තැපැල් ඡන්දය අද දිනයේ ද පැවැත්වුණා. අද මෙන්ම හෙට දිනය ද වෙන් කෙරෙන්නේ පසුගිය සතියේ ඡන්දය සළකුනු කිරීමට නොහැකි වූ අයදුම්කරුවන් සදහායි. මෙවර තැපෑලෙන් ඡන්දය ප්රකාශ කිරීම සදහා ඡන්ද දායකයන් හත්ලක්ෂ පන්දහස් අසූ පස් දෙනෙකු සුදුසුකම් ලබා සිටිනවා.
මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම ආරම්භ වූයේ පසුගිය 13 වනදායි. මෙවර තැපැල් ඡන්දය සඳහා දින 7ක් වෙන්කෙරුණා. මැතිවරණ කටයුතු අධීක්ෂණය කරන සෞඛ්ය වෛද්ය නිලධාරීන් හා මහජන සෞඛ්ය පරික්ෂකවරුන් ඇතුලු සෞඛ්ය නිලධාරීන් පළමු දිනයේ දී තැපැල් ඡන්ද ප්රකාශ කළා. දෙවන සහ තුන්වන දිනයන් වෙන්කර තිබුණේ පොලිස් ස්ථාන, ආරක්ෂක හමුදා, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, සෞඛ්ය අංශ, සියලුම දිස්ත්රික් ලේකම් කාර්යාල මැතිවරණ කාර්යාල හැර සෙසු රාජ්ය ආයතන තැපැල් ඡන්ද සළකුණු කිරීම සඳහායි. 16 සහ 17 දෙදින තුළ තැපැල් ඡන්ද භාවිත කිරීමේ අවස්ථාව සැලසී තිබුණේ පොලිසිය, ආරක්ෂක හමුදා, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, සෞඛ්ය අංශ, දිස්ත්රික් ලේකම් කාර්යාල හා මැතිවරණ කාර්යාල නිලධාරීන්ටයි. එම දිනවල තැපැල් ඡන්දය භාවිත කිරීමට නොහැකි වූ රාජ්ය සේවකයින් සඳහා අද සහ හෙට අතිරේක දින ලෙස ලබාදීමටයි මැතිවරණ කොමිෂන් සභාව තීරණය කළේ. රාජාංගනය ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ තැපැල් ඡන්දය පැවැත්වෙන්නේ එම ප්රදේශවල නිරෝධායන කටයුතු අවසන් කිරීමෙන් පසුවයි. මේ අතර තැපැල් ඡන්දය සම්බන්ධයෙන් කොළඹ දිස්ත්රික් ලේකම් හා තේරීම් භාර නිලධාරී ප්රදීප් යසරත්න මහතා මෙලෙස අදහස් පළ කළා.
The post රාජාංගනයේ තැපැල් ඡන්දය නිරෝධායන කටයුතු වලින් පසුව appeared first on ITN News.
Post a Comment