Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මහර බන්ධනාගාර සිද්ධිය සම්බන්ධ විමර්ශන තොරතුරු සැඟවීමකින් තොරව හෙළි කරනවා  

0 comments

මහර බන්ධනාගාර සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරන විමර්ශන තොරතුරු සැඟවීමකින් තොරව හෙළි කරන බව අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසනවා.

විශේෂ විමර්ශන කිහිපයක්  මේ වන විටත් ආරම්භ කර ඇති බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදයෙකු නැගූ ප්‍රශ්නයකට පිලිතුරු ලබාදෙමින් අමාත්‍යරයා මේ බව කියා සිටියා.

 

 

 

 

 

The post මහර බන්ධනාගාර සිද්ධිය සම්බන්ධ විමර්ශන තොරතුරු සැඟවීමකින් තොරව හෙළි කරනවා appeared first on ITN News.

Read More »

ජාතික පාසල් විදුහල්පති පුරප්පාඩු සඳහා අයදුම්පත් භාරගැනීම දෙසැම්බර් 04න් අවසන්  

0 comments

අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ඇති ජාතික පාසල් 170ක විදුහල්පති තනතුරු සඳහා අයදුම්පත් කැඳවීම 2020 දෙසැම්බර් මස 04 වැනි දායින් අවසන් වේ.

මෙතෙක් අයදුම්පත් යොමු කිරීමට නොහැකි වූ, අදාළ තනතුරු සඳහා සුදුසුකම් සපුරන නිලධාරීන් අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වන www.moe.gov.lk වෙත පිවිස අදාළ අයදුම්පත් සහ වැඩිදුර තොරතුරු ලබා ගනිමින් මේ සඳහා අයදුම් කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය විසින් දැනුම් දෙනු ලැබේ.

The post ජාතික පාසල් විදුහල්පති පුරප්පාඩු සඳහා අයදුම්පත් භාරගැනීම දෙසැම්බර් 04න් අවසන් appeared first on ITN News.

Read More »

දිවයින පුරා සංචාරක සේවා සපයන්නන් ලියාපදිංචිය කඩිනම් කෙරේ  

0 comments

දිවයිනපුරා සිටින සංචාරක රියදුරන් මඟපෙන්වන්නන් ඇතුළු සංචාරක සේවා සපයන්නන් ලියාපදිංචිය කඩිනම් කෙරේ.

සංචාරකයන්ට රට විවෘත කිරීමට පෙර සංචාරක සේවා සපයන්නන් සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි වීම අත්‍යවශ්‍ය බැවින් මෙම පියවර ගත් බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

සංචාරකයන් සඳහා රට විවෘත කිරීම සම්බන්ධයෙන් මේ වනවිට රජය පියවර රැසක් ගෙන තිබේ. සෞඛ්‍ය අංශ උපදෙස් අනුව ඒ සඳහා කටයුතු කිරීම රජය අපේක්ෂාවයි. ඒ අනුව සංචාරක සේවා සපයන්නන් ලියාපදිංචිය කඩිනම් කිරීම සඳහා මාර්ග ගත (online) ක්‍රමවේදයක් හඳුන්වා දී ඇතැයි ද ඇමතිවරයා පවසයි.

සංචාරක පනතේ 48(3) වගන්තිය අනුව දිවයින පුරා සිටින සියළුම සංචාරක සේවා සපයන්නන් සංචාරක සේවා අධිකාරියේ ලියාපදිංචි විය යුතුය. මෙලෙස නිසි ලෙස ලියාපදිංචි නොවීම නිසා කොවිඩ් 19 වසංගත තත්වය හේතුවෙන් රජය ලබා දුන් සහන ලබාගැනීමට ඇතැමුන්ට නොහැකි වී ඇත. ලියාපදිංචිය කඩිනම් කිරීම සඳහා මේ තත්වය ද හේතු වූ බව ඇමති ප්‍රසන්න රණතුංග මහතාසඳහන් කරයි.

මේ අතර දිවයින පුරා සිටින සංචාරක රියදුරන්ට සංචාරක සේවා අධිකාරියේ විධිමත් පුහුණුවක් ලබාදීමට ද කටයුතු යොදා ඇතැයි ඇමතිවරයා සඳහන් කරයි. එම පුහුණුව දිවයින පුරා පිහිටි වෘත්තිය පුහුණු මධ්‍යස්ථාන හරහා ලබා දීමට අවබෝධතා ගිවිසුමක් ද අත්සන් කර තිබේ. මෙහිදී පෙර පුහුණුවක් ලබා ඇති පුද්ගලයන්ට පුනරීක්ෂණ වැඩසටහන් ද , නවකයන් සඳහා නව වැඩසටහන් ද සංචාරක සංවර්ධන අධිකාරිය මගින් සම්පාදනය කර තිබේ.

The post දිවයින පුරා සංචාරක සේවා සපයන්නන් ලියාපදිංචිය කඩිනම් කෙරේ appeared first on ITN News.

Read More »

අලි ඇතුන් විසින් පොලිතීන් සහිත කැලි කසළ ආහාරයට ගැනීම වැළැක්වීමට පියවර  

0 comments

වන අලි ඇතුන් පොලිතින් ආහාරයට ගැනීම වැළැක්විම සදහා ගෙන ඇති පියවර තවදුරටත් පුලුල් කර ඇතැයි වන ජීවි හා වන සංරක්ෂණ අමාත්‍යාංශය පවසනවා.

වන ජීවි අමාත්‍යාංශ්‍ය නිවේදනය කළේ කැළි කසල බැහැර කිරීම සදහා සුදුසු කාලෝචිත ක්‍රමෝපායන් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස දිස්ත්‍රික් ලේකම්වරුන්ට දැනුම් දී ඇති බවයි.

The post අලි ඇතුන් විසින් පොලිතීන් සහිත කැලි කසළ ආහාරයට ගැනීම වැළැක්වීමට පියවර appeared first on ITN News.

Read More »

ආබාධිත පුද්ගලයෙකු පෞද්ගලික ආයතනයකට බඳවාගන්නේ නම් වැටුපෙන් හරිඅඩක් වසරක් පුරා ගෙවන්න ජාතික මහලේකම් කාර්යාලය සූදානම්  

0 comments

ආබාධිත පුද්ගලයෙකු පෞද්ගලික ආයතනයකට බදවාගන්නේ නම් ගෙවනු ලබන වැටුපෙන් හරිඅඩක් වසරක් පුරා ගෙවීමට ජාතික මහලේකම් කාර්යාලය හරහා දායකත්වයක් ලබා දිය හැකි බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා. ස්වාධින රූපවාහිනියේ 7 වෙනි පැය සජීව වැඩසටහනට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළකලා.

 

 

 

The post ආබාධිත පුද්ගලයෙකු පෞද්ගලික ආයතනයකට බඳවාගන්නේ නම් වැටුපෙන් හරිඅඩක් වසරක් පුරා ගෙවන්න ජාතික මහලේකම් කාර්යාලය සූදානම් appeared first on ITN News.

Read More »

කොරෝනා මෘත ශරීර ආදාහනය කිරීම අනිවාර්ය කරමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය බල රහිත කරන ලෙස ඉල්ලා ගොණු කර ඇති පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සළකා බැලේ  

0 comments

කොරෝනා ආසාදනයෙන් මරණයට පත්වන පුද්ගලයන්ගේ මෘත ශරීර ආදාහනය කිරීම අනිවාර්ය කරමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය බල රහිත කරන ලෙස ඉල්ලා ගොණු කර ඇති පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සළකා බැලීම අද දිනයේත් සිදු කෙරෙනවා.

මෙම පෙත්සම් සළකා බැලීම අගවිනිසුරු ජයන්ත ජයසූරි මුර්දු ප්‍රනාන්දු සහ ප්‍රීති පත්මන් සූරසේන යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ සිදු කෙරෙනවා. ඊයේ දිනයේදී එම පෙත්සම් සළකා බැලූ අවස්ථාවේ නීතිපතිවරයා ප්‍රකාශ කළේ කොවිඩ් ආසාදනයෙන් මරණයට පත් වන පුද්ගලයින්ගේ මෘත ශරීර ආදාහනය කිරීමට රජය තීරණය කර තිබෙන්නේ වයිරස ව්‍යාප්තිය අවම කර මහජන සෞඛ්‍ය ආරක්ෂා කිරීමේ අරමුණින් බවයි. වගඋත්තරකාර  පාර්ශ්ව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නෙරිල් පුල්ලේ මහතා කරුණු දක්වමින් මෙම පෙත්සම තුළින් අධිකරණය හමුවේ විනිශ්චයට භාජනය කර අත්තේ සෞඛ්‍යමය කරුණක් බව පෙන්වා දුන්නා. මේ සම්බන්ධයෙන් තීරණයක් ගත හැක්කේ සෞඛ්‍ය විශේෂඥයන්ට පමණක් බවයි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා කියා සිටියේ. කෝවිඩ් හේතුවෙන් මරණයට පත්ව පුද්ගලයන්ගේ මෘත ශරීර භූමදාන කළ හැති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර තිබුණ ද  එම සංවිධානයම 1998 වසරේ නිකුත් කළ වාර්තාවක් මගින් මෘත ශරීර තුළින් වයිරසය  ව්‍යාප්ත විය හැකි බවට මතයක් පල කර තිබූ බවද ඒ මහතා අධිකරණය හමුවේ පෙන්වා දුන්නා.

 

The post කොරෝනා මෘත ශරීර ආදාහනය කිරීම අනිවාර්ය කරමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය බල රහිත කරන ලෙස ඉල්ලා ගොණු කර ඇති පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සළකා බැලේ appeared first on ITN News.

Read More »

මහර බන්ධනාගාර සිද්ධියෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 107 දක්වා ඉහළට  

0 comments

මහර බන්ධනාගාර සිද්ධියෙන් තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාව 107 ක් දක්වා ඉහළ ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. සිද්ධිය සම්බන්ධයෙන් රහස් පොලීසය පරීක්ෂණ ආරම්භ කර ඇති අතර අංශ ගණනාවක් ඔස්සේ විමර්ශන සිදු කෙරෙන බවයි ඒ මහතා ප්‍රකාශ කළේ.

 

 

 

 

 

 

The post මහර බන්ධනාගාර සිද්ධියෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 107 දක්වා ඉහළට appeared first on ITN News.

Read More »

ඇමෙරිකාවෙන් දෛනිකව වාර්තාවන Covid ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා යයි  

0 comments

අඛණ්ඩව 27 වන දිනටත් ඇමෙරිකාවෙන් දෛනිකව වාර්තාවන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා තිබෙනවා. ගතවූ පැය 24ට එරටින් හමුවී ඇති සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව එක් ලක්ෂ හැට දෙදහසකට ආසන්නයි. ඇමෙරිකාවේ සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව එක්කෝටි තිස්නව ලක්ෂය ඉක්මවා ඇති අතර එරටින් වාර්තාවන කොරෝනා මරණ සංඛ්‍යාව දෙලක්ෂ හැත්තෑපන්දහසකට ආසන්නයි. ගතවූ පැය 24ට ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතයින් තිස් එක් දහස් එකසිය හැත්තෑ නව දෙනෙකු වාර්තා වී ඇති අතර ඒ සමගම එරට සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ අනූපහකට ආසන්න වනවා. ඉන්දියාවෙන් වාර්තාවන කොරෝනා මරණ සංඛ්‍යාව එක්ලක්ෂ තිස් හත්දහස් හයසිය පනස් නවයක් බවයි එරට සෞඛ්‍ය අංශ සදහන් කරන්නේ. රටවල් 218 කින් වාර්තාවන සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව හය කෝටි  තිස් පන් ලක්ෂය ඉක්මවා ඇති අතර / කොරෝනා මරණ සංඛ්‍යාව දාහතර ලක්ෂ හැත්තෑ තුන් දහස් හත්සිය හතලිස් හයක් බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරන්නේ.

The post ඇමෙරිකාවෙන් දෛනිකව වාර්තාවන Covid ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා යයි appeared first on ITN News.

Read More »

නාගරික ප්‍රදේශවල ජනතාවට එළවළු පැල බෙදා දීමේ වැඩසටහනක්  

0 comments

නාගරික ප්‍ර දේශවල ජනතාවට එළවළු පැල බෙදා දීමේ වැඩසටහනක් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගර සභාවේ ඔබේසේකරපුර කොට්ඨාශ කාර්යාලය  තුළදී ක්‍රියාත්මක වුණා. ඒ සෞභාග්‍යයා ගෙවතු වගා වැඩසටහනට සමගාමීවයි.  පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතාණ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අවස්ථාවට කෝට්ටේ නගරාධිපති ශාන්ත ප්‍රේමලාල් මහතා ද එක්ව සිටියා.

 

The post නාගරික ප්‍රදේශවල ජනතාවට එළවළු පැල බෙදා දීමේ වැඩසටහනක් appeared first on ITN News.

Read More »

කොළඹ නිරෝධායනය කර ඇති පවුල්වලට මෙන්ම හුදෙකලා ප්‍රදේශවල වැසියන්ට 5000 දීමනාව ලබා දීම අඛණ්ඩව  

0 comments

කොළඹ දිස්ත්‍රික්කයේ නිරෝධායනය කර ඇති පවුල්වලට මෙන්ම හුදෙකලා ප්‍රදේශවල මහල් නිවාස වැසියන්ට රුපියල් මිලියන දෙදහස් හත්සීයක වියළි ආහාර හා රුපියල්  පන් දහසේ දීමනාව ලබා දී ඇති බව කොළඹ දිසා ලේකම් ප්‍රදීප් යසරත් මහතා පවසනවා.

මෙම නිවැසියන්ගේ ජීවනෝපාය අහිමි වීම සලකා රුපියල් පන් දහසේ දිමනාව ද අඛණ්ඩව ලබා දෙන බව දිසා ලේකම්වරයා සදහන් කළා.

මේ සම්බන්ධයෙන් මහල් නිවාස වැසියන් ද ප්‍රසාදය පළ කළා.

 

 

The post කොළඹ නිරෝධායනය කර ඇති පවුල්වලට මෙන්ම හුදෙකලා ප්‍රදේශවල වැසියන්ට 5000 දීමනාව ලබා දීම අඛණ්ඩව appeared first on ITN News.

Read More »

මිනුවන්ගොඩ නොසන්සුන්තාවට මධුමාධව සම්බන්ධ බවට ජනපති කොමිසමේදි ප්‍රකාශ කෙරේ  

0 comments

පසුගිය වසරේ මැයි මස 13 වන දින මිනුවන්ගොඩ ප්‍රදේශයේ ඇතිවු නොසන්සුන්තාවට පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ නියෝජ්‍ය නායක මධුමාධව අරවින්ද මහතා සම්බන්ධ බවට ජනාධිපති කොමිසමේදි අද ප්‍රකාශ කෙරුණා.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනය කළ නිලධාරින් ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂිදෙමින් කියා සිටියේ කළහකාරි තත්ත්වයක් ඇතිවු දින මධුමාධව අරවින්ද මහතා එම ප්‍රදේශයේ රැදි සිට ඇති අතර එම සිදුවීමට පෙර ප්‍රදේශයේ විහාරස්ථානයක පැවති සැකකටයුතු ජනහමුවකටද ඒ මහතා සහභාගි වී ඇති බවයි. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂිදෙමින් එවකට ගම්පහ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාව කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොෂාන් විජේසිංහ මහතා කියා සිටියේ  මිනුවන්ගොඩ නගරයට එක්‍ රැස්වු 1500 – 2000 ක පමණ පිරිසක් කළහාකාරි ලෙස හැසිරුණු බව හා ප්‍රමාණවත් නිලධාරින් සංඛාවක් නොසිටීම හේතුවෙන් පොලිසියට සහ ආරක්ෂක අංශ වලට තත්ත්වය පාලනය කර ගැනීමට නොහැකි වු බවයි. අදාළ සිදුවීමෙන් පසු අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීම භාරව කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චන්දන දීප්ත ලියනගේ මහතාගෙන් ජනාධිපති කොමිසම Skype තාක්ෂණය ඔස්සේ සාක්ෂි විමසනු ලැබුවා. එහිදි ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂිදෙමින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා සදහන් කළේ මිනුවන්ගොඩ නගරය තුළ මෙම කළහාකාරි සිදුවීම් සිදුවී පළමු දින 03 තුළ සැකකරුවන් 16 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට හැකිවු බවයි. මෙහිදි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරිය විමසා සිටියේ මෙම ගිනි තැබීමේ සහ පහරදීමේ සිදුවීම් පිළිබද කිසියම් දේශපාලන පක්ෂයක හෝ සංවිධානයක මෙහෙයවීමක් ඇති බව විමර්ශන වලදි ඔබට හෙළිදරව් වුයේද යන්නයි.

” ස්වාමිනි 2019 මැයි 13 මිනුවන්ගොඩ නගරයේ ඔය නොසන්සුන්තාවය ඇතිවෙන්න කළින් වෑගොව්ව, ගල්ඔලුව ප්‍රදේශයේ ශ්‍රී සුබද්‍රාරාම විහාරයේ යම් සිදුවීම් මලාවක් වී තිබෙනවා. විහාරයේ කුඩා සාමනේර නමකට මුස්ලීම් ජාතිකයෙක් පහරදීමක් කළා කියලා පොලිසියට පැමිණිල්ලක් ලැබුණා. ඒ සිදුවීම මුල්කරගෙන විහාරස්ථානයේ ගම්වාසින් එකතුකරලා රැස්වීමක් තිබිලා තියෙනවා. ඒ රැස්වීම සංවිධානය කරලා තියෙන්නේ ජගත් නැමැති පුද්ගලයෙක්. ජගත් නැමැත්තා මධුමාධව අරවින්දගේ සමීපතමයෙක්. ඒ රැස්වීමට ඇවිත් මධුමාධව කියලා තියෙනවා ” මේ වගේ සිද්ධි වලට එරෙහිව නැගි සිටින්න ඕනේ කියලා “. ඉන් සතියකට පස්සෙයි මිනුවන්ගොඩ නගරයේ ඔය නොසන්සුන්තාවය හටගෙන තියෙන්නේ. ඒ වෙලාවේ මුස්ලීම් ජාතික වෙළදසැල් වලට පහරදීමට වැඩියෙන්ම සම්බන්ධ වෙලා තියෙන්නෙත් අර රැස්විම තිබ්බ ගල්ඔලුව ප්‍රදේශයේ ජනතාව. අපේ පරික්ෂණ වලදි අනාවරණය වුණා මදු මාධව අරවින්ද ඔය මිනුවන්ගොඩ ප්‍රදේශයේ නොසන්සුන්තාවය ඇතිවුණ අවස්ථාවේ ඒ ප්‍රදේශයේ රැදී සිටි බව යැයි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂිදුන්නා. සිදුවීම වන අවස්ථාවේ මිනුවන්ගොඩ පොලිස් ස්ථානාධිපතිවරයාව සිටි ප්‍රධාන පොලිස් පරික්ෂක ප්‍රියන්ත මහතාද අද ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන්නා. මෙහිදි ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා ප්‍රශ්න කර සිටියේ මෙම සිදුවීම සම්බන්ධයෙන් ජගත් නැමැත්තාව හෝ මදු මාදව අරවින්ද  නැමැත්තාව අත්අඩංගුවට ගැනිමක් සිදු කලේද යන්නයි.” එයට පිලිතුරු දෙමින් ප්‍රදාන පොලිස් පරික්ෂක ප්‍රියන්ත මහතා කියා සිටියේ අදාල තැනැත්නන් දෙදෙනා විසින් තමන් අත්අඩංගුවට ගැනිම වලක්වාලමින් අපේක්ෂිත ඇප අයදුම් ලබා ගෙන තිබු බවයි.”

 

The post මිනුවන්ගොඩ නොසන්සුන්තාවට මධුමාධව සම්බන්ධ බවට ජනපති කොමිසමේදි ප්‍රකාශ කෙරේ appeared first on ITN News.

Read More »

ඇමර්සන් වනාන්තරයේ වන විනාශය උග්‍ර වෙයි  

0 comments

වසර 12කට පසු බ්‍රසීලයේ ඇමර්සන් වනාන්තරයේ සිදුවන වන විනාශය උග්‍රම තත්ත්වයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරනවා.

2008 වසරෙන් පසු වැඩිම වන සංහාරයක් සිදුව ඇත්තේ 2019 වසරේ අගෝස්තු මාසයේ සිට මෙම වසරේ ජුලි මාසය දක්වායි. ඒ ජනාධිපති ජේර් බොල්සනාරෝගේ පාලන කාලය තුළ බවයි පරිසරවේදීන් සදහන් කරන්නේ. එම කාලය තුළ වර්ග කිලෝමීටර් එකොළොස්දහසකට අධික වන ප්‍රදේශයක් සම්පූර්ණයෙන්ම විනාශ කර තිබෙනවා. පසුගිය වසරට සාපේක්ෂව එය සියයට නවයයි දශම පහක ඉහළ යාමක් ලෙසයි සැලකෙන්නේ. ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම පාලනය කිරීමට ඇමසන් වනාන්තරයෙන් ලැබෙන දායකත්වය මේ සමගම අවම තත්ත්වයට පත්වෙමින් පවතින බවට පරිසරවේදීන් චෝදනා කරනවා. සත්ව හා ශාක ප්‍රභේද මිලියන තුනකට හා ආදිවාසීන් මිලියනයකට පමණ නිජබිම වී ඇත්තේ ඇමසන් වනාන්තරයයි. වන විනාශය වැඩි වීමත් සමගම එම සත්ව හා ශාක ප්‍රජාව දැඩි අර්බුධයකට මුහුණ දී සිටිනවා. බ්‍රසීල ජනාධිපති ජේර් බෝල්සනාරෝ ඇමසන් වනාන්තරය තුළ කෘෂි වගා හා පතල් කර්මාන්තය සිදුකිරීමට අවසර ලබා දීම වන විනාශයට මූලික හේතුව ලෙසයි විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.

 

 

The post ඇමර්සන් වනාන්තරයේ වන විනාශය උග්‍ර වෙයි appeared first on ITN News.

Read More »

උතුරු දිග කොළොම්බියාවේ ගම්මානයක ඇතිවූ ගින්නකින් දෙදෙනෙකු ජීවිත්ෂයට  

0 comments

උතුරු දිග කොළොම්බියාවේ ගම්මානයක ඇතිවූ ගින්නකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිත්ෂයට පත්ව තිබෙනවා.

ගින්න හේතුවෙන් නිවාස විනාශ වී ගොසින්.  සිය ගණනක් අවතැන්ව සිටින  බවයි වාර්තා වන්නේ. විදුලි කාන්දුවක් හේතුවෙන් ගින්න හටගෙන ඇති බවට අනාවරණය වී තිබෙනවා. නිවාස 82ක් ගින්න හේතුවෙන් විනාශයට පත්වී ඇති අතර ඉන් 44ක්ම සම්පූර්ණයෙන් විනාශ වී ඇති බවයි බලධාරීන් සදහන් කරන්නේ. එම ප්‍රදේශයට අදාළව ගිනි නිවීමේ ඒකකයක් නොමැති වීම ගින්න පැතිර යාමට හේතුව ලෙස දැක්වෙනවා. ආරක්ෂක අංශවල මැදිහත් වීමෙන් මේ වන විට ගින්න සම්පූර්ණයෙන්ම මැඩ පවත්වා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

 

The post උතුරු දිග කොළොම්බියාවේ ගම්මානයක ඇතිවූ ගින්නකින් දෙදෙනෙකු ජීවිත්ෂයට appeared first on ITN News.

Read More »

මහර බන්ධනාගාර සිද්ධිය: 08 දෙනෙකු ජීවිතක්ෂයට – 71 දෙනෙකුට තුවාල  

0 comments

මහර බන්ධනාගාරය තුළ රැඳවූවන් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරීමත් සමඟ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයෙන් 08 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

71 දෙනෙකු තුවාල ලබා ඇති අතර බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු ද ඒ අතර වනවා. සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් සිදු කරන ලෙස ආරක්ෂක ලේකම්වරයා පොලිස්පතිවරයාට දැනුම් දී තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ  වනවිටත් පරීක්ෂණ ආරම්භ කර ඇති බව  පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

මහර බන්ධනාගාරයේ රැඳවූවන් පිරිසකට කොරෝනා වයිරසය ආසාදනය වීමත් සමඟ රැඳවූවන් පිරිසක් බන්ධනාගාරයෙන් පලා යාමට උත්සාහ දැරීමත් සමඟයි මෙම නොසන්සුන්කාරී තත්ත්වය හට ගැනුණේ. බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය මහතා ප්‍රකාශ කළේ එය කැරැල්ලක් දක්වා වර්ධනය වීමත් සමඟ තත්ත්වය පාලනය  සඳහා බන්ධනාගාර නිලධාරින් අවම බලය භාවිත කළ බවයි. එහිදී වෙඩි ප්‍රහාර කිහිපයක්ද එල්ල කර ඇති අතර තත්ත්වය වඩාත් උත්සන්න වීම හේතුවෙන් එය පාලනය සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය කැඳවීමට පියවර ගැනුණා. ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු බන්ධනාගාර රැඳවූවන් ඇතුළත දේපලවලට දැඩි ලෙස හානි සිදු කර ඇති බවයි පොලීසිය පවසන්නේ. රැඳවූවන් බන්ධනාගාර පරිශ්‍රයේ පිහිටි සෞඛ්‍ය කාර්යාලයට මෙන්ම ගබඩාවට සහ තවත් ස්ථාන කිහිපයකට ගිනි තබා තිබෙනවා. ගින්න පැතිර යාම වැළැක්වීම සදහා ගිනි නිවීමේ රථ 06 ක්  ද යොදවනු ලැබුවා. බන්ධනාගාරයෙන් පිටත ආරක්ෂාව තර කිරීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් 05 ක් ද කැදවා තිබුණා. නොසන්සුන්කාරී තත්ත්වය පාලනය සඳහා පොලිස් නිලධාරීන්  400 කට වැඩි පිරිසක් මෙන්ම විශේෂ කාර්ය බලකා නිලධාරීන් 200 ක් ද  යොමු කෙරුණු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදු කිරීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් පත් කර ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

මහර බන්ධනාගාරය තුළ ඇතිවූ ගැටුමේදී හැත්තෑ එක් දෙනෙකු තුවාල ලබා තිබෙනවා. බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු ද තුවාල ලබා ඇති අතර රාගම ශික්ෂණ රෝහලේ ඔවුන් මේ වනවිට ප්‍රතිකාර ලබනවා. එම නිලධාරීන් දෙදෙනාගේ තත්ත්වය බරපතල බවයි රෝහල් වාර්තා සඳහන් කරන්නේ.

කෙසේ වෙතත් අද අලුයම වන තෙක් බන්ධනාගාරයේ හටගත් ගින්න පැවති අතර අද දහවල් වන විට එය පාලනය කිරීමට හැකි වූ බව  බන්ධනාගාර නිලධාරීන් ප්‍රකාශ කළා. මෙම නොසන්සුන්කාරී තත්ත්වය ඇති වූ අවස්ථාවේ සිට අද උදෑසන වන තෙක්ම බන්ධනාගාර රැඳවූවන්ගේ ඥාතීන් බන්ධනාගාර පරිශ්‍රය ඉදිරිපට රැඳී සිටින ආකාරය දැක ගත හැකිවූ බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ.

මේ අතර  මහර බන්ධනාගාරයේ සිදු වූ කලහකාරී සිදු වීම සම්බන්ධයෙන් සොයා බැලීමට බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා  ද එම ස්ථානයට පැමිණියා.

බන්ධනාගාරය තුළ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ. එහෙත් බන්ධනාගාරය තුළ තවදුරටත් මෙහෙයුම් සිදු කෙරෙන බව පොලිසිය පවසනවා.

 

The post මහර බන්ධනාගාර සිද්ධිය: 08 දෙනෙකු ජීවිතක්ෂයට – 71 දෙනෙකුට තුවාල appeared first on ITN News.

Read More »

බැසිල් රාජපක්ෂට එරෙහිව පනවා තිබූ විදෙස් ගමන් තහනම් නියෝග දෙකක් ඉවතට  

0 comments

තවත් නඩු දෙකට අදාළව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව පනවා තිබූ විදෙස් ගමන් තහනම් නියෝග දෙකක් ඉවත් කරන ලෙස කොළඹ මහාධිකරණය අද නියෝග කළා. මෝසමක් ඉදිරිපත් කරමින් බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කළ ඉල්ලීම සළකා බැලීමෙන් අනතුරුවයි මෙම නියෝගය නිකුත් කෙරුණේ.

2015 වසරේ   පැවති ජනාධිපතිවරණ සමයේ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් දෙකෝටි අනූ දෙලක්ෂයක පමණ මුදලක් වැය කර ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ මහින්ද රාජපක්ෂ මහතාගේ රුව සහිත ලිත් ලක්ෂ 50 ක් මුද්‍රණය කිරීම තුළින් රජයේ අරමුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු දෙදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා නඩුවක් ගොණු කර තිබුණා. බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ඉල්ලා සිටියේ තම සේවාදායකයා ආර්ථිකය සම්බන්ධ කාර්ය සාධන බලකායක සභාපතිවරයා ලෙස කටයුතු කරන බැවින් රාජකාරී කටයුතු සදහා විදේශ ගතවීමට සිදුවන බවයි.

මේ අතර 2015 වසරේ පැවති ජනාධිපතිවරණ සමයේ දිවිනැගුම සංවර්ධන අරමුදලින් රුපියල් මිලියන 38 ක් වැය කර දිවයින පුරා පිහිටි ප්‍රාදේශීය සභාවෙත ජී.අයි පයිප්ප බට මිලදීගෙන බෙදා හැරීම තුළින් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව පවරා තිබූ  නඩුව යටතේ තිබූ විදෙස් ගමන් තහනම ද ඉවත් කෙරුණා.

 

The post බැසිල් රාජපක්ෂට එරෙහිව පනවා තිබූ විදෙස් ගමන් තහනම් නියෝග දෙකක් ඉවතට appeared first on ITN News.

Read More »

අක්කරෙයිපත්තුව පොලිස් බල ප්‍රදේශය දැඩි සෞඛ්‍යාරක්ෂිත කලාපයක් ලෙස නම් කෙරේ  

0 comments

අක්කරෙයිපත්තුව පොලිස් බල ප්‍රදේශය දැඩි සෞඛ්‍යාරක්ෂිත කලාපයක් ලෙස නම් කිරීමට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය කටයුතු කර තිබෙනවා.

එම ප්‍රදේශයේ වාර්තා වන රෝගීන් සංඛ්‍යාව ඉහළ යාමත් සමඟයි මෙම තීරණය ගෙන ඇත්තේ. අක්කරෙයිපත්තුව ප්‍රදේශයෙන් රෝගීන් 58 දෙනෙකු හා කල්මුණේ ප්‍රදේශයෙන් රෝගීන් 86 දෙනෙකු වාර්තා වුණා.

 

 

The post අක්කරෙයිපත්තුව පොලිස් බල ප්‍රදේශය දැඩි සෞඛ්‍යාරක්ෂිත කලාපයක් ලෙස නම් කෙරේ appeared first on ITN News.

Read More »

මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයෙන් අට දෙනෙකු මියයයි – 45කට තුවාල  

0 comments

මහර බන්ධනාගාරය තුළ ඊයේ පස්වරුවේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයෙන් පුද්ගලයින් අට දෙනෙකු මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

බන්ධනාගාර රැඳවූවන් 45 දෙනෙකු සහ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවයි ඒ මහතා ප්‍රකාශ කළේ.

 

The post මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයෙන් අට දෙනෙකු මියයයි – 45කට තුවාල appeared first on ITN News.

Read More »

වසර 71 කට පසු දිල්ලි නගරයෙන් අඩුම උෂ්ණත්වයක් වාර්තා වෙයි  

0 comments

වසර 71 කට පසු දිල්ලි නගරයෙන් අඩුම උෂ්ණත්වයක් වාර්තා වූ නොවැම්බර් මාසය මෙය බව ඉන්දීය කාලගුණික දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

අද දින දිල්ලි නගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක දහයයි දශම දෙකක් තරම් පහළ අගයක තිබූ බවයි වාර්තා වන්නේ. 1949 වසරේ නොවැම්බර් මාසයේදී ද දිල්ලි නගරයේ උෂ්ණත්වය ලෙස සෙල්සියස් අංශක දහයයි දශම දෙකක අගයක් වර්තා වුණා. ඊට ඉහතදී 1938, 1931 හා 1930 යන වසරවලදී ද දිල්ලි නගරයෙන් අවම උෂ්ණත්ව වාර්තා වී ඇති අතර එම අගයන් පිළිවෙළින් සෙල්සියස් අංශක නවයයි දශම හය, නවය හා අටයි දශම නවය ලෙසයි ඉන්දීය කාලගුණික දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ. මෙම මාසයේදී ද අඩුම උෂ්ණත්ව වාර්තා වූ දින ලෙස නොවැම්බර් 3, 20, 23 හා 24 යන දිනයන් දැක්වෙනවා.

 

 

 

The post වසර 71 කට පසු දිල්ලි නගරයෙන් අඩුම උෂ්ණත්වයක් වාර්තා වෙයි appeared first on ITN News.

Read More »

විස්කොන්සින් ප්‍රාන්තයේ ජයග්‍රහණය ජෝ බයිඩ්න් හට  

0 comments

ඇමෙරිකාවේ විස්කොන්සින් ප්‍රාන්තයේ ජයග්‍රහණයද ජෝ බයිඩ්න් හට හිමිව තිබෙනවා. වැඩි ඡන්ද විසිදහසකින් පමණ ඔහු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අභිබවා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

විස්කොන්සින් ප්‍රාන්තයේ ප්‍රකාශිත ඡන්ද දෙවන වර ගණන් කිරීමෙන් අනතුරුවයි මෙලෙස ප්‍රතිඵල නිකුත් වී ඇත්තේ. එම ප්‍රාන්තයේ ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව ලක්ෂ අට ඉක්මවා තිබූ බව මැතිවරණ කාර්යාලය නිවේදනය කරනවා. කෙසේ වුවද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවති මැතිවරණය දූෂිත බවයි දිගින් දිගටම චෝදනා කරන්නේ. ප්‍රතිඵල අභියෝගයට ලක් කරමින් මිචිගන්, ජෝර්ජියා, ඇරිසෝනා හා නෙවාඩා ඇතුළු ප්‍රාන්ත රැසක ජනාධිපතිවරයා ගෙනු කර තිබු පෙත්සම් විභාගයකින් තොරවම ප්‍රතික්ෂේප කෙරුනා. මේ අතර තේරී පත් වූ ජනාධිපති ජෝ බයිඩ්න්ගේ පාදයේ අස්ථි පිපුරුමක් සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ. ඔහුගේ සුරතලෙක් සමග කාලය ගත කරමින් සිටියදී සිදු වූ අනතුරක් මෙයට හේතු වී තිබෙනවා.

 

 

 

 

The post විස්කොන්සින් ප්‍රාන්තයේ ජයග්‍රහණය ජෝ බයිඩ්න් හට appeared first on ITN News.

Read More »

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ තීරු බදු රහිත සාප්පු සංකීර්ණය හෙට විවෘත කෙරේ  

0 comments

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ තීරු බදු රහිත සාප්පු සංකීර්ණය සීමා සහිතව විවෘත කරීමට කටයුතු කර තිබෙනවා.

ගුවන්තොටුපල වෙත පැමිණෙන ගුවන් මගීන්ට භාණ්ඩ ඇණවුම් කර පසුව ලබාගැනීමේ ක්‍රමවේදයකට අනුව තීරු බදු රහිත සාප්පු සංකීර්ණය හෙට සිට  විවෘත කිරීමට පියවර ගන්නා බව ගුවන්තොටුපල කළමනාකරණ ප්‍රධානී එච්.එස්. හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළා. භාණ්ඩ භාරගැනීම සදහා තම පවුලේ අයෙකු හෝ වෙනත් අයකු නම් කළ යුතු වනවා. සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශ මත මෙම වැඩපිළිවෙල සකස් කළ බවයි හෙට්ටිආරච්චි මහතා අද පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ.

 

 

 

The post කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ තීරු බදු රහිත සාප්පු සංකීර්ණය හෙට විවෘත කෙරේ appeared first on ITN News.

Read More »

හුදෙකලා ප්‍රදේශ හැර සෙසු ප්‍රදේශවල පාසැල් පැවැත්වීමේ සියලු බලතල විදුහල්පතිවරුන්ට  

0 comments

හුදෙකලා කර ඇති ප්‍ර දේශ හැර සෙසු ප්‍රදේශවල පාසැල් පැවැත්වීමේ සියලු බලතල විදුහල්පතිවරුන්ට පවරා ඇති බව අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා පවසනවා. සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන නිශ්චිත දිනයන් සම්බන්ධයෙන් කඩිනමින් තීන්දු කරන බවයි කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

 

 

The post හුදෙකලා ප්‍රදේශ හැර සෙසු ප්‍රදේශවල පාසැල් පැවැත්වීමේ සියලු බලතල විදුහල්පතිවරුන්ට appeared first on ITN News.

Read More »

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවා වෙන්කර ගැනීමේ පහසුව සඳහා නව දුරකථන අංකයක්  

0 comments

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට හා වේරහැර කාර්යාලවලින් සේවා වෙන්කර ගැනීමේ පහසුව සඳහා නව දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා.

The post මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවා වෙන්කර ගැනීමේ පහසුව සඳහා නව දුරකථන අංකයක් appeared first on ITN News.

Read More »

රජයේ ප්‍රකාශන කාර්යාංශය හෙට සිට විවෘතයි  

0 comments

තාවකාලිකව වසා දමා තිබූ රජයේ ප්‍රකාශන කාර්යාංශය හෙට සිට මහජනතාව වෙනුවෙන් විවෘත කෙරෙනවා. කොවිඩ් නයින්ටීන් තත්ත්වය හේතුවෙන් වසා දමා තිබූ මෙම කාර්යාංශය නියමිත සෞඛ්‍ය උපදෙස් වලට අනුව රාජකාරී සිදු කිරීමට නියමිතයි.

 

 

The post රජයේ ප්‍රකාශන කාර්යාංශය හෙට සිට විවෘතයි appeared first on ITN News.

Read More »

නයිජීරියාවේ ගම්මානයක සිදු වූ සමූල ඝාතනයකින් 110 කට වැඩි පිරිසක් මිය යයි  

0 comments

ඊසාන දිග නයිජීරියාවේ ගම්මානයක සිදු වූ සමූල ඝාතනයකින් පුද්ගලයින් 110 කට වැඩි පිරිසක් මියගොස් තිබෙනවා.

ගොවියන් ඉලක්ක කරගනිමිනුයි මෙම ඝාතනය සිදුව ඇත්තේ. එම ස්ථානයේදීම පුද්ගලයන් හතළිස් තුන් දෙනෙකු මියගොස් ඇති අතර රෝහල්ගත කිරීමෙන් පසු තවත් හැත්තෑ දෙනෙකු මියගිය බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරනවා. බෝනෝ ප්‍රාන්තයේ සිවිල් ගැටුම් අධිකම ප්‍රදේශයකයි මෙම ඝාතනය සිදුව ඇත්තේ. මෙහි වගකීම මේ වනතෙක් කිසිදු කණ්ඩායමක් භාරගෙන නැහැ. කෙසේ වුවද අයි එස් ත්‍රස්ත සංවිධානයට අයත් බොකෝහරාම් සංවිධානය මෙය සිදුකරන්නට ඇති බවයි බලධාරීන් සැක පළ කරන්නේ. පසුගිය දශකයක කාලය තුළ නයිජීරියා, නයිගර්,චැඩ් හා කැමරුන් වැනි රටවල ත්‍රස්ත සංවිධාන සිදු කළ ප්‍රහාරයන්ගෙන්  තිස් දහසක් පමණ පිරිසක් මියගොස් තවත් මිලියන දෙකකට අධික පිරිසක් අවතැන්ව ඇති බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය සදහන් කරන්නේ.

 

 

The post නයිජීරියාවේ ගම්මානයක සිදු වූ සමූල ඝාතනයකින් 110 කට වැඩි පිරිසක් මිය යයි appeared first on ITN News.

Read More »

බස්නාහිරින් පිට හුදෙකලා නැති තැන්වල පාසල් කටයුතු සාමාන්‍ය වෙද්දී හුදෙකලා තැන්වලින් කිසිම කරුණකට පිටනොවන්නැයි දැඩි අවවාද  

0 comments

දිවයිනේ බොහෝ පාසල්වල තුන්වන වාරය සදහා අධ්‍යයන කටයුතු මේ වනවිට‌ සාර්ථක ලෙසින් සිදු වෙමින් පවතින බව අප වාර්තාකරුවන් පවසනවා. මේ අතර හුදෙකලා කර ඇති ප්‍ර දේශවල නිරෝධායන නීති නිසි පරිදි ක්‍රියාත්මක වීම පිළිබදව ද පොලිසිය විශේෂ අවදානය යොමු කර තිබෙනවා.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ මෙතෙක් වසා තිබූ සියලු පාසල් අද විවෘත කෙරුණා.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සහභාගීත්වයෙන් එම පාසල් විෂබීජහරණයට ලක්කර නිසි සෞඛ්‍ය ක්‍රමවේදවලට අනුකූලව අධ්‍යන කටයුතු ආරම්භ කිරීමටයි කටයුතු කෙරුණේ.

හැටන් ප්‍ර දේශයේ ප්‍රධාන පාස්ලවල අධ්‍යයන කටයුතු ද සාමාන්‍ය තත්ත්වයට පත්ව තිබෙනවා. 6 ශ්‍රේණියේ 13 වන ශ්‍රේණිය දක්වා පංති සාමාන්‍ය  පරිදි පැවැත්වෙන බවයි විදුහල්පතිවරුන් සදහන් කළේ. පාසල්වලට පැමිණෙන ආචාර්ය මණ්ඩලය හා සිසු සිසුවියන් සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු කිරීමට පියවර ගෙන ඇති බව හැටන් ශ්‍රී පාද විද්‍යාලයේ විදුහල්පති වසන්ත කවිරාජ මහතා සදහන් කළා.

දෙවැනි පාසල් වාරය සදහා පුත්තලම දිස්ත්‍රික්කයේ පාස්ලවල දරු දැරියන්ගේ පැමිණීම ද සතුටුදායක තත්ත්වයක පවතින බව අප වාර්තා කරුවන් සදහන් කළා. නගරබද පාසල්වල දරුවන්ගේ පැමිණීම තරමක අඩුවක් දැක ගැනීමට ලැබුණ ද ගම්බද පාසල්වල හොද පැමිණීමක් දැක ගැනීමට ලැබුණු බවයි විදුහල්පතිවරුන් පවසන්නේ.

මේ අතර  මෝදර, බ්ලූමැන්ඩල්, කොටහේන,  ග්‍රෑන්ඩ්පාස්,  ආදුරුප්පු වීදිය, වේල්ල වීදිය,  කෙසෙල් වත්ත, මාලිගාවත්ත, දෙමටගොඩ හා මරදාන පොලිස් වසම්වල හුදෙකලා තත්ත්වය තවදුරටත් ක්‍රියාත්මකයි. කොම්පඤ්ඤවීදිය පොලිස් වසමේ වෑකන්ද ග්‍රාම නිලධාරී වසම හා බොරැල්ල පොලිස් වසමේ වනාතමුල්ල ග්‍රාම නිලධාරී පොලිස් වසම ද තවදුරටත් හුදෙකලා කර තැබීමටයි තීරණය කර ඇත්තේ. ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල, පෑලියගොඩ සහ කැලණිය ප්‍ර දේශ ද තවදුරටත් හුදෙකලා තත්ත්වයේ පවතිනවා. මට්ටක්කුලිය පොලිස් වසමේ රන්දිය උයන නිවාස යෝජනා ක්‍රමය සහ පර්ගියුසන් පාරේ දකුණු ප්‍ර දේශය අලුතින් හුදෙකලා ප්‍ර දේශ ලෙස නම් කර තිබෙනවා.

වැල්ලම්පිටිය පොලිස් වසමේ ලක්සද සෙවණ නිවාස යෝජනා ක්‍රමය සාලමුල්ල සහ විජයපුර ග්‍රාම නිලධාරී වසම් ද හුදෙකලා ප්‍ර දේශ බවට පත්වුණා. දිවයිනේ සෙසු දිස්ත්‍රික්කයන්හි හුදෙකලා කර ඇති ප්‍ර දේශ නැවත දැනුම් දෙන තුරු තවදුරටත් හුදෙකලා ප්‍ර දේශ වශයෙන් පවතින බව කොවිඩ් නයින්ටීන් පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. මෙම හුදෙකලා ප්‍රදේශවල නිරෝධායන නීති අනුගමනය කිරීම අනිවාර්ය වන අතර එම ප්‍රදේශවලට ඇතුළුවීම හෝ පිටවීම තහනම් කර තිබෙනවා. රැකියා ස්ථානවල හැදුනුම්පත් භාවිත කරමින් හෝ එම ප්‍රදේශවල ගමන් කිරීමට නොහැකි වනවා.

පිටකොටුව මැනිං වෙළදපොළ සහ හතරවන සහ පස්වන හරස්වීදිවල වෙළදාම් කටයුතු නැවත දැනුම් දෙනතුරු ආරම්භ කිරීමට නොහැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. සමාජ ජාලා ඔස්සේ වැරදි ප්‍රචාර ගෙන යන පුද්ගලයන් සම්බන්ධයෙන් ද විමර්ශන සිදු කෙරෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේ.

කොළොන්නාව සාල මුල්ල ලක් සද සෙවණ මහල් නිවාස සංකීර්ණයේ මේ වනවිට හුදෙකලා කර තිබෙන අතර ඉසුරුගාඩ්න් බදුවත්ත පාර රණවිරු සුසන්ත ලාල් ප්‍ර දේශය හුදෙකලා කර තිබෙන ආකාරය දැක ගැනීමට ලැබුණා.

 

 

The post බස්නාහිරින් පිට හුදෙකලා නැති තැන්වල පාසල් කටයුතු සාමාන්‍ය වෙද්දී හුදෙකලා තැන්වලින් කිසිම කරුණකට පිටනොවන්නැයි දැඩි අවවාද appeared first on ITN News.

Read More »

කොළඹ තත්ත්වය භයානකයි  

0 comments

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කළේ කොළඹ හා ඒ ආශ්‍රිත ප්‍රදේශවල පවතින තත්ත්වය ඉතාමත් භයානක බවයි.

The post කොළඹ තත්ත්වය භයානකයි appeared first on ITN News.

Read More »

මහර බන්ධනාගාරය තුළ වෙඩි තැබීමක්  

0 comments

මහර බන්ධනාගාරය තුළ වෙඩි තැබීමක් සිදුව ඇති බව එහි සිටින අප වාර්තාකරුවන් පවසනවා. බන්ධනාගාරය තුළ මේ වන විට නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වී  ඇති අතර එය පාලනය සදහා විශේෂ කාර්ය බලකාය, පොලිසීය ඇතුළු ආරක්ෂක අංශ කැදවා තිබෙනවා.

 

The post මහර බන්ධනාගාරය තුළ වෙඩි තැබීමක් appeared first on ITN News.

Read More »

පිටකොටුව හුදෙකලා තත්ත්වයෙන් ඉවත් කළද මැනිං වෙළෙඳපොළේ කටයුතු සඳහා අවසර නැහැ  

0 comments

පිටකොටුව ප්‍රදේශය හුදෙකලා තත්ත්වයෙන් ඉවත් කළද මැනිං වෙළදපොළේ කටයුතු ආරම්භ කිරීම තවදුරටත් ප්‍රමාද කෙරෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා.

The post පිටකොටුව හුදෙකලා තත්ත්වයෙන් ඉවත් කළද මැනිං වෙළෙඳපොළේ කටයුතු සඳහා අවසර නැහැ appeared first on ITN News.

Read More »

නිරෝධායනය කටයුතු අවසන් කළ තවත් පිරිසක් නිවෙස් වෙත  

0 comments

වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් නිරෝධායන මධ්‍යස්ථාන තුනක සිටි පුද්ගලයින් 2555 දෙනෙකු නිරෝධායන කටයුතු අවසන් කර පිටව ගියා.

පූන්තෝට්ටම් නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි 329 දෙනෙකු පම්පමඩු මධ්‍යස්ථානයේ සිටි 1385 දෙනෙකු සහ පෙරියකාඩු මධ්‍යස්ථානයේ සිටි 841 දෙනෙකුයි නිරෝධායන කටයුතු අවසන් කර පිටව ගියේ.

The post නිරෝධායනය කටයුතු අවසන් කළ තවත් පිරිසක් නිවෙස් වෙත appeared first on ITN News.

Read More »

විදේශයන්හි රැඳී සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 349 දෙනෙකු දිවයිනට  

0 comments

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිය විදේශයන්හි රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 349 දෙනෙකු අද උදෑසන දිවයිනට පැමිණියා.

කොරියාවේ සිටි ශ්‍රී ලාංකිකයින් 275 දෙනෙකු කටාර් සිටි 21 දෙනෙකු සහ ජපානයේ සිටි 53 දෙනෙකු එම කණ්ඩායමට ඇතුළත්. ඔවුන් සියලු දෙනා කටුනායක ගුවන්තොටුපලේදී PCR පරීක්ෂණවලට යොමු කිරීමෙන් පසු නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කෙරුණා.

ඒ අනුව නිරෝධායන මධ්‍යස්ථාන 54 ක පුද්ගලයින් 5537 දෙනෙකු මේ වන විට නිරෝධායනය වෙමින් සිටිනවා.

ඊයේ දිනයේදී PCR පරීක්ෂණ 13065 ක් සිදු කර ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

The post විදේශයන්හි රැඳී සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 349 දෙනෙකු දිවයිනට appeared first on ITN News.

Read More »

වත්මන් රජය දේශපාලන පළිගැනීම් සිදු කරන්නේ නැහැ  

0 comments

යහපාලන ආණ්ඩුව මෙන් දේශපාලන පළිගැනීම් සිදු කිරීමට වත්මන් රජය කටයුතු නොකරන බව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා. රජයේ මුදල් අවභාවිත කර ඇති පුද්ගලයින් පිළිබද නිවැරදි පරීක්ෂණ සිදුකර නීතිය ක්‍රියාත්මක කරන බවයි ඒ මහතා පවසන්නේ.

ග්‍රාමීය මාර්ග කිලෝමීටර් ලක්ෂයක් කපාට් අතුරා සංවර්ධනය කිරීමේ වැඩසටහනට සමගාමීව කළුතර පියනන්දගම මාර්ගයේ සංවර්ධන කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා එම අදහස් පළ කළා. මෙම මාර්ගය සංවර්ධනය සදහා වැය කෙරෙන මුදල රුපියල් ලක්ෂ දහයක්. මාස හතරක් තුළ සංවර්ධන කටුයතු අවසන් කිරීම අපේක්ෂාවයි.

 

The post වත්මන් රජය දේශපාලන පළිගැනීම් සිදු කරන්නේ නැහැ appeared first on ITN News.

Read More »

හැටන් අළුත්ගම ඩන්බාර් මාවත කාපට් කිරීම ජීවන් තොණ්ඩමන් මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරඹෙයි  

0 comments

දිවයින පුරා මාර්ග කිලෝමීටර් ලක්ෂයක් සංවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ මේ වනවිට ග්‍රාමීය මාර්ග විශාල සංඛ්‍යාවක් සංවර්ධනය කිරීම සිදුවනවා.

පස්යාල රදාවඩුන්න කම්මල්පිටිය මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීම පාර්ලිමේන්තු මන්ත්‍රී කෝකිලා ගුණවර්ධන මහත්මියගේ මූලිකත්වයෙන් ආරම්භ කෙරුණා. ඊට වැය කෙරෙන මුදල රුපියල් ලක්ෂ දෙසීය හතලිහක්.  කිලෝ මීටර් එක හමාරක දුර ප්‍රමාණයක් මේ යටතේ සංවර්ධනය කෙරෙනවා.

කලවාන බෝපිටිය මුදලිකන්ද හරහා කිරල්දෙණිය මාර්ගයේ සංවර්ධන කටයුතු ද ආරම්භ කෙරුණා. ඒ රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහාතගේ ප්‍රධානත්වයෙන්. ව්‍යාපෘතිය සදහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන හතලිස් හයක්. කිලෝ මීටර් තුනක දුර ප්‍රමාණයක් මේ යටතේ සංවර්ධනය කෙරෙනවා.

ඌව පරණගම උලුගල හාගිලිඇල්ල මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීම ද ආරම්භ කෙරුණා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමික බුද්ධදාස සහ  ඌව පරණගම ප්‍රා දේශීය සභාවේ සභාපති සමින්ද සුදර්ශන යන මහත්වරුන්ගේ  ප්‍රධානත්වයෙන්. රුපියල් මිලියන පනහක් ව්‍යාපෘතිය සදහා වැය කෙරෙනවා.

කලාවැව පලුගස්වැව හංදියේ සිට ඊච්චන්කුලම් හරහා කලාවැව මුස්ලිම් ගම්මානය දක්වා වූ මාර්ගය සංවර්ධනය කිරීම අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහාතගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා. රුපියල් මිලියන තිස් හයක වියදමෙන් මාර්ගය සංවර්ධනය කෙරෙනවා.

ගාල්ල බද්දේගම මාර්ගයේ කිලෝ මීටර් දොලහක් සංවර්ධනය කිරීම මේ වනවිට සිදු කෙරෙනවා. එහි පළමු අදියර යටතේ සරෙත්තු කඩේ හංදියේ සිට බෙලිගහ දක්වා කොටස මංතීරු හතරකට පුළුල් කර කාපට් අතුරා සංවර්ධනය කෙරෙනවා. ඒ සදහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන දෙසීය පහනක්. මාර්ගය දෙපස දේපොළ සදහා වන්දි ගෙවීම ද සිදු කෙරෙනවා.

හලාවත පම්බල ප්‍රදේශයේ කොට්ඨාශ අධ්‍යාපන කාර්යාලයට පිවිසෙන මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීම ඇරඹුනා. ඒ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන්.

හැටන් අළුත්ගම ඩන්බාර් මාවත කාපට් අතුරා සංවර්ධනය කිරීම රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා. ඊට වැය කෙරෙන මුදල රුපියල් මිලියන දොළහක්. මීට‌ සමගාමී ලෙස රුක් රෝපණ වැඩසටහනක් ද අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.

 

 

The post හැටන් අළුත්ගම ඩන්බාර් මාවත කාපට් කිරීම ජීවන් තොණ්ඩමන් මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරඹෙයි appeared first on ITN News.

Read More »

කොළඹ නගර සභා සීමාව තුළ කොරෝනා අඩුවීමක් ඉදිරියේදී දකින්න පුළුවන්  

0 comments

කොළඹ නගර සභා සීමාව තුළ කොරෝනා වයිරස් ව්‍යාප්තියේ අඩු වීමක් ඉදිරියේදී අපේක්ෂා කරන බව වසංගත‌ රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා.

 

 

The post කොළඹ නගර සභා සීමාව තුළ කොරෝනා අඩුවීමක් ඉදිරියේදී දකින්න පුළුවන් appeared first on ITN News.

Read More »

හුදෙකලා ප්‍රදේශවල වගකීම් විරහිතව හැසිරෙනවානම් හුදෙකලා බව අඛණ්ඩවම  

0 comments

හුදෙකලා ප්‍රදේශවල ජනතාව වගකීම් සහගතව හැසිරීම අනිවාර්ය වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක හරිත අලුත්ගේ මහතා පවසනවා.

The post හුදෙකලා ප්‍රදේශවල වගකීම් විරහිතව හැසිරෙනවානම් හුදෙකලා බව අඛණ්ඩවම appeared first on ITN News.

Read More »

ඉතාලියේ සාඩීනියා ප්‍රදේශයේ ගංවතුර හේතුවෙන් පුද්ගලයින් තුන්දෙනෙකු ජීවිතක්ෂයට  

0 comments

ඉතාලියේ සාඩීනියා ප්‍රදේශයට බලපෑ ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් තුන් දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පසුගිය දින කිහිපය පුරා එම ප්‍රදේශයට ඇද හැලුනු අධික වැසි හේතුවෙනුයි මෙම ගංවතුර තත්ත්වය හටගෙන ඇත්තේ. මහාමාර්ග මඩ හා‌ අපද්‍රව්‍ය වලින් පිරී පවතින බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. ගංවතුරට හසුවූ රථ වාහන ද මහා මාර්ගයන්හි සිරව පවතින ආකාරය දක්නට ලැබුණා.  ගංවතුර තත්ත්වයත් සමඟ නාය යෑම්ද වාර්තා වී ඇති බවයි ඉතාලි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරන්නේ. ඒ සමඟම ජනතාව වෙත රතු නිවේදනයක් නිකුත් කිරීමට කාලගුණික අංශ පියවර ගෙන තිබෙනවා.

 

 

The post ඉතාලියේ සාඩීනියා ප්‍රදේශයේ ගංවතුර හේතුවෙන් පුද්ගලයින් තුන්දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

Read More »

තායි රජුට විරෝධය පළ කරමින් තායිලන්තයේ වීදිවල උද්ඝෝෂණ  

0 comments

තායි රජුට විරෝධය පළ කරමින් ජනතාව තායිලන්තයේ වීදිවල උද්ඝෝෂණ ව්‍යාපාර ආරම්භ කර තිබෙනවා.

තායි රජු  හමුදා බලය අනිසි ආකාරයෙන් භාවිත කරන බවටයි විරෝධතාකරුවන් චෝදනා කරන්නේ. තායිලන්ත හමුදාවේ එකොලොස්වෙනි පාබල හමුදා රෙජිමේන්තුව අසලට පැමිණි විරෝධාතාකරුවන් සිය උද්ඝෝෂණ ව්‍යාපාර එහි සිට පවත්වාගෙන යාමට ද කටයුතු කළා.

රජුගේ ආරක්ෂාව සැපයීම ප්‍රධාන වශයෙන් සිදු කරන්නේ එකොලොස් වෙනි පාබල හමුදා රෙජිමේන්තුවයි. 2010 වසරේ ඇති වූ රාජ්‍ය විරෝධි උද්ඝෝෂණවලදී ඒවා මර්දනය කිරීමට කටයුතු කළේ ද මෙම හමුදා කණ්ඩයයි.

 

 

 

The post තායි රජුට විරෝධය පළ කරමින් තායිලන්තයේ වීදිවල උද්ඝෝෂණ appeared first on ITN News.

Read More »

අප්‍රිකා කලාපය තුළ මරණ සංඛ්‍යාවේ ඉහළ යාමක් සිදු වනු ඇති බවට අනතුරු ඇඟවීමක්  

0 comments

කොවිඩ් 19  වසංගත තත්ත්වයත් සමඟ මැලේරියා රෝගය ද උත්සන්න වීමෙන් අප්‍රිකා කලාපය තුළ මරණ සංඛ්‍යාවේ ඉහළ යාමක් සිදු වනු ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවනවා.

අප්‍රිකා කලාපය තුළ  මැලේරියා රෝගය ද පැතිර යාම ශීඝ්‍රයෙන් වැඩිවෙමින් පවතිනවා. කොරෝනා වයිරසය මෙන්ම මැලේරියා තත්ත්වය හේතුවෙන්ද එම කලාපය තුළ මරණ ඉහළ යා හැකි බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ. අප්‍රිකා කලාපය තුළ සෞඛ්‍ය පහසුකම් අවම වීම හේතුවෙන් ද දැඩි අවදානම්  තත්ත්වයක් පවතින බවයි එම සංවිධානය සඳහන් කරන්නේ. මැලේරියා මර්දනය සඳහා අප්‍රිකා කලාපය වෙත ලබා දෙන ආධාර අඩු නොකරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය අධාර ලබා දෙන රටවලින් ඉල්ලා සිටිනවා.

 

 

The post අප්‍රිකා කලාපය තුළ මරණ සංඛ්‍යාවේ ඉහළ යාමක් සිදු වනු ඇති බවට අනතුරු ඇඟවීමක් appeared first on ITN News.

Read More »

ලෝක වෙළඳපොළේ රත්තරන් මිල පහතට  

0 comments

කොරෝනා වයිරසයට එරෙහිව අත් හදා බැලෙන එන්නත් සාර්ථකත්වයට පත් වීමත් සමගම ලෝක වෙළදපොළේ රන්මිල පහත බැස තිබෙනවා.

රන්මිල සමග ඇමෙරිකා ඩොලරයේ මිලද උච්චාවචනය වීම සාමාන්‍යයෙන් සිදුවනවා. මෙම සතියේදී රන් මිල සියයට හතරයි දශම පහකින් පහත වැටීමත් සමග ලෝක ආර්ථිකයට ද බරපතල බලපෑමක් එල්ල වීමේ අවදානමක් ඇති බවයි විශ්ලේෂකයන් පවසන්නේ. රිදී මිලද සියයට අසුවයි දශම හතකින් පහත වැටී ඇති අතර ප්ලැටිනම් මිල සියයට දශම පහයි දෙකකින් අඩු වුණා. ලෝක ආර්ථිකයේ සිදුවූ වෙනස්කම් සමග පසුගිය මාස පහක කාලය තුළ රන් මිල උච්චාවචනය වීම සිදුවුණා. කොවිඩ් නයින්ටීන් සදහා එන්නතක් නිර්මාණය කිරීම සමග ආර්ථික කටයුතු යහපත් අතට යළි හැරේවියැයි යන විශ්වාසය මත අයෝජකයන් කටයුතු කිරීම නිසා රන් මිලට මෙම බලපෑම ඇති වී තිබෙනවා.

 

 

 

 

The post ලෝක වෙළඳපොළේ රත්තරන් මිල පහතට appeared first on ITN News.

Read More »

ජනතාවට හිරිහැරයක් වූ තඹුත්තේගම වන අලියා වනාන්තර කලාපයක් වෙත මුදා හැරේ  

0 comments

තඹුත්තේගම නගරයට ආසන්නයේ ගැවසෙමින් ජනතාවට හිරිහැරයක් වූ නියපොත්තා නැමති වන අලියා අල්ලා ආරක්ෂිත වනාන්තර කලාපයක් වෙත මුදා හැරීමට වනජීවි නිලධාරීන් කටයුතු කළා.

දින පහක කාලයක් පුරා සිදුකළ මෙහෙයුමකින් අනතුරුවයි මෙම වන අලියා අල්ලා ගැනීමට හැකි වුණේ. ප්‍ර දේශයේ ගැවසෙමින් මිනිස් ජීවිත හා වගාවන්ට‌ හානි කළ මෙම සත්ත්වයා කොටු කර ගැනීම‌ට වනජීවි නිලධාරීන් මීට පෙර ද අවස්ථා කිහිපයකදී උත්සාහ දරා තිබෙනවා. අල්ලා ගත් වන අලිය‌ා හොරොව්පතාන වන අලි ආරක්ෂිත කලාපය වෙත මුදා හැරීමටයි කටයුතු කෙරුණේ.

 

 

 

The post ජනතාවට හිරිහැරයක් වූ තඹුත්තේගම වන අලියා වනාන්තර කලාපයක් වෙත මුදා හැරේ appeared first on ITN News.

Read More »

බන්ධනාගාරවලින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1000 ඉක්මවයි  

0 comments

බන්ධනාගාර රැඳවූවන් හා නිලධාරීන් 183 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව අද හඳුනා ගැනුණා.

ඊයේ දිනයේ ද බන්ධනාගාර ආශ්‍රිතව 109 දෙනෙකු හඳුනා ගත් අතර මේ වන විට බන්ධනාගාරවලින් හඳුනාගත් සමස්ත රෝගීන්ගේ සංඛ්‍යාව 1091 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

 

 

 

The post බන්ධනාගාරවලින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1000 ඉක්මවයි appeared first on ITN News.

Read More »

තවත් කොරෝනා ආසාදිතයින් 323ක් හඳුනා ගැනේ  

0 comments

තවත් කොරෝනා ආසාදිතයින් 323 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

The post තවත් කොරෝනා ආසාදිතයින් 323ක් හඳුනා ගැනේ appeared first on ITN News.

Read More »

පොළොන්නරුවේ කුඹුරු හෙක්ටාර 68000 කට පොහොර නිකුත් කෙරේ  

0 comments

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ කුඹුරු හෙක්ටාර හැටඅටදහසක මහ කන්නයේ වගා කටයුතු සදහා පොහොර නිකුත් කර ඇති බව පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව් ඒ ධර්මසිරි මහතා පවසනවා.

කුඹුරු හෙක්ටාර හැටඅටදහස් අටසිය හැත්තෑවක් වගා කිරීම සදහා පොහොර මෙට්‍රික්ටොන් දහනව දහසක් අවශ්‍ය වනවා. ඉන් සියයට 90 ක ප්‍රමාණයක් රජය මගින් නොමිලේ ගොවි ජනතාවට ලබා දී ඇති බවයි පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම්වරයා ප්‍රකාශ කළේ.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ කුඹුරු සියල්ලම පාහේ මෙම කන්නයේ වගාකර ඇති අතර අස්වැන්න මෙට්‍රික්ටොන් තුන් ලක්‍ෂ හතළිස් දහසක් අපේක්‍ෂා කරනවා. මෙලෙස ගැටලුවකින් තොරව තම වගා කටයුතු සිදු කිරීමට රජය ලබා දුන් සහායට ගොවි ජනතාව තම කෘතවේදීත්වය පළ කරනවා.

 

 

 

The post පොළොන්නරුවේ කුඹුරු හෙක්ටාර 68000 කට පොහොර නිකුත් කෙරේ appeared first on ITN News.

Read More »

කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 109 දක්වා ඉහළට  

0 comments

කොරෝනා ආසාදිතයන් දෙදෙනෙකු ඊයේ රාත්‍රියේ මිය යාමත් සමඟ කොරෝනා මරණ සංඛ්‍යාව 109 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර අද උදෑසනින් අවසන් වූ පැය 24 තුළ මෙරටින් කොරෝනා රෝගීන් 487 දෙනෙකු වාර්තා වූ බව කෝවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

ඊයේ දිනයේ හඳුනාගත් කොරෝනා ආසාදිතයන් 487 දෙනාගෙන් 223 දෙනෙකුම වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. ඉන් වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් අලුත්කඩේ ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා.

 

 

 

The post කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 109 දක්වා ඉහළට appeared first on ITN News.

Read More »

සිඩ්නි නුවර දහදියෙන් නැහැවෙයි  

0 comments

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි අගනුවරින් නොවැම්බර් මස රාත්‍රී කාලයක දී වාර්තා වු වැඩිම උෂ්ණත්වය ඊයේ දිනයේදී සටහන්ව ඇති බව එරට කාලගුණික අංශ නිවේදනය කරනවා.

ඊයේ රාත්‍රී කාලයේදී සිඩ්නි අගනුවරින් වාර්තා වූ  උෂ්ණත්වය සෙල්ශියස් අංශක විසි පහයි දශම හතරක් වන අතර ඊයේ දහවල් කාලයේදී එය සෙල්ශියස් අංශක හතලිහක් ලෙසයි දැක්වුණේ. වසන්ත ඍතුව එළඹිමට තවත් දින කිහිපයක කාලයක් තිබියදීයි මෙලෙස උෂ්ණත්වය ඉහළ ගොස් ඇත්තේ. දින හයක් පුරා මෙම උණුසුම් වායු තරංග පැවතිය හැකි අතර එළඹෙන අගහරුවාදා දින එහි උපරිමයට ලගා විය හැකි බව කාලගුණික අංශ අනතුරු අගවනවා. ක්වින්ස්ලන්ඩ්, වික්ටෝරියා සහ නිව්සවුත්වේල්ස් යන ප්‍රාන්තවලින් වාර්තා වන උෂ්ණත්වය සෙල්සියස් අංශක හතලිස් හත ඉක්මවා ගියා. බොහෝ පිරිසක් කොරෝනා වයිරස ව්‍යාප්තිය ද නොතකමින් මුහුදු වෙරළ කරා ඇදී යාමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බවයි  වාර්තා වන්නේ. ගිනි තැබීම් සම්පූර්ණයෙන් ම තහනම් කර ඇති අතර සති හයක කාලයක පටන් ක්වින්ස්ලන්ඩ් ප්‍රාන්තයට බලපා ඇති ලැව්ගිනි තත්ත්වය පාලනය කර ගැනීමට අපහසු තත්ත්වයකට පත්ව ඇති බව එරට මාධ්‍ය සදහන් කරනවා. පසුගිය වසරේ අග භාගයේදී හා මෙම වසර මුල් කාර්තුවේදී ඇති  වූ ලැව්ගිනි හේතුවෙන් නිවාස තුන් දහසක් පමණ සම්පූර්ණයෙන් ම විනාශ වූ අතර පුද්ගලයින් තිස් තුන් දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

 

 

 

The post සිඩ්නි නුවර දහදියෙන් නැහැවෙයි appeared first on ITN News.

Read More »

වැලි ජාවාරම අල්ලන්න ගිය පොලිස් කොස්තාපල් මරා දැමූ ටිපර් රියදුරා අත්අඩංගුවට  

0 comments

කුරුණෑගල කොබෙයිගනේ ප්‍රදේශයේදී  ඊයේ රාත්‍රියේ ටිපර් රථයකින් පොලිස් නිලධාරීයෙකු යට කර පලා ගිය රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් අණ නොතකමින් මෙම  ටිපර් රථය ධාවනය වී ඇති බවයි පොලීසිය සදහන් කළේ. ටිපර් රථයට යට වූ 32 හැවිරිදි රස්නායකපුර ප්‍රදේශයේ පදිංචි පොලිස් කොස්තාපල්වරයකු මිය ගියා. අනතුර සිදු කළ ටිපර් රථ රියදුරා එම ස්ථානයෙන් පලාගොස් තිබෙන අතර පොලිසිය සිදු කළ මෙහෙයුම්වලදී අද පෙරවරුවේ ඔහු අත්අඩංගුවට ගැනීමට හැකි වුණා. ටිපර් රථ රියදුරා 27 හැවිරිදි පුද්ගලයකු බවයි අප වාර්තාකරුවන් පවසන්නේ. දැදුරු ඔය ආශ්‍රිතය සිදු වන වැලි ජාවාරමක් පිළිබද සොයා බැලීමේ මෙහෙයුමක මිය ගිය පොලිස් කොස්තාපල්වරයා නිරතව සිටි බව පොලීසිය සදහන් කළා.

 

 

 

 

 

 

The post වැලි ජාවාරම අල්ලන්න ගිය පොලිස් කොස්තාපල් මරා දැමූ ටිපර් රියදුරා අත්අඩංගුවට appeared first on ITN News.

Read More »

Recent News

Gossip Lanka MAG