Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොග ප්‍රසිද්ධියේ විනාශ කිරීම හෙට  

Add comments

අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 765 කට අධික ප්‍රමාණයක් ප්‍රසිද්ධියේ විනාශ කිරීම හෙට සිදු කෙරෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නියමයෙනුයි එම කටයුතු සිදුකෙරෙන්නේ.

නීති විරෝධී මත්ද්‍රව්‍ය ආරක්‍ෂක අංශ භාරයට ගැනීමෙන් පසු අධිකරණ ක්‍රියාවලිය අවසන් කළ මත්ද්‍රව්‍ය තොගයකුයි මෙසේ විනාශ කෙරෙන්නේ.

කැලණිය මගුරුවෙල පිහිටි සුරවීර ගබඩා සංකීර්ණයේදී මෙම තොගය විනාශයට පත් කෙරෙනවා. ජනාධිපතිතුමාගේ නියමයෙන් මේ සදහා කටයුතු කෙරෙන අතර එම අවස්ථාව දැක බලා ගැනීමට ජනාධිපතිතුමා ද එක්වීමට නියමිතයි. එම අවස්ථාව සියලු මාධ්‍යවලට ද විවෘත කෙරෙනවා. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ මූලිකත්වයෙන් මෙය සිදු කෙරෙන්නේ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුවයි. අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය සඳහා කුමක් සිදුවේ ද යන්න ජනතාව තුළ ඇති ගැටලුවට විසඳුමක් ලෙස මෙම වැඩසටහන ක්‍රියාවට නැංවෙනවා. ඒ අනුව පසුගිය වසරේ ජනවාරි මස 15 වනදා ද කොකේන් මත්කුඩු කිලෝ ග්‍රෑම් 926 ක් විනාශ කෙරුණා. ඒ 2016 වසරේ දෙසැම්බර් 9 වනදා කොළඹ වරායට පැමිණි නෞකාවක් තුළ තිබියදී සොයාගත් මත්ද්‍රව්‍ය තොගයකුයි. අප්‍රේල් 3 වනදායින් පසු නීති විරෝධී මත්ද්‍රව්‍ය වැටලීම් තවදුරටත් ශක්තිමත් කරමින් මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ වැඩපිළිවෙළ වේගවත්ව ඉදිරියට ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබෙනවා.

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG