Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

තායිවානයට අවි ආයුධ තොගයක් අලෙවි කිරීමට බයිඩන් අනුමැතිය ඉල්ලයි  

Add comments

ඇමෙරිකා ඩොලර් බිලියන 1.1 වටිනාකමින් යුතු අවි ආයුධ තොගයක් තායිවානයට අලෙවි කිරීම සදහා ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතිය ඉල්ලා තිබෙනවා.

මිසයිල හා නෞකා විනාශ කිරීමට යොදාගන්නා අවි මෙලෙස තායිවානයට අලෙවි කිරීමට ඇමෙරිකාව සැළසුම්කර තිබෙනවා. ඊට නෞකා නාශක මිසයිල 60 ක් හා මිසයිල නාශක අවි සියයක් ඇතුළත්. ඒ ජී එම් එයිටි ෆෝ එල් හාපූන් බ්ලොක් ටූ වර්ගයට අයත් මිසයිල 60 සදහා ඇමෙරිකා ඩොලර් මිලියන 355 ක ඇස්තමේන්තුවක් ලබාදී ඇති අතර ඒ අයි එම් නයින් එක්ස් බ්ලොක් ටූ අවි සියය සදහා ඇමෙරිකා ඩොලර් මිලියන 85.6 ක ඇස්තමේන්තුවක් ලබාදී තිබෙනවා. එමෙන්ම තොරතුරු රැස්කිරීමට යොදාගන්නා රේඩාර් පද්ධති ඇමෙරිකා ඩොලර් මිලියන 655.4 ක වටිනාකමින් යුක්ත බවද සදහන්. කෙසේ වුවද අලෙවි කිරීමට නියමිත අවි පිළිබද මේ වනතෙක් අවසන් තීරණයකට එළඹ නොමැති බවයි වාර්තා වන්නේ.

 

 

 

 

The post තායිවානයට අවි ආයුධ තොගයක් අලෙවි කිරීමට බයිඩන් අනුමැතිය ඉල්ලයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG