Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බදුල්ල මහනගර සභාවේ නගරාධිපති ඉවතට  

0 comments

බදුල්ල මහනගර සභාවේ නගරාධිපති ප්‍රියන්ත අමරසිංහ මහතා අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදී නගරාධිපති ධුරයෙන් ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.

නියෝජ්‍ය නගරාධිපතිවරයා ලෙස කටයුතු කළ අසිත නලින්ද රංගේ මහතා වැඩබලන නගරාධිපතිවරයා ලෙස පත් කිරීමට පියවර ගෙන ඇති බවයි ඌව පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් මංගල විජේනායක මහතා සදහන් කළේ.

ඌව පළාත් ආණ්ඩුකාර ඒ ජේ එම් මුසම්මිල් මහතාගේ නියෝගයකට අනුව ප්‍රියන්ත අමරසිරි මහතා  නගරාධිපති ධුරයෙන් ඉවත් කිරීමට තීරණය කෙරුණා. ආණ්ඩුකාරවරයා නිකුත් කළ අති විශේෂ ගැසට් පත්‍රයේ සදහන් වන්නේ 2022 වසරේ අයවැය සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී නගරාධිපතිවරයා 2012 අංක 21 දරන පළාත් පාලන ආයතන විශේෂ විධිවිධාන පනතේ හත්වෙනි වගන්තිය ප්‍රකාරව කටයුතු නොකිරීම නිසා මෙම ක්‍රියාමාර්ගය ගත් බවයි.  මහනගර සභා ආඥා පනතට අනුව ඉදිරි සති දෙකක කාලය තුලදී ඡන්ද විමසීමක් පවත්වා නව නගරාධිපතිවරයෙකු පත්කර ගැනීම සිදුකරන බවද පලාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා කියා සිටියා. ප්‍

රියන්ත අමරසිරි මහතාගේ නගරාධිපතිධුරය යටතේ මහනගර සභා අයවැය පිටපිටම තෙවරක් පැරදී තිබූ අතර අයවැය සභාවට ඉදිරිපත් කිරීමෙන් පසු ඡන්ද විමසීමක් සිදු නොකර නගරාධිපතිවරයා සභාගැබෙන් ඉවත්ව ගොස් තිබුණා.

බදුල්ල මහනගර සභාව එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රිවරුන් 9 දෙනෙකු,  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරු 08 දෙනෙකු සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරුන් 5 දෙනෙකු සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රිවරුන් 03 දෙනෙකුගෙන් සමන්විතයි.

 

The post බදුල්ල මහනගර සභාවේ නගරාධිපති ඉවතට appeared first on ITN News.

Read More »

ලෝකයේ කාටත්ම කළින් කිරිබති 2022ට පිවිසෙයි  

0 comments

රුදුරු කොරෝනාවෙන් වෙලී ගිය ලෝකයට සුවබර අනාගතයක නව පැතුම් රැගත් නව නව වසර මීට පැය කිහිපයකට පෙර උදාවුණා. ඒ පැසිපික් සාගර කලාපයේ කිරිබති දූපත් වෙතයි.

2022 වසරේ නව අවුරුදු උදාව පැසිපික් සාගර කලාපයේ කිරිබති දූපත්වාසීහු සතුටින් පිළිගනු ලැබුවා. ඒ ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 3.30ට පන්දහසක පමණ ජනගහනයක් වෙසෙන කිරිබති දූපත් වාසීන් සෑම වසරකම ප්‍රථමයෙන් නව අවුරුදු උදාව සැමරීමට තරම් වාසනාවන්තයින් වනවා.

ඉන් අනතුරුව නවසීලන්තයේ ඔක්ලන්ඩ් නගරවාසීන් ද නව අවුරුදු උදාව සැමරීමට එක්වුණා. ඔවුන් එම සැමරුමට එක්වුණේ  ශ්‍රි ලංකා වේලාවෙන් පස්වරු 4.30ටයි.

කොරෝනා වයිරස් ව්‍යාප්තිය හේතුවෙන් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් සීමිත පිරිසකට නව අවුරුදු උදාව සැමරීමේ උත්සව සදහා සහභාගී වීමට අවසර ලබා දී තිබුණා.

 

 

The post ලෝකයේ කාටත්ම කළින් කිරිබති 2022ට පිවිසෙයි appeared first on ITN News.

Read More »

කහ අපනයනය කිරීමට සූදානම්  

0 comments

කහ වගාවෙන් මේ වන විට ශ්‍රි ලංකාව ස්වයං පෝෂිත වී ඇති බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසනවා.

අතිරේක කහ තොග අපනයනය කිරීමට ද සූදානම් බවයි රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කරන්නේ.

 

 

 

 

The post කහ අපනයනය කිරීමට සූදානම් appeared first on ITN News.

Read More »

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇමෙරිකාවේ ප්‍රාන්ත රැසකට බලපෑම්  

0 comments

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇමෙරිකාවේ ප්‍රාන්ත රැසකට බලපෑම් එල්ලවී තිබෙනවා.

ඇලබාමා ප්‍රාන්තයට බලපෑ ටොනෙඩෝ තත්ත්වයක් හේතුවෙන් ගොඩනැගිලි රැසකට අලාභ හානි සිදුව තිබෙනවා. මහාමාර්ග දෙසට ගස් කඩා වැටීමත් සමග ගමනාගමනයට ද බාධා එල්ලවුණා. ප්‍රදේශ ගණනාවක විදුලි සැපයුමට ද බාධා එල්ලවී තිබෙනවා.

මේ අතර සියැටල් නගරයට බලපා ඇති හිම කුණාටුවක් හේතුවෙන් හේතුවෙන් නගර වැසියන් ගැටලු රැසකට මුහුණ පා සිටිනවා. මහාමාර්ගවල ගමනාගමනය අවහිර වී ඇති අතර ගුවන් ගමන් වාර කිහිපයක්ද අවලංගු කිරීමටයි පියවර ගැනුණේ.

 

 

 

 

The post අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇමෙරිකාවේ ප්‍රාන්ත රැසකට බලපෑම් appeared first on ITN News.

Read More »

පුත්තලම නීත්‍යානුකූල ඔප්පු නැති පිරිස් සඳහා ඔප්පු ලබා දීමේ වැඩසටහනක්  

0 comments

පුත්තලම දිස්ත්‍රික්කයේ නීත්‍යානුකූල ඔප්පු නැති පිරිස් සදහා ඔප්පු ලබා දීමේ වැඩසටහනක් අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

වැඩ සමග යළි ගමට සංකල්පය යටතේ රන්බිම ඔප්පුව යනුවෙන් ඔප්පු ප්‍රදානය සිදු කෙරුණා. පුත්තලම දිස්ත්‍රික්කයේ මහජන නියෝජිතයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියා.  ප්‍රතිලාභීන් 260 දෙනෙකුට අධික පිරිසකට ඉඩම් ඔප්පු ලබා දීම සිදුවුණා.

ජනාධිපති කාර්ය සාධක බලකාය,  ඉඩම් අමාත්‍යාංශය හා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව යන ආයතනවල නිලධාරීන් ද මෙම අවස්තාවට සහභාගී වුණා.

 

 

 

The post පුත්තලම නීත්‍යානුකූල ඔප්පු නැති පිරිස් සඳහා ඔප්පු ලබා දීමේ වැඩසටහනක් appeared first on ITN News.

Read More »

ඇමෙරිකාවේ කොලරාඩෝ ප්‍රාන්තයේ ලැව්ගිනි පැතිරීම වේගවත් වෙයි  

0 comments

ඇමෙරිකාවේ කොලරාඩෝ ප්‍රාන්තයේ ලැව්ගිනි පැතිරීම වේගවත් වී තිබෙනවා.

පවතින දැඩි උෂ්ණ සහිත කාලගුණික තත්ත්වය සහ දැඩි සුළං හේතුවෙන් ලැව් ගිනි නගර ගණනාවක් පුරා පැතිර යමින් පවතින බවයි වාර්තා වන්නේ. නිවාස රැසක් මුළුමනින්ම විනාශ වී ඇති අතර දහස් ගණනක පිරිස් ආරක්ෂක ස්ථාන කරා යොමු කිරීමටයි පියවර ගෙන තිබෙන්නේ.

50කට අධික පිරිසක් පිළිස්සුම් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. ගින්න නිවීම සදහා ගිනි නිවන හමුදා භට පිරිස් යොදා ඇති අතර හෙලිකොප්ටර් යානා සහ ට්‍රක් රථ ද යොදවා තිබෙනවා.

 

 

 

 

 

 

 

 

The post ඇමෙරිකාවේ කොලරාඩෝ ප්‍රාන්තයේ ලැව්ගිනි පැතිරීම වේගවත් වෙයි appeared first on ITN News.

Read More »

රනිල් වික්‍රමසිංහ IMF පිළිසරණ පතන ලෙස බලපෑම් කරන්නේ දේශපාලන වාසියට  

0 comments

තිස්වසරක යුද්ධයක් පැවති සමයේ ශ්‍රී ලංකාවට ණය නොදෙන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට බලපෑම් කළ රනිල් වික්‍රමසිංහ මහතා දැන් එහි පිළිසරණ පතන ලෙස බලපෑම් කරන්නේ දේශපාලන වාසිතකා බව පොදුජන තරුණ පෙරමුණ නියෝජනය කරමින්  මිලින්ද රාජපක්ෂ මහතා පවසනවා.

ස්වාධීන රූපවාහිනියේ තුලාව දේශපාලන සංවාදයට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. මෙහිදී මේ සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ අදහස් පළවුණා.

 

 

The post රනිල් වික්‍රමසිංහ IMF පිළිසරණ පතන ලෙස බලපෑම් කරන්නේ දේශපාලන වාසියට appeared first on ITN News.

Read More »

ඇමරිකා සහ රුසියා ජනපතිවරුන් තීරණාත්මක දුරකථන සංවාදයක  

0 comments

ඇමරිකා ජනාධිපති ජෝ බයිඩ්න් සහ රුසියා ජනාධිපති ව්ලැඩිමිර් පුටින් තීරණාත්මක දුරකථන සංවාදයක නිරත වී තිබෙනවා.

දෙරටේ නායකයින් මෙම තීරණාත්මක දුරකථන සංවාදයේ නිරත වූයේ රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමේ අවධානමක් මතුව තිබියදීයි. ලොව ප්‍රබලතම රටවල් දෙකේ නායකයින් දෙපළ අතර සති 3 ක් ඇතුළත සිදුවූ දෙවන දුරකථන සංවාදය මෙයයි. විනාඩි 50 ක් පුරා පැවති සාකච්ඡාවේදී රුසියාව සහ බටහිර සහාය ලබන යුක්රේනය අතර යුද උණුසුම සංසිදුවීමට නායකයින් දෙදෙනාම යම් එකගතාවයකට පැමිණි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. යුක්රේනය ආක්‍රමණය කිරීමට රුසියාව කටයුතු කළහොත් අමෙරිකාව ප්‍රතිචාර දක්වන බවට ජෝ බයිඩන් ජනාධිපතිවරයා මෙහිදි රුසියාවට අනතුරු අගවා සිටියා.

එසේ වුවහොත් එය අමෙරිකාවට සිදුවන විශාල අත්වැරැද්දක් වනු ඇති බවටයි රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ඊට ප්‍රතිචාර දක්වමින් සදහන් කළේ.

 

 

The post ඇමරිකා සහ රුසියා ජනපතිවරුන් තීරණාත්මක දුරකථන සංවාදයක appeared first on ITN News.

Read More »

දේශීය දියර කිරි සඳහා ඇති ඉල්ලුම ඉහළට  

0 comments

ලෝකයටම බලපාන හේතූන් මත කිරිපිටි මිල ඉහළ යාමත් සමග දේශීය දියර කිරි සදහා ඇති ඉල්ලුම ඉහළ ගොස් ඇති බව ජාතික පශු සම්පත් මණ්ඩලයේ සභාපති මහාචාර්ය මංජුල මහගමගේ මහතා පවසනවා.

ඒ සමග පවතින දේශීය දියර කිරි හිගයට ප්‍රධානම හේතුව සත්ත්ව ආහාර හිග කම බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.

 

 

 

The post දේශීය දියර කිරි සඳහා ඇති ඉල්ලුම ඉහළට appeared first on ITN News.

Read More »

ජනවාරි 3 වැනිදා සිට රාජ්‍ය සේවයම යළි සක්‍රියයි  

0 comments

ලබන තුන්වනදා සිට සියලු රාජ්‍ය සේවකයින් සේවයට කැදවීමට තීරණය කර තිබෙනවා.

කොරෝනා ව්‍යාප්තියත් සමඟ වසර එකහමාරකට ආසන්න කාලයක් රාජ්‍ය සේවකයින් නිවසේ සිට සේවය කිරීම හා අත්‍යවශ්‍ය සේවකයින් පමණක් සේවයට කැදවීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කෙරුණා. එම ක්‍රම වේදය අවසන් කරමින් ලබන තුන්වනදා සිට සියලු රාජ්‍ය සේවකයින් සේවයට කැදවීමට තීරණය කළ බවයි රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් ජේ ජේ රත්නසිරි මහතා ප්‍රකාශ කරන්නේ.

 

The post ජනවාරි 3 වැනිදා සිට රාජ්‍ය සේවයම යළි සක්‍රියයි appeared first on ITN News.

Read More »

ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් සහ පාර්ලිමේන්තු මහලේකම් අතර විශේෂ හමුවක්  

0 comments

ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් Tareq Md. Ariful Islam මහතා පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා හමුවී තිබෙනවා.

බංගලාදේශ පාර්ලිමේන්තුව සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අතර අන්‍යෝන්‍ය සහයෝගීතාවය සහ මිත්‍රත්වය තවදුරටත් වර්ධනය කර ගැනීම
සම්බන්ධයෙන් මෙම හමුවේදී විශේෂ අවධානයක් යොමුව තිබේ.

ශ්‍රී ලංකා බංග්ලාදේශ පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ ක්‍රියාකාරිත්වය ඉදිරියේදී තව දුරටත් පුළුල් කිරීම සම්බන්ධයෙන්ද මෙම සාකච්ජාවේදී
අවධානය යොමු විය. මෙරට තුළ ක්‍රියාත්මක කොවිඩ් 19 ප්‍රතිශක්තිකරණ එන්නත්කරණ වැඩපිළිවෙළ අතිශයින් කාර්යක්ෂම බව ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහකොමසාරිස්වරයා මෙහිදී කීවේය.

ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස්වරයා සහ පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා අතර සමරු තිළිණ හුවමාරුවක් ද මෙම හමුවේදී සිදු
විය.

The post ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් සහ පාර්ලිමේන්තු මහලේකම් අතර විශේෂ හමුවක් appeared first on ITN News.

Read More »

ඇමෙරිකාවේ කොලරාඩෝ ප්‍රාන්තයේ සිදුවූ වෙඩි තැබීම් කිහිපයකින් පස් දෙනෙකු ජීවිතක්ෂයට  

0 comments

ඇමෙරිකාවේ කොලරාඩෝ ප්‍රාන්තයේ සිදුවූ වෙඩි තැබීම් කිහිපයකින් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

කොලරාඩෝ ප්‍රාන්තයේ ඩෙන්වර් ප්‍රදේශයේ පුද්ගලයින් කීප දෙනෙකු ඉලක්ක කර ගනිමින් ස්ථාන කිිිහිපයක දී වෙඩි තැබීම් සිදුවූ බවයි වාර්තා වන්නේ. මෙම සිද්ධීන් අතරතුරදී තවත් කීප දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ආරක්ෂක අංශ එල්ල කළ ප්‍රති ප්‍රහාර හේතුවෙන් වෙඩි ප්‍රහාර එල්ල කළ පුද්ගලයාට ද තුවාල සිදුව ඇති බවයි පැවසෙන්නේ.

මියගිය පිරිස අතර පොලිස් නිලධාරියෙකු ද වනවා. වෙඩි තැබීමට නිශ්චිත හේතුවක් මෙතෙක් හෙළිව නැහැ.

 

 

 

The post ඇමෙරිකාවේ කොලරාඩෝ ප්‍රාන්තයේ සිදුවූ වෙඩි තැබීම් කිහිපයකින් පස් දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

Read More »

ඩෙල්ටා සහ ඔමික්‍රෝන් ලෝක සුනාමියක් වෙලා – ලෝක සෞඛ්‍යයෙන් අනතුරු ඇඟවීමක්  

0 comments

ඩෙල්ටා සහ ඔමික්‍රෝන් ප්‍රභේද එක්වී සුනාමියක් ලෙස පැතිර යමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවනවා.

මෙම තත්ත්වය ඉතාමත් භයානක පසුබිමක් බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රෝස් ඇඩනොම් ගේබ්‍රියේසස් පවසන්නේ. ඇමෙරිකාව සහ යුරෝපා රටවල කොවිඩ් ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී මේ බව සදහන් කළා. ඇමෙරිකාව සහ ප්‍රංශය මේ වනවිට දරුණු කොරෝනා අවධානමකට මුහුණදී සිටිනවා. ඒ වාර්තාගත කොරෝනා ආසාදිතයින් පිරිසක් දෛනිකව හදුනාගැනීමත් සමගින්.

ගතවූ පැය 24 තුළදී ඇමෙරිකාවෙන් නව කොරෝනා ආසාදිතයින් හාරලක්ෂ හැට දෙදහස් හත්සිය අසූහතර දෙනෙකු හදුනාගෙන ඇති අතර ප්‍රංශයෙන් ද ගතවූ පැය 24 තුළදී නව ආසාදිතයින් 208,099 දෙනෙකු හදුනාගැණුනා. ඒ දෙවන දිනටත් යුරෝපා රටකින් දිනකදී හදුනා ගැණුනා වැඩිම කොරෝනා ආසාදිතයින් ලෙසයි වාර්තා වන්නේ.

 

 

 

 

The post ඩෙල්ටා සහ ඔමික්‍රෝන් ලෝක සුනාමියක් වෙලා – ලෝක සෞඛ්‍යයෙන් අනතුරු ඇඟවීමක් appeared first on ITN News.

Read More »

චිලී රාජ්‍යයේ මධ්‍යම ඔහිගන්ස් ප්‍රදේශයේ සිදුවූ අනතුරකින් 9 දෙනෙකු ජීවිතක්ෂයට  

0 comments

චිලී රාජ්‍යයේ මධ්‍යම ඔහිගන්ස් ප්‍රදේශයේ සිදුවූ අනතුරකින් පුද්ගලයින් 9 දෙනෙකු මිය ගියා.

ලොරි රථයක් හා කුඩා බස් රථයක් මෙහිදි අනතුරට ලක්ව තිබෙනවා. එරට මාධ්‍ය වාර්තා කළේ, කුඩා බස් රථයේ ගමන් කළ 11 දෙනාගෙන් 8 දෙනෙකු ම මිය ගොස් ඇති බවයි. අනෙක් පුද්ගලයා රෝහල්ගත කිරීමෙන් අනතුරුව මිය ගියා. ජීවිතක්ෂයට පත්වූවන් අතර බස් රථයේ රියදුරුද වනවා.

ඔහිගන්ස් ජනාධිපති නියෝජිත රිචර්ඩ් ගුස්මන් පවසන්නේ, මෙම අනතුර වසරේ සිදුවූ විශාලතම අනතුර බවයි. සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කෙරෙනවා.

 

 

 

The post චිලී රාජ්‍යයේ මධ්‍යම ඔහිගන්ස් ප්‍රදේශයේ සිදුවූ අනතුරකින් 9 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

Read More »

ඊයේ දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 419ක්  

0 comments

ඊයේ දිනයේ දී කොරෝනා ආසාදිතයින් 419 දෙනෙකු හදුනා ගැනෙද්දී සුවය ලැබූ පිරිස පන්ලක්ෂ හැටදහසේ සීමාව ඉක්මවල ගියා.

ඊයේ දිනයේ වාර්තා වූ ආසාදිතයින් 419 දෙනා ද සමගින් මෙරටින් හදුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 586,183 ක් වනවා. රෝහල්වල සහ නිවාසවල ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 11,154 ක්. සුවය ලැබූ සංඛ්‍යාව 560,085 ක්.

ඊයේ වන විට කොරෝනාවට එරෙහි පළමු එන්නත් මාත්‍රාව ලබාගෙන සිටි සංඛ්‍යාව එක්කෝටි පනස් නව ලක්ෂ අසූනවදහස් තුන්සිය දහනවයයි. එක්කෝටි තිස්අටලක්ෂ හතලිස් දහස් දෙසිය හැත්තෑ නව දෙනෙකු දෙවන මාත්‍රාව ලබාගෙන තිබුණා. තුන්වන මාත්‍රාව ලබාගෙන ඇති සංඛ්‍යාව තිස්අටලක්ෂ පනස්හත්දහස් පන්සිය හතරක්.

 

The post ඊයේ දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 419ක් appeared first on ITN News.

Read More »

මාතර ජනතාවට ඉඩම් ඔප්පු ලබා දෙයි  

0 comments

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය යටතේ ඉඩම් ඔප්පු දස ලක්ෂයක් ලබාදීමේ වැඩසටහන මගින් මාතර දිස්ත්‍රික්කය තුළ භූමියේ නීත්‍යානුකූල උරුමය අහිමිවූ පවුල් දහස් ගණනක් වෙත සිය අයිතීන් ලබාදෙන බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, ඉඩම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ගමින් ගමට ඔප්පු ලබාදීමේ ජාතික වැඩසටහන යටතේ මාතර දිස්ත්‍රික්කයේ ජනතාවට ඉඩම් ඔප්පු දීම වෙනුවෙන් ඊයේ (29) කඹුරුපිටිය උපාලි විජේවර්ධන සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වු උත්සවයට සහභාගී වෙමිණි.

මාතර දිස්ත්‍රික්කයේ සෑම මැතිවරණ කොට්ඨාසයක්ම ආවරණය වන පරිදි තෝරාගත් ප්‍රතිලාභීන් 171 දෙනෙකුට ඉඩම් ඔප්පු පිළිගැන්විණි. මෙහිදී අඩු ආදායම්ලාභීන් සහ සමෘද්ධිලාභීන්ට ප්‍රමුඛත්වය දෙන ලදී.

“ශ්‍රී ලාංකිකයෙක් වීමේ ප්‍රධාන ලියවිල්ල ලෙස පිළිගැන්වෙන්නේ උප්පැන්න සහතිකය. ඒවගේම තමන් පුරවැසියෙක්‍ යැයි පවසන රාජ්‍යයේ අයිති මනින පළමු කාරණය වන්නේ නීත්‍යානුකූලව ලැබෙන උරුමයයි” යැයි අමාත්‍යවරයා කීවේය. ඉඩම් ආරවුල් රටේ මනුෂ්‍ය ඝාතනවලට ප්‍රධානතම හේතුවක් ලෙස හඳුනාගෙන තිබෙන බවත් රටේ නීති පද්ධතිය යටතේ ඉඩම් නඩුවක් විසඳීමට ඉතා දීර්ඝ කාලයක් ගතවීම නිසා ඇතිවන නොසන්සුන් තත්ත්වය ඊට බලපාන බවත් අමාත්‍යවරයා පැවසුවේය. එයට විසඳුම් ලෙස නඩු කඩිනම් කිරීමට වර්තමාන අධිකරණ අමාත්‍යවරයා ඉතා කඩිනමින් පියවර ගනිමින් සිටින අතර ඒ සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකා ගණනාවක් ඉදිරිපත් කර ඇති බවත් කියා සිටි ඩලස් අලහප්පෙරුම මහතා තවත් විසඳුමක් ලෙස නීත්‍යානුකූල ඉඩම් අයිතිය ලබා දීමට කටයුතු කරන බවත් කී‍ය.

“මෑත කාලයේ පිරිසිදු පානීය ජලය අහිමිව සිටි කඹුරුපිටියේ පවුල් 2372 කට පානීය ජලය දුන්නා. වර්තමානයේ අප ගතකරමින් සිටින්නේ අභියෝගාත්මක කාල පරිචේදයක්. ඉන්ධන මිල වැනි ජනතාවට බලපා තිබෙන යම් යම් කලීන කාරණා සම්බන්ධයෙන් වේදනාවක් තිබෙනවා. අපි මෙම කාරණා දෙස ඉතා සංවේදීව බලනවා. සහන ලබාදීමට හැකි පළමු අවස්ථාවේදීම ඒවා ලබාදීමට අවදියෙන් සිටිනවා. දේශපාලකයින් ලෙස අපි අවංකවම ඒ සඳහා කැපවිය යුතුයි. ආදර්ශමත් විය යුතුයි. එමෙන්ම ආයතන ප්‍රධානීන් ද එසේ පරමාදර්ශී විය යුතුයි. එසේ අදර්ශමත් වීමෙන් අනතුරුවයි අපි ජනතාවගෙන් ඉල්ලීම් කළයුත්තේ. එසේ නොමැති වුවහොත් ජනතාවට ඇතිවන්නේ වේදනාවක් සහ කෝපයක් පමණයි. අද මහපොළවේ උරුමය පුරවැසියෙකු ලෙස ඔබට ලැබූ දිනයේ ඔබටත් ඔබේ ආදරණීය දුවා දරුවන්ටත් මුනුබුරු මිනිබිරියන්ටත් ගෞරවනීය ශ්‍රීලාංකිකයන් ලෙස ජීවත් වීමට වාසනාව ලැබේවායි මා ප්‍රාර්ථනා කරනවා” යැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.

මෙම අවස්ථාවට කථානායක මහින්ද යාපා අබේවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රි නිපුණ රනවක, ඉඩම් අමාත්‍යාශ ලේකම් ආර්. ඒ. ඒ. රණවක ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සභාපති නිලන්ත විජේසිංහ යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.

The post මාතර ජනතාවට ඉඩම් ඔප්පු ලබා දෙයි appeared first on ITN News.

Read More »

වසරේ මුල් මාස 11 තුළ RCEP ගිවිසුමේ අනෙකුත් සාමාජික රටවල් 14 වෙත චීනයේ මුළු ආනයන හා අපනයන වටිනාකම යුවාන් ට්‍රිලියන 10.96ක්  

0 comments

මෙම වසරේ මුල් මාස 11 තුළ, කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරිත්ව ගිවිසුමේ (RCEP) අනෙකුත් සාමාජික රටවල් 14 වෙත චීනයේ මුළු ආනයන හා අපනයන වටිනාකම චීන යුවාන් ට්‍රිලියන 10.96 කි.

එය චීනයේ මුළු විදේශ වෙළඳ වටිනාකමෙන් 31% ක් වන බව චීන රේගු මහා පරිපාලනය ඊයේ (29) අදාළ දත්ත නිකුත් කරමින් ප්‍රකාශ කළේය.

RCEP සාමාජිකයින්ට චීනය, ජපානය, දකුණු කොරියාව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය ඇතුළු රටවල් 5ක් සහ ආසියාන් සංගම් රටවල් 10ක් ඇතුළත් වේ. දැනට ආසියාන් සංගම් රටවල් 6ක් සහ ආසියාන් සංගම් නොවන රටවල් 4ක් නිල වශයෙන් අනුමත ලිපි ඉදිරිපත් කොට ගිවිසුම බලාත්මක වීමේ කොන්දේසි හිමි වන අතර, 2022 ජනවාරි 1 දින සිට ඒවා බලාත්මක වනු ඇත.

ගිවිසුම යටතේ චීනය හා සම්බන්ධ වගකීම් 701 න් සියයට 24.8 ක් සඳහා වගකියන චීන රේගු මහා පරිපාලනය අයිතම් 174 ක් තනිව හෝ ඒකාබද්ධව ක්‍රියාත්මක කිරීම සඳහා සූදානම් කර ඇතැයි චීනය පවසයි.

The post වසරේ මුල් මාස 11 තුළ RCEP ගිවිසුමේ අනෙකුත් සාමාජික රටවල් 14 වෙත චීනයේ මුළු ආනයන හා අපනයන වටිනාකම යුවාන් ට්‍රිලියන 10.96ක් appeared first on ITN News.

Read More »

ඇමෙරිකා ජනාධිපති සහ රුසියා ජනාධිපති අතර සාකච්ඡාවක්  

0 comments

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් සහ රුසියා ජනාධිපති ව්ලැඩිමිර් පුටින් අතර සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

අද දිනයේ දී එම සාකච්ඡාව දුරකතනය ඔස්සේ පැවැත්වීමට නියමිත බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ. යුක්රේනය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබදව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. එමෙන්ම ආරක්ෂාව සම්බන්ධයෙන් ද සාකච්ඡා කෙරෙනු ඇති බවයි ධවලමන්දිර ප්‍රකාශකයෙකු සදහන්කර ඇත්තේ.

යුක්රේනය ආක්‍රමණය කිරීම සම්බන්ධයෙන් රුසියාවට එල්ලවී ඇති චෝදනා ප්‍රතික්ෂේප කරන බව රුසියාව මීට පෙර ප්‍රකාශ කර තිබෙනවා.

 

 

 

 

 

The post ඇමෙරිකා ජනාධිපති සහ රුසියා ජනාධිපති අතර සාකච්ඡාවක් appeared first on ITN News.

Read More »

කැලිෆෝනියා ප්‍රාන්තයට වාර්තාගත හිම පතනයක්  

0 comments

ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයට වාර්තාගත හිම පතනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරනවා.

1970 වසරෙන් පසු කැලිෆෝනියා ප්‍රාන්තයට වැඩිම හිම පතනයක් සිදුවූ අවස්ථාව මෙයයි. ඊයේ දිනයේ දී පමණක් අගල් 193.7 ක පමණ හිම පතනයක් කැලිෆෝනියාවේ ටාහෝ ප්‍ර දේශයට පතනය වී තිබෙනවා. මීට පෙර වැඩිම හිම පතනය ලෙස වාර්තා වන්නේ අගල් 179 ක්.

ප්‍රවාහන කටයුතු සම්පූර්ණයෙන්ම ඇණහිට ඇති අතර ප්‍ර දේශ රැසක විදුලි බලය ද බිද වැටී තිබෙනවා. ගුවන් ගමන් ද තාවකාලිකව අත්හිටුවීමටයි බලධාරීන් පියවර ගෙන ඇත්තේ. අත්‍යවශ්‍යම කරුණකට හැර නිවෙස්වලින් පිටතට පැමිණීමෙන් වලකින ලෙස බලධාරීන් ඉල්ලා සිටිනවා.

 

 

The post කැලිෆෝනියා ප්‍රාන්තයට වාර්තාගත හිම පතනයක් appeared first on ITN News.

Read More »

ඊයේ දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 479ක්  

0 comments

ඊයේ දිනයේදී කොරෝනා ආසාදිතයන් 479 දෙනෙකු හදුනාගෙන තිබෙනවා.

ඒ අනුව මෙරටින් හදුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව පන්ලක්ෂ අසූහතර දහස් පන්සිය අසූ හයක්. රෝහල්වල සහ නිවාසවල ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව නවදහස් හත්සිය අසූ අටක් පමණ වනවා. සුවය ලැබූ සංඛ්‍යාව පන්ලක්ෂ පනස් නවදහස් අටසිය හැත්තෑ පහක්. කොරෝනා මර්දන එන්නත් වැඩපිළිවෙළද අඛණ්ඩවම ක්‍රියාත්මකයි.

මේ අතර  ඊයේ වන විට කිසියම් හෝ එන්නතක පළමු මාත්‍රාව ලබාගෙන තිබූ සංඛ්‍යාව එක්කෝටි පනස් නව ලක්ෂ අසූපන්දහස් තුන්සිය අසූ පහයි. එක්කෝටි තිස්හතර ලක්ෂ තිස්තුන්දහස් හත්සිය හැත්තෑ හත් දෙනෙකු දෙවන මාත්‍රාව ලබාගෙන තිබුණා. තුන්වන මාත්‍රාව ලබාගෙන ඇති සංඛ්‍යාව තිස්පන්ලක්ෂ පනස්දහස් අටසිය විසිහතරක්.

 

The post ඊයේ දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 479ක් appeared first on ITN News.

Read More »

බස් ගාස්තු සංශෝධනය පිළිබද තීරණාත්මක සාකච්ඡාවක් අද  

0 comments

ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව සංශෝධිත බස් ගාස්තු අද දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සදහා ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වෙනවා.

පසුගිය විසි එක් වනදා ඉන්ධන මිල වැඩි කිරීමට තීරණය කෙරුණා. ඒ අනුව බස් ගාස්තු ද වැඩි කරන ලෙසටයි බස් සංගම් ඉල්ලීම් කළේ. ඒ පිළිබද විශේෂ සාකච්ඡාවක් පසු ගිය බදාදා පැවැත්වුණා. ඩීසල් මිල ඉහළ යෑම,  අමතර කොටස්වල මිල වැඩිවීම ඇතුලු නිර්ණායක 12 ක් පිළිබද සැලකිලිමත් වන ලෙසයි බස් සංගම් නියෝජිතයන් එහිදී ඉල්ලා සිටියේ. බස් ගාස්තු සංශෝධනය විය යුතු ආකාරය ගණනය කරන ලෙසට රාජ්‍ය අමාත්‍යවරයා ජාතික ගමනාගමන කොමිසන් සභාවට දැනුම් දුන්නා. එමෙන්ම මේ සම්බන්ධයෙන් බස් සංගම්වල යෝජනා ද ඉදිරිපත් කරන ලෙසට ඉල්ලීමක් කෙරුණා. ඒ අනුව අද දිනයේ නව බස් ගාස්තු ප්‍රකාශ කිරීමට නියමිතයි. ඒ වෙනුවෙන් තීරණාත්මක සාකච්ඡාව අද පස්වරුවේ පැවැත්වෙනවා.

මේ අතර දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය නතර කිරීමට ඊයේ පස්වරුවේ තීරණය කෙරුණා. රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සමග පැවති සාකච්ඡාවේ දී ඔවුන්ගේ ඉල්ලීම්වලින් 10 කට සාධනීය පිළිතුරු ලබාදීමට එකගවීමත් සමග මෙසේ වර්ජනය අවසන් කෙරුණා. වර්ජනය හේතුවෙන් දින පහක් ඔවුන් දුම්රිය ප්‍ර වේශ පත්‍ර නිකුත් කිරීමෙන් වැලකී සිටියා. අද දිනයේ සුපුරුදු පරිදි ප්‍ර වේශ පත්‍ර නිකුත් කළා.

 

 

 

The post බස් ගාස්තු සංශෝධනය පිළිබද තීරණාත්මක සාකච්ඡාවක් අද appeared first on ITN News.

Read More »

රටේ සියලු පුරවැසියන් දරුවන් ගැන සිතා ක්‍රියා කළ යුතුයි  

0 comments

රටේ සියලු පුරවැසියන් දරුවන් ගැන සිතා ක්‍රියා කළ යුතු බව රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පවසනවා.

ලෝක ළමා දින ජාතික සැමරුමට සමගාමීව පරිවාස හා ළමා රක්ෂක සේවා දෙපාර්තමේන්තුව සංවිධාන කළ ජාතික ළමා චිත්‍ර තරගයේ මෙන්ම කෙටි චිත්‍රපට තරගයේ ත්‍යාග ප්‍රදානෝත්සවයට එක් වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

විවිධ වයස් කාණ්ඩ යටතේ පැවති මෙම චිත්‍ර ප්‍රදර්ශනයට නිර්මාණය 6500 ක් යොමු කර තිබුණා. කෙටි ළමා චිත්‍රපට 42 ක් ද තරගයට ඉදිරිපත් කර තිබීම විශේෂත්වයක්. කාන්තා හා ළමා සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් ශ්‍රියානි ජයසේකර මහත්මිය ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වුණා.

 

 

 

The post රටේ සියලු පුරවැසියන් දරුවන් ගැන සිතා ක්‍රියා කළ යුතුයි appeared first on ITN News.

Read More »

බුද්ධංගල ආනන්ද ස්වාමීන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය අනිද්දා  

0 comments

අපවත්වී වදාල පූජ්‍ය බුද්ධංගල ආනන්ද ස්වාමින් වහන්සේගේ ශ්‍රී දේහය කොළඹ 7 සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලන ශාලාවේ තැන්පත් කර තිබෙනවා.

කොළඹ පෞද්ගලික මල් ශාලාවක සිට පූජ්‍ය බුද්ධංගල ආනන්ද ස්වාමීන් වහන්සේගේ දේහය සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලන ශාලාව වෙත රැගෙන එනු ලැබුවේ අද පෙරවරුවේයි. මහා සංඝරත්නය එහිදී දේහය පවුලේ ඥාතීන්ට බාර දී එහි තැන්පත් කරනු ලැබුවා.

උන් වහන්සේගේ සොහොයුරු අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර මහතා ඇතුළු පවුලේ ඥාතීන් ඊට එක්ව සිටියා. දේහයට අවසන් ගෞරව දැක්වීම සදහා මහා සංඝරත්නය, මැතිඇමතිවරුන්, ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පතිවරයා ඇඅතුළු පිරිසක් එක්ව සිටියා.

පූජ්‍ය බුද්ධංගල ආනන්ද ස්වාමීන් වහන්සේ පැවිදිවීමට පෙර යුද හමුදාවේ මේජර් ජෙනරාල්වරයෙකු වන අතර උතුරුමැද ආඥාපතිවරයා ලෙසද කටයුතු කළා. පසුව පැවිදි දිවියට එක් වූ උන් වහන්සේ අපවත්වන විට 78 වන වියේ පසුවුනා.

අපවත්වී වදාල පූජ්‍ය බුද්ධංගල ආනන්ද ස්වාමීන් වහන්සේගේ දේහය හෙට දිනයේදී අම්පාර දක්වා ගුවනින් රැගෙන යාමෙන් අනතුරුව ආදාහන පූජෝත්සවය අනිද්දා බුද්ධංගල ආරණ්‍ය සේනාසනයේ දී පැවැත්වීමට නියමිතයි.

 

 

The post බුද්ධංගල ආනන්ද ස්වාමීන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය අනිද්දා appeared first on ITN News.

Read More »

කඩිනමින් විශ්වවිද්‍යාල දේශන ආරම්භ කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ සභාපති කියයි  

0 comments

විශ්වවිද්‍යාල සිසුන්  සියයට සියයම විශ්වවිද්‍යාලවලට ගෙන්වා ගනිමින් දේශන පැවැත්වීමට කඩිනිමින් ක්‍රියා කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසනවා.

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් විශ්වවිද්‍යාල මාස ගණනාවකට පෙර වසා දැමුණා. පසුව ඒවායෙහි අධ්‍යාපනය ඔන්ලයින් ක්‍රමයට සිදු කිරීම ආරම්භ වුණා. විශ්වවිද්‍යාලවලට සියයට පනහක සිසුන්ගේ ධාරිතාවකින් යුක්තව විශ්වවිද්‍යාල තුළ දේශන පවත්වාගෙන යාම සදහා ඊයේ අවසර හිමි වුණා. එම තත්ත්වය තවදුරටත් වර්ධනය කරන බවයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා කියා සිටින්නේ.

විශ්වවිද්‍යාල කිහිපයක මේ වනවිටත් සිසුන්ගේ සහභාගිත්වයෙන් දේශන පැවැත්වෙනවා. සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද භාවිත කරමින් එක් වරකදී සැලකිය යුතු සිසුන් පිරිසක් ඒ සදහා සහභාගි කර ගැණෙනවා. පවත්නා සෞඛ්‍ය තත්ත්වය මත මෙය ඉදිරියේ දී තවදුරටත් වර්ධනය කර ගැනීමටයි අපේක්ෂා කෙරෙන්නේ.

 

 

The post කඩිනමින් විශ්වවිද්‍යාල දේශන ආරම්භ කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ සභාපති කියයි appeared first on ITN News.

Read More »

සුරේෂ් සුබ්‍රමනියම් යළිත් ජාතික ඔලිම්පික් කමිටු සභාපති ධූරයට  

0 comments

ශ්‍රී ලංකා ඔලිම්පික් ආයතනයේ නව සභාපතිවරයා ලෙස සුරේෂ් සුබ්‍රමනියම් මහතා නැවතත් තේරීපත්වුණා.

පසුගිය වසර 4ක කාලය තුළ සභාපති ධුරය දැරුවේද සුබ්‍රමනියම් මහතායි. ඔලිම්පික් නිලවරණය පැවැත්වෙන්නේ වසර 4කට වරක් වන අතර ඔලිම්පික් ක්‍රිඩා උලෙල නියෝජනය කරන ක්‍රිඩා සමාජ 33කට මෙවර ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව හිමිවුණා. ප්‍රතිවාදියා ලෙස තරගවැදුනු ශ්‍රී ලංකා මලළ ක්‍රීඩා ආයතනයේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතා ඡන්ද විසි එකට දොළහක් ලෙස පරාජයට පත්කරමිනුයි සුරේෂ් සුබ්‍රමනියම් මහතා සභාපතිවරයා බවට තේරී පත්වුණේ.

ලේකම්වරයා ලෙස හිටපු ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතා පත්වූ අතර උප සභාපතිවරයෙකු ලෙස කංචන ජයරත්න මහතා පත්ව තිබෙනවා.

 

 

 

The post සුරේෂ් සුබ්‍රමනියම් යළිත් ජාතික ඔලිම්පික් කමිටු සභාපති ධූරයට appeared first on ITN News.

Read More »

”යුක්තියට ප්‍රවේශයක්” නමින් අධිකරණ අමාත්‍යාංශයෙන් විශේෂ ජංගම සේවාවක්  

0 comments

”යුක්තියට ප්‍රවේශයක්” නමින් විශේෂ ජංගම සේවාවක් හදුන්වා දීමට අධිකරණ අමාත්‍යංශය පියවර ගෙන තිබෙනවා.

බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් කළමනාකරණ රාජ්‍ය අමාත්‍යංශය යටතේ පවතින ආයතනවලින් සිදුවන මහජන සේවාව ජනතාවට සමීප කරවීම සදහා මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බවයි අධිකරණ අමාත්‍යංශය සදහන් කරන්නේ. දිවයිනේ සියලුම පළාත් ආවරණය වන පරිදි අදාළ වැඩසටහන ක්‍රියාත්මක කෙරෙනවා. එහි ආරම්භය සිදු වන්නේ උතුරු පළාත කේන්ද්‍ර කර ගනිමිනුයි.

පොදු ජනතාවට බලපාන නීති මෙන්ම සංහිදියාව පිළිබද ජනතාවට අවබෝධයක් ලබා දීම මෙහිදී සිදු කෙරෙනවා. මත්ද්‍රව්‍ය භාවිතයෙන් සිදු වන අනිටු ප්‍රතිවිපාක සම්බන්ධයෙන් තරුණ ප්‍රජාව දැනුවත් කිරීම ද මීට ඇතුළත්.

 

The post ”යුක්තියට ප්‍රවේශයක්” නමින් අධිකරණ අමාත්‍යාංශයෙන් විශේෂ ජංගම සේවාවක් appeared first on ITN News.

Read More »

චීන අපනයන පාලනය පිළිබඳ ධවල පත්‍රිකාව නිකුත් කෙරේ  

0 comments

චීන රාජ්‍ය මණ්ඩල ප්‍රවෘත්ති කාර්යාලය අද (29) ‘චීන අපනයන පාලනය පිළිබඳ ධවල පත්‍රිකාව’ නිකුත් කළේය.

චිනය අපනයන පාලනය පිළිබඳ ධවල පත්‍රිකාවක් නිකුත් කළ ප්‍රථම වතාව මෙයයි. එය චීනයේ අපනයන පාලන ස්ථාවරය ප්‍රතිපත්ති සහ ක්‍රියාකාරකම්, සම්පූර්ණ ලෙස හඳුන්වා දෙන අතර එය චීනය ලෝක සාමය, සංවර්ධනනය මෙන් ම ආරක්ෂාව සුරැකීමේ අදහස්වලින්
සමන්විතය.

වඩා උසස් මට්ටමේ නව විවෘත ආර්ථීක ක්‍රමයක් ගොඩ නැගීමට චීනය අවධානය යොමු කරන අතර, අපනයන පාලනයේදී නව සංවර්ධනයට චීනය කැප වෙමින් සිටින බව එම ධවල පත්‍රිකාව පෙන්වා දෙයි. ප්‍රායෝගික ක්‍රියාමාර්ග සමඟින් අපනයන පාලනය පිළිබඳ ජාත්‍යන්තර සම්බන්ධීකරණයට චීනය ක්‍රියාකාරීව සහභාගී වන බව ද එහි සඳහන් වෙයි.

ධවල පත්‍රිකාව ප්‍රධාන කොටස් හතරකින් සමන්විත ය, එනම්: අපනයන පාලනය පිළිබඳ චීනයේ මූලික ස්ථාවරය, අපනයන පාලන නීති ක්‍රම හා කළමනාකරණ පද්ධතිය අඛණ්ඩව වැඩිදියුණු කිරීම, අපනයන පාලන පද්ධතියේ නවීකරණය ඉදිරියට ගෙනයාම සහ
අපනයන පාලනය මත ජාත්‍යන්තර හුවමාරු හා සහයෝගීතා ප්‍රවර්ධනය කිරීම ය.

The post චීන අපනයන පාලනය පිළිබඳ ධවල පත්‍රිකාව නිකුත් කෙරේ appeared first on ITN News.

Read More »

මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබල ගැන්වීම අත්‍යවශ්‍යයි – සෞඛ්‍ය ඇමති  

0 comments

මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබල ගැන්වීම සෞඛ්‍ය සේවාවේ අත්‍යවශය කරුණක් බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

එම වැඩපිළිවෙල නිසි පරිදි ක්‍රමවත්ව විද්‍යාත්මක පදනමක් ඔස්සේ ක්‍රියාත්මක වියයුතු බවද අමාත්‍යවරයා අවධාරණය කරයි.

ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිය මගින් සංවර්ධනය කෙරුණු දිවයිනේ රෝහල් හා සෞඛ්‍ය මධ්‍යස්ථාන පිලිබදව මෙන්ම ප්‍රජා මුලික වැඩසටහන් හා සෞඛ්‍ය සේවාවේ පැවැත්ම වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට යෝජිත ඉදිරි වැඩ කටයුතු පිලිබද කරුණු සොයා බැලීම සඳහා වු විශේෂ සාකච්ජාවකදී අමාත්‍ය රඹුක්වැල්ල මහතා මේ බව කීය. සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අදාල සාකච්ජාව එම අමාත්‍යංශයේ දී පැවැත්විණි.

ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබල ගැන්වීමේ දී සිදුවිය යුතු වෙනස්කම් මොනවාදැයි හදුනාගැනීම සදහා සමාලෝචනයක් සකස් කරන ලෙස අමාත්‍යවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් දුන්නේය. ඒ සදහා නිවැරදි දත්ත හා තොරතුරු ඇතුලත් වාර්තාවක් සකස් කරන ලෙස එහි ව්‍යාපෘති අධ්‍යක්ෂ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතාට උපදෙස් ලබාදුනි.

ලෝක බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය ඔස්සේ වර්තමානයේ ක්‍රියාත්මක හා ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට අදහස් කරනු ලබන වැඩපිලිවෙල රාශියක් පිලිබදව සෞඛ්‍ය අමාත්‍යවරයාගේ විශේෂ අවධානය මෙහිදී යොමු විය. ඒ අතර, සෞඛ්‍යයට බලපාන සාධක පාලනය කිරීමේ බලය මහජනතාවටම ලබාදෙන රෝහල් ආශ්‍රිතව ක්‍රියාත්මක “සුව සේවා මිතුරෝ” ප්‍රජා කමිටු වැඩසටහන, විධිමත් ඖෂධ ගබඩා නොමැති රෝහල් ආශ්‍රිතව ඖෂධ ගබඩා ඉදිකිරීම, ජංගම ඖෂධාගාර වැඩසටහන, රසායනාගාර ජාල ගත කිරීමේ වැඩපිළිවෙල, “1907 සුව සහන” මහජන දුක්ගැනවිලි වලට සවන්දීමේ වැඩසටහන, ඉලෙක්ට්‍රොනික සෞඛ්‍ය තොරතුරු පද්ධතිය, රසායනාගාර වැඩිදියුණු කිරීමේ වැඩසටහන් ද මෙයට ඇතුලත් විය.

“සුව සේවා මිතුරෝ” ප්‍රජා කමිටු සෞඛ්‍ය සේවාවේ උන්නතිය වෙනුවෙන් මෙතෙක් සිදු කර ඇති කර්යයන් ඇගයීමට ලක් කළ සෞඛ්‍ය අමාත්‍යවරයා අදාළ ප්‍රදේශ ආශ්‍රිත ජනතාව එම කමිටු නියෝජනය කරන බැවින් ගැටළුකාරි තත්ත්වයන් අවම කර ගනිමින් වඩා ජනතාවාදී සේවාවක් ලබාදීමට එම කමිටුව මහත් රුකුලක් වන බව පෙන්වා දුන්නේය. එම කමිටු ශක්තිමත් කිරීමේ වැදගත්කම ද සෞඛ්‍ය අමාත්‍යවයා පෙන්වා දෙන ලදි.

සෞඛ්‍ය කාර්ය මණ්ඩල පුරප්පාඩු සහිත ග්‍රාමීය හා ප්‍රාදේශීය රෝහල්වලට අවශ්‍යතාවයන් නිවැරදිව හදුනාගෙන ක්‍රමවත් වැඩපිළිවෙලක් යටතේ වෛද්‍යවරුන්, හෙද හෙදියන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල අනුයුක්ත කිරීමේ වැදගත්කම ද ඒ මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

මෙම අවස්ථාවට එක්වූ ලෝක බැංකුවේ ජ්‍යෙෂ්ට සෞඛ්‍ය විශේෂඥ විශේෂඥ වෛද්‍ය දීපිකා ආටිගල මහත්මිය ප්‍රකාශ කලේ ශ්‍රී ලංකවේ ක්‍රියාත්මක වන මෙම ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිය ලෝක බැංකුව විසින් ලෝකය පුරා ව්‍යාපෘති අතරින් ආදර්ශමත් හා සාර්ථකම ව්‍යාපෘතියක් ලෙස හදුනා ගෙන ඇති බවයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් විශේෂඥ වෛද්‍ය සුනිල්ද අල්විස්, ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබල ගැන්වීමේ ලෝක බැංකු ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර යන නිලධාරීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක් ව සිටියහ.

The post මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබල ගැන්වීම අත්‍යවශ්‍යයි – සෞඛ්‍ය ඇමති appeared first on ITN News.

Read More »

සාකච්ඡා සාර්ථකයි – දුම්රිය වර්ජනය අවසන්  

0 comments

දුම්රිය ස්ථානාධිපතිවරුන් දින පහක් පුරා ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය අද (28) පස්වරුවේ සිට අවසන් කිරීමට තීරණය කළා.

රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සමග පැවති සාකච්ඡාවේ දී එම තීරණය ගත් බවයි ස්ථානාධිපතිවරුන්ගේ සංගමය සදහන් කළේ.

 

The post සාකච්ඡා සාර්ථකයි – දුම්රිය වර්ජනය අවසන් appeared first on ITN News.

Read More »

ශ්‍රී ලාංකීය රූපවාහිනියේ ඩිජිටල් පෙළහරට සියල්ල සූදානම්  

0 comments

මෙරට රූපවාහිනී ඉතිහාසයේ නව කඩඉමක් සනිටුහන් කරමින් රූපවාහිනී විකාශන ඩිජිටල්කරණය අද ආරම්භ වනවා. සුපැහැදිලි දසුනින් අනාගතය දකින්නට සුවහසක් ශ්‍රී ලාංකේය රූපවාහිනී ප්‍රේක්ෂකයින්ට මෙමගින් අවස්ථාව හිමිවනවා.

රූපවාහිනී විකාශන ඩිජිටල්කරණ ව්‍යාපෘතියේ නිල සමාරම්භක උත්සවය ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 7ට කොළඹ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ වගේම ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයත් ඩිජිටල්කරණය සදහා අවශ්‍ය සියලු කටයුතු සපුරමින් සිටිනවා.

රූපවාහිනී විකාශනය ප්‍රතිසම හෙවත් ඇනලොග් ක්‍රමවේදයේ සිට අංකිත හෙවත් ඩිජිටල් ක්‍රමවේදය දක්වා ගෝලීය වශයෙන් ගමන් කරමින් සිටිනවා. ඒ අනුව ඇනලොග් විකාශන ක්‍රමය ක්‍රමයෙන් අඩුවී එම තාක්ෂණය ක්‍රමයෙන් යල්පිනූ තත්ත්වයටයි පත්ව තිබෙන්නේ. මෙම තත්ත්වය යටතේ ඇනලොග් විකාශන පද්ධතිය නඩත්තු කිරීම හා ඉහළ යන අතිරේක රූපවාහිනී සංඛ්‍යාත අවශ්‍යතාව සපුරාලීමේ අභියෝගයට රූපවාහිනී ඩිජිටල්කරණ ව්‍යාපෘතිය කදිම පිළිතුරක් වනු නොඅනුමානයි. මුල්‍යමය සහ තාක්ෂණික ආධාර යටතේ ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය මගින් රජය විකාශකයින් සහ ප්‍රේක්ෂකයින් යන සියලු පාර්ශ්ව සදහා ප්‍රතිලාභ හිමිවනු ඇති. ශ්‍රී ලංකාවට රූපවාහිනි හදුන්වාදුන් 1979 වසරේ ස්වාධීන රූපවාහිනිය ආරම්භයේ සිට ඇනලොග් තාක්ෂණය ඔස්සේ රූපවාහිනිය නැරඹීමේ අවස්ථාව ප්‍රේක්ෂකයින් වෙත උදාකර දී තිබෙනවා. කෙසේ වෙතත් ලොව ඩිජිටල් තාක්ෂණය ආරම්භ කළේ 2000 වසරේදීයි. යුරෝපා – ජපන් සහ ඇමෙරිකා තාක්ෂණය ලොවපුරා රටවල් විශාල සංඛ්‍යාවක ඩිජිටල් විකාශන සදහා භාවිත කරනවා. ශ්‍රී ලංකාව තුළ ඩිජිටල් තාක්ෂණය සම්බන්ධයෙන් පළමු කතාබහ ඇතිවන්නේ 2005 වසරේදීයි. ඒ එවකට ජනාධිපති  මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලය තුලයි. 2009 වසරේදී ඒ සදහා පළමු කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් වන්නේ යුරෝපා තාක්ෂණය ලබා ගැනීම සදහායි. 2010 වසරේදී යළිත් වරක් යුරෝපා තාක්ෂණයේ දියුණු තත්ත්වයන් සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා ආරම්භ වනවා. 2013 දී පුළුල් විමර්ශනයකින් අනතුරුව ශ්‍රී ලංකාවට ජපාන තාක්ෂණය ලබා ගත යුතු බවට තීරණය කර 2014 වසරේදී ඒ සදහා ගිවිසුම්ගත වනවා. නෙළුම් කුළුණ ඉදිකිරීමේ කටයුතු ආරම්භ වන්නේද මෙම බහු සම්ප්‍රේෂණ කාර්යය සාර්ථක කර ගැනීම සදහායි. ඩිජිටල්කරණය හරහා ලැබෙන ප්‍රතිලාභ සම්බන්ධයෙන් ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් රුවන් සත්කුමාර සහ ඩිජිටල්කරණ ව්‍යාපෘති අධ්‍යක්ෂ ඉංජිනේරු ප්‍රසංග රාජපක්ෂ යන මහත්වරුන් ස්වාධීන රූපවාහිනි පිනි වියන වැඩසටහනේදී මෙලෙස අදහස් පළකළා.

The post ශ්‍රී ලාංකීය රූපවාහිනියේ ඩිජිටල් පෙළහරට සියල්ල සූදානම් appeared first on ITN News.

Read More »

කජු කර්මාන්තය රැක ගැනීමේ අරමුණින් කජු ආනයනය කිරීමට යයි  

0 comments

කජු අස්වැන්න යම් ප්‍රමාණයක් ආනයනය කිරීමට බලාපොරොත්තු වන බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසනවා. කජු කර්මාන්තය රැක ගැනීම අරමුණ බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ. කජු වගාකරුවන්ගේ ගැටලු සාකච්ඡා කිරිම සදහා කජුගමදි පැවති හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.

The post කජු කර්මාන්තය රැක ගැනීමේ අරමුණින් කජු ආනයනය කිරීමට යයි appeared first on ITN News.

Read More »

පිළියන්දල දෙමහල් ගොඩනැගිල්ලක ගින්නක්  

0 comments

පිළියන්දල දොලේකනත්ත ප්‍රදේශයේ දෙමහල් ගොඩනැගිල්ලක ඇතිවූ ගින්නකින් එම ගොඩනැගිල්ල සම්පූර්ණයෙන්ම විනාශයට පත්වුණා.

වාහන ෆයිබර් අමතර කොටස් නිෂ්පාදන ආයතනයකයි ගින්න හටගෙන තිබෙන්නේ.

දොලේකන්ද ප්‍රදේශයේ දෙමහල් ගොඩනැගිල්ල තුළ වාහන ෆයිබර් අමතර කොටස් නිෂ්පාදන ආයතනයක් පවත්වාගෙන ගොස් ඇති අතර ගින්නෙන් ෆයිබර් කොටස් විශාල ප්‍රමාණයකට ද දැඩි හානි සිදුව තිබෙනවා. ගින්නෙන් ඉහළ මාලය සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව ඇති අතර පහළ මාලයට දැඩි හානි සිදුව තිබෙනවා.

පිලියන්දල පොලිසිය, දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ ගිනි නිවන රථ තුනක් සහ කෝට්ටේ නගර සභාවේ ගිනි නිවන රථ දෙකක් ඒකාබද්ධව ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කළා. විදුලි කාන්දුවක් හේතුවෙන් ගින්න හටගන්නට ඇති බවටයි සැක කෙරෙන්නේ. පිළියන්දල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ සිදුකරනවා.

 

 

The post පිළියන්දල දෙමහල් ගොඩනැගිල්ලක ගින්නක් appeared first on ITN News.

Read More »

බ්‍රිතාන්‍යයේ වන් වෙබ් ආයතනය සන්නිවේදන චන්ද්‍රිකා 36ක් කක්ෂ ගත කරයි  

0 comments

බ්‍රිතාන්‍යයේ වන් වෙබ් ආයතනය සන්නිවේදන චන්ද්‍රිකා 36ක් කක්ෂ ගතකර තිබෙනවා.

කසකස්තානයේ සිටයි එම චන්ද්‍රිකා ගුවන්ගත කෙරුනේ. ගෝලීය අන්තර්ජාල පහසුකම් වේගවත් කිරීම මෙම චන්ද්‍රිකා කක්ෂ ගත කිරීමේ මූලික අරමුණ වනවා.

එම සන්නිවේදන චන්ද්‍රිකා බ්‍රිතාන්‍ය, ඇලස්කාව, උතුරු යුරෝපය, ග්‍රීන්ලන්තය, අයිස්ලන්තය, ඇමෙරිකාව, ආක්ටික් මුහුදු කලාපය හා කැනඩාවට ඉහළින් ස්ථානගත කෙරෙනු ඇති. ඒ අනුව එම සම්පූර්ණ ප්‍රදේශයේ අන්තර්ජාල සබදතා වේගවත් කිරීමට අවශ්‍ය පහසුකම් සැලසෙනවා.

 

 

 

 

 

 

 

The post බ්‍රිතාන්‍යයේ වන් වෙබ් ආයතනය සන්නිවේදන චන්ද්‍රිකා 36ක් කක්ෂ ගත කරයි appeared first on ITN News.

Read More »

වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත් වූ පොලිස් නිලධාරීන් 4 දෙනාගේ නිවෙස් වෙත පොලිස්පති යයි  

0 comments

තිරුක්කෝවිල් පොලිසිය තුල සිදු වූ වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත් වූ පොලිස් නිලධාරීන් හතර දෙනාගේ දේහයන්ට පොලිස්පිත සී ඩී වික්‍රමරත්න මහතා අවසන් ගෞරව දැක්වූවා. වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

තිරුක්කෝවිල් පොලිසිය තුලදී පොලිස් සැරයන්වරයෙකු සිද ුකළ වෙඩි තැබීමකින් පොලිස් නිලධාරින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත් වුනා. නිවාඩු ලබාගැනීම සම්බන්ධයෙන් වන සිද්ධියකට අදාළවයි වෙඩි තැබීම සිදුකර තිබුණේ. වෙඩි තැබිමෙන් මියගිය පොලිස් නිලධාරීන් පදිංචි නිවෙස් වෙත ගිය පොලිස්පත සී ඩී වික්‍රමරත්න මහතා දේහයන්ට අවසන් ගෞරව දැක්වීමෙන් පසු  ශ්‍රී ලංකා පොලිසිය වෙනුවෙන් ඔවුන්ගේ ඥාතීන්ට ශෝකය පළ කළා.

සේවයේ යෙදී සිටියදී මියගිය පොලිස් නිලධාරියෙකු වෙනුවෙන් පොලිස් සුබසාධක කොට්ඨාසය සහ පවුල් සුබසාධක සංගමය මගින් පිරිනමන මුදල් ත්‍යාගයද පවුලේ සාමාජිකයන් වෙත ලබාදීමට පොලිස්පතිවරයා කටයුතු කළා. සිද්ධියෙන් මියගිය පොලිස් නිලධාරීන්ට උසස්වීම් ලබා දීමටද පොලිස් දෙපාර්තමේන්තුව කටයුතු කලා. සිද්ධියෙන් මියගිය පොලිස් සැරයන් අබ්දුල් කාදර්ගේ දේහය පිළිබද අවසන් කටයුතු ඔළුවිල් ප්‍රදේශයේදී ඊයේ සිදු කෙරුණා. අනෙක් පොලිස් නිලධාරීන් තුන්දෙනාගේ දේහයන් පිළිබද අවසන් කටයුතු අද සිදු කිරීමට නියමිතයි.

 

The post වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත් වූ පොලිස් නිලධාරීන් 4 දෙනාගේ නිවෙස් වෙත පොලිස්පති යයි appeared first on ITN News.

Read More »

චීන-ශ්‍රී ලංකා ජනපතිවරු  අලුත් අවුරුදු සුබ පැතුම් හුවමාරු කරගනියි  

0 comments

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සහ ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අලුත් අවුරුදු සුබ පැතුම් හුවමාරු කරගනිති.

ශ්‍රී ලංකාවේ චීන තානාපති ඡි චෙන්හොං මහතා  27වැනිදා උදෑසන ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී ෂී ජින් පිං මහතා ගේ අලුත් අවුරුදු සුබ පැතුම්පත භාරදුන්නා.

ෂී ජින් පිං මහතාගේ උණුසුම් සුබපැතුම පිළිබඳව ගෝඨාභය රාජපක්ෂ මහතා, සිය කෘතඥතාව පළ කළ අතර, ජනාධිපති ෂී ජින් පිං මහතාට සහ චීන ජනතාවට නව වසර වෙනුවෙන් තම අවංක සුබ පැතුම් පිරිනමන ලෙස ඡි චෙන්හොං මහතාගෙන් ඉල්ලා සිටිා.

ශ්‍රී ලංකාව හා චීනය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 65 වැනි සංවත්සරය සහ සහල් රබර් ගිවිසුම අත්සන් කිරීමේ 70 වැනි සංවත්සරය 2022 වසරේ යෙදී තිබෙනවා. දෙරට අතර මිත්‍රශීලි සහයෝගීතා ප්‍රවර්ධනය සඳහා චීනය සමඟ එක්ව සැමරුම් ක්‍රියාකාරකම් මාලාවක් පැවැත්වීමට ශ්‍රී ලංකාව කැමැත්තෙන් සිටින බව ජනාධිපතිවරයා පැවසුවා.

නව ඓතිහාසික ආරම්භයක සිටින චීනය, රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 65 වැනි සංවත්සරය සහ සහල් රබර් ගිවිසුම අත්සන් කිරීමේ 70 වැනි සංවත්සරය ඒකාබද්ධව සැමරීමේ අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් දෙරටේ ජනතාවට සුබසෙත සැලසීමට මෙන්ම ශ්‍රී ලංකාව සමඟ අත්වැල් බැඳගෙන පොදු සංවර්ධනය සාක්ෂාත් කිරීමට කැමැත්තෙන් සිටින බව චීන තානාපතිවරයා එහිදී පැවසුවා.

The post චීන-ශ්‍රී ලංකා ජනපතිවරු  අලුත් අවුරුදු සුබ පැතුම් හුවමාරු කරගනියි appeared first on ITN News.

Read More »

IMF එකට යට වෙන්නේ නෑ. අධිපති කබ්රාල් දැඩි තීරණයක  

0 comments

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග සම්බන්ධවීමට කිසිදු තීරණයක් ගෙන නැති බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අවධාරණය කරනවා.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කොන්දේසිවලට රජය එකගතාවන් පළ කොට මුල්‍ය අරමුදල සමග සම්බන්ධ වන බවට පැතිර යන ප්‍රචාරයන් මුළුමනින්ම අසත්‍ය වන බව අජිත් නිවාඩ් කබ්රාල් මහතා අවධාරණයෙන්ම ප්‍රකාශ කරනවා. රටේ පවතින මුල්‍ය අර්බුදය විසදීමට මේ වනවිටත් සැලසුම් සහගත පියවර ගෙන ඇතැයි අධිපතිවරයා ප්‍රකාශ කළේ රාජ්‍ය මාධ්‍ය ආයතනවල ප්‍රධානීන් සමග අද පෙරවරුවේ ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍ර යේ පැවති විශේෂ සාකච්ඡාවකදීයි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කොන්දේසි වලට රට යටත් වුවහොත් ආර්ථිකයට පමණක් නොව ජන ජීවිතයට ද දැඩි ලෙස බලපාන ප්‍රශ්නවලට මුහුණ දීමට සිදු වන බවත් මහ බැංකු අධිපතිවරයා අවධාරණය කරනවා. පසුගිය ආණ්ඩු සමයේ දී ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ඇති කරගත් එකගතාවන් නිසා රට ප්‍රශ්න රැසකට මුහුණ දුන් බවද කබ්රාල් මහතා කියා සිටිනවා.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කොන්දේසිවලට එකගවී රට ආර්ථිකමය සහ සාමාජීමය වශයෙන් අනතුරක හෙළීමට ජනාධිපතිතුමාටත් ආණ්ඩුවටත් කිසිදු අවශ්‍යතාවක් නැතැයිද අජිත් නිවාඩ් කබ්රාල් මහතා මාධ්‍ය ප්‍රධානීන් හමුවේ පැහැදිලි කර සිටියා. එමෙන්ම ලබන වසරේ මුල් මාස හතර ඇතුළත රටේ ආර්ථිකය ශක්තිමත් කර ඩොලර් සංචිතය ප්‍රකෘති තත්ත්වයට ගෙන ඒමට ද මේ වනවිටත් සැලසුම් සකස් කොට තිබෙනවා.

2021 වසර තුළදීම ඇතැම් අය ප්‍රකාශ කළේ නිශ්චිත ණය ගෙවීමට ආණ්ඩුවට නොහැකි වන බවයි. ඒත් මේ වනවිටත් ජාත්‍යන්තරව ගෙවීමට ඇති ණය ගෙවා අවසන් බවත් ලබන වසරේ දී ද එම ණය මුදල් නියමිත වෙලාවටම ගෙවීමට අවශ්‍ය මුදල් මහ බැංකුව සතු බවත් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අවධාරණයෙන්ම ප්‍රකාශ කොට සිටිනවා.

ලබන වසර තුළ රටේ ආදායම් තත්ත්වය යහපත් අතට පත් කර ගැනීමට අවශ්‍ය මුල්‍යමය සැලසුම් සකස් කොට ඇති බවත් සෞභාග්‍ය යේ දැක්ම වැඩපිළිවෙළ තුළින් රට මුල්‍යමය වශයෙන් ස්ථාවර කිරීමට සැලසුම් සහගතව ක්‍රියාත්මක වන බවත් රාජ්‍ය මාධ්‍ය ප්‍රධානින් හමුවේ අජිත් නිවාඩ් කබ්රාල් මහතා අවධාරණය කර සිටියා.

 

 

The post IMF එකට යට වෙන්නේ නෑ. අධිපති කබ්රාල් දැඩි තීරණයක appeared first on ITN News.

Read More »

ඔමික්‍රෝන් ව්‍යාප්තියත් සමඟ නිව්යෝර්ක් ප්‍රාන්තයේ කුඩා දරුවන් රෝහල් ගතවීම ඉහළට  

0 comments

ඇමරිකාව තුළ ඔමික්‍රෝන් ප්‍රභේදය ශීඝ්‍ර යෙන් ව්‍යාප්ත වීමත් සමග නිව්යෝර්ක් ප්‍රාන්තයේ කුඩා දරුවන් රෝහල් ගතවීම ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ නිවේදනය කරනවා.

කොරෝනා වයිරසය ආසාදිත භාවය පරීක්ෂා කිරීම සදහා යොදා ගන්නා පීසිආර් කට්ටල හිගතාවයකට ද ඇමරිකාව මේ වනවිට මුහුණ දී සිටිනවා. එම පරීක්ෂණ කට්ටල ප්‍රමාණවත් තරම් හැකි ඉක්මනින් ලබා දීමට කටයුතු කරන බවයි ධවල මන්දිරය නිවේදනය කරන්නේ. වයස අවුරුදු 18 අඩු දරුවන් රෝහල්ගතවීමේ ප්‍රවණතාවය ඉහළ යාමක් දක්නට ලැබෙන බව නිව්යෝර්ක් බලධාරීන් සදහන් කරනවා.

දෛනිකව රෝහල්ගතවන සංඛ්‍යාවෙන් අඩක් පමණ දරුවන් බවයි රෝහල් ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ. ඔවුන්ගෙන් බහුතරයක් වයිරසයට එරෙහි එන්නත් ලබා ගැනීමේ වයස් සීමාව සම්පූර්ණ කර නැහැ. ඊයේ දිනයේ දී පමණක් එරටින් හමුවී ඇති නව ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂයකට ආසන්නයි.

 

 

The post ඔමික්‍රෝන් ව්‍යාප්තියත් සමඟ නිව්යෝර්ක් ප්‍රාන්තයේ කුඩා දරුවන් රෝහල් ගතවීම ඉහළට appeared first on ITN News.

Read More »

දිල්ලි හා කර්ණාටක ප්‍රාන්තවලට යළිත් වරක් රාත‍්‍රී කාලයේ ඇඳිරි නීතිය  

0 comments

ඔමික්‍රෝන් ප්‍රභේදය ඉන්දියාව තුළ ශීඝ්‍ර යෙන් ව්‍යාප්තවීමත් සමග යළිත් වරක් රාත්‍රි කාලයේ දී දිල්ලි හා කර්ණාටක ප්‍රාන්තවලට ඇදිරි නීතිය පනවන්න බලධාරීන් තීරණය කරයි.

නව වසරේ උදාවට සමගාමීව සංවිධානය කෙරෙන උත්සව, ප්‍රිය සම්භාෂණ වගේම අනවශ්‍ය ඒකරාශිවීම් වැලැක්වීම මෙහි ප්‍රධාන අරමුණ බවයි ප්‍රාන්ත බලධාරීන් සදහන් කරන්නේ.

ඒ අනුව අද රාත්‍රි 11 සිට අළුයම 5 දක්වා දිල්ලි නගරයට ඇදිරි නීතිය පැනවෙනු ඇති. එමෙන්ම හෙට රාත්‍රි 10 සිට උදෑසන 5 දක්වා දින 10 ක කාලයක් පුරාවට කර්ණාටක ප්‍රාන්තයට ද ඇදිරි නීතිය පැනවීමට නියමිතයි. ඉන්දියාවේ ප්‍රාන්ත රැසකින්ම දෛනිකව හමුවන ඔමික්‍රෝන් ආසාදිතයින් සංඛ්‍යාව ශීඝ්‍ර යෙන් ඉහළ යාම පාලනය කිරීම ඇදිරි නීතිය පැනවීමේ අරමුණයි. පසුගිය දින කිහිපය තුළදී පමණක් එරටින් දෛනික ආසාදිතයින් වාර්තා වීම සියයට දාසයකින් පමණ ඉහළ ගොස් ඇති බවද සදහන්.

දිල්ලි නගරයේ අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ අලෙවිසල් උදෑසන 10 සිට රාත්‍රි 8 දක්වා පමණක් විවෘත කර තබන ලෙසද උපදෙස් ලබාදී තිබෙනවා. ආපනශාලා තුළට ඇතුල් කර ගත හැක්කේ එහි සම්පූර්ණ ධාරිතාවයෙන් සියයට පනහක් පමණයි. දැනට විවෘතව පවතින සිනමාශාලා,සම්මන්ත්‍රණ ශාලා, කාය වර්ධන මධ්‍යස්ථාන,සම්බාහන මධ්‍යස්ථාන, ක්‍රීඩාගාර,පිහිනුම් තටාක  හා විනෝද උද්‍යාන වසා දැමීමට ද නියෝග කර තිබෙනවා.

 

The post දිල්ලි හා කර්ණාටක ප්‍රාන්තවලට යළිත් වරක් රාත‍්‍රී කාලයේ ඇඳිරි නීතිය appeared first on ITN News.

Read More »

අධික හිම පතනයෙන් උතුරු හා බටහිර ජපානයේ ජන ජීවිතයට බලපෑම්  

0 comments

අධික හිම පතනයත් සමග උතුරු හා බටහිර ජපානයේ සාමාන්‍ය ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.

උතුරු හා බටහිර ජපානයේ ඇතැම් ප්‍ර දේශවලට මීටරයකට ආසන්න උසට හිම පතිත වී ඇති බවයි වාර්තා වන්නේ. එම ප්‍ර දේශයන්හි ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන්ම ඇණහිට තිබෙනවා. අභ්‍යන්තර ගුවන් ගමන් සියයක් පමණ තාවකාලිකව අත්හිටුවීමටයි බලධාරීන් පියවර ගෙන ඇත්තේ.

අධික හිමපතනය හේතුවෙන් රථ වාහන ධාවනයෙන් වලකින ලෙසද එරට කාලගුණ දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. අත්‍යවශ්‍යම කාරණාවකට හැර තම නිවෙස් තුළින් බැහැරව නොයන ලෙසයි බලධාරීන් උතුරු හා බටහිර ජපානයේ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

 

The post අධික හිම පතනයෙන් උතුරු හා බටහිර ජපානයේ ජන ජීවිතයට බලපෑම් appeared first on ITN News.

Read More »

ලුණුගම්වෙහෙර රක්ෂිත කලාපයේ සිදු කළ ගංජා වගාවක් වටලයි  

0 comments

ලුණුගම්වෙහෙර රක්ෂිත කලාපයේ සිදු කළ ගංජා වගාවක් වටලා එම ගංජා ආයුර්වේද ඖෂධ සංස්ථාවට ලබා දීමට විශේෂ කාර්ය බලකා නිලධාරීන් කටයුතු කළා.

ලුණුගම්වෙහෙර රක්ෂිත කලාපයේ මහා පරිමාණයෙන් මෙම ගංජා වගාව නීති විරෝධිව සිදු කරගෙන ගොස් තිබෙනවා. එය වැටලීමට ලක් කළ කතරගම විශේෂ කාර්ය බලකාය එහි වේලා තිබූ ගංජා කිලෝ 37 ක් සමග සැකකරුවන් තුන් දෙනෙක් සහ ගිනි අවියක් ද සොයා ගත්තා. සැකකරුවන් තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර ලබන 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි අධිකරණය නියෝග කළේ.

අධිකරණ නියෝග මත ගංජා කිලෝ 1441 ක් දේශීය ආයුර්වේද ඖෂධ සංස්ථාව වෙත ලබාදීමටයි කටයුතු කෙරුණේ.

 

The post ලුණුගම්වෙහෙර රක්ෂිත කලාපයේ සිදු කළ ගංජා වගාවක් වටලයි appeared first on ITN News.

Read More »

අදත් කෝච්චියට ටිකට් නෑ – හෙට තීරණයක් වන ලකුණු  

0 comments

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දුම්රිය වෘත්තිය සමිති කිහිපයක් ආරම්භ කර තිබූ දුම්රිය වර්ජනය නතර කිරීමට තීරණය කර තිබෙනාව.

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා සමග හෙට පැවැත්වෙන  සාකච්ඡාවේ දී තම ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාරයක් ලැබෙනු ඇති බවයි එම සංගමය සදහන් කරන්නේ.

සිය වෘත්තියට අදාළ උසස්වීම් හා බදවාගැනීම් සිදුනොකිරීම,  නියමිත පරිදි දුම්රිය ධාවනය නොකිරීම,  සංඥා ක්‍රම පිළිබද ගැටලු ඇතුළු ඉල්ලීම් 25 ක් මුල්කර ගනිමින් දුම්රිය වෘත්තීය සමිති වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹ සිටියා. ප්‍රවේශ පත්‍ර නිකුත් නොකිරීම මෙන්ම පාර්සල් භාර නොගැනීමට ද ඔවුන් කටයුතු කළා.

මෙතෙක් බස්නාහිර පළාතේ ක්‍රියාත්මක කළ වෘත්තිය ක්‍රියාමාර්ගය අද මධ්‍යම රාත්‍රියේ සිට දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් දක්වා ක්‍රියාත්මක කිරීමට දුම්රිය වෘත්තිය සමිති තීරණය කර තිබුණා. හෙට දිනයේ දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා සමග සිය ඉල්ලීම් සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන අතර එහිදී යහපත් ප්‍රතිචාරයක් ලැබෙනු ඇති බවට අපේක්ෂාවෙන් වෘත්තිය ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටවූ බව වෘත්තිය සමිති පවසනවා.

වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් අද දිනයේත් දුම්රිය ප්‍ර වේශපත්‍ර නිකුත් කිරීම සිදු කෙරුණේ නැහැ. මේ දිනවලට යෙදී ඇති නිවාඩු හේතුවෙන් බොහෝ පිරිස් දුම්රියෙන් ගමන් කිරීමට පැමිණ සිටි ආකාරය ද දැක ගත හැකි වුණා.

දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් නොකිරීමත් සමග ශ්‍රී පාද වන්දනාවේ පැමිණි වන්දනාකරුවන් අද දිනයේ ප්‍රවේශ පත්‍ර නොමැතිව හැටන් දුම්රිය ස්ථානය වෙත පැමිණ සිටියා. උඩරට මැණිකේ සහ පොඩි මැණිකේ දුම්රියවලින් වන්දනාකරුවන් විශාල පිරිසක් පැමිණියා.

 

The post අදත් කෝච්චියට ටිකට් නෑ – හෙට තීරණයක් වන ලකුණු appeared first on ITN News.

Read More »

තිරුක්කෝවිල් සිද්ධිය ගැන සොයන්න විශේෂ පොලිස් කණ්ඩායමක්  

0 comments

තිරුක්කෝවිල් පොලිස් ස්ථානයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පොලිස් කණ්ඩායමක් යටතේ පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

නිවාඩු සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුවක් මත මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

තිරුක්කෝවිල් පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ වයස අවුරුදු 38 ක  සැරයන්වරයෙකු මෙම වෙඩි තැබීම සිදුකර  ඇති බවටයි  වාර්තා වුණේ.  වෙඩි තැබීමෙන් පොලිස් සැරයන් අබ්දුල් කාදර්,  පොලිස් කොස්තාපල් ඉෂාර ප්‍රබුද්ධ,  පොලිස් කොස්තාපල් අලකරත්නම් නවීන් සහ පොලිස් කොස්තාපල් රියදුරු දිසානායක මුදියන්සේලාගේ තුෂාර යන අය මිය ගියා. ටී56 වර්ගයේ ගිනි අවි දෙකක් සහ පතරොම් ගැබ් 19 ක් සමග සැකකරු පසුව ඇතිමලේ පොලිස් ස්ථානය වෙත භාරවී තිබෙනවා. සිද්ධියෙන් තුවාල ලැබූ තුන් දෙනෙකු කල්මුණේ රෝහලේ ප්‍රතිකාර ලබන අයෙකු වන අතර එක් අයෙකු තිරුක්කෝවිල් රෝහලේ ප්‍රතිකාර ලබනවා.

සිද්ධිය පරීක්ෂණ පැවැත්වීම සදහා විශේෂ කණ්ඩායමක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දුව මහතා ප්‍රකාශ කළා.

සහකාර පොලිස් අධිකාරි ඒ ඒ වාහිඩ් මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි. උහන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එල් ඩි එන් කරුණාරත්න මහතාගේ මෙහෙයවීමෙන් මේ වනවිට පරීක්ෂණ සිදු කෙරෙනවා.

 

The post තිරුක්කෝවිල් සිද්ධිය ගැන සොයන්න විශේෂ පොලිස් කණ්ඩායමක් appeared first on ITN News.

Read More »

ඩෙස්මන් ටුටු පියතුමා ස්වර්ගස්ත වෙයි  

0 comments

දකුණු අප්‍රිකාවේ වර්ණභේද වාදය අවසන් කරමින් සාමය උදා කිරීම සදහා යුග කාරක මෙහෙයක් ඉටු කළ ලෝක ප්‍රසිද්ධ ඩෙස්මන් ටුටු පියතුමා ස්වර්ගස්ත වුණා.

නොබෙල් සාම ත්‍යාගයෙන් ද පිදුම් ලැබූ ඩෙස්මන් ටුටු පියතුමා ස්වර්ගස්ත වන විට 90 හැවිරිදි වියේ පසුවුණා.

1931 වසරේ ඔක්තෝම්බර් මස 07 වනදා උපත ලැබූ ඩෙස්මන් ටුටු පියතුමා දකුණු අප්‍රිකානු ඇන්ග්ලිකානු සභාවට අයත් පූජකවරයෙක්. එතුමා ඇන්ග්ලිකානු සභාවේ අගරදගුරු පදවියද හෙබවූවා. දේව ධර්මය පිළිබද විශිෂ්ට ඥානයකින් යුක්ත වූ ඩෙස්මන් ටුටු පියතුමා වර්ණභේදය වාදය පැවති අවධියේ දී ක්‍රියාකාරි මෙහෙයක් ඉටු කරමින් මානව හිමිකම් වෙනුවෙන් දැවැන්ත පෙනී සිටිමක් සිදු කළා.

එතුමාගේ අභාවය සම්බන්ධයෙන් විශේෂ පණිවුඩයක් නිකුත් කරන දකුණු අප්‍රිකා ජනාධිපති සිරිල් රමපෝෂා සදහන් කරන්නේ අති විශිෂ්ට දකුණු අප්‍රිකානුවෙකු සිය දිවි සැරිය නිම කළ බවයි. නිදහස් දකුණු අප්‍රිකාවක් බිහි කිරීම සදහා එතුමාගෙන් වූ මෙහෙය අති විශිෂ්ට බවද දකුණු අප්‍රිකා ජනාධිපතිවරයාගේ නිවේදනයේ දැක්වෙනවා. කළු ජාතීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් නෙල්සන් මැන්ඩලා කළ සටනට ඩෙස්මන් ටුටු පියතුමාගෙන්ද  ලැබුණේ විශාල සවියක්. 1984 වසරේ දී එතුමා ඉටු කළ සේවය අගයා නොබෙල් සාම ත්‍යාගය පිරි නැමීමට කටයුතු කෙරුණා. පුරස්ථි ග්‍රන්ථි පිලිකාවක් ආසාදනය වීමෙන් කලක් ටුටු පියතුමා පීඩා විද තිබෙනවා.

 

The post ඩෙස්මන් ටුටු පියතුමා ස්වර්ගස්ත වෙයි appeared first on ITN News.

Read More »

වාහන 05ක් හප්පා එක් අයෙකුට දිවි අහිමි කළ බීමත් රියදුරු  

0 comments

හම්බන්තොට ප්‍රදේශයේ දී වාහන පහක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වුණා. බීමතින් රිය පැදවූ පුද්ගලයෙකුගේ අපරික්ෂාකාරී රිය ධාවනය හේතුවෙනුයි මෙම අනතුර සිදුව තිබෙන්නේ.

හම්බන්තොට බෙරලිහෙල ප්‍රදේශයේ දී බීමතින් කැබ් රථයක් පදවා ගෙන ගිය පුද්ගලයෙකු ත්‍රි රෝද රථ තුනක් සහ යතුරු පැදි දෙකක් අනතුරට ලක් කර තිබෙනවා. අනතුර සිදුවීමෙන් පසු එම පුද්ගලයා කැබ් රථය මහ මග දමා පලා ගොස් ඇති අතර ඔහු බෙරලිහෙල ප්‍රදේශයේ සැගව සිටියදී පොලිසිය අත්අඩංගුවට ගත්තා.

අනතුරෙන් කාන්තාවක ද බරපතළ තුවාල ලැබූ අතර ඇය හම්බන්තොට මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.

 

 

 

 

The post වාහන 05ක් හප්පා එක් අයෙකුට දිවි අහිමි කළ බීමත් රියදුරු appeared first on ITN News.

Read More »

සතොස මගින් එක් අයෙකුට සුපිරි සම්බා කිලෝ 10 ක්  

0 comments

සතොස මගින් එක් අයෙකුට වරකදී ලබා ගත හැකි සුපිරි සම්බා සහල් ප්‍රමාණය කිලෝග්‍රෑම් පහේ සිට කිලෝග්‍රෑම් දහය දක්වා ඉහළ දැමූ බව වෙළෙද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළා. මේ අනුව හෙට සිට ලබන 31 වනදා දක්වා මෙම සහනය ජනතාවට ලබා ගැනීමට හැකි වනවා.

The post සතොස මගින් එක් අයෙකුට සුපිරි සම්බා කිලෝ 10 ක් appeared first on ITN News.

Read More »

ලබන මාසයේ සිට ඉන්දියානුවන්ට බූස්ටර් එන්නත  

0 comments

ලබන මාසයේ සිට ඉන්දියානුවන්ට බූස්ටර් එන්නත ලබාදීම ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සදහන් කරනවා.

වයස අවුරුදු හැටට වැඩි පුද්ගලයින්ට සහ සෞඛ්‍ය අංශ සේවකයින්ට ලබන මස 10 වන දින සිට බූස්ටර් එන්නත ලබාදීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවයි වාර්තා වන්නේ.  ඔමික්‍රෝන් ප්‍රභේදය ඉන්දියාව පුරා ශ්‍රීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම හේතුවෙනුයි මෙම පියවර ගෙන ඇත්තේ. කෙසේ වුවද වයස අවුරුදු හැටට වැඩි පුද්ගලයින් එන්නත ලබා ගැනීමේ දී වෛද්‍යවරුන්ගේ නිර්දේශය ලබා ගත යුතු වනවා.

එමෙන්ම එරට වයස අවුරුදු 15 ත් 18 ත් අතර පුද්ගලයින්ට එන්නත් ලබාදීම ලබන මස තුන් වනදා ආරම්භ කිරීමට නියමිතයි. වයිරසය තවමත් අඩපණ වී නොමැති බැවින් එය මැඩලීමට මුඛ ආවරණ පැලදීම, දෑත් සේදීම හා සමාජ දුරස්ථභාවය තබා ගැනීම වැනි සෞඛ්‍ය පුරුදු නිසි පරිදි ඉටු කරන ලෙස ද අග්‍රාමාත්‍යවරයා එරට ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

 

The post ලබන මාසයේ සිට ඉන්දියානුවන්ට බූස්ටර් එන්නත appeared first on ITN News.

Read More »

ෂින්ජියං උයිගුර් ස්වායත්තයේ ඊනියා”බලහත්කාරී ශ්‍රමයෙන් බේරාගැනීමේ” ගැටලුවක් නොමැත  

0 comments

ඇමරිකාව ”උයිගුර් ජාතිකයන් බලහත්කාරී ශ්‍රමයෙන් බේරාගැනීමේ පනත” බලාත්මක කිරීම සම්බන්ධයෙන් චීනයේ ෂින්ජියං උයිගුර්
ස්වායත්ත රජය හා එහි ජනතාව දැඩි විරෝධතා පළ කරයි.

ඒ සම්බන්ධයෙන් ෂින්ජියං උයිගුර් ස්වායත්ත රජය 24වැනිදා නිවේදනයක් නිකුත් කර ඇත. මෑත කාලයේ දී ෂින්ජියං ප්‍රාදේශීය රජය රැකියා නියුක්තිය ප්‍රවර්ධනය විශාලතම ජන ජීවිත ව්‍යාපෘතිය ලෙස සලකා ක්‍රියා කරමින් සිටී. දැනට ෂින්ජියං ප්‍රදේශයේ ශ්‍රමික හැකියාව ඇති පුරවැසියන්ගේ රැකියා නියුක්ති ප්‍රශ්නය මූලික වශයෙන් විසඳා ඇත. වසර 2014ත් 2020ත් අතර කාලයේ එහි රැකියා නියුක්තිකයින්ගේ සංඛ්‍යාව එක්කෝටි දසතුන් ලක්ෂ පනස් දෙදහසක සිට එක්කෝටි තිස්පන් ලක්ෂ හැට දහසක් දක්වා වැඩි විය. වර්ධන අනුපාතය සියයට 19.4කි. රැකියා නියුක්තිය ප්‍රවර්ධනය කිරීමේදී ශ්‍රමිකයින්ගේ රැකියා සඳහා කැමැත්ත පූර්ණ ගරුත්වයට ලක් විය.

ඔවුන්ගේ සමානත්ව රැකියා අවස්ථා හා වැටුප ලබා ගැනීමේ අයිතිය, සමාජ රක්ෂණ අයිතිය, විවේක හා නිවාඩු අයිතිය, රැකියා සුරක්ෂිත අයිතිය, නිත්‍යනුකූලව පූර්ණ ලෙස සහතික කර ඇත. බලහත්කාරී ශ්‍රමය කිසිසේත්ම සිදු වී නොමැති බව එම නිවේදනය සඳහන් කරයි. ඇමරිකාව ව්‍යාජ තොරතුරු මත ගොනු කළ චෝදනාව මත ෂින්ජියංහි ස්ථාවර සංවර්ධනය විනාශ කිරීමට ගත් උත්සාහ තුළින් සිදු වන්නේ, ෂින්ජියංහි ජනතාව ඇතුළු සමස්ත චීන ජනතාවට ඇමරිකාවේ දාමරික ස්වභාවය වඩාත් පැහැදිලි වීම පමණි.

ඇමරිකාවේ ක්‍රියා, ජගත් ප්‍රජාවේ බහුතර සාමාජික රටවල හෙලා දැකීමට ලක් වනු ඒකාන්ත බව ද එම නිවේදනයේ දැක්වේ.

The post ෂින්ජියං උයිගුර් ස්වායත්තයේ ඊනියා”බලහත්කාරී ශ්‍රමයෙන් බේරාගැනීමේ” ගැටලුවක් නොමැත appeared first on ITN News.

Read More »

තවත් කොරෝනා මරණ 19ක්  

0 comments

තවත් කොරෝනා ආසාදිත මරණ 19ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 14,871ක් දක්වා ඉහළගොස් ඇත.

The post තවත් කොරෝනා මරණ 19ක් appeared first on ITN News.

Read More »

ගෑස් බෙදන්න ප්‍රමාදවන හේතුව  

0 comments

වෙළෙදපොලට ගෑස් නිකුත් කිරීමේ දී අතිරේක පරීක්ෂා කිරීම් කීපයක්ම සිදුකිරීම නිසා වෙළෙදපොලට ගෑස් පැමිණීමේ දී සුලු ප්‍රමාදයක් ඇතිවිය හැකි බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා.

ගෑස් හිගයක් වෙළෙදපොල තුළ පවතින බවට පාරිභෝගිකයින් චෝදනා කළා. ප්‍රදේශ කීපයකම ජනතාව ගෑස් මිලදී ගැනීම සදහා පෝලිම්වල සිටින ආකාරය ද දැකගැනීමට හැකිවුණා.

වෙළෙපොලේ පවතින ගෑස් හිගය සම්බන්ධයෙන් ලිට්‍රෝ ගෑස් සමාගමෙන් අප විමසීමක් කළා. ඊට හේතුව වන්නේ අතිරේක පරීක්ෂා කිරීම් සදහා ගතවන කාලය බවයි ලිට්‍රෝ ගෑස් සමාගමේ ප්‍රකාශකයෙකු සදහන් කළේ. ගෑස්වල තත්ත්වය සම්බන්ධයෙන් මීට පෙර සිදුකෙරුණු පරීක්ෂණවලට අමතරව නව පරීක්ෂණ කීපයක් හදුන්වා දී ඇති බවද ඔවුන් පැවසුවා.

මේ අතර ගෑස් ආශ්‍රිත පුපුරායාමේ සිද්ධි කීපයක් ද දිවයිනේ විවිධ ස්ථානවලින්  අපට වාර්තා වුණා.  මිනුවන්ගොඩ යකහටුව ප්‍රදේශයේ නිවසක ඊයේ රාත්‍රී 8.30 ට පමණ ගින්නක් ඇතිවී තිබෙනවා. නිවැසියන් පවසන්නේ ගෑස් ආශ්‍රිත පිපිරීමක් හේතුවෙන් මෙම ගින්න හටගන්නට ඇති බවයි. ගින්න හටගන්නා අවස්ථාවේදී නිවස තුළ කිසිවෙකුත් සිට නොමැති බව අප වාර්තාකරුවන් පැවසුවා.

නත්තල් දින උත්සවයකට ආහාර පිසිමින් සිටියදී හැටන් රුවන්පුර ප්‍රදේශයේ නිවසක ගෑස් උදුනක් පුපුරාගොස් තිබෙනවා. පිපිරීමෙන් කිසිවෙකුටත් තුවාල සිදුවී නැහැ.

 

 

The post ගෑස් බෙදන්න ප්‍රමාදවන හේතුව appeared first on ITN News.

Read More »

Recent News

Gossip Lanka MAG