Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රනිල්, චන්ද්‍රිකා, චම්පික සිදුකළ දේශපාලන පළිගැනීම් සුහද ගම්ලත් හෙළිකරයි  

Add comments

පසුගිය යහපාලන සමයේදී යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම දේශපාලනීකරණයට ලක්ව තිබූ බව හිටපු සොලිසිටර් ජෙනරාල් සුහද ගම්ලත් මහතා පවසනවා.

දේශපාලන පළිගැනීම් පිළිබද සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමිනුයි ඔහු මේ බව පැවසුවේ.

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක හිටපු නාවික හමුදාපති අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න, අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් ඩිල්රුක්ෂි ඩයස් වික‍්‍රමසිංහ, ශී‍්‍ර ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති උපුල් ජයසූරිය යන අය ඇතුළු වගඋත්තරකරුවන් පිරිසක් කොමිසම හමුවේ අද (30) පෙනී සිටියා.

ඇවන්ට්ගාඞ් සමාගමට අයත් එම්.වී මහනුවර නැව සම්බන්ධයෙන් සාක්ෂි ලබාදෙමින් සුහද ගම්ලත් මහතා කියා සිටියේ ඒ පිළිබඳව අරලියගහ මන්දිරයේදී හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සමඟ කිහිප විටකදීම සාකච්ඡා පවත්වා ඇති බවයි. නිශ්ශංඛ සේනාධිපති මහතාගේ ගුවන් ගමන් බලපත‍්‍රය රදවා තබා ගැනීමෙන් ඔහුගේ මානව හිමිකම් කඩවිය හැකි බවට තමා දැනුම් දුන් බවද සුහද ගම්ලත් මහතා පැවසුවා.

හිටපු ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සමඟද මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බවයි සාක්ෂිකරු පැවසුවේ. රනිල් වික‍්‍රමසිංහ මහතා මෙන්ම චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ද මේ ආකාරයෙන්ම රාජ්‍ය නිලධාරීන් කැඳවා විභාග වන නඩු සම්බන්ධයෙන් විමසා ඇති බවත් මෙය මුළුමනින්ම වැරදි පූර්වාදර්ශයක් බවත් සාක්ෂිකරු කොමිසම හමුවේ ප‍්‍රකාශ කළා.

රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී ඇවන්ට්ගාඞ් නඩුව පිළිබඳව විමසුවා. එහිදී පාඨලී චම්පික රණවක හිටපු ඇමතිවරයා නිශ්ශංඛ සේනාධිපතිට රට යන්න නිලධාරියෙකු අවසර දී ඇති බවත් ඔහුගේ වැඩ තහනම් කළ යුතු බවත් මේසයට ගසමින් ප‍්‍රකාශ කළ බව ද සාක්ෂිකරු සඳහන් කළා.

ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව සාක්ෂි ඇත්නම් ඔහු අත්අඩංගුවට ගන්නා ලෙසද පාඨලී චම්පික මහතා තමාට කියා සිටි බවයි සාක්ෂිකරු ප‍්‍රකාශ කළේ.

The post රනිල්, චන්ද්‍රිකා, චම්පික සිදුකළ දේශපාලන පළිගැනීම් සුහද ගම්ලත් හෙළිකරයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG