Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කැනඩාවේ සංචාරකයන් සඳහා පනවා තිබූ සීමා දීර්ඝ කෙරේ  

0 comments

සංචාරකයන් සඳහා පනවා තිබූ සීමා දීර්ඝ කිරිමට කැනඩාව තීරණය කළා.

ඒ මේ මස අවසන් වන තුරු. රටට පැමිණෙන කැනඩා ජාතිකයන්ටද ස්වයං නිරෝධායනය අනිවාර්ය කර තිබෙනවා.

නව්‍ය කොරෝනා වයිරස ව්‍යාප්තිය හේතුවෙන් එල්ල වන බලපැම් අවම කිරිමයි අපේක්ෂාව. සෞඛ්‍ය නිර්දේශ නියමිත පරිදි කි‍්‍රයාත්මක කරන බවත් බළධාරින් සදහන් කළා.

The post කැනඩාවේ සංචාරකයන් සඳහා පනවා තිබූ සීමා දීර්ඝ කෙරේ appeared first on ITN News.

Read More »

ඉරානයේ පිපිරීමකින් 19 දෙනෙකු ජීවිතක්ෂයට  

0 comments

ඉරානයේ පිපිරීමකින් දහනව දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ගෑස් කාන්දුවක් හේතුවෙන් පිපිරීම සිදුව ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ. මියගිය පිරිස අතර බහුතරයක් කාන්තාවන් බවද වාර්තා වනවා. අනාරක්ෂිත ස්ථානවල ගෑස් කාන්දුවීම් හේතුවෙන් මෙලෙස මියයන පිරිස් ඉරානයෙන් වාර්තා වනවා. මියගිය පිරිස තවදුරටත් ඉහළ යා හැකි බවයි වාර්තා වන්නේ.

 

 

 

The post ඉරානයේ පිපිරීමකින් 19 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

Read More »

ගංවතුර සහ නායයාම් හේතුවෙන් චීනයේ ප්‍රදේශ ගණනාවකට දැඩි බලපෑම්  

0 comments

ගංවතුර සහ නායයාම් හේතුවෙන් චීනයේ ප්‍රදේශ ගණනාවකට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.

දින ගණනක් පුරා පැවති වර්ෂාවත් සමඟ හටගත් ගංවතුර හේතුවෙන් ඇති වූ නායයෑම්වලින් දැඩි අලාභහානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ. යුනාන් පළාතේ පාසලක අඩි 60 ක් පමණ උස තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් දහසකට වැඩි පිරිසක් එම ප්‍රදේශයෙන් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට පියවර ගැනුණා. එම පළාත ආශ්‍රිත සංරක්ෂිත කලාපයක් මුළුමනින්ම ජලයෙන් යට වී ඇති බවද වාර්තා වනවා.

 

 

The post ගංවතුර සහ නායයාම් හේතුවෙන් චීනයේ ප්‍රදේශ ගණනාවකට දැඩි බලපෑම් appeared first on ITN News.

Read More »

ඉරානයට පනවා ඇති සම්බාධක දීර්ඝ කරන බව ඇමරිකාව කියයි  

0 comments

ඉරානයට පනවා ඇති සම්බාධක වැඩිකරන බව ඇමරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ සදහන් කළා.

ඒ සම්බන්ධයෙන් ඔහු ජගත් ආරක්ෂක මණ්ඩලයටද කරුණු ඉදිරිපත් කර තිබෙනවා. මේ වන විට පනවා ඇති සම්බාධක අවසන් වීමට නියමිතව තිබෙන්නේ ඔක්තෝම්බර් මාසයේදී. එය තවදුරටත් දීර්ඝ කිරිමයි අපේක්ෂාව. යෝජනාවක් සකස් කිරිම සදහා කි‍්‍රයාමාර්ග ගත යුතු බවයි ඇමරිකාව සදහන් කලේ.

කෙසේවෙතත් ඔවුන්ගේ මෙම තීරණයට දැනටමත් රුසියාව සහ චීනය විරෝධතාව පළකර තිබෙනවා. ඒ අනුව ආරක්ෂක මණ්ඩල රැස්වීමේදී නිශේධ බලය යොදා ගනු ඇති බවයි විචාරකයන් සදහන් කළේ.

පසුගියදා ඇමරිකා ජනාධිපතිවරයාව අත්අඩංගුවට ගැනීම සදහා ඉරානය වරෙන්තුවක් ද නිකුත් කළා. ඊට සහය ලබාදෙන ලෙසට ඔවුන් ජාත්‍යන්තර පොලිසියෙන්ද ඉල්ලීමක් කර තිබෙනවා.

The post ඉරානයට පනවා ඇති සම්බාධක දීර්ඝ කරන බව ඇමරිකාව කියයි appeared first on ITN News.

Read More »

හොංකොං ජනතාවට චීනය අනතුරු අඟවයි  

0 comments

හොංකොං ජනතාව චීනය පනවන ලද නීතිවලට යටත් නොවන්නේ නම් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලැබිය හැකි බවට චීනය අනතුරු අඟවනවා.

හොංකොං රාජ්‍යයේ පවතින අර්බුදකාරී තත්ත්වය මැඩපැවැත්වීම සඳහා චීනය නව නීති මාලාවක් හඳුන්වා දෙනු ලැබුවා. එය කඩ කරන්නන් හට මෙසේ ජීවිතාන්තය තෙක් සිරදඬුවම් ලැබිය හැකි බවටයි චීනය ඊයේ නිවේදනය කළේ. 1997 වසරේ බ්‍රිතාන්‍ය පාලනයෙන් අනතුරුව හොංකොං රාජ්‍යයේ පාලනය චීනය සතු වුණා. නමුත් තමන් ස්වාධීන රාජ්‍යයක් බවට ප්‍රකාශ කරමින් හොංකොං ජනතාව උද්ඝෝෂනයේ නිරතවීම මෙම නීති පැනවීමට හේතුවයි.

 

 

 

The post හොංකොං ජනතාවට චීනය අනතුරු අඟවයි appeared first on ITN News.

Read More »

නව නිපැයුම්කරුවන් ව්‍යාපාරික ප්‍රජාවට හදුන්වාදීමේ තුන්වන අදියර ඇරඹෙයි  

0 comments

නව නිපැයුම්කරුවන්ගේ කොමිසම සහ ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සහයෝගීතා මෙහෙයුමක් ලෙස ක්‍රියාත්මක කෙරෙන නව නිපැයුම්කරුවන්, ව්‍යාපාරික ප්‍රජාවට හදුන්වාදීමේ තුන්වන අදියර හුණුපිටිය ගංගාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී අද (01) ආරම්භ වුණා.

The post නව නිපැයුම්කරුවන් ව්‍යාපාරික ප්‍රජාවට හදුන්වාදීමේ තුන්වන අදියර ඇරඹෙයි appeared first on ITN News.

Read More »

මුඛ ආවරණ පැළඳ නොසිටි පුද්ගලයන් 162ක් ස්වයං නිරෝධායනයට  

0 comments

මුඛ ආවරණ පැළඳ නොසිටි පුද්ගලයන් එකසිය හැට දෙදෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා.

තවත් 905 දෙනෙකුට අවාවාද කර මුදා හැර ඇති බවයි පොලිසිය සදහන් කලේ. පසුගිය පැය 24 තු ළ මෙ මෙහෙයුම සිදුකර තිබෙනවා.

මේ අතර මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි වලට සැකකරුවන් හාරසිය දෙදෙනෙක් බස්නාහිර පළාත තුළ සිදුකළ මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.

The post මුඛ ආවරණ පැළඳ නොසිටි පුද්ගලයන් 162ක් ස්වයං නිරෝධායනයට appeared first on ITN News.

Read More »

රනිල්, චන්ද්‍රිකා, චම්පික සිදුකළ දේශපාලන පළිගැනීම් සුහද ගම්ලත් හෙළිකරයි  

0 comments

පසුගිය යහපාලන සමයේදී යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම දේශපාලනීකරණයට ලක්ව තිබූ බව හිටපු සොලිසිටර් ජෙනරාල් සුහද ගම්ලත් මහතා පවසනවා.

දේශපාලන පළිගැනීම් පිළිබද සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමිනුයි ඔහු මේ බව පැවසුවේ.

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක හිටපු නාවික හමුදාපති අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න, අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් ඩිල්රුක්ෂි ඩයස් වික‍්‍රමසිංහ, ශී‍්‍ර ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති උපුල් ජයසූරිය යන අය ඇතුළු වගඋත්තරකරුවන් පිරිසක් කොමිසම හමුවේ අද (30) පෙනී සිටියා.

ඇවන්ට්ගාඞ් සමාගමට අයත් එම්.වී මහනුවර නැව සම්බන්ධයෙන් සාක්ෂි ලබාදෙමින් සුහද ගම්ලත් මහතා කියා සිටියේ ඒ පිළිබඳව අරලියගහ මන්දිරයේදී හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සමඟ කිහිප විටකදීම සාකච්ඡා පවත්වා ඇති බවයි. නිශ්ශංඛ සේනාධිපති මහතාගේ ගුවන් ගමන් බලපත‍්‍රය රදවා තබා ගැනීමෙන් ඔහුගේ මානව හිමිකම් කඩවිය හැකි බවට තමා දැනුම් දුන් බවද සුහද ගම්ලත් මහතා පැවසුවා.

හිටපු ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සමඟද මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බවයි සාක්ෂිකරු පැවසුවේ. රනිල් වික‍්‍රමසිංහ මහතා මෙන්ම චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ද මේ ආකාරයෙන්ම රාජ්‍ය නිලධාරීන් කැඳවා විභාග වන නඩු සම්බන්ධයෙන් විමසා ඇති බවත් මෙය මුළුමනින්ම වැරදි පූර්වාදර්ශයක් බවත් සාක්ෂිකරු කොමිසම හමුවේ ප‍්‍රකාශ කළා.

රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී ඇවන්ට්ගාඞ් නඩුව පිළිබඳව විමසුවා. එහිදී පාඨලී චම්පික රණවක හිටපු ඇමතිවරයා නිශ්ශංඛ සේනාධිපතිට රට යන්න නිලධාරියෙකු අවසර දී ඇති බවත් ඔහුගේ වැඩ තහනම් කළ යුතු බවත් මේසයට ගසමින් ප‍්‍රකාශ කළ බව ද සාක්ෂිකරු සඳහන් කළා.

ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව සාක්ෂි ඇත්නම් ඔහු අත්අඩංගුවට ගන්නා ලෙසද පාඨලී චම්පික මහතා තමාට කියා සිටි බවයි සාක්ෂිකරු ප‍්‍රකාශ කළේ.

The post රනිල්, චන්ද්‍රිකා, චම්පික සිදුකළ දේශපාලන පළිගැනීම් සුහද ගම්ලත් හෙළිකරයි appeared first on ITN News.

Read More »

පොට්ට කපිලගේ අවි පත්තුවෙන්න ගියේ කාටද?  

0 comments

හෝමාගම පිටිපන ප්‍රදේශයේදී ඊයේ (29) සොයාගත් අවි ආයුධ තොගය සගවා තිබුණේ අපරාධ කල්ලි කණ්ඩායමකට ප්‍රහාරයක් එල්ල කිරීම සදහා දැයි වන සැකය මත අංශ ගණනාවක් ඔස්සේ පරික්ෂණ සිදු වන බව පොලීසිය පවසනවා.

අපරාධ කල්ලිවලට අයත් වැඩිම අවි ආයුධ තොගයක් එකම ස්ථානයකදී සොයා ගත් පළමු අවස්ථාව ද මෙයයි.

බස්නාහිර සහ දකුණු පළාත්වල ක්‍රියාත්මක සංවිධානාත්මක අපරාධ කල්ලි වැටලීමේ මෙහෙයුමේදී මඩපානේ කපිල කුමාර හෙවත් පොට්ට කපිල නමැති අපරාධකල්ලි සාමාජිකයා අත්අඩංගුවට ගත්තා. ඔහුගෙන් කළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලදීයී හෝමාගම පිටිපන ප්‍රදේශයේ  වෙළදසලේ සගවා තිබූ  ටී 56 ගිනි අවි තොගය සොයාගනු ලැබුවේ. පොට්ට කපිල නැමැත්තා පොලීසිය ප්‍රකාශ කර ඇත්තේ තමාට ලැබුණු දුරකතන ඇමතුමකට අනුව හෝමාගම කිරිබේරිය කැලේ  ප්‍රදේශයේ සිට  මෙම ආයුද රැගෙන විත් අදාළ වෙළසැලේ සඟවා තැබූ බවයි.

මෙම අවිතොගය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාරත්මේන්තු අංශ ගණනාවක් ඔස්සේ පරික්ෂණ සිදු කරනවා. සියලු අවි ක්‍රියාකාරී තත්ත්වයේ තිබූ  බව ද පොලීසිය පවසනවා. අපරාධ ගණනාවකට සම්බන්ධව සොයා ගැනීමට නොහැකි වූ සහ ආරක්ෂක අංශවලින් අස්ථානගත වූ අවි මෙහි තිබුණේද යන්න පිලිබද පරික්ෂණ ක්‍රියාත්මකයිත මෙවැනි අවිතොගයක් එකම ස්ථානයක ඒකරාශී කිරීමේ සබදතා ජාලය පිලිබද තොරතුරු හෙළි වෙමින් පවතිනවා.

2018 වසරේ ජුනි 22 වනදා මාතර ප්‍රදේශයේ රන් ආභරණ වෙළදසැලක සිදු වූ  කොල්ලකෑමේ සිද්ධියට‍ කොස්ගොඩ තාරක නැමැති අපරාධකල්ලි සාමාජිකයාට චෝදනා එල්ල වුණා. මෙම අපරාධවලට සම්බන්ධ  බව කියන කණ්ඩායම අවිතොගය හෝමාගම ප්‍රදේශයේ සගවා තබන්ට ඇති බවට වන සැකය මත පරික්ෂණ සිදු කෙරෙන බවයි වාර්තා වන්නේ.

අපරාධකල්ලි ක්‍රියාකාරකම් මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු අපරාධ මැඩලීම සදහා රටපුරා විශේෂ මෙහෙයුම් මේ වන විටත් ක්‍රියාත්මක කෙරෙනවා. ඒ අනුව පසුගිය කාලය තුළ සිදු වූ අපරාධ ගණනාවකට සම්බන්ධ පිරිසට එරෙහිව නීතිය ක්‍රියාත්මක හැකි වී තිබෙනවා.

 

 

The post පොට්ට කපිලගේ අවි පත්තුවෙන්න ගියේ කාටද? appeared first on ITN News.

Read More »

පොලිසියට අල්ලස් දීමට තැත්කළ දෙදෙනෙක් අත්අඩංගුවට ගැනේ  

0 comments

පොලිසියට අල්ලස් ලබාදීමට උත්සහ කළ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නොච්චියාගම පොලිස් වසමේදී යතුරු පැදියකින් ගංජා ප‍්‍රවාහනය කළ පුද්ගලයෙක් පිලිබදව පොලිසියට තොරතුරක් ලැබුණා. එහිදී සිදුකළ වැටලීමේදී ගංජා සමග ඔහු පොලිස් භාරයට ගෙන තිබෙනවා. එම පුද්ගලයා නිදහස් කරන ලෙස පවසා රුපියල් තුන් ලක්ෂ හැත්තෑ පන්දහසක මුදලක් ලබාදීමටයි සැකකරුවන් කටයුතු කර තිබෙන්නේ.

ඔවුන්ව තඹුත්තේගම මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිසිය සදහන් කළා.

මේ අතර කප්පම් ලබාගැනීමට තැත්කළ සැකකරුවන් තුන්දෙනෙක් ද ජීව අත් බොම්බයක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ මීගමුව නගරයේදී. දුරකතන ඇමතුවක් ලබාදී වෙළදසැලකින් ඔවුන් රුපියල් විසි පන්දහසක කප්පම් මුදල් ඉල්ලා ඇති බවයි පොලිසිය පවසන්නේ.

The post පොලිසියට අල්ලස් දීමට තැත්කළ දෙදෙනෙක් අත්අඩංගුවට ගැනේ appeared first on ITN News.

Read More »

රාජ්‍ය මාධ්‍ය ආයතන ගැන සතුටුයි – ඡන්ද ප්‍රතිඵල නිකුත් කරන වෙලාව?  

0 comments

ජුලි මස 13, 14, 15, 16, 17 යන දිනයන්හි  තැපැල් ඡන්ද ලකුණු කිරිමට අවස්ථාව හිමි වන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද ප්‍රකාශ කළා.

එදිනට ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකිවන තැපැල් ඡන්ද දායකයන්ට ලබන 20, 21 යන දිනයන්හි දිස්‍ත්‍රික් ලේකම්කාර්යාලවලදී ඡන්දය භාවිතා කළ හැකි බවයි මහින්ද දේශප්‍රිය මහතා පවසන්නේ. ඡන්දය භාවිතයේදී මතුවන ගැටළු පිලිබදවද මහින්ද දේශප්‍රිය මහතා මෙම මාධ්‍ය හමුවේදී කරුණු පැහැදිලි කළා.මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමගද මහින්ද දේශප්‍රිය මහතා අද පෙරවරුවේ සාකච්ඡාවක් පැවැත්වුවා.

මැතිවරණ මාර්ගෝපදේශ පිලිබදවද අදහස් පල කළකොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා වැඩිදුරටත් කියා සිටියේ මැතිවරණය නීති උල්ලංඝණය කළහොත් දැඩි ක්‍රියා මාර්ග ගන්නා බවයි.

මැතිවරණ සමයේ මාධ්‍ය භාවිතයේදී ස්වාධීන රූපවාහිනිය ඇතුළු අනෙකුත් රාජ්‍ය මාධ්‍ය ආයතනය ක්‍රියාකාරීත්වය පිලිබද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා අගය කළා. ඡන්ද ගණන් කිරීම සහ ප්‍රතිඵල නිකුත් කිරීම ගැනද මෙම මාධ්‍ය හමුවේදී මහින්ද දේශප්‍රිය මහතා කරුණු හෙළි කළේ මෙලෙසින්.

 

 

 

 

 

 

 

The post රාජ්‍ය මාධ්‍ය ආයතන ගැන සතුටුයි – ඡන්ද ප්‍රතිඵල නිකුත් කරන වෙලාව? appeared first on ITN News.

Read More »

මෙරට කොරෝනා රෝගීන් සංඛ්‍යාව 2047 දක්වා ඉහළට  

0 comments

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට 2047 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

The post මෙරට කොරෝනා රෝගීන් සංඛ්‍යාව 2047 දක්වා ඉහළට appeared first on ITN News.

Read More »

ලෝක සෞඛ්‍ය සංවිධානයේ කණ්ඩායමක් චීනයට  

0 comments

කෝවිඩ් 19 ගෝලීය වසංගතයේ මූලාරම්භය පිලිබඳ විමර්ශනය කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ කණ්ඩායමක් ඉදිරි සතියේ චීනය බලා යන බව එම සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ඇඩනොම් ග්‍රේබ්‍රියේසස් පවසනවා.

ජිනීවා නුවර පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළා. වෛරසයේ ආරම්භ ඇතුළු ඒ පිලිබඳ සියලු තොරතුරු දැන ගැනීමෙන් ඊට එරෙහිව හොදින් සටන් කිරීමට හැකියාව ලැබෙන බවයි ඔහු පවසන්නේ.  කෝවිඩ් 19 වෛරසය චීනයේ වූහාන් නගරයේ පර්යේෂණාගාරයකින් නික්මී ඇති බවට ඇමෙරිකාව චෝදනා කළා. කෙසේ නමුත් චීනය එය ප්‍රතික්ෂේප කරන අතර වෛද්‍ය විශේෂඥයන් පෙන්වා දෙන්නේ වෛරසයේ ස්වභාවය අනුව එය එළෙස නිර්මාණය කරන ලද්දක් නොවන බවයි.

 

 

 

The post ලෝක සෞඛ්‍ය සංවිධානයේ කණ්ඩායමක් චීනයට appeared first on ITN News.

Read More »

ඇවන්ට්ගාඩ් නඩුවේ විත්තිය මතුකළ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කෙරේ  

0 comments

ඇවන්ට්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති ඇතුළු විත්තිකරුවන් 8 දෙනෙකුට එරෙහි නඩුවේ ඇතැම් චෝදනා ගොනු කර ඇති ආකාරය නීති විරෝධී බව සඳහන් කරමින් විත්තිය මතුකළ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කෙරුණා.

කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලයි මෙම විරෝධතා ප්‍රතික්ෂේප කළේ. ගාලුවරාය ආසන්න මුහුදේ පාවෙන  අවි ගබඩාවක් පවත්වාගෙන ගිය බවටයි විත්තිකරුවන්ට චෝදනා එල්ලවී ඇත්තේ. නඩුවේ සාක්ෂි විභාගය සැප්තැම්බර් මස 2 වනදා ආරම්භ කරන බව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියම කළා. කෙසේ වෙතත් නඩුවේ ඉදිරි කටයුතු සලකා බැලීම සදහා ජූලි මස 30 වනදා එය යළි කැදවන ලෙස ද නියම කෙරුණා.

මෙම නඩුවේ පළමු සාක්ෂිකරු වන රියර් අද්මිරාල් නිලන්ත හීනටිගල මහතාට එරෙහිව විත්තිකරුවෙකු වැඩබලන පොලිස්පතිවරයාට පැමිණිල්ලක් සිදුකර ඇති බව රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥවරයා සදහන් කළා. එම සාක්ෂිකරු දේශපාලන පළිගැනීම් පිළිබද සොයා බැලීමේ ජනාධිපති කොමිසම හමුවේ වග උත්තරකරුවෙකු ලෙස නම්කර ඇති බවද ඔහු පැවසුවා.

මෙම ත්ත්ත්වය නඩුවේ ඉදිරි කටයුතුවලට බලපෑම් සිදුවිය හැකි ආකාරය පිළිබදව පැමිණිල්ල සාකච්ඡා කරමින් සිටින බවයි රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥවරයා තවදුරටත් සදහන් කළේ.

එහිදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු ධම්මික ගනේපොල මහතා කියා සිටියේ ජනාධිපති කොමිසම හමුවේ සිදුකරන කටයුතු තම අධිකරණයට කිසිසේත්ම ආදාල නොවන බවයි.

 

The post ඇවන්ට්ගාඩ් නඩුවේ විත්තිය මතුකළ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කෙරේ appeared first on ITN News.

Read More »

යහපත් රටක් නිර්මාණය කිරීමේ වගකීම රජය ඉටු කරනවා  

0 comments

අපරාධ කල්ලි ක්‍රියාකාරකම් ඇතුළු සමාජ විරෝධී ක්‍රියා මැඩලීම සඳහා ජනාධිපතිතුමා දැඩි වෙහෙසක් ගනිමින් සිටින බව අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා.

අනාගත පරපුරට යහපත් රටක් නිර්මාණය කිරීමේ වගකීම රජය ඉටු කරන බවයි ගාල්ල යටලමත්ත ප්‍රදේශයේ පැවති ජනහමුවකදී අමාත්‍යවරයා කියා සිටියේ.

 

 

 

The post යහපත් රටක් නිර්මාණය කිරීමේ වගකීම රජය ඉටු කරනවා appeared first on ITN News.

Read More »

තමිල්නාඩු සහ මහාරාශ්ට‍්‍ර ප‍්‍රාන්ත යළි වසා දැමේ  

0 comments

ඉන්දියාවේ තමිල්නාඩු සහ මහාරාශ්ට‍්‍ර ප‍්‍රාන්ත යළි වසාදැමීමට බලධාරීන් තීරණය කළා.

කොරෝනා වයිරස ව්‍යාප්තිය වේගවත්වී ඇති බවයි ඉන්දීය සෞඛ්‍ය අංශ පෙන්වාදී තිබෙන්නේ. බටහිර බෙංගාල, ජර්කන්ද්, නාගලන් සහ ඇසෑම් ප‍්‍රාන්තවල ද දැඩි නීති කි‍්‍රයාත්මක කිරීමටයි නියමිත.

ඉන්දියාවෙන් තහවුරු කරගෙන ඇති කොරෝනා ආසාදිතයන් ගණන 568,315ක්. 16,917ක් ජීවිතක්ෂයට පත්වුණා.

The post තමිල්නාඩු සහ මහාරාශ්ට‍්‍ර ප‍්‍රාන්ත යළි වසා දැමේ appeared first on ITN News.

Read More »

විදේශ සබඳතා ඇමති සහ ඇමරිකා රාජ්‍ය ලේකම් අතර දුරකථන සංවාදයක්  

0 comments

විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ ඇමරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ අතර දුරකථන සංවාදයක් පැවැත්වුණා.

කොරෝනා මර්දන ද්විපාර්ශ්වික සහයෝගිතා වැඩසටහන යටතේ ඇමරිකා ඩොලර් මිලියන පහයි දශම අටක ශ්වසන ආධාරක උපකරණ තොගයක් මෙරටට පරිත්‍යාග කිරිම සම්බන්ධයෙන්ද එහිදී සාකච්ඡා කර තිබෙනවා.

ආරක්ෂක කරුණු සහ ත‍්‍රස්තවාදය මැඩපැවැත්වීම සහ ජාත්‍යන්තර ආර්ථික සහයෝගිතාව වැනි කරුණුද එහිදී අවධානයට යොමුව ඇති බවයි විදේශ සබදතා අමාත්‍යාංශය පවසන්නේ.

The post විදේශ සබඳතා ඇමති සහ ඇමරිකා රාජ්‍ය ලේකම් අතර දුරකථන සංවාදයක් appeared first on ITN News.

Read More »

බස්නාහිර පලාතේ සිදුකළ විශේෂ වැටලීම්වලදී සැකකරුවන් 377ක් අත්අඩංගුවට  

0 comments

බස්නාහිර පළාත තුළ සිදුකළ වැටලීම්වලදී මත්ද්‍රව්‍ය ජාවාරම් වලට සම්බන්ධ 377 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පැය 24 ක් තුළ වැටලීම් 370 ක් සිදුකළ බවයි පොලීසිය පවසන්නේ. හෙරොයින් සහ ගංජා ඇතුලු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මතයි වැටලීම් සිදුකෙරෙන්නේ.

The post බස්නාහිර පලාතේ සිදුකළ විශේෂ වැටලීම්වලදී සැකකරුවන් 377ක් අත්අඩංගුවට appeared first on ITN News.

Read More »

රාජිත පෙත්සම ඉල්ලා අස්කර ගනී  

0 comments

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඉදිරිපත් කළ ප‍්‍රතිශෝධන පෙත්සමක් නිශ්ප‍්‍රභ කිරිමට අභියාචනාධිකරණය නියම කළා. ඒ එම පෙත්සම ඔහුගේ නීතිඥවරුන් විසින් ඉල්ලා අස්කරගැනීමෙන් පසුව.

ආන්දෝලනාත්මක සුදුවෑන් මාධ්‍ය සාකච්ඡා සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය නියම කළ ඇපය කොළඹ මහාධිකරණය අවලංගු කිරිමෙන් පසු රාජිත සේනාරත්න මහතා කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාරගත කළා. ඒ අනුව තමන්ව ඇපමත මුදාහරින ලෙසයි සේනාරත්න මහතා මෙම ප‍්‍රතිශෝධන පෙත්සමෙන් ඉල්ලා සිටියේ.

හිටපු අමාත්‍යවරයා මේවනවිට ඇප මත මුදාහැර ඇති බැවින් පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාමට අපේක්ෂා නොකරන බවයි රාජිත සේනාරත්න මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ඉල්ලා සිටියේ.

The post රාජිත පෙත්සම ඉල්ලා අස්කර ගනී appeared first on ITN News.

Read More »

මුල්‍ය හා ලීසිං සමාගම්වල අක‍්‍රමිකතා පැමිණිලි භාරගැනීම අදින් අවසන්  

0 comments

මුල්‍ය හා ලීසිං සමාගම්වල අක‍්‍රමිකතා සහ නීති විරෝධී ක‍්‍රියා සොයාබැලීමට පත්කළ කමිටුවට පැමිණිලි භාරගැනීම අදින් (30) අවසන් වනවා.

පසුගිය 23 වනදා සිට මේ දක්වා කාලයේදී පැමිණිලි 60 කට වැඩි සංඛ්‍යාවක් ලැබී ඇති බවයි වාර්තා වන්නේ. නීත්‍යානුකුල නොවන ලෙස ලීසිං හා මුල්‍ය සමාගම් පවත්වාගෙන යාම පිලිබද පැමිණිලි රැසක් ඊට ඇතුලත්.

සිය වාර්තාව මහ බැංකු අධිපතිවරයාට හෙට (01) භාරදෙන බව ද එම කමිටුව සදහන් කළා. ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ හරිගුප්ත රෝහණධීර මහතායි කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ.

The post මුල්‍ය හා ලීසිං සමාගම්වල අක‍්‍රමිකතා පැමිණිලි භාරගැනීම අදින් අවසන් appeared first on ITN News.

Read More »

වෘත්තීය පුහුණු ආයතනය ලබන සදුදා සිට විවෘත කෙරේ  

0 comments

වෘත්තීය පුහුණු අධිකාරිය සතු සියලුම වෘත්තීය පුහුණු ආයතන ජුලි 6 වනදා සිට යළි විවෘත කිරිමට තීරණය කර තිබෙනවා.

එදින සිට අධ්‍යයන කටයුතු සෞඛ්‍ය නිර්දේශයන්ට අනුව සිදුකරන බවයි වෘත්තීය පුහුණු අදිකාරියේ සහකාර අධ්‍යක්ෂ අකිල ධනුෂ්ක නාගහවත්ත මහතා පෙන්වා දෙන්නේ.

011-7270270 දුරකථන අංකයෙන් තවත් තොරතුරු ලබාගත හැකි බවයි සහකාර අධ්‍යක්ෂවරයා සදහන් කලේ.

 

The post වෘත්තීය පුහුණු ආයතනය ලබන සදුදා සිට විවෘත කෙරේ appeared first on ITN News.

Read More »

පුද්ගලික හා රාජ්‍ය අංශයේ කාර්යාල වේලාවන් සංශෝධනයට නිර්දේශ ඉදිරිපත් කෙරේ  

0 comments

කොවිඩ් 19 වසංගත තත්ත්වය වළක්වා ගැනීම සඳහා සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම,   හා මාර්ග තදබදය වළක්වා ගැනීම හා රාජ්‍ය හා පුද්ගලික සේවය කාර්යක්ෂමතාවය ඉහළ නැංවීම  අරමුණු ඇතිව පුද්ගලික හා රාජ්‍ය අංශයන්හි කාර්යාල ආරම්භ කරන හා අවසන් කරන වේලාවන් සංශෝධනයට කිරීමට රජය විසින් තීරණය කර තිබේ.

අතිගරු ජනාධිපතිතුමන් විසින් දී ඇති උපදෙස් පරිදි ප්‍රවාහණ සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ඒ් සම්බන්ධව නිර්දේශ ඇතුළත් වාර්තාවක් සැකසීම සඳහා අතිරේක ලේකම් තිලකරත්න බණ්ඩා මහතාගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක් පත් කරනු ලැබීය. එම කමිටුව විසින් පුද්ගලික හා රාජ්‍ය අංශයේ කාර්යාල ආරම්භ කිරීම හා අවසන් කිරීම සම්බන්ධව දැනට පවතින වේලාවන් සංශෝධනය කිරීම සඳහා සකස් කළ වාර්තාව අද දින (30) පෙරවරුවේ ප්‍රවාහණ සේවා කළමනාකරණ අමාත්‍යංශයේ ලේකම් ගාමිණි සෙනවිරත්න මහතා විසින් අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත බාර දුන්නේය.

මෙම වාර්තාව මගින් නිර්දේශ කර ඇති පරිදි රාජ්‍ය අංශයේ කාර්යාල ආරම්භ කරන වේලාව පෙරවරු 09.00 සිට පස්වරු 4.45 දක්වාත්, පුද්ගලික අංශයේ කාර්යාල පෙරවරු 09.45 සිට පස්වරු 06.45 දක්වාත් සංශෝධනය කිරීමට නිර්දේශ කර තිබේ.

මෙම නිර්දේශ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය වෙත හා අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නිර්දේශ ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව මහින්ද අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (30) දින පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ප්‍රකාශ කළේය.

 

The post පුද්ගලික හා රාජ්‍ය අංශයේ කාර්යාල වේලාවන් සංශෝධනයට නිර්දේශ ඉදිරිපත් කෙරේ appeared first on ITN News.

Read More »

දළදා කරඬුව වැඩම වු මිල්ලන්ගොඩ ඇතා මිය යයි  

0 comments

ශ්‍රී දළදා මාලිගාවේ දළදා කරඬුව කිහිප අවස්ථාවක වැඩම කර වූ කෑගල්ල “මිල්ලන්ගොඩ ජයන්ති“ ඇතා මිය ගොස් තිබෙනවා.

ඊයේ (29) මෙම ඇතා මිය යන විට වයස අවුරුදු 70 ක් පමණ විය. මෙම ඇතා “පොඩි රාජා“ ලෙසින්ද හඳුන්වයි.

1956 බුද්ධ ජයන්ති වසරේ මෙම ඈතා මිලදි ගෙන තිබු නිසා ඈතාට ජයන්ති නම යොදා ඇත.

ඈතා මිය යන විට අඩි 9 කට ආසන්න උසකින් යුක්ත විය.

වයස අවුරුදු හතරේදී දෙහිවල සත්වෝද්‍යානයේ පැවැති ප‍්‍රසිද්ධ වෙන්දෙසියකදී රුපියල් 5500ක වටිනාකමකට වෙන්දේසි වු අවස්ථාවේ දී එස්.ආර්.එස් මිල්ලංගොඩ විසින් එම ඇතා මිලදී ගෙන තිබුණි.

දිවයින පුරා වෙහෙර විහාරස්ථාන රැසකටම පෙරහැරේ අවස්ථාවන්වලට සහභාගී වි ඇති මෙම ඇතා 2016 වසරේ සිට කිහිප වතාවක් ශ‍්‍රී දළදා මාලිගාවේ සදාතුක කරඬුව වැඩමවා ඇත.

මෙම ඇතා 2017 වසරේ ශ‍්‍රී දළදා මාලිගාවේ රන්දෝලි පෙරහැරේ ප්‍රථමවරට සදාතුක කරඬුව වැඩමවා ඇති බව වාර්තා වෙනවා.

The post දළදා කරඬුව වැඩම වු මිල්ලන්ගොඩ ඇතා මිය යයි appeared first on ITN News.

Read More »

ජාතික කෞතුකාගාර හෙට සිට ජනතාව සඳහා විවෘත කෙරේ  

0 comments

ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන කෞතුකාගාර හෙට (01) සිට ජනතාව සදහා විවෘත කෙරෙනවා.

සෑම දිනකම පෙරවරු 9.00 සිට පස්වරු 4.00 දක්වා කෞතුකාගාර විවෘතව තැබෙන බවයි ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් සනූජා කස්තුරි ආරච්චි මහත්මිය ප්‍රකාශ කළේ.

 

 

 

The post ජාතික කෞතුකාගාර හෙට සිට ජනතාව සඳහා විවෘත කෙරේ appeared first on ITN News.

Read More »

PCR පරීක්ෂණ අඛණ්ඩව  

0 comments

බාහිර සමාජයෙන් කොරෝනා ආසාදිතයින් හමු නොවන ද PCR පරීක්ෂණ අඛණ්ඩව සිදු කෙරෙනවා.

ඒ අනුව කොළඹ නගර ආශ්‍රිතව PCR පරීක්ෂණ සිදු කිරීම කොළඹ මහනගර සභාවේ ජන සෞඛ්‍ය දෙපාර්ත්මේන්තුවේ වසංගත රෝග අංශය මඟින් සිදු කරනවා.  කොළඹ 13 ජින්තු පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන්ගේ PCR පරීක්ෂණ සඳහා අවශ්‍ය සාම්පල ලබා ගැනීම අද දිනසේ සිදු කෙරුණා.

The post PCR පරීක්ෂණ අඛණ්ඩව appeared first on ITN News.

Read More »

මැලේසියාවේ සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට  

0 comments

මැලේසියාවේ සිටි ශ්‍රී ලාංකිකයින් 149 දෙනෙකු ද දිවයිනට පැමිනියා. PCR පරික්ෂණවලට ලක් කිරීමේ පසු එම පිරිසද නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමටයි පියවර ගැනුණේ.

මේ අතර  දෝහා කටාර්හි සිටි ශ්‍රී ලාංකිකයින් 18 දෙනෙකු අද (30) අලුයම දිවයිනට පැමිණියා.

කටුනායක ගුවන් තොටුපලේදී ඔවුන් PCR පරික්ෂණවලට ලක් කිරීමේ පස් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කෙරුණා.

 

The post මැලේසියාවේ සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට appeared first on ITN News.

Read More »

එජාප ක්‍රියාකාරීන් පිරිසකගේ සහය පොදුජන පෙරමුණට  

0 comments

එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරීන් පිරිසක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහාය පළ කළා. වව්නියාවේ පැවති ජනහමුවකදී 250 කට අධික පිරිසක් පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගනිමිනුයි සහාය පළ කළේ.

එක්සත් ජාතික පක්ෂය, සමගිජනබලවේගය මෙන්ම දෙමළ පක්ෂවල ක්‍රියාකාරීන් ලෙස මෙම පිරිස ක්‍රියා කළා. එම පක්ෂ සාමාජිකයන් රට වෙනුවෙන් නිවැරදි දැක්මකින් යුතුව කටයුතු නොකරන බව ප්‍රකාශ කරමිනුයි ඔවුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහාය පළ කළේ. වසර 40 කට වැඩි කාලයක් එක්සත් ජාතික පක්ෂයේ සංවිධායක ධූරය දැරුවද රට වෙනුවෙන් කිසිදු යහපත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට තම පක්ෂය අවස්ථාව ලබා දුන්නේ නැති බවයි මෙම පිරිස ප්‍රකාශ කළේ.

 

 

The post එජාප ක්‍රියාකාරීන් පිරිසකගේ සහය පොදුජන පෙරමුණට appeared first on ITN News.

Read More »

හොරණ කොට්ටාව මාර්ගයේ සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට  

0 comments

හොරණ කොට්ටාව මාර්ගයේ බෙරුකැටිය ප්‍රදේශයේ සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වුණා.

බස් රථයක් සහ ලොරි රථයක් ගැටීමෙනුයි අනතුර සිදුව තිබෙන්නේ. මහරගම සිට මොරගහහේන දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක පිටුපසින් වේගයෙන් පැමිණි ලොරි රථයක් ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ. අනතුරින් ජීවිතක්ෂයට පත් වුණේ 28 හැවිරිදි ලොරි රථයේ සහායට පැමිණි පුද්ගලයායි. බරපතල තුවාල ලැබූ ලොරි රථයේ රියදුරු අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කෙරුණා. ඔහු මේ වන විටත් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව රෝහල් වාර්තා සඳහන් කළා. ලොරි රථයේ රියදුරුට වේගය පාලනය කර ගත නොහැකි වීමෙන් අනතුර සිදුව ඇති බව මීගොඩ පොලීසිය ප්‍රකාශ කළා.

 

 

The post හොරණ කොට්ටාව මාර්ගයේ සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

Read More »

විදුලිබල මණ්ඩලයට අයත් උපකරණ තොගයක් නිවසක සඟවා තිබියදී සොයා ගැනේ  

0 comments

විදුලිබල මණ්ඩලයට අයත් උපකරණ තොගයක් මීරිගම තල්එලිය ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී පොලීසිය සොයාගත්තා.

පල්ලෙවෙල පොලීසිය සහ විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් කළ වැටලීමකදී මෙම උපකරණ තොගය සොයා ගැනුණේ. තල්එලිය ප්‍රදේශයේ සුඛෝපභෝගී නිවසක සඟවා තිබූ උපකරණ අතර විදුලි රැහැන් ඇතුළු භාණ්ඩ විශාල තොගයක් තිබූ බව පොලීසිය ප්‍රකාශ කළා. මෙම උපකරණ තොගයේ වටිනාකම පිළිබඳ මේ වන තෙක් තක්සේරු කර නැති බවද පොලීසිය කියා සිටියා.

 

 

 

The post විදුලිබල මණ්ඩලයට අයත් උපකරණ තොගයක් නිවසක සඟවා තිබියදී සොයා ගැනේ appeared first on ITN News.

Read More »

වස්කඩුව ප්‍රදේශයේ අනතුරකින් පුද්ගලයකු ජීවිතක්ෂයට  

0 comments

උතුරු කළුතර වස්කඩුව ප්‍රදේශයේ සිදු වූ අනතුරකින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත් වුණා.

ගාල්ල සිට කොළඹ දක්වා ගමන් කළ කන්ටේනර් රථයක් හා එම දිශාවටම ගමන් ගත් යතුරු පැදියක් ගැටීමෙනුයි අනතුර සිදු වුණේ. පානදුර සරික්කමුල්ල ප්‍රදේශයේ පදිංචි මෙම පුද්ගලයා රැකියාවට ගොස් යළි නිවස බලා පැමිණෙමින් සිටි අවස්ථාවේයි අනතුර සිදුව තිබෙන්නේ. කන්ටේනර් රථයේ රියදුරු පොලීසිය මඟින් අත්අඩංගුවට ගත්තා.

 

 

 

The post වස්කඩුව ප්‍රදේශයේ අනතුරකින් පුද්ගලයකු ජීවිතක්ෂයට appeared first on ITN News.

Read More »

දකුණු දිග ඕස්ට්‍රේලියාවේ දේශසීමා හරහා ගමන් කිරීම ප්‍රාන්ත වැසියන්ට තහනම් කෙරේ  

0 comments

දකුණු දිග ඕස්ට්‍රේලියාවේ රට තුළ දේශසීමා හරහා ගමන් කිරීම එම ප්‍රාන්ත වැසියන්ට තහනම් කිරිමට ඊයේ කටයුතු කෙරුණා. ඒ වික්ටෝරියා ප්‍රාන්තයෙන් නව ආසාදිතයින් 75 දෙනෙකු සොයා ගැනීමත් සමගින්.

The post දකුණු දිග ඕස්ට්‍රේලියාවේ දේශසීමා හරහා ගමන් කිරීම ප්‍රාන්ත වැසියන්ට තහනම් කෙරේ appeared first on ITN News.

Read More »

චීනයේ ඇන්සින් ප්‍රාන්තය වසා දැමේ  

0 comments

ලක්ෂ පහක ජනතාවක් සමග චීනයේ ඇන්සින් ප්‍රාන්තය ඊයේ වසා දැමීමට කටයුතු කෙරුණේ හඳුනාගත් නව ආසාදිත පොකුරක් හේතුවෙන්.

අද දිනය වන විට ඇන්සින් ප්‍රාන්තයෙන් තවත් රෝගීන් 12 දෙනෙකු වාර්තා වී තිබෙනවා. මේ අතර චීනයේ පැතිර යන තවත් වසංගත උණක් සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා. අදාළ උණ රෝගය ඌරන් මගින් පැතිර යන අතර එය මිනිසාටද වැළඳීමේ හැකියාවක් ඇති බව විද්‍යාඥයින් අනාවරණය කරගෙන තිබෙනවා. ඔවුන් වැඩිදුරටත් පවසන්නේ නව උණ රෝගය සඳහා ඔරොත්තු දීමේ ප්‍රතිශක්තියක් මිනිසුන් තුළ නොමැති හෙයින් එය කඩිනමින් පාලනය කළ යුතු බවයි.

The post චීනයේ ඇන්සින් ප්‍රාන්තය වසා දැමේ appeared first on ITN News.

Read More »

කෝවිඩ් වසංගතයේ දරුණුතම තත්ත්වය මෙතෙක් උදා වී නෑ  

0 comments

කෝවිඩ් නයින්ටීන් ගෝලීය වසංගතයේ දරුණුතම තත්ත්වය මෙතෙක් උදා වී නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරනවා.

වෛරස් ව්‍යාප්තිය ඇරඹී මාස හයක් ගතව ඇතත් එය අවසන්වීමට ආසන්න වී හෝ නොමැති බවයි එහි ප්‍රධානී ටෙඩ්රෝස් ඇඩනම් ග්‍රේබ්‍රියේසස් පවසන්නේ. පරීක්ෂා කිරීම, හඳුනා ගැනීම, හුදෙකලා කිරිම සහ නිරෝධායනය යන පියවර තවදුරටත් අනුගමනය කළ යුතු බව ඔහු අවධාරණය කරනවා.

The post කෝවිඩ් වසංගතයේ දරුණුතම තත්ත්වය මෙතෙක් උදා වී නෑ appeared first on ITN News.

Read More »

ඉන්දියාව චීන දුරකතන යෙදවුම් 59 ක් තහනම් කරයි  

0 comments

TikTok ඇතුළු චීන දුරකතන යෙදවුම් 59 ක් තහනම් කිරීමට ඉන්දීය රජය පියවර ගෙන තිබෙනවා.

මෙම දුරකතන යෙදවුම් හේතුවෙන් රටේ ස්වෛරීභාවයට ආරක්ෂාවට සහ මහජන සාමය යන කරුණුවලට අගතියක් සිදුවන බව නිවේදනයක් නිකුත් කරමින් ඉන්දීය රජය පවසනවා. ඒ අනුව TikTok, WeChat, UC Browser වැනි චීන නිෂ්පාදිත යෙදවුම් 59 ක් තහනම් කර තිබෙනවා.

විශේෂයෙන් කාශ්මීරයේ ලඩාක් කලාපයේ ඉන්දීය සහ චීන ගැටුම් උත්සන්න වීම හේතුවෙන් මෙම තහනම ක්‍රියාත්මක කර ඇති බවයි වාර්තා වන්නේ. පසුගිය 15 වනදා ඇති වූ ගැටුම් හේතුවෙන් ඉන්දිය හමුදා සාමාජිකයින් විසිදෙනෙකු මියගියා. සිද්ධියෙන් අනතුරුව අදාළ ප්‍රදේශයේ ආරක්ෂාව තර කිරීමට ඉන්දීය රජය කටයුතු කළා.

 

 

 

The post ඉන්දියාව චීන දුරකතන යෙදවුම් 59 ක් තහනම් කරයි appeared first on ITN News.

Read More »

නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්තගේ ස්ථාන මාරුවට අනුමැතිය  

0 comments

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතාට ස්ථාන මාරුවක් ලබා දෙන ලෙස පොලිස් කොමිසමට ඉල්ලීම් කර ඇති බව වාර්තා වනවා.

මෙම ස්ථාන මාරුවීම සඳහා අනුමැතිය ලබා දෙන ලෙස වැඩබල පොලිස්පතිවරයා ඉල්ලිමක් කර තිබෙනවා.

 

 

 

 

The post නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්තගේ ස්ථාන මාරුවට අනුමැතිය appeared first on ITN News.

Read More »

ජාතික කෞතුකාගාර පළමුවනදා සිට මහජනතාව සඳහා විවෘත කෙරේ  

0 comments

ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන කෞතුකාගාර ලබන මස පළමුවනදා සිට මහජනතාව සඳහා විවෘත කෙරෙනවා.

සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වරයාගේ නිර්දේශවලට අනුකූලව කෞතුකාගාර ලබන මස 01 වනදා සිට රජයේ ප්‍රසිද්ධ නිවාඩු දිනවල හැර, සෑම දිනකම පෙරවරු 9.00 සිට පස්වරු 4.00 දක්වා මහජනතාවට විවෘතව  පවතිනවා. ඒක්වරකට උපරිම නරඹන්නන් 15 දෙනෙකු වන පරිදී විනාඩි 30 කට වරක් කෞතුකාරගාර තුළට පිරිස් ඇතුළත් කිරීමටයි සැලසුම් කර ඇත්තේ. කෞතුකාගාර වෙත පැමිණීමට පෙර දුරකතනය ඔස්සේ අමතා දිනයක් සහ වේලාවක් වෙන් කරවා ගැනීමෙන් අපහසුතා මගහරවා ගත හැකි බවයි ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. වැඩිදුර තොරතුරු  www.museum.gov.lk වෙබ් අඩවියෙන් ලබා ගත හැකියි.

 

 

The post ජාතික කෞතුකාගාර පළමුවනදා සිට මහජනතාව සඳහා විවෘත කෙරේ appeared first on ITN News.

Read More »

අගමැති උතුරු පළාත් ආණ්ඩුකාරවරිය හමු වෙයි  

0 comments

උතුරු පළාත් ආණ්ඩුකාර පී එස් එම් චාල්ස් මහත්මිය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මන්දිරයේදී අද පෙරවරුවේ මුණ ගැසුණා.

කොරෝනා වසංගත තත්ත්වයෙන් පසුව උතුරු පළාතේ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සහ ඉන්දියාවේ සිට අනවසරයෙන් බෝට්ටු මගින් පුද්ගලයන් පැමිණීම වැළැක්වීම පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරුණා. උතුරු පළාතේ ක්‍රියාත්මක කළ යුතු ඉදිරි සංවර්ධන කටයුතු සම්බන්ධයෙන්  ද සාකච්ඡාවේදී අවධානය යොමු වූ බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය සඳහන් කළේ.

 

The post අගමැති උතුරු පළාත් ආණ්ඩුකාරවරිය හමු වෙයි appeared first on ITN News.

Read More »

සමගි ජනබලවේගයේ ඉල්ලීමට මහජන යුතුකම් කේන්ද්‍රයේ විරෝධය  

0 comments

වංචා දූෂණ හා අපරාධ විමර්ශනය කිරීම සඳහා පත් කළ කොමිසන් සභාවල විමර්ශන ක්‍රියාවලියේදී හෙළිවන තොරතුරු ජනතාවට දැන ගැනීම සඳහා ඉදිරියටත් අඛණ්ඩව ඉඩකඩ ලබා දිය යුතු බව මහජන යුතුකම් කේන්ද්‍රය පවසනවා.

කොමිසන් සභාවල සාක්ෂි කැඳවීමේදී අනාවරණය වන තොරතුරු ජනමාධ්‍ය ඔස්සේ ජනතාව අතට පත්වීම මහ මැතිවරණයේදී තම පක්ෂයට අවාසියක් වන බව දක්වා සමගි ජනබලවේගය මැතිවරණ කොමිසමෙන් එය නතර කරන ලෙස ඉල්ලීමක් කර තිබුණා. ප්‍රජාතන්ත්‍රවාදයට හා මහජන අයිතිවාසිකම්වලට ගරුකරන සංවිධානයක් ලෙස එම ඉල්ලීමට බලවත් විරුද්ධත්වයක් පළකරන බවයි මහජන යුතුකම් කේන්ද්‍රය සඳහන් කරන්නේ.

 

 

 

 

The post සමගි ජනබලවේගයේ ඉල්ලීමට මහජන යුතුකම් කේන්ද්‍රයේ විරෝධය appeared first on ITN News.

Read More »

ට්‍රම්ප් රුසියාවට එරෙහි කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැහැ  

0 comments

ඇෆ්ගනිස්ථානයේ ඇමෙරිකා හමුදා කණ්ඩායම් ඝාතනය කිරීමට තලෙයිබාන් සටන්කාමීන්ට අල්ලස් ලබාදීමට රුසියාව ගත් උත්සාහය සම්බන්ධයෙන් බුද්ධි අංශ මගින් කිසිදු දැනුවත් කිරීමක් තමා වෙත නොකළ බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත වාර්තාකර තිබූ පුවතකට ප්‍රතිචාර දක්වමිනුයි ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම ප්‍රකාශය සිදුකර ඇත්තේ. බුද්ධි අංශ මගින් අදාළ සිද්ධිය පිළිබඳව ඇමෙරිකා ජනාධිපතිවරයා දැනුවත් කළද රුසියාවට එරෙහි කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට ඔහු කටයුතු කර නොමැති බවයි නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත සදහන් කර තිබුණේ. මෙම සිද්ධිය රුසියා විදේශකටයුතු අමාත්‍යාංශය ද ප්‍රතික්ෂේප කර තිබෙනවා.

 

***දර්ශන/ රුවන්තිකා/ 3.36

The post ට්‍රම්ප් රුසියාවට එරෙහි කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැහැ appeared first on ITN News.

Read More »

පාකිස්තානයේ කොටස් වෙළෙඳපොළට එල්ල වූ ප්‍රහාරයකින් 6 දෙනෙකු මියයයි  

0 comments

පාකිස්තානයේ කොටස් වෙළෙඳපොළට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයන් 6 දෙනෙකු මිය ගොස් ඇති බව කරච්චි පොලීසිය නිවේදනය කරනවා.

පොලිස් වෙඩි පහරින් ප්‍රහාරයට සම්බන්ධ 4 දෙනාම මිය ගියා. කොටස් වෙළෙඳපොළ සේවකයන් දෙදෙනෙකු ද ප්‍රහාරයෙන් ජීවිතක්‍ෂයට පත්වුණා. ප්‍රහාරයට සම්බන්ධ තවත් පුද්ගලයන් සිටී දැයි සොයා මේ වන විට කරච්චිනුවර පුරා සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක වනවා. පාකිස්තානයේ කොටස් වෙළෙඳපොළ අධි ආරක්‍ෂිත කලාපයක පිහිටා ඇති අතර ප්‍රහාරය එල්ල කිරීමේදී අත්බෝම්බ සහ ස්වයංක්‍රීය ගිනිඅවි යොදාගෙන ඇති බවයි කරච්චි පොලීසිය සඳහන් කරන්නේ. ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැහැ.

 

 

 

 

 

 

The post පාකිස්තානයේ කොටස් වෙළෙඳපොළට එල්ල වූ ප්‍රහාරයකින් 6 දෙනෙකු මියයයි appeared first on ITN News.

Read More »

වසර 30කට පසු ස්වීඩනයේ උෂ්ණත්වය සෙල්සියස් 30 දක්වා ඉහළට  

0 comments

වසර 30කට පසු ස්වීඩනයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 30 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

වෛරස ව්‍යාප්තිය ද නොතකමින් ජනතාව එළිමහනේ කාලය ගත කිරීමට පෙළඹී ඇති බවයි වාර්තා වන්නේ. වෙරළ තීරයන් ජනතාවගෙන් පිරී පවතින ආකාරය මාධ්‍ය වාර්තා කළා. උණුසුම් වාතය හේතුවෙන් වායු ගෝලයේ පීඩනය වැඩිවී ඇති බවයි එරට කාලගුණ දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ. මෙම තත්ත්වය එළඹෙන සතිය දක්වා පවතිනු ඇති බවට ඔවුන් අනාවැකි පළකරනවා.

 

 

 

The post වසර 30කට පසු ස්වීඩනයේ උෂ්ණත්වය සෙල්සියස් 30 දක්වා ඉහළට appeared first on ITN News.

Read More »

විමල් ඇතුළු 6 දෙනෙකුට එරෙහි නඩුවේ හරස් ප්‍රශ්න විමසීම ඔක්තෝම්බර් 26  

0 comments

අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුළු 6 දෙනෙකුට එරෙහි නඩුවේ පැමිණිල්ලේ හරස් ප්‍රශ්න විමසීම ඔක්තෝම්බර් මස 26 වනදා සිදු කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

මෙම පැමිණිල්ල කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ඉදිරියේ අද කැඳවුවා. එහිදී අමාත්‍ය විමල් වීරංවශ ඇතුළු විත්තිකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටියා. 2016 වසරේ එවක ජගත් මානව හිමිකම් කොමසාරිස් ශ්‍රි ලංකාවේ සංචාරය කළ අවස්ථාවේ කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය හා අවට මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණය කළ බවටයි ඔවුන්ට චෝදනා එල්ලවී ඇත්තේ. සිද්ධිය වූ වකවානුවේ කුරුඳුවත්ත පොලීසියේ සේවය කරන නිලධාරියෙකු අධිකරණය හමුවේ සාක්ෂි සටහන් කරගත්තා.

 

 

The post විමල් ඇතුළු 6 දෙනෙකුට එරෙහි නඩුවේ හරස් ප්‍රශ්න විමසීම ඔක්තෝම්බර් 26 appeared first on ITN News.

Read More »

ද නිව්ස් පේපර් චිත්‍රපටයේ විශේෂ දර්ශනය නැරඹීමට ජනපති හා අගමැති එක්වෙති  

0 comments

ද නිවුස් පේපර් චිත්‍රපටයේ විශේෂ දර්ශන වාරය නැරඹීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද  එක්වුණා.

කොළඹ One Galleface- PVR සිනමා ශාලාවේදී මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය කෙරුණේ ඊයේ පස්වරුවේයි. සරත් කොතලාවල සහ කුමාර තිරිමාදුර යන කලාකරුවන්ගේ සම අධ්‍යක්ෂනයක් වූ (ද නිවුස් පේපර්) චිත්‍රපටයෙහි සම නිශ්පාදනය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන , රවීන්ද්‍ර ගුරුගේ සහ එච් ඩී ප්‍රේමසිරි යන මහත්වරුන්ගේයි. ලබන දෙවන දා සිට දිවයිනේ සියලු සිනමා ශාලාවල (ද නිවුස් පේපර් ) චිත්‍රපටය ප්‍රදර්ශනය කෙරෙනවා. එදින පෙරවරු 10.30 ප්‍රථම දර්ශනය ජනතාවට  නොමිලේ නැරඹිය හැකියි. කොවිඩ් මර්දනයට සහාය වන සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට , ත්‍රිවිධ හමුදාවට, පොලිසියට සහ මාධ්‍ය වේදීන්ටද තම නිල හැදුනුම්පත භාවිත කරමින් එක් වතාවත් සිනමා පටය නොමිලේ නැරඹිය හැකියි.

 

 

The post ද නිව්ස් පේපර් චිත්‍රපටයේ විශේෂ දර්ශනය නැරඹීමට ජනපති හා අගමැති එක්වෙති appeared first on ITN News.

Read More »

මහඉඳුරුව ශ්‍රී විජයධර්මානන්ද පරිවේණාධිපති ඝාතනය ගැන වැඩිදුර විමර්ශන  

0 comments

කොස්ගොඩ, මහඉඳුරුව ශ්‍රී විජය ධර්මානන්ද පිරිවෙනේ නායක ස්වාමීන් වහන්සේගේ ඝාතනය සම්බන්ධයෙන් පුළුල් පරික්ෂණ පැවැත්වෙන බව පොලිස් මූලස්ථානය පවසනවා.

මහඉඳුරුව ශ්‍රී විජයධර්මානන්ද පරිවේණාධිපති ස්වාමීන් වහන්සේ ඝාතනය කර ඇති බවට පොලීසියට දුරකතන ඇමතුමක් ලැබී තිබෙනවා. ඒ අද පෙරවරු 10.00 පමණයි. ඒ අනුව කළ සොයා බැලීමේදී හිමිනම වැඩවිසූ කුටිය තුළ ඝාතනයට ලක්ව සිටියදී හමුව තිබෙනවා. ඝාතනය සිදුවූ ආකාරය සහ සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරන බවයි පොලිස් මූලස්ථානය පවසන්නේ.

 

 

 

 

The post මහඉඳුරුව ශ්‍රී විජයධර්මානන්ද පරිවේණාධිපති ඝාතනය ගැන වැඩිදුර විමර්ශන appeared first on ITN News.

Read More »

චීනයේ ගංවතුර හා නාය යෑම් හේතුවෙන් පුද්ගලයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට  

0 comments

චීනයට බලපා ඇති ගංවතුර හා නාය යෑම් හේතුවෙන් පුද්ගලයින් 12 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

සිචුවාන් ප්‍රාන්තයට බලපා ඇති ගංවතුර තත්ත්වයෙන් පුද්ගලයින් දස දෙනෙකු අතුරුදන් වී ඇති බවයි වාර්තා වන්නේ.අවතැන් වූ පිරිස ගලවා ගැනීමේ මෙහෙයුම් කටයුතු මේ වන විටත් ක්‍රියාත්මක වනවා. නාය යෑම් හේතුවෙන් ගොවි බිම්  ,මාර්ග , පාලම හා නගරයන්හි යටිතල පහසුකම් විනාශ වී ඇති බවයි එරට මාධ්‍ය සඳහන් කරන්නේ. 7000 ක පමණ පිරිසක් අවතැන් කඳවුරු වෙත යොමු කර තිබෙනවා. අඛණ්ඩ වර්ෂාපතනය හේතුවෙන් අවතැන් කඳවුරුද අවදානම් තත්ත්වයකට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

 

 

 

 

 

 

The post චීනයේ ගංවතුර හා නාය යෑම් හේතුවෙන් පුද්ගලයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

Read More »

මත්ද්‍රව්‍ය වැටලීම් වලින් 408 දෙනෙකු අත්අඩංගුවට  

0 comments

ඊයේ පෙරවරු 6 සිට අද අලුයම 5 දක්වා කාලය තුළ බස්නාහිර පළාතේ මත්ද්‍රව්‍ය වැටලීම් 408 ක් සිදුකර තිබෙනවා.

එහිදී සැකකරුවන් 408 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කරන්නේ. වැඩිම වැටලීම් ප්‍රමාණයක් සිදුකර ඇත්තේ හෙරොයින් මත්ද්‍රව්‍ය සම්බන්ධවයි. එම ප්‍රමාණය 173 ක්. හෙරොයින් ග්‍රෑම් 91 යි මිලිග්‍රෑම් 153 ක් එහිදී අත්අඩංගුවට ගැනුණා. කොළඹ අපරාධ කොට්ඨාසය, කිරුළපන පොලිස්ථානය, පානදුර දකුණ පොලිස්ථානය, ගම්පහ පොලිස්ථානය හා මීගමුව පොලිස්ථානය මෙම වැටලීම් සඳහා එක්ව තිබෙනවා.

මේ අතර ඊයේ දිනයේදී බස්නාහිර පළාත තුළ සිදු කරන ලද විශේෂ මෙහෙයුමක් මගින් සැකකරුවන් 713 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන් වැඩිම පිරිසක් වන 199 ක්ම වරෙන්තුකරුවන් බවයි බස්නාහිර පළාත හා රථ වාහන භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සඳහන් කරන්නේ.

 

 

 

The post මත්ද්‍රව්‍ය වැටලීම් වලින් 408 දෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.

Read More »

දිනක වැටුප කපා හැරීමට එරෙහිව ගුරු සංගමයෙන් පෙත්සමක්  

0 comments

නැගෙනහිර පළාතේ ගුරුවරුන්ගේ වැටුපෙන් කොටසක් අඩු කිරීම සඳහා නිකුත් කර ඇති චක්‍රලේඛයක් බල රහිත කරන කරන ලෙස ඉල්ලා ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම නොවැම්බර් 4 වනදා කැඳවන ලෙස ‍ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා.

ලංකා ගුරු සංගමයයි එය ගොනු කර ඇත්තේ. ඉකුත් මාර්තු 31 වනදා නැගෙනහිර පළාත් අධ්‍යක්ෂවරයා මෙම චක්‍ර ලේඛය නිකුත් කර ඇති බවයි පෙත්සමේ සඳහන් වන්නේ. නැගෙනහිර පළාතේ දුප්පතුන්ට ආධාර කිරීම යනුවෙන් නිකුත් කර ඇති එම චක්‍ර ලේඛයට අනුව අප්‍රේල් මාසය සඳහා දිනක වැටුපක් කපා හැර ඇති බව ද පෙත්සමේ සඳහන්. මෙම චක්‍ර ලේඛය අවලංගු කරන ලෙසයි ලංකා ගුරු සංගමය පෙත්සමෙන් ඉල්ලා සිටින්නේ.

 

 

 

The post දිනක වැටුප කපා හැරීමට එරෙහිව ගුරු සංගමයෙන් පෙත්සමක් appeared first on ITN News.

Read More »

ඉරානයේ පොදු ස්ථාන වලදී මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය කෙරේ  

0 comments

පොදු ස්ථාන තුලදී මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය කිරීමට ඉරාන බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

ජනතාව මුහුණු ආවරණ පැළඳීම සඳහා උනන්දු කිරිමේ වැඩසටහනක් ටෙහෙරාන් නුවරදී පැවැත්වුණා. ඉරානය තුළ ආසාදිතයින් වාර්තාවීම සුළුවශයෙන් ඉහළ ගියද එය පාලනය කළ හැකි මට්ටමේ පවතින බවයි එරට සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරන්නේ.

The post ඉරානයේ පොදු ස්ථාන වලදී මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය කෙරේ appeared first on ITN News.

Read More »

ඇමෙරිකා උප ජනාධිපති ජනතාවගෙන් ඉල්ලීමක් කරයි  

0 comments

මුහුණු ආවරණ පැළඳීම සහ අත්සේදීම පුරුද්දක් ලෙස සිදුකරන ලෙස ඇමෙරිකාවේ උප ජනාධිපති මයික් පෙන්ස් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

අඛණ්ඩව තුන්වන දිනටත් එරටින් වාර්තාවන ආසාදිතයින් සංඛ්‍යාව හතලිස්දහස  ඉක්මවා ඇති බවයි වාර්තා වන්නේ. ප්‍රාන්ත 30ක පමණ වෛරස් ව්‍යාප්තිය දරුණු අතට හැරී ඇති බව ඉහළ පෙළේ සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙනවා. පසුගිය සති කිහිපය තුළ පමණක් දෛනික ආසාදිතයින් වාර්තා වීම 2000 සිට 5000 දක්වා ඉහළ ගොස් තිබෙනවා. වසා දැමිමේ නීති ලිහිල් කිරීම ආසාදිතයින් වැඩිවීමට ප්‍රධාන හේතුව ලෙසයි සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙන්නේ.

The post ඇමෙරිකා උප ජනාධිපති ජනතාවගෙන් ඉල්ලීමක් කරයි appeared first on ITN News.

Read More »

Recent News

Gossip Lanka MAG