍රයක් ලබා ගන්නා ඕනෑම අයෙකුට පෝළිම්වල රැදී නොසිට පරිශ්‍රයට ඇතුළුවිය හැකි අතර, අවස්ථා කිහිපයක් වුවද කුළුණේ ඉහළට යා හැකිය. රුපියල් 500 ප්‍රවේශ පත්‍රය ලබාගන්නා අයෙකුට කුළුනේ ඉහළට යා හැක්කේ එක් වතාවක් පමණි. ඉදිරි මාස කිහිපයේදී ප්‍රවේශ පත්‍රය වෙනුවට QR කේතයක් හඳුන්වාදීමට සැලසුම් කර තිබේ.

නෙළුම් කුළුණ නැරඹීමට පැමිණෙන ජනතාවට බිම් මහලේදී ප්‍රසිද්ධ අවන්හල්වලසහ සමරු වෙළඳසැල්වල අත්දැකීම ලබාගත හැකි අතර, ප්‍රසිද්ධ වාණිජ්‍ය බැංකු කිහිපයක්ද බිම් මහලේ ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබේ.

‍පළමු මහල කාර්යාල පහසුකම් සඳහා ලබාදීමට බලාපොරොත්තු වන අතර ඩිජිටල් සිනමා ශාලාවක් ද මෙහි පවතී. ජනතාවගේ හා සමාගම්වල ඉල්ලීම් මත වර්ග අඩි වශයෙන් කුලිපදනම මත ආයෝජකයන්ට ලබාදීමට පියවර ගෙන තිබේ.  තුන්වන මහල සම්මන්ත්‍රණ ශාලාවකින් සමන්විතඅතරඑහි 400කට පමණ එකවර පහසුකම් සලසා ඇත.විවෘත මහළ නොයෙක් විනෝදාස්වාද කටයුතු සඳහා ලබාගත හැකිවන අයුරින් නිර්මාණය කර තිබේ.

නෙළුම් පොහොට්ටුවක හැඩයේ  පළමු මහළේ 400කට පමණ අසුන්ගත හැකි සම්මන්ත්‍රණ ශාලාවක් පවතින අතර, ඉන් ඉහළ මහළ කැරකෙන අවහලකින් සමන්විතය. ඉහළම නැරඹුම්  මැදිරයේ දී “කොළඹ අහස යට” නවමු අත්දැකීමක් විඳගැනීමට හැකියාව පවතී.

ලංකාවේ තිබෙන වේගවත්ම විදුලි සෝපාන තුනක් නෙළුම් කුළුණ සතු අතර, එය ජපාන තාක්ෂණය යටතේ නිර්මාණය වී තිබේ. මේ සියලුම අත්දැකීම් ලබන 15 වනදායින් පසුව ජනතාවට විවෘත කිරීමට නියමිතය.

 

ජනාධිපති මාධ්‍ය අංශය
2022-08-31

 

 

The post නෙළුම් කුළුණේ මෙහෙයුම් සැප්තැම්බර් 15 වනදා ඇරඹේ appeared first on ITN News.

Read More »

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වැනි ජාතික නියෝජිත සම්මේලනය ඔක්තෝබර් 16 වැනි දා පැවැත්වීමට යෝජනා  

0 comments

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වැනි ජාතික නියෝජිත සම්මේලනය එ‍ළඹෙන ඔක්තෝබර් 16වැනි දා පැවැත්වෙන බවට යෝජනා කෙරේ.

චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශය එහි මහලේකම්, චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ ප්‍රධානත්වයෙන් 30වැනිදා රැස්වීමක් පැවැත්වීය.

චීන කොමියුනිස්ට් පක්ෂයේ 19වැනි මධ්‍යම කාරක සභාවේ 7වැනි පූර්ණ සැසිවාරය සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වැනි ජාතික නියෝජිත සම්මේලනයට අදාළ පූර්ව සූදානම් කටයුතු පිළිබඳව එහිදී සාකච්ඡා කෙරිණ.

චීන කොමියුනිස්ට් පක්ෂයේ 19වැනි මධ්‍යම කාරක සභාවේ 7වැනි පූර්ණ සැසිවාරය එළඹෙන ඔක්තෝබර් මස 9වැනි දා ආරම්භ කරන බව මෙම රැස්වීමේදී තීරණය කරනු ලැබීය.

එමෙන්ම චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වැනි ජාතික සම්මේලනය එ‍ළඹෙන ඔක්තෝබර් 16වැනි දා පැවැත්වෙන බවට පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශය එහිදී යෝජනා කර ඇත.

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වැනි ජාතික නියෝජිත සම්මේලනය යනු චීනය, පාලක කොමියුනිස්ට් පක්ෂය සහ චීන ජනතාව පූර්ණ සමාජවාදී නවීකරණ ක්‍රියාදාමය කරා ගමන් ආරම්භ කිරීම සහ දෙවැනි ශතවර්ෂයේ සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කිරීම පිළිබඳ වැදගත් සන්ධිස්ථානයක් බව එම රැස්වීම අවධාරණය කර තිබේ.

The post චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වැනි ජාතික නියෝජිත සම්මේලනය ඔක්තෝබර් 16 වැනි දා පැවැත්වීමට යෝජනා appeared first on ITN News.

Read More »

තායිවානයට අවි ආයුධ තොගයක් අලෙවි කිරීමට බයිඩන් අනුමැතිය ඉල්ලයි  

0 comments

ඇමෙරිකා ඩොලර් බිලියන 1.1 වටිනාකමින් යුතු අවි ආයුධ තොගයක් තායිවානයට අලෙවි කිරීම සදහා ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතිය ඉල්ලා තිබෙනවා.

මිසයිල හා නෞකා විනාශ කිරීමට යොදාගන්නා අවි මෙලෙස තායිවානයට අලෙවි කිරීමට ඇමෙරිකාව සැළසුම්කර තිබෙනවා. ඊට නෞකා නාශක මිසයිල 60 ක් හා මිසයිල නාශක අවි සියයක් ඇතුළත්. ඒ ජී එම් එයිටි ෆෝ එල් හාපූන් බ්ලොක් ටූ වර්ගයට අයත් මිසයිල 60 සදහා ඇමෙරිකා ඩොලර් මිලියන 355 ක ඇස්තමේන්තුවක් ලබාදී ඇති අතර ඒ අයි එම් නයින් එක්ස් බ්ලොක් ටූ අවි සියය සදහා ඇමෙරිකා ඩොලර් මිලියන 85.6 ක ඇස්තමේන්තුවක් ලබාදී තිබෙනවා. එමෙන්ම තොරතුරු රැස්කිරීමට යොදාගන්නා රේඩාර් පද්ධති ඇමෙරිකා ඩොලර් මිලියන 655.4 ක වටිනාකමින් යුක්ත බවද සදහන්. කෙසේ වුවද අලෙවි කිරීමට නියමිත අවි පිළිබද මේ වනතෙක් අවසන් තීරණයකට එළඹ නොමැති බවයි වාර්තා වන්නේ.

 

 

 

 

The post තායිවානයට අවි ආයුධ තොගයක් අලෙවි කිරීමට බයිඩන් අනුමැතිය ඉල්ලයි appeared first on ITN News.

Read More »

චීනයේ ෂින්ජ්‍යං ප්‍රදේශය පිළිබඳව නොකඩවාම අසත්‍ය තොරතුරු පතුරුවන බවට චීනයෙන් ඇමරිකාවට චෝදනා  

0 comments

චීනයේ ෂින්ජ්‍යං ප්‍රදේශය පිළිබඳව ඇමරිකාව නොකඩවාම අසත්‍ය තොරතුරු පතුරුවා හරිමින් සිටින බව චීනය පවසයි. චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක චාඕ ලි චියෙන් මහතා 29වැනිදා පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ බව කියා සිටියේ ය. බටහිර මාධ්‍ය හා රටවල් නිරතුරුව චීනය පිළිබඳව අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන බවත්, ෂින්ජ්‍යං ප්‍රදේශය ඔවුන් එවන් තොරතුරු සඳහා වැඩියෙන් භාවිත කරන බවත් ඔහු එහිදී පැවසීය.

ඇමරිකාව කාලන්තරයක් තිස්සේ ෂින්ජ්‍යං ප්‍රදේශය පිළිබඳව අසත්‍ය තොරතුරු මවා පාන අතර, චීනය සාවද්‍ය කරුණු මගින් එම ප්‍රදේශයේ ජනමත පාලනය කරන බවට ද චෝදනා නගා ඇත. එහෙත්
ඇමරිකාවේ එවන් උත්සාහ නිෂ්ඵලවේ. ෂින්ජ්‍යං සමාජයේ ස්ථාවරත්වය, තිරසර සංවර්ධනය හා ෂින්ජ්‍යං ජනතාවගේ යහපත් ජීවිත, ඇමරිකාව විසින් මවන ලද එම අසත්‍ය තොරතුරු හා චෝදනා සඳහා
ප්‍රබල පිළිතුරු ලබා දී ඇතැයි චාඕ ලි චියෙන් මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.

The post චීනයේ ෂින්ජ්‍යං ප්‍රදේශය පිළිබඳව නොකඩවාම අසත්‍ය තොරතුරු පතුරුවන බවට චීනයෙන් ඇමරිකාවට චෝදනා appeared first on ITN News.

Read More »

ජාතික සභාව ගැන කෙටුම්පත අගමැති පක්ෂ නායකයන්ට ඉදිරිපත් කරයි  

0 comments

පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ ඇතුළත් ජාතික සභාව ගැන කෙටුම්පත අග්‍රාමාත්‍යවරයා පක්ෂ නායකයන්ට ඉදිරිපත් කළේය.

පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂවලින් සමන්විත ජාතික සභාවක් පිහිටුවීම සඳහා, මූලික කෙටුම්පතක් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පක්ෂ නායකයන් වෙත ඊයේ (29) දින ඉදිරිපත් කරනු ලැබීය. ඒ, පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති පක්ෂ නායක රැස්වීමේදීය.

මෙහිදී පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණය කාරක සභා ස්ථාපිත කිරීම සම්බන්ධයෙන්ද රජයේ යෝජනාව සාකච්ඡාවට ලක් විය.

මෙහිදි පක්ෂ නායකයන් විවිධ අදහස් දැක්වූ අතර, පාර්ලිමේන්තුවේ පක්ෂවල පොදු එකඟතාවයකින් ප්‍රතිපත්තිමය තීරණ ගැනීමට මග පෙන්වීම මෙහි අරමුණ විය යුතු බව පක්ෂ නායකයෝ ප්‍රකාශ කළහ.

ජාතික සභාව සහ ආංශික අධීක්ෂණ කාරක සභා පිළිබඳ රජය කෙටුම්පත් කළ යෝජනාව සම්බන්ධයෙන් ඒ ඒ පක්ෂවල අදහස් කඩිනමින් ලිඛිතව ලබාගැනීමටද මෙහිදී තීරණය විය. එම අදහස් සමග වැඩි දියුණු කළ නව කෙටුම්පතක් සකසා, එය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිකුරාදා (02) යළි රැස්වන පක්ෂ නායක රැස්වීමට ඉදිරිපත් කිරීමටද තීරණය කෙරිණි.

ආංශික අධීක්ෂණ කාරක සභා 17 ක් සහ දැනට ඇති ස්ථාවර කාරක සභා 12 ට තවත් 3ක් එකතු කිරීම සම්බන්ධයෙන් රජයේ යෝජනාවද මෙහිදී පක්ෂ නායකයන් වෙත ඉදිරිපත් කෙරිණි.

මෙම රැස්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, සමගි ජන බලවේගය, ශ්‍රි ලංකා නිදහස් පක්ෂය, ස්වාධීන වූ පක්ෂ, ලංකා කම්කරු කොංග්‍රසය, එක්සත් ජාතික පක්ෂය, ඊපීඩීපී, ජාතික කොංග්‍රසය ආදී පාර්ලිමේන්තුවේ නියෝජනය කරන පක්ෂ, කණ්ඩායම් නායකයෝ එක්ව සිටියහ.

 

The post ජාතික සභාව ගැන කෙටුම්පත අගමැති පක්ෂ නායකයන්ට ඉදිරිපත් කරයි appeared first on ITN News.

Read More »

යුරෝපීය බහුජාතික සමාගම් චීන වෙළඳපොළ පිළිබඳ ඉහළ ශුභවාදී ආකල්පයක පසුවන බව තහවුරු වේ  

0 comments

යුරෝපීය බහුජාතික සමාගම් චීන වෙළඳපොළ පිළිබඳ අඛණ්ඩව ශුභවාදී ආකල්ප දරන බව, චීන ජාත්‍යන්තර වෙළඳ ප්‍රවර්ධන කවුන්සිලය පවසයි. එම කවුන්සිලයේ ප්‍රකාශක Sun Xiao මහතා, 29වැනිදා
පැවති මාධ්‍ය හමුවකදී මේ බව පැවසීය. මෙම වසරේ පළමු භාගයේදී, චීන ජාත්‍යන්තර වෙළඳ ප්‍රවර්ධන කවුන්සිලය, විදේශ ව්‍යාපාරික පරිසරය පිළිබඳ මත විමසුම් සිදුකර ඇත. යුරෝපීය බහුජාතික
සමාගම් 160කට ආසන්න ප්‍රමාණයක් අදාළ ප්‍රශ්නාවලියට ප්‍රතිචාර දක්වා තිබේ.

චීනයේ යුරෝපීය සමාගම්වලින් 19% ක් මෙහිදී පවසා ඇත්තේ, ඔවුන් දැනට පවතින නිෂ්පාදන මෙහෙයුම්වල පරිමාණය පුළුල් කරන බවයි. එසේම 65%ක් පෙන්වා දුන්නේ, වත්මන් නිෂ්පාදන මෙහෙයුම්වල පරිමාණය එසේම පවත්වාගෙන යන බවයි. පර්යේෂණවලට අනුව, යුරෝපීය බහුජාතික සමාගම් චීන වෙළඳපොළ පිළිබඳ ශුභවාදීව පසුවන බවත්, ඉන් අති බහුතරයක් චීන වෙළඳපොළේ පවතින අපේක්ෂාවන් කෙරෙහි විශ්වාසය තබා ඇති බවත්‍ Sun Xiao මහතා සඳහන් කළේ ය.

The post යුරෝපීය බහුජාතික සමාගම් චීන වෙළඳපොළ පිළිබඳ ඉහළ ශුභවාදී ආකල්පයක පසුවන බව තහවුරු වේ appeared first on ITN News.

Read More »

ශ්‍රී ලන්කන් කේටරින් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීමට තීරණයක්  

0 comments

ශ්‍රී ලන්කන් කේටරින් සමාගම ප්‍රතිව්‍යුහ ගත කිරීම තීරණය කර තිබෙනවා. එහි සේවකයින්ගේ රැකියා සුරක්ෂිතතාව තහවුරු කරමින් මෙම පියවර ගන්නා බවයි අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසන්නේ.

කොළඹ පැවැති මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා මේ බව සදහන් කළා.

 

 

 

 

 

The post ශ්‍රී ලන්කන් කේටරින් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීමට තීරණයක් appeared first on ITN News.

Read More »

“ස්ථිර පත්වීම් නොලැබූ උපාධිධාරීන්ගේ ගැටළුවට විසඳුමක් දෙනවා “- අගමැති  

0 comments

උපාධිධාරීන්ට පත්වීම් ලබාදීමේදී, විවිධ ගැටළු නිසා පත්වීම් නොලැබූ පිරිසගේ ප්‍රශ්නයට විසඳුමක් ලබාදීමට කටයුතු කරන බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (29) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

විවිධ අඩුපාඩු නිසා 461 දෙනෙකුට පත්වීම් ලැබී නොමැති බවට, විපක්ෂ නායකවරයා විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරයා පැවසුවේ, දැනටමත් මේ සම්බන්ධයෙන් අමාත්‍යංශය ලේකම්වරයා සාකච්ඡා ආරම්භ කර ඇති බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා,

” ගරු නියෝජ්‍ය කතානායකතුමනි, විපක්ෂ නායකතුමා විසින් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය යටතේ තිබෙන දෙපාර්තමේන්තුවල, සුදුසුකම්ලාභී, තවමත් ස්ථීරත්වය ලබා නොමැති සංඛ්‍යාව පිළිබඳව සඳහන් කළා. දැනටමත් මේ ප්‍රශ්නය ගැන අමාත්‍යංශ ලේකම්තුමා සාකච්ඡා ආරම්භ කරලා තියෙනවා. එයට විසඳුමක් ලබා දීමට කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා. ” යනුවෙන් පැවසීය.

The post “ස්ථිර පත්වීම් නොලැබූ උපාධිධාරීන්ගේ ගැටළුවට විසඳුමක් දෙනවා “- අගමැති appeared first on ITN News.

Read More »

උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි  

0 comments

2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වලින් ප්‍රතිඵල ලබාගත හැකියි. මෙවර ප්‍රතිඵල වලට අනුව 171497 දෙනෙකු  විශ්වවිද්‍යාල ප්‍රවේශය සදහා අයැදුම් කිරීමට සුදුසුකම් ලබා ඇති බව විභාග කොමසාරිස් ජනරාල් එල් එම් ඩී ධර්මසේන මහතා පවසනවා.

 

 

 

The post උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි appeared first on ITN News.

Read More »

රුසියාවට වීසා ලබා නොදීමේ තීරණයට සියලු යුරෝපා රටවල් සහාය නොදේවි  

0 comments

රුසියානු ජාතිකයින්ට යුරෝපා රටවලට වීසා ලබා නොදීමට ගෙන ඇති තීරණයට සියලුම යුරෝපයේ සියලු රටවල් සහාය ලබා නොදෙනු ඇති බවට යුරෝපා සංගමයේ විදේශ ප්‍රතිපත්ති ප්‍රධානී ජෝසෙප් බොරෙල් සදහන් කරනවා.

සියලුම රුසියානු ජාතිකයින්ට වීසා ලබා නොදීමේ ප්‍රතිපත්තියෙන් බැහැරව ක්‍රමවේදයක් යටතේ තෝරාගත් පිරිසකට පමණක් වීසා ලබා නොදීම ප්‍රතිඵලදායක බවයි ජෝසෙප් බොරෙල් පෙන්වා දෙන්නේ. එමෙන්ම යුරෝපා රටවලට රුසියානු ජාතිකයින්ට පැමිණීමට ඉඩ ලබා නොදීම හරහා එම රටවල ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ලවන බවද ඔහු පවසනවා. රුසියාව යුක්‍රේනයේ යුද මෙහෙයුම් ආරම්භ කිරීමෙන් පසු එරටට එරෙහිව යුරෝපා රටවල් ඇතුළු රටවල් රැසක් සම්බාධක පැනවීමට පියවර ගත්තා. ඒ හරහා රුසියානු ආර්ථිකයට බලපෑමක් එල්ල කිරීමට බලාපොරොත්තු වුවද මේ වන තෙක් එය සාර්ථක වී නොමැති බවයි විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.

 

 

 

 

The post රුසියාවට වීසා ලබා නොදීමේ තීරණයට සියලු යුරෝපා රටවල් සහාය නොදේවි appeared first on ITN News.

Read More »

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග පිළිබද කාරක සභාවට මන්ත්‍රීවරුන් නම් කෙරේ  

0 comments

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග පිළිබද කාරක සභාව ඇතුළු කාරක සභාව සදහා මන්ත්‍රීවරුන් නම් කිරීම සිදුකර තිබෙනවා. නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේ එම නම් නිවේදනය කළා.

මේ අතර ගෘහ්‍ය කාරක සභාව,  ආචාරධර්ම හා වරප්‍රසාද පිළිබද කාරක සභාව,  මහජන පෙත්සම් කාරක සභාව හා පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ කාරක සභාව සදහා ද මන්ත්‍රීවරුන් නම්කර තිබෙනවා. එහෙත් පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව හෙවත් කෝප් කමිටුව හා රාජ්‍ය ගිණුම් පිළිබද කාරක සභාව හෙවත් කෝපා කමිටු සදහා මෙතෙක් මන්ත්‍රීවරුන් නම්කර නැහැ.

 

 

 

 

 

The post පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග පිළිබද කාරක සභාවට මන්ත්‍රීවරුන් නම් කෙරේ appeared first on ITN News.

Read More »

මන්ත්‍රීවරු තිදෙනෙකුගේ නිවෙස්වලට හානි කළ සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට  

0 comments

විමල් වීරවංශ, ලසන්ත අලගියවන්න සහ අරුන්දික ප්‍රනාන්දු යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිවාස ඇතුළු දේපළ විනාශ කිරිමේ සිද්ධීන්ට අදාළ සැකකරුවන් කීපදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ නිවසට පහර දී දේපළවලට ගිනි තබා තිබුණේ පසුගිය මැයි 09 වන දායි. මාලඹේ පොලිස් වසමේ පිහිටි මෙම දේපළ විනාශ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍යකර සිටි ප්‍රධාන සැකකරුවෙකු මාලඹේ පොලිසිය මගින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු හෝකන්දර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

පාර්ලමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න මහතාගේ නිවසට හා දේපළවලට පහර දීමේ සිද්ධීන්ට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. කිරිදිවැල පොලිස් වසමේ පිහිටි මෙම දේපළවලට හානි කළ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ කිරිදිවැල ප්‍රදේශයේදීමයි. බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාශය මගින් ඔහු අත්අඩංගුවට ගෙන තිබුණා.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්ධික ප්‍රනාන්දු මහතාගේ නිවසට හා කාර්යාලයට පහර දී ගිනි තැබීමට සම්බන්ධ සැකකරුවෙකු ද ඊයේ අත්අඩංගුවට ගැනුණා. ඔහු දංකොටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. දංකොටුව පොලිසිය මේ පිළිබද වැඩිදුර විමර්ශන සිදු කරනවා.

 

 

The post මන්ත්‍රීවරු තිදෙනෙකුගේ නිවෙස්වලට හානි කළ සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට appeared first on ITN News.

Read More »

වසර 3කට පසු කොලොම්බියාව හා වෙනිසියුලාව නැවත වරක් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අරඹයි  

0 comments

වසර 3කට පසු කොලොම්බියාව හා වෙනිසියුලාව නැවත වරක් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කර තිබෙනවා.

රාජ්‍ය තාන්ත්‍රික සබඳතා යළි ආරම්භ කිරීමේ පියවරක් ලෙස වෙනිසියුලාවේ නව කොලොම්බියානු තානාපති ආමන්ඩෝ බෙනඩිට්ටි කැරකස් අගනුවට පැමිණියා. එහිදී වෙනිසියුලා උප විදේශ කටයුතු අමාත්‍යවරයා මුණ ගැසුණු ඔහු දෙපාර්ශවය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා යළි තහවුරු කිරීමේ අරමුණෙන් ද්වී පාර්ශ්වික සාකච්ඡා පැවැත්වුවා. කෙලොම්බියාවට වෙනිසියුලාවෙන් වෙන්ව කටයුතුකළ නොහැකි බවත් දෙරට සහෝදරයින් සේ කටයුතු කරන බවත් මෙහිදී ආමන්ඩෝ බෙනඩිට්ටි අවධාරණය කළා. 2019 වසරේදී වෙනිසියුලාවේ ජනාධිපතිවරයා ලෙස නිකොලොස් මධුරෝ නැවතවරක් තේරී පත්වීම එවකට කොලොම්බියා ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කිරීමත් සමගයි දෙරටේ රාජතාන්ත්‍රික කටයුතු නවතා දැමුණේ. කෙසේ වුවද කොලොම්බියාවේ නව ජනාධිපතිවරයා ලෙස බුස්ටාවෝ පෙට්රෝ පත්වීමත් සමග කොළොම්බියා වෙනිසියුලා ද්වීපාර්ශ්වික සබදතා යළි ආරම්භ කිරීමට පියවර ගැනුණා.

 

 

The post වසර 3කට පසු කොලොම්බියාව හා වෙනිසියුලාව නැවත වරක් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අරඹයි appeared first on ITN News.

Read More »

පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවෙකු මිය යයි  

0 comments

රන්මාල කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවෙකු මියගොස් තිබෙනවා.

මිල්ලතේ ප්‍රදේශයේ තාන්තාවකගේ ගෙල බැදි රන් මාලයක් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසියට ලැබුණු පැමිණිල්ලක අනුව මෙම සැකකරු අත්අඩංගුවට ගැණුනේ පසුගිය 26 වනදා රාත්‍රියේයි. 27 හැවිරිදි සැකකරු කිරිදිවැල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මෙම සැකකරුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම් සිදුකෙරුණු අතර රන්මාල කොල්ලකෑම සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු පිළිබද ඔහු තොරතුරු හෙලිකර තිබෙනවා.

එම සැකකරු හදුනා ගැනීමට පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සමග අදාල සැකකරු යතුරුපැදියකින් රැගෙන ගිය බවයි පොලීසිය පවසන්නේ. එසේ ගමන් කරමින් සිටියදී සැකකරු යතුරුපැදිය පදවාගෙන ගිය පොලිස් නිලධාරියාගේ ගෙල සිරකර පැනයාමට උත්සාහ දැරීමත් සමග අසල තිබූ ඇළ මාර්ගයකට යතුරුපැදිය පෙරළී තිබෙනවා.

එහිදී සැකකරු තුවාල ලබා රදාවාන රොහලට ඇතුළත් කිරීමෙන් පසු  මියගොස් ඇති බවයි පොලීසිය පවසන්නේ. තුවාල ලැබූ පොලිස් නිලධාරීන් දෙදෙනා තවදුරටත් ප්‍රතිකාර ලබනවා.

 

 

 

 

The post පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවෙකු මිය යයි appeared first on ITN News.

Read More »

ගංවතුර තත්වයෙන් පසු පාකිස්ථානය ජාත්‍යන්තර ආධාර ඉල්ලයි  

0 comments

රට පුරා ඇති වූ ගංවතුර තත්වයෙන් පසු පාකිස්ථානය ජාත්‍යන්තර ආධාර ඉල්ලා තිබුණා.

පාකිස්ථානය පුරා ඇතිව තිබෙන දරුණු ගංවතුර තත්වය හේතුවෙන් රට පුරා හදිසි තත්වයක් ප්‍රකාශ කිරීමට පකිස්තාන රජය ඊයේ දිනයේ කටයුතු කළා. ගංවතුර හේතුවෙන් ජූනි මාසයේ සිට මිය ගිය සංඛ්‍යාව දහස ඉක්මවා තිබෙනවා. ඊට අමතරව මිලියන ගණනක් ජනතාව අවතැන්ව තිබෙනවා.

පාකිස්ථානයේ වයඹ දෙසටයි මෙම ගංවතුර තත්වය වැඩිපුරම බලපා ඇත්තේ. එසේම පාකිස්ථානයේ ගිණිකොන දෙසින් පිහිටි සින්ද් පළාතට ද ගංවතුරෙන් දැඩි බලපෑමක් එල්ල වී තිබෙනවා. පාකිස්ථානය ආර්ථික අර්බුදයකට මේ වන විට ගංවතුර තත්වය හේතුවෙන් තවදුරටත් ප්‍රශ්න රැසකට මුහුණ පා සිටිනවා.

මේ හේතුවෙන් පාකිස්ථාන අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය, එක්සත් ජනපදය, එක්සත් අරාබි එමීර් රාජ්‍ය, බ්‍රිතාන්‍ය ඇතුළු රටවල්වලින් අරමුදල් ඉල්ලා තිබෙන බව නිවේදනය කර තිබෙනවා.

 

 

 

The post ගංවතුර තත්වයෙන් පසු පාකිස්ථානය ජාත්‍යන්තර ආධාර ඉල්ලයි appeared first on ITN News.

Read More »

නීතිවිරෝධීව කැබ් රථයකින් ඩීසල් ප්‍රවාහනය කළ දෙදෙනෙකු අත්අඩංගුවට  

0 comments

නීතිවිරෝධීව කැබ් රථයකින් ඩීසල් ප්‍රවාහනය කළ දෙදෙනෙකු කළුතර දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කළුතර උතුර පොලීසියේ බුද්ධි අංශයට ලැබුණු තොරතුරකට අනුව කළ වැටලීමකදී මෙම ඩීසල් තොගය සොයා ගැණුනා. ඩීසල් ලීටර් 250 කට ආසන්න ප්‍රමාණයක් කැබ් රථයෙන් ප්‍රවාහනය කර තිබූ බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

කැබ් රථයේ පසුපස බූලි   5 ක සහ තවත් විශාල ප්‍රමාණයේ බූලියක මෙම ඩීසල් අසුරා තිබියදී සොයා ගැණුනේ. ඩීසල් ඉවත් කිරීමට භාවිත කරන විශාල ප්‍රමාණයේ බටයක් සහ පුනීලයක් ද එහි තිබී සොයාගෙන තිබෙනවා.

 

 

 

 

The post නීතිවිරෝධීව කැබ් රථයකින් ඩීසල් ප්‍රවාහනය කළ දෙදෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.

Read More »

මතුගමදී පුද්ගල ඝාතනයක්  

0 comments

මතුගම පින්නගොඩ ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් ඇන ඝාතනය කර ඇති බව මතුගම පොලිසිය පවසනවා.

ඝාතනයට ලක් වූ පුද්ගලයා තවත් පුද්ගලයින් දෙදෙනෙකු සමග කතා බහ කරමින් සිටිය දී එම ස්ථානයට පැමිණි පුද්ගලයෙකු එහි සිටි තවත් පුද්ගලයෙකු සමග ආරව්ලක් ඇති කර ගෙන තිබෙනවා. එය සමතයකට පත් කිරීමට උත්සාහ දැරීමේ දී ඝාතනයට ලක් වූ පුද්ගලයාට පිහියකින් ඇන ඇති බව මූලික පරීක්ෂණවල දී හෙලි වී තිබෙනවා. බරපතළ තුවාල ලැබූ පුද්ගලයා වෑත්තෑව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගියා.

 

 

 

The post මතුගමදී පුද්ගල ඝාතනයක් appeared first on ITN News.

Read More »

මනුෂ්‍යත්වයේ අපි කලාකරුවෝ සංවිධානයේ පළමු සැසිවාරය කොළඹ දී  

0 comments

මනුෂ්‍යත්වයේ අපි කලාකරුවෝ සංවිධානයේ පළමු සැසිවාරය කොළඹ දී පැවැත්වුණා.

කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. වයෝවෘද්ධ කලාකරුවන් වෙත වියළි ආහාර ද්‍රව්‍ය පිරිනැමීම මෙන්ම විවිධ රෝගාබාධයන්ගෙන් පෙළෙන කලාකරුවන් වෙත  මූල්‍යමය ආධාර පිරිනැමීමක් ද  මෙහිදී සිදුවුණා.

 

 

 

 

The post මනුෂ්‍යත්වයේ අපි කලාකරුවෝ සංවිධානයේ පළමු සැසිවාරය කොළඹ දී appeared first on ITN News.

Read More »

සඳුදා සිට පෞද්ගලික බස් රථ ධාවනය අඩාල වන ලකුණු  

0 comments

ඉන්ධන නොලැබීම හේතුවෙන් ලබන සදුදා සිට පෞද්ගලික බස් රථ ධාවනය අඩාල වනු ඇති බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය සදහන් කරනවා.

The post සඳුදා සිට පෞද්ගලික බස් රථ ධාවනය අඩාල වන ලකුණු appeared first on ITN News.

Read More »

සමුද්‍රජීවීන් ආරක්ෂා කර ගැනීම සඳහා වන සම්මුතිය 5 වන වරටත් සම්මත කර ගැනීමට නොහැකි වෙයි  

0 comments

ලෝකයේ සාගර සහ සමුද්‍රජීවීන් ආරක්ෂා කර ගැනීම සදහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැදිහත්වීමෙන් ඇතිකර ගැනීමට ගිය ලෝක සම්මුතිය පස්වන වරටත් සම්මත කර ගැනීමට නොහැකි වී තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ ඉහළ සමුද්‍ර සම්මුතිය ලෙස හැදින්වෙන මෙම එකගතාව සම්බන්ධයෙන් ලොව රටවල් ගණනාවක නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවරදී පසුගිය සති දෙකක කාලය තුළ සාකච්ඡා වට ගණනාවක් පැවැත්වුණා. විවිධ රටවල් සිය ජාතික අවශ්‍යතාවන් මතු කර දක්වමින් මෙම සම්මුතියට විරුද්ධ වී තිබෙනවා.

පෘථිවියෙන් තුනෙන් දෙකක් පමණ සාගරයේ පැවතියද එයින් ආරක්ෂිතව පවතින්නේ සියයට එකයි දශම දෙකක් පමණක් බවයි මෙහිදී හෙළි වුණේ. සීමාවකින් තොරව සාගර ජීවීන් විනාශ කිරීමට එරෙහිව ප්‍රතිපත්ති මාලාවක් මෙම සම්මුතියේ ඉදිරිපත් කර තිබුණා.

 

 

 

The post සමුද්‍රජීවීන් ආරක්ෂා කර ගැනීම සඳහා වන සම්මුතිය 5 වන වරටත් සම්මත කර ගැනීමට නොහැකි වෙයි appeared first on ITN News.

Read More »

හංගේරියාවේ නව න්‍යෂ්ටික බලාගාර දෙකක් ඉදිකිරීමට රුසියාව පියවර ගනී  

0 comments

රුසියාව හංගේරියාවේ නව න්‍යෂ්ටික බලාගාර දෙකක් ඉදිකිරීමට පියවර ගෙන තිබෙනවා.

ඉදිරි සති කිහිපය තුළදී මෙම බලාගාර ඉදිකිරීම ආරම්භ වන බවයි හංගේරියාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කර තිබුණේ. රුසියා රජයට අයත් රොසාටොම් ආයතනයයි ඉදිකිරීම් සිදු කරන්නේ. 2014 වසරේදී රුසියාව සහ හංගේරියාව අතර ඇති කර ගත් ගිවිසුමක ප්‍රතිඵලයක් වශයෙන් මෙම ඉදිකිරීම් සිදු වනවා. කෙසේ වෙතත් යුරෝපා රටක් වන හංගේරියාව රුසියාව සමඟ කටයුතු කිරීම යුරෝපා සංගමයේ විරෝධයට හේතු වුණා.

 

 

The post හංගේරියාවේ නව න්‍යෂ්ටික බලාගාර දෙකක් ඉදිකිරීමට රුසියාව පියවර ගනී appeared first on ITN News.

Read More »

පාකිස්තානයේ අධික ජල ගැල්ම නිසා දැඩි සෞඛ්‍ය තර්ජනයක් මතුවෙයි  

0 comments

පාකිස්තානයේ මෝසම් වැසි සමග ඇති වී තිබෙන අධික ජල ගැල්ම නිසා දැඩි සෞඛ්‍ය තර්ජනයක් මතු වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ජල ගැල්ම සමග කැළිකසල නිදහසේ පාවෙන ආකාරය දැකගැනීමට ලැබුණා. මේ වනවිට ජල ගැල්මෙන් මිලියන 33 කට වැඩි ජනතාවක් බලපෑමට ලක්ව තිබෙනවා. 900 කට වැඩි පිරිසක් මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ.

පසුගිය පැය 24 තුලදී පුද්ගලයන් 34 දෙනෙකු අයහපත් කාලගුණය නිසා මියගොස් තිබෙනවා. පාකිස්තාන රජය සදහන් කළේ විපතට පත් ජනතාවට ආධාර සැපයීම සදහා විදෙස් රටවල සහ සංවිධානවල සහාය අත්‍යවශ්‍ය වන බවයි.

 

 

 

The post පාකිස්තානයේ අධික ජල ගැල්ම නිසා දැඩි සෞඛ්‍ය තර්ජනයක් මතුවෙයි appeared first on ITN News.

Read More »

ට්‍රම්ප්ගේ නීතියට බාධා කිරීම් ගැන අධිකරණයට වාර්තා කරන බව එෆ් බී අයි සංවිධානය පවසයි  

0 comments

ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් නීතියට බාධා කිරිම සම්බන්ධයෙන් අධිකරණයට වාර්තා කිරීමට කටයුතු කරන බව එෆ් බී අයි සංවිධානය පවසනවා.

හිටපු ජනාධිපතිවරයාගේ ෆ්ලොරීඩා හි නිවස පසුගියදා සෝදිසි කිරිමට ලක්වුනා. ඒ ඔහුගේ ජනාධිපති ධුර කාලයට අදාළ ලිපි ලේඛණ එහි සගවා ඇත්ද යන්න සොයා බැලීමටයි. මෙම අවස්ථාවේදී එෆ් බී අයි නිලධාරීන්ට ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාර්ශ්වයෙන් බාධා එල්ලවූ බවයි එම නිලධාරීන් සදහන් කර ඇත්තේ.

මේ සම්බන්ධයෙන් සාක්ෂි ගණනාවක් ඇති බවද ඔවුන් ප්‍රකාශ කළා. කෙසේ වෙතත් ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ මෙම ක්‍රියාව දේශපාලන පළිගැනීමක් බවයි.

 

 

 

The post ට්‍රම්ප්ගේ නීතියට බාධා කිරීම් ගැන අධිකරණයට වාර්තා කරන බව එෆ් බී අයි සංවිධානය පවසයි appeared first on ITN News.

Read More »

දේශපාලනඥයින්ගේ හා පොදු දේපල විනාශ කළ තවත් සැකකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට  

0 comments

පසුගිය දිනවල රට තුළ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ දේශපාලනඥයන්ගේ හා පොදු දේපල විනාශ කළ තවත් සැකකරුවන් කිහිප දෙනෙකු නීතියේ රැහැනට හසුකරගෙන තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රෝහිත අබේගුණවර්ධන හා ජොන්ස්ටන් ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ නිවාසවලට හා දේපලවලට පසුගිය මැයි මස 09 වනදා හානි සිදු කළ සැකකරුවකු බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය අත්අඩංගුවට ගත්තා. රත්මලාන ප්‍රදේශයේ පිහිටි රෝහිත අබේගුණවර්ධන මහතාගේ හා ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ නිවාසවලට මෙසේ හානි සිදු කිරීම සම්බන්ධයෙන් වයස අවුරුදු 24ක සැකකරුවකු අත්අඩංගුවට ගැනුනා. රෝහිත අබේගුණවර්ධන මහතාගේ නිවසේ තිබූ භාණ්ඩ කිහිපයක්ද මෙම සැකකරු සොරකම් කරගෙන ගොස් තිබියදී පොලීසිය සොයා ගත්තා.

කොළඹ කොටුව ජනාධිපති මන්දිරයට පසුගිය ජුලි මස 09 වනදා ඇතුළු වී එහි දේපලවලට හානි සිදු කළ තොඩුවාව පොලීසිය අත්අඩංගුවට ගත්තා. වයස අවුරුදු 34ක් වන මෙම සැකකරු දේපල රැසකට හානි සිදු කර තිබෙනවා.

ගාලුමුවදොර විරෝධතාකරුවන්ට පසුගිය මැයි මස 09 වනදා පහරදීම සඳහා පැමිණි පුද්ගලයන් ප්‍රවාහනය කළ බවට සැකපිට බස් රථ 05කට පහර දී හානි සිදු කිරීමට සම්බන්ධ වූ සැකකරුවෙකු මාලඹේ පොලීසිය අත්අඩංගුවට ගත්තා. වයස අවුරුදු 29 ක් වූ අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

එදින පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු මහතාගේ දංකොටුවේ පිහිටි නිවසට හා කාර්යාලයට ගිනිතබා විනාශ කිරීම සම්බන්ධයෙන් දංකොටුව පොලීසිය සැකකරුවකු අත්අඩංගුවට ගත්තා.දංකොටුව නගරයේදී අත්අඩංගුවට ගත් මෙම සැකකරු වයස අවුරුදු 45ක පුද්ගලයෙක්.

උමංදාව බෞද්ධ විශ්ව ගම්මානයට පසුගිය මැයි මස 10 වනදා පහරදී හානි සිදු කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් 4 දෙනෙකු නිකවැරටිය පොලීසිය අත්අඩංගුවට ගත්තා. ඔවුන් මඩහපොල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලීසිය සඳහන් කරන්නේ.

පසුගිය ජුලි මස 09 වනදා සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පළ කළ ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන නලින් රාජපක්ෂ අද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා. නීතීඥවරුන් සමඟයි  ඔහු එම දෙපාර්තමේන්තුවට පැමිණියේ.

අග්‍රාමාත්‍ය කාර්යාලයට පසුගියදා අයුතු ලෙස ඇතුළුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පූජ්‍ය බලන්ගොඩ කාශ්‍යප ස්වාමීන්වහන්සේ සහ තවත් සැකකරුවකු ඇප මත මුදාහරින ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළා.ඒ රුපියල් ලක්ෂ 5  බැගින් වූ ශරීර ඇප මතයි. ඔවුන්ගේ විදේශ ගමන් ද තහනම් කෙරුණා.

 

 

 

 

 

 

 

The post දේශපාලනඥයින්ගේ හා පොදු දේපල විනාශ කළ තවත් සැකකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.

Read More »

තවදුරටත් ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කරන බව තායිලන්ත අගමැති කියයි  

0 comments

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු සිදුකිරීම තහනම් කරනු ලැබුවද තමන් තවදුරටත් ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කරන බව තායිලන්ත අග්‍රාමාත්‍ය ප්‍රයුත් චන් ඕචා පවසනවා.

විපක්ෂය ගොනුකළ නඩුවක් විභාග කිරීමේදී ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේ තීන්දුවක් ලබා දෙන තුරු අග්‍රාමාත්‍යවරයා අගමැති ධුරයෙහි කටයුතු නොකළ යුතු බවයි. කෙසේ වෙතත් ප්‍රයුත් චන් ඕචා සිය ට්විටර් ගිණුම ඔස්සේ පණිවුඩයක් නිකුත් කරමින් තායිලන්ත ජනතාව වෙනුවෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ වගකීම තමන් දරන බව සදහන් කර තිබුණා.

ප්‍රයුත් චන් ඕචා හිටපු හමුදාපතිවරයෙකු වන අතර 2014 වසරේ හමුදා කුමන්ත්‍රණයකින් තායිලන්තයේ බලය අල්ලා ගත්තා. පසුව 2019 වසරේ පැවති මහ මැතිවරණයෙන් යළි බලයට පත්වුණා.

 

 

 

 

The post තවදුරටත් ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කරන බව තායිලන්ත අගමැති කියයි appeared first on ITN News.

Read More »

විදුලි යතුරුපැදි හා පාපැදි බලපත්‍ර යටතේ ආනයනය කිරීමට අවසර  

0 comments

විදුලි යතුරුපැදි හා පාපැදි බලපත්‍ර යටතේ ආනයනය කිරීමට අවසර ලබා දෙන ගැසට් නිවේදනය නිකුත් කෙරුණා.

ත්‍රී රෝද රථ ලක්ෂ 10ක් විද්‍යුත්කරණය කිරීමේ වැඩපිළිවෙලේ නියමු ව්‍යාපෘතියක් ලෙස ත්‍රීරෝද රථ 300ක් විද්‍යුත් ත්‍රී රෝද රථ බවට පත් කිරීමටයි  තීරණය කර තිබෙන්නේ.බලපත්‍ර යටතේ විදුලි යතුරුපැදි හා පාපැදි ආනයනය කිරීමට අවසර ලබා දෙමින් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගැසට් පත්‍රයක් නිකුත් කළා. ඒ අනුව විදුලි යතුරුපැදි ආනයනය කිරීමේදී රුපියල් 4000 ක් හා පාපැදියකට රුපියල් 1000 ක බලපත්‍ර ගාස්තුවක්අය කිරීමට  නියමිතයි.එමෙන්ම ඉදිකිරීම් කර්මාන්තයට අවශ්‍ය වාහන මෙන්ම අමුද්‍රව්‍ය රැසක් කොන්දේසි සහිතව ආනයනය කිරීමට අවසථාව හිමිව තිබෙනවා. අයෝජන මණ්ඩලය යටතට නොගෙනෙන් අනුමත සහාධිපත්‍ය නිවාස ව්‍යාපෘති  , මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘති හා රජයේ ව්‍යාපෘති සදහායි මෙසේ ආනයනය කළ හැකි වන්නේ.

ඉදිකිරීම් කර්මාන්තය කඩා වැටීමකින් තොරව පවත්වාගෙනයාම සඳහා  රජයෙන් සහාය අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති සුසන්ත ලියනආරච්චි මහතා පවසනවා

බොහෝ රථවාහන විද්‍යුත් රථවාහන බවට පරිවර්ථනය කිරීමේ ව්‍යාපෘතිය ද ආරම්භ කරන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී  ප්‍රකාශ කෙරුණේ.

 

The post විදුලි යතුරුපැදි හා පාපැදි බලපත්‍ර යටතේ ආනයනය කිරීමට අවසර appeared first on ITN News.

Read More »

යුක්රේන බලාගාරයේ විකිරණ කාන්දුවීමේ අවදානමක් ගැන සෙලෙන්ස්කි අනතුරු අඟවයි  

0 comments

සපොරිෂ්ෂියා න්‍යෂ්ටික බලාගාරය යුක්රේන බලශක්ති පද්ධතියෙන් ඉවත් කිරීමට රුසියාව කටයුතු කිරීමත් සමග බරපතල විනාශයක් ඉදිරියේදී ඇති වීමේ අවදානමක් පවතින බව යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසනවා.

සපොරිෂ්ෂියා න්‍යෂ්ටික බලාගාරය පසුගිය මාර්තු මාසයේ සිට රුසියා හමුදා යටතට පත්ව තිබෙනවා.

ඊයේ දිනයේදී එම බලාගාරය යුක්රේන විදුලි පද්ධතියෙන් ඉවත් කිරීම සිදු වුණා. මේ සමග න්‍යෂ්ටික විකිරණ කාන්දුවීමේ දැඩි අවදානමක් පවතින බවයි යුක්රේන ජනාධිපතිවරයා පවසන්නේ.

සපොරිෂ්ෂියා න්‍යෂ්ටික බලාගාරය යුරෝපයේ පිහිටි විශාලතම න්‍යෂ්ටික බාලාගාරයයි.

 

 

 

The post යුක්රේන බලාගාරයේ විකිරණ කාන්දුවීමේ අවදානමක් ගැන සෙලෙන්ස්කි අනතුරු අඟවයි appeared first on ITN News.

Read More »

අත්‍යාවශ්‍ය වෛද්‍ය සැපයුම් තොගයක් ශ්‍රී ලංකාවට ලබාදෙන බවට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ප්‍රතිඥාවක්  

0 comments

ශ්‍රී ලාංකේය ජනතාවගේ හදිසි සෞඛ්‍ය අවශ්‍යතා සපුරාලීමට ඇමෙරිකානු ඩොලර් මිලියන 04ක් වටිනා අත්‍යාවශ්‍ය වෛද්‍ය සැපයුම් ලබා දෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්‍රෝස් අධානම් ගෙබ්‍රීසියස් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සුබපැතුම් පණිවිඩයක් යොමු කරමින් සඳහන් කරයි.

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීම නිමිත්තෙන් සුබපැතුම් පිළිගන්වමින් මෙම පණිවුඩය යොමු කර ඇත.

ලංකාවට ලබාදෙන අත්‍යාවශ්‍ය වෛද්‍ය සැපයුම් සම්බන්ධයෙන්  ප්‍රසම්පාදන කටයුතු දැනටමත් ආරම්භ කර ඇති අතර බෙදා හැරීම් සිදු කෙරෙන දින සහ නාම ලේඛන ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය මගින් ප්‍රසිද්ධ කරනු ඇති බව ද එම පණිවුඩයේ සඳහන් වේ.

කොවිඩ් 19 වසංගතයෙන් ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික පීඩනය ලෝක සෞඛ්‍ය සංවිධානය පිළිගන්නා බවත්, ගෝලීය ආහාර සහ තෙල් මිල ඉහළ යාම, අවදානමට ලක්විය හැකි ප්‍රජාවට ප්‍රධාන අභියෝගයක් බවත්, එම අභියෝග කාලසීමාවේදී  ශ්‍රී ලංකාවට පහසුකම් සැපයීමට ලෝක සෞඛ්‍ය සංවිධානය සූදානම් බවත් ගෙබ්‍රීසියස් මහතා සඳහන් කර ඇත.

ශ්‍රී ලාංකීය ජනතාවගේ අත්‍යාවශ්‍ය සෞඛ්‍ය අවශ්‍යතා සපුරාලීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමට “ලෝක සෞඛ්‍ය සංවිධානයේ සෞඛ්‍ය හදිසි අවස්ථා වැඩසටහනට” තමා උපදෙස් දී ඇති බව සඳහන් කර ඇති අධ්‍යක්ෂ ජනරාල්වරයා, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය සහ අනෙකුත් අමාත්‍යාංශවල සහයෝගයෙන් අදාළ වෛද්‍ය සැපයුම් බෙදා හැරීමට කටයුතු කරන බවත් දන්වා ඇත.‍

සෞඛ්‍ය පද්ධතියේ ක්‍රියාකාරිත්වය සහ ඔරොත්තු දීමේ හැකියාව ඇතුළුව ජනතාවට ඇති සෞඛ්‍ය අවදානම පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානය සමීපව නිරීක්ෂණ කරන බවත්, ශ්‍රී ලංකාවේ පළාත් සෞඛ්‍ය සේවා ශක්තිමත් කරීම සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය ලබා දෙන බවත් වෛද්‍ය ටෙඩ්‍රෝස් අධානම් ගෙබ්‍රීසියස් මහතා සිය සුබපැතුම් පණිවිඩයේ  වැඩිදුරටත් සඳහන් කර තිබේ.

 

 

The post අත්‍යාවශ්‍ය වෛද්‍ය සැපයුම් තොගයක් ශ්‍රී ලංකාවට ලබාදෙන බවට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ප්‍රතිඥාවක් appeared first on ITN News.

Read More »

මතුගම බෝපිටිය ප්‍රදේශයේදී පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කරයි  

0 comments

මතුගම බෝපිටිය ප්‍රදේශයේදී පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කර තවත් අයෙකුට බරපතළ තුවාල සිදුකළ සිද්ධිය අදාළ වෙළෙඳසැලේ ආරක්ෂක කැමරා පද්ධතියක සටහන්ව තිබුණා.

කළු පැහැති ආරක්ෂක හිස් වැසුම් සහ කබා පැළද මතුගම බෝපිටිය ප්‍රදේශයේ වෙළෙඳසැලට පැමිණි සාහසිකයින් දෙදෙනෙකු තියුණු ආයුධවලින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තවත් අයෙකුට බරපතළ තුවාල සිදු කළා. සිද්ධියෙන් මියගොස් තිබුණේ වෙළෙඳසැලට පැමිණ සිටි බෝපිටිය ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි පුද්ගලයෙක්. සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ අනෙක් පුද්ගලයා මේ වනවිට කළුතර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබනවා.

 

 

The post මතුගම බෝපිටිය ප්‍රදේශයේදී පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කරයි appeared first on ITN News.

Read More »

නිවාසවල හිමිකම් ඔප්පු වසරක් ඇතුළත ලබාදීමට පියවර ගන්නැයි බලධාරීන්ට උපදෙස්  

0 comments

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය යටතේ ඇති ආයතන මගින් ලබා දී ඇති නිවාසවල හිමිකම් ඔප්පු වසරක් ඇතුළත ලබාදීමට පියවර ගන්නැයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දුන්නේ හිමිකම් ඔප්පු ලබාදීම සඳහා වූ ගැටලු ආයතන මට්ටමින් විසඳා ගැනීමට කටයුතු කළ යුතු බවයි. ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නම් අණ පනත් සංශෝධනයටද පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා අදාළ බලධාරීන්ට දැනුම් දුන්නා. මෙතෙක් හිමිකම් ඔප්පු නොලැබුණු තට්ටු නිවාස හිමියන්ට හා නිවාසලාභීන්ට ඔප්පු ලබාදීමට පවතින ගැටලු නිරාකරණය සඳහා නිර්දේශ ලබා ගැනීමට 11 දෙනෙකුගෙන් යුත් කමිටුවක්ද ජනාධිපති ලේකම්වරයා විසින් පත් කර තිබෙනවා. රජයේ අඩු ආදායම්ලාභී නිවාස ව්‍යාපෘතිවල නිවාසලාභීන් විසිදෙදහස් තුන්සිය අට දෙනෙකුට මෙතෙක් හිමිකම් ඔප්පු ලබා දි නොමැති බවද එම සාකච්ඡාවේදී හෙලි වුණා. නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය මගින් 1326 දෙනෙකුට නිවාස ලබා දී ඇති අතර ඉන් ඔප්පු ලබාදී ඇත්තේ නිවාසලාභීන් 545 දෙනෙකු සඳහායි.

 

The post නිවාසවල හිමිකම් ඔප්පු වසරක් ඇතුළත ලබාදීමට පියවර ගන්නැයි බලධාරීන්ට උපදෙස් appeared first on ITN News.

Read More »

ජාතික හැගීමකින් තොර දේශපාලනඥයින්ට ජනතාව නිසි පිළිතුරු ලබාදේවී  

0 comments

ජාතික හැගීමකින් තොරව කටයුතු කරන දේශපාලනඥයින්ට ජනතාව ඉදිරියේදී නිසි පිළිතුරු ලබා දෙනු ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පවසනවා.

කළුතර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.

 

 

The post ජාතික හැගීමකින් තොර දේශපාලනඥයින්ට ජනතාව නිසි පිළිතුරු ලබාදේවී appeared first on ITN News.

Read More »

පාකිස්තානයේ ඩොලර් බිලියන තුනක මුදලක් ආයෝජනය කිරීමට කටාර් රාජ්‍යය එකඟවෙයි  

0 comments

පාකිස්තානයේ ඇමෙරිකා ඩොලර් බිලියන තුනක මුදලක් ආයෝජනය කිරීමට කටාර් රාජ්‍යය පියවර ගෙන තිබෙනවා.

පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ් දෝහා නගරයේ සිදු කළ නිල සංචාරය අතරතුරයි මේ බව ප්‍රකාශ කර ඇත්තේ. කටාර් ආයෝජන අධිකාරිය මෙම මූල්‍ය ආයෝජනයන් සිදු කිරීමට නියමිතයි. පාකිස්තානය පසුගිය මාස කිහිපය තුළදී දැඩි ආර්ථික අර්බුදයක ගිලී තිබුණා. එරට ආර්ථිකය යළිත් ප්‍රකෘති තත්ත්වයට ගෙන ඒමේ අරමුණින් මෙම ආයෝජන සිදු කරන බවයි කටාර් ආයෝජන අධිකාරිය සඳහන් කළේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලද පාකිස්තානයට ණය ලබාදීම සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡා පවත්වමින් සිටිනවා.

 

 

 

The post පාකිස්තානයේ ඩොලර් බිලියන තුනක මුදලක් ආයෝජනය කිරීමට කටාර් රාජ්‍යය එකඟවෙයි appeared first on ITN News.

Read More »

බස් රථයක් සහ යතුරුපැදියක් ගැටෙයි – එක් අයෙකු ජීවිතක්ෂයට  

0 comments

කතරගම සිට කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් සහ යතුරුපැදියක් උතුරු පයාගල මංසන්ධිය ආසන්නයේදී මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වූ අනතුරකින් යතුරුපැදිකරු ජීවිතක්ෂයට පත් වුණා. මෙසේ මිය ගොස් ඇත්තේ මග්ගොන මුංහේන ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි පුද්ගලයෙක්. බස් රථය අධික වේගයෙන් ගමන් කිරීම හා යතුරුපැදිකරුගේ අපරික්ෂාකාරී රිය ධාවනය හේතුවෙන් මෙම අනතුර සිදු වුණා.

මේ අතර වැල්ලවාය මොණරාගල ප්‍රධාන මාර්ගයේ ආනපල්ලම ප්‍රදේශයේදී කැබ් රථයන් මාර්ගය අසල නවතා තිබූ බස් රථයක  ගැටීමෙන් අනතුරක් සිදු වුණා. මෙම අනතුරෙන් කැබ් රථයේ ගමන් කළ පුද්ගලයන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කෙරුණා. එම දෙදෙනා වැඩිදුර ප්‍රතිකාර සඳහා මොණරාගල රෝහලට ඇතුළත් කර තිබෙනවා.

 

 

The post බස් රථයක් සහ යතුරුපැදියක් ගැටෙයි – එක් අයෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

Read More »

ශිෂ්‍ය ශිෂ්‍යාවන් ලබාගෙන ඇති ණය ඩොලර් දසදහසක් දක්වා කපා හැරීමට ජෝ බයිඩ්න් තීරණය කරයි  

0 comments

ඇමෙරිකා එක්සත් ජනපදයේ උසස් අධ්‍යාපනයේ නිරත වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ලබාගෙන ඇති ණය ඩොලර් දසදහසක් දක්වා කපා හැරීමට ජනාධිපති ජෝ බයිඩ්න් තීරණය කර තිබෙනවා.

සිසුන් ණය බරින් මිරිකී සිටීම ඇමෙරිකා එක්සත් ජනපදය තුළ දීර්ඝ කාලයක් පැවති අර්බුදයක්. වසරකට ඇමෙරිකා ඩොලර් එක්ලක්ෂ විසිපන්දහසකට අඩුවෙන් උපයන පිරිස්වලින් මෙම ණය කප්පාදුව සිදු කිරීමට නියමිතයි. කෙසේ වෙතත් බයිඩ්න්ගේ මෙම තීරණය නිසා ඇමෙරිකා එක්සත් ජනපදය තුළ උද්ධමනය තවත් ඉහළ යාමේ අවදානමක් ඇති බවට ඇතැම් පිරිස් චෝදනා කර තිබෙනවා. ඇමෙරිකා එක්සත් ජනපදයේ මිලියන 43 කට වැඩි පිරිසක් ඇමෙරිකා ඩොලර් ට්‍රිලියන 1.6කට වැඩි මුදලක් ශිෂ්‍ය ණය වශයෙන් ලබාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

 

The post ශිෂ්‍ය ශිෂ්‍යාවන් ලබාගෙන ඇති ණය ඩොලර් දසදහසක් දක්වා කපා හැරීමට ජෝ බයිඩ්න් තීරණය කරයි appeared first on ITN News.

Read More »

රුසියාව එල්ල කළ ප්‍රහාරයකින් යුක්‍රේනයේ පුද්ගලයින් 22 දෙනෙකු ජීවිතක්ෂයට  

0 comments

රුසියා හමුදා විසින් යුක්‍රේනයේ දුම්රිය ස්ථානයකට එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයින් 22 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මිය ගිය පිරිස අතර කුඩා දරුවන් ද සිටිනා බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. රුසියාව යුක්‍රේනයේ ආක්‍රමණය කර මාස 06 ක් සම්පූර්ණ වන අවස්ථාවේදී මෙම ප්‍රහාරය එල්ල වුණා. සිද්ධියෙන් පුද්ගලයන් 50 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා. ප්‍රහාරය පිළිබඳ රුසියා රජය මෙතෙක් කිසිඳු ප්‍රකාශයක් නිකුත් කර නැහැ.

 

 

 

 

The post රුසියාව එල්ල කළ ප්‍රහාරයකින් යුක්‍රේනයේ පුද්ගලයින් 22 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

Read More »

ජනාධිපති කොමිසමේ කාලය දීර්ඝකරයි  

0 comments

මාර්තු 31 වනදා සිට මැයි 15 වනදා දක්වා රට තුළ පැවති වාතාවරණය සමඟ සිදු වූ ජීවිත හා දේපල හානි පිළිබඳ සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසමේ කාලය දීර්ඝකර තිබෙනවා.

එම කොමිසම පත් කර තිබුණේ අදාළ සිද්ධීන් පිළිබඳ සොයා බලා අගෝස්තු 31 වන දිනට පෙර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස  දන්වමින්.

කෙසේ වෙතත් එහි කාලය ලබන නොවැම්බර් මස 30 වනදා දක්වා දීර්ඝ කිරීමටයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබෙන්නේ.

The post ජනාධිපති කොමිසමේ කාලය දීර්ඝකරයි appeared first on ITN News.

Read More »

චීන එන්නත් නියාමන පද්ධතිය ලෝක සෞඛ්‍ය සංවිධාන නව වටයේ ඇගයීම් තක්සේරුවෙන් සමත් වෙයි  

0 comments

චීන එන්නත් නියාමන පද්ධතිය ලෝක සෞඛ්‍ය සංවිධාන නව වටයේ ඇගයීම් තක්සේරුවෙන් සමත් වෙයි. එය ඊයේ(23) නිවේදනය කෙරිණ.

චීන රාජ්‍ය ඖෂධ පරිපාලනය නිකුත් කළ තොරතුරුවලට අනුව, චීනයේ එන්නත් නියාමන පද්ධතිය 2011 වසරේ හා 2014 වසරේ දෙවරක් එම ඇගයීම් තක්සේරුවෙන් සමත් වී ඇත.

පසුගිය ජුලි මාසයේ, ලෝක සෞඛ්‍ය සංවිධානය තක්සේරු නිර්ණායක දියුණු කිරීමෙන් පසු විස්තීරණ ඇගයීමේ නව වටයකින් ද , චීනයේ එම පද්ධතිය සමත් වී තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙම තක්සේරුව, ලොව පුරා පිළිගත්, රටක එන්නත් නියාමන මට්ටම විද්‍යාත්මකව සහ සවිස්තරාත්මකව සම්පූර්ණයෙන් ඇගයීමට ලක් කළ හැකි ජාත්‍යන්තර තක්සේරුවකි.

යම් රටක එන්නත් නිෂ්පාදන මිලදී ගැනීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙම තක්සේරුව පූර්ව අවශ්‍යතාවයකි.

එසේම ඒ ඒ රටවලට එන්නත් නිෂ්පාදන ලියාපදිංචි කිරීමට සහ සෙසු රටවලින් මිලදී ගැනීමට මෙය වැදගත් සහතිකයකි.

The post චීන එන්නත් නියාමන පද්ධතිය ලෝක සෞඛ්‍ය සංවිධාන නව වටයේ ඇගයීම් තක්සේරුවෙන් සමත් වෙයි appeared first on ITN News.

Read More »

හිරුණිකාට එරෙහි නඩුවේ වැඩිදුර විභාගය නොවැම්බර් 16 වනදා  

0 comments

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව නීතිපතිවරයා යොමුකළ නඩුවේ වැඩිදුර විභාගය නොවැම්බර් 16 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය නියෝග කළා.

2015 වසරේ දී ඩිෆෙන්ඩර් රථයකින් තරුණයෙකු පැහැරගෙන ගොස් සිරකර තබා පහරදීම ඇතුළු චෝදනා කිහිපයකටයි මෙම නඩුව ගොනුකර ඇත්තේ.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා වන අශාන් ප්‍රනාන්දු මහතා මේ දිනවල අසනීප තත්ත්වයෙන් පසුවන බැවින් වෙනත් දිනයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටියා.

එහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනීසිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා කියාසිටියේ මෙම නඩුව 2017 වසරේ විභාගයට ගැනීමට නියම කළත් විවිධ හේතූන් නිසා කල්ගොස් ඇති බවයි.

ඒ නිසා කෙටි දිනයක් ලබාදෙන ලෙස සොලිසිටර් ජනරාල්වරයා ඉල්ලා සිටියා. මෙහිදී විනිසුරු අමල් රණරාජා මහතා විවෘත අධිකරණය හමුවේ පෙන්වා දුන්නේ මෙම නඩුවේ විභාගය 13 වතාවක් පමණ කල්ගොස් ඇති බවයි.

කෙසේ වෙතත් නඩුව නොවැම්බර් 16 වනදා ද කැදවන ලෙස අධිකරණය නියම කළා.

එදිනට සාක්ෂිකරුවන් පෙනී සිටිය යුතු බවට ද අධිකරණය අවවාද කළා.

The post හිරුණිකාට එරෙහි නඩුවේ වැඩිදුර විභාගය නොවැම්බර් 16 වනදා appeared first on ITN News.

Read More »

සුපර් ඩීසල් මෙට්‍රික් ටොන් 30,000 ක් අද ගොඩබායි  

0 comments

දිවයිනට රැගෙන ආ සුපර් ඩීසල් මෙට්‍රික් ටොන් 30,000 ක් අද දිනයේ ගොඩබෑමට නියමිත බව අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

මේ අතර බොරතෙල් තොගයක් රැගත් තවත් නෞකාවක් ඊයේ දිනයේ මෙරටට පැමිණයා.

බොරතෙල් රැගත් නෞකාවක් ඊයේ දිනයේ මෙරටට පැමිණි බව විෂය භාර අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් සටහනක් තබමින් සදහන් කළා.

ඔටෝ ඩීසල් තොගයක් සහිත ‌නෞකාවක් අද හෝ හෙට දිනයන්හිදී මෙරටට පැමිණීමට නියමිතයි.

ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් රැගත් තවත් නෞකාවක් ලබන 27 හෝ 29 දිනයන්හි මෙරටට පැමිණෙන බවයි අමාත්‍යවරයා සදහන් කරන්නේ.

ඉන්ධන නොමැතිවීමෙන් නොච්චියාගම ප්‍රදේශයේ ගොවිජනතාව අස්වැන්න නෙලාගැනීමේ දුෂ්කරතාවන්ට පත්ව තිබෙනවා.

The post සුපර් ඩීසල් මෙට්‍රික් ටොන් 30,000 ක් අද ගොඩබායි appeared first on ITN News.

Read More »

විදුලි කප්පාදු කාලසටහන – අදත් පැය 3ක් විදුලිය විසන්ධියි  

0 comments

නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ හදිසි බිඳවැටීම සහ විදුලි නිෂ්පාදනයට ඉන්ධන හිඟවීම හේතුවෙන් දැනට ක්‍රියාත්මක පැය 3 ක විදුලි කප්පාදුව අද (24) දිනයේ ද ක්‍රියාත්මක කරන බව මහජන උපයෝගිතා කොමිසම සඳහන් කරනවා.

 

The post විදුලි කප්පාදු කාලසටහන – අදත් පැය 3ක් විදුලිය විසන්ධියි appeared first on ITN News.

Read More »

ගතවූ පැය 24 ට ලොව පුරා නව ආසාදිතයින් ලක්ෂ 7 ඉක්මවයි  

0 comments

ගතවූ පැය 24 ට ලොව පුරා රටවල් 228 කින් හමුව ඇති කොරෝනා වයිරස ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 7 ඉක්මවා තිබෙනවා. සිදුව ඇති මරණ සංඛ්‍යාව 1,830 ක්.

ඊයේ දිනයේ දී වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් හමුවී ඇත්තේ ජපානයෙන්. එම සංඛ්‍යාව 185,000 කට අධිකයි.

එමෙන්ම දකුණු කොරියාවෙන් 150,000 ක් ඇමෙරිකාවෙන් 53,000 ක් යේමනයෙන් 52,000 ක් ලෙස වයිරස ආසාදිතයින් හමුව තිබෙනවා.

ගතවූ පැය 24 ට සිදුව ඇති වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව 294 වාර්තා වන්නේ ඇමෙරිකාවෙන්.

ඒ සමගම ලොව සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව හැටහතර ලක්ෂ හැත්තෑහය දහස් එකසිය හතර දක්වා ඉහළ ගියා.

හමුවී ඇති සමස්ත කොරෝනා වයිරස ආසාදිතයින් සංඛ්‍යාව හැටකෝටි විසිතුන් ලක්ෂ අනූදහසකට ආසන්නයි.

 

 

The post ගතවූ පැය 24 ට ලොව පුරා නව ආසාදිතයින් ලක්ෂ 7 ඉක්මවයි appeared first on ITN News.

Read More »

බිම් මට්ටමේ ජනතාවගේ හදගැස්ම හැඳිනූ ළෙන්ගතු නායකත්වය – ෂී ජින්පිං  

0 comments

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා බිම් මට්ටමේ සිට වැඩකටයුතු කිරීමේ අත්දැකීම්වලින් පොහොසත් නායකයෙක්. වසර 1975 දී, කඩඉම් විභාගයෙන් සමත් වූ තරුණ ෂී ජින්පිං සුප්‍රසිද්ධ ට්සිංහුවා විශ්වවිද්‍යාලය විසින් බඳවාගනු ලැබුවා. ඒ, වයඹදිග චීනයේ ලියං ජියා හ ග‍ම්මානයේ වසර හතක සේවා කටයුතු අවසන් කිරීමෙන් අනතුරුවයි. වසර 1978 දී චීන උසස් නායක මණ්ඩලය
ඓතිහාසික තීරණයකට එළඹුණා. ඒ, ආර්ථික සංවර්ධනය කේන්ද්‍ර කොටගෙන ප්‍රතිසංස්කරණ හා විවෘතභාවය ක්‍රියාත්මක කිරීම සඳහායි. මේ පරිවර්තනීය යුගය අපමණ චීන තරුණයන්ගේ දෛවය වෙනස් කිරීමෙහි සමත් වුණා. උපාධිධාරීන්ගෙන් බහුතරයක් මහා නගරවල රැකියා කෙරෙහි යොමුවුණා. තව බොහෝ පිරිසක් ව්‍යාපාරික කටයුතු හෝ විදේශයන්හි වැඩිදුර අධ්‍යාපනය තෝරා ගත්තා. රටේ එවන් පසුබිමක් පවතිද්දී, 1982 වසරේ මාර්තු මාසයේ, 29 හැවිරිදි ෂී ජින්පිං තරුණයා බෙයිජිං අගනුවර සිට හෙබෙයි පළාතේජෙන්ග්දිං කෝරළයට පැමිණ එහි චීන කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රාදේශීය කමිටු උපලේකම් ලෙස කටයුතු කිරීමට,තීරණය කළා. ඊට කලින් ඔහු බෙයිජිං නගරයේ පිහිටි චීන රා‍ජ්‍ය මණ්ඩලයේ උප අගමැතිවරයෙකුගේ ලේකම්වරයෙකු ලෙස කටයුතු කර තිබුණා. තමාගේ මේ තෝරාගැනීම ගැන ඔහු විග්‍රහ කරන්නේ මෙසේ යි.

‘බෙයිජිං නගරයේ මධ්‍යම ආයතනයක, රාජ්‍ය නායකයන් සමීපයේ වැඩ කරන විට, මට දැනුම් සම්භාරයක් ලැබුණා. ලද අවබෝධයත් ඉහළයි. නමුත් ඒ තරමටම මම සමාජයෙනුත් ජනතාවගෙනුත් ඈත් වූ
බවක් මට දැනුණා. ජනතාව වෙනුවෙන් ප්‍රා‍යෝගිකව සේවය කළ හැකිවන්නේ බිම් මට්ටමේ සිට වැඩකිරීමෙන් පමණයි කියායි මම විශ්වාස කරන්නේ!’ ජෙන්ග්දිං කෝරළයට පැමිණි ෂී ජින්පිං, ප්‍රාදේශීය
නිලධාරීන් හා ගම් වැසියන් වගේම, ඇණ තබා හිඳගෙන ආහාර ගත්තා. ඔවුන් හා සමීපව කතාබහ කළා. ඒ වගේම, පාපැදියෙන් ගමට පැමිණ විවිධ කරුණු සම්බන්ධයෙන් ජනතා මතය විමසුවා. ඔහුගේ
ප්‍රමුඛත්වයෙන්, ජෙන්ග්දිං කෝරළයේ ඉතා ධෛර්යසම්පන්න මෙන්ම ප්‍රායෝගික ප්‍රතිසංස්කරණයක් ආරම්භ කෙරුණා. එම කෝරළයට වාණිජ ආර්ථිකය, සංචාරක ව්‍යාපෘති හා කෘෂිකාර්මික
විද්‍යා තාක්ෂණය මෙන්ම විවිධ ක්ෂේත්‍රවල සංවර්ධනය උදෙසා ප්‍රවීණයන් හඳුන්වා දීමත් ප්‍රවර්ධනය කළ ඔහු, එහි ජනතාවට වඩාත් පුළුල් ලෝකයක් වෙත යාමට ප්‍රවේශ මාර්ග රැසක් විවර කර දීමත් සුවිශේෂයි.

The post බිම් මට්ටමේ ජනතාවගේ හදගැස්ම හැඳිනූ ළෙන්ගතු නායකත්වය – ෂී ජින්පිං appeared first on ITN News.

Read More »

වෛද්‍ය පැතුම් කර්නර්ට වරෙන්තු  

0 comments

සමාජ මාධ්‍ය ක්‍රියාකාරික වෛද්‍ය පැතුම් කර්නර් අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ අපරාධ කොට්ඨාශය විසින් ගොනු කර ඇති නඩුවක් සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද වරෙන්තු නිකුත් කළා.

අදාළ නඩුව අද පෙරවරුවේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදී ඔහු අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් මෙලෙස අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර තිබෙන්නේ.

පොල්දූව මංසන්ධියේ පැවති විරෝධතාවක් අතරතුර ඇති වූ ප්‍රචණ්ඩකාරී සිද්ධීන් සම්බන්ධයෙන් වෛද්‍ය පැතුම් කර්නර්ට එරෙහිව කොළඹ අපරාධ කොට්ඨාශය මෙම නඩුව පවරා තිබෙනවා.

 

 

The post වෛද්‍ය පැතුම් කර්නර්ට වරෙන්තු appeared first on ITN News.

Read More »

දර්යා දුගීනා ඝාතනයට යුක්රේනය සම්බන්ධ බවට රුසියාව චෝදනා කරයි  

0 comments

රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ සමීපතම සගයෙකුගේ දියණියක් වන දර්යා දුගීනා ඝාතනයට යුක්රේනය සම්බන්ධ බවට රුසියාව චෝදනා කරනවා.

පසුගියදා ඇය සිය නිවසට යමින් සිටියදී මෝටර් රථය පිපිරීමකට ලක්වීමෙන් මියගියා. දර්යා දුගීනාගේ පියා රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ සමීපතමයෙක් වන රුසියානු දාර්ශනික ඇලෙක්සැන්ඩර් දුගීනා වනවා. 29 හැවිරිදි දර්යා දුගීනා ඝාතනයට යුක්රේන විශේෂ කාර්ය බලකාය සම්බන්ධ බවට රුසියා රහස් ඔත්තු සේවයන් හදුනාගෙන ඇති බවයි වාර්තා වන්නේ. ඇය වාසය කළ මහල් නිවාස සංකීර්ණයට ජුලි මාසයේ දී යුක්රේන ජාතික කාන්තාවක් පදිංචියට පැමිණ ඇති අතර මෙම ප්‍රහාරයට එම කාන්තාව සෘජුව සම්බන්ධ බවට අනාවරණය වී තිබෙනවා. ව්‍යාජ අංක තහඩු සහිත මෝටර් රථයක් එම කාන්තාව භාවිත කර ඇති බවද සදහන්. එමෙන්ම දර්යා දුගීනාගේ පියා ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාරය එල්ල වූයේ ද යන්න සොයා මේ වනවිට විමර්ශන ක්‍රියාත්මකයි.

 

 

 

 

The post දර්යා දුගීනා ඝාතනයට යුක්රේනය සම්බන්ධ බවට රුසියාව චෝදනා කරයි appeared first on ITN News.

Read More »

ෆ්ලොරීඩා ප්‍රාන්තයේ පිහිටි නිවස සෝදිසි කිරීමට එරෙහිව ට්‍රම්ප් නඩු පවරයි  

0 comments

ෆ්ලොරීඩා ප්‍රාන්තයේ පිහිටි තම නිවස සෝදිසි කිරීමට එරෙහිව ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නීතිපති දෙපාර්තමේන්තුවට එරෙහිව නඩු පවරා තිබෙනවා.

ඇමෙරිකාවේ නීතිපති දෙපාර්තමේන්තුවට එරෙහිව නඩු පවරමින් හිටපු ජනාධිපතිවරයා අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ තම නිවසෙන් රැගෙන ගිය ලිපි ලේඛන පරීක්ෂා කිරීම තහනම් කරමින් නියෝගයක් පනවන ලෙසයි. එම ලිපි ලේඛන පරීක්ෂා කිරීමේ අයිතිය නීතිඥවරයෙකුට පවරන ලෙසත් එෆ්බීඅයි නිලධාරීන් එම කටයුතු වලින් ඉවත් කරන ලෙසත් ඔහු අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා. පසුගිය 8 වනදා හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට අයත් ෆ්ලොරීඩා ප්‍රාන්තයේ පිහිටි මාර් ඒ ලාගෝ නිවස එෆ් බී අයි සංවිධානය විශේෂ පරීක්ෂාවකට ලක්කළා. එහිදී එහි තිබූ ලිපි ලේඛන රැසක් රැගෙන ගොස් ඇති බවද සදහන්.

 

 

 

The post ෆ්ලොරීඩා ප්‍රාන්තයේ පිහිටි නිවස සෝදිසි කිරීමට එරෙහිව ට්‍රම්ප් නඩු පවරයි appeared first on ITN News.

Read More »

හෙරොයින් සමඟ සැකකරුවන් තුන් දෙනෙකු අත්අඩංගුවට  

0 comments

හෙරොයින් සමඟ සැකකරුවන් තුන් දෙනෙකු වැල්ලවායේදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වැල්ලවාය හදපානාගල ප්‍රදේශයේ සිදුකල වැටලීමක දී හෙරොයින් සමඟ මෙම සැකකරුවන් තුන් දෙනා අත්අඩංගුවට ගත් බව වැල්ලවාය පොලිසිය පවසනවා. ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් ග්රෑම් 17යි මිලි ග්රෑම් 260ක් සොයාගැනුන අතර එහි වටිනාකම රුපියල් ලක්ෂ 12කට ආසන්නයි. වැල්ලවාය හා මොරටුව පදිංචිකරුවන් වන මෙම සැකකරුවන් වැල්ලවාය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 30 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළා.

 

 

The post හෙරොයින් සමඟ සැකකරුවන් තුන් දෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.

Read More »

වසන්ත මුදලිගේ දින 90 ක් රඳවාගෙන ප්‍රශ්න කිරිමට අවසර  

0 comments

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ,  පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමි සහ හෂාන් ගුණතිලක යන අය දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරිමට ආරක්ෂක අමාත්‍යාංශය පොලිසියට අවසර ලබා දී තිබෙනවා.

පසුගිය 18 වනදා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය කොළඹ දී පැවැත්වූ උද්ඝෝෂණය අතරතුර 19 දෙනෙකු අත්අඩංගුවට ගැනුණා. ඉන් 16 දෙනෙකු අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර 15 දෙනෙකුට ඇප නියම කෙරුණා. එක් අයෙකු රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. වසන්ත මුදලිගේ ඇතුලු අනෙක් තුන්දෙනා පැය 72ක් රදවාගෙන ප්‍රශ්න කිරීමට තීරණය කෙරුණා. ඔවුන් තවදුරටත් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ඉල්ලමින් පොලිසිය ආරක්ෂක අමාත්‍යාංශයෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබුණා. ඒ අනුවයි ඔවුන් දින 90ක් රදවාගෙන ප්‍රශ්න කිරීමට අවසර හිමිවු‍යේ.

 

The post වසන්ත මුදලිගේ දින 90 ක් රඳවාගෙන ප්‍රශ්න කිරිමට අවසර appeared first on ITN News.

Read More »

රූපවාහිනියට පැන්න කැලුම් අමරසිංහත් පොලිස් භාරයට  

0 comments

පසුගිය ජූලි 13 වනදා රූපවාහිනී සංස්ථාවට බලෙන් ඇතුළු වූ කැළුම් අමරසිංහ කුරුදුවත්ත පොලිසියට අද භාරවුණා.

අරගලකරුවන් සම පැමිණ බලහත්කාරයෙන් රූපවාහිනී සංස්ථාවට ඇතුළු වී එහි විකාශන කටයුතු තාවකාලිකව නතර කිරීමට කැළුම් අමරසිංහ ඇතුළු පිරිසක් බලපෑම් කළා. ඔහු දනීෂ් අලී නමැත්තා සමග සජීවීව පෙනී සිටිමින් අරගලයේ අරමුනු පැහැදිලි කරනු ලැබුවා.  මේ වන විට කැලුම් අමරසිංහ නමැත්තාගෙන් කුරුදුවත්ත පොලිසිය  ප්‍රකාශ කරගනිමින් සිටිනවා. ඔහුගේ නීතීඥවරුන් පවසන්නේ කැලුම් අමරසිංහ අලුත්කඩේ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි.

 

 

 

 

 

The post රූපවාහිනියට පැන්න කැලුම් අමරසිංහත් පොලිස් භාරයට appeared first on ITN News.

Read More »

කළහකාරී සිදුවීම්වලට අදාළව හිමිනමක් ඇතුළු 8ක් අත්අඩංගුවට  

0 comments

පසුගිය මැයි 09 වන දා ජුලි 09 වන දා සහ ජූලි 13 වන දා  ඇති වූ සිද්ධින් කිහිපයකට අදාළව සැකකරුවන් අට දෙනෙකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ජූලි 09 වන දා අරලියගහ මන්දිරයට අයුතු ලෙස ඇතුළු වී රජයේ සේවකයන්ට සාපරාධී බලහත්කාරය පාමින් රජයේ දේපළවලට හානි කිරීම හා දේපළ සොරකම් කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු බණ්ඩාරනායකපුර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අරලිය ගහ මන්දිරයෙන් සොරකම් කරන ලද පිත්තල සැරසිලි කැබලි හතක් සහ විශාල ප්‍රමාණයේ ගමන් බෑගයක් ද සමගයි.

ජූලි 09 වන දා ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුළු වි දේපල හානි සිදු කල සැකකරුවෙකු සහ හිමි නමක ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එදිනම ජනාධිපති මන්දිරයට එකතු වී දේපළ හානි සිදු කිරීම සම්බන්ධයෙන් සැකකාරියක අත්අඩංගුවට ගැනුණා. ඇය ගොතටුව ප්‍රදේශයේ පදිංචිකාරියක්.

ජූලි 13 වන දා පොල්දූව හන්දිය අසල විරෝධතාව අතරතුර සිදු කල ප්‍රචණ්ඩ ක්‍රියාවන් සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන් එක් අයෙකු අංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර අනෙක් පුද්ගලයා වැල්ලම්පිටිය ප්‍රදේශයේ  පදිංචිකරුවෙකු බවයි පොලිසිය පවසන්නේ.

පසුගිය ජුලි 09 වන දා අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුට  පහර දී තුවාල සිදු කල මුදල් පසුම්බිය කොල්ලකා ඔහු බේරේ වැවට තල්ලු කල බව කියන සැකකරුවෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා. දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මොහු අත්අඩගංගුවට ගෙන ඇත්තේ කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේදීයි.

පසුගිය මැයි 09 වන දා පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතාගේ නිවසට දේපළවලට හා වාහනවලට ගිනි තබා හානි සිදුකල සැකකරුවෙකු ද අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබෙනවා. ඔහු පිලියන්දල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

එදිනම පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ නිවසට හා දෙපළවලට ගිනි තැබීමේ සිද්ධීය සම්බන්ධයෙන් ද සැකකරුවෙකු අත්අඩංගුවට ගැණුනා. හෝකන්දර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මොහු 18 හැවිරිදි වියේ පසුවන්නෙක්.

 

 

 

 

 

 

 

 

The post කළහකාරී සිදුවීම්වලට අදාළව හිමිනමක් ඇතුළු 8ක් අත්අඩංගුවට appeared first on ITN News.

Read More »

කිසිදු හේතුවක් නිසා රටකජු ආනයනය කරන්නේ නැහැ – ඇමති අමරවීර  

0 comments

කිසිදු හේතුවක් නිසා රටකජු ආනයනය නොකරන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා අවධාරණය කරනවා.

යල කන්නයේ රටකජු අස්වැන්න නෙලීම මිද්දෙනිය රජයේ බීජ ගොවිපළේ දී සිදු කෙරුණා. ඒ අමාත්‍ය මහින්ද අමරවීම මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙහි දී අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ මෙරටට අවශ්‍ය රටකජු ප්‍රමාණය ලබන කන්නය වන විට නිශ්පාදනය කල හැකි බවයි. ගොවීන්ට අවශ්‍ය බීජ බෙදා දීමට කටයුතු කරන බව ද ඒ මහතා සදහන් කලා.

 

The post කිසිදු හේතුවක් නිසා රටකජු ආනයනය කරන්නේ නැහැ – ඇමති අමරවීර appeared first on ITN News.

Read More »

‘යුවාන් වැන්ග් 5’ චීන පර්යේෂණ නෞකාව අද පිටත්වෙයි  

0 comments

‘යුවාන් වැන්ග් 5’ චීන පර්යේෂණ නෞකාව අද පස්වරුවේ හම්බන්තොට වරායෙන් පිටත්ව යන බව හාබර් මාස්ටර් කපිතාන් නිර්මාල් සිල්වා මහතා පවසනවා.

හම්බන්තොට වරායෙන් පිටත්වන නෞකාවේ ගමනාන්තය තවමත් නිශ්චිත වශයෙන් ප්‍රකාශ වී නැති බවයි වාර්තා වන්නේ. අද දින වරායේ නිෂ්කාශන කටයුතු අවසන්වීමෙන් පසු ඔවුන් යළි ගමන් ආරම්භ කරනු ඇති. ‘යුවාන් වැන්ග් 5’ චීන අධි තාක්ෂණික හා පර්යේෂණ නෞකාව චීනයේ සිට මෙරටට සේන්දූ වූයේ පසුගිය 16 වනදායි. ඉකුත් 11 වෙනිදා මෙරටට සේන්දු වීමට නියමිතව තිබුණු නෞකාව දිවයිනට පැමිණීමට ප්‍රමාද කිරීමට සිදුවුණා. ඒ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් පැනනැගුණු ගැටලු කිහිපයක් හේතුවෙන්.  මෙම නෞකාව දිගින් මීටර් 222ක් වූ අතර පළල මීටර් 22.5ක්. කාර්ය මණ්ඩලය ඇතුළු 400කට අධික පිරිසක් නෞකාවේ රැදී සිටියා. මෙම නෞකාව මගින් කිලෝමීටර් 750ක පමණ වපසරියක් ආවරණය වෙන පරිදි නිරීක්ෂණ කටයුතු සිදු කිරීමේ හැකියාවක් පවතිනවා.  හම්බන්තොට වරායේ නැංගුරම්ලා තිබූ මෙම නෞකාවට අවශ්‍ය ඉන්ධන,  ආහාර හා සෙසු අවශ්‍යතා ශ්‍රී ලංකාවෙන් සපයාගනු ලැබුවා. මෙම නෞකාව මගින් නැගෙනහිර ඉන්දීය සාගරයේ අභ්‍යවකාශ නිරීක්ෂණ කටයුතු සිදුකෙරෙනවා. එමගින් කිසිදු රටකට තර්ජනයක් නොමැති බවයි චීනය සදහන් කළේ.

 

 

 

The post ‘යුවාන් වැන්ග් 5’ චීන පර්යේෂණ නෞකාව අද පිටත්වෙයි appeared first on ITN News.

Read More »

ඇමෙරිකා ඉතිහාසයේ විශාලතම දේශගුණික පැකේජයට ජෝ බයිඩන් අත්සන් තබයි  

0 comments

ඇමෙරිකා ඉතිහාසයේ විශාලතම දේශගුණික පැකේජයට ජනාධිපති ජෝ බයිඩන් අත්සන් තැබුවා.

ඩොලර් බිලියන 430 ක වටිනාකමකින් යුත් මෙම දේශගුණික බිල්පත තුළින් උද්දමනය අඩුකිරීමට සැළසුම් කර තිබෙනවා. ගෘහස්ථ හරිතාගාර වායු විමෝචනය කපා හැරීමට මෙන්ම ඖෂධ මිල අඩු කිරීමට ද ඒ තුළින් සැළසුම්කර තිබෙනවා. ධවල මන්දිරයේ පැවති උත්සවයක දී ඩිමොක්‍රටික් පක්ෂ සෙනෙට් සභික ජෝ මැන්චින් ඇතුළු පිරිසක් සමගයි ජනාධිපති ජෝ බයිඩන් මෙම අත්සන් තැබීමට එක්ව තිබුණේ. මෙම පනත අත්සන් කිරීම සදහා ජනාධිපති ජෝ බයිඩන් භාවිත කළ පෑන,  ජෝ මැන්චින්ගේ අතට ලබාදුන් අතර එහිදී ඔහු කියා ඇත්තේ මෙය සමබර පනතක් වනු ඇති බවයි.

 

 

 

 

The post ඇමෙරිකා ඉතිහාසයේ විශාලතම දේශගුණික පැකේජයට ජෝ බයිඩන් අත්සන් තබයි appeared first on ITN News.

Read More »

ලොවපුරා කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව කෝටි 60 ඉක්මවයි  

0 comments

ලොවපුරා රටවලින් හමුවී ඇති කොරෝනා වයිරස ආසාදිතයින්ගේ සංඛ්‍යාව කෝටි 60 ඉක්මවා තිබෙනවා.

ගතවූ පැය 24 ට පමණක් හමුවී ඇති කොරෝනා වයිරස ආසාදිතයින්ගේ සංඛ්‍යාව පන්ලක්ෂ පනස් දහසකට අධිකයි. සිදුව ඇති මරණ සංඛ්‍යාව 908 ක්. ඊයේ දිනයේ දී වැඩිම වයිරස ආසාදිතයින් සංඛ්‍යාවක් හමුවී ඇත්තේ ජපානයෙන්. එම සංඛ්‍යාව 240,000 ට අධිකයි. එමෙන්ම දකුණු කොරියාවෙන් 110,000 ක් රුසියාවෙන් 39,000 ක් හා තායිවානයෙන් 22,000 ක් ලෙස වයිරස ආසාදිතයින් හමුව තිබෙනවා. ඊයේ දිනයේදී වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ ද ජපානයෙන්. එරටින් ගතවූ පැය 24 ට සිදුව ඇති කොරෝනා මරණ 263 ත් සමග සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව තිස්හය දහස් හත්සිය අසූව දක්වා ඉහළ ගියා. එමෙන්ම ලොව පුරා රටවල් 228 කින් වාර්තාවන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව හැටහතර ලක්ෂ හැත්තෑ දෙදහසකට ආසන්නයි.

 

 

 

The post ලොවපුරා කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව කෝටි 60 ඉක්මවයි appeared first on ITN News.

Read More »

රට හමුවේ ඇති අභියෝගය නොබියව භාරගත් ජනපතිට සියලුදෙනාගේ සහාය හිමි විය යුතුයි – මහා සංඝරත්නය  

0 comments

රට ගැන ඇති වගකීමෙන් සියලුදෙනා බැහැර වූ අවස්ථාවක, රට ගැන සිතා එහි භාරදූර වගකීම භාරගත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සමස්ත මහා සංඝරත්නයේ ආශිර්වාදය නිතැතින්ම හිමි වන බව රුවන්වැලි සෑය විහාරාධිපති, ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ, රජරට නුවරකලාවියේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නායක හිමිපාණන් වහන්සේ පැවසූහ.

අද (20) පෙරවරුවේ ඓතිහාසික අනුරාධපුර පුද බිම වෙත ගොස් ආගමික වතාවත්වල නිරත වූ ජනාධිපතිවරයා රුවන්වැලි මහා සෑය විහාරාධිපති හිමියන් බැහැ දුටු අවස්ථාවේ කෙටි අනුශාසනාවක් සිදු කරමින් උන්වහන්සේ මේ බව පැවසූහ.

රනිල් වික්‍රමසිංහ මහතා රුවන්වැලි මහා සෑය චෛත්‍යරාජයාණන් වහන්සේ  අභියස පැවති විශේෂ ආගමික වතාවත්වලට ද සහභාගී වී ආශිර්වාද ලබා ගත්තේය.

අනතුරුව විහාරාධිපති අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නායක හිමිපාණන් වහන්සේ බැහැ දැක උන්වහන්සේගේ සුවදුක් විමසමින් කෙටි පිළිසඳරක නිරත විය.

එහිදී අනුශාසනාවක් කරමින් උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළේ ජනාධිපතිවරයාට රට භාර ගැනීමට සිදු වුයේ රට සියලු පැතිකඩයන්ගෙන් අගාධයට වැටි තිබූ මොහොතක බවයි.

ඉදිරියටත් රට වෙනුවෙන් ජනාධිපතිවරයා ගන්නා සියලු නිවැරදි තීන්දු තීරණවලට මහා සංඝරත්නයේ ආශිර්වාදය හිමිවන බව සඳහන් කළ උන්වහන්සේ එම තීන්දු තීරණ ක්‍රියාත්මක කළ හැකි දක්ෂ හා නිවැරදි කණ්ඩායමක් තෝරා ගනිමින් ජනතා අපේක්ෂා මල් ඵල ගැන්වීම උදෙසා එකම අරමුණක් ඔස්සේ ඔවුන් මෙහෙයවීමේ වගකීම ජනාධිපතිවරයාට පැවරෙන බව ද සඳහන් කළහ.

අනතුරුව ලංකාරාම මහා විහාරය වෙත පැමිණි වික්‍රමසිංහ මහතා ලංකාරාමාධිකාරී උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක අතිපූජ්‍ය රළපනාවේ ධම්මජෝති නායක හිමිපාණන් වහන්සේ බැහැ දැක සුව දුක් විමසීය.‍

එහිදී කෙටි අනුශාසනාවක් කරමින් උන්වහන්සේ සඳහන් කළේ රට ගොඩනැගිය හැකි දර්ශනයක් හා වැඩපිළිවෙළක් සහිත ජනාධිපතිවරයාට රට ඉදිරියේ ඇති ආර්ථික අභියෝගය ජය ගැනීමට නියත වශයෙන්ම ශක්තිය ඇති බවය.

රට ආර්ථික වශයෙන් ගොඩගැනීමට ජනාධිපතිවරයා ගන්නා උත්සාහයට සහාය දැක්වීම සියලුදෙනාගේ වගකීම බව පෙන්වා දුන් උන්වහන්සේ අසල්වාසී මිත්‍ර රාජ්‍යයන් අමනාප කරගත් අතීත වරද නිවැරදි කර ගනිමින් ශක්තිමත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවන් ගොඩනගා ගැනීමේ අවශ්‍යතාවයත්, රාජ්‍ය සේවය ක්‍රියාත්මක කිරීමේ දී අඩුවෙන් කතා කර, වැඩියෙන් වැඩකරන නිලධාරීන් කණ්ඩායමක් සමීප කර ගැනීමේ වැදගත්කමත් ජනාධිපතිවරයා වෙත පෙන්වා දුන්හ.

ජනාධිපතිවරයා දීර්ඝ කාලයක් කතා කළ ලිච්ඡවී රජ දරුවන්ගේ සප්ත අපරිහාණි ධර්ම ක්‍රියාත්මක කිරීමේ අවස්ථාව දැන් එළැඹ ඇති බව ද උන්වහන්සේ සිහිපත් කළහ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන් අනතුරුව ථූපාරාම විහාරස්ථානය වෙත ගොස් විහාරාධිකාරී ශාස්ත්‍රපති අතිපූජ්‍ය කහල්ලේ ඥානීන්ද නායක හිමිපාණන් වහන්සේ බැහැ දැක උන්වහන්සේගේ ද සුව දුක් විමසීය.

එහිදී ආගමික වතාවත්වල නිරත වූ වික්‍රමසිංහ මහතාට මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනා කර ආශිර්වාද පළ කළහ.

මිරිසවැටිය රජමහා විහාරය වෙත ද පැමිණි ජනාධිපතිවරයා විහාරාධිකාරී අතිපූජ්‍ය ඊතලවැටුණු වැවේ ඤාණතිලක නායක හිමිපාණන් වහන්සේ බැහැ දැක කෙටි පිළිසඳරක නිරත විය.

එහිදී විශේෂ අනුශාසනාවක් සිදු කරමින් උන්වහන්සේ සඳහන් කළේ රට හමුවේ තිබූ අභියෝග නොබියව භාර ගනිමින් අද රට නිවැරදි මාවතකට ගෙන යමින් සිටින ජනාධිපතිවරයාට සහාය දැක්වීමට සියලු පාර්ශ්වයන් හදවතින්ම ඒකරාශී විය යුතු බවයි.

එහිදී කිසිවිටෙකත් පක්ෂ පාට, ජාති, ආගම් බේද සැලකිල්ලට ගත යුතු නැතැයි ද පැවසූ උන්වහන්සේ හෘද සාක්ෂියට එකඟවම එය සියලුදෙනාට පැවරී ඇති ජාතික වගකීමක් බව ද   අවධාරණය කළහ.

උතුරු මැද ජනතාව දීර්ඝ කාලයක් පූරා අත්විඳින දුෂ්කරතා පිළිබඳව ද ඊතලවැටුණු වැවේ ඤාණතිලක හිමිපාණන් වහන්සේ ජනාධිපතිවරයා දැනුවත් කළහ. “උතුරු මැද ජනතාව ජාතික ආර්ථිකයට විශාල දායක්තවයක් සැපයුවත්, ජාතික සම්පත්වල ප්‍රතිලාභ එම ජනතාවට හිමි නොවීම ඛේදවාචකයකි. හෘද රෝග, වකුගඩු රෝග, පිළිකා වැනි බෝ නොවන රෝගවලින් එම ජනතාවගෙන් බොහෝ පිරිසක් පීඩා විඳිනවා”ඔවුන්ගේ ජීවිත සුවපත් කිරීම වෙනුවෙන් උතුරු මැද මහ ඇළ ව්‍යාපෘතිය කඩිනමින් නිමා කරන ලෙස මම ඉල්ලා සිටිනවා” යැයි උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළහ.

හිටපු අමාත්‍යවරුන් හාපාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්.එම්. චන්ද්‍රසේන, ෂෙහාන්සේමසිංහ, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, හිටපු අමාත්‍යවරුන් වන දයාගමගේ, අනෝමා ගමගේයන මහත්මමහත්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවන්ට එක්ව සිටියහ.

The post රට හමුවේ ඇති අභියෝගය නොබියව භාරගත් ජනපතිට සියලුදෙනාගේ සහාය හිමි විය යුතුයි – මහා සංඝරත්නය appeared first on ITN News.

Read More »

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිලෙහි සුළු වැඩිවීමක්  

0 comments

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිලෙහි සුළු වැඩිවීමක් මෙම සති අන්තයේ දී සිදුව තිබෙනවා.

ඒ අනුව මේ වන විට ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල 0.3%ක වැඩිවීමක් පෙන්නුම් කරනවා. ඩබ්ලිව්. ටී. අයි බොරතෙල් බැරලයක මිල සටහන් වන්නේ ඇමෙරිකානු ඩොලර් 90යි ශත 77ක් ලෙසයි. බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 96යි ශත 72ක් ලෙස සටහන් වනවා.

 

 

 

The post ලෝක වෙළඳපොළේ බොරතෙල් මිලෙහි සුළු වැඩිවීමක් appeared first on ITN News.

Read More »

අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු වැල්ලම්පිටියේ දී අත්අඩංගුවට  

0 comments

අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු වැල්ලම්පිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැණුනා.

විශේෂ කාර්ය බලකායේ ගෝනහේන කදවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව වැටලීම සිදුකෙරුණා. වැල්ලම්පිටිය ශ්‍රී විමලාරාම මාවත ප්‍රදේශයේ සිදුකළ මෙම වැටලීමේ දී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 74 යි මිලිග්‍රෑම් 74 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැණුනා. එම මත්ද්‍රව්‍ය වල වටිනාකම රුපියල් ලක්ෂ 9 ට ආසන්න බවයි පොලීසිය ප්‍රකාශ කළේ. මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැක සහිත රුපියල් 41,000 ක් සහ විද්‍යුත් තරාදියක් ද සැකකරු ළඟ තිබී පොලිස් භාරයට ගැණුනා.

 

 

The post අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු වැල්ලම්පිටියේ දී අත්අඩංගුවට appeared first on ITN News.

Read More »

තුර්කියේ සිදු වූ අනතුරු දෙකකින් පුද්ගලයින් 32 නෙකු ජීවිතක්ෂයට  

0 comments

තුර්කියේ සිදු වූ අනතුරු දෙකකින් පුද්ගලයින් 32 නෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

තවත් පුද්ගලයින් 51 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. තුර්කියේ ගැසියන්ටෙප් නගරයේ සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයින් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව 21 දෙනෙකු තුවාල ලැබුවා. මේ අතර තුර්කියේ මාල්ඩින් ප්‍රදේශයේ දී ට්‍රක් රථයක් පාලනය කර ගැනීමට නොහැකිව පිරිසක් අතරට කඩා වැඳීමෙන් පුද්ගලයින් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. එම අනතුරෙන් පුද්ගලයින් 29 දෙනෙකු තුවාල ලබා ඇති අතර 8 දෙනෙකුගේ තත්වය බරපතල බවයි වාර්තා වන්නේ.

The post තුර්කියේ සිදු වූ අනතුරු දෙකකින් පුද්ගලයින් 32 නෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

Read More »

පුටින්ගේ සමීපතම සගයෙකුගේ දියණියක් ඝාතනය කෙරේ  

0 comments

රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ සමීපතම සගයෙකුගේ දියණියක් මොස්කව් නුවරදී ඝාතනය කර ඇති බව වාර්තා වනවා.

ඇය නිවසට යමින් සිටියදී මෝටර් රථය පිපිරීමකට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. දර්යා දුගීනා නමැති මෙම තරුණියගේ පියා රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ සමීපතමයෙක් වන රුසියානු දාර්ශනික ඇලෙක්සැන්ඩර් දුගීනා වනවා. කෙසේ වෙතත් රුසියා බලධාරීන් සදහන් කරන්නනේ ඇලෙක්සැන්ඩර් දුගීනා ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවයි.

 

 

 

 

The post පුටින්ගේ සමීපතම සගයෙකුගේ දියණියක් ඝාතනය කෙරේ appeared first on ITN News.

Read More »

මහනුවර මාතලේ මාර්ගයේ සිදුවූ අනතුරකින් තරුණයෙකුට බරපතල තුවාල  

0 comments

මහනුවර මාතලේ මාර්ගයේ අකුරණ 7 කණුව ප්‍රදේශයේ දී සිදුවූ අනතුරකින් තරුණයෙකු බරපතල තුවාල ලැබුවා.

අකුරණ 7 කණුව ප්‍රදේශයේ දී යතුරු පැදියක් මෝටර් රථයක් පසුකර ඉදිරියට ධාවනය කිරීමට උත්සාහ කිරීමේ දී ඉදිරියෙන් පැමිණි ටිපර් රථයක ගැටීමෙනුයි අනතුර සිදුවුනේ. එහිදී යතුරුපැදියේ ගමන් ගත් තරුණයා ටිපර් රථයේ වැදී විසිවී ගොස් මෝටර් රථයට යටවී ඇති බවයි වාර්තා වුණේ. අනතුරෙන් බරපතල තුවාල ලැබූ තරුණයා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කෙරුණා. ඔහු මේ වනවිට දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.

 

 

 

 

The post මහනුවර මාතලේ මාර්ගයේ සිදුවූ අනතුරකින් තරුණයෙකුට බරපතල තුවාල appeared first on ITN News.

Read More »

ට්‍රැක්ටරයක් පෙරළීමෙන් තුන්දෙනෙකු මියයයි – 18 දෙනෙකුට තුවාල  

0 comments

ට්‍රැක්ටරයක් පෙරළීමෙන් තුන්දෙනෙකු මියගොස් තවත් 18 දෙනෙකු තුවාල ලැබුවා.

ශ්‍රමදාන කටයුත්තක් සඳහා පුද්ගලයින් පිරිසක් ගමන් ගත් ට්‍රැක්ටරයකුයි මෙසේ මුතූර් ප්‍රදේශයේදී අනතුරට ලක්ව ඇත්තේ. පච්චනූර් ප්‍රදේශයේදී ට්‍රැක්ටරය මාර්ගයෙන් ඉවතට පැන පෙරළීමෙන් අනතුර සිදු වූ බව පොලිසිය පවසනවා. ගල්කන්දේ කදු පාමුල පිහිටි කොට්ටියාරමුල්ල රජමහා විහාරස්ථානයේ ශ්‍රමදානයකට එක්වීම සඳහා මෙම පිරිස ගමන් කරමින් සිටි බව සඳහන්. තුවාලකරුවන් මුතූර් රෝහලට ඇතුළත් කෙරුණු අතර ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි වාර්තා වන්නේ. අනතුර සම්බන්ධයෙන් මුතූර් පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.

 

The post ට්‍රැක්ටරයක් පෙරළීමෙන් තුන්දෙනෙකු මියයයි – 18 දෙනෙකුට තුවාල appeared first on ITN News.

Read More »

ෆින්ලන්ත අගමැතිට මත්ද්‍රව්‍ය චෝදනාවක්  

0 comments

ෆින්ලන්ත අග්‍රාමාත්‍ය සනා මරීන් මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් පරික්ෂණයකට බදුන් වී තිබෙනවා.

ෆින්ලන්ත අග්‍රාමාත්‍යවරිය සාදයකට සහභාගී වී නර්තනයක යෙදෙන වීඩියෝවක් සමාජ මාධ්‍යජාලාවල ප්‍රචාරය වීමත් සමග එරට විපක්ෂයෙන් ඇයට එරෙහිව චෝදනා එල්ලවුණා. විපක්ෂ දේශපාලකයන් සදහන් කළේ අග්‍රාමාත්‍යවරිය තහනම් මත්ද්‍රව්‍ය භාවිතකර ඇත්ද යන්න පිරික්ෂණයක් සිදුකළ යුතු බවයි.

36 හැවිරිදි වියේ පසුවන ෆින්ලන්ත අග්‍රාමාත්‍යවරිය සදහන් කළේ තමන් රාජකාරී ජීවිතය හා පෞද්ගලික ජීවිතය පටලවා නොගන්නා බවයි. සමාජයේ සෙසු තරුණියන් මෙන්ම තමන්ද කටයුතු කළ බව සදහන් කළ ෆින්ලන්ත අග්‍රාමාත්‍යවරිය කිසිදු තහනම් මත්ද්‍රව්‍යයක් භාවිත නොකළ බවද ප්‍රකාශ කර සිටියා.

 

 

 

 

The post ෆින්ලන්ත අගමැතිට මත්ද්‍රව්‍ය චෝදනාවක් appeared first on ITN News.

Read More »

වී මිලදී ගැනීම අඛණ්ඩව  

0 comments

වී මිලදී ගැනීම සදහා රජයේ වී ගබඩා විවෘත කර තැබීමට පියවර ගැනුණා. බොහෝ ප්‍රදේශවල වී මිලදී ගැනීම් සිදු කෙරෙමින් පවතින බවයි වී අලෙවි මණ්ඩලයේ නිලධාරීන් පවසන්නේ.

නාඩු වී කිලෝග්‍රෑම් එකක්  රුපියල් 120 කට ද සම්බා රුපියල් 125 කට හා කීරි සම්බා වී කිලෝග්‍රෑම් 1 ක් රුපියල් 130 කටත්  මිලදී ගැනීමට රජය තීරණය කළා. ඒ ගොවීන්ට තම වී අස්වැන්න අලෙවි කර ගැනීමට පහසුකම් සැලසීමේ අරමුණින්.

උතුරු මැද පළාතේ පොළොන්නරුව හා අනුරාධපුර දිස්ත්‍රික්වල වී මිලදී ගැනීම් අඛණ්ඩව සිදුවනවා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගබඩා 27 ක් විවෘතව පවතින අතර වී මිලදී ගැනීම් නිසි පරිදි සිදු කෙරෙන බවයි වී අලෙවි මණ්ඩල නිලධාරීන් පවසන්නේ. මේ අතර පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වී මිලදී ගැනීමද වී අලෙවි මණ්ඩලයට අයත් ගබඩා දෙකක් මගින් මේ වන විට සිදු කෙරෙමින් පවතිනවා.

පරාක්‍රම සමුද්‍ර ව්‍යාපාරයේ කලහගල ගොවීන් තම වී අස්වැන්න කදුරුවෙල පිහිටි වී අලෙවි මණ්ඩල ගබඩාවට ලබා දීමට කටයුතු කරමින් සිටින අයුරු දක්නට ලැබුණා. දිස්ත්‍රික්කයේ තවත් වී ගබඩා කිහිපයක් ඉදිරි දිනවලදී විවෘත කර වී මිලදී ගැනීම් සිදු කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

උතුරු පළාතේ මධ්‍යස්ථාන 13 කදී වී අලෙවි මණ්ඩලය රජයේ සහතික මිලට ගොවි ජනතාවගෙන් වී මිලදී ගැනීම  සිදු කරමින් පවතිනවා.

 

 

The post වී මිලදී ගැනීම අඛණ්ඩව appeared first on ITN News.

Read More »

රට වෙනුවෙන් වැදගත් තීරණ කිහිපයක් ගැනීමට සිදුවෙන බව GL කියයි  

0 comments

නව ගමනක ඇරඹුමක් වෙනුවෙන් නුදුරේදිම රට වෙනුවෙන් වැදගත් තීරණ කිහිපයක් ගැනීමට සිදුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී එල් පීරිස් මහතා පවසනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහාචාර්ය ජී එල් පීරිස්, හා ඩලස් අලහප්පෙරුම යන මහත්වරුන් ඇතුළු පිරිසක් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ හා රුවන්වැලිසෑය ඇතුළු විහාරස්ථාන කිහිපයක් වැදපුදාගෙන ආශිර්වාද ලබා ගත්තා.

එම පිරිස රුවන්වැලි විහාරාධිකාරී පූජ්‍ය පල්ලේගම හේමරතන ස්වාමීන් වහන්සේද බැහැදැක ආශිර්වාද ලබා ගැනීමටයි කටයුතු කළේ.

The post රට වෙනුවෙන් වැදගත් තීරණ කිහිපයක් ගැනීමට සිදුවෙන බව GL කියයි appeared first on ITN News.

Read More »

බලශක්ති ක්ෂේත්‍රයේ අයෝජන වැඩි කරන ලෙස අගමැති ඉරානයෙන් ඉල්ලයි  

0 comments

බලශක්ති ක්ෂේත්‍රයේ අයෝජන වැඩි කරන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඉරානයෙන් ඉල්ලා සිටිනවා.

අග්‍රාමාත්‍යවරයා හා ඉරාන තානාපති හෂේන් අෂ්ඩාද්හි අතර පැවති සාකච්ඡාවකදීයී මෙම ඉල්ලීම ඉදිරිපත් කෙරුණේ. සාකච්ඡාව අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්වුණා. මෙරට තෙල්පිරිපහදු ධාරිතාව වැඩිකිරීමටත් පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතින් ඇති කිරීමටත් ගෙන ඇති පියවර අග්‍රාමාත්‍යවරයා පැහැදිලි කළා. එම ක්ෂේත්‍රයේ තාක්ෂණික දැනුමෙන් පොහොසත් ඉරානය තෙල් නිෂ්පාදනයේ බහුල අත්දැකීම් සහිත රටක් බැවින් එම ක්ෂේත්‍රයෙන් මෙරට ආයෝජන වැඩිකිරීමේ හැකියාව පවතින බවද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළා. ලබන සතියේ ඉරානය ශ්‍රී ලංකාවට ඖෂධ තොගයක් පරිත්‍යාග කරන බවද තානාපතිවරයා කියා සිටියා.

 

 

The post බලශක්ති ක්ෂේත්‍රයේ අයෝජන වැඩි කරන ලෙස අගමැති ඉරානයෙන් ඉල්ලයි appeared first on ITN News.

Read More »

සෝමාලියාවේ හෝටලයකට අල් ෂබාබ් සටන්කාමීන්ගෙන් ප්‍රහාරයක්  

0 comments

සෝමාලියාවේ මොගඩිෂු අගනුවර හෝටලයකට අල් ෂබාබ් සටන්කාමී සංවිධානය ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

අල්ෂබාබ් සටන්කාමීන් හෝටලයේ පාලනය තමන් සතු කරගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. හෝටලය ඉදිරිපිට පිපුරුම් දෙකක් සිදුව තිබෙනවා. ඇති වූ ගැටුම්වලින් පුද්ගලයන් නව දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

සෝමාලියා රජයට එරෙහිව අල් ෂබාබ් සටන්කාමී සංවිධානය වසර ගණනාවක් පුරා අරගලයක් ක්‍රියාත්මක කර තිබෙනවා. මෙම සටන්කාමී සංවිධානය අල්කයිඩා සංවිධානයට සම්බන්ධ වූවක්.

 

 

The post සෝමාලියාවේ හෝටලයකට අල් ෂබාබ් සටන්කාමීන්ගෙන් ප්‍රහාරයක් appeared first on ITN News.

Read More »

යුනියන් පෙදෙසේ පවත්වන ලද විරෝධතාව සම්බන්ධයෙන් 19  දෙනෙකු අත්අඩංගුවට  

0 comments

කොළඹ යුනියන් පෙදෙසේ දී පෙරේදා පවත්වන ලද විරෝධතාව සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් 19  දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ මෙහෙයවීමෙන් කොළඹ යුනියන් පෙදෙසේ දී පෙරේදා විරෝධතා පෙළපාලියක් පැවැත්වුණා. අයුතු ජන රාශියක සාමාජිකයන් වීම හේතුවෙන් භික්ෂූන් වහන්සේ සිව් නමක හා තවත් 15 දෙනෙකු කුරුදුවත්ත කොම්පඤ්ඤවීදිය බොරැල්ල යන පොලිස් ස්ථාන මගින් හා කැළණිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම පිරිසෙන් 16 දෙනෙකු ඊයේ අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර ඉන් 15 දෙනෙකු ඇප මත මුදා හැරීමටයි නියෝග කෙරුණේ. එක් අයෙකු ලබන 26 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කළා. අනෙක් සැකකරුවන් තිදෙනා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පැය 72ක් රැදවුම් නියෝග මත රදවාගෙන විමර්ශන සිදුකරන බවයි පොලිසිය පවසන්නේ.

 

 

 

The post යුනියන් පෙදෙසේ පවත්වන ලද විරෝධතාව සම්බන්ධයෙන් 19  දෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.

Read More »

එක්සත් ජාතීන්ගේ සංවිධානයට යුක්රේන න්‍යෂ්ටික බලාගාරය පරීක්ෂා කිරීමට අවසර  

0 comments

රුසියා හමුදා අල්ලා ගත් යුක්රේනයේ සපොරිෂ්ෂියා න්‍යෂ්ටික බලාගාරය පරීක්ෂා කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිලධාරීන්ට ඉඩ ලබාදීමට රුසියා ජනාධිපති ව්ලැඩ්මිර් පුටින් එකග වී තිබෙනවා.

සපොරිෂ්ෂියා බලාගාරය යුරෝපයේ ඇති විශාලතම න්‍යෂ්ටික බලාගාරයයි. මෙම බලාගාරයට පසුගිය කාලයේදී ෂෙල් ප්‍රහාර කිහිපයක් එල්ල වීම නිසා න්‍යෂ්ටික කාන්දුවක් ඇතිවීමේ දැඩි අවදානමක් උද්ගත වී තිබුණා.

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්ක්‍රෝන් සමග රුසියා ජනාධිපතිවරයා පැවැත්වූ දුරකතන සාකච්ඡාවකින් පසු එක්සත් ජාතීන්ගේ සංවිධානයට බලාගාරය පරීක්ෂා කිරීමට අවසර ලබාදීමට තීරණය කර තිබෙනවා. ජගත් මහ ලේකම්වරයා ඉල්ලා තිබුණේ සපොරිෂ්ෂියා බලාගාරය අවට ප්‍රදේශ හමුදා කටයුතුවලින් සම්පූර්ණයෙන් නිදහස් කළ යුතු බවයි.

 

 

The post එක්සත් ජාතීන්ගේ සංවිධානයට යුක්රේන න්‍යෂ්ටික බලාගාරය පරීක්ෂා කිරීමට අවසර appeared first on ITN News.

Read More »

අන්තරේ විරෝධයට කඳුලු ගෑස් – කැඳවුම්කරු මුදලිගේ අත්අඩංගුවට  

0 comments

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධාන කළ විරෝධතා පාගමනක් විසුරුවා හැරීමට පොලීසිය කදුලු ගෑස් ප්‍රහාර එල්ල කළා.

භාණ්ඩ මිල අඩු කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ලිප්ටන් වට රවුමෙන් විරෝධතා පාගමනක් ආරම්භ කළා. එය කොම්පඤ්ඤවීදිය දෙසට ගමන් කිරීමේදී දැඩි වාහන තදබදයක්  ද ඇති වුණා.

මෙහිදී විරෝධතාකරුවන් විසුරුවාහැරීමට පොලීසිය ජල හා කදුළු ගෑස් ප්‍රහාර එල්ල කළා. එහිදී විරෝධතාවට එක්ව සිටි සරසවි සිසුන් කිහිප දෙනෙකු ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මේ අතර හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මානව හිමිකම් කඩවීම පිළිබද මානව හිමිකම් කොමිසමට ලිපියක් භාරදීමට රට රකින ජනපවුර සංවිධානය කටයුතු කළා.

 

The post අන්තරේ විරෝධයට කඳුලු ගෑස් – කැඳවුම්කරු මුදලිගේ අත්අඩංගුවට appeared first on ITN News.

Read More »

22 වගන්තිවලට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 9 ක්  

0 comments

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දු කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 9 ක් ගොනු කර තිබෙනවා.

විනිවිද පෙරමුණේ ලේකම් නාගානන්ද කොඩිතුවක්කු, වෛද්‍ය ගුණදාස අමරසේකර, යන මහත්වරුන් ඇතුළු නව දෙනෙකු මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා. එහි වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා නම් කර තිබෙනවා. පෙත්සම්කරුවන් කියා සිටින්නේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවලට පටහැනි බවයි.

ඒ තුළින් ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර ඇති මූලික මිනිස් අයිතිවාසිකම් කඩවීමක් සිදුවන බවද පෙත්සම්කරුවන් ප්‍රකාශ කරනවා. ඒ හේතුවෙන් අදාළ වගන්ති සම්මත කිරීමට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතර ඡන්දයක් හා ජනමත විචාරණයක් අවශ්‍ය බවට තීන්දුවක් ලබාදෙන ලෙසද ඔවුන් කියා සිටිනවා.

 

 

 

The post 22 වගන්තිවලට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 9 ක් appeared first on ITN News.

Read More »

යුක්රේන න්‍යෂ්ටික බලාගාරයට හානි සිදු කිරීම සියතින් දිවි නසා ගැනීමක්  

0 comments

යුක්රේනයේ සපොර්ෂ්ෂියා න්‍යෂ්ටික බලාගාරයට හානි සිදු කිරිම සියතින් දිවි නසා ගැනීමක් බව එක්සත් ජාතීන්ගේ  මහලේකම් අන්තෝනියෝ ගුටරේස් පවසනවා.

සපොර්ෂ්ෂියා න්‍යෂ්ටික බලාගාරය යුරෝපයේ ඇති විශාලතම න්‍යෂ්ටික බලාගාරයයි.මෙම ප්‍රදේශයේ පවතින ගැටුම්කාරී තත්ත්වයක් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය දැඩි අවදානය යොමු කර ඇති බවද ජගත් මහලේකම්වරයා පවසනවා. හදිසි සංචාරයක් සඳහා යුක්රේනයට පැමිණි අන්තෝනියෝ ගුටරේස්ට් එරට ජනාධිපති වොලොදොමීර් සෙලෙන්ස්කි සහ තුර්කි ජනාධිපති රෙසෙප්ත් එර්දගොන් සමඟ ද සාකච්ඡා කළා.සපොරොෂ්ෂියා බලාගාරය තවත් චර්නොබිල් බලාගාරයක් බවට පත් නොකළ යුතු බවයි ජගත් මහලේක්ම්වරයා අවධාරණය කළේ.

 

 

The post යුක්රේන න්‍යෂ්ටික බලාගාරයට හානි සිදු කිරීම සියතින් දිවි නසා ගැනීමක් appeared first on ITN News.

Read More »

සල්මාන් රෂිඩිට පිහියෙන් ඇනීම සිදු කළ පුද්ගලයාගෙන් පාපොච්චාරනයක්  

0 comments

මිනිස් ඝාතන අරමුණක් තමන්ට නොතිබූ බව ලෝක ප්‍රකට ගත්කතුවරයෙකු වන සල්මාන් රෂිඩි හට පිහියෙන් ඇනීම සිදු කළ 24 හැවිරිදි පුද්ගලයා පවසනවා.

ඇමෙරිකා එක්සත් ජනපදයේ අධිකරණයක් හමුවට හදී මතාර් නැමැති මෙම සැකකරු ඉදිරිපත් කළ අවස්ථාවේදීයී මේ බව ප්‍රකාශ කර ඇත්තේ. දෙවන ගණයේ ඝාතන තැතක් සම්බන්ධයෙන් චෝදනා යටතේයි හදී මතාර්ට එරෙහිව අධිකරණයේ නඩු පවරා තිබෙනවා.

සැකකරුට ඇප ලබා දෙන ලෙසට නීතිඥයන් කළ ඉල්ලීම අධිකරණය  ඉවත දැම්මා. චෝදනා සම්බන්ධයෙන් හදී මතාර් වැරදිකරු බවට පත්ව වුවහොත් වසර 25 ක උපරිම සිර දඩුවමක යටත්විය හැකි බවයි නීති විශාරදයන් පැවසුවේ.

 

 

 

The post සල්මාන් රෂිඩිට පිහියෙන් ඇනීම සිදු කළ පුද්ගලයාගෙන් පාපොච්චාරනයක් appeared first on ITN News.

Read More »

යුරෝපය හරහා හමා යන දැඩි ඡන්ඩ මාරුතයෙන් 13 දෙනෙකුට වැඩි පිරිසක් ජීවිතක්ෂයට  

0 comments

යුරෝපය හරහා හමා යන දැඩි ඡන්ඩ මාරුතයෙන් පුද්ගලයින් 13 දෙනෙකුට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මිය ගිය පිරිස අතරට කුඩා දරුවන් තුන් දෙනෙකු ද අයත් බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ. ඡණ්ඩ මාරුතයෙන් වැඩිම බලපෑමක් එල්ල වූයේ මධ්‍යම සහ දකුණුදිග යුරෝපයටයි. ඉතාලිය / ඕස්ට්‍රේලියාව සහ කොර්සිකා දූපතට ආපදා සිදුව තිබුණා.

ගස් කඩා වැටීම් නිසා  වැඩිම මරණ සංඛ්‍යාවක් සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ. ඇතැම් අවස්ථාවලදී සුළගේ වේගය පැයට කිලෝමීටර් 224 ක් ඉක්මවා ගියා.

 

 

 

The post යුරෝපය හරහා හමා යන දැඩි ඡන්ඩ මාරුතයෙන් 13 දෙනෙකුට වැඩි පිරිසක් ජීවිතක්ෂයට appeared first on ITN News.

Read More »

කටුනායක ගුවන් තොටුපළ වෙත පිවිසෙන ” රන් මාවත ” විවෘත කෙරේ  

0 comments

කටුනායක ගුවන් තොටුපළ වෙත පිවිසෙන ඉහළ ආදායම්ලාභී ගුවන් මගීන් සදහා ” රන් මාවත ” ( Gold Route)
නමින් නව සේවා පර්යන්තයක් , වරාය , නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අතින්  අද දින පස්වරු 01.30 ට විවෘත කෙරුණා.

ඉහළ ආදායම්ලාභී ගුවන් මගීන්ට ගුවන් තොටුපළ රාජකාරී සිදු කර ගැනීම සදහා පෝලිම් වල නොසිට , මෙම විවේකාගාරය වෙත පිවිස ආගමන විගමන , රේගු කටයුතු මෙන්ම ආහාරපාන සහ සන්නිවේදන අවශ්‍යතා ද ඉතා කඩිනමින් මෙහිදී ඉටු කර ගත හැකියි.

මෙයට සමාන ප්‍රභූ පර්යන්තයක් කටුනායක ගුවන් තොටුපළ තුළ ඇති අතර , මෙම සේවාවන් නොමිලේ රාජ්‍ය නිලධාරීන්ට සහ දේශපාලනඥයන් වෙත හිමි වී  තිබෙනවා.

මීට අමතරව කටුනායක ගුවන් තොටුපළ තුළ මුදල් ගෙවා මෙම පහසුකම් ලබා ගත හැකි ” සේද මාවත “( Silk Route ) නමින් තවත්  පර්යන්තයක් පවතින අතර , ඒ සදහා එක් ගුවන් මගියෙකුගෙන් ඇමෙරිකානු ඩොලර් 50 ක මුදලක් ගුවන් තොටුපළ විසින් අය කර ගනු ලබනවා.

මෙම නව පර්යන්තය සදහා එක් ගුවන් මගියෙකුගෙන් ඇමෙරිකානු ඩොලර් 200 ක මුදලක් අය කර ගනු ලබන අතර , www.airport.lk වෙබ් අඩවියට පිවිස එම මුදල ගෙවා මෙම පහසුකම් වෙන්කරවා ගත හැකියි .

මෙම නව පර්යන්තය විවෘත කිරීම තුළින් ශ්‍රී ලංකාවට විදේශ විනිමය ලබා ගැනීම මෙන්ම කටුනායක ගුවන් තොටුපළ තුළ ගුණාත්මකභාවය ද ඉහළ නංවා ගැනීම අපේක්ෂා කර තිබනෙවා.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය නිමල් සිරිපාල මහතා එළඹෙන 20වන දින සිට කටුනායක ගුවන් තොටුපළේ සිට ගුවන් යානා ටර්බයින් ඉන්ධන හිගයකින් තොරව නිකුත් කිරීමට පියවර ගන්නා බවත් , මත්තල ගුවන් තොටුපළ ප්‍රතිව්‍යුහගත කරමින් එහි කොටස් විදේශීය ආයෝජකයන් හට විකිණීමට අදහස් කර ඇති බවද වැඩිදුරටත් ප්‍රකාශ කළා.

මෙම අවස්ථාවට වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා , එම අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එස්.රුවන් චන්ද්‍ර , සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන්  සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ.චන්ද්‍රසිරි,ශ්‍රී  ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් පී.ඒ.ජයකාන්ත යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියා.

The post කටුනායක ගුවන් තොටුපළ වෙත පිවිසෙන ” රන් මාවත ” විවෘත කෙරේ appeared first on ITN News.

Read More »

ලාෆ්ස් ගෑස් මිල රු 1,050 කින් අඩු කෙරේ  

0 comments

අද සිට ක්‍රියාත්මක වන පරිදි කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,050 කින් අඩු කර තිබෙනවා.

ඒ අනුව නව මිල රුපියල් 5,800 කි.

නව ලාෆ්ස් ගෑස් මිල

12.5 kg – රු. 5,800
05 kg    – රු. 2,320
02 kg    – රු. 928

ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම විසින් අලෙවි කරන කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ සිලින්ඩරයක මිල රු. 4,664 ක්.

The post ලාෆ්ස් ගෑස් මිල රු 1,050 කින් අඩු කෙරේ appeared first on ITN News.

Read More »

ශ්‍රී ලංකාවට පෞද්ගලීකරණය කළ හැකි රාජ්‍ය ආයතන ජනපති නම් කරයි  

0 comments

රජය සතු ව්‍යවසායන් කිහිපයක් පෞද්ගලීකරණය කිරීමට රජය සලකා බලමින් සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ද ඉකොනොමිස්ට් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා කියා සිටියේ ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් සහ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පෞද්ගලීකරණය කළ හැකි බවයි.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC)  සහ ශ්‍රී ලංකා ටෙලිකොම් පෞද්ගලීකරණය කිරීමට ද අවධානය යොමු කරන බව ජනාධිපතිතුමා වැඩිදුරටත් පැවසුවා.

ශ්‍රී ලංකාව ආයෝජන විවෘත කරන බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා, කෙසේ වෙතත්, සමහරක් ආයතන වසර 40කට වැඩි කාලයක් ක්‍රියාත්මක වන බැවින් සහනලාභීන් සියලු දෙනා සමඟ සාකච්ඡා කළ යුතු බව ඔහු පැවසුවා.

රජය සතු ඇතැම් ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් වෘත්තීය සමිති සතුරුකම් කිරීම පිළිබඳව කළ විමසීමකදී ජනාධිපතිවරයා කියා සිටියේ “මම වෘත්තීය සමිති ගැන කරදර වෙන්නේ නැහැ, වැදගත් වන්නේ ජනතාවයි” යනුවෙනි.

යහපත් අතට හැරිය හැකි යැයි ජනතාව සිතන්නේ නම් එම තීරණය පිළිගන්නා බව ජනාධිපතිවරයා පැවසුවා.

ආර්ථිකය පාලනය කරන නීති ද සංශෝධනය විය යුතු බවත් ශ්‍රී ලංකාව අයර්ලන්තය මෙම අංශයෙන් ආදර්ශයක් ලෙස සලකන බවද ජනාධිපතිතුමා සඳහන් කළා.

The post ශ්‍රී ලංකාවට පෞද්ගලීකරණය කළ හැකි රාජ්‍ය ආයතන ජනපති නම් කරයි appeared first on ITN News.

Read More »

රුසියාවේ බලශක්ති නිෂ්පාදන ආදායම 30% කින් ඉහළ යයි  

0 comments

රුසියාවේ බලශක්ති නිෂ්පාදන ආදායම සියයට තිහකින් ඉහළ ගොස් තිබෙනවා.

ඛනිජ තෙල් හා ගෑස් ඇතුළු බලශක්ති නිෂ්පාදනවලිනුයි ඔවුන් මෙම වර්ධනය ලබාගෙන ඇත්තේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි රුසියාවේ මේ වසරේ බලශක්ති අපනයනයෙන් ඇමෙරිකා ඩොලර් බිලියන338 ක පමණ ආදායමක් ලැබෙනු ඇති බවයි පැවසෙන්නේ. බටහිර රටවල් සම්බාධක පැනවුවද රටවල් ගණනාවක් සම්බාධක නොතකා රුසියාවෙන් ඛනිජ තෙල් සහ ගෑස් මිලදී ගැනීමට යොමු වී තිබෙනවා.

මේ හේතුවෙනුයි රුසියාව මෙම ආදායම ලබාගෙන ඇත්තේ. කෙසේ වෙතත් යුරෝපයට රුසියාවෙන් අපනයනය කළ ඛනිජ තෙල් ප්‍රමාණය පහත වැටී තිබෙනවා. චීනය සහ ඉන්දියාව ඇතුළු ආසියාතික රටවලින් රුසියාවේ ඛනිජ තෙල් සදහා පසුගිය කාලයේදී වැඩි ඉල්ලුමක් පැවති බවයි විදසේ මාධ්‍ය වාර්තා කළේ.

 

 

 

The post රුසියාවේ බලශක්ති නිෂ්පාදන ආදායම 30% කින් ඉහළ යයි appeared first on ITN News.

Read More »

ඇල්ජීරියාවේ ඇති වූ ලැව් ගිනිවලින් මිය ගිය සංඛ්‍යාව 26 දක්වා ඉහළට  

0 comments

ඇල්ජීරියාවේ ඇති වූ ලැව් ගිනිවලින් මිය ගිය සංඛ්‍යාව 26 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඇතැම් ප්‍රදේශවල මේ වන විටත් ලැව් ගිනි පැතිරෙමින් පවතින අතර හෙළිකොප්ටර් යානා යොදාගනිමින් ගිනි නිවීමේ කටයුතු සිදු කෙරෙනවා. සෑම වසරකදීම ඇල්ජීරියාවේ මෙවැනි ලැව්ගිනි තත්ත්වයන් ඇති වන අතර පසුගිය වසරේ ඇති වූ ලැව්ගිනිවලින් පුද්ගලයින් 90 කට වැඩි සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්වුණා.

මේ වන විට මධ්‍යධරනී කලාපය තුළ අධික උණුසුම් කාලගුණයකුයි  පවතින්නේ. ප්‍රංශය මහාබ්‍රිතාන්‍ය ඇතුළු යුරෝපීය රටවලද පසුගිය කාලයේදී ලැව්ගිනි   ඇති වුණා.

 

 

 

 

The post ඇල්ජීරියාවේ ඇති වූ ලැව් ගිනිවලින් මිය ගිය සංඛ්‍යාව 26 දක්වා ඉහළට appeared first on ITN News.

Read More »

ITN නිෂ්පාදක කපිල ලියනගේ මහතාගේ අවසන් කටයුතු ඊයේ පස්වරුවේ සිදු කෙරුණා  

0 comments

ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ වැඩසටහන් නිෂ්පාදකවරයෙකු වූ කපිල ලියනගේ මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු  තලවතුගොඩ වැලිපාර පොදු සුසාන භූමියේදී සිදු කෙරුණා.  .

කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වූ කපිල ලියනගේ මහතා වසර විසිපහක කාලයක් ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සේවය කළා. ක්‍රීඩා අංශය නියෝජනය කරමින් වැඩසටහන් රැසක් නිෂ්පාදනය කිරීමට ඒ මහතාගේ දායකත්වය ලබා දුන්නා.

2021 වසරේ සබුද්ධි ක්‍රීඩා සාහිත්‍ය සම්මාන උළෙලේ දී වසරේ ක්‍රීඩා වැඩසටහන ලෙසින් සම්මාන හිමිකරගත් ITN ස්පෝට්ස් වර්ල්ඩ් වැඩසටහන ද නිෂ්පාදනය කෙරුණේ කපිල ලියනගේ මහතාගේ දායකත්වයෙන්.

ස්වාධීන රූපවාහිනී ප්‍රවෘත්ති අංශයේ ද ඒ මහතා කලක් කටයුතු කළා. ක්‍රීඩා වැඩසටහන් සජීවකරණයේ දී දැවැන්ත කාර්යභාරයක් ඉටුකළ මාධ්‍යවේදියෙකු ලෙසත් කපිලට හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයක්.   අයිටීඑන් අවුරුදු කුමරා සහ කුමරිය වැඩසටහන සෑම වසරකම නිෂ්පාදනය කරමින් ඔහු ලබාදුන් දායකත්වය කිසිදා අමත කළ නොහැකියි.

රෝගී තත්ත්වයක් හේතුවෙන් කපිල ජීවිතයෙන් සමුගන්නා විට 49 වන වියෙහි පසු වුණා. ඔහුගේ දේහය පිළිබද අවසන් කටයුතු තලවතුගොඩදී සිදු කෙරුණේ සහෘද සේවක පිරිස ඇතුළු බොහෝ දෙනෙකුගේ සහභාගීත්වය ඇතිවයි.  කපිල ලියනගේ සහෘදයාණෙනි, අපෙන් සමුගත් ඔබට අමා මහ නිවන් සුව අත්වේවා.

 

The post ITN නිෂ්පාදක කපිල ලියනගේ මහතාගේ අවසන් කටයුතු ඊයේ පස්වරුවේ සිදු කෙරුණා appeared first on ITN News.

Read More »

ඊයේ වැඩිම කොරෝනා ආසාදිතයන් දකුණු කොරියාවෙන්  

0 comments

ලොව පුරා රටවලින් දෛනිකව වාර්තා වන කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සංඛ්‍යාව සහ මරණ සංඛ්‍යාව යළිත් වරක් ඉහළ ගොස් තිබෙනවා.

ගත වූ පැය 24 ට ලොව පුරා රටවල් 228 කින් හමු වී ඇති වයිරස ආසාදිතයින්ගේ සංඛ්‍යාව හත්ලක්ෂ හැත්තෑ දහසකට ආසන්නයි. සිදු වී ඇති මරණ සංඛ්‍යාව දෙදහස් තිස් තුනක්. ඊයේ දිනයේදී වැඩිම වයිරස ආසාදිතයන් සංඛ්‍යාවක් හමු වී ඇත්තේ දකුණු කොරියාවෙන්.

එම සංඛ්‍යාව එක්ලක්ෂ අසූදහසකට අධිකයි. එමෙන්ම ජපානයෙන් එක්ලක්ෂ හැත්තෑ අට දහසක්, ඇමෙරිකාවෙන් අසූ හත් දහසක් හා ඉතාලියෙන් තිස්හය දහසක් ලෙස වයිරස ආසාදිතයන් හමුව තිබෙනවා. ගත වූ පැය 24 ට සිදුව ඇති වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව වන 461 වාර්තා වන්නේ ඇමෙරිකාවෙන්.

ඒ සමගම ලොව සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව හැටහතර ලක්ෂ හැටදෙදහස ඉක්මවා ගියා. හමු වී ඇති සමස්ත වයිරස ආසාදිතයන්ගේ සංඛ්‍යාව පනස් නව කෝටි හැත්තෑ නව ලක්ෂයකට ආසන්නයි.

 

 

The post ඊයේ වැඩිම කොරෝනා ආසාදිතයන් දකුණු කොරියාවෙන් appeared first on ITN News.

Read More »

උදයංග වීරතුංගගෙන් CIDය ප්‍රකාශ සටහන් කරගනී  

0 comments

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් 27 ප්‍රහාරක යානා මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සදහායි ඒ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ඇත්තේ.

අද උදෑසන පැමිණි ඒ මහතාගෙන් මේ වනවිට ප්‍රකාශ සටහන්කර ගැනීම සිදුවනවා.

මේ අතර පසුගිය ජුලි 9 වනදා ඇතිවූ අරගලකාරී සිදුවීම් සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාදීම සදහා ප්‍රවීන ක්‍රීඩක ජූලියන් බෝලිං හා ව්‍යාපාරික ජොනතන් මාටෙන්ස් ටයින් යන මහත්වරුන්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන්නැයි ඊයේ කළ දැනුම්දීමට අනුව ඔවුන් දෙදෙනා ද අද පැමිණ ඇති බව වාර්තා වනවා. ඔවුන්ගෙන් ද ප්‍රකාශ සටහන්කර ගැනීම සිදුවනවා.

 

 

 

The post උදයංග වීරතුංගගෙන් CIDය ප්‍රකාශ සටහන් කරගනී appeared first on ITN News.

Read More »

පාකිස්තානයේ මාරක රිය අනතුරකින් 20 දෙනෙකු ජීවිතක්ෂයට  

0 comments

පාකිස්තානයේ බස් රථයක් හා ඉන්ධන ප්‍රවාහන රථයක් එකිනෙක ගැටීමෙන් හටගත් ගින්නකින් පුද්ගලයින් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

පාකිස්තානයේ පන්ජාබ් ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයකයි මෙම අනතුර සිදුව ඇත්තේ.

අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ මගීන් 24 දෙනෙකු ගමන් කර ඇති බවයි පොලීසිය සඳහන් කරන්නේ.

වේගය පාලනය කරගත නොහැකි වූ බස් රථය, ඉන්ධන ප්‍රවාහන රථයේ පිටුපස ගැටී තිබෙනවා.

ඒ සමගම ගින්නක් හටගත් බවයි වාර්තා වන්නේ. කෙසේ වුවද අනතුරෙන් පසුව ඉන්ධන ප්‍රවාහන රථයේ රියදුරු පළාගොස් ඇති බවද සදහන්.

මියගිය ඇතැම් අයගේ සිරුරු හදුනාගත නොහැකි ලෙස පිළිස්සී ඇති බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරනවා.

අනතුරෙන් පුද්ගලයින් 6 දෙනෙකු දිවි ගලවාගෙන ඇති අතර ඔවුන්ද දැඩි පිළිස්සුම් තුවාල ලබා තිබෙනවා.

 

 

 

The post පාකිස්තානයේ මාරක රිය අනතුරකින් 20 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

Read More »

අයිතීන් වෙනුවෙන් අන්තරේ හෙට කොළඹට  

0 comments

වත්මන් රජයට එරෙහිව හෙට (18) කොළඹදී දැවැන්ත උද්ඝෝෂණයක් පවත්වන බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය නිවේදනය කරයි.

අත්අඩංගුවේ පසුවන අරගලකරුවන් නිදහස් කිරීම , සාමාන්‍ය ජනතාවට  ජීවත් වීමට අවශ්‍ය සහන දීම, අඩපණ වී ඇති විශ්වවිද්‍යාල අධ්‍යාපනය යථාවත් කිරීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මෙම විරෝධතාව පැවැත්වෙනවා.

මෙම විරෝධතාවය නම් කර ඇත්තේ “අයිතීන් වෙනුවෙන් අන්තරේ කොළඹට” යන නමින්.

The post අයිතීන් වෙනුවෙන් අන්තරේ හෙට කොළඹට appeared first on ITN News.

Read More »

යුක්රේනය එල්ල කළ ප්‍රහාරයක් සම්බන්ධයෙන් රුසියාවෙන් නිවේදනයක්  

0 comments

යුක්රේනයේ ක්‍රිමියා ප්‍රදේශයේ පිහිටා ඇති රුසියා ආයුධ ගබඩාවකට එල්ල වූ ප්‍රහාරය කඩාකප්පල්කාරී ක්‍රියාවක් බව රුසියා ආරක්ෂක අංශ නිවේදනය කරනවා.

පසුගි සතියේ ද ක්‍රිමියා ප්‍රදේශයේ රුසියා හමුදා කදවුරක් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් එල්ල වුණා. රුසියා පාලන බලයේ පවතින ක්‍රිමියාවේ හමුදා කදවුරු ඉලක්ක කර ගනිමින් යුක්රේනය ප්‍රහාර එල්ල කරන බවයි රුසියාව චෝදනා කරන්නේ. එම ප්‍රහාරයන්ගෙන් රුසියා හමුදා කදවුරුවලට දැඩි හානි සිදුව තිබෙනවා.

කෙසේ වුවද එම කිසිදු ප්‍රහාරයක් පිටුපස තම හමුදාව නොමැති බවයි යුක්රේනය නිවේදනය කරන්නේ.

ක්‍රිමියා ජනතාවට හානියක් සිදුවන ප්‍රහාරයන් එල්ල කිරීමට පියවර නොගන්නා බවද ඔවුන් සදහන් කරනවා.

 

 

 

The post යුක්රේනය එල්ල කළ ප්‍රහාරයක් සම්බන්ධයෙන් රුසියාවෙන් නිවේදනයක් appeared first on ITN News.

Read More »

ගතවූ පැය 24ට ලොව පුරා කොරෝනා ආසාදිතයින් ලක්ෂ 50කට අධික සංඛ්‍යාවක් හමුවෙයි  

0 comments

ගතවූ පැය 24 ලොව පුරා රටවල් 228 කින් කොරෝනා වයිරස ආසාදිතයින් ලක්ෂ පහකට අධික සංඛ්‍යාවක් හමුවී ඇති අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව එක්දහස් හාරසිය පනස්හයක්.

ඊයේ දිනයේදී වැඩිම වයිරස ආසාදිතයින් හමුව ඇත්තේ ජපානයෙන්. එම සංඛ්‍යාව 160,000 ට ආසන්නයි.

එමෙන්ම දකුණු කොරියාවෙන් 84,000 ක් ඇමෙරිකාවෙන් 54,000 ක් හා රුසියාවෙන් 23,000 ක් ලෙස වයිරස ආසාදිතයින් හමුව තිබෙනවා.

ගතවූ පැය 24 ට සිදුව ඇති වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව වන 262 වාර්තා වන්නේ ඇමෙරිකාවෙන්.

ඒත් සමගම ලොව සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව හැටහතර ලක්ෂ හැටදහසකට ආසන්න වනවා.

හමුව ඇති වයිරස ආසාදිතයින් සංඛ්‍යාව පනස් නව කෝටි හැටනව ලක්ෂයකට අධිකයි.

 

 

The post ගතවූ පැය 24ට ලොව පුරා කොරෝනා ආසාදිතයින් ලක්ෂ 50කට අධික සංඛ්‍යාවක් හමුවෙයි appeared first on ITN News.

Read More »

අද කාලගුණය  

0 comments

මධ්‍යම, ඌව, නැගෙනහිර, උතුරු සහ උතුරු මැද පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් වැසි ස්වල්පයක් ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.


ඉදිරි පැය 24 ට දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය

වැසි තත්ත්වය : දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් පවතී.

සුළඟ : දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළංනිරිත දෙසින් හමා එයි. සුළගේ වේගය පැ.කි.මී. (20-30) පමණ වේ. මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (40-45) දක්වා වැඩි විය හැක.

මුහුදේ ස්වභාවය : මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශතරමක් රළුවේ. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ මදවශයෙන්රළු වේ.

ප්‍රධාන  නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය :    2022-08-17
නගරය උෂ්ණත්වය(සෙ. අංශක) සාපේක්ෂ ආර්ද්‍රතාවය(%) කාලගුණය
උපරිම අවම උපරිම අවම
අනුරාධපුරය 35 25 95 50 සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති  විය හැක
මඩකලපුව 31 25 95 70 සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති  විය හැක
කොළඹ 31 26 85 70 වැසි ස්වල්පයක්
ගාල්ල 29 25 95 80 වැසි ස්වල්පයක්
යාපනය 34 27 90 50 සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති  විය හැක
මහනුවර 30 22 95 65 සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති  විය හැක
නුවරඑළිය 20 12 95 75 සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ
රත්නපුරය 32 24 95 60 වැසි ස්වල්පයක්
ත්‍රිකුණාමලය 33 26 95 65 සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ
මන්නාරම 33 26 90 70 සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති  විය හැක

The post අද කාලගුණය appeared first on ITN News.

Read More »

Recent News

Gossip Lanka MAG