Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කුමන්ත්‍රණයෙන් මියන්මාරයේ රාජ්‍ය බලය එරට හමුදාව අත්පත් කරගෙන අදට වසර දෙකක්  

0 comments

කුමන්ත්‍රණයක් මගින් මියන්මාරයේ රාජ්‍ය බලය එරට හමුදාව අත්පත් කරගෙන අදට වසර දෙකක් සපිරෙනවා.

2021 වසරේ පෙබරවාරි පළමුවන දින මියන්මාර හමුදාව කුමන්ත්‍රණයක් මගින් බලයේ රැදී සිටි ප්‍රජාතන්ත්‍රවාදී රජය ඉවත්කර පාලන බලය අත්පත් කර ගත්තා.

එහිදී එරට නායිකාව ලෙස කටයුතු කළ අවුන් සාන් සූ චී ඇතුළු දේශපාලන ප්‍රබලයින් රැසක් අත්අඩංගුවට ගැනීමටයි මියන්මාර හමුදාව කටයුතු කළේ.

2021 වසරේ පෙබරවාරි පළමුවන දින සිට මේ දක්වා මියන්මාර හමුදා පාලනයට විරෝධය පළකරමින් රට පුරා උද්ඝෝෂණ ක්‍රියාත්මකයි.

හමුදාව සහ උද්ඝෝෂකයින් අතර හටගත් ගැටුම්වලින් සාමාන්‍ය වැසියන් 3,000ට ආසන්න සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර අත්අඩංගුවට ගෙන ඇති පිරිස 18,000ට ආසන්නයි.

 

 

The post කුමන්ත්‍රණයෙන් මියන්මාරයේ රාජ්‍ය බලය එරට හමුදාව අත්පත් කරගෙන අදට වසර දෙකක් appeared first on ITN News.

Read More »

ගත වූ පැය 24ට ලොව පුරා කොරෝනා නව ආසාදිතයින් 180,000ක්  

0 comments

ලොව පුරා රටවලින් හමුවී ඇති සමස්ත කොරෝනා වයිරස ආසාදිතයින් සංඛ්‍යාව හැටහත් කෝටි පනස් දෙලක්ෂය ඉක්මවා තිබෙනවා.

ගතවූ පැය 24ට පමණක් රටවල් 229 කින් හමුවී ඇති වයිරස ආසාදිතයින් සංඛ්‍යාව 180,000කට අධිකයි.

සිදුව ඇති මරණ සංඛ්‍යාව 1,058 ක්. ඊයේ දිනයේ දී වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් ජපානයෙන් හමුවී ඇති අතර එම සංඛ්‍යාව 60,000 ට ආසන්නයි.

එමෙන්ම තායිවානයෙන් 32,000 ක් ජර්මනියෙන් 21,000ක් හා දකුණු කොරියාවෙන් 19,000ක් ලෙස වයිරස ආසාදිතයින් හමුව තිබෙනවා.

ඊයේ ජපානයෙන් වාර්තා වූ කොරෝනා මරණ 246ත් සමඟ ලොව සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව හැටහත් ලක්ෂ හැටදෙදහස් හාරසිය විසිදෙක දක්වා ඉහළ ගියා.

 

 

 

The post ගත වූ පැය 24ට ලොව පුරා කොරෝනා නව ආසාදිතයින් 180,000ක් appeared first on ITN News.

Read More »

හිම කුණාටු තත්ත්වය හේතුවෙන් ඇමෙරිකාවේ ගුවන් ගමන් වාර දහසක් අවලංගු කරයි  

0 comments

හිම කුණාටු තත්ත්වය හේතුවෙන් ඇමෙරිකාවේ ගුවන් ගමන් වාර දහසක් අවලංගු කර තිබෙනවා.

අධික ශීත කාලගුණයත් සමග ඇතිව තිබෙන හිම කුණාටු තත්ත්වයෙන් මෙම ගුවන් ගමන් වාර අවලංගු කර ඇති බවයි වාර්තා වන්නේ. ඊයේ සවස 6 වනවිට ගුවන් ගමන් වාර 1,019 ක් අවලංගු කර තිබූ අතර ඉදිරි දින කිහිපයත් සමග එම ප්‍රමාණය වාර 16,000ට ආසන්න විය හැකි බවයි පැවසෙන්නේ. ඇමෙරිකාවේ සවුත්වේල්ස් එයාර් ලයින්ස් සමාගම ඇතුළු සමාගම් රැසක් මෙලෙස ගුවන් ගමන් අවලංගු කර ඇති අතර මේ හේතුවෙන් ගුවන් මගීන් දැඩි අපහසුතාවකට පත්ව ඇති බව විදෙස් මාධය වාර්තා කළා.

 

 

 

 

The post හිම කුණාටු තත්ත්වය හේතුවෙන් ඇමෙරිකාවේ ගුවන් ගමන් වාර දහසක් අවලංගු කරයි appeared first on ITN News.

Read More »

ජෝ බයිඩන් යුක්රේනයට එෆ් 16 ප්‍රහාරක යානා යැවීම ප්‍රතික්ෂේප කරයි  

0 comments

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් යුක්රේනයට එෆ් 16 ප්‍රහාරක යානා යැවීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

යුක්රේන ජනාධිපති වොල්දොමීර් සෙලෙන්ස්කි ලෝක ප්‍රජාවගෙන් යුද ආධාර ඉල්ලා සිටියේ පසුගිය සතියේයි. ඒ යටතේ බොහෝ රටවල් රුසියාවට එරෙහි යුක්රේන යුද්ධය සදහා සහාය ලබාදීමට කැමැත්ත පළකර තිබෙනවා. ඇමෙරිකාව ද අවි ආයුධ හා ආධාර මගින් යුක්රේනයට සහායවීමට කැමැත්ත පළකළා. කෙසේ වෙතත් මාධ්‍යවේදියෙකු ඇමෙරිකා ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්නකර සිටියේ එෆ් 16 ප්‍රහාරක යානා යුක්රේනයට ලබාදෙන්නේද යන්නයි. ජෝ බයිඩන් ජනාධිපතිවරයා නැත යනුවෙන් පිළිතුරු ලබාදී තිබෙනවා. එෆ් 16 ප්‍රහාරක යානා යනු ලොව වඩාත්ම විශ්වාසදායක සහ බිහිසුනු ප්‍රහාරක යානාවක්. දැනට පාකිස්තානය හා බෙල්ජියම ද මෙම යානා බහුලව භාවිතයට ගනු ලබනවා. කෙසේ වෙතත් ඇමෙරිකාව යුක්රේනයට යුද ටැංකි 31 ලබාදීමට නියමිතයි.

 

 

 

 

The post ජෝ බයිඩන් යුක්රේනයට එෆ් 16 ප්‍රහාරක යානා යැවීම ප්‍රතික්ෂේප කරයි appeared first on ITN News.

Read More »

පාකිස්තානයේ බෝම්බ ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව 59 දක්වා ඉහළට  

0 comments

පාකිස්තානයේ පෙෂාවෝ පොලිස් මූලස්ථානයේ මුස්ලිම් පල්ලියේ සිදුවූ බොම්බ පිපිරීමෙන් මියගිය සංඛ්‍යාව 59 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඊයේ දිනයේදී විශාල පිරිසක් මුස්ලිම් පල්ලිය තුළ රැදී සිටින අවස්ථාවක මෙම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ලවීම විශේෂත්වයක් සිද්ධියෙන් පුද්ගලයන් 157 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. මිය ගිය අය අතර 33 දෙනෙකුම පොලිස් නිලධාරීන් බවයි වාර්තා වන්නේ. එම අවස්ථාවේ පල්ලිය පිහිටි ප්‍රදේශයේ පොලිස් නිලධාරීන් 300ත් 400ත් අතර පිරිසක් රැදී සිට  තිබෙනවා. සිද්ධියේ පල්ලියේ ගොඩනැගිල්ලට ද හානි සිදුවුණා.  මෙම ප්‍රහාරය පිළිබද වැඩිදුර පරික්ෂණ සිදු කෙරෙනවා.

 

 

 

The post පාකිස්තානයේ බෝම්බ ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව 59 දක්වා ඉහළට appeared first on ITN News.

Read More »

පාකිස්තාන මුස්ලිම් පල්ලියකට බෝම්බ ප්‍රහාරයක් – 28 ක් මරුට  

0 comments

පාකිස්තානයේ මුස්ලිම් පල්ලියකට එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 28 දෙනෙකු මියගොස් තිබෙනවා.

වයඹදිග පාකිස්තානයේ පෙෂාවොර් නුවර මුස්ලිම් පල්ලියකටයි ප්‍රහාරය එල්ල වුණේ. 150කට වැඩි පිරිසක් තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි වාර්තා වන්නේ. පෙෂාවොර් රෝහල් ප්‍රකාශක මුහම්මද් අසීම් විදෙස් මාධ්‍යයට ප්‍රකාශ කර ඇත්තේ මියගිය අය අතර බහුතරයක් පොලිස් නිලධාරීන් බවයි. ප්‍රහාරය එල්ලවන අවස්ථාවේ පල්ලිය තුළ විශාල පිරිසක් රැදී සිට තිබෙනවා. බෝම්බ ප්‍රහාරයත් සමග පල්ලියේ ගොඩනැගිල්ලට ද දැඩි හානි සිදුවුණා. මෙය මරාගෙන මැරෙන ප්‍රහාරයක් බවයි වාර්තා වන්නේ.

 

 

 

 

 

 

 

The post පාකිස්තාන මුස්ලිම් පල්ලියකට බෝම්බ ප්‍රහාරයක් – 28 ක් මරුට appeared first on ITN News.

Read More »

ආයුධ ඉක්මනින් දෙන්නැයි යුක්රේන ජනපති ලෝක නායකයන්ගෙන් ඉල්ලයි  

0 comments

සටන් සදහා අවශ්‍ය ආයුධ ඉතා ඉක්මනින් බෙදා හරින්නැයි යුක්රේන ජනාධිපති වොල්දොමීර් සෙලෙන්ස්කි ලෝක නායකයන්ගෙන් ඉල්ලා සිටිනවා.

රුසියාව හා යුක්රේනය අතර ගැටුම් මේ වන විට උත්සන්න වී තිබෙනවා. කර්සන් නගරයට රුසියා හමුදා එල්ල කළ ෂෙල් ප්‍රහාරවලින් ඊයේ දිනයේ පුද්ගලයන් තුන් දෙනෙකු මිය ගියා. ඊයේ එල්ල කළ තවත් ප්‍රහාර දෙකක ඉලක්කය වී තිබුණේ පාසලක් හා රජයේ රෝහලක් .එම ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට අවශ්‍ය අවිආයුධ හැකි ඉක්මනින් ලබා දෙන්නැයි යුක්රේන ජනාධිපතිවරයා ඉල්ලීමක් කළා. මේ වනවිටත් යුක්රේනයට යුධ ටැංකි 321 ක් ලබාදීමට රටවල් කිහිපයක් කැමැත්ත  පල කර තිබෙනවා.

 

 

The post ආයුධ ඉක්මනින් දෙන්නැයි යුක්රේන ජනපති ලෝක නායකයන්ගෙන් ඉල්ලයි appeared first on ITN News.

Read More »

ලෝක බොරතෙල් මිල පහළට  

0 comments

ලෝක බොරතෙල් මිල පහත වැටී තිබෙනවා.

ගෝලීය බොරතෙල් නිෂ්පාදකයින් මෙම සතියේ දී රැස්වීමට නියමිත අතර එහිදී තෙල් සැපයුම අඛණ්ඩව නොවෙනස්ව පවත්වාගැනීමට ඉඩ ඇති බැවින් අද දිනයේ ලෝක බොරතෙල් මිල පහළ ගොස් ඇති බව විදෙස් වාර්තා සදහන් කරනවා. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකා ඩොලර් සත විස්සකින් පහළ ගියා. එමෙන්ම ඩබ්ලිව් ටි වර්ගයේ බොරතෙල් බැරලයක මිල ද සත 11 කින් පහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ. තෙල් නිෂ්පාදනය කරන රටවල් අයත්වන ඔපෙක් සංවිධානය ලබන පළමුවනදා මුණගැසීමට නියමිතයි.

 

 

 

 

The post ලෝක බොරතෙල් මිල පහළට appeared first on ITN News.

Read More »

පේරු රාජ්‍යයේ ලීමා අගනුර විරෝධතාකරුවන් සහ පොලීසිය අතර ගැටුම්  

0 comments

පේරු රාජ්‍යයේ ලීමා අගනුවර විරෝධතාවලින් එක් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

එරට ජනාධිපති ඩීනා බොලුආර්ටේට ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස බලකරමින් මෙම විරෝධතා පැවැත්වෙනවා. ඊයේ සිදුවූ මරණයත් සමග පසුගිය දෙසැම්බර් 8 වනදා සිට මේ දක්වා විරෝධතාවලින් මියගිය සංඛ්‍යාව 58 දක්වා ඉහළ ගොස් තිබෙනවා. පේරු රාජ්‍යයේ ලීමා අගනුර වීථි පුරා විරෝධතාකරුවන් සහ පොලීසිය අතර ගැටුම් මේ වනවිටත් පවතිනවා. ඊයේ මියගිය 55 හැවිරිදි වික්ටර් සැන්ටිස්ටබන් හිසට ඇතිවූ බරපතල තුවාල හේතුවෙන් මියගොස් ඇති බවයි පැවසෙන්නේ. විරෝධතාකරුවන්ගේ ඉල්ලීම් නොසලකමින් රජය කටයුතු කිරීම හේතුවෙන් මෙම විරෝධතා උත්සන්නවී තිබෙනවා.

 

 

 

 

The post පේරු රාජ්‍යයේ ලීමා අගනුර විරෝධතාකරුවන් සහ පොලීසිය අතර ගැටුම් appeared first on ITN News.

Read More »

පොලිස් නිලධාරියෙකු තැබූ වෙඩි ප්‍රහාරයකින් ඉන්දියාවේ ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍යවරයෙකු ජීවිතක්ෂයට  

0 comments

පොලිස් නිලධාරියෙකු තැබූ වෙඩි ප්‍රහාරයකින් ඉන්දියාවේ ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍යවරයෙකු වූ නබා කි‍ෂෝදාස් මහතා ජීවිතක්ෂයට පත්වුණා.

ඉන්දියාවේ ඔඩිසා ප්‍රාන්තයේ ජර්ෂු ගුඩා  දිස්ත්‍රික්කයේ පැවති වැඩසටහනකට සහභාගීවීමට පැමිණි අවස්ථාවේ පොලිස් නිලධාරියෙකු ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍යවරයාට වෙඩි තබා තිබෙනවා. ඔහුගේ පපුව ප්‍රදේශයට වෙඩි ප්‍රහාර දෙකක් වැදී අතර කඩිනමින් රෝහල් ගත කළ නබාදාස් මහතා ජීවිතක්ෂයට පත් වූ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.වෙඩි තැබීම සිදු කළ පොලිස් නිලධාරියා මානසික ආබාධයකින් පෙලෙන්නෙකු බව හෙලි වී තිබෙනවා. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මියගිය ප්‍රාන්ත අමාත්‍යවරයාගේ පවුලේ සාමාජිකයින් වෙත ශෝකය ප්‍රකාශ කරමින් සදහන් කර ඇත්තේ මෙම ක්‍රියාව වැරදි පූර්වාදර්ශයක් බවයි.

 

 

 

The post පොලිස් නිලධාරියෙකු තැබූ වෙඩි ප්‍රහාරයකින් ඉන්දියාවේ ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍යවරයෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

Read More »

පාකිස්ථානයේ බස්රථයක් පෙරළීමෙන් 40 දෙනෙකු ජීවිතක්ෂයට  

0 comments

පාකිස්ථානයේ පාලමක් මතින් බස්රථයක් පෙරළී ගොස් 40 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පකිස්තානයේ නිරිත දිග ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව තිබෙනවා. පාලම මතින් බස් රථය ගමන් කිරීමේදී කණුවක වැදී මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුව තිබෙනවා. බස් රථය පෙරළීමෙන් පසු ගිනි ගැනීමට ලක්ව ඇති අතර අනතුරට ලක්වී මියගිය පුද්ගලයින්ගේ සිරුරු හදුනාගැනීමට පවා නොහැකි වන ලෙස දැවී ගොස් ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කළේ. අනතුර සිදුවන විට බස් රථයේ පුද්ගලයින් 48 දෙනෙකු ගමන් කරමින් සිටියා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇස්තමේන්තුවලට අනුව පාකිස්ථානයේ වසරකට විසිහත් දහසකට වැඩි පිරිසක් රිය අනතුරු හේතුවෙන් මිය යන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

 

 

 

 

 

 

 

The post පාකිස්ථානයේ බස්රථයක් පෙරළීමෙන් 40 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

Read More »

මාලදිවයින් ජනපති ඊබ්‍රහිම් සෝලිට නැවතත් ජනපති අපේක්ෂකත්වය  

0 comments

මාලදිවයින් ජනාධිපතිවරයා එරට මීළඟ ජනාධිපතිවරණයේද පාලක පක්ෂයේ අපේක්ෂකයා බවට තේරී පත්ව තිබෙනවා.

මාලදිවයින් ජනාධිපති ඊබ්‍රහිම් සෝලි මීළඟ ජනාධිපතිවරණයේ අපේක්ෂකයා බවට තේරී පත්ව ඇත්තේ පක්ෂ සභාපති මාලදිවයින් හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් පරාජය කරමින්. ඊයේ රාත්‍රියේ පැවති පක්ෂ ඡන්ද විමසීමෙන් 60%ක කැමැත්තක් වත්මන් ජනාධිපතිවරයාට හිමිව තිබෙනවා. ඊබ්‍රහිම් සෝලි 2018 මාලදිවයින් ජනාධිපතිවරයා ලෙස තේරීපත්ව මේ තාක් ධූරයේ කටයුතු කරනවා. මාලදිවයින් ඉතිහාසය තුළ පාලක පක්ෂයේ ජනාධිපතිවරයෙකු දෙවන වරට ද අපේක්ෂකයෙකු ලෙසට තේරී පත්වූ පළමු වතාව මෙය වනවා.

 

 

 

The post මාලදිවයින් ජනපති ඊබ්‍රහිම් සෝලිට නැවතත් ජනපති අපේක්ෂකත්වය appeared first on ITN News.

Read More »

ඇමෙරිකානු කළු ජාතික තරුණයාගේ ඝාතනයට සම්බන්ධ පොලිස් ඒකකය විසිරුවා හැරේ  

0 comments

ඇමෙරිකානු කළු ජාතික තරුණයාගේ ඝාතනයට සම්බන්ධ පොලිස් ඒකකය විසිරුවා හැරීමට කටයුතු කර තිබෙනවා.

ටයර් නිකොලොස් තරුණයා ඝාතනය සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් 5 දෙනෙකුගේ වැඩ තහනම් කිරීම ද සිදුකෙරුණා. ඔවුන් සම්බන්ධ මෙම්පීස් පොලිස් දෙපාර්තමේන්තුවේ ස්කෝපියන් පොලිස් ඒකකය විසිරුවා හැරීමටයි කටයුතු කෙරුණේ. මෙම ඒකකය පනස් දෙනෙකුගෙන් සමන්විත ඒකකයක් වන අතර විශේෂයෙන්ම වීදි අපරාධ සම්බන්ධයෙන් කටයුතු කළ ඒකකයක් වනවා. තරුණයාගේ ඝාතනය සම්බන්ධයෙන් ඊයේ දිනයේදී ආරක්ෂක කැමරා දර්ශන මාධ්‍යයට නිකුත් වුණා.

 

 

 

 

The post ඇමෙරිකානු කළු ජාතික තරුණයාගේ ඝාතනයට සම්බන්ධ පොලිස් ඒකකය විසිරුවා හැරේ appeared first on ITN News.

Read More »

ඊශ්‍රාලයේ සිදුවූ වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් පුද්ගලයන් හතලිස් දෙදෙනෙකු අත්අඩංගුවට  

0 comments

ඊශ්‍රාලයේ සිදුවූ වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් පුද්ගලයන් හතලිස් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නැගෙනහිර ජෙරුසෙලමේ දේවස්ථානයක් තුළ ඊයේ දිනය තුළ සිදුවූ වෙඩි ප්‍රහාරයෙන් පුද්ගලයින් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. වෙඩි ප්‍රහාරයට ලක්වුණේ යුදෙව් ආගමික කටයුතු කරමින් සිටි පිරිසක්. ප්‍රහාරය සම්බන්ධයෙන් වේගවත් ප්‍රතිචාර දක්වන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කර තිබෙනවා. ඊයේ සිදුවීමේදී පොලිසිය තැබූ වෙඩි ප්‍රහාරයකින් වෙඩික්කරුද මිය ගියා.

 

 

 

 

The post ඊශ්‍රාලයේ සිදුවූ වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් පුද්ගලයන් හතලිස් දෙදෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.

Read More »

ඉන්දීය ගුවන් යානා දෙකක් එකිනෙක ගැටෙයි  

0 comments

ඉන්දීය ගුවන් හමුදාවේ යානා දෙකක් ගුවන් හමුදා අභ්‍යාසයකදී එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුවුණා.

අනතුරෙන් එක් නියමුවෙක් මිය ගොස් තිබෙනවා. ඉන්දියාවේ මධ්‍ය ප්‍ර දේශයේ ග්වාලිය ගුවන් හමුදා කඳවුරෙන් ගුවන් ගත කළ යානා දෙකකුයි මේ ආකාරයට අනතුරට පත්වුණේ.

 

 

The post ඉන්දීය ගුවන් යානා දෙකක් එකිනෙක ගැටෙයි appeared first on ITN News.

Read More »

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ධාවන කටයුතුවලට බාධා  

0 comments

දකුණු කළුතර දුම්රිය ස්ථානය අසළදී දුම්රිය එන්ජිමක් පීලි පැනීම නිසා මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු අඩපණ වී තිබෙනවා.

දකුණු කළුතර සිට මරදාන දක්වා භාණ්ඩ ප්‍රවාහනය සඳහා යොදා ගන්නා දුම්රියක එන්ජිමකුයි මෙලෙස පීලිපැනීමට ලක්ව ඇත්තේ. දකුණු කළුතර දුම්රිය ස්ථානය ආසන්නයේදී එන්ජිම මාරු කිරීම සඳහා ගමන්ගත් මොහොතේදී පීලි පැනීම සිදුවුණා. මේ නිසා දුම්රිය මාර්ගයේ කොන්ක්‍රීට් සිල්පර කිහිපයකට ද හානි සිදුවී තිබෙනවා.

 

 

 

The post මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ධාවන කටයුතුවලට බාධා appeared first on ITN News.

Read More »

තම රටට මිත්‍ර රටවලින් යුද ටැංකි 321ක් ලැබෙන බව යුක්‍රේනය කියයි  

0 comments

යුක්‍රේනය තමන්ට මිත්‍ර රටවලින් යුද ටැංකි 321ක් ලැබෙන බව නිවේදනය කර තිබෙනවා.

යුක්‍රේනය විසින් තමන්හට මිත්‍ර රටවල් වලින් සන්නද්ධ අවි ආයුධ සහ යුද ටැංකි 321ක් ලැබෙන බව සඳහන් කර තිබෙනවා. ප්‍රංශයේ යුක්‍රේන තානාපතිවරයායි රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් මේ බව සඳහන් කර ඇත්තේ. පසුගියදා ජර්මනියේදී යුක්‍රේන මිත්‍ර රටවල් මිලිටරි ආධාර ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වුවා. ඒ අනුව මේ වන විට සන්නද්ධ අවි ආයුධ ලබාදීම සම්බන්ධයෙන් එම රටවල් එකගතාවයකට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් කොපමණ ආයුධ එක් එක් රටවලින් ලැබෙනවාද යන්න සම්බන්ධයෙන් තවමත් හෙළිව නැහැ.

 

 

 

 

The post තම රටට මිත්‍ර රටවලින් යුද ටැංකි 321ක් ලැබෙන බව යුක්‍රේනය කියයි appeared first on ITN News.

Read More »

ඇමරිකාවේ හිටපු කතානායකගේ සැමියාට පහර දුන් සිද්ධියේ දර්ශන මාධ්‍යයට  

0 comments

එක්සත් ජනපද හිටපු කතානායක නැන්සි පෙලෝසිගේ සැමියාට පහර දුන් සිද්ධියේ දර්ශන මාධ්‍යය වෙත නිකුත් කර වී තිබෙනවා.

පසුගිය ඔක්තෝබර් මාසයේ එක්සත් ජනපද හිටපු කතානායිකා නැන්සි පෙලෝසිගේ සැමියා වන පෝල් පෙලෝසිට සිය නිවසේදිම ප්‍රහාරයක් එල්ල වුණා.

82 හැවරිදි පෝල් පෙලෝසිට පොරොවක් භාවිතයෙන් පහරදීමට ඩේවිඩ් ඩිපෙට් නැමැත්තෙක් කටයුතු කළා.

පහරදීමෙන් පසු පෝල් පෙලෝසි සති කිහිපයක් රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ අතර මේ වන විට සුවය ලබා තිබෙනවා. පහරදුන් තැනැත්තා අත්අඩංගුවට ගත් අතර ඔහු සදහන් කර ඇත්තේ තමන් පැමිණියේ කතානායිකා නැන්සි පෙලෝසි පැහැරගෙන යාමට බවයි.

 

 

 

The post ඇමරිකාවේ හිටපු කතානායකගේ සැමියාට පහර දුන් සිද්ධියේ දර්ශන මාධ්‍යයට appeared first on ITN News.

Read More »

ඇමෙරිකා පොලීසියේ පහරදීමෙන් තරුණයෙකු මියයයි  

0 comments

ඇමෙරිකා පොලීසියේ පහරදීමෙන් අවාසනාවන්ත ලෙස තරුණයෙකු මිය ගොස් තිබෙනවා. මියගිය පුද්ගලයාට පහර දෙන දර්ශන අද මාධ්‍යට නිකුත් වුණා.

ඇමෙරිකා පොලීසිය මාර්ග නීති උල්ලංඝණය කළ තරුණයෙකුට පහරදෙන වීඩියෝ දර්ශන මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.29 හැවිරිදි ටයර් නිකොලොස් නැමැති තරුණයෙකු මාර්ග නීති උල්ලංඝණයකට අත්අඩංගුවට ගැනීමෙන් පසු පොලීස් පහරදීමකට ලක්ව තිබෙනවා.පහරදීමෙන් පසු දින තුනක් අසාද්‍ය තත්ත්වයේ පසු වූ නිකොලොස් ජීවිතක්ෂයට පත්වුණා. ඒ සම්බන්ධයෙන් ආරක්ෂක කැමරාවල සටහන් වූ  දර්ශන අද උසාවිය විසින් මාධ්‍යයට නිකුත් කර තිබුණා.2020 වසරේදී ද ඇමෙරිකා පොලීසිය කළ පහරදීමකින් පසු ජෝර්ජ් ෆ්ලොයිඩ් නැමැති පුද්ගලයෙකු මිය ගිය අතර ඇමෙරිකා පොලීසියට සහ රජයට ඒ සම්බන්ධයෙන් දැඩි අප්‍රසාදයක් පල වුණා.

 

The post ඇමෙරිකා පොලීසියේ පහරදීමෙන් තරුණයෙකු මියයයි appeared first on ITN News.

Read More »

නැගෙනහිර ජෙරුසෙලමේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 7 දෙනෙකු ජීවිතක්ෂයට  

0 comments

නැගෙනහිර ජෙරුසෙලමේ යුදෙව් ආගමික ස්ථානයක් තුළ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

තවත් පුද්ගලයන් 3 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ. ත්‍රස්තවාදී අරමුණු සහිත පුද්ගලයෙකු මෙම ප්‍රහාරය එල්ලකර ඇති බව ඊශ්‍රායල පොලිසිය පැවසුවා. නැගෙනහිර ජෙරුසෙලෙමේ ජීවත්වන පලස්තීන ජාතිකයෙකුයි ප්‍රහාරය එල්ල කර ඇත්තේ. පසුගිය වසර කිහිපය තුල ජෙරුසෙලමට එල්ලවූ දරුණුතම ප්‍රහාරයක් ලෙස මෙය හැදින්වෙනවා.යුදෙව් සබත් වන්දනා සඳහා ඊශ්‍රායල ජාතිකයන් පිරිසක් රැස්ව සිටි අවස්ථාවේදී ප්‍රහාරය එල්ල කෙරුණා. පොලිසිය තැබූ වෙඩි ප්‍රහාරයකින් ප්‍රහාරකයා ද මරණයට පත්ව තිබෙනවා.

 

 

 

The post නැගෙනහිර ජෙරුසෙලමේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 7 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

Read More »

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණෙයි  

0 comments

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණ තිබෙනවා. ඒ පාස්කු ප්‍රහාරයට අදාළ නඩුවකට පෙනී සිටිම සදහායි.

පාස්කු ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට අපොහොසත් වීම ඇතුලු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සිරිල් ගාමිණි පියතුමා සහ එම ප්‍රහාරයෙන් වින්දිතයෙකු වු ජේසුදාසන් නඩේසන් යන අය පෞද්ගලික පැමිණිල්ලක් ගොනු කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් අධිකරණයට පෙනී සිටින ලෙස මෛත්‍රීපාලන සිරිසේන මහතාට නොතිසි නිකුත් කර තිබුණා.

ඒ අනුව ඔහු අද දින අධිකරණයට පැමිණ සිටින බවයි වාර්තා වන්නේ.

 

 

The post හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණෙයි appeared first on ITN News.

Read More »

රුසියාව අත්පත් කරගත් යුක්‍රේන න්‍යෂ්ටික බලාගාරයක පිපිරීම් කිහිපයක්  

0 comments

රුසියාව අත්පත් කරගත් යුක්‍රේන න්‍යෂ්ටික බලාගාරයක පිපිරීම් කිහිපයක් සිදුව ඇති බව වාර්තා වනවා.

මාස කිහිපයකට පෙර රුසියාව විසින් යුක්‍රේනයට අයත් සපොරිෂිෂා න්‍යෂ්ටික බලාගාරය අත්පත් කරගත්තා. ඊයේ දිනයේ මෙම බලාගාරය ආසන්න ප්‍රදේශයේ පිපිරීම් වාර්තා වූ බව සඳහන් කරන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් කෙසේ වෙතත් රුසියාව පවසන්නේ මෙය කටකතාවක් බවයි. මාර්තු මාසයේ මෙම බලාගාරය අත්පත් කරගත්  පසු ඒ ආසන්නයේ යුක්‍රේන හමුදා සහ රුසියා හමුදා අතර ගැටුම් සිදු වුණා. විදෙස් මාධ්‍යවාර්තා කරන්නේ මෙම බලාගාරය අසල පිපිරීම් 08 ක් සිදු වී ඇති බවයි.

 

 

 

The post රුසියාව අත්පත් කරගත් යුක්‍රේන න්‍යෂ්ටික බලාගාරයක පිපිරීම් කිහිපයක් appeared first on ITN News.

Read More »

ඊශ්‍රාලය පලස්තීනයට එල්ල කළ ප්‍රහාරවලින් 09 දෙනෙකු ජීවිතක්ෂයට  

0 comments

ඊශ්‍රාලය පලස්තීනයට එල්ල කළ ප්‍රහාරවලින් 09 දෙනෙකු මියගොස් තිබෙනවා.

ඊශ්‍රාලය ඊයේ දිනයේදී පලස්තීනයේ හඳුනාගත් ඉලක්ක කිහිපයකට ගුවන් ප්‍රහාර එල්ල කර තිබෙනවා. මෙම ප්‍රහාරවලින්  වැඩිහිටි කාන්තාවක ඇතුළු සාමාන්‍ය වැසියන් 09 දෙනෙකු මිය ගිය බවයි පලස්තීනය පවසන්නේ.ඝාසා තීරයේ ක්‍රියාත්මක ප්‍රංශ පුවත් සේවය පවසන්නේ ඊශ්‍රාලය ගුවන් ප්‍රහාර 15 ක් සහ තවත් විශාල ප්‍රමාණයේ පිපිරීම් 4 ක් පලස්තීනය තුළ සිදු කළ බවයි.

මේ අතර පලස්තීනයෙන් ඊශ්‍රාලයට රොකට් ප්‍රහාර 02 ක් එල්ල කළ බවට චෝදනා එල්ල වන අතර මේ පිළිබඳ පලස්තීනයේ කිසිඳු සංවිධානයක් වගකීම් භාරගෙන නැහැ. කෙසේ වෙතත් එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙම ප්‍රහාර සම්බන්ධයෙන් අප්‍රසාදය පල කර තිබෙනවා.

 

 

The post ඊශ්‍රාලය පලස්තීනයට එල්ල කළ ප්‍රහාරවලින් 09 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

Read More »

තායිලන්ත රජකිරුළට අපහාස කළ පුද්ගලයෙකුට වසර 28ක සිර දඬුවමක්  

0 comments

තායිලන්ත රජකිරුළට අපහාස කළ පුද්ගලයෙකුට වසර 28 ක සිර දඬුවම් නියම වුණා.

තායිලන්ත රාජාණ්ඩුවට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ නිග්‍රහ වන අන්දමේ අදහස් පල  කලා යැයි කියන චෝදනා මත අදාළ පුද්ගලාව අත්අඩංගුවටගෙන මෙසේ සිරගත කොට තිබෙනවා. මොංකෝල්  නැමැති 29 හැවිරිදි සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකුයි මෙලෙස සිරගත කළේ. ඔහුට විරුද්ධව අධිකරණය විසින් වසර 42 ක සිර දඬුවම් නියම කළ ද ඉන් පසු එය වසර 28ක් දක්වා අඩු කෙරුණා. රජ කිරුළට අපහාස කිරීමේ චෝදනා මත මීට පෙර වැඩිම කාලයක් සඳහා සිරදඬුම් නියම කළේ 2021දී කාන්තාවකට වන අතර ඒ වසර 43 ක් සඳහායි. තායිලන්තයේ මේ වන විට පවතින්නේ නාමමාත්‍රික රාජාණ්ඩුවක් වන අතර වත්මන් රජු වන්නේ මහා වජිරලොන්කොන්ය.

 

 

 

The post තායිලන්ත රජකිරුළට අපහාස කළ පුද්ගලයෙකුට වසර 28ක සිර දඬුවමක් appeared first on ITN News.

Read More »

ඇෆ්ගනිස්ථායේ ශීත කාලගුණයෙන් මිය ගිය සංඛ්‍යාව 162 දක්වා ඉහළට  

0 comments

ඇෆ්ගනිස්ථායේ ශීත කාලගුණයෙන් මිය ගිය සංඛ්‍යාව 162 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

නිවාස උණුසුම් කිරීමට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීමට නොහැකි වීම මරණ සංඛ්‍යාව ඉහළ යාමට හේතුව බවයි වාර්තා වන්නේ. මේ වන විට ඇෆ්ගනිස්ථානයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක සෘණ 34 දක්වා පහළ බැස තිබෙනවා.

 

 

 

The post ඇෆ්ගනිස්ථායේ ශීත කාලගුණයෙන් මිය ගිය සංඛ්‍යාව 162 දක්වා ඉහළට appeared first on ITN News.

Read More »

හිම කුණාටු හේතුවෙන් ක්‍රොඒෂියාවට දැඩි බලපෑම්  

0 comments

ක්‍රොඒෂියාවට හිම කුණාටු හේතුවෙන් දැඩි බලපෑම් එල්ලවී තිබෙනවා.

අධික හිම පතනය හේතුවෙන් එරට මාර්ග හා පාලම් රැසක් වසා දැමීමට සිදුව තිබෙනවා. අධිවේගී මාර්ග රැසක ධාවන කටයුතු ද අත්හිටුවා ඇති බවයි වාර්තා වන්නේ.

අධික සුළං සහ කුණාටු තත්ත්වය සම්බන්ධයෙන් රතු නිවේදන නිකුත් කිරීමට ද එරට කාලගුණ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. ඊයේ දිනය තුළදී මධ්‍යම ක්‍රොඒෂියාවේ ඇතැම් ස්ථානවලට සෙන්ටිමීටර් 25 ඉක්මවූ හිම පතනයක් ලැබී ඇති බවද සදහන්.

පසුගිය සතියේ සිට ක්‍රොඒෂියා, ස්ලෝවේනියා, බොස්නියා හා ඔස්ට්‍රියාවේ ප්‍රදේශ රැසකට අධික හිමපතනයෙන් බලපෑම් එල්ලවී තිබෙනවා.

 

 

 

 

The post හිම කුණාටු හේතුවෙන් ක්‍රොඒෂියාවට දැඩි බලපෑම් appeared first on ITN News.

Read More »

ට්‍රම්ප්ට ෆේස්බුක් හා ඉන්ස්ටර්ග්‍රෑම් නැවත පරිශීලනය කිරීමට අවස්ථාව  

0 comments

ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ෆේස්බුක් හා ඉන්සටර්ග්‍රෑම් සමාජ ජාලා යෙදවුම් නැවත පරිශීලනය කිරීමට අවස්ථාව ලබාදීමට මෙටා සමාගම තීරණය කර තිබෙනවා.

ඇමෙරිකාවේ පසුගිය ජනාධිපතිවරණ සමයේදී උද්ගත වූ තත්ත්වයත් සමග ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සමාජ ජාලා ගිණුම් රැසක් තාවකාලිකව අක්‍රිය කිරීමට අදාළ සමාගම කටයුතු කළා.

ඒ යටතේ මෙටා සමාගම හිටපු ජනාධිපතිවරයාට පැනවූ වසර 2 ක තාවකාලික තහනම ලබන සතියේදී අවසන්වීමත් සමග ඔහුට නැවතත් ෆේස්බුක් හා ඉන්ස්ටර්ග්‍රෑම් සමාජ ජාලා ගිණුම් පරිශීලනය කිරීමට අවස්ථාව හිමි වනවා.

ඇමෙරිකාවේ කැපිටල් ගොඩනැගිල්ලට පහරදීමට තම පාක්ෂිකයන් මෙහෙයවූ බවටයි ඩොනල්ඩ් ට්‍රම්ප්ට චෝදනා එල්ල වූයේ. එම තත්ත්වයන් යටතේ ඔහුගේ සමාජ ජාලා ගිණුම් තාවකාලිකව අක්‍රිය කිරීමට තමන්ට සිදු වූ බව මෙටා සමාගම නිවේදනය කරනවා.

කෙසේ වුවද ඔහුගේ සමාජ ජාලා ගිණුම් අක්‍රිය කිරීමත් සමග තෘත් නමින් නව සමාජජාලා යෙදවුමක් හදුන්වාදීමට ද හිටපු ජනාධිපතිවරයා පියවර ගත්තා.

 

 

The post ට්‍රම්ප්ට ෆේස්බුක් හා ඉන්ස්ටර්ග්‍රෑම් නැවත පරිශීලනය කිරීමට අවස්ථාව appeared first on ITN News.

Read More »

ඊයේ දිනයේදී වැඩිම කොරෝනා ආසාදිතයින් හා මරණ ජපානයෙන්  

0 comments

ගතවූ පැය 24ට ලොවපුරා රටවල් 229කින් හමුවී ඇති වයිරස් ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ දෙක ඉක්මවා තිබෙනවා. සිදුව ඇති මරණ සංඛ්‍යාව 1186ක්.

ඊයේ දිනයේදී වැඩිම  කොරෝනා වයිරස් ආසාදිතයින් හා මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ ජපානයෙන්. එරටින් හමුවූ වයිරස් ආසාදිතයින් සංඛ්‍යාව අසූදහසකට ආසන්න වනවා. එමෙන්ම ඇමෙරිකාවේ විසිහය දහසක්, දකුණු කොරියාවෙන් දහනව දහසක් හා තායිවානයෙන් දහසය දහසක් ලෙස වයිරස් ආසාදිතයින් හමුව තිබෙනවා. ඒ සමගම ලොව සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව හැටහත් කෝටි හතලිස් ලක්ෂය ඉක්මවා ගියා. සිදුව ඇති මරණ සංඛ්‍යාව හැටහත් ලක්ෂ පනස් එක් දහස් අටසිය අනූදෙකක්.

 

 

 

The post ඊයේ දිනයේදී වැඩිම කොරෝනා ආසාදිතයින් හා මරණ ජපානයෙන් appeared first on ITN News.

Read More »

අධික ශීතලෙන් ඇෆ්ගනිස්ථානයේ 157 දෙනෙකු මියයයි  

0 comments

ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 157 දෙනෙකු මියගොස් ඇති බව තලෙයිබාන් බලධාරීන් පවසනවා.

ජනවාරි මාසයේ මුල සති කිහිපයේ සිටම මේ දක්වා උෂ්ණත්වය සෙල්සියස් අංශක සෘණ 28ක් වනවා.

පවතින අධික ශීත කාලගුණය හේතුවෙන් ගොවිපොළවල සතුන් 70000 ක් පමණද මියගොස් ඇති බවයි එරට ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශකයකු පවසන්නේ.

මෙය දශක ගණනකින් ඇෆ්ගනිස්ථානයට බලපෑ දරුණුතම ශීත කාලගුණික තත්ත්වය වනවා.

ආපදාවට ලක්වූවන් මුදවා ගැනීමට කඳුකර ප්‍රදේශවලට හමුදා හෙලිකොප්ටර් යානා යවා ඇතත් අධික හිමපතනය හේතුවෙන් එම යානා ගොඩබෑමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ඇෆ්ගනිස්ථානයට ලැබෙන මානුෂීය ආධාර අවම මට්ටමක පවතින බව ද තලෙයිබාන් සංවිධානයේ ප්‍රකාශකවරයෙකු සඳහන් කරනවා.

 

The post අධික ශීතලෙන් ඇෆ්ගනිස්ථානයේ 157 දෙනෙකු මියයයි appeared first on ITN News.

Read More »

ඇමෙරිකාවෙන් සහ ජර්මනියෙන් යුක්රේනයට යුද ටැංකි  

0 comments

ඇමෙරිකාව සහ ජර්මනිය යුක්රේනයට යුද ටැංකි ලබාදීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව යුද ටැංකි 44 ක් ලබා දෙනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න්ගේ පරිපාලනය විසින් එම් වන් ඒබ්‍රහම් වර්ගයේ යුද ටැංකි 30 ක් ලබා දීමටයි තීරණය කර ඇත්තේ.

එමෙන්ම ජර්මන් චාන්සලර් ඕලාෆ් ස්කොලර්ස් ලෙපර්ඩ් ටූ වර්ගයේ යුද ටැංකි 14 ක් ලබාදෙන බව එරට පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබෙනවා.

මෙම අධි තාක්ෂණික උපකරණවලින් සමන්විත යුද ටැංකි යුක්රේනයට ලබාදීම පිළිබදව රුසියාව හෙළා දැක තිබෙනවා.

මෙම තීරණය තුලින් කිසිදු දෙයක් යහපත් ප්‍රතිචාරයක් ලබා නොදෙන බවයි එක්සත් ජනපදයේ රුසියනු තානාපතිවරයා සදහන් කරන්නේ.

 

The post ඇමෙරිකාවෙන් සහ ජර්මනියෙන් යුක්රේනයට යුද ටැංකි appeared first on ITN News.

Read More »

හඳුනාගත නොහැකි ශ්වසන රෝගයක් – උ.කොරියාවේ පියොංයෑං නගරය ලොක්ඩවුන්  

0 comments

හඳුනාගත නොහැකි ශ්වසන රෝගයක් හේතුවෙන් උතුරු කොරියාවේ පියොංයෑං නගරය දින 5කට වසා දමා තිබෙනවා.

මෙය කොවිඩ් 19 වයිරසය ද යන්න උතුරු කොරියා මාධ්‍ය වාර්තා කර නැහැ.

පියොංයෑං  නුවර ජනතාව නිවෙස්වල රැඳි සිටිය යුතු අතර සෑම දිනකම කිහිපවතාවක් උෂ්ණත්ව පරීක්ෂාවන්ට ලක්විය යුතු බවයි උතුරු කොරියා සෞඛ්‍ය අංශ උපදෙස් ලබා දී ඇත්තේ.

උතුරු කොරියාවේ පසුගිය වසරේ පළමු කොවිඩ් 19 රෝගීයා වාර්තා වු අතර අගෝස්තු මාසය වන විට වාර්තා කෙරුණේ කොවිඩ් 19 සම්පුර්ණයෙන්ම පාලනය කළ බවටයි. කෙසේවෙතත් කොවිඩ් 19 රෝගීන් කොපමණ ප්‍රමාණයක් වාර්තා වුණේ ද යන්න මෙතෙක් වාර්තා කර නැහැ.

The post හඳුනාගත නොහැකි ශ්වසන රෝගයක් – උ.කොරියාවේ පියොංයෑං නගරය ලොක්ඩවුන් appeared first on ITN News.

Read More »

නවසීලන්තයේ කම්කරු නායක ක්‍රිස් හිප්කින්ස් නව අගමැති ලෙස දිවුරුම් දෙයි  

0 comments

නවසීලන්තයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස එරට කම්කරු නායක ක්‍රිස් හිප්කින්ස් දිවුරුම් දී තිබෙනවා.

නවසීලන්ත හිටපු අග්‍රාමාත්‍ය ජසින්ඩා ආඩ්න් ගේ ඉවත්වීමෙන් පසුව ක්‍රිස් හිප්කින්ස් තෝරා පත් කර ගනු ලැබුවා.

44 හැවිරිදි ක්‍රිස් හිප්කින්ස් නවසීලන්තය ඔක්තෝබර් මාසය දක්වා පාලනය කරනු ඇති අතර ඔක්තෝබර් මාසයේ දී එරට මහ මැතිවරණය පැවැත්වීමට නියමිතයි.

ක්‍රිස් හිප්කින්ස් වෙලින්ටන් හි වික්ටෝරියා විශ්වවිද්‍යාලයෙන් දේශපාලනය සහ අපරාධ විද්‍යාව පිළිබද ප්‍රධාන උපාධියක් සමග ශාස්ත්‍රවේදී උපාධියක්ද ලබාගෙන තිබෙනවා.

ඔහු ප්‍රතිපත්ති උපදේශකයෙකු මෙන්ම පුහුණු කළමනාකරුවෙකු ලෙසද කටයුතු කර ඇති අතර රැකියා ගණනාවක නිරතව තිබෙනවා.

The post නවසීලන්තයේ කම්කරු නායක ක්‍රිස් හිප්කින්ස් නව අගමැති ලෙස දිවුරුම් දෙයි appeared first on ITN News.

Read More »

රුසියාව සහ චීනය සමඟ ඒකාබද්ධ යුද අභ්‍යාසයක් සිදුකිරීමට දකුණු අප්‍රිකාව සූදානම්  

0 comments

රුසියාව සහ චීනය සමඟ ඒකාබද්ධ යුද අභ්‍යාසයක් සිදුකිරීමට දකුණු අප්‍රිකාව සූදානම් වනවා.

යෝජිත යුද අභ්‍යාසය බටහිර රටවල දැඩි විවේචනයට ලක්ව ඇති අතර දකුණු අප්‍රිකාව සදහන් කරන්නේ එය මිත්‍රයින් අතර පවත්නා ගනුදෙනුවක් බවයි. ඒ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් දකුණු  අප්‍රිකා,  රුසියා විදේශ අමාත්‍යවරුන් අතර පැවැත්වුණා. රුසියාවට පක්ෂපාත රටක් ලෙසයි දකුණු අප්‍රිකාව සැලකෙන්නේ. මේ අතර ඇමෙරිකාවේ භාණ්ඩාගාර ලේකම්වරයා ද හෙට දිනයේ දී දකුණු අප්‍රිකාවේ සංචාරයක නිරතවීමට නියමිත බව විදෙස් මාධ්‍ය සදහන් කරනවා.

 

 

 

 

The post රුසියාව සහ චීනය සමඟ ඒකාබද්ධ යුද අභ්‍යාසයක් සිදුකිරීමට දකුණු අප්‍රිකාව සූදානම් appeared first on ITN News.

Read More »

යුරෝපා සංගමය ඉරානයට නව සම්බාධක පනවයි  

0 comments

ඉරානයට නව සම්බාධක පැනවීමට යුරෝපා සංගමය පියවර ගෙන තිබෙනවා.

ඉරාන බලධාරීන් හා සංවිධාන තිහකට අධික සංඛ්‍යාවකට මෙලෙස නව සම්බාධක පැනවීමට පියවර ගත් බවයි යුරෝපා සංගමය නිවේදනය කරන්නේ. උද්ඝෝෂකයින් මර්දනය කිරීම හා මානව හිමිකම් කඩකිරීම යන චෝදනා යටතේ ඉරාන ආරක්ෂක අංශ ප්‍රධානීන් කිහිප දෙනෙකුටද සම්බාධක පනවා තිබෙනවා. ඉරානයේ ක්‍රියාත්මක විශේෂ හමුදා භට ඛණ්ඩය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කිරිම සම්බන්ධයෙන්ද අවධානය යොමුව ඇති බවයි යුරෝපා ආරංචි මාර්ග සදහන් කරන්නේ. ඒ සම්බන්ධයෙන් යුරෝපා රජයන් හා යුරෝපා පාර්ලිමේන්තුව තුළ සාකච්ඡාවට බදුන්ව තිබෙනවා. මේ අතර ඇමෙරිකාව හා බ්‍රිතාන්‍යයද ඉරානයට නව සම්බාධක පැනවීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

 

 

 

The post යුරෝපා සංගමය ඉරානයට නව සම්බාධක පනවයි appeared first on ITN News.

Read More »

උතුරු දිග චීනයේ මෝහේ නගරයේ උෂ්ණත්වය වාර්තාගත ලෙස පහළට  

0 comments

උතුරු දිග චීනයේ මෝහේ නගරයේ උෂ්ණත්වය වාර්තාගත ලෙස පහළ ගොස් තිබෙනවා.

උතුරු දිග චීනයේ හෙලෝන්ජින් ප්‍රාන්තයේ මෝහේ නගරය පිහිටා ඇත්තේ රුසියානු දේශසීමාව ආසන්නයේයි. මෝහේ නගරයේ උෂ්ණත්වය අද වාර්තා වූයේ සෙල්සියස් අංශක සෘණ පනස් තුනක් ලෙසයි. මීට පෙර 1969 වසරේ එම නගරයෙන් වාර්තා වී ඇති අඩුම උෂ්ණත්වය සටහන් වූ අතර එය සෙල්සියස් අංශක සෘණ පනස් දෙකයි දශම තුනක් ලෙස දැක්වෙනවා. කෙසේ වුවද චීනයේ වාර්තා වී ඇති අඩුම උෂ්ණත්වය සටහන් වී ඇත්තේ සෙල්සියස් අංශක සෘණ පනස් අටක් ලෙසයි. ඒ 2009 වසරේ දෙසැම්බර් මාසයේ දී මොන්ගෝලියාවෙන්. මෝහේ නගරයට මාස අටක පමණ කාලයක් ශීත කාලගුණයෙන් බලපෑම් එල්ල වන අතර එහි පහස විදීමට සංචාරකයින් දහස් ගණනක් එම කාලය තුලදී නගරයට පැමිණෙනවා.

 

 

The post උතුරු දිග චීනයේ මෝහේ නගරයේ උෂ්ණත්වය වාර්තාගත ලෙස පහළට appeared first on ITN News.

Read More »

සෝමාලියාවේ මොගඩිෂුහි නගරාධිපති කාර්යාලයට එල්ල වු බෝම්බ ප්‍රහාරයකින් 5 දෙනෙකු ජිවිතක්ෂයට  

0 comments

සෝමාලියාවේ මොගඩිෂුහි නගරාධිපති කාර්යාලයට එල්ල වු බෝම්බ ප්‍රහාරයකින් 5 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

ඉස්ලාමිය සටන්කාමීන් මෙම ප්‍රහාරය එල්ල කලේ ඊයේ පස්වරුවේයි. අල්ෂබාබ් ත්‍රස්ත කණ්ඩායමක් මෙම ප්‍රහාරය එල්ල කළ අතර ප්‍රහාරයෙන් පසු වෙඩි හුවමාරුවක් ද සිදුව තිබෙනවා. කෙසේ වෙතත් එම ප්‍රහාරවලින් ත්‍රස්ත සාමාජිකයන් 6 දෙනෙකු ද මිය ගොස් තිබෙනවා. මේ වන විට ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කර ඇති බවයි සොමාලියා ආරක්ෂක අංශ සදහන් කළේ.

 

 

 

The post සෝමාලියාවේ මොගඩිෂුහි නගරාධිපති කාර්යාලයට එල්ල වු බෝම්බ ප්‍රහාරයකින් 5 දෙනෙකු ජිවිතක්ෂයට appeared first on ITN News.

Read More »

පාකිස්තානය පුරා දැවැන්ත විදුලි බිඳ වැටීමක්  

0 comments

පාකිස්තානය පුරා දැවැන්ත විදුලි බිඳ වැටීමක් සිදුව ඇති බව වාර්තා වනවා.

එරට වේලාවෙන් අද උදෑසන 7.34ටයි මෙම විදුලි බිඳ වැටීම සිදුවුනේ. පාකිස්තානයේ කරච්චි,  ලාහෝර්,  රාවල්පින්ඩි හා ක්වේට්ටා ප්‍රදේශවලින් මෙම විදුලි බිඳවැටීම් වාර්තා වනවා. පද්ධතියේ නඩත්තු කටයුතු හේතුවෙන් විදුලි බිඳ වැටීම සිදුව ඇති බවටයි වාර්තා වන්නේ. 2001 සහ 2002 වසර වල එරට විදුලි සැපයුම් පද්ධතියේ කුළුණු කිහිපයක් කඩා වැටුණු අතර ඒවා ද යථා තත්ත්වයට පත් කිරීම සිදු කෙරුණා. ඒ අතර තුරයි අද දිනයේ මෙම බිදවැටීම් සිදු වුනේ. කෙසේ වෙතත් පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීම් මේ වන විට සිදුවනවා.

 

 

 

The post පාකිස්තානය පුරා දැවැන්ත විදුලි බිඳ වැටීමක් appeared first on ITN News.

Read More »

කැලිෆෝනියා චීන අවුරුද්දට වෙඩි තැබූ ඝාතකයා සියදිවි නසා ගනී  

0 comments

කැලිෆෝනියාවේ වෙඩි තැබීමට සම්බන්ධ පුද්ගලයා තමාට වෙඩිතබා ගනිමින් සියදිවි හානිකරගෙන තිබෙනවා. ඔහු 72 හැවිරිදි ආසියා ජාතිකයෙක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ.

චීනයේ නව අවුරුදු උදාව සමරමින් ඇමෙරිකාවේ කැලිෆෝනියා හිදී ඊයේ පැවති උත්සවයක් අතරතුර මෙම පුද්ගලයා වෙඩිතබා පළාගොස් තිබුණා. සිද්ධියෙන් පුද්ගලයින් දස දෙනෙකු මියගිය අතර තුවාල ලැබූ තවත් දස දෙනෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබනවා. ඔවුන්ගෙන් කිහිප දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි වාර්තා වන්නේ. වෙඩි තැබීමෙන් පැය 12ට පසු ආරක්ෂක අංශ සුදු පැහැති වෑන් රථයක් වටකර පරීක්ෂා කිරීමේදී 72 හැවිරිදි හූ කැන් ට්‍රෑන් නමැති ආසියා ජාතිකයෙකු ඔහුට වෙඩිතබාගනිමින් මියගොස් සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. වෙඩි තැබීම සිදුවූ මොන්ටේරේ පාක් ප්‍රදේශයේ ආසියානුවන් හැටදහසක් පමණ වාසය කරනවා.

 

 

 

The post කැලිෆෝනියා චීන අවුරුද්දට වෙඩි තැබූ ඝාතකයා සියදිවි නසා ගනී appeared first on ITN News.

Read More »

තිස්ස, ලුණුගම්වෙහෙර වී වගාව පරීක්ෂාවට විශේෂ කණ්ඩායමක්  

0 comments

තිස්ස, ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ වගා කරන ලද කුඹුරු අක්කර 25000ක් ආශ්‍රිතව නෙමටෝඩා හා ගොයම් කහ වීම පවතින බවට අද දින (24) ප්‍රධාන පුවත්පතක් විසින් වාර්තා කර තිබිනි.

එම ප්‍රවෘත්තියේ දක්වා තිබුනේ කුඹුරු අක්කර 11,000ක් නෙමටෝඩා නිසා විනාශව ඇති බවත්, තවත් අක්කර 14,000ක වී වගාව අත්හැර දමන ලෙස බතලගොඩ වී පර්යේෂණායතනයේ නිලධාරින් කණ්ඩායමක් උපදෙස් දුන් බවයි.

මේ සම්බන්ධව අවධානය යොමු කළ කෘෂිකර්ම අමාත්‍යාංශය ඒ පිළිබඳව බතලගොඩ වී පර්යේෂණායතනයෙන් කරුණු විමසීමක් කළේය.

බතලගොඩ වී පර්යේෂණායතනයේ අධ්‍යක්ෂ ආචාර්ය ජයන්ත සේනානායක මහතා ලුනුගම්වෙහෙර වී වගාවන් සම්බන්ධයෙන් පර්යේෂණ කිරීම සඳහා මෙතෙක් කිසිදු නිලධාරියෙක් හෝ කණ්ඩායමක් තමන් යොමු නොකළ බවත්, එමෙන්ම කිසිදු අවස්ථාවක වී වගාව අත් හරින ලෙස උපදෙස් ලබා දීමක් තම ආයතනය හෝ නිලධාරින් විසින් ලබා දී නැති බව අවධාරණය කළේය. එමෙන්ම කවර රෝග තත්ත්වයක් වාර්තා වුවත් එය පාලනයට පියවර ගැනීම මිස කිසිදු විටෙක වගාව අත්හැරීමට තම ආයතනය උපදෙස් නොදෙන බවත් හෙතෙම අවධාරණය කළේය.

දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වී වගාව ආශ්‍රිතව යම් යම් රෝග තත්ත්වයන් වාර්තා වන විට ඒ සදහා නිලධාරි කණ්ඩායම් යවා පර්යේෂණ සිදු කරන්නේ තම උපදෙස් මත බවත්, එහෙත් තිස්ස, ලුණුගම්වෙහෙර ආශ්‍රිතව කිසිදු ස්ථානයකට තමන් ගේ අනුදැනුම මත මෙතෙක් නිලධාරින් කණ්ඩායමක් යවා නැති බවත් ඒ මහතා අවධාරණය කළේය.

කෙසේ වුවද තිස්ස, ලුණුගම්වෙහෙර ව්‍යාපාරයේ හානි වී ඇති බවට අදාල පුවත්පත විසින් වාර්තා කර තිබෙන කුඹුරු පරීක්ෂාව සදහා අද දින (24) අම්බලන්තොට වී අභිජනන මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා හර්ෂනී උමා සිරිවර්ධන මහත්මියගේ ප්‍රධානත්වයෙන් විශේෂ කණ්ඩායමක් පිටත් කර හරින බවත්, එම නිලධාරින් විසින් සිදු කරන විමර්ශනවලින් අනතුරුව වාර්තාවක් කෘෂිකර්ම අමාත්‍යාංශයට ලබා දීමට පියවර ගන්නා බවත් ආචාර්ය සේනානායක මහතා පැවසීය.

 

The post තිස්ස, ලුණුගම්වෙහෙර වී වගාව පරීක්ෂාවට විශේෂ කණ්ඩායමක් appeared first on ITN News.

Read More »

පෙබරවාරි සහ මාර්තු මාස වලදී පොලී අනුපාත ඉහළ දැමීමට යුරෝපා මහ බැංකුව සුදානම්  

0 comments

එළඹෙන පෙබරවාරි සහ මාර්තු මාස වලදී පොලී අනුපාත ඉහළ දැමීමට යුරෝපා මහ බැංකුව සුදානම් වනවා.

ඒ අනුව 0.5%කින් මාස දෙකේදීම පොලී අනුපාතයන් ඉහළ නැංවෙනු ඇති. ඉන් නොනැවති ඉදිරියටත් පොලී අනුපාත වැඩි කිරීමට සිදු වන බව යුරෝපා මහ බැංකු කවුන්සිලයේ සාමාජික ක්ලාස් නෝට් මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර තිබෙනවා. ලෝක ආර්ථික අර්බුදය සහ යුක්රේන යුද ගැටුම් හේතුවෙන් යුරෝපා කලාපයේද දැඩි ලෙස පීඩාවට පත්ව ඇති පසුබිමකයි මෙම පොලී අනුපාත ඉහළ දැමීම සිදු කෙරෙන්නේ.

 

 

The post පෙබරවාරි සහ මාර්තු මාස වලදී පොලී අනුපාත ඉහළ දැමීමට යුරෝපා මහ බැංකුව සුදානම් appeared first on ITN News.

Read More »

ලොව පුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මිලියන 673 ඉක්මවයි  

0 comments

ලොව පුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මිලියන 673 ඉක්මවා තිබෙනවා. මියගිය සංඛ්‍යාව ලක්ෂ 67කට අධිකයි.

ලොව පුරා කොරෝනා ආසාදිත සංඛ්‍යාව තවදුරටත් ඉහළ යමින් පවතිනවා. මියගිය සංඛ්‍යාව හැටහත් ලක්ෂ හතලිස් හයදහස් තුන්සිය හැත්තෑ හතක්. ඉන් වැඩිම ප්‍රමාණයක් වාර්තා වන්නේ ඇමෙරිකාවෙන්. එය එකොලොස් ලක්ෂ විසිඅට දහස් අටසිය හතක්. ඊයේ දිනයේ පමණක් ඇමෙරිකාවෙන් හමුව ඇති ආසාදිතයින් සංඛ්‍යාව 9,237 ක්. ඉන් පසු වැඩිම ආසාදිත සංඛ්‍යාවක් ලෙස 9,227 ක් වාර්තා වන්නේ දකුණු කොරියාවෙන්.

 

 

 

The post ලොව පුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මිලියන 673 ඉක්මවයි appeared first on ITN News.

Read More »

චීන ජනගහනයෙන් 80%කට කෝවිඩ් පැතිරෙයි  

0 comments

චීනය තම ජනගහනයෙන් 80%කට කෝවිඩ් පැතිර ගොස් ඇති බව සඳහන් කරනවා.

2022 වසරේ සිට මේ වසරේ ජනවාරි දක්වා කෝවිඩ් නිසා මිය ගිය සංඛ්‍යාව හැටදහසක් බව චීනය පවසනවා. චීන විද්‍යාඥයන් පවසන්නේ ජනගහනය 80%කටත් වඩා ප්‍රමාණයකට කෝවිඩ් ආසාධනය වී ඇති බැවින් නැවත නැවතත් කෝවිඩ් ආසාධනය වීමේ අවධානම අඩුව ඇති බවයි. චීනයේ දැනට පැතිර යන්නේ ඔමික්‍රොන් උප ප්‍රභේද වන කෝවිඩ් රෝගයයි.

 

 

 

 

The post චීන ජනගහනයෙන් 80%කට කෝවිඩ් පැතිරෙයි appeared first on ITN News.

Read More »

බටහිර අවිනිශ්චිතභාවය තම ජනතාව මරා දමන බවට යුක්‍රේනයෙන් චෝදනා  

0 comments

බටහිර අවිනිශ්චිත භාවය තම ජනතාව මරා දමන බව යුක්‍රේනය චෝදනා කරනවා.

රුසියානු හමුදාවන්ට විරුද්ධ සටන් කිරීමට උපකාර සඳහා යුද උපකරණ ඇතුලු මිලිටරි ආධාර සැපයීමට යුරෝපීය රටවල් පසුගිය සිකුරාදා එකඟවුණා. ඒ ජර්මනියේ පැවති හමුවකින් අනතුරුවයි. කෙසේ වෙතත් ජර්මනිය පවසන්නේ යුද ටැංකි හා ආයුධ ලබාදීම සම්බන්ධයෙන් තමන් තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි. යුක්‍රේනය පවසන්නේ ප්‍රමාදවන සෑම දිනක්ම යුක්‍රේනයේ මරණය බවයි. ඒ නිසා හැකි ඉක්මනින් එකගවු යුද ආධාර ලබා දෙන්නැයි යුක්‍රේනය නායකයා ඇතුලු රජය බටහිර රටවල් වලින් ඉල්ලා සිටිනවා.

 

 

 

 

The post බටහිර අවිනිශ්චිතභාවය තම ජනතාව මරා දමන බවට යුක්‍රේනයෙන් චෝදනා appeared first on ITN News.

Read More »

ඊශ්‍රායල අගමැතිට එරෙහිව ජනතාව වීදි බසී  

0 comments

ඊශ්‍රායල අගමැතිට එරෙහිව දහස් ගණනක ජනතාව වීදි බැස තිබෙනවා.

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සිදුකළ නීතිමය ප්‍රතිසංස්කරණවලට විරෝධය පල කරමින් සති 3ක් පුරා මේ වන විට උද්ඝෝෂණ සිදු වෙනවා. ලක්ෂයකට ආසන්න පිරිසක් ඊශ්‍රයාල අගනුවර වන ටෙල් අවිව් වෙත රැස්ව ඇති බව වාර්තා වනවා. අගමැති නෙතන්යාහු අධිකරණ පද්ධතිය ප්‍රතිසංස්කරණය කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය දූර්වල කර ඇති බවයි ජනතාව චෝදනා කරන්නේ. දේශපාලන විශේලේක්ෂයන් සඳහන් කරන්නේ නෙතන්යාහු රජය ඒකාධිපති පාලනයක් කරා ගමන් කිරීමට උත්සහ ගන්නා බවයි.

 

 

 

 

The post ඊශ්‍රායල අගමැතිට එරෙහිව ජනතාව වීදි බසී appeared first on ITN News.

Read More »

බ්‍රසීල හමුදාපතිවරයා ධුරයෙන් නෙරපා දැමේ  

0 comments

බ්‍රසීල ජනාධිපතිවරයා විසින් එරට හමුදාපතිවරයා ධුරයෙන් නෙරපා හැර තිබෙනවා.

බ්‍රසීල හමුදාපති ජුලියෝ සීසර් ඇරූඩා සේවයෙන් පහ කිරීම සිදු කර ඇත්තේ හිටපු ජනාධිපති බොල්සොනාරෝගේ උද්ඝෝෂණ ක්‍රියාදාමයන්ට සහාය පල කරන බවට චෝදනා කරමින්. හිටපු ජනාධිපති බොල්සොනාරෝගේ ආධාරකරුවන් රජයේ ගොඩනැගිලි කිහිපයකට කඩාවැදීම සම්බන්ධයෙන් කිසියම් ආරක්ෂ අංශ සහයක් ඇති බව බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා පසුගිය දා චෝදනා කළා. නව ජනාධිපතිවරයා වශයෙන් ලූලා ද සිල්වා නැවත වරක් පත්වීමෙන් පසුව හිටපු ජනාධිපතිවරයාගේ පාර්ශවය දිගින් දිගටම බ්‍රසීලයේ උද්ඝෝෂණ දියත් කළා. මේ හේතුවෙන් මේ දක්වා අත්අඩංගුවට ගත් ප්‍රමාණය දෙදහස ඉක්මවනවා. හිටපු හමුදා නිලධාරියෙකු වු හිටපු ජනාධිපති බොල්සොනාරෝ සන්නද්ධ හමුදාවන් සමග සමීප සබඳතා පැවැත්වු අයෙක්. බ්‍රසීල නව හමුදාපතිවරයා ලෙස  ජෙනරාල් තොමස් මිගෙල් රුබෙයිලෝ පත් කර තිබෙනවා.

 

 

 

The post බ්‍රසීල හමුදාපතිවරයා ධුරයෙන් නෙරපා දැමේ appeared first on ITN News.

Read More »

ජෝ බයිඩ්න්ගේ නිවසේ තිබී තවත් රහසිගත ලේඛන කිහිපයක් සොයා ගැනේ  

0 comments

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න්ගේ නිවසේ තිබී තවත් රහසිගත ලේඛන සොයා ගෙන තිබෙනවා.

ඇමෙරිකාවේ අධිකරණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ජෝ බයිඩන්ගේ ඩෙලවෙයාර් නිවස පැය 13ක සෝදිසි කිරීමේදී තවත් රහසිගත ලේඛන හයක් සොයා ගෙන තිබෙනවා. නීතීඥයෙකුට අනුව, ඩෙලවෙයාර් හි විල්මින්ටන් හි පිහිටි ජනාධිපති ජෝ බයිඩන්ගේ නිවස නව සෝදිසි කිරීමකදී එක්සත් ජනපදයේ නිලධාරීන් තවත් රහසිගත ලේඛන හයක් සොයාගෙන තිබේ. ඔහු 1973 සිට 2009 දක්වා ඩෙලවෙයාර් වෙනුවෙන් පෙනී සිටි එක්සත් ජනපද සෙනෙට් සභාවේ බිඩෙන්ගේ ධූර කාලයෙන් දිවෙන සමහර රහසිගත ලියකියවිලි සහ තවත් ද්‍රව්‍ය ජනාධිපතිගේ පුද්ගලික නීතිඥ බොබ් බවර් සෙනසුරාදා ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටිනවා. අනෙකුත් ලියකියවිලි ඔබාමා පරිපාලනයේ උප ජනාධිපති ලෙස 2009 සිට 2017 දක්වා කාලය තුළ සිට බව බවර් පවසනවා.

The post ජෝ බයිඩ්න්ගේ නිවසේ තිබී තවත් රහසිගත ලේඛන කිහිපයක් සොයා ගැනේ appeared first on ITN News.

Read More »

පේරු රාජ්‍යයේ සුප්‍රසිද්ධ සංචාරක ස්ථානයක් වන මචු පිචු දින නියමයක් නොමැතිව වසා දැමේ  

0 comments

පේරු රාජ්‍යයේ නව ජනාධිපතිවරයාට එරෙහිව පවතින විරෝධතා හේතුවෙන් එරට සුප්‍රසිද්ධ සංචාරක ස්ථානයක් වන මචු පිචු දින නියමයක් නොමැතිව වසා දමා තිබෙනවා.

සංචාරකයින් සහ පුරවැසියන් ආරක්ෂා කිරීම සඳහා මෙම අඩවිය වසා දැමූ බවත්, ඉන්කා ට්‍රේල් කදු නැඟීම ද වසා දැමූ බවයි එරට රජය ප්‍රකාශ කරන්නේ. හදිසියේ මෙම ස්ථාන වසා දැමීම හේතුවෙන් ඉන්කා බලකොටුව පාමුල පැය ගණනක් සිරවී සිටි සිය ගණනක් සංචාරකයින් මේ වන විට මුදාගෙන ඇති බවයි වාර්තා වන්නේ. පේරු රාජ්‍යයේ ප්‍රචණ්ඩ විරෝධතා ආරම්භ වූයේ පේරු හි පෙර නායකයා නෙරපා හැරීමත් සමඟ යි.  විරෝධතාකරුවන් විසින් ඇතැම් දුම්රිය මාර්ගවලට හානි කිරීම හේතුවෙන් පසුගිය දා මචු පික්චු වෙත දුම්රිය සේවා අත්හිටුවනනු ලැබුවා.

The post පේරු රාජ්‍යයේ සුප්‍රසිද්ධ සංචාරක ස්ථානයක් වන මචු පිචු දින නියමයක් නොමැතිව වසා දැමේ appeared first on ITN News.

Read More »

ඉන්දියාවේ ජම්මු ප්‍රදේශයේ ද්විත්ව බෝම්බ පිපිරීමක්  

0 comments

ඉන්දියාවේ ජම්මු ප්‍රදේශයේ ද්විත්ව බෝම්බ පිපිරීමක් වාර්තා වනවා.

ජම්මු ප්‍රදේශයේ නර්වාල් නගරයේ මෙම පිපිරීම සිදුව තිබෙනවා. ජම්මු දුම්රිය ස්ථානය අසළ ද්විත්ව මෝටර් රථ බෝම්බ පිපිරිමක් ලෙසයි මෙය වාර්තා වන්නේ. සිද්ධියෙන් පුද්ගලයන් 6 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ජම්මු ප්‍රදේශයට කිලෝමීටර් හැටක් දුරින් රාහුල් ගාන්ධි මහතාගේ භාරත් ජෝඩෝ පාද යාත්‍රාව පැමිණෙමින් තිබෙනවා. එම සිද්ධිය පාදක කරගෙන කිසියම් සංවිධානයක් මෙම පිපිරීම් සිදුකර ඇති බවයි පොලීසිය සැක පළ කරන්නේ. පිපිරිම සඳහා වැඩිදියුණු කළ පුපුරණ ද්‍රව්‍ය භාවිත කර ඇති බව ආරක්ෂක අංශ සඳහන් කරනවා.

 

 

 

The post ඉන්දියාවේ ජම්මු ප්‍රදේශයේ ද්විත්ව බෝම්බ පිපිරීමක් appeared first on ITN News.

Read More »

අහසේ මතු වූ අත්භූත හැඩයක වළාකුලක් තුර්කියෙන්  

0 comments

අහසේ මතු වූ අත්භූත හැඩයක වළාකුලක් පිළිබඳ තුර්කියෙන් වාර්තා වුණා.

විදෙස් වාර්තාවලට අනුව මෙය පිටසක්වල යානයක හැඩයට නිර්මාණය වූ වළාකුලක් වනවා.  තුර්කියේ මෙවැනි අසාමාන්‍ය හැඩයේ වළාකුළු නිර්මාණය වීම මීට පෙරත් සිදුව තිබෙනවා. වායු ගෝලයේ වෙනස්වීම් හා පූර්ව කුණාටු අනතුරු ඇඟවීම් වශයෙන් එවැනි අත්භූත හැඩයේ සහ වර්ණයේ වළාකුළු නිර්මාණය වන බවයි කාලගුණ විද්‍යාඥයන් පවසන්නේ.

 

 

 

The post අහසේ මතු වූ අත්භූත හැඩයක වළාකුලක් තුර්කියෙන් appeared first on ITN News.

Read More »

සෑම අයුරකින්ම ශ්‍රී ලංකාවට සහාය දීමට ඉන්දියාව සූදානම් – ඉන්දිය විදේශ ඇමති  

0 comments

සෑම අයුරකින්ම ශ්‍රී ලංකාවට සහාය දීමට ඉන්දියාව සූදානම් බවට ඉන්දිය විදේශ අමාත්‍ය  එස්.ජයිශංකර් මහතා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා  හමුවේ ද සහතික වුණා. අග්‍රාමාත්‍යවරයා ඇතුළු තවත් මැතිඇමතිවරු කිහිප දෙනෙකු සහ ජයිශංකර් මහතා අතර හමුවක් අරලියගහ මන්දිරයේදී අද පෙරවරුවේදී පැවැත්වුණා.

ශ්‍රී ලංකාව සඳහා යෝජිත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පැකේජයට ඉන්දියාව පූර්ණ සහාය ලබා දෙන බවට සහතිකවීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා මෙහිදී ප්‍රසාදය  පල කළා. ශ්‍රී ලංකාවට ඇමෙරිකා ඩොලර් බිලියන 2.9 ක ණය මුදලක් ලබාදීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ණය හිමි රටවලින් එවැනි සහතිකයක් බලාපොරොත්තු වුණා. ණය ප්‍රතිසංවිධාන කිරීම සඳහා ඇමෙරිකා ඩොලර් බිලියන 4 ක් ලබාදීම සම්බන්ධයෙන්ද අග්‍රාමාත්‍යවරයා ඉන්දියාවට ස්තුතිය පල කළා. පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයෙහි ආයෝජන සිදු කරන ලෙස අග්‍රාමාත්‍යවරයා මෙහිදී ඉල්ලීමක් ද කළා. ඒ සඳහා ඉහළ හැකියාවක් ඇති බව ද ජයිශංකර් මහතා දැනුම් දුන්නා. පාසල් පෙළ පොත් මිලියන 19 ක් මුද්‍රණය කිරීමට ලබා දුන් සහායට ද  අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා මෙහිදී ස්තුතිය පල කළා. අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මෙහිදී කියා සිටියේ පොදු ප්‍රවාහනය වැඩි දියුණු කිරීම සදහා ඉන්දීය සහාය අපේක්ෂා කරන බවයි. කැලණිවැලි දුම්රිය මාර්ගය වැඩිදියුණු කිරීම පිළිබද සළකා බැලීමට සූදානම් බවයි ඉන්දීය විදේශ අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළේ. රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

මේ අතර විදේශ  අමාත්‍ය අලි සබ්රි මහතා සහ ඉන්දීය විදේශ අමාත්‍යවරයා අතර හමුවක් විදේශ අමාත්‍යාංශයේදී ඊයේ සිදු කෙරුණා. යටිතල පහසුකම් , බලශක්ති , කර්මාන්ත හා සෞඛ්‍ය යන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කර තිබුණා.

ඉන්දීය විදේශ අමාත්‍ය එස්.ජයිශංකර් මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද හමු වුණා. ඒ මහතා සහ උතුරු නැගෙනහිර දෙමළ පක්ෂ නියෝජිතයන් සමඟ සාකච්ඡා පැවැත්වුණේ ඉන්දීය මහකොමසාරිස්වරයාගේ නිල නිවසේදීයී. ආර් සම්බන්ධන් ,එම්.ඒ සුමන්දිරන්, මාවෙයි සේනාධිරාජා,ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්, සෙල්වම් අඩෙයිකලනාදන් සහ සුරේෂ් ප්‍රේමචන්ද්‍ර යන ජනතා නියෝජිතයන් මීට එක්ව සිටියා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා  සහ ඉන්දීය විදේශ අමාත්‍යවරයා අතර හමුවක්ද සිදු වුණා. ඒ මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාම නිල නිවසේදීයී.

ඉන්දීය ධීවර ප්‍රශ්නය සම්බන්ධයෙන් නිසි විසදුමක් ලබා දෙන බවට ඉන්දීය විදේශ අමාත්‍යවරයා පොරොන්දු වූ බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා  පවසනවා. ඒ එම හමුවෙන් අමතරව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනුයි.

ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ මේ වසරේදී බස් රථ 600 ක් ප්‍රවාහනයට එක්කිරීමට නියමිතයි. 75 වන නිදහස් දිනය වෙනුවෙන් බස් රථ 150 ක් ප්‍රවාහනයට එක් කිරීමේ සංකේතාත්මක උත්සවය කොළඹදී පැවැත්වුණා.ඒ ඉන්දීය විදේශ අමාත්‍ය එස්.ජයිශංකර්  සහ ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්.

 

The post සෑම අයුරකින්ම ශ්‍රී ලංකාවට සහාය දීමට ඉන්දියාව සූදානම් – ඉන්දිය විදේශ ඇමති appeared first on ITN News.

Read More »

පේරු රාජ්‍යයේ ලෝක උරුම ගොඩනැගිල්ලක් ගිනිගෙන විනාශ වෙයි  

0 comments

පේරු රාජ්‍යයේ විරෝධතා නිසා ලෝක උරුම ගොඩනැගිල්ලක් ගිනිගෙන විනාශ වෙයි.

පේරු ජනාධිපති ඩීනා බොලුආර්ටී ට විරුද්ධව විරෝධතා පේරු අගනුවර ලීමා හි අඛණ්ඩව පැවැත්වෙනවා. විරෝධතා හේතුවෙන් පොලීසිය සහ උද්ඝෝෂකයන් අතර ගැටුමකදී ලෝක උරුම ප්ලාසා සැන් මාටින් ගොඩනැගිල්ල ගිනිගෙන තිබෙනවා. 1921 ඉදිකළ ගොඩනැගිල්ලක් වන ප්ලාසා සැන් මාටින් ස්පාඤ්ඤ ගෘහනිර්මාණ ශිල්ප ක්‍රම දැක ගත හැකි වටිනා ගොඩනැගිල්ලක් වනවා. කෙසේ වෙතත් මේ වන විට සැන් මාටින් ගොඩනැගිල්ලේ ගින්න නිවා දමා තිබෙනවා.

 

 

 

The post පේරු රාජ්‍යයේ ලෝක උරුම ගොඩනැගිල්ලක් ගිනිගෙන විනාශ වෙයි appeared first on ITN News.

Read More »

වසර 41කට පසු ජපානය ඉහළම උද්දමන අගය වාර්තා කරයි  

0 comments

ජපානය තුළ පසුගිය මාසය සඳහා මූළික පාරිභෝගික මිල ගණන් කලින් වසරට වඩා 4% කින් ඉහළ ගොස් තිබෙනවා.

ජපාන මහබැංකුවේ ඉලක්කගත මට්ටම මෙන් එය දෙගුණයක් වනවා. මේ හේතුවෙන් ඉහළ යන ජීවන විදයම ලිහිල් කිරීමට පොලී අනුපාත ඉහළ දැමීමට ජපාන මහබැංකුව කටයුතු කර තිබෙනවා. මෙම උද්දමන ඉහළයාම ආහාරවල සිට ඉන්ධන දක්වා සියලුම දේ ඉහළ යාමට බලපාන බව ආර්ථික විශේෂඥයන්  පවසනවා. කෙසේ වෙතත් ජපානය තවමත් ලෝකේ අඩුම උද්දමනයක් ඇති රටක් වනවා.

The post වසර 41කට පසු ජපානය ඉහළම උද්දමන අගය වාර්තා කරයි appeared first on ITN News.

Read More »

චීනය කෝවිඩ් මැඩලීමට සාම්ප්‍රදායික ප්‍රතිකර්ම වෙත යොමු වෙයි  

0 comments

ඖෂධ හිගය නිසා චීනය කෝවිඩ් වසංගතය මැඩලීමට සාම්ප්‍රදායික ප්‍රතිකර්ම වෙත යොමුව තිබෙනවා.

කෝවිඩ් 19 රෝගය ශීඝ්‍රයෙන් පැතිරයාම නිසා චීන ජනතාව සාම්ප්‍රදායිකව චීන වෛද්‍ය ක්‍රම අනුගමනය කිරීමට පෙළඹී තිබෙනවා.

කෝවිඩ් රෝගය පැතිරයාම ආරම්භ වීමත් සමගම චීන රජයද චීන සාම්ප්‍රදායික වෛද්‍ය ප්‍රතිකර්ම වැඩිදියුණු කිරීමට කටයුතු කළා.

ලෝක සෞඛ්‍ය සංවිධානය බටහිර වෛද්‍ය ක්‍රම පමණක් කෝවිඩ් රෝගයට එරෙහිව අනුමත කළත් චීන ජනාධිපතිවරයා පවසන්නේ චීන සාම්ප්‍රදායික ආයුර්වේද ක්‍රමවලින් කෝවිඩ් රෝගය යම් තරමකින් හෝ පාලනය කළ හැකි බවයි.

පසුගිය වසරේත් චීන රජය සාම්ප්‍රදායික වෛද්‍ය ක්‍රමවලින් සෑදූ ඖෂධ කරල් සහ සිරප් වර්ග ජනතාවට ලබාදීමට කටයුතු කළා.

 

 

The post චීනය කෝවිඩ් මැඩලීමට සාම්ප්‍රදායික ප්‍රතිකර්ම වෙත යොමු වෙයි appeared first on ITN News.

Read More »

බ්‍රිතාන්‍ය අගමැතිගේ මාර්ග නීති කඩකිරීමක් සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය පොලීසියේ අවධානය  

0 comments

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රීෂි සුනක් සිදුකළ මාර්ග නීති කඩකිරීමක් සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය පොලිසිය අවධානය යොමු කර තිබෙනවා.

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රීෂි සුනක් පසුගිය දා තම මෝටර් රථයෙන් ගමන් ගනිමින් සිටින අතර නිකුත් කළ සමාජ මාධ්‍ය විඩීයෝවක් සම්බන්ධයෙනුයි පොලිසිය අවධානය යොමුව ඇත්තේ.

ඔහු මෝටර් රථයක පසුපස ආසනයේ සිට ආසන පටි රහිතව සමාජ මාධ්‍ය ජලා වෙත සජිවී විකාශයක් සිදු කර තිබෙනවා. ආසන පටි පැළදීමෙන් තොරව ගමන් කරන්නේ නම් ඒ සදහා බ්‍රිතාන්‍ය දඩය පවුම් 500ක් වනවා.

මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලය ප්‍රකාශ කරන්නේ අග්‍රාමාත්‍යවරයා තමන් ආසන පටි පළදවීමෙන් තොරව ගමන් කිරීම පිළිබදව වරද පිළිගන්නා බව සදහන් කළ බවයි.

කෙසේ වෙතත් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රීෂි සුනක්ගේ ප්‍රවාහන ක්‍රම පිළිබද විපක්ෂය මීට පෙරත් චෝදනා  එල්ල කර තිබෙනවා. කෙටි ගමන් සදහා පුද්ගලික ජෙට් යානා යොදා ගැනීම සම්බන්ධයෙන් විපක්ෂය අග්‍රාමාත්‍යවරයාව දැඩිව විවේචනය කිරීමට කටයුතු කළා.

 

 

The post බ්‍රිතාන්‍ය අගමැතිගේ මාර්ග නීති කඩකිරීමක් සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය පොලීසියේ අවධානය appeared first on ITN News.

Read More »

කොල්ලකෑම්වලට සම්බන්ධ කල්ලියක් අත්අඩංගුවට  

0 comments

නැගෙනහිර පළාතේ කොල්ලකෑම්වලට සම්බන්ධ කල්ලියක් කලවංචිකුඩි පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය වසරේ මඩකලපුව කළුතාවල ප්‍රදේශයේ නිවෙසකින් රන් පවුම් 54ක් සහ රුපියල් ලක්ෂ 10ක් සොරකම් කර තිබුණා. එහි ප්‍රධාන සැකකරුගෙන් ලද තොරතුරුවලට අනුව තවත් සැකකරුවන් 3න් දෙනෙකු හා සැකකාරියක අත්අඩංගුවට ගැනුනා. ඔවුන් සමඟ ගිණි අවියක් , අත්බෝම්බයක් සහ රන් ආභරණ ඇතුලු භාණ්ඩ තොගයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් කලවංචිකුඩි මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

The post කොල්ලකෑම්වලට සම්බන්ධ කල්ලියක් අත්අඩංගුවට appeared first on ITN News.

Read More »

ලොව මෙතෙක් හමු වූ විශාලතම මැඩියා ඕස්ට්‍රේලියාවෙන් හමුවෙයි  

0 comments

ලොව මෙතෙක් හමු වූ විශාලතම මැඩියා ලෙස සැළකිය හැකි සත්ත්වයෙකු ඕස්ට්‍රේලියාවෙන් හමු වී තිබෙනවා.

සාමාන්‍ය මැඩියෙකුට වඩා 6 ගුණයක් විශාල මෙම මැඩියා ටොඩ්සිලා ලෙස නම් කර තිබෙනවා. එම මැඩියා හමුව තිබෙන්නේ උතුරු ඕස්ට්‍රේලියාවේ වැසි වනාන්තරයකින්. කිලෝග්‍රෑම් 2.7 ක බරකින් මෙම මැඩියා යුක්තයි.මෙම මැඩියාගේ වයස අවුරුදු 15 ක් පමණ වෙතැයි අනුමාන කෙරෙනවා. මින් පෙර ලොව විශාලතම මැඩියා ලෙස ගිනස් වාර්තාවක් තබා ඇත්තේ  1991 දී ස්වීඩනයෙන් හමු වූ මැඩියෙකු වන අතර එම සත්ත්වයාගේ බර කිලෝග්‍රෑම් 2.65 ක් වුණා.

 

 

 

 

The post ලොව මෙතෙක් හමු වූ විශාලතම මැඩියා ඕස්ට්‍රේලියාවෙන් හමුවෙයි appeared first on ITN News.

Read More »

යුද්ධයක් ඇති විය හැකි බවට රුසියාව අනතුරු අඟවයි  

0 comments

නේටෝව විසින් යුක්රේනය සන්නද්ධ කළහොත් නව මට්ටමේ යුද්ධයක් ඇති විය හැකි බව රුසියාව අනතුරු අගවනවා.

යුක්රේනයට බර අවි සහ යුද ටැංකි ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් ජර්මනියේදී අද පැවැත්වෙනවා.

මේ අතර එක්සත් ජනපදය යුක්රේනය සදහා මිලිටර් ආධාර වශයෙන් ඩොලර් බිලියන 2.5 ක් ලබා දෙන බවට නිවේදනය කර තිබෙනවා.

විශේෂයෙන්ම එක්සත් රාජධානිය සහ ජර්මනිය යුක්රේනය වෙත යුද ටැංකි ලබා දෙන බව ප්‍රකාශ කර තිබෙනවා.

එක්සත් ජනපදය තම මිලිටරි ආධාර වශයෙන් පාබල සටන් වාහන 59 ක්, නව ආයුධ සහ උණ්ඩ පැකේජයක් ලබා දෙන බව සදහන් කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වන රුසියාව පවසන්නේ.

මෙය අතිශ්‍යයින් භයානක මෙන්ම යුක්රේන රුසියා ගැටුම නව මට්ටමකට ගෙන එන ක්‍රියාදාමයක් බවයි.

මේ හේතුවෙන් සමස්ත යුරෝපයම  අනාරක්ෂිත තත්ත්වයකට පත්වීම නොවැලැක්විය හැකි බව රුසියාව ප්‍රකාශ කරනවා.

 

 

 

 

The post යුද්ධයක් ඇති විය හැකි බවට රුසියාව අනතුරු අඟවයි appeared first on ITN News.

Read More »

සෝල් අගනුවර පැල්පත් නගරයක ඇති වූ ගින්නක් නිසා 500 දෙනෙකු ඉවත් කර ගැනේ  

0 comments

දකුණු කොරියාවේ සෝල් අගනුවර පැල්පත් නගරයක ඇති වූ ගින්නක් නිසා පන්සිය දෙනෙකු ඉවත් කර තිබෙනවා.

දකුණු කොරියාවේ සෝල් අගනුවර ඉතිරිව ඇති අවසන් පැල්පත් නගරයේයි මෙම ගින්න ඇතිව තිබෙන්නේ. මෙසේ ගින්නක් හටගෙන තිබෙන්නේ දකුණු සෝල්හි හිගොරියන් ගම්මානයේයි.

වර්ග කිලෝමීටර් දෙකක පමණ නිවාස 40 ක් මෙම ගින්නෙන් විනාශ වී තිබෙනවා.

මෙම ප්‍රදේශය මීට පෙර ද ලැව් ගිනි සහ ගංවතුර විපත්වලට ගොදුරු වී ඇති බවයි වාර්තා වන්නේ. බොහෝ නිවාස දැව හා කාඩ්බෝඩ් වැනි ද්‍රව්‍යවලින් ඉදිකර තිබීම මෙහි වෙසෙන ජනතාවගේ අනාරක්ෂිත බවට හේතු වී තිබෙනවා.

 

 

The post සෝල් අගනුවර පැල්පත් නගරයක ඇති වූ ගින්නක් නිසා 500 දෙනෙකු ඉවත් කර ගැනේ appeared first on ITN News.

Read More »

යුක්රේන හෙලිකොප්ටර් අනතුර ගැන සෙලෙන්ස්කිට සැකයක්  

0 comments

හෙලිකොප්ටර් අනතුරකින් යුක්රේනයේ අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ජීවිතක්ෂයට පත්වීම අනතුරක්ම නොවන බව ජනාධිපති වොල්දෝමීර් සෙලෙන්ස්කි පවසනවා.

යුක්‍රේනයේ කියුව් අගනුවර බ්‍රොවරි නගරයේ පෙරපාසලක් සහ නිවාස සංකීර්ණයක් ආසන්නයේ මෙම අනතුර සිදු වුයේ. අනතුරින් යුක්රේන අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ඩෙනිස් මොනස්ටිර්ස්කි ඇතුළු පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

හෙලිකොප්ටර් අනතුරින් පසුව එම කඩා වැටුණු ස්ථානයේ ගින්නක් හටගෙන ඇති අතර ඉන් කුඩා දරුවන් 3 දෙනෙකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා. කෙසේ වවුද මෙම අනතුරට රුසියාවේ සම්බන්ධයක් ඇති බවට මෙතෙක් තහවුරු වුයේ නැහැ.

එහෙත් යුක්රේන ජනාධිපතිවරයා ඩාවෝස් හි පැවැත්වෙන ලෝක ආර්ථික සන්සදය අමතමින් සදහන් කලේ යුද ගැටුම් වල අතුරු ප්‍රතිඵලක් ලෙස මෙය සිදුවු බවයි.

 

 

 

 

 

The post යුක්රේන හෙලිකොප්ටර් අනතුර ගැන සෙලෙන්ස්කිට සැකයක් appeared first on ITN News.

Read More »

මෙම වසරේ ගෝලීය ආර්ථික වර්ධනය පහළ මට්ටමක  

0 comments

මෙම වසරේ ගෝලීය ආර්ථික වර්ධනය පහළ මට්ටමක පවතින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනය කරනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලීනා ජෝජීවා මේ බව සදහන් කලේ ජාවෝසි පැවැත්වෙන ලෝක ආර්ථික සන්සදය අමතමින්.

යුක්රේන යුද ගැටුම් හා ඉහළ යන පොලීඅනුපාත හේතුවෙන් ආර්ථික වර්ධනය පහළ මට්ටමක පවතින බව ඇය පෙන්වා දෙනවා.

මෙම වසර තුළදී ගෝලීය ආර්ථික වර්ධන වේගය 2.7%ක් දක්වා පහළ වැටෙනු ඇති බවටයි ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අනාවැකි පළකරන්නේ. පසුගිය වසරේදි එය සටහන් වුයේ 3.2%ක් ලෙසයි.

ලෝකය මේ වන විට මුහුණ දී සිටින බරපතළම අභියෝග 3 ලෙස රුසියා – යුක්රේන යුද ගැටුම්,ජීවන වියදම හා ඉහළ යන පොලී අනුපාත නම් කර තිබෙනවා.

 

 

 

The post මෙම වසරේ ගෝලීය ආර්ථික වර්ධනය පහළ මට්ටමක appeared first on ITN News.

Read More »

ජපානයේ කොරෝනා ආසාදිතයින් හා මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළට  

0 comments

ජපානයෙන් දෛනිකව වාර්තා වන කොරෝනා වෛරස ආසාධිතයින් හා මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යමින් පවතිනවා.

ගතවු පැය 24ට ජපානයෙන් හමුවී ඇති වෛරස ආසාධිතයින් සංඛ්‍යාව එක්ලක්ෂ විසිපන්දහසකට අධිකයි.

එමෙන්ම දකුණු කොරියාවෙන් තිස් හයදහසක්, ඇමෙරිකාවෙන් 26000ක් හා තායිවානයෙන් 21000ක් ලෙස වෛරස ආසාධිතයින් හමුව තිබෙනවා.

ඊයේ දිනයේදී සිදුව ඇති වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව වන 449 වාර්තා වන්නේ ද ජපානයෙන්.

ඒ සමගම ලොව සමස්ත කොරෝනා මරණ සාංඛ්‍යාව  6736000 ඉක්මවා ගියා.

හමුවී ඇති වෛරස ආසාධිතයින් සංඛ්‍යාව හැටහත්කෝටි විසිදෙලක්ෂයකට අධිකයි.

 

 

 

The post ජපානයේ කොරෝනා ආසාදිතයින් හා මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළට appeared first on ITN News.

Read More »

ධුරයෙන් ඉල්ලා අස්වන බව නවසීලන්ත අගමැතිනිය කියයි  

0 comments

තමන් සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව නවසීලන්ත අගමැතිනී ජසින්ඩා ආර්ඩන් ප්‍රකාශ කරනවා.

නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය  පවසා ඇත්තේ තමන්ට තවදුරටත් රටට නායකත්වය ලබාදීමට නොහැකි බවයි. අභියෝගාත්මක වසර 06 ක් තමන් සිය ධුරයේ රැදී සිටි ආකාරය ද ඇය පැහැදිලි කර තිබෙනවා.

කෙසේ වෙතත් අග්‍රාමාත්‍යවරිය කම්කරු පක්ෂ නායකත්වයෙන් ඉවත්වීමට නියමිතව තිබෙන්නේ පෙබරවාරි 07 වනදාට පසුවයි. ඇයගෙන් පසුව නවසීලන්ත අග්‍රාමාත්‍ය ධුරය තීරණය කිරීම සදහා මැතිවරණයක් පැවැත්වෙනු ඇති.

 

 

 

The post ධුරයෙන් ඉල්ලා අස්වන බව නවසීලන්ත අගමැතිනිය කියයි appeared first on ITN News.

Read More »

හෙලිකොප්ටර් අනතුරකින් යුක්‍රේනයේ අමාත්‍යවරයෙක් ජීවිතක්ෂයට  

0 comments

යුක්‍රේනයේ කියුව් අගනුවර සිදුවූ හෙලිකොප්ටර් අනතුරකින් එරට අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

යුක්‍රේනයේ කියුව් අගනුවර බ්‍රොවරි නගරයේ පෙරපාසලක් සහ නිවාස සංකීර්ණයක් ආසන්නයේ මෙම අනතුර සිදු ව තිබෙනවා.

අනතුරින් යුක්රේන අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ඩෙනිස් මොනස්ටිර්ස්කි ඇතුළු පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවටයි මේ වන විට තොරතුරු වාර්තා වන්නේ.

අමාත්‍ය ඩෙනිස් මොනස්ටිර්ස්කි ඇතුළු පුද්ගලයින් 8 දෙනෙකු හෙලිකොප්ටරයේ සිට ඇති බව සඳහන්.

ඔහුගේ නියෝජ්‍ය අමාත්‍යවරයා සහ රාජ්‍ය ලේකම්වරයාද මෙම අනතුරින් මියගොස් තිබෙනවා.

හෙලිකොප්ටර් අනතුරින් පසුව එම කඩා වැටුණු ස්ථානයේ ගින්නක් හටගෙන ඇති අතර ඉන් කුඩා දරුවන් 3 දෙනෙකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

කෙසේවෙතත් මෙම අනතුරට හේතුව මෙතෙක් හෙළිව නැහැ.

The post හෙලිකොප්ටර් අනතුරකින් යුක්‍රේනයේ අමාත්‍යවරයෙක් ජීවිතක්ෂයට appeared first on ITN News.

Read More »

ඉන්දුනීසියාවේ ටොබෙලෝ දූපත් ආශ්‍රිතව ප්‍රබල භූ කම්පනයක්  

0 comments

ඉන්දුනීසියාවේ ටොබෙලෝ දූපත් ආශ්‍රිතව ප්‍රබල භූ කම්පනයක් හටගත්තා.

මෙම භූකම්පනය රිච්ටර් පරිමාණ ඒකක 7.2ක ප්‍රබලත්වයකින් යුක්ත බවයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දී තිබෙන්නේ.

භූ කම්පනයත් සමග පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ ඒකකය සුනාමි අවදානමක් නිකුත් කර ඇති අතර පසුව එය ඉවත් කර තිබෙනවා.

භූකම්පනයේ බලපෑම අසල්වැසි පිලීපිනයට ද දැනි ඇති බවයි වාර්තා වනනේ.

අද දිනයේ ඉන්දුනීසියාවේ හටගත් දෙවන භූ කම්පනය මෙය මෙය වන අතර අද උදෑසන ද රිච්ටර් පරිමාණ ඒකක 6.1ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයක් ද හටගෙන තිබුණා.

කෙසේවුවත් අදාළ භූ කම්පනයන් හේතුවෙන් සිදුව ඇති ජිවිත හෝ දේපළ හානි සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තා වී නැහැ.

 

The post ඉන්දුනීසියාවේ ටොබෙලෝ දූපත් ආශ්‍රිතව ප්‍රබල භූ කම්පනයක් appeared first on ITN News.

Read More »

වියට්නාම් ජනාධිපති ඉල්ලා අස්වෙයි  

0 comments

වියට්නාම් ජනාධිපති සුවාන් පුක් සිය ධුරයෙන් ඉල්ලා අස්වුණා.

වියට්නාම් ජනාධිපතිවරයා මෙලෙස ඉල්ලා අස්වී ඇත්තේ ඔහුගේ නිර්දේශ මත රජයේ ඉහළ තනතුරුවලට පත් කළ නිලධාරීන් බොහෝ දෙනෙකුට දූෂණ චෝදනා එල්ල වීම හේතුවෙනුයි.

චෝදනා එල්ල වු නිලධාරීන් වැඩි දෙනකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බවද වාර්තා වනවා. කොමියුනිස්ට් පක්ෂය වියට්නාමයේ බලයේ රැඳී සිටිනවා.

එමෙන්ම එරට ජනාධිපතිවරයා තෝරා ගැනීම සිදුවන්නේ ද කොමියුනිස්ට් පක්ෂය හරහායි.

68 හැවිරිදි සුවාන් පුක් ධුරයෙන් ඉවත් කිරීමට බලපෑම් එල්ල කළේ කොමියුනිස්ට් පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයයි.

කෙසේවෙතත් එරට ජනාධිපති ධුරයට තවමත් සුදුස්සකු නම් කර නැති බවයි වාර්තා වන්නේ.

The post වියට්නාම් ජනාධිපති ඉල්ලා අස්වෙයි appeared first on ITN News.

Read More »

ජර්මනියේ ගල් අඟුරු ආකරයක පැවති විරෝධතාවකදී දේශගුණික ක්‍රියාකාරිනියක අත්අඩංගුවට  

0 comments

ජර්මනියේ ගල් අඟුරු ආකරයක පැවති විරෝධතාවකදී දේශගුණික ක්‍රියාකාරිනියක වන ග්‍රේටා තුන්බර්ග් එරට පොලිසිය අත්අඩංගුවට ගත්තා.

ජර්මනියේ ලුට්සෙරාත් ගම්මානය ආසන්නයේ ගල් අඟුරු ආකරයක් පුළුල් කිරීම සඳහා ගම්මානය විනාශ කිරීමට එරෙහිව සිදු කළ විරෝධතාවකදීයි ඇය මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ග්‍රේටා තුන්බර්ග් දින තුනක කාලයක සිට ජර්මනියේ රැඳි සිටිමින් මෙම විරෝධතාවට සහභාගි වී තිබෙනවා.

මෙම විරෝධතාව සඳහා 35000ක පමණ පිරිසක් එක්ව සිටියා.

කෙසේවෙතත් ඇය අත්අඩංගුවට ගැනීමක් සිදුකර නැති අතර හැඳුනුපත් පරීක්ෂාවකින් පසුව නිදහස් කළ බවයි ලුට්සෙරාත් ගම්මාන පොලිසිය පවසන්නේ.

විරෝධතාවය අතරතුරදී පොලිස් නිලධාරීන් ඇය ඔසවාගෙන යන ආකාරයද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

 

The post ජර්මනියේ ගල් අඟුරු ආකරයක පැවති විරෝධතාවකදී දේශගුණික ක්‍රියාකාරිනියක අත්අඩංගුවට appeared first on ITN News.

Read More »

ඇමෙරිකා හමුදා ජෙනරාල්වරයෙක් යුක්රේන හමුදා නිලධාරීන් හදිසියේ හමුවෙයි  

0 comments

ඇමෙරිකාවේ ඉහළ පෙළේ හමුදා නිලධාරියෙකු යුක්රේන හමුදා නිලධාරීන් හදිසියේ හමුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ වන විට රුසියානු සහ යුක්රේන යුද්ධය ආරම්භ වී  වසරක් ගත වනවා.

මෙම ඇමෙරිකානු නිලධාරියා පෝලන්තයට ගොස් යුක්රේන නිලධාරීන් සමඟ සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.

ඇමෙරිකාවේ ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන්ගේ සභාපති හමුදා ජෙනරාල් මාර්ක් මිලී මෙලෙස යුක්රේන නිලධාරින් සමඟ සාකච්ඡාවට එක්ව තිබෙනවා.

යුක්රේනයට අවශ්‍ය හමුදා සහාය සම්බන්ධයෙන් මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.

 

 

The post ඇමෙරිකා හමුදා ජෙනරාල්වරයෙක් යුක්රේන හමුදා නිලධාරීන් හදිසියේ හමුවෙයි appeared first on ITN News.

Read More »

2022 වසරේදි ඊශ්‍රාලයේ උද්ධමනය 2.8% කින් ඉහළට  

0 comments

2022 වසරේදි ඊශ්‍රාලයේ උද්ධමනය සියයට දෙකයි දශම අටකින් ඉහළ ගොස් තිබෙනවා.

2022 වසරේ ඊශ්‍රාලයේ උද්ධමනය සටහන් වුයේ 5.3% ක් ලෙසයි. එය වසර 14කට පසු වාර්තා වු වැඩිම වාර්ෂික උද්ධමන අගයයි. මීට පෙර වාර්තා වු වැඩිම වාර්ෂික උද්ධමනය ලෙස 2008 වසරේ ඔක්තෝම්බර් මාසයේදි සටහන් වු 5.5%ක අගය සැලකෙනවා. එරට නිවාස,  ප්‍රවාහන  සන්නිවේදන හා ආහාර ද්‍රව්‍ය මිල 2021 වසරට සාපේක්ෂව ඉහළ යාම ඊට හේතු වී තිබෙනවා. ඊශ්‍රාල පාරිභෝගික මිල දර්ශනයට අනුව පසුගිය වසරේදි ප්‍රවාහන හා සන්නිවේදන ගාස්තු 9.2%කින්,  නිවාස ගාස්තු 6.3%කින්,  නිවාස නඩත්තු ගාස්තු 5.7%කින් හා ආහාර මිල 4.9%කින් ඉහළ ගොස් ඇති බවයි ඊශ්‍රාල සංඝණන කාර්යාංශය නිවේදනය කරන්නේ.

 

 

 

The post 2022 වසරේදි ඊශ්‍රාලයේ උද්ධමනය 2.8% කින් ඉහළට appeared first on ITN News.

Read More »

දැන් ලෝකයේ ශීතලම නගරයේ උෂ්ණත්වය -50°C යි (PHOTOS)  

0 comments

සර්බියාවේ යකුට්ස්ක් නගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක සෘණ 50ක් තරම් පහළ අගයක් ගෙන තිබෙනවා.

යකුට්ස්ක් නගරය ලොව ශිත අධිකම නගරය ලෙසයි සැලකෙන්නේ. එම නගරයේ උෂ්ණත්වයේ මධ්‍ය අගය සටහන් වන්නේ සෙල්සියස් අංශක සෘණ 8ක් ලෙසයි.

මෙවර ශිත සෘතුව එළඹීමත් සමඟ උෂ්ණත්වය අසාමාන්‍ය ලෙස පහළ ගොස් තිබෙනවා.

රුසියාවේ මොස්කව් නගරයේ සිට කිලෝ මීටර් 5000ක් පමණ දුරින් පිහිටා ඇති යකුට්ස්ක් නගරයෙන් වාර්තා වී ඇති අඩුම උෂ්ණත්වය සෙල්සියස් අංශ සෘණ 64.4ක්.

ශීත කාලගුණයට ගැලපෙන පරිදි නගරවැසියන් තම ජීවන රටාව වෙනස් කර ගෙන ඇති අතර අධික ශීත කාලගුණයට අනුගත වීම හැර ඒ සමඟ සටන් කිරීමට හැකියාවක් නොමැති බවයි නගර වැසියන් පවසන්නේ.

නගරයේ මත්ස්‍ය අලෙවිසැල් ශිතකරණ භාවිතා නොකරන අතර එළිමහනේ අලෙවියට මසුන් තබා ඇති ආකාරය දක්නට ලැබෙනවා.

 

 

The post දැන් ලෝකයේ ශීතලම නගරයේ උෂ්ණත්වය -50°C යි (PHOTOS) appeared first on ITN News.

Read More »

කාලගුණයේ වෙනසක් ගැන ඉන්දීය කාලගුණ දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක් !  

0 comments

මෙම සතිය ඇතුළත දී දිල්ලි නගරයේ උෂ්ණත්වය ඉහළ යනු ඇති බවට ඉන්දීය කාලගුණ දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

මෙම සතියේ දි දිල්ලි නගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 4ත් 6ත් අතර අගයකින් ඉහළ යනු ඇති බවටයි වාර්තා වන්නේ.

මේ වන විට දිල්ලි නගරයේ උෂ්ණත්වය සටහන් වන්නේ සෙල්සියස් අංශයක 9ක් ලෙසයි.

ශිත සෘතුවේ ආරම්භයත් සමග දිල්ලි නගරයේ උෂ්ණත්වය පහළ ගිය අතර ජනවාරි මස අග භාගය වන විට උෂ්ණත්වය ඉහළ යාමක් දක්නට ලැබෙනවා.

එමෙන්ම රාජස්තාන්, පංජාබ්, පර්යානා හා චන්දිගාර් යන ප්‍රාන්තයන්හි ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය හෙට දිනයේදි පහළ අගයක් ගනු ඇති බවටයි කාලගුණ දෙපාර්තමේන්තුව අනාවැකි පළ කරන්නේ.

The post කාලගුණයේ වෙනසක් ගැන ඉන්දීය කාලගුණ දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක් ! appeared first on ITN News.

Read More »

ජපානයේ දෛනික කොරෝනා නව ආසාදිතයින් සංඛ්‍යාව තවදුරටත් ඉහළට  

0 comments

ජපානයෙන් දෛනිකව වාර්තා වන කොරෝනා වෛරස ආසාදිතයින් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යමින් පවතිනවා.

ගතවු පැය 24ට පමණක් ජපානයෙන් හමුවී ඇති කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව පනස්පන්දහසකට ආසන්නයි.

එමෙන්ම බ්‍රසීලයෙන් 23000ක්, ජර්මනියෙන් 17000ක් හා දකුණු කොරියාවෙන් 14000 ලෙස වෛරස ආසාදිතයින් හමුව තිබෙනවා.

ඊයේ දිනයේදි සිදුවී ඇති වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව වන 284 වාර්තා වන්නේ ජපානයෙන්.

ඒ සමඟම ලොව සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව හැටහත් ලක්ෂ තිස්දෙදහස ඉක්මවා ගියා.

හමුවී ඇති සමස්ත වෛරස ආසාදිතයින් සංඛ්‍යාව හැටහත් කෝටි දහසය ලක්ෂයකට අධිකයි.

The post ජපානයේ දෛනික කොරෝනා නව ආසාදිතයින් සංඛ්‍යාව තවදුරටත් ඉහළට appeared first on ITN News.

Read More »

හැරී කුමරු රචිත ස්පෙයාර් ග්‍රන්ථය ලෝක වාර්තාවක් පිහිටුවයි  

0 comments

ලෝකයේ විශේෂ කතාබහකට ලක්ව ඇති බ්‍රිතාන්‍යයේ හැරී කුමරු රචිත ස්පෙයාර් ග්‍රන්ථය නව ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත්ව තිබෙනවා.

ප්‍රබන්ධ නොවන ග්‍රන්ථ අතරින් වේගයෙන්ම අලෙවි වූ ග්‍රන්ථය බවට මෙය පත්ව ඇති බවයි වාර්තා වන්නේ. බ්‍රිතාන්‍යය, ඇමෙරිකාව  සහ කැනඩාව යන රටවල ස්පෙයාර් ග්‍රන්ථය අලෙවිය ආරම්භ කළ පළමු දින තුළ පමණක් මිලියන 1.43ක පිටපත් ප්‍රමාණයක් අලෙවි වී ඇති බව සඳහන්. මීට පෙර එම වාර්තාව හිමිව තිබුණේ ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඔබාමා විසින් 2020 වර්ෂයේදී ප්‍රකාශයට පත්කළ අ ප්‍රොමිස්ඩ් ලෑන්ඩ් (A Promised Land ) කෘතියටයි. හැරි කුමරුගේ ස්පෙයාර් ග්‍රන්ථය තුළ ආන්දෝලනාත්මක සිද්ධි රැසක් ඇතුළත්ව තිබීමත් සමඟ ජාත්‍යන්තරයේ සුවිශේෂී අවධානයක් දිනා ගැනීමට සමත්ව තිබෙනවා. කෙසේ වෙතත් හැරී කුමරු පසුව ප්‍රකාශ කර තිබුණේ මෙම ග්‍රන්ථය හේතුවෙන් තමන්ටත් තම පවුලේ අයටත් ජීවිත තර්ජන එල්ලවී ඇති බවයි. මේ වනවිටත් බ්‍රිතාන්‍ය රජ පවුලේ ආරක්ෂාව මේ වනවිට තර කර ඇති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

 

 

The post හැරී කුමරු රචිත ස්පෙයාර් ග්‍රන්ථය ලෝක වාර්තාවක් පිහිටුවයි appeared first on ITN News.

Read More »

ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ හදිසි තත්ත්වයක්  

0 comments

ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට ජනාධිපති ජෝ බයිඩන් තීරණය කර තිබෙනවා.

ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ඇතැම් ස්ථානවලට ජල ගැලීම් සහ අධික හිම පතනය හේතුවෙන් මෙලෙස හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බවයි වාර්තා වන්නේ. ඇතැම් ප්‍රදේශවල හිම පතනය අඩි 6 ක් බවත් වාර්තා වනවා. මේ වන විට අයහපත් කාලගුණය හේතුවෙන් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එමෙන් ම පළාත් රැසක නිවාස සිය ගණනක් මුළුමනින්ම ජලයෙන් යට වී ඇති බව ද වාර්තා වනවා. අයහපත් කාළගුණය හේතුවෙන් කැලිෆෝනියාවේ මිලියන 26ක් පීඩාවට පත්ව සිටිනවා.

 

 

 

The post ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ හදිසි තත්ත්වයක් appeared first on ITN News.

Read More »

ඇෆ්ගනිස්ථානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක සහ ඇයගේ ආරක්ෂකයෙකු වෙඩි තබා ඝාතනය කෙරේ  

0 comments

ඇෆ්ගනිස්ථානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක සහ ඇයගේ ආරක්ෂකයෙකු කාබුල් නුවර දී වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

32 හැවිරිදි මුර්සල් නබිසාදා, 2021 අගෝස්තු මාසයේ දී තලේයිබාන් සංවිධානය බලය අල්ලා ගැනීමෙන් පසු කාබුල් හි රැඳි සිටි කාන්තා මන්ත්‍රීවරියන් කිහිප දෙනාගෙන් අයෙකුවනවා. ඊයේ සිදු වු මෙම ප්‍රහාරයෙන් ඇයගේ සහෝදරයා සහ තවත් ආරක්ෂක නිලධාරියෙකු තුවාල ලබා ඇති බව සඳහන්. පසුගිය කාලයේ දී රට හැරයාමේ අවස්ථාවක් ප්‍රතික්ෂේප කළ ඇෆ්ගනිස්ථානයේ නිර්භීත ශූරියක් ලෙසද ඇයව දැඩි ලෙස ප්‍රශංසාවට ලක්වුණා. කෙසේවුවත් 2021 පසු තලෙයිබාන් සංවිධානය බලයට පත්වීමෙන් පසු සෑම අංශයකින්ම කාන්තාවන් ඉවත් කර තිබෙනවා. කෙසේවුවත් මේ සම්බන්ධයෙන් නිශ්චිත ප්‍රකාශයක් තලෙයිබාන් පාලනය නිකුත් කර නැහැ.

 

 

 

The post ඇෆ්ගනිස්ථානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක සහ ඇයගේ ආරක්ෂකයෙකු වෙඩි තබා ඝාතනය කෙරේ appeared first on ITN News.

Read More »

නේපාලය ජාතික ශෝක දිනයක් ප්‍රකාශයට පත් කරයි  

0 comments

නේපාලය අද දිනය ශෝක දිනයක් ලෙසට ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඊයේ නේපාලයේ සිදුවූ ගුවන් අනතුරෙන් යානයේ සිටි සියලු දෙනා ජීවිතක්ෂයට පත්වුණා. පුද්ගලයින් 72 දෙනෙකු රැගත් ගුවන් යානය කඩා වැටුනේ මධ්‍යම නේපාලයේ පොකාරා ගුවන් තොටුපළේ ආසන්නයේදීයි. නේපාලයේ යෙටි ගුවන්සේවයට අයත් මෙම ගුවන් යානය කත්මන්ඩු නුවර සිට පොකාරා දක්වා ගමන් කරමින් තිබුණා. ගුවන් යානයේ හටගත් ගින්නක් හේතුවෙන් ගුවන් නියමුවා යානය පොකාරා ගුවන් තොටුපළ ආසන්නයේ ඇති ගංගාවක් අසලට ගොඩබැස්වීමට උත්සාහ දැරූ අවස්ථාවේදීයි යානය කඩා වැටීමට ලක්ව ඇත්තේ. කෙසේ වුවත් මෙම ගුවන් අනතුර සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස නේපාල අග්‍රාමාත්‍යවරයා බලධාරීන්ට නියෝග කර තිබෙනවා.

 

 

 

The post නේපාලය ජාතික ශෝක දිනයක් ප්‍රකාශයට පත් කරයි appeared first on ITN News.

Read More »

පිලිපීනයට බලපෑ සුළි කුණාටුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 27ක් දක්වා ඉහළට  

0 comments

පිලිපීනයට බලපෑ සුළි කුණාටුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 27ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

පසුගිය මාසයේ නත්තල් සති අන්තයේ සිට මේ දක්වා මෙම අයහපත් කාළගුණ තත්වය හේතුවෙන් දැඩි වර්ෂාපතනයක් සහ ගංවතුර තත්වයක් හටගත්තා. මේ වන විට පුද්ගලයින් 83000කට වැඩි පිරිසක් අවතැන්ව සිටිනවා. පුද්ගලයින් 11 දෙනෙකු තුවාල ලබා ඇති අතර තවත් පුද්ගලයින් 3 දෙනෙකු අතුරුදන්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. නිවාස 1200ක් පමණ විනාශ වී ඇති බවද සඳහන්.

 

 

The post පිලිපීනයට බලපෑ සුළි කුණාටුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 27ක් දක්වා ඉහළට appeared first on ITN News.

Read More »

ජෝ බයිඩන්ගේ නිවසින් තවත් රහස් ලියවිලි කිහිපයක් හමුවෙයි  

0 comments

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්ගේ ඩෙලවෙයාර් ප්‍රාන්තයේ නිවසින් තවත් රහස් ලියවිලි කීපයක් හමු වී තිබෙනවා.

රහස් ලියවිලි ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්ට චෝදනා එල්ල වීමට ආරම්භ වුණේ මීට දින කීපයකට පෙර සිටයි. පළමුවෙන් ලියවිලි තොගයක් හමුවූයේ බයිඩන්ට අයත් පෞද්ගලික කාර්යාලයකින්. ඉන්පසු පසුගිය සතියේ ඩෙලවෙයාර් ප්‍රාන්තයේ නිවසේ ගරාජයෙන් තවත් රහස් ලියවිලි හමුවුණා. මේ වන විට නව රහස් ලියවිලි හමුවී ඇත්තේ බයිඩන්ගේ නිවස තුළින් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. කෙසේ වුවද නිවසේ සහ නිවසේ ගරාජයේ තිබී ලියවිලි හමුවීම සම්බන්ධයෙන් බයිඩන් මෙතෙක් කිසිඳු ප්‍රකාශයක් සිදු කර නැහැ.

 

 

The post ජෝ බයිඩන්ගේ නිවසින් තවත් රහස් ලියවිලි කිහිපයක් හමුවෙයි appeared first on ITN News.

Read More »

පුද්ගලයින් 72ක් රැගත් ගුවන් යානයක් නේපාලයේ දී කඩාවැටෙයි  

0 comments

පුද්ගලයින් 72 දෙනෙකු රැගත් ගුවන් යානයක් නේපාලයේ දී කඩා වැටී තිබෙනවා.

මධ්‍යම නේපාලයේ පොකාරා ගුවන් තොටුපළේ දීයි මෙම අනතුර සිදුව තිබෙන්නේ. මේ වන විට මුදාගැනීමේ කටයුතු ආරම්භ කර ඇති අතර පුද්ගලයින් 16 දෙනෙකුගේ සිරුරු සොයාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. නේපාලයේ යෙටි ගුවන්සේවයට අයත් මෙම ගුවන් යානය කත්මන්ඩු නුවර සිට පොකාරා දක්වා ගමන් කරමින් සිටියා. පොකාරා ගුවන් තොටුපළේ දී ගොඩබැස්වීම සිදු කරන අතරතුරදී යානය කඩා වැටීමට ලක්ව තිබෙන්නේ. යානයේ විදේශිකයින් 10 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 4 දෙනෙකු ඇතුළුව මඟීන් 68 දෙනෙකු සිට තිබෙනවා. අනතුර හේතුවෙන් පොකාරා ගුවන් තොටුපළ තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.

 

 

The post පුද්ගලයින් 72ක් රැගත් ගුවන් යානයක් නේපාලයේ දී කඩාවැටෙයි appeared first on ITN News.

Read More »

යුක්‍රේනයේ නගර රැසකට රුසියාවෙන් මිසයිල සහ ෂෙල් වෙඩි ප්‍රහාර  

0 comments

යුක්‍රේනයේ නගර රැසකට රුසියාවෙන් මිසයිල සහ ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල වී තිබෙනවා.

නැගෙනහිර යුක්‍රේනයේ නිප්‍රෝ නගරයේ මහල් නිවාස ගොඩනැගිල්ලකට ද මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇති අතර ඉන් පුද්ගලයින් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. තවත් පුද්ගලයින් 64 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. කියෙව් අගනුවර , කාර්කීව් සහ ඔඩෙස්සා යන නගරවලටද මිසයිල ප්‍රහාර එල්ල කර තිබෙනවා. රුසියනු හමුදා විසින් නගර රැසකට එල්ල කළ ප්‍රහාර විසින් යුක්රේන වැසියන්ගේ යටිතල පහසුකම් දැඩි ලෙස අඩපණ වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. රුසියාවෙන් එල්ල වන මිසයිල ප්‍රහාර වළක්වා ගැනීමට මේ වනවිට ඇමෙරිකාවෙන්, ප්‍රංශයෙන් සහ මහා බ්‍රිතාන්‍යයෙන් යුක්රේන හමුදාවට අවි ආයුධ ලැබෙනවා. ඇමෙරිකාව සහ බ්‍රිතාන්‍යය මිසයිල නාශක අවි පද්ධති කීපයක් ම යුක්රේන හමුදාවට ලබා දී තිබෙනවා. බ්‍රිතාන්‍ය අගමැති රිෂී සුනක්ගේ මැදිහත් වීමෙන් චැලෙන්ජර් 2 වර්ගයේ යුද ටැංකි යුක්‍රේනයේ හමුදාවට ලැබී ඇති බව ද වාර්තා වනවා. කෙසේවුවද රුසියාව ඊට ප්‍රතිචාර දක්වමින් කියා සිටින්නේ යුක්‍රේනයට තවත් ආධාර සැපයීම තුලින් රුසියානු මෙහෙයුම් තීව්‍ර කිරීමට හා සිවිල් වැසියන්ට හානි කිරීමට සිදු වන බවයි.

 

The post යුක්‍රේනයේ නගර රැසකට රුසියාවෙන් මිසයිල සහ ෂෙල් වෙඩි ප්‍රහාර appeared first on ITN News.

Read More »

පසුගිය මාසය තුළ චීනයේ කොරෝනා ආසාදිතයින් හැටදහසක් ජීවිතක්ෂයට  

0 comments

පසුගිය මාසයක කාලය තුළ චීනයේ කොරෝනා ආසාදිතයින් හැටදහසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව චීන සෞඛ්‍ය අංශ තහවුරු කර තිබෙනවා.

ඒ අනුව පසුගිය දෙසැම්බර් 8 වනදා සිට ජනවාරි 12 වනදා දක්වා අතර කාලය තුළ චීනයේ කොරෝනා මරණ 59,938 ක් වාර්තා වී තිබෙනවා. චීනයේ ශූන්‍ය කොවිඩ් පතිපත්තිය නවතා දැමීමෙන් නිල වශයෙන් වාර්තා කළ පළමු මරණ වාර්තාව මෙයයි. මියගිය අයගෙන් බොහෝ දෙනෙකු 80ට වැඩි පිරිස වනවා. මෙම සංඛ්‍යා ලේඛනවලට අනුව කොරෝනා වයිරසය හේතුවෙන් ඇතිවන ශ්වසන අපහසුතාවලින් සිදුවී මරණ සංඛ්‍යාව 5,503 ක්. එමෙන්ම මෙම වයිරසයේ අතුරු ආබාධ හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 54,435ක් බවයි මෙම වාර්තාවෙන් දැක්වෙන්නේ. කෙසේ වෙතත් මෙම මරණ සංඛ්‍යාව වැඩිවිය හැකි බවයි චීන සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ. මේ වනවිට චීනයේ ප්‍රධාන නගර ආශ්‍රිතව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා.

 

 

 

 

 

The post පසුගිය මාසය තුළ චීනයේ කොරෝනා ආසාදිතයින් හැටදහසක් ජීවිතක්ෂයට appeared first on ITN News.

Read More »

ලන්ඩනයේ දේවස්ථානයක් අසළ වෙඩි තැබීමක්  

0 comments

ලන්ඩනයේ දේවස්ථානයක් ආසන්නයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

මධ්‍යම ලන්ඩනයේ දේවස්ථානයක් ආසන්නයේ දී සිදුවූ මෙම වෙඩි තැබීමෙන් 7 හැවිරිදි කුඩා දරුවෙකු ජීවිතක්ෂයට පත්වුණා. තවත් පුද්ගලයින් පස් දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.දේවස්ථානයේ දේවමෙහෙයක් අතරතුර වාහනයකින් පැමිණි පිරිසක් මෙම වෙඩි තැබීම සිදුකර තිබෙනවා. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක බවයි ලන්ඩන් පොලීසිය සඳහන් කරන්නේ.

 

 

 

 

 

The post ලන්ඩනයේ දේවස්ථානයක් අසළ වෙඩි තැබීමක් appeared first on ITN News.

Read More »

චීන නෞකාව ගැන ඉන්දියාව සෝදිසියෙන්  

0 comments

චීනය ඉන්දුසියා මුහුදු ප්‍රදේශයට දැවැන්ත නෞකාවක් එවීමත් සමඟ ඉන්දුනීසියාවද යුද නෞකාවක් එම ප්‍රදේශයට  පිටත් කර හැර තිබෙනවා.

සම්පත් බහුල ප්‍රදේශයක් ලෙස සැළකෙන උතුරු නටුනා මුහුදු ප්‍රදේශයටයි චීන නෞකාව පැමිණ ඇත්තේ. චීන නෞකාව සම්බන්ධයෙන් අඛණ්ඩවම නිරීක්ෂණය කරමින් සිටින බව ඉන්දීය හමුදා සදහන් කළා.

චීනයේ සීසීජී 5901 නෞකාව මේ සදහා යොදවා ඇති අතර එය ලොව විශාලතම වෙරළාරක්ෂක නෞකා අතරින් එකක් වනවා. මුහුදු සීමාවන් සම්බන්ධයෙන් චීනය සහ නැගෙනහිර ආසියාතික රටවල් අතර නිරන්තරයෙන් ගැටුම් පවතිනවා.

 

 

 

The post චීන නෞකාව ගැන ඉන්දියාව සෝදිසියෙන් appeared first on ITN News.

Read More »

ඉරානය ද්විත්ව පුරවැසියෙකු එල්ලා මරා දමයි  

0 comments

බ්‍රිතාන්‍ය ඉරාන ද්විත්ව පුරවැසියෙකු වූ අලි රේසා අක්බාරි එල්ලා මරාදැමීමට ඉරානය කටයුතු කර තිබෙනවා.

රහස් ඔත්තු සේවාවල නිරත වෙමින් ඉරාන රජයට එරෙහිව කුමන්ත්‍රණ කළ බවට එල්ල වූ චෝදනා අනුව එල්ල මරාදැමීම සිදු කෙරුණ‌ා. එල්ලා මරාදැමීමට පෙර ඔහුගේ පවුලේ සාමාජිකයන්ට අවසන් වරට දැක බලාගැනී‌මේ අවස්ථාවක්ද ලබාදී තිබුණා.

මහාබ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍ය රිෂී සුනක් නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරන්නේ මෙම ක්‍රියාව නිවට බියගුලු දෙයක් බවයි. ඉරාන පාලකයන් මානව හිමිකම් සම්බන්ධයෙන් කිසිදු තැකීමකින් තොරව කටයුතු කරන බවට ද ඔහු චෝදනා කළා.

 

 

 

The post ඉරානය ද්විත්ව පුරවැසියෙකු එල්ලා මරා දමයි appeared first on ITN News.

Read More »

ඇෆ්ගනිස්ථාන කාන්තාවන්ට පැනවූ තහනම සම්බන්ධයෙන් යළි සලකා බලන්න –  ඉස්ලාමීය සහයෝගිතා සංවිධානය ඉල්ලයි  

0 comments

ඇෆ්ගනිස්ථාන් කාන්තාවන්ට රාජ්‍ය නොවන සංවිධානවල රැකියාවල නිරතවීමට පැනවූ තහනම සම්බන්ධයෙන් යළි සලකා බලන ලෙස  ඉස්ලාමීය සහයෝගිතා සංවිධානය එරට තලෙබාන් පාලනයෙන් ඉල්ලා සිටිනවා.

විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ තලෙබාන් පාලනය යටතේ ඇෆ්ගනිස්තානය තුළ පවතින තත්ත්වය සම්බන්ධයෙන් ඉස්ලාමීය සහයෝගිතා සංවිධානයේ ද අවධානය යොමුවී ඇති බවයි.

සෞදියේ ජෙඩා නුවර පැවති එම සංවිධානයේ විශේෂ හමුවකදී ඇෆ්ගනිස්තානයේ මානුෂීය තත්ත්වය සහ සංවර්ධනයන් සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කාන්තාවන්ට අධ්‍යාපනය ලැබීම සහ රාජ්‍ය නොවන සංවිධානවල සේවය කිරීම තහනම් කිරීම ඉස්ලාමීය නීතියේ අරමුණු හා අල්ලා දෙවියන්ගේ ක්‍රමවේදය උල්ලංඝනය කිරීමක් බව  ඉස්ලාමීය සහයෝගිතා සංවිධානය නිකුත් කළ නිවේදනයක සදහන් වනවා.

 

 

 

The post ඇෆ්ගනිස්ථාන කාන්තාවන්ට පැනවූ තහනම සම්බන්ධයෙන් යළි සලකා බලන්න –  ඉස්ලාමීය සහයෝගිතා සංවිධානය ඉල්ලයි appeared first on ITN News.

Read More »

ඇමෙරිකාවේ විස්කොන්සිව් සහ උතුරු කැරලිනා ප්‍රාන්තවල රාජ්‍ය අංශයේ මෙවලම් වල ටික්ටොක් තහනම් කෙරේ  

0 comments

ඇමෙරිකා එක්සත් ජනපදයේ විස්කොන්සිව් සහ උතුරු කැරලිනා ප්‍රාන්තවල රාජ්‍ය අංශයේ මෙවලම් වල ටික්ටොක් මෘදුකාංගය තහනම් කර තිබෙනවා.

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් විසින් මෙම මෘදුකාංගය රජයේ සේවා සදහා භාවිත කිරීම තහනම් කරමින් නීති ලියවිල්ලකට අත්සන් තැබීමෙන් පසුවයි විස්කොන්සිව් සහ උතුරු කැරලිනා ප්‍රාන්ත මෙම තහනම ක්‍රියාත්මක කර ඇත්තේ.

අන්තර්ජාලය ඔස්සේ රාජ්‍ය තොරතුරු සොරා ගැනීම වැළැක්වීමේ අරමුණෙන් නීතිය හදුන්වා දෙනු ලැබුවා. ටික් ටොක් මෘදුකාංගය චීන රාජ්‍යයට අයත් වන්නක්.

 

 

 

The post ඇමෙරිකාවේ විස්කොන්සිව් සහ උතුරු කැරලිනා ප්‍රාන්තවල රාජ්‍ය අංශයේ මෙවලම් වල ටික්ටොක් තහනම් කෙරේ appeared first on ITN News.

Read More »

යුක්‍රේනය නේටෝ සංවිධානයේ නිල නොවන රාජ්‍යයක් බවට පත්ව ඇතැයි එරට ආරක්ෂක ඇමති කියයි  

0 comments

යුක්‍රේනය නේටෝ සංවිධානයේ නිල නොවන රාජ්‍යයක් බවට මේ වන විට පත්ව ඇතැයි එරට ආරක්ෂක අමාත්‍ය ඔලෙක්සි රෙස්නිකොෆ් පවසනවා.

රුසියාවට එරෙහිව යුද වැදීම සඳහා නේටෝ සංවිධානය ඇතුළු බටහිර රටවලින් ඉදිරියටත් අවි ආයුධ ලැබෙනු ඇති බවටයි යුක්‍රේන ආරක්ෂක අමාත්‍යවරයා සඳහන් කළේ. දෙරට අතර ගැටුම්කාරී තත්ත්වය තවත් උග්‍ර වීමේ අවදානමක් ඇති බවද ඔහු කියා සිටියා. යුක්‍රේනයේ පරාජය සමස්ත යුරෝපයේම සහ බටහිර ලෝකයේම පැවැත්ම සම්බන්ධයෙන් අභියෝගයක් එල්ලකරන බවයි රෙස්නි කොෆ් සඳහන් කළේ.

 

 

 

The post යුක්‍රේනය නේටෝ සංවිධානයේ නිල නොවන රාජ්‍යයක් බවට පත්ව ඇතැයි එරට ආරක්ෂක ඇමති කියයි appeared first on ITN News.

Read More »

ධවල මන්දිරයේ සිදු කරන විමර්ශන සඳහා ජෝ බයිඩන්ගේ පූර්ණ සහය  

0 comments

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් රහසිගත ලිපි ලේඛණ සම්බන්ධයෙන් ගණු දෙනු කිරීමේදී නියමිත පටිපාටිය අනුගමනය  කර ඇත්තේ ද යන්න පිළිබද විමර්ශනය කිරීම සදහා නීතිපතිවරයා විශේෂ නිලධාරියෙකු පත් කර තිබෙනවා.

ඇමෙරිකා අධිකරණ දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන රොබට් හර් මහතායි මේ සදහා පත් කර ඇත්තේ. රාජ්‍ය රහස් සහිත ලිපි ලේඛණ කිහිපයක් ජනාධිපතිවරයාගේ නිවසේ තිබී හමු වී තිබීම සමග මෙම විමර්ශනය ආරම්භ වුණා.

ධවල මන්දිරය සදහන් කරන්නේ ජනාධිපතිවරයා මෙම විමර්ශනයට පූර්ණ සහාය ලබාදීමට පියවර ගෙන ඇති බවයි.

 

 

The post ධවල මන්දිරයේ සිදු කරන විමර්ශන සඳහා ජෝ බයිඩන්ගේ පූර්ණ සහය appeared first on ITN News.

Read More »

අයහපත් කාලගුණය හේතුවෙන් කැලිෆෝනියා ප්‍රාන්තයේ 17 දෙනෙකු ජිවිතක්ෂයට  

0 comments

ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 17 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

කැලිෆෝනියා ප්‍රාන්තයට බලපෑ සුළි කුණාටු තත්ත්වයක් සමග අධික වර්ෂාවෙන් ද බලපෑම් එල්ල වුණා.

ඒ සමගම හටගත් ගංවතුර හා නායයාම් හේතුවෙන් දහස් ගණනක පිරිසක් ආරක්ෂක ස්ථාන කරා යොමු කිරීමටයි බලධාරීන් පියවර ගත්තේ.

ලක්ෂයක් පමණ නිවාස හා ව්‍යපාර ස්ථානයන්ට විදුලි බලය අහිමි වී තිබෙනවා.

බ්‍රිතාන්‍යයේ හැරී කුමරු ඇතුලු ප්‍රසිද්ධ පුද්ගලයින් වාසය කරන මුහුදු බඩ ප්‍රදේශයන්ගෙන් ඔවුන්ව ඉවත් කිරීමට ද බලධාරීන් කටයුතු කළා. කෙසේ වුවද මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා පවසන්නේ.

 

 

 

The post අයහපත් කාලගුණය හේතුවෙන් කැලිෆෝනියා ප්‍රාන්තයේ 17 දෙනෙකු ජිවිතක්ෂයට appeared first on ITN News.

Read More »

කාබුල් අගනුවර සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 20 දෙනෙකු ජිවිතක්ෂයට  

0 comments

ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර සිදුවු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලින් 20 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

කාබුල් අගනුවර විදේශ කටයුතු අමාත්‍යාංශ ඉදිරිපිටයි මෙම බෝම්බ ප්‍රහාරය සිදුව ඇත්තේ. ප්‍රහාරයේ වගකීම අයි එස් අයි එස් ත්‍රස්ත කණ්ඩායම භාරගෙන තිබෙනවා.

ප්‍රහාරයෙන පුද්ගලයින් රැසක් තුවාල ලබා ඇති බව ද සදහන්. මෙම වසරේදි සිදුවු දෙවන දැවැන්තම ප්‍රහාරය මෙය බවයි තලේයිබාන් සංවිධානය පවසන්නේ.

ප්‍රහාරය සිදු කළ පුද්ගලයා අමාත්‍යාංශ තුළට ඇතුලු වීමට උත්සහ කර ඇති අතර එම උත්සහය ව්‍යර්ථ කිරීමට ආරක්ෂ අංශ නිලධාරීන් සමත්වුණා.

ජනතාව වැඩිපුර ගැවසෙන සවස 4ට පමණ මෙම ප්‍රහාරය සිදුව ඇත්තේ.

 

 

 

 

The post කාබුල් අගනුවර සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 20 දෙනෙකු ජිවිතක්ෂයට appeared first on ITN News.

Read More »

යුක්රේනයේ අණදෙන නිලධාරී ජනරාල් සර්ජි සුරෝවිකින් ඉවත් කෙරේ  

0 comments

යුක්රේනයේ අණදෙන නිලධාරි ලෙස කටයුතු කළ ජනරාල් සර්ජි සුරෝවිකින් ඉන් ඉවත් කිරීමට රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පියවර ගෙන තිබෙනවා.

එම ධුරයට ඔහු පත් කර මාස 03ක පමණ කාලයකට පසු ඉන් ඉවත් කිරීම විශේෂත්වයක්.

පසුගිය සති කිහිපය තුළදි යුක්රේනය ඉලක්ක කරගනිමින් දැවැන්ත ප්‍රහාර මාලාව මෙහෙයවු පුද්ගලයා ලෙස ද ජනරාල් සර්ජි සුරෝවිකින් සැලකෙනවා.

යුක්රේනයේ රුසියා හමුදා කණ්ඩවල නව අණදෙන නිලධාරීයා ලෙස මාණ්ඩලික ප්‍රධානි ජනරාල් වැලරි ජෙරසිමෝෆ් පත්කර ඇති බවයි වාර්තා වන්නේ. ජනරාල් වැලරි ජෙරසිමෝෆ් රුසියා හමුදාවේ දීර්ඝතම කාලයක් මාණ්ඩලික ප්‍රධානි තනතුර දැරූ පුද්ගලයා ද වනවා.

 

 

 

The post යුක්රේනයේ අණදෙන නිලධාරී ජනරාල් සර්ජි සුරෝවිකින් ඉවත් කෙරේ appeared first on ITN News.

Read More »

ඊයේ දිනයේ වැඩිම කොරෝනා ආසාදිතයින් ජපානයෙන්  

0 comments

ගතවු පැය 24ට ලොව පුරා රටවල් 228කින් කොරෝනා වෛරස ආසාධිතයින් ලක්ෂ 04ට අධික සංඛ්‍යාවක් හමුව තිබෙනවා. සිදුව ඇති මරණ සංඛ්‍යාව 1600යි.

ඊයේ දිනයේදිත් වැඩිම වෛරස ආසාධිතයින් සංඛ්‍යාවක් හමුව ඇත්තේ ජපානයෙන්.

එම සංඛ්‍යාව ලක්ෂ දෙකකට ආසන්නයි. එමෙන්ම දකුණු කොරියාවෙන් පනස් හතරදහසක්, ඇමෙරිකාවෙන් තිස් හත්දහසක් හා තායිවානයෙන් විසි පන්දහසක් ලෙස වෛරස ආසාධිතයින් හමුව තිබෙනවා

ගතවු පැය 24ට සිදු වු වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව වන 408 වාර්තා වන්නේ ඇමෙරිකාවෙන්. ඒ සමගම ලොව සමස්ත කෙරෝනා මරණ සංඛ්‍යාව හැටහත් ලක්ෂ විසි එක්දහසකට ආසන්න වනවා.

හමුවී ඇති සමස්ත වෛරස ආසාධිතයින් සංඛ්‍යාව හැටහය කෝටි අනූඅටලක්ෂයකට අධිකයි.

 

 

 

 

The post ඊයේ දිනයේ වැඩිම කොරෝනා ආසාදිතයින් ජපානයෙන් appeared first on ITN News.

Read More »

හලාවත පවුල් 350කට පානීය ජල පහසුකම් සැපයීමට නව ජල ව්‍යාපෘතියක්  

0 comments

හලාවත ප්‍රදේශයේ පවුල් 350කට පානීය ජල පහසුකම් සැපයීම වෙනුවෙන් නව ජල ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට රජය පියවර ගෙන තිබෙනවා.

හලාවත උඩප්පුව හා තිස්සෝගම යන ප්‍රදේශවල ජනතාවගේ පානීය ජල පහසුකම් වෙනුවෙන් ක්‍රියාත්මක කෙරෙන මෙම ජල ව්‍යාපෘතියට රජය වෙන්කර ඇති මුදල රුපියල් ලක්ෂ 550 ක්.

ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මේ සදහා මූල්‍ය පහසුකම් සළසා තිබෙනවා.

නව ජල ව්‍යාපෘතියේ කටයුතු ආරම්භ කෙරුණේ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන්.

මෙම ප්‍ර දේශයේ ජනතාව කාලයක සිට පානීය ජල ගැටලුවෙන් පීඩා විදින අතර නව ජල ව්‍යාපෘතිය ක්‍රියාත්මකවීමත් සමඟ ඔවුන්ගේ එම ගැටලුවට පිළියම් ලැබෙන බවයි ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසන්නේ.

 

 

The post හලාවත පවුල් 350කට පානීය ජල පහසුකම් සැපයීමට නව ජල ව්‍යාපෘතියක් appeared first on ITN News.

Read More »

දිල්ලියේ උෂ්ණත්වය ශීඝ්‍රයෙන් පහළ බසී  

0 comments

දින පහක් ඇතුළත දිල්ලි නගරයේ උෂ්ණත්වය ශීඝ්‍රයෙන් පහත බැස තිබෙනවා. දශකයකට පසුවයි මෙසේ අධික ශීතලට දිල්ලිය මුහුණ දෙන්නේ.

පිළීවෙලින් ජනවාරි 5වනදා සිට දිල්ලි නගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක තුන, හතර, දෙකයි දශම දෙක, එකයි දශම නවය, එකයි දශම එක හා සෙල්සියස් අංශක එක දක්වා අඩු වුණා.

මීට පෙර මෙවැනි අඩු උෂ්ණත්වයන් වාර්තා වුණේ 2013 වසරේ ජනවාරි මාසයේදී. කෙසේ වෙතත් ජනවාරි 11 ත් 13 ත් අතර කාලයේදී මෙම තත්ත්වය වෙනස්වීමේ හැකියාවක් පවතින බව ඉන්දීය කාලගුණ අංශ නිවේදනය කළා.

ඇතැම් හුදකලා ප්‍රදේශවල උෂ්ණත්වය තවදුරටත් අඩු අගයක පවතිනු ඇති බවටයි වාර්තා වන්නේ.

 

The post දිල්ලියේ උෂ්ණත්වය ශීඝ්‍රයෙන් පහළ බසී appeared first on ITN News.

Read More »

ගල්අඟුරු ආකර ව්‍යාප්ත කිරීමට එරෙහිව ජර්මනියේ පරිසර ක්‍රියාකාරීන් පොලිසිය සමඟ ගැටුමක  

0 comments

ජර්මනියේ ගල්අඟුරු ආකර ව්‍යාප්ත කිරීමට විරෝධය පළ කරමින් එරට පරිසර ක්‍රියාකාරීන් පිරිසක් පොලිසිය සමඟ ගැටුමක් ඇතිකරගෙන තිබෙනවා.

ගාස්වෙයිලර් ගල්අගුරු පතල අසල මෙම විරෝධතාව සිදුකර තිබෙනවා. යුරෝපය මුහුණ දී ඇති බලශක්ති අර්බුදයට විසදුමක් ලෙස ගල්අගුරු නිෂ්පාදනය වැඩි කිරීමටයි ජර්මනිය පියවර ගෙන ඇත්තේ.

එමඟින් බලශක්ති අවශ්‍යතා සපයා ගැනීම සදහා කටයුතු කෙරෙන අතර පරිසර සංවිධානවලින් ඊට දැඩි විරෝධයක් පළව තිබුණා.

වෙස් මුහුණු පැළදගත් විරෝධතාකරුවන් පොලිසිය සමග දරුණු ගැටුම් ඇතිකරගෙන තිබෙනවා.

මෙම ගල් අගුරු පතල ව්‍යාප්ත කිරීම තුළින් යුරෝපයටද අහිතකර දේශගුණික බලපෑම් සිදුවනු ඇති බවට විරෝධතාකරුවන් පෙන්වා දෙනවා.

ජර්මනිය ඇතුළු යුරෝපා කලාපයේ රටවල් බලශක්ති අර්බුදයට මුහුණ දෙන්නේ රුසියාව, යුක්රේනය සමඟ ඇතිකර ගත් ගැටුම් හේතුවෙන්.

The post ගල්අඟුරු ආකර ව්‍යාප්ත කිරීමට එරෙහිව ජර්මනියේ පරිසර ක්‍රියාකාරීන් පොලිසිය සමඟ ගැටුමක appeared first on ITN News.

Read More »

එලොන් මස්ක් අසතුටෙන් තැබූ ගිනස් ලෝක වාර්තාව  

0 comments

ලොව විශාලතම පුද්ගලික ධනය අහිමිවීමේ ගිනස් ලෝක වාර්තාව බිඳ හෙලීමට ඉලෝන් මස්ක් සමත්ව තිබෙනවා.

2021 වසරේ නොවැම්බර් මාසයේදී මස්ක් සතු මුළු වත්කම් ප්‍රමාණය ඩොලර් බිලියන 320 ක් වුණා.

එහෙත් එය මේ වසරේ ජනවාරි වන විට ඩොලර් බිලියන 137 දක්වා පහත වැටී තිබෙනවා.

ෆෝබ්ස් ඇස්තමේන්තුවට අනුව එය 2000 වසරේ ජපන් ජාතික ආයෝජකයෙකු වන මසායෝෂි සෝන් පිහිටුවන ලද වාර්තාව බිඳ හෙලීමක්.

ඔහුගේ මුළු පාඩුව දැක්වුනේ ඩොලර් බිලියන පනස් අටයි දශම හයක් ලෙසයි.

කෙසේ වෙතත් මස්ක්ගේ වත්කම් අඩුවීම ඩොලර් බිලියන 200 කට ආසන්න විය හැකි බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

ටෙස්ලා සමාගමේ දුර්වල කොටස් ක්‍රියාකාරීත්වය මෙන්ම ට්විටර් සමාගමේ ප්‍රධාන විධායක තනතුරෙන් ඉලෝන් මස්ක් ඉවත්වීම මීට හේතුව බවයි ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ.

The post එලොන් මස්ක් අසතුටෙන් තැබූ ගිනස් ලෝක වාර්තාව appeared first on ITN News.

Read More »

ප්‍රංශ ජනතාව දැවැන්ත උද්ඝෝෂණ මාලාවක් සංවිධාන කරයි  

0 comments

ප්‍රංශයේ නව විශ්‍රාම වැටුප් ප්‍රතිසංස්කරණවලට විරෝධය පළ කරමින් එරට ජනතාව දැවැන්ත උද්ඝෝෂණ මාලාවක් සංවිධාන කර තිබෙනවා.

ලබන 19 වනදා සිට මෙම විරෝධතා පැවැත්වීමටයි ඔවුන් සූදානම් වන්නේ.

2030 වසර වන විට ප්‍රංශයේ අවම විශ්‍රාම වයස අවුරුදු 62 සිට 64 දක්වා ක්‍රමානුකූලව ඉහළ නැංවීමට අග්‍රාමාත්‍ය එලිසබෙත් බෝර්න්ගේ රජය සැලසුම් කර තිබෙනවා.

මෙය නිවේදනය කිරීමත් සමඟ ඊයේ පස්වරුවේ එරට වෘත්තීය සංගම් රැස් වූ අතර දැවැන්ත උද්ඝෝෂණ හා වැඩ වර්ජන මාලාවක් සිදුකිරීමටයි ඔවුන් නියමිතව සිටින්නේ.

ඒ අනුව ලබන 19 වනදා පැවැත්වෙන වර්ජන ක්‍රියාමාර්ගය එහි ආරම්භක පියවර වන අතර ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සැලසුම් කරමින් සිටින බවයි ප්‍රංශ වාර්තා සදහන් කළේ.

 

The post ප්‍රංශ ජනතාව දැවැන්ත උද්ඝෝෂණ මාලාවක් සංවිධාන කරයි appeared first on ITN News.

Read More »

ගත වූ පැය 24ට ලොව පුරා කොරෝනා නව ආසාදිතයින් ලක්ෂ 3 ක්  

0 comments

ලොව පුරා රටවලින් දෛනිකව වාර්තාවන කොරෝනා වයිරස ආසාදිතයින් හා මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යමින් පවතිනවා.

ගතවූ පැය 24ට පමණක් රටවල් 228 කින් හමුවී ඇති වයිරස ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 3කට ආසන්නයි.

සිදුව ඇති මරණ සංඛ්‍යාව 1,138 ක්. ජපානයෙන් වැඩිම වයිරස ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තාවී ඇති අතර එම සංඛ්‍යාව 75,000කට අධිකයි.

එමෙන්ම දකුණු කොරියාවෙන් 60,000 ක් බ්‍රසීලයෙන් 44,000 ක් හා තායිවානයෙන් 25,000 ක් ලෙස වයිරස ආසාදිතයින් හමුව තිබෙනවා.

ඊයේ දිනයේ දී සිදුව ඇති වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව වන 274 වාර්තා වන්නේ ඇමෙරිකාවෙන්. ඒ සමගම ලොව සමස්ත කොරෝනා මරණ සඛ්‍යාව හැටහත් ලක්ෂ දහඅට දහසකට ආසන්න වනවා.

හමුව ඇති සමස්ත වයිරස ආසාදිතයින් සංඛ්‍යාව හැටහය කෝටි අනූතුන් ලක්ෂ තිස්දෙදහසකට අධිකයි.

 

 

The post ගත වූ පැය 24ට ලොව පුරා කොරෝනා නව ආසාදිතයින් ලක්ෂ 3 ක් appeared first on ITN News.

Read More »

එංගලන්තය එක් වරක් භාවිත කරන ප්ලාස්ටික් තහනම් කරයි  

0 comments

එක්වරක් භාවිතා කර ඉවතලන ප්ලාස්ටික් භාවිතය තහනම් කිරීමට එංගලන්තය පියවර ගෙන තිබෙනවා.

එක්වරක් භාවිතා කර ඉවතලන ප්ලාස්ටික් පිගන්, හැදි , ගෑරුප්පු හා කෝප්ප නව නීති යටතේ තහනම් වනවා. කෙසේ වුවද නව නීතිය ක්‍රියාත්මක වන දිනය සම්බන්ධයෙන් දැනුම් දීමක් කර නැහැ. මේ අකාරයටම ස්කොට්ලන්තය හා වේල්සයද එක්වරක් භාවිතා කර ඉවතලන ප්ලාස්ටික් භාවිතය තහනම් කර තිබෙනවා. අනාගත පරපුර වෙනුවෙන් පරිසරය ආරක්ෂා කිරීම සදහා මෙම තීරණය ගත් බවයි එංගලන්ත පරිසර අමාත්‍යවරයා සදහන් කරන්නේ. වසරක් තුළ එංගලන්තය එක්වරක් භාවිතා කර ඉවතලන ප්ලාස්ටික් පිගන් බිලියන එකයි දශම එකක් හා හැදි, ගෑරුප්පු මිලියන 4 ක් පමණ භාවිතා කරනවා.

 

 

 

 

 

The post එංගලන්තය එක් වරක් භාවිත කරන ප්ලාස්ටික් තහනම් කරයි appeared first on ITN News.

Read More »

ජපානයෙන් දෛනිකව වාර්තා වන කොරෝනා ආසාදිතයින් හා මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළට  

0 comments

ජපානයෙන් දෛනිකව වාර්තා වන කොරෝනා වයිරස ආසාදිතයින් හා මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යමින් පවතිනවා.

ගතවූ පැය 24ට පමණක් ජපානයෙන් හමුවී ඇති වයිරස ආසාදිතයින් සංඛ්‍යාව 95,000කට අධිකයි. සිදුව ඇති මරණ සංඛ්‍යාව 336 ක්. දකුණු කොරියාවෙන් 19,000 ක් තායිවානයෙන් 17,000 ක් හා ඇමෙරිකාවෙන් 15,000ක් ලෙස වයිරස ආසාදිතයින් හමුව තිබෙනවා. ඒත් සමගම ලොව සමස්ත කොරෝනා වයිරස ආසාදිතයින් සංඛ්‍යාව හැටහය කෝටි අනූලක්ෂය ඉක්මවා ගියා. සිදුව ඇති මරණ සංඛ්‍යාව හැටහත් ලක්ෂ පහළොස්දහස් අටසිය අසූඅටක්.

 

 

 

 

The post ජපානයෙන් දෛනිකව වාර්තා වන කොරෝනා ආසාදිතයින් හා මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළට appeared first on ITN News.

Read More »

පෝට් සිටි ආර්ථික කොමිෂන් සභාවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අප්‍රසාදය  

0 comments

කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාවේ ජේෂ්ඨ නිලධාරීන් රජයේ මුදල් පිළිබද කාරක සභාවට සහභාගී නොවීම සහ ඒ පිළිබදව විධිමත්ව කාරක සභාව දැනුවත් නොකිරීම පිළිබදව පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා  රැස්වූ රජයේ මුදල් පිළිබද කාරක සභාවේදී අප්‍රසාදය පළ විය.

දෙසැම්බර් 21 වැනිදා කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාවේ ඉහළ නිලධාරීන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව හමුවට කැඳවා තිබුණද ඊට සහභාගී නොවීම පිළිබද සාධාරණ පැහැදිලි කිරීමක් ලිඛිතව ඉදිරිපත් කරන ලෙස රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින් කොමිෂන් සභාවේ ලේකම්වරයාට මෙහිදී උපදෙස් ලබා දෙන ලදී. 2021 අංක 11 දරන කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභා පනත යටතේ ඉදිරිපත් කර තිබූ රෙගුලාසි, ගරු ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතීත්වයෙන් පැවති රජයේ මුදල් පිළිබද කාරක සභාවේ දී පසුගියදා (05) සැලකිල්ලට ගත් අවස්ථාවේදී මෙම කරුණු අවධාරණය කෙරිණි.

ආයෝජන උත්පාදනය සඳහා වරාය නගර ව්‍යාපෘතියේ වැදගත්කම අවධාරණය කළ කාරක සභාව මෙතෙක් සිදු කර ඇති කාර්යයන් සතුටුදායක මට්ටක නොමැති බවද පැවසීය. මෙවැනි ව්‍යාපෘති හසුරුවන වෘත්තිකයන් ලෙස වඩා වගකීම් සහගතබවකින් ක්‍රියාත්මක විය යුතු බව මෙහිදී කමිටුව විසින් පැමිණ සිටි නිලධාරීන්ට පෙන්වා දෙන ලදී. විශේෂයෙන්ම කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව මගින් සිදුකරන ලියාපදිංචි කටයුතු සහ අයදුම් කිරීමේ කටයුතු අන්තර්ජාලය හරහා සිදුකිරීමට කොමිෂන් සභාව අපේක්ෂා කරන සන්දර්භයක් තුළ නිසි මාර්ගගත (ඔන්ලයින්) වැඩපිළිවෙලක් හෝ වෙබ් අඩවියක් නොතිබුණේ මන්දැයි කාරක සභාව මෙහිදී විමසා සිටියේය. ඒ අනුව එම ගැටලුව විසඳීමට අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා ලෙස කාරක සභාව විසින් පැමිණ සිටි කොමිෂන් සභා නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී.

තවද, විගණන වාර්තා ඉදිරිපත් කිරීමේ ප්‍රමාදය පිළිබඳව ද කාරක සභාවේ අවධානය යොමු විය. වාර්ෂික විගණන වාර්තා කඩිනමින් ඉදිරිපත් කිරීම සහතික කරන ලෙස කාරක සභාව කොමිෂන් සභා නිලධාරීන්ට නියෝග කළේය.

කැසිනෝ ව්‍යාපාරය නියාමන වැඩපිළිවෙලක් සකස් කිරීම පිළිබදව අධීක්ෂණය සදහා අනුකමිටුවක් ස්ථාපනය කළ බව රජයේ මුදල් පිළිබද කාරක සභාවේ සභාපති  ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මෙහිදී සදහන් කළේය.

 

The post පෝට් සිටි ආර්ථික කොමිෂන් සභාවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අප්‍රසාදය appeared first on ITN News.

Read More »

ATM යන්ත්‍රවලින් මුදල් සොරකම් කළ විදේශිකයන් ඇතුළු පිරිසක් අත්අඩංගුවට  

0 comments

ගාල්ල ප්‍රදේශයේ ඒ ටී එම් යන්ත්‍ර කපා මුදල් සොරකම් කිරීම සම්බන්ධයෙන් බල්ගේරියා ජාතිකයන් දෙදෙනෙකු ඇතුලු පුද්ගලයන් පස් දෙනෙකු පොලසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා පොලිසියේ පරිගනක අපරාධ කොට්ඨාසය සිදුකළ විමර්ෂණ වලින් අනතුරුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනුනා. කොළඹ හැව්ලොක් ප්‍රදේශයේදි පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීමවලදි එක් බල්ගේරියානු ජාතිකයෙකු අත්අඩංගුවට ගත් බවයි වාර්තා වන්නේ. අනෙක් බල්ගේරියා ජාතිකයා මෙරටින් පළා යාමට උත්සහ දැරිමේ දි අත්අඩංගුවට පත්ව තිබෙනවා. කටුනායක ගොවන්තොටුපලේදි ඔහු අත්අඩංගුවට පත් වු අතර එම පුද්ගලයා මෙරට කොල්ලකෑම් මාලාවක ප්‍රධාන සැකකරු බවයි පොලිසිය පැවසුවේ. අපරාධ සිදු කිරීමට යෙදා ගත් රථයේ රියදුරු පිටිගල ප්‍රදේශයේදි වාහනය සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම සැකකරුවන් බද්දේගම ඒ ටී එම් යන්ත්‍රයකින් රුපියල් මිලියන 5.7ක් හික්කඩුව ප්‍රදේශයේ ඒ ටි එම් යන්ත්‍රවලින් රුපියල් මිලියන 4.8ක් සහ කරාපිටිය ඒ ටි එම් යන්ත්‍රවලින් රුපියල් දෙලක්ෂ පනස්දහසක් සොරා ගනෙ තිබෙනවා.

 

 

 

The post ATM යන්ත්‍රවලින් මුදල් සොරකම් කළ විදේශිකයන් ඇතුළු පිරිසක් අත්අඩංගුවට appeared first on ITN News.

Read More »

නිවාස 6 ක් කොල්ලකා භාණ්ඩ සොරකම් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට  

0 comments

අතුරුගිරිය ප්‍රදේශයේ නිවාස 6 ක් කොල්ලකා භාණ්ඩ සොරකම් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පුද්ගලයා නිවාස කොල්ලකා රුපියල් ලක්ෂ 25කට අධික වටිනාකමකින් යුත් භාණ්ඩ සොරකම් කර ඇති බවට පොලීසියට පැමිණිලි ලැබී තිබුණා. ඒ අනුව අතුරුගිරිය පොලීසිය කළ වැටලීමකදී එම භාණ්ඩ ද සමග සැකකරු අත්අඩංගුවට ගැණුනා. ඔහු සොරකම් කළ ලක්ෂ තුනහමාරක් පමණ වටිනා රත්‍රං වළල්ලක් රුපියල් පහළොස් දහසකට අලෙවි කර තිබියදී සොයා ගැනීමට ද හැකිවී තිබෙනවා. සැකකරු කොස්ගම ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙක්.

 

 

 

 

The post නිවාස 6 ක් කොල්ලකා භාණ්ඩ සොරකම් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට appeared first on ITN News.

Read More »

බ්‍රසීල හිටපු ජනපතිගේ ආධාරකරුවන් 400කට වැඩි පිරිසක් අත්අඩංගුවට  

0 comments

බ්‍රසීල ජනාධිපති මන්දිරය,  ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණය හා කොංග්‍රස් ගොඩනැගිල්ලට කඩාවැදුනු හිටපු ජනාධිපති ජෙයර් බොල්සනාරෝගේ ආධාරකරුවන් 400කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බොල්සනාරෝ ජනාධිපතිවරණයෙන් ජයගත් බවට පිළිගන්නැයි බලකරමින් ඔහුගේ ආධාරකරුවන් තුන්දහසකට වැඩි පිරිසක් දැවැන්ත විරෝධතාවක්ද සමගින් එරට රජයේ ගොඩනැගිලි අත්පත් කර ගැනීමට කටයුතු කලේ ඊයේ දිනය සිටයි. කෙසේ වෙතත් රජයේ ගොඩනැගිලි වල දේපලවලට අලාභහානි කරමින් වීදුරු කඩා බිදදමමින් එම ගොඩනැගිලිවලට ඔවුන් ඇතුළුවන ආකාරය ද ජාත්‍යන්තර මාධ්‍ය විකාශය කළා. බ්‍රසීල පාපන්දු කණ්ඩායමේ අදුමෙන් සැරසී බ්‍රසීල ධජ අතැතිව ඔවුන් ඊට එක්ව සිටීම ද විශේෂත්වයක්. මෙම විරෝධතා අතරතුර මාධ්‍යවේදීන් 120කට ආසන්න පිරිසකට ද බොල්සනාරෝ හිතවාදීන් පහරදී තිබෙනවා. මේ වන විට ක්‍රොංගස් ගොඩනැගිල්ලේ බලය රජයේ හමුදා යටතට පත්ව ඇති බවද ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තා කළා.

 

 

The post බ්‍රසීල හිටපු ජනපතිගේ ආධාරකරුවන් 400කට වැඩි පිරිසක් අත්අඩංගුවට appeared first on ITN News.

Read More »

සෙනගාලයේ බස් රථ අනතුරෙන් මියගිය පුද්ගලයන් ගණන ඉහළට  

0 comments

සෙනගාලයේ බස් රථ අනතුරෙන් මියගිය පුද්ගලයන් ගණන ඉහළ ගොස් තිබෙනවා. මේ වන විට ඉන් 40 දෙනෙකු මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මධ්‍යම සේනගාලයේ ග්නිවි ගම්මානයේ සිදුවු අනතුරෙන් තවත් 78 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. අළුයම 3.30ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර එරට දින 03ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. එක් බස් රථයක ටයරය ඇති වු පිපිරිමක් සමග එය අනෙක් පසෙන් පැමිණි බස් රථයක ගැටී ඇති බවයි සිද්ධිය ඇසින් දුටුවන් ප්‍රකාශ කරන්නේ. අනතුර පිළිබද තවදුරටත් විමර්ශන සිදු කෙරෙනවා. සනගාලය බටහිර අප්‍රිකානු රටත් වන අතර දුර්වල මාර්ග පද්ධතිය සහ රියදුරන් මාර්ග නීති රීතිවලට ගරු නොකිරීම හේතුවෙන් වාර්ෂිකව මෙවැනි අනතුරු බහුලව සිදුවනවා.

 

 

 

The post සෙනගාලයේ බස් රථ අනතුරෙන් මියගිය පුද්ගලයන් ගණන ඉහළට appeared first on ITN News.

Read More »

බ්‍රසීල හිටපු ජනපතිගේ ආධාරකරුවන් ජනපති මැදුරට කඩාවදී  

0 comments

බ්‍රසීලයේ හිටපු ජනාධිපති ජෙයර් බොල්සනාරෝගේ ආධාරකරුවන් පිරිසක් එරට ජනාධිපති මන්දිරය,  ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණය හා කොංග්‍රස් ගොඩනැගිල්ලට කඩාවැදී තිබෙනවා.

බොල්සනාරෝ මැතිවරණයෙන් ජයගත් බවට පිළිගන්නැයි බලකරමින් ඔහුගේ ආධාරකරුවන් තුන්දහසකට වැඩි පිරිසක් මීට එක්ව සිටියා. කෙසේ වෙතත් රජයේ ගොඩනැගිලිවල දේපලවලට අලාභහානි කරමින් වීදුරු කඩා බිදදමමින් එම ගොඩනැගිලිවලට ඔවුන් ඇතුළුවන ආකාරය ජාත්‍යන්තර මාධය විකාශය කළා. බ්‍රසීල පාපන්දු කණ්ඩායමේ අදුමෙන් සැරසී බ්‍රසීල ධජ අතැතිව ඔවුන් ඊට එක්ව සිටීම ද විශේෂත්වයක්. කෙසේ වෙතත් අදාළ ක්‍රියාව සම්බන්ධයෙන් දැඩි දඩුවම් ලබාදෙන බවයි ලූලා ද සිල්වා පාලනය සදහන් කරන්නේ. බ්‍රසීල ජනාධිපතිවරයා ලෙස ලූලා ද සිල්වා දියුරුම් දුන්නේ මීට සතියකට පෙරයි.

 

 

 

 

 

The post බ්‍රසීල හිටපු ජනපතිගේ ආධාරකරුවන් ජනපති මැදුරට කඩාවදී appeared first on ITN News.

Read More »

පසුගිය වසරේදි රබර් ආශ්‍රිත අපනයනයන් 39%කින් ඉහළට  

0 comments

පසුගිය වසරේදි රබර් ආශ්‍රිත අපනයනයන් සියයට තිස් නවයකින් ඉහළ ගොස් ඇති බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. රුවන්වැල්ලේ පැවති මාධ්‍ය හමුවකදි රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

 

The post පසුගිය වසරේදි රබර් ආශ්‍රිත අපනයනයන් 39%කින් ඉහළට appeared first on ITN News.

Read More »

මෙක්සිකෝවේ දුම්රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට – 57 දෙනෙකුට තුවාල  

0 comments

මෙක්සිකෝවේ දුම්රිය දෙකක් එකිනෙකට ගැටීමෙන් අනතුරක් සිදු වුණා.

මෙක්සිකෝවේ මෙක්සිකෝ නගරයේ උමං දුම්රිය මාර්ගයකයි මෙම අනතුර සිදු වුණේ. අනතුරින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 57 දෙනෙකු තුවාල ලැබුවා. අනතුරින් එක් දුම්රිය රියෙදුරකු බරපතල ලෙස තුවාල ලබා ඇති අතර ඔහුගේ තත්ත්වය අයහපත් බවයි පැවසෙන්නේ. මෙක්සිකෝ නගරාධිපතිවරයා පවසන්නේ මේ පිළිබඳව කඩිනම් පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු සිදු කෙරෙමින් පවතින බවයි. එමෙන්ම වින්දිතයින්ට සාධාරණයක් ඉෂ්ඨ කරන බවද ඔහු පවසනවා. මෙක්සිකෝ නගරයේ මෙට්‍රෝ දුම්රිය මාර්ගය ලොව කාර්යබහුලම පොදු ප්‍රවාහන පද්ධතියක්.

 

The post මෙක්සිකෝවේ දුම්රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට – 57 දෙනෙකුට තුවාල appeared first on ITN News.

Read More »

මෙරට ණය ප්‍රතිව්‍යූහ ගත කිරීම සම්බන්ධයෙන් ඉන්දියාවේ ප්‍රතිචාරය මේ මස අගදී  

0 comments

මෙරට ණය ප්‍රතිව්‍යූහ ගත කිරීම සම්බන්ධයෙන් ඉන්දියාවේ ප්‍රතිචාරය මේ මස අගදී ලැබෙනු ඇතැයි රජය අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. චීනය සමඟද යළි සාකච්ඡා ආරම්භ කර ඇති බවයි ජනාධිපතිතුමා පවසන්නේ.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී පුවත්පත් කතෘ වරුන් හා විද්‍යුත් මාධ්‍ය ප්‍රවෘත්ති අධ්‍යක්ෂකවරුන් සමඟ ඊයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිතුමා මේබව කියා සිටියා. මෙම හමුව පැවැත්වුණේ ජනාධිපති නිල නිවසේදීයි.මාධ්‍ය ප්‍රධානීන් සමඟ අද පැවති සාකච්ඡාවේදී ඇතැම් සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන්ගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ජනාධිපතිතුමාගේ අවධානය යොමු වී තිබුණා. ජනාධිපතිතුමා එහිදී කියා සිටියේ පුවත්පත් හා විද්‍යූත් මාධ්‍ය සඳහා ශ්‍රී ලංකාවේ නීති පැවතුනත් සමාජ මාධ්‍ය නියාමනය සඳහා එවැනි නීති රාමුවක් නොමැති බවයි. මේ නිසා සිංගප්පුරුවේ දැනට භාවිතා කරන විදුලි සන්දේශ හා සමාජ පනත තමා ගෙන්වාගෙන එය අධ්‍යයනය කරන බවත් එය ශ්‍රි ලංකාවට ගැලපෙන ආකාරයෙන් සකස් කොට ඉදිරියට ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවත් ජනාධිපතිතුමා  ප්‍රකාශ කර සිටියා. පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජනාධිපතිවරයා සඳහන් කළේ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සාමාජිකයින් හා පවතින පරස්පර මත පළමුවෙන්ම විසඳාගත යුතු බවයි. දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයන් සමඟ සාකච්ඡා පැවැත්වූ බවත් , බලය බෙදීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් සෙසු දේශපාලන පක්ෂවල අදහස් ලබා ගැනීම සහ එය ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳ ලබන අගහරුවාදා සිට සාකච්ඡා ආරම්භ කරන බවත් ජනාධිපතිතුමා මාධ්‍ය ප්‍රධානීන්ට පෙන්වා දුන්නා.

 

The post මෙරට ණය ප්‍රතිව්‍යූහ ගත කිරීම සම්බන්ධයෙන් ඉන්දියාවේ ප්‍රතිචාරය මේ මස අගදී appeared first on ITN News.

Read More »

Recent News

Gossip Lanka MAG