Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇෆ්ගනිස්තානයේ සිටි අවසන් ඇමෙරිකා හමුදා ඛණ්ඩයත් පිටවයයි  

Add comments

ඇෆ්ගනිස්තානයේ සිටි අවසන් ඇමෙරිකා හමුදා ඛණ්ඩයද අද අලුයම එරටින් පිටත්ව ගොස් තිබෙනවා.

ඒ සමඟම වසර විස්සක් පුරා ඇමෙරිකාව ප්‍රමුඛ විදෙස් හමුදා ඇෆ්ගනිස්තානයේ සිදු කළ සියලු යුද මෙහෙයුම් අවසන් වනු ඇති. අද අලුයම ඇමෙරිකා ගුවන් හමුදාවට අයත් ගුවන් යානයකින් එරට රැදී සිටි අවසන් ඇමෙරිකා හමුදා සෙබලුන් සහ ඇෆ්ගනිස්තානයේ ඇමෙරිකා තානාපතිවරයා පිටත් වූ බවයි පෙන්ටගනය සඳහන් කරන්නේ. ඇමෙරිකා හමුදාව ඉවත්ව ගිය පසු තලෙයිබාන් සංවිධානයට අයත් ත්‍රස්තවාදීන් තම ගිනි අවි ක්‍රියාත්මක කරමින් සතුට ප්‍රකාශ කළ බවයි වාර්තා වන්නේ. අද දිනයේදී විදෙස් හමුදාවන්ට එරටින් ඉවත් වීමට දී තිබූ කාලය අවසන් වුවද ඉවත්වීමට නොහැකි වූ සියලු දෙනාට ඇෆ්ගනිස්තානයෙන් පිටත්වීමට අවශ්‍ය පහසුකම් සලසන බව පෙන්ටගනය සඳහන් කරනවා.

 

The post ඇෆ්ගනිස්තානයේ සිටි අවසන් ඇමෙරිකා හමුදා ඛණ්ඩයත් පිටවයයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG