Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇමෙරිකාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1 88 578ක් දක්වා ඉහළට  

0 comments

ලොව වැඩිම කොරෝනා ආසාදිතයන් වාර්තා වන රට බවට පත්ව සිටින ඇමෙරිකාවෙන් මේ වන විට වාර්තා වන මුළු ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1 88 578 ක්.

එහි මුළු මරණ සංඛ්‍යාව 3890 ක් ලෙස වාර්තා වනවා.

ඇමරිකාවේ සමස්ත ජන ගහණයෙන් හතරෙන් තුනක්ම මේවන විට කුමන හෝ නිරෝධායන කටයුත්තක නිරතව ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

එරට ජනපද පනභෙන් තිස් දෙකක්ම කුමන හෝ ආකාරයකින් අක‍්‍රීය කර තිබෙනවා.

 

The post ඇමෙරිකාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1 88 578ක් දක්වා ඉහළට appeared first on ITN News.

Read More »

ඊයේ දිනයේ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව ඉතාලියෙන්  

0 comments

ඊයේ දිනය තුළ වැඩිම මරණ සංඛ්‍යාවක් එනම් මරණ 837 ක් වාර්තා වූයේ ඉතාලියෙන්.

ඒ අනුව ඉතාලියෙන් මේ වනවිට වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව දොළොස්දහස් හාරසිය විසිඅටක්. සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1 05 792ක්.

ඉතාලියේ මියගිය පුද්ගලයන් වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවක් පැවැත්වුණා. ජාතික කොඩියද අඩකුඹු කර තිබූ බවයි වාර්තා වුන .

The post ඊයේ දිනයේ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව ඉතාලියෙන් appeared first on ITN News.

Read More »

සිතුල්පව්ව විහාරස්ථානයට දානය ලබා දෙන මුදලින් අසරණ ජනතාවට සහන සලසන්න – විහාරාධිපති හිමි  

0 comments

සිතුල්පව්ව රජමහා විහාරස්ථානයට දානය ලබා දෙන මුදලින් කොරෝනා ව්‍යසනයෙන් අසරණභාවයට පත් ජනතාවට සහන සලසන ලෙස විහාරාධිපති පූජ්‍ය මැටරඹ හේමරතන ස්වාමීන්වහන්සේ සියලු දායකයන්ගෙන් ඉල්ලීමක් කරනවා.

 

The post සිතුල්පව්ව විහාරස්ථානයට දානය ලබා දෙන මුදලින් අසරණ ජනතාවට සහන සලසන්න – විහාරාධිපති හිමි appeared first on ITN News.

Read More »

අද රාත්‍රී 7 සිට සෑම විහාරස්ථානයකම රතන සූත්‍රයත් , ගිරිමානන්ද සූත්‍රයත් සජ්ඣායනා කෙරේ  

0 comments

අද සිට සතියක කාලයක් රාත්‍රී හතේ සිට අට දක්වා පිරිත් සජ්ඣායනාකර රටටත් ජනතාවටත් ලෝකවාසීන්ටත් ආශිර්වාද කිරීමට මහා සංඝරත්නය පෙරමුණ ගෙන සිටිනවා.

මහා නාහිමිවරුන් කළ ඉල්ලීමකට අනුවයි මේ සඳහා කටයුතු සංවිධානකර ඇත්තේ. සියලු විහාරස්ථානවල ඝණ්ඨාර නාදකරමින් ශබ්ද විකාශන යන්ත්‍ර මඟින් පන්සිල් සමාදන්කර බුද්ධ වන්දනාව සිදුකෙරෙනු ඇති. ඉන් අනතුරුව රතන සූත්‍රය හා ගිරිමානන්ද සූත්‍රය ඇතුළු පිරිත් දේශනාකර ජනතාවට සෙත්පැතීමටයි මහා සංඝරත්නය කටයුතු සංවිධානකර ඇත්තේ. මෙම කාලයේ දී විශේෂ සත්‍යග්‍රහයක නිරතවීමට ද මහා සංඝරත්නය සූදානමින් සිටිනවා.

 

 

 

The post අද රාත්‍රී 7 සිට සෑම විහාරස්ථානයකම රතන සූත්‍රයත් , ගිරිමානන්ද සූත්‍රයත් සජ්ඣායනා කෙරේ appeared first on ITN News.

Read More »

කොරෝනා ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් අනතුරු ඇඟවීමක්  

0 comments

ඇමෙරිකාවේ කොරෝනා ආසාදිතයින් අසාමාන්‍ය ලෙස වාර්තාවීමත් සමඟ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධානී ඇන්ටෝනියෝ ගුටේරස් අනතුරු ඇඟවීමක් සිදුකර තිබෙනවා.

ඔහු සඳහන් කරන්නේ දෙවන ලෝක යුද්ධයට පසු ලොව වාර්තා වූ දරුණුතම අර්බුදය මෙය බවයි. ඊයේ දිනයේදී පමණක් ඇමෙරිකාවේ මරණ 800 කට අධික ප්‍රමාණයක් වාර්තා වී ඇති අතර ඒ සමඟ සිදුව ඇති මුලු කොරෝනා මරණ සංඛ්‍යාව 3,700 ක් වනවා. ඇමෙරිකාවෙන් හමුවී ඇති කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 188,530 ක්. මේ වනවිට ලොව පුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 858,669 ක් වන අතර මිය ගිය සංඛ්‍යාව 42,152 ක්.

 

The post කොරෝනා ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් අනතුරු ඇඟවීමක් appeared first on ITN News.

Read More »

කොරෝනා ආසාදිතයන් හුදකලා කිරිමට විශාල බන්ධනාගාරයක් ඉදි කරන්නැයි සෞදි ඔටුන්න හිමි කුමරුගෙන් නියෝග  

0 comments

කොරෝනා ආසාදිතයන් හුදකලා කිරිම සඳහා විශාල බන්ධනාගාරයක් ඉදි කරන්නැයි සෞදි ඔටුන්න හිමි මොහොමඩ් බිල් සල්මාන් කුමරු ඉංජිනේරුවරුන්ට නියෝග කළා.

ඒ සඳහා සතියක කාලයක් ඔහු ලබාදී තිබෙනවා. ජාත්‍යන්තර මාර්ගෝපදේශ අනුව කොරෝනා අසාදිතයන් හුදකලා කළ යුතු බවයි සෞදි ඔටුන්න හිමි කුමරු සදහන් කළේ.

සෞදි අරාබියේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1453ක්. 115 දෙනෙකු සුවය ලබා ඇති අතර 8 දෙනෙකු මියගොස් තිබෙනවා.

The post කොරෝනා ආසාදිතයන් හුදකලා කිරිමට විශාල බන්ධනාගාරයක් ඉදි කරන්නැයි සෞදි ඔටුන්න හිමි කුමරුගෙන් නියෝග appeared first on ITN News.

Read More »

ලොව පුරා කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව ලක්ෂ 8 ඉක්මවයි  

0 comments

ලොව පුරා කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව ලක්ෂ 8 ඉක්මවා තිබෙනවා.

තිස් නමදහසකට අධික පිරිසක් මියගොස් ඇති බවයි වාර්තා වන්නේ. පවතින තත්වය තවදුරටත් දරුණු විය හැකි බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.

ඇමරිකාවේ සමස්ත ජන ගහණයෙන් හතරෙන් තුනක්ම මේවන විට කුමන හෝ නිරෝධායන කටයුත්තක නිරතව ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ. එරට ජනපද පනහෙන් තිස් දෙකක්ම කුමන හෝ ආකාරයකින් අක‍්‍රීය කර තිබෙනවා. ඇමරිකාවෙන් මේ වන විට මරණ 3800කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇති බවයි එහි සිටින අප නියෝජිත කෞෂිකා ගිීතානි ප‍්‍රකාශ කළේ.

ඉතාලියේ මියගිය පුද්ගලයන් වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවක් පැවැත්වුණා. ජාතික කොඩියද අඩකුඹු කර තිබූ බවයි වාර්තා වුනේ . ඉතාලියේ කොරෝනා මරණ සංඛ්‍යව 11600කට ආසන්න වනවා.

මේ අතර ඉන්දියාවේ ආගමික උත්සවයකට සහභාගි වූ පිරිසකටද වයිරසය වැළදී ඇති බව තහවුරු වුණා.

The post ලොව පුරා කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව ලක්ෂ 8 ඉක්මවයි appeared first on ITN News.

Read More »

නිවෙස්වල සිටින ජනතාවට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් උපදෙස්  

0 comments

කොරෝනා වයිරසය හේතුවෙන් නිවෙස් වලට කොටු වී සිටන බිලියන 3 කට වැඩි ලෝක වාසීන් වෙනුවෙන් ලෝක සෞඛය සංවිධානය උපදෙස් මාලාවක් නිකුත් කරතිබෙනවා. ඒ ඔවුන්ගේ කායික හා මානසික ශක්තිය වර්ධනය කර ගැනීමේ අරමුණෙන් .

ප‍්‍රතිශක්තිකරණය වර්ධනය වන ආකාරයේ ආහාර රටාවකට සියලු දෙනා යොමු වීම වැදගත් . මත්පැන් සහ දුම්පානයෙන් වැළකිය යුතුය. පැනි බිීම පානයකිරිමෙන්ද වැළකී සිටීම වැදගත් වන අතර වැඩිහිටියන් විනාඩි 30 කාලයක් හෝ ව්‍යායාම කිරීම අවශ්‍ය කරුණක් වනවා. සමාජ දුරස්ථභාවය පවත්වාගැනීමද අත්‍යවශ්‍ය කරුණක්. මෙවැනි වසන්ගත තත්වයකදී ආතතිය පාලනය කර ගැනීම වඩාත් වැදගත් කරුණක් බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ.

 

The post නිවෙස්වල සිටින ජනතාවට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් උපදෙස් appeared first on ITN News.

Read More »

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 142 දක්වා ඉහළට  

0 comments

මෙරටින් වාර්තා වූ කොරෝනා වෛරසය ආසාදනය වූවන්ගේ සංඛ්‍යාව 142 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව අද (31) දිනයේදී කොරෝනා රෝගීන් 20 දෙනෙකු වාර්තා වී ඇති අතර සම්පූර්ණයෙන් සුවය ලැබූ 17 දෙනෙකු රෝහල්වලින් පිටව ගියා.

The post මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 142 දක්වා ඉහළට appeared first on ITN News.

Read More »

කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනයට යළි දැනුම් දෙනතුරු ඇඳිරි නීතිය  

0 comments

කොරෝනා වෛරස ව්‍යාප්තිය සලකන විට ඉහළ අවදානමක් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම බලාත්මකව පවතී.

සෙසු සියළු දිස්ත්‍රික්කවල පනවා ඇති ඇඳිරී නීතිය හෙට, අප්‍රේල් 01 බදාදා උදෑසන 6.00ට ඉවත් කොට දහවල් 2.00ට යළි පනවනු ලැබේ.

The post කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනයට යළි දැනුම් දෙනතුරු ඇඳිරි නීතිය appeared first on ITN News.

Read More »

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 129 දක්වා ඉහළට  

0 comments

මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 07 දෙනෙකු හඳුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

ඒ අනුව නව කොරෝනා වෛරසය වැළදුණු පුද්ගලයින් සංඛ්‍යාව 129 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

The post මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 129 දක්වා ඉහළට appeared first on ITN News.

Read More »

දඹුල්ල නිකවටවන ගම්මානයේ නිවාස 7ක තිස්තුන් දෙනෙකු නිවාස තුළම නිරෝධායනයට  

0 comments

දඹුල්ල නිකවටවන ගම්මානයේ නිවාස 7 ක තිස්තුන් දෙනෙකු නිවාස තුළම නිරෝධායනය කිරීමට කටයුතු කෙරුණා.

මහනුවර අකුරණ ප්‍රදේශයේදී කොරෝනා වෛරසය ආසාදනය වූ බවට හදුනාගත් පුද්ගලයා නිකවටවන ප්‍රදේශයේ අවමංගල්‍ය උත්සවයකට සහභාගි වූ බවට තොරතුරු ලැබී තිබුණා. ඒ අනුවයි එම නිවස ඇතුලු නිවාස 7 ක පුද්ගලයන් මෙසේ නිරෝධායනයට ලක් කිරීමට කටයුතු කළේ. මහජන සෞඛ්‍ය පරික්‍ෂකවරුන් හා දඹුල්ල පොලීසිය එක්ව මෙම නිවාසවලට පැමිණ තොරතුරු විමසුව ද ඔවුන් තොරතුරු ලබා දුන්නේ නැති බවයි වාර්තා වන්නේ.

පොලිස් බුද්ධි අංශය හා මහජන සෞඛ්‍ය පරික්‍ෂකවරුන් සොයාගත් තොරතුරු මත අදාළ පුද්ගලයාගේ ඡායාරූප පෙන්වා ප්‍රශ්න කිරීමේදී ද මෙම පුද්ගලයා පැමිණි බව පිළිගැනීමට අදාළ නිවෙස් හිමියන් කටයුතු කර නැහැ. එහෙත් අවට පදිංචිකරුවන් ප්‍රකාශ කළේ ඔහු මෙම නිවසට පැමිණි බවයි.

ඒ අනුවයි නිවාස 7 ක 33 දෙනෙකු නිරෝධායනයට ලක් කෙරුණේ. කොරෝනා රෝගියෙකු බවට හදුනාගත් අකුරණ පදිංචි පුද්ගලයා අවමංගල්‍ය උත්සවයෙන් පසුව ද අදාළ නිවසට පැමිණ ඇති බවයි මහජන සෞඛ්‍ය පරික්‍ෂකවරුන් කියාසිටියේ.

 

The post දඹුල්ල නිකවටවන ගම්මානයේ නිවාස 7ක තිස්තුන් දෙනෙකු නිවාස තුළම නිරෝධායනයට appeared first on ITN News.

Read More »

ඇඳිරි නීති බලපත‍්‍ර නොමැතිව මාර්ගවල ගමන් ගන්නා පුද්ගලයින් වරෙන්තු නොමැතිව අත්අඩංගුවට  

0 comments

තම සේවා හැදුනුම්පත ඇඳිරි නීති බලපත‍්‍රයක් ලෙස භාවිත කිරීමට අවසර ලබාදී ඇති පුද්ගලයන් සහ වාහන හැර මහා මාර්ග සහ අතුරු මාර්ගවල ගමන් ගන්නා අන් සියලු පුද්ගලයන් වරෙන්තු නොමැතිව අත්අඩංගුවට ගන්නා බව පොලිස් මූලස්ථානය පවසනවා.

නිරොධායන රේගුලාසි සහ අපරාධ නීතිය යටතේ ඔවුන්ට නඩු පැවරීමට කටයුතු කරන බවයි නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මුලස්ථානය සඳහන් කළේ. අධිකරණයෙන් වැරදිකරු වුවහොත් සිරදඬුවමකට සහ දඩයකට ද යටත්වීමට සිදුවනවා.

එලෙස අත්අඩංගුවට ගන්නා වාහන වසංගත තත්වය පහව යන තෙක් රඳවාගන්නා බවයි පොලීසිය ප‍්‍රකාශ කළේ. අත්අඩංගුවට ගන්නා පුද්ගලයන් අවශ්‍යතා මත මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් වෙත හෝ අධිකරණ වෛද්‍ය නිලධාරීන් වෙත ඉදිරිපත් කර වාර්තා ලබාගන්නා බව ද පොලීසිය ජනතාවට දැනුම් දෙනවා.

The post ඇඳිරි නීති බලපත‍්‍ර නොමැතිව මාර්ගවල ගමන් ගන්නා පුද්ගලයින් වරෙන්තු නොමැතිව අත්අඩංගුවට appeared first on ITN News.

Read More »

වීඩියෝ තාක්‍ෂණය යොදා ගනිමින් රෝහල් සායනික සේවා ආරම්භ කිරීමට අවධානය  

0 comments

වීඩියෝ තාක්‍ෂණය යොදා ගනිමින් රෝහල් සායනික සේවා ආරම්භ කිරීමට අවධානය යොමුව තිබෙනවා.

කොරෝනා වසංගතය හමුවේ රෝහල් ප්‍රතිකාර සේවා කඩිනමින් පවත්වා ගෙන යාම සඳහා විවිධ ක්‍රියාමාර්ග කෙරෙහි අවධානය යොමු වුණා. ඒ අනුව වීඩියෝ තාක්‍ෂණය යොදා ගනිමින් රෝහල් සායනික සේවා ක්‍රියාත්ම කිරීමේ නියමු ව්‍යාපෘතියක් රිජ්වේ ආර්යා ළමා රෝහලින් ආරම්භ කෙරුණා.

රෝහල්වල බාහිර රෝගී අංශවලට සෞඛ්‍ය සේවා ලබා ගැනීම සඳහා පැමිණෙන රෝගීන්ට තම නිවසේ සිට වෛද්‍යවරයාගෙන් උපදෙස් ලබා ගැනීමට මේ අනුව හැකියාව උදා වනවා. නවීන තාක්‍ෂණික ක්‍රමවේද වැඩි වශයෙන් වෛද්‍ය සේවාවන් සඳහා යොදාගත යුතු බවයි රිජ්වේ ආර්යා ළමා රෝහලේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන අයුරු නිරික්‍ෂණය කරමින් අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කළේ. විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා මේ පිළිබඳ අමාත්‍යවරිය දැනුවත් කළා.

 

 

The post වීඩියෝ තාක්‍ෂණය යොදා ගනිමින් රෝහල් සායනික සේවා ආරම්භ කිරීමට අවධානය appeared first on ITN News.

Read More »

මහියංගනය රජමහා විහාරස්ථානයෙන් මහනුවර ජාතික රෝහලට වෛද්‍ය උපකරණ තොගයක්  

0 comments

කොරෝනා වෛරසය ව්‍යාප්තියත් සමග රෝහල්වලට වෛද්‍ය උපකරණ මෙන්ම ආරක්ෂිත ඇදුම් ඇතුළු භාණ්ඩ ලබාදීමට බොහෝ පිරිස් කටයුතු කරනවා.

මහනුවර ජාතික රෝහලේ කොරෝනා රෝගීන් සදහා ප්‍රතිකාර සිදුකෙරෙන වාට්ටුව සදහා අවශ්‍ය ඇදන් ඇතුළු උපකරණ ලබාදීමට මහියංගනය රජමහා විහාරස්ථානය කටයුතු කළා. රුපියල් ලක්ෂ 20 කට වැඩි වටිනාකමින් යුත් උපකරණ තොගයකුයි රෝහල වෙත පරිත්‍යාග කෙරුණේ. ඇදන් 15 ක් ශරීර උෂ්ණත්වය මනින් උපකරණ,  අධි රුධිර පීඩනය පරීක්ෂාකරන යන්ත්‍ර එම උපකරණ වලට ඇතුළත්.

අස්ගිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන ස්වාමීන් වහන්සේ විසින් මෙම උපකරණ තොගය මහනුවර රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමන් රත්නායක මහතා වෙත භාරදුන්නා. මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගේ මහතා ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා.

 

 

 

 

The post මහියංගනය රජමහා විහාරස්ථානයෙන් මහනුවර ජාතික රෝහලට වෛද්‍ය උපකරණ තොගයක් appeared first on ITN News.

Read More »

ඇඳිරිනීතිය උල්ලංඝනය කළ තවත් පිරිසක් අත්අඩංගුවට  

0 comments

ඇඳිරිනීතිය උල්ලංඝනය කළ තවත් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ උදෑසන හයේ සිට අද උදෑසන හය දක්වා වූ පැය 24 තුළ මෙසේ අත්අඩංගුවට ගත් සංඛ්‍යාව 508 ක්. වාහන 125 ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. ඒ අනුව පසුගිය 20 වනදා සිට මේ වන තෙක් ඇඳිරිනීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සංඛ්‍යාව හත්දහස් තුන්සිය පනස් අට දක්වා ඉහළ ගියා. අත්අඩංගුවට ගත් මුළු වාහන සංඛ්‍යාව 1768ක්.

 

 

The post ඇඳිරිනීතිය උල්ලංඝනය කළ තවත් පිරිසක් අත්අඩංගුවට appeared first on ITN News.

Read More »

නිරෝධායනයවූ තවත් පිරිසක් අද නිවෙස්වලට  

0 comments

වව්නියාව හා පූනානි මධ්‍යස්ථානවල සාර්ථක ලෙස නිරෝධායනය කළ පුද්ගලයන් 321 දෙනෙකු අද දිනයේ පිටත්ව යාමට නියමිත බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

ආරක්‍ෂක අංශ ලබා දුන් සහාය අතිවිශිෂ්ට බවයි නිරෝධායනය වී යන පිරිස් සඳහන් කළේ.

The post නිරෝධායනයවූ තවත් පිරිසක් අද නිවෙස්වලට appeared first on ITN News.

Read More »

කොරෝනා ආසාදිතයන් විනාඩි 15කදී හදුනාගත හැකි පරීක්ෂණ කට්ටලයක්  

0 comments

කොරෝනා ආසාදිතයන් විනාඩි 15කදී හදුනාගත හැකි ආකාරයේ පරීක්ෂණ කට්ටලයක් ඔස්ටේ‍්‍රලියාව නිෂ්පාදනය කර තිබෙනවා.

එය ඉදිරි සතියේදී පරීක්ෂා කිරීම් සඳහා යොදාගන්නා බවයි එරට රජය පවසන්නේ. පරීක්ෂාවන් වැඩි කිරීම ව්‍යාප්තිය පාලනය සඳහා සුදුසුම ක‍්‍රමවේදයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය ද සඳහන් කළා. නව පරීක්ෂණ කට්ටලය පිළිබද කරුණු පැහැදිලි කළේ ඔස්ටේ‍්‍රලියා ජාතික විශ්වවිද්‍යාලයේ වෛද්‍ය මහාචාර්ය සංජය සේනානායක මහතා විසින්.

ඔහු ශ්‍රී‍්‍ර ලංකා සම්භවයක් සහිත පුද්ගලයෙකු බවයි වාර්තා වන්නේ. මෙය ගර්භනී බව තහවුරු කරගැනීම සඳහා සිදුකෙරෙන පරික්ෂණයට බෙභෙවින් සමාන බව ද ඔහු සඳහන් කළා.

The post කොරෝනා ආසාදිතයන් විනාඩි 15කදී හදුනාගත හැකි පරීක්ෂණ කට්ටලයක් appeared first on ITN News.

Read More »

සායනික බෙහෙත් සහ ඖෂධ වට්ටෝරු නිවසට ගෙන්වා ගැනීමේ ක්‍රමවේදයක්  

0 comments

සායනික බෙහෙත් සහ ඖෂධ වට්ටෝරු නිවසට ගෙන්වා ගැනීමේ ක්‍රමවේදයක් හඳුන්වා දී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රාථමික සහකාර සේවා අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු මහතා පවසනවා.

http://www.health.gov.lk/යන වෙබ් අඩවියට පිවිසීමෙන් ආසන්නතම ඖෂධ බෙදාහැරීමේ සේවාව පිළිබඳ තොරතුරු ලබාගත හැකියි. එම වෙබ් අඩවියේ අදාළ දිස්ත්‍රික්කය , ලිපිනය හෝ ඔසුසලේ නම සටහන් කර ලැබෙන උපදෙස්වලට අනුව ක්‍රියාකළ යුතුයි.

 

 

 

The post සායනික බෙහෙත් සහ ඖෂධ වට්ටෝරු නිවසට ගෙන්වා ගැනීමේ ක්‍රමවේදයක් appeared first on ITN News.

Read More »

කොරෝනා හමුවේ ජන ගැටලු විසඳන්න කාර්ය සාධක බලකාය රට පුරාම මෙහෙයුමට සූදානම්  

0 comments

අත්‍යවශ්‍ය සේවාවන් සඳහා වූ විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකායේ විශේෂ රැස්වීමක් අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. ඒ එම බලකායේ ප්‍රධානි බැසිල් රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.

දැනට රට තුළ ක්‍රියාත්මක අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමේ ක්‍රියාමාර්ග පිළිබඳ පූර්ණ සමාලෝචනයක් මෙහිදී සිදු වූ අතර ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද සවිස්තරාත්මකව කරුණු සාකච්ඡාවට ගැනුණා. මුදල් අතැති අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගැනීමට නොහැකි පුද්ගලයන්ට ආහාර ඇතුලු අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා දීමේ දැනට ක්‍රියාත්මක වැඩසටහන පිළිබඳ පසු විපරමක් මෙහිදී සිදුකෙරුණා.

ඖෂධ සැපයීම පිළිබඳ තැපැල් දෙපාර්තමේන්තුව හා සමගාමීව ආරම්භ කළ නවතම වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමුවුණා.

මුදල් අතේ නොමැති බැංකු තැන්පතුවල මුදල් ඇති පිරිසට එම ගිණුම්වලින් මුදල් ලබා ගැනීමට අවස්ථාව සැලසීමේ ක්‍රමෝපායන් කෙරෙහි ද ජනාධිපති කාර්යා සාධක බලකාය අවධානය යොමු කළා.

සමෘද්ධිලාභීන්ට රුපියල් පන්දහසක දීමනාව ලබා දීමේ ක්‍රියාවලිය හෙට වන විට සම්පූර්ණ කිරීම රජයේ ආධාර දීමනා ලැයිස්තුවට ඇතුළත් නොවු වර්තමාන කොරෝනා ව්‍යසනය හේතුවෙන් රැකියා අහිමි වීම නිසා අසරණව සිටින පවුල් සඳහා සහන සැලසීමේ ක්‍රියාමාර්ග පිළිබඳව ද කරුණු සාකච්ඡා කෙරුණා. දේශීය ආහාර නිෂ්පාදනය ඉහළ නංවා ඉදිරි කන්නය වන විට සහල් , එළවළු, මාළු , කුකුල් මස් වැනි ද්‍රව්‍යවලින් රට ස්වයංපෝෂණය කිරීමේ අවශ්‍යතාව ද මෙහිදි අවධාරණය කෙරුණා. සත්ත්ව ආහාර සැපයීම හා ප්‍රවාහනය යථාවත් කිරීම තුළින් මෙරට සත්ත්ව ගොවිපොළ කර්මාන්තය කඩා නොවැටී පවත්වාගෙන යාමට ක්‍රියාමාර්ග ගැනීම ද අවධානයට ලක්වුණා. පළාත් ආණ්ඩුකාරවරුන් සමඟ ද මෙම රැස්වීමේදී ස්කයිප් තාක්‍ෂණය ඔස්සේ කරුණු සාකච්ඡා කෙරුණා. එහිදී ඒ ඒ දිස්ත්‍රික්වලට බලපාන ගැටලු පිළිබඳවත් ජන සහන ලබා දීම සඳහා විධිමත් යාන්ත්‍රණයක් සකස් කිරීම පිළිබඳවත් අවධානය යොමු කෙරුණා.

 

The post කොරෝනා හමුවේ ජන ගැටලු විසඳන්න කාර්ය සාධක බලකාය රට පුරාම මෙහෙයුමට සූදානම් appeared first on ITN News.

Read More »

කොරෝනා යැයි සැක සහිත පුද්ගලයින්ට තොරතුරු ලබාගැනීමට App එකක්  

0 comments

කොරෝනා වෛරසය ආසාදනය වූ බවට සැක සහිත පුද්ගලයින්ට තොරතුරු ලබාගැනීම සඳහා “මං කිව්වා” නමින් ජංගම දුරකතන මෘදුකාංග යෙදවුමක් ගම්පහ මහ රෝහල හඳුන්වා දී තිබෙනවා.

070 75 77 688 යන දුරකතන අංකයට ඇමතීමෙන් දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සිටින ඕනෑම කෙනෙකුට උපදෙස් ලබාගත හැකියි. ගම්පහ නගර සීමාව තුළ පමණක් සැක සහිත රෝගීන් පරීක්ෂා කිරීමේ කටයුතු විශේෂඥ වෛද්‍යවරයෙකු ප්‍රමුඛ කණ්ඩායමක් මඟින් සිදුකිරීමට පියවර ගෙන ඇති බව  මහාචාර්ය වෛද්‍ය අරුණ මුණසිංහ මහතා ප්‍රකාශ කරනවා.

 

 

The post කොරෝනා යැයි සැක සහිත පුද්ගලයින්ට තොරතුරු ලබාගැනීමට App එකක් appeared first on ITN News.

Read More »

ඉතාලියේ ගතවූ පැය 24 තුළ මරණ 812ක්  

0 comments

මේ වනවිට කොරෝනා වයිරසයෙන් වැඩිම බලපෑමක් එල්ලවී ඇති ඉතාලියේ ගතවූ පැය 24 තුළ මරණ 812 ක් වාර්තා වනවා.

ඒ අනුව වයිරසය ආසාදනයවීමෙන් ඉතාලිය තුළ මියගොස් ඇති සංඛ්‍යාව එකොළොස් දහස් පන්සිය අනූ එකක්. ආසාදිතයින් හැත්තෑ පන්දහස් පන්සිය විසි අට දෙනෙකු තවමත් රෝහල්වල ප‍්‍රතිකාර ලබනවා.

ඉතාලිය වසාදැමීම තවදුරටත් දීර්ඝ කිරීමටයි එරට රජය තීරණය කර තිබෙන්නේ. ඒ පාස්කු දිනය දක්වා. එහෙත් පවතින තත්වය සැලකිල්ලට ගනිමින් එය තවදුරටත් දීර්ඝ විය හැකි බව ද එරට වාර්තා පවසනවා.

යුරෝපය තුළ වයිරසයෙන් වැඩිම බලපෑමකට ලක්ව ඇති දෙවන රට වන්නේ ස්පාඤ්ඤයයි. ස්පාඤ්ඤයෙන් ගතවූ පැය 24 තුළ වාර්තා වන මරණ සංඛ්‍යාව 913 ක්. ප‍්‍රංශයෙන් ද ගතවූ පැය 24 තුළ කොරෝනා ආසාදිත මරණ 418 ක් වාර්තාවී තිබෙනවා.

බි‍්‍රතාන්‍ය තුළ ද කොරෝනා ආසාදනයෙන් සිදුවූ මරණ 1408 ක් වාර්තාවී තිබෙනවා. ඒ ගතවූ පැය 24 තුළ සිදුවූ මරණ 180 ක් ද සමගින්.

The post ඉතාලියේ ගතවූ පැය 24 තුළ මරණ 812ක් appeared first on ITN News.

Read More »

නිව්යෝර්ක් ආණ්ඩුකාරවරයා ආධාර ඉල්ලයි  

0 comments

නිව්යෝර්ක් නගරයට ආධාර ලබාදෙන ලෙස ආණ්ඩුකාරවරයා ඉල්ලීමක් කර තිබෙනවා. ඒ කොරෝනා වයිරසය ආසාදනයවීමෙන් නිව්යෝර්ක් නගරයේ පමණක් මරණ 1200 ක් වාර්තාවීමත් සමඟ.

සියලු රෝහල් ආසාදිතයන්ගෙන් පිරී ගොස් ඇති බවයි ඔහු පවසන්නේ. එවැනි අවස්ථාවක නිව්යෝර්ක් නගරයට තනිව මෙම තත්වය පාලනය කිරීමට නොහැකි බව ද ආණ්ඩුකාරවරයා පෙන්වාදෙනවා.

මේ අතර ඇමරිකා නාවික හමුදාවට අයත් ඇඳන් දහසකින් සමන්විත නෞකා රෝහලක් නිව්යෝර්ක් වරායට ළඟාවී ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ. වයිරසය ආසාදනයවූවන්ට ප‍්‍රතිකාර කිරීම සඳහා එය යොදාගැනීමටයි නියමිත. හෙද සහ අනෙකුත් සෞඛ්‍ය කාර්ය මණ්ඩල කටයුතු සඳහා ඉදිරිපත් වන ස්වෙච්ඡා සේවකයන්ගේ ද සහය ලබාගැනීමටයි නියමිත.

 

The post නිව්යෝර්ක් ආණ්ඩුකාරවරයා ආධාර ඉල්ලයි appeared first on ITN News.

Read More »

කොරෝනා නිසා ආසියා පැසිපික් කලාපයට වැළැක්විය නොහැකි ආර්ථික බලපෑමක්  

0 comments

කොරෝනා වසංගතය හේතුවෙන් ආසියා පැසිපික් කලාපයට වැළැක්විය නොහැකි ආර්ථික බලපෑමක් එල්ල කළ හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවනවා.

වියට්නාමය,  කොලොම්බියාව,  තායිලන්තය යන රටවලට එහි බලපෑම් වැඩි වශයෙන් එල්ල වනු ඇති. මෙම තත්ත්වයට මුහුණ දීම සඳහා ආසියා පැසිපික් කලාපයේ සෞඛ්‍යාරක්‍ෂක,  වෛද්‍ය උපකරණ හා අනෙකුත් පහසුකම් හැකි උපරිමයෙන් වැඩි දියුණු කළ යුතු බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරන්නේ.

The post කොරෝනා නිසා ආසියා පැසිපික් කලාපයට වැළැක්විය නොහැකි ආර්ථික බලපෑමක් appeared first on ITN News.

Read More »

ලොව පුරා කොරෝනා මරණ ගණන 37500 ඉක්මවයි  

0 comments

චීනයෙන් ආරම්භ වූ කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය මේ වන විට ලෝකයේ රටවල් හා ස්වයං පාලන ප්‍රදේශ 200 ක් පුරා පැතිර ගොස් තිබෙනවා.

රෝගීන් සංඛ්‍යාව 785,807ක්. පුද්ගලයන් 37,820ක් ජීවිතක්‍ෂයට පත්වුණා. වෛරසය ආසාදනය වීමෙන් සුවය ලැබූ පිරිස එක්ලක්‍ෂ හැටපන්දහස් හයසිය පනස් නවයක් වනවා.

දැනටමත් ලොව වැඩිම කොරෝනා රෝගීන් සංඛ්‍යාවක් හමුවී ඇත්තේ ඇමෙරිකාවෙන්. කොරෝනා වෛරසය උපරිම තත්ත්වයට පත් වුව ද ඇමෙරිකාව සතුව කෘත්‍රිම ශ්වසන උපකරණ පවතින බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ස් පවසනවා. ඇමෙරිකාවේ තර්ජනාත්මක කාලය ඇත්තේ ඉදිරි දින 30 දී බවයි එරට සෞඛ්‍ය අංශ අවධාරණය කරන්නේ.

කොරෝනාවලින් 2 වන වැඩිම රෝගීන් හා මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඉතාලියෙන්. ඉදිරි සතියේදී ඉතාලියේ කොරෝනා ව්‍යාප්තිය උපරිම අවස්ථාවට පැමිණිය හැකි බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා. එමෙන්ම එරට නගර වසා දැමීම අප්‍රේල් 12 වනදා දක්වා දීර්ඝ කෙරුණා.

සති 3 ක කාලයක සිට ස්පාඤ්ඤය සම්පූර්ණයෙන්ම වසා දමා ඇත්තේ කොරෝනා වෛරසය හේතුවෙන් උද්ගතව ඇති අවදානම් තත්ත්වය හේතුවෙනුයි. එරට නියෝජ්‍ය අමාත්‍යවරයෙකුගේ බිරිඳකට ද වෛරසය ආසාදනය වී තිබෙනවා.

කොරෝනා රෝගීන් වාර්තා වූ රටවල් අතුරින් 4 වන ස්ථානයට වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වුණේ චීනයෙන්. මේ වන විට චීනයේ තත්ත්වය තරමකට පාලනය වුව ද විදේශයන්ගෙන් චීනයට පැමිණ සිටින පිරිස හේතුවෙන් වෛරසය පැතිර යාම යළි වේගවත් වී තිබෙනවා.

කොරෝනා වෛරසයට මුහුණ දීම සඳහා බ්‍රිතාන්‍යයේ නගරවලට පනවා ඇති තහනම තවත් මාස 6 ක් පමණ ක්‍රියාත්මක වනු ඇති බවට එරටින් ලැබෙන නවතම වාර්තා පෙන්වා දෙනවා. වෛරසය ආසාදනය වුවන්ට කෘත්‍රිම ශ්වසනය ලබා දීම සඳහා අවශ්‍ය උපකරණ පහළොස් දහසක් බ්‍රිතාන්‍යය දැනටමත් ඇණවුම් කර තිබෙනවා. ජනතාව නිවෙස්වලම සිටිමින් රජය ලබා දෙන උපදෙස් පිළිපැදීමට ක්‍රියා කළහොත් තම රටේ සෞඛ්‍ය අංශයේ කඩා වැටීම වැළැක්විය නොහැකි බවයි බ්‍රිතාන්‍ය අවධාරණය කරන්නේ.

වෛරසය ආසාදනය වූවන් සාර්ථකව පාලනය කරමින් පවතින රටක් ලෙස දකුණු කොරියාව බොහෝ අංශවල පැසසුමට ලක්ව තිබෙනවා. වෛරසය ආසාදනය වී තිබේ ද නැද්ද යන්න තහවුරු කර ගැනීම සඳහා ඔවුන් සිදු කරන පරික්‍ෂණ ඉතා සාර්ථක බවයි සඳහන් වන්නේ. රජය උපදෙස් දීමටත් පෙරම සියලු දකුණු කොරියා ජාතිකයන් සමාජ දුරස්ථභාවය රඳවා ගත්තා. කඩ සාප්පු වසා දමමින් ජනතාව එක්රැස්වීම පාලනය කර ගැනීමට ඔවුන්ට හැකි වීම ද මෙම සාර්ථකත්වයේ එක් රහසක්.

පුද්ගලයන් දෙදෙනෙකු අතර දුරස්ථභාවය රඳවා ගැනීමට අවශ්‍ය වැඩපිළිවෙළ පිළිබඳ ඕස්ට්‍රේලියා බලධාරීන් මේ වන විට සාකච්ඡා කරමින් සිටිනවා. අත්‍යවශ්‍ය නොවන කටයුතු සඳහා නිවෙස්වලින් පිටවන පුද්ගලයන්ට දඩ නියම කිරීමට නිති සම්පාදනය කෙරෙමින් පවතින බවයි ඕස්ට්‍රේලියා බලධාරීන් පවසන්නේ. අත්‍යවශ්‍ය ආහාර හා ඕෂධ නිවෙස් වෙතම ලබා දීම සඳහා වැඩපිළිවෙළක් ඕස්ට්‍රේලියාව දැන් ක්‍රියාත්මක කර තිබෙනවා.

වෛරසයෙන් ඉන්දියාවේ වැඩිම බලපෑම් එල්ල වී ඇත්තේ මුම්බායි නගරයටයි. එරට වෛද්‍ය ක්ෂේත්‍රයට අදාළ ආයතන සියල්ල කොරෝනා ආසාදනය වූවන්ට ප්‍රතිකාර කරන රෝහල් බවට පරිවර්තනය කිරීමේ කටයුතු මේ වන විට සිදුවෙමින් පවතින බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

 

 

The post ලොව පුරා කොරෝනා මරණ ගණන 37500 ඉක්මවයි appeared first on ITN News.

Read More »

සිරියාවේ පළමු කොරෝනා මරණය වාර්තා වෙයි  

0 comments

කොරෝනා ආසාදනය හේතුවෙන් සිරියාවේ සිදුවූ පළමු මරණය වාර්තා වුණා.

රෝග ලක්ෂණ සහිත කාන්තාවක් රෝහල්ගත කිරීමෙන් පසු මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මේ වනවිට සිරියාවෙන් වාර්තාවී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 9 ක්. එහෙත් එම සංඛ්‍යාව ඊට වඩා විශාල ලෙස වැඩිවිය හැකි බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරන පරිදි සිරියාව තුළ මේ වනවිට රෝහල් වලින් අඩක් පමණ කි‍්‍රයාකාරීව පවතිනවා. ඒවායේ ද පුහුණු කාර්ය මණ්ඩල හිඟයක් පවතින බවයි වාර්තා වන්නේ.

The post සිරියාවේ පළමු කොරෝනා මරණය වාර්තා වෙයි appeared first on ITN News.

Read More »

දකුණු ආසියාතික රටවල සිටින ශ්‍රී‍්‍ර ලාංකිකයන් ගැන විදේශ අමාත්‍යාංශය අවධානයෙන්  

0 comments

දකුණු ආසියාතික රටවල සිටින ශිෂ්‍ය ප‍්‍රජාව ඇතුලු ශ්‍රී‍්‍ර ලාංකික පුරවැසියන්ගේ සුරක්ෂිතතාව පිළිබද අවධානයෙන් පසුවන බව විදේශ සබඳතා අමාත්‍යාංශය පවසනවා.

එම රටවල පිහිටා ඇති ශ්‍රී‍්‍ර ලංකා තානාපති කාර්යාල සමඟ එක්ව අවශ්‍ය කටයුතු සිදුකරන බවයි නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යාංශය සඳහන් කළේ. විදේශයන් හි සිටින ශ්‍රී‍්‍ර ලාංකිකයන්ට මෙරට කොරෝනා වයිරස ව්‍යාප්තිය පාලනය කරන තුරු එම රටවලම රැඳීසිටින ලෙස රජය පසුගියදා ඉල්ලීමක් කළා. මෙරට තුළ වයිසරය ව්‍යාප්තිය පාලනය කළ පසු ඔවුන් නැවත ගෙන්වා ගැනීමට කටයුතු කරන බවට රජය සහතික කර තිබෙනවා.

නවදිල්ලි, චෙන්නායි, මුම්බායි නගරවල සිටින ශ්‍රී‍්‍ර ලාංකිකයන් සම්බන්ධයෙන් මෙන්ම කත්මණ්ඩු, ඉස්ලාමාබාද්, ඩකා, කාබුල් සහ මාලේ යන නගරවල සිටින ශ්‍රී‍්‍ර ලාංකිකයන් සම්බන්ධයෙන් ද විශේෂ අවධානයකින් කටයුතු කරන බවයි විදේශ සබඳතා අමාත්‍යාංශය පවසන්නේ.

The post දකුණු ආසියාතික රටවල සිටින ශ්‍රී‍්‍ර ලාංකිකයන් ගැන විදේශ අමාත්‍යාංශය අවධානයෙන් appeared first on ITN News.

Read More »

ඇඳිරිනීතිය පිළිබඳ නවතම නිවේදනය  

0 comments

Read More »

කොරෝනා ආසාදනයවීමෙන් මීගමුව මහ රෝහලේදී මියගිය පුද්ගලයාගේ නිවසේ සිටි 13 දෙනෙකු නිරෝධායනයට  

0 comments

කොරෝනා ආසාදනයවීමෙන් මීගමුව මහ රෝහලේදී මියගිය පුද්ගලයාගේ නිවසේ සිටි 13 දෙනෙකු නිරෝධායනයට ලක්කර තිබෙනවා.

කුඩා ළමයින් කිහිපදෙනෙකු ද ඊට ඇතුලත් බවයි සෞඛ්‍ය අංශ සඳහන්කළේ. මීගමුව පෝරුතොට ආබ්දීන් මාවත ප‍්‍රදේශයේ ඔහු පදිංචිව සිටි නිවස තුළම පිරිස නිරෝධායනයට ලක්කිරීමට පියවර ගත්තා.

මීට අමතරව මීගමුව වැල්ලවීදිය සහ පෙරියමුල්ල ප‍්‍රදේශවල පෞද්ගලික ඖෂධ සැල් දෙකක වෛද්‍යවරුන් සහ සේවක සේවිකාවන් ද නිරෝධායනය කිරීමට පියවර ගෙන තිබෙනවා. පසුගිය දින කිහිපය තුළ ඔහු සංචාරය කළ ස්ථාන සහ ඇසුරු කළ පුද්ගලයින් සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සොයා බැලීම ද මේ වනවිට සිදුවනවා.

The post කොරෝනා ආසාදනයවීමෙන් මීගමුව මහ රෝහලේදී මියගිය පුද්ගලයාගේ නිවසේ සිටි 13 දෙනෙකු නිරෝධායනයට appeared first on ITN News.

Read More »

කොරෝනා වැළදුණු මෙරට තවත් පුද්ගලයෙක් ජිවිතක්ෂයට  

0 comments

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් සිදු වූ මෙරට දෙවන මරණය අද පස්වරුවේ වාර්තා වී තිබෙනවා.

මීගමුව මහරෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 64 හැවිරිදි රෝගියෙකු මෙලෙස මියගොස් ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරන්නේ.

පෞද්ගලික රෝහලකට අතුලත්ව පසුව මීගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එහි ප්‍රතිකාර ලබමින් සිටියදී රෝගියා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

 

 

 

 

 

The post කොරෝනා වැළදුණු මෙරට තවත් පුද්ගලයෙක් ජිවිතක්ෂයට appeared first on ITN News.

Read More »

ඇඳිරිනීතිය කඩකළ පුද්ගලයින් 6,925 දෙනෙකු අත්අඩංගුවට  

0 comments

ඇඳිරිනීතිය කඩ කළ පුද්ගලයින් 6925 දෙනෙකු මේ දක්වා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද පෙරවරු 06.00 සිට දහවල් 12 දක්වා වූ පැය 06 ක කාලය තුළ ගම්පහ , කොළඹ කලුතර , පුත්තලම , මහනුවර හා යාපනය යන දිස්ත්‍රික්කවලින් ඇඳිරිනීතිය කඩකළ පුද්ගලයින් 75 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා.

ඔවුන් සමඟ වාහන 35 ක්ද පොලිස් භාරයට ගැනුණා. මාර්තු 20 වනදා සවස 06 සිට අද දහවල් 12 දක්වා වූ කාලය තුළ ඇඳිරිනීතිය උල්ලංඝණය කිරීම් හේතුවෙන් අත්අඩංගුවට ගෙන ඇති පිරිස 6925 ක්.රථවාහන 1678 ක්ද  පොලිස් භාරයට ගෙන තිබෙනවා. ඇඳිරිනීතිය කඩකරන්නන්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක බවයි පොලීසිය අවධාරණය කරන්නේ.

 

 

 

The post ඇඳිරිනීතිය කඩකළ පුද්ගලයින් 6,925 දෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.

Read More »

නිව්යෝර්ක් ප්‍රාන්තයේ කොරෝනා මරණ 1,200 ඉක්මවයි  

0 comments

කොරෝනා වෛරසය හේතුවෙන් ඇමෙරිකාවේ නිව්යෝර්ක් ප්‍රාන්තයේ පමණක් මේ වනවිට මරණ 1200 කට වැඩි සංඛ්‍යාවක් සිදුව තිබෙනවා.

ඇමෙරිකාවේ නිව්යෝර් නුවර වරායට ඇමෙරිකා නාවික හමුදාවට අයත් රෝහල් නෞකාව මේ වනවිට පැමිණ තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය වෛද්‍ය කණ්ඩායම් යොමු කිරීමටයි බලධාරීන් පියවර ගෙන තිබෙන්නේ. හදිසි තත්ත්වයකට මුණදීම සඳහා මෙම නෞකාව සූදානම්කර තිබෙනවා. චීනය , ඉතාලිය , ස්පාඤ්ඤය යන රටවලට පසු ඇමෙරිකාව මේ වනවිට වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් මෙන්ම මරණ සංඛ්‍යාවක් වාර්තා වන රට බවට පත්ව තිබෙනවා.

 

 

 

 

The post නිව්යෝර්ක් ප්‍රාන්තයේ කොරෝනා මරණ 1,200 ඉක්මවයි appeared first on ITN News.

Read More »

කොරෝනා ඇමෙරිකාව වනසයි – ලක්ෂ 2 ක් මිය යා හැකි බවටත් වෛද්‍ය අනාවැකි  

0 comments

ලොව කොරෝන ආසාදිතයින් වැඩිම සංඛ්‍යාවක් මේ වන විට ඇමෙරිකාවෙන් සහ යුරෝපයෙන් වාර්තා වනවා.

ඇමෙරිකාවේ කොරෝනා මරණ සංඛ්‍යාව ලක්ෂ දෙක දක්වා ඉහළ යාහැකි බවටයි එරට බෝ වන රෝග පිළිබද විශේෂඥයකු අනතුරු අඟවා ඇත්තේ. CNN පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ මේ වන විට නිව්යෝර්ක් , නිව්ඔලියන්ස්  සහ සෙසු ප්‍රධාන නගර රැසක පවත්නා වෛද්‍ය පහසුකම්  නුදුරේදීම අවසන් වනු ඇති බවයි.

මේ වන විට ඇමෙරිකාවෙන් වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 142735ක්. මරණ සංඛ්‍යාව ද  2489 දක්වා ඉහළ ගොස් තිබෙනවා.තවද ඇමෙරිකාව තුළ මුඛ ආවරණ සහ කෘතීම ශ්වසන අධාරයක හිඟයක් පවතින බවයි  වාර්තා වන්නේ. එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්  චෝදනා කරනනේ රෝහල්වල එම උපකරණ තොග ගබඩා කරගෙන ඇති බවයි. වහාම ඒවා නිදහස් කළ යුතු බවට ද ඔහු නියෝග කර තිබෙනවා.

මේ අතර ඉතාලියේ මුළු ආසාදිත සංඛ්‍යාව ලක්ෂයකට අසාන්න වීමත් සමඟ එරට රජය පනවා ඇති නගර වසා දැමීමේ නියෝගය ජුලි 31 වනදා දක්වා දීර්ඝ කිරීමට පියවර ගත්තා.

මේ වන විට චීනයේ ජනජීවිතය ක්‍රමානුකූලව සාමාන්‍ය අතට පත්වෙමින් පවතින අතර නිශ්පාදන ක්‍රියාවලියේ ඉහළ යාමක්ද වාර්තා වනවා. සාප්පු සංකීර්ණ රැසක් ද සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වනවා.

ප්‍රංශයේ ආසාදිතයින් 40174 ක් වාර්තා වෙද්දි මරණ සංඛ්‍යාව 2606 ත් ලෙස ඉහළ ගොස් තිබෙනවා.

මේ වන විට ලොව පුරා කලාකරුවන් කිහිප දෙනෙකුද වෛසරය ආසාදනය වීම හේතුවෙන් මිය ගොස් තිබෙනවා. ජපානයේ කෙන් සිම්රා හා මෙක්සිකොවේ ඔපෙරා ගායක ජෝන් ප්‍රයිම් ද මෙම පිරිසට ඇතුළත්. කොරෝනා ආසාදිතයන්ට ආධාර පිණිස අරමුදලක් පිහිටුවීමට ලොව සුප්‍රසිද්ධ ගායකයින් කටයුතු කර තිබෙනවා.

මේ අතර පූසෙකුට වෛරසය ආසාදනය වීමේ පුවතක් බෙල්ජියමෙන් වාර්තා වුණා. මේ අනුව සුරතල් සතුන්ටද වෛරසය ආසාදනය වීමේ හැකියාවක් පවතින බවයි පැවසෙන්නේ.

 

The post කොරෝනා ඇමෙරිකාව වනසයි – ලක්ෂ 2 ක් මිය යා හැකි බවටත් වෛද්‍ය අනාවැකි appeared first on ITN News.

Read More »

ඇඳිරිනීතිය පැන වුව ද නිෂ්පාදන ක්‍රියාවලිය අඛණ්ඩව – ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව  

0 comments

ඇඳිරිනීතිය පැන වුව ද සිය නිෂ්පාදන ක්‍රියාවලිය අඛණ්ඩව සිදුකරන බවයි ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව පවසන්නේ.

කොරෝනා මර්දන දේශීය වෛද්‍ය ක්‍රම ජාතික කමිටුවේ නිර්දේශය මත ප්‍රතිශක්ති වර්ධන කසාය චූර්ණයක් මෙන්ම විෂබීජ මර්දන දූමායනයක් ද මෙහිදී නිෂ්පාදනය කෙරෙනවා. ඖෂධ වර්ග ජංගම රථ යොදාගෙන ජනතාව වෙත ලබා දෙන බවයි ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ සභාපති නීතිඥ සාගලා අබේවික්‍රම මහත්මිය සඳහන් කළේ.

The post ඇඳිරිනීතිය පැන වුව ද නිෂ්පාදන ක්‍රියාවලිය අඛණ්ඩව – ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව appeared first on ITN News.

Read More »

ජනතාව වෙත තැපැල් මඟින් ඖෂධ බෙදාදීම ක්‍රම දෙකකට  

0 comments

තැපැල් මඟින්ම ජනතාව වෙත ඖෂධ බෙදාදීමේ වැඩපිළිවෙල නිරීක්ෂණ කිරීම සඳහා අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධණ මහතා තැපැල් දෙපාර්තමේන්තුවේ නිරික්ෂණ චාරිකාවක නිතර වුණා.

ක්‍රම දෙකක් යටතේ ජනතාව වෙත තැපැල් මඟින් ඖෂධ බෙදාදීම සිදු කෙරන බවයි මෙහිදී අමාත්‍යආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ. රජයේ රෝහල්වල බාහිර රෝගීන් අංශයෙන් ප්‍රතිකාර ගන්නා පුද්ගලයන්ට නොමිලේ තැපැලෙන් ඖෂධ ලබා දීම සිදු කෙරෙන අතර ඔසුසල් මඟින් අන්තර්ජාලය ඔස්සේ ඇනවුම් කරන අයටද තැපැල් මඟින් ඔෂධ බෙදා හැරීම සිදු කෙරනවා.

 

The post ජනතාව වෙත තැපැල් මඟින් ඖෂධ බෙදාදීම ක්‍රම දෙකකට appeared first on ITN News.

Read More »

බේරුවල පන්නිල ප්‍රදේශයට පනවා ඇති ඇඳිරිනීති තත්ත්වය දැඩි කෙරේ  

0 comments

බේරුවල පන්නිල ප්‍රදේශයට පනවා ඇති ඇඳිරිනීති තත්ත්වය දැඩිකර තිබෙනවා.

බේරුවල පන්නිල ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයෙකු හමුවීමත් සමඟයි එම ප්‍රදේශයේ ඇඳිරිනීති තත්ත්වය දැඩි කිරීමට පොලීසිය හා සෞඛය අංශ කටයුතු කර ඇත්තේ.

කොරෝනා ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇත්තේ එම ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙක්. රෝගී තත්ත්වය හේතුවෙන් ඔහු කලුතර දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කිරිමෙන් පසු කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු කෙරුණා. ඒ අනුව එම පුද්ගලයා අයිඩිඑච් රෝහලට මාරුකර යවා ඇති බවයි වාර්තාකරුවන් සඳහන් කළේ. ඔහුගේ පවුලේ සාමාජිකයන් නිවස තුළම නිරෝධායනයට ලක්කර තිබෙනවා.

 

 

 

The post බේරුවල පන්නිල ප්‍රදේශයට පනවා ඇති ඇඳිරිනීති තත්ත්වය දැඩි කෙරේ appeared first on ITN News.

Read More »

උසස්පෙළ විභාගය කල්දමන බවට ඇතැම් සමාජ මාධ්‍ය ගෙන යන ප්‍රචාර අසත්‍යයි  

0 comments

ලබන අගෝස්තු මාසයේදී පැවැත්වීමට නියමිත උසස්පෙළ විභාගය කල් දමන බවට ඇතැම් සමාජ මාධ්‍ය ගෙන යන ප්‍රචාර අසත්‍ය බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරනවා.

විභාගය සම්බන්ධයෙන් එවැනි කිසිඳු තීරණයක් ගෙන නොමැති බව අධ්‍යාපන අමාත්‍යාංශ අවධාරණය කර සිටිනවා. රජය නිකුත් කරන නිල ප්‍රකාශ හා පුවත් කෙරෙහි විශ්වාසය තබන ලෙසයි එම අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

The post උසස්පෙළ විභාගය කල්දමන බවට ඇතැම් සමාජ මාධ්‍ය ගෙන යන ප්‍රචාර අසත්‍යයි appeared first on ITN News.

Read More »

ස්පාඤ්ඤයේ කොරෝනා ආසාදිතයන් 80,000 ඉක්මවයි  

0 comments

ස්පාඤ්ඤයේ කොරෝනා ආසාදිතවන් සංඛ්‍යාව 80,000 ඉක්මවන අතර ගත වූ පැය 24 තුළ ආසාදිතයින් 6875 ක් වාර්තා වුණා.

එරට වාර්තාවලට අනුව මරණ සංඛ්‍යාව 821 ක්.

මහා බ්‍රිතාන්‍යයේ ස්වේච්ඡාවෙන් සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයින් 20000 නැවත සේවය සදහා වාර්තා කිරීම එරට ජනතාවගේ පැසසුමට හේතුවුණා.

මේ වන විට ආසාදිත තත්ත්වයේ පසුවන බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය මහතාද ට්විටර් සමාජ මාධ්‍ය ජාලා හරහා ඔහුගේ ස්තුතිය පල කර තිබෙනවා.

The post ස්පාඤ්ඤයේ කොරෝනා ආසාදිතයන් 80,000 ඉක්මවයි appeared first on ITN News.

Read More »

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අප්‍රේල් මස 30 වනදාට පෙර  

0 comments

පසුගිය  සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අප්‍රේල් මස 30 වනදාට පෙර ලබාදීමට සියලු කටයුතු සූදානම් බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

විභාග ප්‍රතිඵල නිකුත් කිරීම සඳහා විභාග දෙපාර්තමේන්තුව අවශ්‍ය කටයුතු සියල්ල මේ වන විට සම්පාදනය කරමින් සිටින බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

 

 

The post සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අප්‍රේල් මස 30 වනදාට පෙර appeared first on ITN News.

Read More »

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 120 දක්වා ඉහළට  

0 comments

මෙරටින් හමුවූ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව මේ වන විට 120 දක්වා ඉහළ ගොස් ඇති බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.ඒ තවත් කොරෝනා රෝගීන් 3 දෙනෙකු හඳුනාගැනීමත් සමඟයි.

රෝහල්ගතව තවදුරටත් රෝගීන් 108 දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටිනවා. ප්‍රතිකාර ලබමින් සිටි තවත් රෝගීන් දෙදෙනෙකු ඊයේ දිනයේදී සුවය ලබා පිටව ගිය අතර ඒ අනුව මේ දක්වා සුවය ලැබූ රෝගීන්ගේ සංඛ්‍යාව 11ක්. ඊට චීන ජාතික කාන්තාව ද ඇතුළත්. වෛරසය ආසාදනය වී ඇතැයි සැක පිට වෛද්‍ය අධීක්‍ෂණය යටතේ 199 දෙනෙකු රෝහල්ගතව සිටි අතර ඉන් අසූ දෙදෙනෙකු අද පිටව යාමට නියමිත බවයි පැවසෙන්නේ.

මේ අතර බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේ ඥාති නිවසක දින කිහිපයක් ගතකර බලපිටිය ප්‍රදේශයට යළි පැමිණ සිටි බැංකු සේවකයෙකු නිරෝධායනයට ලක් කිරීමට මහජන සෞඛ්‍ය පරික්‍ෂකවරුන් පියවර ගත්තා. ඔහු තම සේවා ස්ථානය වූ බලපිටිය ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවකට ද පසුගිය 26 වනදා පැමිණ ඇති බව හෙළිවීමෙන් පසු එම පරිශ්‍රය විෂබීජහරණය කිරීමට ද කටයුතු කෙරුණා.

පුත්තලම සහිරා විද්‍යාලයේදී පුද්ගලයන් 30 දෙනෙකු නිරෝධායනයට ලක් කිරීමට මහජන සෞඛ්‍ය පරික්‍ෂකවරුන් කටයුතු කළා. කොරෝනා ආසාදිතයෙකු හමුවිමෙන් අනතුරුව මෙම පියවර ගත් අතර ඔහු අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනය වෙත මාරු කිරිමට කටයුතු කෙරුණා. පුත්තලම කඩුමයාකුලම් ප්‍රදේශයේ මාර්ග 3 ක් වසා දමා ඇති අතර පුද්ගලයන්ට එම මාර්ග ඔස්සේ ඇතුලුවීම හා පිටවිම සම්පූර්ණයෙන්ම තහනම් කර තිබෙනවා.

ඉන්දියාවේ සිටින ශ්‍රී ලාංකික සිසුන් 700ක පමණ පිරිසෙන් 475 දෙනෙකු නවදිල්ලියේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ලියාපදිංචි වී තිබෙනවා.එම සිසුන්ගේ දත්ත එක්රැස් කිරීම වෙනුවෙන් එම කාර්යාලය විශේෂ වැඩසටහනක් ක්‍රියාවට නංවා ඇති බවයි නවදිල්ලි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාල නිලධාරීන් පවසන්නේ.

මේ අතර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාල පරිශ්‍රය ද විෂබීජහරණයට ලක් කිරීමට කටයුතු කෙරුණා. පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ පූර්ණ දායකත්වය මතයි එම කටයුතු සිදුවුණේ.

The post මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 120 දක්වා ඉහළට appeared first on ITN News.

Read More »

පළාත් 06කට අද පස්වරුවේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි  

0 comments

පළාත් 06කට අද පස්වරුවේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

සබරගමුව , බස්නාහිර , වයඹ , මධ්‍යම , ඌව හා  දකුණු පළාත්වල තැනින් තැන මෙසේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

ගාල්ල , රත්නපුර හා මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීට 50 ඉක්ම වූ වැසි තද වැසි ඇති විය හැකියි. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවද  එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙනවා.

 

 

 

The post පළාත් 06කට අද පස්වරුවේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි appeared first on ITN News.

Read More »

Recent News

Gossip Lanka MAG