Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

හැරී පොටර් මන්දිරයට ප්‍රහාරයක්  

0 comments

යුක්‍රේනයේ ‘හැරී පොටර් මන්දිරය’ ලෙස ප්‍රකට ඔඩෙසා හි පිහිටි මන්දිරයකට රුසියානු ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා

ප්‍රහාරයෙන් පුද්ගලයින් සිව්දෙනෙක් මියගොස් තවත් 32 දෙනෙක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

හිටපු යුක්‍රේන නීති සම්පාදකයෙකුට හිමි මෙම නිවස ඔඩෙසා හි නීති විද්‍යාලය ලෙස පසුකාලීනව භාවිත කර තිබෙනවා.

The post හැරී පොටර් මන්දිරයට ප්‍රහාරයක් appeared first on ITN News.

Read More »

ඊයේ දිනයේදී ඊශ්‍රායල ප්‍රහාරවලින් ගාසා තීරයේ පලස්තීනුවන් 34ක් මිය යයි  

0 comments

ගාසා තීරය ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය ඊයේ දිනයේදී එල්ල කළ ප්‍රහාරයන්ගෙන් පලස්තීන වැසියන් 34 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් සම්බන්ධයෙන් ඊජිප්තුවේ කයිරෝ අගනුවරදී සාම සාකච්ඡා පැවැත්වෙනවා.

එහෙත් ඊශ්‍රායලය ගාසා තීරයට එල්ල කරන ප්‍රහාරයන් අඛණ්ඩව සිදුකිරීමටයි පියවර ගෙන ඇත්තේ.

සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සදහා ඊශ්‍රායලය නව යෝජනාවලියක් ලබාදී ඇති අතර හමාස් සංවිධානය ඊට එකගවනු ඇති බවටයි ඇමෙරිකාව විශ්වාසය පළකරන්නේ.

එමෙන්ම ඇමෙරිකාව හා බ්‍රිතාන්‍ය,  ඊශ්‍රායලයේ නව යෝජනාවලියට එකගත්වය පලකර දින 40ක සටන්විරාමය ක්‍රියාත්මක කිරීමට සහයෝගය දක්වන ලෙස හමාස් සංවිධානයට දැනුම් දී තිබෙනවා.

 

 

 

 

 

The post ඊයේ දිනයේදී ඊශ්‍රායල ප්‍රහාරවලින් ගාසා තීරයේ පලස්තීනුවන් 34ක් මිය යයි appeared first on ITN News.

Read More »

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් පකිස්ථානයට තවත් ඩොලර් බිලියන 1.1 ණය මුදලක්  

0 comments

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පකිස්ථානයට තවත් ඩොලර් බිලියන 1.1 ණය මුදලක් මුදා හැරීමට පොරොන්දු වී තිබෙනවා.

ඊයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩල රැස්වීමකින් අනතුරුවයි මෙම මුදල් අනුමත වුණේ.

පකිස්තානය තම ආර්ථිකය වර්ධනය කරගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තවත් වැඩසටහනක් අපේක්ෂාවෙන් සිටිනවා.  එහෙත් ප්‍රතිසංස්කරණ සඳහා අවධානය යොමු කිරීම අත්‍යවශ්‍ය බවයි වාර්තා වන්නේ.

මූල්‍ය අරමුදල තහවුරු කළේ පසුගිය වසරේ අත්සන් කරන ලද ගිවිසුමෙන් එකඟ වූ ඩොලර් බිලියන 3 ක සම්පූර්ණ ණය මුදල් යටතේ මෙම ඩොලර් බිලියන 1.1 ක වාරිකය ලබා දෙන බවයි.

ඉරිදා රියාද්හි පැවති ලෝක ආර්ථික සංසද රැස්වීමට සමගාමීව පකිස්ථාන අගමැති ෂෙබාස් ෂරීෆ් හා මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා අතර පැවති රැස්වීමකින් පසුව මෙම තීරණය ගෙන තිබීම විශේෂත්වයක්.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

The post ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් පකිස්ථානයට තවත් ඩොලර් බිලියන 1.1 ණය මුදලක් appeared first on ITN News.

Read More »

18 දෙනෙකුට මරු කඳවු බිහිසුණු බස් අනතුර  

0 comments

මෙක්සිකෝවේ සිදුවූ බස් රථ අනතුරකින් 18 දෙනෙක් මියගොස් තවත් පුද්ගලයින් 32ක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

San Luis de la Paz නම් ප්‍රදේශයේ සිට Chalma අභයභූමිය බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක් අධිවේගී මාර්ගයේ පෙරළි යාමෙන් අනතුරට ලක්ව ඇති බවද සඳහන්.

The post 18 දෙනෙකුට මරු කඳවු බිහිසුණු බස් අනතුර appeared first on ITN News.

Read More »

සෑම දින හතරකට වරක් කාන්තාවක් ඝාතනය වුණු රට  

0 comments

කාන්තාවන්ට එරෙහි හිංසනය පිළිබඳව දැඩි නීති පනවන ලෙස ඕස්ට්‍රේලියානුවන් ඉල්ලා සිටිනවා.

කාන්තා හිංසන රැල්ලට ප්‍රතිචාර වශයෙන් ඕස්ට්‍රේලියාව පුරා රැළි පැවැත්වෙනවා.

ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වය ජාතික හදිසි අවස්ථාවක් ලෙස ප්‍රකාශයට පත් කර එය නැවැත්වීම සඳහා දැඩි නීති පැනවීම මෙම විරෝධතාකරුවන්ගේ අරමුණයි.

අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් කියා සිටියේ මෙම ගැටළුව ජාතික අර්බුදයක් බවට පත්ව ඇති බවයි.

ඕස්ට්‍රේලියාවේ මේ වසරේ මේ දක්වා සෑම දින හතරකට වරක් කාන්තාවක් ඝාතනය වී තිබෙනවා.

දහස් සංඛ්‍යාත විරෝධතාකරුවන් පිරිසක් කැන්බරා අගනුවර පැවති පාගමන් සඳහා එක්ව සිටියා.

The post සෑම දින හතරකට වරක් කාන්තාවක් ඝාතනය වුණු රට appeared first on ITN News.

Read More »

චීනයේ ග්වැන්ග්ෂූ නගරයට බලපෑ ටොනේඩෝවකින් පස් දෙනෙකු මරුට  

0 comments

චීනයේ ග්වැන්ග්ෂූ නගරයට බලපෑ ටොනේඩෝවකින් පස් දෙනෙකු මිය ගොස් තිබෙනවා.

චීනයේ දකුණුදිග නගරයක් වන ග්වැන්ග්ෂූ වෙත බලපෑ මෙම තත්ත්වයෙන් නිවාස රැසක් විනාශ වුණා.

පුද්ගලයින් 33 දෙනෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වනවා.එමෙන්ම ට්‍රක් රථ හා මෝටර් රථ ඇතුළු වාහන රැසකටද හානි සිදුවුණා.

චීනයේ වඩාත්ම ජනාකීර්ණ පළාත ද වන්නේ ග්වැන්ග්ෂූ අයත් ග්වන්දොන්ග් පළාතයි.

මෙම ප්‍රදේශයේ මිලියන 127 ක ජනගහනයක් වාසය කරන අතර කර්මාන්තශාලා 141 කට පමණ හානි සිදුවී ඇති බව ෂින්හුවා පුවත් සේවය පවසනවා.

 

 

 

 

 

 

 

The post චීනයේ ග්වැන්ග්ෂූ නගරයට බලපෑ ටොනේඩෝවකින් පස් දෙනෙකු මරුට appeared first on ITN News.

Read More »

ගාසා සටන් විරාමය පිළිබඳ සාකච්ඡා කිරීමට හමාස් නිලධාරීන් කයිරෝ අගනුවරට  

0 comments

ගාසා සටන් විරාමය පිළිබඳ සාකච්ඡා කිරීමට හමාස් නිලධාරීන් ඊජිප්තුවේ කයිරෝ අගනුවරට පැමිණියා.

සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ වැටෙනු ඇති බවට ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා තිබෙනවා.

කෙසේ වෙතත් ඊශ්‍රායල හමුදා මාණ්ඩලික ප්‍රධානියා පවසන්නේ යුද්ධය දිගටම කරගෙන යාම තම අරමුණ බවයි.

වෆා ප්‍රවෘත්ති ඒජන්සියට අනුව ඊශ්‍රායලය ඊයේ එල්ල කළ බෝම්බ ප්‍රහාරවලින් ගාසා තීරයේ ළමුන් සහ කාන්තාවන් ඇතුළු පුද්ගලයින් 22 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

මේ අතර ඔක්තෝබර් 7 දා සිට ගාසා තීරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් පලස්තීන ජාතිකයන් 34,454දෙනෙකු මිය ගොස් 77,575දෙනෙකු තුවාල ලබා තිබෙනවා. හමාස් ඔක්තෝබර් 7 ප්‍රහාරයෙන් ඊශ්‍රායලයේ 1,139 ක් මිය ගියා.***

 

 

 

 

The post ගාසා සටන් විරාමය පිළිබඳ සාකච්ඡා කිරීමට හමාස් නිලධාරීන් කයිරෝ අගනුවරට appeared first on ITN News.

Read More »

ඇමෙරිකාවට අයත් ඩ්‍රෝන යානයක් හූති කැරළිකරුවන් බිම හෙලයි  

0 comments

ඇමෙරිකාවට අයත් ඩ්‍රෝන යානයක් බිම හෙළීමට සමත්වූ බව හූති කැරළිකරුවන් නිවේදනය කරනවා.

යේමනයේ හූති කැරළිකරුවන් බිම හෙලු ඇමරිකාවට අයත් ඩ්‍රෝන යානයේ දර්ශන මාධ්‍යයට නිකුත්කර තිබුණා.

මිසයිල ප්‍රහාරයක් මගින් නියමුවන් රහිත ඩ්‍රෝන යානය බිම හෙලු බවයි හූති කැරළිකරුවන් නිවේදනය කරන්නේ.

කෙසේ වුවද ඇමෙරිකා ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු සදහන් කළේ ඇමෙරිකා ගුවන් හමුදාවටඅයත් එම් කිව් නවය වර්ගයේ ඩ්‍රෝන යානයක් යේමනයේදී අනතුරට ලක්ව ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මක බවද ඔහු සදහන් කරනවා.

 

 

 

 

 

 

 

The post ඇමෙරිකාවට අයත් ඩ්‍රෝන යානයක් හූති කැරළිකරුවන් බිම හෙලයි appeared first on ITN News.

Read More »

කාම්බෝජයේ හමුදා කඳවුරක පිපිරීමකින් 20 දෙනෙක් ජීවිතක්ෂයට  

0 comments

කාම්බෝජයේ හමුදා කඳවුරක සිදුවූ පිපිරීමකින් සෙබලුන් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

දකුණු දිග කම්බෝජයේ හමුදා කඳවුරකයි මෙම පිපිරීම සිදුව ඇත්තේ.

පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර පතොරම් ගබඩාවක එම පිපිරීම සිදුව ඇති බව වාර්තා වනවා.

හමුදා කදවුර අසළ පිහිටා ඇති නිවාස හා ගොඩනැගිලි 25කට පමණ හානි සිදුව ඇති බවද සඳහන්.

පිපිරීම සැලවූ වහාම තමා දැඩි කම්පනයට පත්වූ බවයි කාම්බෝජ අග්‍රාමාත්‍යවරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.

ජීවිතක්ෂයට පත්වූ සෙබලෙකුගේ පවුලේ අයට ඇමෙරිකා ඩොලර් විසිදහසක මුදලක් හා තුවාල ලැබූ සෙබලෙකුට ඇමෙරිකා ඩොලර් පන්දහසක මුදලක් ලබාදීමට අග්‍රාමාත්‍යවරයා නියෝග කර තිබෙනවා.

The post කාම්බෝජයේ හමුදා කඳවුරක පිපිරීමකින් 20 දෙනෙක් ජීවිතක්ෂයට appeared first on ITN News.

Read More »

චීනය හා ඇමරිකාව හවුල්කරුවන් මිස, විරුද්ධවාදීන් නොවන බව චීන ජනපති පවසයි  

0 comments

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා බෙයිජිං හි මහජන මහා ශාලාවේ දී ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් මහතා හමුවී තිබෙනවා..

මෙම වසරට චීන-ඇමරිකා රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවය පිහිටුවීමේ 45වැනි සංවත්සරය යෙදී තිබේ.

දෙරට හවුල්කරුවන් මිස, විරුද්ධවාදීන් නොවිය යුතු අතර අන්‍යෝන්‍ය වශයෙන් හානි සිදු නොකරමින් සහයෝගයෙන් කටයුතු කළ යුතු බව එහිදී ෂී ජින්පිං මහතා ප්‍රකාශ කර තිබෙනවා.

දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වේ.

විවෘත සහ සමෘද්ධිමත් ප්‍රවේශයකින් ඇමරිකාව ඉදිරියට යනු දැකීම චීනයේ අපේක්ෂාව වන අතර, එලෙසම ඇමරිකාව ද චීනයේ සංවර්ධනය කෙරෙහි ධනාත්මක ආකල්පයක් දරනු ඇතැයි චීනය බලාපොරොත්තු වන බව චීන ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා.

වත්මන් ලෝකයේ පවතින සංකීර්ණ අභියෝගයන් රැසකට මුහුණ දීමේදී ඇමරිකාව හා චීනය එක්ව සහයෝගිතා පැවැත්වීමේ අවශ්‍යතාව පිළිබඳ ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් මහතා එහිදී කියාසිටියා. ‘

නව සීතල යුද්ධයක්’ඇරඹීමට ඇමරිකාව අපේක්ෂා නොකරයි.

එමෙන්ම චීනයේ දේශපාලන ක්‍රමය වෙනස් කිරීමටත් චීනයේ සංවර්ධනය මර්දනය කිරීමටත් ඇමරිකාව උත්සාහ නොකරන බව ඔහු පවසා තිබෙනවා.

ඇමරිකා-චීන සම්බන්ධතාවයේ විධිමත් හා ස්ථාවර වර්ධනය ඉදිරියට ගෙන යාම සඳහා අනවබෝධයන් වළකමින් වගකීමෙන් යුතුව මතභේද පාලනය කර ගනු ඇතැයි බලාපොරොත්තු වන බව ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා එහිදී ප්‍රකාශ කර තිබෙනවා

The post චීනය හා ඇමරිකාව හවුල්කරුවන් මිස, විරුද්ධවාදීන් නොවන බව චීන ජනපති පවසයි appeared first on ITN News.

Read More »

චාල්ස් රජු ලබන සතියේ සිට නැවත රාජකාරි අරඹයි  

0 comments

පිළිකා රෝගයට ප්‍රතිකාර ලබාගැනීමෙන් පසු චාල්ස් රජු නැවත ලබන සතියේ සිට රාජකාරි ආරම්භ කිරීමට සැරසෙනවා.

පිළිකා රෝගය සඳහා ලබාගත් ප්‍රතිකාර වල ප්‍රගතිය හේතුවෙන්  චාල්ස් රජු ලබන සතියේ සිට නැවතත් මහජන කටයුතු ආරම්භ කරන බව බකිංහැම් මාලිගය නිවේදනය කළා.

කෙසේ වෙතත් එය රජුගේ නිල කටයුතුවලට සම්පූර්ණයෙන් පැමිණීමක් නොවනු ඇති බවයි වාර්තා වන්නේ.

ඔහුගේ ඉදිරි සැලසුම්වලට අනුව ජපානයේ රාජ්‍ය සංචාරයක් සිදුකිරීමට නියමිත අතර එහිදී ජපාන අධිරාජ්‍යයා සහ අධිරාජිනිය මුණ ගැසීමට ද නියමිතයි.

කෙසේ වෙතත් ඔහුගේ පිළිකා රෝග ප්‍රතිකාරය තව කොපමණ කාලයක් පවතිනු ඇත්දැයි බකිංහැම් මාලිගය නිවේදනය කර නැහැ.

The post චාල්ස් රජු ලබන සතියේ සිට නැවත රාජකාරි අරඹයි appeared first on ITN News.

Read More »

තායිවානයට ප්‍රබල භූ කම්පනයක්  

0 comments

තායිවානයේ හුවාලියන් ප්‍රදේශයේ රික්ටර් මාපකයේ ඒකක 6.1 ක ප්‍රබල භූකම්පනයක් සිදුව තිබෙනවා.

කෙසේ වෙතත් ඉන් සිදු වූ හානි මෙතෙක් වාර්තා වී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

The post තායිවානයට ප්‍රබල භූ කම්පනයක් appeared first on ITN News.

Read More »

යුක්රේනයට මිසයිල දෙන්න ඇමරිකාවෙන් මිලිටරි පැකේජයක්  

0 comments

යුක්රේනයට පේට්‍රියට් මිසයිල ලබාදීම කඩිනම් කිරීම සඳහා ඇමරිකාව නව මිලිටරි පැකේජයක් හඳුන්වා දී තිබෙනවා.

පෙන්ටගනය පවසන්නේ තම මිලිටරි ආධාර පැකේජයේ කොටසක් ලෙස යුක්රේනයට පේට්‍රියට් ගුවන් ආරක්ෂක මිසයිල හා කාලතුවක්කු පතොරම් ලබාදෙන බවයි.

මේ සඳහා ඇමරිකාව ඩොලර් බිලියන 6 ක් වැය කරන බව ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් පවසනවා.

මෙලෙස වැය කරන ඩොලර් බිලියන 6, පසුගිය බදාදා ඇමරිකා ජනාධිපති ජෝ බයිඩන් විසින් අත්සන් කරන ලද ඩොලර් බිලියන 60 ක ආධාර පැකේජයේ කොටසක් වන අතර, ඊට ක්ෂණික ආධාර වශයෙන් තවත් ඩොලර් බිලියන 1 ක් ද ඇතුළත්.

මේ අතර යුක්රේන ජනාධිපති වොල්දොමීර් සෙලෙන්ස්කි පසුගිය දා පැවසුවේ රුසියානු ගුවන් තර්ජනයකට මුහුණ දීමට හදිසි ආධාර බලාපොරොත්තුවෙන් සිටින බවයි.

 

 

 

The post යුක්රේනයට මිසයිල දෙන්න ඇමරිකාවෙන් මිලිටරි පැකේජයක් appeared first on ITN News.

Read More »

මයික්‍රොසොෆ්ට් හා ගූගල් සමාගම්වල ලාභය දෙගුණයකින් ඉහළ යයි  

0 comments

මයික්‍රොසොෆ්ට් හා ගූගල් සමාගම්වල ලාභය දෙගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බව වාර්තා වනවා.

තාක්ෂණික ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු ලෙස හැදින්වෙන මයික්‍රොසොෆ්ට් හා ගූගල් සමාගම්වල ලාභය අපේක්ෂිත අගය ඉක්මවමින් වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා.

කෘත්‍රිම බුද්ධිය ආශ්‍රිත ක්‍රියාකාරකම් හා නිෂ්පාදන ඉහළ යාම ඊට හේතුව බවයි විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.

ගූගල් සමාගමේ කොටස් සියයට 11 කින් හා මයික්‍රොසොෆ්ට් සමාගමේ කොටස් සියයට 4කින් ඉහළ ගොස් ඇති බවද සදහන්.

මෙම වසරේ මුල් මාස තුනේ පමණක් ගූගල් සමාගමේ ලාභය ඇමෙරිකා ඩොලර් බිලියන 23.7ක් ලෙස දැක්වෙනවා.

එය සියයට 57ක ඉහළ යාමක් ලෙසයි සැලකෙන්නේ.

එමෙන්ම මයික්‍රොසොෆ්ට් සමාගමේ මෙම වසරේ මුල් මාස තුනේ ලාභය ඇමෙරිකා ඩොලර් බිලියන 21.93ක් ලෙස සටහන් වනවා.

එය සියයට 20ක ඉහළ යාමක් ලෙස දැක්විය හැකියි.

 

 

The post මයික්‍රොසොෆ්ට් හා ගූගල් සමාගම්වල ලාභය දෙගුණයකින් ඉහළ යයි appeared first on ITN News.

Read More »

හයිටි අගමැති ඉල්ලා අස්වෙයි  

0 comments

හයිටි අග්‍රාමාත්‍ය ඒරියල් හෙන්ඩ්‍රි සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

හයිටි රාජ්‍ය මේවන විට දැඩි දේශපාලන හා ආරක්ෂක අස්තාවර භාවයකට මුහුණ දී සිටිනවා.

අපරාධකල්ලි කිහිපයක් එක්ව රජයට විරුද්ධව ගැටුම් ආරම්භ කර තිබීම ඊට හේතුවයි.

අග්‍රාමාත්‍යවරයා පසුගිය මාසයේදී සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව නිවේදනය කළ අතර ඔහු මේ වන විට රැදී සිටින්නේ කෙන්යාවේ.  සංක්‍රාන්ති පාලක මණ්ඩලය ඊයේ දිනයේ ස්ථාපනය කළ අතර අද ඔවුන් හයිටි රාජ්‍යයේ පාලන බලය භාරගත්තා.

නව රජයක් පිහිටුවන තුරු එරට බලය ඔවුන් සතු වන අතර ආර්ථික අමාත්‍යවරයා අන්තර්කාලීන අග්‍රාමාත්‍යවරයා ලෙස පත්කර තිබෙනවා.

එරට ආරක්ෂාව තහවුරු කිරීම සදහා ජගත් සංවිධානයට අනුබද්ධ ආරක්ෂක සේනාංකයක් ලබා දීමට ඔවුන් එකගතාවය පළකර තිබෙනවා.

 

 

The post හයිටි අගමැති ඉල්ලා අස්වෙයි appeared first on ITN News.

Read More »

ඊශ්‍රායලයට එරෙහි විරෝධතා හේතුවෙන් ඇමෙරිකාවේ විශ්වවිද්‍යාල කටයුතුවලට දැඩි බාධා  

0 comments

ඊශ්‍රායලයට එරෙහි විරෝධතා හේතුවෙන් ඇමෙරිකාවේ දකුණු කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය අවලංගු කර තිබෙනවා.

ලබන මස 10 වන දිනට යෙදී ඇති දකුණු කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය මෙලෙස අවලංගු කර ඇති බවයි වාර්තා වන්නේ.

ආරක්ෂක හේතූන් මත මෙම පියවර ගත් බව එම විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය සඳහන් කරනවා.

සිසුන් දෙමාපියන් ඇතුළු 65,000කගේ පමණ සහභාගීත්වයෙන් දැවැන්ත උපාධි ප්‍රදානෝත්සවයක් මෙම අවස්ථාවේදී පැවැත්විය නොහැකි බවයි පාලනාධිකාරිය පෙන්වා දෙන්නේ.

මීට පෙර ඔවුන් නිවේදනය කර තිබුණේ මුස්ලිම් ජාතික සිසුන්ට කතාවක් සිදුකිරීම ලබා දී තිබූ අවස්ථාව පමණක් ආරක්ෂක හේතූන් මත අවලංගු කරන බවයි.

මීට සති කිහිපයකට පෙර සිට ඇමෙරිකාවේ කොළම්බියා යේල් හා හාවඩ් ඇතුළු විශ්වවිද්‍යාල රැසක ඊශ්‍රායලයට එරෙහි විරෝධතා ක්‍රියාත්මකයි.

ඒ හේතුවෙන් එම විශ්වවිද්‍යලයන්හි දෛනික කටයුතුවලට දැඩි බාධා එල්ලවී තිබෙනවා.

තත්ත්වය පාලනය කිරීමට පොලිසිය කටයුතු කළ අතර සිසුන් 150කට ආසන්න සංඛ්‍යාවක් එහිදී අත්අඩංගුවට ගැනුණා.

The post ඊශ්‍රායලයට එරෙහි විරෝධතා හේතුවෙන් ඇමෙරිකාවේ විශ්වවිද්‍යාල කටයුතුවලට දැඩි බාධා appeared first on ITN News.

Read More »

TikTok විකිණීමේ සූදානමක්?  

0 comments

ටික්ටොක් යෙදවුම වෙනත් පාර්ශ්වයකට විකිණීමට කිසිදු සූදානමක් නොමැති බව එම යෙදවුම අයත් චීන සමාගම නිවේදනය කරනවා.

ටික්ටොක් යෙදවුම ඇමෙරිකාව තුළ භාවිතය තහනම් කරමින් පසුගිය බදාදා සෙනට් මණ්ඩලය ඊට අදාළ පනත සම්මත කළා.

ඇමෙරිකාව තුළ ටික්ටොක් තහනම් නොවීමට නම් අදාළ සමාගම එම යෙදවුම තම අයිතියෙන් පරිබාහිර වෙනත් පාර්ශ්වයකට විකිණිය යුතු වනවා.

කෙසේ වුවද ඇමෙරිකාව පවසන පරිදී ටික් ටොක් යෙදවුම වෙනත් පාර්ශ්වයකට විකිණීමට කිසිදු සූදානමක් නොමැති බවයි එම යෙදවුම අයත් බයිට්ඩාන්ස් චින සමාගම නිවේදනය කරන්නේ.

එමෙන්ම ඇමෙරිකා සෙනෙට් මණ්ඩලයේ තිරණයට එරෙහිව නීතිමය පියවර ගැනීමට තම තමාගම සූදානම් බවද ඔවුන් තවදුරටත් පවසනවා.

The post TikTok විකිණීමේ සූදානමක්? appeared first on ITN News.

Read More »

අධික උණුසුම් කාලගුණය හේතුවෙන් බංග්ලාදේශයේ පාසල් වැසේ  

0 comments

බංග්ලාදේශයට බලපා ඇති අධික උණුසුම් කාලගුණය හේතුවෙන් ළමයින් මිලියන 33කට පාසල් වසා දමා තිබෙනවා.

බංග්ලාදේශයේ සමහර ප්‍රදේශවල උෂ්ණත්වය මේ වන විට සෙල්සියස් අංශක 42 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එරට පාසල් ලබන 27 වනදා දක්වා වසා තැබෙනු ඇති.

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් බලධාරීන්ට මෙවැනි පියවරක් ගැනීමට සිදුවූයේ පිට පිටම දෙවැනි වසරට වීම විශේෂත්වයක්.

මිට පෙර පිලිපීනයේ හා ඉන්දියාවේ ද පාසල් අධික උෂ්ණත්වය හේතුවෙන් වසා දැමුනා.

කෙසේ වෙතත් ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම නිසා ග්ලැසියර දිය වීමෙන් මුහුදු මට්ටම සෙන්ටිමීටර 30 සිට 45 දක්වා වැඩි විය හැකියි.

මේ හේතුවෙන් බංග්ලාදේශයේ මිලියන 35ක් එනම් රටේ මුළු ජනගහනයෙන් හතරෙන් එකක් පමණ පිරිසකට බලපෑම් එල්ල වීමේ හැකියාවක් පවතිනවා.

The post අධික උණුසුම් කාලගුණය හේතුවෙන් බංග්ලාදේශයේ පාසල් වැසේ appeared first on ITN News.

Read More »

ඕස්ට්‍රේලියාවේ පිහි ඇනුමට සම්බන්ධ හත් දෙනෙක් අත්අඩංගුවට  

0 comments

ඕස්ට්‍රේලියාවේ පිහි ඇනුමට සම්බන්ධ හත් දෙනෙකු අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ප්‍රාදේශීය, ප්‍රාන්ත මෙන්ම ෆෙඩරල් පොලිස් නිලධාරීන් 400 කට වැඩි පිරිසක් යොදා ගනිමින් සිදු කළ මෙහෙයුමකදියි මෙම පිරිස අත්අඩංගුවට පත්වුණේ.

ත්‍රස්ත විරෝධී චෝදනා යටතේ ඔවුන් සිඩ්නිහි රඳවා ගත් බව ඕස්ට්‍රේලියානු පොලිසිය පවසනවා.

අත්අඩංගුවට ගත් අය වයස අවුරුදු 15 ත් 17 ත් අතර බාල වයස්කරුවන්.

ඔවුන් ආගමික අන්තවාදී මතවාදයක සිටින්නන් බවටයි  විමර්ශන වලදී තහවුරු වී ඇත්තේ.

The post ඕස්ට්‍රේලියාවේ පිහි ඇනුමට සම්බන්ධ හත් දෙනෙක් අත්අඩංගුවට appeared first on ITN News.

Read More »

ගාසා තීරයේ සමූහ මිනීවලවල් සඳහා ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමට යුරෝපා සංගමයේ සහාය  

0 comments

ගාසා තීරයේ සමූහ මිනීවලවල් සඳහා ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමේ එක්සත් ජාතීන්ගේ ඉල්ලීමට යුරෝපා සංගමය සහාය ලබා දී තිබෙනවා.

ඊශ්‍රායල හමුදා ගාසා තීරයෙන් ඉවත් වීමත් සමඟ රෝහල් ආශ්‍රිතව සමූහ මිනීවළවල් දෙකක් සොයා ගැනුණා.

ඒවායේ තිබී සිරුරු 300කට වැඩි ප්‍රමාණයක් සොයා ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර මිලියන 1.5 ක ජනතාවක් රැඳී සිටින දකුණු ගාසාවේ රෆා නගරයේ ගොඩනැගිල්ලකට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් පස් දෙනෙකු මිය ගොස් තිබෙනවා.

ඔක්තෝබර් 7 දා සිට ගාසා තීරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් පලස්තීනුවන් 34,262 ක් මිය ගොස් 77,229 ක් තුවාල ලබා තිබෙනවා.

හමාස් ප්‍රහාරයෙන් ඊශ්‍රායලයේ මියගිය සංඛ්‍යාව 1,139 ක්.

The post ගාසා තීරයේ සමූහ මිනීවලවල් සඳහා ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමට යුරෝපා සංගමයේ සහාය appeared first on ITN News.

Read More »

ඇමරිකාව යුක්රේනයට දිගු දුර මිසයිල යවා ඇති බව වාර්තා වෙයි  

0 comments

ඇමරිකාව යුක්රේනයට රහසිගත ලෙස  දිගු දුර මිසයිල යවා ඇති බව වාර්තා වනවා.

රුසියානු හමුදාවට එරෙහි සටන් වලදී යුක්රේනය ඇමරිකාව ලබා දුන් මෙම දිගු දුර බැලස්ටික් මිසයිල භාවිතා කිරීමට පටන් ගෙන තිබෙනවා.

මෙම ආයුධ මාර්තු මාසයේදී ඇමරිකා ජනාධිපති ජෝ බයිඩෙන් අනුමත කරන ලද ඩොලර් මිලියන 300 ක ආධාර පැකේජයේ කොටසක් වනවා.

ක්‍රිමියාවේ රුසියා ඉලක්ක වෙත පහර දීමට එක් වරක් හෝ ඒවා භාවිතා කර ඇතැයි රුසියාව පවසනවා.

මේ අතර ඇමරිකා ජනාධිපති ජෝ බයිඩෙන් යුක්රේනයට  ඩොලර් බිලියන 61 ක නව ආධාර පැකේජයකට ද අත්සන් තැබුවා.

 

 

 

 

 

 

 

 

The post ඇමරිකාව යුක්රේනයට දිගු දුර මිසයිල යවා ඇති බව වාර්තා වෙයි appeared first on ITN News.

Read More »

ගාසා තීරයෙන් හමුවූ මිනී වල පිළිබඳ පුවත ජනයා භීතියට පත්කරන බව ජගත් සංවිධානය කියයි  

0 comments

ගාසා තීරයෙන් හමුවී ඇති සමුහ මිනී වල පිළිබඳ පුවත සියලු ජනයා භීතියට පත්කරන බව ජගත් සංවිධානය නිවේදනය කරනවා.

ගාසා තීරයේ නසාර් හා අල්ෂිෆා රෝහල්වල ඊශ්‍රායල හමුදා පසුගිය පෙබරවාරි මාසයේ දී විශේෂ සොදිසි මෙහෙයුම් කටයුතු සිදුකළා.

ඉන් අනතුරුව එම රෝහල් අසලින් සමුහ මිනී වළවල් හමුවු බවයි වාර්තා වන්නේ.

ඊශ්‍රායල හමුදා ඝාතනය කළ පලස්තීන වැසියන් ඒ තුළ වන බවට හමාස් සංවිධානය චෝදනා කරනවා.

සිද්ධිය සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් සිදුකළ යුතු බවයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රධානියා සදහන් කරන්නේ.

නසාර් රෝහල අසල සමුහ මිනී වලේ සිරුරු 300ක් පමණ ඇති බවට හඳුනාගෙන තිබෙනවා.

කෙසේ වුවද ඔවුන් ජිවිතක්ෂයට පත්වු ආකාරය හෝ වල දැමු දිනය සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණය වී නැහැ.

 

 

 

 

 

 

 

 

The post ගාසා තීරයෙන් හමුවූ මිනී වල පිළිබඳ පුවත ජනයා භීතියට පත්කරන බව ජගත් සංවිධානය කියයි appeared first on ITN News.

Read More »

TikTok ඇමෙරිකාව තුළ තහනම් කිරීමට සෙනට් මණ්ඩල අනුමැතිය  

0 comments

ටික්ටොක් යෙදවුම ඇමෙරිකාව තුළ තහනම් කිරීමට සෙනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ලොවපුරා අතිශය ජනප්‍රිය යෙදවුමක් ලෙස සැලකෙන ටික්ටොක් යෙදවුම චීන හිමිකාරීත්වය යටතේ පවතිනවා.

ඇමෙරිකා සෙනට් මණ්ඩලය අනුමත කළ නව පනත හරහා ටික්ටොක් යෙදවුම ඇමෙරිකාව තුළ භාවිතය තහනම් කිරීමේ බලය හිමිවනවා.

එසේ නොවීමට නම් ටික්ටොක් යෙදවුමේ ඇමෙරිකා හිමිකාරීත්වය චීනයෙන් පරිබාහිර පාර්ශවයකට පැවරිය යුතුයි.

අදාළ පනත මේ වන විට ඇමෙරිකා ජනාධිපතිවරයාගේ අනුමැතිය සදහා යොමුකර ඇති බව ද සඳහන්.

එයට ඔහු අත්සන් තැබු වහාම එය නීතියක් ලෙස ක්‍රියාත්මක වනවා.

ටික්ටොක් සමාගමේ ඇමෙරිකා හිමිකාරීත්වය වෙනත් පාර්ශවයටක පැවරීමට නම් අදාළ සමාගම ඊට චීන බලධාරීන්ගේ අනුමැතිය ලබාගත යුතුයි.

කෙසේ වුවද ඇමෙරිකාවේ මෙම ක්‍රියාවලිය සඳහා චීනය දැඩි විරෝධය පළ කරනවා.

එමෙන්ම ටික්ටොක් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිවරයා සදහන් කරන්නේ නීතිමය රාමුව තුළ තමන්ට හිමිව ඇති අයිතීන් අනුව අඛණ්ඩව සමාගමේ කටයුතු සිදුකරන බවයි.

The post TikTok ඇමෙරිකාව තුළ තහනම් කිරීමට සෙනට් මණ්ඩල අනුමැතිය appeared first on ITN News.

Read More »

ඇමරිකාවෙන් යුක්‍රේනයට හා ඊශ්‍රායලයට ආධාර පැකේජයක්  

0 comments

ඇමරිකා කොන්ග්‍රසය යුක්‍රේනය හා ඊශ්‍රායලයට ඩොලර් බිලියන 95ක ආධාර පැකේජයක් අනුමත කළා.

ඇමරිකා සෙනෙට් සභාව යුක්‍රේනය, ඊශ්‍රායලය හා තායිවානය සඳහා හමුදා ආධාර ඇතුළත් ඩොලර් බිලියන 95ක විදේශ ආධාර පැකේජයක් අනුමත කර තිබෙනවා.

ඇමරිකා ජනාධිපති ජෝ බයිඩෙන් අද ඊට අත්සන් කිරීමෙන් පසු නීතියක් ලෙස එය බලාත්මක වනවා.

පසුගිය සෙනසුරාදා ඇමරිකා නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසින් සම්මත කරන ලද එම යෝජනාවට සෙනෙට් සභාව ඊයේ සහාය දැක්වූවා.

යෝජනාව 79-18 ක් ලෙස වැඩි ඡන්දයෙන් සම්මත වීම විශේෂත්වයක්.

මෙමගින් යුක්‍රේනයට ඩොලර් බිලියන 61 ක මිලිටරි ආධාර අනුමත කර තිබෙනවා.

The post ඇමරිකාවෙන් යුක්‍රේනයට හා ඊශ්‍රායලයට ආධාර පැකේජයක් appeared first on ITN News.

Read More »

සුළඟට හසු වූ පාලම කඩන වැටෙයි  

0 comments

ඉන්දියාවේ තෙලන්ගානා ප්‍රාන්තයේ සුළඟකට හසුවූ දැවැන්ත පාලමක් කඩාවැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

මෙලෙස කඩාවැටී ඇත්තේ ඉදිකරමින් පැවති පාලමක කොටසක්.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ අධික සුළං තත්ත්වය සමග පාලමේ අඩි 100ක පමණ කොටසක් කඩා වැටී ඇති බවයි.

The post සුළඟට හසු වූ පාලම කඩන වැටෙයි appeared first on ITN News.

Read More »

චීනයට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් ලක්ෂයට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත  

0 comments

චීනයේ ග්වැන්ග්ඩොන්ග් නගරයට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් ලක්ෂයට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමුකර තිබෙනවා.

චීනයේ වැඩිම ජනගහනයක් වාසය කරන ප්‍රාන්තයක් ලෙස සැලකිය හැකියි.

ග්වැන්ග්ඩොන්ග් ප්‍රාන්තයට පසුගිය දින කිහිපය පුරා ඇද හැලුනු අධික වර්ෂාවත් සමග දරුණු ගංවතුර තත්ත්වයක් හටගෙන තිබෙනවා. පුද්ගලයින් 4 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති අතර තවත් 10 දෙනෙකු අතුරුදන්ව ඇති බවයි එරට මාධ්‍ය සදහන් කරන්නේ.

අවතැන් ජනතාව ආරක්ෂිත ස්ථාන කරා රැගෙන යන ආකාරය ද මාධ්‍ය වාර්තා කළා.

ගංවතුර හේතුවෙන් ප්‍රාන්තයේ මහා මාර්ග සම්පුර්ණයෙන්ම යටව ඇති අතර ගමනාගමන කටයුතු ඇණ හිට තිබෙනවා.

ග්වැන්ග්ඩොන්ග් ප්‍රාන්තයේ ගංගා රැසක් පිටාර ගැලීම හේතුවෙන් ජල මට්ටම අනතුරුදායක ලෙස ඉහළ ගොස් ඇති බවයි සහන කණ්ඩායම් නිවේදනය කරන්නේ.

අයහපත් කාලගුණය හේතුවෙන් මිලියනයකට වැඩි නිවාස සංඛ්‍යාවකට විදුලි බලය ඇණහිට ඇති අතර කදවුරු 25800ක අවතැන් පිරිස් සදහා පහසුකම් සපයා ඇති බව වාර්තා වනවා.

 

 

 

 

 

 

 

 

 

 

The post චීනයට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් ලක්ෂයට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත appeared first on ITN News.

Read More »

ඉරාන ජනපති පකිස්ථාන අගමැති හමුවෙයි  

0 comments

පකිස්ථානයේ නිල සංචාරයක නිරත ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතා පාකිස්ථාන අග්‍රාමාත්‍ය ශෙබාස් ෂරීෆ් මහතා හමුව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මතභේද පසෙකලා දෙරටේ ආර්ථික සහ ආරක්ෂක සහයෝගීතාවය වර්ධනය කිරීමට මෙහිදී නායකයින් එකඟවී ඇති බවයි.

මෙම හමුවේදී ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතා සහ පකිස්ථාන අග්‍රාමාත්‍ය ශෙබාස් ෂරීෆ් මහතා ද්වීපාර්ශ්වික කරුණු රැසක් පිළිබඳව සාකච්ඡා කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරනවා.

තෙදින නිල සංචාරයක් සඳහා ඉරාන ජනාධිපතිවරයා පකිස්ථානයට පැමිණියේ ඊයේ දිනයේදීය.

The post ඉරාන ජනපති පකිස්ථාන අගමැති හමුවෙයි appeared first on ITN News.

Read More »

චීනයේ ගංවතුර – දහස් ගණනක් පීඩාවෙන්  

0 comments

චීනයේ ගංවතුර හේතුවෙන් දහස් ගණනක පිරිසක් ඉවත් කර තිබෙනවා.

චීනයේ ජනාකීර්ණම පළාතක් වන ගුවැන්ඩොං වෙත දින කිහිපයක සිට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් විශාල ගංවතුර තත්ත්වයක් හටගෙන තිබෙනවා.

ගුවැන්ඩොං හි මිලියන 127 ක ජනතාවක් වාසය කරනවා.

මේ වන විට 60,000 කට ආසන්න පිරිසක් ඔවුන්ගේ නිවාසවලින් ඉවත් කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ වන විට ගංවතුරෙන් පුද්ගලයන් 11 දෙනෙකු අතුරුදන් වී තිබෙනවා. ගංවතුර හේතුවෙන් නිවාස මිලියන 1.16 කට පමණ විදුලිය අහිමි වූ අතර ඊයේ රාත්‍රිය වන විට 80% ක විදුලිය යථා තත්ත්වයට පත් කර තිබුණා.

අඛණ්ඩ වර්ෂාව හේතුවෙන් ගුවන්ඩෝන්ග් ජාත්‍යන්තර ගුවන්තොටුපලේ ගුවන් ගමන් අවලංගු කර ඇති අතර නගර තුනක පාසල් ද වසා දැමීමට නියෝග කර තිබෙනවා.

The post චීනයේ ගංවතුර – දහස් ගණනක් පීඩාවෙන් appeared first on ITN News.

Read More »

මාලදිවයින් මහ මැතිවරණයේ ජය ජනපති මොහොමඩ් මුයිසුට  

0 comments

මොහොමඩ් මුයිසුගේ නායකත්වයෙන් යුත් මාලදිවයිනේ මහජන ජාතික කොංග්‍රසය එරට මැතිවරණය ජයග්‍රහණය කළා.

මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසුගේ පාර්ශ්වය පාර්ලිමේන්තු මැතිවරණයෙන් විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාගෙන තිබෙනවා.

චීන හිතවාදී මාලදිවයිනේ මහජන ජාතික කොංග්‍රසය මන්ත්‍රීවරුන් 93 දෙනෙකුගෙන් යුත් මන්ත්‍රී මණ්ඩලයේ ආසන 66ක් දිනා ගත්තා.

මැතිවරණ විශ්ලේෂකයින් මෙම ජයග්‍රහණය සලකන්නේ මුයිසුගේ චීනය සමඟ සමීප සබඳතා ඇති කර ගැනීම සඳහා ප්‍රතිපත්තියට ශක්තිමත් පිටුබලයක් ලෙසයි.

එරට ප්‍රධාන විපක්ෂය වන මාලදිවයින් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය දිනා ගැනීමට සමත් වී ඇත්තේ ආසන 15ක් පමණයි.

The post මාලදිවයින් මහ මැතිවරණයේ ජය ජනපති මොහොමඩ් මුයිසුට appeared first on ITN News.

Read More »

සිරියාවේ ඇමරිකා කඳවුරකට රොකට් ප්‍රහාරයක්  

0 comments

සිරියාවේ ඇමරිකා කඳවුරකට රොකට් ප්‍රහාර එල්ල වී තිබෙනවා.

පෙබරවාරි මාසයෙන් පසු පළමු වරටයි ඇමරිකා හමුදා ඉලක්ක කර මෙවැනි ප්‍රහාරයක් එල්ල වුණේ.

ඊසානදිග සිරියාවේ ඇමරිකා කඳවුරක් වෙත රොකට් ප්‍රහාර පහක් එල්ල කර තිබෙනවා.

වයඹ දිග ඉරාකයේ සමර් නගරයෙන් මෙම ප්‍රහාර එල්ල වූ බවටයි සැක කෙරෙන්නේ.

ජීවිත හානි සිදුව ඇති බවට මෙතෙක් හෙළිව නැහැ.

ඉරාකය පදනම් කරගත් කතයිබ් හිස්බුල්ලා කණ්ඩායම පසුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ඇමරිකා නිලධාරීන්ට ප්‍රහාර එල්ල කිරීමට තීරණය කර ඇති බවයි.

 

 

 

 

 

 

The post සිරියාවේ ඇමරිකා කඳවුරකට රොකට් ප්‍රහාරයක් appeared first on ITN News.

Read More »

ඇමරිකා සම්බාධක ප්‍රතික්ෂේප කරන බව ඊශ්‍රායල අගමැති පවසයි  

0 comments

ඇමරිකා සම්බාධක ප්‍රතික්ෂේප කරන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පවසනවා.

ඇමරිකාව පනවා ඇති සම්බාධක අනුව එක් එක් හමුදා ඒකක වලට ලබා දෙන ආධාර කපා හැරීමට සැලසුම් කර ඇති බවට වාර්තා වනවා.

ඊට එරෙහිව සම්පුර්ණ ශක්තිය යොදා කටයුතු කරන බව අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සඳහන් කරනවා.

ඊශ්‍රායලයේ ප්‍රධාන මිතුරු රටක් වන ඇමරිකාව මීට පෙර කිසි දිනක ඊශ්‍රායල හමුදා වලට ලබා දෙන ආධාර අත්හිටුවා නැහැ. කෙසේ වෙතත් ඇමරිකාවේ සම්බාධක පැනවීම නිසි පරිදි ක්‍රියාත්මක වන්නේද යන්න පිලිබඳ ලෝකයේම අවධානය යොමුව තිබෙනවා.

 

 

 

 

 

 

 

 

The post ඇමරිකා සම්බාධක ප්‍රතික්ෂේප කරන බව ඊශ්‍රායල අගමැති පවසයි appeared first on ITN News.

Read More »

තුර්කි ජනාධිපති සහ හමාස් සංවිධානයේ ප්‍රධානියා අතර විශේෂ හමුවක්  

0 comments

ඊශ්‍රායලයට දක්වන ශක්තිමත්ම ප්‍රතිචාරය සියලුම පලස්තීනුවන් එක්ව කටයුතු කිරීම බව තුර්කි ජනාධිපතිවරයා නිවේදනය කරනවා.

තුර්කි ජනාධිපති තයිප් එර්දෝගන් හා හමාස් සංවිධානයේ ප්‍රධානියා අතර ස්තාන්බුල් අගනුවරදී විශේෂ හමුවක් ඊයේ පැවැත්වුණා.

ඊශ්‍රායල හමාස් ගැටුම් ආරම්භවීමෙන් පසු ප්‍රථම වරටයි තුර්කි ජනාධිපතිවරයා හමාස් සංවිධානයේ ප්‍රධානියාව හමුවුයේ.

ඊශ්‍රායල හමාස් ගැටුම් ජයග්‍රහණය කර ගෙන යාමේ මාවත පලස්තීනුවන්ගේ එක්ව කටයුතු කිරීමේ හැකියාව මත පදනම් වන බව ද තුර්කි ජනාධිපතිවරයා මෙහිදි සදහන් කර තිබෙනවා.

ගාසා තීරය ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය ප්‍රහාර ආරම්භ කර පළමු දිනයේ සිටම තුර්කිය ඊට තම විරෝධය පළ කළා. 2011 වසරේ සිට හමාස් සංවිධානයේ කාර්යාලයක් ද තුර්කියේ විවෘතව පැවතීම විශේෂත්වයක්.

 

 

 

 

 

 

 

 

 

 

The post තුර්කි ජනාධිපති සහ හමාස් සංවිධානයේ ප්‍රධානියා අතර විශේෂ හමුවක් appeared first on ITN News.

Read More »

මාලදිවයින් පාර්ලිමේන්තු මැතිවරණය අද  

0 comments

මාලදිවයින් පාර්ලිමේන්තු මැතිවරණය අද පැවැත්වෙනවා.

අද පැවැත්වෙන මාලදිවයින් පාර්ලිමේන්තු මැතිවරණය ජනාධිපති මොහොමඩ් මුයිසුට ඉතා වැදගත් මැතිවරණයක් ලෙසයි සැලකෙන්නේ.

ඔහු බලයට පත්වීමෙන් පසු අනුගමනය කරන ඉන්දීය විරෝධි ප්‍රතිපත්තියට ජනතාව තවදුරටත් තම අනුමැතිය ලබාදෙන්නේ ද නැද්ද යන්න මැතිවරණ ප්‍රතිඵල අනුව තීරණය කළ හැකි වනවා.

මෙවර මැතිවරණයෙන් ඡන්ද ප්‍රකාශ කිරීම සදහා දෙලක්ෂ අසූපන්දහසකට ආසන්න පිරිසක් සුදුසුකම් ලබා සිටිනවා.

මාලදිවයින් පාර්ලිමේන්තුවේ ආසන 93කට සාමාජිකයින් තෝරාපත් කර ගැනීම සදහා මෙවර මැතිවරණය පැවැත්වෙන අතර දේශපාලන පක්ෂ 6ක් හා ස්වාධීන කණ්ඩායම් කිහිපයක් මැතිවරණයට ඉදිරිපත්ව සිටිනවා.

 

 

 

The post මාලදිවයින් පාර්ලිමේන්තු මැතිවරණය අද appeared first on ITN News.

Read More »

ගාසා තීරයේ රෆා ප්‍රදේශයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයකින් 10 දෙනෙකු ජිවිතක්ෂයට  

0 comments

ගාසා තීරයේ රෆා ප්‍රදේශයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයින් 10 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

රෆා ප්‍රදේශයට ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරයෙන් මිය ගිය අය අතුරින් 6 දෙනෙකු කුඩා දරුවන් බවයි රෝහල් ආරංචි මාර්ග සදහන් කරන්නේ.

ජාත්‍යන්තරයේ දැඩි විරෝධය මධ්‍යයේ වුව ද ඊශ්‍රායලය රෆා ප්‍රදේශය ඉලක්ක කර ගනිමින් අඛණ්ඩව ප්‍රහාර සිදුකිරීම දක්නට ලැබෙනවා.

ජිවිතක්ෂයට පත්වුවන්ගේ අවමංගල්‍ය කටයුතු සිදුකිරීම සදහා අල් නජාර් රෝහලේ තිබු දේහයන් ඥාතීන් වෙත භාරදී ඇති බවයි වාර්තා වන්නේ.

සමස්ත ගාසා ජනගහනයෙන් අඩකටත් වැඩි පිරිසක් රෆා ප්‍රදේශයේ වාසය කරන අතර ඔවුන්ගේ ජිවිතවලට හානියක් සිදුනොවන ආකාරයෙන් කටයුතු කරන ලෙස ජගත් සංවිධානය ඊශ්‍රායලයෙන් ඉල්ලීමක් සිදුකර තිබෙනවා.

 

 

 

 

 

 

 

The post ගාසා තීරයේ රෆා ප්‍රදේශයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයකින් 10 දෙනෙකු ජිවිතක්ෂයට appeared first on ITN News.

Read More »

ඊශ්‍රායල හමුදා ගාසා තීරයේ නූර් ෂම්ස් කඳවුර වටලයි  

0 comments

ඊශ්‍රායල හමුදා ගාසා තීරයේ නූර් ෂම්ස් කඳවුර වටලා තිබෙනවා.

ඊශ්‍රායල හමුදා විසින් අල්ලාගෙන සිටින බටහිර ඉවුරේ ටුල්කරෙම් හි නූර් ෂම්ස් සරණාගත කඳවුර දෙවන දිනටත් වටලා තිබෙනවා.

නව යොවුන් වියේ දරුවෙකු ඇතුළු පුද්ගලයින් පස් දෙනෙකු මේ වනවිට ඝාතනය කර ඇතැයි වාර්තා වනවා.

දකුණු ගාසා තීරයේ රෆා ප්‍රදේශයේ නිවෙස්වලට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයන් අට දෙනෙකු මිය ගියා. වැඩි වශයෙන් කාන්තාවන් සහ ළමුන් මිය ගොස් ඇති බව වෆා ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරනවා.

ඔක්තෝබර් 7 දා සිට ගාසා තීරයට ඊශ්‍රායලය එල්ල කල ප්‍රහාරවලින් පුද්ගලයන් 34,012 ක් මිය ගොස් 76,833 ක් තුවාල ලබා තිබෙනවා. හමාස් ඔක්තෝබර් 7 ප්‍රහාරයෙන් ඊශ්‍රායලයේ මියගිය සංඛ්‍යාව 1,139 ක්.

 

 

 

 

 

 

 

 

The post ඊශ්‍රායල හමුදා ගාසා තීරයේ නූර් ෂම්ස් කඳවුර වටලයි appeared first on ITN News.

Read More »

යුක්රේනයට තවත් ආධාර තොගයක් ලබාදීමට ඇමෙරිකාව සූදානම්  

0 comments

යුක්රේනයට තවත් ආධාර තොගයක් ලගදීම ලබාදීමට ඇමෙරිකාව සූදානමින් පසු වනවා.

මාස ගණනාවක ප්‍රමාදයකින් පසුව ඇමෙරිකා නියෝජිත මන්ත්‍රී මණ්ඩලය යුක්රේනය සහ ඊශ්‍රායලය සදහා ඩොලර් බිලියන ගණනක යුද ආධාර ලබා දෙන යෝජනාව පිළිබද ඡන්ද විමසීම පැවැත්වීමට සූදානම් වනවා.

කෙසේ වුවද මෙම යෝජනාවන්ට කොංග්‍රසයේ විරෝධය පල කරන පිරිස් සිටින බවයි වාර්තා වන්නේ.

ඇමෙරිකා පාර්ලිමේන්තුවේ කතානායක මයික් ජොන්සන් ප්‍රකාශ කළේ තමාගේ බලය ගිලිහීමට වුවද මෙය හේතුවක් විය හැකි බවයි.

එසේ වුවද නියමිත පරිදි ඡන්ද විමසීම පවත්වන බව ඔහු කියා සිටිනවා.

 

 

The post යුක්රේනයට තවත් ආධාර තොගයක් ලබාදීමට ඇමෙරිකාව සූදානම් appeared first on ITN News.

Read More »

යුක්රේන නායකයා ඝාතනය කිරීමේ රුසියා කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් පෝලන්ත ජාතිකයෙකුට චෝදනා  

0 comments

යුක්රේන නායකයා ඝාතනය කිරිමේ රුසියා කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් පෝලන්ත ජාතිකයෙකුට චෝදනා එල්ල වී තිබෙනවා.

යුක්රේන ජනාධිපති වොල්දිමීර් සෙලෙන්ස්කි ඝාතනය කිරීමේ රුසියා කුමන්ත්‍රණයකට සහාය වු බවට පෝල් කේ නම් පෝලන්ත ජාතිකයෙකුටයි චෝදනා එල්ල වී ඇත්තේ.

මෙම චෝදනාවන්ට වරදකරු වුවහොත් ඔහුට වසර 8ක සිරදඩුවම් නියම විය හැකි බව වාර්තා වනවා.

යුක්රේන දේශසීමාවේ සිට කිලෝ මීටර් 100ක් දුරින් ගිණිකොන දිග පෝලන්තයේ ගුවන්තොටුපළක ආරක්ෂාව පිළිබද තොරතුරු රුසියා ඔත්තුකරුවන්ට සැපයීමට මොහු එකගවී සිටි බවටයි චෝදනා එල්ල වී ඇත්තේ.

යුක්රේන ජනාධිපතිවරයා විදේශ සංචාර සදහා පිටත්ව යන විට මෙම ගුවන්තොටුපළ භාවිත කරන බව පැවසෙනවා.

 

 

The post යුක්රේන නායකයා ඝාතනය කිරීමේ රුසියා කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් පෝලන්ත ජාතිකයෙකුට චෝදනා appeared first on ITN News.

Read More »

ඉරානයේ නගරයකට මිසයිල ප්‍රහාරයක්  

0 comments

ඉරානයේ නගරයකට මිසයිල ප්‍රහාරයක් ඉල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඊශ්‍රායලය විසින් මිසයිල ප්‍රහාරය එල්ලකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් වාර්තා කරන්නේ.

ප්‍රහාරය එල්ලවී ඇති ප්‍රාන්තයේ න්‍යෂ්ටික බලාගාර කිහිපයක්ම ඇති බවත් විදෙස් මාධ්‍ය තවදුරටත් වාර්තා කරයි.

මිසයිල සහ නියමුවන් රහිත ඩ්‍රෝන යොදා ගනිමින්, ඉරානය ඊශ්‍රායලයට පසුගියදා ප්‍රහාරයක් දියත් කළ අතර එයට ප්‍රතිචාර ලෙස මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි සඳහන් වෙන්නේ.

The post ඉරානයේ නගරයකට මිසයිල ප්‍රහාරයක් appeared first on ITN News.

Read More »

ඉන්දීය මහ මැතිවරණය අද සිට  

0 comments

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) ආරම්භ වෙයි.

ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින් (ලොක් සභාව) සහ ඉහළ මන්ත්‍රී මණ්ඩලයකින් (රාජ්‍ය සභාව) සමන්විතය.

අද (19) මහ මැතිවරණය පැවැත්වෙන්නේ ලොක් සභාවේ ආසන 543 වෙනුවෙනි.

මහ මැතිවරණය, මාස 2 1/2 ක් තිස්සේ, අදියර 7 ක් යටතේ පැවැත්වෙයි.

අද  (19) පළමු අදියරත්, අප්‍රේල් 26 වැනිදා දෙවැනි අදියරත්, මැයි 7 වැනිදා තෙවැනි අදියරත්, මැයි 13 වැනිදා සිවුවැනි අදියරත්, මැයි 20 වැනිදා පස්වැනි අදියරත්, මැයි 25 වැනිදා 6 වැනි අදියරත්, ජූනි 1 වැනිදා හත්වැනි අදියරත් පැවැත්වෙන බව ඉන්දීය මැතිවරණ කොමිසම නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.

ඡන්ද ගණන් කිරීම සහ ප්‍රතිඵල නිකුත් කිරීම ජූනි 4 වැනිදා සිදුවනු ඇත.

මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට මිලියන 970 ක් ලියාපදිංචි වී සිටින බව ද පැවැසෙයි.

අද (19) පැවැත්වෙන මහ මැතිවරණයට අදාලව ඡන්ද මධ්‍යස්ථාන මිලියනයක් ඉන්දියාව පුරා ස්ථාපිත කෙරේ.

මැතිවරණ නිලධාරීන් මිලියන 15 ක් ඒවායේ රාජකාරිවල කටයුතු කරනු ඇතැයි මැතිවරණ කොමිසම පැහැදිලි කර ඇත.

The post ඉන්දීය මහ මැතිවරණය අද සිට appeared first on ITN News.

Read More »

කැනඩාවේ රන් කොල්ලය  

0 comments

කැනඩාවේ සිදුවූ විශාලතම රන් කොල්ලය සම්බන්ධයෙන් සැකකරුවන් 6 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගත් පිරිස අතරට එයාර් කැනඩා ගුවන් සේවාවේ කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙක් ද අයත් කළේ.

2023 වසරේ අප්‍රේල් මාසයේදී ඔවුන් සොරකම් කර තිබුණේ අමෙරිකානු ඩොලර් මිලියන 16ක වටිනාකමකින් යුත් එරට ටොරොන්ටෝ හි පියර්සන් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණ විශේෂ භාණ්ඩ තොගයක්.

The post කැනඩාවේ රන් කොල්ලය appeared first on ITN News.

Read More »

චීන ලෝහ සඳහා තීරු බදු වැඩි කරන්නැයි ඇමෙරිකා ජනපති ඉල්ලයි  

0 comments

චීන ලෝහ සඳහා තීරු බදු තුන් ගුණයකින් වැඩි කරන ලෙස ඇමෙරිකා ජනාධිපතිවරයා ඉල්ලා සිටිනවා.

ඇමරිකා ජනාධිපති ජෝ බඊඩන් චීනයෙන් ආනයනය කරන ඇතැම් වානේ සහ ඇලුමිනියම් සඳහා තීරුබදු තුන් ගුණයකින් වැඩි කරන ලෙස ඉල්ලා තිබෙනවා.

කෙසේ වෙතත් ධවල මන්දිරය පැවසුවේ මෙම යෝජනාව අසාධාරණ තරඟකාරිත්වයට එරෙහි මෙන්ම ඇමරිකා රැකියා ආරක්ෂා කිරීම අරමුණු කරගත් එකක් බවයි.

තම රටට ඩම්පිං ලෙස භාණ්ඩ නොඑවන්නැයි ඇමරිකාවද ඉල්ලා තිබුණා.

ඩම්පිං යනු අතිරික්ත නිෂ්පාදනයක් වෙනත් රටකට ඉතා ලාභදායී මිලකට විකිණීම වන අතර බොහෝ විට එම නිෂ්පාදනයේ දේශීය කර්මාන්ත වෙළඳපල විනාශ විය හැකියි.

2000 දශකයේ මුල් භාගයේදී ද චීන ආනයන හේතුවෙන් ඇමරිකාවේ දස දහස් ගණනකට වානේ ආශ්‍රිත කම්කරු රැකියා අහිමි වුණා.

 

 

 

 

 

 

 

 

The post චීන ලෝහ සඳහා තීරු බදු වැඩි කරන්නැයි ඇමෙරිකා ජනපති ඉල්ලයි appeared first on ITN News.

Read More »

අරාබියට හා ඕමානයට බලපෑ අයහපත් කාලගුණයෙන් මිය ගිය සංඛ්‍යාව ඉහළට  

0 comments

එක්සත් අරාබි එමීර් රාජ්‍යයට හා ඕමානයට බලපා ඇති දැඩි අයහපත් කාලගුණයෙන් මිය ගිය සංඛ්‍යාව 20කට ආසන්න වී තිබෙනවා.

මෙම අයහපත් කාලගුණයෙන් ලොව දෙවන කාර්යබහුලම ගුවන් තොටුපළ වන ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ගුවන් ගමන්වලට බාධා මතුව තිබෙනවා.

මෙහෙයුම් මේ වනවිට තාවකාලිකව නවතා දැමීමටයි පියවර ගෙන ඇත්තේ.

මේ අතර හදිසි ගංවතුරට  හසුවීමෙන් එක් අයෙක් සිය මෝටර් රථය තුළදීම මියගොස් තිබෙනවා.

ඕමානයේ, සහම් ප්‍රදේශයේ දී ගැහැණු දරුවෙකුගේ මළ සිරුරක් සොයා ගත් අතර, ඉරිදා දිනයේ සිට එම රටේ මියගිය සංඛ්‍යාව 19 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඊයේ දිනයේ පමණක් ඩුබායි ගුවන් තොටුපළේ ගුවන් ගමන් 290ක් අවලංගු කරනු ලැබුවා.

එමෙන්ම තවත් ගුවන් ගමන් 440ක් ප්‍රමාද වී ඇති බවයි වාර්තා වන්නේ.

 

 

 

 

 

The post අරාබියට හා ඕමානයට බලපෑ අයහපත් කාලගුණයෙන් මිය ගිය සංඛ්‍යාව ඉහළට appeared first on ITN News.

Read More »

මුහුදේ ගිලී යමින් තිබූ නැවක සිටි ශ්‍රී ලාංකිකයන් 21 දෙනෙක් ඉරානය විසින් බේරා ගැනේ  

0 comments

ඕමාන් බොක්ක ආසන්න මුහුදේ ගිලී යමින් තිබූ නැවක සිටි ශ්‍රී ලාංකික කාර්යමණ්ඩල‍ සාමාජිකයන් 21 දෙනෙක් ඉරානය විසින් බේරා ගෙන තිබෙනවා.

අදාළ නෞකාව කුක් දූපත් ධජය යටතේ යාත්‍රා කළ නැවක බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

The post මුහුදේ ගිලී යමින් තිබූ නැවක සිටි ශ්‍රී ලාංකිකයන් 21 දෙනෙක් ඉරානය විසින් බේරා ගැනේ appeared first on ITN News.

Read More »

2009 න් පසු උපත ලැබූවන්ට දුම්වැටි මිලදී ගැනීමට නොහැකි වන ලෙස නව පනතක්  

0 comments

2009 වසරෙන් පසු උපත ලැබූවන්ට දුම්වැටි මිලදී ගැනීමට නොහැකි වන ලෙස නව පනතක් සම්මත කිරීමට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව කටයුතු කළා.

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පනත ඡන්ද 383ට 67 ක් ලෙස වැඩි ඡන්දයෙන් සම්මත වූ බවයි බීබීසී පුවත් සේවය සදහන් කරන්නේ.

නව පනත නීතියක් බවට පත්වනු ඇති අතර ඒ අනුව 2009 වසරෙන් පසුව උපත ලැබූවන්ට දුම්වැටි මිලදී ගැනීම නීතියෙන් තහනම් වනවා.

ලොව දුම්වැටි නීති අතරින් බ්‍රිතාන්‍ය පනවා ඇති දුම්වැටි නීති ඉතා දැඩි නීති ලෙසයි සැළකෙන්නේ.

දුම්වැටිවලින් තොර අනාගත පුරපුරක් නිර්මාණය කිරීම සදහා නව නීති හදුන්වා දෙන බව බ්‍රිතාන්‍ය සෞඛ්‍ය අමාත්‍යවරයා පවසනවා.කෙසේ වුවද බ්‍රිතාන්‍ය රජයේ ප්‍රබලයින් කිහිප දෙනෙකු පනතට විරුද්ධව ඡන්දය භාවිතා කර ඇති බවයි වාර්තා වන්නේ.

The post 2009 න් පසු උපත ලැබූවන්ට දුම්වැටි මිලදී ගැනීමට නොහැකි වන ලෙස නව පනතක් appeared first on ITN News.

Read More »

අයහපත් කාලගුණයෙන් ඇෆ්ගනිස්ථානයේ 50 දෙනෙකු ජීවිතක්ෂයට  

0 comments

ඇෆ්ගනිස්ථානයට බලපා ඇති අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 50 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා.

අධික වර්ෂාවත් සමග ගංවතුර තත්ත්වයක්ද හටගෙන ඇති අතර නිවාස 600කට පමණ හානි සිදුව තිබෙනවා.

අක්කර දෙදහසකට ආසන්න වගාබිම් සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.

එමෙන්ම ගොවිපලවල සිටි සතුන් 200ට අධික සංඛ්‍යාවක් ගංවතුරට හසුව ඇති බව ද සදහන්.

 

 

 

The post අයහපත් කාලගුණයෙන් ඇෆ්ගනිස්ථානයේ 50 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

Read More »

ඉරානයට නව සම්බාධක පැනවීමට ඇමරිකාව හා යුරෝපා සංගමයේ අවධානය  

0 comments

ඊශ්‍රායලයට එල්ල වූ ප්‍රහාරයෙන් පසු ඉරානයට නව සම්බාධක පැනවීමට ඇමරිකාව හා යුරෝපා සංගමය අවධානය යොමු කර තිබෙනවා.

ඇමරිකා භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන් පැවසුවේ ඉදිරි දිනවලදී  මෙම පියවර ගැනීමට බලාපොරොත්තු වන බවයි.

එමෙන්ම යුරෝපා සංගම් විදේශ ප්‍රතිපත්ති ප්‍රධානී ජෝසෙප් බොරෙල් පැවසුවේ තම කණ්ඩායම ද ඒ සඳහා කටයුතු කරමින් සිටින බවයි.

ඉරානයේ මිසයිල වැඩසටහනට සම්බාධක පනවන ලෙස ඊශ්‍රායලය සිය මිත්‍ර රටවලින් ඉල්ලා තිබෙනවා.

පසුගිය සෙනසුරාදා ඉරානය ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරය සඳහා ඉරානයට ඉරාකය, සිරියාව හා යේමනය යන රටවල සහය ද ලැබී තිබුණා. කෙසේ වෙතත් එලෙස එල්ල කෙරුණු මිසයිල හා ඩ්‍රෝන යානා 300කට වැඩි ප්‍රමාණයක් ඊශ්‍රායලය විසින් බිම හෙළනු ලැබුවා.

 

The post ඉරානයට නව සම්බාධක පැනවීමට ඇමරිකාව හා යුරෝපා සංගමයේ අවධානය appeared first on ITN News.

Read More »

චීනයට ස්වභාවික ආපදාවන්ගෙන් ඩොලර් බිලියන තුනක් පාඩු වෙලා  

0 comments

මෙම වසරේදී පමණක් චීනයට බලපා ඇති ස්වභාවික ආපදාවන්ගෙන් සිදුව ඇති හානිය ඇමෙරිකා ඩොලර් බිලියන තුනකට අධික බව ගනන් බලා තිබෙනවා.

2024 වසරේ මේ වන තෙක් චීනයට බලපෑ ගංවතුර / නියං / භූකම්පන / නායයෑම් / හිම පතනය හා දූවලි කුණාටු හේතුවෙන් ඇමෙරිකා ඩොලර් බිලියන 3.28ක හානියක් සිදුව ඇති බව එරට ආපදා කළමනාකරණ අමාත්‍යංශය නිවේදනය කරනවා.

අධික හිම පතනයන් / ෂිං ජියෑන්ග් ප්‍රාන්තයට බලපෑ රිච්ටර් පරිමාණ ඒකක 7.1ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනය / යුනාන් ප්‍රාන්තයේ සිදුවූ නායයෑම් / කහ ගංගාව පිටාර ගැලීම හේතුවෙන් ඇතිවූ ගංවතුර හේතුවෙන් වැඩිම ආර්ථික හානියක් සිදුව තිබෙනවා.

මෙම ස්වභාවික ආපදාවන්ගෙන් පුද්ගලයින් 79 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර ලක්ෂයකට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමුකර තිබෙනවා. එමගින් බලපෑම් එල්ලවී ඇති පිරිස මිලියන දහයකට අධිකයි.

The post චීනයට ස්වභාවික ආපදාවන්ගෙන් ඩොලර් බිලියන තුනක් පාඩු වෙලා appeared first on ITN News.

Read More »

වැස්ස ඇෆ්ගනිස්ථානයේ 30ක් බිලි ගනී  

0 comments

ඇෆ්ගනිස්ථානයට බලපා ඇති අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 30කට වැඩි සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඇෆ්ගනිස්ථානයට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග ගංවතුර තත්ත්වයක්ද හටගෙන ඇති බවයිවාර්තා වන්නේ.

නිවාසයන්හි වහළවල කඩා වැටීමට ලක්ව ඇති අතර නිවාස 600කට පමණ හානි සිදුව තිබෙනවා.

දින 3ක් පුරා බලපා ඇති අධික වර්ෂාවෙන් දැඩි හානි සිදුව ඇති බවයි ඇෆ්ගනිස්ථාන ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ.

ජීවිතක්ෂයට පත්වූ පිරිසෙන් බහුතරයක් නිවාස වහළ කඩා වැටී ඊට යටවීමෙන් සිදුවූ මරණ බවට සඳහන්.

අක්කර දෙදහසකට ආසන්න වගාබිම් සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව ඇති අතර ගොවිපලවල සිටි සතුන් 200කට අධික සංඛ්‍යාවක් ගංවතුරට හසුව ඇති බවයි වාර්තා වන්නේ.

The post වැස්ස ඇෆ්ගනිස්ථානයේ 30ක් බිලි ගනී appeared first on ITN News.

Read More »

සිඩ්නි දේවස්ථානයේ පිහි ඇනුම ත්‍රස්තවාදී ප්‍රහාරයක් ලෙස නම්කරයි  

0 comments

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි අගනුවර කිතුනු දේවස්ථානයකදී ඊයේ සිදුවූ පිහි ඇනුම ත්‍රස්තවාදී ප්‍රහාරයක් ලෙස නම්කර තිබෙනවා.

සිඩ්නි අගනුවර කිතුනු දේවස්ථානයකදී බිෂොප්වරයෙකු ඉලක්ක කර ගනිමින් පිහි ඇනුමක් සිදුවුණා.

16 හැවිරිදි පිරිමි ළමයෙකු සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති අතර අන්තවාදී ආගමික පෙළඹවීමක් මත එය සිදුව ඇති බවයි සිඩ්නි පොලීසිය පවසන්නේ.

බිෂොප්වරයාට අමතරව තවත් කිහිප දෙනෙකු පිහි ඇනුමට ලක්ව ඇති බවද සදහන්. පිහි ඇනුම සිදුකළ පුද්ගලයා ද තුවාල ලබා ඇති බවයි පොලීසිය නිවේදනය කරන්නේ.

 

 

 

The post සිඩ්නි දේවස්ථානයේ පිහි ඇනුම ත්‍රස්තවාදී ප්‍රහාරයක් ලෙස නම්කරයි appeared first on ITN News.

Read More »

ඊශ්‍රායල කැබිනට් මණ්ඩලය රැස්වෙයි  

0 comments

ඉරාන මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වීම සඳහා සාකච්ඡාඡාකිරීමට ඊශ්‍රායල කැබිනට් මණ්ඩලය රැස්වී තිබෙනවා.

මෙම රැස්වීමේ දී ඉරානය සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ගය පිළිබද තීරණයක් ගෙන තිබේද යන්න ඊශ්‍රායලය මෙතෙක් ප්‍රසිද්ධ කර නැහැ.

ඊශ්‍රායලයට මිත්‍ර රටවල් ඉරානයේ ක්‍රියාව දැඩි ලෙස හෙළා දැක ඇති අතර සන්සුන්ව කටයුතු කරන ලෙස බෙන්ජමින් නෙතන්යාහුගේ රජයෙන් ඉල්ලා සිටිනවා.

මේ අතර ඇමරිකාවද ඊශ්‍රායලයට කියා ඇත්තේ තමන් ඉරානයට එල්ල කරන ප්‍රහාරයකට සහාය නොදක්වන බවයි.

එමෙන්ම ඉරානයද අනතුරු අඟවා ඇත්තේ තවදුරටත් ප්‍රහාර එල්ල කළහොත් ඉදිරියේදී දැඩි පියවර ගන්නා බවයි.

 

 

 

The post ඊශ්‍රායල කැබිනට් මණ්ඩලය රැස්වෙයි appeared first on ITN News.

Read More »

මැදපෙරදිග කලාපයේ සාමය අවසන් වෙයිද?  

0 comments

ඉරානය ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයෙන් පසු මැදපෙරදිග කලාපයේ සාමය අවසන් වනු ඇති බවට ජගත් මහලේකම්වරයා අනතුරු අඟවනවා.

සෙනසුරාදා එල්ල කළ මිසයිල ප්‍රහාරයෙන් පසු කලාපය තුළ පූර්ණ පරිමාණ ගැටුමක් ඇතිවීමේ අවදානමක් පවතින බවයි ඇන්ටෝනියෝ ගුටරෙස් පවසන්නේ.

කෙසේ වෙතත් මෙම මිසයිල ප්‍රහාරය ඉරානයට ද්විත්ව පරාජයක් ගෙන දුන් බව බ්‍රිතාන්‍ය ආරක්ෂක අමාත්‍ය ඩේවිඩ් කැමරන් පවසනවා.

එම ප්‍රහාරයට ඊශ්‍රායලය බුද්ධිමත්ව ප්‍රතිචාර දැක්විය යුතු බව ඔහු පවසනවා.

ඉරානය ඊශ්‍රායලයට ප්‍රහාර 300කට වැඩි ප්‍රමාණයක් එල්ල කළ අතර, එය ඒවා සාර්ථක ලෙස ව්‍යර්ථ කෙරුණා.

 

 

The post මැදපෙරදිග කලාපයේ සාමය අවසන් වෙයිද? appeared first on ITN News.

Read More »

සල්මාන් ඛාන්ගේ නිවස අසල වෙඩි ප්‍රහාරයක්  

0 comments

බොලිවුඩ් නළු සල්මන් ඛාන්ට අයත් මුම්බායි , බන්ද්‍රා හි පිහිටි නිවස ඉදිරි පිට වෙඩි තැබීමක් සිදුව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනකු විසින් වෙඩි තැබීමසිදු කර ඇති බව සඳහන්.

ඊයේ අලුයම 5.00ට පමණ සල්මාන් ඛාන් වාසය කරන නිවස පිහිටි Galaxy Apartments නිවාස සංකීර්ණයෙන් පිටතදී වෙඩි ප්‍රහාර හතරක් පමණ එල්ල වී ඇති බවයි සඳහන් වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රාදේශීය පොලිසිය සහ අපරාධ අංශය පරීක්‍ෂණ ආරම්භ කර තිබෙනවා.

සිද්ධිය විමර්ශනය සඳහා අධිකරණ වෛද්‍ය විද්‍යා විශේෂඥයන් කණ්ඩායමක්ද එම ස්ථානයට පැමිණ ඇති බව සඳහන්

The post සල්මාන් ඛාන්ගේ නිවස අසල වෙඩි ප්‍රහාරයක් appeared first on ITN News.

Read More »

ඉරාන ප්‍රහාරයට ප්‍රතිචාර දක්වන බව ඊශ්‍රායලය පවසයි  

0 comments

නිසි වේලාව පැමිණි පසු ඉරාන ප්‍රහාරයට ප්‍රතිචාර දක්වන බව ඊශ්‍රායලය පවසනවා.

අප්‍රේල් පළමු වනදා සිරියාවේ අගනුවර වන ඩමස්කස්හි පිහිටි ඉරාන කොන්සල් කාර්යාලයට ඊශ්‍රායලය ගුවන් ප්‍රහාරයක් එල්ල කළා.

ඉන් ඉරාන හමුදා ජෙනරාල්වරු දෙදෙනෙකු ඝාතනයට ලක්වුණා.

ඊට ප්‍රතිචාර දැක්වීමේ අරමුණින් ඉරානයද ඊයේ ප්‍රහාර මාලාවක් එල්ල කළා.

ඊශ්‍රායල හමුදා ප්‍රකාශක රියර් අද්මිරාල් ඩැනියෙල් හගාරි පැවසුවේ ඉරානය පුපුරණ එම ප්‍රහාර සඳහා ඩ්‍රෝන යානා, කෲස් සහ බැලස්ටික් මිසයිල 300ක් පමණ යොදා ගත් බවයි. එහෙත් එම ප්‍රහාර වලින් 99%ක්ම ඊශ්‍රායලය සාර්ථකව මැඩපැවැත්වූ අතර ඊට ඇමරිකා, බ්‍රිතාන්‍යය, ජෝර්දාන හා අනෙකුත් මිත්‍ර හමුදා සහාය දුන් බවයි.

අලුයම 01:45 ට පමණ ඊශ්‍රායලයේ ගුවන් ප්‍රහාර සයිරන් නාද නිකුත් වුණා. මෙලෙස එල්ල කල ප්‍රහාර වලින් දකුණේ හමුදා කඳවුරකට සුළු හානි සිදුවී ඇති අතර, ඊශ්‍රායල හමුදාව පැවසුවේ, ආරක්ෂක වළල්ල හරහා ගිය මිසයිල ප්‍රහාරයකින් හත් හැවිරිදි ඊශ්‍රායල දැරියක් බරපතල තුවාල ලබා ඇති බව ය.

 

 

The post ඉරාන ප්‍රහාරයට ප්‍රතිචාර දක්වන බව ඊශ්‍රායලය පවසයි appeared first on ITN News.

Read More »

රුසියාවට අයත් භූමි ප්‍රදේශයකට යුක්‍රේන හමුදාව එල්ල කළ ප්‍රහාරයෙන් 16 දෙනෙකු මිය යයි  

0 comments

යුක්‍රේන හමුදාව විසින්  රුසියානු හමුදා ග්‍රහණයට ගෙන ඇති ප්‍රදේශයකට එල්ලකළ ප්‍රහාරයකින් පුද්ගලයින් 16 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

රුසියානු හමුදා ග්‍රහණයට ගෙන ඇති ප්‍රදේශයක් වන දකුණු Zaporizhzhia හි Tokmak නම් ප්‍රදේශයට මෙම ප්‍රහාරය එල්ලවී තිබුණා.

රුසියාවට අයත් මෙම භූමි ප්‍රදේශය ඉලක්ක කර ගනිමින් යුක්‍රේනය විසින් ෂෙල් වෙඩි ප්‍රහාරය එල්ල කර තිබුණා.

ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් 20 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන්ගෙන් 12 දෙනෙකුගේ තත්වය බරපතළ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා.

The post රුසියාවට අයත් භූමි ප්‍රදේශයකට යුක්‍රේන හමුදාව එල්ල කළ ප්‍රහාරයෙන් 16 දෙනෙකු මිය යයි appeared first on ITN News.

Read More »

G 7 රටවල නායකයින්ගේ සාකච්ඡාවක් කැඳවන්න බයිඩන් තීරණය කරයි  

0 comments

ඉරානය විසින් ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් අද (දිනයේ ජී 07 රටවල නායකයින්ගේ සාකච්ඡාවක් කැඳවන බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසයි.

ඉරානය විසින් සිදුකළ නිර්ලජ්ජිත ප්‍රහාරය සම්බන්ධයෙන් දක්වන ප්‍රතිචාර පිළිබඳ සාකච්ඡා කිරීම මෙහි අරමුණ බව අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.

ඊශ්‍රායලය සමග සමීපව කටයුතු කරන අතර එරට අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සමග දුරකථන මාර්ගය ඔස්සේ ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් තමා සාකච්ඡා කළ බව ද අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.

ඉරානය විසින් ඊයේ (13) දිනයේ දී ඊශ්‍රායලයට ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර එල්ල කළ අතර ඩ්‍රෝන යනා රැසක් විනාශ කිරීමට පියවර ගත් බව අමෙරිකාව ප්‍රකාශ කර ඇත.

කෙසේවෙතත් මෙම ප්‍රහාරවලින් සිදුවූ හානිය පිළිබඳ මෙතෙක් නිශ්චිතව අනාවරණ කර නොමැති බව සඳහන් වෙයි.

The post G 7 රටවල නායකයින්ගේ සාකච්ඡාවක් කැඳවන්න බයිඩන් තීරණය කරයි appeared first on ITN News.

Read More »

ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවක්  

0 comments

ඩ්‍රෝන යානා හා මිසයිල 200කට අධික සංඛ්‍යාවක් යොදා ගනිමින් ඉරානය ඊශ්‍රායලයට දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කළා.

කෙසේ වුවද ප්‍රහාරයන්ගෙන් එක් පුද්ගලයෙකු පමණක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

ඉරාන ඩ්‍රෝන හා මිසයිල ප්‍රහාර මාලාව සාර්ථකව මැඩපැවැත්වීමට සමත්වූ බව ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යංශය නිවේදනය කළා.

ඒ සඳහා ඇමෙරිකාවේ පූර්ණ සහාය හිමිවූ බවයි ඔවුන් සඳහන් කරන්නේ.

ඩ්‍රෝන හා මිසයිල ප්‍රහාර 200කට ආසන්න සංඛ්‍යාවක් එල්ලවුවද ඉන් කීපයක් පමණක් තම භූමියට පතිත වූ බව ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යංශය තවදුරටත් පවසනවා.

ප්‍රහාර මාලාව දියත් කිරීමත් සමඟ ඊශ්‍රායලය පුරා සයිරන් හඩ රැවුපිළිරැවු දුන් බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

එමෙන්ම ජෙරුසෙලම ප්‍රදේශයෙන් දැවැන්ත පිපිරුම් ශබ්ද ඇසුනු බවයි වාර්තා වන්නේ.

පසුගිය අප්‍රේල් පළමුවනදා සිරියාවේ ඉරාන කොන්සල් කාර්යාලයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයකින් ඉහළ පෙළේ ඉරාන ආරක්ෂක නිලධාරියෙකු ඇතුළු කිහිප දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

ඊට ප්‍රතිචාරයක් ලෙසයි ඉරානය මෙම ප්‍රහාරය දියත් කළේ.

ඉරාන ප්‍රහාරයන්ට ප්‍රතිචාර දැක්වීමට තම පූර්ණ සහාය ලබාදෙන බව ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

ඇමෙරිකාවේ ජාතික ආරක්ෂක කණ්ඩායමේ විශේෂ හමුවක් ද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති බවයි වාර්තා වන්නේ.

මේ අතර ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් සඳහන් කරන්නේ ජෝ බයිඩන් යටතේ ඇමෙරිකාව කෙතරම් දුර්වල මට්ටමකට ඇදවැටී ඇතිද යන්න ඒ හරහා පිළිබිඹු වන බවයි.

ජගත් ආරක්ෂක මණ්ඩලයේ විශේෂ රැස්වීමක් ද අද දිනයේ පැවැත්වීමට නියමිතයි.

ප්‍රහාරයට සතුට පළකරමින් ඉරාන ජනතාව ටෙහෙරාන් අගනුවරට රැස්ව සිටින අයුරු ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එමෙන්ම ඊශ්‍රායල රජයට විරෝධය දක්වමින් ටෙල් අවිව් අගනුවර විරෝධතා සංවිධානකර තිබුණා.

ඊශ්‍රායල රජය විසුරුවාහැර ඉක්මනින් මහ මැතිවරණයක් පැවැත්විය යුතු බවයි විරෝධතාකරුවන් කියාසිටින්නේ.

ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීමට රජය කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවද ඔවුන් පෙන්වා දෙනවා.

The post ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවක් appeared first on ITN News.

Read More »

ජපානයේ ජනගහන අනුපාතය යළිත් පහත වැටෙයි  

0 comments

ජපානයේ ජනගහන අනුපාතය යළිත් පහත වැටී තිබෙනවා.

පසුගිය වසරට සාපේක්ෂව එය සියයට බින්දුවයි දශම 4යි 8කින් පහත වැටී ඇති බව වාර්තා වන්නේ.

ජපානයේ ජනගහනය මෙලෙස පහත වැටී ඇත්තේ අඛණ්ඩව 13 වරටයි.

එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය විසින් සිදු කළ සමීක්ෂණයකින් මෙම තොරතුරු අනාවරණය වී ඇති බව සඳහන්.

මේ අතර ජපානයේ තනිව ජීවත්වන වැඩිහිටි ජනගහනය 2050 වන විට සියයට 47ක් දක්වා ඉහළ යනු ඇති බවට එරට පරීක්ෂණ ආයතනයක් නිකුත් කළ වාර්තාවකින් පෙන්වා දී තිබෙනවා.

The post ජපානයේ ජනගහන අනුපාතය යළිත් පහත වැටෙයි appeared first on ITN News.

Read More »

ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කරන්න ඉරානය මිසයිල 100ක් සූදානම් කරයි  

0 comments

ඉරානය, ඊශ්‍රායලය වෙත ප්‍රහාර එල්ල කිරීම සඳහා කෘෘස් මිසයිල 100ක් පමණ සූදානම් කරගෙන සිටින බවට වාර්තාවීමත් සමග එම කලාපය වෙත ලෝක බලවතුන්ගේ අවධානය යොමුවී තිබේ.

ඉරානය ඉතාමත් ආසන්න දිනක ඊශ්‍රායලය වෙත ප්‍රහාර එල්ල කරනු ඇති බවට අමෙරිකාව අනතුරු අඟවා ඇත.

ඒ සම්බන්ධව අදහස් පළකළ අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසා ඇත්තේ තම රට ඊශ්‍රායලයේ ආරක්ෂාවට සහාය දක්වන බවය.

එමෙන්ම ඉරානයට අනතුරු අඟවමින් පවසා ඇත්තේ එවැනි ප්‍රහාර එල්ල නොකරන ලෙසටයි

කලාපීය උණුසුම තවත් තීව්‍ර කරමින් නිකුත් වූ මේ වාර්තාවට අනුව එම ප්‍රහාර ඊශ්‍රායලය වෙත මෙන්ම කලාපයේ ඊශ්‍රායල ඉලක්ක වෙත එල්ලවීමේ අවස්ථාවක් පවතී.

අමෙරිකාව මෙම අනාවරණය කළේ ඉරානය සිය හමුදා සහ අවි, කලාපය පුරා ස්ථානගත කරමින් පවතින බවට හඳුනාගැනීමෙන් පසුවය.

එමෙන්ම කලාපය වෙත අතිරේක බලඇණි යොමුකිරීමටත් අමෙරිකාව දැනටමත් කටයුතු කරමින් සිටී.

ඉරාන ප්‍රහාරයක් එල්ල වීමට ඇති අවදානම මත පදනම්ව ඊශ්‍රායලයේ රැඳී සිටින සිය සේවකයින් තානාපති කාර්යාලයෙන් පිටතට යාම සීමා කිරීමට අමෙරිකානු රජය තීරණය කළේ ඊයේ (12) දිනයේදීය.

මේ මාසය මුලදී සිරියාවේ පිහිටි ඉරාන තානාපති කාර්යාලයට එල්ල වූ ප්‍රහාරයකින් ඉරාන හමුදා ප්‍රධානියෙකු ඇතුළු පුද්ගලයින් 13 දෙනෙක් මිය .ගියා.

එම ප්‍රහාරයේ වගකීම ඊශ්‍රායලයට පැවරූ ඉරානය ඊට ප්‍රතිචාර දක්වන බවද අවධාරණය කළේ ඊශ්‍රායලය එහි වගකීම භාරගෙන නොමැති පසුබිමකය.

The post ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කරන්න ඉරානය මිසයිල 100ක් සූදානම් කරයි appeared first on ITN News.

Read More »

දූපතක සිරවී සතියක් සිටි තිදෙනෙක් මුදා ගැනේ  

0 comments

රොබින්සන් කෘෘසෝ චරිතය යළි සිහි ගැන්වූ පුවතක් බටහිර පැසිෆික් කලාපයේ පිහිටා ඇති මයික්‍රොනීසියා නම් මිනිසුන් නොමැති දූපතකින් පසුගිය දා වාර්තා වුණා.

ඒ එම දූපතේ  සිරවී සතියක කාලයක් ගත කළ මිතුරන් තිදෙනෙකු මුදාගැනීමත් සමගිනි.

සාගරය මැදදී සිය යාත්‍රාව අනතුරට පත්වීමෙන් පසු ඔවුන් මෙම දූපතට පැමිණ තිබිණි.

පිරිස සොයා අමෙරිකානු වෙරළාරක්ෂක හමුදාව මෙහෙයුම් ආරම්භ කර තිබුනේ ඔවුන් අතුරුදන් වීමේ පුවත සැලවීමත් සමගය.

පිරිස එම දූපතේ සිටින බවට සොයාගෙන ඇත්තේ, තල් පත් යොදාගෙන ඔවුන් වෙරළේ නිර්මාණ කර තිබූ හෙල්ප් එනම් උදව් ලෙස සටහන් වදන හේතුවෙනි.

ගෙවුණු සතියක කාලය පුරා ඔවුන් ආහාරයට ගෙන තිබුණේ පොල් මඳ යි.

ධීවරයින් විසින් කණිනු ලැබූ බවට සැලකෙන දූපතේ තිබූ කුඩා ලිඳකින් ඔවුන් පිරිසිදු ජලය සපයාගෙන තිබිණි.

පිරිස මේ වනවිට ආරක්ෂිතව සිටින බව වාර්තා වේ.

The post දූපතක සිරවී සතියක් සිටි තිදෙනෙක් මුදා ගැනේ appeared first on ITN News.

Read More »

දකුණු කොරියා පාර්ලිමේන්තු මැතිවරණයෙන් විපක්ෂය ජය ගනී  

0 comments

දකුණු කොරියා පාර්ලිමේන්තු මැතිවරණයෙන් එරට විපක්ෂය විශිෂ්ට ජයක් ලැබුවා.

දකුණු කොරියා විපක්ෂය එරට පාර්ලිමේන්තු මැතිවරණය විශිෂ්ට ලෙස ජයගනිමින් බහුතර බලයක් ලබාගෙන තිබෙනවා.

ඩිමොක්‍රටික් පක්ෂය හා  කුඩා විරුද්ධ පක්ෂ එක්ව ජාතික සභාවේ ආසන 300කින් 192ක් දිනා ගත්තා.

මෙම ඡන්දය සැලකෙන්නේ සිය ධුරයේ වසර තුනක් ඉතිරිව ඇති ජනාධිපති යූන් සුක් යොල් පිළිබඳ ජනමත විචාරණයක් ලෙසයි.

ඔහුගේ පක්ෂයේ නායක හන් දොන්ග් මැතිවරණ පරාජයත් සමඟ එම තනතුරින් ඉල්ලා අස්ව තිබෙනවා. එමෙන්ම අගමැති හන් දුක් සෝ  ඉල්ලා අස්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

 

 

 

 

 

 

 

 

 

The post දකුණු කොරියා පාර්ලිමේන්තු මැතිවරණයෙන් විපක්ෂය ජය ගනී appeared first on ITN News.

Read More »

වියට්නාම ප්‍රකෝටිපතිනියකට බැංකු වංචාවක් ගැන චෝදනා  

0 comments

වියට්නාම ප්‍රකෝටිපතිනියකට ඩොලර් බිලියන ගණනක බැංකු වංචාවක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙනවා.

එය වියට්නාමයේ මෙතෙක් කතාබහට ලක්වූ විශේෂම නඩු විභාගයක්.

එමෙන්ම එය ලොව මෙතෙක් වාර්තා වූ  විශාලතම බැංකු වංචාවක්.

වසර 11 ක කාලයක් තිස්සේ හෝ චි මිං නගරයේ වාණිජ බැංකුවකට මෙම වංචාව කර තිබෙනවා.

67 හැවිරිදි ට්රුවොන්ග් මි ලැන් හට සයිගොන් කොමර්ෂල් බැංකුවෙන් ඩොලර් බිලියන 44ක් ලබා ගැනීම සම්බන්ධයෙනුයි චෝදනා එල්ල වී ඇත්තේ.

නඩු පවරන්නන් පවසන්නේ එම මුදලින් ඩොලර් බිලියන 27 ක මුදලක් කිසි විටෙකත් අයකර ගත නොහැකි බවයි.

මෙම නඩුවේ සාක්ෂි දීමට 2,700 දෙනෙකු කැඳවා ඇති අතර රජයේ අභිචෝදකයින් 10 දෙනෙකු හා නීතීඥයින් 200ක් පමණ ඊට සහභාගී වනවා.

ටොන් හයක් බර පෙට්ටි 104ක සාක්ෂි බහා තිබෙනවා.

ට්රුවොන්ග් මි ලැන් සමඟ විත්තිකරුවන් 85 දෙනෙකු නඩු විභාගයේ පෙනී සිටිනවා.

ඇය හා තවත් 13 දෙනෙකුට මෙම නඩුවෙන් මරණීය දණ්ඩනය නියම විය හැකියි.

The post වියට්නාම ප්‍රකෝටිපතිනියකට බැංකු වංචාවක් ගැන චෝදනා appeared first on ITN News.

Read More »

තායිවාන ප්‍රශ්නයට මැදිහත් නොවන ලෙස චීනයෙන් ඉල්ලීමක්  

0 comments

තායිවාන ප්‍රශ්නය චීනයේ අභ්‍යන්තර කටයුත්තක් වන අතර කිසිදු බාහිර බලවේගයකට එයට මැදිහත්වීමට ඉඩ ලබා නොදෙන බව චීන රාජ්‍ය මණ්ඩලයේ තායිවාන කටයුතු කාර්යාලයේ ප්‍රකාශිකා Zhu Fenglian මහත්මිය ප්‍රකාශ කළා.

එකම චීනය පිළිබඳ මූලධර්මය හා චීන-ඇමරිකානු ඒකාබද්ධ නිවේදන තුන ඇමරිකාව ස්ථිර ලෙස අනුගමනය කරමින් තායිවාන බෙදුම්වාදීන්ට අනුබල නොදීමේ සිය ප්‍රතිඥා ඉටු කරන ලෙසත් ඔවුන්ට කිසිදු වැරදි සංඥාවක් නිකුත් නොකරන ලෙසත් චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටිනවා.

තායිවාන ප්‍රදේශයේ ක්‍රියා කරන ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රගතශීලි පක්ෂය “තායිවාන ස්වාධීනත්ව” ස්ථාවරයට අනිසි ලෙස අනුගත වීමෙන් එම ප්‍රදේශය අනතුරුදායක මට්ටමකට වැටෙන‍ අතර ඉන් එහි පුරවැසියන්ට ද දරුණු හානි එල්ල වනු ඇති බව Zhu Fenglian මහත්මිය සඳහන් කර තිබෙනවා.

The post තායිවාන ප්‍රශ්නයට මැදිහත් නොවන ලෙස චීනයෙන් ඉල්ලීමක් appeared first on ITN News.

Read More »

කොළරාව පැතිරීම නිසා පළා ගිය අයට අත් වූ ඉරණම  

0 comments

මොසැම්බික් යාත්‍රා අනතුරෙන් මිය ගිය සංඛ්‍යාව සියය ඉක්ම වන බව එරට ජනාධිපතිවරයා පවසනවා.

පසුගියදා මෙම අනතුර සිදුවන අවස්ථාවේ යත්‍රාවෙහි 130 දෙනෙකු ගමන් කර ඇති බවයි වාර්තා වුණේ.

කොළරාව පැතිරීම හේතුවෙන් පළා යමින් සිටි පිරිසක් මෙලෙස අනතුරට ලක්වුණා.

20කට ආසන්න පිරිසක් තවමත් අතුරුදන්ව සිටින බව ද මොසැම්බික් බලධාරීන් පවසනවා.

කෙසේ වෙතත් 10 දෙනෙකු බේරා ගෙන තිබෙනවා.

අධික ලෙස මගීන් පැටවීම හා ධීවර යාත්‍රාවක් වන මෙය මගීන් ප්‍රවාහනයට සුදුසු තත්ත්වයක නොතිබීම අනතුරට හේතුව බව පවසනවා.

යාත්‍රාව නාම්පූලා වෙරළට ඔබ්බෙන් වු ලුන්ගා සිට මොසැම්බික් දූපත දක්වා ගමන් කරමින් තිබුණා.

The post කොළරාව පැතිරීම නිසා පළා ගිය අයට අත් වූ ඉරණම appeared first on ITN News.

Read More »

ඊශ්‍රායල ප්‍රහාරයකින් පලස්තීන ජාතිකයින් 14 දෙනෙක් ජීවිතක්ෂයට  

0 comments

ඊශ්‍රායල ආරක්ෂක අංශය එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් පලස්තීන ජාතිකයින් 14 දෙනෙකු ජිවිතක්ෂයට පත්වුණා.

ළමයින් 14 දෙනෙකු ද ඒ අතර වන බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ.

ගාසා තීරයේ මධ්‍යම ප්‍රදේශයේ අවතැන් කඳවුරකට එම ප්‍රහාරය එල්ල වී තිබෙනවා.

යුද්ධය ආරම්භයේ සිට මේ දක්වා ඊශ්‍රායල එල්ල කළ ප්‍රහාරවලින් මිය ගිය පලස්තීන ජාතිකයින්ගේ සංඛ්‍යාව 33360ක්.

තවත් 75993 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

The post ඊශ්‍රායල ප්‍රහාරයකින් පලස්තීන ජාතිකයින් 14 දෙනෙක් ජීවිතක්ෂයට appeared first on ITN News.

Read More »

ජර්මනියේ සිට ලිතුවේනියාවට ආ අය  

0 comments

ලිතුවේනියාවේ රැඳී සිටීමට නියමිත ජර්මානු යුද සෙබලුන්ගේ පළමු කණ්ඩායම එරටට පැමිණියා.

යුරෝපයේ ආරක්ෂක තත්ත්වය මත පදනම්ව ජර්මානු යුද සෙබලුන් 4800ක් පමණ ලිතුවේනියාවේ රඳවා තැබීමට ජර්මනිය තීරණය කර තිබෙනවා.

නේටෝ සංවිධානයට අයත් රටවල ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් මෙම ක්‍රියාවලිය සිදුවන අතර එය ලිතුවේනියාවට ඉතා වැදගත් පියවරක් බවයි එරට ආරක්ෂක අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

දෙවන ලෝක යුද්ධයෙන් පසු ප්‍රථම වරටයි ජර්මනිය එරටින් පිටත තම යුද සෙබලුන් ස්ථීරව රඳවා තබන්නේ.

කෙසේ වුවද ජර්මනියේ මෙම ක්‍රියාව සම්බන්ධයෙන් රුසියාව ලිතුවේනියාවට අනතුරු අඟවා තිබෙනවා.

 

 

 

 

 

 

 

 

 

 

 

 

The post ජර්මනියේ සිට ලිතුවේනියාවට ආ අය appeared first on ITN News.

Read More »

මානුෂිය ආධාර රැගත් ට්‍රක් රථ 300ක් ගාසා තීරයට  

0 comments

මානුෂිය ආධාර රැගත් ට්‍රක් රථ 300කට අධික සංඛ්‍යාවක් ගාසා තීරයට ඇතුලු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ගාසා තීරයේ ජනතාවට අවශ්‍ය අවම මානුෂිය ආධාර ප්‍රමාණයවත් තවමත් හමුනොවන බව ජගත් සංවි‍ධානය නිවේදනය කරනවා.

පසුගිය වසරේ ඔක්තෝබර් 7 වන දින හමාස් ඊශ්‍රායල යුද ගැටුම් ආරම්භ වීමෙන් පසු ගාසා ජනතාව ප්‍රමාණවත් තරම් ආහාර ඖෂධ ජලය හා ඉන්ධන නොමැති කමින් පීඩා විදිනවා.

ඊශ්‍රායල ප්‍රහාරයන් හමුවේ ඔවුන්ට අවශ්‍ය මානුෂිය ආධාර ලබාදීම දැඩි අසීරු කටයුත්තක් වී ඇති බවයි ජගත් සංවිධානය පෙන්වා දෙන්නේ.

කෙසේ වුවද ඊයේ දිනයේ දී ආධාර තොග රැගත් ට්‍රක් රථ 322කට ගාසා තීරයට ඇතුලු වීමට ඊශ්‍රායලය අවසර ලබාදී තිබෙනවා.

The post මානුෂිය ආධාර රැගත් ට්‍රක් රථ 300ක් ගාසා තීරයට appeared first on ITN News.

Read More »

මිලියන ගණනක් නැරඹු මෙම වසරේ පළමු පූර්ණ සුර්යග්‍රහණය  

0 comments

කලකට පසුව දර්ශනය වු පූර්ණ සුර්යග්‍රහණය නැරඹීමට උතුරු ඇමෙරිකා මහද්වීපය පුරා ජනතාව ලක්ෂ ගණනක් එක්ව සිටියා.

මෙම පූර්ණ සුර්යග්‍රහණය මුලින්ම දර්ශනය වුණේ මෙක්සිකෝවේ මසත්ලාන් ප්‍රදේශයටයි. ඒ දහවල් එකොලහයි හතට පමණ.

චන්ද්‍රයා සූර්යා ඉදිරියට පැමිණීමත් සමග පූර්ණ සුර්යග්‍රහණයක් සිදුවීම නිසා අවට පරිසරය අදුරු ස්වභාවයක් ගෙන තිබීම මෙහි ඇති විශේෂත්වයයි.

සැතපුම් 155ක් පළල හා සැතපුම් 4000ක දිගකින් යුතු ප්‍රදේශයකට මෙය පූර්ණ සුර්යග්‍රහණයක් ලෙස දිස්වුණා. එහි දර්ශනය වීම අවසන් වුණේ කැනඩාවේ නිව්ෆවුන්ඩ් ලන්තය ආශ්‍රිත ප්‍රදේශයෙන්.

ඇමෙරිකාවේ ප්‍රාන්ත රැසකට ද පූර්ණ සුර්යග්‍රහණය ඉතා හොදින් දර්ශනය වුණා. ලොවපුරා මිලියන 31 දශම 5ක පිරිසකට මෙය නැරඹීමේ අවස්ථාව උදා වුණා.

 

 

 

 

 

 

 

The post මිලියන ගණනක් නැරඹු මෙම වසරේ පළමු පූර්ණ සුර්යග්‍රහණය appeared first on ITN News.

Read More »

ජපානයේ භූ කම්පනයක්  

0 comments

ජපානයේ මියසාකි ප්‍රදේශය ආශ්‍රිතව රිච්ටර් මාපකයේ ඒකක 5.2ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයක් හටගෙන තිබෙනවා.

The post ජපානයේ භූ කම්පනයක් appeared first on ITN News.

Read More »

සිංහල දෙමළ අලුත් අවුරුදු අසිරිය බෙයිජිං නුවරට  

0 comments

චීනයේ බෙයිජිං නගරයේ දී සිංහල දෙමළ අලුත් අවුරුද්දු උත්සවයක් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දී පසුගිය දා (06) උත්කර්ෂවත් ලෙස පැවැත්වී තිබෙනවා.

චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ශ්‍රී ලංකා චීන ආර්ථික, අධ්‍යාපන හා සංස්කෘතික සංගමය සහ එරට වෙසෙන ලාංකික ප්‍රජාවේ සාමාජික පිරිසක් එක්ව මෙය සංවිධාන කර තිබෙනවා.

සිංහල සිරිත් විරිත්වලට මුල් තැන දෙමින් පැවති මෙම අවුරුදු උත්සවයේ දී සාම්ප්‍රදායික ජන ක්‍රීඩා තරග රැසක් ද සංවිධාන කර තිබූ සඳහන්.

බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ සිංහල භාෂාව හදාරන චීන සිසුන් ඉදිරිපත් කළ ජන සංස්කෘතිකාංගවලින් උලෙළ වර්ණවත් වී තිබෙනවා.

වැඩබලන තානාපති කේ.කේ. යෝගානන්දන් මහතා ඇතුළු තානාපති කාර්යාල නිලධාරීන්, ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධනුෂ්ක රාමනායක සහ ශ්‍රී ලංකා චීන ආර්ථික, අධ්‍යාපන හා සංස්කෘතික සංගමයේ සභාපති චිරංජය උඩුමුල්ලගේ යන මහත්වරුන්, චීනයේ වෙසෙන ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මෙන්ම චීනයේ අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකික සිසුහු ද මේ උලෙළට සහභාගි වුණා.

The post සිංහල දෙමළ අලුත් අවුරුදු අසිරිය බෙයිජිං නුවරට appeared first on ITN News.

Read More »

විනාශ වු ඛාන් යුනිස් ප්‍රදේශයට පලස්තීනුවන් යළි පැමිණෙයි  

0 comments

විනාශ වු ඛාන් යුනිස් ප්‍රදේශයට පලස්තීනුවන් නැවතත් පැමිණෙමින් සිටිනවා.

ගාසා තීරයේ දකුණු දිග නගරයක් වන ඛාන් යුනිස් වෙත ඊශ්‍රායල හමුදා දැවැන්ත ප්‍රහාර එල්ල කිරීමත් සමග එම ප්‍රදේශය නටඹුන් බවට පත්වුණා.

කෙසේ වෙතත් මේ වන විට එම ප්‍රදේශයෙන් ඊශ්‍රායල හමුදා ඉවත් කර ගැනීමත් සමග යළිත් පලස්තීන වැසියන් එම ප්‍රදේශයට පැමිණෙමින් සිටින බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ.

ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය යෝව් ගැලන්ට් පවසන්නේ ඊශ්‍රායල හමුදා එම ප්‍රදේශයෙන් ඉවත් වුව ද ඉදිරි මෙහෙයුම් සැලසුම් කරමින් සිටින බවයි.

ගාසා තීරයේ නුසෙයිරාත්,  රාෆා හා වෆා ප්‍රදේශවලට එල්ල වු ප්‍රහාරවලින් පලස්තීන වැසියන් 7 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

 

 

 

 

 

 

 

 

 

 

 

The post විනාශ වු ඛාන් යුනිස් ප්‍රදේශයට පලස්තීනුවන් යළි පැමිණෙයි appeared first on ITN News.

Read More »

මොසැම්බික් රාජ්‍යට ආසන්න මුහුදේදී යාත්‍රාවක් අනතුරට ලක් වීමෙන් 90 කට වැඩි පිරිසක් මරුට  

0 comments

මොසැම්බික් මුහුදේ යාත්‍රාවක් ගිලි යාමෙන් පුද්ගලයන් 90කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම යාත්‍රාවෙහි 130 දෙනෙකු ගමන් කර ඇති බවයි වාර්තා වන්නේ.

කොළරාව පැතිරීම හේතුවෙන් පළා යමින් සිටි පිරිසක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍යවල සදහන් වන්නේ.

අනතුරට පත්වූවන්ගෙන් පස් දෙනෙකු බේරාගෙන තිබෙනවා. යාත්‍රාවේ තදබදය වැඩි වීම සහ එය යාත්‍රා කිරීමට තරම් සුදුසු තත්ත්වයක නොතිබීම හේතුවෙන් අනතුරට ලක්වන්නට ඇති බවයි එරට බලධාරීන් සදහන් කරන්නේ.

යාත්‍රාව නාම්පූලා වෙරළට ඔබ්බෙන් වු ලුන්ගා සිට මොසැම්බික් දූපත දක්වා ගමන් කරමින් තිබුණා. පසුගිය වසරේ ජනවාරි මාසයේ සිට මේ දක්වා දකුණු අප්‍රිකාවේ රටවල් කිහිපයක් පුරා පැතිර ගිය කොළරා රෝගයෙන් වැඩිම බලපෑමකට ලක්ව ඇත්තේ නාම්පුලා වැසියන් බව සදහන් වනවා.

 

 

 

 

 

 

 

The post මොසැම්බික් රාජ්‍යට ආසන්න මුහුදේදී යාත්‍රාවක් අනතුරට ලක් වීමෙන් 90 කට වැඩි පිරිසක් මරුට appeared first on ITN News.

Read More »

අයහපත් කාලගුණය නිසා බ්‍රිතාන්‍යයේ ගුවන් ගමන් රැසක් අවලංගු කෙරේ  

0 comments

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් බ්‍රිතාන්‍යයේ ගුවන් ගමන් රැසක් අවලංගු කර තිබෙනවා.

“කැත්ලීන්” කුණාටුවත් සමග පවතින තද සුළං තත්ත්වය සහ උණුසුම් කාලගුණ තත්ත්වය හේතුවෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති අනතුරු ඇඟවවීමේ නිවේදන අනුවයි එම ගුවන් ගමන් අවලංගු කර තිබෙන්නේ.

ඒ අනුව බ්‍රිතාන්‍ය තුළ ගුවන් ගමන් 140ක් පමණ අවලංගු කර තිබෙනවා.

ස්කොට්ලන්තයේ දුම්රිය සහ බෝට්ටු සේවාවලට ද අයහපත් කාලගුණයෙන් බලපෑම් එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.

සුළං තත්ත්වය හේතුවෙන් එංගලන්තයේ වයඹ හා නිරිත දිග ප්‍රදේශවලට සහ උතුරු අයර්ලන්තය, ස්කොට්ලන්තය හා වේල්සය යන කලාප සඳහා ද දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.

The post අයහපත් කාලගුණය නිසා බ්‍රිතාන්‍යයේ ගුවන් ගමන් රැසක් අවලංගු කෙරේ appeared first on ITN News.

Read More »

ඊශ්‍රායල රජයට විරෝධය පළ කරමින් එරට ජනතාව පාරට බසී  

0 comments

ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයාට හා රජයට විරෝධය පළකරමින් දහස් සංඛ්‍යාත පිරිසක් ටෙල් අවිව් අගනුවර පැවති උද්ඝෝෂණයකට සහභාගි වුණා.

ඊයේ පැවති උද්ඝෝෂණය සඳහා ලක්ෂයකට අධික පිරිසක් සහභාගිවී සිටි බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

ඊශ්‍රායල රජය විසුරුවාහැර මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කරන ලෙස ඔවුන් රජයට බලකර සිටිනවා.

එමෙන්ම හමාස් භාරයේ සිටින ඊශ්‍රායල ජාතික ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීමට අවශ්‍ය කටයුතු සිදුකරන ලෙසයි විරෝධතාකරුවන් ඉල්ලා සිටින්නේ.

ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීමට ඊශ්‍රායල රජයට කිසිදු අවශ්‍යතාවක් නොමැති බවට ද ඔවුන් චෝදනා කරනවා.

ඊශ්‍රායල ආරක්ෂක අංශ ප්‍රාණ ඇපකරුවෙකුගේ සිරුරක් සොයා ගැනීමෙන් අනතුරුවයි රජයට විරුද්ධ මෙම දැවැන්ත විරෝධතාව පැවැත්වුණේ.

ප්‍රාණ ඇපකරුවන් 130 දෙනෙකු පමණ තවමත් හමාස් සංවිධානය තම භාරයේ රඳවාගෙන සිටිනවා.

The post ඊශ්‍රායල රජයට විරෝධය පළ කරමින් එරට ජනතාව පාරට බසී appeared first on ITN News.

Read More »

රුසියාව එල්ල කළ ප්‍රහාරයකින් යුක්‍රේන වැසියන් 6 දෙනෙක් මියයයි  

0 comments

රුසියාව යුක්‍රේනයට එල්ල කළ ප්‍රහාරයකින් සිවිල් වැසියන් 6 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

යුක්‍රේනයේ දෙවන විශාලතම නගරය වන සපොරිශ්ෂියා වෙත රුසියාව එල්ල කළ ප්‍රහාරයෙන් සිවිල් වැසියන් හය දෙනෙකු මිය ගොස් තවත් 10 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

යුක්‍රේනයේ දකුණු දිග නගරයක් වන සපොරිශ්ෂියා වෙත රුසියානු මිසයිල ප්‍රහාරයක් ඊට පෙර දිනද එල්ල වුණා.

ඉන් පුද්ගලයින් සිව් දෙනෙකු මිය ගිය අතර තවත් 20 දෙනෙකු තුවාල ලබා තිබුණා.

The post රුසියාව එල්ල කළ ප්‍රහාරයකින් යුක්‍රේන වැසියන් 6 දෙනෙක් මියයයි appeared first on ITN News.

Read More »

සිම්බාබ්වේ රාජ්‍ය නව මුදල් ඒකකයක් හඳුන්වාදෙයි  

0 comments

සිම්බාබ්වේ රාජ්‍ය නව මුදල් ඒකකයක් හඳුන්වාදී තිබෙනවා.

සිම්බාබ්වේ ගෝල්ඩ් යනුවෙනුයි නව මුදල් ඒකකය නම්කර ඇත්තේ. ප

සුගිය වසර 25ක කාලය පුරා ඇද වැටුණු සිම්බාබ්වේ ආර්ථිකය ස්ථාවර කිරිමේ අරමුණෙන් මෙම පියවර ගෙන තිබෙනවා.

නව මුදල් නෝට්ටු එළිදක්වමින් එරට මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ නව මුදල් ඒකකය ව්‍යුහගතකර වෙළෙඳපොළ තීරණය කරන ලද විනිමය අනුපාතිකයකට අනුව සකස් කරන බවයි.

The post සිම්බාබ්වේ රාජ්‍ය නව මුදල් ඒකකයක් හඳුන්වාදෙයි appeared first on ITN News.

Read More »

ලිබර්ටි ප්‍රතිමාවත් සෙලවූ භූ කම්පනය  

0 comments

අමෙරිකාවේ නිව්යෝර්ක් ඇතුළු නැගෙනහිර වෙරළ තීරයට ආසන්න නගරවලට රික්ටර් මාපකයේ ඒකක 4.8ක භූකම්පනයකින් බලපෑම් එල්ල වී තිබෙනවා.

එරට වේලාවෙන් උදෑසන 10.23ට පමණ සිදුවූ එම කම්පනය ෆ්ලඩෙල්ෆියා සිට නිව්යෝර්ක් දක්වා දැනුණු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ.

මේ අතර ප්‍රධාන භූකම්පනයෙන් පසුව පසු කම්පන 11ක් පමණ වාර්තා වී තිබුණු බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ මෙය ගෙවුණු දශක පහක කාලය තුළ කලාපයෙන් වාර්තාවූ තෙවන විශාලතම භූකම්පනය බවයි.

කෙසේ වුවද භූකම්පනයෙන් ජීවිත හෝ දේපොළ හානියක් වාර්තා වී නැහැ.

 

The post ලිබර්ටි ප්‍රතිමාවත් සෙලවූ භූ කම්පනය appeared first on ITN News.

Read More »

ලොව ලාබාලතම බිලියනපතිනිය  

0 comments

ලොව ළාබාලතම බිලියනපතිනිය ලෙස බ්‍රසීල ජාතික විශ්වවිද්‍යාල සිසුවියක්ව ෆෝබ්ස් සඟරාව විසින් නම් කර තිබෙනවා.

19 හැවිරිදි ලිවියා වොයිග්ට් 2024ට අදාළව ෆෝබ්ස් සඟරාව නිකුත් කරන ලද බිලියනපතියන්ගේ ලැයිස්තුවටයි මෙසේ   ඇතුළත්ව තිබෙන්නේ.

ඇයගේ ආදායම ඩොලර් බිලියන 1.1ක් බව සඳහන් .

ලිවියා වොයිග්ට් මෙලෙස බිලියනපති ලැයිස්තුවට ඇතුළත්ව ඇත්තේ, ලතින් අමෙරිකාවේ ප්‍රකට මෝටර් රථ නිෂ්පාදන සමාගමක තනි කොටස්හිමිකාරිය බවට ඇය පත්වීමත් සමගයි.

ෆෝබ්ස් සඟරාව විසින් මේ වසරට අදාළව නිකුත් කළ බිලියනපතියන් ලැයිස්තුවට ඇතුළත්ව සිටින 25 දෙනෙකුම වයස අවුරුදු 33ට අඩු තරුණ පිරිස් වීම විශේෂත්වයකි.

The post ලොව ලාබාලතම බිලියනපතිනිය appeared first on ITN News.

Read More »

ඇෆ්ගනිස්තාන සංක්‍රමණිකයින් පිරිසක් පාකිස්තානයෙන් පිටුවහල් කිරීමට සැරසෙයි  

0 comments

රාමසාන් උත්සව සමයෙන් පසු තවත් ඇෆ්ගනිස්තාන සංක්‍රමණිකයින් පිරිසක් පාකිස්තානයෙන් පිටුවහල් කිරීමට සුදානම් වනවා.

පාකිස්තානයේ අනවසරෙන් රැදි සිටින ඇෆ්ගනිස්තාන ජාතිකයින් පිටුවහල් කිරීමේ දෙවන වටය රාමසාන් උත්සව සමයෙන් අනතුරුව ආරම්භ කරන බවයි පාකිස්තාන බලධාරීන් සදහන් කරන්නේ.

නිත්‍යානුකුල ලියකියවිලි නොමැති ඇෆ්ගනිස්තාන ජාතිකයින්ට මේ වන විට නිදහසේ පාකිස්තානය තුළ සැරිසැරීමට අවකාශය නොමැති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම පාකිස්තාන පොලිසියේ දැඩි බලපෑම්වලට යටත් වීමට සිදුව ඇති බව ඇෆ්ගනිස්තාන සංක්‍රමණිකයින් පැමිණිලි කර ඇති බව ද සදහන්.

 

 

 

 

 

 

 

 

 

 

 

The post ඇෆ්ගනිස්තාන සංක්‍රමණිකයින් පිරිසක් පාකිස්තානයෙන් පිටුවහල් කිරීමට සැරසෙයි appeared first on ITN News.

Read More »

ගාසා තීරයට ආධාර ලබාදීම සඳහා නව මාර්ග විවෘත කරන බව ඊශ්‍රායලය කියයි  

0 comments

ගාසා තීරයට ආධාර ලබාදීම සඳහා නව මාර්ග විවෘත කරන බව ඊශ්‍රායලය පවසනවා.

ඊශ්‍රායලය පවසන්නේ  මානුෂීය ආධාර ලබා දීම සඳහා ගාසා තීරයට මාර්ග දෙකක් විවෘත කිරීමට අනුමැතිය ලබා දුන් බවයි.

උතුරු ගාසා තීරයේ එරෙස් ගේට්ටුව හා ඈෂ්ඩොඩ් වරායද මානුෂීය බෙදාහැරීම් සඳහා මේ අනුව විවෘත වනු ඇති.

යුද්ධය ආරම්භයේ සිට පළමු වරටයි මෙම මාර්ග විවෘත කෙරෙන්නේ.

ඊශ්‍රායල ප්‍රහාරයකින් වර්ල්ඩ් සෙන්ට්‍රල් කිචන්හි සහන සේවකයින් හත් දෙනෙකු මිය ගියා.

The post ගාසා තීරයට ආධාර ලබාදීම සඳහා නව මාර්ග විවෘත කරන බව ඊශ්‍රායලය කියයි appeared first on ITN News.

Read More »

මියන්මාරයේ බිම්බෝම්බවලින් පසුගිය වසරේ මියගිය සංඛ්‍යාව තුන් ගුණයකින් ඉහළට  

0 comments

මියන්මාරයේ බිම්බෝම්බ වලින් පසුගිය වසරේ මිය ගිය සංඛ්‍යාව තුන් ගුණයකින් ඉහළ ගොස්  ඇති බව ජගත් සංවිධානය පවසනවා.

එක්සත් ජාතීන්ගේ ළමයින් පිලිබඳ ඒජන්සිය පවසන්නේ මෙලෙස මියගිය අතරින් 20% කට වැඩි පිරිසක් ළමයින් බවයි.

2023 වසර තුළ බිම් බෝම්බ හා පුපුරණ ද්‍රව්‍ය අනතුරුවලින් 1,052දෙනෙකු මිය ගියා.

එය පෙර වසරේ මියගිය 390 ට සාපේක්ෂව තුන් ගුණයක වැඩි වීමක්.

බිම් බෝම්බ භාවිතය නීති විරෝධී හා හෙළා දැකිය යුතු දෙයක් බව ද යුනිසෙෆ් පවසනවා.

2021 පෙබරවාරි මාසයේදී තේරී පත් වූ නායිකා අවුන් සාන් සුකීට එරෙහිව ජ්‍යෙෂ්ඨ ජෙනරාල් මින් අවුන් හ්ලේන් හමුදා කුමන්ත්‍රණයක් මෙහෙයවීමත් සමඟ මියන්මාරය අර්බුදයකට ඇද වැටුණා.

The post මියන්මාරයේ බිම්බෝම්බවලින් පසුගිය වසරේ මියගිය සංඛ්‍යාව තුන් ගුණයකින් ඉහළට appeared first on ITN News.

Read More »

ඊශ්‍රායලයට ආයුධ විකිණීම නවත්වන්නැයි බ්‍රිතාන්‍ය අගමැතිට බලපෑම්  

0 comments

ඊශ්‍රායලයට ආයුධ විකිණීම නවත්වන්නැයි බ්‍රිතාන්‍ය අගමැති රිෂි සුනක්ට එල්ල වන පීඩනය වැඩි වී තිබෙනවා.

ගාසා තීරයේදී ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් බ්‍රිතාන්‍ය ජාතිකයින් තිදෙනෙකු ඇතුළු සහන සේවකයන් හත් දෙනෙකු මිය යාමෙන් පසු බ්‍රිතාන්‍ය අගමැති රිෂි සුනක්ට මෙම පීඩනය එල්ල වී තිබෙනවා.

බ්‍රිතාන්‍යයේ විරුද්ධ පක්ෂ තුනක් හා පාලක කොන්සර්වේටිව් පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරු කියා සිටියේ බ්‍රිතාන්‍ය රජය ආයුධ අලෙවිය අත්හිටුවීම ගැන සලකා බැලිය යුතු බවයි.

එම ප්‍රහාරයෙන් ඕස්ට්‍රේලියා, බ්‍රිතාන්‍ය හා පෝලන්ත ජාතිකයන් මෙන්ම පලස්තීන, ඇමරිකා කැනඩා ද්විත්ව පුරවැසියෙකු ද මිය ගියා.

කෙසේ වෙතත් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කළේ මෙම ප්‍රහාරය පිලිබඳ ස්වාධීන පරීක්ෂණයක් පවත්වන බවයි.

The post ඊශ්‍රායලයට ආයුධ විකිණීම නවත්වන්නැයි බ්‍රිතාන්‍ය අගමැතිට බලපෑම් appeared first on ITN News.

Read More »

උතුරු ගාසා තීරයට ආධාර ගෙන ඒම ඊශ්‍රායලය අවහිර කරයි  

0 comments

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ මාස 6ක යුද්ධයෙන් දරුවන්ට ආධාර අහිමි වී ඇති බව ජාත්‍යන්තර සංවිධාන පවසනවා.

පලස්තීන සරණාගතයින් සඳහා වන එක්සත් ජාතීන්ගේ සහන සහ වැඩ ඒජන්සිය පවසන්නේ උතුරු ගාසා තීරයට ආහාර සහ අනෙකුත් ආධාර ගෙන ඒම ඊශ්‍රායලය දිගටම අවහිර කරමින් සිටින බවයි.

සාගතයකට මුහුණ දී සිටින ගාසා තීරයේ පලස්තීනුවන් දහස් ගණනකට ආහාර ගෙන එන පුණ්‍යායතන කාර්ය මණ්ඩල වලට ඊශ්‍රායලය ප්‍රහාර ද එල්ල කළා.

මේ අතර ජගත් සංවිධාන හා ලෝක බැංකු වාර්තාවක් පෙන්වා දෙන්නේ ඊශ්‍රායලයේ විනාශකාරී ප්‍රහාර හමුවේ යුද්ධයේ පළමු මාස ​​හතර තුළ ගාසා තීරයට සිදු වූ හානිය ඩොලර් බිලියන 18.5 ක් බවයි .

ඔක්තෝබර් 7 දා සිට ගාසා තීරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් පලස්තීනුවන් 32,975ක් මිය ගොස් 75,577ක් තුවාල ලබා තිබෙනවා.

හමාස්ගේ ප්‍රහාරයෙන් ඊශ්‍රායලයේ මියගිය සංඛ්‍යාව 1,139 ක්.

The post උතුරු ගාසා තීරයට ආධාර ගෙන ඒම ඊශ්‍රායලය අවහිර කරයි appeared first on ITN News.

Read More »

තායිවාන භූ කම්පනයෙන් නව දෙනෙකු මියයයි  

0 comments

තායිවාන භූ කම්පනයෙන් පුද්ගලයන් නව දෙනෙකු මිය ගොස් 934 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

වසර 25 කට පසු තායිවානයේ ඇති වූ ප්‍රබලතම භූකම්පනය මෙයයි.

රිච්ටර් පරිමාණ ඒකක 7.4 ක ප්‍රබල භූ කම්පනය දිවයිනේ නැගෙනහිර වෙරළ තීරයේ හටගත්තා.

මේ වන විට එරට අධිවේගී උමං මාර්ගවල සිරවී සිටින පිරිස් බේරා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මකයි.

මේ වන විට පුද්ගලයින් 137 දෙනෙකු උමං මාර්ග වල සිරවී සිටිනවා.

ඇමරිකා භූ විද්‍යා සමීක්ෂණ ආයතනයට අනුව එරට වේලාවෙන් පෙරවරු 7:58 ට භූ කම්පනය සිදු වුණා.

ඉන් පසු අපිකේන්ද්‍රය ආසන්නයේ රිච්ටර් මාපකයේ ඒකක 4 ට වඩා විශාල පසු කම්පන 29 ක් ද සිදුව තිබුණා.

පසු කම්පන අතුරින් එකක් රිච්ටර් පරිමාණ ඒකක 6 ට වැඩි වූ අතර 13 ක් ඒකක 5ක් හෝ ඊට වැඩි අගයක් වාර්තා කළා.

The post තායිවාන භූ කම්පනයෙන් නව දෙනෙකු මියයයි appeared first on ITN News.

Read More »

උතුරු කොරියාව හයිපර් සොනික් මිසයිලයක් අත්හදා බලයි  

0 comments

උතුරු කොරියාව හයිපර් සොනික් මිසයිලයක් අත්හදා බලා තිබෙනවා.

අත්හදා බැලු හයිපර් සොනික් මිසයිලයට මධ්‍ය දුර සිට දිගු දුර දක්වා පරාසයක ගමන් කිරීමේ හැකියාව පවතින බව උතුරු කොරියා මාධ්‍ය සදහන් කරනවා.

උතුරු කොරියාව අත්හදා බැලු මිසයිලය මුහුදට පතිත වී ඇති අතර දකුණු කොරියාව / ජපානය හා ඇමෙරිකාව එම මිසයිල අත්හදා බැලීම හෙළා දැක තිබෙනවා.

මිසයිල අත්හදා බැලීම නිරීක්ෂණය සදහා උතුරු කොරියා නායක කිම් ජෝන් උන්ග් සහභාගී වු බවයි උතුරු කොරියා මාධ්‍ය සදහන් කරන්නේ.

මෙම මිසයිල අත්හදා බැලීම සදහා උතුරු කොරියාව තම ආරක්ෂාව සදහා භාවිතා කරන තාක්ෂණික ක්‍රමවේද ඉහළ මට්ටමක පවතින ආකාරය පෙන්නුම් කරන බව ද එරට මාධ්‍ය තවදුරටත් පවසනවා.

 

 

 

 

 

 

 

 

The post උතුරු කොරියාව හයිපර් සොනික් මිසයිලයක් අත්හදා බලයි appeared first on ITN News.

Read More »

චීන-ඇමරිකා ජනපතිවරු දුරකථන සංවාදයක  

0 comments

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සහ ඇමරිකා ජනාධිපති ‍ජෝ බයිඩන් මහතා දුරකථන සංවාදයක නිරතව තිබෙනවා.

චීන-ඇමරිකා සබඳතා මෙන්ම දෙපාර්ශ්වයටම පොදු කරුණු සම්බන්ධයෙන් එහිදී ඔවුන් අදහස් හුවමාරු කර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා එහිදී සඳහන් කර ඇත්තේ දෙරටේ සබඳතා ස්ථාවර මට්ටමකට පැමිණෙමින් තිබෙන බවයි.

එය දෙරටේ ජනතාවගේ මෙන්ම ජාත්‍යන්තර ප්‍රජාවගේ ද ප්‍රසාදයට ලක්ව ඇති බව ඔහු සඳහන් කර තිබෙනවා.

චීනය හා ඇමරිකාව වැනි විශාල රටවල් සිය සබඳතාවන් අත්නොහැරිය යුතු අතර එකිනෙකාට විරුද්ධ නොවිය යුතු බවද චීන ජනාධිපතිවරයා අවධාරණය කර ඇති බවද සඳහන්.

එමෙන්ම මෙම වසරේ චීන-ඇමරිකා සබඳතාවට අදාළ මූලධර්ම තුනක් ද චීන ජනාධිපතිවරයා එහිදී පැහැදිලි කර ඇති බව වාර්තා වනවා.

චීන ජනාධිපතිවරයා එම දුරකථන සංවාදයේ දී වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ තායිවාන ප්‍රශ්නයට කිසිදු අයුරකින් ඇමරිකාවට සම්බන්ධ නොවන ලෙසයි.

එම දුරකථන සංවාදයේ දී අදහස් දැක්වූ ඇමරිකා ජනාධිපති ජෝ බයිඩන් මහතා ඇමරිකා-චීන සබඳතා ලොව වඩාත් වැදගත්ම සබඳතාව ලෙස හඳුන්වා දී තිබෙනවා.

ඔහු එහිදී වැඩිදුරටත් අවධාරණය කළේ ඇමරිකාව නව සීතල යුද්ධයක් අපේක්ෂා නොකරන බවයි.

ඇමරිකාව තායිවාන ස්වාධීනත්වයට සහය නොදෙන අතර චීනය සමග ගැටුමක් ඇති කර ගැනීමට ද අපේක්ෂා නොකරන බව ද ඇමරිකා ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.

චීන සංවර්ධනයට බාධා කිරීමට ඇමරිකාව අපේක්ෂා නොකරන බවද බ‍යිඩන් ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා තිබෙනවා

The post චීන-ඇමරිකා ජනපතිවරු දුරකථන සංවාදයක appeared first on ITN News.

Read More »

තායිවානයේ ප්‍රබල භූ කම්පනයක් – සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කරයි  

0 comments

තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් රික්ටර් මාපාංක 7.5ක ප්‍රබලත්වයෙන් යුත් භූකම්පනයක් හටගෙන තිබෙනවා.

මේ හේතුවෙන් ජපානයට සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

The post තායිවානයේ ප්‍රබල භූ කම්පනයක් – සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කරයි appeared first on ITN News.

Read More »

සිරියා හමුදා සෙබළුන් 8 දෙනෙකු ඝාතනය කරයි  

0 comments

අයි එස් අයි එස් ත්‍රස්තවාදීන් සිරියා හමුදා සෙබළුන් 8 දෙනෙකු ඝාතනය කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

සිරියාවේ කාන්තාර ප්‍රදේශයක දී සිරියා හමුදා කණ්ඩයක් ඉලක්ක කර පහරදීමක් සිදුකර ඇති අතර අනතුරුව ඔවුන් තම ග්‍රහණයට ගෙන මරා දමා ඇති බවයි සිරියා මානව හිමිකම් නිරීක්ෂකයින් සදහන් කරන්නේ.

පසුගිය දින කිහිපය තුළ දී ජිහාඩ් ත්‍රස්තවාදීන් මෙලෙස ඝාතනය කර ඇති සිරියා හමුදා සෙබළුන් සංඛ්‍යාව 14ක්.

2014 වසරේ දී අයි එස් අයි එස් ත්‍රස්තවාදීන් ඉරාකයේ හා සිරියාවේ ප්‍රදේශ රැසක් තම බලයට නතු කර ගැනීමට සමත්වුණා.

කෙසේ වුවද 2019 වසරේ දී තම භූමියෙන් අයි එස් ත්‍රස්තවාදය තුරන් කළ බවයි සිරියාව නිවේදනය කළේ.

The post සිරියා හමුදා සෙබළුන් 8 දෙනෙකු ඝාතනය කරයි appeared first on ITN News.

Read More »

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් ගාසා තීරයේ සහන කටයුතුවල නිරත විදෙස් ජාතිකයින් තුන් දෙනෙකු ජීවිතක්ෂයට  

0 comments

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයන්ගෙන් ගාසා තීරයේ සහන කටයුතුවල නිරත විදෙස් ජාතිකයින් තුන් දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව බී බී සී පුවත් සේවය සඳහන් කරනවා.

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයන්ගෙන් ජිවිතක්ෂයට පත්වු විදෙස් ජාතික සහන සේවකයින් 3 දෙනා අතරට බ්‍රිතාන්‍ය,  පෝලන්ත හා ඕස්ට්‍රේලියා ජාතිකයින් අයත්.

ඔවුන් සමග කටයුතු කළ පලස්තීන රියදුරෙකු ද ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

ගාසා තීරයේ සහන කටයුතුවල නිරත සියලුදෙනා වෙඩි නොවදින කබා හා සහන සේවකයින් ලෙස ප්‍රදර්ශනය කෙරෙන ලාංඡන ද පැලද සිටිනවා.

එහෙත් මේ වන විට ඊශ්‍රායල ප්‍රහාරයන්ට ඔවුන් ද ගොදුරුවෙමින් සිටින බවයි හමාස් සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරන්නේ.

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයන්ගෙන් සහන කටයුතුවල නිරත සේවයකින් ජිවිතක්ෂයට පත්වීම ඛේදනීය තත්ත්වයක් බව ඇමෙරිකාව නිවේදනය කරනවා.

 

 

 

 

 

 

 

The post ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් ගාසා තීරයේ සහන කටයුතුවල නිරත විදෙස් ජාතිකයින් තුන් දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

Read More »

සිරියාවේදී ඉරාන හමුදා ජෙනරාල්වරුන් ඝාතනය කළ බවට ඊශ්‍රායලයට චෝදනා  

0 comments

සිරියාවේදී ඉරාන හමුදා ජෙනරාල්වරුන් ඝාතනය කළ බවට ඊශ්‍රායලයට චෝදනා එල්ල වනවා.

සිරියාවේ ඩැමස්කස් අගනුවර ඉරාන කොන්සල් කාර්යාල ගොඩනැගිල්ල අසලට ප්‍රහාරයක් එල්ල වුණා.

නිලධාරීන් දෙදෙනෙකු මිය ගිය බව ඉරාන විප්ලවවාදී ආරක්ෂක බළකාය පවසනවා.

ඉරාන කුඩ්ස් බළකායේ ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරියකු වූ බ්‍රිගේඩියර් ජනරාල් මොහොමඩ් රීසා සහේඩි සහ ඔහුගේ නියෝජ්‍ය නිලධාරි බ්‍රිගේඩියර් ජනරාල් මොහොමඩ් හාඩි හාජි-රහිමි මියගිය අය අතර සිටිනවා.

ඉරාන හා සිරියා රජයන් ඉරාන තානාපති කාර්යාලයට යාබද ගොඩනැගිල්ලකට එල්ල වූ ප්‍රහාරය ඊශ්‍රායලය එල්ල කළ බවටයි චෝදනා කරන්නේ.

ඔවුන් එය හෙළා දැක තිබෙනවා. කෙසේ වෙතත් ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කළේ විදෙස් මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් තමන් අදහස් පළ නොකරන බවයි.

 

 

 

 

 

 

 

The post සිරියාවේදී ඉරාන හමුදා ජෙනරාල්වරුන් ඝාතනය කළ බවට ඊශ්‍රායලයට චෝදනා appeared first on ITN News.

Read More »

Recent News

Gossip Lanka MAG