Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොරෝනා හමුවේ ජන ගැටලු විසඳන්න කාර්ය සාධක බලකාය රට පුරාම මෙහෙයුමට සූදානම්  

Add comments

අත්‍යවශ්‍ය සේවාවන් සඳහා වූ විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකායේ විශේෂ රැස්වීමක් අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. ඒ එම බලකායේ ප්‍රධානි බැසිල් රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.

දැනට රට තුළ ක්‍රියාත්මක අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමේ ක්‍රියාමාර්ග පිළිබඳ පූර්ණ සමාලෝචනයක් මෙහිදී සිදු වූ අතර ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද සවිස්තරාත්මකව කරුණු සාකච්ඡාවට ගැනුණා. මුදල් අතැති අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගැනීමට නොහැකි පුද්ගලයන්ට ආහාර ඇතුලු අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා දීමේ දැනට ක්‍රියාත්මක වැඩසටහන පිළිබඳ පසු විපරමක් මෙහිදී සිදුකෙරුණා.

ඖෂධ සැපයීම පිළිබඳ තැපැල් දෙපාර්තමේන්තුව හා සමගාමීව ආරම්භ කළ නවතම වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමුවුණා.

මුදල් අතේ නොමැති බැංකු තැන්පතුවල මුදල් ඇති පිරිසට එම ගිණුම්වලින් මුදල් ලබා ගැනීමට අවස්ථාව සැලසීමේ ක්‍රමෝපායන් කෙරෙහි ද ජනාධිපති කාර්යා සාධක බලකාය අවධානය යොමු කළා.

සමෘද්ධිලාභීන්ට රුපියල් පන්දහසක දීමනාව ලබා දීමේ ක්‍රියාවලිය හෙට වන විට සම්පූර්ණ කිරීම රජයේ ආධාර දීමනා ලැයිස්තුවට ඇතුළත් නොවු වර්තමාන කොරෝනා ව්‍යසනය හේතුවෙන් රැකියා අහිමි වීම නිසා අසරණව සිටින පවුල් සඳහා සහන සැලසීමේ ක්‍රියාමාර්ග පිළිබඳව ද කරුණු සාකච්ඡා කෙරුණා. දේශීය ආහාර නිෂ්පාදනය ඉහළ නංවා ඉදිරි කන්නය වන විට සහල් , එළවළු, මාළු , කුකුල් මස් වැනි ද්‍රව්‍යවලින් රට ස්වයංපෝෂණය කිරීමේ අවශ්‍යතාව ද මෙහිදි අවධාරණය කෙරුණා. සත්ත්ව ආහාර සැපයීම හා ප්‍රවාහනය යථාවත් කිරීම තුළින් මෙරට සත්ත්ව ගොවිපොළ කර්මාන්තය කඩා නොවැටී පවත්වාගෙන යාමට ක්‍රියාමාර්ග ගැනීම ද අවධානයට ලක්වුණා. පළාත් ආණ්ඩුකාරවරුන් සමඟ ද මෙම රැස්වීමේදී ස්කයිප් තාක්‍ෂණය ඔස්සේ කරුණු සාකච්ඡා කෙරුණා. එහිදී ඒ ඒ දිස්ත්‍රික්වලට බලපාන ගැටලු පිළිබඳවත් ජන සහන ලබා දීම සඳහා විධිමත් යාන්ත්‍රණයක් සකස් කිරීම පිළිබඳවත් අවධානය යොමු කෙරුණා.

 

The post කොරෝනා හමුවේ ජන ගැටලු විසඳන්න කාර්ය සාධක බලකාය රට පුරාම මෙහෙයුමට සූදානම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG