Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නවසීලන්තයේ කම්කරු නායක ක්‍රිස් හිප්කින්ස් නව අගමැති ලෙස දිවුරුම් දෙයි  

Add comments

නවසීලන්තයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස එරට කම්කරු නායක ක්‍රිස් හිප්කින්ස් දිවුරුම් දී තිබෙනවා.

නවසීලන්ත හිටපු අග්‍රාමාත්‍ය ජසින්ඩා ආඩ්න් ගේ ඉවත්වීමෙන් පසුව ක්‍රිස් හිප්කින්ස් තෝරා පත් කර ගනු ලැබුවා.

44 හැවිරිදි ක්‍රිස් හිප්කින්ස් නවසීලන්තය ඔක්තෝබර් මාසය දක්වා පාලනය කරනු ඇති අතර ඔක්තෝබර් මාසයේ දී එරට මහ මැතිවරණය පැවැත්වීමට නියමිතයි.

ක්‍රිස් හිප්කින්ස් වෙලින්ටන් හි වික්ටෝරියා විශ්වවිද්‍යාලයෙන් දේශපාලනය සහ අපරාධ විද්‍යාව පිළිබද ප්‍රධාන උපාධියක් සමග ශාස්ත්‍රවේදී උපාධියක්ද ලබාගෙන තිබෙනවා.

ඔහු ප්‍රතිපත්ති උපදේශකයෙකු මෙන්ම පුහුණු කළමනාකරුවෙකු ලෙසද කටයුතු කර ඇති අතර රැකියා ගණනාවක නිරතව තිබෙනවා.

The post නවසීලන්තයේ කම්කරු නායක ක්‍රිස් හිප්කින්ස් නව අගමැති ලෙස දිවුරුම් දෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG