Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ශ්‍රීමා දිසානායක මහත්මියගේ අවසන් කටයුතු අද  

0 comments

අභාවප්‍රාප්ත ශ්‍රීමා දිසානායක මහත්මියගේ දේහය පිළිබද අවසන් කටයුතු අද පස්වරුවේ සිදු කිරීමට නියමිතයි.

කෘතහස්ත දේශපාලනඥයෙකු වූ අභාවප්‍රාප්ත ගාමිණී දිසානායක මහතාගේ බිරිද වන අභාවප්‍රාප්ත ශ්‍රීමා දිසානායක මහත්මියගේ දේහය මේ වනවිට කොළඹ විජේරාම නිවසේ තැන්පත්කර තිබෙනවා. අවමංගල්‍ය පෙරහැර අද පස්වරු දෙකට නිවසෙන් පිටත්වන අතර දේහය පිළිබද අවසන් කටයුතු බොරැල්ල කනත්තේදී සිදුකිරීමට නියමිතයි. අභාවප්‍රාප්ත ශ්‍රීමා දිසානායක මහත්මිය අමාත්‍ය නවීන් දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක යන මහත්වරුන්ගේ මෑණියන් වනවා. ඒ මහත්මිය 1994 වසරේ පැවති ජනාධිපතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂ අපේක්ෂිකාව වුණා.  සිය සැමියාගේ ඝාතනයෙන් අනතුරුව බිරිදක ලෙස දැඩි කම්පාවට පත්ව සිටියදී පවා ඇය ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණේ දිරිය කාන්තාවක ලෙසින්.

 

 

 

 

Read More »

රාජපක්ෂවරුන්ට එරෙහිව සියලුම සිවිල් සංවිධාන පෙලගස්වන බව ඇමති රාජිත කියයි  

0 comments

එළඹෙන ජනාධිපතිවරණයේදී රාජපක්ෂවරුන්ට එරෙහිව සියලුම සිවිල් සංවිධාන පෙලගස්වන බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. හොරන ගල්පාත ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් ඒ මහතා මේ බව කියා සිටියා.

අමාත්යි රාජිත සේනාරත්න,

 

Read More »

දේශීය කිරි පිටි කර්මාන්තයේ කිසිදු බිඳවැටීමක් නෑ  

0 comments

දේශීය කිරි පිටි කර්මාන්තයේ කිසිදු බිඳවැටීමක් සිදුව නැතැයි කෘෂිකර්ම,ග්‍රාමීය ආර්ථික කටයුතු,පශු සම්පත් සංවර්ධන,වරිමාර්ග සහ ධීවර ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී.හැරිසන් මහතා පවසයි.අමාත්‍යවරයා අද (01) පාර්ලිමේන්තුවේ දී වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මෙසේ පැවසී ය.

” කිරිගොවීන් ලක්ෂ 5කට ආසන්න ප්‍රමාණයක් සිටින්නේ.කිරිපිටි ගැන සම්පූර්ණ පරීක්ෂණ කරන්න පරීක්ෂණාගාරවලට යවා තිබෙනවා. එහි වාර්තා ලැබුණු පසු පාර්ලිමේන්තුවට දැන්වීමට කටයුතු කරනවා.දේශීය කිරිපිටි නිෂ්පාදනයේ සිටින්නේ කීපදෙනෙකු පමණයි.දේශීය කිරිපිටි නිෂ්පාදන්යේ කඩාවැටීමක් නෑ. දේශීය කිරි නිෂ්පාදනය වර්ධනය වී තිබෙනවා, කඩා වැටීමක් නෑ “යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

Read More »

එරාවුර් වැටලීමකින් අවි ආයුධ සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට  

0 comments

එරාවුර් මොරකොටන්චේන ප‍්‍රදේශයේ සිදුකළ වැටලීමකින් අවිආයුධ සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ජිව අත්බෝම්බ තුනක්, ටී 56 ජීව උණ්ඩ නවයක් සහ කඩු තුනක් ද පොලිසිය භාරයට ගත්තා. හෙරොයින් ග‍්‍රෑම් 80ක් ද සොයාගෙන තිබෙනවා. 25 හැවිරිදි සැකකරු චෙන්කලඩි ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහු කිිසියම් අපරාධයක් සිදුකර ඇත්දැයි සෙවිම සඳහා පරික්ෂණ ක‍්‍රියාත්මක බවයි පොලිසිය සඳහන් කළේ.

Read More »

වෙනිසියුලා විපක්ෂනායකවරයා හමුදා සහාය පතයි  

0 comments

වෙනිසියුලා විපක්ෂ නායක ජුවාන් ගුවයිඩෝ හමුදා සහාය අපේක්ෂා කරනවා. ජනතාවගෙන් 90%කගේ පමණ සහාය තමන්ට හිමිව තිබෙන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

එහෙත් ආණ්ඩුව වෙනස් කිරිම සඳහා හමුදා සහාය අත්‍යවශ්‍ය බව ඔහු සඳහන් කළා.

කෙසේ වුවද හමුදා ප‍්‍රධානියා මේ වනවිටත් ජනාධිපති නිකොලස් මදුරෝට පක්ෂපාතීව කටයුතු කරමින් සිටින බවයි එරට වාර්තා සඳහන් කරන්නේ.

Read More »

දිස්ත‍්‍රික්ක තුනකට පස්වරුවේ වැසි  

0 comments

දිස්ත‍්‍රික්ක තුනකට පස්වරු දෙකෙන් පසු වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා.

රත්නපුර, මොණරාගල සහ මාතර දිස්ත‍්‍රික්ක ඊට අයත්. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම අවස්ථාවලදී තාවකාලික තද සුළං සහ අකුණු ඇති විය හැකියි. දිවයිනේ අනෙකුත් ප‍්‍රදේශවලට ප‍්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතින බවයි දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

Read More »

ඇල්ජීරියාවේ කැබිනට් සංශෝධනයක්  

0 comments

ඇල්ජිරියාවේ කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදුකරන බව එරට ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළා. ඒ ජනාධිපතිවරයාට ඉල්ලා අස්වන ලෙස බල කරමින් පැවැත්වුණු විරෝධතාවෙන් සතියකට පසුවීම විශේෂත්වයකි.

කැබිනට් මණ්ඩලයේ 27 දෙනොගෙන් 21 දෙනෙකුගේම වෙනසක් සිදුකෙරුණු ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ. විදේශ අමාත්‍ය ධුරය ඒ අතරින් කැපී පෙනෙන බව සඳහන් වනවා.

Read More »

කුමන අභියෝග මධ්‍යයේ වුව මත්ද්‍රව්‍යට එරෙහි සටන මෙහෙයවන බව ජනපති අවධාරණය කරයි  

0 comments

ජීවිත අවධානම ද නොතකමින් තමා මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහි සටන අතට ගත්තේ මතු පරපුර වෙනුවෙන් යහපත් දේශයක් ගොඩනැඟීමට බව පවසන ජනාධිපතිතුමා කුමන අභියෝග මධ්‍යයේ වුව ද එම සටන සාර්ථක අවසානයක් කරා මෙහෙයවන බව අවධාරණය කරයි.

අතිඋතුම් මැල්කම් කාදිනන් රංජිත් හිමිපාණන් වහන්සේගේ මඟපෙන්වීම යටතේ සර්ව ආගමික නායකයන්ගේ සහභාගිත්වයෙන් ඊයේ (31) පස්වරුවේ මෝදර විට්ස්වයික් උද්‍යානයේ පැවති මත්ද්‍රව්‍ය විරෝධි වැඩසටහන අමතමින් ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළේය.

මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහි තම සටන දියත් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සමයේ සිටම බව මෙහිදී සිහිපත් කළ ජනාධිපතිතුමා ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු එම සටන ශක්තිමත්ව ක්‍රියාවට නැංවීමට හැකි වූ බව කියා සිටියේ ය.

රට වෙනුවෙන් වූ එම වැඩපිළිවෙළ සමග අද සමස්ත පොදු ජනතාව ඇතුළු සියලු පාර්ශ්වයන් අත්වැල් බැඳගෙන අවසන් බව සඳහන් කළ ජනාධිපතිතුමා මතින් නිදහස් රටක් වෙනුවෙන් වූ සංකල්පය යථාර්ථයක් වන දිනය වැඩි ඈතක නොවන බව ද කියා සිටියේය.

නීතිවිරෝධි මත්ද්‍රව්‍යවලට එරෙහි සියලු නීති රීති මේ වන විට ශක්තිමත් කර තිබෙන අතර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය පැනවීම පිළිබඳ දින වකවානු ද මේ වන විට තමා තීරණය කර අවසන් බව ජනාධිපතිතුමා පැවසීය.

මතින් නිදහස් රටක් වෙනුවෙන් ඊයේ උදෑසන සිදු කෙරුණු විශේෂ දේව මෙහෙයෙන් අනතුරුව බස්නාහිර පළාත් කතෝලික දෙව්මැදුර අසල සිට විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් නිහඬ විරෝධතාවයක නිරත විය. ඉන්පසු පස්වරුවේ කොච්චිකඬේ සාන්ත අන්තෝනි, ග්‍රැන්ඞ්පාස් සාන්ත ජෝශප්, වත්තල සාන්ත මරියා දෙව්මැදුරු වලින් පැමිණි විරෝධතා පා ගමන් මෝදර විට්ස්වයික් උද්‍යානයට එක්ව විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්විණි.

අතිඋතුම් මැල්කම් කාදිනන් රංජිත් හිමිපාණන් වහන්සේ ද මෙහිදී විශේෂ අනුශාසනාවක් සිදු කරනු ලැබීය.

පූජ්‍ය කඹුරුගමුවේ වජිර හිමිපාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය ද, කතෝලික පියතුමන්ලා සහ අන්‍යාගමික පූජකවරුන් ද, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මැති ඇමතිවරුන් සහ ප්‍රදේශයේ ජනතාව විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Read More »

නව යුගයකට පියවර තබමින් බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය ජන අයිතියට  

0 comments

කොට්ටාව මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය අද ජනතා අයිතියට පත්කෙරුණා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.

ප්‍රවාහන ක්ෂේත්‍රයේ නව යුගයකට පියවර තබමින් සුහුරු තාක්‍ෂණය ඔස්සේ මෙම මධ්‍යස්ථානය ඉදිකර තිබෙනවා. මෙවැනි බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් ශ්‍රී ලංකාව තුළ ඉදිකෙරෙන්නේ පළමු වරටයි.

බස් රථ හා දුම්රිය සේවා ඒකාබද්ධ කරමින් ප්‍රවාහන පහසුකම් සපයා ගැනීමට ජනතාවට මෙමගින් පහසුකම් සපයා තිබෙනවා. ඒ අනුව එකම ටිකට් පතකින් බස් හා දුම්රිය සේවා ලබා ගැනීමට හැකිවනවා. මගි ජනතාවට පොදු ප්‍රවාහන සේවයේ ජාත්‍යන්තර අත්දැකීමක් ලබා ගැනීමට එමගින් ඉඩ සැළසෙනවා. බස් රථ හා දුම්රිය කාල සටහන් අන්තර්ජාලය ඔස්සේ ලබා ගැනීමට ද පහසුකම් සලසා තිබීම විශේෂත්වයක්. ආරක්‍ෂිතව වාහන ගාල්කර තැබීමට ද සැලැස්මක් ක්‍රියාත්මක කර තිබෙනවා.

ගමනාගමනය සඳහා ගතවන කාලය විශාල වශයෙන් අඩුකර ගැනීමට හැකිවීම ජනතාවට ලැබෙන සහනයක්. ව්‍යාපෘතියේ සමස්ථ අයෝජනය රුපියල් මිලියන 2000 ක් බහුකාර්ය ගොඩනැගිල්ලකින්ද මධ්‍යස්ථානය සමන්විතයි. එම ගොඩනැගිල්ල සදහා සූර්යබලශක්තියෙන් විදුලි සැපයුම ලබා ගෙන තිබෙනවා.

 

Read More »

දකුණු නේපාලයේ ප්‍රදේශ කිහිපයකට බලපෑ කුණාටු තත්ත්වයෙන් 25 දෙනෙකු ජීවිතක්ෂයට  

0 comments

දකුණු නේපාලයේ බාරා දිස්ත්‍රික්කය ඇතුළු ප්‍රදේශ කිහිපයකට බලපෑ කුණාටු තත්ත්වයක් හේතුවෙන් පුද්ගලයන් 25 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව 400 දෙනෙකු තුවාල ලැබුවා.

කුණාටුව හේතුවෙන් ගස් සහ නිවාස කඩා වැටීමෙන් අනතුරු රැසක් සිදුව තිබෙනවා. එරට අග්‍රාමාත්‍ය කේ.පී ෂර්මා ඕලි සිද්ධිය සම්බන්ධයෙන් ශෝකය ප්‍රකාශ කරමින් ට්විටර් පණිවුඩයක්ද නිකුත් කර තිබෙනවා. විපතට පත් වූවන්ට සහන සැළසීමේ කටයුතු මේ වන විටත් ක්‍රියාත්මකයි. මිය ගිය සංඛ්‍යාව තවදුරටත් ඉහල යාහැකි බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ.

 

 

 

Read More »

යුක්රේන ජනාධිපතිවරණයේ දෙවන වටය 21 වනදා  

0 comments

යුක්රේන ජනාධිපතිවරණයේ පෙරමුණ ගැනීමට වොලොඩිමිර් සෙලින්ස්කි සමත්ව තිබෙනවා.

ඔහු විකට චිත‍්‍රපට ශිල්පියෙකු ලෙස ප‍්‍රචලිතයි. ප‍්‍රකාශිත ඡන්ද ප‍්‍රමාණයෙන් 29.48%ක ඡන්ද ප‍්‍රතිශතයක් ඔහුට හිමිව ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ. මීට පෙර ප‍්‍රබල දේශපාලන අත්දැකිම් නොමැති පුද්ගලයෙකු ජනාධිපතිවරණයේ පෙරමුණ ගැනීම විශේෂත්වයක්.

වර්තමාන නායක පෙට්රො පොරොෂෙන්කෝට හිමිව ඇත්තේ 16.96%ක ඡන්ද ප‍්‍රතිශතයක් පමණයි. යුක්රේන මැතිවරණ කොමිසම පළමු වටයේ ප‍්‍රතිඑල නිල වශයෙන් ප‍්‍රකාශයට පත්කළා. ඒ අනූව තමන් ඉතා සතුටට පත්ව සිටින බවයි ජනාධිපතිවරණයේ පෙරමුණ ගෙන සිටින වොලොඩිමිර් සෙලින්ස්කි පවසන්නේ.එහෙත් මෙය අවසන් ප‍්‍රතිඑලය නොවන බවද ඔහු පෙන්වා දෙනවා.

අපේක්ෂකයන් 39 දෙනෙකු මෙවර යුක්රේන ජනාධිපතිවරණය සඳහා තරග වැදුණා. එහෙත් කිසිවෙකුටත් 50 %ඉක්ම වූ ඡන්ද ප‍්‍රතිශතයක් ලබාගැනීමට නොහැකි වීම නිසා දෙවන වටයේ ඡන්ද විමසීම අප්‍රේල් 21 වනදා පැවැත්වීමට නියමිතයි.

Read More »

සියලු පක්ෂවල එකතුවෙන් නව ව්‍යවස්ථාවක්  

0 comments

ලංකා ඉතිහාසයේ පළමුවරට සියලු පක්ෂ සහයෝගය ඇතිව ව්‍යවස්ථාවක් ගෙන එන බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසනවා. පසුගිය රජය මෙන් ආදායමක් නැති ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්නේ නැති බවයි මහනුවර  පැවති වැඩමුළුවකදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල,

එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන පිළිබඳ මධ්‍යම පළාත් ව්‍යවසායකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් මහනුවරදි පැවැත්වුණා. එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන තුළින් ණය ලබා ගත හැකි ආකාරය ඇතුළු කරුණු රැසක් පිළිබඳ මෙහිදී ව්‍යවසායකයින් දැනුවත් කෙරුණා.

 

 

 

 

Read More »

අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොග ප්‍රසිද්ධියේ විනාශ කිරීම හෙට  

0 comments

අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 765 කට අධික ප්‍රමාණයක් ප්‍රසිද්ධියේ විනාශ කිරීම හෙට සිදු කෙරෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නියමයෙනුයි එම කටයුතු සිදුකෙරෙන්නේ.

නීති විරෝධී මත්ද්‍රව්‍ය ආරක්‍ෂක අංශ භාරයට ගැනීමෙන් පසු අධිකරණ ක්‍රියාවලිය අවසන් කළ මත්ද්‍රව්‍ය තොගයකුයි මෙසේ විනාශ කෙරෙන්නේ.

කැලණිය මගුරුවෙල පිහිටි සුරවීර ගබඩා සංකීර්ණයේදී මෙම තොගය විනාශයට පත් කෙරෙනවා. ජනාධිපතිතුමාගේ නියමයෙන් මේ සදහා කටයුතු කෙරෙන අතර එම අවස්ථාව දැක බලා ගැනීමට ජනාධිපතිතුමා ද එක්වීමට නියමිතයි. එම අවස්ථාව සියලු මාධ්‍යවලට ද විවෘත කෙරෙනවා. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ මූලිකත්වයෙන් මෙය සිදු කෙරෙන්නේ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුවයි. අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය සඳහා කුමක් සිදුවේ ද යන්න ජනතාව තුළ ඇති ගැටලුවට විසඳුමක් ලෙස මෙම වැඩසටහන ක්‍රියාවට නැංවෙනවා. ඒ අනුව පසුගිය වසරේ ජනවාරි මස 15 වනදා ද කොකේන් මත්කුඩු කිලෝ ග්‍රෑම් 926 ක් විනාශ කෙරුණා. ඒ 2016 වසරේ දෙසැම්බර් 9 වනදා කොළඹ වරායට පැමිණි නෞකාවක් තුළ තිබියදී සොයාගත් මත්ද්‍රව්‍ය තොගයකුයි. අප්‍රේල් 3 වනදායින් පසු නීති විරෝධී මත්ද්‍රව්‍ය වැටලීම් තවදුරටත් ශක්තිමත් කරමින් මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ වැඩපිළිවෙළ වේගවත්ව ඉදිරියට ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබෙනවා.

 

Read More »

රාජ්‍ය සේවක වැටුප් ගෙවීමට නොහැකි වුවහොත් එයට වගකිව යුතු අය ගැන වජිර කියයි  

0 comments

පළාත් පාලන ආයතන 341 ක ලක්‍ෂ පහමාරක රාජ්‍ය සේවක වැටුප් හා දීමනා අලුත් අවුරුද්දට ගෙවීමට නොහැකි වුවහොත් එහි වගකීම ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ඇතැම් වැය ශීර්ෂ පරාජයට පත්කළ මහජන නියෝජිතයින් භාරගත යුතු බව අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසනවා. කොළඹදී අද පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ පිළිබඳ අදහස් පළ කළා. අමාත්‍යාංශ ලේකම් කමල් පද්මසිරි මහතා ද මෙහිදී අදහස් දැක්වූවා.

 

Read More »

එජාපය ජනාධිපතිවරණයට සාර්ථකව මුහුණදීමට සූදානම්  

0 comments

එක්සත් ජාතික පක්ෂය ජනාධිපතිවරණයට සාර්ථකව මුහුණදීමට සූදානම් බව අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පවසනවා.

එක්සත් ජාතික පක්ෂ කළුතර දිස්ත්‍රික් ප්‍රධාන කාර්යාලය විවෘත කිරීම අමාත්‍ය රුවන් විජේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී පෙරේරා මහතාද එම අවස්ථාවට එක්වුණා. එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායකවරුන් මෙන්ම විශාල පිරිසක් එම අවස්ථාවට එක්වුණා.

 

 

 

 

Read More »

මාතර බෙලි අත්ත දුම්රිය මාර්ගය අප්‍රේල් 08 ජනතා අයිතියට  

0 comments

මාතර බෙලි අත්ත දුම්රිය මාර්ගයේ සියලු කටයුතු නිමකොට ලබන අප්‍රේල් 08 වනදා  ජනතා අයිතියට පත් කරන බව නියෝජ්‍ය ව්‍යාපෘති අධ්‍යක්ෂ ප්‍රියන්ත දීගල මහතා පවසනවා.

ඒ මහතා මෙම අදහස් පළ කළේ මාතර බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ නිරික්ෂණ චාරිකාවකට එක්වෙමින්. නවින තාක්ෂණය යොදා ගනිමින් සියලු ඉදිකිරීම් ඉදි කොට ඇති බවයි එහි ඉංජිනේරුවන් සදහන් කරන්නේ.

 

 

Read More »

ශ‍්‍රීපාද රක්ෂිතයට මායිම්ව පිහිටි වන වගාවක ගින්නක්  

0 comments

ශ‍්‍රීපාද රක්ෂිතයට මායිම්ව පිහිටි වන වගාවක ගින්නක් හටගත්තා. අක්කර පහක් පමණ මේ වනවිට සම්පූර්ණයෙන් විනාශ වී ඇති බවයි නල්ලතන්නිය පොලිසිය සඳහන් කළේ.

ගින්න පැතිරයාම වැළැක්වීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායේ සහාය ද හිමිව තිබෙනවා. කෙසේ වෙතත් වියළි කාලගුණය හා දැඩි සුළං හේතුවෙන් එය පැතිරිම වේඟවත් වී ඇති බවයි පොලිසිය පවසන්නේ.

Read More »

උතුරු මැද පළාත් හිටපු ආණ්ඩුකාර පී.බී දිසානායක මහතා අභාවප්ප්‍රාප්ත වෙයි  

0 comments

උතුරු මැද පළාත් හිටපු ආණ්ඩුකාරවරයකු වූ පී.බී දිසානායක මහතා අභාවප්ප්‍රාප්ත වුණා. ඒ මහතාගේ දේහය පිලිබද අවසන් කටයුතු ලබන බදාදා සිදු කිරීමට නියමිතයි.

පී.බී දිසානායක මහතා අභාවප්ප්‍රාප්ත වන විට 76 වන වියෙහි පසුවුණා. අනුරාධපුර තලාව ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායකවරයකු ලෙස තේරීපත් වූ ඒ මහතා පසුව උතුරු මැද පළාත් සභාවේ මන්ත්‍රීවරයකු සහ සභාපතිවරයාකු ලෙසද කටයුතු කළා. 1994 වසරේදී පාර්ලිමේන්තුවට තේරීපත්වූ පී.බී දිසානායක මහතා 2000 වසර වන තෙක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සේ ක්‍රියා කළා. 2005 වසරේදී උතුරු මැද පළාත් ආණ්ඩුකාර ධුරයට පත් ඒ මහතා පසුගිය ජනවාරි මාසය දක්වා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළා. මිය යන විට ඒ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් සංවිධායක ලෙස ක්‍රියා කළා. ඒ මහතාගේ දේහය මේ වන විට අනුරාධපුර ශ්‍රීමත් මාවත, දෙවන පියවර අංක 354 දරණ නිවසේ තැන්පත් කර තිබෙනවා.

 

 

Read More »

රාහුල් ගාන්ධි කේරළයෙන් තරග වදී  

0 comments

ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ අග්‍රාමාත්‍ය ධුර අපේක්ෂක රාහුල් ගාන්ධි කේරලයෙන් තරග වදින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ඉන්දීය මහමැතිවරණය ලබන මස 11 වනදා ආරම්භ වීමට නියමිතයි. මැයි මස 19 වනදා තෙක් පැවැත්වෙන මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම සිදු වන්නේ 23 වනදායි. රාහුල් ගාන්ධිගේ ඉන්දීය කොංග්‍රස් පක්ෂය චතිස්ගාර්  , මධ්‍ය ප්‍රදේශ් , උත්තර් ප්‍රදේශ් ඇතුළු ප්‍රාන්ත කිහිපයක ජනප්‍රියතාව වර්ධනය කර ගැනීමට සමත්වී තිබෙනවා.

කේරලයෙන් මැතිවරණය සදහා තරග කිරීම තුළින් දකුණු ඉන්දීය දේශපාලනය වෙත සමීප වීමට රාහුල් ගාන්ධි උත්සාහ ගන්නා බවයි දේශපාලන විචාරකයන්ගේ අදහස වන්නේ.  කේරලයේ වයනද් නමැති මැතිවරණ කොට්ඨාසයට ගාන්ධි තරග කරනවා. අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදි ඉන්දීය කොංග්‍රසයේ ජ්‍යෙෂ්ඨ නායකයකු වන ඒ.කේ ඇන්තනී මෙම තීරණය ප්‍රකාශයට පත් කළා.

 

 

 

 

Read More »

පාකිස්ථාන හමුදා ප‍්‍රධානියා පාර්ලිමේන්තුවට  

0 comments

පාකිස්ථාන හමුදා ප‍්‍රධානි ජනරාල් ජාවෙඩ් බජ්වා පාර්ලිමේන්තුවට කැඳවා තිබෙනවා.

ඉන්දියාව සහ පාකිස්ථානය අතර පසුගිය කාලයේ ඇති වූ සිදුවීම් පිළිබඳව තොරතුරු විමසීමයි අරමුණ. ඒ අනූව ලබන සතියේදී හමුදා ප‍්‍රධානියා පාර්ලිමේන්තුවට කරුණු පැහැදිලි කරන බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ.

ඉන්දීය ආරක්ෂක අංශවලට කාශ්මීරයේ දී එල්ල වූ ප‍්‍රහාරයත් සමඟ මතභේදාත්මක වාතාවරණය උත්සන්න වුණා. මීට පෙරත් ගුවන් හමුදාවේ මෙහෙයුම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට කරුණු පැහැදිලි කර තිබෙනවා. අවස්ථා කිහිපයකදීම දෙරටේ ආරක්ෂක අංශ අතර ද කාශ්මීරයේ ස්ථාන කිහිපයකදීම වෙඩි හුවමාරු වීම් සිදුවුණා.

Read More »

ගෙදර හදන්න එක ණයක්, වහල හදන්න තව ණයක්  

0 comments

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවක් කුලියාපිටියේදී පැවැත්වුණා.

ව්‍යාපාර ක්ෂේත්‍රයට පැමිණීමට බලාපොරොත්තු වන ව්‍යවසායකයින්ට ලබා දෙන සහන ණය පිළිබඳ මෙහිදී දැනුවත් කෙරුණා. අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඇතුලු කිහිප දෙනෙකු මෙහිදී අදහස් පළ කළා. රාජ්‍ය මෙන්ම පෞද්ගලික ආයතන එක්ව මෙම සහන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනවා. ව්‍යවසායකයින් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වුණා.

 

 

 

Read More »

එන්ටර්ප‍්‍රයිස් ශ‍්‍රී ලංකා වැඩිම ණය ලබාගැනීම සොදුරු පියසෙන්  

0 comments

එන්ටර්ප‍්‍රයිස් ශ‍්‍රී ලංකා වැඩසටහන යටතේ රුපියල් මිලියන 79ක ණය නිකුත් කර අවසන් බව මුදල් අමාත්‍යංශය ප‍්‍රකාශ කළා.

වැඩිම ණය මුදලක් ලබාදී ඇත්තේ සොදුරු පියස නිවාස යෝජනා ක‍්‍රමය යටතේ. ගොවි ජනතාව වෙනුවෙන් ආරම්භ කළ රන් අස්වැන්න සහ ගොවි නවෝදා ණය යෝජනා ක‍්‍රමවලට ද ඉහළ ඉල්ලුමක් ලැබී තිබෙනවා. නිවාස සිහිනය සැබෑකර ගැනීම සඳහා ක‍්‍රියාත්මක කළ ජය ඉසුර යෝජනා ක‍්‍රමය යටතේ ද විශාල පිරිසකට පහසුකම් හිමිව ඇති බවත් මුදල් අමාත්‍යංශය සඳහන් කළා.

එන්ටර්ප‍්‍රයිස් ශ‍්‍රී ලංකා වැඩසටහන ආරම්භ වුයේ පසුගිය වසරේ ජුනි මස 21 වනදා. උතුරු නැගෙනහිර ඇතුළු දිවයිනේ සියලු ප‍්‍රදේශවල රාජ්‍ය සහ පෞද්ගලික බැංකුවල එන්ටර්ප‍්‍රයිස් ශ‍්‍රී ලංකා කවුළු විවෘත කර තිබෙනවා. මේ වසරේදී නව ණය යෝජනා ක‍්‍රම රැසක් හදුන්වාදීමටත් රජය පියවර ගත්තා.

ජංගම වැඩසටහන් ද දිවයින පුරා ක‍්‍රියාත්මක කරන බවයි අමාත්‍යංශය පවසන්නේ. ව්‍යවසායකයන් ලක්ෂයක් බිහි කිරිමයි වැඩසටහනේ අරමුණ .

Read More »

මාතර – බෙලිඅත්ත දුම්රිය මාර්ගය ලබන 08 වැනිදා ජනතා අයිතියට  

0 comments

මාතර – බෙලිඅත්ත දුම්රිය මාර්ගය ලබන මස අට වනදා ජනතා අයිතියට පත්කරන බව නියෝජ්‍ය ව්‍යාපෘති අධ්‍යක්ෂ පි‍්‍රයන්ත දීගල මහතා සඳහන් කළා.

පරික්ෂණ දුම්රියක් අද (31) ධාවනය කර තිබෙනවා. මාර්ගයේ ඉදිකිරිම් සඳහා නවීන තාක්ෂණය යොදාගත් බවයි ඉංජිනේරුවරුන් පවසන්නේ. දුම්රිය මාර්ගය විවෘත කිරිමෙන් අනතුරුව බෙලිඅත්ත සිට දුම්රිය ගමන් වාර හතරක් ධාවනය කිරිමට කටයුතු කර තිබෙනවා.

Read More »

සකර්බර්ග් ජාතික රජයන්ගෙන් උපකාර ඉල්ලයි  

0 comments

ෆේස් බුක් සමාජ ජාල වෙබ් අඩවියේ අඩංගු තොරතුරු පාලනය කිරීමට ජාතික රාජ්‍යයන් තවදුරටත් උපකාර කළ යුතු බව එම වෙබ් අඩවියේ නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් පවසනවා.

හානිකර තොරතුරු සංසරණය වීමට හා පෞද්ගලික තොරතුරු ආරක්‍ෂා කිරීම සදහා දැනට පවතින රජයන් වැඩි දායකත්වයක් ලබා දිය යුතු බවයි ඔහු පවසන්නේ. අන්තර්ජාල කටයුතු නියාමනයට මෙතෙක් ලෝකයේ විවිධ රජයන් කර තිබෙන ඉල්ලීම් කිහිපයක්ම ෆේස්බුක් සමාගම ප්‍රතික්ෂේප කර තිබෙනවා. තම සමාගමේ පවතින නීති රීති හා රෙගුලාසි යාවත්කාලීන කිරීමෙන් පරිශීලකයින්ට ඉහළ ගුණාත්මක සේවාවක් ලබා දීම අරමුණ බවයි ඔහු පවසන්නේ. ෆේස්බුක් මාධ්‍ය යනු ස්වාධීන ස්ථානයක් බවත් එහිදී ජනතාවට සිය ඕනෑම අදහසක් ප්‍රකාශ කිරීමට හැකි බව තම අදහස බවත් ඔහු කියාසිටිනවා. තම සමාගම පමණක් නොව සමස්ත සමාජ මාධ්‍ය පද්ධතියම නියාමනයට රජයන් සක්‍රීයව කටයුතු කළ යුතු බව තම අදහස බවයි සකර්බර්ග් පවසන්නේ.

 

 

 

 

Read More »

මත්ද්‍රව්‍ය තුරන් කරන ලෙස සාමකාමී උද්ඝෝෂණයක්  

0 comments

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කරන ලෙස ඉල්ලා හොරණ ශුද්ධ වූ මාර්ටින් ද පෝරස් දේවස්ථානය ඉදිරිපිට සාමකාමී උද්ඝෝෂණයක් පැවැත්වුණා.

කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ අදහසකට අනුවයි මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන්නේ. මහා සංඝරත්නය ද විශාල පිරිසක් ද මෙම අවස්ථාවට එක්වුණා. නුවන් බුද්ධික පියතුමා මෙහිදී වැඩසටහන පිළිබද මාධ්‍යයට කරුණු පැහැදිලි කළා.

 

Read More »

සාගරය හරහා සිදුවන ජාවාරම් මැඩපැවැත්වීමට නාවික මෙහෙයුම්  

0 comments

සාගරය හරහා සිදුවන නීිතිවිරෝධි ජාවාරම් මැඩපැවැත්වීම සඳහා පුළුල් වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මක බව නාවික හමුදාව ප‍්‍රකාශ කළා.

හෙරොයින් සහ බීඩි කොළ අත්අඩංගුවට ගැනීම සඳහා ද පසුගිය දිනවල වැටලීම් සිදුකර තිබෙනවා. අවස්ථා දහයකදී බීඩි කොළ රැගෙන ආ 11 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි නාවික හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

Read More »

දයා අබේසේකර මහතාගේ අවසන් කටයුතු අද  

0 comments

අභාවප්‍රාප්ත ප්‍රවීන මාධ්‍යවේදී දයා අබේසේකර මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු අද පස්වරුවේ බොරැල්ල කනත්තේදී සිදුකිරීමට නියමිතයි.

දයා අබේසේකර මහතා මිය යන විය 80 වන වියෙහි පසුවුණා. සැඩ සුළං චිත්‍රපටයේ ප්‍රේම්ජයන්ත්ගේ ළමා කාලය නිරූපණය කළ දයා අබේසේකර ස්වාධීන රූපවාහිනියේ රූපීස් ඇන්ඩ් සෙන්ට්ස් වැඩසටහන ඉදිරිපත් කරමින් ප්‍රේක්ෂක ආදරය දිනාගත් නිවේදකයෙකු වුණා. දේහය පිලිබද අවසන් කටයුතු අද පස්වරු හතරයි තිහට බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරෙනවා.

 

 

Read More »

චීනයේ ගබඩා සංකීර්ණයක පිපිරීමක්  

0 comments

චීනයේ ගබඩා සංකීර්ණයක සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් හත් දෙනෙක් මිය ගියා.

තවත් පස් දෙනෙක් තුවාල ලබා තිබෙනවා. කන්ටේනර් මඟින් භාණ්ඩ ගොඩබාන අවස්ථාවේදී සිදුවූ අනතුරක් ඊට හේතු වී ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. ගින්න පැතිර යාම පාලනය කිරිම සඳහා ආරක්ෂක අංශ පියවර ගෙන තිබෙනවා.

කෙසේ වෙතත් පිපිරිමෙන් අසළ ගොඩනැගිලි කිහිපයකට හානි සිදුව ඇති බවයි බලධාරින් සඳහන් කළේ.

Read More »

ඊශ‍්‍රායලය ගාසා තීරයේ ප‍්‍රවේශ මාර්ගය විවෘත කරයි  

0 comments

ගාසා තීරයේ ප‍්‍රවේශ මාර්ගය විවෘත කිරිමට ඊශ‍්‍රායලය තීරණය කළා. පසුගියදා එල්ල වූ රොකට් ප‍්‍රහාරයෙන් අනතුරුව ඔවුන් මාර්ගය වසා දැමීමටයි පියවර ගත්තේ.

කෙසේ වෙතත් ආහාර ඇතුළු අනෙකුත් ද්‍රව්‍ය සම්පාදනයට අවශ්‍ය ක‍්‍රියාමර්ග ගෙන තිබෙනවා. මාර්ගය විවෘත කරන ලෙසට ඉල්ලා පලස්තීන ජාතිකයන් විශාල පිරිසක් උද්ඝෝෂණයක නිරත වුණා.

Read More »

ජාතික පොල සහ ප්‍රදර්ශනය දෙවන දිනටත්  

0 comments

වස විසෙන් තොර රටක් බිහි කිරීමේ ජනාධිපතිතුමාගේ සංකල්පය අනුව පැවැත්වෙන ජාතික පොල සහ ප්‍රදර්ශනය කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී දෙවන දිනටත් අද පැවැත්වෙනවා.

වස විසෙන් තොර ජාතික පොළ සහ ප්‍රදර්ශනය අද ඇරඹුනේ කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන්.  වස විසෙන් තොර අනාගත ලෝකයක් නිර්මානය කිරීමේ අපේක්ෂාව මල්ඵල ගැන්වේවායි කතානායකවරයා මෙහිදී ප්‍රාර්ථනා කළා. පූජ්‍ය අතුරලියේ රතන ස්වාමීන්වහන්සේ ද වස විසෙන් තොර රටක් බිහිකිරීම පිලිබද මාධ්‍ය වෙත අදහස් දැක්වුවා. ජාතික පොල සහ ප්‍රදර්ශනය හෙටින් අවසන් වනවා.

Read More »

මෙගා වොට් 70ක විදුලි ධාරිතාවක් ජාතික පද්ධතියට එක් කිරිමට ගිවිසුම්  

0 comments

මෙගා වොට් 70ක විදුලි ධාරිතාවක් ජාතික පද්ධතියට එක්කිරිම සඳහා ගිවිසුම්වලට එළඹෙන බව විදුලිබල මණ්ඩලය ප‍්‍රකාශ කළා.

සපුගස්කන්ද සහ මාතර තාප බලාගාරවලින් විදුලිය මිළදී ගැනීමයි සැළසුම. පවතින ගැටළුවට කඩිනම් විසදුමක් ලබාදීමට එය ඉවහල් වන බව විදුලිබල මණ්ඩල සාමාන්‍යාධිකාරි එන් ඩී ඩබ්ලිව් ගුණවර්ධන මහතා සඳහන් කළා.

Read More »

පේරු රාජ්‍යයට ගංවතුරෙන් දැඩි බලපෑම්  

0 comments

පේරු රාජ්‍යයට ගංවතුරෙන් දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.

පසුගිය සිකුරාදා සිට නොකඩවා ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් පේරු රාජ්‍යයේ ගංගා රැසක් පිටාර ගොස් තිබෙනවා. මේ හේතුවෙන් නිවාස සිය ගණනක් ජලයෙන් යටව පවතිනවා. එමගින් පවුල් දහස් ගණනක් අවතැන්ව සිටින අතර ඔවුන් කඳවුරුවල රඳවා තැබීමටයි පියවර ගැනුණේ.

මේ හේතුවෙන් පේරු රාජ්‍යයේ ලීමා නගරයට ද හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කර තිබෙනවා. මේ වසරේ වැසි සමය ආරම්භ වීමත් සමඟ ඇති වූ විවිධ ආපදා හේතුවෙන් පේරු රාජ්‍යයේ පුද්ගලයින් 51 දෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

 

 

 

Read More »

සජිත්ට ගෞරව නාමයක්  

0 comments

අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා වෙත ශාසන දීපන අභිමානී ශ්‍රී ලංකා ජනරංජන ගෞරව නාමය පිළිගැන්වීමට කටයුතු කෙරෙනවා. මල්වතු මහානාහිමියන් ප්‍රමුඛ කාරක සංඝසභාවයි මෙම ගෞරව නාමය අමාත්‍යවරයා වෙත පිළිගන්වන්නේ.

ගෞරව නාමය පිරිනැමීමේ උත්සවය අද පස්වරුවේ පැවත්වෙන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. ජනතාව වෙත නිවාස ඉදිකර දෙමින් සිදු කරන මෙහෙවර අගය කරමින් එය පිරිනැමීමටයි මල්වතු මහානාහිමියන් ප්‍රමුඛ කාරක සංඝ සභාව තීරණය කර ඇත්තේ. අමාත්‍යවරයාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක වන සැමට සෙවන යළි පිබිදෙන උදාගම්මාන වැඩපිලවෙල යටතේ ආදර්ශ ගම්මාන 182 ක් මේ වන විට ජනතා අයිතියට පත් කර තිබෙනවා. එමෙන්ම දිවයින පුරා උදාගම්මාන 1926 කට අධික සංඛ්‍යාවක් ඉදිකෙරෙමින් පවතිනවා.

 

 

 

 

Read More »

සුළු හා මධ්‍ය පරිමාන සහල් ව්‍යාපාර නගා සිටුවීමට රුපියල් මිලියන දහසක්  

0 comments

සුළු හා මධ්‍ය පරිමාන සහල් ව්‍යාපාර නගාසිටුවීමේ අරමුණින් එම ව්‍යාපාරිකයන් වෙත  කිසිදු පොලියක් අය නොකර රුපියල් මිලියන දහසක මුදලක් ලබා දීමට කටයුතු කර ඇති බව අමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්වා මහතා පවසනවා.

සුළු හා මධ්‍ය පරිමාන වීමෝල් හිමියන්ගෙන් ලබා ගත් වී තොග සහල් බවට පත් කර වෙළදපලට නිකුත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. ශක්ති නමින් මෙම සහල් වෙළදපලට නිකුත් කිරීම කටයුතු කෙරුණා. නාඩු සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 80 කටත් සම්බා සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 85 කටත් අලෙවි කෙරෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක කොලොන්න මහතා සහ සමූපකාර නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වුණා.

 

 

 

Read More »

සම්බා සහ නාඩු සහල් මිල අඩු කෙරේ  

0 comments

සම්බා සහ නාඩු සහල් මිල අඩු කිරීමට සහල් මෝල් හිමියන් තීරණය කළා.

ඒ අනුව නාඩු සහල් කිලෝග‍්‍රෑමයක් රුපියල් 15 කින් සහ සම්බා කිලෝග‍්‍රෑමයක් රුපියල් 20 කින් අඩුකර තිබෙනවා. දේශීය අස්වැන්න විශාල වශයෙන් ලැබීම මිල අඩු කිරීමට හේතුව බවයි ඔවුන් පවසන්නේ.

උත්සව සමය තුළ සහල් හිඟයකින් තොරව පාරිභෝගික ජනතාවට අවශ්‍ය පරිදි ලබාදීමට ද කටයුතු කරන බව ඔවුන් සඳහන් කළා.

Read More »

තුර්කි පළාත් පාලන මැතිවරණය ඇරඹෙයි  

0 comments

තුර්කි පළාත් පාලන මැතිවරණය ආරම්භ වුණා. මිලියන ගණනක් ඡන්ද දායකයින් මෙවර මැතිවරණය සඳහා ඡන්දය ප‍්‍රකාශ කිරීමට සූදානම් බවයි එරට වාර්තා සඳහන් කරන්නේ.

ආර්ථික සහ ආරක්ෂක අංශ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුව තිබෙනවා. නීතිය සහ ආධිපත්‍ය මෙන්ම සංවර්ධනය සම්බන්ධයෙන් ජනාධිපති රිසෙප් තායිප් අර්ඩෝගාන්ගේ පාලක පක්ෂය අර්බුද රැසකට මුහුණදී සිටින අවස්ථාවකයි මැතිවරණය පැවැත්වෙන්නේ. 2002 වසරේදී බලයට පත්වීමෙන් පසු තුර්කියේ පාලක පක්ෂය මුහුණදී සිටින බැරූරුම්ව මැතිවරණය ද මෙය බව දේශපාලන විචාරකයන් පෙන්වාදෙනවා.

Read More »

සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ටත් විශේෂ සහන  

0 comments

සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් වෙනුවෙන් විශේෂ කාර්යාලයක් අනුරාධපුරයේදී විවෘත කළා. රජය විසින් සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන්ට වී මිලදී ගැනීම සඳහා මුදල් ලබාදීමේ වැඩපිළිවෙලක් ද ආරම්භ කළා.

ඊට සමගාමීව වී මෝල් හිමියන්, ගොවියන් සහ පාරිභෝගිකයන් ආරක්ෂා කරගැනීමේ අරමුණින් මෙම කාර්යාලය පිහිටුවා ඇති බවයි වී අළෙවි මණ්ඩලයෙ සභාපති කස්තුරි අනුරාධනායක මහතා ප‍්‍රකාශ කළේ.

සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් වෙනුවෙන් රජය වෙන්කර ඇති මුදල රුපියල් බිලියනයක්. එය දිස්ති‍්‍රක් ලේකම් කාර්යාල හරහා ඔවුන්ට ලබාගත හැකි බවයි වී අළෙවි මණ්ඩලයේ සභාපති කස්තුරි අනුරාධනායක මහතා පැවසුවේ.

Read More »

දිගාමඩුළු නවෝදය කර්මාන්ත හා වෙළඳ ප්‍රදර්ශනයේ අවසන් දිනය අද  

0 comments

දිගාමඩුළු නවෝදය කර්මාන්ත හා වෙළද ප්‍රදර්ශනයේ අවසන් දිනය අදයි. අම්පාර එච්.එම් වීරසිංහ ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය නැරඹීමට විශාල පිරිසක් පැමිණෙමින් සිටිනවා.

ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය, අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ එම දිස්ත්‍රික් වානිජ සහ කෘෂිකර්මාන්ත මණ්ඩලයයි මෙය සංවිධාන කරන්නේ. එන්ප්‍රයිස් ශ්‍රී ලංකා සහ ගම්පෙරළිය ව්‍යාපෘතිය පිළිබදව දැනුවත් කිරීමේ වැඩසටහන්, ව්‍යාපාරික සහ ගොවිජනතාව දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණ සහ තොරතුරු තාක්ෂණය පිළිබද වැඩසටහන් සමග එක්වීමට මෙන්ම එළඹෙන උත්සව සමය වෙනුවෙන් අඩුමිලට භාණ්ඩ මිලදී ගැනීමේ අවස්ථාවද මෙහිදී හිමිවනවා. ළමා ක්‍රීඩා, සංගීත සංදර්ශන ඇතුළු විනෝදාංග රැසකින්ද ප්‍රදර්ශනය සමන්විතයි. ප්‍රදර්ශන කුටි 150 කින් සමන්විත දිගාමඩුළු නවෝදය කර්මාන්ත හා වෙළද ප්‍රදර්ශනය අද රාත්‍රී 11 තෙක් විවෘතව පවතිනවා.

 

 

 

Read More »

තියුණු ආයුධ කිහිපයක් ළඟ තබාගෙන සිටි දෙදෙනෙක් අත්අඩංගුවට  

0 comments

තියුණු ආයුධ කිහිපයක් ළඟ තබාගෙන සිටි පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ වැලිපැන්න නිව්සිටිවත්ත ප‍්‍රදේශයේදී. සැකකරුවන් මීගම සහ වැලිපැන්න ප‍්‍රදේශවල පදිංචිකරුවන්. ඔවුන් අවුරුදු 61 සහ 35 යන වයස්වල පසුවන්නන් බවයි පොලීසිය සඳහන් කළේ. ඔවුන් ළඟ තිබී ගුවන් යානා නාශක අවි සඳහා යොදන සජීවී පතොරොමක්, බෝර 12 උණ්ඩ 10 ක් සහ ගිනි අවි දෙකක් පොලිස් භාරයට ගත්තා.

එක් සැකකරුවෙකුට එරෙහිව මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ නඩුවක් කලුතර මහාධිකරණයේ විභාග වන බවයි අනාවරණයවී තිබෙන්නේ. සැකකරුවන් අද (31) මතුගම මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමටයි නියමිත. වැඩිදුර විමර්ශන වැලිපැන්න පොලීසියයි සිදුකරන්නේ.

Read More »

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස් ගාස්තු අඩුවෙයි  

0 comments

ගාල්ල සහ මාතර අධිවේගී මාර්ග බස් ගාස්තු රුපියල් 20 කින් අඩුකළා.

ඒ මහරගම සිට ධාවනයවූ ගමන් වාර හෙට (01) සිට මාකුඹුර බහුවිධ ප‍්‍රවාහන මධ්‍යස්ථානයේ සිට ගමන් ආරම්භ කිරීම හේතුවෙන්. මහරගම සිට ගාල්ල දක්වා පැවැති අධිසුඛෝපබෝගී බස් ගාස්තුව රුපියල් 440 සිට රුපියල් 420 දක්වාත් මහරගම සිට මාතර දක්වා වන බස් ගාස්තුව රුපියල් 550 සිට රුපියල් 530 දක්වාත් අඩුවී ඇති බවයි ගමනා ගමන කොමිසන් සභාව ප‍්‍රකාශ කළේ.

Read More »

ප‍්‍රවීණ මාධ්‍යවේදී දයා අබේසේකර මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු පස්වරුවේ.  

0 comments

ප‍්‍ර ප‍්‍ර 1
අභාවප‍්‍රාප්ත ප‍්‍රවීණ මාධ්‍යවේදී දයා අබේසේකර මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු අද පස්වරුවේ සිදුකෙරෙනවා. ඒ බොරැල්ල පොදු සුසාන භූමියේදී. ප‍්‍රවීණ මාධ්‍යවේදියෙකු µමන්ම රංගන ශිල්පියෙකු ලෙස ද දයා අබේසේකර මහතා කටයුතු කළා. සැඩ සුළං චිත‍්‍රපටයේ ප්‍රේම් ජයන්තගේ ළමා කාලය නිරූපණය කළ ඔහු ප‍්‍රවීණ නර්තන ශිල්පිනී පද්මිනී දහනායක සමඟ ජීවන මේ ගමන සංසාරේ ගීතයට රංගනයෙන් ද දායකවී තිබෙනවා. ස්වාධීන රූපවාහිනියේ විකාශවූ රුපීස් ඇන්ඩ් සෙන්ස් වැඩසටහන µමභෙය වූයේ ද දයා අබේසේකර මහතායි. ඔහු ප‍්‍රවීණ ගී පද රචක කරුණාරත්න අබේසේකර මහතාගේ සහෝදරයෙක්. මියයන විට දයා අබේසේකර මහතා 80 වන වියෙහි පසුවුණා.

Read More »

ප‍්‍රදේශ රැසක උෂ්ණත්වය ගැන සැලකිලිමත් වන්නැයි දැනුම්දීමක්  

0 comments

දිවයිනේ ප‍්‍රදේශ රැසකට ලබන 5 වෙනිදා සිට 15 වෙනිදා දක්වා හිරු මුදුන්වීමෙන් රාතී‍්‍ර සහ දහවල් කාලයේ උණුසුම ඉහළ යාහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

දකුණු පළාතේ දික්වැල්ල කැකුණදුර කොටවිල යන ප‍්‍රදේශ වලට ලබන 5 වෙනිදා හිරු මුදුන් වන අතර, උතුරු පළාතට හිරු මුදුන් වන්නේ 15 වෙනිදායි. පවතින උණුසුම් කාලගුණ තත්වය හමුවේ කුරුණෑගල දිස්ති‍්‍රක්කයෙන් වැඩිම උෂ්ණත්වය වාර්තාවූ බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මෙම උණුසුම් කාලගුණය හේතුවෙන් වැඩිපුර ජලය පානය කරන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කළා.

කුඩා ළමයින් සහ වැඩිහිටියන් වැඩි කාලයක් ජලයේ සිටිම සහ ජලය පානය කිරීම තුළින් සමේ රෝග සහ විජලන තත්වයක් වළක්වා ගත හැකි බවයි සෞඛ්‍ය අංශ පෙන්වාදෙන්නේ.

Read More »

උත්සව සමයේ විදුලි සැපයුම ලබා දීමට රජය වගකීමෙන් කටයුතු කළ යුතුයි  

0 comments

උත්සව සමයේ විදුලි සැපයුම ලබා දීමට රජයක් ලෙස වගකීමෙන් කටයුතු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා ප්‍රකාශ කළා. ඒ මහතා මෙම අදහස් පළ කළේ දොම්පේ ප්‍රදේශයේ සමාජ සත්කාර වැඩසටහනකට එක්වෙමින්.

දොම්පේ, පැලහැල ශ්‍රී ශාඛ්‍යසිංහාරාම  මහා විහාරයේදී  සමාජ සත්කාර වැඩසටහන පැවැත්වුණා. ඒ යටතේ නෝමිලේ ඇස්කන්නාඩි, පැල බෙදා දීම, වෛද්‍ය සායන සහ අබාධිත පුදගලයන් සදහා රොද්පුටු බෙදාදීම සිදු කෙරුණා. මෙම අවස්ථාවට විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය අගුණකොළපැලැස්සේ ආනන්ද හිමි, දේශපාල නියෝජිතයින්, ප්‍රදේශවාසින් ඇතුළු පිරිසක් එක්ව සිටියා.

 

 

 

 

Read More »

නීතිවිරෝධීව මසුන් ඇල්ලූ 14 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට  

0 comments

නිතිවිරෝධීව ධීවර කර්මාන්තයේ නිරතවූ 14 දෙනෙකු නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කල්පිටිය දළුව මුහුදු ප‍්‍රදේශයේදීයි.

ඩිංගි යාත‍්‍රා දෙකක්, තහනම් දැල් දෙකක්, දහන යන්ත‍්‍ර දෙකක් සහ මත්ස්‍ය කිලෝග‍්‍රෑම් 40 ක් ද එහිදී නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා ඔවුන් පුත්තලම ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාරදුන් බවයි නාවික හමුදාව ප‍්‍රකාශ කළේ.

Read More »

නීති විරෝධී ගල්කොරියක් පවත්වාගෙන ගිය පුද්ගලයකු අත්අඩංගුවට  

0 comments

මාමඩුව කොක්කෙලිය ගල් කන්ද ප්‍රදේශයේ නීති විරෝධී ගල්කොරියක් පවත්වාගෙන ගිය පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකායේ වවුනියාව කදවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුවයි වැටලීම් සිදු කෙරුණේ. බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කරමින් එස්කැවේටර් යන්ත්‍රයක් මගින් මෙහි ගල් කැනීම් කටයුතු සිදු කර ඇති බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සදහන් කරන්නේ. මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

 

 

 

 

 

Read More »

අරාබි සමුළුව ටියුනීසියාවේදී  

0 comments

අරාබි සමුළුව ටියුනීසියාවේ ටියුනීස් අගනුවරදී පැවැත්වෙනවා.

අරාබි කලාපයේ මතුව ඇති ගැටලු පිළිබදව ද සාකච්ඡා කිරිමයි මෙහි අරමුණ. වසර 8 කට පසු යළි මෙම සමුළුවේදී කලාපීය ගැටලු පිළිබද සාකච්ඡාවට අවධානය යොමුව තිබෙනවා.

සුඩානය, ඇල්ජීරියාව ඇතුලු රටවල මේ වනවිට මතුව ඇති අර්බුද පිළිබදව ද අවධානය යොමු කිරීමට අපේක්ෂා කරන බවයි සුඩාන ජනාධිපති ඕමාර් අල්බෂීර් සඳහන් කළේ.

Read More »

හැටන් රුවන්පුර පිටවින් වතුයායේ ගින්නක්  

0 comments

හැටන් රුවන්පුර පිටවින් වතුයායේ ඉඩමක හටගත් ගින්නකින් අක්කර 10 ක පමණ කොටසක් විනාශවී තිබෙනවා.

ගින්න යාබදව පිහිටි රුවන්පුර රක්ෂිතයට ද පැතිරුණු බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. එම වතුයායේ කම්කරුවන් දැඩි පරිශ‍්‍රමයක් දරා ගින්න පාලනය කර තිබෙනවා. ඉලුක් සහ යුකෙලෙප්ස්ටික් වන වගාවක් සහිත රක්ෂිතයට කිසියම් පිරිසක් ගිනි තබන්නට ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.

Read More »

කැළණිවැලි මාර්ගයට නව දුම්රිය දෙකක්  

0 comments

කැළණිවැලි මාර්ගයේ ධාවනයට නව දුම්රිය දෙකක් එක්කර තිබෙනවා.

අංක 9255 සහ 9658 දුම්රිය මෙලෙස ධාවනයට එක්කර ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ අතර මාකුඹුර බහුවිධ ප‍්‍රවාහන මධ්‍යස්ථානයට ඒකාබද්ධව ඉදිකර ඇති මාකුඹුර දුම්රිය ස්ථානය ද අද විවෘත කිරීමට නියමිතයි. ඒ සමඟම මෙතෙක් පැවැති මාලපල්ල උප දුම්රිය ස්ථානය අද සිට වසාදමන බව ද දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා.

Read More »

ආහාර සුරක්ෂිතතා සතිය හෙට සිට  

0 comments

ආහාර සුරක්ෂිතතා සතිය හෙටින් ආරම්භ වනවා. එය ලබන 7 වෙනිදා දක්වා කි‍්‍රයාත්මක බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.

සුරක්ෂිතව පිළිගන්වන ආහාර පමණක් මිලදී ගනිමු යන්නයි මෙවර ආහාර සුරක්ෂිතතා සතියේ තේමාවවී තිබෙන්නේ.ඒ පිළිබද මහජනතාව දැනුවත් කිරීම සහ නීතිමය කි‍්‍රයාමාර්ග ගැනීම මෙම දින හතේදී කි‍්‍රයාත්මක කෙරෙනවා.

Read More »

යුක්රේන ජනාධිපතිවරණය ඇරඹෙයි  

0 comments

යුක්රේන ජනාධිපතිවරණය ආරම්භ වුණා. එහි පළමු වටයයි අද පැවැත්වෙන්නේ.

වර්තමාන නායක පෙට්රෝ පොරොෂෙන්කෝ යළි තේරිපත් වනු ඇතැයි බලාපොරොත්තු වුවද දේශපාලන පෙරළියක් ඇති කරමින් ඉදිරි පෙළ අපේක්ෂකයෙකු වන වොලොඩ්මීර් සෙලින්සිකි පෙරමුණ ගෙන සිටිනවා.

පළමු වටයෙන් 50% කට වඩා ලබාගැනීමට එකදු අපේක්ෂකයෙකු හෝ සමත් නොවුණ හොත් දෙවන වටයේ ඡන්ද විමසීම පැවැත්වෙනවා. එය අප්‍රේල් 21 වෙනිදා පැවැත්වීමට නියමිතයි.

Read More »

Recent News

Gossip Lanka MAG