Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පොට්ට කපිලගේ අවි පත්තුවෙන්න ගියේ කාටද?  

Add comments

හෝමාගම පිටිපන ප්‍රදේශයේදී ඊයේ (29) සොයාගත් අවි ආයුධ තොගය සගවා තිබුණේ අපරාධ කල්ලි කණ්ඩායමකට ප්‍රහාරයක් එල්ල කිරීම සදහා දැයි වන සැකය මත අංශ ගණනාවක් ඔස්සේ පරික්ෂණ සිදු වන බව පොලීසිය පවසනවා.

අපරාධ කල්ලිවලට අයත් වැඩිම අවි ආයුධ තොගයක් එකම ස්ථානයකදී සොයා ගත් පළමු අවස්ථාව ද මෙයයි.

බස්නාහිර සහ දකුණු පළාත්වල ක්‍රියාත්මක සංවිධානාත්මක අපරාධ කල්ලි වැටලීමේ මෙහෙයුමේදී මඩපානේ කපිල කුමාර හෙවත් පොට්ට කපිල නමැති අපරාධකල්ලි සාමාජිකයා අත්අඩංගුවට ගත්තා. ඔහුගෙන් කළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලදීයී හෝමාගම පිටිපන ප්‍රදේශයේ  වෙළදසලේ සගවා තිබූ  ටී 56 ගිනි අවි තොගය සොයාගනු ලැබුවේ. පොට්ට කපිල නැමැත්තා පොලීසිය ප්‍රකාශ කර ඇත්තේ තමාට ලැබුණු දුරකතන ඇමතුමකට අනුව හෝමාගම කිරිබේරිය කැලේ  ප්‍රදේශයේ සිට  මෙම ආයුද රැගෙන විත් අදාළ වෙළසැලේ සඟවා තැබූ බවයි.

මෙම අවිතොගය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාරත්මේන්තු අංශ ගණනාවක් ඔස්සේ පරික්ෂණ සිදු කරනවා. සියලු අවි ක්‍රියාකාරී තත්ත්වයේ තිබූ  බව ද පොලීසිය පවසනවා. අපරාධ ගණනාවකට සම්බන්ධව සොයා ගැනීමට නොහැකි වූ සහ ආරක්ෂක අංශවලින් අස්ථානගත වූ අවි මෙහි තිබුණේද යන්න පිලිබද පරික්ෂණ ක්‍රියාත්මකයිත මෙවැනි අවිතොගයක් එකම ස්ථානයක ඒකරාශී කිරීමේ සබදතා ජාලය පිලිබද තොරතුරු හෙළි වෙමින් පවතිනවා.

2018 වසරේ ජුනි 22 වනදා මාතර ප්‍රදේශයේ රන් ආභරණ වෙළදසැලක සිදු වූ  කොල්ලකෑමේ සිද්ධියට‍ කොස්ගොඩ තාරක නැමැති අපරාධකල්ලි සාමාජිකයාට චෝදනා එල්ල වුණා. මෙම අපරාධවලට සම්බන්ධ  බව කියන කණ්ඩායම අවිතොගය හෝමාගම ප්‍රදේශයේ සගවා තබන්ට ඇති බවට වන සැකය මත පරික්ෂණ සිදු කෙරෙන බවයි වාර්තා වන්නේ.

අපරාධකල්ලි ක්‍රියාකාරකම් මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු අපරාධ මැඩලීම සදහා රටපුරා විශේෂ මෙහෙයුම් මේ වන විටත් ක්‍රියාත්මක කෙරෙනවා. ඒ අනුව පසුගිය කාලය තුළ සිදු වූ අපරාධ ගණනාවකට සම්බන්ධ පිරිසට එරෙහිව නීතිය ක්‍රියාත්මක හැකි වී තිබෙනවා.

 

 

The post පොට්ට කපිලගේ අවි පත්තුවෙන්න ගියේ කාටද? appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG