Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගෑස් බෙදන්න ප්‍රමාදවන හේතුව  

Add comments

වෙළෙදපොලට ගෑස් නිකුත් කිරීමේ දී අතිරේක පරීක්ෂා කිරීම් කීපයක්ම සිදුකිරීම නිසා වෙළෙදපොලට ගෑස් පැමිණීමේ දී සුලු ප්‍රමාදයක් ඇතිවිය හැකි බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා.

ගෑස් හිගයක් වෙළෙදපොල තුළ පවතින බවට පාරිභෝගිකයින් චෝදනා කළා. ප්‍රදේශ කීපයකම ජනතාව ගෑස් මිලදී ගැනීම සදහා පෝලිම්වල සිටින ආකාරය ද දැකගැනීමට හැකිවුණා.

වෙළෙපොලේ පවතින ගෑස් හිගය සම්බන්ධයෙන් ලිට්‍රෝ ගෑස් සමාගමෙන් අප විමසීමක් කළා. ඊට හේතුව වන්නේ අතිරේක පරීක්ෂා කිරීම් සදහා ගතවන කාලය බවයි ලිට්‍රෝ ගෑස් සමාගමේ ප්‍රකාශකයෙකු සදහන් කළේ. ගෑස්වල තත්ත්වය සම්බන්ධයෙන් මීට පෙර සිදුකෙරුණු පරීක්ෂණවලට අමතරව නව පරීක්ෂණ කීපයක් හදුන්වා දී ඇති බවද ඔවුන් පැවසුවා.

මේ අතර ගෑස් ආශ්‍රිත පුපුරායාමේ සිද්ධි කීපයක් ද දිවයිනේ විවිධ ස්ථානවලින්  අපට වාර්තා වුණා.  මිනුවන්ගොඩ යකහටුව ප්‍රදේශයේ නිවසක ඊයේ රාත්‍රී 8.30 ට පමණ ගින්නක් ඇතිවී තිබෙනවා. නිවැසියන් පවසන්නේ ගෑස් ආශ්‍රිත පිපිරීමක් හේතුවෙන් මෙම ගින්න හටගන්නට ඇති බවයි. ගින්න හටගන්නා අවස්ථාවේදී නිවස තුළ කිසිවෙකුත් සිට නොමැති බව අප වාර්තාකරුවන් පැවසුවා.

නත්තල් දින උත්සවයකට ආහාර පිසිමින් සිටියදී හැටන් රුවන්පුර ප්‍රදේශයේ නිවසක ගෑස් උදුනක් පුපුරාගොස් තිබෙනවා. පිපිරීමෙන් කිසිවෙකුටත් තුවාල සිදුවී නැහැ.

 

 

The post ගෑස් බෙදන්න ප්‍රමාදවන හේතුව appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG