Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඊයේ දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 4,221ක්  

0 comments

ඊයේ දිනයේ හදුනාගත් ආසාදිතයන් සංඛ්‍යාව 4221ක් හදුනාගෙන තිබෙනවා.

මෙරටින් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව හාර ලක්ෂ හතලිස් දහස් තුන්සිය දෙකක්. ඉන් 56961 දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටිනවා. සුවය ලබා ඇති සමස්ත සංඛ්‍යාව 374156 ක්. පෙරේදා දිනයේ තහවුරු කර ඊයේ දිනයේ  වාර්තා කළ කොරෝනා මරණ සංඛ්‍යාව 194 ක්. ඒ සමග මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 9185 දක්වා ඉහළ ගියා.

 

The post ඊයේ දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 4,221ක් appeared first on ITN News.

Read More »

පේරු රාජ්‍යයේ බස්රථ අනතුරකින් පුද්ගලයින් 32ක් ජීවිතක්ෂයට  

0 comments

පේරු රාජ්‍ය යේ සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගලයින් 32 දෙනෙකු මියගොස් 20 දෙනෙකු තුවාල  ලබා තිබෙනවා.

පේරු රාජ්‍ය යේ කදුකර ප්‍රදේශයක් හරහා ඇති මාර්ගයක ගමන් කරමින් තිබූ බස් රථයක් ප්‍රපාතයකට පෙරලීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ. අනතුර සිදුවන අවස්ථාවේ බස් රථය තුළ මගීන් 63 දෙනෙකු ගමන් කරමින් සිට ඇති බව එරට මාධ්‍ය සඳහන් කරනවා. දින කිහිපයක් තුළ පේරු රාජ්‍ය යේ සිදුවූ දෙවන බස් රථ අනතුර මෙයයි. පසුගිය සිකුරාදා මෙලෙස සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගලයින් 16 දෙනෙකු ජිවිතක්ෂයට පත් වුණා.  කෙසේ වුවද පේරු රාජ්‍ය යේ කදුකර ප්‍ර දේශයන්හි මහාමාර්ග දැඩි අනතුරුදායක බව සැලකෙනවා.

 

The post පේරු රාජ්‍යයේ බස්රථ අනතුරකින් පුද්ගලයින් 32ක් ජීවිතක්ෂයට appeared first on ITN News.

Read More »

වසර 12කට පසු ඇමරිකාව තුළ වැඩිම වෛරී අපරාද සංඛ්‍යාව පසුගිය වසරේ වාර්තා වෙයි – FBI  

0 comments

වසර 12 කට පසු ඇමරිකාව තුළ වැඩිම වෛරී අපරාද සංඛ්‍යාවක් සිදුව ඇත්තේ පසුගිය වසරේ බව FBI ආයතනය නිකුත් කළ නවතම වාර්තාවක දැක්වෙනවා.

පසුගිය වසර තුළදී වෛරී අපරාද සම්බන්ධයෙන් පැමිණිලි දස දහසකට අධික සංඛ්‍යාවක් ලැබී ඇති බව FBI ආයතනය සඳහන් කරනවා. ජාතිය , ආගම , ස්ත්‍රී පුරුෂ භාවය ,ලිංගිකත්වය හා ආබාධිත භාවය යන කරුණු මුල් කරගෙන මෙම අපරාද සිදුව ඇති  බවයි වාර්තා වන්නේ. ආසියානු සම්බවයක් සහිත හා කළු ජාතිකයින් මුල් කර ගනිමින් සිදුවු අපරාද පසුගිය වසර තුළදී දැඩි ඉහළ යාමක් පෙන්නුම් කරනවා. ආසියානුවන්ට එරෙහිව සිදුවන අපරාද සියයට හැත්තැවකින් පමණ හා කළු ජාතිකයින්ට සිදුවන අපරාද 40%කින් පමණ ඉහළ ගොස් ඇති බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ. කෙසේ වුවද 2014 වසරේ සිට ඇමරිකාව තුළ සිදුවන වෛරී අපරාද ශීඝ්‍ර ලෙස ඉහළ යාමක් දක්නට ලැබෙන බවද එහි සඳහන්. එමෙන්ම ඇමරිකාව තුළ සිදුවන වෛරී අපරාද සම්බන්ධයෙන් FBI ආයතනයට අනිවාර්යය කරුණු වාර්තා කළ යුතු බවට නීතියක් නොමැති වීම හේතුවෙන් සිදුව ඇති අපරාද සංඛ්‍යාව මීට වඩා ඉහළ අගයක් ගත හැකි බවද එෆ්බිඅයි ආයතනය සඳහන් කරනවා.

 

The post වසර 12කට පසු ඇමරිකාව තුළ වැඩිම වෛරී අපරාද සංඛ්‍යාව පසුගිය වසරේ වාර්තා වෙයි – FBI appeared first on ITN News.

Read More »

ඇමරිකාවෙන් දෛනිකව හමුවන ආසාදිතයින් සංඛ්‍යාවේ ශීඝ්‍ර වර්ධනයක්  

0 comments

ඇමරිකාවෙන් දෛනිකව හමුවන කොරෝනා වයිරස ආසාදිතයින් සංඛ්‍යාවේ ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරන බව එරට සෞඛ්‍ය අංශ පවසනවා.

ඊයේ දිනයේ දී වයිරස ආසාදිතයින් වැඩිම සංඛ්‍යාවක් හා කොරෝනා මරණ සංඛ්‍යාවක් සිදුව ඇත්තේ ඇමරිකාවේ. ආසාදිතයින් එක් ලක්ෂ පනස් හය දහසක් හා මරණ 1232 ක් ගතවූ පැය 24 ට එරටින් වාර්තා වුණා.

මේ අතර ලොව පුරා රටවල් 221 කින් හමුව ඇති සමස්ත වයිරස ආසාදිතයින් සංඛ්‍යාව විසි එක් කෝටි අසූ පන් ලක්ෂය ඉක්මවා ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරනවා.

සිදුව ඇති මරණ සංඛ්‍යාව හතලිස් පන් ලක්ෂ තිස් තුන් දහස් හයසිය නවයක්.

 

 

The post ඇමරිකාවෙන් දෛනිකව හමුවන ආසාදිතයින් සංඛ්‍යාවේ ශීඝ්‍ර වර්ධනයක් appeared first on ITN News.

Read More »

නීති විරෝධීව මෙරටට ගෙන ඒමට උත්සාහ කළ කහ තොගයක් නාවික හමුදා භාරයට  

0 comments

නීතී විරෝධි ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ වියලි කහ කිලෝග්‍රෑම් 2023කට අධික තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඊයේ ( 31)  දින මීගමුව කළපුවේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් නීතී විරෝධි ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ වියලි කහ කිලෝග්‍රෑම් 2023කට අධික තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් (02) සහ ඩිංගි යාත්‍රා දෙකක් (02) නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

බටහිර නාවික විධානයට අයත් ශ්‍රි ලංකා නාවික නෞකා කැළණි ආයතනය මඟින් ඊයේ (31) වන දින රාත්‍රී කාලයේ මීගමුව කළපුවේ සිදුකළ මුර සංචාරයකදී එම කළපුව තුළට පැමිණෙමින් තිබූ සැක සහිත ඩිංගි යාත්‍රාවක් නීරීක්‍ෂණය කර එම යාත්‍රාව පරීක්‍ෂා කරන ලදී. එහිදී එම ඩිංගි යාත්‍රාවේ තිබූ උර 29ක අසුරන ලද වියලි කහ කිලෝග්‍රෑම් 1050ක පමණ තොගයක් සමඟ එම යාත්‍රාව සහ එහි සිටි සැකකරුවන් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගන්නා ලදී.

තවද, නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණය විසින් ඊයේ ( 31) අළුයම් කාලයේ මීගමුව කළපුව තුළට පැමිණෙමින් තිබූ තවත් සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් (01) නිරීක්‍ෂණය කර එම යාත්‍රාව පරීක්ෂා කිරීම සඳහා විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදුකරන ලද අතර, එහිදී, නාවික මෙහෙයුම් හමුවේ ජාවාරම් කරුවන් විසින් වෙරළ තීරයේ අතහැර දමා යන ලද ඩිංගි යාත්‍රාවක තිබී උර 26ක අසුරන ලද වියලි කහ කිලෝ 973 ග්‍රෑම් 650 ක පමණ තොගයක් නාවික හමුදා භාරයට ගන්නා ලදී.

ඒ අනුව, පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් සිදුකළ මෙම සමස්ථ මෙහෙයුම් මඟින් වියලි කහ කිලෝග්‍රෑම් 2023 කට අධික තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට හැකි විය.

මෙහිදී නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 36 සහ 37 යන වයසේ පසුවන මීගමුව පිටිපන ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනා ගන්නා ලද අතර, එම සැකකරුවන් සමඟ නාවික හමුදා භාරයට ගත් වියලි කහ තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සදහා කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත භාරදීමට කටයුතු කරන ලදී.

 

The post නීති විරෝධීව මෙරටට ගෙන ඒමට උත්සාහ කළ කහ තොගයක් නාවික හමුදා භාරයට appeared first on ITN News.

Read More »

ආදායම් උත්පාදනය කළ හැකි ප්‍රවාහන ව්‍යෘපෘතිවලට ප්‍රමුඛතාවය – ප්‍රවාහන ඇමති  

0 comments

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් කඩා වැටුණු මේ රටේ ආර්ථිකය ගොඩනැංවීමට ප්‍රවාහන සේවෙන් නව ආදායම් උත්පාදනය කිරීමේ වැඩ පිළිවෙලක් කඩිනමින් සැකසිය යුතු බව ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අවධාරණය කරයි.

අමාත්‍යවරිය මෙම කරුණු අවධාරණය කළේ, 2022 වසරේ අයවැය සඳහා ප්‍රවාහන සංවර්ධනය සඳහා ප්‍රතිපාදන ලබා ගැනීම වෙනුවෙන් ප්‍රවාහන අමාත්‍යංශයට අනුබද්ධ ආයතනය ප්‍රධානීන් හා අමාත්‍යාංශ නිලධාරීන් සමඟ ප්‍රවාහන අමාත්‍යාංශයේ අද (31 ) පැවති සාකච්ඡාවකදී ය.

ඒ අනුව අමාත්‍යාංශය යටතේ පවතින ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව, ජාතික ගමනාගමන කොමිෂන් සභාව සහ මාර්ග ආරක්ෂාව පිළිබ ඳ ජාතික සභාව යන ආයතනවල දැනට කෙරෙමින් පවතින සංවර්ධන කටයුතු සහ ඉදිරියට සිදු කිරීමට යෝජිත සංවර්ධන සැලසුම් ඉදිරිපත් කෙරින.

මේ යටතේ ආදායම් වැඩි වශයෙන් උත්පාදනය කළ හැකි දුම්රිය මාර්ග වන මරදාන සිට අවිස්සාවේල්ල දක්වා කැළණිවැලි දුම්රිය මාර්ගය සංවර්ධනය කිරිම, මරදාන සිට රඹුක්කන දක්වා ප්‍රධාන දුම්රිය මාර්ගය සංවර්ධනය කිරිම, මරදාන සිට කළුතර දක්වා මුහුදුබඩ දුම්රිය මාර්ගය සංවර්ධනය කිරීම, රාගම සිට මීගමුව දක්වා පුත්තලම් දුම්රිය මාර්ගය සංවර්ධනය කිරීමට 2022 අයවැය මගින් සැලසුම් කර ඇත.

ඊට අමතරව දුම්රිය ව්‍යාපෘතින් ලෙස පවතින කුරුණෑගල හබරණ දුම්රිය මාර්ග ඉදි කිරීම, මහව- ඔමන්ත දුම්රිය මාර්ගය සංවර්ධනය ක්‍රියාවලිය කඩිනම් කීරීම – කොළඹ අවට තදාසන්න. පෙදෙස්වල දුම්රිය මාර්ග පද්ධති ය සංවර්ධන කටයුතු ක්‍රියාවට නැංවීම ද මෙම යෝජිත වැඩ සටහන් වලට අයත් වේ.ඒමෙන්ම දුම්රිය සදහා දීපව්‍යාප්ත ස්මාර්ට් ටිකටින් (Smart Ticketing ) සහ ආසන වෙන් කිරීමේ ක්‍රමවේදය ඇති කිරිම – කඩවත ඇතුළු නගර කිහිපයක බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන බිහි කිරිම (Multimode Centres) නගරසේවා බස් රථ සේවාව(City Bus) වැඩි දියුණු කිරිම පෞද්ගලික බස් සේවාව සදහා සහසර ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීම වැනි ව්‍යාපෘතින් 2022 අය වැය තුලින් සිදු කිරීමට අපේක්ෂා කරන බව ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මය ප්‍රකාශ කලේය.

මෙම සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරිම සදහා රු. මිලියන 11865 වැය වන බවත් ඒම ප්‍රතිපාදන 2022 අය වැය ඇස්තමේන්තුවටද ඇතුළත් කර ඇත.

මෙම සාකච්ඡාවෙන් අනතුරුව හිටපු ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතාට සමුදීමේ උත්සවයක්ද පැවැත්වුණ අතර සමරු තිලිණ ලබාදීම ද සිදු කෙරණි. මෙම අවස්ථාවට ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාද සහභාගි විය.

The post ආදායම් උත්පාදනය කළ හැකි ප්‍රවාහන ව්‍යෘපෘතිවලට ප්‍රමුඛතාවය – ප්‍රවාහන ඇමති appeared first on ITN News.

Read More »

අයවැය නොවැම්බර් මස පළමු සතියේ දී පාර්ලිමේන්තුවට  

0 comments

2022 – අයවැය නොවැම්බර් මස පළමු සතියේ දී මුදල් අමාත්‍යවරයා විසින් පාර්ලිමන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇති බව අධ්‍යාපන අමාත්‍ය, සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.

අද (31) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී අමාත්‍යවරයා මේ බව කියා සිටියේ, ගුරු වැටුප් ගැටළුවට ස්ථීරසාර විසඳුමක් ඉදිරි අයවැයෙන් ලබාදීමට කටයුතු කෙරෙන බව සඳහන් කරමිනි.

ඒ අනුව අවශ්‍ය මුදල් ප්‍රතිපාදන වෙන් කිරීමට මුදල් අමාත්‍යාංශය කටයුතු කරමින් සිටින බවද අමාත්‍යවරයා පැවසීය.

The post අයවැය නොවැම්බර් මස පළමු සතියේ දී පාර්ලිමේන්තුවට appeared first on ITN News.

Read More »

අසාද් සාලි තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරේ  

0 comments

බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රදවාගෙන සිටින බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා ලබන 14 වනදා දක්වායි තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබා දුන්නා. අසාද් සාලි මහතා මේ වන විට ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා. ඉකුත් මාර්තු මස කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ජාතීන් අතර නොසන්සුන්තාවක් ඇතිවන ආකාරයේ ප්‍රකාශයක් සිදු කිරීම ඔහුට එරෙහි චෝදනාවයි.

 

 

The post අසාද් සාලි තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරේ appeared first on ITN News.

Read More »

කොරෝනා ආරක්ෂිත රටවල් ලැයිස්තුවෙන් ඇමරිකාව ඉවතට  

0 comments

කොරෝනා ආරක්ෂිත රටවල් ලැයිස්තුවෙන් ඇමරිකාව ඉවත් කිරීමට යුරෝපා සංගමය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ඇමරිකාවේ සිට යුරෝපා රටවල්වලට පැමිණෙන සංචාරකයින් සදහා දැඩි නිරෝධායන නීති පැනවෙනු ඇති. ඔවුන්ට කොරෝනා ආසාදිත පරීක්ෂණයට යොමු වීමට සිදු වන අතර නිරෝධායන කාල සීමාවකට යටත්වීමද අනිවාර්ය වනවා. යළිත් වරක් ඇමරිකාව තුළ කොරෝනා වයිරසය ව්‍යාප්තිය ශීඝ්‍ර වීම මෙම තීරණයට හේතු වී ඇති බවටයි අනුමාන කෙරෙන්නේ. මීට අමතරව ඊශ්‍රායලය, කොසෝවෝ රාජ්‍ය, ලෙබනන්,මොන්ටිනිග්‍රෝ හා උතුරු මැසිඩෝනියා යන රටවල්ද කොරෝනා ආරක්ෂණ රටවල් ලැයිස්තුවෙන් ඉවත් කර ඇති බවයි වාර්තා වන්නේ. යුරෝපා කොරෝනා ආරක්ෂණ ලැයිස්තුවට කැනඩාව,ජපානය හා නවසීලන්තය ඇතුලු රටවල් 17 ක් ඇතුළත්.

 

 

The post කොරෝනා ආරක්ෂිත රටවල් ලැයිස්තුවෙන් ඇමරිකාව ඉවතට appeared first on ITN News.

Read More »

පේරු රාජ්‍යයේ බෝට්ටු අනතුරකින් පුද්ගලයින් 20 දෙනෙකු ජීවිතක්ෂයට  

0 comments

පේරු රාජ්‍ය යේ සිදුවූ බෝට්ටු අනතුරකින් පුද්ගලයින් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අනතුරෙන් තවත් පුද්ගලයින් 50 දෙනෙකු පමණ අතුරුදහන් බවයි වාර්තා වන්නේ. මගී ප්‍රවාහන බෝට්ටුවක් භාණ්ඩ ප්‍රවාහන බෝට්ටුවක ගැටීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ. මිය ගිය පුද්ගලයින් සහ බේරාගත් පුද්ගලයින් සහන කණ්ඩායම් සේවකයින් රැගෙන යන අයුරුද විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා. ආගමික උත්සවයකට සහභාගි වී සිටි පිරිසක් ආපසු රැගෙන එමින් තිබූ බෝට්ටුවකුයි මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ.

 

 

The post පේරු රාජ්‍යයේ බෝට්ටු අනතුරකින් පුද්ගලයින් 20 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

Read More »

නවසීලන්තයේ වසා දැමීමේ නීති දැඩි කිරීමත් සමඟ ආසාදිතයින් සංඛ්‍යාව පහළ බසී  

0 comments

නවසීලන්තයේ වසා දැමීමේ නීති දැඩි කිරීමත් සමඟ වාර්තා වන කොරෝනා වයිරස ආසාදිතයින් සංඛ්‍යාව පහල බැස තිබෙනවා.

අද දිනයට නවසීලන්තයෙන් හමුව ඇත්තේ වයිරස ආසාදිතයින් 49 දෙනෙකු පමණයි. ඒ සමඟම එරට සමස්ත වයිරස ආසාදිතයින් සංඛ්‍යාව 612 දක්වා ඉහළ ගියා. ඕක්ලන්ඩ් නගරය සති දෙකක කාලයක් සඳහා මේ වනවිට වසා දමා තිබෙනවා. ඒ සමඟම මිලියන 1.7 ක ජනතාවට නිවෙස් තුළට වී කාලය ගත කිරීමට සිදුව ඇති බවයි වාර්තා වන්නේ. පාසල් , කාර්යාල හා පොදු ස්ථාන තවමත් වසා දමා තිබූවද ව්‍යාපාර කටයුතු සිදු කිරීමට නවසීලන්ත රජය අවසර ලබාදී තිබෙනවා.

 

 

The post නවසීලන්තයේ වසා දැමීමේ නීති දැඩි කිරීමත් සමඟ ආසාදිතයින් සංඛ්‍යාව පහළ බසී appeared first on ITN News.

Read More »

ප්‍රදේශ කිහිපයකට වැසි  

0 comments

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

සෙසු ප්‍රදේශ වල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතී.

දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු මස 28 වන දින සිට සැප්තැම්බර් 07 දක්වා සූර්යයා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතී. අද දින (31) දහවල් 12.10 මරිච්චුක්කාඩි, තන්තිරිමලේ, මැදවච්චිය සහ ත්‍රිකුණාමලය ප්‍රදේශවලට ඉතා ආසන්නව හිරු මුදුන්ව පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

The post ප්‍රදේශ කිහිපයකට වැසි appeared first on ITN News.

Read More »

ජිනීවා කවුන්සිලයේදී අපේ රට විවේචනය කරමින් චෝදනා එල්ල කිරීම ගැන ප්‍රශ්න කළ යුතුයි  

0 comments

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී සාකච්ඡා කරන්න මොන තරම් වැදගත් දේවල් තිබුණත් දිගින් දිගටම අපේ රට විවේචනය කරමින් චෝදනා එල්ල කිරීම ගැන ප්‍රශ්න කළ යුතුයි කියලා අමාත්‍ය ජී එල් පීරිස් මහත්මයා ප්‍රකාශ කළා. ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ මූලස්ථානයේ පැවැත්වුණු මාධ්‍ය හමුවේදී.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා මෙහිදී අදහස් පළ කළා.

 

The post ජිනීවා කවුන්සිලයේදී අපේ රට විවේචනය කරමින් චෝදනා එල්ල කිරීම ගැන ප්‍රශ්න කළ යුතුයි appeared first on ITN News.

Read More »

සුව ධරනි ඖෂධ මංජුසාව නිවෙස් වෙත ලබා දීමට මූල්‍ය ප්‍රතිපාදන ලබා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය  

0 comments

රෝග නිවාරණයට අවශ්‍ය සුව ධරනි ඖෂධ මංජුසාව නිවෙස් වෙත ලබා දීම සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වූ බව රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා ප්‍රකාශ කළා. කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.

මේ අතර විශ්‍රාමික රාජ්‍ය නිලධාරීන් සඳහා දැනට ක්‍රියාත්මක අග්‍රහාර රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ වන ප්‍රතිපාදන තවදුරටත් පුළුල් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වූ බව අමාත්‍ය රමේෂ් පතිරණ මහතා මෙහිදී ප්‍රකාශ කළා.

 

The post සුව ධරනි ඖෂධ මංජුසාව නිවෙස් වෙත ලබා දීමට මූල්‍ය ප්‍රතිපාදන ලබා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය appeared first on ITN News.

Read More »

දෙමව්පියන්ගේ නොසැළකිල්ලෙන් ගෙදරට කොටු වුනු දරුවන් 20000කට කොරෝනා  

0 comments

දෙමව්පියන්ගේ නොසැළකිල්ල නිසා නිවසට වී සිටින දරුවන් විසිදහසකට ආසන්න සංඛ්‍යාවකට මේ වන විට කොරෝනා රෝගය ආසාදනය වී තිබෙනවා. ඔබේ දරුවන්ගේ සෞඛ්‍යය ගැන පෙරට වඩා සිතිය යුතු කාලය පැමිණ ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය ජී විජේසූරිය මහතා ප්‍රකාශ කර සිටියා. ස්වාධීන රූපවාහිනි හත්වෙනි පැය වැඩසටහනට එක්වෙමින් ඒ මහතා මෙලෙස කරුණු පැහැදිලි කළා.

The post දෙමව්පියන්ගේ නොසැළකිල්ලෙන් ගෙදරට කොටු වුනු දරුවන් 20000කට කොරෝනා appeared first on ITN News.

Read More »

ඊයේ දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 4,562ක්  

0 comments

ඊයේ දිනයේද මෙරටින් කොරෝනා ආසාදිතයන් 4,562ක් හදුනාගෙන තිබෙනවා.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව හාර ලක්ෂ තිස් හය දහස් අසූ එකක්. පනස් පන් දහස් අනූ අට දෙනෙකු රෝහල්වල සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබනවා.

සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව තුන් ලක්ෂ හැත්තැ එක් දහස් නවසිය අනූ දෙකක්.

ඊයේ දිනයේ දී දෛනික වැඩිම කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව වන 216 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළා. ඒ සමග සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 8991 ක දක්වා ඉහළ ගියා.

 

The post ඊයේ දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 4,562ක් appeared first on ITN News.

Read More »

තවත් ස්පුට්නික් එන්නත් මාත්‍රා 15,000ක් දිවයිනට  

0 comments

රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් එන්නත් මාත්‍රා 15000 ක් අද (31) උදෑසන මෙරටට රැගෙන එනු ලැබුවා.

එමිරේට්ස් ගුවන් සේවයට අයත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින් එම එන්නත් තොගය කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන ආවා. එම එන්නත් කොළඹ වසංගත රෝග විද්‍යා ඒකකයේ මධ්‍යම එන්නත් ගබඩාවේ විශේෂිත ශීතාගාරවල ගබඩා කිරීම සිදු කෙරුණා.

The post තවත් ස්පුට්නික් එන්නත් මාත්‍රා 15,000ක් දිවයිනට appeared first on ITN News.

Read More »

2000 දීමනාව පවුල් ලක්ෂ 7 කට ලබාදී අවසන්  

0 comments

නිරෝධායන ඇදිරි නීතිය හේතුවෙන් ජීවනෝපාය අහිමි වූවන් සඳහා රජය ලබාදෙන රුපියල් 2000 දීමනාව පවුල් ලක්ෂ හත ඉක්මවූ පිරිසකට මේ වනවිට ලබාදී තිබෙනවා. හදුනාගත් සෙසු පවුල් සදහා කඩිනමින් එම මුදල් ලබාදෙන ලෙසයි අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා උපදෙස් ලබා දුන්නේ.

නිරෝධායන ඇදිරි නීතිය හේතුවෙන් ජීවනෝපාය අහිමි වූ  පවුල් ලක්ෂ 18 ක් පමණ රුපියල් 2000 දීමනාව ලබාදීම සදහා හදුනාගෙන තිබෙනවා. මේ වනවිටත් ඉන් බොහෝ පිරිසකට එම මුදල් ලබාදීම සිදු කෙරුණේ දිස්ත්‍රික් සහ ප්‍රා දේශීය ලේකම්වරුන්ගේ මැදිහත්වීමෙන්. තවදුරටත් රුපියල් 2000 දීමනාව ලබාදීමේ වැඩපිළිවෙළ රට පුරා සාර්ථකව ක්‍රියාත්මකයි.

සීතාවක ප්‍රා දේශීය ලේකම් කොට්ඨාශයේ ග්‍රාම නිලධාරි වසම් 68 ක පුද්ගලයින් 12000 කට වැඩි පිරිසක් සදහා රුපියල් 2000 දීමනාව ලබාදීම සිදු කෙරුණා. සීතාවක ප්‍රා දේශීය ලේකම් කේ එස් දිල්හානි මහත්මියගේ අධීක්ෂණය යටතේ එම කටයුතු සිදු කෙරුණා.

කැස්බෑව ප්‍රා දේශීය ලේකම් කොට්ඨාශයේ හදුනාගත් පවුල් සදහා 2000 දීමනාව ලබාදීමද සිදු කෙරුණා. බොරලැස්ගමුව සහ වේරහැර ග්‍රාම සේවා වසම්වල පිරිස් වෙනුවෙන් ද එම දීමනාව ලබාදුන්නේ කැස්බෑව ප්‍රා දේශීය ලේකම් කොට්ඨාශයේ පරිපාලන ග්‍රාම නිලධාරි නිහාල් ගුණසේන මහතාගේ සහභාගිත්වයෙන්.

මේ අතර රාගම අංක 181 ග්‍රාම නිලධාරි කොට්ඨාශයේ හදුනාගත් පවුල් 200 ක් සදහා රුපියල් 2000 දීමනාව ලබාදීමට සැලසුම් කර තිබෙනවා. ඉන් පවුල් 100 ක් සදහා එම මුදල් ලබාදීම සිදු කෙරුණා.

 

 

The post 2000 දීමනාව පවුල් ලක්ෂ 7 කට ලබාදී අවසන් appeared first on ITN News.

Read More »

ගත වූ පැය 24 තුළ නිරෝධායන නීති උල්ලංඝනය කළ 498 දෙනෙකු අත්අඩංගුවට  

0 comments

නිරෝධායන ඇදිරිනීතිය කඩ කරන්නන් සම්බන්ධයෙන් ඊයේ දිනයේත් පරීක්ෂණ ක්‍රියාත්මක වුණා. ගත වූ පැය 24 ක කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 498 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ.

 

 

The post ගත වූ පැය 24 තුළ නිරෝධායන නීති උල්ලංඝනය කළ 498 දෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.

Read More »

ඇෆ්ගනිස්තානයේ සිටි අවසන් ඇමෙරිකා හමුදා ඛණ්ඩයත් පිටවයයි  

0 comments

ඇෆ්ගනිස්තානයේ සිටි අවසන් ඇමෙරිකා හමුදා ඛණ්ඩයද අද අලුයම එරටින් පිටත්ව ගොස් තිබෙනවා.

ඒ සමඟම වසර විස්සක් පුරා ඇමෙරිකාව ප්‍රමුඛ විදෙස් හමුදා ඇෆ්ගනිස්තානයේ සිදු කළ සියලු යුද මෙහෙයුම් අවසන් වනු ඇති. අද අලුයම ඇමෙරිකා ගුවන් හමුදාවට අයත් ගුවන් යානයකින් එරට රැදී සිටි අවසන් ඇමෙරිකා හමුදා සෙබලුන් සහ ඇෆ්ගනිස්තානයේ ඇමෙරිකා තානාපතිවරයා පිටත් වූ බවයි පෙන්ටගනය සඳහන් කරන්නේ. ඇමෙරිකා හමුදාව ඉවත්ව ගිය පසු තලෙයිබාන් සංවිධානයට අයත් ත්‍රස්තවාදීන් තම ගිනි අවි ක්‍රියාත්මක කරමින් සතුට ප්‍රකාශ කළ බවයි වාර්තා වන්නේ. අද දිනයේදී විදෙස් හමුදාවන්ට එරටින් ඉවත් වීමට දී තිබූ කාලය අවසන් වුවද ඉවත්වීමට නොහැකි වූ සියලු දෙනාට ඇෆ්ගනිස්තානයෙන් පිටත්වීමට අවශ්‍ය පහසුකම් සලසන බව පෙන්ටගනය සඳහන් කරනවා.

 

The post ඇෆ්ගනිස්තානයේ සිටි අවසන් ඇමෙරිකා හමුදා ඛණ්ඩයත් පිටවයයි appeared first on ITN News.

Read More »

රන් පදක්කමක් දිනාගත් සැරයන් දිනේෂ් ප්‍රියන්තට උසස්වීමක්  

0 comments

ටෝකියෝ පැරාලිම්පික් උළෙලේදී නව ලෝක වාර්තාවක් පිහිටුවමින් ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනා දුන් හෙල්ල විසිකිරීමේ ක්‍රීඩක දිනේෂ් ප්‍රියන්තට යුද හමුදාවෙන් උසස්වීමක් ලබාදී තිබනෙවා.

ටෝකියෝ හි පැවැත්වෙන 2020 පැරාලිම්පික් තරගාවලියේ F 46 කාණ්ඩයේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ අවසන් තරගයෙන් මීටර් 67.79 ක දක්‍ෂතාවයක් පෙන්නුම් කරමින් නව ලෝක වාර්තාවක් සමගින් රන් පදක්කම දිනාගත් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ගජබා රෙජිමේන්තුවේ සැරයන් දිනේෂ් ප්‍රියන්ත හේරත් සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් සහ ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) මහතා ගේ අනුමැතිය මත ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් බළලත් නිලධාරි 1 නිලයට උසස් කර ඇත.

The post රන් පදක්කමක් දිනාගත් සැරයන් දිනේෂ් ප්‍රියන්තට උසස්වීමක් appeared first on ITN News.

Read More »

සියලු ආර්ථික මධ්‍යස්ථාන හෙට සහ අනිද්දා තොග වෙළඳාමට විවෘත කෙරේ  

0 comments

දිවයිනේ සියලු ආර්ථික මධ්‍යස්ථාන හෙට සහ අනිද්දා තොග වෙළදාම සඳහා පමණක් අලුයම 04.00 සිට විවෘත කිරීමට නියමිතව තිබෙනවා. නිරෝධායන ඇඳිරිනීතිය සැප්තැම්බර් මස 06 වනදා දක්වා යළි දීර්ඝ කිරීම හේතුවෙන් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ජනතාවට ලබාදීමේ අරමුණිනුයි ආර්ථික මධ්‍යස්ථාන විවෘත කිරීමට රජය තීරණය කර ඇත්තේ.

The post සියලු ආර්ථික මධ්‍යස්ථාන හෙට සහ අනිද්දා තොග වෙළඳාමට විවෘත කෙරේ appeared first on ITN News.

Read More »

ජල බිල්පත් ගෙවීම සඳහා නව ක්‍රමවේද කිහිපයක්  

0 comments

ජල බිල්පත් ගෙවීම සදහා නව ක්‍රමවේද කිහිපයක් හදුන්වා දීමට ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පියවර ගෙන තිබෙනවා.

ජල බිල්පත් නිසි වේලාවට නොගෙවීම හේතුවෙන් ජල සම්පාදන කටයුතු නිසි ලෙස පත්වාගෙන යාම මහත් අභියෝගයක් වී ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. බැංකු, තැපැල් කාර්යාල හා නියෝජිත ආයතන මගින්ද ජල බිල්පත් පියවීමට හැකියි. එසේම ඩයලොග් ඊෂි කෑෂ්, මොබිටෙල් එම් කෑෂ්, ෆුට් සිටි ආදී සුපිරි වෙළෙදසැල් ආදියෙන්ද ජල බිල්පත් පියවීමට හැකි වනවා. ජල බිල්පතේ ගිණුම් අංකය සදහන් කර 0719399999 අංකයට එස් එම් එස් කිරීමෙන් බිල්පත් හා අදාළ සියලු තොරතුරු ලබා ගත හැකියි. වැඩිදුර විස්තර 0112623623 අංකයෙන්ද ලබාගත හැකි බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසන්නේ.

 

 

The post ජල බිල්පත් ගෙවීම සඳහා නව ක්‍රමවේද කිහිපයක් appeared first on ITN News.

Read More »

රිෂාඩ්ගේ බිරිඳ සහ පියා ඉදිරිපත් කළ ඇප ඉල්ලීම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කරයි  

0 comments

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරිද වන අයේෂා ෂියාබ්දීන් සහ ඇයගේ පියා වන මෙහොමඩ් ෂියාබ්දීන් යන අය ඉදිරිපත් කළ ඇප ඉල්ලීම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද ප්‍රතික්ෂේප කළා.

මෝසමක් මාර්ගයෙන් ඉදිරිපත් කළ මෙම ඇප ඉල්ලීම අද අධිකරණය ඉදිරියේ සළකා බැලුනා. එහිදී සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සදහන් කළේ සේවාදායිකාවගේ දරුවන් දෙදෙනා මේ වන විට ඇයගේ මවගේ භාරයේ සිටින බව හා  මව කොරෝනා ආසාදනය වී සිටින බවයි.

මෙම සැකකරුවන් කොරෝනා මර්දන එන්නත් ලබාගෙන නොමැතිවීම ඇතුළු කරුණු සැළකිල්ලට ගනිමින් ඔවුන් ඇප මත මුදා හරින ලෙසට නීතිඥවරයා ඉල්ලා සිටියා. මෙහිදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේ රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරිදගේ ඇප ඉල්ලීම සම්බන්ධයෙන් සුදුසු නියෝගයක් ප්‍රකාශ කරන ලෙසයි.

එහෙත් ඇයගේ පියාගේ ඇප ඉල්ලීමට විරුද්ධ වන බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයට දන්වා සිටියා. සියලු කරුණු සළකා බැලූ අධිකරණය සැකකරුවන් දෙදෙනාගේ ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කරන බව නිවේදනය කළා.

ජුඩ් කුමාර් ඉෂාලිනී නමැති දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරිද, ඇයගේ පියා, ඇයගේ සොහොයුරා සහ දැරිය මෙහෙකාර සේවයට රැගෙන ආ තැරැව්කරු යන අය ලබන හයවනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මීට පෙර නියෝග කර තිබුණා.

 

The post රිෂාඩ්ගේ බිරිඳ සහ පියා ඉදිරිපත් කළ ඇප ඉල්ලීම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කරයි appeared first on ITN News.

Read More »

නිව් සවුත්වෙල්ස් ප්‍රාන්තයේ එක් දිනකදී හමු වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව අද දිනයේ වාර්තා වෙයි  

0 comments

ඕස්ට්‍රේලියාවේ නිව් සවුත්වෙල්ස් ප්‍රාන්තයේ එක් දිනකදී හමු වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව අද දිනයේ වාර්තා වී තිබෙනවා. එම සංඛ්‍යාව 1264 ක්.

අද දිනයේ සමස්ත ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 1244ක්. අද දිනයේ මරණ 4ක්ද ඕස්ට්‍රේලියාවේ සිදුව තිබෙනවා. වික්ටෝරියා ප්‍රාන්තය තවත් සති පහක කාලයක් වසා දැමීමටයි පියවර ගෙන ඇත්තේ. ඒ නව ආසාදිතයින් 76 දෙනෙකු හමුවීමත් සමඟයි. මේ වන විට ඕස්ට්‍රේලියාවෙන් හමු වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව පනස් හතර දහසකට ආසන්න අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව එක්දහස් හයක්.

 

 

 

The post නිව් සවුත්වෙල්ස් ප්‍රාන්තයේ එක් දිනකදී හමු වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව අද දිනයේ වාර්තා වෙයි appeared first on ITN News.

Read More »

ලොව පුරා රටවල් රැසකින් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව සීඝ‍්‍රයෙන් ඉහළට  

0 comments

ගතවූ පැය 24 ට ලොව පුරා රටවල් 221 කින් වාර්තා වී ඇති කොරෝනා වයිරස ආසාදිතයින් සංඛ්‍යාව පන් ලක්ෂ විසි දහසකට ආසන්නයි. සිදුව ඇති මරණ සංඛ්‍යාව 7566 ක්.

වැඩිම මරණ සංඛ්‍යාවක් ඊයේ දිනයේ දී සිදුව ඇත්තේ රුසියාවෙන්. එම සංඛ්‍යාව 792 ක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරනවා. ඇමරිකාවෙන් දෛනිකව වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව යළිත් වරක් ඉහළ ගොස් ඇති බවයි සෞඛ්‍ය අංශ සදහන් කරන්නේ. ගතවූ පැය 24 ට පමණක් එරටින් වයිරස ආසාදිතයින් එක් ලක්ෂ දහ නව දහස් හයසිය හතලිස් දෙදෙනෙකු හමුවුණා. ඒ සමගම ලොව පුරා රටවලින් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව විසි එක් කෝටි අසූ ලක්ෂයකට ආසන්නයි. සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව හතලිස් පන් ලක්ෂ විසි තුන් දහස් හත්සිය හතලිස් අටක්.

 

 

The post ලොව පුරා රටවල් රැසකින් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව සීඝ‍්‍රයෙන් ඉහළට appeared first on ITN News.

Read More »

පැරාලිම්පික් උළෙලේදී ශ්‍රී ලංකාවට තවත් පදක්කමක්  

0 comments

ටෝකියෝ පැරාලිම්පික් උළෙලේදී තවත් පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු අද සමත් වුණා.

පිරිමි හෙල්ල විසි කිරීමේ එෆ් 64 ඉසව්ව නියෝජනය කළ සමිත දුලාන් කොඩිතුවක්කුයි එම උළෙලේ දී ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වුණේ.

 

 

The post පැරාලිම්පික් උළෙලේදී ශ්‍රී ලංකාවට තවත් පදක්කමක් appeared first on ITN News.

Read More »

වරායේ සීනි මුදාගෙන අර්බුදය විසඳන්න ඇමති රෝහිත වෙර දරද්දී ලංකා සීනිත් වැඩේට බහියි  

0 comments

වරායේ සිර වී ඇති සීනි තොග කඩිනමින් නිදහස් කර සීනි අර්බුදයට විසදුම් ලබාදෙන බව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා.

මේ අතර වත්තල ප‍්‍රදේශයේ ලියාපදිංචි නොකළ ගබඩාවක සඟවා තිබූ සීනි මෙට්‍රික් ටොන් 4096ක් සොයා ගැනීමට පාරිභෝගික සේවා අධිකාරිය අද සමත්වුණා.

දැනට වෙළදපොලේ සීනි කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 220ක් දක්වා ඉහළ ගොස් තිබෙන්නේ ආනයනික සීනි කිලෝග්‍රෑමයක් මත පනවා තිබූ රුපියල් 50ක බද්ද පසුගිය ඔක්තෝබර් 13වනදා ශත 25ක් දක්වා අඩුකිරීමට රජය තීරණය කර ඇති පසුබිමකයි. මෑතකදී නිකුත් කළ ගැසට් පත්‍රයක් මගින් සීනි ආනයනකරුවන් තම ගබඩා පාරිභෝගික අධිකාරියේ ලියාපදිංචි කිරීම අනිවාර්ය කර තිබුණා. නමුත් එලෙස ලියාපංදිචි කිරීමකින් තොරව ඇතැම් ආනයනකරුවන් සීනි සඟවා තැබීම හේතුවෙන් වෙළදපොළේ සීනි මිල අධික ලෙස ඉහළ ගිය ආකාරයක් පසුගිය කාලයේ දක්නට ලැබුණු බවයි ආර්ථික විශේෂඥයින් පෙන්වා දෙන්නේ.

මෙවන් පසුබිමක ආනයනකරුවන් සීනි තොග සඟවා ඇති බවට පාරිභෝගික අධිකාරිය පසුගිය දින කිහිපයේදී තොරතුරු අනාවරණය කරගත්තා. ඒ අනුව එලෙස ගබඩා කර තිබූ සීනි ගබඩා කිහිපයක් වටලා මුද්‍රා තැබීමටද පියවර ගැනුනා.

මේ අතර අද පෙරවරුවේත් වත්තල කෙලවරපිටියේ පිහිටි පාරිභෝගික සේවා අධිකාරියේ ලියාපදිංචි නොකළ ගබඩාවක තිබී  හමුවූ සීනි මෙට්‍රික් ටොන් 4096ක් මුද්‍රා තැබීමට කටයුතු කෙරුණා.

සීනි තොග සගවා තබන වෙළදුන්ට එරෙහිව දඩ මුදලකට අමතරව අධිකරණයට ඉදිරිපත් කර දඩුවම් ලබා දීමටද පියවර ගන්නා බව රජය පවසනවා. එමෙන්ම සීනි තොග සඟවා ඇති පුද්ගලයන් සම්බන්ධයෙන් තොරතුරු දන්නේ නම් 1977 දුරකථන අංකය වෙත දැනුම් දෙන ලෙසද පාරිභෝගික අධිකාරිය ඉල්ලා සිටිනවා.

ලංකා සීනි සමාගම හරහා අද සිට සියලුම සතොස, සමුපකාර ඇතුළු රජයේ අලෙවි ආයතන වෙත සීනි බෙදාහැරීම ආරම්භ කරන බවයි අපනයන කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සදහන් කළේ.

මෙරට සීනි අවශ්‍යතාවෙන් ලංකා සීනි සමාගම සපයනු ලබන්නේ සියයට දහයක ප්‍රමාණයක්. කෙසේ වෙතත් මෙරට ජනතාවගේ සීනී අවශ්‍යතාවය ගැටළුවකින් තොරව සපුරාලීමට කටයුතු කරන බවයි ලංකා සීනි සමාගම  පවසන්නේ.

මේ අතර කාලයක් තිස්සේ කොළඹ වරායේ සිරවී ඇති සීනි කන්ටේනර් තොගය වරාය ගාස්තුවලින් නිදහස් කළ බව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා.

සතොස සහ සමුපකාර අලෙවිසැල් මගින් ලබන බදාදා සිට සිනි කිලෝග්‍රෑමයක් රුපියල් 130කට ලබා ගත හැකි බවට රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ඊයේ සදහන් කලා.නමුත් අද දිනයේ සිටම ඇතැම් සතොස සහ සමුපකාර අලෙවිසැල් මගින් දුඹුරු සීනි කිලෝග්‍රෑමයක් රුපියල් 130 මිලකට අලෙවි කරනු දක්නට ලැබුණා.

 

 

The post වරායේ සීනි මුදාගෙන අර්බුදය විසඳන්න ඇමති රෝහිත වෙර දරද්දී ලංකා සීනිත් වැඩේට බහියි appeared first on ITN News.

Read More »

තවත් කොරෝනා ආසාදිතයින් 3,588 දෙනෙකු හඳුනා ගැනේ  

0 comments

තවත් කොරෝනා ආසාදිතයින් 3,588 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

The post තවත් කොරෝනා ආසාදිතයින් 3,588 දෙනෙකු හඳුනා ගැනේ appeared first on ITN News.

Read More »

ඩොලර් හිඟයකටත් අත්‍යවශ්‍ය ආහාර හිඟයකටත් කිසිම ඉඩක් තියන්නෙ නැහැ  

0 comments

රට තවදුරටත් අඟුළු දැමීම ශ්‍රී ලංකා ආර්ථිකයට ඔරොත්තු නොදෙන බව රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා අවධාරණය කරනවා. ඉන් වැඩිම බලපෑම් එල්ල වී ඇත්තේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යසායකයින්ට බවයි රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

ඩොලර් හිඟයක් ඇති නොවීම සඳහා සියලු පියවර ගෙන ඇති බැවින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයක් ඇතිවීමට කිසිඳු ඉඩක් නොමැති බව  රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා අද ප්‍රකාශ කළා.

 

 

 

The post ඩොලර් හිඟයකටත් අත්‍යවශ්‍ය ආහාර හිඟයකටත් කිසිම ඉඩක් තියන්නෙ නැහැ appeared first on ITN News.

Read More »

අයිඩා සුළි කුණාටුව ජීවිත හානි රැසක් සිදු කළ හැකි ස්වභාවික ව්‍යසනයක් – ජෝ බයිඩන්  

0 comments

අයිඩා සුළි කුණාටුව ජීවිත හානි රැසක් සිදු කළ හැකි ස්වභාවික ව්‍යසනයක් ලෙස  ජනාධිපති ජෝ බයිඩන් නම් කර තිබෙනවා. සුළි කුණාටුව හේතුවෙන් බිඳ වැටී ඇති යටිතල පහසුකම් හා සේවා යළි ස්ථාපිත කිරීමට සති කිහිපයක් ගත වනු ඇති බවයි ඔහු සඳහන් කරන්නේ.   නිව් ඕලින්ස් නගරයට විදුලි බලය ලබාදීමට විදුලි ජනක යන්ත්‍ර යොදාගෙන තිබෙනවා. පැයට කිලෝ මීටර් දෙසීය හතලිහක පමණ වේගයෙන් හමා යන සුළි කුණාටුව හේතුවෙන් නගරයේ දේපොල රැසකට විශාල හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ. සුළි කුණාටුව හේතුවෙන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවද සඳහන්. ජනතාව ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට බලධාරීන් පියවර ගෙන තිබුණද ඇතැම් පුද්ගලයින් තම වාසස්ථානවලින් ඉවත්ව නොමැති බව වාර්තා වනවා. 2005 වසරේ දී මේ ආකාරයටම ඇමරිකාවට බලපෑ කත්‍රිනා සුළි කුණාටුවෙන් මිය ගිය සංඛ්‍යාව 1800 කට ආසන්නයි.

The post අයිඩා සුළි කුණාටුව ජීවිත හානි රැසක් සිදු කළ හැකි ස්වභාවික ව්‍යසනයක් – ජෝ බයිඩන් appeared first on ITN News.

Read More »

බස්නාහිර පළාතේ වැඩියෙන්ම පැතිර යන්නේ ඩෙල්ටා  

0 comments

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජාන විශ්ලේෂණ අංශය ඉදිරිපත් කර ඇති පර්යේෂණ ප්‍රතිඵල අනුව කොරෝනා වයිරසයේ ඩෙල්ටා ප්‍රභේදය වැඩිවශයෙන්ම පැතිර යන්නේ බස්නාහිර පළාතේ බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ විධායක සභික විශේෂඥ වෛද්‍ය අශෝක ගුණරත්න මහතා පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදීයි ඒ මහතා මේ බව කියා සිටියේ.

 

The post බස්නාහිර පළාතේ වැඩියෙන්ම පැතිර යන්නේ ඩෙල්ටා appeared first on ITN News.

Read More »

තවත් 14,394 දෙනෙකු සුවය ලබයි  

0 comments

කොරෝනා ආසාදිත වී සුවය ලැබූ තවත් 14,394 දෙනෙකු රෝහලෙන් පිටත්ව ගොස් තිබෙනවා.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිත වී සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 371,992ක් දක්වා ඉහළ ගියා.

The post තවත් 14,394 දෙනෙකු සුවය ලබයි appeared first on ITN News.

Read More »

දේශීය ශාක සාර 21 ක් යොදා සකස් කළ මුව ආවරණයක් හඳුන්වා දෙයි  

0 comments

දේශීය ශාක සාර 21 ක් යොදා ගනිමින් සකස් කළ මුව ආවරණයක් හදුන්වා දී තිබෙනවා. එය රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය වෙත ලබාදීම සෞඛ්‍ය අමාත්‍යංශයේ දී සිදු කෙරුණා.

නව නිර්මාණ ශිල්පියෙකු වන දේශබන්දු සමන් හෙට්ටිආරච්චි මහතායි මෙම මුව ආවරණය නිර්මාණය කර තිබෙන්නේ. පෙරුම්කායම්, දේවදාර, කුරුදුපොතු, පාවට්ටා මුල්, රතු ලූණු ,ඉගුරු, කොත්තමල්ලි, වෙනිවැල්ගැට, කොහොඹ, කරාඹු නැටි, හිගුරු පියලි, අමු කහ ඇතුලු දේශීය ශාක සාර 21 ක් මේ සදහා භාවිත කර තිබෙනවා. මීට අදාළ පේටන්ට් බලපත්‍රයද හිමිව ඇති අතර ශ්‍රී ලංකාවේ කාර්මික තාක්ෂණික ආයතනය මගින් තත්ත්ව සහතිකයද පිරි නමා තිබෙනවා. කාර්මික තාක්ෂණ ආයතනය මගින් සිදුකළ පර්යේෂණවලදී මෙම මුව ආවරණය මගින් බැක්ටීරියා සහ වයිරස ගමන් නොකරන බවට සහතික කර ඇති බවයි සමන් හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළේ.

 

 

The post දේශීය ශාක සාර 21 ක් යොදා සකස් කළ මුව ආවරණයක් හඳුන්වා දෙයි appeared first on ITN News.

Read More »

වසර 9 ක සිට කාබනික පොහොර භාවිතයෙන් වගා කරන විශ්‍රාම ලත් යාන්ත්‍රික ඉංජිනේරුවරයා  

0 comments

කාබනික පොහොර භාවිතයට රටම එක්ව සිටින මොහොතක මීට වසර නවයක සිටම මෙම කාර්යයේ නිරත වූ අයෙකු පිළිබද තොරතුරු බණ්ඩාරවෙල ප්‍රදේශයෙන් වාර්තා වනවා. ඔහු විශ්‍රාම ලත් යාන්ත්‍රික ඉංජිනේරුවරයෙකු වීමද විශේෂත්වයක්.

බදුල්ල ඇල්ල දෙමෝදර ගොටුවල ප්‍රදේශයේ වෙල්ලස්ස කාබනික ගොවිපොළ විවිධ වගාවන්ගෙන් සමන්විතයි. කෝපි, කහ, ඉගුරු, ගම්මිරිස් ආදී වගාවන් සියල්ලම මෙහි තිබෙන අතර ඒ සදහා කාබනික පොහොර පමණක් යොදා ගැනීම විශේෂත්වයක්. වගාවන්ට අවශ්‍ය සියලුම කාබනික පොහොර නිෂ්පාදනය කරන්නේද ගොවිබිමේදීමයි. මෙම කාර්යයට දායක වී සිටින්නේ යාන්ත්‍රික ඉංජිනේරුවරයෙකු ලෙස කටයුතු කර 2012 වසරේදී විශ්‍රාම ගිය බී එම් සුනිල් බස්නායක මහතායි.

 

The post වසර 9 ක සිට කාබනික පොහොර භාවිතයෙන් වගා කරන විශ්‍රාම ලත් යාන්ත්‍රික ඉංජිනේරුවරයා appeared first on ITN News.

Read More »

එන්නත්කරණයට විරෝධය පල කරමින් ග්‍රීසියේ විරෝධතා  

0 comments

කොරෝනා වයිරසයට එරෙහි එන්නත්කරණයට විරෝධය පල කරමින් ග්‍රීසියේ ඇතෑන්ස් නුවර විරෝධතා ව්‍යාපාර ආරම්භ කර තිබෙනවා.

උද්ඝෝෂකයින් විසුරුවා හැරීම සදහා කදුලු ගෑස් හා ජල ප්‍රහාර යොදාගත් බවයි ග්‍රීක පොලිසිය සදහන් කරන්නේ. ග්‍රීසිය තුළ වයිරසයට එරෙහි එන්නත් ලබා ගැනීම අනිවාර්ය කර ඇති අතර එයට විරෝධය පල කරමින් මෙම උද්ඝෝෂණ ක්‍රියාත්මකයි. සෞඛ්‍ය අංශ සේවකයින් ද එන්නත්කරණයට විරෝධය පල කරන බවයි වාර්තා වන්නේ. එරට ජන ගහනය මිලියන 11 ක් පමණ වන අතර ඉන් මිලියන 5.7 ක ප්‍රමාණයක් සම්පූර්ණ එන්නත්කරණයට ලක්කර තිබෙනවා.

 

 

The post එන්නත්කරණයට විරෝධය පල කරමින් ග්‍රීසියේ විරෝධතා appeared first on ITN News.

Read More »

හූදි සටන්කරුවන් එල්ල කළ ප්‍රහාරයකින් යේමන සෙබළුන් 30 දෙනෙකු ජීවිතක්ෂයට  

0 comments

යේමනයේ හමුදා කදවුරක් ඉලක්ක කර ගනිමින් හූදි සටන්කරුවන් එල්ල කළ ප්‍රහාරයකින් සෙබළුන් තිස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ප්‍රහාරයෙන් තවත් හැට දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. සවුදිය ප්‍රමුඛ රටවල් කිහිපයක හමුදා කණ්ඩ මෙම කදවුර තුළ රැදි සිට තිබෙනවා. ප්‍රහාරය සදහා ඩ්‍රෝන යානා මෙන්ම බ්ලැස්ටික් මිසයිල යොදාගෙන ඇති බව සදහන්. මිය ගිය පිරිස තවදුරටත් ඉහළ යා හැකි බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරනවා. සවුදිය ප්‍රමුඛ මිත්‍ර රටවල් හා හූදි කැරලිකරුවන් අතර සාම සාකච්ඡා පැවැත්වෙන පසුබිමකයි මෙම ප්‍රහාරය සිදුකර ඇත්තේ.

 

 

The post හූදි සටන්කරුවන් එල්ල කළ ප්‍රහාරයකින් යේමන සෙබළුන් 30 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

Read More »

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් හමුවන ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යයි  

0 comments

ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් හමුවන දෛනික වයිරස ආසාදිතයින් සංඛ්‍යාව වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා.

අද දිනයේ දී නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් වයිරස ආසාදිතයින් 1368 දෙනෙකු හමුව ඇති බවයි වාර්තා වන්නේ. එක් දිනකදී එම ප්‍රාන්තයෙන් හමුවූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවද මෙය වනවා. මරණ 4 ක් ද සිදුව ඇති අතර ඒ සමගම ඔස්ට්‍රේලියාවේ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 1003 දක්වා ඉහළ ගියා. මේ අතර ජනතාව නිරෝධායන නීති පිළිපදින අයුරු නිරීක්ෂණය කිරීම සදහා සිඩ්නි නගරය පුරා පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මක බව විදෙස් මාධ්‍ය සදහන් කරනවා.

 

 

The post නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් හමුවන ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යයි appeared first on ITN News.

Read More »

ජගත් සංවිධානයෙන් උතුරු කොරියාවට චෝදනා  

0 comments

උතුරු කොරියාව තම න්‍යෂ්ටික ක්‍රියාකාරකම් යළි ආරම්භ කිරීමට සූදානම් බවට ජගත් සංවිධානය චෝදනා කරනවා.

උතුරු කොරියාවේ යොන්ග්බියොන් න්‍යෂ්ටික බලාගාරයේ වැඩ කටයුතු ආරම්භ කර ඇති බවට කරුණු හෙළිව ඇති බවයි ජගත් සංවිධානයේ පරමාණුක ඒජන්සිය නිවේදනය කරන්නේ. න්‍යෂ්ටික අවි නිෂ්පාදනයට යොදා ගන්නා ප්ලුටෝනියම් යොන්ග්බියොන් න්‍යෂ්ටික බලාගාරය තුළ නිෂ්පාදනය කෙරෙන බවට අනුමාන කරනවා. 2009 වසරේ දී උතුරු කොරියාව ජාත්‍යන්තර පරමාණු බලශක්ති ඒජන්සිය එරටින් ඉවත් කිරීමට කටයුතු කරනු ලැබුවා. කෙසේ වුවද සැටලයිට් ඡායාරූප යොදා ගනිමින් සිදුකළ පරීක්ෂණ මගින් මේ බව හෙළිව තිබෙනවා.

 

 

The post ජගත් සංවිධානයෙන් උතුරු කොරියාවට චෝදනා appeared first on ITN News.

Read More »

පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් යතුරුපැදි සොරකම් කරලා  

0 comments

ඇදිරිනීතිය පවතින සමයේ පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් යතුරුපැදි පැහැර ගැනීමේ ජාවාරමක නිරත වූ කණ්ඩායමකට අයත් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකාය සමත් වුණා.

රාගම ප්‍රදේශයේදී එම සැකකරු අත්අඩංගුවට ගැනුණා. පොලිස් නිලධාරීන් වශයෙන් පෙනී සිටිමින් පුද්ගලයන් බියට පත් කර යතුරුපැදි පැහැර ගැනීමට එම කල්ලිය කටයුතු කර තිබෙනවා. කඩවත පොලීසියට ලැබුණු පැමිණිල්ලක් අනුව වහාම ක්‍රියාත්මක වූ පොලිස් විශේෂ කාර්ය බළකාය මෙම සැකකරු සමග යතුරුපැදි කිහිපයක්ද අත්අඩංගුවට ගැනීමට සමත් වුණා. මීට අමතරව සොරකම් කරන ලද ජංගම දුරකතන පහක්ද අත්අඩංගුවට ගැනිමට හැකි වුණා. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 43 ක් වන ගනේමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මෙම සිද්ධිය සම්බන්ධයෙන් කඩවත පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනවා.

 

The post පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් යතුරුපැදි සොරකම් කරලා appeared first on ITN News.

Read More »

මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට  

0 comments

විශේෂ කාර්ය බළකා ශාස්ත්‍රවෙල කදවුරේ නිලධාරීන් කණ්ඩායමක් පොතුවිල් පොලිස් වසමේ ජාතික වනෝද්‍යානය තුළ කච්චිකුඩි ප්‍රදේශයේ කළ වැටලීමකදී මෙරට නිෂ්පාදිත ත්‍රේඩ් වර්ගයේ ගිනි අවියක් සමග පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත්තා. සැකකරුවන් වැඩිදුර විමර්ශන සදහා ලාහුගල වනජීවී කාර්යාලය වෙත භාර දී තිබෙනවා. මෙම ගිනි අවි සම්බන්ධයෙන් මේවන විට වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

 

The post මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.

Read More »

බලපත්‍ර නොමැතිව මත්පැන් ළඟ තබා ගත් කාන්තාවක් අත්අඩංගුවට  

0 comments

නිරෝධායන ඇදිරිනීතිය කඩකරමින් බලපත්‍ර නොමැතිව මත්පැන් ළග තබා ගත් කාන්තාවක් පුගොඩ ජමන්වත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට ද විශේෂ කාර්ය බළකාය සමත් වුණා. අත්අඩංගුවට ගත් කාන්තාව වයස අවුරුදු 51 ක් වන පූගොඩ ප්‍රදේශයේ පදිංචිකාරිනියක්. එම කාන්තාව සතුව තිබී මත්පැන් බෝතල් විස්සක් අත්අඩංගුවට ගැනුණු අතර මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

 

The post බලපත්‍ර නොමැතිව මත්පැන් ළඟ තබා ගත් කාන්තාවක් අත්අඩංගුවට appeared first on ITN News.

Read More »

ගර්භනී මව්වරුන් කොරෝනා රෝගයෙන් ආරක්ෂා විය යුත්තේ ඇයි ?  

0 comments

ගර්භනී මව්වරුන් කොරෝනා රෝගයෙන් ආරක්ෂා විය යුත්තේ ඇයි. අපි මේ තොරතුරු ඔබට කියන්නේ බිය වන්න නොවේ. පරිස්සම් වන්නයි. ඒ ඔබේ ජීවිත අපටත් රටටත් වටින නිසයි.

ස්වාධීන රූපවාහිනියේ හත් වෙනි පැය වැඩසටහනට එක් වෙමින් ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය සනත් ලැනරෝල් මහතා මෙම කරුණු අනාවරණය කළා.

 

 

The post ගර්භනී මව්වරුන් කොරෝනා රෝගයෙන් ආරක්ෂා විය යුත්තේ ඇයි ? appeared first on ITN News.

Read More »

Recent News

Gossip Lanka MAG