Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ITN ළමා දින සැමරුම් වැඩසටහන ලබන 06 වනදා  

0 comments

හැදෙන රටක වැඩෙන ළමයි තේමාවෙන් ITN ලෝක ළමා දින සැමරුම් වැඩසටහන ලබන 06 වනදා උත්කර්ෂවත්ව පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සූදානම්. කොළඹ විහාර මහා දේවී උද්‍යානය සහ වැලිඔය සම්පත් නුවර මහවැලි ක්‍රීඩාංගනය කේන්ද්‍ර කර ගනිමිනුයි මෙවර සැමරුම් උත්සවය පැවැත්වෙන්නේ.

ITN මාධ්‍ය ජාලය හා අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව සංවිධාන කරන ළමා දින සැමරුම මෙවර නවතාවයකින් යුතුව පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. කොළඹ සිට මෙන්ම  ත්‍රිකුණාමලය, අනුරාධපුර, වවුනියාව හා මුලතිව් දිස්ත්‍රික්කවලට අයත් ගම්මාන රැසක දරුවන් ලෝක ළමා දින සැමරුම වෙනුවෙන් එක්වීමට නියමිතයි.

සිංහල, දෙමළ, මුස්ලිම් දරුවන් දෙදහසක් පමණ මේ සදහා සහභාගී කරවීමටයි නියමිතව තිබෙන්නේ. ඔවුන් සදහා විශේෂාංග රැසක් එක්කිරීමට ITN මාධ්‍ය ජාලය කටයුතු යොදා තිබෙනවා. සාම්ප්‍රදායික ළමා දින උත්සව වලින් බැහැරව දිවයිනේ ඈත එපිට දුෂ්කර ප්‍රදේශයක්ද කේන්ද්‍ර කර ගනිමින් ලෝක ළමාදින උත්සවය පැවැත්වීමට ITN මාධ්‍ය ජාලය කටයුතු යොදා තිබීම විශේෂත්වයක්.

Read More »

තලවතුගොඩ සුධර්මාරාම විහාරස්ථානයේ තෙමහල් මන්දිරය සඟසතු කෙරේ  

0 comments

තලවතුගොඩ සුධර්මාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද ශ‍්‍රී සෝමානන්ද තෙමහල් මන්දිරය සඟ සතුකොට පූජා කිරීමේ පුණ්‍ය මහෝත්සවය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (30) පස්වරුවේ සිදු විය.

ධර්මශාලාවකින්, පුස්තකාලයකින් සහ සංඝාවාසයකින් යුක්ත මෙම තෙමහල් ගොඩනැගිල්ල විහාරස්ථ දායක සභාවේ මුල්‍ය පරිත්‍යාගයෙන් ඉදිකර තිබෙන අතර වැය කර ඇති මුදල රුපියල් මිලියන 25 කි.

සමරු ඵලකය නිරාවරණය කළ ජනාධිපතිතුමා නව තෙමහල් මන්දිරය විවෘත කරනු ලැබීය.

බෝසත් ශ‍්‍රී ලංකා පදනම මඟින් බුරුමයේ සිට වැඩම කරවන ලද සර්වඥ ධාතුන් වහන්සේලා, කේශ ධාතුන් වහන්සේලා ප‍්‍රමුඛ මහ රහත් ධාතුන් වහන්සේ මහජන වන්දනාමානය සඳහා නිරාවරණය කෙරුණේ ද ජනාධිපතිතුමාගේ සුරතිනි.

විහාරාධිපති මහාචාර්ය කිවුලේගෙදර නාරද නායක ස්වාමින් වහන්සේ ප‍්‍රමුඛ මහා සංඝරත්නය එහිදී සෙත් පිරිත් සජ්ඣායනා කර ජනාධිපතිතුමා වෙත ආශිර්වාද පළ කළහ.

බෝසත් ශ‍්‍රී ලංකා පදනමේ සභාපති විශ්ව කීර්ති ශ‍්‍රී දේශමාන්‍ය කේ.ඒ.ඩී.එම්. උමේෂ් චතුර මහතා වෙත සමරු තිළිණයක් පිළිගැන්වීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.

උඩරට අමරපුර මහා නිකායේ මහානායක ශාසනවංශාලංකාර සිද්ධම්ම භාණක ධර්ම ශාස්ත‍්‍රශූරී මහෝපාධ්‍යාය ශාස්ත‍්‍රපති පණ්ඩිත පූජ්‍ය නුවරඑළියේ චන්ද්‍රජෝති නායක ස්වාමින්වහන්සේ විසින් ජනාධිපතිතුමා වෙත ද විශේෂ සමරු තිළිණයක් පිළිගැන්වූහ.

අමරපුර ධර්මරක්ෂිත මහා නිකායේ මහා නායක රාජකීය පණ්ඩිත ශාස්ත‍්‍රපති පූජ්‍ය ති‍්‍රකුණාමලයේ ආනන්ද නායක ස්වාමින්වහන්සේ, රාජකීය පණ්ඩිත පූජ්‍ය අත්තරගම වජිරජෝති අනුනායක ස්වාමින්වහන්සේ, කොළඹ මාලිගාකන්ද විද්‍යොදය පිරිවෙනේ පරිවේණාධිපති රාජකීය පණ්ඩිත පූජ්‍ය බලංගොඩ සෝභිත නායක හිමිපාණන් වහන්සේ ප‍්‍රමුඛ මහා සංඝරත්නය ද අමාත්‍ය විජයදාස රාජපක්ෂ, ඒ.එච්.එම්. ෆවුසි, බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවපි‍්‍රය යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරු පිරිසක් සහ ප‍්‍රදේශවාසී සැදැහැවත් ජනතාව විශාල පිරිසක් මෙම පුණ්‍ය මහෝත්සවයට එක්ව සිටියහ.

Read More »

ට්‍රාමී සුළිකුණාටුව ඔසාකා නුවර වනසයි  

0 comments

ජපානයේ ඔසාකා නුවරට බලපෑ ට්‍රාමී සුළිකුණාටු හේතුවෙන් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වී  තිබෙනවා.

පුද්ගලයින් 120 දෙනෙකු තුවාල ලැබුවා. පැයට කිලොමීටර් 216 ක  වේගයෙන් හමාගිය සුළි කුණාටුවෙන්  දැඩි බලපෑම් එල්ල වුණා. නිවාස ලක්ෂ 03 කට අධික සංඛ්‍යාවකට විදුලිය ඇණ හිට ඇති බවයි වාර්තා වෙන්නේ. පුද්ගලයින් ලක්ෂ 07 ක් පමණ ආරක්ෂිත ස්ථාන කරා යොමුකර තිබෙනවා. එම ප්‍රදේශයේ ප්‍රවාහන කටයුතු ද අඩාල වී ඇති බවයි ජපාන වාර්තා සදහන් කරන්නේ.

 

 

 

 

Read More »

මාලදිවයිනේ හිටපු ජනාධිපති මවුමූන් අබ්දුල් ගයුම් ඇප මත මුදා හැරේ  

0 comments

මාලදිවයිනේ හිටපු ජනාධිපතිවරයකු වන මවුමූන් අබ්දුල් ගයුම් ඇප මත මුදා හැර තිබෙනවා.

අසූවන වියෙහි පසුවන අබ්දුල් ගයූම් මාලදිවයිනේ වසර 30 ක ඒකාධිපති පාලනයක නිරත වූ බවට චෝදනා කරමිනුයි  සිරගත කර සිටියේ.  මාලදිවයිනේ ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ ඊබ්‍රහිම් මොහොමඩ් ,  අබ්දුල් යමීන්ට කියා සිටියේ දේශපාලනයට සම්බන්ධ සියලුම සිරකරුවන් නිදහස් කරන බවයි. මාලදිවයිනේ නව ජනාධිපතිවරණය පසුගිය සතියේ පැවැත්වුණා.

 

 

 

 

****

 

Read More »

‘දිරියෙන් පෙරමුණට යන්න-ළමා කැළට සවිය දෙන්න”  

0 comments

ලෝක ළමා දිනය අදට යෙදී තිබෙනවා.

ලෝක ළමා දින ජාතික උත්සවය අද (01) කොළඹ කේන්ද්‍රකොට ගනිමින් අරලියගහ මන්දිරයේ ප්‍රධාන ශලාවේ දී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

‘දිරියෙන් පෙරමුණට යන්න-ළමා කැළට සවිය දෙන්න’ තේමාව යටතේ පැවැත්වෙන මෙම උත්සවය කාන්තා හා ළමා කටයුතු ඇමැතිනී චන්ද්‍රානි බණ්ඩාර මහත්මියගේ උපදේශකත්වය යටතේ එම අමාත්‍යාංශය මගින් සංවිධාන කරයි.

මෙම උත්සවයේදී ලෝක ළමා දිනය නිමිත්තෙන් වූ සමරු මුද්දරය හා මුල්දින කවරය නිකුත් කිරීම ද ප්‍රධාන ආරාධිතයන්ගේ සහභාගීත්වයෙන් සිදු කිරීමට නියමිතය.

මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ලෝක ළමා දිනය වෙනුවෙන් සුබපැතුම් පණිවුඩයක් නිකුත් කර තිබෙනවා.” දිරියෙන් පෙරමුණට යන්න , ළමා කැලට සවිය දෙන්න” තේමාව යටතේ මෙවර ලෝක ළමාදිනය සැමරෙනවා. අදට යෙදෙන ලෝක ළමාදිනයේදී සියලු දරුවන් වෙත සුරක්ෂිත ජීවිතයක් තහවුරු කිරීම වෙනුවෙන් තමාගේ ඉහළම කැපවීම නැවතත් ප්‍රකාශ කරන බවයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා නිකුත් කළ පණිවුඩයේ දැක්වෙන්නේ. අධ්‍යාපනයේ තරගය සහ සමාජයේ සිදුව ඇති වේගවත් පරිවර්තනය සමඟ දරුවන්ගෙන් උදුරාගෙන ඇති නිදහස හා විචිත්‍රවත් බව යළි ඔවුන් වෙත දිනාදිය හැකි මග සෙවීම වැඩිහිටි කාගේත් වගකීම බව ද එම පණිවුඩයෙන් වැඩිදුරටත් අවධාරණය කර තිබෙනවා.

ලෝක ළමා දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරන අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටින්නේ වැඩිහියන් දරුවන්ට මග පෙන්විය යුතු බවයි.

Read More »

ලෝක වැඩිහිටි දිනය අදයි  

0 comments

ලොව පුරා වැඩිහිටියන් සැමරෙන ලෝක වැඩිහිටි දිනය අදට (ඔක්තෝම්බර් 01) යෙදී තිබෙනවා.

මෙම දිනය වෙනුවෙන් ලොව පුරා රටවල් රැසක් උත්සව හා විවිධ ක්‍රියාකාරී වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කෙරේ.

මෙවර ලෝක වැඩිහිටි දිනයේ තේමාව වන්නේ “Moving from Awareness to Action through a Human Rights based approach” යන්නයි.

ශ්‍රී ලංකාවේ මෙන් ම ලෝකයේ ද වැඩිහිටි ජනගහනය සීග්‍රයෙන් ඉහල යමින් පවතී. වර්ෂ 1964 දී 5.4%ක් වූ වයස අවුරුදු 60ට වැඩි අයගේ ප්‍රතිශතය 2001 දී 9.2%ටත් 2012 දී 12.5%ටත් වැඩි වූ අතර 2050 වනවිට සියයට 30% දක්වා වැඩි වන බවට පුරෝකතනය කර ඇත.

දැනට ශ්‍රී ලංකාවේ වැඩිහිටියන් මිලියන 2.5ක් පමණ ඇත.වර්ෂ 2041 වනවිට ශ්‍රී ලංකාවේ වැඩිහිටි ජනගහනයෙන් 25%ක් අවුරුදු 60 ඉක්මවූ වැඩිහිටියන් වනු ඇත.ශ්‍රී ලංකාවේ වැඩිහිටි ජනගහනය සීග්‍රයෙන් ඉහළ යෑම නිසා බෝ නොවන රෝගවල ඉහළ යෑමක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

Read More »

ජනප්‍රිය ගායන හා රංගන ශිල්පී රොනී ලීච් අභාවප්‍රාප්ත වෙයි  

0 comments

ජනප්‍රිය ගායන හා රංගන ශිල්පී රොනී ලීච් මහතා අභාවප්‍රාප්ත වුණා.

ඕස්ට්‍රේලියාවේ පර්ත් නගරයේ පැවැති ප්‍රසංගයක් සදහා සහභාගීවී සිටි අතරතුරයි ඒ මහතා අභාවප්‍රාප්ත වී තිබෙන්නේ. දෙදරු පියෙකු වන ඔහු මිය යන විට ඔහු 65 වන වියෙහි පසුවුණා. අභාවප්‍රාප්ත රොනී ලීච්  මහතාගේ දේහය ශ්‍රී ලංකාවට ගෙන ඒමට මේ වන විට කටයුතු සූදානම් කරමින් පවතිනවා.

 

 

 

 

Read More »

එක්සත් ජාතීන් හමුවෙන්න ආ පුංචි බිළිඳා..  

0 comments

මේ දිනවල එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය පිළිබඳ මේ දිනවල ලෝකයම කතාබහ කරනවා.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට සහභාගී වූ නවසීලන්ත අගමැතිනී ජසින්ඩා ආර්ඩර්න් තමන්ගේ කුළුඳුල් කතාව සිදුකරනු ලැබුවා. ඇය එහි ගියේ ඇගේ පුංචි පුතා හා සහකරු සමඟයි.  එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල ඉතිහාසය තුළ කුළුඳුල් බිළිඳෙකුගේ සහභාගීත්වය මේ විදියට සටහන් වුණේ පළමුවැනි වතාවටයි.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතීමට පෙර ජනපතිනිය තමාගේ දියණිය වූ නීව් සමග මහා මණ්ඩලය තුළ ගත කරන ආකාරය විදෙස් කැමරාවල සටහන් වෙලා තිබුණා. එහිදී, ඇය සමුළුව අමතන කාලය තුළ ඇයගේ සහකරුවා වූ ක්ලාර්ක් සහ ආයම්මා විසින් දරුවා බලාගන්නා ආකාරය දැක ගත හැකි වුණා.

නවසීලන්ත අගමැතිනිය සිය ධුර කාලය තුළ දරුවෙකු ප්‍රසූත කළ ලොව දෙවැනි අගමැතිනිය ලෙසද ඉතිහාසයට එක්ව සිටිනවා.

Read More »

ක්ෂය රෝග නිවාරණට චීන ජනාධිපති ආර්යාව කැපවෙයි  

0 comments

චීනයේ ක්ෂය රෝග නිවාරණ කටයුතු කාර්යක්ෂමතාවෙන් යුතුව සිදුකර තිබෙන බව චීන ජනාධිපති ආර්යා පෙංලියුවන් මහත්මිය පවසයි.එතුමිය මේ බව සදහන්එ කළේ එක්සත් ජාතීන්ගේ 73 වැනි මහා සම්මේලනයේ ක්ෂය රෝග නිවාරණය පිළිබඳ ඉහළ පෙළේ සැසිවාරය අමතමින්.එම සැසිවාරය ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවරදී පැවැත්වුණා.

චීන ජනාධිපති ආර්යා පෙංලියුවන් මහත්මිය එහි ආරම්භක උත්සවයේදී වීඩියෝ ආකාරයෙන් දේශනයක් පවත්වමින් මේ  බව පැවසුවා.ලෝක සෞඛ්‍ය සංවිධානයේ ක්ෂය රෝගය හා ඒඩ්ස් රෝගය නිවාරණය කිරීමේ විශේෂ නියෝජිතවරියක් වශයෙන්ගෙවී ගිය වසර 10කට වැඩි කාලය තුළ තමන් ලද අත්දැකීම් ඇය එහිදී විස්තර කළා.

චීන රජය හා චීන සමාජය ක්ෂය රෝග නිවාරණයට දැක්වූ අවධානය සහ ලක්ෂ 7ක ස්වේච්ඡා සේවකයන්ගේ දායකත්වය ඊට හේතුවී ඇතැයි පෙංලියුවන් මහත්මිය ‍සිය දේශනයේ දී වැඩිදුරටත් පෙන්වා දුන්නා.මානව සමාජය ක්ෂය රෝගය නිවාරණය කිරීමේ බොහෝ අභියෝගවලට මුහුණ දී සිටින අතර එම අභියෝග ජය ගැනීම ‍සඳහා විවිධ රටවල් එක්ව කටයුතු කළ යුතු බව ද එතුමිය අවධාරණය කළා.

 

Read More »

ඇමරිකාව සතු නවීණ වෛද්‍ය විද්‍යා තාක්ෂණය ශ්‍රී ලංකාවට  

0 comments

ඇමරිකාව සතු නවීණ වෛද්‍ය විද්‍යා තාක්ෂණය ශ්‍රී ලංකාවට ලබා දීමට එරට රජය එකග වූ බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. ඇමරිකාවේ සෞඛ්‍ය සහ මානව සේවා අමාත්‍යංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය ලේකම් එරික් හාගන් සහ අමාත්‍ය රාජිත සේනාරත්න යන මහත්වරුන් අතර ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර පැවති සමුළුවකදීයි මෙම එකගතාවට එලඹ තිබෙන්නේ.

එක්සත් ජාතීන්ගේ 73 වන සැසි වාරයට සමගාමීව මෙම සමුළුව පැවැත්වුණා. දකුණු සහ අග්නිදිග ආසියා කලාපයේ රටවල සෞඛ්‍ය දර්ශක අතරින් ශ්‍රී ලංකාව ප්‍රමුඛස්ථානයේ සිටින බව තමන්ට දැන ගන්නට ලැබුණු බවත් මේ හේතුවෙන් ඇමරිකාව සතු නවීණ වෛද්‍ය විද්‍ය තාක්ෂණය ලංකාවට ලබා දීමට සූදානම් බවත්  එරික් හාගන් මහතා මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා.

ඉදිරියේදී ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණෙන ලෙස අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සිදු කළ ආරාධනයද ඒ මහතා පිළිගෙන තිබෙනවා.

 

 

Read More »

නොනිදි නගරය නිර්මාණය කිරීමේ කටයුතු ඇරඹෙයි  

0 comments

ගල්ගමුව නොනිදි නගරය නිර්මාණය කිරීමේ කටයුතු අද ආරම්භ කෙරුණා. මූලික අදියර යටතේ රුපියල් මිලියන 2000ක් ඒ සදහා වැය කෙරෙනවා.

ගල්ගමුව තොරණගහ පිටිය ප්‍රදේශයේ මෙම නොනිදි නගරය ඉදි කෙරෙනවා. එහි ඉදිකිරීම් ආරම්භ කෙරුණේ මහින්ද අමරවීර, කබීර් හෂීම් හා රංජිත් සියඹලාපිටිය යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන්. අක්කර තිහක භූමි ප්‍රමාණයක මෙය ඉදි කෙරෙනවා. දේශීය නිශ්පාදන විදේශීය වෙළෙදපොල වෙත අපනයන කෙරෙන මධ්‍යස්ථානයක් ලෙස නොනිදි නගරය ක්‍රියාත්මක කෙරෙනවා.

 

 

 

Read More »

2020 දී පාසල් පද්ධතිය ශාරිරික දඬුවමින් තොර කිරීමට පා ගමනක්  

0 comments

සැබෑ වෙනසකට පාගමන ජනාධිපති මෛත්‍රීපාල  සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. පාසල් පද්ධතිය තුළ ළමයින්ට සිදුවන ශාරීරික දඩුවම් 2020 වසර වන විට තුරන් කිරීම අවධාරණය කරමිනුයි මෙය පැවැත්වුණේ.

නිදහස් චතුරස්‍රය අසලින් ආරම්භ වුණූ පාගමනට විශාල පිරිසක් එක් වුණා. ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 131 ක් ළමා හිංසනයට විරුද්ධව ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. මෙම සාධක සැළකිල්ලට ගනිමින්  පාගමන සංවිධාන කළේ ළමා හිංසනයට තිත සංවිධානයයි. ශ්‍රී ලංකාව තුළ ශාරීරික දඩුවම් අවසන් කිරීම සදහා වූ පංච මහා යෝජනාව සහ අත්සන් තුන්දහසකින් සමන්විත සංදේශයක් ද ළමා හිංසනයට තිත සංවිධානයේ ඔටාරා ගුණවර්ධන  මහත්මිය  , ජනාධිපතිතුමා වෙත මෙහිදී ලබාදුන්නා.  අමාත්‍ය විජේදාස රාජපක්ෂ  , ළමා හිංසනයට තිත සංවිධානයේ සභාපති වෛද්‍ය තුෂ් වික්‍රමනායක  යන මහත්වරුන් ඇතුළු පිරිසක් මීට එක්ව සිටියා.

 

 

 

 

 

Read More »

ඇමරිකා සංචාරය සාර්ථකව නිම කළ ජනපති යළි දිවයිනට  

0 comments

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 73 වන සැසිවාරය ඇමතීම සඳහා ඇමරිකාවේ නිව්යෝර්ක් නුවරට ගොස් සිටි ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සිය සත් දින නිල සංචාරය සාර්ථකව නිමවා අද (30) අලූයම යළි දිවයිනට පැමිණියේ ය.

ජනාධිපතිතුමා ඇමරිකා සංචාරය ආරම්භ කරනු ලැබුවේ ඉකුත් 23 වනදා යි. ජගත් සමුළුව ඇමතීමට අමතරව ජනාධිපතිතුමා මෙහිදී වැඩසටහන් රැසකට එක්වූ අතර ඒ අතරින් සුවිශේෂී සිද්ධියක් වූයේ නෙල්සන් මැන්ඩෙලා සාම සමුළුව අමතමින් ජනාධිපතිතුමා කළ කතාව නිව්යොර්ක් නුවරට පැමිණ සිටි රාජ්‍ය නායකයින්ගේ විශේෂ අවධානයට පාත්‍රවීමයි. එක්සත් ජාතීන්ගේ 73 වන සැසි වාරය නිල වශයෙන් ආරම්භ කිරීමට පෙර දිනයේ එනම් පසුගිය 24 වන සඳුදා එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ පැවති එම සමුළුව ලෝකයේ ප්‍රමුඛ අවධානයකට යොමුවූයේ විසි වන සියවසේ දී ලෝකය මුහුණදුන් අභියෝග සියල්ලම සැලකීමේ දී ඒ සියල්ලටම එකවර මුහුණදුන් දැවැන්ත දේශපාලන චරිතයක් වන දකුණු අපි්‍රකාවේ අසාහය නායක නෙල්සන් මැන්ඩෙලා ජන්ම ශත සංවත්සරය සමරමින් එය සංවිධාන කර තිබීම යි.

ඊට සහභාගී වු ලොව ප්‍රමුඛතම රාජ්‍ය නායකයන් අතරින් ශ්‍රී ලංකා ජනාධිපතිවරයා තැබු සලකුණ සුවිශේෂී වූ අතර අන් සියලූ රාජ්‍ය නායකයන් එම අවස්ථාව නෙල්සන් මැන්ඩෙලා වර්ණනා කිරීමට යොදා ගනිද්දි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ඉන් නොනැවති සමස්ත ලෝක නායකයන් ඉලක්ක කර ගනිමින් වැදගත් කරුණු කිහිපයක්ම අවධාරණය කළේ ය. නෙල්සන් මැන්ඩෙලා පෙනී සිටි සාමය, සංහිඳියාව සහ සමානත්වය යන කරුණු කෙරෙහි පමණක් නොව අද ලෝකය වෙළාගෙන තිඛෙන බලකාමය කෙරෙහි ද එහිදී ලෝක නායකයන්ගේ අවධානය යොමු කළ ජනාධිපතිතුමා ජනතාවගේ සහ ලෝකයේ අනාගත යහපැවැත්ම උදෙසා ජාතික රාජ්‍යයන් පදනම් කර ගනිමින් එක් එක් නායකත්වයන් ගොඩනගා ගෙන ඇති අධිකතර බලය සීමා කිරීමෙහි ඇති වැදගත්කම ලෝකයට පෙන්වා දුන්නේ ය. ජනාධිපතිතුමා කළ මෙම ප්‍රකාශය රාජ්‍ය නායකයන් රැසකගේම ඇගැයීමට ලක් විය.

ජනාධිපතිතුමා එක්සත් ජාතීන්ගේ 73 වන මහා මණ්ඩල සැසිවාරය අමතනු ලැබුවේ ඉකුත් 25 වැනිදා යි. ජනාධිපතිතුමා මෙවර සමුළුව ඇමතුවේ සිව් වන වරට වන අතර විනාඩි 18 ක සිය දේශනය තුළ ජාත්‍යන්තර කරුණු මෙන්ම ලංකාවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් ද ලෝක නායකයින්ට පැහැදිලි කිරීමක් සිදුකිරීමට ජනාධිපතිතුමා කටයුතු කළේ ය. නූතන ලෝකයේ දේශපාලන ප්‍රවණතාවයන් තුළ රටක් ලෙස ශ්‍රී ලංකාවේ ස්ථාවරය මෙන්ම ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින අභ්‍යන්තර අභියෝග හමුවේ අප ගත යුතුව ඇති මඟ පිළිබඳව ජාත්‍යන්තරය දැනුවත් කිරීමට ජනාධිපතිතුමා එය කදිම අවස්ථාවක් කරගත්තේ ය. එමෙන්ම දශක ගණනාවකට පසු ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය සමග තම ස්ථාවරය ඝෘජු ලෙස ප්‍රකාශ කරමින් ගැටුමකට තුඩු දිය හැකි අවස්ථාවන්ගෙන් බැහැර වූ දූරදර්ශී ප්‍රවේශයක් ලෙස ජනාධිපතිතුමාගේ එම දේශනය විචාරකයින් පෙන්වා දෙති.

සිය ඇමරිකා සංචාරයේ දී ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා හා එම ආර්යාව විසින් පවත්වනු ලැබූ රාත්‍රී භෝජන සංග්‍රහයකට ද ජනාධිපතිතුමා එක් වූ අතර මැලේසියා අග්‍රාමාත්‍ය මහතීර් මොහොමඩ් මහතා සමග ද සාකච්ඡා පැවැත්වී ය. එමෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් අන්තෝනියෝ ගුටේරස්, පොදු රාජ්‍ය මණ්ඩලයේ මහලේකම් පැටී්‍රෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය සමඟ ද ජනාධිපතිතුමා පැවැත්වූ සාකච්ඡාවල දී සංවර්ධනයත්, සංහිදියාවත් කරා ශ්‍රී ලංකාව යන ගමනට එම බලවත් සංවිධානවල නොමඳ සහය තවදුරටත් ශ්‍රී ලංකාව වෙත ලබාගැනීමට හැකිවීම සුවිශේෂී ජයග්‍රහණයකි.

මේ අතර ජාත්‍යන්තර ආහාර ප්‍රතිපත්ති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් Shenggen Fan මහතා ද නිව්යෝර්ක් නුවරදී ජනාධිපතිතුමා හමු වූ අතර නොවැම්බර් මාසයේ බැංකොක්හි පැවැත්වෙන ආහාර පර්යේෂණ සම්මන්ත්‍රණයේ ප්‍රධාන දේශනයක් සඳහා ද එහිදී ජනාධිපතිතුමා වෙත ඇරයුම් කරනු ලැබීය. ජනාධිපතිතුමාගේ මෙම සංචාරයේ තවත් වැදගත් කරුණක් වූයේ එක්සත් ජනපද රජයට අයත් සහශ්‍ර අභියෝගතා සංස්ථාව ශ්‍රී ලංකාවට ඇමරිකන් ඩොලර් මිලියන 480 ක එනම් රුපියල් කෝටි 8,000 කට අධික සංවර්ධන ආධාරයක් සැපයීමට එකඟතාව පළ කිරීම යි. ශ්‍රී ලංකාවේ සමාජ සංවර්ධනයට ඝෘජුව බලපාන ක්ෂේත්‍රවල ශීඝ්‍ර සංවර්ධනය උදෙසා එක්සත් ජාතීන්ගේ අරමුදල සමග නව ගිවිසුමකට අත්සන් තැබීම ද ජනාධිපතිතුමාගේ සංචාරයට සමගාමීව සිදුවූ තවත් වැදගත් කටයුත්තකි.

එක්සත් ජාතීන්ගේ මූලික මූලධර්ම හා ප්‍රතිපත්ති කෙරෙහි එහි ආරම්භයේ සිටම ගරුත්වයක් දක්වන ලද රටක් ලෙස නූතන ලෝක ප්‍රවණතා තුළ එක් එක් සාමාජික රටවල් මුහුණ දෙමින් සිටින අභියෝග මෙන්ම ජාතික වශයෙන් සපුරාගත යුතු ඉලක්ක පිළිබඳ සැලකීමේ දී ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ මෙවර ඇමරිකා සංචාරය අතිශයින්ම වැදගත් සංචාරයක් ලෙස සනිටුහන් කෙරේ.

Read More »

මහින්ද ගැන මංගලගේ හෙළිදරව්ව  

0 comments

ජාත්‍යන්තරයෙන් එල්ලවන බලපෑම් වැළැක්වීමට වත්මන් රජයට හැකිවූ බව අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා.

අමාත්‍ය මංගල සමරවීර,

එක්සත් ජාතික පක්ෂ මාතර කොට්ඨාශ බල මණ්ඩලය පිහිටුවීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. එක්සත් ජාතික පක්ෂ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ද එම අවස්ථාවට එක්වුණා. බලමණ්ඩලයේ නව නිලධාරීන් ද මෙහිදී පත් කෙරුනා.  ඊට සමාගාමීව එක්සත් ජාතික පක්ෂයේ ලක් වනිතා සංවිධානයට සහ තරුණ සංවිධානයට ද නව නිලධාරීන් පත් කිරීම සිදු කෙරුණා.  අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ද මෙහිදී අදහස් පළකලා.

අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්,

 

 

 

 

 

 

 

 

Read More »

පවුල් බලය ශක්තිමත් කිරීමට බලය ඉල්ලන අය ගැන සජිත් කියයි  

0 comments

ඇතැමුන් යළි බලය ලබාගැනීමට උත්සාහ කරන්නේ පවුල් බලය ශක්තිමත් කර ගැනීමට මිස ජනතා යහපත සදහා නොවන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

අමාත්‍ය සජිත් ප්‍රේමදාස,

ස්වාමි විපුලානන්දර් කෝට්ටම් උදාගම්මානය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ. මඩකලපුව,කෝරලේපත්තු  මුරාවෝඩෛ තමිල් හි ඉදිකළ ගම්මානය නිවාස තිහකින් සමන්විතයි. ඒ සදහා වැය කෙරුණු මුදල රුපියල් ලක්ෂ 273 ක්. සැමට සෙවන යළි පිබිදෙන උදාගම්මාන වැඩසටහන  යටතේ ජනතා අයිතියට පත් කෙරුණ 130 වන ආදර්ශ ගම්මානය මෙයයි.  විසිරි නිවාස ණය ප්‍රදානය/ සොදුරු පියස ණය ප්‍රදානය සහ ස්වයං රැකියා උපකරණ බෙදාදීම ඇතුළු වැඩසටහන් කිහිපයක්ද මීට සමගාමීව සිදු කෙරුණා. මැති ඇමතිවරුන්  ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

 

 

 

Read More »

සුනාමිය නිසා ඉන්දුනීසියාවේ මිය ගිය සංඛ්‍යාව 832 දක්වා ඉහළට  

0 comments

ඉන්දුනීසියාවට බලපෑ සුනාමි තත්ත්වයත් සමග ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයන් සංඛ්‍යාව 832 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර ප්‍රබල පසු කම්පනවලින් ද බලපෑම් එල්ල වී ඇති බවයි එරට වාර්තා සදහන් කරන්නේ. ඉන්දුනීසියාවේ පලු නගරයට බලපෑ භූ කම්පනයේ විශාලත්වය රිච්ටර් පරිමාන හතයි දශම පහක් ලෙසයි සටහන් වුණේ. ඉන් අතුරුදන් වූ පුද්ගලයන් සෙවීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මකයි.

මිය ගිය පිරිස තවදුරටත් ඉහළ යා හැකි බව ද සදහන්. සුනාමියෙන් අවතැන් වූ පුද්ගලයන් සංඛ්‍යාව මිලියන 1.6 කට අධිකයි. ඔවුන්ට පානීය, ජලය ආහාර සහ සෞඛ්‍ය පහසුකම්වල හිඟයක්ද පවතිනවා.  පලු නගරයේ මුහුදු වෙරළ ආසන්නයේ උත්සවයකට  සූදානම්ව සිටි පුද්ගලයන් සිය ගණනක් ද දැඩි රළපහරට හසුවී ජීවිතක්ෂයට පත් වුණා. එම ප්‍රදේශයට අඩි 18 ක් පමණ  උසින් යුත්  මුහුදු රළ පැමිණ ඇති බව සදහන්.

සුනාමියෙන් ජීවිතක්ෂයට පත් පිරිස සමූහ ආදාහනය කිරීමට ද කටයුතු කෙරුණා.  සුනාමියක්  ඇතිවන බවට ඉන්දුනීසියා කාලගුණ අංශ අනතුරු ඇගවීම් නිකුත් කළ ද පැයක කාලයක් ඇතුළත එය ඉවත් කර තිබෙනවා. ඒ හේතුවෙන් ජනතාව  අවධානම නොතකා හැර ඇති බවද වාර්තා වනවා.

Read More »

අපද්‍රව්‍ය ගැටලුවෙන් පීඩා විඳින හැටන් ජනතාව  

0 comments

හැටන් පොළ භූමියට ඝන අපද්‍රව්‍ය බැහැර කිරීම හේතුවෙන් ව්‍යාපාරිකයින් මෙන්ම ජනතාව ද දැඩි අසීරුතාවට පත්ව සිටිනවා. අපද්‍රව්‍ය ටොන් දෙකත් තුනත් අතර ප්‍රමාණයක්  දිනකට පොළ භූමිය තුළට බැහැර කරන බවට ව්‍යාපාරිකයින් පවසනවා. ඉන් ටොන් එකක් පමණ ප්‍රතිචක්‍රීකරණය කළ නොහැකි ඝන අපද්‍රව්‍යයි. දිරාපත්වන අපද්‍රව්‍ය මස්කෙළිය රිකාටන් ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානය මගින් බැහැර කෙරුණද ප්‍රතිචක්‍රීකරණය කළ නොහැකි ඝන අපද්‍රව්‍ය හැටන් පොළ භූමිය තුළ එක්රැස්වන බවයි ජනතාව පෙන්වා දෙන්නේ. මේ හේතුවෙන් ව්‍යාපාරිකයන් මෙන්ම පාරිභෝගියන්ද පත්ව ඇත්තේ දැඩි අසීරුතාවයකටයි. මේ දිනවල පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් දැඩි දුර්ගන්ධයක් ද පවතිනවා.

ජනතාව,

මේ සම්බන්ධයෙන් හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක රාමයියා බාලක්‍රිෂ්ණන් මහතාගෙන් කළ විමසීමකදී ඔහු දැක්වූයේ මෙවන් අදහසක්.

හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක රාමයියා බාලක්‍රිෂ්ණන්,

 

 

Read More »

රුපියල ශක්තිමත් කිරීමට දේශීය කර්මාන්ත ශක්තිමත් කළ යුතුයි  

0 comments

රුපියල ශක්තිමත් කිරීම සදහා දේශිය කර්මාන්ත ශක්තිමත් කළ යුතු බව  නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්වා මහතා පවසනවා. අනුරාධපුරයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්  ඒ මහතා මේ බව කියා සිටියා.

නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා,

 

 

 

 

 

Read More »

එජාපය ගෝත්‍රික දේශපාලනයක නිරත වෙන්නේ නැහැ  

0 comments

එක්සත් ජාතික පක්ෂය ගෝත්‍රික දේශපාලනයක නිරත නොවන බව අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසනවා. ගම්පෙරළිය සංවර්ධන ව්‍යාපෘතිය යටියන්තොට ආසනයේ ආරම්භ කිරීමේ උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළකලා. ඒකාබද්ධ විපක්ෂය මේ වන විට දැඩි අර්බුදයක සිටින බවයි අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටියේ.

අමාත්‍ය නවීන් දිසානායක,

 

 

 

 

 

Read More »

බණ්ඩාරවෙල පස්කදු  කඩාවැටීම හේතුවෙන් නිවාස කිහිපයකට හානි  

0 comments

පස්කදු  කඩාවැටීම හේතුවෙන් බණ්ඩාරවෙල  කිණිගම සහ හීල්ඔය ප්‍රදේශවල නිවාස කිහිපයකට හානි සිදුව තිබෙනවා.

බණ්ඩාරවෙල ප්‍රදේශයට ඇද හැලුණු ධාරානිපාත වර්ෂාවත් සමග ප්‍රදේශ කිහිපයක පස්කදු සහ බැමි කඩා වැටී තිබෙනවා. ඉන් කිණිගම සහ හීල්ඔය ප්‍රදේශවල නිවාස 04කට හානි සිදුව තිබෙනවා. එක් නිවසක නවතා තිබූ යතුරුපැදියක්ද පස් කන්දකට යටවී තිබෙනවා. තුවාල ලැබූ පුද්ගලයන් දෙදෙනෙකු රෝහල් ගත කර ඇති බව ද සදහන්. දැඩි වර්ෂාව සමග තවදුරටත් නාය යාමේ අවධානමක් පවතින බවයි බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ.

 

 

 

 

Read More »

ජා ඇල වැලිගම්පිටිය මංසන්ධියේ වෙඩි තැබීමක්  

0 comments

ජා ඇල වැලිගම්පිටිය මංසන්ධියේ දී  සිදුවූ වෙඩි තැබීමකින් කාන්තාවක බරපතල තුවාල ලැබුවා.

ඇය සහ දියණිය මෝටර් රථයකින් ගමන්කරමින් සිටි අවස්ථාවේ තවත් මෝටර් රථයකින් පැමිණි පිරිසක් වෙඩි ප්‍රහාරය එල්ලවී තිබෙනවා. බරපතල තුවාල ලැබූ කාන්තාව රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණා. දියණිය කම්පන තත්ත්වයට පත්ව ඇති බවයි රෝහල් වාර්තා සදහන් කළේ. සිද්ධිය සම්බන්ධයෙන් කදාන පොලිසිය පරික්ෂණ පවත්වනවා.

 

 

 

Read More »

සම්භාධක ඉවත් කරන තුරු අවි ආයුධ අත්නොහරින බව උතුරු කොරියාව පවසයි  

0 comments

ඇමෙරිකාව තම රටට පනවා ඇති සම්භාධක ඉවත් කරන තුරු තමන් අවි ආයුධ අත්නොහරින බව උතුරු කොරියාව පවසනවා. පවතින සම්බාධක හමුවේ උතුරු කොරියාවට ඇමෙරිකාව කෙරෙහි විශ්වාසය පලුදු වි ඇති බවයි උතුරු කොරියා විදේශ අමාත්‍යවරයා පැවසුවේ. එසේම ඇමෙරිකා ජනාධිපතිවරයාගේ ක්ෂණික වෙනස්වන තීරණ හමුවේ විශ්වාසය තවදුරටත් පළුදු වී ඇති බවද ඔහු සදහන් කළා.

කොරියානු අර්ධද්වීපය න්‍යෂ්ටික අත්හදාබැලීම් වලින් තොර කලාපයක් බවට පත්කරන ලෙසට ඇමෙරිකාව ඉල්ලා සිටියද ඔවුන් තවමත් උතුරු කොරියාවේ ක්ෂේත්‍ර ගණනාවකට සම්බාධක පනවා තිබෙනවා.

 

 

Read More »

කෘත්‍රිම සංසේචනයෙන් බිහිකළ සිංහ පැටවුන් දෙදෙනා ගැන තොරතුරු මාධ්‍යයට  

0 comments

ලෝකයේ ප්‍රථම වතාවට කෘත්‍රිම සංසේචනයෙන් බිහිකළ සිංහ පැටවුන් දෙදෙනා පිළිබද තොරතුරු මාධ්‍යයට නිකුත් කර තිබෙනවා. මෙම සිංහ පැටවුන් දෙදෙනා පසුගිය අගෝස්තු විසි පස්වනදා උපත ලබා තිබෙනවා.

ප්‍රිටෝරියා සරසවියේ විද්‍යාඥයින් මාස 18ක් පර්යේෂණ පවත්වමින් මෙම පැටවුන් දෙදෙනා බිහි කිරීමට කටයුතු කර තිබෙනවා. ගැහැණු හා පිරිමි පැටවුන් දෙදෙනා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි පැවසෙන්නේ. දකුණු අප්‍රිකානු සිංහ වර්ගයට අයත් මොවුන් දෙදෙනා ඉදිරියේ දී මහජන ප්‍රදර්ශනයට තැබීමට ද නියමිතයි. දකුණු අප්‍රිකානු සිංහයින් සීඝ්‍රයෙන් වදවී යාමේ තර්ජනයකට මුහුණ පා සිටින සත්ව විශේෂයක් වනවා.

 

 

Read More »

බ්‍රසීල මහමැතිවරණයේ ප්‍රචාරන කටයුතු ඇරඹෙයි  

0 comments

බ්‍රසීල මහමැතිවරණයට සමගාමීව එරට ඡන්ද ප්‍රචාරන කටයුතු ආරම්භ කර තිබෙනවා.

ලබන මස 07 වනදා බ්‍රසීල මහමැතිවරණය පැවැත්වීමට නියමිතයි. ඡන්ද ප්‍රචාරණ කටයුතුවලදී පිහි ඇනුමකට ලක්ව බරපතල තුවාල ලැබූ බ්‍රසීල වාමාංශික පක්ෂ අපේක්ෂක ජේයිර් බොල්සොනාරෝ ඊයේ රෝහල් ප්‍රතිකාර ලබා පිටත්ව ගිය බව  ද සදහන්. එහෙත් ඔහුට එරෙහිව දැවැන්ත  විරෝධතා ව්‍යාපාර පැවැත්වෙන බව වාර්තා වනවා. ඔහු කියා සිටින්නේ තමන් එළැඹෙන මැතිවරණයෙන් පරාජය වුවහොත් ප්‍රතිඵල පිළිනොගන්නා බවයි. අවශ්‍ය වුවහොත් දෙවන වටයේ ඡන්ද විමසීමක් ලබන මස 28 වනදා පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

 

 

 

Read More »

ප්‍රාදේශීය මාධ්‍යවේදීන් උදෙසා වූ මාධ්‍ය ගම්මානයේ ඉදි කිරීම් ඇරඹේ  

0 comments

දිවයිනේ ප්‍රථම වතාවට ප්‍රාදේශීය මාධ්‍යවේදීන් උදෙසා මාධ්‍ය ගම්මානයක ඉදි කිරීම් ආරම්භ කෙරුණා. ඒ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්.

ජාතික සංහිදියාව තේමා කරගනිමින් වව්නියාව ප්‍රදේශයේයි නව මාධ්‍ය ගම්මානය ඉදිකෙරෙන්නේ. සිංහල, දෙමළ සහ මුස්ලිම් ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සදහා මෙම නිවාස ව්‍යාපෘතිය ආරම්භ කර තිබෙනවා. ඒ සදහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 22ක්. සැමට සෙවන ආදර්ශ ගම්මාන ව්‍යාපෘතිය යටතේ මෙහි ඉදිකිරීම් සිදුවනවා. රාජ්‍ය නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා.

 

 

Read More »

අන්තර්ජාලය ඔස්සේ බස් රථ ආසන වෙන් කරවා ගැනීම දිවයින පුරා ක‍්‍රියාත්මකයි  

0 comments

පෞද්ගලික බස් රථවල ගමන් කරන ජනතාවට අන්තර්ජාලය මගින් ආසන වෙන් කරවා ගැනීමේ ක්‍රම වේදයක් දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පවසනවා.

නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ,

කුරුණෑගල කටුපොත හරහා කුලියාපිටිය දක්වා ලංගම හා පෞද්ගලික බස් රථ අතර ඒකාබද්ධ සේවයක් ඇති කිරීමේ ගිවිසුමට අත්සන් තැබීමේ අවස්ථාවට සහභාගී වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. ඊට අදාළ බස් රථයක් ධාවනයට එක් කිරීමද මෙහිදී සිදු වුණා. වයඹ පළාත් ගමනා ගමන මණ්ඩලයේ නිලධාරීන්, වයඹ පළාත් පෞද්ගලික බස් සංගමය හා වයඹ මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා.

 

Read More »

අවම දුම්රිය ගාස්තුවේ වෙනසක් නැහැ  

0 comments

හෙට සිට ක්‍රියාත්මක දුම්රිය ගාස්තු සංශෝධනය යටතේ අවම දුම්රිය ගාස්තුවේ වෙනසක් සිදු නොවන බව ශ්‍රි ලංකා දුම්රිය සේවය සදහන් කරනවා.

වසර 10කට පසුවයි මෙම දුම්රිය ගාස්තු සංශෝධනය සිදු කෙරෙන්නේ. ප්‍රවේශ පත්‍ර ගාස්තු සංශෝධනය සමඟ වාර ප්‍රවේශ පත්‍ර ගාස්තු ද සංශෝධනයට ලක් කෙරෙනවා. එහෙත් වාර ප්‍රවේශ පත්‍ර සදහා මෙතෙක් අය කළ ප්‍රතිශතයේ වෙනසක් සිදු නොවන බවයි ශ්‍රී ලංකා දුම්රිය සේවය පවසන්නේ. මෙම ගාස්තු සංශෝධනයෙන් පසුව ද බස් ගාස්තුවලට වඩා දුම්රිය ගාස්තු අඩුවෙන් පවතින බවද දුම්රිය සේවය වැඩිදුරටත් සදහන් කරනවා.

 

 

 

 

Read More »

රන් බිස්කට් තොගයක් සමඟ සැකකරුවෙකු රේගු දැලේ  

0 comments

රන් බිස්කට් 20ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට කටුනායක ගුවන්තොටුපොල රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය  සමත්වුණා.

අද  උදෑසන ඩුබායි සිට දිවයිනට පැමිණි සැකකරු සිය ඇදුම් තුළ සගවාගෙන ඉතා සූක්ෂම ලෙසයි රන් බිස්කට් තොගය රැගෙනවිත් තිබෙන්නේ. ඒවායේ බර කිලෝග්‍රෑම් 2ක් පමණ වන අතර වටිනාකම රුපියල් ලක්ෂ 130ක් පමණ වන බව වර්තා වනවා. සැකකරු ගම්පහ යක්කල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව ද හදුනාගෙන තිබෙනවා. ගුවන්තොටුපොළ රේගුව මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වනවා.

 

 

 

 

Read More »

ඇමෙරිකාව සතු නවීන වෛද්‍ය විද්‍යා තාක්ෂණය ශ්‍රී ලංකාවට  

0 comments

ඇමෙරිකාව සතු නවීන වෛද්‍ය විද්‍යා තාක්ෂණය ශ්‍රී ලංකාවට ලබාදීමට එරට රජය එකඟ වූ බව සෞඛ්‍ය, පෝෂණහා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසනවා.

ඇමෙරිකාවේ සෞඛ්‍ය සහ මානව සේවා අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය ලේකම් Mr. Eric Hargen මහතා සහ සෞඛ්‍ය අමාත්‍යවරයා අතර ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර පැවැති සමුළුවක දී මෙම එකඟතාවයට පැමිණ තිබෙනවා. එක්සක් ජාතීන්ගේ සංවිධානයේ 73 වන සැසිවාරයට සමගාමීව මෙම සමුළුව පැවැත්වූණේ ඇමෙරිකාවේ සෞඛ්‍ය සහ මානව සේවා අමාත්‍යාංශයේ ඉල්ලීමකට අනුවය.

මෙම සමුළුවේදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසුවේ “ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ දර්ශක ඇමෙරිකානු සෞඛ්‍යදර්ශක හා සමාන වෙනවා. ආර්ථීක ගැටළු ප්‍රශ්ණයක් නොවෙයි. තීන්දු අරගෙන ක්‍රියාත්මක කිරිම වැදගත්.” බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. දකුණූ සහඅග්නිදිග ආසියානු කලාපයේ රටවල සෞඛ්‍ය දර්ශක වලින් ශ්‍රී ලංකාව ප්‍රමුඛස්ථානයේ සිටින බව තමන්ට දැනගන්නට ලැබුණු බව ඇමෙරිකාවේ සෞඛ්‍ය හා මානව සේවා අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය ලේකම්වරයා ප්‍රකාශ කර තිබෙනවා. එම නිසා ඇමෙරිකාව සතු නවීන වෛද්‍ය විද්‍යාතාක්ෂණය ලංකාවට ලබාදීමට සුදානම් බව ද ඔහු මෙහිදී ප්‍රකාශ කර තිබේ. ඉදිරි කාලයේ දීශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණෙන ලෙසට සෞඛ්‍ය අමාත්‍යවරයා කළ ඉල්ලීම ඇමෙරිකාවේ නියෝජ්‍ය සෞඛ්‍ය ලේකම්වරයා බාරගෙන ඇත. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම සමුළුවට සෞඛ්‍ය අමාත්‍යතුමාගේ උපදේශක ආචාර්ය එස්. සුබසිංහ මයා,විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් කටුලන්ද මයා, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ කළමණාකාර අධ්‍යක්ෂආචාර්ය. එච්.එම්.එම් රූමි මහතා ද එක්ව සිටියහ.

Read More »

පළාත් කිහිපයකට තද වැසි  

0 comments

මධ්‍යම, ඌව, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වලත් මන්නාරම හා වව්නියාව යන දිස්ත්‍රික්වලත් මිලිමීටර 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බව කාළගුණ විද්‍ය දෙපාර්ථමේන්තුව නිවේදනය කරනවා.

මේ අතර ආරක්ෂාව සම්බන්ධයෙන් තවදුරටත් අවදානයෙන් පසු වන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කරනවා.

 

 

 

Read More »

චීනයේ HIV ඒඩ්ස් වෛරසය ආසාදිත සංඛ්‍යාව 14%කින් ඉහළට  

0 comments

චීනයේ HIV ඒඩ්ස් වෛරසය ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව මේ වසර තුළ 14%කින් ඉහළ ගොස් තිබෙනවා.

චීනයේ HIV වෛරසය ආසාදිත පුද්ගලයින් අටලක්ෂ විසි දහසක් පමණ වන බවට එරට සෞඛ්‍ය අංශ මීට පෙර තොරතුරු හෙළි කර තිබුණා. නමුත් මෙම වසරේ දෙවන කාර්තුව අවසානයේ එම පිරිස හතළිස් දහසකින් වැඩි වී තිබෙනවා. වසරක් පාසා චීනයේ HIV ඒඩ්ස් ආසාදිත පිරිස ලක්ෂයකින් පමණ ඉහළ යන බවයි එරට වාර්තා සදහන් කරන්නේ. ඒ අතරින් බොහෝ දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇත්තේ නිසි පරීක්ෂාවට ලක් නොවූ රුධිරය ලබා දීම හේතුවෙන් බවද සදහන්.

 

Read More »

ඉන්දුනීසියාවට තවදුරටත් ප්‍රභල පසු කම්පන  

0 comments

ඉන්දුනීසියාවට බලපෑ සුනාමි තත්ත්වයත් සමඟ ප්‍රභල පසු කම්පන තත්ත්වයන් තවදුරටත් ඇති වෙමින් පවතින බව එරට මාධ්‍ය වාර්තා කරනවා.

රිච්ටර් පරිමාණ ඒකක 7.5ක  ප්‍රභල භූ කම්පනයෙන් අනතුරුව ඉන්දුනීසියාවේ සුනාමි තත්ත්වයක් හට ගත්තා. ඉන් පුද්ගලයින් 408 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව පන්සිය දෙනෙකු පමණ තුවාල ලැබුවා. තවත් බොහෝ පිරිසක් අතුරුදන්ව ඇති බවයි වාර්තා වන්නේ. නිවාස හා ගොඩනැගිලි විශාල සංඛ්‍යාවක් විනාශ වී තිබෙනවා. මේ අතර ඉන්දුනීසියාවේ පාලු සිර කදවුරේ රැදවූවන් පන්සිය හැට දෙනෙකු සිද්ධියත් සමග පළා ගොස් ඇති බවද වාර්තා වනවා.

 

Read More »

අපනයන ක්ෂේත්‍රය ඉහළ නැංවීම තුළින් රටට විශාල විදේශ විනිමයක්  

0 comments

කෘෂිකර්මාන්තයේ අපනයන ක්ෂේත්‍රය ඉහළ නැංවීම තුළින් රටට විශාල විදේශ විනිමයක් ලබා ගත හැකි බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

අමාත්‍ය මහින්ද අමරවීර,

පොළොන්නරුව ඇළහැර ගොවි ජනතාව සදහා කෘෂි උපකරණ බෙදා දීමේ වැඩසටහනකට එක් වෙමිනුයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ. වගා ලිං ආශ්‍රිතව කෘෂිකර්මාන්තයේ නිරත ගොවීන්ට රුපියල් ලක්ෂ හතළිස් පහක් වටිනා ජල නළ බෙදා දීම මෙහිදී සිදු වුණා. ප්‍රදේශයේ මහජන නියෝජිතයින් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා.

 

Read More »

උතුරේ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට පියවර රැසක්  

0 comments

උතුරේ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට පියවර රැසක් ගෙන ඇති බව අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පවසනවා. යාපනේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේ පැවති ලෝක සංචාරක දින සැමරුම් උත්සවය අමතමිනුයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ. ඉන්දියාවේ රාමේෂ්වරන් සහ තලෙයිමන්නාරම අතර බෝට්ටු සේවය ද කඩිනමින් ආරම්භ කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා. උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන් මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. යාපනය නගරසභා  පිටියේදී දින තුනක් පුරා සංචාරක ප්‍රදර්ශනයක් සහ සංස්කෘතික සන්දර්ශනයක් ද පැවැත්වුණා.

 

 

 

Read More »

සදාපූජිත සනත් ජයසූරියගම උදාගම්මානයේ ඉදිකිරීම් ඇරඹෙයි  

0 comments

නිවාස ගැටලුව විසදමින් ශක්තිමත් රටක් නිර්මාණය කිරීම යහපාලන රජයේ අරමුණ බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. වීරකැටිය,මැදමුලන ප්‍රදේශයේ උදාගම්මාන කිහිපයක ඉදිකිරිම් ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

සදාපූජිත සනත් ජයසූරියගම, සොඳ සිසිල ගම සහ සිරියස ගම යන උදාගම්මානවල ඉදිකිරීම් ආරම්භ කෙරුණේ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්.  සැමට සෙවන යළි පිබිදෙන උදාගම්මාන වැඩලිපිවෙලේ 1300, 1301 සහ 1302 වන උදාගම්මානයි මෙසේ ඉදි කෙරෙන්නේ. මෙහිදී වැඩිදුරටත් අදහස් පළකල අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා.

ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය, පළාත් සභා මන්ත්‍රි නිහාල් වෙදආරච්චි යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා.

 

 

Read More »

පසුගිය රජයේ විදේශ ණය ආර්ථික අර්බුදයට හේතුවක්  

0 comments

යුද්ධයෙන් පසු විදේශ ආයෝජන ලබාගැනීම වෙනුවට විදේශ ණය විශාල ලෙස ලබා ගැනීම හේතුවෙන් වර්ථමානයේ ශ්‍රී ලංකාව ලෝක ආර්ථික අර්බුදයට මුහුණ පා සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

පුත්තලම,වනාතවිල්ලුව පොලිස් ස්ථානයේ නව පරිපාලන ගොඩනැගිල්ල විවෘත කිරීම අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මෙම ගොඩනැගිල්ල ඉදිකිරිම සදහා රුපියල් මිලියන හැට එකකට අධික මුදලක් වැය කර තිබෙනවා. මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා  අවධාරණය කළේ ණය වෙනුවට ආයෝජන තෝරාගත් රටවලට ආර්ථික අර්බුදයෙන් බලපෑමක් සිදුව නැති බවයි.

මැති අමැතිවරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා,

 

 

 

Read More »

ණය ගන්න එන තරුණ තරුණියන් බය කරන්න එපා  

0 comments

එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන මෙරට  සංවර්ධන සංග්‍රාමයේ දැවැන්ත ආර්ථික පිම්මක් බව අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා. අනාගත ව්‍යවසායකයින් ලක්ෂයක් බිහි කිරීමේ අරමුණින් එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන මේ වන විට සාර්ථකව ක්‍රියාත්මකයි.

මාතර බෞද්ධ විද්‍යාල ශ්‍රවණාගාරයේ පැවති හමුවකට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ. එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන හා සම්බන්ධව ණය පහසුකම් ලබාගැනීමේ දී මාතර දිස්ත්‍රික්කයේ නව ව්‍යවසායකයින්ට මතුවූ ගැටළු පිළිබද මෙහිදී සාකච්ඡාවට ලක්වුණා. නව ව්‍යවසායකයින් තම ගැටලු ඉදිරිපත් කළ අතර ඒ සදහා එම අවස්ථාවේදීම පිළිතුරු ලබාදීම ද සිදුවුණා. එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන සදහා සහාය නොදක්වන බැංකු නිලධාරීන්ට එරෙහිව ඉදිරියේදී දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි අමාත්‍ය මංගල සමරවීර මහතා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

මේ අතර මාතර දුම්රියපොළ ඉදිරිපිට පැවති මාර්ග ආරක්ෂාව පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහනට ද අමාත්‍ය මංගල සමරවීර මහතා එක්වුණා. ඒ මහතා දුම්රිය ස්ථානයේ නිරික්ෂණ චාරිකාවක ද නිරත වුණා. අනතුරුවයි අමාත්‍යවරයා ටුක් ටුක් රථයක නැගි සනත් ජයසුරිය ක්‍රීඩංගනය  වෙත පැමිණියේ.

 

Read More »

මන්ත්‍රීවරුන් සඳහා වාහන ආනයන බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවයි  

0 comments

අද (29) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වාහන ආනයන බලපත්‍ර නිකුත් කිරීම මාස 6ක කාලයක් අත්හිටවූ බව මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා. රුපියල අවප්‍රමාණය වීම සීමා කිරීම සඳහා මෙම තීරණයට එළැබි බවයි අමාත්‍යංශය සඳහන් කරන්නේ.

අමාත්‍යංශ, දෙපාර්තමේන්තු, සංස්ථා සහ මණ්ඩලවලට වාහන ගෙන්වීම නැවත දැනුම් දෙන තුරු අත්හිටවූ බවත් රජයේ සේවකයින්ට නිකුත් කළ බලපත්‍ර මත වාහන ආනයනය කිරීම ද ඒ අනුව මාස 6ක කාලයක් සඳහා අත්හිටුවා තිබෙනවා. එම කාල සීමාවේදී ණයවර ලිපි විවෘත කිරීමට ඉඩ නොදෙන බවයි මුදල් අමාත්‍යාංශය සදහන් කරන්නේ. එමෙන්ම හයිබ්‍රිඩ් වාහන සදහා කල්බදු පහසුකම් ලබාගත හැක්කේ වාහනේ වටිනාකමෙන් 50% කට පමණි. එය මීට පෙර පැවතියේ 70%ක් ලෙසයි.

මේ අතර ශීතකරණ, වායු සමීකරණ, රූපවාහිනී යන්ත්‍ර, සුවඳ විලවුන්, ජංගම දුරකතන සහ අනෙකුත් දුරකතන, රෙදිසෝදන යන්ත්‍ර, පාවහන් සහ ටයර් ආනයනය කිරීමේදී ඒවායේ වටිනාකමින් 100%ක තැන්පතුවක් ද තැබිය යුතු බවද නිවේදනයේ දක්වා තිබෙනවා.රජය අඛණ්ඩව විනිමය අනුපාතයන් වෙනස් වීම නිරීක්ෂණය කරන බවත් ඒ මත පිහිටා අවශ්‍ය ක්‍රියා මාර්ග ගන්නා බව මුදල් හා ජනමාධය අමාත්‍යාංශය නිවේදනය කරනවා.

Read More »

දේශීය අර්තාපල් අස්වැන්න මිලදී ගැනීම සාර්ථකව  

0 comments

රජයේ මැදිහත් වීමෙන් දේශීය අර්තාපල් අස්වැන්න මිලදී ගැනීම මේ වන විට සාර්ථකව සිදුකෙරෙනවා. අර්තාපල් කිලෝවක් රුපියල් 92 ක් යටතේ මිලදී ගැනීමටයි කටයුතු කර තිබෙන්නේ. දේශිය අර්තාපල් ගොවියා රැකගැනීමේ අරමුණින් වැඩසටහන ක්‍රියාත්මකයි. දේශපාලන වාසි ලබාගැනීමට ඇතැමුන් මෙම වැඩසටහන කඩාකප්පල් කිරීමට කටයුතු කළද එම ක්‍රියාවන් හෙලා දකින බවයි   ගොවීන් පවසන්නේ. අර්තාපල් ගොවියා රැකගැනීමට ගත් මෙම ක්‍රියාදාමය ඉදිරියටත්    සිදුකරන ලෙස ගොවීන් රජයෙන් ඉල්ලා සිටිනවා.

 

 

 

 

Read More »

නීතිවිරෝධීව මෙරටට රැගෙන ආ දුම්වැටි විසි දෙදහසක් අත්අඩංගුවට  

0 comments

නීතිවිරෝධීව රැගෙන ආ දුම්වැටි විසි දෙදහසක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය සිදුකළ වැටලීමකින්. වරාය පොලිසියට ලැබුණු තොරතුරක් මත වෑන් රථයක් පරික්ෂා කිරීමේදී දුම්වැටි තොගය සොයාගත් බවයි පොලිසිය සදහන් කරන්නේ.

Read More »

එෆ් 35 බී වර්ගයේ ගුවන් යානයක් ඇමෙරිකාවේදී අනතුරට  

0 comments

ලොව මිල අධිකම ප්‍රහාරක ගුවන් යානා වර්ගයට අයත් එෆ් 35 බී වර්ගයේ ගුවන් යානයක් ඇමෙරිකාවේ දකුණු කැරොලිනා ප්‍රදේශයේ දී අනතුරට ලක්වී තිබෙනවා. එවැනි ගුවන් යානයක් අනතුරකට ලක්වූ ප්‍රථම අවස්ථාව මෙයයි. අනතුරින් යානයේ ගුවන් නියමුවාට කිසිදු හානියක් සිදුවී නැති බව වාර්තා වනවා. අනතුරට හේතුව මෙතෙක් හෙළිව නැහැ. ඒ සම්බන්ධයෙන් අංශ කිහිපයක් ඔස්සේ විමර්ශන ආරම්භ කර ඇති බවයි  ඇමෙරිකා ආරක්ෂක අංශ සදහන් කරන්නේ. ඇමෙරිකාව මෙවැනි යානා යොදාගෙන පසුගියදා දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කළා. ඒ සදහා විශාල මුදලක් මේ වන විටත් වැය කර ඇති බව ද සදහන්.

 

 

 

Read More »

ඉන්දුනීසියාවේ සුනාමියෙන් 384ක් මරුට (Video)  

0 comments

ඉන්දුනීසියාවට අයත් සුලාවෙසි දූපතට බලපෑ භූ කම්පනයෙන් සහ සුනාමියෙන් මියගිය සංඛ්‍යාව 384ක් දක්වා ඉහළ ගොස් ඇති බව බලධාරීන් පවසනවා. ව්‍යවසනයෙන් මියගිය බොහෝ පිරිසක් භූ කම්පනය සහ විශාල රළ පැමිණි අවස්ථාවේ වෙරළ තීරයේ සිටි පිරිස් බවයි ඔවුන් වැඩිදුරටත් පවසන්නේ.

ඊයේ (28) රික්ටර් මාපකාංක 7.5ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් ඇති වූ අතර ඒ හේතුවෙන් සුනාමි තත්ත්වයක් ද ඇතිවිය. අඩි 18ක් පමණ උසැති රළ වෙරළ නගරයට කඩා වැදුණු බවත් ප්‍රබල පසුකම්පන රැසක්ම ඇති වූ බව වාර්තා වනවා.

Read More »

පොදු රාජ්‍ය මණ්ඩලයේ මහලේකම්වරිය ජනපති හමුවෙයි  

0 comments

එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 73 වන සැසිවාරයට සහභාගීවීම සඳහා නිව්යෝර්ක් නුවරට ගිය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ පොදු රාජ්‍ය මණ්ඩලයේ මහලේකම් පැට්රීෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය අතර හමුව ඊයේ (28) පස්වරුවේ සිදුව්‍රණා.

නිව්යෝර්ක් නුවර ජනාධිපතිතුමා නවාතැන්ගෙන සිටින හෝටලය වෙත පැමිණි මහලේකම්වරිය ජනාධිපතිතුමා හමු වූවාය.

Read More »

බඹර ප්‍රහාරයකින් වතු කම්කරු කාන්තාවන් විසි දෙනෙකුට තුවාල  

0 comments

බඹර ප්‍රහාරයකින් බගවන්තලාවේ වතු කම්කරු කාන්තාවන් විසි දෙනෙකු තුවාල ලැබුවා. බගවන්තලාව, බොගවාන, තේවතු යායේ දළු නෙළමින් සිටි කම්කරුවන් පිරිසකටයි බඹර ප්‍රහාරය එල්ලවු‍ණේ. ඒ අතරින් තුවාල ලැබූ කාන්තාවන් විසි දෙනෙකු බගවන්තලාව ප්‍රාදේශිය රෝහලවෙත ඇතුළත් කෙරුණා. විශාල ගසක තිබූ බඹර කූඩුවකට උකුස්සෙකු පහරදීම හේතුවෙන් බඹරුන් ඇවිස්සී ඇති බවයි වතු කම්කරුවන් කියා සිටියේ. මේ අතර බගවන්තලාව ලොයිනොන් තේ වතු යායේ දළු නෙළමින් සිටි වතු කම්කරුවන් 11 දෙනෙකු ද අද උදෑසන බඹර ප්‍රහාරයකට ලක්ව තිබෙනවා.

 

 

 

 

Read More »

කඩුවෙල-බියගම මාර්ග‍යේ ධාවනය අද රාත්‍රියේ සිට අත්හිටුවයි  

0 comments

කඩුවෙල – බියගම මාර්ගයේ කැළණි ගඟ හරහා මාර්ගය තාවකාලිකව වසා තබන බව මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍යංශය සඳහන් කරනවා.ඒ කඩුවෙල බියගම මාර්ගයේ කැලණි ගඟ හරහා තාවකාලිකව ඉදිකළ බේලි පාලම ගලවා ඉවත් කිරීම හේතුවෙන්.

ඒ අනුව අද රාත්‍රී 7.00 සිට හෙට උදෑසන 6.00 දක්වා කඩුවෙල සිට බියගම දක්වා මාර්ගයේ ධාවන කටයුතු සම්පූර්ණයෙන්ම නතර කෙරේ. මේ නිසා, විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ.

 

Read More »

ට‍්‍රාම්ස් සුලි කුණාටු ජපානයට ඇතුලු වෙයි  

0 comments

ට‍්‍රාම්ප්ස් සුලි කුණාටුව ජපානයේ දකුණුදිග ඔකිනාවා දිවයිනට අද ඇතුලුවුණා. ඒ පැයට කිලෝමීටර 216 ක සුලං වේගයකින්. චන්ඩ මාරුතයෙන් ජපාන ගොඩබිම් ප‍්‍රදේශවලට තවදුරටත් විශාල හානියක් සිදුවිය හැකි බව එරට වාර්තා සදහන් කළා. සුලි සුලගත් සමග ඔකිනාවා දිවයිනේ ගස් සහ විදුලි රැහැන්ද කඩා වැටී තිබෙනවා. නිවාස එක්ලක්ෂ විසි දහසකට විදුලිබලය ඇණහිට ඇති බවයි ජපාන බලධාරින් පවසන්නේ. ගුවන් ගමන් 386 ක් ද අවලංගුකර තිබෙනවා.

Read More »

Recent News

Gossip Lanka MAG