Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොරෝනා මෘත ශරීර ආදාහනය කිරීම අනිවාර්ය කරමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය බල රහිත කරන ලෙස ඉල්ලා ගොණු කර ඇති පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සළකා බැලේ  

Add comments

කොරෝනා ආසාදනයෙන් මරණයට පත්වන පුද්ගලයන්ගේ මෘත ශරීර ආදාහනය කිරීම අනිවාර්ය කරමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය බල රහිත කරන ලෙස ඉල්ලා ගොණු කර ඇති පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සළකා බැලීම අද දිනයේත් සිදු කෙරෙනවා.

මෙම පෙත්සම් සළකා බැලීම අගවිනිසුරු ජයන්ත ජයසූරි මුර්දු ප්‍රනාන්දු සහ ප්‍රීති පත්මන් සූරසේන යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ සිදු කෙරෙනවා. ඊයේ දිනයේදී එම පෙත්සම් සළකා බැලූ අවස්ථාවේ නීතිපතිවරයා ප්‍රකාශ කළේ කොවිඩ් ආසාදනයෙන් මරණයට පත් වන පුද්ගලයින්ගේ මෘත ශරීර ආදාහනය කිරීමට රජය තීරණය කර තිබෙන්නේ වයිරස ව්‍යාප්තිය අවම කර මහජන සෞඛ්‍ය ආරක්ෂා කිරීමේ අරමුණින් බවයි. වගඋත්තරකාර  පාර්ශ්ව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නෙරිල් පුල්ලේ මහතා කරුණු දක්වමින් මෙම පෙත්සම තුළින් අධිකරණය හමුවේ විනිශ්චයට භාජනය කර අත්තේ සෞඛ්‍යමය කරුණක් බව පෙන්වා දුන්නා. මේ සම්බන්ධයෙන් තීරණයක් ගත හැක්කේ සෞඛ්‍ය විශේෂඥයන්ට පමණක් බවයි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා කියා සිටියේ. කෝවිඩ් හේතුවෙන් මරණයට පත්ව පුද්ගලයන්ගේ මෘත ශරීර භූමදාන කළ හැති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර තිබුණ ද  එම සංවිධානයම 1998 වසරේ නිකුත් කළ වාර්තාවක් මගින් මෘත ශරීර තුළින් වයිරසය  ව්‍යාප්ත විය හැකි බවට මතයක් පල කර තිබූ බවද ඒ මහතා අධිකරණය හමුවේ පෙන්වා දුන්නා.

 

The post කොරෝනා මෘත ශරීර ආදාහනය කිරීම අනිවාර්ය කරමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය බල රහිත කරන ලෙස ඉල්ලා ගොණු කර ඇති පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සළකා බැලේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG