මෝදර මට්ටක්කුලිය කාක දූපත වෙරළ උද්යානයේ අභිනවයෙන් ස්ථාපනය කළ සමාධි බුද්ධ ප්රතිමාව නිරාවරණය කෙරුණා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ආරක්ෂක ලේකම් ධුරයේ කටයුතු කරන කාලයේදීයි කාක දූපත වෙරළ උද්යාන සංවර්ධන කටයුතු සිදුකෙරුණේ.
කාක දූපත වෙරළ උද්යානයේ රෝපණය කර ඇති බෝධීන් වහන්සේ අභියස මෙම සමාධි බුද්ධ ප්රතිමාව ස්ථාපනය කර තිබෙනවා. බුද්ධ ප්රතිමා වහන්සේ නිරාවරණය කිරීමේ උත්සවයට සමගාමීව කිරි ආහාර පූජාවක් ද පැවැත්වුණා. ගෝලීය ශ්රී ලංකා තරුණ බලකායයි මෙම කටයුතු සංවිධාන කළේ. කාක දූපත ශ්රී බෝධිරාජාරාම විහාරාධිපති පූජ්ය දිවුල්වැව අරියදේව ස්වාමීන්වහන්සේගේ අනුශාසනා මත මෙම කටයුතු සිදුකෙරුණා.
The post කාක දූපත වෙරළ උද්යානයේ අභිනවයෙන් ස්ථාපනය කළ සමාධි බුද්ධ ප්රතිමාව නිරාවරණය කෙරේ appeared first on ITN News.
Post a Comment